‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Wednesday, May 9, 2018

එන්න සියැටල් විගස

අප උපන් පරිසරය , අප වසන පරිසරය
එපා වනසාලන්න
ලක්වෙය දඬුවමට .

සියැටල් ..... ඔබ එන්න
පවසන්න ......රකින හැටි .... පරිසරය
මිනිස් අපි එන්න පෙර
පරිසරය තිබු බව.
වන සතුන් සිටිය බව

ඩෝසරෙන් , බෝරයෙන්
පුපුරවා කඳු ශිඛර
තුනී කර පස් කන්ද
වනසලා දිය කඳුර

නාය යන කඳු වැටිය
දෝරේ යන ගංගාව
කියා දෙන පණිවිඩය
අනන්තයි අහස ලෙස

අප රකී පරිසරය.
සොයමු විසදුම් විගස
උඩ බලා සියහොත්
ලඟට එයි විනාසය

11 comments:

  1. සංවර්ධනයයි පරිසර සමතුලිතතවයයි සමබරව කරගන්න එක අපේ මිනිස්සුන්ට තේරෙන්නෙම නැති දෙයක්..

    ReplyDelete
  2. නිසඳස නම් ලස්සනයි. සියැටල් ව තමයි ගෙන්න ගන්න බැරි

    ReplyDelete
  3. oops! translator not functioning

    ReplyDelete
  4. මට මතක් උනේ කපුගේ සහ බිම්බරක් සෙනඟ

    ReplyDelete
  5. ලග ලගම එයි විනාසය

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........