නුඹට සුව සෙත පතාලා මං
ගිල්ල තිර කඩ අපමණයි .
ග්‍රහ අපල දුරු වෙන්න කියලා
කාපු කිරිබත් අපමණයි.
ගේ ලඟට එන විට - ගලක් ගෙන
එලෙව්වා මතකයි .... තමයි.
ඒත් මට බෑ නොදැක ඉන්නට
නුඹේ දොරකඩ මට හිමියි.
වෙසක් කාලෙට පිපෙන ලස්සන
මල... වෙසක් මල .... හරි අගෙයි.
ලස්සනක් නැති මලට දුන්නේ
මුලට මගේ නම යෙදු නමයි,
පරිසරය වැනසී අහවරයි.
මලුත් නැති වී යන වගයි.
"කපුටු වෙසක් " පැලයටද ලැබුවේ
අශුභ එම කල දවසමයි.
නිලක්ෂි බණ්ඩාර
19/05/2023



No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........