Saturday, May 29, 2021

එවරස්ට් තරණය කල එඩ්මන්ඩ් හිලරි



එවරස්ට් තරණය කිරීමට බොහෝ දෙනෙක් උත්සහ කලත් පළමු හිමාලය තරණය කල ගවේශකයා ලෙස විරුදාවලිය ලබන්නේ 1953 මැයි 25 වන දින පෙරවරු 11 .30 ට කන්ද මුදුනට ගිය එඩ්මන්ඩ් හිලරිය.ඔහු නවසිලන්ත ජාතිකයකු වන අතර ඔහුගේ සහයට නේපාල ජාතික ෂර්පා ටෙන්සිං නොර්ගේ ද හිමාල තරණයට එක්විය.

එවරස්ට් කන්ද පෘතුවියේ ඉහලම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 20,035 උසිනි පිහිටියේය.ජුනි 2වෙනි දින එනම් දෙවෙනි  එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය දිනයේ මෙම පුවත ලොව පුරා පැතිර ගිය අතර බ්‍රිතාන්‍යයන් එය ස්වකිය රටේ අනාගතයට සුබ ලකුණක් ලෙස සැලකුහ.

නේපාලය සහ ටිබෙටය අතර ඇති මායිමේ පිහිටා ඇති එවරස්ට් කන්ද ආසියාවේ මහා හිමලයා කඳුවැටියේ කොටසක් වේ.ටිබෙට්  ජාතිකයින් විසින් 19වැනි  සියවසේ දකුණු ආසියාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය මිනින්දෝරුවකු වූ ශ්‍රීමත් ජෝර්ජ් එවරස්ට් ගේ නමින් චෝමෝ ලුන්ග්මා නොහොත් දේශයේ මවු දේවතාවිය යන්නෙන්  නම් කරන ලදී.

එවරස්ට් කඳු මුදුන පෘතුවි වායුගෝලයේ වාතය සිසාරා පැතිර යන අතර එය ජෙට් යානා වල උන්නතාංශය සහ එහි ඔක්සිජන් මට්ටම  මේ කලාපයේදී ඉතාමත් වේගයෙන් අඩුවේ.ඉතාමත් අඩු උෂ්ණත්වයක් සහිත අතිශයින් සිතල කිසිවකුත් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත වාතාවරණයක් මෙහිදී නිර්මාණය වේ.

1921 දී බ්‍රිතාන්‍ය ගවේෂණ සංගමය මගින් ටිබෙට් සානුව හරහා සැතපුම් 400ක ගවේෂණයක් ආරම්භ කල අතර එවරස්ට් කන්ද පාමුල තෙක් ගමන් කලෝය,නමුදු හමා ආ දරුණු කුණාටුවක් හේතුවෙන් එම ගමන අතරමග නැවත්වීමට සිදුවූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ සිටි කඳු නගිනකු වූ  ජෝර්ජ් ලි මල්ලොරි කඳු මුදුණය යා හැකි මාර්ගයක් සොයා ගන්නා ලදී.මල්ලොරිගේ දෙවන ගවේෂණය 1922 දී සිදුවූ අතර ජෝර්ජ් ෆින්ච් සහ ජෙෆරි බ්රුස් අඩි 27000 ක් උසට කඳු මුදුනට නැග්ගහ.එම වසරේදීම මල්ලොරි විසින් නැවතත් උත්සහ කල අතර එම  ගමනේදී හිම කුණාටුවකට අසුවී ඔහු සමග ගිය ශර්පාවරුන් 7 දෙනෙකු මිය ගියහ.

මෙහිදී ෂර්පා වරුන් කවුරුන්ද යයි  ගතහොත් මොවුන් කුම්ඹු ප්‍රදේශයට ආවේණික ජන කොට්ඨාශයකි.හිමාලය කඳු නැගීමට සහ කඳු නැගීමට අත්‍යවශ්‍ය වන සහය ලබා දීමට මොවුන් පැමිණෙන අතර මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ විසල් ශක්තියකින් යුක්ත වීම සහ මොවුන් සතු ඉහල උන්නතාංශ දරා ගැනීමේ ප්‍රබල හැකියාවයි.

1924 දී තුන්වන වරටත් බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම එවරස්ට් තරණය ඇරඹු අතර එඩ්වර්ඩ් නෝටන් විසින් කෘතීම ඔක්සිජන් භාවිතා නොකර අඩි 28,128ක උන්නතාංශයකට ලඟා විය.දින 4 කට පසු මල්ලොරිගේ සහ ඇන්දෘ අයිවන්ගේ ගමනාරම්භය සිදුවූ අතර ඔවුන් පිලිබඳ කිසිඳු ආරංචියක් නොලැබුණි.පසුව 1999 දී  මල්ලොරිගේ මල සිරුර කඳු මුදුනේ කොටසක තිබී හමුවූ අතර ඔහු මියගොස් තිබුනේ වැටීමකින් සිදුවූ අස්ථි බිඳීමක් හේතු කොටගෙනය.

ටිබෙටයේ ඊසාන දිග රිජ් මාර්ගය ඔස්සේ තවත් අසාර්ථක ගවේෂණයන් කිහිපයක් සිදුවූ අතර දෙවන ලෝක යුද්දයෙන් පසුව ටිබෙටය විදේශිකයින්ට පැමිණීමට තහනම් කරන ලදී.නැවතත් 1945 දී නේපාලය බාහිර ලොවට විවර වූ වීමත් සමග 1951 දී නැවතත් ගවේෂණ කටයුතු ආරම්භ විය.1952 දී ස්විස්ටර්ලන්ත කණ්ඩායමක්  විසින් අනතුරුදායක කුම්බු අයිස් කන්ද තෙක් ගිය අතර රේමන්ඩ් ලැම්බර්ට් සහ ටෙන්සින් නෝර් අඩි 28 ,210ක් උසට නැග්ගමුත් එය සාර්ථක නොවිය. මොවුන් කඳු මුදුන ආසන්නයටම ගොස් අසාර්ථකව පැමිණීම ගැන අසා කණස්සලට පත්වූ කර්නල් ජෝන් හන්ට්ගේ අණ පරිදි 1953 දී බ්‍රිතාන්‍යයන් කණ්ඩායමක් නැවත කඳු තරණය ආරම්භ කලෝය.දක්ෂ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් සහ ටෙන්සි නොර්ගේ වැනි පළපුරුදු ෂර්පා ලට අමතරව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දක්ෂතමයන් වූ ජෝර්ජ් ලොව්, එඩ්මන්ඩ් හිලරි වැන්නවුන්ද බඳවා ගත්හ.මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට විශේෂයෙන් පරිවරණය කර නිපදවන ලද බුට් සහ ඇඳුම් මෙන්ම අතේ ගෙනයා හැකි ගුවන් විදුලි යන්ත්‍ර ද විවෘත හා සංවෘත පරිපථ ඔක්සිජන් පද්ධති ද ලබා දුන්හ.

තැනින් තැන කඳවුරු බැඳගත් මොවුන් කුම්බු ඇල්ල හරහා නව මාර්ග සොයා ගනිමින් කඳු මුදුනට ගමන් ආරම්භ කරන ලදී.බටහිර සිවිඑම් ලෝට්ස් තුඩ හරහා සහ අඩි 26000ක් උස දකුණු කෝල් හරහා ගමනරම්හ කල අතර මැයි 26 වන දින චාල්ස් එවන්ස් සහ ටොම්බොර්ඩිලන් පළමු වරට කඳු මුදුනේ සිට අඩි 300ක් දුරට ගොස් ඔවුන් සතු ඔක්සිජන් කට්ටලයේ සිදුවූ අක්‍රමිකතාවයක් හේතුවෙන් නැවතත් පැමිණියහ.

මැයි 28 වන දින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් අඩි 27900 ක උසින් කඳවුරක් බැඳගත් අතර නිදි නැති රැයකින් පසුව පෙරවරු 9 පමණ වන විට දකුණු ශිඛරයට පැමිණියහ.එය අඩි 40ක පමණ පැතලි ගල් පරයක් විය.පසුව පස්වරු 11 වන විට ඔවුන් දෙදෙනා එවරස්ට් කඳු මුදුනට පැමිණියහ.

සාර්ථකත්වයේ පණිවිඩය මුලික කඳවුරෙන් නැම්චේ බසාර්හි ගුවන්විදුලි සම්ප්‍රේෂනාගරයට දුන් අතර පසුව කේතගත පණිවිඩයක් ඔස්සේ ලන්ඩනයට යවන ලදී.එම වසර අග බාගයේදී ඔවුන් ලද ජයරග්‍රහණය හේතුවෙන් හිලරි සහ හන්ට් රැජිණගෙන් නයිට් පදවි ලැබුහ.

හිලරිගේ සහ නොර්ගේ එවරස්ට් ගවේෂණයෙන් පසු බොහෝ කණ්ඩායම් මෙහි පැමිණි අතර 1960 දී ජේම්ස් විට්ටකර් එවරස්ට් තරණය කල පළමු ඇමරිකානුවා විය.1975 දී ජපානයේ ටබෙයි ජුන්කෝ එවරස්ට් නැගී පළමු ජපන් ජාතික කාන්තාව ලෙස නම් දැරිය.

 නමුදු අවාසනාවකට එවරස්ට් තරණය කිරීමේදී ඔක්සිජන් මදිවීම, අධික ශීතල දරා ගැනීමට නොහැකිව මේ වන විට කඳු නගින්නන් 300 කට අධික ප්‍රමාණයක් මිය ගීස් ඇත.

1996 දී මිට සම්බන්ධිත විශාලතම ඛේදවාචකය සිදුවූ අතර එනම්  කඳු බෑවුමකට හිරවීමෙන් කඳු නගින්නන් 8 දෙනෙකු මිය යාමයි.ඉන්පසු 2013 දී යුරෝපිය කඳු නගින්නන් තිදෙනෙකු හා ශර්පාවරුන් 100 කට වැඩි පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් විසල් සංඛ්‍යාවක් මිය ගියහ.2015 අප්‍රේල් 25 වන දින සිදුවූ 7.8 ක භූමිකම්පාවක් නිසා එහි කඳවුරු ලාගෙන සිටි 19 දෙනෙකු මිය ගියහ.












Wednesday, May 19, 2021

විසාල නුවරක් වූ අසිරිමත් දිල්ලිය



අසිරිමත් දිල්ලි නගරය භාරතයේ අගනුවරයි.අතීතයේ සිට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක නිජබිම වූ   උතුරු මධ්‍ය ඉන්දියාවේ යමුනා ගඟ අසබඩ  ඇති දිල්ලි නගරය ක්‍රිව.1911දි ඉන්දියාවේ අගනුවර ලෙස සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කරන ලදී,මිට පෙර ඉන්දියාවේ අගනුවර වුයේ කල්කටාවයි.

පැරණි දිල්ලි නගරය ඉන්දියාවේ ආර්ථික සහ දේශපාලනික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කල අතර මේ නගරයේ පිහිටීමේ ඇති සුවිශේෂී බව අගනගරය ලෙස පසුකලක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තෝරා ගැනීමට හේතු විය.ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි ශාස්ත්‍රපති භාවන,රතු බලකොටුව (අග්‍රා), පාර්ලිමේන්තුව , (Supreme Court) ශ්‍රේෂ්ඨාධිකරණය ,ඉන්දියාවේ ගේට්ටුව ලෙස හැඳින්වෙන නවදිල්ලියේ යුද්ධ ස්මාරක කුළුණ නගරයේ සුවිශේෂී ස්ථානයන්ය. දිල්ලි නගරයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී V වන ජෝර්ජ් අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව 1911 දී  මෙම අග නගරය ඉදි කිරීම ආරම්භ කලේය.බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී  Edwin Lutyens විසින් නවරය සැලසුම් කල අතර A.E.P. Grison සහ William Mustoe අතින් නගරයේ උද්‍යාන අලංකරණය සහ ගස් වැල් වැවීම සිදු විය.එකල ප්‍රතිරජයාගේ  මන්දිරය කොරෝනේෂන් උද්‍යානයේ  සාදන ලදී.

වර්ග කිලෝමීටර් 42.7 ක භුමි ප්‍රමාණයක් පුරා ඉන්දු ගංගා තැනිතලාවේ පැතිර ඇති මෙම ප්‍රදේශය භූකම්පන කලාපයක පිහිටීමද විශේෂ ලක්ෂණයකි.2011-2015 අතර කාලසීමාව තුල මැග්නටික් 5.40 වැඩි භූචලන කිහිපයක්ම සිදුව ඇත.දිල්ලි නගරයේ උණුසුම් කාලගුණයක් පතින අතර  උණුසුම් සමයේ 32C දක්වා වැඩිවේ,සමහර කාලවලදී දුවිලි කුණාටු ද දැකිය හැක. 

මෑත කාලයේදී දිල්ලි නගරයට ස්වභාවික අපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ව්‍යවසන රාශියකටද මුහුණ පෑමට සිදුවිය.2015 සමීක්ෂණ වාර්තා වලට අනුව ලෝකයේ නගර 1600කින් වඩාත්ම වායු දුෂණයට ලක්වූ නගරය ලෙස වාර්තා විය.2016 දී එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂා කිරීමේ ඒජන්සියකට අනුව ලොව ජනාකීර්ණම නගරය ලෙස වාර්තා වූ අතර 2019 දී දෙවෙනි වරටත් වාර්තා විය. 

 නව දිල්ලිය නැගෙනහිර සිට බටහිරට බෙදී යන අක්ෂාංශයෙදී  විස්ටා උද්‍යානය පිහිටා ඇති අතර හෙක්ටයාර් 10.5ක් පුරා විහිදී ඇත.මීටර් 40ක පමණ උසැති නෙලුම් විහාරය දිල්ලියේ ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි.

උතුරු ඉන්දියාව ඉන්දියාවේ විශාලතම ආර්ථික නගරය වන අතර තොරතුරු හා තාක්ෂණවේදය ,හෝටල්,බැංකු ,මාධ්‍ය සහ සංචාරක කර්මන්තය් මගීන් බටහිර ව්‍යවස්තදායකයින් විශාල සංඛ්‍යාවක් 2010 වසරේ සිට මෙම නගරයට ඇදී ඒම සිදුවිය.2011 ලෝක ධනවත්කම දක්වන වාර්තාවේ දිල්ලි නගරයේ ආර්ථික ක්‍රියාකාරිත්වය 39 වන ස්ථානයට  පත්විය.දිල්ලි නගරයේ සිදුකල ආර්ථික සමීක්ෂණයකට අනුව එම පුරවරය තුල නිෂ්පාදන ධාරිතාව 2004-2005 වර්ෂ වලදී රුපියල් බිලියන 830,85ක් ද ,ඒක පුද්ගල  ආදායම රුපියල් 53,976ක් ද වූ අතර 2008 -2009 දී රුපියල් 1.16.886ක්. විය.

ඉන්දියාව ආර්ථික ශක්තියෙන් සහ යුධ ශක්තියෙන් ලොව බලවත්ම රටක් වන අතර චීනයට පසුව ලොව ආර්ථික බලවත්ම රට බවට පසුගිය කාලයේ අනාවැකි පත්කර තිබුණි.මේ වන විට ලෝකයේ තිරිඟු ,ගල් අඟුරු, යකඩ වානේ  නිෂ්පාදනය කරන රටවල් අතරින් දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවන අතර යුධ අවි සහ න්‍යෂ්ටික අවි අයත් ලෝක බලවතුන් අතරින් සිවුවන ස්ථානය  ඉන්දියාවට හිමිවේ.

නමුදු අවාසනාවකට කොරෝනා වෛරසය වර්තමානය වන විට ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන අතර දිල්ලි බලධාරීහු එරට හමුදාවෙන් සහය ඉල්ලා සිටිති. ඉන්දියාවේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති අතර ඔක්සිජන් හිඟයකටද මොවුන් මුහුණ පා තිබිම ඛේදනීය තත්වයකි.අධික ජනගහනයක් මෙම නගරය තුල ජීවත්වීම රෝග ව්‍යාප්තිය සීඝ්‍ර වීමට හේතුවන්නාක් මෙන්ම සේවා සැපයීමේ දුෂ්කරතාවයක් වීමද හේතුවක් වී ඇත,

වසංගතය ආරම්භයේ පටන් මේ වන විට  වාර්තාගත ආසධිතයින් ගණන මිලියන 20 කට අධික වී ඇත.ගෙවුණු සති දෙකක කාලය පුරාවට පමණක් ආසාධිතයින් දිනකට  30000 කට අධික ප්‍රමාණයක් දීනකට වාර්තා විය.දැනට ඔක්සිජන් සහිතව රෝගීන් 10000 කට ප්‍රතිකාර කල හැකි සායන සහ අධි සත්කාර එකක 1000 ක් පමණ බලධාරීන් විසින් හමුදාවේ උපකාරයත් සමගින් දිල්ලි නගරය පුරා ව්‍යාප්ත කරගෙන යාමට කටයුතු කරමින් සිටිති.

දිනකට ටොන් දහස් ගණනක් ඔක්සිජන් ඉන්දියාව විසින් නිෂ්පාදනය කලත් බෙදා හැරීමේ ජාලය මත පවතින ආයෝජනයේ දුර්වක් බව හේතුවෙන් මෙයට අභියෝග පවතින බව ඉහල තලයේ නිලධාරීන් ප්‍රකාශ  කරති.ලොව එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා වූ ඉන්දියාවත් කොවිඩ් ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් ඛේදනිය වේ.මේවන තෙක්ම කොවිඩ් පළමු මාත්‍රාව ඉන්දියාවේ දී ඇත්තේ බිලියන 1.5ක් වූ ජනගහනයෙන් 10% - 11%  අතර ප්‍රමාණායකට පමණි.

ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක වූ බාරකා දත් පවසා තිබුනේ ඉන්දියාව බිඳුණු රටක්.රටවැසියන්ට හිංසා කරන රටක් බවට පත්වී ඇති බවයි.මන්ද කොරෝනා වසංගතය ඇයගේ 80 හැවිරිදි පියාවද බිල්ලට ගත් හෙයිනි.ඇයගේ පියා දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා ඇය දිල්ලිය විශාලා නුවරක් බවට පත්වී ඇති ආකාරය පිලිබඳ හෙළිදරව් කලාය.මේ වන විට ඉන්දියාවෙන් හමුවන ආසධිතයින් ප්‍රමාණය ඉන්දියාවට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොසින්ය.දිල්ලි රෝහල් ඉදිරිපිට දක්නට ලැබෙන්නේ දරා ගැනීමට නොහැකි රෝගීන් තදබදයක දර්ශනයකි.

සෞඛ්‍ය නීති කඩකිරීම මෙන්ම දැඩි ආගමික මතවාද සහ මිත්යා විශ්වාස නිසා එක්රැස් වී ආගමික කටයුතුවල නියැලීම ,අපවිත්‍ර ජලයේ යාග හෝම වල නියැලීම,එක් රැස් වී නියැලෙන දේශපාලන ක්‍රියාකාරකම් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇත.

බුදු දහමේ කියවෙන  අනිත්‍ය පසක් කරමින් ඉන්දියාවද , දිල්ලි නගරයද  ආර්ථික හා යුධ ශක්තියෙන් කෙතරම් දැවැන්ත රටක් වුවද අද තුන්බිය හමුවේ ඛේදනීය විසාලා මහනුවරක් බවට පත්ව ඇත.

Saturday, May 15, 2021

නිහඬ කඳුල

 




මදකට ඔබේ නෙතු පියන්න

ඔබ දකීවි හැම මතකයක්ම මා හා බැඳි

මදකට අසුන් ගෙන සිත සන්සුන් කර ගන්න 

ඔබ සොයා ගනී මා ඔබේ හිත තුල තවමත් සිටින බව.


නමුදු දැන් ඔබ නොහඩන්න

මම ඔබෙන් ඈත්වී ගොස් අවසන්ය.

මන්ද මම සිටින්නේ ගීතයේ දේශයෙයි.

එහි වේදනාවන් නොමැත,එම නිසා බියක් නොදැනේ .

ඒ නිසා කඳුළු වියළි ගොසින්ය.


මම සීතලෙන් සහ අඳුරෙන් වෙලී ඇති බව නොසිතන්න

මන්ද මේ දේශයේදී මා වියපත් නොවන බැවිනි.

මම වෙසෙන්නේ ආදරය සෙනෙහස මැදය.

ඉහලින් ඇති ලොව දෙස ඔබ හොදින් දන්නා .


Friday, May 14, 2021

ඇමරිකානු කවි වෝල්ට් විට්මන් (American Poet Walt Whitman 1819–1892)



වෝල්ට් විට්මන්  1819 මැයි 31 වෙනි දින නිව්යෝර්ක්හි ලෝන්ග් අයිස්ලන්ඩ් හි වෙස්ට් හිල්ස්හි උපත ලද අතර නිවාස ඉදිකරන්නකු වූ Walter Whitman හා Louisa Van Velsor ගේ දෙවන පුත්‍රයා විය.1820-1830 කාලය ඇතුලත බ්‍රුක්ලන් හි ඔවුන් වාසය කල අතර මොහු එම ප්‍රාන්තයේ බ්‍රුක්ලන් පාසලෙන් තම අධ්‍යාපනය ලැබිය.ඉන් පසුව අවුරුදු 12 දී මුද්‍රණ යාන්ත්‍රනය පිළිබඳව වෝල්ට් ඉගෙනීම ආරම්භ කල අතර බොහෝ දුරට ස්වයං අධ්‍යනය සිදුකරනු ලැබිය.මොහු සාහිත්‍යයට බෙහෙවින් ප්‍රිය කල අතර හෝමර් , දාන්තේ මෙන්ම විලියම් ශේක්ස්පියර් වැනි කවියන්ව අධ්‍යනය කල අතර බයිබලය කෙරෙහිද විශේෂිත අවධානයක් යොමු කර ඇත.

1836  දී  ගුරු වෘත්තීය ආරම්භ කල වෝල්ට් 1841 දී පුර්ණකාලිනව පුවත්පත් කලාවට යොමුවන තෙක්ම ගුරුවරයකු ලෙස තම දැනුම බෙදා දුන්නේය.පසුව ඔහු Long-Islander පුවත් පත ආරම්භ කර පසුව Brooklyn සහ  New York යන පුවත් පත් වලසංස්කාරක ලෙස කටයුතු කළේය.1848 දී වෝල්ට් Brooklyn පුවත්පතින් ඉවත්ව මාස තුනක ගිවිසුම් කාලයකට New Orleans Crescent හි කතෘ ධුරය භාර ගන්නා ලදී. නමුදු  නිව් ඔර්ලියන්ස්හි වහල් වෙළදාමේ සහ වහල් සේවයෙහි යෙදුණු මිනිසුන්ගේ ඉරණම දැක කණගාටු වූ ඔහු නැවත බ්‍රුක්ලින් වෙත පැමිණ free soil පුවත්පතේ සමකතෘ ලෙස ධුරය භාරගන්නා ලදී.ජාතිය සහ වර්ගවාදය පිලිබඳ මොහුගේ අදහස් ආකල්ප සහ මතවාද පරස්පර විරෝධී වුවත් මානව ගරුත්වයට මුලික තැනක් දුන් පුද්ගලයකු විය.

බ්රුක්ලින්හිදී ඔහු unique style of poetry එනම් අද්විතීය කාව්‍ය ශෛලීන් වර්ධනය කරගනිමින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තේය.වොල්ට්ගේ නිර්මාණ කෙරෙහි එරට කවියකු වූ රැල්ෆ් වෝල්ඩො මවිතයට පත්වුයේ එම නිර්මාණ වල වූ ප්‍රතිභාව දැකයි.මොහුගේ ප්‍රථම කාව්‍ය කෘතිය වුයේ Leaves of Grass කාව්‍ය සංග්‍රහයයි.1855 දී ඔහු Leaves of Grass හි පළමු සංස්කරණයේ ප්‍රකාශන අයිතිය රැගෙන පෙර නිර්මාණ නව්‍යකරණයට ලක් කරමින් එය නම් නොකළ  නිර්මාණ 12 ක් හා පෙරවදනක් සහිතව ලෙස එළිදක්වා පළමු පිටපත එමර්සන් වෙත යැවිය.

1856 දී Leaves of Grass හි දෙවන මුද්‍රණය සිදුකල අතර කවි 32ක් සහ පළමු කාව්‍ය සංග්‍රහය පිලිබඳ එමර්සන්ගේ විමසුම ඇතුලත් ලිපියද විට්මන් එයට දැක්වූ ප්‍රතිචාර ලිපියද ඇතුලත් විය.

පසුකාලීනව විට්මන් පිළිබඳව M. Jimmie Killingsworth පැවසුවේ විට්මන්ට අනුව ඒකාබද්ධ කිරීම යනු ඔහු විසින් සිතෙහි පිළිසිඳ ගත් මානසික, සදාචාරාත්මක හා දේශපාලන සීමාවන් ඉක්මවා යාමට තනි පුද්ගලයෙකුට ඇති හැකියාවයි.පසුව 1855 දී Leaves of Grass  යන තනි මාතෘකාව යටතේ ‘I Sing the Body Electric,' ‘The Sleepers,' and ‘Song of Myself,' යන කව්‍යයයන් ඇතුලත් කරන ලදී.

සිවිල් යුද්ධය ආරම්භ කරන විට මොහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල අතර යුද්ධයෙන් තුවාල වුවන් පිලිබඳ සොයා බැලීමට නගරය වටා රෝහල් වල කාලය ගත කළේය.පසුව යුද්ධයෙන් තුවාල ලැබූ තම සොයුරා රැක බලාගැනීම උදෙසා වෝල්ට් 1862 දී වොෂින්ටනයට ගියේය.

1873 දී ශරීරයේ ඇතිවූ හදිසි රුදිර නාල වල ඇතිවූ හිරවීමක් හේතුවෙන් ශරීරයෙන් පැත්තක් පණ නැතිවී අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. මාස කිහිපයකට පසුව ඔහු තම අසනීපයෙන් සිටින මව බැලීමට කැම්ඩන් වෙත ගොස් තම සොයුරාගේ නිවසට ගියේය. Leaves of Grass කෘතිය ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එහි විසුවේය.

1891 -1892 කාලයේදී ඔහු තම කෘතීන් වල සංශෝදන කරමින් තම අවසන් කාලය ගත කල අතර ඔහුගේ අවසාන කාව්‍ය සංග්‍රහය වු  Good-Bye My Fancy රචනා කරන ලදී,1892 මැයි 21 වෙනි දින ඔහු මිය ගිය අතර මරණයෙන් පසු ඔහුගේ දේහය විට්මන්හි තැන්පත් කරන ලදී.







චීනයේ ශෝඛාන්තය

 


ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයක්ම ගංගාවක් අසල ගොඩ නැගුණ අතර .එවැනි එක් ශිෂ්ඨාචාරයක් වන්නේ කහ  නදිය අසබඩ ගොඩනැගුණු හොවැන්හෝ ශිෂ්ඨාචාරයයි.කහ ගඟ හෙවත් හොවැන්හෝ නදිය චීනයේ දෙවෙනි විශාලතම නදිය සේම ලෝකයේ දෙවෙනි විශාලතම නදිය වේ,කහ ගඟ ආශ්‍රිතව නිර්මාණය වුන මෙම ශිෂ්ඨාචාරය වත්මන් චීනයේ ප්‍රතිනිර්මාණයට ද මුලපාදක වූ නිජබිමයි.ටිබෙට් කඳු පන්තියෙන් ඇරඹ සැතපුම් 3000ක් පමණ දුරක් ගලා යන ගංගාව චීනයේ කෘෂිකර්මාන්තය සේම ප්‍රවාහන සේවයට ද උපකාර කර ගනී. මෙම ගංගාව මධ්‍යම චීනයේ බයන් හාර් කඳුකරයෙන් පටන් ගෙන පළාත් 9ක් ඔස්සේ ගලාගෙන යන ගංගාව ඉන්පසු බෙහායි ගංගාවට ගලා වැටෙයි.ටිබෙට් සානුවේ පිහිටි සුරක්ෂිත කලාපයක් වන මෙය චීන ජල සංචිත කුළුණලෙසද හඳුන්වනු ලබයි. 

මෙම කහ ගඟ විවිධ අන්වර්ථ නාම වලින් හැඳින්වන අතර චීනයේ ශෝකය,මංකොල්ලය,හැංග් ජනතාවගේ පිපිරිම, චීන ශිෂ්ඨාරයේ ශෝකාන්තය  යන නම් වේ.මෙතෙක් චීනය පිලිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට නියමිත මුලාශ්‍ර සොයා ගෙන නොමැති අතර පුරාවෘත සහ ජනකතා ඇසුරින් ලබා ගත් තොරතුරු ඔස්සේ මෙවන් විස්තර දැනගැනීමට හැකියාව ඇත.

ඉතිහාසඥයින්ට අනුව චීනයේ ප්‍රථම රාජ්‍ය පාලනය සාමය ආරම්භ වන්නේ ශැන්ග්වරුන්ගේ පාලන සමයේදීය. එනම් ක්‍රි.පු.1583-1027 දක්වා කාලයේදීය.මෙම යුගයට අයත් මුලාශ්‍ර අර්ලින්ගෑන්,ශේන්ශෝවූ ප්‍රදේශ වලදී හමුවී ඇත.මොවුන් ශතවර්ෂ 5ක පමණ කාලයක් තම පාලනය ගෙන ගිය බවට මෙම මුලාශ්‍ර වලට අනුව තේරුම් ගත හැක.මොවුන් විවිධ අමනුෂ්‍ය ආත්ම පිලිබඳ දැඩි විශ්වාසයකින් යුක්තව කටයුතු කල අතර ප්‍රධානතම දෙවියා වුයේ ශැන්ග්ති ය.ඒ අතරම විවිධ දේවස්ථාන වල විවිධ දෙවිවරුන් වන්දනාමාන කරමින් බිලිපුජා ආදිය පැවැත්වුහ.

මෙම කාලයේදීම නිමිති යනුවෙන් මොවුන් හඳුන්වන මිනි ඇටකටු වල කොටන ලද ලියවිලි රැසක් හමුවී ඇති බවට විද්‍යාඥයෝ මත පල කරති.

මොවුන්ගේ විශ්වාස අතර රාජකීයයින්ට සොබාදමේ පවතින අත්මයන්ගේ බලයන් ලැබෙන බවත් ,පැරැන්නන්ගේ අත්මයන්ගේ බලයත් ලැබෙන බව විශේෂතම විශ්වාසය විය,එම හේතුවම මොවුන්ගේ ඥාති සබන්ධතා මෙන්ම රාජකීය සබඳතා බලවත් වීමට හේතුපාදක විය.රටේ විවිධ ක්‍රියාකාරකම් උදෙසා තමන් විශ්වාස කරන ආත්මයන් පිනවීම මෙන්ම  ඔවුන්ගෙන් උපදෙස් ගැනීමද රජුගේ වගකීම විය. රජුන්ට ප්‍රශ්නයක් ඇතිවූ විට ඉතත සඳහන් කල ඇටකටු වල ප්‍රශ්න කොට ඒවා රත් කොට ඇති වන පිපිරුම් පිළිතුරු ලෙස ගත්හ.එම නිසාම මේවා අනාවැකි ඇට , දිවැස්න අස්ථි යන නම් වලින් හැඳින්වූහ.මෙම රූපක්ෂර චීනයේ මුලමකුරු ලෙස නම් වේ.

මෙම පාලන සාමය තුලද කුලබේද ඝට්ටනය තිබුන අතර උසස් පැලැන්තියේ රජුන් ඇතුළු පිරිස සුඛෝපභෝගී ජිවිතයක් ගත කල අතර සාමාන්‍ය ජනයා දිළිඳු දිවී පෙවතක් ගත කළහ.මොවුන්ගේ පැවති පන්ති පරතරයම මෙම රාජ්‍යයේ බිඳ වැටීමට හේතුවක් වන්නට ඇතයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.පසුව ක්‍රිපු.1028 දී බටහිර දේශ සිමාවෙන් පැමිණි චෞ ජාතිකයින් ශැන්ග් නගරයට ප්‍රහාරයක් එක්ක කලෝය.මේ ඔස්සේ එම පාලන සමයට අයත් මුර්ති, පිළිම, වැනි  බොහෝ වටිනා පුරා වස්තු එකතුවක් ලොවට උරුම විය.

නව පාලකයින් සියවස් 8ක් වැනි කාලයක් මෙහි පාලනය අතට ගෙන කටයුතු කල අතර වූ චන්ග් අධිරාජ්‍යයා යැන්ග්ත්සි මිටියාවත දක්වා තම අධිරාජ්‍යය පුළුල් කරගෙන ගියාය.මේ සමයේදී අධ්‍යාපනය,කෘෂිකර්මාන්තය ,ආර්ථිකය ,වාණිජ ,අධ්‍යාපනය යන සෑම අතකින්ම රාජ්‍යය පරිපුර්ණත්වයට පත්වූ අතර.කොන්ෆියුසස්, මෙන්සියස්  වැනි ප්‍රබල දාර්ශනිකයන් බිහිවූයේද මෙම සමයේදී වීම සුවිශේෂිත්වයයි.පින්තුර සහ ශබ්ද වල එකතුවකින් සැදුණුචීන ලේඛණ කලාව ඇරඹියේ මේ සමයේදී වන අතර ,ඒ හාම සෑම ශිෂ්‍යයෙක්ම  සඥා අක්ෂර 3000ඉගෙන ගත යුතුව තිබුණහ..මෙම මුලාශ්‍ර වලට අනුව මෙම රාජ්‍යය රජවරුන් 31 දෙනෙකුගේ යටතේ 6 වරක් පාලනය වූ බව කියවේ.එමෙන්ම ක්‍රිස්තු පුර්ව 1335 මෙහි ස්වර්ණමය සහ අවසන් රාජ්‍ය සමය වූ බව ද ඉතිහ්සඥයින් ගේ මතයයි.











Sunday, May 9, 2021

හීන මායිම

 හීන මායිම මනක්කල්පිත කතාවක් කියලා හිතුවත් හීන අතර ජිවත් වෙන සැබෑ මිනිසුන්ගේ ජිවිත කතාවක් කියන එක් පොත් කියවනකන්ම මට දැනුනේ නැහැ.පෙළක් මිනිස්සු තියෙන සල්ලි අනවශ්‍ය දේට පවා වියදම් කරමින් සෙල්ලක්කාර ජිවිත ගෙවද්දී හීන මායිම කතාව ඇතුලේ ජිවත් වෙන්නෙත්  අපි වගේම ලේ මස් ඇට නහරින් ඉපදුණු මිනිස්සු නේද කියන හැගීම හිතට ආවේ හිතට දුකක් එකතු කරමින් සුසුමක් හෙලමින්. 

හීන වෙනුවෙන් ජිවත් වෙන මිනිසුන් තම හීන සැබෑ කර ගන්න අතරම තවත් මිනිසුන් කොට්ටාශයක් තමන්ගේ සිහින සැබෑ කර ගන්න අනික් මිනිසුන්ගේ සිහින විනාස කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය හීන මායිම කියවද්දී මගේ හිතට ආපු ගැටළුවක්.එත් වත්මන් සමාජයේ ඇහෙන දකින කරුණු දකිද්දී එය අරුම පුදුම කාරණයක් නොවන බව මට හොදින් වැටහුනා.

ප්‍රශ්න ගැටුම් මැද්දේ වුනත් පොඩ්ඩිලා සතුටින් ජිවත් වෙන්න දරන වෑයම මේ කතාව ඇතුලේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක්. ඒ වෑයම ලොකු අයියගේ කල් ක්‍රියාවන් එක්ක වියකුනත් සමහර අවස්ථා වලදී ඔවුන් ලොකු අයියට වෛර කලේ නැහැ කිසිම අවස්ථාවකදී. කියවන හැම වචනේකම ගැමි බවේ සංවේදීකම මේ කතාව අස්සේ හැංගිලා තියෙන එකත් හීන මායිමේ තියෙන සුවිශේෂී බවක්,ඒ සංවේදීකම ඇතුලේ හැමතැනකදිම ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මතාවයක් කතාවට ඇතුලත් කරන්න අමිල සහෝදරයා අමතක කරලා නැහැ. 

කොතරම් තද හිතක් තිබුනත් මිනිසුන් සමහර අවස්තා වලදි කොතරම් සංවේදි වෙනවාද යන්න  ඇක්මන් අයියාගේ චරිතය ඔස්සෙ  අපිට  දැක ගැනීමට හැකිය.  මන්ද සාමන්‍ය මිනිසෙකුට සිදු කල නොහැකි දේහයක් වැළලීමට, කෙනෙකුගේ  හිතක් කෙතරම් ගල් හිතක් විය යුතුද යන්න පාඨකයාට  වැටහෙන කාරණයකි. 

මෙම ගැමියාගේ හිතේ වූ සංවේදී කම   ඉස්මතු වෙන අවස්තාවක් නම්

" ඔව් මම මිනී වැළලුවා.වළලපු මිනී අයේත් ගොඩ දැම්මා. 

ඒක මම කැමැත්තෙන් කරපු රස්සාවක් නෙමෙයි.ඒත් අපිට ජීවිතේ දැනෙන්න ගත්තහම ,ජීවත් වෙන්න ඕනෙ කියලා  දැනෙන්න ගත්තහම අපි කැමති හුගක් දේවල්  අතාරින්න වෙනවා.කැමති දේවල් වෙනුවට  ජීවත් වෙන්න අකමැති දේවල්  කරන්න සිද්ධ වෙනවා ".  යන ජේදයෙනි

තරුණ වැඩිහිටි හැම පාඨකයෙකුටම කියවීමට රුචිකත්වයක්  හිතට ඇති වෙන විදියට සරල තේරුම්ගත හැකි භාෂාවකින් මෙම කෘතිය රචනා කර තිබීමත් විශේෂත්වයක්.සරල වාක්‍ය රටාවක් සහ ලේඛණ ශෛලියක් මෙම කතාව පුරාම අපිට දකින්නට පුළුවන්.

කතාව පුරාම දකින්න ලැබෙන තවත් විශේෂත්වයක් නම් මිනිස් සිතේ ඇතිවන හැගීම් සොබා දහමත් සමගින් එකතු කරමින් සිදුවීම් දිග හැරුමයි. 

"හැමදාමත් එළිය දෙන හඬ අද  අඳුරට වෙලා තනිවෙලා, අඳුරු වලාකුළු  අතර සැඟවීලා ගිහිල්ලා .තරු එළියක් පෙනෙන තෙක් මානයක වත් නැහැ.ළාවට පොළව සිප ගන්න පොඩි වැස්සටත් කුරුල්ලෝ බයවෙලා.හිරිකඩ අඩවන් වුණ ජනෙල් පියන් අතරින් ඇතුලට එනවා. විදුලි කොටනකොට ඒ එළිය හඳ එළියටත් වඩා හිතට දැනෙනවා.එත් ඒකත් ඒනවා. යනවා.ජිවිත වලට එන සතුටත් දුකත් මේ විදුලි කොටනකොට එන ඒ එළිය වගේ. එනවා.යනවා.අකුනකට නම් මේ ඔක්කොම පුච්චලා, අළු කරලා දාන්නත් පුළුවන්. "

මේ අකුණු එළිය මැද්දෙන් පොඩ්ඩි ලගේ ජීවිතවල ඇතුලාන්තය හරිම අපුරුවට මතුකරලා තියෙන බව පොත කියවන පාඨකයාට හොදින්ම අත්විදින්න පුළුවන් දෙයක්.

ජීවිතයේදී විවිධ හැලහැප්පීම් බාධක වලට මුහුණ දෙන මිනිසුන් ඒ පිලිබඳ නොසිතා තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන ආකාරය චමරිගේ දුප්පත්කම සමගින් එන බාධක නොසලකා හරිමින්  ඉගෙනුමෙන් ඉහලට ගොස් ජිවිතේ ගොඩනගා ගන්නා අයුරු ඉතාමත් අපුරුවට මෙහි ගොඩනංවා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුය.

දෙමාපියන් දරුවන්ගේ ජිවිත ඇතුලට සියුම්ව ඇතුල් වෙලා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතු බවත් සුදුවාගේ චරිතය ඔස්සේ අපිට හිතන්නට යමක් ඉතුරු කල යථාර්තයක්. පවුලේ අයත් ,සමාජයත් ඔහු පිළිබඳව අවබෝධ කරගෙන සිටි ආකාරයට වඩා වෙනස් ඇතුලන්තයක් ඔහු තුල තිබුන බව හෙළිදරව් වන විට ඔහු මෙලොවින් සමුගෙන අවසන්.එය ඔහුගේ වරදක්ද?සමාජයේ වරදක්ද යන්න තෝරා ගැනීම පාඨකයාට අයත් කාර්යයකි.

ඒ බව හොදින්ම 

" උඹලා පන්සල ඇතුලට යනකම් ඉදලා ටිකක් වෙලා ගියාට පස්සේ උඹලා රේවත හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගන්න හැටි හොරෙන් බලන් හිටියා.උඹලා පන්සලෙන් එලියට එන්න කලින් මන් ආයෙත් ගියා.එත් එක දවසක් මම එහෙම බලන් ඉන්නවා සියදෝරිස් උන්දෑ දැක්කා.එදා ඉදන් මම කවදාවත් එහෙම හැංගිලා බලන් ඉන්නවත් පන්සල පැත්තේ ආවේ නෑ.මම උඹලට කවදාවත් ඉරිසියා කලේ නෑ.උබලා එක්ක තරහක් ඇති උනේ නැහැ.එත් මට මන් ගැනම තරහක් ඇති උනා." මම ඉබාගාතේ ගියා ,කිසිම අරමුණක් නැතිව,කිසිම හීනයක් නැතිව ජිවත් වුන මිනිහෙක් වුනා.එහෙම මිනිහෙක්ගේ ජීවිතෙත් ඉබාගාතේ යනවා.මිනිහෙක්ට ජිවත් වෙන්න අරමුණක් ඕනි

යන්නෙන් හොදින් විද්‍යමාන වන කරුණකි.

මෙයින් හැමදෙනාටම හිතන්න බොහෝ දේ ඇති අතර ජීවිතය ගොඩනඟා ගැනීමට අරමුණක් ඇතුව තම ඉදිරි මාර්ගය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ගමන ආරම්භ කිරීමට අධිටන් කරගත යුතු බවට හොඳ නිදර්ශනයකි.

 විවිධ පැතිකඩ ගණනකට සිත යොමු කරවන මෙම කෘතිය සැමදෙනාටම කියවීමට සුදුසු ජිවිතයේ යථාර්තය මතුකොට දක්වන ගුණාත්මක කෘතියක් බව මට දැනෙන කරුණයි.

නිර්මාණකරණයේ මුල් අත්පොත මෙලෙසින් තැබූ ඔබට වඩ වඩාත් ගුණාත්මක නිර්මාණ රැසක් බිහිකිරීමට ශක්තිය ලැබේවායි හදවතින්ම සුබ පතනවා!