ඉන්දියාවේ දකුණුදිග බිම්කඩෙහි, අභිමානයේ සහ පාලන තන්ත්‍රයේ විශිෂ්ට සළකුණු තැබූ රාජවංශයක් වේ නම්, ඒ මයිසූර්හි වොඩෙයාර් රාජවංශයයි. ගුජරාටයේ සිට ආරම්භ වූ ඔවුන්ගේ මෙම දීර්ඝ ගමන, යුග ගණනාවක් පුරා දකුණු ඉන්දියානු ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින්, අදටත් කතාබහට ලක්වන විශ්මයජනක පුරාවෘත්තයක් බවට පත්ව ඇත.
වොඩෙයාර් රාජවංශයේ ආරම්භය මයිසූර් නගරය මුල් කරගත් කුඩා රාජ්‍යයකි. මෙය පිහිටුවන ලද්දේ විජය සහ ක්‍රිෂ්ණා වොඩෙයාර් යන සොහොයුරන් දෙදෙනා විසිනි. මොවුන් ඉන්දියාවේ ගුජරාටයේ සිට විජයනගරයට සංක්‍රමණය වී, පසුව මයිසූර් වෙත පැමිණ මෙම රාජධානිය ආරම්භ කළහ. කන්නඩ භාෂාවෙන් වොඩෙයාර් යන්නෙහි තේරුම "ස්වාමියා" යන්නයි. මුල් කාලයේ මෙම රාජධානිය විජයනගර අධිරාජ්‍යයට යටත්ව පැවතුණි.
මෙම රාජවංශය ක්‍රි.ව. 1399 දී යදුරාය වොඩෙයාර් විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී. 1565 දී විජයනගර අධිරාජ්‍යය බිඳ වැටීමත් සමඟ මයිසූර් රාජධානිය සම්පූර්ණයෙන්ම ස්වාධීන විය.
ඉන්පසු බලයට පත් රජවරුන් යටතේ රාජධානිය තවදුරටත් පුළුල් වූ අතර
පළමුවන රාජා වොඩෙයාර් විසින් 1578-1617 කාලය තුළ රාජධානියේ සීමාවන් පුළුල් කළ අතර, 1610 දී ආරක්ෂාව සඳහා අගනුවර මයිසූර් සිට ශ්‍රී රංගපට්නම් දූපත වෙත ගෙන ගියේය.
පළමුවන කන්තිරව නරසරාජා විසින් 1638-1659 කාලයේදී මයිසූර් රාජධානියේ සීමාවන් තමිල්නාඩුවේ ට්‍රිචි දක්වා පුළුල් කළේය.
චික්කා දේවරාජ විසින් පාලනය කළ 1673-1704 දක්මේවා වූ මෙම කාලය රාජවංශයේ ස්වර්ණමය යුගය විය. ඔහු පරිපාලනය විධිමත් කිරීමට දෙපාර්තමේන්තු 18ක් පිහිටුවා මනා බදු ක්‍රමයක් හඳුන්වා දුන්නේය.
18 වැනි සියවසේ අගභාගයේදී, සුප්‍රසිද්ධ ටිපු සුල්තාන් 1799 දී ශ්‍රී රංගපට්නම් යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් විසින් පරාජය කර මරණයට පත් කරන ලදී. ඉන්පසුව බ්‍රිතාන්‍යයන් විසින් වොඩෙයාර් රාජවංශය නැවත බලයට පත් කරන ලද්දේ කුඩා කරන ලද රාජ්‍යයකිනි.
තුන්වන ක්‍රිෂ්ණරාජ වොඩෙයාර් ගේ පාලන සමයේදී (1799–1868) මුළු ප්‍රදේශයම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සෘජු පාලනයට යටත් විය. පසුකාලීන රජවරුන් වන හතරවන ක්‍රිෂ්ණරාජ වොඩෙයාර් සහ ජයචමරාජේන්ද්‍ර වොඩෙයාර් යන මහත්වරුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඉහළ උසස් සම්මාන වලින් පිදුම් ලැබූහ. අවසානයේදී, ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ මෙම රාජධානියද ස්වාධීන ඉන්දියානු ආණ්ඩුවට එකතු විය.
කුඩා රාජ්‍යයක් ලෙස අංකුරාරෝපණය වී, යුගයේ පෙරළීන් රැසකට මුහුණ දෙමින්, කටුක අභියෝග ජයගත් වොඩෙයාර්වරුන්ගේ කතාව අදටත් මයිසූර් නගරයේ මාලිගාවල මෙන්ම සංස්කෘතිය තුළ ජීවමානව පවතී. අභිමානවත් රාජකීය අතීතයක සැබෑ සෝමභාරය මැනවින් කියාපාන මෙම රාජවංශය, ඉන්දීය ඉතිහාස පොත්වල සදාකාලිකව බබළන අපූර්ව පරිච්ඡේදයකි.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........