‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Wednesday, January 19, 2022

කවුරුන්ද පැවසුවේ සියලු දෙය මෘදුයි කියා 
කුඩා නිම්නය සැමවිටම සුන්දරයි කියා ?
එලෙසින්ම කවුරුන්ද පැවසුවේ ජීවිතය 
මිහිරි පානයක් බව ?
විටෙක එය අමිහිරිය 
ඇඹුල්ය , විටෙක පිලිකුල්ය .

ජීවිතය අළු පැහැය.
රාත්‍රිය අඳුරු සේම ,
උදැසනදී  ආලෝකමත් සේ.
එලෙසින්ම අපට දැකගත හැකියි 
සමහරුන් සෙමෙන් යන විට,
සමහරුන් පියාඹයි.

වයින් විදුරුවක හරි අඩක් පිරි ඇත.
ලොවම සුන්දරය නිදිගත්  විට.
එවිට අනෙකෙක්ට වයින් විදුරුවේ හරි අඩක් හිස් ය.
රෝස මල් කටු ලැහැබක්ව දිස්වේ.

අප දොම්නස් සිතින් සිතමු 
විශ්වාසය සහ බලාපොරොත්තු තබාගැන්මට පෙර 
අප සිටි තැන පිළිබඳව.
පියාපත් ලැබීමට  පෙර සේම 
සුරංගනා කතාවක් සැබෑ කරගැනීමට 
සිහින මැවූ ආකාරය පිළිබඳව.

බොළඳ බවින් යථාර්තයට පැමිණි මුත් 
කෙනෙකුට  පියාපත් අහිමි වී ඇත 
අපි තරු දෙස බලමින් සිනාසෙමු 
ප්‍රේමය පතුරවමු .
අන් සතුට විකසිත දෑසින් බලා හිඳිමු.

නිලක්ෂි බණ්ඩාර 
1/19/2022