‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, December 5, 2023

ආදරයේ නියාම ධර්මය කියා දෙන " ආදරයෙන් ජිවත් වන හැටි."


 ප්‍රවීණ ලේඛිකා සුජාතා මැණිකේ ඉහළගෙදර සොයුරිය විසින් රචිත ආදරයේ නියාම ධර්ම කෘතිය සත්‍යයෙන්ම ..... ඇය හඳුන්වා දී ඇති ආකාරයට සෑම නිමේෂයකම ආදරයෙන් යමක්  බුක්ති විඳීම තේමාව කරගෙන ඇත.

ආදරය ලැබීම නොලැබීම යන ලෝක ධර්මතාවයන් මිනිස් සිතට බලපාන ආකාරයත් , ඒ අනුව මිනිස් හැසිරීම් චංචල වන ස්වභාවයත් මනෝ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත.ගැඹුරු අදහස් ඈ සරල භාෂාවෙන් විස්තර කරයි.අල්ලා ගැනීම, අත්හැරීම යන අන්ත දෙක අතර දෝලනය වන මිනිස් සිත තුල අනෙක ප්‍රකාර ඝට්ටනයන් මතු වේ.මෙම ගැටළු වලට විසඳුම් සොයා යන සිත ජීවිතය ජය ගැනීමට , පරාජය බාර ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පෙළඹිය හැකිය.  ජය හෝ පරාජය බාර ගන්නේ තමාගේ සිත විසින් මිස අනෙකකු විසින් කරමත පටවන දෙයකින් නොවේ.

පුද්ගලයකුගේ සිත පමණක් නොව එතැනදී ,ජිවත් වන පවුල් සමාජය සහ පරිසරයද සෑහෙන බලපෑමක් කරයි.

උත්තේජක පරිසරය මිනිසා සකස් කරයි.නිෂේධක පරිසරය මිනිසා නිශේධනාත්මක කරයි.

සෑම මිනිසකුම උපත ලබන්නේ ජිවත් වීමට වුවත්,ඒ අතර  කොටස් තුනක් සිටිනා බව ඇය පවසයි. 

ලොවේ ජිවත් වනවා වෙනුවට ජිවත් වන කොටස් 

දෙයක් කිරීමට ශක්තියක් නොමැතිව උපන් කොටස්

සහ ජිවත් වීමට උත්සහ කරන කොටස් මේ අතර වේ.

ඇය දිවියේ දියුණුවට අදාළ වන ආගමික ,මනෝවිද්‍යාත්මක සහ සදාචාරාත්මක කරුණු රාශියක් මෙම පොතෙන් හෙළිදරව් කරයි.ඇත්තටම ආදරයේ නියාම ධර්මය සැමදෙනාම රසවිඳිය යුතු ,  හදවත මොහොතකට නතර කල පොතකි.


නිලක්ෂි බණ්ඩාර 

05/12/23.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........