නෙතගින් හිරුට ඉඟි කර
රඟනා සුරියකාන්ත මලකි.
ඇරඹුණි රන් කෙතක සොඳුරු ප්‍රේමයක්
දෙහදක් යාවි.
මල් පෙති බඳු හිරු කිරණ
මෘදුව ,උණුසුම්ව එකිනෙකට
නුරාවෙන් බැඳුණි සන්සුන්ව.
වදනින් නොකියූ නිර්ව්‍යාජ
පෙමකින් බැඳුනේ
ඔබෙත් මගෙත් මල් පිපෙන ප්‍රේමය විලසිනි.
හමන මඳ සුළඟ අතරදී සේම වැහි මන්දරමේදීත්
නොසැලි , නොමියෙන සවිමත් ප්‍රේමයකි.
ඔවුන්ගේ ප්‍රේමනීය වැළඳගැනීම තුළ ලෝකය ජීවමාන වන්නේ
ප්‍රේමය දළුලමින් සදාතනිකව බැඳෙමිනි.
හිරු කිරණ තුළ සවිමත් වූ
ඔවුන්ගේ ආදරය
වර්ණ සංධ්වනියකි.
මධුර ගීතයකි.
*මල් පිපුණු සුරිය ප්‍රේමය සදාකාලික ප්‍රේමයේ සලකුණයි.*
ඉතින් අපි සූරියකාන්ත මල් වෙමු.
ආදරණිය උණුසුම් වැළඳගැනිමකින්
හදවතේ ප්‍රේම කුසුමන් පුබුදවමු.
නිලක්ෂි බණ්ඩාර
31/05/2023


No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........