විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
- Oasis ක්ෂේම භූමිය
- Ratnapura, Sabaragamuwa, Sri Lanka
- පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
Thursday, September 24, 2026
නොසැලෙන ප්රේමයේ සහ පතිවෘතතාවයේ මහා ප්රාතිහාර්යය
Friday, September 11, 2026
මයිසූර්හි වොඩෙයාර් රාජවංශයේ අපූර්ව ඉතිහාසය
ඉන්දියාවේ දකුණුදිග බිම්කඩෙහි, අභිමානයේ සහ පාලන තන්ත්රයේ විශිෂ්ට සළකුණු තැබූ රාජවංශයක් වේ නම්, ඒ මයිසූර්හි වොඩෙයාර් රාජවංශයයි. ගුජරාටයේ සිට ආරම්භ වූ ඔවුන්ගේ මෙම දීර්ඝ ගමන, යුග ගණනාවක් පුරා දකුණු ඉන්දියානු ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින්, අදටත් කතාබහට ලක්වන විශ්මයජනක පුරාවෘත්තයක් බවට පත්ව ඇත.
වොඩෙයාර් රාජවංශයේ ආරම්භය මයිසූර් නගරය මුල් කරගත් කුඩා රාජ්යයකි. මෙය පිහිටුවන ලද්දේ විජය සහ ක්රිෂ්ණා වොඩෙයාර් යන සොහොයුරන් දෙදෙනා විසිනි. මොවුන් ඉන්දියාවේ ගුජරාටයේ සිට විජයනගරයට සංක්රමණය වී, පසුව මයිසූර් වෙත පැමිණ මෙම රාජධානිය ආරම්භ කළහ. කන්නඩ භාෂාවෙන් වොඩෙයාර් යන්නෙහි තේරුම "ස්වාමියා" යන්නයි. මුල් කාලයේ මෙම රාජධානිය විජයනගර අධිරාජ්යයට යටත්ව පැවතුණි.
මෙම රාජවංශය ක්රි.ව. 1399 දී යදුරාය වොඩෙයාර් විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. 1565 දී විජයනගර අධිරාජ්යය බිඳ වැටීමත් සමඟ මයිසූර් රාජධානිය සම්පූර්ණයෙන්ම ස්වාධීන විය.
ඉන්පසු බලයට පත් රජවරුන් යටතේ රාජධානිය තවදුරටත් පුළුල් වූ අතර
පළමුවන රාජා වොඩෙයාර් විසින් 1578-1617 කාලය තුළ රාජධානියේ සීමාවන් පුළුල් කළ අතර, 1610 දී ආරක්ෂාව සඳහා අගනුවර මයිසූර් සිට ශ්රී රංගපට්නම් දූපත වෙත ගෙන ගියේය.
පළමුවන කන්තිරව නරසරාජා විසින් 1638-1659 කාලයේදී මයිසූර් රාජධානියේ සීමාවන් තමිල්නාඩුවේ ට්රිචි දක්වා පුළුල් කළේය.
චික්කා දේවරාජ විසින් පාලනය කළ 1673-1704 දක්මේවා වූ මෙම කාලය රාජවංශයේ ස්වර්ණමය යුගය විය. ඔහු පරිපාලනය විධිමත් කිරීමට දෙපාර්තමේන්තු 18ක් පිහිටුවා මනා බදු ක්රමයක් හඳුන්වා දුන්නේය.
18 වැනි සියවසේ අගභාගයේදී, සුප්රසිද්ධ ටිපු සුල්තාන් 1799 දී ශ්රී රංගපට්නම් යුද්ධයේදී බ්රිතාන්යයන් විසින් පරාජය කර මරණයට පත් කරන ලදී. ඉන්පසුව බ්රිතාන්යයන් විසින් වොඩෙයාර් රාජවංශය නැවත බලයට පත් කරන ලද්දේ කුඩා කරන ලද රාජ්යයකිනි.
තුන්වන ක්රිෂ්ණරාජ වොඩෙයාර් ගේ පාලන සමයේදී (1799–1868) මුළු ප්රදේශයම බ්රිතාන්ය අධිරාජ්යයේ සෘජු පාලනයට යටත් විය. පසුකාලීන රජවරුන් වන හතරවන ක්රිෂ්ණරාජ වොඩෙයාර් සහ ජයචමරාජේන්ද්ර වොඩෙයාර් යන මහත්වරුන් බ්රිතාන්ය රජයෙන් ඉහළ උසස් සම්මාන වලින් පිදුම් ලැබූහ. අවසානයේදී, ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ මෙම රාජධානියද ස්වාධීන ඉන්දියානු ආණ්ඩුවට එකතු විය.
කුඩා රාජ්යයක් ලෙස අංකුරාරෝපණය වී, යුගයේ පෙරළීන් රැසකට මුහුණ දෙමින්, කටුක අභියෝග ජයගත් වොඩෙයාර්වරුන්ගේ කතාව අදටත් මයිසූර් නගරයේ මාලිගාවල මෙන්ම සංස්කෘතිය තුළ ජීවමානව පවතී. අභිමානවත් රාජකීය අතීතයක සැබෑ සෝමභාරය මැනවින් කියාපාන මෙම රාජවංශය, ඉන්දීය ඉතිහාස පොත්වල සදාකාලිකව බබළන අපූර්ව පරිච්ඡේදයකි.
Tuesday, September 8, 2026
රාජකීය අභිමානයේ සහ වාස්තුවිද්යාත්මක විශ්මයේ සංකේතය
ආදරයේ සැබෑ අරුත
පිරිමියෙකු සහ ස්ත්රියක යනු එක් සමස්තයක කොටස් දෙකකි
යුගයෙන් යුගයට, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වුණත්, මිනිසුන් නිතරම කතා කළ එකම මූලධර්මයක් තියෙනවා. ඒ තමයි එකිනෙකාව අනුපූරක කරන පිරිමි සහ ගැහැණු ශක්තීන් දෙකක් ගැන තියෙන සංකල්පය.
ශිවා — ශක්ති (විඥානය සහ ශක්තිය)
යින් — යෑන් (ග්රාහක සහ සක්රීය)
ඔසිරිස් — අයිසිස් (පුරුෂ සහ ස්ත්රී දිව්යමය ස්වරූපය)
යුරේනස් — ගයියා (අහස සහ පොළොව)
සියුස් — හේරා (දෙවිවරුන්ගේ රජ සහ රැජින)
රාධා — ක්රිෂ්ණා (ප්රේමය සහ දිව්යමය විඥානය)
ඇනිමා — ඇනිමස් (මිනිස් මනස තුළ ඇති ගැහැණු සහ පිරිමි ස්වභාවය)
කාලය කොච්චර වෙනස් වුණත්, මේ සංකල්පය අපේ ජීවිතවලට හැමදාමත් එකඟයි.
ප්රතිවිරුද්ධ බලවේග දෙකක්.
ආරම්භයන් දෙකක්.
එක් සමස්තයක කොටස් දෙකක්.
ගැහැණියකට පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?
ඇත්තෙන්ම පුළුවන්.
පිරිමියෙකුට ගැහැණියක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද?
ඇත්තෙන්ම පුළුවන්.
මිනිසෙකුට තනිවම ස්වයංපෝෂිත වෙන්න පුළුවන්.
නමුත්, තමන්ගේ අඩුපාඩු වසාගන්නවා වෙනුවට, පූර්ණත්වයට පත් වුණු පුද්ගලයන් දෙදෙනෙක් මුණගැහුණම සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් හැදෙනවා.
ඒක තමයි සිනර්ජිය ඒ කියන්නේ සමමුහුර්තකරණය. එහි තේරුම අන්යොන්ය බල ගැන්වීම කියන එක.
එක අයෙකුගේ ශක්තිය තව කෙනෙක්ගේ ශක්තිය තවත් තීව්ර කරනවා. ඒ දෙන්නා එකතු වුණාම තනියම කරනවට වඩා කොච්චර ලොකු දේවල් කරන්න පුළුවන්ද? ඔහු ඇය තුළ තියෙන ගැහැණු ස්වභාවය ඔප් නංවනවා. ඇය ඔහු තුළ තියෙන පිරිමි ස්වභාවය ඔප් නංවනවා. එතකොට සම්බන්ධතාවය හුදෙක් අවශ්යතා සපුරාලන තැනකින් එහාට යනවා. ගැහැණියක් මුදල්, ආරක්ෂාව, සමාජ තත්ත්වය හෝ දරුවන් වෙනුවෙන් පිරිමියෙක් පස්සේ යන එකත්, පිරිමියෙක් ලිංගික තෘප්තිය, ගෘහ ජීවිතය හෝ සුවපහසුව වෙනුවෙන් ගැහැණියක් සොයන එකත් සාමාන්ය දෙයක්. ඒක සාර්ථක හවුල්කාරිත්වයක් වෙන්න පුළුවන්.
නමුත් ඒක හැමවිටම ආත්මයන්ගේ එකමුතුවක් වෙන්නේ නැහැ. ඒක අවශ්යතා මත පදනම් වූ ගනුදෙනුවක් විතරයි. එහි කිසිදු වරදක් නැහැ.
නමුත් සම්බන්ධතාවයක ඊට වඩා ගැඹුරු මට්ටමක් තියෙනවා.
පිරිමියෙක් සහ ගැහැණියක් එකිනෙකා ළඟට එන්නේ "මාව බලාගන්න, මට මේක දෙන්න" කියන තැනින් නෙවෙයි. "අපි එකතු වෙලා මොකක්ද අලුතින් ගොඩ නගන්නේ ?කියන තැනින් නම්
එතකොට ඒ සම්බන්ධතාවය පාරිභෝජනයක් නොවී, අපූර්ව නිර්මාණයක් බවට පත් වෙනවා. ඒක හිස්තැනක් පුරවාගන්න කරන උත්සාහයක් නෙවෙයි; දැනටමත් සතුටින් ඉන්න පුළුවන් අය දෙන්නෙක් එකතු වෙලා අලුත් දෙයක් බිහි කිරීමක්. ඒක යැපීමක් නෙවෙයි, අන්යෝන්ය බලගැන්වීමක්. "මාව සතුටු කරන" කෙනෙක් පස්සේ යෑමක් නෙවෙයි, ජීවිතය සාර්ථකව විඳින්න දන්න දෙදෙනෙක් එකට එකතු වෙලා තවත් විශාල දෙයක් නිර්මාණය කිරීමක්.
පුරාණ කාලයේ සිටම මේ මූලධර්මය අපිට උගන්වන්නේ එකම දෙයක්
ප්රතිවිරුද්ධ වුණත් එකිනෙකට අනුපූරක වන බලවේග දෙකක් එකතු වුණාම තමයි ජීවිතය බිහි වෙන්නේ.
මෙය වචනාර්ථයෙන්ම තේරුම් ගන්න අවශ්ය නැහැ. ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න හොඳම රූපකය මේකයි. ක්රියාශීලී සහ ග්රාහක, විඥානය සහ ශක්තිය නිවැරදිව එකතු වුණ තැන අලුත් චලනයක්, අලුත් නිර්මාණයක් බිහි වෙනවා. පිරිමියෙක් සහ ගැහැණියක් අතර සම්බන්ධතාවය කියන්නේ හුදෙක් ගෙදර දොරේ වැඩ, ලිංගිකත්වය , ළමයි, සල්ලි හෝ සමාජ තත්ත්වයට වඩා ගොඩක් එහා ගිය දෙයක්.
මේක තමයි ලෝකයේ තියෙන පැරණිතම සහ ගැඹුරුම සංකේතය. බලවේග දෙකක් එකතු වෙලා, මීට කලින් කොහේවත් නොතිබුණු අලුත්ම දෙයක් බිහි කරනවා. එතකොට ඒ දෙන්නා "තමන්ගේ අර්ධය සොයන අඩුවුණු දෙදෙනෙක්" නෙවෙයි. ඒ වෙනුවට, තමන්ගේම පූර්ණත්වයෙන් ඉඳන් තවත් අලුත් ලෝකයක් මවන අපූරු මිනිස්සු දෙදෙනෙක්. ඒක අවශ්යතාවක් සපුරාලීමක් නෙවෙයි. හිස්තැනක් පිරවීමක් නෙවෙයි.
ඒ තමයි එකිනෙකාගේ ශක්තිය තවත් වැඩි කරගෙන, මේ ජීවිතයේ බලය අලුත් ලෝකයකට, අලුත් අරමුණකට යොමු කිරීම. මොකද, සමහරවිට ආදරයක හරිම අර්ථය වෙන්නේ තමන්ගේ අර්ධය සෙවීම නෙවෙයි. ඔබ අසල සිටින විට ඔබේ ශක්තිය ඔබටත් වඩා විශාල වන අපූරු මිනිසෙක් හෝ ගැහැණියක් මුණගැසීමයි.
Monday, September 7, 2026
ඔර්චාහි සොඳුරු රාජකීය චාරිකාව
කාලයේ වැලිතලාවෙන් වැසී නොගිය, අතීත රාජකීය අභිමානය තවමත් හුස්ම ගන්නා අපූරු බිම්කඩකට පියනගන්න ඔබ සූදානම්ද? නිසලව ගලාබසින බෙට්වා නදී තීරයේ පිහිටි ඔර්චා (Orchha) යනු මධ්යතන යුගයේ අභිමානය, පයින් වනාන්තරවල නිහඬ බව සහ අහස උසට නැගුණු රාජකීය ස්මාරකවල සුන්දරත්වය එකිනෙක මුසු වූ, කාලය නතර වූවා වැනි පාරාදීසයකි. 16 වන සියවසේදී බුන්දේලා රාජපුත් නායක රුද්ර ප්රතාප් සිං විසින් ආරම්භ කරන ලද මධ්ය ප්රදේශ් හි පිහිටි මෙම සැඟවුණු මැණික, ඕනෑම සංචාරකයෙකුගේ නෙත් සිත් වශී කරවන සුළුය.
එහි අලංකාර මාලිගා දොරටු අතරින් ඇතුළු වන ඔබට කාලයට අභියෝග කළ වාස්තු විද්යාත්මක ගොඩනැගිලි රාශියක් හමුවේ.
ඔර්චා බලකොටු සංකීර්ණය
මූර්ති හා බිතුසිතුවම්වලින් පිරි ඓතිහාසික 'රාජා මහල්' සහ මූගල් අධිරාජ්යයාගේ පැමිණීම වෙනුවෙන් ඉන්දු-ඉස්ලාමීය ශෛලියෙන් නිර්මාණය කළ අලංකාර 'ජහන්ගීර් මහල්' මෙහි ප්රධාන විශ්මිත නිර්මාණය වේ.
රාම් රාජා කෝවිල
ඉන්දියාවේ රාම් දෙවියන්ට දෙවියෙකු ලෙස පමණක් නොව, හමුදා උත්තමාචාර මැද සැබෑ රජෙකු ලෙස පූජෝපහාර දක්වන එකම පූජනීය ස්ථානය මෙයයි.
රාජකීය ඡත්ර
ගංතීරයේ පිහිටි අලංකාර ස්මාරක 14 ක් වන අතර, හිරු බසින අවස්ථාවේදී රන්වන් අහස සහ දියරැළි අතරින් ඒවායේ මනරම් ඡායාවන් අපූර්ව දර්ශනයක් මවයි.
බෙට්වා ගං තීරය
රන්වන් සැන්දෑ අහස යට නිසලව ගලාබසින බෙට්වා නදී තීරය, හදවත මොහොතකට නතර කරවන තරම් සුන්දරය. අද්දර පිහිටි රක්ෂිත වනාන්තරයේ සන්සුන් නිහඬතාව විඳිමින් පෙම්බස් දොඩන්නටත්, දියරැළි අතර තිගැස්ම පිරි රෝමාන්තික ජල ක්රීඩාවල නිරත වන්නටත් මෙය කදිම නිවහනකි.
අනෙකුත් ජනාකීර්ණ සංචාරක ස්ථාන මෙන් නොව, ඔර්චාහි ඇත්තේ නිහඬ, ප්රශාන්ත පරිසරයකි. සංචාරක තදබදයකින් තොරව පෞරාණික ගල් මාවත් දිගේ ඇවිද යමින් අතීත වීරකතා සහ කලාත්මක බව පිළිබඳ මතකයන් නිදහසේ විඳගැනීමට ඔබට මෙහිදී අවස්ථාව ලැබේ.
රන්වන් හිරු බැසයද්දී සහ රාත්රී පූජාවේ ඝණ්ඨා නාදය ගඟ පුරා රැව්පිළිරැව් දෙද්දී, ඔර්චා නගරය ඔබව අතීත රාජකීය යුගයක අමතක නොවන මතකයන් අතරට රැගෙන යනු ඇත. මෙනෙහි කරන තරමට මනස පිනවන, ජීවිතයේ එක්වරක් හෝ විඳගත යුතු ඒ අසිරිය සොයා ඔබත් දිනෙක ඔර්චා වෙත පියනගන්න.
Thursday, September 3, 2026
ඉන්දියානු ජන ගී කාව්යයන්හි
ඉන්දියාවේ විවිධ වර්ගයේ ජන සැහලි පවතී. ඒවා සියල්ලම එකිනෙකට වෙන් කර වර්ගීකරණය කිරීම අපහසුය. කෙසේ වෙතත්, ස්ථිර පදනමක් මත, ඒවායේ ප්රමාණය, හැඩය හෝ විෂය කරුණු අනුව වර්ග කළ හැක. එහි ව්යුහය අනුව කුඩා ප්රමාණයේ සැහලි සහ විශාල ප්රමාණයේ සැහලි ලෙස වර්ග කළ හැකිය. නමුත් සැබෑ වර්ගීකරණය පදනම් වන්නේ ඒවාට අදාළ විෂය කරුණු මතය. ආචාර්ය ක්රිෂ්ණා දේව් උපධ්යායට අනුව, ජන සැහලි ප්රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කර ඇත:
ප්රේමාන්විත ජන සැහලි (Romantic Folk Ballads)
වීරෝදාර ජන සැහලි (Heroic Folk Ballads)
වික්රමාන්විත ජන සැහලි (Adventurous Folk Ballads)
ප්රේමාන්විත ජන සැහලි වල කතාව ප්රධාන වශයෙන් පදනම් වන්නේ ආදර තේමාවක් හෝ ආදර කතාවක් මතය. මෙම කථා මඟින් පෙම්වතුන් යුවළකගේ ආරම්භයේ සිට අවසානය දක්වා වූ ගමනේ සියලු හොඳ හෝ නරක තත්ත්වයන් විස්තර කෙරේ.
උදාහරණ වශයෙන් ධෝලා මාරු (Dhola Maaru), සෝහ්නි-මහීවාල් (Sohni Mahiwal), චන්ද්රාවල්-චන්දනා (Chandrawal-Chandana), සෝර්ති (Sorthi), ශෝභානායක බන්ජාරා (Shobhanayaka Banjara) ආදිය ගත් හැකිය.
වීරෝදාර ජන සැහලි වල කතාව පදනම් වන්නේ කතාවේ සැබෑ වීරයා හෝ වීරවරිය වන පිරිමියෙකු හෝ කාන්තාවක විසින් කරන ලද වීර ක්රියා මතය. එයින් ඔවුන් දරුණු හෝ අසීරු තත්ත්වයන්ට මුහුණ දුන් ආකාරය සහ හැසිරුණු ආකාරය විස්තර කෙරේ.
වික්රමාන්විත ජන සැහලි වල කතාව පදනම් වන්නේ පුද්ගලයෙකුගේ ඇඟ කිලිපොලා යන හෝ වික්රමාන්විත සංචාරයක් වටා ය.
ඉන්දියාවේ කලාපීය ජන සැහලි (Regional Folk Ballads of India):
විවිධ ප්රදේශ සහ ඒවාට ආවේණික වූ සැහැලි නිර්මාණ පහත පරිදි බෙදා වෙන් කල හැක .
ඇසෑමි (Assamese)
මණිකොපර්, පුල්කුන්වර්, අජාන් ෆකීර්, මනිරාම් දේවන්, බර්ෆුකාන්, ක්රිෂාක්-විද්රෝහර්, ආදිය.
අවාධි (Awadhi)
ශ්රී රාම්-සීතා, ශිව්-පාර්වතී, රාජා භර්තාරි, ශ්රාවන් කුමාර්, චන්ද්රාවලී, ආදිය.
අංගිකා (Angika)
ලොරික්, බිහුලා බාලා ලඛන්දාර්, කරුභගත්, රාණි සුරංගා, කුන්වර් විජයමාල්, ගෝපි චන්ද්, භර්ත්රිහරි, මීරායන්, ආදිය.
ඔඩියා (Odia)
සත්ය හරිශ්චන්ද්ර, ගෝපි චන්ද්, සාවිත්රි චරිත, සතිරාහ්, අභියෝගාත්මක්, ශෝකාත්මක්, සුඛාත්මක්, ආදිය.
කන්නඩ (Kannada)
උත්තරදේවී, හොන්නදේවී, සත්යවතී ලව්නි, කිතුර් චෙන්නම්මා, කන්නප්පා, කබීර් කමල්, ආදිය.
කුමායුනි (Kumauni)
ක්රිෂ්ණා චන්ද්රාවලී, බාලා-හරු, නල්-දමයන්ති, මල්ලිකාර්ජුන්, නර්සා ධෞනි, මාලුෂාහි, ජමාලා බෝහ්රි, ආදිය.
කොන්කනි (Konkani)
ශ්රාවොන්, බන්වාඩ්, ගොඩ්ඩේ රාමායන, ආදිය.
ගුජරාටි (Gujarati)
මොජ්දින් මහේතබ්, හෝතල්පද්මිනී, සති ගනක්, සෝන්-හලමන්, ලොරික්-චන්දා, රව්දුදෝ, ධෝලා මාරුනි, ආදිය.
ගාර්වාලි (Garhwali)
රුක්මිණී සහ හරන්, චන්ද්රාවලී සහ හරන්, සූරජ්කුන්වර්, කුසුමකොලින්, ගංගුරාමෝලා, බිධ්නි විජයපාල්, බගා රාවත්, ආදිය.
චත්තිස්ගාර්හි (Chattisgarhi)
අහිමන් රාණි, පාණ්ඩවානි, ෆුල්-බාසන්, කල්යාන් සිං, සීතා රාම් නායක්, ධෝලා-මාරු, ෆුල්කුන්වර්, ලොරික් චන්දයිනි, ආදිය.
ඩොග්රි (Dogri)
මාතා වෛෂ්ණෝ, මාතා කල්කා, ශීතලා මාතා, බාබා කයිලු, බාබා ජිට්ටෝ, බාබා සුර්ගල්, බාබා නහාර් සිං, ආදිය.
දෙමළ (Tamil)
අල්ලි අර්සානි මාලේ, කරල් කුඩි, රාජා දේසිං, මදුරෙයිවීරන්කඩේ, කාට්වරායන් කඩේ, පුලිදේවර්සින්දු, ආදිය.
තෙළිඟු (Telugu)
බොබ්බිලි කථා, දේසිගු රාජු කථා, හරි කථා, බුර්රා කථා, පාලුරාජු කථා, කම්භෝජ්ග්රාජුකථා, කැත්මාරාජු කථා, පල්නෝටි කථා, ආදිය.
තාරු (Tharu)
රාජා ධන්පාල්, සහෝදරා (භගවතී), රාජා මන්සන්, ආදිය.
නාග්පුරි (Nagpuri)
ශිව්-පාර්වතී, ගනේෂ්, රාධා-ක්රිෂ්ණා, රාම්-සීතා, දුර්ගා, කාලි, හනුමාන්, ආදිය.
පන්ජාබි (Punjabi)
දුල්ලාභට්ටි, සහීඩ් බාබා දීප් සිං, හීර්-රන්ජා, සෝහ්නි-මහීවාල්, මීර්සා-සාහිබ්, රාජා රසාලු, ආදිය.
බෙංගාලි (Bangla)
ගෝපි චන්ද්, ගොරක්නාත්, මහිපාල්, භොගිපල්කිලොක්-කථායෙන්, ආදිය.
බජ්ජිකා (Bajjika)
ලොරිකවුන්, රාජා සල්හේස්, නතුවා දයාල් සිං, විජෝමාල්, ගනිනාත් ගෝවින්ද් අමර් සිං, කේවාල් සිං, බසාවන්, ආදිය.
බ්රාජ් (Braj)
ආල්හා, හීරමන්, ධෝලා, චන්ද්රාවලී, ගෝපිචන්ද්, භර්තාරි, මෝර්ධ්වාජ්, ගුරු ගුග්ගා, ආදිය.
බාගේලි (Bagheli)
ධෝලා, රාජා භර්තාරි, කරන් දානි, බසාමන් මාමා, ආදිය.
බුන්දේලි (Bundeli)
ආල්හා, රච්හ්රා, සාරන්ගා-භාරන්ගා, ජග්දේව්කපුන්වාරා, සන්ත්-බසන්ත්, රාම් කථා සහ ක්රිෂ්ණා කථාපරඛාඛ්යාන්, ආදිය.
භෝජ්පූරි (Bhojpuri)
ආල්හා, ලොරිකි, විජයමාල්, බාපු කුන්වර් සිං, ශෝභා-නායක-බන්ජාරා, සෝර්ති, බිහුලා, රාජා භර්තාරි, රාජා ගෝපිචන්ද්, ආදිය.
මාගාහි (Maghi)
ආල්හා, ලොරිකයින්, කුන්වර් විජය, රේෂ්මා, ශෝභා සහ නායක්, සාරන්ගා, රාජා ධෝලාන්, රාජා භර්තාරි, ආදිය.
මෛතිලි (Maithili)
ලොරික්, බිහුලා, සල්හේස්, දීනා භාද්රි, ගෝපිචන්ද්, භර්තාරි, විජයමාල්, හරිචන්දර් දානි, ධන්පාල්, ජයි සිං, කනක් සිං, ආදිය.
මනිපුරි (Manipuri)
ඛම්බා තොයිබි, මොයිරන්ග්ෂා, ජිලදර්බාර්, ඛොන්ජොම්පර්ව්, සංලාලෙම්බි, ෆම්බාල් කාබා, ආදිය.
මරාති (Marathi)
වාසුදේව් කේ ගීත්, ගොන්ද්ලි ගීත්, ජාග්රන් ගීත්, භාරදකේගීත්, ආදිය.
මලයාලම් (Malayalam)
උන්නියාර්චා, ආරොමාල්, තච්චෝලි ඔතේනන්, ආරොම් ලුන්නි, ඉර්වික්කුට්ටි පිල්ලෛ, ආදිය.
මාල්වි (Malvi)
හීඩ් ගාථායෙන්, බග්දාවත්, ගෝපිචන්ද්, භර්තාරි, චේන් සිං, දුග්ජි-ජුවර්ජී, සෝනා-රූපා, චන්දනා කුන්වර්, රාජා නල්, ආදිය.
රාජස්ථානි (Rajasthani)
පබූජි, දේව්ජි බග්දාවත්, නිහාල්දේ සුල්තාන්, ධෝලා-මාරු, පෘථිවි රාජ්, ජලාලි-බුබ්නා, ආදිය.
සන්තාලි (Santali)
සිදෝකාන්හු, මුර්මුහුල් ගාථා, ආදිය.
සින්ධි (Sindhi)
දෝදෝ චනෙසාර්, මුමල් රානෝ, ලීලා චනෙසාර්, උමර් මාල්, ලයිලා-මජ්නූ, ධෝලා-මාරු, ශිරින්-ෆර්හාද්, හීර්-රන්ජා, දීප්චන්ද්, ආදිය.
හිමාචලි (Himachali)
නේගි දයාරි, ජග්තා පතානියා, ආදිය.
හරියාන්වි (Hariyanvi): නර් සුල්තාන්-නිහාර් දේ, ආල්හා-උදල්, භුරා බාදල්, ජයිමල් ෆත්තා, භෞකා සාකා, අමර් සිං රාතෝර්, වීර් ජවාහර්මාල්, ආදිය
- මූලාශ්ර
Jain, Shrichandra, Lok Katha Vigyan, Rajasthani Granthagar, Jodhpur (2016)
[2]. Sinha, Satyavrat, Bhojpuri Lok-Gatha, Hindustani Academi, Uttar Pradesh, Allahabad (1957)
මේඝාලයාහි රාජකීය උරුමය වූ අරාවලී කඳු පංතියේ රාජකීය මුද්රාව
රාජස්ථානයේ හදවත බඳු ආරාවලී කඳු වැටිය අසල පිහිටි අජ්මීර්හි මේයෝ විද්යාලය යනු හුදෙක් ප්රභූ නේවාසික පාසලක් පමණක් නොවේ; එය ඉන්දියාවේ රාජකීය උරුමයේ ජීවමාන සංකේතයක් මෙන්ම අසිරිමත් වාස්තු විද්යාත්මක නිර්මාණයකි. ඉන්දියානු රාජකීයයන්ගේ සහ අභිජාත පැලැන්තියේ දරුවන්ට අධ්යාපනය ලබා දීම සඳහා 1875 දී ඉන්දියාවේ 6 වන වයිස්රෝයිවරයා වූ මේයෝ සාමිවරයා (Lord Mayo) විසින් ආරම්භ කරන ලද මෙම ලෝකප්රකට ආයතනය, අද වන විට නායකත්වය, සංස්කෘතිය සහ අධ්යාපනික විශිෂ්ටත්වය පෝෂණය කරන රටේ වඩාත්ම සම්භාවනීය අධ්යාපන පීඨයක් බවට පත්ව ඇත.
රාජ්පුතානා වාස්තු විද්යාවේ අභිමානය
නරඹන්නෙකුගේ නෙත් සිත් වශී කරවන ප්රධානම අංගය වන්නේ එහි ප්රධාන ගොඩනැගිල්ලයි. දීප්තිමත් සුදු ජෝද්පූර් කිරිගරුඬවලින් නිමවා ඇති මෙය, සම්ප්රදායික හින්දු කැටයම්, මූගල් ආරුක්කු සහ බ්රිතාන්ය කොලෝනියල් ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාර සංකලනයක් සහිත ඉන්දෝ-සාරසෙනික් (Indo-Saracenic) වාස්තු විද්යාත්මක විශිෂ්ට නිර්මාණයකි.
මේජර් මාන්ට් (Major Mant) විසින් සැලසුම් කර, ජයිපූර්හි රාජ්ය ගෘහ නිර්මාණ ශිල්පියාගේ අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම ප්රධාන ගොඩනැගිල්ල සියුම් කැටයම් ජාලා (jaalis), උසැති ඡත්ර (chhatris) සහ රාජස්ථාන් හිරු එළියෙන් බැබළෙන විශාල ආලින්දයන්ගෙන් සමන්විත වේ. අක්කර 300 කට වඩා වැඩි සරුසාර භූමි භාගයක පැතිරී ඇති මේයෝ විද්යාලීය පරිශ්රය, ඓතිහාසික නේවාසිකාගාර, දැවැන්ත ක්රීඩාංගණ, පෝලෝ (Polo) පිටි සහ නිදහස් ස්වාභාවික පරිසර පද්ධතියකින් යුතු සුන්දර ක්ෂේම භූමියක් වැන්න.
නේවාසික නිවාස පැරණි රාජකීය ප්රාන්තවල නම්වලින් හඳුන්වන අතර මෙම ඓතිහාසික නේවාසිකාගාර ජයිපූර්, ජෝද්පූර්, උදායිපූර් ලෙස නම් කර ඇත. මෙම පාසලේ ආදි ශිෂ්යයන් මහාරාජාවරුන්, තානාපතිවරුන්, හමුදා නිලධාරීන්, ව්යාපාරික නායකයින් සහ කලාකරුවන් රැසක් බිහි වී තිබේ.
මේයෝ විද්යාලය සිය සියවස් ගණනාවක් පැරණි පාරම්පරික සිරිත් විරිත් සුරකින අතරම, එහි අධ්යාපනික දර්ශනය පූර්ණ ලෙසම නූතන එකකි. අධ්යාපනය, ක්රීඩාව සහ නිර්මාණාත්මක කලාව යන සියල්ලටම එක හා සමාන වටිනාකමක් ලබා දෙන සර්වප්රකාර සංවර්ධන වැඩසටහනක් පාසල විසින් පවත්වාගෙන යනු ලබයි.
පෝලෝ (Polo) රාජකීය ක්රීඩා සම්ප්රදාය පණපිටින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්රසිද්ධ මේයෝ විද්යාලය, උසස්ම මට්ටමේ අශ්වාරෝහක පහසුකම්, ස්කොෂ් (Squash) අංගන, ක්රිකට් ක්රීඩාංගණ සහ වෙඩි තැබීමේ පරාසයන්ගෙන් (Shooting ranges) සමන්විත වේ. පාසල් පරිශ්රයේම පිහිටා ඇති ‘දන්මාල් මාථූර්’ කෞතුකාගාරය (Danmal Mathur Museum) ලොව ඇති විශාලතම පාසල් කෞතුකාගාරවලින් එකක් වන අතර, එහි දුර්ලභ පුරාවස්තු, පුරාණ ආයුධ සහ ජෛව විද්යාත්මක නිදර්ශක රාශියක් අඩංගු වේ.
නේවාසික ජීවිතය මගින් සිසුන් තුළ දැඩි සහෝදරත්වයක්, ස්වයං විශ්වාසයක් සහ නායකත්වයක් ගොඩනංවයි. සිසුන් තම නේවාසික නිවාස තුළදී පාලනය, විනය සහ ජීවිත කාලයටම බලපාන සහෝදරත්වය ප්රගුණ කරති.
මේයෝ විද්යාලය යනු අතීත උරුමය, රාජකීය ගෞරවය සහ නූතන ගෝලීය අධ්යාපනය මනරම් ලෙස එකට හමුවන සදා බැබළෙන දීප්තිමත් සංකේතයකි.
ඔබ සිතන්නේ හැඟීමෙන්ද, තර්කයෙන්ද, නැතිනම් ආත්මයෙන්ද?
අප ගන්නා සෑම තීරණයක් පිටුපසම, අප දකින සෑම සිහිනයක් පිටුපසම වගේම අපට එන ඕනෑම ප්රශ්නයක් පිටුපසම තිබෙන්නේ අපේ මනසයි.
දවසකට අපේ හිතට සිතුවිලි දහස් ගණනක් එනවා. නමුත් යම් දෙයක් වුණාම අපි ඒකට මුහුණ දෙන විදිහ තීරණය කරන්නේ අපේ සිතන විදිහයි . සමහර අය හදවත කියන දේ අහලා තීරණ ගන්නවා. තවත් අය විස්තර සහ තර්කය ගැන විතරක් හිතලා තීරණ ගන්නවා. තවත් පිරිසක් ජීවිතයේ ඇත්ත අර්ථය මොකක්ද කියලා හිතනවා.
ඔබේ මනසත් වැඩිපුරම බර කොයි පැත්තටද කියලා කවදා හරි හිතිලා තියෙනවද? මිනිස්සු සිතන ප්රධාන විදි 3ක් තියෙනවා. ඒ හැඟීම්බර (Emotional), තර්කානුකූල (Logical), සහ ආත්මික (Spiritual)
1. හැඟීම්බරව සිතන අය (Emotional Thinker)
මොවුන් තීරණ ගන්නේ තමන්ට දැනෙන හැඟීම්, හිතේ ඇතිවන අදහස් සහ අනුකම්පාව මුල් කරගෙනයි. අනිත් අයගේ දුක සැප හොඳින් තේරුම් ගන්න මොවුන්ට පුළුවන්. කලාත්මක සහ අලුත් දේවල් හිතන වැඩවලට මොවුන් හරිම දක්ෂයි.
ප්රධාන ලක්ෂණ
හොඳ යාළුකම් සහ සබඳතා පවත්වා ගැනීම, අනිත් අයව හොඳින් තේරුම් ගැනීම.
වෙලාවකට වැඩියෙන් සංවේදී වෙන නිසා ප්රායෝගික නැති තීරණ ගන්න පෙළඹීම.
2. තර්කානුකූලව සිතන අය (Logical Thinker)
මොවුන් සෑම විටම බලන්නේ සත්ය කරුණු, දත්ත සහ හේතුඵල සබඳතාවයන් ය. මොවුන් හැඟීම්වලට වඩා බුද්ධියට සහ විශ්ලේෂණාත්මක බවට මුල්තැන දෙයි. සංකීර්ණ ගැටලු පියවරෙන් පියවර විසඳීමට සහ සැලසුම්සහගතව කටයුතු කිරීමට මොවුන් දක්ෂතාවයක් දක්වයි. මේ විදිහට හිතන නිසා හදිසි වී වැරදි තීරණ ගැනීම නතර වෙනවා. හැබැයි ඇතැම් විට අනිත් අයගේ හැඟීම් ගැන නොහිතන නිසා මොවුන් හදවතක් නැති අය වගේ අනිත් අයට පේන්න පුළුවන්.
3. ආත්මිකව සිතන අය (Spiritual Thinker)
ආත්මිකව සිතීම කියන්නේ ආගමකට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. මොවුන් ජීවිතයේ ඇත්ත අර්ථය, ජීවත් වෙන එකේ අරමුණ සහ මුළු විශ්වය ගැනම හිතනවා. මොවුන් ඕනෑම ප්රශ්නයක් දිහා ගොඩක් පුළුල්ව බලන අයයි.
ජීවිතය ගැන ගැඹුරින් සිතීම, ජීවිතයේ අරමුණ සෙවීම.
කොච්චර ලොකු ප්රශ්න ආවත් හිතේ සැනසීම සහ ශක්තිය නැති කරගන්නේ නැතුව සිටීම.
අවසාන වශයෙන්...
ලෝකයේ කිසිම කෙනෙක් එකම විදිහකට විතරක් සිතන්නේ නැහැ. සාර්ථක ජීවිතයකට මේ සිතන විදි 3ම ටික ටික ඕන වෙනවා.
තර්කයෙන් හරි පාර තෝරාගන්න පුළුවන්.
හැඟීම්වලින් අනිත් අය එක්ක ආදරයෙන් සහ කරුණාවෙන් ජීවත් වෙන්න පුළුවන්.
ආත්මික බවෙන් හිතට ලොකු සහනයක් සහ ජීවිතයට අර්ථයක් ලැබෙනවා.
ජීවිතය කියන්නේ තර්කයෙන් විතරක් විසඳන්න පුළුවන් ගණිත ගැටලුවක්වත්, හැඟීම්වලින් විතරක් යන්න පුළුවන් ගමනක්වත් නෙවෙයි. මේ සිතන විදි 3ම වේලාවට සහ වෙලාවට ගැලපෙන විදිහට පාවිච්චි කළොත් ඔබටත් සාර්ථක, අර්ථවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ඉතින්, අද ඉඳන් ඔබේ මනසේ බලය නිවැරදිව පාවිච්චි කරන්න ඔබ සූදානම්ද?
Wednesday, September 2, 2026
නෙළුම් මලෙහි ආගමික සහ පෞරාණික වැදගත්කම
නෙළුම් මල (Nelumbo nucifera) යනු පාරිශුද්ධත්වය, ආලෝකමත් බව සහ නැවත ඉපදීම යන කරුණු සංකේතවත් කරමින් ඉන්දීය සංස්කෘතිය තුළ අසමසම ස්ථානයක් හිමිකර ගන්නා පූජනීය පුෂ්පයකි. සියවස් ගණනාවක් පුරා කලා ශිල්ප, දර්ශනය සහ ආගමික සාහිත්යය තුළ ගෞරවාදරයට පාත්ර වූ මෙම අද්භූත මල, ඉන්දියාවේ මිථ්යා ප්රවාදයන් සහ ආත්මික පරමාදර්ශයන්හි සාරය මනාව පිළිඹිඹු කරයි. නෙළුම් මල හා බැඳුණු පූජනීය පුවත්වල ප්රධානතම තැනක් හිමිවන්නේ ඊට දේව විශ්වාසයන් සමඟ ඇති සමීප සබඳතාවයටයි. ඉන්දීය මිථ්යා කතාවල එන ප්රධාන දෙවිවරුන් කිහිපදෙනෙකු සමඟම නෙළුම් මල සෘජුවම සම්බන්ධ වේ.
විෂ්ණු දෙවියෝ
විශ්වයේ පැවැත්ම සහ ආරක්ෂාව සංකේතවත් කරමින් බොහෝ විට නෙළුම් මලක් අතැතිව නිරූපණය කෙරේ.
ලක්ෂ්මී දෙවඟන
පූජනීය ගුණය, සමෘද්ධිය සහ ආත්මික ධනය නිරූපණය කරමින් පූදින ලද නෙළුම් මලක් මත වැඩ සිටින ලෙස නිරූපණය වේ.
