Saturday, January 27, 2018

අධ්‍යාපනයේ අරමුණු සහ අභිමාර්ථයන්

අධ්‍යාපනය යනු කුමක් ද? අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියකි. අධ්‍යාපනය පිළිබඳව විවිධ නිර්වචන ඇත.


* සාක්ෂර ශක්‍යතාවය ( අක්ෂරවිත් ) සමග අධ්‍යාත්මික  (ආත්මවිත් ) ගුණවගාව අධ්‍යාපනයයි . ( කොන්ෆියුසියස් තුමා )
*බාල කාලයේ ස්වභාව ධර්මය අනුව වැඩෙන දරුවට හොඳ පුරුදු හා පුහුණුවක් දීමෙන් සංවර්ධනය කිරීම අධ්‍යාපනයයි. (රිපබ්ලික්)
* අධ්‍යාපනය යනු බලපෑම් වලින් ත්හොර ස්වභාවික වර්ධනයකි.


දහස් ගණනක් වූ මෙවැනි නිර්වචන එකිනෙකට වෙනස් වීමට මෙම අධ්‍යාපනඥයින් ජිවත් වූ සමාජ රටාව පරිසරය සහ අවශ්‍යතා බලපා අත්ය්හ. එසේ වුවද මේ සෑම නිර්වචනයක් තුලින්ම අධ්‍යාපනය පිලිබඳ වදගත් කරුණු ගණනාවක් මතු කර ගත හැක.


* දැනුම ආකල්ප කුසලතා වලින් සමන්විත බව
* යාවජීව ක්‍රියාවලියක් බව
* අඛණ්ඩ ක්‍රියාවලියක් බව
* ඉගෙනුම - ඉගැන්වීම යන දෙයාකාරයෙන්ම සමන්විත වන බව
* පුද්ගලයාගේ චර්යාමය වෙනසක් අපේක්ෂිත බව 


පරමාර්ථ ,අරමුණු අපේක්ෂා නිෂ්ඨා එකම පවුලක කොටස්වේ,අධ්‍යාපන පරමාර්ථ යනු අධ්‍යාපන ක්‍රියාවලිය අවසානයේ ලඟාවීමට අපේක්ෂිත ඉලකකයන්ය.


එනම්පාසල් අධ්‍යාපනය අවසාන සිසුන් විසින් අත්පත් කර ගනු ලැබිය යුතු හැකියා සහ චරිතගත කොට ගත යුතු ගුණාංග සමුහයකි.එමෙන්ම අවසාන ඉලක්ක හෙවත් පරමාර්ථ කරා ලඟා වීමට පෙර ඉටු කර ගත යුතු ඉලක්කයන්ය.


පරමාර්ථ හා අරමුණු අතර ද්විමර්ගික සම්බන්ධතාවයක් දක්නට ලැබේ.
කෙන්ද්‍රභිසරි සහ කෙන්ද්‍රපසරි යනුවෙනි.


අධ්‍යාපන පරමාර්ථ සැකසීමේදී බලපාන සාධක .


1. දාර්ශනික මත - දාර්ශනික පදනම ( පෙරදිග දාර්ශනික චින්තනය
2. ජාතික අවශ්‍යතා -  දේශපාලනික /ආර්ථික / සංස්කෘතික හා සමාජීය ආගමික විද්‍යා හා තාක්ෂණික )

3. මෙම සාධක මත රටක අධ්‍යාපන ක්‍රියාවලියේ පරමාර්ථ සකස්වන බැවින් එය කලනුරුපව දේශනුරුපව වෙනස් විය යුතු බව සැලකිය යුතුය. 


අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි

Wednesday, January 24, 2018

උල ලේනි අම්මා

උල ලේනි අම්මා
සීතල කීරි ගැසෙන
මැදියම් රෑ කඳු අතරේ
මහා දෝංකරයකි
හඬ තලන නුඹේ හඬ .


ගමට නපුරක් ගෙනෙන
බව කියති ගමේ අය
දරු දුකින් ඉකි ගසන
ලොව , තවත් මවකි ඔබ .


නුඹේ රකුසු හඬ අසා
අතින් දෙසවන් වසා
නොදනිද ලෝ දනන්
වැළපෙනා මවක් බව,


දකුණු දිග මායිමේ
උතුරු දිග මායිමේ
දරු දුකින් නුඹ හඬයි
එළිපත්ත මායිමේ .
හෙට පුතුන් එන තුරා ......

Monday, January 22, 2018

පෞර්ෂත්වය

පෞරුෂත්වය
(personality)

සාමාන්‍ය ජීවිතයේදී පෞරුෂය යනුවෙන් අපි හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ හැඩරුව , කතාබහ කරන විලාශය , හැසිරෙන අන්දම යනාදී වශයෙනි.එලෙසින්ම පුද්ගලයකුට ඇති තවත් පුද්ගලයකුට නොමැති ලක්ෂණ යනුවෙනුත් මෙය හැදින්වේ . යම් පුද්ගලයකුගේ සමාජශීලි බවත් පෞරුෂත්වයේ ලක්ෂණයක් බැවු නිර්වචන අතර විය.
පළමුව අපි පෞරුෂත්වය යන වචනයේ මුලාරම්භය දෙස බලමු. ඉංග්‍රීසි භාෂාවේ personality පර්සනැලිටි යන වචනයෙන් බිඳී ආවකි. ලතින් භාෂාවේ ඇති persona යන වචනයෙන් පර්සනැලිටි යන වචනය නිර්මාණය වී තිබේ.

පැරණි රෝම රංගන හා නාට්‍ය කලාවේ වෙස් මුහුණු පැළඳීමේ සිරිතක් තිබී ඇත.චරිතයකින් කවරාකාර චර්යා ආකල්ප බලාපොරොත්තු විය හැකිද ?ප්‍රේක්ෂකයාට එය දැන ගැනීමට වෙස් මුහුණ සංකේතයක් විය. පර්සෝනා යන වචනය වෙස් මුහුණට යෙදවුවද ,එය පලදින්නා රඟපාන චරිතය ද පසුව එම පුද්ගලයාවද හඳුන්වා දීමට එම යෙදුම භාවිතා විය. ඉන් බිඳී ආ personality පර්සනැලිටි යන වචනයෙහි එහි අන්තර්ගත වූ පුළුල් අර්ථය ඇතුලත්වී ඇත. එලෙස ගත විට කෙනෙකුගේ ආකල්ප , සිතුම් පැතුම් ,ජිවිත සංජානන බලාපොරොත්තු සිතනාකාරය ආදී ලක්ෂණ ඇතුළුව කෙනෙකු ප්‍රකාශ කරන ස්ථාවරවුත් නිශ්චිත වූත් චර්යා පද්ධතිය පෞරුෂත්වය නම් වේ. පෞරුෂත්යවය නම් වේ.

මෙහිදී පෞරුෂය ස්වීයත්වය යනුවෙනුත් හැඳින්වේ. මුල්ම අවධියේදී පෞරුෂය ලෙස පුද්ගලයින් කිහිප දෙනෙකු අතරින් වඩාත්ම කැපී පෙනෙන සිත් ඇදගන්නා සුළු පුද්ගලයාගේ ලක්ෂණ හැඳින්විය.මෙහිදී මෙම පුද්ගලයා කොතරම් සමජශීලිද යන්න මත මෙය නිගමනය විය.නමුත් පසුකාලීනව මනෝ විද්‍යාඥයින් විසින් පුද්ගලයකුගේ චර්යාවේ හා අනුභුතියේ එනම් අත්දැකීම් වල ලක්ෂණ හෙළිකරන සමස්ත ස්වභාවය ලෙස පෞරුෂය හඳුනාවනු ලැබිය.
එනම් මානව චර්යාව හා අනුභූතිය පිලිබඳ පුද්ගල විවිධත්වයේ සංගත රටාවක් සේ දැක්විය හැක.
එලෙසින්ම කෙනෙක් තුළ සුවිශේෂිව මතුවී පැමිණි චරිත ලක්ෂණ වන අභිරුචින් ,හැඟීම් , චිත්තවේග හැකියාවන් ,හැසිරීම් සහ ආකල්ප වල එකතුව පෞරුෂත්වය සේ ගත හැක.

පෞරුෂය පිළිබඳව මුලින්ම අධ්‍යනය කලේ ඕල්පොට් නම් මනෝ විද්‍යාඥයා වේ.ඔහු පැවසුවේ පුද්ගල පෞරුෂය යනු අසමාන්‍ය බවයි.එසේ නම් පුද්ගලයාගෙන් පුද්ගලයා පිළිබඳව වෙන වෙනම හැදෑරීමක් කල යුතුවේ.එහිදී යම් අංශවලින් පුද්ගලයින් සමාන බවත් යම් අංශවලින් ඔවුන්ගේ අසමානතා දැකීමට ඇති බවත්ය. කෙනෙකුගේ පෞරුෂය හඳුනා ගැනීමට නම් ඔහු හෝ ඇය නිෂ්ශිත අවස්ථා වලදී ක්‍රියා කරන අන්දම නිරීක්ෂණය කළ යුතුය.

1953 දී G.W ඕල්පොටි වීසින් පෞරුෂය යනු පරිසරය සහ අන්තර් ක්‍රියාකිරිමේදී සුවිශේෂී වූ චර්යා තීරණය කරන පුද්ගලයා තුළ අන්තර්ගත වී ඇති මනෝවිද්‍යාත්මක පද්ධතීන්ගේ හැඩගැස්ම ලෙස හඳුන්වා ඇත.

" පුද්ගලයකු තමාටම සුවිශේෂ වූ ආකාරයකට පරිසරයට ගැලපෙන ලෙස සමායෝජනය වන්නේ කෙසේදැයි තීරණය වීමට ඔහුගේ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි .ගතික යන්නෙන් පෞරුෂය තව දුරටත් වර්ධනය වන බව අදහස් කෙරේ. එලෙසම පෞරුෂය කොටස් දෙකකින් යුතු බව පැවසේ.

1. මානසික පෞරුෂ පද්ධතිය.
2. කායික පෞරුෂ පද්ධතිය.

මේවා මිනිස් අභ්‍යන්තරික හා බාහිර පරිසර පද්ධතිය හා ගැටෙයි.සමායෝජනය වන්නේ කෙසේද ? යන්න තීරණය කිරීමට හේතුව යන යෙදුමෙන් පුද්ගලයා ක්‍රියාත්මක කිරීමෙහි ලෑ හේතු වන්නේ ඔහුගේ මනෝ භෞතික පද්ධතීන් බවයි.එලෙසින්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ ආකාරයට පරිසරයට හැඩගැසීම සිදුවේ.මෙම නිර්වචනයේ පෞරුෂය අංග සියල්ලම ඇතුලත්ව ඇත.

එන් .ෆයර් දක්වන්නේ පෞරුෂය ප්‍රකාශිත චර්යාවන්ගෙන් සමන්විත වුවක් බවයි.එම චර්යා රටාවන් නෛසර්ගික වන අතර ඒවා ඒ ඒ පුද්ගලයාට අවේනික ලක්ෂණ වේ. පෞරුෂය සඳහා නිශ්චිත නිර්වචනයක් නොමැත්තේ විවිධ මනෝ විද්‍යාඥයින්ගේ
ස්ථාවරත්වයක් හා පර්යාවලෝකනයක් මත ඒ නිර්වචන නිර්මිත වූ හෙයිනි.

පෞරුෂය පිලිබඳ නිර්වචන කිරීමේ විග්‍රහයන් කිහිපයක්ම අපිට දකින්නට ලැබේ,.එකිනෙකින් වෙනස් වුවද මේ සියල්ලෙන්ම පොදු වූ කරුණු වෙන්කර දැක්විය හැක.

1. පෞරුෂය පුද්ගලයාට විශේෂයි.
2.පුද්ගලයින් දෙදෙනෙක් සමාන නොවෙති.
3.පෞරුෂය යන්න දිනෙන් දින වර්ධනය වන දෙයකි.
4.පරිසරය හා දිගින් දිගටම පවත්නා සංඝට්ඨනය එහි වර්ධනයට හේතු වේ.

Saturday, January 20, 2018

පිළිකා සෛල නසන පුදුමකාර ඖෂධය

සින්තියා ජයසුරිය නැමති පිළිකා රෝගයකින් පෙළුනු ශ්‍රී ලංකික වෛද්‍යවරිය විසින් ලියන ලද 2011 වසරෙහි Sunday observer” පුවත්පතෙහි “News Features” පිටුවෙහි පළවූ “ My Wonder Drug For Cancer” නැමති ලිපියෙහි මා සිදු කළ පරිවර්තනය ඇසුරින් ඔබ දැනුමත් කිරීම සඳහා සකස් කරන ලද ලිපියකි.

සින්තියා ජයසුරිය වෛද්‍යවරිය ව පිළිකාවකින් පෙළුන අතර වකුගඩුවෙන් කොටසක් ශල්‍යකර්මයකින් ඉවත් කර ,වසර 7කට පසු තවත් ශල්‍යකර්මයකට සුදානම්ව සිටියාය.මේ කාලය තුල ඇය විකිරණ ප්‍රතිකාර ලබාගත් අතර වාර්ෂිකව පරීක්ෂණ වලට භාජනය කරන ලදී.සත් වන වසරේදී මුත්‍රාශයේද පිළිකාවක් වැඩෙමින් පවතින බව අනාවරණය විය.එයද ඉවත් කර සුවය ලබමින් සිටින අතර ... ඇප්රිකට් (apricot) නම් පලතුරෙහි මදය කෑමට ගැනීමෙන් පිළිකා සුව වන බවත් , ඕස්ට්‍රෙලියාවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම පළතුර පාවිච්චියට ගන්නා බවත් ඇය වෙබ් අඩවියක දුටුවාය .B 17 නමැති විටමින් වර්ගය ඇප්‍රිකට් මදයෙහි අඩංගු වේ.මෙය සොයා ගන්නා ලද්දේ ඇෆ්ගනිස්ථානයෙහි දුරස්ථ ප්‍රදේශයක සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු ව විසිනි. එම ප්‍රදේශයෙහි මිනිසුන් ඇප්‍රිකට් මදය මෙන්ම ඇටද ආහාරයට ගත් අතර ඔවුන් අතර පිළිකා දක්නට නොලැබුණි . මෙම පරීක්ෂණයේදී සොයා ගත් විටමින් වර්ගය B17 යනුවෙන් නම් කරන ලදී.මේ පුවත පිලිබඳ දැන ගත් B17 විටමිනය අඩංගු වෙනත් ආහාර වර්ග පිළිබඳව සොයා බැලුවාය මයියොක්කා අල වල B 17 විශාල ලෙස අන්තර්ගත වන බව හෙළි විය . ඇය මයියොක්කා ග්‍රෑම්10 බැගින් දිනකට 3න් වරක් මාසයක් පුරාවට අහාරයට ගත්තාය . මාසයකට පසු කොළඹ මහා රෝහලේදී මුත්‍රාශය පිළිබඳව කළ පරීක්ෂණයේදී හෙළි වුයේ මුත්‍රාශය , පිරිසිදු සහ පැහැදිලි තත්වයේ පවතින බවත් , තව දුරටත් පටක විශ්ලේෂණය ( Biopsy )කිරීම අනවශ්‍ය බවත්ය .
යියොක්කා ආහාරයට ගන්නා කාලය තුල සුවදායි තත්වයක් දැනුන , බවත් ඇයගේ පෙනුම ගුණදායි තත්වයකට පත්වූ බව ඇය වටා සිටින පුද්ගලයින් පැවසු බවත් සින්තියා මහත්මිය පවසයි .මෙම සතුටුදායක කථා පුවත 2010 වසරේදී සින්තියා ජයසුරිය මහත්මිය විසින් ශ්‍රිලංකාවේ පිළිකා රෝගීන්ට දන්වන ලදී . ඉන්පසු ඇය සෑම මාස 3 වරක්ම පුරුදු ශල්‍ය වෛද්‍යවරයා වෙතට ගොස් පරික්ෂා කර ගත් අතර මඤ්ඤොක්කා ආහාරයට ගැනීම හැර වෙනත් කිසිඳු ප්‍රතිකාරයක් නොගන්නා ලදී.B17 විටමිනයේ විද්‍යාත්මක නාමය Amagadolin වන අතර එය ශරීරයේ ශෛල තුළ එන්සයිමයක් නිපදවා කොටස්වලට කඩා දමයි.මෙහිදී පිළිකා ශෛල විනාශයට පත්වේ.මෙම ලිපිය පළකිරීමෙන් පසු සින්තියා මහත්මිය වෙත පිළිකා රෝගීන්ගෙන් විවිධ පණිවිඩ ගලා එන්නට විය ඇයව හමුවූ 70 හැවිරිදි පෙරේරා මහතා විශ්‍රාමික රජයේ සේවකයෙක් වුන අතර ,දිනපතා රු . 2000 /= ක් වටිනා ටැබ්ලට් එකක් ද , සතියකට වරක් රු 11000 ක් වටිනා එන්නතක්ද ලබාගත යුතු පිළිකා රෝගියෙකි.මෙම මුදල සොයා ගැනීමට ඔහුට තදබල ප්‍රශ්නයක් වූ අතර බෙහෙත් නිසා සිරුරට දැඩි පීඩාකාරී බවක් ඇතිවිය. පසුව ඔහු උදේ ආහාරය වශයෙන් මයියොක්කා කෑමට හුරුවූ අතර ඊළඟ පරීක්ෂණයේදී 280-290 අතර වූ PST අගය 5.89 ට බැස තිබුණි. පෙරේරා මහතා නිතරම වෛද්‍ය වරිය ඇමතු අතර පැවසුවේ ඔහු නිරෝගී තත්වයෙන් පසුවන බවයි .මෙලෙස ඇය තවත් පිළිකා රෝගීන් රාශියකට උපදෙස් දුන්නාය.ඒ අතරම මයියොක්කා ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.1. කළු ලප රහිත අලුත් අල තෝරා ගත යුතුය.2. අල තම්බන විට වැඩිපුර ප්‍රමාණයක් වතුර දමා ,මුල සිටම වතුර පෙරා හැරිය යුතුය.3. මයියොක්කා ආහාරයට ගත් පසු පැය 08 ක් යනතුරු ඉඟුරු මිශ්‍ර කිසිඳු ආහාරයක් ගෙන Ginger Beer පාවිච්චි නොකළ යුතුය.සින්තියා ජයසුරිය වෛද්‍යතුමිය වසර 1 ½ ට පමණ පෙර අපෙන් වෙන් වී ගියාය. 
මෙම ලිපිය පල කිරීමෙන් දහස් සංඛයාත පිළිකා රෝගීන්ට සහ සාමාන්‍ය ජනයාට අමිල සේවයක් ඉටු කල සින්තියා ජයසුරිය වෛද්‍යතුමියට නිවන් සුව අත්වේවා ! 
ස්තුතිය ! දේශනයක් සඳහා මෙය සකස් කළ මෙම ලිපිය මට ලබා දුන් සහ පරිවර්තනය කිරීමට සහය දුන් මගේ ආදරණිය මෑණියන් Kumari Thennakoon ට.මෙහි මුල් ලිපිය පහත සඳහන් ලින්කුවෙන් දැකිය හැකිය.http://archives.sundayobserver.lk/2011/07/24/fea12.aspxx


Thursday, January 18, 2018

ඉඩ අහිමිද නුඹේ පපුතුර

ඉඩ අහිමිද නුඹේ පපුතුර
පින්නට අසුවුන පිච්ච මල හට
සැඟව උණුහුම විදින්නට
සෙනෙහස අද්දරට ගුලිව
සඳ රැස් ගලන මැදියමේ
හිරු රැස් සඳ කැන් තමයි
දකින දහසක් දසුන් මැද
පෙනෙන්නේ අද ඔබේ රුවයි.
සෙනෙහසේ සඳ කැන් සිසාරා
දයාබර නෙත වෙතට ලංවී
කොඳුරන්න මා වෙතට නුඹ පිදු
සෙනෙහෙ වදනින් ගලපලා

Tuesday, January 16, 2018

අග පිපි මල් - සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය

අග පිපි මල් - සුමිත්‍රා රාහුබද්ධ මහත්මියජිවිතයේ හැම පැත්තකින්ම අසරණ උනත් ඒ අසරණ කමම තාමන්ගේ ශක්තිය කරගෙන ජිවිතේ ගොඩ නගා ගන්න උත්සහ කරන ධෛර්යමත කාන්තාවකගේ චරිතයක් .මෙතැනදී මෙම කාන්තාවට මෙම අසාධාරණය සිදුවීම මුලින්ම වෙන්නෙත් කාන්තාවක් අතින්මයි ඒ අතින් බලද්දී සුමිත්‍රා මිස් විසින් මෙම චරිතයට ලොකු වටිනාකමක් දීලා කාන්තාවකට දෙන්න ඕනි ස්ථානය ඉහලින්ම රැකලා තියෙනවා. තම කුටුම්භය තුලදී දුක්විදින කාන්තාවක් දික්කසාදය ලැබූ පසු සමාජයෙන් එල්ල වන ගැරහුම් නින්දා අපහාස තාඩන පීඩන මගින් ජිවිතයට අනුගත කරගන්නවූ ශක්තිය ජිවිතයේ හයිය ඉතාමත් අපුරුවට එළිදක්වපු කෘතියක් ලෙස සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අග පිපි මල් කෘතිය දැක්විය හැකියි .ජිවන ගමනේදී විවිධ අවස්ථාවන් වලදී එයට අනුගත වෙමින් ක්‍රියා කරන ගැහැණියකගේ හැගිම් ඉතාමත් අපුරුවට මෙම කෘතිය ඔස්සේ පාඨකයාට දැන්වීමට ගත උත්සාහය ඉතාමත් උත්කෘෂ්ටයි.කාන්තා මුහුණ පාන සදාකාලික දුක පන්හිඳ තුඩට අනුගත කල අකාරය ඉතාමත් කදිමය,මෙම කතාව සම්පුර්ණයෙන්ම ස්ත්‍රීවාදී දෘෂ්ඨි කෝණයකින් ලියවී ඇත.මෙතුමියගේ කෘති අතරින් මන් වැඩියම ප්‍රිය කරන කෘතිය මෙය වන අතර සෑම කන්තවකම තරුනියකම කියවිය යුතු පොතක් බව මම සිතනවා.

Sunday, January 14, 2018

දයාබර දෙවොන්දරා සං


ජීවිතය ...
අඩක් වියා - ඉවත දැමු
පැදුරු කඩමාල්ලක් නොව ,
ඔබ සිත්තරෙකි ..
මවාපන් සිතුවමක් -රටා පැදුරක
පුජියමවේ පිපුණු
සකුරා මලක සුවඳ
හිම කැටයක සිසිලස ....
දකින්නට තවත් ඇසකට .
ඔවුන් පවසනු ඇත .
සිතුවමෙහි අගය


මිට
නොරිකෝ සං

ජීවි

මින්නේරිය වැව පිලිබඳ වෘතාන්ත




මින්නේරිය වැව නිර්මාණය කිරීම පිළිබඳව ජනප්‍රවාදයෙන් පැවැත එන විවිධ පුරාවෘත සඳහන් වේ.ඒ අතර හිඟුරක්ගොඩ කුමාරයා ගේ කතාවද මුලික ස්ථානයක් ගනී, සත්වසරක් තිස්සේ වෙහෙස වී වැඩ කලත් මින්නේරි වැවේ වැව් බැම්ම ඉදිකර අවසන් කිරීමට නොහැකි වූ බව කියවේ.
සෑම වසරකම බැම්ම  නිමකිරීමට තිබෙද්දී කොතරම් හොදින් ගොඩ නැගුවත් බැම්ම ගිලා බැස ඇත.මෙසේ සිදුවීමට හේතුව එම ප්‍රදේශයේ සිටි යක්ෂයින් බිල්ලක් ඉල්ලන බවත්, එය රාජකීය කුමාරයකු විය යුතු බවත් , එම බිල්ල දෙන තෙක් මෙම වැව් බැම්ම සදා නිම නොකළ හැකි බවත්
සිහිනයෙන්  කියා තිබේ. මේ බව දන ගත් ඇමතිවරුන් මෙම බිල්ල දීමට කටයුතු සැකසු අතර , රජු විදින් කණගාටුවෙන් වුවත් බිල්ල උදෙසා කුමාරයකු දෙන ලෙසට අග බිසවගෙන් ඉල්ලීම කළේය.ඉන් කෝපයට පත් බිසව මට ඔය වැවෙන් වැඩක් නැහැ.ඒ නිසා බිල්ලට දෙන්න මා ළඟ කුමරුවරුන් නැතැයි පැවසිය.

මෙසේ කලක් ගතවූ පසුව මහසෙන් රජු රාජකීය පෙරහරින් තම සොයුරිය වෙත ගොස් මෙම තත්වය පැහැදිලි කොට කුමරකු ඇයද සිටියේය. අවසානයේදී ඇය තම පුතුව ස්වර්ණාභරණයෙන් සරසව රජුට බාර දුන්නාය.අධිකාරම මේ කුමරුට බොහෝ ප්‍රිය කල අතර බිලි පුජාව සම්පාදනය වෙන අතරතුර
මොහුගේ දිවිය බේරා ගැනීම උදෙසා වැඩ පිළිවෙලක් සැකසිය.කුමරුවා වනයේ සඟවා වළසකු මරා දෙනාට ඒ සතාගේ ලේ ඉස පෙට්ටිය රැගෙන ආ විට බිලි පුජාව නැරඹීමට පැමිණිවුන් සිතුවේ මේ කුමරු කියලයි.කම්කරුවන් වහා එය කිඳා බහින ස්ථානයේ තබා පස් දමා බැම්ම පිරවුහ.රජුගේ සිහිනය අනුව බිලි පුජාව මෙලෙස
කෙරුණු අතර බැම්ම කිඳා බැසීම අවසන් වී පසුකාලීනව මෙම ජලාශයේ ජලයෙන් අමුණු අටදාහක් අස්වද්දනු ලැබිය.

කෙසේවුවද බිලි පුජාවෙන් පසු මහසෙන් රජු සිටියේ බොහෝ කළකිරීමෙනි.මෙයට හේතුව අධිකාරම් ඇසු විට බිලිපුජාව උදෙසා තම ආදරණියම බෑණාවුන්ව  බිල්ලට දීම පිළිබඳව කණස්සල්ලෙන් සිටින බව පැවසුවේය.එවිට අධිකාරම් රාජ අණ කඩකිරීම පිළිබඳව උදහස් නොවන්නේ නම් කණස්සල්ල දුරුකළ හැකි බව
පැවසුවේය. එසේ නොකරන බව රජු පැවසු පසු තම ප්‍රයෝගය හෙළි කොට කුමරුන් ඈත ගම් පියසක දුප්පත් කොලුවකු ලෙස වෙස් වලාගෙන ජිවත් වන බව පැවසුවේය.ඉන් මහත් සතුටට පත් රජු විසින් ඔහුව කැඳවා ගෙන බොහෝ සම්මාන පිරිනැමිණි.ඒ අතර වත්මන් හිඟුරක්ගොඩ නමින් හදුන්වන
හිඟුරක්දමන ප්‍රදේශය මොහුට තෑගී ලෙස  දුන්හ.

කලුදායිකඩ කුමාර නම් දෙවි කෙනෙකු ඉන්දියාවේ සිට යාපනය හරහා මින්නේරියට පැමිණි බවට බ්‍රිතාන්‍ය කටුගෙයි ඇති පුස්තකාල පොතක සටහන් වී ඇත.මින්නේරිය අවට ජනයා මෙම දෙවියා හිඟුරක් කුමාරයා ලෙස හැඳින් වන අතර ඔහු හිඟුරක්ගොඩ ජනාවාසයට අරක් ගත දේවතාව ලෙස නම් කළහ.
සිතල රාත්‍රියේ ,සඳ එළියෙන් මහා වනාන්තරය නැහැවී යද්දී රැහැයියන්ගේ හඬ හාත්පස පැතිරෙද්දී ඔබ ප්‍රකෘති සිහියෙන් සිටි නම් පිම්මේ දුවන අසකුගේ කුර හඬ ඇසෙනු ඇති බව මතයකි. ඒ තම අසු අරා යන හිඟුරක් කුමරුන් බව ගම්මුන්ගේ මතයයි. 

අහිමි යෞවනය




සීත වැහි පොද වැටෙන සැදෑවක කඳුලක් වැටුනා නෙතගීන් රූටා පුංචි කුමාරිව උදුරා ගත්තේ ඇයිකිරි අම්මාවරු ආසිරි දුන් සුදු ගවුමින් සැරසී මලක් විලස පියමන් තැබූ පාසල වෙත ඈත අනන්තෙට ඇගේ සිත යොමු කොට ඇගේ පුංචි සිත වෙනස් කලා නුඹ මංගල දිනයේදී පිරුවට දවටා මංගල ගමනක් යන්නේ කෙලෙසද හදින්ම සෙනෙහස ඔබට පිදු කල සෙනෙහස දුන්නේ මෙලෙසද ඇය වෙත

ශිලා ලිපි වලින් හෙළිවන කෘෂි සමාජය පිලිබඳ තොරතුරු


ක්‍රිස්තු පුර්ව  යුගයේදී ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ මුල් ආර්යයන්ගේ සමාජ දිවිය පිළිබඳව මහාවංශය ,ථුප වංශය වැනි ග්‍රන්ථ තුලින්
දැනීමක් ගත හැකිය.ඒ අතරම 19 වන සියවසේ මුල් භාගයේදී කල්කටාවේ ජේම්ස් ප්‍රින්සේප් ගේ උත්සාහයෙන් රහසක්ව තිබු පැරණි අක්ෂර වර්ගයක් හෙළිදරවු කර ගත්තේය. එය බ්‍රාහ්මි අක්ෂර නම් විය.ඒ හරහා ටර්නර් මහතා, පි ගෝල්ඩ් ස්මිත් මහතා සි පි බෙල් මහතා ,සෙනරත් පරණවිතාන මහතා ආදීන් විසින් මෙය දියුණු කරමින් මෙම ලිපි සසදමින් විවරණයට භාජනය කරන්නට විය.මෙහි ප්‍රතිපලයක් ලෙස ලංකාව වටා ඇති සෙල් ලිපි 3339 පමණ පිටපත් කරන ලදී.මේවයින් සමහරක් " එපිග්‍රපියා සෙලනිකා සංග්‍රහයේ ප්‍රකාශයට පත් කර  ඇති 1970 දී පරණවිතානයන්ගේ කතෘත්වයේන් ඉන්ස්ක්රිප්ෂන්ස් ඔෆ් සිලෝන් හි පළමු හා දෙවන මුද්‍රණයේ ප්‍රකාශයට පත් කර ඇත.

තෙන්නකෝන් විමලානන්ද ,ආචාර්ය ඩි ජේ විජයරත්න මහාචාර්ය අභය ආර්යසිංහ වැනි පිරිස විසින් අප පැරණිතම ශිලා ලිපි ක්‍රිපු 3 සියවසට අයත් බව හෙළි කළහ. කෙසේ වුවද මිහින්තලෙන් සොයා ගත ලෙන් ලිපි හි පිලිවෙලින්   දෙවනපිය මහ්රක්ධ මහ්රක්ධහා ගාමිණී තිශහ මහ්රක්ධහා ගාමිණී තිශහ යන රාජ නාමයන්ගෙන් සහිත ලිපි සොයාගෙන ඇත.මෙම දහස් ගණනක් සෙල්ලිපි පිහිටි ස්ථාන අනුව කොටස් 4 කට බෙදේ.

1.ලෙන් ලිපි
2.ගිරි ලිපි
3. ටැම් ලිපි.
4.පුවරු ලිපි.

1.ලෙන් ලිපි ලෙනක හෝ කටරමක යටින් හෝ අසලින් කොටා ඇති ලිපිය.වෙස්සගිරිය ,මිහින්තලේ ,කොර තොට ආදී ස්ථානවල දක්නට ලැබේ.මෙම ලිපි තුලින් මෙම ලෙන් පරිත්‍යාග කල අය සහ ප්‍රතිග්‍රහණය කල අය ගැන සඳහන්ව  ඇත.

2. ගිරි ලිපි
පිහිටි ගල් මත සැකසු හෝ කොටන ලද ලිපි ගිරි ලිපි වේ. තෝනිගල , සිතුල් පවුව ආදී ස්ථාන වල දැකිය හැක.මේවා ලෙන් ලිපි වලට වඩා දීර්ඝ වේ.තත්කාලීන තොරතරු සේම ඓතිහාසික තොරතුරු වැඩි වශයෙන් ඇති හෙයින් ලෙන් ලිපි වලට වඩා වැදගත් වේ.

3. ටැම් ලිපි.
ලිපි ලිවිම සඳහා විසේසයෙන්ම සකස් කල ලිපි ටැම් ලිපි වේ. සමහර ටැම් වල පැත්තක පමණක් දක්නට ලැබේ.සමහරක් 4 පැත්තේම ඇත. අත්තාණිකණු
ලෙසද හඳුන්වනු ලැබේ.තත්කාලීන කරුණු බොහෝ විට ඇතුලත් වේ.

4. පුවරු ලිපි.
සකස් කල ගල් පුවරු වල කෙටු ලිපි වේ. අනික් ලිපි වලට වඩා මේවායෙහි කරුණු වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව ඇත.මේ ලිපි වල රජ ඇමැතියන්ගේ නම් ගම පුද පුජා කල විහාරාරාම වල පැවතෙන පුද පුජා  වත් පිළිවෙත්, භික්ෂුන් විසින් කල නොකළයුතු දේ සිරිත් විරිත් ආදිය ,පුජා පත්‍ර ,කතිකාවත් අඩිය ඇතුලත් විය.

පසුකාලීනව බ්‍රහමි අක්ෂර මධයකාලින අක්ෂර බවට කෙමෙන් කෙමෙන් පරිවර්තනය වන්නට පටන් ගත්හ. මේ කාලයේදී අතරමැදි හෙවත් පරිවර්තන යුගය සේ හැඳින්විය.මෙය නාගගිරි කන්ද ලිපියේ අන්තර්ගතය. මේ නිසා එතෙක් පවතී ඉන්දියානු බ්‍රහමි අක්ෂර කලාව අවසන් විය.ඊට අමතරව මෙරට තල් පත් වල ලිවිම ආරම්භ විය.තල්කොලයේ දිග අතට පැතිරී පවත්නා කෙඳි ස්වරුපය නිසා  එලි ලිවීමට භාවිතා කරන පන්හිඳෙන් හරස් අතට ලිවීමෙන් කොළ ඉරි යයි.මේ නිසා පන්හිඳෙන් වටකුරුවට ලවීමට මෙහෙ භාවිතය යෝග්‍ය විය./

මහරත්මලේ ගිරි ලිපියෙන් භික්ෂු සංඝයාට කැඳද බත් ද වැසි සළුද පුජා කර ඇත.පෙරියන්කුලම ලිපියේ කෙතවක්ලක වැවේ දිය බද්දද සහ පියා සන්තකව තිබු තුන් ප්‍රකාර බද්දක්  එනම් මත්ස්‍ය භාගයද පරම්පරාවෙන් හිමව තිබු දියබදු කොටසද හයකොටසින්  එක කොටසද පුජා කර ඇත.විහාරගල ලිපියෙන් උප්පල දෝණි වැව, උපොස්තාගරයේ දිරි ගිය තැන පිළිසකර  කිරීමට ද්වාරක විහරයේ  භික්ෂු සංඝයාට පවරා  ඇත.
සෙල් ලිපි ගවේෂණය තුලින් එකල තිබු ජන සමාජයසමාජ සංස්ථාව කෘෂිකර්මය බලපෑ ආකාරය දිවිය පිලිබඳ මනාවූ අවබෝධයක් ගත හැක.

තනි වූ නුඹට





පුංචි වී පඳුර මත
දුර ඈත බලා ගෙන
කැදැල්ලක් හදන්නද
කිරිල්ලක් ගෙනෙන්නද

මවුපියන් හැර දමා
දුර ඈත  ඉගිලීද
වර්ධනය ගිල ගෙනද
නුඹ හිටපු වන පියස ?

නිල් වියන වියළිලා
ගෙවතු කෙත් ඉදි වෙලා
නෑ සියන් නුඹ දමා
පියඹලා ගිහිල්ලා

පුංචි නිල් තටු සලා
ගයාපන් ගීතයක්
ඊයේ මෙන් අද උදෙත්
ජනේලය අසල හිඳ

මගේ තනිය මකන්නට
එකම එක ගීතයක්
නුඹේ රසබර හඬින්
ගයාපන් ප්‍රිය මිතුර

Saturday, January 13, 2018

English Version of කඳුල ඉතින් සමාවෙයන් - කිර්ති පැස්කුවල් මහතා

English Version of 

කඳුල ඉතින් සමාවෙයන් - කිර්ති පැස්කුවල් මහතා


please forgive me dear tear drop
Let's depart tomorrow evening
She'll come to my little huts
to chase the loneliness of my bed
Don't flood dark clouds over
the river in the evening
The wattle and daub house ground
will be destroyed
Reach the moon light to bed hills over
to see her charming s beauty
The flowers will bloom ,
the path to welcome her
Smile of her face will arise
prettier than the flowers.
Smell of an infant comes through
the door step
dear cloud... let to bloom
my Dream Flowers

ගීත ගොවින්දය

ගීත ගොවින්දය


ජයදෙවගේ ගීත ගෝවින්දය වෙනස්ම ආකාරයක සාහිත්‍ය කෘතියකි.දොළොස් වන සියවසේදී  බෙංගාලයේ දී රචිත මෙම කෘතිය  ගායනය සඳහා ලියන ලද නෘත්‍යයමය භාව ගීතයකි.එහි කෘෂ්ණ ,රාධා හා ගොපිකාවන අතර වූ ප්‍රේමය විස්තර වේ. මෙම කාව්‍ය අද පවා බෙංගාලයේ වෛෂ්ණව නිකායඛයින් විසින්
උත්සව අවස්තාවලදී  ගායනා කරයි.මෙය පිටු 388 කින් යුක්ත වන අතර විෂ්ණු දෙවියන්ගේ දසවතරයන් වලට කරන රමණිය පුජවකින් ආරම්භ වුවද බටහිර සිතට නම් එය දනවනුයේ ආගමික හැඟීමකට වඩා සරාගී ගෘන්ගාරාත්මක හැඟීමකි.
සෙසු සියලුම සම්මාන සංස්කෘතික කාව්‍යන් ට වඩා ගොවින්දය එළිසමයෙන් යුක්ත කෘතියකි.සෑම භාවගිතයක්ම ඊටම ආවේනික    වූ සංස්කෘතියට උරුම හුරු වූ කිසියම් වෘතියකින් ආරම්භ වේ,මෙය ප්‍රාදේශික සාහිත්‍යවල පදය කෘතිය කෙරේ නැඹුරු වුවකි.සෑම අවසාන පද්‍යයක් අවසානයේම කවියාගේ නම සඳහන්
වේ.මෙහි පරිවර්තනය කර ඇති පදය රාධාගේ වියෝවූ කෘෂ්නගේ හදවතේ ඇති වූ විරහා ප්‍රේමය දක්වන්නකි. මධුසුදන ( මධු යනු කෘෂ්ණ විසින් මරණ ලද අසුරයෙකි.හා , හරි යනු කෘෂ්ණ දෙවියාට ඇති තවත් නමකි,.

"මා මෙහි වෙසෙමි
රාධා වෙත යන්න .
මා පණිවිඩය දී ඇය සනහා මා වෙතට ගෙනෙන්න.
මෙසේ මධුසුදන ඇය මිතුරියට යෙදවී.
ඇය රාධා වෙත ගොස් මෙසේ කියූ.

" දකුණු කඳුකරයෙන් සුළඟ හමා
ඒ හා කෑම දෙවියා රැගෙන එන ,
විරහපත් පෙම්වතුන්ගේ හද විවරණය කරන සේ
බොහෝ මල් කැන්  පිබිදෙත,
ඔහු ,
තම වන මල් මාලාවෙන් සැරසු ඔබ ගෙන්
වියෝ වී දුක් වෙයි.
"
සිත රැස් ඇති සඳද ඔහුට ගිණි සේය.
ඔහු මල සේය
අනඟ හි පහර වැද
ඔහු බෙහෙවින් වැලපී
ඔහු
තම මල් මාලාවෙන්  .........

මි මැසි පොදී මුමුණත
ඔහු කන් තදින් වසා ගනී.
විරහයෙන් ඔහුගේ හද දැඩි වී ඇත.
රෑ දවස උණෙන් ගෙවන
ඔහු
තම වන මල් මාලවෙන්.....

"සිය සොඳුර නිවාස ඇත හැර
ඔහු මහා වන මැද වසයි.
නින්දෙන් ඔහු පොලවේ පෙරළෙයි.
ඔබ නම නිතර විමසයි,.
ඔහු
තම වන  මල් මාලාවෙන්

" ජයදේව කවියා
මේ භක්ති විස්තරයෙන්
විරහපත් පෙම්වතා ගේ තතු ගයත,
හරි දැඩි සේ හදවත් හි නගිවා
ඔහු
තම වන මල් මාලාවෙන් සැරසු ඔබ ගෙන් වියෝවී දුක් වෙයි...

පිළිකා සෛල නසන පුදුමකාර ඖෂධය

සින්තියා ජයසුරිය නැමති  පිළිකා රෝගයකින්  පෙළුනු ශ්‍රී ලංකික වෛද්‍යවරිය විසින් ලියන  ලද  2011 වසරෙහි  sunday observer” පුවත්පතෙහි “News Features”  පිටුවෙහි පළවූ “ My Wonder Drug For Cancer” නැමති ලිපියෙහි මා සිදු කළ පරිවර්තනය ඇසුරින් ඔබ  දැනුමත් කිරීම  සඳහා  සකස්  කරන  ලද ලිපියකි.
සින්තියා ජයසුරිය වෛද්‍යවරිය ව පිළිකාවකින් පෙළුන  අතර  වකුගඩුවෙන් කොටසක්  ශල්‍යකර්මයකින් ඉවත්  කර  ,වසර  7කට පසු තවත් ශල්‍යකර්මයකට සුදානම්ව සිටියාය.මේ  කාලය  තුල ඇය විකිරණ  ප්‍රතිකාර ලබාගත්  අතර  වාර්ෂිකව පරීක්ෂණ  වලට  භාජනය  කරන ලදී.
සත්  වන  වසරේදී මුත්‍රාශයේද පිළිකාවක්  වැඩෙමින් පවතින  බව අනාවරණය විය.එයද ඉවත්  කර සුවය  ලබමින්  සිටින  අතර  ... ඇප්රිකට් (apricat) නම්  පලතුරෙහි මදය කෑමට ගැනීමෙන් පිළිකා  සුව  වන  බවත් , ඕස්ට්‍රෙලියාවේ, ඇමෙරිකා එක්සත්  ජනපදයේ මෙම  පළතුර පාවිච්චියට  ගන්නා  බවත් ඇය වෙබ් අඩවියක  දුටුවාය .
B 17 නමැති  විටමින් වර්ගය ඇප්‍රිකට් මදයෙහි අඩංගු  වේ.මෙය  සොයා  ගන්නා  ලද්දේ ඇෆ්ගනිස්ථානයෙහි දුරස්ථ ප්‍රදේශයක සේවය  කළ බ්‍රිතාන්‍ය  ජාතික වෛද්‍යවරයකු ව විසිනි. එම  ප්‍රදේශයෙහි මිනිසුන් ඇප්‍රිකට් මදය මෙන්ම ඇටද  ආහාරයට ගත්  අතර ඔවුන් අතර  පිළිකා දක්නට නොලැබුණි . මෙම  පරීක්ෂණයේදී සොයා  ගත් විටමින්  වර්ගය  B17 යනුවෙන්  නම්  කරන ලදී.
මේ  පුවත  පිලිබඳ  දැන ගත් B17 විටමිනය  අඩංගු  වෙනත්  ආහාර  වර්ග   පිළිබඳව   සොයා  බැලුවාය . මයියොක්කා අල  වල b 17  විශාල ලෙස  අන්තර්ගත  වන  බව  හෙළි  විය . ඇය මයියොක්කා  ග්‍රෑම්10 බැගින්  දිනකට  3න්  වරක්  මාසයක්  පුරාවට  අහාරයට  ගත්තාය . මාසයකට  පසු කොළඹ  මහා  රෝහලේදී  මුත්‍රාශය  පිළිබඳව  කළ [පරීක්ෂණයේදී  හෙළි  වුයේ  මුත්‍රාශය  , පිරිසිදු  සහ  පැහැදිලි  තත්වයේ පවතින  බවත් , තව දුරටත්  පටක  විශ්ලේෂණය  ( Biopsy )කිරීම අනවශ්‍ය  බවත්ය .

නිහඬ රැයක

 නිහඬ රැයක


නිහඬ රැයක
වා මඬල
මැදින්
ගලා එන
පළගැටි හඬ
මකයි මැදියමේ
නිහඬතාවය...
නිදිබර දෙනෙතින්
බලා හිඳිනෙමි
තිබේදෝ තරු
රටාවක්
ඈත අහසේ
දිලෙන තරු
අතර

Adventure of 3 Friends



Adventure of 3 Friends


 It was one Sunday evening during the school holidays in august. I had a walk with my friends Sanju and Yasith along the village sandy road after bathing in the river. The road was heading towards Delgoda River. My two friends, Yasith and Sanju live in Moratuwa town and they had come to our place to spend the vacation. They love the life  in village and to bathe in the river.
On our way to the river we could see a huge dilapidated bungalow that was located approximately half a kilometer away from our house. It was situated in a steep land opposite the river. When we were passing the bungalow Yasith took a look at it with curiosity. When we were coming back he asked:
                Nipun …. Who is the owner of this bungalow?
                Why……. Are you afraid to look at the house?
                No……..It has a mysterious look and It’s like a haunted house.
                Yes…You are correct .villagers have a  lot of rumors to tell about this house.
Tell me …... I would like to hear them very much. It’ll be a new adventure for our vacation.
                “The heir of the house is from a noble family of the area. The owner, Dasanayake Mudali died five years ago and his son left to England with his family members a few years afterwards. No one comes to live there. Ever since, the family servant Jemis lives there alone.  Now Mudali walawwa is deserted.  Old Jemis is looking after the place just like a cobra protecting a treasure.
                “Ah… why is that? Why does he try to protect this bungalow? Asked Sanju with amazement.
Some say, there is a treasure hidden there…
Some others say that a strange noise can be heard from within that house in some nights. The noise is something similar to the howling of a devil bird (Ulama).
When some people were passing by this way at night, they had seen some kind of lights moving here and there. Then they had got afraid and have received treatment from the village exorcist.              
Some people had seen a ghostly figure of a gentleman with a white hat walking in the garden. This figure is said to have been seen haunting during the full moon nights.
Oh…. Nipun that’s a nice story. I’d like to see this ghostly figure.  I think there is something weird behind these incidents.
Yes Yasith I like to observe this house and discover the truth. I don’t believe ghosts or demons. Sanju accepted Yasiths’ proposal too quickly.
On the next morning, we went to the bungalow and talked to Jemis. He knows me well. Because my father is the post master of our village.
Oh… punchi mahaththaya: why are you here? Do you want any help from me? Yes Jemis uncle. We want to get some information’ from you. These are my friends Yasith and Sanju. They are studying with me at Royal College.
Oh…. Jemis opened the gate and invited us to come inside the garden. We sat on a bench under a mango tree. Then we started our chat. Jemis uncle …. Villagers are telling that there are strange noises in this area and some ghostly figure is haunting in the garden.  They have also seen some lights moving. Is that true?
Jemis was silent for a moment and answered.
……… Yes punchi mahaththaya. The shadows of dead inheritance are still staying here.Specially Mudali Hamu is coming on full moon nights. I have seen him several times.
Are you afraid…? Sanju asked.
No he doesn’t do me any harm. I’m their faithful servant from my childhood. My father also worked here.
Shall we see the inside of the bungalow? Yasith asked.
Sorry baby. I’ cannot let anyone into the house when the owners are away. They don’t like any visitors here….
We looked at each other with suspicion.  We got up and said, O.K. uncle we are going now. Then, he gave us some ripe mangoes with a smiling face and we thanked and left the house.
The Esala full moon poya day was to come in the next week and we chose the poyaday for our investigation. We secretly approached the walawwa as we decided and planned in the previous few days at around 11.30 in the night without letting Jamis know of our arrival. We climbed on to the sunshade and stayed hidden. We could see the rare door of the kitchen and up stair easily.
At midnight, Jamis was seen opening the rear door. He was wearing a weird white hat. He came out and blew a whistle with his mouth that had a creepy sound to it. He whistled several times and walked around the garden.
We got down from the sun shade and remained seated in the kitchen until Jamis came. Several minutes later, he came back to the kitchen. Then Yasith spoke up, Hello Jamis uncle! you are the ghost Right? You acted your role very well.  But you couldn’t cheat or scare us.
He was shaking with fear. Oh… punchi mahattaya…He drank some water and started talking.
There are many antiques, old coins and luxurious furniture in this house. I can’t protect them from thieves. So I do this act. After that he implored to us.......”please don’t tell anyone in the village about this act. We promised him not to share our discovery with anyone. We came back home. We didn’t tell our discovery with anyone. Because Jamis is innocent. It’s an unforgettable day in our lives.