‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, October 31, 2023

තරුව ..... නුඹ ....




තරුව ..... නුඹ ...

සාඩම්බරව අහස කුස දිලිසෙන බව දනිමි.

 නුඹ අයිති පොලවට නොවේ. අහසටයි.

මම නුඹ දෙස සැමදා බලා සිටියෙමි.

අදටත් බලා ඉමි.

හෙටත් බලා හිඳිවී.

නමුත් නුඹට අහසේ සිට පොළවේ සිටින කා දෙස වුවත් බැලිය හැකිය,. 

මන්ද.... නුඹ අපට වඩා බොහෝ ඉහලින් සිටින බැවිනි. 

ඔබට මා බලා හිඳිනු  නොපෙනෙන බව දනිමි.

මන්ද මා කුඩා හත්තක් නිසාවෙන්.

නමුත් දවසක .... නුඹ දරාගනු බැරි වෙහෙසකින්  

අඳුරු තරුවක්ව පොලවට පතිත වන කල්හිදී

 මම මෙතැනම හිඳිමින් නුඹ වෙත දෑස් යොමා හිඳිනු ඇත.

එදිනට කොහේ කොතැනක සිටියත්, 

 නුඹ වෙනුවෙන් කෙනෙකු 

බලා සිටින බව මතකයේ තබාගෙන

ලෝකයට එලිය දෙන්න.


නිලක්ෂි බණ්ඩාර .

31/10/23.

2 comments:

ඔබෙ දිය පොදත් එක් කරන්න.........