‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 6, 2024

බොහිමියානු දේශයේ සුන්දර සිහිනය මනාලි


 පුජනිය හිමාලයා කඳුකරයේ 

හදවත ඔබයි....

නිස්කලංකයේ තෝතැන්න 

මිහිබට සුරපුර....

ආදරණිය මනාලී....

හිමාචල් දේශයේ

අභාරණය...

කැන්වස් පතක ඇඳි  චිත්‍රය..


අහස සිඹින 

හිමගිරි මුදුන් 

තරු පිරි අහස ගයයි.

හිමාචල් හදවතේ තනුව 

හරිත පැහැ නිම්න 

මුමුණයි ... කඳුකරයේ 

නොකියූ තේජසක දෝංකාරය...

නොගැයූ සොබාදම් සංධ්වනිය .

බියස් නදිය ......

මුමුණයි සුළඟට රහස්.

පැද්දෙන පයින් ගස් සිපගෙන.


රෝදන් පාස් ,,,, දර්ශනීය නිම්නය 

වසන්තයේ සංචාරක දොරටු විවර කළ 
හිඩිම්බා මහා දෙවොල 

ජන කතාවේ .... කට කතාවේ.... 

දෝංකාරය .... විශ්වය 

කළඑළි කරයි.... මනාලි දේශය....


නිලක්ෂි බණ්ඩාර 

6/1/2024.


No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........