‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, July 29, 2025

විශ්වාසය

 


ඔබව  විශ්වාස කරන්න.

ඔබට සිදුවන ,ඔබ මුහුණ දෙන සියල්ලක්ම පළමුව සිදුවන්නේ ඔබේ මනස තුලය.ඒ දේවල් පිළිබඳව ඔබේ ආකල්පය ඔබ සකස් කර ගන්නේ නම් ,ඔබට මුහුණ දීමට සිදුවන ඕනෑම දුෂ්කර කාලයකදී, ඔබ මුහුණ දෙන ඕනෑම කම්පන සිදුවීමකදී බේරී සිටීමට ඔබට පුළුවන්ය.සතුටේ රහස මෙයයි.ඔබ වටා කුමක් සිදු වුනත්, ඔබ වටා සිටින්නන් කෙසේ හැසිරුනත්, ඔබ සතුටින් සිටිය යුතුය.එවිට ඔබ මුහුණ දෙන ගැටළුවක් වුවත් පහසුවෙන් විසදාගැනීමට හැකියාවක් ඔබට ලැබෙනු ඇත.එසේම ඔබ මුහුණ දෙන ඕනෑම තත්වයකට සාර්ථක ව මුහුණ දීමට ඔබ ඉගෙන ගන්නා නිසාම ඔබේ සිතේ අභ්‍යන්තරය සැමවිටකම සාමකාමී වනු ඇත.

ඔබේ ආත්මය සතුටින් තියන්නට කරුණු 13ක්.

1.කුමක්ද ?

ඔබ මුහුණ දෙන තත්වයක් ඒ ලෙසින්ම ඔබට පිළිගත නොහැකි නම් ඔබට දුක් විඳීමට සිදුවීමේ ආරම්භය මෙය බව සිතට ගන්න.ඔබට වෙනස් කිරීමට නොහැකි දේ සමග එකඟ වීමට පළමුව ඔබ හුරු විය යුතුය.එවිට ඉලක්කයක් නොමැති සිතුවිලි හෝ අරමුණු කරා ඔබ ඔබේ ශක්තින් යොදවා ඔබේ සිත රිදවා ගැනීමෙන් වැළකේ. එය අමතක කිරීමෙන් ඔබේ තත්වය යහපත් අතට පත්වනු නිසැකය.

2.සියලු දෙයක්ම සංකීර්ණ කර ගැනීම නවත්තන්න.

අපට අනවශ්‍ය වන දේ සංකීර්ණ ගැටළුවක් කර නොගන්න.අඳුරු වර්ණවලින් යථාර්ථය පින්තාරු කිරීම නවත්වන්න. ඒ සියල්ල රඳා පවතින්නේ ඔබේ දෘෂ්ටිකෝණය මත ය. ඔබ ධනාත්මකව සිතුවොත් පැරණි ගැටළු ඔබෙන් දුරස් වේ. අලුතෙන් ජිවිතයට ගැටළු පැමිණීම අඩු වේ.

3. ඔබ වෙනස් වන්න.

ඔබ මුහුණ දෙන තත්වයන් හෝ සිදුවීම් වෙනස් කර ගැනීමට ඔබට අවශ්‍ය ද ?ඔබ මුලින් වෙනස් වන්න.එය ඔබ වටා ඇති දේ, සිදුවන සිදුවීම් සහ ඔබ වටා සිටින පුද්ගලයින් වෙනස් කිරීමට වඩා අතිශය දුෂ්කරය.ඔබේ ආත්මය තුලට කිඳා බැස පළමුව ඔබ ගැන සිතන්න. මේ සියල්ලම මටම පමණක් සිදුවන්නේ ඇයි?මේ සිදුවීම් සහ තත්වයන් වෙනස් කර ගැනීමට මට පුළුවන් වන්නේ කෙසේ ද? මේ දේවල් සිදුවන්නේ මගේ යහපතටද?මට යමක් පැහැදිලි කර ගැනීමටද? යමක් තේරුම් ගැනීමට මාවතක් පෙන්වීමටද?

4. අසාර්ථකත්වය යනු නාමයක් හෝ ලේබලයක් පමණි.

තෝමස් අල්වා එඩිසන් මෙසේ පවසන ලදී.

"මම විදුලි බුබුල සොයා ගැනීමට අසමත් වුණේ නැහැ.නමුත්  එය ක්‍රියාත්මක නොවන ක්‍රම 99ක් මම දැන් සොයා ගත්තා." එය ඔහුගේ දක්ෂකම නොවේද?

ඔබගේ පෞද්ගලිකව අසාර්ථකත්වයන් ගෙන් පවා උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සිතන්න.

5. සියල්ල සිදුවිය යුතු හොඳම විදියට සිදුවේවි.

ඔබට ඇත්තටම යමක් අවශ්‍ය නම්, නමුදු පසුව එය ඔබට අහිමි වුවා නම් ,සියල්ල සිදුවන්නේ හොඳම දෙයක් වීමට බව සිතන්න.ඔබට සිදුවන සෑම දෙයක්ම ධනාත්මක සිතින් බාර ගැනීමට හුරු වන්න.ඒ පිළිබඳව සැකයකින් නොබලන්න. අපි සෑම දෙයක්ම එලෙසින්ම ඉෂ්ට කර ගැනීමට සිතන්නෙමු.එය එලෙසින්ම සිදු නොවූ විට අපි හිතින් දුර්වල වන්නෙමු,කම්පනයට පත් වන්නෙමු.

කලබල නොවන්න.විටෙක හොඳම දෙය නම් එලෙසින්ම එය ඔබට නොලැබීම විය හැකියි.යම් වෙලාවක් ඉවසීමෙන් සිට නැවත ආපස්සට හැරී බලන විට එය එලෙසින්ම ඔබට දැනෙනු ඇත.

6. දැන් සිටින තැන සහ වර්තමානය.

 ඔබ දැන් ජීවත් වන මොහොත ඉතා ඉක්මනින් අතීතයක් බවට පත්වේ. ජීවිතයට ඔබව පසු කර යාමට ඉඩ නොදෙන්න

7. ආශාවන්ගේ සහ හැඟීම් වල වහලකු නොවන්න.

ඔබට අවැසි දේ අවැසි වෙලාවටම නොලැබුණු විටකදී හෝ සිදු නොවූ විටදී කලබල නොවන්න.ඔබෙ හැඟීම් පාලනය කර ගැනීමට පුරුදු වන්න.ධනාත්මකව ජීවිතය පිළිබඳව සිතීමට පුරුදු වන්න.

8.බිය යනු මායාවක් පමණි.

ඔබ බිය කුමකටද යන්න පළමුව තෙරුන් ගන්න.ඔබ යම් දෙයකට බිය වීම නිසාම යමක් ඉගෙනීමට උත්සුක වෙයි.එය තමා ගැනම තක්සේරුවකින් යුක්තව ක්‍රියා කිරීමට හොඳම සාධකයක් වනු ඇත.තනිව සිටීමට ඇති බිය අන් අය කෙරෙහි කරුණාවන්ත වීමට හේතුවක් වනු ඇත.

ඔබේ බිය පිළිබඳව අධ්‍යයනය කරන්න.එය ඔබව නිවැරදි මාවත කරා යොමු කරනු ඇත.

9.ඔබ පිළිබඳව සතුටු වන්න.

ඔබට ඇති ගැටළු සියල්ලම විසඳුනත් , සතුට ලගා නොවන අවස්ථා තිබෙනු ඇත,. ජිවිතයේ කොතරම් දුෂ්කර අවස්තාවන් පැමිණියත් සතුට කැඳවන අවස්ථාද තිබේ.එය සොයා විඳීමට පුරුදු වන්න.ඔබට ඔබ පමණයි.ජිවිතයේ මුහුණ දෙන ගැටළු සහ කරදර ගැනම නොසිතා තමන්ට ලැබෙන සහ ජිවිතයේ ලැබී ඇති දේ ගැන සිතා සතුටු වීමටත් පුරුදු වන්න.

10. අන් අය හා ඔබව සංසන්දනය නොකරන්න.

ඔබට වඩා යම් දෙයකින් උසස් අය සමගින් ඔබව සැසඳීම නවත්වන්න.ඔබවම විශ්වාස කරන්න පුරුදු වන්න.යම් කෙනෙකු සමගින් ඔබව සැසඳීම අනුවණකමකි.ඔබව අගය නොකිරිමකි.අඥාන ක්‍රියාවකි.ඔබ සතු සියළුම දේට ස්තුතිවන්ත වන්න.

11. ඔබ ගොදුරක් නොවේ.

ඔබ සතු වගකීම් මනාව තෙරුන් ගන්න.සියල්ල සබරින්ම වටහාගත හැක්කේ ඔබටම පමණි.ඔබ වෙනුවෙන් කිසිවකුට තීරණ ගැනීමට ඉඩ නොතබන්න.ඔබ බොහෝ දේ වෙනස් කළ හැකි පුද්ගලයෙකි.සැමවිටම ස්වාධින පුද්ගලයකු වීමට උත්සහ ගන්න.

12. සියල්ල සහ සියල්ලන්ම වෙනස් වේ.

කාලය ගෙවී යයි.මෙලොව වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි. එය මනාව සිතට ගන්න.සැමදෙයක්ම නිරන්තර චලනය වේ. චක්‍රයක ගමන් කරයි.දුෂ්කර තත්වයන් ඉක්මණින් ගෙවී යන බව සිතන්න.,ජීවිතය එක් තැනක රඳා සිටින්නේ නැත. එය සැමවිටම වේගවත්ව විටෙක හැලහැප්පීම් වලට බඳුන් වෙමින් ගලා යයි.ඔබ සතුට ඇති යහපත් දේ පිලිබඳ සතුටු වන්න.දුර්වලතා මග හැර ජීවිතය ගොඩ නගා ගන්න.

13. ජිවිතයේ ආශ්චර්යයන් සිදු වේ.

ඔබ විශ්වාස කරනවද ජිවිතයේ අප නොසිතැන පරිදි ආශ්චර්යයන් සිදුවන බව.සෑම දිනකදීම අපුරු දේ සිදුවේ.ඔබ කල යුත්තෙ ජීවිතය පිළිබඳව හොඳින් හැදෑරීමයි.එවිට ඔබේ ජිවිතයේ සිදුවන ආශ්චර්යයන් ඔබට හමු වේ.ඔබේ හදවත ලෝකයට විවුර්ත කරන්න.එවිට ජිවිතයෙන් සොඳුරු ත්‍යාගයන් ඔබට ලැබේවි.සැමවිටම යහපත ඔබ කරා පැමිණෙන බව වටහා ගන්න.මේ අවස්ථාවේදී නැත්නම් පසුව හෝ.පුද්ගලයකුගේ සිත් ගන්නා කරුණ වන්නේ ඔහුගෙ මනස ශක්තිමත් වී සැහැල්ලු වීමයි,අන් අයට කාරුණික වීමයි. එය ඔබව සතුටින් තබාවි.සැමවිටම එය නැවත ඔබ කරා පැමිණ ඔබගේ ජීවිතය අශ්චාර්යයන්ගෙන් පුරවාවී.ඔබ ඔබට සහ අන් අයට කරුණාවන්ත වේ නම් . සියල්ලම ධනාත්මකව සිදුවනු නිසැකය.


නිලක්ෂි බණ්ඩාර.

2025.07.29.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........