විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
- Oasis ක්ෂේම භූමිය
- Ratnapura, Sabaragamuwa, Sri Lanka
- පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
Saturday, July 11, 2026
ඉන්දියාවේ මුද්‍රණ කලාවේ ආරම්භය
ඉන්දියාවට moveable-type මුද්‍රණ යන්ත්‍රය පැමිණියේ අහම්බෙනි. මිෂනාරි කටයුතු ප්‍රචලිත කිරීම සඳහා මුද්‍රණ කලාවේ ඇති වටිනාකම ජේසුයිට් නිකායිකයන් මැනවින් දැන සිටියහ. උදාහරණයක් ලෙස, ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් පියතුමන් 1549 දී ලියූ ලිපියකින් ක්‍රිස්තියානි මිෂනාරි සාහිත්‍යය ජපන් භාෂාවෙන් මුද්‍රණය කරන ලෙස ඉල්ලා තිබුණි. ගෝවේදී ද දේශීය භාෂාවලින් මුද්‍රණය කළ මිෂනාරි සාහිත්‍යයේ වටිනාකම පිළිබඳ අවබෝධයක් වර්ධනය වෙමින් පැවතුණි. කෙසේ වෙතත්, බලධාරීන් මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. පෘතුගීසීන් විසින් 1510 දී එනම් අඩ සියවසකට පමණ පෙර ගෝව යටත් කරගෙන තිබූ අතර, ඔවුන්ගේ දේශපාලන බලය ක්‍රිස්තියානි ආගම පැතිරවීමට ප්‍රමාණවත් යැයි සැලකිනි. ඒ අනුව, අවසානයේ ගෝවට පැමිණි මුද්‍රණ යන්ත්‍රය භාවිතා කළේ ඉන්දියාවේ නොව ඉතියෝපියාවේ මිෂනාරි කටයුතු සඳහාය.
ඉතියෝපියාවේ අධිරාජ්‍යයා විසින් පෘතුගාලයේ රජුගෙන් පොත්පත් පිළියෙල කිරීමෙහි දක්ෂ ශිල්පීන්ව ඉතියෝපියාවට එවන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කර තිබුණි (Priolkar, 1958, පිටුව 3). 1556 දී එවකට පෘතුගාලයේ රජු වූ දොම් ජෝඕ (තුන්වන ජෝන්) විසින් මෙම ඉල්ලීම අනුමත කරන ලදී. 1556 අප්‍රේල් 30 දිනැති ජේසුයිට් පියතුමෙකු වන ෆාදර් ගැස්පාර් කලසාගේ ලිපියකට අනුව, ජේසුයිට් මිෂනාරිවරුන්ගේ පළමු කණ්ඩායම සහ මුද්‍රණ යන්ත්‍රයක් රැගත් නෞකාවක් 1556 මාර්තු 29 දින පෘතුගාලයේ ලිස්බන් නුවරින් ඉතියෝපියාව බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඉතියෝපියාවේ කුලපතිවරයා වූ ෆාදර් ජෝන් නුනෙස් විසිනි. ඔවුන් අතර මුද්‍රණ කලාව පිළිබඳ දැනුමක් තිබූ ස්පාඤ්ඤ ජේසුයිට් සහෝදරයෙකු වන ජෝඕ ද බුස්ටාමෙන්ටේ ද වූ අතර, ඔහුට උපකාර කිරීම සඳහා පෘතුගීසි රජු විසින් "හොඳ චරිතයක් ඇති, දක්ෂ සහ පළපුරුදු ඉන්දීය මුද්‍රණ ශිල්පියෙකු" ද පත් කර තිබුණි (Priolkar, 1958, පිටුව 4).
එකල සූවස් ඇළ නොතිබූ බැවින්, පෘතුගාලයේ සිට ඉතියෝපියාව බලා යාත්‍රා කළ නැව්වල සාමාන්‍ය ගමන් මාර්ගය වූයේ කේප් ඔෆ් ගුඩ් හෝප් හරහා ගෝවට පැමිණ, එතැනින් ඉතියෝපියාවට යාමයි. මුද්‍රණ යන්ත්‍රය රැගත් නෞකාව 1556 සැප්තැම්බර් 6 වන දින ගෝවට ළඟා විය (Priolkar, 1958, පිටුව 2, 6-7). 1557 ජනවාරි මාසයේදී, කුලපතිවරයා ඉතියෝපියාව බලා පිටත්ව යාමට සූදානම් වෙද්දී, ගෝවේ ආණ්ඩුකාරවරයා මිෂනාරිවරුන්ගේ ගමන ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේය. එයට හේතුව බොහෝ විට මිෂනාරිවරුන් සහ ඉතියෝපියාවේ අධිරාජ්‍යයා අතර පැවති සබඳතා එම කාලයේ තරමක් පලුදු වී තිබීම විය හැකිය (Priolkar, 1958, පිටුව 5). කුලපතිවරයා ඊට එකඟ විය. අවාසනාවකට මෙන්, ඔහු 1562 දෙසැම්බර් 22 වන දින මිය ගිය අතර, "ඔහු හෝ ඔහු රැගෙන ගිය මුද්‍රණ යන්ත්‍රය කිසි දිනෙක ගෝවෙන් පිටව ගියේ නැත" (Priolkar, 1958, පිටුව 5).
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........