කුඩා නිම්නය සැමවිටම සුන්දරයි කියා ?
එලෙසින්ම කවුරුන්ද පැවසුවේ ජීවිතය
මිහිරි පානයක් බව ?
විටෙක එය අමිහිරිය
ඇඹුල්ය , විටෙක පිලිකුල්ය .
ජීවිතය අළු පැහැය.
රාත්‍රිය අඳුරු සේම ,
උදැසනදී ආලෝකමත් සේ.
එලෙසින්ම අපට දැකගත හැකියි
සමහරුන් සෙමෙන් යන විට,
සමහරුන් පියාඹයි.
වයින් විදුරුවක හරි අඩක් පිරි ඇත.
ලොවම සුන්දරය නිදිගත් විට.
එවිට අනෙකෙක්ට වයින් විදුරුවේ හරි අඩක් හිස් ය.
රෝස මල් කටු ලැහැබක්ව දිස්වේ.
අප දොම්නස් සිතින් සිතමු
විශ්වාසය සහ බලාපොරොත්තු තබාගැන්මට පෙර
අප සිටි තැන පිළිබඳව.
පියාපත් ලැබීමට පෙර සේම
සුරංගනා කතාවක් සැබෑ කරගැනීමට
සිහින මැවූ ආකාරය පිළිබඳව.
බොළඳ බවින් යථාර්තයට පැමිණි මුත්
කෙනෙකුට පියාපත් අහිමි වී ඇත
අපි තරු දෙස බලමින් සිනාසෙමු
ප්‍රේමය පතුරවමු .
අන් සතුට විකසිත දෑසින් බලා හිඳිමු.
නිලක්ෂි බණ්ඩාර
1/19/2022

අත් දැකීමක් වගේ . ලස්සනයි
ReplyDeleteහ්ම්ම්.ඔව් සර්.ස්තුතියි
Deleteලස්සනයි❤❤
ReplyDeleteදිගටම ලියන්න....
ස්තුතියි
Delete