නැන්ස් කියන්නේ අනික් දරුවන්ට වඩා වෙනස් උන අමුතුම කෙලි පැටියෙක්.ඔයා එයා දිහා බැලුවොත් ඔයා දකින්නේ සාමාන්‍ය දරුවෙක්. හැබැයි.... එයාගේ ඇස් දිහා දිහා විශේෂයෙන් බැලුවොත් .... එසේ නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මොකද එයාගේ ඇස් දිහා කෙලින් බලලා කතා කරන්න ගොඩ දෙනෙක් අකමැති උනා. ඒකට හේතුව බලපු හැමදෙනාම කුමක් හෝ අනතුරකට හැමදාම පත් වුන නිසා.3.
ඉතින් අපි කියවමු මොකක්ද මේ පුංචි නැන්ස් ගේ කතන්දරේ කියලා,
නැන්ස් කියන්නේ දුප්පත් පවුලක ඉපදුණු දරුවෙක්.එයාගේ තාත්තා ගොඩක් බොන, තමන් ගැන විතරක් හිතන , ආත්මාර්ථකාමී කෙනෙක්, නමුත් ඔහු ඉතා වෙහෙස වී තම රැකියාව කරපු කෙනෙක්. කොතරම් හොදින් වැඩ කලත් ඔහු එක් වරම රැකියාවෙන් අයින් උනේ ඉක්මනින් මුදල් ඉපයීමට පහසු ක්‍රමයක් ඔහුගේ හිතට ආපු නිසා.
මොකක්ද ඒ ක්‍රමය?
ඔහුගේ ආත්මාර්ථකාමී මොලයට පැමිණියේ නැන්සි ව පාවිච්චි කරමින් මුදල්යඋපයන්නේ කෙසේද යන්නයි. එය අනගි අවස්තාවක් ලෙස ඔහු සිතු අතර ඔහු ඉතා දරුණු අයුරින් ඇයව සුරා කෑමට පටන් ගත්තේය. නමුත් එය ඉතාමත අහිතකර නැන්සි ව බැලීමට ගිය පිරිසට බලපෑමට පටන් ගත්තේය,
මෙහිදී ඔබ තෙරුන් ගත යුතු දෙයක් තිබේ. නැන්ස්ගේ දෑස් විකෘති වී තිබුණත්, ඇය අවට ලෝකය පිළිබඳ ඇගේ හැඟීම විශේෂ මෙන්ම අසමානය හැගිමක් විය.. ඇය වටා සිටි වැඩිහිටියන්ට වඩා ප්‍රඥාවන්ත බවත්, ඇය බැලීමට පැමිණි ඕනෑම ගුරුවරයෙකුට වඩා දක්ෂ බවත් ඇගෙන් විද්‍යමාන වුනි.
ඇයගේ අමුත්තන් අතර සිටි නිරීක්ෂකයෙකුට නැන්සි ගේ ,මෙම වෙනස හොඳින් පෙනුනි.එය වේදනාකාරී නොවිය. විනොදකාරි ක්‍රියාවක් විය. විටෙක ඇය අනික් පිරිසව හසුරවන ලද්දේ ඉතාමත් කැමැත්තෙනි . එය ඇයගේ පියාගෙන් ලද උරුමයක් බව අනිකුත් අයටද දැනුනි.
එක්වරම ඇය තාත්තේ මන් එක කළා යනුවෙන් සතුටු සිනාවෙන් කියන ලදී.
ඇගේ විනෝදාංශය මිනිසුන්ව මෙහෙයවීමට වඩා දුර දිග ගිය භයානක දෙයකි. මන්ද ඇය කැමති දේ කරන විට ඇයගේ දෑස් විවිධ වර්ණපැහැ ගැනීමයි.ඇස් වේගයෙන් චලනය වේ.නිදහසේ තමන්ගේම අරයකට ඇස්එහා මෙහා යන බවක් පෙනෙන්ට තිබුණි.
නැන්සිගේ අනිකුත් විශේෂත්වය නම් මනසින් දුර්වල, හෝ අර්බුදකාරී සිත් ඇත්තන්ව හඳුනා ගැනීමට ඇති විශේෂ හැකියාවයි.
එදින සාදයට පැමිණි අමුත්තන්ගෙන් එක අයෙක් සාදයෙන් පසු නිවසට ගියේ වෙනස්ම තැනැත්තකු බවට පත්වීමෙනි.ඔහු තම රැකියාවෙන් ඉවත්ව සොහොනේ අලුත් මිනි භූමදානය කරමින් රාත්‍රී ක්‍රියාකාරකම් හි යෙදෙන්නට පටන් ගත්තේය.
ඔහුගේ පවුලේ ඇය මේ සිදුවූ විපර්යාසයට නැන්සි ට දෝෂාරෝපණය කරන්නට විය.ඇයට යක්ෂයින් ආවේශ වී ඇති බවට කතා පැතිරුණි.එලෙසින්ම ඇයගේ අමුත්තන්ට මෙවැනි විවිධ අත්භූත අත්දැකීම් සහ සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු විය,බලධාරීන් විසින් ඇයගේ පියාට අනතරු ඇඟවූ අතර ඉන්සිදුවූ ප්‍රතිපලයක් නොමැත. ඔහුගේ සංචාරය කෙටි කලකට තාවකාලිකව නතර විය.
මින් කෝපයට පත් පියා නැන්සි ගෙන් පලි ගන්නට පටන් ගත් අතර දරුණු ලෙස වදහිංසා වට පත් කළේය.නමුදු පසුදින ඇය අවදි වන්නේ අර පහරකෑම් වල කිසිදු හෝ සලකුණක් නොමැතිවය.මෙය ඇයගේ පවුලේ සාමාජිකයින්ව අතිශය බියට සහ කුතුහලයට පත් කරන්නක් විය.
නැන්සිට තම පියාව අවශ්‍ය වුනි.ඒ ඇයගේ බාහිර ආරක්ෂාව සඳහාය. ඇයගේ නිසි කල වයස එනතෙක් ඇය ඉවසීමෙන් බලාගෙන සිටියාය. ඇයගේ පියාටත් දිනක් පැමිණේවි.
ඇගේ සමීපතම පවුලේ සෙසු අය දිනෙන් දින උමතු වන්නට පටන් ගත්හ... එය මන්දගාමී ක්‍රියාවලියක් විය... එය සිදු වන අයුරු දැකීමෙන් නන්සි සතුටට පත් විය... ඇගේ දෑස් වඩාත් විචිත්‍රවත් විය ... දෙදෙනාම තෘප්තිමත් වූ විට නැන්සිට පෙනුණි. ඇස් එක එකා දිහා බලන් ඉන්නවා වගේ...
1880 ගණන් වලදී භයංකාර සිදුවීම් රැසකට මුහුණ දුන් ඉලිනොයිස් ප්‍රදේශය තරමක් සන්සුන් අතට හැරුණි.නැන්සි නම් අමුතු ඇස් ඇති ළමයා පිළිබඳවදසදෙස ආරංචි ඕපාදුප පැතිර ගියේය.
ඇයට වසර 11 දී ඇය තම බලය ලෝකයට පෙන්වීමට තීරණය කලාය.ඒ සඳහා ප්‍රේක්ෂකාගාරයක් තුලදී එම අවස්තාව ලබා ගැනීමට තීරණය කලාය, නමුදු එක්තරා මිනිසෙක් පැමිණ අර්බුදකාරි ගැටළුවක් අසු අතර එනම් තනිව ඔහු සමග පරීක්ෂණයට බඳුන් වන ලෙසය,ඇයගේ පියාගේ අකමැත්තෙන් එයට කැමැත්ත පල කරනලදී. විනාඩි 20ක් පමණ බලා සිටි ප්‍රේක්ෂකයින්ට එක වරම වේදනාත්මක කෙඳිරිලි හඬක් ඇසුණු අතර ඔවුන්ට දක්නට ලැබුනේ අතිශය භයන්කාර දසුනකි.
ඒ මිනිසාගේ මහපට ඇඟිල්ල කිසියම් අවස්ථාවකදී පිහියෙන් කපා දමා ඔහුටම ආහාරයට ගැනීමට සලසා තිබෙන ආකාරයයි.ඔහු කියවීමේ කාමරයේ මුල්ලක, කලලරූපයේ සිටි අතර, ඔහු කපා දැමූ ඔහුගේ මහපට ඇඟිල්ල හපමින් සිටියේය ...
නැන්සි ඊට අඩි කිහිපයක් එහායින් නැන්සි ඇගේ කියවීමේ පුටුවේ සිටියාය... වෙනදා පරිද්දෙන්ම ඇය සිටියේ පුටුවට තබා ගැට ගසාය.
මිනිසුන් භීතියට පත්වව කෑගසන්නට පටන් ගත්හ.මෙවර පියා බෙහෙවීනම බයට පත්විය. මෙවර ඇයගේ කියවීම් මාස දෙකක් දක්වා නතර විය.ඇයගේ සොයුරියන්ව උමුතු වූ බැවින් මානසික රෝහලට පත් කලාය.ඇයගේ බාප්පා තමන්ගේම අතක් කපාගෙන ඌරන්ට දමා එතනම මිය ගියේය.
නැන්සිට ජීවිතය ගැන කලකිරීමක් ඇති වු අතර පියා විසින් ඇයට අනාගතය කියවීම් ඇරඹීමට උපකාර කිරීම ඇරඹිය..
වසන්ත සමයේ තවත් සුන්දර දවසක් එළඹිණි.වැඩිහිටියන් 5 දෙනෙකු සහ අර්බුදයකට මුහුණ පෑ පිරිමි දරුවකු ඉලිනොයිස්හි ගම්මානයක් කරා ගියෝය.මෙම දරුවා පාවුල් නම් වූ අතර මොවුන් පේරුහි ඉලිනොයිස්හි පිහිටි නැන්සි ගේ නිවාස සොයා ඇරඹි ගමනකි.
මෙම පාවුල් නම් දරුවා භයංකාර සිහින දකින්නකු විය.ඔවුන් සියල්ලෝම නැරඹුම් මැදිරියේ අසුන්ගත්හ. අතර කියවීම් කාමරයට ගිය පාවුල් නැන්සි ඉදිරිපිටින් අසුන් ගත්තේය.
නමුදු මේ අවස්තාව ඇයගේ පෙර කියවීම් වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්ම අවස්තාවක් විය.මන්ද පාවුල් ඇය ඉදිරියට පැමිණීමටත් පෙර නැන්සි වේදනාවෙන් දුක්බරව හද නගන්නට විය,.ඇයගේ මුහුණ වේදනාබරිත විය.එවිට ඇය දෑස් විවර කළාය...ඇස් දෙකම සෑම පැත්තකටම පෙරළෙමින් තිබුණි... විවිධ වර්ණවලින් දිස්නය ගහන්නට විය.
තරුණ පොල් කිසිම බියක් නොපෙන්වූ අතර එය නැන්සිට දරාගත නොහැකි විය.තම අසුනට පහර දුන් නැන්සි ඉන්පසු විනාඩියකට පමණ පසු ඇය දෑස් පියාගත් අතර කාමරයේ සියල්ල නිශ්ශබ්ද විය .
ඇය ඔහුගෙන් ඇහුවේ ඔබ අපට බය නැද්ද යන්නයි.
නමුදු පාවුල් සෙලවුනේ වත් කලබල වුනේ වත් නැත.
එවිටම නැන්සිගේ අතපය බැඳී තිබුණු වානේ දම්වැල් කැඩීවිසිරි ගියේය.දිලිසෙන දෑසින් යුතුව කෑගසමින් ඇය පවුල් වෙත ලං වූ අතර බියෙන් මහත් විලාපයක් තිබ්බය.
ඒත් පොල් සැලුනේ නැත. එක්වරම කියවීම් කාමරයේ ජනෙල් කැඩී සරනේරු එහෙ මෙහෙ විසිරෙන්නට විය.බියකරු හඬක් නංවමින් නැන්සි දොරින් දිව ගොස් ගඟට පැන්නය. ඉන්පසු කිසිම දිනකදී නැන්සිව එම ප්රදේශිකයින්ට දකින්නට නොලැබුණි.
පෝල් තම පවුලේ අය සමඟ ආපසු නිවසට ගියේය ... ඔහුට නැවත කිසි දිනෙක බියකරු සිහින නොපෙනුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ නැන්ස් සහ ඇයගේ ආත්මය තුළ සිටියේ පාවුල් යන්නයි...
එකම දේ පාවුල් යනු සාමාන්‍ය පිරිමි දරුවකු පමණක් යන්නයි.
24/08/23
නිලක්ෂි බණ්ඩාර
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........