එකමත් ඒක කාලයක ජපානයේ ගඟක් දෙපස මහළු මිනිසුන් දෙදෙනක් වාසය කළේය. එක පුද්ගලයෙක් ගඟේ ඉහළ ඉවුරේ ජිවත් වූ අතර අනෙකා පහළ ඉවුරේ ජිවත් වුනේය. එම හේතුව නිසාම ඔවුන්ව ඉහළ ඉවුරේ මිනිසා සහ පහළ ඉවුරේ මිනිසා ලෙස හඳුන්වන ලදී.මොවුන් දෙදෙනා අතර වෙනස වුයේ ඉහළ ඉවුරේ මිනිසා ආත්මාර්ථකාමී සහ නපුරු පුද්ගලයකු වීම සහ පහළ ඉවුරේ මිනිසා මිත්‍රශීලි සහ නිහතමානි පුද්ගලයකු වීමයි.
එක් දිනක් මොවුන් දෙදෙනා ගඟට මාළු දැළක් දමන ලදී.පසුදින උදෑසන නොඉවසිල්ලෙන් පසුවූ ඉහළ ඉවුරේ මිනිසා තම මාළු දැල පිරික්සූ අතර එහි අතු දෙකක් පමණක් රැඳී තිබුණේය. හදිසියේම ඔහුට අවශ්‍ය වුනා ඔහුගේ අසල්වසියාටත් මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමක් අත්වී ඇත්දැයි සොයා බලන්න.නමුත් ඔහුව විස්මයට පත් කරමින් පහළ ඉවුරේ මිනිසාගේ මාළු දැල මාළු වලින් පිරි ඉතිරී ගොස් තිබුණි.ඉක්මණින් ඉහළ ඉවුරේ මිනිසා ඔහුගේත්, පහළ ඉවුරේ මිනිසාගේත් මාළු දැල් මාරු කරන ලදී.
පහළ ඉවුරේ මිනිසා මාළු දැල පරික්ෂා කිරීමට පැමිණි විට ඔහු එහි වෙනසක් දැක්කත් ඒ පිළිබඳව වැඩිදුර නොසිතා ඔහු ගස් කපන්නට ගියේය.ඔහු විශාල විලෝ ගසක මුලක් කුඩා කැලි වලට කපන්නට ගත් විට ඔහුව පුදුමයට පත් කරමින් කුඩා බලු පැටියෙක් ඉන් ඉවතට පනින ලදී.
පහළ ඉවුරේ මිනිසා සහ ඔහුගේ බිරිඳ මෙම කුඩා බලු පැටියාව හොදින් බලාගන්නා ලද අතර ඔවුන්ට ලැබෙන කුඩා ආහාරයක් වුවද බලු පැටියා සමගින් බෙදාගන්නා ලදී.මෙම කුඩා බලු පැටියා කෙමෙන් කෙමෙන් උස්මහත් වී ලොකු විය.
එක් උදෑසනක මෙම සුනඛයා තාත්තේ අද මන් සමග කැලෑවට යන්න එන්න කියා මිනිස් කටහඬකින් පැවසුවේය. මගේ පිටුපස්සේ කූඩයක් එල්ලන්න.ඉන්පසු අපිට යන්න පුළුවන්. ඉන් මවිතයට පස් පහළ ඉවුරේ මිනිසා සුනඛයාට ඇහුම්කන් දී ඔහු සමගින් පිටත් විය.
මහළු මිනිසා ඉක්මණින් වෙහෙසට පත් විය.ඒ බව දුටු සුනඛයා මෙසේ පැවසීය. ඔබ සැමවිටම මාව හොදින් රැක බලා ගත්තා,ඔබගේ අතේ තිබෙන සෑම දෙයක්ම මෙම කුඩයෙන් තබා ඔබත් මෙයට නගින්න..මට ඔබව ඔසවාගෙන යන්න පුළුවන්. මහල්ලා මොහොතකට එයට විරුද්ධ වුවත් ඉන්පසු එයට එකඟ විය. එසේ යන අතරතුරදී මහළු මිනිසා ඔහු ගෙන ආ ආහාර සුනඛයා සමගින් බෙදා ගන්නා ලදී.ටික වෙලාවක් ගිය පසුවත් සුනඛයා සිටි තැනම වාඩි වී සිටියේය.තාත්තා ඔබ මෙතන හෑරිය යුතුයි පැවසු අතර මිනිසා පොලව හැරීමට පටන් ගත්තේය.ඔහුව විශ්මයට පත් කරමින් රනින් පිරවූ මැටි කලයක් හමුවිය.රැයේ සඳ එළියෙන් ඔවුන් නිවස වෙත පැමිණි අතර ඔහු බිරිඳ වෙත ගියේය.
ටික වෙලාවකට පසේ අසල්වැසි ඉහළ ඉවුරේ මිනිසා ඔවුන්ගේ වාසනාව පිළිබඳව සොයා ගන්නා ලේදී.ඔහු මොවුන්ගේ සුනඛයාව ගෙන යාමට ඇසු අතර පහළ ඉවුරේ මිනිසා එයට එකඟ විය.නමුත් ඉහළ ඉවුරේ මිනිසා සුනඛයාට ඉතා නපුරු ලෙස සැලකු අතර , සුනඛයාගෙන් නොඅසා පිටට නැග ඔහුට ආහාර වත් නොදෙන ලදී. එම නිසාම සුනඛයා රන් බඳුන වෙතට ගෙනයනවා වෙනුවට ඉහළ ඉවුරේ මිනිසාව කුණු පිරුණු බඳුනක් වෙත ගෙන ගියේය.ඉන් කෝපයට පත් මිනිසා සුනඛයාව මරා දමන ලදී.එය දැනගත් පහළ ඉවුරේ මිනිසා සහ ඔහුගේ බිරිඳ මහත් වේදනාවට පත් වුන අතර සුරතල් සුනඛයාව ලස්සන සොහොනක් සාදා එහි තැන්පත් කරන ලදී.ඔවුන් විලෝ අත්තක් එහි සිටවූයේ එය සොයා ගැනීමට හැකිවන පරිදිය.නමුත් අත්තක් ලෙසම නොපැවති එය වසරක් ඇතුලත විසාල විලෝ ගසක් බවට පත් විය.
පහළ ඉවුරේ මිනිසා ගස මුල වාඩිවී සතුටින් සිටි අතර එක් සරත් සමයේ දිනයකදී ඔහුට එක් වරම ඔහුගේ සුනඛයාගේ හඬ ගස තුලින් අසන්නට ලැබුණි. මේ ගස කපා වී කෙටිමට වන්ගෙඩියක් සාදන්න. මහල්ලා එම හඬට කීකරු විය.එවිට ඔහු සතුව සුනඛයාගේ සිහිවටනයක් ඇත.වංගෙඩිය සැකසු මහළු මිනිසා එය බිරිඳට දෙන ලදී.ඇය එයට වී ස්වල්පයක් දැමු විට එය දෙගුණ තෙගුණ විය.එය කොතරම් විශාල ප්‍රමාණයක්ද කිවහොත් එය බිම දිගේ ඉතිරී යන්නට විය.
ස්වල්ප මොහොතකට පසුව ඉහළ ඉවුරේ මිනිසාගේ බිරිඳ පැමිණ දොරට තට්ටු කලාය.ඇය වී ටික දුටු අතර මැජික් වංගෙඩිය ගැන දැනගැනීමට ඇයට අවශ්‍ය විය., ඇය මැජික් වංගෙඩිය ගෙදර ගෙන ගොස් වී ස්වල්පයක් එයට දැම්මත් එය ටිකෙන් ටික අඩු වන්නට පටන් ගත්තේය. එය ඔවුන්ව කේන්ති ගැස්වූ අතර ඔහු වංගෙඩිය ගෙන කුඩා කැබැලි වලට කපා පුළුස්සා දමන ලදී.
තම වංගෙඩිය ගෙන යාමට පැමිණි පහළ ඉවුරේ මිනිසා කම්පනයට පත්වුණේ තම අසල්වැසියා වංගෙඩියට සිදු කල දේ අසාය. ඔහු ඔවුන් ලග තිබේ නම් එහි අළු ටික දෙන ලෙස පවසා එය රැගෙන නිවාස වෙත ගියේය. ඔහු නිවාස වෙත පාගමනින් යද්දී හයියෙන් හමා ඈ සුළඟට අළු ටිකක් ගෙවත්තේ ඉහිරී යන ලදී.අළු විසිරුන සෑම තැනකම ගස් වැවෙන්නට පටන් ගත් අතර මම මෙය රජුට පෙන්විය යුතු යැයි ඔහු සිතුවේය. මන්ද රජු චෙරී මල් වලට කැමති බව රටේ ප්‍රසිද්ධ වූ දෙයකි.එම නිසා නිසැකවම රජු මෙයට ප්‍රිය කරනු ඇත.
රාජකීය උයනේදී පහළ ඉවුරේ මිනිසා රජු වෙත දිව ගොස් මමයි ගස් වල මල් පුබුදවපු මහළු මිනිසා ලෙසින් හඳුන්වා දෙන ලදී.රජුට එය ඔහුගේම දෑසින් බැලීමට අවැසි විය. පහළ ඉවුරෙ මිනිසා ගස් මතට අළු ස්වල්පයක් ඉසින ලද අතර ඒවායේ මල් පිපීමට පටන් ගත්හ. එය ඉතාමත් සුන්දර යැයි සිතූ රජු පහළ ඉවුරේ මිනිසාට අලංකාර ඇඳුමක් පරිත්‍යාග කරන ලදී.
මෙය ආරංචි වුන ඉහළ ඉවුරේ මිනිසට නැවතත් ඊර්ශ්යා සහගත හැඟීම් පහළ විය. ඔහුත් අළු ටිකක් ගෙන රජ බිසව හමුවී මමයි ගස් වල මල් පුබුදුවන මිනිසා යැයි පැවසුවේය.මම අලංකාර ඇඳුම් වෙනුවට මුළු උයනේම මල් පිපිමට සලස්වන්නම් යැයි පවසා ගස් මතට අළු විසික් කළේය. නමුත් කිසිවක් නොවූ අතර ඉන් සිදු වුයේ බිසවගේ ඇස් තුලට අළු රොඩු යාම පමණි.ඇය වේදනාවෙන් හඬන්නට වූ අතර ඇයගේ ආරක්ෂකයෝ පැමිණ ඉහළ ඉවුරේ මිනිසාව සිරභාරයට ගෙන සිර කූඩුවට දැමුහ.ඔහුට ජිවිත කාලය පුරාවටම සිරෙහි සිටීමට සිදු විය.The Old Man Who Made Trees Blossom
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර.

සුරංගනා කතාවක් උනත් ඇත්තටමත් මෙවැනි අය ඉන්නවා.
ReplyDeleteඔව් :)
Deleteමාත් ආවා. කියවන්න පටන් ගන්නම් .
ReplyDeleteස්තුතියි.
Delete