එකමත් ඒක කලෙක ක්යෝතෝ වේ ජනතාව නගරයේ සිදුවූ භයානක සිදුවීමක් නිසා බයෙන් තැති ගත්හ.ඒ රශෝමන් හි ඇතුල් වන දොරටුව අසලට භයානක රක්ෂයකු පැමිණෙන බව නගරයේ ආරක්ෂකයින් දැනුම් දුන් නිසාවෙනි. මෙම බිහිසුණු රාක්ෂයා දොරටුව අසලින් යන මිනිසුන්ව අල්ලාගෙන කැලෑවට යන්නට පටන් ගත්තේය.
මෙහි භයානක තත්වය වුයේ මෙලෙස අතුරුදහන් වුවන් නැවත කිසි දිනක ආපහු නොපැමිණීමයි. දිනෙන් දින මෙම තත්වය උග්‍ර අතට පත් විය. මෙම රාක්ෂයා අවාසනාවන්ත ලෙස මිනිසුන්ව මරා දැමුවා පමණක් නොව ඔවුන්ව ආහාරයට ගන්නා බවටද කට කතාවක් පැතිර ගිය හෙයින් මිනිසුන් තවත් බයෙන් ඇලලී ගියහ. මහත් බියට පත්වීම නිසා හැන්දෑ යාමයේදී කිසිම නගර වැසියන් රශෝමන් දොරටුව අසලින් ගමන් කිරීමට බිය වුයේය.
මේ කාලයේ ජපානයේ විසු ක්ය්තොක්වේ නම් හමුදා ජෙනරාල් වරයා වීර ක්‍රියාවන්ට ප්‍රසිද්ධව නමක් ඉසුලුහ.මිට ටික කලකට පෙර සිදු කල වීර ක්‍රියාවක් නිසාවෙන් ඔහුගේ නම තවත් ප්‍රසිද්ධියට පත් විය. ඒ ජපානයේ ඔයාමා ප්‍රදේශයේ වනයක ජිවත් වූ මිනිසුනව මරා වයින් වෙනුවට ඔවුන්ගේ රුධිරය බිව් රාක්ෂයින් පිරිසව යක්ශාධිපතියා සමගින්ම ගෙල කපා සිඳීම නිසාවෙනි.
මෙම නිර්භීත රණශුරයා වටා ඔහුගේ අඩිපාරේ ගිය වීර නයිට්වරු 5නෙකු සිටියහ. දිනක් මොවුහු විවහා මංගල්‍යයකට සහබාගි වුන අතර ඔවුන් අසුන්ගෙන සිටි අතර ඔවුන් ආහාර ගත්තේය. ඔවුන්ගේ අහාර බඳුන්, බත්, සකේ ,අමු මස්, ස්ටු වලින් සහ බැදපු මාළු වලින් සමන්විත විය.මොවුන් තමන්ගේ සෞඛ්‍ය ගැන සහ තමන් සිදු කල වීර ක්‍රියා ගැන කතා කරමින් ආහාර ගත්හ. වාඩිවී සිටි පළමු නයිට්වරයා වූ හොජෝ එවිට මෙසේ පැවසීය
.“සෑම සවසකම හිරු බැස යෑමෙන් පසු රෂොමොන් දොරටුවට රකුසෙක් පැමිණෙන බවත්, ඔහු ඒ අසලින් යන සියල්ලන් අල්ලා ගන්නා බවත් පැතිර යන කටකතාව ඔබ සැම අසා තිබේද?”
දෙවන නයිට්වරයා වන වටනබේ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.
විකාර කතා කියන්නෙපා හෝජෝ. අපේ රයිකෝ නයිට්වරයා විසින් ඔයාමා ප්‍රදේශයේ සිටි රාක්ෂයින් සියල්ලන්වමමරා දැමුවා අමතකද?
එය සත්‍යයක් විය නොහැකියි. එම සමුහ ඝාතනයෙන් පසු එක් රක්ෂයකු හෝ ඉතුරු වී පලා ගියේ නම් ඔහු කිසිදාක මෙම නගරය දෙස හැරී බලන්නට තරම් එඩිතර වේයැයි මට නම් සිතෙන්නේ නැතැයි පැවසුවේය. මන්ද අපේ නිර්භීත සෙන්පතියා ඔවුන් සිටින බව සැල වුවහොත් ඔවුන්ව මරා දමිමට්ග දෙවරක් නොසිතන බැවිනි.
එවිට හොජෝ නයිට්වරයා ඔබ මාව සැක කරනවද?ඔබට මා විශ්වාස නැද්ද යැයි අසන ලදී.
එවිට වටනබේ නයිට්වරයා මෙසේ පැවසීය.
“නැහැ, ඔබ බොරුවක් කියනවා කියලා මම හිතන්නේ නැහැ,” විශ්වාස කල නොහැකි කතාවක් මහළු කාන්තාවක් පවසා ඇති බව මටත් ආරංචි වුනා.
ඒ ඇසු හොජෝ නයිට් වරයා එසේනම් හොඳම දේ ඔබම එහි ගොස් මෙම කටකතාවේ සත්‍ය අසත්‍ය බව සොයා බලා එය බොරුවක් යැයි ඔප්පු කිරීමයි ලෙස වටනබේ නයිට්වරයාට යෝජනා කළේය.
තමා බියෙන් පවසනවායයි හොජෝ නයිට්වරයා සිතන බව සිතා ලැජ්ජාවට පත්වූ වටනේබේ මෙසේ කිහ.
"හොඳයි .මමම එහි ගොස් සොයා බලා මෙය අසත්‍ය පුවතක් බව තහවුරු කරන්නම්" යැයි පැවසුවේය.
වටනේබේ වහා රශෝමන් වෙථක් යාමට සුදානම් විය. තගම යුධ සන්නාහය පැළඳ කඩුව කොපුව තුලට දමා විසල් හිස්වැස්ම පැළඳි ඔහු
" මා එහි සිටි බව ඔප්පු කිරීමට යමක් මට අවශ්‍ය යැයි කිවේය.
එවිට එක් නයිට් වරයකු විසින් ඔහුගේ කඩදාසියක ඉන්දියාවෙන් ගෙන්වූ පන්හිඳකින් තීන්ත යොදා සැකසු අතර නයිට්වරුන් සිවුදෙනා විසින් එහි ඔවුන්ගේ නම් ලියන ලදී.
ඉන්පසු වටනේබේ නයිට් වරයා මම මෙය ගෙන ගොස් රශෝමන් දොරටුව මතින් තියනනම්.ඔබලා හෙට උදෑසන එහි පැමිණ එහි රකුසකුගේ දෑතක් තිබෙනවාදැයි පරික්ෂා කර බලන්න . මම එක් රකුසකු හෝ දෙදෙනෙකු අල්ලාගැනීමට බලාපොරොත්තු වනවා යැයි කිවේය. එසේ පැවසු ඔහු තම ඇසු පිට නැග වීරත්වයෙන් තම ගමන ඇරඹිය.
අවසානයේදී රශෝමන් වෙත ගිය වටනේබේ ට අන්ධකාරය දෙස කොතරම් දෑස් හෙලා බලන් සිටියත් රකුසකුගේ ජයවක් වත් දක්නට නොලැබුණි.
"මම හිතුවා හරි.මෙය මහළු කාන්තාවකගේ කට කතාවක් පමණයි." ලෙස සිතු ඔහු හෙට ඔවුන් එන විට මම මෙහි සිටි බව අනෙක් අයට දැකගත හැකි වන පරිදි මම මෙම කඩදාසිය ගේට්ටුවේ අලවන්නෙමි. පසුව නිවසට ගිය පසු ඔවුන්ව සමච්චලයට බඳුන් කරමියි සිතුවේය.ඔහු තම සගයන් හතර දෙනා විසින් අත්සන් කරන ලද කඩදාසි කැබැල්ල දොරටුවේ සවි කර, පසුව ඔහුගේ අශ්වයාව තම නිවස ඇති දෙසට හරවා ගත්තේය.
එවිටම ඔහුට යමෙකු තමා දෙස බලා ඉන්නා බවක් දැනුණි. එලෙසම පිටුපසින් ඔහුගේ හිස්වැස්ම තදින් අල්ලාගෙන සිටි බවත් තේරුණි.ඔහු බිය නැතුව ඔබ කවුදැයි කියා ඇසුවේය. තම හිස්වැස්මෙන් අල්ලාගෙන සිටින්නේ කවුරුන්දැයි වටපිට බලමින් විමසන විට ඔහුට රෝමකුප වලින් වැසි ගිය වටකුරු දෑතක් අසු විය.
එවිට වටන්බේ ට වැටහුනේ තමන් ව අතින් අල්ලාගෙන සිටින්නේ රාක්ෂයා බවයි. එය දැනගත් විගස ඔහු පසුපස හරි රාක්ෂයාගේ අත කඩුවෙන් කපන ලදී. වේදනාගෙන් කෑගැසූ රාක්ෂයා වට්නේබේගේ ඉදිරියට දිව ගියේය. රාක්ෂයා දුටු නයිට්වරයා බියෙන් විශ්මයට පත් වුනේ රාක්ෂයා දොරටුවටත් වඩා උස, දර්පණතලයක් වැනි දිලිසෙන දෑස් ඇති පළල් වූ මුඛයක් ඇති, හුස්භම ගන්යානා විට මුඛයෙන්න ගිනි දැල් පිටවන බව දුටු නිසාය.
මුඉන් ගිනි දැල් පිටකරමින් රාක්ෂයා වට්නේබේ ව බිය කිරීමට තත් කලත් නයිට්වරයා නොසෙල්වුනීය.බියෙන් තැති නොගත්තේය.ඔහු තම ශක්තිය යොදමින් රාක්ෂයා සමග මුහුණට මුහුණලා සටන් වැදුණි.අවසානයේදී කෙසේවත් තමාට නයිට්වරයාව පරාජය කිරීමට නොහැකි බව තේරුණා විගස රාක්ෂයා කැලෑවට පලා යාමට උත්සහ ගත්තේය. නමුත් රාක්ෂයාට කැලෑවට නැවතත් යාමට ඉඩ නොදෙමියි යැයි තමාටම සපත කර ගත නයිට් වරයා අශ්වයාගේ පිටින් රාක්ෂයා පසුපස ලුහුබැඳ ගියේය. නයිට්වරයා වේගයෙන් අසු පැදගෙන ගියද රාක්ෂයා ඔහුට ඇල්ලීමට නොහැකි ලෙස නයිට්වරයා අභිබවා ගොස් අතුරුදහන් වුයේ නයිට්වරයාගේ බලාපොරොත්තු සුන් කරමිනි.
නයුට්වරයා නැවතත් සටන සිදුවූ රශෝමාන් දොරටුව අසලට ගිය අතර බිම වැටි තිබුණු යමක් දුටුවේය.ඒ අසලට ගිය නයිට්වරයා දුටුවේ සටනේදී ඔහු අතින් කැපී විසිවුණා රාක්ෂයාගේ අතේ කොටසයි. එය දුටු විට නයිට්වරයා සතුටින් පිනා ගියේ එය ඔහුට ලැබුණු ත්‍යාගයක් නිසාය. මන්ද ඔහු රක්ෂයාව දුටු බවට ඇති එකම සාක්ෂිය එය බැවිනි. එබැවින් ඔහු එය ප්‍රවේශමෙන් රැගෙන එය ඔහුගේ ජයග්‍රහණයේ කුසලානයක් ලෙස නිවසට ගෙන ගියේය.
ඔහු ආපසු පැමිණ, තම සගයන්ට රාක්ෂයාගේ අත පෙන්වූ අතර ඔවුන් සියල්ලන්ම ඔහුව ඔවුන්ගේ කණ්ඩායමේ වීරයා ලෙස හැඳින්වූහා. ඔවුන් ඔහු ලැබූ ජයග්‍රහණය සැමරීමට සාදයක් පවත්වන්නට විය. නයිට්වරයාගේ වීර වික්‍රමය රට පුරා පතලව ගිය අතර මිනිසුන් රැස් කමින්, ජයගෝෂා කරමින් රක්ෂයාගෙ අත නැරඹීමට පැමිණියහ.
වටනෙබ් රාක්ෂයාගේ අත සුරැකිව තබාගන්නේ කෙලෙසදැයි කල්පනා කලේ තමාගෙන් පලා ගිය රාක්ෂයා තවමත් ජිවතුන් අතර සිටින නිසාත් කෙදිනකදී හෝ තම අත රැගෙන යාමට රාක්ෂයා එන බව දැනගෙන සිටි නිසාත්ය.
නයිට්වරයා සතුව ශක්තිමත්ම ලීයෙන් සාදන ලද යකඩවලින් බැඳ ඇති පෙට්ටියක් තිබුණි. මේ තුලොහු රක්ෂගේ අත තැන්පත් කර තැබූ අතර, පසුව බර පියනකින්වසා මුද්‍රා තබා, කිසිවෙකුට එය විවෘත කිරීමට නොහැකි ලෙස තබන ලදී. ඔහු එම පෙට්ටගම තම කාමරයේ තම දෑස් ඉදිරිපිටම තබාගත්තේ අන් කිසිවකුත් කෙරෙහි විශ්වාසයක් නොමැති නිසාවෙනි.
මෙසේ කාලය ගෙවී යද්දී එක් මැදියම් රාත්‍රියක ඔහුට ඇසුණේ කවුරුහරි ආලින්දයේ ඉදිරිපස දොරටුවට තට්ටු කරමින් නිවසට ඇතුල්වීමට ඉල්ලා සිටින හඬයි. සේවකයා ඒ කවුදැයි බැලීමට දොර ළඟට ගිය විට, ඉතා ගෞරවනීය පෙනුමක් ඇති මහලු කාන්තාවක් දොරකඩ රැඳී සිටියාය. සේවකයා ඇය පැමිණියේ කුමකටද ඇය කවුරුන්දැයි විමසා සිටි විට
මහලු කාන්තාව සිනහවකින් පිළිතුරු දුන්නේ ඔහු කුඩා දරුවෙකුව සිටියදී නිවසේ ස්වාමියාට සාත්තු සප්පායම් කළ බවයි. නිවසේ ස්වාමියා නිවසේ සිටී නම් ඔහුව බැලීමට අවසර දෙන ලෙස ඇය අයැද සිටියාය.සේවකයා මහළු කාන්තාව දොරකඩ හිඳුවා තම ස්වාමියා වෙත ගොස් ඔහු කුඩා කාලයේ රැකබලා ගත් හෙදිය පැමිණ ඔහුව විමසන බව පවසන ලදී. නයිට්වරයාට රාත්‍රියේ එම පැමිණීම කෙරෙහි අමුත්තක් දැනුනත් තමා කුඩා කල මවක් මෙන් රැක බලාගත් හෙදිය වයස්ගතව සිටි බැවින් ඒ ගැන අනුකම්පාවෙන් යුතුව සේවකයාට ඇයට නිවාස තුලට පැමිණීමට ඉඩ දෙන ලෙස පැවසුවේය.
මහළු කාන්තාවව සේවකයා විසින් නිවාස තුලට කැඳවාගෙන ගිය අතර අචාරකිරීම් සහ සුබපැතුම් අවසානයේදී සඇය විසින් ස්වාමිනි ඔබ රාක්ෂයා සමග කල නිර්භිත සටන පිළිබඳව ආරංචි වූ අතර නිවසේ දොරට තට්ටු කරමින් නිවසට ඇතුල්වීමට අවසර ඉල්ලීමට වයස්ගත හෙදිය පවා පැමිණියේය.එතරම් රශෝමාන්ගේ දොරටුව ප්‍රසිද්ධ වී ඇත.රටවැසියන් කියන දේ සත්‍යවශයෙන්ම ඇත්තද, ඔබ රාක්ෂයාගේ අතක් කපා දැමුවාද? ඔබ එසේ කළා නම්, ඔබේ ක්‍රියාව බෙහෙවින් ප්‍රශංසා කළ යුතුයි!”
එවිට නයිට්වරයා " මට ඒ රක්ෂයාව වහල් භාවයට ගැනීමට නොගකි වීම ගැන කණගාටුයි.මට අතක් කපා දැමීමට නොව අවශ්‍ය වුනේ ඔහුව වහලකු බවට පත් කර ගැනීමටයි. වශයෙන් පැවසුවේ ඉමහත් කණගාටුවෙනි.
එවිට මට හරිම ආඩම්බරයක් දැනෙනවා.මගේ ස්වාමියා රක්ෂයකු සමග නිර්භීතව සටන් කොට ඔහුගේ අතක් කපා දැමීම ආඩම්බරයට කරුණක්.ඔබේ ධෛර්යයට සමාන කළ හැකි කිසිවක් නැහැ. මට කරුණාකරලා ඔබ කපා දැමු රාක්ෂයාගේ අත දකින්න පුළුවන්දැයි කාන්තාව අයාචනා කලාය.
"නැහැ," වටනාබේ පැවසුවාය, "මට කණගාටුයි, මට ඔබේ ඉල්ලීම ඉටු රන්නට පුළුවන්කමක් නැහැ නයිට්වරයා මහළු කාන්තාවට පැවසුවේය.
"නමුත්.. ඒ ඇයි?" මහලු කාන්තාව ඇසුවාය.
"මොකද,"
වටනාබේ පිළිතුරු දුන්නා,
"ඔග්‍රෙස් ඉතා පළිගන්නා ජීවීන් කොට්ටාශයක්.
මම පෙට්ටිය විවෘත කළහොත් රකුසා හදිසියේම පෙනී සිට ඔහුගේ අත පැහැර ගත හැකි බව හැර මට වෙන කිසිවක් ඔබහට කිව නොහැක.
මම ශක්තිමත් පෙට්ටගමක් තුළ රාක්ෂයාගේ ඇත තැන්පත් කළා. කුමන හේතුවක් නිසාවත් එය කිසිවකුට වත් මම පෙන්වන්න්හේ නැහැ.එය ඇසු මහළු කාන්තාව
"ඔබගේ පුර්වක්ශාව අගනේය.නමුත් මම ඔබගේ පැරණිම හෙදියයි ඒ නිසා ඔබ මාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරාවි යැයි මට තදින් විශ්වාසය. ඔබේ නිර්භීත ක්‍රියාව අසා උදෑසන වන තෙල් බලාසිටිය නොහැකි තරම් නොඉවසිල්ලෙන් මා පසුවූ නිසා ඔබ වෙතට මේ මොහොතේ මම පැමිණියේ යනුවෙන් පැවසුවය.
වටනබේ මහලු කාන්තාවගේ ආයාචනය නිසාවෙන් බොහෝ සේ කලබල වූ නමුත් ඔහු නැවතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එවිට මහලු කාන්තාව මෙසේ ඇසුවාය.
"ඔබ මාව රාක්ෂයා විසින් එවන ලද ඔත්තුකරුවෙකු ලෙස සැක කරනවාද?"
"නැහැ, ඇත්ත වශයෙන්ම මම ඔබ රාක්ෂයාගේ ඔත්තුකරුවෙකු ලෙස සැක කරන්නේ නැහැ, මන්ද ඔබ මගේ පැරණි හෙදියයි," වටනබේ පිළිතුරු දුන්නාය.
"එහෙනම් ඔබට තවදුරටත් අත පෙන්වීම ප්‍රතික්ෂේප කළ නොහැක," මහලු කාන්තාව අයැද සිටියාය. මේ ක්‍රියාව ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.රාක්ෂයා තම අතගාන බලාපොරොත්තු අතහැර ඔබගෙන් පලා ගියෙ. මට ජිවිතයේ ඒක වරක් වත් රක්ෂයකුගේ අතක් බැලීමට අවශ්‍යයි.
වටනාබේට තවදුරටත් ඇයව ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වූ නිසා, අවසානයේ ඔහු මෙසේ පැවසීය: "එහෙනම් මම ඔබට රාක්ෂයාගේ අත පෙන්වන්නම්, මොකද ඔබ ඒක බලන්න ගොඩක් කැමති නිසා. එන්න, මා පසුපස පැමිණෙන්න!" ඔහු තමාගේ කාමරයට යන මඟ පෙන්වූ අතර, මහලු කාන්තාව ඔහු පසුපස ගියාය. ඔවුන් දෙදෙනාම කාමරයේ සිටියදී වටනාබේ පරිස්සමෙන් දොර වසා, පසුව කාමරයේ කෙළවරක තිබූ විශාල පෙට්ටියක් දෙසට ගොස්, ඔහු බර පියන ගලවා පසෙකින් තබන ලදී. ඉන්පසු ඔහු මහලු කාන්තාව ළඟට ඇවිත් ඇතුළ බලන්න කියා කතා කළේය, මන්ද ඔහු කිසි විටෙකත් පෙට්ටියෙන් අත එළියට ගත්තේ නැත.
"ඒක මොන වගේද? මට ඒක හොඳට බලන්න දෙන්න," මහලු හෙදිය ප්‍රීතිමත් මුහුණකින් පැවසුවාය. ඇය බිය වූවාක් මෙන් පෙට්ටගමට තව තවත් ළං වූවාය, ඇය පෙට්ටියට කෙළින්ම සිටගෙන සිටි අතර හදිසියේම ඇය තම අත පෙට්ටියට දමා අත අල්ලාගෙන, කාමරය සෙලවෙන තරම් බියජනක හඬකින් කෑගසමින්
"අහෝ, ප්‍රීතිය! මට මගේ අත නැවත ලැබුණා!" යැයි පවසමින් හඬ නගන්නට විය.
එක්වරම මහළු කාන්තාව බියකරු රාක්ෂයකු බවට පරිවර්තනය විය.එවිටම පසුපසට පැනගත් වටනබේ ට සිදුවුයේ කුමක් දැයි එක්වරම සිතා ගත නොහැකි විය. රකුසා දෙස බැලු ඔහුට වැටහුනේ මේ රශෝමන් දොරටුව අසලදී ඔහුගෙන් පහර කෑ රකුසා බවයි.නමුදු බිය නොවූ නයිට්වරයා අධිෂ්ඨාන සිතින් යුතුව මහත්වූ ධෛර්යකින් කඩුව සුරතට ගෙන රකුසාව කපා බිම හෙලීමට තැත් කළේය.
නයිට්වරයා ඉක්මන් වුවත් රකුසා ඔහුගෙන් මිදී ගොස් වහලට පැන මිහිදුම සහ වලාකුළු අතරින් පලා ගියේය.මෙලෙසින් රාක්ෂයා තම අතත් රැගෙන පලා ගියේය.කෝපයට සහ කණස්සල්ලට පත් නයිට්වරයා කෝපයෙන් දත්මිටි කෑවේය.නමුත් ඔහුට කළහැකි වුයේ එපමණකි.රාක්ෂයාව අල්ලාගැනීමට හැකි අවස්තාවක් එන තෙක් ඔහු මග බලාගෙන සිටියත් , ඔහුගේ නිර්භිතබවට බිය වූ රාක්ෂයා නැවත කිසිදිනෙක ක්‍යතොවේ වැසියන්ට කරදර හිරිහැර කලේ නැත.නැවතත් එහි ජනතාවට රාත්‍රියේදී පවා බියක් සැකක් නොමැතිව නගරයේ සැරිසැරීමට ඉඩ ලැබුන අතර වටනබේ ගේ වීරක්‍රියාව සැමදා මිනිසුන්ගේ සිත් වල රැව් දුන්නේය.
නිලක්ෂි බණ්ඩාර.
31.07.2025.