‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, July 16, 2023

මිහිරි මතකයකි ඔබ ...... සොඳුරු අජන්තාව......




අජන්තා ලෙන් තුළ සඟවා ඇත 

අනාවරණය නොවූ විශ්මිතය .

පාෂාණ මත මෙහෙයවූ පින්සල 

හඬ ගා කියයි.... ශක්තිය, රිද්මය ,- ගෑ වර්ණයක .


සුරුවම් දෑත් නිර්මාණශීලි හදවත්.

බිහි කළා විචිත්‍රවත් නිමැවුම් 

අද්විතීය දැක්ම හා බැඳී 

ළගන්නාසුළු දසුනක්..


නිධානයකි........ කලා ලොව 

තීක්ෂණ බුද්ධිය කැටි කර ගත් 

ජීවමාන වූ බිතු මත 

සරසයි..... දෙවි , දේවතාවියන් .


කලක් අකලක් නොමැතිව 

ඔවුන් වඩිනු ඇත.....

තෙදැතිව , පුරාවෘත ..... පැරණි කතා ......

සරසයි අභිමානයෙන් .


ඉඟි පාන නිල් දෑස්

නර්තන ශිල්පින් , පැහැබර ළඳුන්....

ගැඹුරුයි හැඟුම් හද නවතන 

ප්‍රේමය දයාව පතුරවන .


සෙවණැලි අතර ගැවසෙන 

අත්භූත දසුන් මවමින් 

නිම කළා බිතු සිතුවම් අඳුරට එලිය සසඳමින්.


බැඳ ගනී රන් හුන් - ආත්මය මනු ලොවේ 

ආශ්චර්යයකි ඔබ -  අසිරිමත් කලාවේ .

නොමියෙනා මතකයකි!!! ඔබ 

භාරතය ..... පිංබිමේ.


නිලක්ෂි බණ්ඩාර 

16/07/23.




No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........