Thursday, March 11, 2021

අන්ධකාරයේ ත්‍රිකෝණය

 වසර ගණනක් තිස්සේ ගවේෂණය කිරීමට උත්සහ කලත් අන්ධකාරයේ ත්‍රිකෝණය වූ බර්මියුඩාවේ අභිරහස පිලිබඳ අභිරහස සොයා ගැනීමට වර්තමානය වන විටවත් ගවේශකයින්ට හැකියාවක් නොලැබී ඇත.උතුරු අත්ලාන්තික් සාගරයේ  එක්සත් ජනපදයේ ගිනිකොණ දිග උතුරු වෙරළ තිරයේ ,බර්මියුඩාවෙන් සහ මහා ඇන්ටිලස් දුපත්  සමුහයෙන් වටවී තිබේ.මෙහි ආසන්නතම භුමි ප්‍රදෙශය ආසන්නතම වශයෙන් වර්ග කිලෝ මීටර් 1300,000 වන අතර ත්‍රිකෝණාකාර හැඩයකට පිහිටා තිබීම සුවිශේෂ ලක්ෂණය වේ.1505 දී ජුවාන් ඩි බර්මියුඩා ස් නම් ස්පාඥ ජාතිකයා විසින් මෙය සොයා ගන්නා ලදී.



මෙම ප්‍රදේශය ලෝක සිතියමේ නොපෙන්වන අතර භූගෝලීය සමීක්ෂණ වලට සම්බන්ධ එක්සත් ජනපද මණ්ඩලය බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් කලාපයේ නිල කලාපයක් ලෙස නම් කර නැත.19 වන සියවස මැද භාගය දක්වා මෙම කලාපයේ සිදුවන අත්භූත සිදුවීම් පිලිබඳ විවිධ සිදුවීම් අසන්නට ලැබුනද 1864 වන තෙක් බර්මියුඩා ත්‍රිකෝණය යන නාමය භාවිතයට නොගත්හ,මෙම යෙදුම මුලින්ම සඳහන් වුයේ 1864 දී පල්ප් නම් සගරාවකය.ඒ කාලය තුලම මෙම ප්‍රදේශය අසල අමුතු සිදුවීම් දක්නට ලැබී තිබුන අතර ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ගිනිදැල් දක්නට ලැබුණු බව කියා ඇත.මෙම ප්‍රදේශය අසලදී අතුරුදහන් වූ පුද්ගලයින් ගණන 1000 කට වැඩිය.

බර්මියුඩා ත්‍රිකෝණය උත්තර අක්ෂාංශ 25 සහ බටහිර දේශාංශ 71 කැපෙන සීමාව අවට පිහිටා ඇති අතර උතුරු ඇමරිකාවේ මියාමි වෙරළට නැගෙනහිරින් පිහිටා ඇත.

1918 මාර්තු මාසයේදී බ්‍රසීලයේ සිට මේරිලන්ඩ් හි බ්ලටිමෝර් දක්වා යමින් සිටි USS CYPLOS බර්මියුඩා ව තුලදී අතුරුදහන් විය.ඉන් වසර 27 කට පසුව ඇමරිකානු ලුයිට් බෝම්බකරුවන්බලකායක් රැගත්  චාල්ස් කැරොල් ට්‍රේලර් ගුවන් යානය බර්මියුඩා ගුවන් කලාපයේදී අතුරුදහන් විය.

1945 දී ඇමරිකානු යුද නාවික හමුදාවට අයත් ගුවන් යානා 5ක් මේ හරහා පියාසර කර ඇති අතර එක්වරම ගුවන් යානා පාලක මැදිරිය හා තිබුන සම්බන්ධතාවය බිඳීගොස් ඇත.ඉන්පසු ඒ ගැන සෙවීමට යැව් ඊළඟ ගුවන්යානයෙන් එක්වරම පැමිණි පණිවිඩයේ සඳහන් වී තිබෙන්නේ 

        "මගේ ගුවන් යානයට උඩින් අහසේ අමුතු හැඩයක දෙයක් තිබෙනවා.මට දැන් යානය පාලනය කර ගන්න බැහැ .ගුවන් යානය.... යනුවෙනි.ඒ වගේම ටොන් 19000 ක් බර මගී නෞකාවක් සහ තවත් නෞකා 5ක් පමණ මෙහිදී අතුරුදහන් වී තිබේ.මේ පිළිබඳව ගවේෂණය කල විද්‍යාඥයින් පවසන්නේ බර්මියුඩා ව තුළ අතුරුදහන් වූ අය අතර කිසිවෙකුටත් ජිවත් වීමට අවස්ථාවක් නොතිබූ බවත්කතා කල හැකි කුරුල්ලන් පවා අතුරුදහන් වූ බවත්ය.මගින් 400ක් පමණ ගමන් ගත් එක් නෞකාවකින් ලැබුන අනතුරු සංඥාවක් අනුව අසල තිබු වෙනත් නෞකාවක නාවික භට පිරිසක් පාවෙමින් තිබු නෞකාවට පැමිණ තිබේ.ඔවුනට දක්නට ලැබුනේ පුදුම සහගත සිදුවීමකි,පිළියෙළ කල කෑම මේස මත දුම් දමමින් තිබු අතර සියලුම මගින් අතුරුදහන් වී තිබුණි.එමෙන්ම කුඩුවල සිටි කතා කල හැකි ගිරවුන්ද අතුරුදහන්ව තිබු අතර කතා කල නොහැකි පක්ෂීන් පමණක් ඉතිරිව තිබුණි

බර්මියුඩා ත්‍රිකෝණය තුල අතුරුදහන් වූ සියලුම ගුවන් යානා සහ නෞකා වලින් ලැබුන අවසාන පණිවිඩ වල සඳහන් වන්නේ

         "අවට පරිසරය කහ පැහැති එළියකින් වැසි යනවා අපට යානා පාලනය කරගන්න බැහැ.." යන්නය.

මෙම අභිරහස ගැන පවසන විද්‍යාඥයින් පවසන්නේ කතා කිරීමට හැකියාව ඇති කිසිඳු ජීවියෙකුට පණ පිටින් පැමිණීමට ඉඩක් නොතිබීම මෙහි විශේෂත්වය බවයි.

චාර්ල්ස් බර්ලිට්ස් නම් කතුවරයා රචිත කෘතීන් අතරින් වඩාත්ම ප්‍රචලිත වුයේ 1974 දී රචිත බර්මියුඩා ත්‍රිකෝණය නම් කෘතියයි.ඒ ඔස්සේ බර්මියුඩාව අතුරුදහන් වූ ඇට්ලාන්ට්ස් දුපතට සම්බන්ධ බව සඳහන් කොට ඇත.සමහර විචාරකයින්  පවසන්නේ ඇමරිකාව අසල පිහිටා ඇති මෙම කලාපය අභ්‍යවකාශ පරීක්ෂණ සඳහා යොදා ගන්නා කලාපයක් බවත් ,මෙය අනෙක් ලෝකයාගෙන් වසන් කිරීමට නිර්මාණය කරන ලද මාධ්‍ය ප්‍රචාරයක් බවත්ය. 

සමහර විද්‍යාඥයින්ට අනුව මෙම ත්‍රිකෝණය අසල ප්‍රදේශය විශාල ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත ප්‍රදේශයකි.ඒ බව ගිලිණු යානා වලින්එකදු තෙල් බින්දුවක් හෝ මුහුදට කාන්දු නොවීමෙන් වටහා ගත හැකි වේ.එවැනිම තව මතකයක් වන්නේ මෙම කලාපයෙන් මීතේන් වායුව විදාරණය වන බවයි.ඒ හේතුවෙන් ගිලෙන නෞකා නොකැඩි නොගිලෙන බවත් ඒ හේතුවෙන් තෙල් කාන්දු නොවන බවත්ය,එමෙන්ම පිටසක්වල ජිවින්ගේ බලපෑමක් හේතුවෙන් මෙම අතුරුදහන් වීම් සිදුවන බවත් ද  කියවේ.එමෙන්ම මෙම ප්‍රදේශයේ ඇති නිවැරදි ජ්‍යාමිතික හැඩය ද මෙයට හේතුවක් වන බව සමහර විද්‍යාඥයින්ගේ මතය වේ.

WWF සංවිධානය මගින් 2013 දී සමුද්‍රීය නැව් මාර්ග පිලිබඳ අධ්‍යයනයක් කල අතර ඔවුන්ට අනුව  ඇගොනික් රේඛාව යනු පෘතුවියේ සැබෑ උතුර සහ චුම්භක උතුර පෙළ ගැසෙන ස්ථානය වන අතර සමහර අවස්ථා වලදී බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරයි.බර්මියුඩා ත්‍රිකෝණය නිරන්තරවම සුළි කුණාටු සහ නිවර්තන වැසි කුණාටු වලට භාජනය වන කලාපයකි.අත්ලාන්තික් සාගරයේ ගැඹුරුම ස්ථානය වන මිල්වෞකි තුඩුව ද පිහිටා ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝණයේ ය.එහි ගැඹුර මීටර් 8380කි.

විලියම් ශ්‍රේෂ්ඨ කතුවර විලියම් ශේක්ස්පියර් විසින් රචනා කරන ලද The Tempest නාට්‍ය බර්මියුඩා වේ සැඟව ගිය නෞකාවක් අලලා නිර්මාණය කල බවක් කියවේ,1950 දී Ap නම් පුවත්පත් කතෘවරයකු වූ එඩ්වර්ඩ් ජෝන්ස් මේ ගැන සඳහන් කර ඇති අතර ,ඉන් වසර දෙකකට පසු ජෝජ් x වැන්ස් Fate පුවත්පතේ ද සඳහන් කර ඇත.

බර්මියුඩා ත්‍රිකෝණය නුතන දියුණු විද්‍යාවෙන් පවා අනාවරණය කරගත නොහැකි රහස් රාශියක් තවමත්  සඟවාගෙන සිටි.






සොබාදහම විසින් ඕස්ට්‍රේලියාවට ලැබ දී ඇති ඇයගේ අපුර්වතම නිර්මාණය

 සොබාදහම විසින් ඕස්ට්‍රේලියාවට ලැබ දී ඇති ඇයගේ අපුර්වතම නිර්මාණය නම් මහා බාධක කොරල් පරයයි.වසරක් පාසා දසලක්ෂ ගණනක් දේශීය, විදේශීය සංචාරකයෝ මෙම කොරල් පර නැරඹීමට පැමිණෙති.
මෝරුන්,තල්මසුන් වැනි විවිධ පාටැතිමසුන් ,තිත් සහිත කැස්බෑවුන් අතර පිහිනීම ,කිමිදීම මෙන්ම වීදුරු පතුළ සහිත බෝට්ටුවක ,හෙලිකොප්ටරයක හෝ මුහුදු යානයක  සිට මුහුදු පතුලේ අසිරිය නැරඹීමට ඔවුනට හැකියාව ලැබේ.
මෙම කොරල්පර පමණක් නොව ඕස්ට්‍රේලියාවේ මහද්වීප ලෝකයේ උතුරු , බටහිර සහ දකුණු කොටස්වලද විවිධ පරිසර පද්ධති දැකිය හැකිය.


කිලෝමීටර් 2300 ක් දිගින් යුතු මහා බාධක කොරල් පරය මත්ස්‍ය වර්ග 1600 කට, කොරල් වර්ග 411 කට මෘදු කොරල් වර්ග 150 කට තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍ය වර්ග 30 කාටද කැස්බෑවුන් වර්ග රාශියකට ද
හිමිකම් කියන වාස භූමියක් වෙයි.මනේ මහා බාධක කොරල් පරය ඕස්ට්‍රේලියාවේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්හි 2/3 ක් සහ වසා පැතිරෙන අතර මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී  විශ්මිත මෙන්ම බියකරු කරුණුද
හෙළිකර ගත හැකිය.Cairns සසග Airlie Beach මෙම කොරල් පර යට ඇතුල් විය හැකි ප්‍රධාන ක්‍රම  වේ, කොරල්පර අතර පිහිටි  හේමන් (Hayman) සහ Day Dream දූපත් ඉස්තරම් නිවාඩු නිකේතන පිහිටා ඇති මධ්‍යස්ථාන වේ.නිරක්ෂිය උතුරු

වෙරළට වඩා අලුත්ම අත්දැකීමක් දකුණු කලාපයේදී දැකිය හැක. (Lady Elliot) කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් වන අතර නිශ්චල වෙළාර තීර 17කින් යුක්ත වන අතර නිශ්චල වෙරළ 17කින් යුක්තය.එමෙන්ම මෙය කැස්බෑවුන්ගේ ජිවන චක්‍රයේ විවිධ අවස්ථා ලංවී නැරඹීමට හැකි කදිම  තෝතැන්නකි
.image.png


පර්ත් නගරයේ සිට කිලෝමීටර් 777ක්  දුරින් පිහිටි (Ningaloo Marina Park),සිත්කළු නාවික උද්‍යානය මෙම කොරල් පරයේ තවත් අසිරිමත් ස්ථානයකි.මෙය කිලෝමීටර් 260ක් දිගකින් යුක්ත වන කොරල් පරයකි.කැස්බෑවුන් ,මොල්ලිය සහිත තල්මසුන්, සාමුහිකව සංචරණය කරන කැස්බෑවුන් සහිත කලාපයකි.මෙම තීරයේ සෑම වසරකම අප්‍රේල් සිට ජුලි දක්වා කාලය ඉතාමත් ක්‍රියාශීලි සහ වැදැගත් වකවානුවක් වේ,මන්ද යෝධ තල්මසුන් ගොඩබිම අසලට එක්රැස් වන බැවිනි,මෙම තල්මසකු සමග පිහිනීම ජිවිතයේ මනස්කාන්ත දසුනක් සහ මතකයක් වනු ඇත.එමෙන්ම පිහිනුම් කරුවන්  මෙම සතුන්ගේ උපරිම ආරක්ෂාව සැලැස්වීමටද බැඳී සිටිය යුතුය.


මෙය ලෝකයේ විශාලතම කොරල්පරය වන අතර උතුරු ඕස්ට්‍රේලියාවට ආසන්නව පැසිෆික් සාගරයේ පිහිටා තිබේ.යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතිවිශාල ජෛව විවිධත්වයයකින් යුතු මෙම කලාපය
දක්ෂිණ අක්ෂාංශ 18-28 අතරත් සහ නැගෙනහිර දේශාංශ 147- 169 අතර පිහිටා ඇත.එමෙන්ම සංචාරක ව්‍යාපාරය නිසා ඕස්ට්‍රේලියාවේ ධන උල්පතක් බවට පත්ව ඇති මෙම මනරම් මුහුදු කලාපය මුහුදු තිරය වාර්ෂිකව බිලියන 56.4කත වඩා උපයා දෙන අතර 6400ක ට අධික ජන සංඛ්‍යාවකට ස්ථිර රැකියාද තවත්දසදහස් ගණනකට තාවකාලික රැකියාද සපයයි.කොරල්පරය ආශ්‍රිතව දූපත් 900ක් පමණ පිහිටා තිබීමද මෙහි ඇති වාසිදායක  විශේෂත්වයකි. Whitsunday ,Hazard
සහ Heron මින් ප්‍රධාන දුපත්වේ.

ක්‍රිව 1770 දී බ්‍රිතාන්‍ය දේශ ගවේෂක ජේම්ස් කුක් මෙම කොරල්පරය වටා සංචාරය  කිරීමෙන් අනතරුව ලොව අවධානය මේ සඳහා යොමුවූ අතර 1928 - 1929 කාලයේදී කල ගවේෂණ වලින් කරුණු රාශියක් අනාවරණය විය.
 පාරිසරික විනාශය ලොව අනෙකුත් ස්වභාවික සම්ප්වත්වලට මෙන්ම මෙමකොරල් පරයටද බලපාමින් තිබේ.1995 වසරේ සිට ඇතිවූ මුහුදු උෂ්ණත්වය වැඩිවීම කොරල්පර වලින්  අඩක් පමණ විනාශයට පත්වෙමින් තිබෙන අතර පාරිසරික සංවිධාන මෙම විනාශය වැලක්වීමට විවිධ පියවර ගනිමින් පවති.



Tuesday, March 9, 2021

ඇතිනා දෙව් විමන යලිත් ගිණි ගනී

 ග්‍රීකයන් රසවත් දේවකතා සහ ජන කතා විශ්ව සාහිත්‍යයට එක් කල ජාතියකි.ග්‍රීක ජනවහරට අනුව යුද්ධයට, ගින්දරට සහ අවි ආයුධ වලට අධිපති ඇතිනා දෙවගනගේ වාස භවනය ලෙස සලකන "ඇට්නා ගිණි කන්ද මිට දින කිහිපයකට පෙර සක්‍රිය වීම ඇරඹුණි.

ජනකතා වලට අනුව මෙම ගිණි කන්ද පිලිබඳ විවිධ මත පවතින අතර .ඇතිනා , සියුස් දෙවියාගේ දියණියයි.පෘතුවියේ සහ අභ්‍යවකාශයේ දරුවකු ලෙස පහලවූ එන්ක් ලෝඩ්ස් නමැති යෝධයා ඇතිනා ගේ පරම සතුරා වූ අතර එක් කලෙක ,යෝධයා සහ දෙවිවරුන් අතර සටනක් ඇතිවිය.මෙහිදී මරණයට පත් යෝධයා ඇට්නා කන්ද පතුලේ ,මිහිදන් කල බවත් ඔහු කෑගසන වාරයක් පාසා ගිණි කන්ද පුපුරා යන බවත් ,ජන වහරෙහි කියවේ.


දෙවියන්ගේ වාස භවනයට ගිණි ඇවිලෙන්නේ කෙතරම් අභාග්‍යසම්පන්න කාලයකද ?ඇත්තෙන්ම ඉතාලිය කොරෝනා වෛරසයෙන් පිඩා විඳිද්දී සිසිලි දුපතේ පිහිටි ඇට්නා ගිණි කන්ද දින කීපයකට පෙර සක්‍රිය වී දුම් අළු සහ ලාවා නිකුත් කිරීමට පටන් ගෙන ඇත.මේ ජන ජීවිතය කෙරෙහිද පරිසරයටද බෝග වගාවන්ට ද විශාල බලපෑමක් ඇති කරයි.

ඉතාලියට දකුණු දිගින් පිහිටි සිසිලි දුපතේ නැගෙනහිර වෙරල කලාපයේ මීටර් 3320ක් උසැති එට්නා ගිණි කන්ද පිහිටා ඇත .මේ යුරෝපයේ පිහිටි වඩාත්ම සක්‍රිය වන, උසින් වැඩිම ගිණි කන්ද වන අතර වරින් වර විදාරණය වන ලාවා තැන්පත් වීමෙන් උස වැඩි වේ.එමෙන්ම පස් බිඳවැටීම් නිසා කලින් කලට උස මට්ටම අඩු වීමක්ද සිදුවේ.ඇට්නා ගිණි කන්ද වර්ග කිලෝ මීටර් 1600ක් පුරා පැතිර පවත්නා අතර ,වැඩිම විෂ්කම්භය  කිලෝ මීටර් 1150කි.

ඇට්නා නිරතුරුවම විදරණයට ලක්වන ගිණි කන්දක් නිසා 19 වන සියවසේ මැද භාගයේ සිට පුළුල් වශයෙන් මේ පිළිබඳව පර්යේෂණ කරන අතර කැන්ටෙනියා , කාසා ඇතිනා සහ කැන්ටෝනිරා යන ස්ථාන වල පර්යේෂණාගාර ස්ථානගත කරන ලදී.භූගෝලීය සාධක වලට අනුව ඇට්නා වසර දසලක්ෂ 2.6ක කාලයක සිට විටින් විට සක්‍රිය වෙමින් පැවති.ලාවා විධාරණය මුව විට රාශියක් දක්නට ඇති අතර කේතු ආකාර දැදුරු මාධ්‍ය සහ පහල ප්‍රදේශවල දැකිය හැකිය.ගිණි කන්දෙහි වත්මන් පෙනුම අවසාන ලාවා විධාරණ අවස්ථා දෙක නිසා නිර්මාණය වී ඇත .


ඓතිහාසික කරුණු වලට අනුව ක්‍රිස්තු පුර්ව  475 දී සහ 396 දී විශාල භූචලන දෙකක් වූ සිදුවූ බව කියවේ.ක්‍රිස්තුවර්ෂ 1381 ඇතිවූ ලාවා විධාරණයේදී කිලෝමීටර් 16ක් දුරට අයෝනියන් මුහුද දක්වා ලාවා ගැලීමක් සිදුවිය.ක්‍රිස්තුවර්ෂ 1669 මාර්තු සිට ජුලි දක්වා සිදුවූ විදාරණයේ මීටර් දසලක්ෂ අටසිය තිහක ලාවා ධාරිතාවක් ගලා ඒමෙන් ගම් විශාල සංඛ්‍යාවක් විනාසයට පත්විය.

ක්‍රිස්තුවර්ෂ 1852 දී සිදුවූ ලාවා විධාරණයෙන් සිසිලියේ වනාන්තර සහ ගම් රාශියක්ද සැප්රානා (zafferane) නගරයද විනාශ විය.1908 සිට 1928 දක්වා ලාවා පිපුරුම් 16ක් සිදුවූ අතර ඉතාලියේ පලතුරු වතු සහ මිදී වගාව විශාල වශයෙන් විනාශයට පත් විය.1986 ,1999 ,වසර වලද මෙම කන්ද සක්‍රිය වූ අතර 2002 -2019 දක්වා ලාවා විදාරණ 7ක් සිදුවිය,

ඇට්නා ගිනිකන්ද කෙතරම් විනාශකාරී වුවද ග්‍රීක ජාතිකයින් විසින් ආර්ථිකමය සම්පතක් කර ගැනීමට උත්සහ ගෙන ඇත.මෙම කඳු ප්‍රදේශය පාරිසරික ,විද්‍යාත්මක කලාප තුනකින් යුක්ත වන අතර පළමු කලාපය මීටර් 915 කට වඩා උසකින් පිහිටා ඇත.එම කලාපය සරු මිදී ,ඔලිව් සහ සිට්‍රස් වගාවන්ගෙන් යුක්ත වන අතර ජනගහණ ඝනත්වය අඩුය.උස කඳු ප්‍රදේශ චෙස්නට් ,බිජ් ,ඕක් , පයින් ,බර්ජ් වැනි ගස් සහිත වනාන්තර වලින් යුක්තය.අඩි6500ට වඩා උස කලාපය අළු, වැලි ,ලාවා තට්ටු සහ යබොර කැබලි වලින් නිර්මිතය.,මීටරයකට වඩා උසින් අඩු ස්පයිනෝ, සැන්ඩෝ වැනි පඳුරු මෙම කලාපයෙහි පිහිටා ඇත.

සොභාදහම වෙනස් කරමින් ලෝකය  ජයගැනීමට උත්සහ කරන මිනිසාට තවදුරටත් අභියෝගයක් වෙමින් තවදුරටත් එට්නා ගිණි කන්ද ක්‍රියාකරනු ඇත.