අසිරිමත් කලාවක්...
අසිරිමත් දේශයක්....
ඇය, ඇයටම උරුම වූ වත් පිළිවෙත්
ප්‍රදර්ශනය කරයි....
සම්ප්‍රදායන් ,
උත්සව සහ සැණකෙළි
ඇයගේ අනන්‍යතාවයේ සළකුණයි.
ඇයටම උරුම වූ කලාවක්.
ටාජ් මහල්, අග්‍රා , එහි අග්‍ර ඵලයක්.
දේශ සීමා මායිම් ඇයගේ හදවතයි.
ඉංදියානු සංස්කෘතියේ පරණ සුන්දරත්වය
ජන කතා සහ ගෝත්‍රික කලාවන් කියා දෙයි.
භාරත සංස්කෘතියේ සුන්දරත්වය
ජන කතා සහ ගෝත්‍රික කලාවයි.
බිතු සිතුවම් සහ කැටයම්
ජනිත වූවා භාරතය තුළම.
සම්ප්‍රදායන්ගෙ හදගැස්ම
අද්විතීය නැටුම් කලාවේ වින්දනය
සංගීතයේ තත්සර නද
ඔබ වරම් ලද යුතුයි.
වරක් වත් අසන්නට....
ඇඳුම් පැලඳුම් විලාසිතා
මොනවට ගැලපේද දේශගුණ වෙනසට.
ඇගේ ඇඳුමට ගැලපෙන ආභරණ
දිදුලයි නෙත් බඳියි පුදුමයක මහත.
ඇයටම උරුම වූ දේශයේ එක්සත් බව.
ඇත....
ඇවැසි වෙලාවට.
ගැටලුවකදි බෙදා ගනී
එයා ....
අවශ්‍ය විටක වටිනාකම.
නිලක්ෂි බණ්ඩාර
28/02/2023


No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........