‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, August 3, 2023

මල්ගුඩිය




 සිහින රැව් දෙන භූමියෙ 

පිහිටි නගරය මල්ගුඩිය යි.

කිසිවකට නොදෙවෙනි කතන්දර රැසකි.

හදවතේ විදි හරහා සුසුම්ලමින් දිව යන සදාතනික වූ  අනෙකවිධ චරිතයන්ය.

පන්හිඳක මහා නුවණසී ආර් කේ නාරායන් 

සාමාන්‍ය බව ඉක්මවූ  උත්තරීතර ලොවක් 

මවන ලද්දේ 

මල්ගුඩියේ අසාමාන්‍ය ජිවිත ගෙවන සාමාන්‍ය  මිනිසුන්ගේ කතාවයි.


ස්වාමි වෙනස් සිතුවිලි වලින් යුතු ප්‍රීතිමත් දරුවා 

අපට  හමුවේ නිරතුරු සිනහ පිරි දෙනෙතින් 

ඔහු වටා සිටින සොඳුරු මිතුරු කැළ සමග.

ඇල්බර්ට් මිෂන්හිදී ඔවුන් යෙදේ

ත්‍රස්තජන ක්‍රියාවන්හි මහා රෑ ජමයේදී 

ඔවුන් සමගින්.

මාර්ගයියා 

මුල්‍ය සිහින දකිනා මිනිසෙකි,

ධනය, පිරිවැය සමග වාසනාවන්ත වූ 

නමුදු තණ්හාව පිරි.

වර්ණයෙන් පැහැගැන්වුණු රාමයියා 

සියුම්වූ  තෙලි තුඩින් අපුරු විස්කම් දක්වයි.

නමුදු ජිවිතයේ සැබෑ අරමුණ නොදැන දස්කම් හා කිර්තිය වෙනුවෙන් 

අරගල කරයි.

රසකැවිලි කරත්තය හා ගැටෙන ගෝපාලන් අවංකය .

වෙහෙස වී ජිවන අරගලයට මුහුණ දෙන අපුරු මිනිසෙකි.

පීඩාවන් තුලින් ආත්මය ජය ගන්නා 

 ධෛර්යයේ ප්‍රතිමුර්තියකි.

පන්හිඳින් මිනිස් හැඟීම් වියනා,

 හදවත් වලින් ගලනා රුහිරෙන් කැන්වස් සිතුවම් කරන නාරායන් 

මල්ගුඩියේ තීරය තුළින් අපට ජිවිත ගලනය පෙන්වුයේ යථාර්තය මතු කරමිනි.

ඉතින්.....

ඇවිද යමු අපි අත්වැල් බැඳන් මේ අපුරු නගරයට දොරගුළු විවර කර මනුෂ්‍යත්වය 

සොයා යාමට.


නිලක්ෂි බණ්ඩාර 

03/08/23.


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........