‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, March 15, 2018

සිතුවිලි

කදු හිස් මුදුන් අතරින් පෙනෙනා
සඳ රැස් මවන සෙවණැලි
හිද මා තනි නොතනියට අද
කවි සිතුවිලි මවා දෙයි
සඳ රැස් පහසින් සිතට

කදුලැල් සලා වෙහෙසව ඇත සිත බෝම
සුලඟේ පාව යයි සුසුමන් දුක් මුසුව
ඒ දැක තරු එලිය පායා විත් නුබ ගැබට
මා සිත සනසවයි කොඳ මල් පුබුදුවමින

සුලගේ පාවෙනා සිතුවිල්ලක් එක්තැන් කොට
මවන්නට පුරමි පෙරුමන් කවි සිහින
හදවතට ඉඩ නොදී යන්නට අනන්තය වෙතට
දිවියේ මල් පුබුදුවමි අදිටන ගෙන මා සිතට

2 comments:

  1. සඳ රැස් පොළෝ තලයම සිපගෙන බෝමා
    නද දුන් විහඟ රැළ නිහඬව ඉනු කෝමා
    හද හුදෙකලාවම දැහැනට ලැදි සේමා
    පද කවි කෙරෙන රැයකට කරනෙමි ප්‍රේමා.....

    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අයියාගේත් පිළිතුර හරිම ලස්සනයි.ජය වේවා අයියා !

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........