Thursday, March 29, 2018

කිවුලේ ගෙදර බණ්ඩාර දෙවියෝ

ඒ පියකරු සැන්දෑවකි. බැස යන හිරුගේ රැස් වැටීමෙන්  බටහිර ක්ෂිතිජය  කසාවත් පැහැ ගති.මේ ලෙස  කසාවත් වන  ක්ෂිතිජය වැසි නොලැබීමේ ,ලක්ෂණයක් යයි ද ,එය තඹ පාට විණි නම් වැසි නොලැබෙන බව දැක්වීමක් යයි ද විශ්වාස කෙරේ. පොසොන් මාසයෙහි , ලංකාවේ වියළි දේශගුණික  ප්‍රදේශ වලට වර්ෂාව නොලැබේ.ලංකා භුමිතලයට වර්ෂාවෙන් ලැබෙන ජලස්කන්දයෙන් වැඩි කොටසක්  මුහුදට ගෙන යාමේ භාග්‍ය ලබා ඇති මහා වාලුකා නදී තොමෝ සෙංකඩගල නගරය වටකොට ඉන් උතුරේදී නැගෙනහිරට හැරේ. එහිදී ඌව අසල මහා වංගුවටත් ,මහියංගන අලුත් නුවරටත් මැද පිහිටි මුස්ලිම් ජනයා පදිංචි ග්‍රාමවරයකි.

ඉහත් කි සැන්දෑ යාමයේදී පහරගම්මන ගම වටා පිහිතොඉ තිස් බඩයෙන් ඔබ්බෙහි ගල් තලාවක ,දඩයමට සිවුපාවකු එනතුරු නිශ්චලව සිටින දඩයම්කරුවකු සේ එක තරුණයෙක් නිශ්චලව බලා සිටියේය.තිස් බඩය නම් වියලි කලාපයේ පිහිටි ගම්වටකොට ,බඩ තිහක් ප්‍රමාණ පුළුලති එළිමහන් නිදහස් බිම් ප්‍රදේශයෙන් ඔහුගේ ගත නිසල වුවත් සිත චිත්තවලියෙන් චන්චල විය .මෙම තරුණයා ඉතා ශක්තිසම්පන්න කඩවසම්, හැඩි දැඩි පුරුෂයෙකි. දුටු දුටුවන් සිත් ඇදගන්නා, විශේෂයෙන් තරුණියන්ගේ සිත් ආකර්ෂණය කිරීමෙහිලා සමත් දෙන විලාසයක් ඔහුට තිබුණි.

මේ තරුණයා කිවුලේගෙදර මොහොට්ටලගේ පුත් කිවුලේ ගෙදර බණ්ඩාර විය.කිවුලේ ගෙදර ගම පිහිටියේ ගඟේ මහා වංගුව අසල , ගඟේ දකුණු ඉවුරේය.මෙය ඉතා පුරාන කාලයේ දියුණුව පැවති නගරයක් බවට අසල ප්‍රදේශයේ විසිර පවත්නා නටඹුන් සාක්ෂි දරයි.මෙහි තිබුණු විහාරස්ථානයක සතුරු උපද්‍රව කාලයකදී දළදා වහන්සේ ආරක්ෂිතව තැන්පත් කර තිබුණු බව විශ්වාස කෙරේ.  මහවැලි ගඟේ මහා ජලස්කන්දය අඩි10ක් හෝ 15ක් පමණ පළලඇති  රන්ටැඹේ ගල ,කිවුලේ ගෙදරටත්  ඌ මා ඔයේ මෝදරටත් අතර පිහිටියේය .

ඌ මා ඔය මහවැලි ගඟේ විශාල ශාඛා වලින් එකකි .

1817 -18 මේ සිද්ධ වූ වෙල්ලස්සේ කැරැල්ලේදී බින්තැන්න වියලුව ප්‍රදේශයේ ජාතිවත්සල්‍යයෙන් ඔදවැඩි ජනයා සමග ඉංග්‍රීසින්ට විරුද්ධව සටන මෙහෙයවූ කිවුලේ ගෙදර මොහොට්ටලගේ මුණුපුරෙකි.ඔහුගේ පුත් කිවුලේගෙදර බණ්ඩාර මේ බලා සිටින්නේ ඔහු හා ආලයෙන් වෙලී සිටින පාතුම්මා නමැති මුස්ලිම් තරුණිය පැමිණෙන තුරුය .පතුම්මා එගම මුස්ලිම් දෙටුවාගේ වැඩිමහල් දියණියයි.කිවුලේ ගෙදර බණ්ඩාර   අලුත් නුවරට යන එන අතර පතුම්මා දැකීමෙන් මේ සම්බන්ධය ඇති විය.ක්‍රම ක්‍රමයෙන් මුහුකුරා ගිය ආලයෙන් යුතු මේ යුවල සන්ධ්‍යා කාලයෙහි ,ඉහත කි ගල් තලාවේදී හමුවී ආදර බස් දෙඩීමෙන් ආලයේ ප්‍රතිපල භුක්ති විඳීමට පුරුදුව සිටියෝය.ඉහත කි වේලාවෙහිද .ඒ මුස්ලිම් තරුණිය එහි පැමිණ බොහෝ වෙලාවකින් ප්‍රේම සාකච්චාවෙන් පසු වී ගෙදරට ගියාය.

මෙසේ හොර රහසේ කෙරෙන ප්‍රේම සම්බන්ධයෙන් තෘප්තියට නොපත්,බණ්ඩාර තරුණය නිත්‍යානුකුලව ආවහා කර ගැනීමේ බලාපොරොත්තුව දිනක් ඇගේ දෙමවුපියන්ට තමන්ගේ අදහස දැන්විය.ඒ දෙදෙනා අනිකුත් මුස්ලිම් ජනයා හා සාකච්චා කොට ,පසුව තීරණය දන්වන බව කීහ.කිවුලේ ගෙදර බණ්ඩාර ,තරහා කර ගැනීම මුළු පහරගම්මන ගමටම විනාශකාරී කරුණක් බව තරුණියගේ පියාට වැටහිණි.එමෙන්ම බෞද්ධාගම්කාර සිංහලයකුට දුව පාවා දුනහොත් මුළු මුස්ලිම් සංහතියම තමාට විරුද්ධ වන බව ඔහු දැන සිටියේය.ඒ නිසා දෙගොඩ දෙවොරම් සිතින් රාත්‍රිය ගත කල ඔහුට අළුයම් වෙලෙහී ඒ ගැන කළයුතු උපක්‍රමයක් සිහිවිය.පසු දින මුස්ලිම් දෙටුවාගේ අදහස් දැනගැනීමට බණ්ඩාර තරුණයා ගියේය.
මුස්ලිම් දෙටුවා ඔහුට "පණ්ඩාර මාතියෝ අපිලගේ පැසි තියෙන ගොයම් එක දවසකින් කපා දෙන්න ඔහෙට පුළුවන් නම් දුව ඔහෙට දෙන්ට අපි සුදානම් කීය. බණ්ඩාර තරුණයා " හොඳයි හෙට දවසේ කපා දෙන්නං කිය. පොරොන්දුවේ ප්‍රකාර උදේ වැඩ ආරම්භ කොට , හිරු අස්තන්ගතවිමට දෙපැයක් තිබියදී ගොයම් කපා අවසන් කළේය. ඔහු එතරම් කායබලය ඇති යෝධ පුරුෂයෙකි.

ඉකිබිති මුස්ලිම් දෙටුවාට කළහැකි දෙයක් නොවුයෙන් අකමත්තෙන්ම දියණිය බණ්ඩාර තරුණයාට පාවා දුන්නේය. තරුණයා ඒ මුස්ලිම් නිවසේ නතරවිය. රාත්‍රී ආහාරයෙන් පසු ඔහුට කලාන්ත ගතියක් ඇති වී ලේ වමනය කරන්නට පටන් ගති, ඔහුට වෙදෙකු ගෙන්වා බේත් දෙන්ට යයි කිස තරුණිය දෙමවුපියන්ගෙන් සහ සහෝදරයින්ගෙන්ද ඉල්ලා සිටියාය.

ඔවුහු ඒ ගැන කිසිම තැකීමක් නොකළෝය.
මරණාසන්නයට පත් තරුණයා, තරුණියට කතා කොට පතුම්මා නුඹේ දෙමවුපියන් මට වස දී තිබේ.මම ඔවුන්ගෙන් ඒ පලිය ගන්නෙමි යයි පවසා අවසන් හුස්ම හෙළිය.
ශෝකයෙන් වේලි ගිය තරුණිය අඩා වැලපෙන්නට පටන් ගත්තාය.පිය සහ සොයුරන් ඇයට තර්ජනය කොට මල සිරුර පැදුරක ඔතා ඒ රාත්‍රියේම ගෙන ගොස් මහවැලි ගඟට දැම්මෝය.අපහු ගෙදර ගොස් ගේ දොර ශුද්ධ කොට නිදා ගත්හ. පතුම්මා තර්ජනයෙන් පසු කාමරයට වැදුණාය.පසු දින කිසිත් නොදන්නවුන් මෙන් නින්දෙන් නැගිට ගොවිපලට යාමට සුදානම් වුහ. දියණියගේ කාමරයේ දොරෙඅ ඇර බැලුවිට එය හිස්විය.

එක සොයුරෙක් ගඟ ලඟට ගොස් බැලු විට තරුණිය පැළඳි අභරණ ගන් ඉවුරේ  තබා ඇති බව දුටුවෝය.තරුනියද අළුයම් කාලයේම මගේ ආදරවන්තයා ඔබත් සමග මම එමියි ගඟට පැන්නාය. ගඟ පහලට ගලා ගිය සිරුරු කිඹුලන්ගේ ආහාරයට පත්විය.

මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය දැන සිටි අය ඔවුන් වෙනත් පෙදෙසකට පැන ගොස් ඇතැයි සිතුහ.මුස්ලිම් දෙටුවා සහ පුතුන්ද එලෙසින්ම එය දන ගැනීමට ඉඩ හැරියහ.ඉන් ගත වුයේ ස්වල්ප දිනකි.ඒ ගම්වැසියන්ගේ සියලුම ගවයෝ සතියක් ඇතුලත භයානක රෝගයකින් මරණයට පත්වුහ.ඊළඟට සියලුම ළදරුවන්ට එකවර නපුරු රෝගයක් වැලඳුනේය.ඉන්පසු ගම්වැසියෝ කපුවකු ගෙන්වා මායම් කරවා මේ ගැන විචාලෝය.
මායම් වූ කපුවා පැවසුවේ මරණයට පත්  කිවුලේ ගෙදර තරුණයා යක්ෂයකු වී පතුම්මා යක්ෂනියක වී ඉපිද ඇති අතර ඔවුන්ට කල විපත හේතු කොටගෙන මුළු ගම්මානයම විනාශ කිරීමට බලාපොරොත්තු වන බවයි.

භයට පත් ගම් වැසියෝ වැඳ වැටි  සමාව ඉල්ලා එතන කලයුතු වත් පිළිවෙත් හා බාරහාර පිළිබඳව විමසුවෝය.අවුරුදු පතා දළුමුර කෙම්බරක් පවත්වා ඔවුන්ගේ ආරක්ෂා දෙවියකු වශයෙන් සලකා පුද සත්කාර කරන්නට පොරොන්දු වන්නේ නම් ගමට ආරක්ෂාව සලසන බවත් නැතිනම් මුළු ගමම විනාශ කරන බවත්, දේවවේශ වූ කපුවා ප්‍රකශ කළේය.ඉන්පසුව ඔවුහු ඊට පොරොන්දු වී පසු දිනම ඉතා අලංකාර ලෙස දළු මුර කෙම්මුරයක් පවත්වා පුද සත්කාර කලෝය.ඉන්පසු ළදරුවන්ට ඇති වූ රෝගා බාධ සංසිඳුණු අතර අවුරුදු පතා සිරිත් පරිදි කිවුල්ගෙදර බණ්ඩාර දෙවියන් නමින් පතල වූ මොවුන්ට බුලත් කෙම්මුර නමැති කංකාරිය පවත්තනෙලු.

මග දිගට ජනකතා ඇසුරෙන්.
                                                                                    

Thursday, March 22, 2018

හෙළ කලාකරුවා අතින් කැටයම් වූ නළඟන රූ

නළඟන රූ අතරින් පැරණිතම රුව වන්නේ මිහින්තලේ සිංහ පොකුණේ සිංහ කටට ඉහලින් කොටා ඇති රුව ලෙසට පුරා විද්‍යාඥයින් පවසයි.එලෙසින්ම ඉසුරුමුණි විහාරය අභියස දකුණු බැම්මේ එවැනි වූ තවත් රූ කැටයම් කර ඇත. මෙහි ඇත්තේ සඳකිඳුරු යුවලකි.මිහින්තලය බෞද්ධ භික්ෂු මධ්‍යස්ථානයක් වූ අතර මෙවන් ස්ථානයක නළඟන රූ කැටයම් කලේ කුමන හේතුවක් මතදැයි යන්න විමසුමට ලක්වන කරුණක් වේ.
පොළොන්නරු යුගයේදී හින්දු සංස්කෘතිය බෙහෙවින් ව්‍යාප්ත වූ අතර දේශීය කලාවන්ටත් එහි අංගයන් ඇතුලත් විය.මහා පරාක්‍රමබාහු රජු නාට්‍ය රඟ දැක්වීම උදෙසා සරස්වතී මණ්ඩපය ඉදි කරන ලදී. පොළොන්නරුවේ දළදා මාලිගයේ
(අටදාගේ ) කුළුණු වල නළඟන රූ කැටයක් ඉතාමත් සුන්දරව කැටයම් කොට ඇත.

පරාක්‍රමබාහු රජුගේ ගමවූ පුංචගාමයෙහි ඇති සුතිසර චෛත්‍යයේ සැරසිලිවලින් යුතු නා වැට පහනේ දම්වැලක ලෝහයෙන් කැටයම් කළ නළඟන රූ දෙකක් හමුවී ඇත.එල්ලෙන දම්වැලේ පුරුක් අතරේ නර්තනයේ යෙදෙනාකාරයෙන් නළුවන් සහ බෙරකරුවන් දක්නට ලැබේ.

ගම්පල යුගයේ ඇම්බැක්කේ දේවාලය තුල දැවයෙන් කරවන ලද නළගන රූ කැටයම් දක්නට ලැබේ,මිනිස් වෙස් ගත, කිඳුරු වෙස් ගත් නළඟනන් දක්නට ලැබීම සුවිශේෂී කරුණකි.මේ යුගයට අයත් රූප ගඩලාදෙණිය , නියම්ගම්පාය ,අලවතුර යන විහාර තුලින්ද හමුවී තිබේ.

කුරුනෑගල රිදී විහාරයේ නළඟන රූ සහිත ඇත්දත් කැටයම් රාශියක් දක්නට ලැබේ.මේ අනුව කළාකරුවා විසින් විවිධ කාල පරයාසන්හිදී විවිධ මානයන් උපයුක්ත කොටගෙන මෙම නිර්මාණයන සිදු කළ බව පෙනී යන කරුණකි.
මෙම රුප ඉන්දියානු සංස්කෘතියේ අංග ලක්ෂණයක් වන අතර සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් සුදුසු පරිදි සිදු කර ඇත.
සාහිත්‍ය කරුවන් විසින් නළඟන පිළිබඳව වර්ණනා කර ඇති අවස්ථා සාහිත්‍ය පත පොත රසවිඳීමේදී අපට දකින්නට ලැබෙන
කරුණකි, ථුපවංශය ,බුත්සරණ ධර්ම ප්‍රධිපිකාව යන පුස්තකයන් නිදසුන්ය . දෙවියන් ඉදිරියේ නළඟනන් රඟ දැක්වීම ආගමික චාරිත්‍රයක් වූ අතර ඇය දේව දාසි නමින් හැඳින්විය.

වැත්තාවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් කර ඇත.

රූ රැසේ අඳිනා ලෙසින් අත්
ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙන නාදනු පා තබා තබා


Tuesday, March 20, 2018

කාන්තා දිනයක් පසු විය....

නිමා විය ගුණ ගයා , තවත් කාන්තා                දිනක්
ගුණ ගයා ,බැති පුදා සිදුවේද                       යහපතක්
ඇය සදිසි සැනසුමක් බර දරා                    මිහිකතක්
ඇහැකි නම් ලැබ දෙන්න ලතෙත් ඇති නව  ලොවක්

සදේ රැස් දකින්නේ හිරු දෙවිඳු නැති                  විටයි
හිරු එළිය දිලෙන්නේ  සඳුත් බැස                      විටයි
නුඹේ අගය දැනෙන්නේ නුඹ ගෙදර නැති           විටයි
කලේ දිය ලුණු රසයි ,සහගින්න කුස               පෙළයි

පාසලේ කඩ පිළේ නුඹේ දෙපා                    ඇදෙනවා
කැළේ  උල් කටු ඇණි යටිපතුල්                   රිදෙනවා
දර මිටිය හිස දරන අඩිපාරේ                     පෙනෙනවා
වැලි කතරේ නුඹේ කඳුළු වැලි පොලවේ      සිඳෙනවා

දුරු රටක නුඹ ගියේ යස ඉසුරු ගෙනෙන්නයි
දරු පවුලේ බර අදින නුඹම වෙයි ගෙයි බුදුන්
සුරා සොඬ සැමියාගෙන් නෑ පිහිට සිල පහන්
අතරමග බියකරුයි හමන සුළඟින්    රැකෙන්

Saturday, March 17, 2018

"කරදර පොදි බැඳ ගැල පිට පටවා"

අසමි ....
දකිමි ....
විඳිමි .....
"කරදර පොදි බැඳ ගැල පිට පටවා" ........

පද රචනය - උදයසිරි පතිරණ මහතා
මුල් ගායනය ස‍හ සංගීතය - පණ්ඩිත් අමරදේවශුරීන්

කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

ආචාර්ය පණ්ඩිත් අමරදේව ගයකයාණන් විසින් ගයනා කරන ලද මෙම ගීතය ගීත රසය මෙන්ම බුදු දහම පදනම් කරගත් හරවත් දර්ශනයක් පිළිඹිබු කරයි.ලයාන්විත හඬක් නොව ගායකයන්ගේ ගැඹුරු හඬ එම හරවත් බව තවත් ඔප්නංවයි .

"කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා"

අප පෙර ආත්මවල කළ කර්මය ගැළ ඇදගෙන යන කළු ගොණුට උපමා කරයි . අප ගෙවන දිවිය මෙහිදී ගැල වේ.
දුක් කම් කටොලුවලට මුහුණ දෙමින් යන මේ දිවි ගමනේ දුක .දාහය නිවාලන්නට ගැල් කරුවා සි පද ගයනා කරයි.

සාමාන්‍ය සම්මතයේදී කළු වර්ණය සංඛේතවත් කරන්නේ සතුට හෝ සෞභාග්‍ය නොවේ.දුක් කම්කටොලු සහ අසුබ සංසිද්දින්ය .ගැල්කරුගේ ජිවිතයද එසේමය
මෙය පිළිඹිබු කිරීමට අමරදේවයන්සිංහල ජන සංගීතයේ හැඩයන් ඊට යොදා ගැනීම ඉතා සංයමයෙන් යුතුව සිදු කර ඇති බැව් මනාව අවබෝධ වන කරුණකි.

කවි, සීපද සිංහල සංස්කෘතිය හා බැඳී පවතින්නක් වන අතර පැල් රකින ගොවියාද ,පතල් කරුවාද , කරත්ත කරුවාද ,පාරු පදින්නාද ගමනේ විඩාව නිවා ගැනීමට කවි ගායනා කලෝය .ජන ගී ජන කවි අභාශය සහ ගැමි වචන වලින් මෙම ගීතය ඉතා නිර්මාණශීලිව සහ අලංකාරවත්ව රසවිදින්නා වෙත ඉදිරිපත් කර ඇති බැව් මනාව පැහැදිලි වන්නාවූ කරුණකි .

"අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා "

පයින් ගමන් කරන විට අව්රශ්මියට රත්වූ ගල් මතු වූ පාර නිසා දෙපතුල් රත් වී දිය බුබුළු මතුවේ. එම දාහය නිවාලන්නේ සී පද කීමෙනි .
අටලෝ දහමට උපේක්ෂාවෙන් මුහුණ දුන් ගැමියාගේ චරිත ලක්ෂණ මෙම ගීතයෙන් පිළිඹිබු වේ.

උස ප්‍රමාණයෙන් ලංකාවේ දෙවන උස්ම කන්ද වූ කිරිගල්පොත්ත කඳු වැටි මාර්ගයේ ගමන් කරන විට වෙහෙස තවත් උග්‍ර වේ.
කන්ද නැගීම ගමනේ දුෂ්කරම වූ කාර්යයි . එය ගල්කරුට මෙන්ම ගැළ අදින ගවයටද වෙහෙසකරය .එමෙන්ම ජිවිතාවදානමක්ද සහිත ගමනකි.

"කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා.. "

කරත්තකරුවාට ගම සිටින බිරිඳ මේ ගමන අතරතුරේදී සිහිවේ.ඇය සිහිවීම මොහුගේ ගමනට මහත් වූ දිරියකි.ගැල්කරුවා වෙහෙස මහන්සි වී හරිහම්බ කර පවුලේ බර ගෙන යා යුතුය .ගැලෙහි පටවා ඇති බර මොහු දැරිය යුතු වගකීම් සහ යුතුකම් මනාව පිළිඹිබු කරන උපමාවකි.
ජිවත් වීම පහසු නැත.විශේෂයෙන්ම දුගි ජනතාවට විසල් ගැටළුවකි .

ජිවිත ගමන සමබරව ගෙන යාමට මොහු උත්සහ දරයි.ඔහු ජිවිතයට දිරියෙන් මුහුණ දුන්නා මිස, දිවියෙන් පැන යාමට උත්සහ කළේ හෝ පසුතැවිලි වී දෙෙවයට ශාප කළේ නැත .

වත්මන් යුගයට ඔබින කෙතරම් ධනාත්මක පණිවිඩයක්මෙම ගීතයෙන් සමාජයට ඉදිරිපත් කරයිද?




://www.facebook.com/photo.php?fbid=1498679916926643&set=a.430319570429355.1073741899.100003539474067&type=3&theater&notif_t=feedback_reaction_generic&notif_id=1521277069571020

Friday, March 16, 2018

පියාපත් ලද දෝණි

ඉපදුන දිනයේ සිටම දුක් විදිමින් තේ වතු වල වැඩ කරමින් ඉගෙනීම අතරමග කඩාගෙන ජිවිතයේ අන්තයටම වැටුණු යුවතියක් පිළිබඳව ඇතුලත් වුන කතාවකි ශාමෙල් ජයකොඩි මහත්මියගේ පියාපත් ලද දෝණි කෘතිය.
තම ජීවිතයේදී ජිවිතයට ඇතුළු වෙන්න ආපු ප්‍රේමයට හිතට ඇතුලත් වෙන්න නොදී හිත ශක්තිමත් කරගෙන තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්නවා .

තම මිතුරියගේ උදවුවෙන් රටින් රටට ගොස් විවිධ රැකියාවන් ගෙන් ජීවිතය ගොඩ නංවාගෙන විවිධ ක්‍රියාකාරකම් ඉගෙන ගෙන ඉහලට යන්න උත්සහ කරන චරිතයක්.
බොහෝ දරුවන් පිටරටට ගිය පසු තම දෙමවුපියන් අමතක කරනවා.ඔවුන්ට සලකන්නේ නැහැ ,නමුත් මේ කතාවේදී වෙනස් වෙනවා .මේ ගෑනු ළමයා සුර සැප විදින්නට උත්සහ නොගෙන , ජිවිතේ උපයන හැම සතයක්ම තමන්ගේ පවුල වෙනුවෙන් පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කරනවා .දෙමවුපියන්ගේ ඉල්ලීම මත ගමේ නොයිඳ රට යාමට තරම් හිත ශක්තිමත් කර ගැනීම ඇයගේ වගේම පවුලේ වාසනාව උරගා ගැනීමක් වුන බව ඉතාමත් අපුරුවට මෙම පොතේ අන්තර්ගත වෙලා තියෙනවා .නමුත් අවාසනාවකට දෙමවුපියන් තෙරුන් ගත්තේ නැහැ මෙම උත්සාහය.ඔවුන් සිතුවේ තමන් සිටින දුඛිත තත්වයයි යහපත් සතුටු දායක කියල.

කාන්තාවකට තම හිතේ විශ්වාසය අදිෂ්ඨනය තියෙනවා නම් කරන්නට බැරි දෙයක් නැහැ කියන දේ හොදින්ම අන්තර්ගත වුන කෘතියක්



https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/28059084_1475193002608668_4224983832142803921_n.jpg?oh=a33e87abc1080735cd73204cbf6e91b8&oe=5B0137DC

Thursday, March 15, 2018

සිතුවිලි

කදු හිස් මුදුන් අතරින් පෙනෙනා
සඳ රැස් මවන සෙවණැලි
හිද මා තනි නොතනියට අද
කවි සිතුවිලි මවා දෙයි
සඳ රැස් පහසින් සිතට

කදුලැල් සලා වෙහෙසව ඇත සිත බෝම
සුලඟේ පාව යයි සුසුමන් දුක් මුසුව
ඒ දැක තරු එලිය පායා විත් නුබ ගැබට
මා සිත සනසවයි කොඳ මල් පුබුදුවමින

සුලගේ පාවෙනා සිතුවිල්ලක් එක්තැන් කොට
මවන්නට පුරමි පෙරුමන් කවි සිහින
හදවතට ඉඩ නොදී යන්නට අනන්තය වෙතට
දිවියේ මල් පුබුදුවමි අදිටන ගෙන මා සිතට

Tuesday, March 13, 2018

මම පිසාචයෙක්.ඔබ මිනිසෙක්

විද්‍ය ප්‍රබන්ධයක් යනූවිද්‍යාවෙත් සාහිත්‍යයෙත් සුසංයෝජනයකි බටහිර රටවල් විද්‍යාත්මක ප්‍රබනධ ලිවීමෙහිලා ප්‍රමුඛත්වයක් ගනු ලබන අතර ආසියාතික ලේඛන කලාවෙ විද්‍යාත්මක ප්‍රබන්දයින්ට තවමත් ඇත්තේ මන්දගාමී ස්වරුපයකි.
ලාංකීය පාඨකයින් පරිවර්තන හරහා විද්‍යාත්මක ප්‍රබන්ධයන් රස විදී. ආතර් සී ක්ලාක් මහතාගේ රචනයන් මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. මේ වන විට සුසිත රුවන් කතුවරයාගේ රාවනා මෙහෙයුම ඉකරස් අදී කෘතින් හරහා මේ විද්‍යාත්මක බව මොවුන් රස විඳී
.
විද්‍යා ප්‍රබන්ධයන් රසවත් වූ තරමට පාඨකයින් මේ කෘතින් රස විඳී රසපරික්ශක කතාවල අන්තර්ගත වූ කූතුහලය ,අපූර්ව චමත්කාරය මේ කෘතින් වල අන්තර්ගත වන තරමට පාඨකයා මේ කෘතින් ග්‍රහණයට ලක් කර ගනී.
ලන්කාවේ චැම්පයර් වරුන් වටා ගෙතුණු කෘතිය බවට "මනෝජ් රත්නායකයන්ගේ මම පිසාචයෙක් ඔබ මිනිහෙක් විද්‍යාත්මක කෘතිය එලි දැක්වූයේ මෙලෙසිනි.

ලේ උරා බොන චැම්පරයින් පිලිබන්දව අප නොයෙකුත් කතා වන්හී අසා දැක තිබේ. රටේ තරුණියන් ගේ මරණ සිදු කරන්නේ අයේශාද??නැතහොත් මහාචාර්ය මිලින්දද?




https://www.facebook.com/photo.php?fbid=1482154981912470&set=gm.272087193326910&type=3&ifg=1

Monday, March 12, 2018

නුතන සිතුවම්.

1800 වසර වල අග භාගයේදී බොහෝ සිතුවම් කරුවන් නව අත්හදා බැලීම් සිත්තම් කලාවේදී සිදු කරන ලදී. මොවුන් විවිධ නියමයන් අනුගමනය කරන ලද අතර මොවුන් කිහිප වර්ගයක්ම දකින්නට ලැබුණි.

ඝතිකවාදී

යම් කරුණක් පිලිබඳ ආකල්ප ගණනාවකින් එකම අවස්ථාවේදී පෙන්නුම් කරන සිතුවම් වර්ධනය කළවුන් මේ නමින් හැඳින්වුනි.පැතලි කඩදාසියේ මුර්ති නිර්මාණය කල අතර පැබ්ලෝ පිකාසෝ මොවුන් අතර මුල් තැන සිටින සිත්තරෙකි,

අධි තාත්වික වාදී

පරිකල්පන කිරීමේද සහ සිහින ලෝකයේ ගමන් කර සොයා බලන මොවුන් එම චිත්ත රූපණ සිතුවමට නගන ලදී. 1990 දශකයේදී මොවුන් වඩාත්ම තම දක්ෂතාවයන් හැකියාවන් වර්ධනය කර ගන්නා ලද අතර මොවුන්ගේ මෙම සිතුවම් රසවින්දින්නන්ට බිය ජනක බවක් එක් කරන ලද සිතුවම් වුහ.ස්පාඥ ජාතික සැල්වදෝර් අධිතාත්වික සිත්තම්කරුවකු විය.

උපස්ථිතිවාදී

මොවුන් 1874 වසරේදී පැරිස් නුවරදී සිතුවක් ප්‍රදර්ශනයක් පවත්වන ලද ප්‍රංශ ජාතික කණ්ඩායමක් විය.මොවුන් ආලෝකය සහ වර්ණය පිලිබඳ උනන්දු වූ අතර එවූඩාඩ් මැනෙට් , එඩ්ගා ඩෙගාස් කැපී පෙනුන සිත්තරුන් විය.


අමුර්ත සිත්තරුන්

මෙම සිතුවම් ඉතාමත් අසමානය බවකින් යුක්ත වුන අතර ඔවුන් බලා සිටින ඕනෑම දෙයක් ඒ ලෙසින්ම සැබෑ රුවක ආකාරයෙන් සිතුවමට නැගීමයි. ඔවුන්ගේ සිතට දැනෙන කොටස් ඉතාමත් අපුර්ව ලෙස මොවුන් සිත්තමට නැගීමට දක්ෂ විය.ඒ හේතුව නිසාම මෙම අමුර්ත රුප කොයි ආකාරයෙන් සිතුවමට නැගුවද යන්න සිතීම තරමක් අපහසු වීම විශේෂ කරුණකි.

විජය කුමරුනි එන්න

විජය කුමරුනි එන්න
නෙත් යොමා හෙළ බිමට
කුවේණිය හැරදමා
නුඹ ගියා වෙන දෙසක

නුඹ නොවෙද හදි කලේ
හෙළ කතට , දරු පෙමට
ඉතිහාසය අරඹමින්
පුරුෂ බල පෙන්වමින්

අකටයුතුකම් කලේ
දරු දුකත් නොසලකා
ඔවුන් කැලයට දමා
දුක් සුසුම් උරුම කර.

දේශයේ භාරකරු වුණි
පළමු වැරදිකරු
නොසලකා කුවේණිය හා
කැකුළු දරු දෙදෙන
ලොබවුනා රජ සැපට
සාපලත් පිය ලෙසට
නුඹේ පරපුරේ අය
අද මෙන්ම හෙටත් ඇත
සාපලත් දේශයක

Thursday, March 1, 2018

බෞද්ධ කතාවක් ඇසුරෙනි

දෙවි දේවතාවන් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේදී අසන්නට දකින්නට ලැබේ,විවිධ දේවාල විහාර ,පුජනිය වෘක්ෂ ජලාශ ආදියට අධිපති දෙවි දේවතාවියන් මිනිසාගේ විවිධ දුක් කරදර වලට පිහිට වී පින් ලබා ගන්න අවස්ථා අතීතයේදී ද වර්තමානයේදී ද අපිට අසන්නට දකින්නට ලැබේ,ජිවිතයේ මුහුණ දෙන කරදර වලට පිහිටවීම අසනීප වලදී පිහිට වීම යක්ෂ උපද්‍රව දුරු කිරීමට සහ රැකි රක්ෂා ව්‍යාපාර දියුණු කර ගැනීමට උපකාර වීම මින් සමහරකි. දේව පුජා පැවැත්වූ පසු සිත පිරිසිදු වන බවත්  , පෙර නොතිබූ ජිවිතයේ දියුණුවට අදාල වන අලුත් සිතුවිලි පහල වන බවත් බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඔබද , මමද ජිවිතයේ කිසියම් අවස්ථාවක මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබෙනු නොඅනුමානයි.

එමෙන්ම පින් රැස් කර ගැනීමට කැමති දෙවියන් මිනිස් වෙස් ගෙන පුජනිය ස්ථාන පුද පුජා වලට සහබාගි වීම පිළිබඳව අපට අසන්නට ලැබේ,වරක් ශක්‍ර දෙවියන්ටද මෙවන් අදහසක් පහල විය.මහා මග පිඩුසිඟා වැඩිය මහා කාශ්‍යප තෙරුන් වහන්සේට දන් පුජා කර පින් ලබා ගැනීමට ඔහු කල්පනා කළේය,මේ අවස්ථාවේදී  උපාය මාර්ගයක් කල්පනා කල ශක්‍ර දෙවියෝ දුගී වෙසක් මවාගෙන තම බිරිඳ වූ සුජාතා නම් අසුර දියණිය සමග මහා කාශ්‍යප තෙරුණුවන් පිඩු සිඟා වඩින පෙරමග හණ කටිමින් සිටියහ.මෙම දෙමහල්න් ඉතාමත් මහලුය.එම වීදියේ මීටත් වඩා අසරණ පිරිස් නොසිටි අතර මහා රහතන් වහන්සේ ඔවුන්ගේ දුගී පැලට වැඩියහ. ගෙහිමියා දෑස් නොපෙනෙන අයකු මෙන් හැසිරෙමින් වැටි වැටී ගෙට ගොස් බත් සහ ප්‍රණීත භෝජන ගෙනවිත් තෙරුන් වහන්සේට දන් පිළිගැන්වුහ .

 නමුත් පාත්‍රයෙන් විහිදුණ දිව්‍ය අහාර වල සුගන්ධය දැනුන තෙරුන් වහන්සේ මෙම දුගීපැලටප්‍රණීත ආහාර ලැබුනේ කෙලෙසදැයි දිවැස් යොමු කර බැලුහ. මහලු පෙහෙකරයා සක් දෙවිඳු බවත් , බිරිඳ සුජාතාව බවත් ,පසක් කර ගත තෙරුන් වහන්සේ (ශක්‍රය මෙබඳු පහත් ක්‍රියාවක් කර මා රැවටීමට උත්සහ කලේ මන්දැ"යි විමසුවා. දෙවු සැප විඳින ඔබ උදුරාගෙන ඇත්තේ

" දුප්පත්තුන්ට පිනක් කරගැනීමට ලැබී ඇති අවස්ථාවකි ".

උන්වහන්සේ සිය අප්‍රසාදය පල කළහ .එවිට
 දොහොත් නගා වැඳ ශක්‍රයා පැවසුවේ ස්වාමිනි .... අප දෙව් සැප වින්දත් , අපටද පින් ඕනෑ වේ, මනු ලොවට පැමිණ ඔබ වහන්සේට දන් පිදුවේ එබැවිනි .

කෙසේ වෙතත් මහා කාශ්‍යප රහතන් වහන්සේට දනක් පිළිගැන්වීමට අවස්ථාවක් ලැබුනේ යැයි සිත් පහන් කරගත්  ශක්‍ර දෙවියෝ තෙරුන්ට නමස්කාර කර දෙවුලොවට ගියහ.

රට ජාතිය ආගමට අභාග්‍ය උදාවූ අවස්තාවලදී දෙවියන් මිනිස් වෙස් ගෙන ඉපිද මෙහෙවර ඉටු කල ආකාරය අපට ඉතිහාසයේ දැකිය හැකිය.ක්‍රිෂ්ණ මුර්ති තුමා, හෙන්රි ඕල්කට් තුමා ඇලි බෙන්සන් ,මහත්මා ගාන්ධි වැනි  උසස් උතුම් ගතිගුණ  ඇති පුද්ගලයින් මෙවැනි පිරිස් බව විද්වතුන් විශ්වාස කරති. එවන් දෙවියන් නැවත අප රටේ පහළවීමට සුදුසු කාලය උදා වී  ඇත.,


ප්‍රේමය

රිදී පැහැ වැහි බිඳු මැදින්
ඈත අහසේ මැවෙන්නේ 
ඔබෙ රුවයි
තාරුකා එලි මැද දිලෙන්නේ
සෙනෙහසේ රූ සිත්තමයි
හමන සුලගේ පාව එන්නේ 
නුඹේ සුමියුරු ගී හඬයි
ආත්මයටම ස්නෙහෙ නන්වන 
සංසාරගත ප්‍රේමයයි