‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, April 12, 2025

ජාතික මහා සුළං දිනය


එක්සත් ජනපදයේ සෑම වසරකම අප්‍රේල් 12 වන දින මහා සුළං දිනය සමරනු ලැබේ.පෘථිවි පෘෂ්ඨය මත හමන ඉහළම ස්වාභාවික සුළං වේගය වීම වෙනුවෙන් මෙම දිනය සිහිපත් කරයි. 1934 අප්‍රේල් 12 වන දින දහවල් පැයට සැතපුම් 231 ක වේගයෙන් සුළං හැමුව බව මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරය විසින් වාර්තා කරන ලදී.
ඊසානදිග එක්සත් ජනපදයේ උසම කඳු මුදුන  වොෂින්ටන් කන්ද වන  අතර එහි උස අඩි 6,288 කි.මිසිසිපි ගඟට නැගෙනහිරින් පිහිටි වොෂින්ටන් කන්ද   විශේෂයෙන් කැපී පෙනෙන කඳු මුදුනක් වේ.ඒ බව 1934 දී මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරයෙ කාලගුණ නිරීක්ෂකයින් වන වෙන්ඩෙල් ස්ටීවන්සන්, ඇලෙක්සැන්ඩර් මැකෙන්සි සහ සැල්වඩෝර් පැග්ලියූකා විසින් නිරීක්ෂණයට ලක් කොට වාර්තා කරන ලදී.1984 දී, 50 ස් වැනි මහා සුළං දිනය සැමරීමේ උත්සවය සඳහා නිරීක්ෂකයින් නැවත නිරීක්ෂණාගාරයට පැමිණියහ.

පැයට සැතපුම් 231 ක වේගයෙන් හමන ලද මෙම වාර්තාව දශක කිහිපයක්ම එක ලෙසින් පැවතුණු අතර 1996 දී එම වාර්තාව බිඳ වැටුණේ පැයට සැතපුම් 256 ක සුළි සුළං සමඟ ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට කුඩා දූපතකට ටයිෆූන් හානි සිදුවීම මගිනි.

නිලක්ෂි බණ්ඩාර.
12.04.2025.

2 comments:

  1. ජනපදේ කාලගුණ, දේශගුණ වැඩි තැකීමක් නැති හන්ද මෙහෙම දිනයක් සමරණ එකත් ලොකු දෙයක් ☺️

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........