Thursday, July 25, 2019

අන්ධකාරයේ අනාවැකිය

ග්‍රීක  පුරාවෘතයන් ගැන සොයා බලද්දී ඒ හා සම්බන්ධිත වූ පුරාණ මිත්‍යා විශ්වාසයන් සහ දේවකතා බොහොමයක් පිලිබඳ අපට දකින්නට අසන්නට ලැබේ. හර්කියුලිස්, ඇතිනා දෙවඟන , පර්සියස් තීසියස්. ඇතන්ස් යෝධයා මෙන්ම ග්‍රීක පුරාවෘත තුල ඇතුලත් නොවුවත් ෂිනා හෙවත් රණශුරි රැජිණ හර්කියුලිස්ගේ සමකාලින යුගයේ සිටි රණශුරියකි. මැය දරුණු ඝනයේ දුෂ්ට කාන්තාවක් ලෙස නම් වුවත් ෂිනා ටෙලි නාට්‍ය මාලාව නිෂ්පාදනය කල ජෝන් ශුලියන් සහ රොබර්ට් ටැපර්ට් යන නිෂ්පාදකවරුන් දෙදෙනා විසින් මැයව  දුෂ්ට චරිතයෙන් මුදවාගෙන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින යුක්තිය මැනවින් ඉටු කරන චරිතයක් ලෙස ෂිනාව රසිකයින්ගේ දෑස් මානයට පුංචි තිරය හරහා ලං කරයි. මෙම කතාව ග්‍රීක සහ රෝම පුරාවෘත මිශ්‍රිත කතාවක් ලෙස ගත හැක.

ෂිනාගේ සහයට සිටින්නේ ග්‍රේබ්ලියල් නම් සුන්දර තරුණියක් වේ.මොවුන් දෙදෙනා එකතුවී විවිධාකාරවූ අභියෝගාත්මක වීර ක්‍රියාවන්හි යෙදෙන අතර අන්ධකාරයේ අනාවැකියට සම්බන්ධ වූ ක්‍රියාදාමයද ඉන් එකකි.මෙය තරුණ තරුණියන් අතර ජනප්‍රිය වූ අතර මෙම කතාව ස්ටෙලා හොවර්ඩ් රචිත ප්‍රොෆිසි ඔෆ් ඩාක්නස් නම් කෘතියේ ලංකික සාහිත්‍යවේදී කුමාර සිරිවධන මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලද අන්ධකාරයේ අනාවැකිය නමින් ලාංකීය පාඨකයා වෙත ලං කෙරුණි.

ග්‍රීක සහ රෝම පුරාවෘතයන් හි මිශ්‍රිත කතාවක් වීම හේතුවෙන් මුල් කෘතියේ යම් යම් දුබලතා දකින්නට ලැබෙන නමුත් කතාවක් ලෙස ගත් කල මෙය සාර්ථකයි කිව හැකිය.

මෙම කතාවට අනුව ෂිනා සහ ග්රෙබ්‍රියෙල් ගම්බද පිටිසර පළාතක ගමනේ යෙදෙමින් සිටියදී  ෂීනාට  ලෝකය විනාශ වීම පිලිබඳ අනාවැකියක් අසන්නට ලැබේ. එමෙන්ම මේ ගමනේදී ග්‍රේබ්ලියල්ගේ  ඇති අනාගතයේදී සිදුවන සිදුවීම් සිහිනයෙන් දකින්නට ඇති හැකියාවක් ඇති අතර, ඇයද මේ සිදුවීමට සම්බන්ද සමහර සිදුවීම් සිහිනයෙන් දකී. ඒ අතරම මගදී හමුවන ගම්මානයක සිටින 12 හැවිරිදි ඇලෙක්සන්ද්රා නම් කුඩා තරුණියක අනාගතය පිලිබඳ අනාවැකි කියන බවත් ඇය ෂිනා සහ ග්‍රේබ්රියල් පැමිණෙන බව පැවසු බවත් අසන්නට ලැබේ
එනම් යම් කිසි මාලිගාවක සිටින යහපත් තැනැත්තෙකු විසින් නිරයට ඇතුල්වන දොරටුව විවර කරන බවත් මළවුන්ගේ ලොව තුල ඇති අන්ධකාරය සහ දුෂ්ට භාවය මෙලොවට ඇතුලත් වන බව සහ එම විනාශය වැළක්විය හැක්කේ ෂිනා ට සහ ඇය සමගින් පැමිණෙන කතාවට බවත්ය..මෙහිදී ස්ටෙලා හොවර්ඩ් විසින් රසිකයින්ගේ සිතෙහි චිත්‍ර රූප මැවෙන පරිද්දෙන් කුතුහලය සහ ත්‍රාසය දනවමින් මෙම කතාව රචනා කර ඇති අතර මෙය ඓතිහාසික වීර කතා ශානරයට අයත්  කෘතියකි.එමෙන්ම අන්ධකාරයේ අනාවැකිය පොත තරුණ දරුවන් සඳහා උචිත වීර ක්‍රියාදාමයන්ගෙන් යුතු පොතකි.

Tuesday, July 23, 2019

ඔත්තුකාරි - චින්තා සුභෂිණී රණසිංහ

Image result for ඔත්තුකාරිඔත්තුකාරි කෘතිය ශ්‍රේෂ්ඨ කතෘ පාවුල් කොයියෝ විසින් රචනා කරන ලද අපුර්වතම කෘතියක් වන අතර මිථ්‍යාචාරයේ යෙදුනු ගුප්තවූ ලන්දේසි කාන්තාවක් වූ මාතාහරි වටා ගෙතුණු කතාවකි.ඇය කල එකම අපරාධය වුයේ ඇය නිදහස් නිවහල් කාන්තාවක් වීමයි.

මාතාහරි මුලින්ම පැරිසියට පැමිණෙන විට ඇය ඉතා දිළිඳු තැනැත්තියක විය.නමුදු මාස කිහිපයක් ගත වන විට නගරයේ ජනප්‍රියතම කාන්තාව වුයේ ඇය යි.නර්තන්ගනාවක් ලෙස ඇය ප්‍රේක්ෂකාගාරය මවිතයට උද්දාමයට සහ කම්පනයකට පත් කරන ලදී.නමුදු රටේ ඇතිවූ යුධ වාතාවරණයත් සමගින් ඇයව පාලකයින්ගේ සැකයට පාත්‍ර වූ අතර 1917 එම සැකසහිත බව නිසා ඇය නැවතී සිටි හෝටල් කාමරයේදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අවධියේදී ප්‍රංශයේ යුද්ධය ඉතාමත් වියවුල් කාරී අවධියක් විය. ඇය ඉතාමත් දක්ෂ නර්තන හැකියාවකින් යුක්ත ගැහැනියක් වූ අතර සැමගේම සිත් ගත තැනැත්තියක විය.එම කියවම පසුව ඇයව රටවල් දෙකක ඔත්තු බැලවිම සඳහා යෙදවීමට හේතුවක් විය.එම හේතුවම ඇයගේ දුක්ඛදායි මරණයට හේතුවක් වීම ඇයගේ අවසනාවයි.

මෙම කතාව රචනා කිරීමේදී පාවුල් කොයියෝ විසින් ඇය ගේ ඉතිහාසය පිළිබඳව පුළුල් ගවේෂණයක යෙදුනු බව කියවේ.ඔහු විසින් ලෝක යුද්ධ සමයේ විසු සුවිශේෂී කාන්තාවක්ගේ ජීවිතය වටා ගෙතුණු සංසිද්ධිය නැවතත් පාඨක අපට සිහිපත් කර දුන්නේය.කොයියෝ විසින් මෙම කතාවට නිවැරදි හා ප්‍රසන්න රිද්මයක් ලබා දී ඇති අතර අවසානය දක්වා පාඨකයා ට කියවීමට රුචිකත්වයක් ඇතිවන පරිද්දෙන් රචනා කර තිබීම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයයි.පසුකාලීනව ඇයගේ චරිත කතාව ඔත්තුකාරිය නමින් චින්තා සුභාෂිණි  රණසිංහ මහත්මිය විසින් පරිවර්තනයට ලක් කරන ලදී.

මෙම කතාවේදී මාතාහරි මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිලිබඳ පැහැදිලි චිත්තරුපයක් රසිකයා ගේ සිතේ ජනිත කරවීමට කතුවරයා රැගත් උත්සාහය සාර්ථකය.

මෙම කතාවේදී දෘෂ්ටිකෝණයන් ඉතාමත් අපුරුවට වෙනස් කිරීමක් දක්නට ලැබේ.පළමුව මාතාහරිගේ දෘෂ්ටිකෝණයෙන් කතාව දක්නට ලැබේ.ඉන්පසුව ඇයගේ නීතිවේදියා වූ මොන්සියර් ක්ලුනෙට් ගේ දෘෂ්ටිකෝණයෙන් පාඨකයා වෙත කථනය කරයි.මෙහිදී ඇයට සිදුවුණු අසාධාරනකම් සහ ඇය අයුක්තියේ ගොදුරක් වූ ආකාරය පිළිබඳව මනා දැක්මක් පොත රසවිඳින පාඨකයා වෙත ගෙනහැර පානු ලබයි.  ඇය සිටි තත්වයේ දරුණු බවත් ,එය අවබෝධ කරගැනීමට ප්‍රමාද වීමත් ,ඇයගේ තිබු ප්‍රබල සම්බන්ධතාවන් සහිත පුද්ගලයින් ඇයව බේරා ගැනීමට එනතෙක් බලසිටිමත් ඇය පිලිබඳ සානුකම්පිත හැඟීමක් ඇති නොකිරීමට හේතුවක් වේ.

කාන්තා ලොව නිර්භීත ආත්ම ප්‍රතිරුපනය

Related image

ගොවියකුගේ දරුවන් 5 දෙනෙකු ගෙන් යුතුවූ පවුලක දෙවෙනියා බවට පත්වුණු ජෝති රෙඩ්ඩි ඉපදුනේ ඉන්දියාවේ නර්සිම්හුලා ගුඩේම්  ගම්මානයේය.ඇගේ පියාට දරුවන් 5 දෙනෙකුව නඩත්තු කිරීමට තරම් තම ජීවනෝපාය සමත්කම් නොදැක්වූ හෙයින් 9 වැනි වියැති ජෝති  සහ බාල දුවණිය හැනම්කොණ්ඩා  නගරයේ පිහිටි අනාථ නිවාසයකට බර දුන්නේය.ඔහු දරුවන් ඇතුලත් කරන ලද්දේ තම බිරිඳ මිට මාසයකට පෙර මිය ගියායයි බොරුවක් පවසමිනි.එය බොරුවක් බව දැනගෙන සිටියත් දරු දෙදෙනා නිහඬව සිටියේ ඔවුන්ට ඒ හැර වෙන කිරීමට කිසි දෙයක් නොතිබුණු නිසාය.

ළමා නිවාසය මොවුන්ට අපායක් වූ අතර ආහාරයට ගැනීමට සිදුවුයේ මිය ගිය මකුණන් සහ ගුල්ලන් සහිත බත්ය.වතුර බාල්දියක් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ සිටීමට ජෝතිට සිදුවූ අතර ඇය අනාථ නිවාසයෙහි පිරිසිදු කිරීම් වලට සහ අස් පස්  කිරීම් වලට උපකාර කිරීම හේතුවෙන් ඇය ගැන පැහැදුණු නිවාස පාලිකාව 10 වසරෙන් පසු ගුරු පුහුණු වෘත්තීය පාඨමාලා වක් සඳහා යොමු කරන ලදී.

නමුත් ඉන්පසු උදාවුයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයකි.ඇයගේ පියා පැමිණ අන්ද්‍රා බාලිකා පාසලට ඇතුලත් වීමට ලබා දුන් සියලු ලියකියවිලි ඉරා දමා ඇයට වඩා වසර 10කින් වැඩිමහල් වූ සෑම් රෙඩ්ඩි හා විවහා වීමට සුදානම් වන ලෙස තර්ජනය කළේය.ඔහු මැයට දුරින් නෑදා පුද්ගලයකු වූ අතර ගොවිතැනෙහි යෙදුනු පුද්ගලයකු විය.ඔහු හා කුඹුරු වල වැඩ කල අතර  සැමියාගේ අකමැත්තෙන් ජෝති කුඹුරු වැඩ අවසන් වී හවස් වරුවේදී අසල තිබු පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රු 120ක පඩියට ඉගැන්වීමට පටන් ගත් අතර , ඒ මුදලින් තමන්ට අවශ්‍ය මුදල් උපයා ගත්තාය. ඒ අතර ජෝති විසින් මධ්‍යම රජයේ යෝජනා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීමේ නේරු යුව කේන්ද්‍රයට ස්වෙච්ජා ගුරුවරියක් ලෙසද කටයුතු කළාය.

වසර 22දී ඇය උසස් පෙළ සමත්වී සරසවි වරම් ලැබූ අතර විශ්ව විද්‍යාලයක් වූ බි ආර් අම්බේඩකාර් විශ්ව විද්‍යාලයට උසස්වි අධ්‍යාපනය ලැබීමට ඇතුලත් වූ BA උපාධිය විශිෂ්ඨ අයුරින් සමත් විය.


“1992 දී මට විශේෂ ගුරුවරියක් ලෙස මාස 18ක රැකියාවක් ලැබුණේ වරංගල් සිට කිලෝමීටර් 70ක් දුරින් පිහිටි අමීන්පෙට්හිය. ඒ ගමනට මගේ වැටුපට වඩා වැඩි මුදලක් වැය වෙනවා. මම හැමදාම කෝච්චියේ සාරි විකුණලා වැඩිපුර සල්ලි හම්බ කළා. එක සාරියකින් ඇයට රු.20 ක ලාබයක් ලැබුණු අතර කාලයේ වටිනාකමද ඇයට ලැබුණි.m

1994 දී රු.398 ක වැටුපක් සහිතව විශේෂ ගුරුවරියක් ලෙස පාසලක සේවයට බැඳුණු අතර විශේෂ සහ සිත්ගන්නා සුළු බව නම් එම ගමනට නිවසේ සිය පැය දෙකක කාලයක් ගත වීමයි.  ගුරු පදවියෙන් ලැබූ මුදල ප්‍රමාණවත් වූ නිසා සැමියා මැයට බාධා නොකර නිහඬව සිටියේය.වසර 24 වන විට ඇය උපාධිය ඉන්දියාවේ කැකාටියා  විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ගත් අතර රු 400ක වැටුපට ආණ්ඩුවේ පාසල ගුරු පත්වීමකට බැඳුණි.

1995 දී ඇය ස්ථාවරව රැකියාවකට පත්වී රු.2750ක වැටුපක් ලැබූ අතර කාන්තා ළමා සංවර්ධන නිලධාරිනියක ලෙසින් සේවය කරමින් පාසල් පරික්ෂක කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තාය. ඒ අතරම 1997 දී ඇය තම පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමද සිදුවූ සුවිශේෂිතම සිදුවීමකි.

ජෝඩි ට සමාජයෙන් ලැබුණු වටිනාකම උහුලා ගත නොහැකිවූ සැමියා දිනක නිවසින් හොරෙන්ම පිටමන් වී ගියත් ඇය එයින් නොසැලී  ජිවන ගමන යද්දී

  1998 ඇමරිකාවේ සිට වරංගල් දක්වා පැමිණි ඇයගේ ඥාති සොයුරියක ඇයට ඇමරිකාවට එන ලෙස ඉල්ලීමක් කලාය.ඇය වැනි කාන්තාවන්ට එහි පහසුවෙන් කළමනාකරණය කළ හැකි බව ඇගේ ඥාති සහෝදරිය ඇයට පැවසුවාය. එදා සිට  ජ්‍යෝති ඇමරිකාවට යාමට  මුදල්ඉතුරු කිරීමට පටන් ගත් අතර  මේ සඳහා ඇය අනෙකුත් ගුරුවරුන් සමඟ එක්ව අරමුදලක් ආරම්භ කළාය. 25,000 ක් දක්වා උපයා ගැනීමට ඇය මේ හරහා සමත් විය. මේ අතරතුර VCL Computers වෙතින් පරිගණක මෘදුකාංග ඉගෙන ගැනීමට ඇය දිනපතා හයිද්‍රාබාද් වෙත යාමට පටන් ගත්තාය. මෙයට ඇයගේ ස්වාමියා විරුද්ධ වූ නමුත් ඇයගේ දැඩි අධිෂ්ඨානශීලි බව ඇයගේ මාවත හෙළි පෙහෙළි කර කිරීමට සවියක් විය.

ඒ ගැන ඇය  පසුකාලීනව අදහස් ප්‍රකාශ කලේ 
“මගේ ස්වාමිපුරුෂයාගේ අකමැත්ත නොතකා, මම මගේ දරුවන් සමඟ මයිලරන් ගමෙන් පිට වී හනම්කොණ්ඩ නගරයට ගියෙමි. මම ටයිප් කරන ආයතනයකට බැඳිලා, ශිල්ප පාඨමාලාවක් කරලා, පෙට්ටිකෝට් එක කෑල්ලකට රුපියල් 1 බැගින් මැහුම් කරලා දවසකට රුපියල් 20-25ක් හොයාගත්තා. මම ජනශික්ෂණ  පුස්තකාලයාධිපති ලෙස රැකියාවක් ද ලබා ගත් අතර මගේ ඉගෙනීම දිගටම කරගෙන යාමට සෑම ඉරිදාවකම යන විවෘත පාසලකට සම්බන්ධ විය, ”රෙඩ්ඩි පැවසීය.

මේ වන විට ජෝදිට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්  ළමා නිවාසයක නවතා ඇය 2000 මැයි දෙවෙනිදා B 1 විසා එකකින්  ඇමරිකාව බලා පිටත් විය.සැමියාගේ ඥාති සොහොයුරිය සමඟ ජීවත් වූ අතර පසුව ඇය පැය 12 ක රැකියාවක් කළ අතර එය ඩොලර් 60 ක වැටුපක් ලැබුණි. ගුජරාටි පවුලක ගෙවන අමුත්තෙක් විය. කැලිෆෝනියාවේ වීඩියෝ සාප්පුවකද ,ක්ෂණික ආහාර වෙළඳ සැලකද සේවය කරන ඇයට වර්ජිනියා සරසවියේ පරිඝනක මෘදුකාංග විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. එ සමගින්ම  ඇමරිකානු මෘදුකාංග සමාගමක සහය ඉංජිනේරුවරියක් ලෙසට ඇයට පත්වීමක් ලැබුනේ මේ අතරතුරදිය.

 තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී  කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය.සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කි සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.

මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන් ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි.ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ඇයට වරින් වර ඉන්දියාව වෙත පැමිණෙන මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි.

ඇය පළමු වසර තුළ ඩොලර් 1,68,000 ක ලාභයක් ලබා ගත් අතර එය ඉක්මනින් ඩොලර් මිලියනයක් බවට පත් විය. වර්තමානයේ ඇයගේ සමාගමේ පිරිවැටුම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ඇගේ ආයතනයේ සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කරති. ඇයට ඇමරිකාවේ නිවාස හතරක් සහ හයිද්‍රාබාද් හි එක් බංගලාවක් ඇත.

 “මට තවත් බොහෝ දේ කිරීමට අවශ්‍යයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ බුද්ධියෙන් කාන්තාවන්ට පිරිමින්ට වඩා හොඳ ව්‍යාපාරිකයන් විය හැකිය, ”ඇය පැවසුවාය. “මට කාන්තාවන්ට කියන්න අවශ්‍ය වන්නේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී තම පියා, ස්වාමිපුරුෂයා සහ පුතුන් මත යැපීම වෙනුවට ආර්ථික වශයෙන් ස්වාධීනව සහ තමන්ගේම තීරණ ගන්නා ලෙසයි. 

ඔවුන් අධ්‍යාපනික උපාධි හුදු සහතික ලෙස තබාගෙන ඇමරිකාවේ මෙන් නොව විවාහයෙන් පසු රැකියාව නවතා දමයි. ඔබේ ඉරණමේ ස්වාමියා වන්න, මතක තබා ගන්න, දරුවන් රැකබලා ගැනීම ජීවිතයේ කොටසක්, නමුත් ජීවිතයක් නොවේ, ”ඇය පැවසුවාය. 

ජ්‍යෝතිගේ කතාව හැම අතින්ම විශේෂයි. ඇගේ කතාව කෙනෙකුට සිහින දැකීමට බිය නොවන්න, ධෛර්යය තබා ගැනීම, අවදානම් ගැනීමට කැමති බව උගන්වයි.

ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි.












Wednesday, July 17, 2019

නුවර මතක

නෙළුම් මල් මිටක් අරගෙන
පෝයට දළදා වඳින්න
Related imageගැටඹේ විහාරය ළඟ හිඳ
මහවැලි අසිරිය දකින්න

කුරුටු ගීතයෙන් හැඩවුනු
කලාගාරයේ ඉඳගෙන
ආසයි මට ඉගෙන ගන්න
ලෝකය දෙනෙතින් දකින්න

උඩරට මැණිකේ සමගින්
ආසයි මට නුවර එන්න
හන්තානට පායන සඳ
බලන්න හැකි දැයි කියන්න

හැරී පොටර්


Image result for harry potter j k rowling
ලෝ පතල ලේඛිකාවක් වූ ජේ කේ රෝව්ලින්ග් මහත්මිය විසින් ෆැන්ටසි හෙවත් ඉන්ද්‍රජාල සහ මායාවන් ඇතුලත් කර ගනිමින් රචිත හැරී පොටර් නව කතා මාලාව ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද උන්මාදයක් ඇති කරවන ලදී.1995 දී හැරී පොටර් පළමු කතාව වන හැරි පොටර් සහ මායා ගල පොත ලියා නිම කල අතර 1997 ජුනි 26 වැනි දින බ්ලුම්ස්බරි ප්‍රකාශණයක් ලෙසින් එලි දැක්වුණි. මෙම කතා මාලාව කොටස් 7අකින් යුතු වන අතර එහි පිටපත් මිලියන හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් අලෙවි වී වර්තාවක්ද තැබූ බව විචාරකයින්ගේ මතය වේ.

මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ භාෂාවන් 68 කට පරිවර්තනය වීමයි.එමෙන්ම මේ ඔස්සේ නිෂ්පාදනය වුන චිත්‍ර පට ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ වැඩිම අදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7ක අදායමක් ලබා ගනිමිනි.

පොතින් ඈත් වී සිටි බොහො පිරිසක් පොත් කියවීමේ උන්මාදයක් ඇති කරවීමෙහි ලා රසවින්දනයෙන් ඔබ්බට ගිය පිරිසක් ඇති කරලවිමට හැරී පොටර් කතා පෙළ හේතුවක් වූ බව නොඅනුමානය.සාහිත්‍ය වංශයේ මෙම කළ පෙරලිය ඇති කිරීමට හේතු වූ ජේ කේ රෝව්ලින්ග් ට එම විශිෂ්ට සේවය අගයමින් ස්කොට්ලන්තයේ ශා අන්දෘස් විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධියක් ඇයට පිරිනමන ලදී.2011 වර්ෂය වන විට එක්සත් රාජධානියේ 12 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වීමේ වරම් ලැබුණි. එමෙන්ම බ්‍රිතාන්‍ය රාජධානියේ Order Of the British Empire සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් ඇය වාසනාවන්ත විය.

හැරී පොටර් කතා මාලාව ඉංග්‍රීසි බසද අතික්‍රමණය කල අතර එහි සඳහන් බොහෝ වචන ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට පවා ඇතුලත් වී තිබීම විශේෂත්වයකි.2005 වසරේදී මෙහි ඇතුලත් වන ක්විඩිච් ක්‍රීඩාව වර්තමාන ලෝකයට අනුගත වන ලෙස නිර්මාණය කරගනිමින් ක්‍රීඩා ලොව පෙරලියක් ඇති කළ අතර මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට එය පත් වී ඇත.ලෝක කුසලාන තරඟාවලියේදී ක්විඩිච් ජගත් කිරුළ ඕස්ට්‍රේලියාව විසින් හිමි කර ගන්නා ලදී.

2016 වසරේදී හැරී පොටර් වේදිකාවට ගොඩ විය.උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් වයිල්ඩ් වේදිකා නාට්‍ය ඔලිවියර් සම්මානිත උළෙලේදී සම්මාන 9 කට වාර්තා තැබුවේ පෝටර් උන්මාදය අදටත් වියකි නැති බව පෙන්නුම් කරමිනි.

Saturday, July 13, 2019

වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා - ලසාර් ලගින්


Image result for වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා
වසර 12ක පමණ කුඩා දරුවෙක් එක දිනක තමන්ගේ නිවාස අසබඩ පිහිටි ගංගාව වෙත ගොස් සිටියදී ඔහුට පෞරාණික බදුනක් හමුවන අතර එය විවුර්ත කල විට එක්වරම පුරාණයේ විසුවායයි පවසන බහිරවයෙක් මතු වේ.එය අප අසා තිබෙන ඇලඩින් සහ පුදුම පහනේ සිද්ධිය මනසට සිහි ගන්වයි.ඔහු පවසන පරිදි ඔහුගේ නම වන්නේ හසාන් අබ්දුල් රහමන් ඉහ්බ් කහට්බ් වේ.

මෙම බහිරවයාගේ ගණනය කිරීම් වලට අනුව ඔහුගේ වයස වසර 3732කි.ඔහු සැමවිටම වොල්කා ඔහුගේ ස්වාමියා ලෙස සිතන අතර වෝල්කාගී සෑම සිතුම් පැතුම් ප්‍රර්තනාවන් ඉෂ්ට කිරීමට සුදානම් වන අවංක සේවකයෙක් බවට පත්වන්නේ ගන්තිරයේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් සමගය.නමුත් වොල්කා මොහුගේ බලය සැමවිටම ප්‍රවේශමින් සහ කල්පනාවෙන් යුතුව පාවිච්චි කරන්නේ මොහු ගේ අනවශ්‍ය අවංක භාවය හේතු කොටගෙන කරන සමහරක් ක්‍රියාකාරකම් හේතුවෙන් වොල්කා කරදරයට පත්වීමයි.

මෙම කතාව රුසියානු දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිත වුනු කෘතියකි.මෙහි ප්‍රධාන පිටපත් දෙකක් මුද්‍රණය වූ අතර මෙහි නියම මුද්‍රණය 1938වසරේදී මුද්‍රණය කරන ලදී.සංශෝධිත මුද්‍රණය 1955දී එළිදක්වන ලදී. මෙම කතාව මායාවී වික්‍රමයන් සහිත පොත් ගණයට වැටේ. වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා කෘතිය ළමයින්ට සේම වැඩිහිටියන්ටද සුදුසු අපුරුම කතාවක් ලෙස හැඳින්විය හැක.

එය විශේෂිත වූ මායාවන පිලිබඳ සඳහන් වන නිසාම දරුවන් අතර කීර්තිමත් ලෙස පතල වූ ළමා නවකතාවක් ලෙස හැඳින්විය හැක,මෙම බහිරවයා පැරණි සමාජයේ පැවති මිත්‍යා විශ්වාසයන් සහ විද්‍යාත්මක නොවූ දේවල් පිළිබඳව විශ්වාස ඇත්තෙකු විය.මෙම කතාව ඔස්සේ පුරාතන නැගෙනහිර සමාජයත් වර්තමාන තාක්ෂණික රුසියානු සමාජයත් එක්තැන් කල කතාවක් ලෙස ගැනේ. මෙම හේතු නිසාම බියකරු බව ත්‍රාසය සුහදශිලිත්වය මෙන්ම විනෝදය ද කැටිවූ අපුර්වතම කෘතියක් ලෙස කිව හැකිය.

මෙම කතාව ඌස්සේ රුසියානු සමාජය විසින් ග්‍රහණය කර ගත සංස්කෘතිකමය සහ දේශපාලනමය ජයග්‍රහණයන් සියුම්ව උපහාසාත්මකව මෙම කතාව පස්සේ පටක මනසට කාවද්දන අතර මෙය සෝවියට් රුසියානු අරාබි නිසොල්ලාසය ලෙස රුසියානු විචාරකයින් හඳුන්වා ඇත.එමෙන්ම මෙම බහිරවයා නුතන තාක්ෂණයට මුහුණ දීමට යාමෙන් ඇතිවන ඝට්ටනයන් සහ ප්‍රශ්න ඉතාමත් අපුරුවට කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂී ලක්ෂණයයි.

මෙම කෘතිය මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබූ අතර මුල් කෘතියට අංශු මාත්‍රයකින්වත් හානි නොවන ලෙස පරිවර්තනය සිදු කිරීම සුවිශේෂීම ලක්ෂණය ලෙස මට හැඟේ.

Friday, July 12, 2019

දියතලාවේ සැඟවුණු අතීත යුද තතු

1914 කාල පරාසය වන විට පලමු ලෝක යුද්ධය හේතු කොට ගෙන ලොව රටවල් බොහෝ ප්රමාණයක් එකිනෙකට විරුද්ධව සටන් වදින්නට විය. මහා බ්රිතාන්ය සක්රීයවම එයට සහබාගි වූ අතර 1948 /04/01 දින රාජකීය ගුවන් හමුදාව (Royal Air force) පිහිටුවන ලදි. පළමුව බ්‍රිතාන්‍ය හමුදා සංකීර්ණය දියතලාවේ ගැරිසන් හි පිහිටවන ලදී.ඉන්පසුව 1900අගෝස්තු 8 වැනිදින බ්‍රිතාන්‍යයින් විසින් බ්‍රෝහියර් යුධ සිරකරුවන් රඳවා තැබීමට යුධ කඳවුරක් මෙහි ස්ථාපනය කරන ලදී.සිරකරුවන් 2500ක් සඳහා නිවාසද මුරකරුවන් සහ නිලධාරින් සඳහා නිවාස 1000ක්ද ගොඩ නගන ලදී.අනතුරුව පලවන ලෝක යුද්ධ සාමය වන විට මෙහි රඳවා තිබු සිරකරුවන් 5000 ස දක්වා ඉහළ ගියෝය.

දියතලාව යුධ කඳවුර බ්‍රෝයර් යුධ සමයේදී සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු අතර කන්කසන්තුරේ දක්වා සිරකරුවන් රැගෙන දුම්රිය ගමනාගමනයද සිදුවී තිබේ. යුද්ධය නිමවූ පසුවත් මෙම මධ්‍යස්ථානය යුධ හමුදා රෝහල් සංකීරණයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර වර්තමානය වන විට මෙය විශාල ත්‍රිවිධ හමුදා යුධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.එකල යුධ බටයින් සිරකර තැබූ ගොඩනැගිලි වර්තමානය වන විට හමුදා පුහුණු කඳවුරු සඳහා භාවිතා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය නැවතත් ආරම්භ කළ අතර ,හොංකො සහ සිංගප්පුරුවේ  හි ජිවත් වූ ජර්මන් ජාතික සිරකරුවන් මෙහි රඳවනු ලැබූ අතර ජර්මන් ජාතික භික්ෂුන් පිරිසක්ද සිටි බව කියවේ.පසුකාලීනව නයනපොනිකා සහ ගෝවින්ද භික්ෂුන් අනගාරික බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබීමට සමත් විය.1941ජුනි මස මෙහි රඳවා සිටි බොහෝ නාවිකයින් කැනඩාවට යවන ලදී.

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Diyatalawa
https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison
අඟහරු අඩවිය 

Thursday, July 11, 2019

දිනකට පැයකට වඩා MP 3 අසනවද



අන්තර්ජාල යුගයේදී MP 3 ඩිජිටල් ශ්‍රවණ උපාංගයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.මෙය වර්තමාන සංගීතයට ආදරය කරන තරුණ පරම්පරාව අතරේ ශීග්‍රයෙන් පැතිර යන විනෝදාංශයක් බවට පත් වී ඇත,බස් රියේ ,දුම්රියේ සිටගෙන යන මගින් පවා සිටගෙන යාම අපහසුවක් සේ ගණන් නොගෙන ගීත වලට සවන් දෙමින් යනු අපට දැකිය හැක.

MP 3 player  එක දමාගෙන ඔබ දිනකට කොතරම් වෙලා ගීත අසනවද? එයට ඔබත් ඇබ්බැහි වී සිටි නම් මෙය ඔබට කෙරෙන අවවාදයකි.මෙම විනෝදාංශය ඔබගේ ශ්‍රවණ තත්වය දුර්වල වීමට ඇති හැකියාව දුර්වල වීමේ ප්‍රවණතාවයක්  ඇති බව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව අවුරුදු 6-19 අතරේ දරුවන්ගෙන් 12.5 % කට මේ හඬ උස් ව ඇසෙන ශ්‍රවණ උපකරණ පැළඳීම හේතු කොටගෙන ශ්‍රවණ ඌනතා වලට මුහුණ දීමට සිදුව තිබේ.මේ ගැන අධ්‍යයනය කිරීමේදී MP 3 player හා Phone එක සම්බන්ධ කරන Ear Phone එකෙහි Ear Bad  නමින් හඳුන්වන කුඩා ස්පීකරය කණේ අභ්‍යන්තර ශ්‍රවණ ඉන්ද්‍රියවල අ හානිදායක බව සොයා ගෙන ඇත. තරුණ දරුවන්ගෙන් 3න් 2ක ප්‍රමාණයක් කණ අභ්‍යන්තරයෙහි කුරු කුරු ශබ්දය (ringing in the ears) ඇසීමේ ප්‍රවණතාවයෙන් පෙලිමක් හෝ ශබ්දය නොඇසිමේ තත්වයක්  දක්නට ලැබේ. නමුත් මේ පිළිබඳව සැලකිල්ලක් හෝ අවධානයක් යොමු කරන්නේ 8%ක ප්‍රමාණයක් පමණි.

බොහෝ සංගීතඥයින් පවසන ආකාරයට ඔවුන් මේ වන විට සාකච්චා කරනවා තරුණ පරම්පරාවට මෙම ශබ්ද අධික සංගීතයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමට.1989 වසරේදී Pete Townsend  නම් තැනැත්තා මෙම අධික ශබ්ද සංයෝගයක් ඇති සංගීතයට නිරාවරණය වීම හේතු කොට ගෙන අසාද්‍ය වී රෝහල් ගත කරන ලදී.

අපට කැසට් පටයකින්, සිඩි තැටියකින් ගබඩා කල හැකි ගීත ප්‍රමාණය ඉතාමත් සීමිතය.නමුත් MP 3 තාක්ෂනය ඔස්සේ ගීත 300කට අධික සංඛ්‍යාවක් ගබඩා කිරීමේ පහසුකම වර්තමානය වන විට දක්නට ලැබේ.මේ ඔස්සේ සංගීතයට ප්‍රිය කරන තරුණ තරුණයින් පැය ගණනක් තිස්සේ ගීත එකින් එක ඇසීමට පෙළඹේ.  Ear Buds  නම් ස්පිකර් වලින් ඇති වන හානිය නම් එමගින් ශබ්දය සෘජුවම කණේ කර්ණ  නලයටම සම්ප්‍රේෂණය කරන අතර බාහිර පරිසරයෙන් එන ශබ්ද අවහිර කිරීමයි,

බ්‍රෙස්ටන් හි ළමා රෝහලෙහි වෛද්‍ය බ්‍රයන් ජුලියෝ ට අනුව ඩෙසිබල් 85ක ශ්‍රවණ පරාසයකට පැය 80ක කාලයක් කන විවුර්තව තැබුවහොත් ශ්‍රවණ හානි සිදුවීමට ඉඩ ඇත.

MP 3 නිසා ඔබගේ ශ්‍රවණය දැනටත් දුර්වල වී ඇත්ද?

1කිසිවකු පවසන දේ නැවත පවසන ලෙස ඔබ කියනවද?

2.අන් අය සමග කතා බහේ යෙදෙන විට ඔවුන් කතා බහ කරන යම් යම් දේ ඔබට නොඇසෙන බවක් දැනෙනවද?

3.ඔබ රුපවාහිනිය අධික ශබ්දයෙන් අසනවද අන් අයට එය බාධාවක් වන ලෙස?

මෙම ක්‍රියා ඔබේ ශ්‍රවණ තත්වය දුර්වල වීමේ ඉඟියක් විය හැක.

මේ පිලිබඳ අධ්‍යනය කරන විද්වතුන්ගේ අදහස වන්නේ ඔබ සංගීතයට මෙන්ම ඔබේ ශ්‍රවණ ඉන්ද්‍රියට  ආදරය කරන්න උත්සහ කරන්න.

මුලාශ්‍ර -cbsnews.com

නිලක්ෂි බණ්ඩාර
11/07/2019

Wednesday, July 10, 2019

සන්ධාරණ

සන්ධාරණ  චිරන්ජි රණතුංග සොයුරිය විසින් රචිත වෙනස්ම ආකාරයක සංසිද්ධීන් රැසක් එකතුවූ කුතුහලය රාගය, සෙනෙහස ප්‍රේමය කැටිවූ අපුර්වතම නව කතාවක් ලෙස හැඳින්විය හැකිය.මෙම කතාව ඔස්සේ වලව්වක ආශ්‍රිතව ජිවත් වූ චිත්‍රපාලි නම් රාවණා පරපුරට අයත් දෙමවුපියන් අහිමිව තම සොයුරා සමගින් ජිවත් වූ තරුණියක වටා ගෙතුණු කතාවක් වේ.

මෙම කතාවේ ප්‍රධාන චරිතන්ගයන් වන්නේ චිත්‍රපාලි , වලව්වේ ලොකු මැණිකේ වූ ටිකිරි කුමාරි හාමි සහ පොඩි පුතා වූ සනත් හාමුය. වලව්වේ ලොකු හාමු වුවත් ටිකිරි කුමාරි හාමි වලව් මානසිකත්වයෙන් දුරුවූ චරිතයක් වන අතර ඉතාමත් නිහතමානි , අසාධාරණයට විරුද්ධ කම් පාන යහපත් චරිතයක් ලෙස පාඨක මනසට ලං කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි.ඇය විසින් චිත්‍රපලිට  අධ්‍යාපනය ලබා දී තමන්ගේම දරුවකුට සලකන්නක් මෙන් ආදරයෙන් සෙනෙහසින් ඇය පිලිබඳ වගකීම ගත්තාය.චිත්‍රපාලි ගී ජිවිතේ  සෑම සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථාවන් වලදී මවක මෙන් ඇය  පසුපස හිඳිමින් ඇයට ශක්තිය දුන්නේ ටිකිරි කුමාරි හාමිය.මොවුන් දෙදෙනා අතර තිබුණු අව්‍යාජ අන්‍යොන්‍ය  සෙනෙහස සහ බැඳීම කතාව පුරාවටම අපට දැකගැනීමට කතුවරිය සලස්වයි.

මෙලෙස සතුටින් සාමයෙන් ගතවුණු මොවුන්ගේ ජිවිත ටිකිරි කුමාරි හාමිගේ දෙවෙනි පුත් වූ සනත්ගේ ආගමනයෙන් සම්පුර්ණයෙන්ම කඩා වැටුණු අතර මොවුන්ගේ ජිවිත වෙනස්ම වූ විපර්යාසයකට ලක් වීමට ගත වුනේ දින කීපයකි.වලව් මන්නක්කරකම ඉහවහා ගිය සනත්ගේ කෙළිලොල් ජීවිතයේ තවත් ගොදුරක් වීමට චිත්‍රපලිට  සිදුවූ අතර පුරුෂාධිපත්‍ය එරෙහි වීමට නොහැකි වූ ඇයට තමන්ට වූ අසාධාරණය ඉවසමින් ජිවත් වීමට සිදුවිය.අවසානයේදී සනත් ඇයව විවහා කර නොගෙන පලා යන අතර වලව්වේ මෙහෙකරුවකු වූ අහිංසක ජයබා විසින් චිත්‍රපලිගේ  ජීවිතය සහ ලැබෙන්නට සිටි දරුවාගේ අනාගතය බාර ගෙන ඇයව සෙනෙහසින් රැක ගනී. 

පසුව සිදුවූ සිද්ධීන්ගෙන් අනතුරුව ජිවිතයේ සියලු කඩා  වැටීම් අමතක කරමින් පිටරට සිට පැමිණි සුදු ජාතික තරුණියන්ගේ උපකාරය සහ ශක්තියත් ගෙන තම ජීවිතය චිත්රපාලි විසින් ගොඩ නගා ගනියි. එතැන් සිට කතාව  කියවීම ඔබට බාර කරමි. කාන්තාවන් දුර්වල සත්ව කොට්ටාශයක් යැයි සලකන පිරිමින්ට කාන්තාවන්ගේ ශක්තිය තම ජිවිත තුල සිදුවන හැලහැප්පීම් ,වැටීම් ඔස්සේ ම ගොඩ නංවාගෙන නැගී සිටිය හැකි බව සාක්ෂාත් කරවන කෘතියක් ලෙස මෙම කෘතිය මම නම් කරමි.

මෙතෙක් රචනා කරන ලද සියලුම කතාවන්ට වඩා වෙනස්ම ආකාරයක කතාවක්  සන්ධාරණ කෘතිය චිරන්ජි සොයුරියගේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය සාර්ථක කතාවක් ලෙසට දැක්විය හැක.

Sunday, July 7, 2019

අක්‍රිට් ජ්ස්වාල්

Image result for akrit jaswalඅක්රිට් ජ්ස්වාල් යනු ඉන්දියාවේ චන්දිනගර්හි වීර ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය උදෙසා අධ්‍යයනය කරනු ලබන සිසුවෙකි.මොහුගේ සුවිශේෂිත්වය වනුයේ මොහු තවමත් වයස 17ක කුඩා දරුවකු වීමයි.මොහු ලොව වඩාත්ම හපන් දරුවා (The Worlds Smartest Boy ) යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලද අතර එයට හේතුව වුයේ වයස අවුරුදු7 දී සිය අසල්වැසි නිවසේ සිටි සය හැවිරිදි දිළිඳු දැරියකගේ පිලිස්සී ගිය අතක් සම්බන්ධව සිදු කරන ලද ශල්‍යකර්මයයි.

එම සැත්කම සිදු කර ඇත්තේ තම නිවසේ වන අතර සත් හැවිරිදි අක්රාට් ට වෛද්‍ය විද්‍යාව පිලිබඳ කිසිම හැඟීමක් හෝ පරිණත බාවයක් නොතිබීම විශේෂත්වයයි.නමුදු නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් ඔස්සේ මෙම ශල්‍යකර්මය සිදු කල බව ඔහුගේ පවුලේ උදවියගේ අදහසයි.මොහුගේ මවට අනුව මොහු වයසට වඩා මුහුකුරුව ගොස් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්නෙකි.මාස 10ක් පමණ වන විට සොයුරු සොයුරියන් අභිබවා ගොස් බහ තෝරා ඇති අතර අවුරුදු 5 දී විශ්ව සාහිත්‍යධර විලියම් ශේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘතීන් රස විඳීම ආරම්භ කර ඇත. එමෙන්ම අවුරුදු 5 දී ඔහු අත්දෙකින්ම ලිවීමේ හැකියාව තිබී ඇත.

එමෙන්ම ඔහු කායික විද්‍යාව කෙරෙහි මනා ඇල්මක් දැක්වීමද විශේෂත්වයක් වේ.එම හේතුව නිසාම පවුලේ හිතවත් වෛද්‍යවරුන් විසින් රෝහල් වලට කැඳවා ගෙන ගොස් ඔහුට ශල්‍යකර්ම නිරීක්ෂණය කිරීමට අවස්තාව දී ඇත.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත පත කියවීම අක්රට් ගේ විනෝදාංශය වන අතර තම උසස් අධ්‍යාපනය සිදු කර ගෙන යන්නේ ව්‍යවහාරික විද්‍යා අංශයෙනි. නිදහසේ සිටින වෙලාවල් වලදී ම්හු වැඩිපුරම කියවීමට ලක් කරන කෘතීන් අතර Grays Anatomy ,Physiology Cancer යන කෘතීන් ද්විත්වය ඇතුලත් වේ.මොහු දිනකට පැයක් තම අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර අවස්තාව ලැබෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බව ඔහුගේ මව පවසා ඇත.ඔහු පවසන්නේ ඔහුගේ දෙමවුපියන් විසින් ඉගෙනුම පිලිබඳ පීඩනයක් ඔහුට දී නොමැති අතර සැමවිටම ඔහුගේ නිදහස අගයන බවයි.

මෙම අසාමාන්‍ය බුද්ධියකින් හෙබි දරුවාගේ බුද්ධි බලය (IQ ) 146ක් බව කියවේ.එය ඔහුගේ වයසෙහි ඉන්දියාවේ සිටින කිසිඳු දරුවෙකුට නොමැති බුද්ධි බලයකි.
.අක්රට්ගේ සිහිනය වනුයේ පිළිකා රෝගීන් ගේ පිළිකා තත්වය මර්ධනය කිරීම උදෙසා ඖෂධයක් සොයා ගැනීමය.ඒ සඳහවා අක්රට්ගේ පියා නිසි බලධාරීන්ගේ සහය පැතුවත් එය සාර්ථක නොවීම හේතු කොටගෙන මානසිකව සහ කායිකව බිඳ වැටුණු ඔහු නිවසද ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවකි.

ලන්ඩන් නුවර Imperial Lege මෙම දරුවාට ලන්ඩනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. නමුත් දරුවාගේ තේරීම වුයේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය වීමයි.මහාචාර්ය මුස්ටාටා ඩයම්ගොස් (Mustata Diamgoz ) මොහුට උපකාර කිරීමට ඉදිරිපත් වූ අතර ඔහුගේ බුද්ධිමත් භාවය විමසීමේ පරීක්ෂණයකට භාජනය කරන ලදී.එහි අංකිත සහ කථන පරීක්ෂණ වලින් මොහු විශිෂ්ට ලෙස ජය ලැබූ අතර මාදිලි ගැලපීම යන පරීක්ෂණයෙන් අසමත් වීම සමාර්තයකු  ලොවට හඳුනා ගැනීමට තිබු අවස්තාව ලොවටම අහිමි කර ගැනීමකි.ඔහුගේ අනුසශකය වූ මුස්ටටා ඩයම්ගොස්  පවසන්නේ මොහුගේ විශිෂ්ට බව පිළිබඳ කීමට වචන නැති බවයි.ඔහුගේ හැකියාව පිලිබඳ කිසිඳු සැකයක් තමන්ට නැති බවයි.

ඉන්දියාවේ ධර්මශාලා පාසලේ අධිපති බි ආර් රාහි මහතා විසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට අනුග්‍රහය සපයන අතර මේ වන විට අක්රාට් විද්‍යා උපාධියක් සඳහා චන්දිග්ර්හ් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි.වයස 12 දී ඉන්දියානු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ලාබාලතම විද්‍යර්තියා බවට පත්විය.

මේ වන විට පිළිකා රෝගය නැසීම උදෙසා පර්යේෂණ පවත්වන මේ කුඩා දරුවා Oral Gene Therapy  නම් න්‍යායක් පිළිබඳව සොයා බලමින් සිටි.

මුලාශ්‍ර -(Akrit Jaswal the child surgeon from Wikipedia the free encyclopedia)
             (www.srikumar.com/) 
              (sisj.in/blog/arkit-jaswal-the-seven-year-old-surgeon/)






Thursday, July 4, 2019

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -
Image result for සත්වෙනි සඳේ රෑOn The Night Of The Seventh  Moon - Victoria Halt

ආදරය යනු උත්තරීතර බන්ධනයකි.. ජිවිතයට සැනසීමක් ගෙන දෙන ඖෂධයකි.මැක්ස්මිලියන් සහ හෙලෙනාගේ සියලු දේශ සිමා බන්ධන පැමිණියත් බාධක කම්කටොලු පැමිණියත් එම සෑම බාධකයක්ම ජයගෙන තම ජීවිතය ගොඩ නංවා ගත් ඓතිහාසික ප්‍රේම වෘතාන්තය සත්වෙනි සඳේ රෑ ඔස්සේ පාඨකයා වෙත ලං කිරීමට වික්ටෝරියා හෝල්ට් ගත් වෑයම අනර්ඝනිය වේ.මෙම වෘතාන්ත්තය අශ්විනි කාරියවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කතාව ගලාගෙන යන විට කතුවරිය විසින් රසවිඳින පාඨකයාගේ හැඟුමන් සසල කරවමින් රචනා කර තිබීමත් සිතට කාවදින අයුරින් කතාව ඉදිරිපත් කිරීමත්  සුවිශේෂී ලක්ෂණය වේ.කතාව කියවාගෙන යද්දී ආසියානු පරිසරයක ජිවත් වන අපට නුපුරුදු පරිසරයක් වුනත් එම සුන්දර පරිසරය පුරා ගලාගෙන යන සෞන්ද්‍රයත්මක භාවය චිත්තරූප මවමින් මුළු පොත පුරාම ගලාගෙන යන ආකාරය දක්නට ලැබෙන ලක්ෂණයි.

මෙය වික්ටෝරියානු යුගයේ කතාවක් වන අතර සෑම තැනකදීම වික්ටෝරියානු කතා ශෛලිය එම සම්ප්‍රධායික අංගයන් දැකිය හැක. මෙම කතාව ඔස්සේ රාජ්‍යයන්හි රජවරුන් සහ උප ප්‍රන්තයන්හි නායකයින් අතර ඔටුන්න උදෙසා ඇති වන්නාවූ ඝට්ටනයන් විස්තරාත්මකව පිළිඹිබු කරන අතර එයට මැදිවන මැක්සිමිලියන් ගේ සහ හෙලෙනාගේ ආදරය සොඳුරු ව කතාවට උපයුක්ත කර ඇත.

ජර්මනියේ ඩෑමෙන්ස්ටිෆ්ට් කන්‍යාරාමය වටා පැතිරී ඇති අඳුරු කේතුධර වනාන්තරය පිළිබඳව කතුවරිය ඉදිරිපත් කරන්නේ සුරංගනා ලොවකට අපව මනසින් ගෙන යමිනි. කාල වනාන්තරය නම් වූ එය ජර්මනියේ පිහිටි කඳු වැටිවලින් සමන්විත වූ සිසිලස දෙන වන ලැහැබ් වලින් ගහණ වූ පරිසරයකි.හෙලන්ගේ මව මෙම ප්‍රදේශයේ උපත ලද කාන්තාවක් වන අතර ඇය හෙලන් කුඩා කලදී මෙම ප්‍රදේශයේ පිහිටි මන්දිර , එම මන්දිර වල පිහිටි නයිට්වරුනේ ශාලාවන්, එම ශාලාවන් වල පවතී සොඳුරු ප්‍රියසදයන් පිළිබඳව මනසට එබ්බුවේය. එලෙසම ප්‍රකට සංගීතඥයෙකු වූ ෆ්රාන්ස් ෂුබර්ට් පිළිබඳව කතා කලාය .ඔහු මිනිස් සිතෙහි ඇතිවන ගැඹුරු සිතුවිලි හැඟීම් සොබාදහම හා සම්බන්ධ කරමින් සොබාධර්මයේ සුන්දරත්වය විහිදුවා දැක්වීමකින් තම සංගීත නිර්මාණයන් ලොවට එලි දැක්වූවෙකි.

එලෙසින්ම කුඩා කඳුකර වල ජිවත් වන සුරංගනාවන්, කුරුමිට්ටන් හා බැඳුනු ඉපැරණි පුරාවෘත්තයන් හෙලෙනාගී ජිවිතයට සමීප කලේ ඇයගේ  මව විසිනි.පසුකාලීනව දෙමව්පියන්ගේ අවසරයත් සමගින් ඇය මෙම පයින් වනාන්තරය මැද [ඉහිටි ඩෑමෙන්ස්ෆිට් කන්‍යාරාමයට උසස් අධ්‍යාපනය ලැබීම උදෙසා ඇතුලත් වුනේ තම ජිවිතයේ වෙනස්ම පිටුවක් පෙරලීමට ගත් පියවරක් ලෙසිනි.

එකල එම රාජ්‍යයෙහි සත්වෙනි සඳේ රෑ නමින් චාරිත්‍රයක් උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර එය ලෝකි නම් දඟකාර භාවයේ දෙවියන් සැමරීම උදෙසා පවත්වනු ලබන්නකි. එය දේශීය උත්සව වලින් එකක් වන අතර ඉල්ස් සමගින් එම උත්සවය නැරඹීමට යන ඇයට වරක් තමාට හමුවූ සිග්ෆ්‍රිඩ් නැවතත් ලෝකෙන්බර්ගයෙහි සිටුවරයා වූ මැක්සිමිලන්  ලෙස හමුවේ.පසුව ඔහු හා ඇතිවන ඉක්මන් විවාහයෙන් පසු ඇතිවන සංසිද්ධීන්, ඇය අනුමාන කරන පරිදි  ඇයගේ මිය යන දරුවා පිළිබඳව ඇතිවන අඳුරු මනසින් යුතුව ඇය නැවතත් එංගලන්තයට ගියත්, දෛවයේ හාස්කමකින් මෙන් නැවතත් ජර්මනියට යන ඇයගේ ඉදිරිය කුමකින් කුමක් වේද යන්න කියවන ඔබට බාරය.

මෙම කතාව විවිධ චරිතයන්ගෙන් පිරුණු එම චරිත වල ඇතිවන විවිධ සංසිද්ධීන් තුලදී ඔවුන් විසින් දක්වන ලද සියුම් ප්‍රතිචාරයන්ගේ විවිධ බව සාර්ථක නව කතාවක් බව ට ඇති මනා උදාහරණය වේ.එම චරිතයන් පොත කියවා අවසන්වූ පසුත් අපේ මනසට බැඳෙමින් මෙලොව මෙම ආත්මයන් සැරිසරන බව අපගේ සිතට දනවයි.ආදරය විරහව කුතුහලය,භයංකරත්වය සිතට දනවමින් ගලාගෙන යන අපුර්වතම කෘතියක් ලෙස හැඳින්විය හැක.



Tuesday, July 2, 2019

දෙවියන්ගේ අඩවිය

"... මාතුබි කියන්නේ අරාබි බසින් සඳ එලියට .ඇයට, මාතුබි කියන නම දෙන්න ඇත්තේ ඇයගේ තාත්තා.නමුත් ආගමික අන්තවාදය සහ ජාතිවාදය කරපින්නා ගත් තාත්තාගේ ජිවිතයට සඳ එළියක් වෙන්න ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇය ... සමුනොගෙනම තාත්තගේ ජිවිතයෙන් ඈතට... ඈතට ... මවත් සමග පාවී යනවා.මේ සිද්ධිය අපට කියවන්නට ලැබෙන්නේ ඇමරිකානු ජාතික බෙටි මහමුදි විසින් 1986 දී රචනා කරන ලද ඇයගේ චරිතාපදානය වූ "Not Without my Daughter"  නව කතාවෙනි.මෙම ග්‍රන්ථයෙන් ඇමරිකානු ජාතික කාන්තාවක් , විජාතික  , වෙනත් ආගමක පුද්ගලයකු හා විවහා වීමෙන්  ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අනේකවිධ වද හිංසනයට  මුහුණ දුන් සංවේදනාත්මක කම්පනය පිලිබිබු වේ.

මෙම නව කතාව Pulitzer සම්මානය සඳහා නම් කෙරුණු අතර 1991 දී චිත්‍රපටයටද නගන ලදී.මෙය භාෂා රාශියකට පරිවර්තනය වූ නවකතාවකි. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇමරිකානු පුරවැසියකු වශයෙන් වෛද්‍ය වෘතියේ යෙදෙන ඉරාන ජාතික කඩවසම්  මොහොම්මදී  මුදී, බෙටි නමැති ඇමරිකානු කාන්තාව  විවහා කර ගනියි.මෙම කතාවේ කතා නායිකාව වන බෙටි දික්කසාද වූ  මවකි.විවාහයෙන් පසු බෙටි සහ මුදි සතුටින් ජිවත් වන අතර ඉරානයේ සිට පැමිණෙන මුදිගේ බෑනා කෙනෙකු මොවුන්ගේ නිවසේ නවාතැන් ගන්නා අතර ඔහු ඇමරිකානු විරෝධියෙකි.

ඔවුන්ට සිවු හැවිරිදි දියණියක් සිටි. පවුලේ අය බැලීම සඳහා කෙටි කලකට ඉරානයට යාමට මුදී ,බෙටීට යෝජනා කරයි.බෙටි මෙයට විරුද්ධ වන අතර සති දෙකකින් ඔවුන් නැවත ඇමරිකාවට කැඳවාගෙන එන බවට ඔහු කුරාණයේ අත තබා බෙටිගේ මව ඉදිරියේ දිවුරා පොරොන්දු වෙයි.සති දෙකක් ගතවු පසු මුදි පවසන්නේ ඔවුන්ගේ ඉතිරි ජිවිත කාලය ඉරානයේ ගත කළ යුතු බවයි.

ආගමික අන්තවාදය සහ ආගම් භක්තිය අතර ඇති ගැටුම ලේඛිකාව මෙම දිවුරුම මතින් උද්දීපනය කරයි. එමෙන්ම කාන්තා හිංසනය සහ ළමා හිංසනය සමග  කතාවෙහි ඉතුරු කොටස ගලා යයි.මෙම තත්වය ලොව ඕනෑම සමාජ ස්ථරයක  කාන්තාවකට සිදුවිය හැකිය. ප්‍රංශ රුපවාහිනී නාලිකාවක සේවය කළ ජින් පියරේ (Jean Piyare ) මෙම සිද්ධිය  පිලිබඳ පවසන්නේ (1993) මෙය ඇමරිකානු - ඉරාන සීතල යුද්ධයේ ප්‍රතිපලයක් බවයි.ඇමරිකාවද මෙකල ඉරානයට දැඩි ලෙස තහංචි පනවමින් කුඩම්මාගේ සැළකිලි දැක්වූ යුගයක් විය.

මෙකල ඉරානය, අයෙතුල්ලා කුමේනි යටතේ දේශපාලනික වශයෙන් විශාල පරිවර්තනයකට භාජනය විය.මුදි මෙම දේශපාලනික ජාත්‍යාලය ඉස් මුදිනින් පිළිගත් අයෙකු විය.සමහර විචාරකයින්ට අනුව මෙය ඇමරිකානු ඉරාන යුද්ධයේ පළි ගැනීම බෙටි මත පැවරීමකි.මුදිගේ පවුලේ අයත් සමගින් ජීවත් වූ නිවස බෙටිට සහ දරුවාට සිර ගෙදරක් වූ අතර ඔවුන්ට කෘමින් සහිත අපිරිසිදු අහාර කෑමට පවා සිදුවිය.බෙටි නිර්භීත උපායශීලි කාන්තාවක් වූ අතර අරාබි භාෂාව සහ සංස්කෘතිය අධ්‍යයනය කර මුදිගේ විශ්වාසය දිනා ගනී.

ඉස්ලාමික මුලධර්මවාදින් විසින් බටහිර රටවල මානව හිමිකම් කාන්තා නිදහස ලෙස සලකන කරුණු ඉරානයේ දී ප්‍රතික්ෂේප කරන බව කතුවරිය පවසයි.දෘඩ අන්ධ භක්තිවාදය මගින් ඉරාන සමාජයේ කාන්තාවගේ වීරත්වය සහ ඉදිරි ගමන මොට කරවයි.

1984-1986 අතර ඉරානයේ ජිවත් වූ අත්දැකීම් ඇගේ කෘතියෙන් හෙළි කරයි.ඇය සතු සියලු ලියකියවිලි සහ විදේශ ගමන් බලපත්‍රය පවා මුදි භාරයට ගනී.ඉරානයට පැමිණෙන කාන්තාවන්ට එරට සිරිත් විරිත් වලට හැඩගැසීමටත්  , ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සිදුවූ අතර සිදුවූ අතර සම්පුර්ණයෙන්ම සිරුර ආවරණය වූ (Chador ) ඇඳුම ඇඳීමට සිදුවිය. විදේශ ගමන් බලපත පවා නොමැතිව , ඉරානයෙන් පිට වීමට නම් ඇය විදේශ තානාපති කාර්යාලවල සහය ලැබිය යුතු අතර අවශ්‍ය මුදල් සොයා ගත යුතුය.ඉරානයේ සිට තුර්කිය හරහා දැඩි සීතලෙන් ගැහෙමින් කඳු ශිඛර පසු කරමින් ඇය ගුවන් ගමන සඳහා පකිස්ථානයට යා යුතුය.මේ සදහා ඇය ගෝත්‍රික ජනයාගේ සහයද ලබා ගත යුතු අතර .ඇයගේ මෙම උත්සාහය සාර්ථක වේද ?

ප්‍රවීණ ලේඛිකා අනුලද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නව කතාව පළ නොකරන ලෙස ඇයට සිමා බාධක පවා පැනවිය.මුස්ලිම් අන්තවාදය බටහිර මෙන්ම පෙරදිග රටවලද ව්‍යාප්ත වන මෙවැනි යුගයක ඔබ විසින් දෙවියන්ගේ අඩවිය කියවිය යුතු නව කතාවක් බවයි මගේ හැඟීම.

Image result for දෙවියන්ගේ අඩවිය