‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 13, 2018

දැක්ම

දැක්ම

කුසට බත් මිටක් නැතිව
පාන් කෑල්ලකින් කුසගිනි නිවා
කහට තේ වතුර බී
මැණික් ආකර පත්ලේ
දිවි පරදුවට තබා
දා බිදු ‍‍‍‍‍‍‍හෙලන
සහෝදර ඔබ සොයන
මිණ කැට
ලිස්සා යයි
බයර්ගේ සාක්කුවට.
දේශයේ අමිල සම්පත
ඇදි යයි පරතෙරට
අද මෙන් හෙට දිනක්
ඔබ හෙලන දා බිංදු
එක් වනු ඇත
පතල ගැඹුරටම
පය තබනු මැන...
නැණ නුවණ ලබා
නව ලොවකට....
සමන් ගිර දෙස බලා

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........