‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, February 4, 2018

මතකයන්

පෝය සඳ අද්දර හිඳන්
ඔබ දෑසින් පෑ ඉඟි
පෑවා නෙක සොඳුරු සිත්තම්
හදේ රඳවා සිසිලසක්

හැමූ මද නල පවා වැතිරුවේ
නුඹේ සුවඳ දෙනෙත මත
කුංකුම අංජන විලස
සිසිල තවරා මුදුව

සෑ රදුන් අසබඩ හිඳන්
නෙතට එබෙමින් සෙමින්
ලගින් හිඳ පෑ සෙනේ
සදාකාලික මතකයක්

මන්දස්මිත දෙතොලගින්
පුබුදුවා නිල්නෙලුම්
දෝතින්ම පෑ අයුරු
හදේ රැඳී සෙනෙහසින්
පැතුමන් පතන්නට
බැඳී සෙනෙහෙ රකින්නට

දෙතැන හිටියත් එපුරවර
නුඹේ සෙනෙහෙ ගුණදම්
දැනුණි හද ගැඹුරටම
කඳුළු නංවා නෙතු අගට

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........