Wednesday, March 20, 2019

"එරික් සීගල් ගේ ආදර කතාව - Love story by Erich segal



" .. ආදරය කියන්නේ කවදාවත්ම කණගාටුයි "  කියලා කියන්න වෙන දෙයක් නෙමෙයි.
"Love means never having to say you're sorry".

මාරාන්තික ලියුකේමියා රෝගයෙන් පෙලෙන විසිපස් හැවිරිදි ජෙනි මෙසේ ආදරය පිළිබඳව සදාතනික සටහනක් තබා තම තරුණ සැමියාගෙන් සදටහම සමු ගනී.

 මෙම වාක්‍ය ඛණ්ඩය අපට හමුවන්නේ ඇමරිකාවේ යේල් සරසවියේ මහාචාර්ය වරයකු, අධ්‍යාපන විසේසඥයකු , ග්‍රන්ථ රචකයකු සහ තිර රචකයකු වන එරික් සීගල්ස් විසින් 1970 දී රචනා කරන ලද ආදර කතාව ( Loves Story ) නව කතාවෙ තුලිනි.

 කුඩා නව කතාවක් වන මේ ග්‍රන්ථය පිලිබඳ තියුණු විවේචන එල්ල වුවද , එම වසරෙහි පමණක් එහි අලෙවිය පිටපත් මිලියන 22 ඉක්මවිය. එම වසරේදීම චිත්‍රපටයකට නැගු මෙම කතාව සඳහා හොඳම තිර රචනය ඇතුළු Golden Globe  " ගෝල්ඩන් ග්ලෝබ් " සම්මාන 5ක් සහ ඇකඩමි සම්මානයද හිමි විය.භාෂා රාශියකට පරිවර්තනය කරන ලද මෙම නව කතාව අලෙවිය අතින් 80 දක්ෂකයේද "Box Office වාර්තා තැබීමට සමත්විය.මෙම නව කතාව ප්‍රවීණ පරිඝනක ග්‍රන්ථ රචක එන්.පී විජේරත්න මහතා විසින් 2011 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇත.

පියා සමග අමනාපයෙන් සිටින , හාවඩ් විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු වන 20 හැවිරිදි ,  ධනවත්  ඔලිවර් බැරට්  සහ අඩු පහසුකම් සහිත පවුලක සංගීත උපාධි අපේක්ෂිකාවක වන  ජෙනිෆර් කැවිලරි  අතර ඇතිවන මුහුකුරා ගිය ආදර සම්බන්ධතාවය පාදක කර ගෙන මෙම වෘතන්ත්තය රචනා කර ඇත.

පියාගේ විරෝධතවයද නොතකා ජෙනි විවහා කර ගන්න ඔලිවර් , අපහසුතා මැද තම අධ්‍යාපනික කටයුතු අවසන් කර ගනී. අදර සම්බන්ධතාවයෙන් පසු පියාගෙන් උපකාර බලාපොරොත්තු නොවන ඔලිවර්ට සංගීත ගුරුවරියක වශයෙන් රැකියා වක නියුතු වෙමින් ජෙනි පහසුකම් සපයයි.අඟහිග කම් මැද පහසුකම් අඩු නිවසක දිවි ගෙවන ජෙනි පිය - පුතු ගැටුම සමථයකට පත් කිරීමට නැණවත් බිරිඳක් වශයෙන් කටයුතු කරයි.

උපාධිය ලබා ගැනීමෙන් පසු නිව්යෝර්ක් නගරය කරා සංක්‍රමණය වන ඔලිවර්ට උසස් රැකියාවක් ලැබේ.විවාහයෙන් වසර තුනකට පසු දරුවකු ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් පතා වෛද්‍යවරයකු වෙත යන ඔවුනට , වෛද්‍ය  පරීක්ෂණ වලින් පසු හෙළිවන්නේ  ජෙනි ලියුකේමියා රෝගයෙන් පෙලෙන බවයි .

" ... ඔබේ බිරිඳ මැරෙන්නයි යන්නේ ..." වෛද්‍යවරයා පවසයි.

ඔවුන්ගේ ආදර ලෝකය දෙදරා යන බව අසන පාඨක ඇසට කඳුලක් නැගෙන්නේ නිතැතිනි. වැඩිපුර වෙලාවක් සේවය කර රැකියාවෙන් මුදල් උපයා ගන්න ඔලිවර් ජෙනි ජිවත් කරවීමට උත්සහ දරයි.මිලාධික පිළිකා ඖෂධ මිලට ගැනීමේ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන ඔහු , අවසානයේදී පියාගෙන් මුදල් ඉල්ලා ගැනීමට සිත හදා ගනී.

පුතුගේ අකිකරුකම් අමතක කර, ඔහුගේ බිරිඳ බැලීමට රෝහලට එන පියාට අවසානයේදී දක්නට ලැබෙන්නේ මියගිය ජෙනීගේ සිරුරයි. මෙම අවස්ථාවේදී පියා බදාගෙන වැළපෙන ඔලිවර් පිලිබඳ පුවත ලේඛකයා පවසන්නේ දරුවන්ට ලොවම අහිමිවන මොහොතක දෙමව්පිය සෙනෙහස ජිවත් වීමට වාරුවක් වන ආකාරයයි.

මෙහිදී සමාව දීම සහ අමතක කිරීම යන ලෝදහම ලේඛකයා ඉතාමත් අපුරුවට පාඨකයාගේ මනසට ඇතුලත් කරන අතර "දරුවන් හැර නොයන මා පිය සෙනෙහස " පිලිබඳ පණිවිඩයක් එරික්ස් සිගල් අවසානයේදී පාඨක හද තුල කම්පනයක් ඇති කරමින් සනිටුහන් කරයි.

සරල ඉංග්‍රීසි බසින් රචනා කර ඇති මෙම කතාව අවසානය දක්වා පාඨක සිත් ඇඳබැඳ තබා ගනී.විශේෂයෙන්ම 70 දශකයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනික ආයතන වල තරුණ පිරිස අතර මෙම නවකතාව අතිශයින් ජනප්‍රිය විය.

ඇත්තටම.... ආදර කතාව කියවන පාඨකයා එම කතාවට ආදරය කිරීමට පටන් ගනී. එරික්ස් සීගල් "  ජෙනීගේ චරිතය මරා දැමීම , පාඨක හද තුල අතිශය කම්පනයක් ඇති කරයි.ජෙනි යනු මධ්‍යම පන්තික ජිවිතයේ අත්දැකීම් තුලින් පන්නරය ලැබූ, සකසුරුවම්කමින් පිරි , මාපිය සෙනෙහස ,යුතුකම් සහ ආදරය හඳුනන දයාබරිත චරිතයකි. එමෙන්ම දක්ෂ හොකි ක්‍රීඩකයකු වන ඔලිවර් බැරට් ඉතාමත් ධනවත් පවුලකට හිමිකම් කියන පුද්ගලයෙකු වුවද ඔහුගේ චරිතය මුල සිටම ධනපති පංතිය සහ නිර්ධන පන්තිය අතර දෝලනය වන චරිතයක් ලෙස කතුවරයා විසින් හසුරවයි.සැබෑ ආදරය හඳුනන ඔහු කෙටි කාලයක් තුළ වුවද ජෙනි සමගින් සතුටින් දිවි ගෙවයි.ඇය ආදරයෙන් රැක බලා ගනියි.

70 දශකයේ රෝමියෝ ජුලියට් ආදර අන්දරය ලෙස එරික්ස් සිගල්ගේ ලවුස්ටෝරි නව කතාව සුප්‍රසිද්ධ විය.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........