‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, March 22, 2018

හෙළ කලාකරුවා අතින් කැටයම් වූ නළඟන රූ

නළඟන රූ අතරින් පැරණිතම රුව වන්නේ මිහින්තලේ සිංහ පොකුණේ සිංහ කටට ඉහලින් කොටා ඇති රුව ලෙසට පුරා විද්‍යාඥයින් පවසයි.එලෙසින්ම ඉසුරුමුණි විහාරය අභියස දකුණු බැම්මේ එවැනි වූ තවත් රූ කැටයම් කර ඇත. මෙහි ඇත්තේ සඳකිඳුරු යුවලකි.මිහින්තලය බෞද්ධ භික්ෂු මධ්‍යස්ථානයක් වූ අතර මෙවන් ස්ථානයක නළඟන රූ කැටයම් කලේ කුමන හේතුවක් මතදැයි යන්න විමසුමට ලක්වන කරුණක් වේ.
පොළොන්නරු යුගයේදී හින්දු සංස්කෘතිය බෙහෙවින් ව්‍යාප්ත වූ අතර දේශීය කලාවන්ටත් එහි අංගයන් ඇතුලත් විය.මහා පරාක්‍රමබාහු රජු නාට්‍ය රඟ දැක්වීම උදෙසා සරස්වතී මණ්ඩපය ඉදි කරන ලදී. පොළොන්නරුවේ දළදා මාලිගයේ
(අටදාගේ ) කුළුණු වල නළඟන රූ කැටයක් ඉතාමත් සුන්දරව කැටයම් කොට ඇත.

පරාක්‍රමබාහු රජුගේ ගමවූ පුංචගාමයෙහි ඇති සුතිසර චෛත්‍යයේ සැරසිලිවලින් යුතු නා වැට පහනේ දම්වැලක ලෝහයෙන් කැටයම් කළ නළඟන රූ දෙකක් හමුවී ඇත.එල්ලෙන දම්වැලේ පුරුක් අතරේ නර්තනයේ යෙදෙනාකාරයෙන් නළුවන් සහ බෙරකරුවන් දක්නට ලැබේ.

ගම්පල යුගයේ ඇම්බැක්කේ දේවාලය තුල දැවයෙන් කරවන ලද නළගන රූ කැටයම් දක්නට ලැබේ,මිනිස් වෙස් ගත, කිඳුරු වෙස් ගත් නළඟනන් දක්නට ලැබීම සුවිශේෂී කරුණකි.මේ යුගයට අයත් රූප ගඩලාදෙණිය , නියම්ගම්පාය ,අලවතුර යන විහාර තුලින්ද හමුවී තිබේ.

කුරුනෑගල රිදී විහාරයේ නළඟන රූ සහිත ඇත්දත් කැටයම් රාශියක් දක්නට ලැබේ.මේ අනුව කළාකරුවා විසින් විවිධ කාල පරයාසන්හිදී විවිධ මානයන් උපයුක්ත කොටගෙන මෙම නිර්මාණයන සිදු කළ බව පෙනී යන කරුණකි.
මෙම රුප ඉන්දියානු සංස්කෘතියේ අංග ලක්ෂණයක් වන අතර සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් සුදුසු පරිදි සිදු කර ඇත.
සාහිත්‍ය කරුවන් විසින් නළඟන පිළිබඳව වර්ණනා කර ඇති අවස්ථා සාහිත්‍ය පත පොත රසවිඳීමේදී අපට දකින්නට ලැබෙන
කරුණකි, ථුපවංශය ,බුත්සරණ ධර්ම ප්‍රධිපිකාව යන පුස්තකයන් නිදසුන්ය . දෙවියන් ඉදිරියේ නළඟනන් රඟ දැක්වීම ආගමික චාරිත්‍රයක් වූ අතර ඇය දේව දාසි නමින් හැඳින්විය.

වැත්තාවේ හිමියන් විසින් ගුත්තිල කාව්‍යයේ මෙසේ සඳහන් කර ඇත.

රූ රැසේ අඳිනා ලෙසින් අත්
ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙන නාදනු පා තබා තබා


4 comments:

  1. //මිහින්තලය බෞද්ධ භික්ෂු මධ්‍යස්ථානයක් වූ අතර මෙවන් ස්ථානයක නළඟන රූ කැටයම් කලේ කුමන හේතුවක් මතදැයි යන්න විමසුමට ලක්වන කරුණක් වේ.//

    ඔව ඉතින් දැවෙන ප්‍රස්න..:)

    ReplyDelete
    Replies
    1. එකනේ බෝලේ කාන්තා දිනේ වගේ තමා ;)

      Delete

ඔබෙ දිය පොදත් එක් කරන්න.........