‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Monday, January 13, 2020

රිදී තරු වියන යට - ප්‍රියංකා කහවණුගොඩ

Image result for රිදී තරු වියන යට"
ගස්වැල් ,වන සතුන් ගහණ සුන්දර පරිසරයක් සහිත නිව්සවුත් වේල්ස්හි උපත ලද Thurley Fowler ලිවීමේ කළාව එම අලංකාර පරිසරයෙන් දායාද කරගත් දැරියක් වුවාය. පවුලේ උදවිය සමග ගොවිපලක ජිවත් වු ඇයගේ පළමු ළමා කතාව වුයේ"Wait for me "කෘතියයි.එය 1982 වසරේදී ඕස්ට්‍රේලියානු ළමා පොත් අතර හොඳම කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වුයේය.තෘලි සැමවිටම කුඩා දරුවන් අරබයා තම නිර්මාණයන් ඉදිරිපත් කල අතර "Green Wind" සහ "The Wind is Silver" යන යොවුන් නව කතා යුගල දරුවන් අතරේ මහත් ජනප්‍රියත්වයට පත් වුහ.මෙම කතාව ප්‍රියංකා කහවුණුගොඩ මහත්මිය විසින් "රිදී තරු වියන" යට නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.

Green Wind කෘතිය ඔස්සේ 1948 වසරේදී ප්‍රථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ 11හැවිරිදි ජෙනිෆර් ඇතුළු රොබින්සන් පවුලේ කතාව පාඨකයින්ට ලං කර ඇත.මොවුන් සියලුම දෙනා පලතුරු වගා කරන ගොවිබිම් ආශ්‍රිත ජනපදයක ජිවත් වන අතර අනිකුත් පවුල් වලට වඩා ගැටළු මැද ජිවත් වූහ.ජෙනිෆර් ,මාග්‍රට් ,ඇලෙක්සැන්ඩර් සහ රිචඩ් මෙම කුඩා පවුලේ දරුවන් වූ අතර මොවුන් එකිනෙකාගෙන් වෙනස් වූ කුසලතාවයන්ගෙන් සපිරුණු දරුවන් සිවුදෙනෙකි.

මේ කතාව ඔස්සේ ගොවිපල ආශ්‍රිත ජිවිතයේ අපුරු නිරුපණයක් දක්නට ලැබෙන අතර විශිෂ්ඨ සංවාදයන් ඇසුරින් කතාව ගලාගෙන යයි.ජෙනිෆර් යනු ආදරණිය චරිතයක් වන අතර සැමදෙනාටම උපකාර කරන සංවේදී නිර්ලෝභී චරිතයකි.මෙම කතාවේ සුවිශේෂිත්වය වන්නේ කතුවරයා විසින් චරිතයන්ගේ ගුණාංග පිලිබඳ මනා සැකසුමකින් යුතුව ඉදිරිපත් කිරීමයි.ජෙනිෆර් අන් අය ඇයට පවසන දේ හෝ ඇය පිලිබඳ සිතන දේවල් පිලිබඳ නොසිතා තම ජීවිතය ඉදිරියටම ගෙනයන චරිතයකි.ඇය ගොවිපලේ වාසය කරමින් ඇයගේ ඉදිරි අනාගතය පිලිබඳ සිහින දකියි.

ඇයට කාව්‍යමය ශෛලියකින් යුතු ලිවීමේ හැකියාවක් ඇති අතර පාසල් ළමුන්ගේ විහිලුවට ලක්වුනත් ඇය කිසිදින තමන්ගේ දක්ෂතාවය පසුබැස්මකට ලක් නොකරයි.ලිවීමට ඇති ආශාව සමගින් ඇය තම ජිවිතයේ මුහුණ දෙන සිදුවීම් යථාර්තවාදීව සහ ආකර්ෂණශිලිව තුලනය කරයි.එමෙන්ම මව මුහුණ දුන් අනතුරත් සමගින් ඇය තමා ගැන ආත්ම විශ්වාසයෙන් යුතුව තම පවුල රැකබලාගෙන එම දුෂ්කර සමය මහත් ධෛර්යකින් යුතුව ගෙවා දමයි.

එමෙන්ම වර්තමානයේදී නවීකරණයට ලක්වී ජනාවාස වුවත් ඕස්ට්‍රේලියාව  එදා අඩු පහසුකම් සහිත රටකි. මුලික පහසුකම් හෝ ලබා ගැනීමට ඔවුන් කරන සටනත් , ඒ සඳහා ඔවුන්ගේ සිතේ ඇති කර ගන්නාවූ ධෛර්යයත් ආත්ම විශ්වාසයත් මේ කතාව ඇසුරින් පාඨකයාට ලබා දෙන විශිෂ්ඨ ගුණාංගයයි.එමෙන්ම මෙම කුඩා දරුවන් මුහුණ පාන අභියෝග සහ ඔවුන් ඒවාට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නා අයුරුත් සම වයසේ යොවුන් දරු දැරියන් හතර දෙනාගේ සොයුරුදමත් , ඔවුන්ගේ එකිනෙකාට ඇති ලැදියාව සහ අන්යෝන්ය සම්බන්දතාවයත් ඉතාමත් ආදරණිය කතා පුවතක් රසික අප වෙත ගෙන හැර පාන්නේ සුන්දර ගලා යාමක් සමගිනි.

මොවුන් ගෙවන ජීවිතය ඉතාමත් අසීරු ස්වයං විශ්වාසනීයත්වයක් සහ ස්වයංපෝෂිතභාවයක් සහිත දුෂ්කර කාල පරිච්ජේදයකි.නමුදු මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් සර්ව සුභවාදී නෙතකින් ජීවිතය දෙස බැලීමයි.එමෙන්ම මොවුන් තම පවුලට දැඩි බැඳීමකින් බැඳී සිටියහ.සොබාදහම මොවුන්ට යම් යම් අවස්ථා වලදී අභියෝගයක් වුවත් ඔවුන් සැමවිටම සොබාදහමට සහ ඔවුන්ගේ වටපිටාවට ස්තුතිවන්ත වේ.එමෙන්ම ඔවුන් වටා ඇති සුන්දරත්වය සහ සොබාදහම මගින් ඔවුන්ට ලැබී ඇති දේට ත්‍යාගවන්ත වේ.එමෙන්ම ජෙනිෆර් ඇය වටා සිදුවන සිදුවීම් කෙරෙහි සහ ජිවත් වන ආකාරය පිලිබඳ දැඩි අවධානයකින් යුක්තව කටයුතු කිරීම මුළු කතාව පුරාම අපට දැකිය හැකි ලක්ෂණයකි.

මෙම කතාව තේමා කිහිපයකින් යුක්ත වන අතර අවධානම් දැරීම සහ ඔවුන්ගේ නොපසුබට උත්සාහය , ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම ,වෙහෙස වී වැඩ කිරීම , අවංක කම සහ කිකරුබව ,ඔවුන්ගේ ජිවන රටාව, තම පවුලට ඇති ලැදි බව ඒ අතරට ගැනේ. ආඛ්‍යාන ස්වරුපයෙන් ලියවී ඇති රිදී තරු වියන යට නව කතාව ජෙනිෆර් ගේ ඇසින් ඉදිරිපත් වේ.ඇයගේ දෘෂ්ටි කෝණය ආකර්ශනීය මෙන්ම යථාර්තවාදී ස්වරුපයක් ගනී.

ඉතාමත් සරල භාෂාවකින් මෙය රචනා කර ඇති අතර විචක්ෂණශීලි බවකින් හා සුහදත්වයකින් යුතු භාෂා රටාවක් උපයෝගී කරගෙන ඇති අතර ඔනෑම වයස් මට්ටමක රසිකයකුට කියවීමට සුදුසු පොතකි.


Wednesday, January 8, 2020

නූතන ඉන්දීය සාහිත්‍යයේ කාන්තා සළකුණ කමලා දාස්

1934 මාර්තු 31වන දින කමලා නායර් ලෙස උපත ලැබ විවාහයෙන් පසු කමලා දාස් නම් වී මාධවී කුට්ටි යන අන්වර්ථ නාමයෙන් ඉන්දීය සාහිත්‍ය කෙතට මහඟු සේවයක් කල මලයාලි ජාතික කමලා දාස් කමලා සුරයියා ලෙස අවසන් ගමන් ගිය ඇය තරුණ රැඩිකල්වාදී භාරතීය සෞර්දයන් අතර වඩාත් ජනප්‍රිය වූ කිවිඳියක් , නව කතා ,පුවත්පත් තීරු ලිපි සහ ග්‍රන්ථ රචිකාවක් ,චිත්‍ර  ශිල්පිනියක් මෙන්ම දේශපාලන නායිකාවක් ද විය. ඇය නියෝජනය කල මෙවැනි විවිධ භූමිකා තුලින් ස්ත්‍රියත්වයත් ආදරයත් පිලිබඳ ගවේෂණාත්මක අදහස් අතිශය අව්‍යාජ තත්වයකින් ඉදිරිපත් කල අතර මෙම කරුණු මුළුමහත් ඉන්දියාවේ කාන්තා පරපුරට පමණක් නොව , ආසියාතික බොහෝ රටවල කාන්තාවන්ට පොදු ලක්ෂණයක් බව හැඟේ.

සම්මානලාභී ඇයගේ දෙමවුපියන්ද ,මාමාද ලේඛකයන් වුහ.1964 වසරේදී කාව්‍ය නිර්මාණය සඳහා ආසියාතික Pen සම්මානයෙන් පිදුම් ලද ඇය 1969 වර්ෂයේදී මලයාලි බසින් ලියන ලද කෙටි කතා සංග්‍රහයක් ලෙසත් , කේරල ඇකඩමියෙන් ද සම්මාන ලැබුවාය.එමෙන්ම 1984දී සාහිත්‍ය පිලිබඳ නොබෙල් සම්මානය සඳහා නිර්දේශිත විය.

කමලා දාස් ගේ ලේඛන ජීවිතයේදී අව්‍යාජත්වය හෙළිකරන කෘතියක් ලෙස ඉංග්‍රීසි බසින් රචිත Alphabet of Lust නව කතාව හැඳින්විය හැකිය.අතිශයින් නිර්ධය ලෙස භාරතීය දේශපාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කරන මෙම නව කතාව භාරතයේ පමණක් නොව ලොව පුරා ආන්දෝලනයට පාත්‍ර වූ කෘතියකි.පද්මාවතී , The Harlot and Other Stories ඇයගේ නිර්මාණ අතර වැදගත් වන තවත් කෘතීන්ය.කමලා දාස්ගේ කාව්‍ය කෘතීන් අතර Summer in Calcutta(1965) The Descendants ,the Old Play House and Other Stories (1985) , Only the Soul knows How to sin (1996)යන පදය සංග්‍රහයන් ඈ අතින් බිහිවුන උසස් ගණයේ සාහිත්‍ය කෘතීන්ය.

කාන්තාවාදී ලේඛිකාවක වූ ඇය රචිත Summer in Calcuttaකවි සංග්‍රහය ඇයගේ මුල්ම නිර්මාණ සංග්‍රහය වූ අතර එය ඉන්දීය සාහිත්‍ය ලොව හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ. සංවේදී කාන්තාවක් වූ ඇය තම සිතේ සඟවාගෙන සිටි හැඟුම් සහ සිතුවිලි තම නිර්මාණ ඔස්සේ ලොවට හෙළිදරව් කළාය.මෙම කරුණු නිසාම ඇය නුතන ඉන්දීය සාහිත්‍යයේ මව යන නාමයටද හිමිකම් කීම විශේෂත්වයකි.

ඇයගේ පසුකාලින මලයාල සාහිත්‍ය කෘතීන් වන පලයන් (1990)නෙව්පයාසම් (1991) දාවරික්කුරිප්පුකල් (1992) යන නව කතාද ආන්දෝලනයට තුඩු දුන් ඒවාය.1999 වසරේදී ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇය ලෝක් සේවා නමින් තමාගේම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කලාය .

වයස අවුරුදු 15දී ඇයට වඩා සැහෙන තරම් වැඩිමල් පුද්ගලයකුට විවහා කර දුන් කමලා වයස දහසයේදී දරුවකු ලැබූ අතර දරුවන් තිදෙනෙකුගේ මවක් වුවාය.මෙම විවහා ජිවිතයෙන් ඇය ලැබූ අත්දැකීම් අතෘප්තිමත් භාවය ,අඟහිඟකම් , විවහා ජීවිතය නිසා සාහිත්‍යකරණයට වෙලාවක් නොලැබීම , ඉන්දියානු කාන්තාවගේ නිදහසක් නොමැති අවිවේකි ගෘහ ජීවිතය යන විවිධ පැතිකඩ ඇයගේ පොත් මගින් විවේචනයට ලක් කරයි.ඒ අතරම සැමියාගෙන් ඇගේ ලේඛන කලාවට ලැබුණු සහයෝගයද අගය කිරීමට ඇය පසුබට නොවුවාය.

"ඔයා දැන් මට ඉරිසියා කරන්න අරන් .ඔයාට ඕනා මුළු ජිවිත කාලය තුලම ගෙදර නවත්තගෙන මාළු ව්‍යංජන හදව ගන්න විතරයි.මම තව දුරටත් ඔයාගේ වහලියක් හැටියට ඉන්නේ නැතිවෙයි කියලා ඔයා බයයි.මම ඔයාගේ පාපිස්සනේ "

 ඇය කාන්තාවන්ට දෙන මෙම ආන්දෝලනාත්මක පණිවිඩය ගැන දෙවරක් සිතිය යුතුය.

ඇයගේ "My Grand Mothers House - මගේ අත්තම්මාගේ නිවාස"නමැති ඉංග්‍රීසි පද්‍ය ඇය කුඩාකල ගතකල ආච්චි අම්මාගේ නිවසේ පරිසරය ,හිතේ නිසකලංක බව හා සතුට පිළිඹිබු කරන අතර විවහා ජිවිතයෙන් පසු අහිමිවූ එම සතුට ගැන දුක්වන්නිය.