‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, September 28, 2017

පිදෙමි සමන් කැකුළක් වී මුනිඳුට

පිදෙමි සමන් කැකුළක් වී මුනිඳුට
*****************************
මඳ අදුරෙහි ගසමින් නෙක......... . කරණම්
දස'තම කිචි බිචි පතුරත..................විහිගුම්
බටිති මලිති රඟ රස විඳි................මනරම් 
බඩ වැටියෙහි වන කුමරිය......... .මම වෙම්.


සද පිබිදෙන රෑ තරු................ගනිමින්නේ
කඩුපුලියගෙ ඉඟි බිඟි..............බලමින්නේ
නිල් දිය මතු පිට පියවර............. මැන්නේ
මා කොඳ කුමරිය සඳ යට..............පින්නේ

සපු සල් නා මල් සුවද.......................ගලද්දී
වන දෙව් කුමරියො ඉන් මත්............ වෙද්දී
පෑයූ පුන් සද කොමළ.......................කරද්දී
මම වෙමි සල් මල සුලඟෙහි............... පැද්දී

හෙමින් හෙමින් මඳ නළ හමනා............ විට
පහන් දැල්ල රඟ දෙනවා පිට..................පිට
මනස එකළු කරගෙන.............. එකලසකට
පිදෙමි සමන් කැකුළක් වී.................. මුනිඳුට

x