‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Wednesday, November 5, 2025

ට්‍රෝජන් හි වීරයා වූ ඊනියාස්


ඊනියාස් රෝම ජනප්‍රවාදයන්හි ප්‍රධාන චරිතයක් වන අතර වර්ජිල්ගේ වීර කාව්‍යයක් වන ඒනීඩ් හි ප්‍රධාන චරිතය වේ.ට්‍රෝජන් හි වැටීමෙන් පසු 

දෙවිවරුන්ගේ මඟ පෙන්වීම යටතේ නව නිජබිමක් සොයා ගැනීමට ඊනියාස් භයානක ගමනක යෙදෙන්නට විය. සටන්, විවිධාකාර වූ පරික්ෂණයන් මෙන්ම පලිගැනීම් සහ සටන් අතරින් අවසානයේදී ඊනියාස් ඉතාලියට පැමිණි අතර එහිදී ඔහු රෝම ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය.

ඔරොත්තු දීමේ හැකියාව, පුජනීයත්වය, ගෞරවය ,යුතුකම් , දිව්‍යමය මග පෙන්වීම්, නොපසුබට උත්සාහය වැනි දේ ඊනියාස්ගේ පුරාවෘත්තය ඔස්සේ පෙන්වා දෙයි.ඔහුව රෝම මිත්‍යා කථා වල ශ්‍රේෂ්ඨතම වීරයා ලෙස සලකන අතර , රෝමවරුන් ආදරය කළ ගුණධර්ම සංකේතවත් කරති.

නිලක්ෂි බණ්ඩාර 

05/11/2025.

2 comments:

  1. මේකත් බලන්නෙකෝ වෙලාව තිබුනොත් https://sithuviliralabinduma.blogspot.com/2025/02/blog-post.html

    ReplyDelete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........