‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, June 10, 2023

මොනර කුටුම්බය - රසික වික්‍රමනායක සොයුරා.


 " දිය උල්පතක් මතු වන්නේ එය නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය ,දේශගුණය , භෞතික ලක්ෂණ තිබුනහොත් පමණි..."

ලේඛකයෙකු ,කවියකු ,චිත්‍ර ශිල්පියකු බිහි වන්නේද , ඔහු පෝෂණය කිරීමට සමත් වූ පරිසරයක් තුළිනි.

රුවන් පුරයේ , රමණීය ගම්බද පරිසරයක හැදුන වැඩුන රසික වික්‍රමනායක ... දයාබර ලොකු අයියා  රචනා කල " මොනර කුටුම්බය " කෙටි කතා නිර්මාණය , චරිත පරිසරයේ සුන්දරත්වය අකුරු වලට එක්කර ලියූ කෙටි කතා සමූහයකි.

"  දෙවි මකුළු විමන"  නැමැති කෙටි කතාවෙන් පටන් ගන්නා මෙම පොතේ පටන් ගැන්මෙන්ම අපට පොතේ අදහස් සංයුතිය පිලිබඳ වැටහීමක් ලැබේ. මිනිසාට සොබාදම මැවිය නොහැකිය. නමුත්... වෙනස් කල හැකිය.වෙනස් කිරීමට දරනා සෑම අවස්තාවකදිම දඩුවමකටද යටත් විය හැකිය...."

විෂ සහිත සර්පයාගේ ශරීර කොටස් පවා මිනිසාගේ සුබ සිද්දිය උදෙසා යොදා ගත හැකි පරිදි සොබාදම තම පරිසරය නිර්මාණය කර ඇත. මෙම කතාවෙහි  සඳහන් දැවැන්ත කුඹුක් ගස , දිය පිරි ළිඳ .. ගම ස්වයංපෝෂිත කිරීමට සවියකි. නමුත් ... මුදල් තෘෂ්ණාවෙන් මඩනා ;ලද මිනිසා නොපෙනෙන දෙවියන්ට දෙවොල් තනා ගිනි පත්තු කර සොබාදම විනාශ කරයි.

කතුවරයාගේ තවත් නිර්මාණයක කොළඹ සිට රත්නපුරය හරහා ඕපනායක දක්වා දිව ගිය " පුංචි කෝච්චිය නවතා දමා .... රේල් පාර ගලවා දැමීම විවේචනයට ලක් කරයි.දුර දිග නොබලා කල මම අත්තනෝමතික ක්‍රියාවලිය නිසා අඩු වියදමකින් රත්නපුර -ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කරන රබර් , තේ වැනි නිෂ්පාදන යට සහ භාණ්ඩ ගෙන ඒමේ ව්‍යාපාර වලට වැදුණු පහර කියා නිම කල නොහැක.වසර 48 කට පමණ පෙර සිදු කල මෙම විනාශයට , එකල දේශපාලනය සම්පුර්ණයෙන්ම වග කිව යුතු අතර, එහි අහිතකර ප්‍රථිපල වලට රත්නපුර ප්‍රදේශයේ ජිවත් වන අපට අද මුහුණ දීමට සිදුව ඇත.පාසල් කර්යාළ, ඇරෙන වැහෙන වෙලාවට ඇති වන රථවාහන තදබදය , දුම්රිය ප්‍රවාහන පහසුකම් තිබුනා නම් මිට වඩා අවම වනු ඇත.

මොණර කුඩුම්බයද පරිසරය ගැන කියවෙන තවත් අපුරු කතාවකි.තවත් විටෙක රසික සොයුරා අපව ළමා ලෝකයට කැඳවා ගෙන යයි.වතුර බෝතලය, ළමා මනස විග්‍රහ කරන තවත් රචනයකි. 

ලෝක බලවතුන්ගේ උකුසු බැල්මට ලක්ව ඇති " සිංහරාජ වනාන්තරය " කතුවරයාගේ පණිවිඩ අතරට එක් කල තවත් ප්‍රශ්නාර්ථයකි .එමෙන්ම " පර පිච්ච කෙටි කතාවේ පුංචි සේනගේ චරිතය අහිංසක ගැමියකුගේ මානසික  ස්වභාවය විග්‍රහ කරන සාර්ථක නිර්මාණයකි.ඔහුටද සීමා මායිම් නැති සිහින ලෝකයක් ඇත. 

රසික වික්‍රමනායක සොයුරා විවිධ පැතිකඩ ඔස්සේ තම දක්ෂතාවයන් නිරුපණය කරන අතර අකුරු තුලින් කියවිය හැකි වචන වලට වඩා යමක් සිතීමට පාඨකයන් ව පොළඹවමින් ලියන ලද  කෙටි සංග්‍රහයකි.... මොණර කුටුම්බය.

නිලක්ෂි බණ්ඩාර

10/06/23



No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........