‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Monday, October 28, 2019

ඔබේ විවාහය බොස්ටන්හි මහජන පුස්තකාලයේ පැවැත්වීමට අනගි අවස්තාවක්

Image result for Boston Public Library
ඔබත් නුදුරු අනාගතයේදී විවාහයට සුදානම් වන පොතට ආදරේ කරන්නෙක්ද ?බොස්ටන් හි  මහජන පුස්තකාලය මගින් වාසනාවන්ත යුවල් 4කට මෙම අවස්තාව ලබා දී ඇති අතර සියලුම පහසුකම් සහිතව තම විවහා මංගලෝත්සවය නොමිලේම පැවැත්වීමට මොවුන්ට අවස්තාව මේ ඔස්සේ ලැබීම සුවිශේෂීම කරුණයි.

MCkim ගොඩනැගිල්ලේ 125ත් වැනි සංවත්සරය වෙනුවෙන් මහජන පුස්තකාලය එළඹෙන පෙබරවාරි මාසයේදී නව යුවල් 4ක් තෝරා විවහා මංගල්‍යයන් පැවැත්වීමට සුදානම් වන අතර පුස්තකාලයේ පිහිටි සුන්දර පැවිදි අශ්‍රමය මෙහිදී භාවිතයට ගැනේ.

මෙහිදී දිනුම් ඇදීමක් මගින් නව යුවල් තෝරා ගැනීම සිදුකරන අතර දිනුම ලබා ගන්නා යුවල් 4ට පෙබරවාරි 2වෙනිදා ඔවුන්ගේ විවහා මංගලෝත්සවය පැවැත්වීමට හැකි වේ.පුස්තකාලය මගින් ඔවුන්ට සියලු චාරිත්‍ර ඉටුකරමින් අංගසම්පුර්ණව  මෙම මංගල අවස්තාව පැවැත්වීමට අවස්ථාව ලැබේ.බොස්ටන්හි NBC වෙබ් අඩවියට අනුව යුවලට අවශ්‍ය මල් පොකුරු, සංගීත කණ්ඩායම ජයාරූප සහ වීඩියෝ මෙන්ම සංග්‍රහ කටයුතු යන සියල්ලත් තවත් වටිනා අවස්ථාවනුත් මොවුන්ට නොමිලේම ලබා දීමට පුස්තකාල කාර්යමණ්ඩලය උත්සුක වෙමින් පවතී.එමෙන්ම මොවුන්ට මෙම අවස්ථාවේ සමරු පලක ලබාදීමක්ද සිදුවන බව පැවසේ.

මහජන පුස්තකාලයේ සභාපති පවසා ඇති ආකාරයට මෙම අවස්තාව තම පුස්තකාලය පරිශීලනය කරන්නන්ට ලබාදීම ගැන ඔහු මහත් සතුටට පත්ව සිටින අතර 125වැනි සංවත්සරය අර්ථවත් අයුරින් සැමරීමට සැමදෙනාටම මෙම අවස්තාව උපයෝගී වේයැයි ඔහු බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

මුලාශ්‍ර
https://www.nbcboston.com/news/local/Calling-All-Engaged-Couples-Boston-Public-Library-Hosting-Wedding-Ceremony-Giveaway-563213401.html

නිලක්ෂි බණ්ඩාර
28/10/2019

Monday, October 21, 2019

ජුහි චව්ලා

Image result for juhi chawlaහින්දි සිනමා ලොව සුන්දරම කාන්තාවක් වූ ජුහි චව්ලා 90 දශකයේදී ඉන්දියාවේ වඩාත්ම පිළිගත් කාන්තාවක් විය.ඇය රංගනයෙන් මෙන්ම කටහඩින් ද රංගනයට දායකත්වය දුන් අතර චිත්‍රපට නිෂ්පාදීකාවක්  ලෙසද ප්‍රසිද්ධතාවයක් උසුලන ලදී.ඇය 1967නොවැම්බර් 13වන දින ඉන්දියාවේ අම්බාලා ප්‍රාන්තයේ උපත ලද අතර ෆොර්ට් කන්‍ය්රමයෙන් අධ්‍යාපනය ලබන ලබා උසස් අධ්‍යාපනය වාණිජ අංශයෙන් ලබා ගත්  සිදෙංහම් විශ්ව විද්‍යාලයෙ උපධිදාරිනියක වුවාය.

1984 වර්ෂය ඇයගේ ජිවිතයේ කඩඉම්  වර්ෂයක් වුයේ ඉන්දියාවේ  Miss India කිරුළ දිනාගැනීම සමගින්ය.එම වසරේදීම ඇය විසින් විශ්ව රූ රැජිණ තරඟාවලියේ හොඳම Best Costume Award ද දිනා ගැනීමේ භාග්‍යය උදා කර ගත්තාය.

1986 දී පළමුව සුල්තානා චිත්‍රපටයේ රඟපෑවත් එය වානිජමය වශයෙන් අසාර්ථක විය.ඉන්පසු 1987 දී රවිචන්ද්‍රන් විසින් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රේමා ලෝක චිත්‍රපටයේ රඟ පෑ අතර එය බෙහෙවින්ම විවේචනයට සහ කතාබහට ලක් විය.1988 තිරගත වූ ක්යාමත්සේ ක්යාමත් චිත්‍රපටය බොලිවුඩයේ ඇයගේ පලවෙනි ප්‍රධාන චරිතාංගය ඇතුලත් චිත්‍රපටය වූ අතර අමීර් ඛාන් ප්‍රධාන නළුවා විය.එම චිත්‍රපටය ශේක්ස්පියර් ගේ  රෝමියෝ ජුලියට් නාට්‍යයේ නුතන අනුවර්තනය වූ අතර වාණිජමය වශයෙන් අති සාර්ථක ව ප්‍රේක්ෂකයින්ගේ හද බැඳ ගත් චිත්‍රපටයක් සේම විවේචනයට පාත්‍ර වූවක් විය.මෙය ෆිල්ම් ෆෙයා සම්මාන උළලේ හොඳම සම්මානය දිනා ගත් අතර ජුහි විසින් ප්‍රථම Film Fair Award  for Lux New Face of the year සම්මානයද දිනාගනු ලැබිය.එමෙන්ම ඇයව  ෆිල්ම් ෆෙයා හොඳම නිළිය ලෙස පත් කිරීමේ නාම යෝජනාවද ලැබිය.ක්යමත්සේ චිත්‍රපටය බොලිවුඩ් හංගාමා වෙබ් අඩවියේ සඳහන් වුයේ ඉන්දියානු සිනමාව නවමු මාවතකට යොමු කල චිත්‍රපටයක් ලෙසයි.
Image result for juhi chawla
1990 වසරේදී ඇය ප්‍රතිබන්ධ් චිත්‍රපටයේ රඟපෑම ආරම්භ කල අතර බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක් වීම සුවිශේෂීය. ඇයගේ අනගි රඟපෑමක් ලෙස බොහෝ විචාරකයින්ගේ ප්‍රසංශාවට ජුහිව ලක්විය.ජුහි චව්ලා ෆිල්ම් ෆෙයා අවොර්ඩ් දෙවෙනි සම්මානයට නිර්දේශ වුයේ මෙම චිත්‍රපටය ඔස්සේය..එලෙසම එම වසරේදීම ඇය ඩේවිඩ් ධාවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රාජේශ් ඛන්නා සහ ගොවින්දා සමගින් රඟපෑ Swarg චිත්‍රපටය එළිදැක්වුණු අතර එය ඩේවිඩ් සහ ගොවින්දා සමග ඇයගේ සහයෝගිතාවය සංකේතවත් කරන ලදී.

1992 දී රිෂි කපුර් සමගින් Bol Radha Bol හි රඟපෑ අතර ෆිල්ම් ෆෙයා හි හොඳම නිළිය ලෙස තෙවන වතාවටත් නාම යෝජනා ලැබිය.එම චිත්‍රපටයේ ඇය කඳුකරයේ ජිවත් වන රූමත් තරුණියකගේ චරිතයක් රඟපෑ අතර හාස්‍යජනක විය.ඉන්පසු Aziz Mirza ගේ Raju Ban Gaya Gentleman චිත්‍රපටයේ ශාරුක් ඛාන් සමගින් විකට චරිතයක් රඟපාන ලදී.මෙම චිත්‍රපටය ඇති සාර්ථක ලෙස බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ අතර ප්‍රවීණ රංගධරන්ගේ මහත් ප්‍රසංශාවට ලක්වීමේ භාග්‍ය ලැබිය.  එක් විචාරකයෙක් පැවසුවේ මෙහිදී ජුහි සාමාන්‍ය මධ්‍යම පාන්තික වැඩ කරන කාන්තාවක් ලෙස මනරම් රංගනයක යෙදුනු බවත් සැමදෙනාගේම අවධානය යොමු කර ගත් සංවේදී සහ සුන්දර රඟපෑමක යෙදුනු බවත්ය.
Image result for juhi chawla
ඉන්පසු 1993 දී අමීර් ඛාන් සමගින් මහේෂ් බාත් නිෂ්පාදනය කල ආදරය සහ හාස්‍යජනක බව මිශ්‍රිත චිත්‍රපටයක් වූ Hum Hen Rahi Pyaar ඇයගේ චිත්‍රපට ගමනේ විශිෂ්ටතම රංගනය එළිදැක්වූ චිත්‍රපටය ලෙස විචාරකයින්ගේ මතය විය.ඇයට පහසුවෙන්ම ඉන්දීය සිනමාවේ හාස්‍යජනක නිළිය බවට පත්වීමට හැකිවිය.එමෙන්ම අන් නිළියන්ට අභියෝගයක් එල්ල කල චරිතයක්ද විය.තවත් විචාරකයෙක් පැවසුවේ ඇය ස්වභාවයෙන්ම විනෝදාත්මක චරිතයක් බවත් මිනිසුන් ආදරය කල චරිතයක් වීමට ඇයට හැකියාව ලැබුණු බවත්ය.එයට ඇයගේ ස්වභාවික සුන්දරත්වය සහ කරුණාවන්ත බවය හේතුවක් වූ බවද ප්‍රචලිතය.

මෙලෙසින් ඇය Lootere ,Aiena ,Darr ,Ishque ,Yes Boss ,Saajan Kha Gaar ,Ram jaane ,Abbhas Mustan,Deewana Mastana ,Mr and Mrs Kiladi ,Duplicate ඇතුළු චිත්‍රපට 70වකට  මේවන විට රඟපෑමෙන් දායකත්වය ලබාදී ඇත.

1998වසරේදී ජුහි ශාරුක් ඛාන්, කාජල් සහ අක්ශේ කුමාර් සමගින් විවිධ ප්‍රසංග චාරිකාවක් සඳහා ඇමරිකාවට යාමට නම්වූ අතර කැනඩාවට සහ මැලේෂියාවද මෙහි අදියරයන් විය.2009දී නිපුණතා විනිශ්චය කිරීම සඳහා ඇයට ආරාධනා කෙරුණු අතර ඉන්දියානු Sony Entertainment Television මගින් සංවිධානය කරනු ලැබූ නර්තන තරඟාවලියක් විනිශ්චයෙහි යෙදුණි. එමෙන්ම ඉන්දියානු රජය විසින් ඇයට ඉන්දියාවේ කාන්තා සහ ළමා අධිකාරිය වෙනුවෙන් විසින් පැවැත්වූ කාන්තා ඓන්දිය උත්සවය වෙනුවෙන් ඉන්දියානු තානාපතිනිය ලෙසට පත් කරන ලද අතර මේ වන විට ජුහි සමාජ සේවා ක්‍රියාකාරිනියක් ලෙසද කටයුතු කරයි.

ජුහි කර්මාන්ත හිමිකරුවකු වූ  ජේ මෙහතා සමගින් 1995දී විවහා වූ අතර මේ වන විට ජානවී සහ අර්ජුන් නමින් දරුවන් දෙදෙනෙකු ද හිමි වාසනාවන්ත කාන්තාවක් විය. පැවති සම්මුඛ සාකච්ජාවකදී ජානවී පැවසුවේ ඇය ලේඛිකාවක් වීමට බලාපොරොත්තු වන බවයි.

ජේ මෙහෙතා සහ ජුහි චව්ලා Indian Premier League හි සම අයිතිකරුවන් වන අතර Red Chile Entertainment ව්‍යාපාරය හිමිකරුවූ ශාරුක් ඛාන් සමගින් එක්ව කටයුතු කරති.
Image result for juhi chawla





Friday, October 18, 2019

ජේන් අයර්


"... ජීවිතයේ පරාජයක් පසුතැවිල්ලක් ඇතිවුනාම , මට පාඩම් කරන්න අපහසුයි.හැමදෙයක්ම එපා වෙනවා වගේ දැනෙනවා.මම එතකොට ජේන් අයර් කියවනවා..."

මේ දිනක් මගේ හොදම මිතුරියක් කියපු කතාවක්..

ජේන් අයර්  යනු විශ්ව සාහිත්‍යධර චාලට් බ්‍රොන්ටේ විසින් 1847 දි රචනයට පාත්‍ර කරන ලද අපුර්වතම කෘතියකි වේ.මෙම පොත සමාජ විවේචනයට ලක් වුන  කෘතියක් වන අතර චාලට් බ්‍රොන්ටේ ජිවත් වූ සමාජීය පසුබිම  මෙන්ම ඇය මුහුණ දුන්  සමාජ ගැටළු සහ පීඩනය ජේන් අයර් නම් චරිතය ඔස්සේ ලොවට හෙළිදරව් කල බව විචාරකයින්ගේ මතයයි.මෙම කෘතිය විශ්ව සම්මානයට පාත්‍රිත  කෘතීන් අතරට ගැනෙන අතර කාන්තාවක තම ජිවිතයේ ළමා අවධියේදී, යොවුන් අවධියේදී මෙන්ම තරුණ අවධියේදී මුහුණ දෙන සමාජීය පීඩනය හමුවේදී වෛරය , පලිගැනීම් වැනි සිතුවිලි වලින් බැහැරව මානව දයාව සහ කරුණාව වැනි උත්තුංග ගුණ වලින් යුතුව ජිවිතයට මුහුණ දෙන ආකාරය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇත.

මෙය ගොතික් සම්ප්‍රධායට අයත් කෘතියක් වන අතර මෙම කතාව ප්‍රභේදයන් පහක් ඔස්සේ ගලාගෙන යයි.මෙම කොටස් ඔස්සේ කතාව අපට දකින්නට ලැබෙන විවිධ සමාජ චෛතිසිකයන් සහ ගැටළු වඩාත් හොදින් නිරුපණය  කර දක්වයි.

මාපියන් මියගොස් අනාථ  දරුවකු බවට පත්වන ජේන් අයර්ව රැකබලාගන්නේ ඇයගේ මාමා විසිනි. ඇයගේ අවාසනාවට මෙන් මාමා ද මිය යන අතර , මියයාමට පෙර ජේන්ව රැක බලා ගන්නා ලෙස ඔහු තම බිරිඳ සපථ කරවා ගනියි.නමුත් , කෙටි කලකින්ම නැන්දා ගේ සහ දරුවන්ගේ වෙනස්කම් වලට තාඩන පීඩන වලට ලක්වන ඇය අනාථ දරුවන් සඳහා වූ පාසලකට ඇතුලත් වේ.එහි  ශිෂ්‍යාවක, ගුරුවරියක ලෙස  වසර හයක කාලයකින් පසු ළමා නේවාසිකාගාරයක සහයිකාවක් ලෙස රැකියාවකට යොමුවෙන ඇයගේ ජීවිතය විවිධ වෙනස්කම් වලට භාජනය වේ.

මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී ඇති අතර  ජේන් යනු 19 වැනි සියවසේ අසම්ප්‍රධායික වීරවරියක්  ලෙස දක්වයි.ඇය ජිවිතයේ මුහුණදෙන ගැටළු ජය ගන්නා ස්වාධින, ආත්ම විශ්වාසයෙන් යුතු කාන්තාවක් බව වැටහේ.මෙම කතාව  රසවත්,ප්‍රේමාන්විත වන  වන අතර ඇය සරාගී  බැවින් යුක්ත ස්ථිර ප්‍රතිපත්ති ඇති නිදහස අගයන, නොසැලෙන යුවතියකි.එමෙන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතු පැහැදිලි හර්ද සාක්ෂියකින්  හෙබි නිහතමානි තරුණියකි. ඇය වික්ටෝරියානු යුගයේ රැඩිකල්, ගැඹුරු, ස්ත්‍රීවාදී ගති ලක්ෂණ වලින් යුක්තය..

 ඇය පවසන පරිදි

" කාන්තාව සන්සුන්ව සිටිය යුතුය නමුදු පිරිමියාට දැනෙන ආකාරයටම ගැහැණියටද දැනේ.ඇයට  හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය වන අතර එම විෂයේදී ඔවුන්ගේ සොයුරන් මෙන්ම ක්ෂේත්යෙන් ඉහලට යෑමට උත්සුක වේ."

මෙම  ප්‍රකාශය කාන්තාවන්ට  පිරිමින්ගේ සමතැන ලැබිය යුතු බවත්  සමාජ ආර්ථිකමය අතින් සමාන විය යුතු බවත් චාලට් බ්‍රොන්ටේ ගේ  ප්‍රධාන තේමාවයි.මෙයට නිදසුනක් නම් ඇය ආදරය කරන මෙම මිනිසා සමග ජිවත් විය යුතුද ? ඇය හැර දමා ගොස් කිසියම් තැනක වැදගත් ජිවිතයක් පටන් ගත යුතුද යන උභතෝකෝටික ප්‍රශ්නයටද ඇය මුහුණදෙන ආකාරයයි.

උදාහරණයක් ලෙස මෙහිදී  පාර්තා මේසන් ජේන් සහ රෝචෙස්ටර් ගේ ජිවිත අතරට තුන්වැන්නකු ලෙස පැමිණීම ගත හැකිය.පාර්තා විසින් රෝචේස්ටර්ව ගිනි තබා මරණයට පත්කිරීමට තැත් කිරීම එක් අවස්ථාවක් වේ.එමෙන්ම මානසික රෝගියකු වූ පාර්තා රෝචෙස්ටර් මැදුරේ කෙළවරක ජිවත් වීම  කතාවේ අවසාන භාගයේදී හෙළි කිරීම නිසා මෙය රහස් පරීක්ෂක කතාවක ස්වරුපයක් ගනී.

ජේන්ගේ ජීවිතය යථාර්තවාදී දැක්මකින් යුතුව දක්ෂ ලෙස කතුවරිය විසින් හසුරුවා ඇති ආකාරය සුවිශේෂිය.ආගමට සහ රාගයට එරෙහිව තර්කානුකුල බුද්ධිමය විචාරශීලි බව ඇය විසින් විවිධ අවස්ථාවල යොදාගන්නා ආකාරය දක්නට ලැබේ.එමෙන්ම ආදරය සහ රාගය නිසි පරිදි පාලනය කර නොගැනීම විවිධ ගැටලුකාරී තත්වයන් පැන නැගීමට හේතුවක් බවද කතුවරිය විසින් මේ ඔස්සේ පෙන්වා දේ.

ඇයගෙන් ආදරය සංකේතවත් කරන අතරම රාගය සහ විචාරය අතර භාවාත්මක ඝට්ටනය පිළිඹිබු කරයි.ජේන් අයර් යනු කලනුක්‍රමික මතකයක් අවදි කිරීමකි.ඇයගේ ජිවිතයේ ගෙවුණු අවධීන් දෙස හැරී බලද්දී සමාජීය,අධ්‍යාත්මික සහ  ආදරය සෙවීමක් දක්නට ලැබේ.මෙහිදී රාගයට එරෙහිව සොබාදහම ගැටෙන අතර ජේන් ඇගේ සදාචාරාත්මක හැඟීම් සහ නිවුණු බව වර්ධනය කර ගනියි,අවසානයේදී ජේන්ගේ අභිමතය පරිදි පවුල,ගෘන්ගාරය භක්තිමත් බව ස්වාර්ථය යන තේමා   ඔස්සේ  කතාව අවසානයට ලඟා වේ.









Monday, October 14, 2019

දෙවොන්දරා සං... මම නොරිකො සං. දොර අරින්න

Image result for මළවුන්ගේ අවුරුදුදාදෙවොන්දරා සං ගේ .. හදවතේ දොරකවුළු නොරිකෝ සං වෙනුවෙන් විවර වේද ?මෙම කාව්‍යමය ගද්‍ය වෘතාන්තය  ඔබ‍ට කියවීමට හැකි වන්නේ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචක සහ නිෂ්පාදක ,සහ ග්‍රන්ථ රචක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1965 දී රචිත  මළවුන්ගේ අවුරුදු දා  නවකතාවෙනි.ශ්‍රී ලාංකික  උපවැදි චිත්‍ර ශිල්පියකු වන දෙවොන්දරා සං ලී කැටයම් කලාව ඉගෙනීම සඳහා ජපානයට ගිය අවස්ථාවේදී නොරිකෝ සං නමැති ජපන් ජාතික තරුණිය සමග ඇතිවන ප්‍රේම සම්බන්ධතාවයක් පාදක කොට ගෙන මෙම කතාව ලියවී ඇත.

මෙම ලේඛකයා විසින් 1959 වර්ෂයේදී රචනා කරන ලද මළගිය ඇත්තෝ නමැති නවකතාවෙන් විදේශයකට සංක්‍රමණය වූ දෙවොන්දරා සං ගේ ආත්ම කථනය දෙරට සංස්කෘතික ඝට්ටනය ,පරිසරය සහ  ප්‍රේමය පිළිඹිබු වන අතර මෙම දෙවන නවකතාවෙන් මෙම පෙම්වතුන් මුහුණ දෙන ගැටුම් , විසඳුම් සහ මුල් කතාවේ සිටම දෙවොන්දරා සං තුළ ඇතිවූ ජිවිතයේ අභියෝග වලට මුහුණ දීමේ හීන ශක්තිය කාන්තාවකට බලපාන අකාරය මනාව පිළිඹිබු කරයි.

සාහිත්‍ය විචාරකයින්ගේ අදහස් අනුව අධිරාජ්‍යවාදී සංක්‍රමණ වලින් පසුව ශ්‍රී ලංකික සමජයේ ඇතිවූ ආර්ථික සංස්කෘතික ,සමාජීය වෙනස තරුණ සමාජය කෙරෙහි බලපෑ ආකාරය ශ්‍රේෂ්ඨ  ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ කතුවරයාගේ විරාගය නවකතාව රචනාවෙන් ඇරඹුණු අතර මළවුන්ගේ අවුරුදුදා එහි තවත් කඩ ඉමක් බව පැවසේ.හුදකලාව ප්‍රිය කරන ආදරය ඇතුළු ජිවිතයේ ආර්ථික සහ සමාජීය දියුණුව ප්‍රතික්ෂේප කරන දෙවොන්දරා සං සෑම විටම ජිවිතයේ අනිත්‍ය බව මෙනෙහි කරන සංකීර්ණ චරිතයකි.

නොරිකෝ සං මේ අතර ලෞකික ජීවිතය පිලිබඳ බලපොරොත්තු  තබා ගත් සරල චරිතයකි.උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්  රචනා කර තිබීම නිසා පාඨකයාට වඩාත් සමීප වන මෙම නවකතාව විදෙස් පසුබිමක ගොඩනගනු ලැබූ ප්‍රථම නවකතාව මෙන්ම රාජ්‍ය සම්මාන පවා හිමි කර ගත් රචනාවකි..මෙම නව කතාව ආරම්භ කර ඇත්තේ දෙවොන්දරා සං නොරිකෝ සං ව හැර දමා සියදිවි නසාගෙන ජිවිතක්ෂයට පත්වන පුවතකිනි.ජපානයේ ස්ථාන කීපයකම රැකියාවේ යෙදෙන අඟහිඟකම් වලින් පිරි පවුලක තරුණියක වන නොරිකෝ සං  ජපානයට පැමිණෙන මෙම විදේශිකයාගේ නිවසෙහි උදව්වට පැමිණේ.ප්‍රේමයක් , සමීප මිතුදමක් ගොඩ නැගුණද  , ආදරයේ සුවඳ මිස  වෙනත් පහත් අරමුණක් දෙවොන්දරා සං  තුළ දැකිය නොහැකි අතර  ,බුදු දහමින් ඔහු තුල ගොඩනැගුණු  මනා ශික්ෂණය ග්‍රන්ථය පුරාම කතුවරයා විදහා දක්වයි.

නොරිකෝ සං ටෝකියෝවේ තනි කර චිත්‍ර  කලාව ඉගෙනීම පිණිස වෙනත් නගරයකට යාම එම නගරයේදී ඔහු ලබන විවිධ අත්දැකීම් සහ දෙමව්පියන්ගෙන් අවසර ගෙන විවාහයට සුදානම් වීමට ලංකාවට පැමිණීම මෙම නවකතාවේ තවත් හැරවුම් ලක්ෂයකි.මෙලෙස නොරිකෝ සං  ව රිදවීමට ගන්නා උත්සාහයේ සිට අවසානයේදී වියදිවී නසාගැනීම දක්වා යන ගමන මොහු පරපිඩා කමුකත්වයෙන් පෙලෙන බව විචාරකයින්ගේ මතයයි. විවාහයට සුදානම් වෙනවා වෙනුවට ලංකාවේදී මොහු කරන්නේ ඔවුන් අතර විවාහය සිදුවුවහොත් ඇතිවන ගැටළු පිළිබඳව කල්පනා කිරීමයි. සෑම විටම මොහු භාවමය ශුන්යත්වයකින් පෙලෙන බව අපට  දැකිය හැක.

 එනම් එක් අවස්ථාවක් නම් 82 පිටුවෙහි ඇති

"ඊළඟ දවස් කීපය ,මා කෙබඳු සන්තපයකින් ගත කළේද කියා මා හැර අන් කිසිවෙකු නොදනී.මට තොකියෝවට ගිය නොහැකිය.කියතෝවල සිටිය නොහැකිය.ආපසු ගම රට බලා යාමට මම සිතුවෙමි.එහෙත් කොයිබ ගියත් මට ලොව එකසේය.මා වටා මිනිසුන් දහස් ගණන් සිටියද මම හුදකලාවෙන් පසුවෙමි.කිසිවකුගේ ආදරය සහ සැලකිල්ල මට නුරුස්සයි.

ජිවිතයෙන් ඈතට ගිලිහි යන මෙවැනි දෙවොන්දරා සං ලා නිසා අපමණ දුක් විඳින නොරිකෝ සං ලා සහ ආදරවන්තයින්ගේ දුරස් වීම නිසා ආදරයේ සුවඳ  මතකයේ තබාගෙන ජිවත් වන කාන්තාවන් ජපානයේ පමණක් නොව ශ්‍රී ලාංකීය සමාජයේද කොතෙකුත් ඇත.ඇය  දෙවොන්දරා සං  තමා අතිශයින් ආදරය කල පියා සමග ජපනුන්ගේ විශ්වාසය අනුව මළවුන්ගේ අවුරුදු දා නැවත පැමිණෙන තෙක් බලා සිටි.නොරිකෝ සංව  රවටා නෑදා  නිවසකට යවා පියාගේ මරණින් පසු අයියා සහ නෑනා විසින් පදිංචි නිවාස විකුණීම කාන්තාවන් මුහුණ දේ ගැටළුකාරී තත්වයක් පිළිඹිබු කරන තවත් ස්ථානයකි.මේ අතර දෙවොන්දරා සං  ද අහිමි වීම ඇයට කුමන ආකාරයෙන් බලපායිද ?

මෙම නව කතාව සිංහල බසින් ලියවුනු කාව්‍යමය රසය ජනිත කරවන අර්ථාන්විත බස්වහරකින් යුතු අපුර්වතම නවකතාවකි.කලාකරුවකුගේ ගැඹුරු අවබෝධයෙන් යුතුව ඉතාමත් හැඟීම්බරව සහ මෘදු බවකින් යුතුව නොරිකෝ සං ගේ චරිතය නිරුපණය කර  තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණය වේ.






Tuesday, October 8, 2019

ADHD නොහොත් අධි ක්‍රියාකාරි බව




මොලයේ රසායනික වෙනස්වීම් ADHD තත්වයට ප්‍රධාන හේතුව වන අතර මොලයේ ඇතිවෙන Dopamine යන රසායනික හෝර්මෝනය නිපවදවිම අඩුකම ලෙස මෙය හැඳින්වේ. සාමාන්‍ය ජිවිතයේ කරමින් පැවති කටයුතු පිලිබඳ අවධානය අඩුවීම ,අසාමාන්‍ය කලබලයකින් සහ වේගයකින් කටයුතු කිරීම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකිවීම මෙම රෝගීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ වලින් කිහිපයකි.මෙය Attention Deficit Hyperactive Disorder යන නමිනුත් හැඳින්වේ. මෙය චර්යාත්මක රෝගයක් ලෙසත් නම් කර තිබේ.එනම් Neurol-Behavioral  Disorder ලෙසත් හඳුනා ගෙන ඇත. 

 මෙම තත්වය කුඩා කලදීම දෙමවුපියන්ට හඳුනා ගත හැකි අතර ඖෂධ මගින් මෙය පාලනය කල හැක.දැනට කරගෙන යන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ දුම් පානයට ඇබ්බැහි වුවන්ගේ දරුවන් මෙම තත්වයට බොහෝ විට ගොදුරුවන බවයි.දරුවන් මෙම තත්වයට ගොදුරු වී ඇත්දැයි මැන බලන්නේ ඇමරිකානු ළමා රෝග සඳහා වූ වෛද්‍ය සමුළුව විසින් හඳුන්වා දුන් මාර්ගෝපදේශන නිතිමාලාව ඔස්සේය.මාස 6කට වඩා මෙහි සඳහන් ලක්ෂණ වලින් දරුවා පෙලේ නම් එම දරුවා අධි ක්‍රියාකාරී දරුවකු බව වෛද්‍යවරුන් නිගමනය කරයි.

ADHD රෝගයේ ප්‍රබේධ 3

1.අධි ක්‍රියකාරිබවින්  හා දැඩි අවේගයෙන් යුක්ත දරුවන්
2.ඌන  අවධානයෙන් යුක්ත දරුවන්
3.අවේගාත්මක සහ අධි ක්‍රියාකාරී යන ලක්ෂණ දෙකෙන්ම යුක්ත සංයෝජිත දරුවන්

අධි ක්‍රියාකාරී දරුවන්ගේ ලක්ෂණ

1.අවේගශීලි බව
2.අවධානය අඩුකම
3.අවධානම් ක්‍රියාවන්හි යොමු වීම
4.සවන් දීමේ අඩුකම
5.නිරතුරුවම චලනයේ දීම (අතපය නිතර සෙලවීම )
6.ක්‍රීඩා කිරීමේදී හෝ වාදක නිරතවීමේදී එක දිගට එම වැඩෙහි නියැලීමට නොහැකි වීම
7.අන් අයගේ වැඩ වලට බාධා කිරීම
8.ඇරඹු වැඩක් අවසන් කිරීමට මැලි වීම
9.හැමවිටම කේන්තියෙන් සිටීම
10.සහයෝගයෙන් ක්‍රියා නොකිරීම
11.නොසැලකිලිමත් බව

ADHD තත්වය ඇතිවීමට හේතු

1. Anxiety හෙවත් සංකාව
2.Depression හෙවත් මානසික අවපාතය  සහ විෂාදය
3. මානසික අවපීඩනය
4.ජානමය තත්වයන්
5.මොලයේ රසායනික සංකුලතාවයන්
6.උපත්බර අඩුවීම
7.දෙමවුපියන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට යොමු වීම
8.ස්නායු පද්ධතියට ඇතිවන හානි
9.Bipolar Disorder හෙවත් බයිපෝල අක්‍රමිකතා
10.අඩු බරින් සහ අඩු මාසයෙන් ඉපදීම
11.අක්‍රිය දුම් පානය
12.කෘතීම වර්ණකාරක සහිත අහාර භාවිතය
13.නිවසේ ඇතිවන විරසක වීම් සහ වෙන්වීම් මෙන්ම ඝට්ටනයන් නිතර දැකීම
14.අධික ඝෝෂාකාරී බව

ප්‍රතිකාර ක්‍රම

1.විශේෂ පුහුණුවක් ලැබූ මනෝ උපදේශකයකුගේ මනෝ උපදේශනය
2.කෙටිකාලීනව ලබා දෙන ප්‍රතිකර්ම
3.අතරමැදි  ප්‍රතිකර්ම සහ ඖෂධ
4.දිගුකාලින ඖෂධ
5.Family Counselling සහ Behavioral therapy ලබා දීම

Wednesday, October 2, 2019

අනුන්ගේ ජීවිත , තමන්ගේ කර ගැනීමට , වෙර දැරූ සිහින කුමරිය ...

Image result for emma jane austen
අහස් කුසෙන් ඇද හැලෙන මහා වැස්ස ගම්දනවු ,දේශ සීමා මායිම් නොකර ලොවම අස්වද්දවයි.විශ්ව සාහිත්‍යයේ බිහිවන අමරණිය සාහිත්‍ය කෘති ද එසේමය.



20 වන සියවසේ සිටි ශ්‍රේෂ්ඨතම නවකතා කතුවරියක (1775-1816)  වූ ජේන් ඔස්ටින් විසින් රචනා කරන ලද "එමා " නවකතාව විශ්ව සාහිත්‍යයට එක් වූ අපුර්වතම කෘතියකි.මෙය පුර්ව ඕගස්ටියන් යුගයේ ලියවුනු නවකතාවකි. එංගලන්තයේ හැම්ෂයර් ප්‍රදේශයේ උපත ලද ඇයගේ පියා පුජකවරයකු වූ අතර එම ගම්බද පරිසරය සහ එකල එංගලන්තයේ ඉහල මධ්‍යම පාන්තික ජිවන රටාව සජීවී විස්තරාත්මක ,වාචික චිත්‍රයකට නැගීමට ඇය සමත් වුවාය.ඇය  එම පරිසරයේ චරිත සියුම් ලෙස මනෝ විශ්ලේෂණයට ලක් කලේ හාස්‍ය ද උපදවමිනි.එමා නව කතාව ප්‍රවීණ පරිවර්තක සහ ගත්කතුවරයකු වූ ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිහින කුමරියකගේ කතාවක් " නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.

ඉඩම් හිමි ධනවතකු වූ වුඩ් හවුස් මහතාගේ දියණියන් දෙදෙනාගෙන් බලයා වූයේ  එමාය. ඇයගේ  වැඩිමහල් සොයුරිය එම ප්‍රදේශයේම ධනවත් නීතිඥයකු හා විවහා වී ලන්ඩනයට පදිංචියට ගිය පසු එමා පියා සමග නිවසේ තනිවිය.එමා කුඩා කල මව මිය  ගියාය.විසිඑක් වියැති  සුරූපී එමා ව ඉන්පසු රැක බලා ගත්තේ නිවාස පාලිකාව වූ  මිස් ටෙයිලර් විසිනි.වසර දහ අටක් එම නිවසේ සේවය කල ටේයිලර් මෙනවියගේ යහපත් පාලනය  එමාගේ ජිවිතයට බෙහෙවින් බලපෑ අතර ඇය විවහා වී යෑම නිසා එමා , තව දුරටත්  හුදකලා තත්වයකට පත් විය.

සුඛෝපබෝගී ජිවිතයක් ගත කරමින් පියා සමග තනිවන එමාගේ මානසික තත්වය සීමාවකට කොටුවූ ආකරයක් මෙහිදී පැහැදිලි වේ.මේ අතර යි.. දෙමව්පියන් නොමැති බෝඩිමක හැදෙන වැඩෙන අනාථ  තරුණියක වන හැරියට් ඇයට හමුවන්නේ .හුදකලා මානසික තත්වය නිසාම හැරියට්ට සහ අසල්වාසීන්ට මගුල් ජෝඩු කිරීමට ඇය උත්සහ කරයි.තරුණ වයසේදී මෙවැනි භාරදුර කටයුත්තක නියැලෙමින් අනුන්ගේ ජිවිත වලට අතපෙවීම අත්දැකීම් අඩු තරුණියකට කෙතරම් ගැලපේද ?සත්‍යයෙන්ම මෙය එමා පිලිබඳ ව කරන මානසික විග්‍රහයකි.

මෙය සැබවින්ම සැබෑ ලෝකයත් මනක්කල්පිත ලෝකයත් අතර සැරිසරන රෝමාන්තික ශානරයේ කතාවකි.එමෙන්ම ආදරය පසුපස හඹා යන , එකට වෙලුනු චරිත වලින් පිරුණු ආදරණිය කතාවකි.ආදරය කොතැනද  , එතන වෙනස්වීම් , එපා වීම් ,කලකිරීම් සහ ඊරිසියාව එකට බැඳී සම්මිශ්‍රණය වී ඇත.මෙහිදී චරිත අතරමන් වන අතර , වැඩිහිටියකුගේ හෝ දැනුම ඇති පුද්ගලයකුගේ මග පෙන්වීමක් අවශ්‍ය වේ.තමා යායුතු නිසිමගද නොදැන බාල  කාලයේදීම අනුන්ගේ ජිවිත වලට තීරණ දීමට ඉදිරිපත් වීමේ දුර්විපාකයට මුහුණ දෙන එමා , පිරිමින්ගේ අවධානයට ලක් වේ.මෙම නවකතාවේ ඇයට හා අනෙක් චරිත වලට මගපෙන්වන්නකු ලෙස අවසානයේදී අසල්වැසියකු හා එමාගේ මස්සිනාගේ සොයුරා වූ අත්දැකීම් සහිත උගත් බුද්ධිමත් නයිට්ලී මහතා කටයුතු කරයි. හැරියට් ට ගැලපෙන  විවහා යෝජනාවක් පැමිණි විට එය ප්‍රතික්ෂේප කර ඊට වඩා විකල්පයකට යන ලෙස එමා බලපෑම් එල්ල කරයි.

"එයා හිටපු එයාට ගැලපෙන සාමාන්‍ය සමාජයට පයින් ගහලා ඉහළ  සමාජයක  බින්න බහින්න එයාට වුවමනාවක් තිබුනේ නැහැ.ඔයා තමයි ඒ වගේ හිස් අදහස් දාලා ඒ කෙල්ලගේ ඔලුව නරක කලේ ඔයා. හැරියට් ට කලේ යහපතක් නෙමෙයි."නයිට්ලි  මහතාගේ මෙම වචන අදට පවා පොදු බොහෝ කරුණු කැටිකර දක්වයි.

මෙහිදී ජේන් ඔගස්ටින්ගේ විවිධ චරිත ස්වාභාවයන්ගෙන් හෙබි මිනිසුන් ආදරය සමග ගණුදෙනු කරන ආකාරය ,එම චරිත වල සිත් හි ඇතිවන ඝට්ටනයන් හා සමාජීය තත්වයන් පිලිබඳ වූ විචල්‍ය දැනුම අපුරුවට එක්තැන් කල වෘතාන්තයක් බව මොනවට පැහැදිලි වන කරුණකි.මෙම පොතෙහි ඇති විවිධ චරිත අතර මුණගැසීම් , විවාහා ආරාධනා හා ඒවායේ ප්‍රතිපල එකිනෙක අනාවරණය කිරීම මුලාව සහ බලාපොරොත්තු බිඳවැටීම්  කතාව කියවීම කෙරෙහි පාඨක සිත් ඇඳ බැඳ තබා ගනී.

මෙම ග්‍රන්ථය ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් සහ සරල බසකින් ගලාගෙන යන ආකරය අපට හොදින් දැකිය හැකි ලක්ෂණයකි.කතුවරිය විසින් මෙහිදී භාවිත කරන ලද උත්ප්‍රාසය සහ හාස්‍ය, රසවිඳින්නාව පොතට ඇඳ බැඳ තබා ගනී.