බෝ පෙම් පිරුවත්
ඔබ එතැයි සිතමින්
පියමං වී ගොස් ඔබ
නොකියාම දුරකට
සිත් අහසේ පුංචි තරුමල්
ගොන්නක් පුබුදුවා
යනෙන මාවතේ
කටුකොහොල් පිරිලා
සොයන්නෙමි පිළිතුරක්
ඔබත් නැති ජිවිතේ
හදේ පතුලටම කැන
උදුරමින් ආදරේ අක්මුල්
වසන්තය පැමිණේද
පසෙකලා සිසිර ඉම
දිවියේ දිගු ගමන ඇරඹුම
සේම අවසානයේ
නුඹ එළඹී මං ලකුණු
හද ගැඹුරේ නිධන් වී
පාරවයි සිත
නිලක්ෂි බණ්ඩාර
07/06/2019


No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........