බොහෝමියානු මැසිෆ්හි නිරිත දිග උස බිම් වනාන්තර තීරය ජර්මානු චෙක් ජන රාජ්‍යයේ මායිම වන අතර වයඹ දෙසින් ඕර් ගංගාවේ ඉහල නිම්නයේ සිට දැනියුබ් ගඟේ කොටසක් දක්වා විහිදේ.කේතුධර හා පතනශීලි වනාන්තර පරාසයෙන් තුනෙන් එකකට වඩා ආවරණය වන අතර විවිධ ඛනිජ සහ පාෂාණ වර්ගවලට හිමිකම් කියන පරිසරයක් මෙහි දක්නට ලැබේ.රෙජන් සහ ඉහල්ස් යන ගංගාද බොහිමියානු වනාන්තරය හරහා ගලාගෙන යයි. භූගෝලීය වශයෙන් ගත් කල ,දකුණු බොහොමියාවේ සිට උතුරින් සැක්සානි සහ ලුසැටියාව ඊසාන දෙසින් සිලිසියාව, නැගෙනහිරින් මොරවියාව ඔස්ට්‍රියාව සහ ජර්මනියේ බැවෙරියාව දක්වා විහිදෙන අතර කිලෝමීටර් 50ක් පළල මැසිෆ්හි බොහිමියාවේ උසම කඳු මුදුන වේ. ජර්මානු භාෂාවෙන් බුමර්වෝල්ඩ් ලෙස හඳුන්වන මෙම කඳු පන්තිය මධ්‍ය යුරෝපයේ පහත් කඳු පන්තියකි.
විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
- Oasis ක්ෂේම භූමිය
- Ratnapura, Sabaragamuwa, Sri Lanka
- පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
Tuesday, July 6, 2021
බොහිමියන් වනය
බොහෝමියානු මැසිෆ්හි නිරිත දිග උස බිම් වනාන්තර තීරය ජර්මානු චෙක් ජන රාජ්‍යයේ මායිම වන අතර වයඹ දෙසින් ඕර් ගංගාවේ ඉහල නිම්නයේ සිට දැනියුබ් ගඟේ කොටසක් දක්වා විහිදේ.කේතුධර හා පතනශීලි වනාන්තර පරාසයෙන් තුනෙන් එකකට වඩා ආවරණය වන අතර විවිධ ඛනිජ සහ පාෂාණ වර්ගවලට හිමිකම් කියන පරිසරයක් මෙහි දක්නට ලැබේ.රෙජන් සහ ඉහල්ස් යන ගංගාද බොහිමියානු වනාන්තරය හරහා ගලාගෙන යයි. භූගෝලීය වශයෙන් ගත් කල ,දකුණු බොහොමියාවේ සිට උතුරින් සැක්සානි සහ ලුසැටියාව ඊසාන දෙසින් සිලිසියාව, නැගෙනහිරින් මොරවියාව ඔස්ට්‍රියාව සහ ජර්මනියේ බැවෙරියාව දක්වා විහිදෙන අතර කිලෝමීටර් 50ක් පළල මැසිෆ්හි බොහිමියාවේ උසම කඳු මුදුන වේ. ජර්මානු භාෂාවෙන් බුමර්වෝල්ඩ් ලෙස හඳුන්වන මෙම කඳු පන්තිය මධ්‍ය යුරෝපයේ පහත් කඳු පන්තියකි.
Saturday, July 3, 2021
අරාබියේ අමෘතය හෙවත් කෝපි පානයේ උත්පත්ති කතාව
සිතත් ගතත් පණ ගන්වන කෝපි කෝප්පයේ රස අපට අමුත්තක් නොවුනත් එහි මුල් කතාව බොහෝ දෙනෙක් නොදන්නා බව අපිට නොරහසකි.කොප්පෙයා අරාබිකා යන උද්හිද නාමයෙන් හඳුන්වන මෙහි ශරීරය ප්‍රාණවත් කරන කැෆෙන් නම් රසායනිකය අඩංගු වේ.ඝර්මකලාපික රටවල වැවෙන කෝපි වල උපත ඇබිනිසියාව නමින් අතීතයේ පතල වූ වර්තමානයේ ඉතියෝපියාව නම් ලද පෙදෙසේ සිටි කෆා නම් පුජකයෙකු විසින් සොයාගත් බව කියවේ.
ඇබිනිසියාවේ කෆා නම් කඳුකර පෙදෙසේ ආරාමයක සිටි මේ පුජකතුමාට තම සිසු පුජකවරුන් තරමක අලස බවකින් යුතුව අධ්‍යන කටයුතු වල යෙදෙන බවක් දක්නට ලැබුණහ.පාඩම් කරන අතරතුර ගස් යටට වී නිදන අතර දේවස්ථානයේ එළු රංචුව පේන්නට නොසිටියහ,උන් ඒ අසල වූ පඳුරු වල ගෙඩි කොළ කමින් ක්‍රියාශීලිව සිතිනි මෙම පුජකතුමාට දක්නට ලැබුණි.ඒ දුටු පුජකතුමා එම ගෙඩි කඩාගෙන විත් උණු වතුරට දමා තම්බා සිසු පිරිසට බොන්නට දුන්නේය,ඉන්පසු කෙමෙන් අලස ගතිය අඩුව ගොස් ක්‍රියාශීලි බව ඇතිවූ බව දුටු පසු ක්‍රමවත්ව කෝපි පානය සිදු කරන ලදී.කෆා ප්‍රදේශය නිජබිම බැවින් කොෆි යන නාමය මෙයට ලබා දුන් බව කියවේ.කෆායා යන්න තර්කි වචනයක් බවත් සිංහලෙන් කෝපි ලෙසත් කියවේ..
ප්‍රධාන වශයෙන් කෝපි වල ප්‍රබේධ 2ක් වේ.එනම් Arabica සහ Robusta ලෙසිනි.මෙය බිම වර්ගයක්ම නොවන අතර අප්‍රිකානුවන් සත්ව මේදය එකතු කොට මෙය ආහාරයක් ලෙසද අරන් ඇති අතර ඉතිහාසඥයින්ට අනුව මෙය ලොව ප්‍රථම ශක්තිජනක ආහාරය වන්නට ඇතැයි කියාද පැවසේ.
1652 ලොව පළමු කෝපි අවන්හල එංගලන්තයේදී ආරම්භ වූ අතර අරාබියේද සාර්ථකව පැතිර ගියහ.මේ සමගම ජැමෙයිකාව , වෙනිසියුලාව,දකුණු ඇමරිකාව ,ඉක්වදෝරය,අයිවරි කෝස්ට් , ශ්‍රීලංකාව ඇතුළු බොහෝ රටවල කෙමෙන් කෙමෙන් කෝපි වගාව පැතිර ගියහ.
ශ්‍රී ලංකවෙ මුල්ම කෝපි වත්ත ආරම්භ කරන ලද්දේ ක්‍රි වා : `1823 ගම්පොල සිංහ පිටියේ දී සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාර වරයා විසිනි.එකලදී මෙහි ප්‍රධාන ආර්ථික බෝගය වුයේ කෝපිය.ලොව වැඩිම කෝපි ප්‍රමාණයක් නිපදවන රට වන්නේ බ්‍රසීලයයි.දෙවෙනි රට කොලොම්බියාවයි.ඊට අමතරව අප්‍රිකාව, ආසියාව ,සහ ඇමරිකානු රටවල් කීපයක් මුල් තැන ගනී.ලොපි ලෝකය පුර ප්‍රචලිතව ඇත්තේ අරාබියේ අමුර්ථය ලෙසය.වැඩිපුරම කෝපි බොන්නේ ස්කෑවේඩිනේයානු ජනයාය.
නමුදු ජෝන් හොප්කින්සන් විද්‍යා විද්‍යාලයේ වෛද්‍ය විශේසඥයින්ට අනුව වැඩිපුර කෝපි බොන්නන්ට හර්ද රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇත.කෝපි කෝප්ප 5ක් දවසට බොනවා නම් එම පුද්ගලයාට හදවත් රෝග සෑදීමේ ප්‍රවනතාවය වැඩිය.කෝපිවල අඩංගු කැෆෙන් නම් එන්සයිමය ලේ තුල අන්තර්ගත සේරටෝනින් නම් රසායනිකයේ සාන්ද්‍රතාවය ඉහල නංවයි.එය මොලයේ වාහිනී චලන වේගය උත්සන්න කරයි.කෝපි බිව් විට දැනෙන ප්‍රාණවත් බවට හේතුව එයයි.ඒ සමගම හදවතේ සන්කෙචනය වැඩිවන අතර රුධිර පීඩනය වැඩි කරයි.
Saturday, May 29, 2021
එවරස්ට් තරණය කල එඩ්මන්ඩ් හිලරි
එවරස්ට් තරණය කිරීමට බොහෝ දෙනෙක් උත්සහ කලත් පළමු හිමාලය තරණය කල ගවේශකයා ලෙස විරුදාවලිය ලබන්නේ 1953 මැයි 25 වන දින පෙරවරු 11 .30 ට කන්ද මුදුනට ගිය එඩ්මන්ඩ් හිලරිය.ඔහු නවසිලන්ත ජාතිකයකු වන අතර ඔහුගේ සහයට නේපාල ජාතික ෂර්පා ටෙන්සිං නොර්ගේ ද හිමාල තරණයට එක්විය.
එවරස්ට් කන්ද පෘතුවියේ ඉහලම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 20,035 උසිනි පිහිටියේය.ජුනි 2වෙනි දින එනම් දෙවෙනි එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය දිනයේ මෙම පුවත ලොව පුරා පැතිර ගිය අතර බ්‍රිතාන්‍යයන් එය ස්වකිය රටේ අනාගතයට සුබ ලකුණක් ලෙස සැලකුහ.
නේපාලය සහ ටිබෙටය අතර ඇති මායිමේ පිහිටා ඇති එවරස්ට් කන්ද ආසියාවේ මහා හිමලයා කඳුවැටියේ කොටසක් වේ.ටිබෙට් ජාතිකයින් විසින් 19වැනි සියවසේ දකුණු ආසියාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය මිනින්දෝරුවකු වූ ශ්‍රීමත් ජෝර්ජ් එවරස්ට් ගේ නමින් චෝමෝ ලුන්ග්මා නොහොත් දේශයේ මවු දේවතාවිය යන්නෙන් නම් කරන ලදී.
එවරස්ට් කඳු මුදුන පෘතුවි වායුගෝලයේ වාතය සිසාරා පැතිර යන අතර එය ජෙට් යානා වල උන්නතාංශය සහ එහි ඔක්සිජන් මට්ටම මේ කලාපයේදී ඉතාමත් වේගයෙන් අඩුවේ.ඉතාමත් අඩු උෂ්ණත්වයක් සහිත අතිශයින් සිතල කිසිවකුත් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත වාතාවරණයක් මෙහිදී නිර්මාණය වේ.
1921 දී බ්‍රිතාන්‍ය ගවේෂණ සංගමය මගින් ටිබෙට් සානුව හරහා සැතපුම් 400ක ගවේෂණයක් ආරම්භ කල අතර එවරස්ට් කන්ද පාමුල තෙක් ගමන් කලෝය,නමුදු හමා ආ දරුණු කුණාටුවක් හේතුවෙන් එම ගමන අතරමග නැවත්වීමට සිදුවූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ සිටි කඳු නගිනකු වූ ජෝර්ජ් ලි මල්ලොරි කඳු මුදුණය යා හැකි මාර්ගයක් සොයා ගන්නා ලදී.මල්ලොරිගේ දෙවන ගවේෂණය 1922 දී සිදුවූ අතර ජෝර්ජ් ෆින්ච් සහ ජෙෆරි බ්රුස් අඩි 27000 ක් උසට කඳු මුදුනට නැග්ගහ.එම වසරේදීම මල්ලොරි විසින් නැවතත් උත්සහ කල අතර එම ගමනේදී හිම කුණාටුවකට අසුවී ඔහු සමග ගිය ශර්පාවරුන් 7 දෙනෙකු මිය ගියහ.
මෙහිදී ෂර්පා වරුන් කවුරුන්ද යයි ගතහොත් මොවුන් කුම්ඹු ප්‍රදේශයට ආවේණික ජන කොට්ඨාශයකි.හිමාලය කඳු නැගීමට සහ කඳු නැගීමට අත්‍යවශ්‍ය වන සහය ලබා දීමට මොවුන් පැමිණෙන අතර මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ විසල් ශක්තියකින් යුක්ත වීම සහ මොවුන් සතු ඉහල උන්නතාංශ දරා ගැනීමේ ප්‍රබල හැකියාවයි.
1924 දී තුන්වන වරටත් බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම එවරස්ට් තරණය ඇරඹු අතර එඩ්වර්ඩ් නෝටන් විසින් කෘතීම ඔක්සිජන් භාවිතා නොකර අඩි 28,128ක උන්නතාංශයකට ලඟා විය.දින 4 කට පසු මල්ලොරිගේ සහ ඇන්දෘ අයිවන්ගේ ගමනාරම්භය සිදුවූ අතර ඔවුන් පිලිබඳ කිසිඳු ආරංචියක් නොලැබුණි.පසුව 1999 දී මල්ලොරිගේ මල සිරුර කඳු මුදුනේ කොටසක තිබී හමුවූ අතර ඔහු මියගොස් තිබුනේ වැටීමකින් සිදුවූ අස්ථි බිඳීමක් හේතු කොටගෙනය.
ටිබෙටයේ ඊසාන දිග රිජ් මාර්ගය ඔස්සේ තවත් අසාර්ථක ගවේෂණයන් කිහිපයක් සිදුවූ අතර දෙවන ලෝක යුද්දයෙන් පසුව ටිබෙටය විදේශිකයින්ට පැමිණීමට තහනම් කරන ලදී.නැවතත් 1945 දී නේපාලය බාහිර ලොවට විවර වූ වීමත් සමග 1951 දී නැවතත් ගවේෂණ කටයුතු ආරම්භ විය.1952 දී ස්විස්ටර්ලන්ත කණ්ඩායමක් විසින් අනතුරුදායක කුම්බු අයිස් කන්ද තෙක් ගිය අතර රේමන්ඩ් ලැම්බර්ට් සහ ටෙන්සින් නෝර් අඩි 28 ,210ක් උසට නැග්ගමුත් එය සාර්ථක නොවිය. මොවුන් කඳු මුදුන ආසන්නයටම ගොස් අසාර්ථකව පැමිණීම ගැන අසා කණස්සලට පත්වූ කර්නල් ජෝන් හන්ට්ගේ අණ පරිදි 1953 දී බ්‍රිතාන්‍යයන් කණ්ඩායමක් නැවත කඳු තරණය ආරම්භ කලෝය.දක්ෂ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් සහ ටෙන්සි නොර්ගේ වැනි පළපුරුදු ෂර්පා ලට අමතරව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දක්ෂතමයන් වූ ජෝර්ජ් ලොව්, එඩ්මන්ඩ් හිලරි වැන්නවුන්ද බඳවා ගත්හ.මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට විශේෂයෙන් පරිවරණය කර නිපදවන ලද බුට් සහ ඇඳුම් මෙන්ම අතේ ගෙනයා හැකි ගුවන් විදුලි යන්ත්‍ර ද විවෘත හා සංවෘත පරිපථ ඔක්සිජන් පද්ධති ද ලබා දුන්හ.
තැනින් තැන කඳවුරු බැඳගත් මොවුන් කුම්බු ඇල්ල හරහා නව මාර්ග සොයා ගනිමින් කඳු මුදුනට ගමන් ආරම්භ කරන ලදී.බටහිර සිවිඑම් ලෝට්ස් තුඩ හරහා සහ අඩි 26000ක් උස දකුණු කෝල් හරහා ගමනරම්හ කල අතර මැයි 26 වන දින චාල්ස් එවන්ස් සහ ටොම්බොර්ඩිලන් පළමු වරට කඳු මුදුනේ සිට අඩි 300ක් දුරට ගොස් ඔවුන් සතු ඔක්සිජන් කට්ටලයේ සිදුවූ අක්‍රමිකතාවයක් හේතුවෙන් නැවතත් පැමිණියහ.
මැයි 28 වන දින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් අඩි 27900 ක උසින් කඳවුරක් බැඳගත් අතර නිදි නැති රැයකින් පසුව පෙරවරු 9 පමණ වන විට දකුණු ශිඛරයට පැමිණියහ.එය අඩි 40ක පමණ පැතලි ගල් පරයක් විය.පසුව පස්වරු 11 වන විට ඔවුන් දෙදෙනා එවරස්ට් කඳු මුදුනට පැමිණියහ.
සාර්ථකත්වයේ පණිවිඩය මුලික කඳවුරෙන් නැම්චේ බසාර්හි ගුවන්විදුලි සම්ප්‍රේෂනාගරයට දුන් අතර පසුව කේතගත පණිවිඩයක් ඔස්සේ ලන්ඩනයට යවන ලදී.එම වසර අග බාගයේදී ඔවුන් ලද ජයරග්‍රහණය හේතුවෙන් හිලරි සහ හන්ට් රැජිණගෙන් නයිට් පදවි ලැබුහ.
හිලරිගේ සහ නොර්ගේ එවරස්ට් ගවේෂණයෙන් පසු බොහෝ කණ්ඩායම් මෙහි පැමිණි අතර 1960 දී ජේම්ස් විට්ටකර් එවරස්ට් තරණය කල පළමු ඇමරිකානුවා විය.1975 දී ජපානයේ ටබෙයි ජුන්කෝ එවරස්ට් නැගී පළමු ජපන් ජාතික කාන්තාව ලෙස නම් දැරිය.
නමුදු අවාසනාවකට එවරස්ට් තරණය කිරීමේදී ඔක්සිජන් මදිවීම, අධික ශීතල දරා ගැනීමට නොහැකිව මේ වන විට කඳු නගින්නන් 300 කට අධික ප්‍රමාණයක් මිය ගීස් ඇත.
1996 දී මිට සම්බන්ධිත විශාලතම ඛේදවාචකය සිදුවූ අතර එනම් කඳු බෑවුමකට හිරවීමෙන් කඳු නගින්නන් 8 දෙනෙකු මිය යාමයි.ඉන්පසු 2013 දී යුරෝපිය කඳු නගින්නන් තිදෙනෙකු හා ශර්පාවරුන් 100 කට වැඩි පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් විසල් සංඛ්‍යාවක් මිය ගියහ.2015 අප්‍රේල් 25 වන දින සිදුවූ 7.8 ක භූමිකම්පාවක් නිසා එහි කඳවුරු ලාගෙන සිටි 19 දෙනෙකු මිය ගියහ.
Wednesday, May 19, 2021
විසාල නුවරක් වූ අසිරිමත් දිල්ලිය
අසිරිමත් දිල්ලි නගරය භාරතයේ අගනුවරයි.අතීතයේ සිට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක නිජබිම වූ උතුරු මධ්‍ය ඉන්දියාවේ යමුනා ගඟ අසබඩ ඇති දිල්ලි නගරය ක්‍රිව.1911දි ඉන්දියාවේ අගනුවර ලෙස සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කරන ලදී,මිට පෙර ඉන්දියාවේ අගනුවර වුයේ කල්කටාවයි.
පැරණි දිල්ලි නගරය ඉන්දියාවේ ආර්ථික සහ දේශපාලනික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කල අතර මේ නගරයේ පිහිටීමේ ඇති සුවිශේෂී බව අගනගරය ලෙස පසුකලක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තෝරා ගැනීමට හේතු විය.ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි ශාස්ත්‍රපති භාවන,රතු බලකොටුව (අග්‍රා), පාර්ලිමේන්තුව , (Supreme Court) ශ්‍රේෂ්ඨාධිකරණය ,ඉන්දියාවේ ගේට්ටුව ලෙස හැඳින්වෙන නවදිල්ලියේ යුද්ධ ස්මාරක කුළුණ නගරයේ සුවිශේෂී ස්ථානයන්ය. දිල්ලි නගරයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී V වන ජෝර්ජ් අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව 1911 දී මෙම අග නගරය ඉදි කිරීම ආරම්භ කලේය.බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී Edwin Lutyens විසින් නවරය සැලසුම් කල අතර A.E.P. Grison සහ William Mustoe අතින් නගරයේ උද්‍යාන අලංකරණය සහ ගස් වැල් වැවීම සිදු විය.එකල ප්‍රතිරජයාගේ මන්දිරය කොරෝනේෂන් උද්‍යානයේ සාදන ලදී.
වර්ග කිලෝමීටර් 42.7 ක භුමි ප්‍රමාණයක් පුරා ඉන්දු ගංගා තැනිතලාවේ පැතිර ඇති මෙම ප්‍රදේශය භූකම්පන කලාපයක පිහිටීමද විශේෂ ලක්ෂණයකි.2011-2015 අතර කාලසීමාව තුල මැග්නටික් 5.40 වැඩි භූචලන කිහිපයක්ම සිදුව ඇත.දිල්ලි නගරයේ උණුසුම් කාලගුණයක් පතින අතර උණුසුම් සමයේ 32C දක්වා වැඩිවේ,සමහර කාලවලදී දුවිලි කුණාටු ද දැකිය හැක.
මෑත කාලයේදී දිල්ලි නගරයට ස්වභාවික අපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ව්‍යවසන රාශියකටද මුහුණ පෑමට සිදුවිය.2015 සමීක්ෂණ වාර්තා වලට අනුව ලෝකයේ නගර 1600කින් වඩාත්ම වායු දුෂණයට ලක්වූ නගරය ලෙස වාර්තා විය.2016 දී එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂා කිරීමේ ඒජන්සියකට අනුව ලොව ජනාකීර්ණම නගරය ලෙස වාර්තා වූ අතර 2019 දී දෙවෙනි වරටත් වාර්තා විය.
නව දිල්ලිය නැගෙනහිර සිට බටහිරට බෙදී යන අක්ෂාංශයෙදී විස්ටා උද්‍යානය පිහිටා ඇති අතර හෙක්ටයාර් 10.5ක් පුරා විහිදී ඇත.මීටර් 40ක පමණ උසැති නෙලුම් විහාරය දිල්ලියේ ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි.
උතුරු ඉන්දියාව ඉන්දියාවේ විශාලතම ආර්ථික නගරය වන අතර තොරතුරු හා තාක්ෂණවේදය ,හෝටල්,බැංකු ,මාධ්‍ය සහ සංචාරක කර්මන්තය් මගීන් බටහිර ව්‍යවස්තදායකයින් විශාල සංඛ්‍යාවක් 2010 වසරේ සිට මෙම නගරයට ඇදී ඒම සිදුවිය.2011 ලෝක ධනවත්කම දක්වන වාර්තාවේ දිල්ලි නගරයේ ආර්ථික ක්‍රියාකාරිත්වය 39 වන ස්ථානයට පත්විය.දිල්ලි නගරයේ සිදුකල ආර්ථික සමීක්ෂණයකට අනුව එම පුරවරය තුල නිෂ්පාදන ධාරිතාව 2004-2005 වර්ෂ වලදී රුපියල් බිලියන 830,85ක් ද ,ඒක පුද්ගල ආදායම රුපියල් 53,976ක් ද වූ අතර 2008 -2009 දී රුපියල් 1.16.886ක්. විය.
ඉන්දියාව ආර්ථික ශක්තියෙන් සහ යුධ ශක්තියෙන් ලොව බලවත්ම රටක් වන අතර චීනයට පසුව ලොව ආර්ථික බලවත්ම රට බවට පසුගිය කාලයේ අනාවැකි පත්කර තිබුණි.මේ වන විට ලෝකයේ තිරිඟු ,ගල් අඟුරු, යකඩ වානේ නිෂ්පාදනය කරන රටවල් අතරින් දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවන අතර යුධ අවි සහ න්‍යෂ්ටික අවි අයත් ලෝක බලවතුන් අතරින් සිවුවන ස්ථානය ඉන්දියාවට හිමිවේ.
නමුදු අවාසනාවකට කොරෝනා වෛරසය වර්තමානය වන විට ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන අතර දිල්ලි බලධාරීහු එරට හමුදාවෙන් සහය ඉල්ලා සිටිති. ඉන්දියාවේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති අතර ඔක්සිජන් හිඟයකටද මොවුන් මුහුණ පා තිබිම ඛේදනීය තත්වයකි.අධික ජනගහනයක් මෙම නගරය තුල ජීවත්වීම රෝග ව්‍යාප්තිය සීඝ්‍ර වීමට හේතුවන්නාක් මෙන්ම සේවා සැපයීමේ දුෂ්කරතාවයක් වීමද හේතුවක් වී ඇත,
වසංගතය ආරම්භයේ පටන් මේ වන විට වාර්තාගත ආසධිතයින් ගණන මිලියන 20 කට අධික වී ඇත.ගෙවුණු සති දෙකක කාලය පුරාවට පමණක් ආසාධිතයින් දිනකට 30000 කට අධික ප්‍රමාණයක් දීනකට වාර්තා විය.දැනට ඔක්සිජන් සහිතව රෝගීන් 10000 කට ප්‍රතිකාර කල හැකි සායන සහ අධි සත්කාර එකක 1000 ක් පමණ බලධාරීන් විසින් හමුදාවේ උපකාරයත් සමගින් දිල්ලි නගරය පුරා ව්‍යාප්ත කරගෙන යාමට කටයුතු කරමින් සිටිති.
දිනකට ටොන් දහස් ගණනක් ඔක්සිජන් ඉන්දියාව විසින් නිෂ්පාදනය කලත් බෙදා හැරීමේ ජාලය මත පවතින ආයෝජනයේ දුර්වක් බව හේතුවෙන් මෙයට අභියෝග පවතින බව ඉහල තලයේ නිලධාරීන් ප්‍රකාශ කරති.ලොව එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා වූ ඉන්දියාවත් කොවිඩ් ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් ඛේදනිය වේ.මේවන තෙක්ම කොවිඩ් පළමු මාත්‍රාව ඉන්දියාවේ දී ඇත්තේ බිලියන 1.5ක් වූ ජනගහනයෙන් 10% - 11% අතර ප්‍රමාණායකට පමණි.
ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක වූ බාරකා දත් පවසා තිබුනේ ඉන්දියාව බිඳුණු රටක්.රටවැසියන්ට හිංසා කරන රටක් බවට පත්වී ඇති බවයි.මන්ද කොරෝනා වසංගතය ඇයගේ 80 හැවිරිදි පියාවද බිල්ලට ගත් හෙයිනි.ඇයගේ පියා දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා ඇය දිල්ලිය විශාලා නුවරක් බවට පත්වී ඇති ආකාරය පිලිබඳ හෙළිදරව් කලාය.මේ වන විට ඉන්දියාවෙන් හමුවන ආසධිතයින් ප්‍රමාණය ඉන්දියාවට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොසින්ය.දිල්ලි රෝහල් ඉදිරිපිට දක්නට ලැබෙන්නේ දරා ගැනීමට නොහැකි රෝගීන් තදබදයක දර්ශනයකි.
සෞඛ්‍ය නීති කඩකිරීම මෙන්ම දැඩි ආගමික මතවාද සහ මිත්යා විශ්වාස නිසා එක්රැස් වී ආගමික කටයුතුවල නියැලීම ,අපවිත්‍ර ජලයේ යාග හෝම වල නියැලීම,එක් රැස් වී නියැලෙන දේශපාලන ක්‍රියාකාරකම් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇත.
බුදු දහමේ කියවෙන අනිත්‍ය පසක් කරමින් ඉන්දියාවද , දිල්ලි නගරයද ආර්ථික හා යුධ ශක්තියෙන් කෙතරම් දැවැන්ත රටක් වුවද අද තුන්බිය හමුවේ ඛේදනීය විසාලා මහනුවරක් බවට පත්ව ඇත.
Saturday, May 15, 2021
නිහඬ කඳුල
මදකට ඔබේ නෙතු පියන්න
ඔබ දකීවි හැම මතකයක්ම මා හා බැඳි
මදකට අසුන් ගෙන සිත සන්සුන් කර ගන්න
ඔබ සොයා ගනී මා ඔබේ හිත තුල තවමත් සිටින බව.
නමුදු දැන් ඔබ නොහඩන්න
මම ඔබෙන් ඈත්වී ගොස් අවසන්ය.
මන්ද මම සිටින්නේ ගීතයේ දේශයෙයි.
එහි වේදනාවන් නොමැත,එම නිසා බියක් නොදැනේ .
ඒ නිසා කඳුළු වියළි ගොසින්ය.
මම සීතලෙන් සහ අඳුරෙන් වෙලී ඇති බව නොසිතන්න
මන්ද මේ දේශයේදී මා වියපත් නොවන බැවිනි.
මම වෙසෙන්නේ ආදරය සෙනෙහස මැදය.
ඉහලින් ඇති ලොව දෙස ඔබ හොදින් දන්නා .
Friday, May 14, 2021
ඇමරිකානු කවි වෝල්ට් විට්මන් (American Poet Walt Whitman 1819–1892)
වෝල්ට් විට්මන් 1819 මැයි 31 වෙනි දින නිව්යෝර්ක්හි ලෝන්ග් අයිස්ලන්ඩ් හි වෙස්ට් හිල්ස්හි උපත ලද අතර නිවාස ඉදිකරන්නකු වූ Walter Whitman හා Louisa Van Velsor ගේ දෙවන පුත්‍රයා විය.1820-1830 කාලය ඇතුලත බ්‍රුක්ලන් හි ඔවුන් වාසය කල අතර මොහු එම ප්‍රාන්තයේ බ්‍රුක්ලන් පාසලෙන් තම අධ්‍යාපනය ලැබිය.ඉන් පසුව අවුරුදු 12 දී මුද්‍රණ යාන්ත්‍රනය පිළිබඳව වෝල්ට් ඉගෙනීම ආරම්භ කල අතර බොහෝ දුරට ස්වයං අධ්‍යනය සිදුකරනු ලැබිය.මොහු සාහිත්‍යයට බෙහෙවින් ප්‍රිය කල අතර හෝමර් , දාන්තේ මෙන්ම විලියම් ශේක්ස්පියර් වැනි කවියන්ව අධ්‍යනය කල අතර බයිබලය කෙරෙහිද විශේෂිත අවධානයක් යොමු කර ඇත.
1836 දී ගුරු වෘත්තීය ආරම්භ කල වෝල්ට් 1841 දී පුර්ණකාලිනව පුවත්පත් කලාවට යොමුවන තෙක්ම ගුරුවරයකු ලෙස තම දැනුම බෙදා දුන්නේය.පසුව ඔහු Long-Islander පුවත් පත ආරම්භ කර පසුව Brooklyn සහ New York යන පුවත් පත් වලසංස්කාරක ලෙස කටයුතු කළේය.1848 දී වෝල්ට් Brooklyn පුවත්පතින් ඉවත්ව මාස තුනක ගිවිසුම් කාලයකට New Orleans Crescent හි කතෘ ධුරය භාර ගන්නා ලදී. නමුදු නිව් ඔර්ලියන්ස්හි වහල් වෙළදාමේ සහ වහල් සේවයෙහි යෙදුණු මිනිසුන්ගේ ඉරණම දැක කණගාටු වූ ඔහු නැවත බ්‍රුක්ලින් වෙත පැමිණ free soil පුවත්පතේ සමකතෘ ලෙස ධුරය භාරගන්නා ලදී.ජාතිය සහ වර්ගවාදය පිලිබඳ මොහුගේ අදහස් ආකල්ප සහ මතවාද පරස්පර විරෝධී වුවත් මානව ගරුත්වයට මුලික තැනක් දුන් පුද්ගලයකු විය.
බ්රුක්ලින්හිදී ඔහු unique style of poetry එනම් අද්විතීය කාව්‍ය ශෛලීන් වර්ධනය කරගනිමින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තේය.වොල්ට්ගේ නිර්මාණ කෙරෙහි එරට කවියකු වූ රැල්ෆ් වෝල්ඩො මවිතයට පත්වුයේ එම නිර්මාණ වල වූ ප්‍රතිභාව දැකයි.මොහුගේ ප්‍රථම කාව්‍ය කෘතිය වුයේ Leaves of Grass කාව්‍ය සංග්‍රහයයි.1855 දී ඔහු Leaves of Grass හි පළමු සංස්කරණයේ ප්‍රකාශන අයිතිය රැගෙන පෙර නිර්මාණ නව්‍යකරණයට ලක් කරමින් එය නම් නොකළ නිර්මාණ 12 ක් හා පෙරවදනක් සහිතව ලෙස එළිදක්වා පළමු පිටපත එමර්සන් වෙත යැවිය.
1856 දී Leaves of Grass හි දෙවන මුද්‍රණය සිදුකල අතර කවි 32ක් සහ පළමු කාව්‍ය සංග්‍රහය පිලිබඳ එමර්සන්ගේ විමසුම ඇතුලත් ලිපියද විට්මන් එයට දැක්වූ ප්‍රතිචාර ලිපියද ඇතුලත් විය.
පසුකාලීනව විට්මන් පිළිබඳව M. Jimmie Killingsworth පැවසුවේ විට්මන්ට අනුව ඒකාබද්ධ කිරීම යනු ඔහු විසින් සිතෙහි පිළිසිඳ ගත් මානසික, සදාචාරාත්මක හා දේශපාලන සීමාවන් ඉක්මවා යාමට තනි පුද්ගලයෙකුට ඇති හැකියාවයි.පසුව 1855 දී Leaves of Grass යන තනි මාතෘකාව යටතේ ‘I Sing the Body Electric,' ‘The Sleepers,' and ‘Song of Myself,' යන කව්‍යයයන් ඇතුලත් කරන ලදී.
සිවිල් යුද්ධය ආරම්භ කරන විට මොහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල අතර යුද්ධයෙන් තුවාල වුවන් පිලිබඳ සොයා බැලීමට නගරය වටා රෝහල් වල කාලය ගත කළේය.පසුව යුද්ධයෙන් තුවාල ලැබූ තම සොයුරා රැක බලාගැනීම උදෙසා වෝල්ට් 1862 දී වොෂින්ටනයට ගියේය.
1873 දී ශරීරයේ ඇතිවූ හදිසි රුදිර නාල වල ඇතිවූ හිරවීමක් හේතුවෙන් ශරීරයෙන් පැත්තක් පණ නැතිවී අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. මාස කිහිපයකට පසුව ඔහු තම අසනීපයෙන් සිටින මව බැලීමට කැම්ඩන් වෙත ගොස් තම සොයුරාගේ නිවසට ගියේය. Leaves of Grass කෘතිය ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එහි විසුවේය.
1891 -1892 කාලයේදී ඔහු තම කෘතීන් වල සංශෝදන කරමින් තම අවසන් කාලය ගත කල අතර ඔහුගේ අවසාන කාව්‍ය සංග්‍රහය වු Good-Bye My Fancy රචනා කරන ලදී,1892 මැයි 21 වෙනි දින ඔහු මිය ගිය අතර මරණයෙන් පසු ඔහුගේ දේහය විට්මන්හි තැන්පත් කරන ලදී.
චීනයේ ශෝඛාන්තය
ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයක්ම ගංගාවක් අසල ගොඩ නැගුණ අතර .එවැනි එක් ශිෂ්ඨාචාරයක් වන්නේ කහ නදිය අසබඩ ගොඩනැගුණු හොවැන්හෝ ශිෂ්ඨාචාරයයි.කහ ගඟ හෙවත් හොවැන්හෝ නදිය චීනයේ දෙවෙනි විශාලතම නදිය සේම ලෝකයේ දෙවෙනි විශාලතම නදිය වේ,කහ ගඟ ආශ්‍රිතව නිර්මාණය වුන මෙම ශිෂ්ඨාචාරය වත්මන් චීනයේ ප්‍රතිනිර්මාණයට ද මුලපාදක වූ නිජබිමයි.ටිබෙට් කඳු පන්තියෙන් ඇරඹ සැතපුම් 3000ක් පමණ දුරක් ගලා යන ගංගාව චීනයේ කෘෂිකර්මාන්තය සේම ප්‍රවාහන සේවයට ද උපකාර කර ගනී. මෙම ගංගාව මධ්‍යම චීනයේ බයන් හාර් කඳුකරයෙන් පටන් ගෙන පළාත් 9ක් ඔස්සේ ගලාගෙන යන ගංගාව ඉන්පසු බෙහායි ගංගාවට ගලා වැටෙයි.ටිබෙට් සානුවේ පිහිටි සුරක්ෂිත කලාපයක් වන මෙය චීන ජල සංචිත කුළුණලෙසද හඳුන්වනු ලබයි.
මෙම කහ ගඟ විවිධ අන්වර්ථ නාම වලින් හැඳින්වන අතර චීනයේ ශෝකය,මංකොල්ලය,හැංග් ජනතාවගේ පිපිරිම, චීන ශිෂ්ඨාරයේ ශෝකාන්තය යන නම් වේ.මෙතෙක් චීනය පිලිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට නියමිත මුලාශ්‍ර සොයා ගෙන නොමැති අතර පුරාවෘත සහ ජනකතා ඇසුරින් ලබා ගත් තොරතුරු ඔස්සේ මෙවන් විස්තර දැනගැනීමට හැකියාව ඇත.
ඉතිහාසඥයින්ට අනුව චීනයේ ප්‍රථම රාජ්‍ය පාලනය සාමය ආරම්භ වන්නේ ශැන්ග්වරුන්ගේ පාලන සමයේදීය. එනම් ක්‍රි.පු.1583-1027 දක්වා කාලයේදීය.මෙම යුගයට අයත් මුලාශ්‍ර අර්ලින්ගෑන්,ශේන්ශෝවූ ප්‍රදේශ වලදී හමුවී ඇත.මොවුන් ශතවර්ෂ 5ක පමණ කාලයක් තම පාලනය ගෙන ගිය බවට මෙම මුලාශ්‍ර වලට අනුව තේරුම් ගත හැක.මොවුන් විවිධ අමනුෂ්‍ය ආත්ම පිලිබඳ දැඩි විශ්වාසයකින් යුක්තව කටයුතු කල අතර ප්‍රධානතම දෙවියා වුයේ ශැන්ග්ති ය.ඒ අතරම විවිධ දේවස්ථාන වල විවිධ දෙවිවරුන් වන්දනාමාන කරමින් බිලිපුජා ආදිය පැවැත්වුහ.
මෙම කාලයේදීම නිමිති යනුවෙන් මොවුන් හඳුන්වන මිනි ඇටකටු වල කොටන ලද ලියවිලි රැසක් හමුවී ඇති බවට විද්‍යාඥයෝ මත පල කරති.
මොවුන්ගේ විශ්වාස අතර රාජකීයයින්ට සොබාදමේ පවතින අත්මයන්ගේ බලයන් ලැබෙන බවත් ,පැරැන්නන්ගේ අත්මයන්ගේ බලයත් ලැබෙන බව විශේෂතම විශ්වාසය විය,එම හේතුවම මොවුන්ගේ ඥාති සබන්ධතා මෙන්ම රාජකීය සබඳතා බලවත් වීමට හේතුපාදක විය.රටේ විවිධ ක්‍රියාකාරකම් උදෙසා තමන් විශ්වාස කරන ආත්මයන් පිනවීම මෙන්ම ඔවුන්ගෙන් උපදෙස් ගැනීමද රජුගේ වගකීම විය. රජුන්ට ප්‍රශ්නයක් ඇතිවූ විට ඉතත සඳහන් කල ඇටකටු වල ප්‍රශ්න කොට ඒවා රත් කොට ඇති වන පිපිරුම් පිළිතුරු ලෙස ගත්හ.එම නිසාම මේවා අනාවැකි ඇට , දිවැස්න අස්ථි යන නම් වලින් හැඳින්වූහ.මෙම රූපක්ෂර චීනයේ මුලමකුරු ලෙස නම් වේ.
මෙම පාලන සාමය තුලද කුලබේද ඝට්ටනය තිබුන අතර උසස් පැලැන්තියේ රජුන් ඇතුළු පිරිස සුඛෝපභෝගී ජිවිතයක් ගත කල අතර සාමාන්‍ය ජනයා දිළිඳු දිවී පෙවතක් ගත කළහ.මොවුන්ගේ පැවති පන්ති පරතරයම මෙම රාජ්‍යයේ බිඳ වැටීමට හේතුවක් වන්නට ඇතයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.පසුව ක්‍රිපු.1028 දී බටහිර දේශ සිමාවෙන් පැමිණි චෞ ජාතිකයින් ශැන්ග් නගරයට ප්‍රහාරයක් එක්ක කලෝය.මේ ඔස්සේ එම පාලන සමයට අයත් මුර්ති, පිළිම, වැනි බොහෝ වටිනා පුරා වස්තු එකතුවක් ලොවට උරුම විය.
නව පාලකයින් සියවස් 8ක් වැනි කාලයක් මෙහි පාලනය අතට ගෙන කටයුතු කල අතර වූ චන්ග් අධිරාජ්‍යයා යැන්ග්ත්සි මිටියාවත දක්වා තම අධිරාජ්‍යය පුළුල් කරගෙන ගියාය.මේ සමයේදී අධ්‍යාපනය,කෘෂිකර්මාන්තය ,ආර්ථිකය ,වාණිජ ,අධ්‍යාපනය යන සෑම අතකින්ම රාජ්‍යය පරිපුර්ණත්වයට පත්වූ අතර.කොන්ෆියුසස්, මෙන්සියස් වැනි ප්‍රබල දාර්ශනිකයන් බිහිවූයේද මෙම සමයේදී වීම සුවිශේෂිත්වයයි.පින්තුර සහ ශබ්ද වල එකතුවකින් සැදුණුචීන ලේඛණ කලාව ඇරඹියේ මේ සමයේදී වන අතර ,ඒ හාම සෑම ශිෂ්‍යයෙක්ම සඥා අක්ෂර 3000ඉගෙන ගත යුතුව තිබුණහ..මෙම මුලාශ්‍ර වලට අනුව මෙම රාජ්‍යය රජවරුන් 31 දෙනෙකුගේ යටතේ 6 වරක් පාලනය වූ බව කියවේ.එමෙන්ම ක්‍රිස්තු පුර්ව 1335 මෙහි ස්වර්ණමය සහ අවසන් රාජ්‍ය සමය වූ බව ද ඉතිහ්සඥයින් ගේ මතයයි.
Sunday, May 9, 2021
හීන මායිම
ප්‍රශ්න ගැටුම් මැද්දේ වුනත් පොඩ්ඩිලා සතුටින් ජිවත් වෙන්න දරන වෑයම මේ කතාව ඇතුලේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක්. ඒ වෑයම ලොකු අයියගේ කල් ක්‍රියාවන් එක්ක වියකුනත් සමහර අවස්ථා වලදී ඔවුන් ලොකු අයියට වෛර කලේ නැහැ කිසිම අවස්ථාවකදී. කියවන හැම වචනේකම ගැමි බවේ සංවේදීකම මේ කතාව අස්සේ හැංගිලා තියෙන එකත් හීන මායිමේ තියෙන සුවිශේෂී බවක්,ඒ සංවේදීකම ඇතුලේ හැමතැනකදිම ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මතාවයක් කතාවට ඇතුලත් කරන්න අමිල සහෝදරයා අමතක කරලා නැහැ.
කොතරම් තද හිතක් තිබුනත් මිනිසුන් සමහර අවස්තා වලදි කොතරම් සංවේදි වෙනවාද යන්න ඇක්මන් අයියාගේ චරිතය ඔස්සෙ අපිට දැක ගැනීමට හැකිය. මන්ද සාමන්‍ය මිනිසෙකුට සිදු කල නොහැකි දේහයක් වැළලීමට, කෙනෙකුගේ හිතක් කෙතරම් ගල් හිතක් විය යුතුද යන්න පාඨකයාට වැටහෙන කාරණයකි.
මෙම ගැමියාගේ හිතේ වූ සංවේදී කම ඉස්මතු වෙන අවස්තාවක් නම්
" ඔව් මම මිනී වැළලුවා.වළලපු මිනී අයේත් ගොඩ දැම්මා.
ඒක මම කැමැත්තෙන් කරපු රස්සාවක් නෙමෙයි.ඒත් අපිට ජීවිතේ දැනෙන්න ගත්තහම ,ජීවත් වෙන්න ඕනෙ කියලා දැනෙන්න ගත්තහම අපි කැමති හුගක් දේවල් අතාරින්න වෙනවා.කැමති දේවල් වෙනුවට ජීවත් වෙන්න අකමැති දේවල් කරන්න සිද්ධ වෙනවා ". යන ජේදයෙනි
තරුණ වැඩිහිටි හැම පාඨකයෙකුටම කියවීමට රුචිකත්වයක් හිතට ඇති වෙන විදියට සරල තේරුම්ගත හැකි භාෂාවකින් මෙම කෘතිය රචනා කර තිබීමත් විශේෂත්වයක්.සරල වාක්‍ය රටාවක් සහ ලේඛණ ශෛලියක් මෙම කතාව පුරාම අපිට දකින්නට පුළුවන්.
කතාව පුරාම දකින්න ලැබෙන තවත් විශේෂත්වයක් නම් මිනිස් සිතේ ඇතිවන හැගීම් සොබා දහමත් සමගින් එකතු කරමින් සිදුවීම් දිග හැරුමයි.
"හැමදාමත් එළිය දෙන හඬ අද අඳුරට වෙලා තනිවෙලා, අඳුරු වලාකුළු අතර සැඟවීලා ගිහිල්ලා .තරු එළියක් පෙනෙන තෙක් මානයක වත් නැහැ.ළාවට පොළව සිප ගන්න පොඩි වැස්සටත් කුරුල්ලෝ බයවෙලා.හිරිකඩ අඩවන් වුණ ජනෙල් පියන් අතරින් ඇතුලට එනවා. විදුලි කොටනකොට ඒ එළිය හඳ එළියටත් වඩා හිතට දැනෙනවා.එත් ඒකත් ඒනවා. යනවා.ජිවිත වලට එන සතුටත් දුකත් මේ විදුලි කොටනකොට එන ඒ එළිය වගේ. එනවා.යනවා.අකුනකට නම් මේ ඔක්කොම පුච්චලා, අළු කරලා දාන්නත් පුළුවන්. "
මේ අකුණු එළිය මැද්දෙන් පොඩ්ඩි ලගේ ජීවිතවල ඇතුලාන්තය හරිම අපුරුවට මතුකරලා තියෙන බව පොත කියවන පාඨකයාට හොදින්ම අත්විදින්න පුළුවන් දෙයක්.
ජීවිතයේදී විවිධ හැලහැප්පීම් බාධක වලට මුහුණ දෙන මිනිසුන් ඒ පිලිබඳ නොසිතා තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන ආකාරය චමරිගේ දුප්පත්කම සමගින් එන බාධක නොසලකා හරිමින් ඉගෙනුමෙන් ඉහලට ගොස් ජිවිතේ ගොඩනගා ගන්නා අයුරු ඉතාමත් අපුරුවට මෙහි ගොඩනංවා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුය.
දෙමාපියන් දරුවන්ගේ ජිවිත ඇතුලට සියුම්ව ඇතුල් වෙලා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතු බවත් සුදුවාගේ චරිතය ඔස්සේ අපිට හිතන්නට යමක් ඉතුරු කල යථාර්තයක්. පවුලේ අයත් ,සමාජයත් ඔහු පිළිබඳව අවබෝධ කරගෙන සිටි ආකාරයට වඩා වෙනස් ඇතුලන්තයක් ඔහු තුල තිබුන බව හෙළිදරව් වන විට ඔහු මෙලොවින් සමුගෙන අවසන්.එය ඔහුගේ වරදක්ද?සමාජයේ වරදක්ද යන්න තෝරා ගැනීම පාඨකයාට අයත් කාර්යයකි.
ඒ බව හොදින්ම
" උඹලා පන්සල ඇතුලට යනකම් ඉදලා ටිකක් වෙලා ගියාට පස්සේ උඹලා රේවත හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගන්න හැටි හොරෙන් බලන් හිටියා.උඹලා පන්සලෙන් එලියට එන්න කලින් මන් ආයෙත් ගියා.එත් එක දවසක් මම එහෙම බලන් ඉන්නවා සියදෝරිස් උන්දෑ දැක්කා.එදා ඉදන් මම කවදාවත් එහෙම හැංගිලා බලන් ඉන්නවත් පන්සල පැත්තේ ආවේ නෑ.මම උඹලට කවදාවත් ඉරිසියා කලේ නෑ.උබලා එක්ක තරහක් ඇති උනේ නැහැ.එත් මට මන් ගැනම තරහක් ඇති උනා." මම ඉබාගාතේ ගියා ,කිසිම අරමුණක් නැතිව,කිසිම හීනයක් නැතිව ජිවත් වුන මිනිහෙක් වුනා.එහෙම මිනිහෙක්ගේ ජීවිතෙත් ඉබාගාතේ යනවා.මිනිහෙක්ට ජිවත් වෙන්න අරමුණක් ඕනි
යන්නෙන් හොදින් විද්‍යමාන වන කරුණකි.
මෙයින් හැමදෙනාටම හිතන්න බොහෝ දේ ඇති අතර ජීවිතය ගොඩනඟා ගැනීමට අරමුණක් ඇතුව තම ඉදිරි මාර්ගය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ගමන ආරම්භ කිරීමට අධිටන් කරගත යුතු බවට හොඳ නිදර්ශනයකි.
විවිධ පැතිකඩ ගණනකට සිත යොමු කරවන මෙම කෘතිය සැමදෙනාටම කියවීමට සුදුසු ජිවිතයේ යථාර්තය මතුකොට දක්වන ගුණාත්මක කෘතියක් බව මට දැනෙන කරුණයි.
නිර්මාණකරණයේ මුල් අත්පොත මෙලෙසින් තැබූ ඔබට වඩ වඩාත් ගුණාත්මක නිර්මාණ රැසක් බිහිකිරීමට ශක්තිය ලැබේවායි හදවතින්ම සුබ පතනවා!
Thursday, April 22, 2021
ඇමරිකාවේ ප්‍රථම ජාතික උද්‍යානයක් වූ Yellow Stone උද්‍යානය
වයොමින්ග් ,මොන්ටානා ,අයිඩොහෝ යන ප්‍රාන්ත පුරා පැතිරෙන Yellow Stone උද්‍යානය 1872 දී ඇමරිකාවේ ජනාධිපති ග්‍රාන්ට් ගේ අදහසකට අනුව නිර්මිත ප්‍රථම ජාතික උද්‍යානය වේ. මෙය වර්ග සැතපුම් 3472ක් ආවරණය කරන අතර එයින් 96%ක ප්‍රමාණයක් වයොමින්ග් ප්‍රන්තයටද ,3%ක ප්‍රමාණයක් උතුරු හා වයඹ මොන්ටානා වලටද ,1%ක ප්‍රමාණයක් අයිඩහෝ ප්‍රන්තයටද බෙදී යයි. යෙලෝස්ටෝන් සානුවේ පිහිටා ඇති මෙම උද්‍යානය මුහුදු මට්ටමේ සිට මීටර් 2400ක උන්නතාංශයක පිහිටා ඇත.සානුවේ බොහෝ පැතිවල කඳු පංති ඇති අතර ඒවා බොහෝ විට මීටර් 2700 ක මීටර් 3000 දක්වා උසින් දක්නට ලැබේ.
භූ විද්‍යාවට අදාළ වන ජීවින් ,ශාක විශේෂ, කෘමි, කුරුළු ආදී විශේෂයින්ගෙන් සමන්විත මේ උද්‍යානය ෆොමරල්ස් සහ මැමත් උණුදිය උල්පත්,උණු ජලය ඉහලට විදිනා ගිසර් නමැති උණුදිය උල්පත් ,රුස්වෙල්ට් කැනියන් ගංගා සහ කඳු වැටි ,ධිවර පාලම මෙන්ම ලැමර් සහ හේඩ්න් නිම්න ආදියෙන්ද සමන්විත වූ සොබාදහමට අනුබද්ධ වූ අසාමාන්‍ය වූ සුන්දර නිර්මාණයකි.එමෙන්ම රතු දත්ත පොතට ඇතුළත්වීමට නියමිත ලොව දුර්ලබ සතුන් වූ ග්‍රීස්ලි වලහා, බයිසන් ගවයා ,කළු වලසුන්, එළුවන් එල්ක්, මුස් කොටළුවන් සහ වෘක වර්ගයන් උරගයින් ,ක්ෂීරපායින් උභය ජීව විශේෂ මෙන්ම ආදී සත්වයින් රැසකට නිජබිම වී ඇත. එමෙන්ම නරඹන්නන්ට කෞතුකාගාරයක්, නැරඹීම් කුළුණු යනාදියෙන්ද සමන්විත අතර මෙය දකුණු රොකි වනාන්තර පරිසර කලාපයටද අයත්වේ,
යෙලෝස්ටෝන් විල ඇමරිකාවේ උසම විල් වලින් එකක් වන අතර අක්‍රිය ගිනිකන්දක් වූ කැල්ඩෙරා කේන්ද්‍ර කොට ගෙන පිහිටා ඇත.මෙය පසුගිය වසර මිලියන දෙක තුල කිහිප වතාවක්ම අනතුරුදායි ලෙස පුපුරා ගොස් ඇත. එහි නටඹුන් යෙලෝස්ටෝන් කැන්ඩෙරා නමින් හඳුන්වන අතර එම ගිණි කන්දෙන් පිට වූ ලාවා වලින් yellow Stone උද්‍යානයේ බොහෝ ස්ථාන ආවරණය වී ඇත.මෙම උද්‍යානය උතුරු සෞම්‍ය කලාපයේ ඉතිරිව ඇති විශාලතම ජෛව පාරිසරික පද්ධතියයි.1978 දී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කරන ලදී.
සෑම වසරකම මෙම උද්‍යානයේ ලැව් ගින්නක් ඇතිවන අතර 1988 දී ඇතිවූ ලැව් ගින්නෙන් උද්‍යානයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් විනාශ විය.යෙලෝස්ටෝන් නැරඹීමට පැමිණෙන නරඹන්නන්ට කඳු නැගීමට,බෝට්ටු පැදීමට මසුන් ඇල්ලීම ආදී බොහෝ විනෝදාංශ වල යෙදීමට ඉඩ හසර ලැබී ඇත.
මෙහි ඉතිහාසය ගත් කල ,18 වන ශතවර්ෂයේ අග භාගයේදී ප්‍රංශ උගුල් අටවන්නන් විසින් යෙලෝස්ටෝන් ගංගාව හඳුන්වා ඇත්තේ Roche Jaune ලෙසය.පසුකාලීනව ඇමරිකානු උගුල් අටවන්නන් විසින් මෙය යෙලෝස්ටෝන් ගංගාව ලෙස නම් කරන ලදී.මෙයට හේතුව ගංගාව අසබඩ සහ ගංගා පත්ලේ ඇති කහ පැහැති පාෂාණ බවද කියවේ.
මෙහි ඇති බ්ලැක් ග්ලාස් කන්ද ඔබ්ඩිසියන් පාෂාණයෙන් ගොඩනැගී ඇති අතරඇමරිකානු ස්වදේශික වර්ගයක් වූ ෂෝශේණි ජාතිකයින් තමන්ගේ ඊතල වල හිස් නිර්මාණයට යොදාගත් බව කියවේ.උතුරා යන ලාවා ඝනීභවනය වීමෙන් මෙම කන්ද නිර්මාණය වී ඇත.වසර 11000 කට පමණ පෙර විසු ස්වදේශික ඉන්දියානුවන් මෙවලම් සහ යුධ නිර්මාණය කිරීමට භාවිතා කල ඇබ්සිඩියන් මෙහි දක්නට ලැබේ.මේවයින් තැනු ඊතල මිසිසිපි නිම්නයෙන්ද සොයාගෙන තිබුණි.එයින් වැටහෙන්නේ දෙරටේ ගෝත්‍රිකයින් අතර ඇබ්සිඩියන් වෙළඳ හුවමාරුවක් පවතින්නට ඇති බවයි.
1806 දී ලුවිස් සහ ක්ලාක් යන ගවේශකයින් මේ ප්‍රදේශයේ ගවේෂණයෙහි යෙදුනහ.ඒ සතුන්ගේ ලොම් ලබා ගැනීම සඳහා උගුල් අටවන්නන්ගේ කණ්ඩායමකට සම්බන්ධ විම සඳහාය .1856 දී කඳුකර මිනිසා යන අන්වරත නාමයෙන් හඳුන්වන ජිමි බ්‍රිජර් (මහා ලුණු විල දුටු ප්‍රථම යුරෝපිය ඇමරිකානුවා ලෙස හඳුන්වයි.)පසුව ඔහු 1859 දී හමුදා මිනින්දෝරුවකු වූ කපිතාන් විලියම් එෆ් රෙනොල්ඩ්ස් සමග උතුරු රොකි කඳුකර ප්‍රදේශය පිලිබඳ ව අවුරුදු දෙකක නිරීක්ෂණයක් කරන ලදී.මොහු ඇතුළු කණ්ඩායම විසින් වයඹ දිග වයෝයිම් හි සුළං ගංගා ජල ප්‍රවාහයෙහි සිට සාගර සානුව හරහා මහාද්වීපය තරණය කිරීමට උත්සහ කරන ලදි.
උද්‍යානය නිල වශයෙන් විවුර්ත වුන දා සිට උද්‍යානයේ පළමු පාලක සහ අධිකාරි වරයා ලෙස අභ්‍යන්තර ලේකම් කොලම්බස් ඩෙලනෝ විසින් නතානියෙල් ලාන්ග්ෆර්ඩ් ව පත් කරන ලදී.නමුදු ඔහුගේ පරිපාලනයේ සිදුවූ අඩුපාඩු හේතුවෙන් උද්‍යානයේ යම් යම් ප්‍රයෝගික ප්‍රශ්න ඇතිවීමට හේතු විය.1875 දී ජෝර්ජ් ආම්ස්ට්‍රෝන් කස්ටර්ගේ අනුමැතිය මත විලියම් ලුඩ්ලෝට ගවේෂණයක් සිදු කිරීමට අණ ලැබුණ අතර ඔහුගේ වාර්තාවට අනුව උද්‍යානයේ සිදුවූ උද්‍යාන සම්පත් අවනීතිය සහ සුරා කෑම පිළිබඳව ඇතුලත් විය.
රිවර් සයිඩ් ගීසර් උණුදිය උල්පත ෆයර් හෝල් නදිය අසබඩ පිහිටා ඇත.මෙහි අඩි 75-80 අතර උසැති ජල හා වාෂ්ප කඳක්පැය 7 කට 8 කට සැරයක් අහසට විදී.හිරු එළිය වැටි ඇති විටෙක මෙහිදී දේදුනු පැහැයෙන් දක්නට ලැබෙන දසුන ඉතාමත් සුන්දරය.පොළව යට තිබෙන කිලෝමීටර් 5ක් පමණ ගැඹුරු වූ පාෂාණ ගුලියකින් සැදී ඇති විවරයකින් මෙම උල්පත් වල ජලය උණු වීමට සහ ඉහලට විදීමට අවශ්‍ය ශක්තිය ලැබේ.මෙයින් නිර්මාණය වුන යෙලෝස්ටෝන් ගිණි කන්ද උතුරු ඇමරිකාවේ භයානකම ගිණි කඳු විවරය වේ.එම නිසාම මෙය සුපිරි යමහලක් ලෙස හැඳින්වේ.
මෙම උද්‍යානයේ ඇති අලංකාරවත්ම ස්ථානය වන්නේ යෙලෝස්ටෝන් විල වන අතර එය අක්කර 87040 ක බිම් පෙදෙසක් ආවරණය කරනු ලබයි.අඩි 400ක ගැඹුරකින් මෙය යුක්තවන අතර උතුරු ඇමරිකාවේ මුහුදු මට්ටමින් පිහිටි උසම විල වේ.20% ක ප්‍රමාණයක් තණබිම් වලින් සමන්විත මෙම උද්‍යානය 80%ක් වනාන්තරයෙන් සමන්විත වේ.
යෙලෝස්ටෝන් හි අසමානය දේශගුණයට හේතුව වී ඇත්තේ පාෂාණ කඳුකරයක පිහිටීම බව භූ වියාඥයින්ගේ මතයයි.නමුදු මෙහි සුන්දරත්වය විඳීමට වසරකට නරඹන්නන් මිලියන 2කක ට අධික ප්‍රමාණයක් පැමිණෙන බව පාලකයින්ගේ අදහසයි.උද්‍යානයේ පිවිසුම් මාර්ග 5කි.
1.උතුරේ සිට ලිවින්ස්ටන් හා ගාඩිනර් හරහා
2.ඊසාන දෙසින් බේයර් - ටුත්(වයමින්ග් ) හරහා
3.නැගෙනහිරින් කොඩි හරහා
4.දකුණින් ජැක්සන් හරහා
5.ග්‍රෑන්ඩ් ටෙටෝන් හරහා විත් බටහිරින් ඉඩහෝ දිය ඇල්ල හරහා විත්ය.
පරිසර සහ සත්ව ජිවිත සංරක්ෂණය කිරීම මෙවැනි උද්‍යාන නිර්මාණයේ ප්‍රධාන අරමුණ වේ.යෙලෝස්ටෝන් නිර්මාණයට පෙර ස්වභාවික විද්‍යාඥ හෙන්රි ඩේවිඩ් ත්රෝ සහ ආධාරකරුවන් එම ප්‍රදේශයේ සොභාදහම ආරක්ෂා කර දෙන මෙන් රජයෙන් ඉල්ලීම් කළහ.පසුකාලීනව 1841 දී ජාතික වනයෝද්‍යාන පනත නමින් පනතක් ගෙනා අතර එක්සත් ජනපද කොන්ග්‍රසය මගින් වන ජීවින් සහ අනිකුත් ස්වභාවික වන සම්පත් ආරක්ෂා කළේය.
Wednesday, April 14, 2021
ඇමස්ට්‍රඩාමයේ ටියුලිප් මල් වසන්තය
ලොව මල් වෙළඳාමේ හදවත නෙදර්ලන්තය බව ඔබ දන්නෙහිද ?එම කාල පරාසය වසර 200 කටත් වඩා ඈතට විහිදී ඇත. ලන්දේසී ජාතිකයින් ආරම්භයේ පටන් ටියුලිප් මලට බෙහෙවින් ප්‍රිය කල අතර ටියුලිප් මල් වගාව ධනවතුන්ගේ ප්‍රියතම විනෝදාංශයක් ද විය. එම හේතුව නිසාම මෙම මල ධනයේ සහ සමුර්ද්ධියේ සංකේතය ලෙස හැඳින්විය.එමෙන්ම ටියුලිප් යනු නෙදර්ලන්තයේ ජාතික පුෂ්පයද වේ. ඓතිහාසික වශයෙන් මිල අධිකම ටියුලිප් මල වන්නේ Augustus Tulip මලයි.
මල් වෙළඳපල යනු ලොව වේගයෙන් වර්ධනය වන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වන ගෝලීය කර්තමාන්තයකි.මෙය වෙන් කෙරන කොටස් තුන නම් වගා කරුවන්, තොග වෙළඳුන් සහ සිල්ලර වෙළඳුන්ය.නෙදර්ලන්තය මල් නිෂපාදකයකු සේම සංවර්ධිත රටවල ප්‍රධාන ආනයනකරුවකුද වේ.එමෙන්ම යුරෝපයේ වෙළඳ මධ්‍යස්ථානයක්ද වීම විශේෂතවයකි.විශේෂයෙන්ම ඇල්ස්මීර් ප්‍රදේශය තුල යුරෝපයේ ප්‍රවර්ධන ස්ථාවරය මෙන්ම මල් කර්මාන්තය හරහා සකස් කරගන්නා ලද ජාත්‍යන්තර වෙළඳපල සම්බන්ධතා නිසාවෙන්ම යුරෝපයේ හරය බවට පත්වීමට නෙදර්ලන්තයට කෙටිකලකින්ම හැකිවිය.
දළ වශයෙන් ගත් කල යුරෝපය පුරාවට සෑම වසරකම මිලියන 1200 -1500 අතර මල් ප්‍රමාණයක් වගාකොට කපනු ලැබේ. කපන ලද මෙම මල් වෙළඳ පලට විශාල සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදී. කෙසේ වුවද නෙදර්ලන්තයේ පසුගිය වසර කීපයේදී මල් වගා කරන සමාගම් සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබුන අතර 2017 දී 970 ක් තිබුන අතර ඊට සාපේක්ෂව 2017 දී 2100 වී තිබුණි,මෙයට හේතුව වුයේ නැගී එන අනික් රටවල් සමග තිබු තරඟකාරීත්වයයි.ඉක්වදෝරය .කෙන්යාව, කොලොම්බියාව ,ඉතියෝපියාව වැනි රටවල් මල් වගා කිරීම සම්බන්ධව නෙදර්ලන්තයට විසල් තරඟයක් දෙමින් ඉදිරියට පැමිණෙමින් තිබේ.ඔවුන් නෙදර්ලන්තයට ප්‍රමුඛ පෙලේ ශාක, මල් සහ පැළෑටි සපයමින් සිටින අතර කෙන්යාව ආනයන අංශයේ දෙවෙනි තැන ගනිමින් ආනයන වටිනාකම දළ වශයෙන් 2018 දී යුරෝ මිලියන 345 ක් උපයාගෙන තිබුණි.
ජර්මනිය,ප්‍රංශය සහ එක්සත් රාජධානිය, ජපානය, ඉතාලිය, නෙදර්ලන්තයෙන් මල් ආනයනය කරන ප්‍රධාන ගැනුම්කරුවන් වන අතර 2008-2018 කාලය අතරතුර නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද සජීවී ශාක සහ මල් සංඛ්‍යාවේ වටිනාකම යුරෝ බිලියන 2.9 කින් ඉහල ගියේය. යුරෝපයේ ඇති ලොව විශාලතම වෙන්දේසි සමාගමක් වන Royal Flora Holland රෝස මල් විකිණු ප්‍රමාණයේ පරිමාව දළ වශයෙන් බිලියන 3.3 ක් වූ අතර ටියුලිප් මල් වල විකුණුම් ආදායම දළ වශයෙන් බිලියන 1.77ක් විය.එමෙන්ම මෙම මල් ජාන විද්‍යාවේ දියුණුව කෙරෙහිද ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.වර්තමානය වන විට මල් වගාකරුවන් ලෙස නැගීසිටින රටවල මිනිසුන් සහ තොග වෙළඳුන් මෙම රටවලට සංක්‍රමණය වීම නෙදර්ලන්තයේ මල් වෙළඳපලට මෙන්ම දේශීය ආර්ථිකයට ද තරමක අභියෝගයක් වී තිබේ.
බ්‍රිතාන්‍ය මල් සංගමයේ වාර්තා වලට අනුව එක්සත් රාජධානියේ කපන ලද මල් වලින් 80%ක් පමණ නෙදර්ලන්තය හරහා පැමිණේ.සමහර කෙන්යානු මල් වර්ග කෙලින්ම එක්සත් රාජධානියට නයිරෝබි සිට ගුවන් යානා ඔස්සේ ගෙනෙන අතර සමහර ගුවන් තොටුපල පර්යන්ත මේ සඳහා පමණක්ම වෙන්කොට ඇත.
ටියුලිප් මධ්‍යම ආසියාවේ වැවෙන වල් පැලෑටියක් විය.එය මුලින්ම වගා කලේ තුර්කි ජාතිකයින් වන අතර 16 වන සියවසේදී තුර්කියේ ඔටෝමාන් රාජ්‍යයේ විසු සුල්තාන් තම අධිරාජ්‍යයේ මල් වගා කරන ලෙස ඉල්ලා සිටියේය.තුර්කි සංස්කෘතියට අනුව ටියුලිප් යනු පෘතුවිය නම් පරාදීසයේ සංකේතය වූ අතර නෙදර්ලන්තයේ පුරාවෘත වලට අනුව එය ජීවිතයේ කෙටි කතාව විය.
Keukenhof යනු ඕලන්දයේ ඇමස්ටර්ඩාම් හි ටියුලිප් උත්සවයේ නිවහන වන අතර ලොව වඩාත්ම ප්‍රසිද්ධ ටියුලිප් මල් ප්‍රදර්ශන උත්සවය සහ උද්‍යානය ද මෙය වේ.ඇමස්ට්‍රඩාමයේ සිට දකුණට කිලෝමීටර් 35ක් පමණ දුරින් ලිස් නම් කුඩා නගරයේ පිහිටා ඇත.සෑම වසන්තයකම ලොව පුරා බොහෝ ජනයා ක්යුකින්හොෆ් ටියුලිප් උද්‍යානය නැරඹීමට පැමිණේ.එමෙන්ම මෙම උද්‍යානය ලොව විශාලතම උද්‍යානය වීමද තවත් සුවිශේෂී කරුණකි.මෙහි ටියුලිප් ශාක මිලියන 7 කට වඩා වසරකට රෝපණය කෙරේ.මෙම දිනවල නෙදර්ලන්තයේ ,ඇමස්ට්‍රාඩ්ම් නගරය ටියුලිප් මල් ප්‍රදර්ශනය නිසා පාරාදීසයක ස්වරුපය ගෙන ඇත.එමෙන්ම කොවිඩ් වසංගතය නිසා විදේශිකයින්ගේ පැමිණීමෙහි අඩුවක් තිබුනද ජනාකීර්ණ නගරයක් බවට පත්ව ඇත.
Monday, April 5, 2021
දිනෙන් දියවන ග්‍රීන්ලන්තය
ලෝකයේ විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය බටහිර දේශාංශ 14- 75 අතර සහ උතුරු අක්ෂාංශ 60 සිට අක්ෂාංශ වනතෙක දළ වශයෙන් පැතිරුණ වර්ග කිලෝ මීටර් දශ ලක්ෂ 2,1666ක් විශාල භුමි ප්‍රදේශයක් වන අතර ආක්ටික් මුහුද සහ උතුරු අත්ලාන්තික් මුහුද අතර පිහිටා ඇත. ග්‍රීන්ලන්තයේ අධික ශිත දේශගුණයක් පවතින අතර ,උණුසුම් සතුවේ පවා සාමාන්‍ය උෂ්ණත්වය 10 c පමණ වේ.
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත්වන අතර උතුරු ඇමරිකාවේ ඊසාන දෙසින් පිහිටා ඇත.මෙය ඩෙන්මාර්ක් භාෂාවෙන් හරිත රට යන තේරුම දේ.මන්ද මන්ද වර්තමානයේදී අයිස් වලින් පිරි දිවයිනක් වුවද මෙය 1982 කාලයේදී වෘක්ෂලතදියෙන් පිරි දිවයිනක්ව පැවතීමයි. ග්‍රීන්ලන්තය කැනඩාවේ එලස්මියර් දුපත හා සම්බන්ධිත සමුද්‍ර තිරයෙන් වෙන් වන අතර ගිනිකොණ වෙරල තිරය අසල ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත,ග්‍රීන්ලන්ත මුහුද පිහිටා ඇත්තේ ධ්‍රැවීය දූපත් සහ ග්‍රීන්ලන්ත දූපත් අතරය.
ග්‍රීන්ලන්තය හිම වලින් වැසි ආකර්ශනීය රටක් වන අතර මෙහි දක්නට ලැබෙන හිම කුට්ටි ග්ලැසියර් නමින් හැඳින්වේ .මේවයේ වර්ණ වෙනස්වන අතර එය දවසේ වෙලාව අනුව පැවතීම විශේෂත්වයයි.මෙහි දක්නට ලැබෙන අනික් විශේෂත්වය වන්නේ ජල උෂ්ණත්වය අංශක 360 ට වඩා වැඩි වූ විට ඇතිවන තාප උල්පත්ය.
වසර 26 ක් පුරාවට ඇමරිකාවේ ඔහොයෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකල පර්යේෂණ අනුව දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 1990 දශකයට වඩා හත් ගුණයකින් වැඩිවී ඇති බව සොයාගෙන ඇත.ඒ අනුව අයිස් ටොන් බිලියන 600ක් පමණ ප්‍රමාණයක් දියවී ඇති බව මොවුන්ගේ අධ්‍යනයන්ට අනුව සොයාගෙන ඇත.
2012 සිට ග්‍රීන්ලන්තයේ ප්‍රථම වතාවට හිම දියවීම පටන් ගත් අතර වෙනස් වන දේශගුණය කෙරෙහි ඇති විද්‍යාත්මක හේතු සාධක අවිනිශ්ෂිත වන අතර එහි ප්‍රතිපල කෙසේ කෙලෙසක වනවද යන්න පිළිබඳව නුතන තාක්ෂණයට වත් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත.මන්ද කාලගුණය සහ දේශගුණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන බැවිනි.මෙම කාලගුණික විපර්යාසවලට සහ පෘතුවි ගෝලීය උෂ්ණත්වය වැඩිවීම කෙරෙහි මිනිස් අන්තනෝමතික ක්‍රියාවන් හේතු වන බවද වර්තමානය වන විට නොරහසකි.එයට හොඳම නිදසුනක් වන්නේ ග්‍රීන්ලන්තයේ අයිස් කඳු දියවී යාමයි.
මෙම සුවිශාල ග්ලැසියර්ස් හෙවත් හිම කුට්ටි දියවී යාමත් සමග මුහුදු මට්ටම ඉහල යාමේ අවධානමක් දැනට වසර කිහිපයක සිට විද්‍යාඥයින්ගේ අවධානයට යොමුවූ කරුණකි.St Lewis හි පැවති ඇමරිකානු විද්‍යභිවර්ධන සංගම් සමුළුවේ ප්‍රධාන අධ්‍යයන වාර්තාකරුවකු වූ නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ එරික් රිග්නොට් ට අනුව 1999 වසරේදී ග්‍රීන්ලන්තයේන් දියවී මුහුදට මුසුවූ අයිස් ප්‍රමාණය කියුබික් කි.මි.100 ක් පමණ විශාලය.ඔහුගේ වාර්තා වලට අනුව 1999 වසර හා සමානව දෙගුණයක වැඩි ජාල ස්කන්ධයක් ඉහල යෑමට ඉඩ ඇත.1996 දී එම ප්‍රමාණය 299 වරකින් වැඩිවූ අතර එලෙසම මීළඟ වසර 10 තුල එය දෙගුණයකින් වැඩි නොවුනහොත් පුදුමයක් බව රිග්නොට්ගේ අදහසයි.
කි.මි.මිලියන 1.68 ක ප්‍රමාණයක අයිස් ප්‍රමාණයකින් ග්‍රීන්ලන්තය වැසි ඇති අතර ඇතැම් ස්ථාන වල ඝනකම කි.මි.3ක් පමණ වේ.ඒවා දියවුවහොත් මුහුදු මට්ටම මීටර් 6ක් හෝ අධික සංඛ්‍යාවකින් ඉහල නගින බව ප්‍රින්සේටන් හි භූ විද්‍යා ජාත්‍යන්තර සම්බන්ධතා මහාචාර්ය Michel Openhaimarගේ අදහසයි.එමෙන්ම වර්තමානය වන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා 2000 Km පමණ දුරකට පැතිර ගිය අයිස් තට්ටු පවා කැබලි වී මුහුදට කඩා වැටේ.විද්‍යාඥයින් සොයාගත් පරිදි ග්‍රීන්ලන්තයේ සේර්මිලික් ග්ලැසියර්ය ගෙවුණු වසර 15 තුළ මීටර් 150කින් අඩුවී ඇත.
ඇන්ටාටිකාවේද මෙවැනි තත්වයක් උද්ගත වෙමින් පවතින අතර එහි ප්‍රතිපලය ග්‍රීන්ලන්තයට වඩා භයානක විය හැක.මන්ද අයිස් ස්ථර තුනී වීම නිසා ධ්‍රැවය ට පතිත වන සුර්ය ශක්තිය අවශෝෂණය කරගැනීම පරිවර්තනය කර ගැනීමට වඩා බයානක වන බැවිනි. Social Polar පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ Julian Dawutswell ට අනුව ග්ලැසියර් වල ආරම්භක කෙලවර වූ අයිස් බිඳ වැටීම සහ ග්ලැසියර් මතුපිට වූ අයිස් තට්ටු වාර්තා වන වේගය මෙන් හතර පස් ගුණයෙන් දියවී මුහුදට ගලායමයි.
ග්‍රීන්ලන්තය අයිස්තට්ටුවක් ලෙස පෙනුනත් එය, 80%කම හිම කැට වැනි නැවුම් පතනයකින් සහ දුවිලි තට්ටු වලින් වූ ආවරණයකි.එය Firn නමින් හැඳින්වේ.විද්‍යාඥයින්ට අනුව 2100 වන විට අයිස්තට්ටුවේ ව්‍යාප්තිය අඟල් තුනක් පමණ ඝනවී ඉහල යා හැකි බව කියවේ.එවිට අයිස් මට්ටමේ සමස්ත මුහුදු මට්ටමේ ඉහල යාමේ ප්‍රමාණය තුනෙන් එකක් වැඩිවේ.ඔවුන්ට අනුව වායු විමෝචනය ඉහල මට්ටමක පවතිද්දී ග්‍රීන්ලන්තයෙ අභ්‍යන්තරයෙන් පිටවන ප්‍රමාණය සියවස අග වන විටදී දළ වශයෙන් දෙගුණයක් විය හැකිය. නමුත් හිම දියවී ගලායාම යනු ග්‍රීන්ලන්තයේ අයිස්වල සිදුවන පරිවර්තන වල එක් විභව වෙනසක් පමණි.අයිස් තට්ටු වල පහල උන්නතාංශ වල ඇති විශාල කුහරවලට ජලය කාන්දුවීමෙන් සිදුවන්නේ පිටාර ගැලීම, අයිස් තට්ටු සා සම්බන්ධිත කලාපය දියවී යාම පෘතුවියේ උණුසුම් වීම සමග අනාගතයේදී ඉතාමත් අයහපත් ප්‍රතිපල ගෙන දිය හැකි බව පාරිසරික විද්‍යාඥයින්ගේ මතයයි.
Thursday, April 1, 2021
වන විනාශය සේම කොරෝනාවටද යටත් වූ ඇමසන් වනය
මෙම මස එනම් මාර්තු 21 වන දිනට ජාත්‍යන්තර වනාන්තර දිනය යෙදී තිබුණි.මේ පිළිබඳව විමසීමේදී ලොවට ඔක්සිජන් වායුව සපයන ඔක්සිජන් ආකරය ලෙස හඳුන්වන දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ සිදුවන වන විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් යයි සිතේ. ඇමසන් වනාන්තරය ලෝකයේ දේශගුණය සමතුලිත කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමට එරෙහිව ක්‍රියා කිරීම උදෙසා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර මෙම වනාන්තරයද අද වන විට කොරෝනා වෛරසයෙන් බරපතල ලෙස පිඩා විඳියි.
ලෝකයේ විශාලතම ගංගාවන්ගෙන් එකක් වන ඇමේසන් නදිය මෙම වනාන්තරය මැදින් ගලා බසින බ්‍රසීලය ,බොලිවියා ,පේරු ,ඉක්වදෝර් ,කොලොම්බියා , වෙනිසියුලා, ඝානා ,සුරිනාම් ෆ්‍රෙන්ච් ගුවානා යන රටවල් මෙම කලාපයේ පිහිටා ඇත. දක්ෂිණ අක්ෂාංශ 2.9 - 47.1 දක්වාද බටහිර දේශාංශ 35.9 - 55.7 අතර දළ වශයෙන් පිහිටා ඇත.ඇමසන් වනාන්තරය ලොව විශාලතම සහ වෙනස්ම නිවර්තන වැසි වනාන්තරය වන අතර එහි මිලියන 33 ක ජනතාවක් සහ සතුන් ජිවත් වේ.එමෙන්ම විවිධ වර්ගයේ ශාක වර්ගද මිලියන ගණනකට හිමිකම් කි වන පෙදෙසක් වීමද සුවිශේෂී වේ
2019 වසරට සාපේක්ෂව 2020 වසරේ මුල් මාස 4 තුල මෙම වන විනාශය 55%කින් ඉහල ගොස් ඇති බව පරිසරවේදීන්ගේ අදහසයි. අවුරුදු 11 ක පමන කාලයක සිට වනාන්තර ගිණි තැබීම , නීති විරෝධී ගස් කැපීම් ඉඩම් වල නිෂ්පාදන, නීති විරෝධී පතල් කැනීම් යනාදිය ඉහල යමින් තිබෙන අතර එය නැවත්වීමට නොහැකි අයුරින් වේගවත්ව වැඩිවන ප්‍රතිශතයකට ඉහල යන බව පරිසරවේදීහු පවසති.
කොරෝනා වෛරසය බ්‍රසීලයට ව්‍යප්තවුදා පටන් මාර්තු මාසයේ බ්‍රසීලයේ වැඩිම ආසාදිතයින් අනුපාතය සඳහන් කල රට ඇමානස් රාජ්‍ය වේ.අනිකුත් රටවල සේම මෙහිද වෛරසය පැතිරීම සිමා කිරීම උදෙසා සමාජ දුරස්ථභාවය සහ ගමන් සිමාවන් පනවා ඇත.
අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්ත්සියක් වන INPE සංවිධානය මගින් ලබා දුන් මුලික චන්ද්‍රිකා දත්ත අනුව අප්‍රේල් මාසයේදී රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් රජයයන් හුදකලා කිරීමට පියවර ගන්නා විට වනාන්තර විනාශය 2019 වසරදී එම ප්‍රමාණයට වඩා 64 % කින් ඉහල ගොස් තිබී ඇත. පසුගිය වසරේ ඇමසන් වනන්තරේ සිදුවූ විසල් ලැවූ ගින්නකින් වනාන්තරයෙන් විශාල ප්‍රමානයක් විනාශ විය.වැඩියෙන්ම ලැවූ ගිණි ඇතිවන්නේ ජුලි මාසයේ සිට වන අතර විසේසඥයින්ට අනුව කොරෝනා සමයේ උච්චතම අවස්තාව ඊට සමපාත විය හැකිය.
වැසි වනාන්තර ආරක්ෂා කිරීමට නීති විරෝධී වන විනාශය නැවත්වීමට ,ලැවූ ගිණි මැඩ පැවැත්වීමට බ්‍රසීල හමුදා නිලධාරින් විසින් ඇමසන් කලාපයේ හමුදාව යොදවා ඇත.මෙම වසරේ වන විනාශය ඉහල යෑමට පෙර පවා ඇමසන් රටවල් නමය පුරා අනුපාතය අඛණ්ඩව ඉහල ගොස් ඇත.2019 දී ප්‍රාථමික වනාන්තර අහිමිවූ රටවල් 5 අතරට බ්‍රසීලය ,බොලිවියාව සහ පේරු යන රාජ්‍යයන් අයිතිවූ අතර බොලිවියාවේ ඇතිවූ ලැවූ ගිණි හේතුවෙන් වාර්තාගත ගස් ආවරණයක් එරටට අහිමි විය.
දේශගුණ විද්‍යාඥ ඇන්ටෝනියෝ ඩොනාටෝ නොබ්‍රේ ට අනුව මාධ්‍ය වල කරන කතාබහ වලට වඩා 20% කට වැඩි ප්‍රමාණයක් ඇමසන් වනාන්තරය විනාශ වී ඇති බව කියවේ. එම නිසා විද්‍යාඥයින් පවසන්නේ අප විසින් වනාන්තර විනාශය හා වර්තමානයේ වන පරිහානිය නවත්වාලීමට කටයුතු නොකළහොත් සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිවිපාක දිනෙන් දින වේගවත් විය හැකි බවයි.
Global Forest Watch සඟරාවට අනුව 2019 දී පමණක් ඇමසන් වනාන්තරයේ ගස් ආවරණ අලාභය හෙක්ටර් මිලියන 2.4 ක් වී ඇත.මින් අඩක් ප්‍රථමික වනාන්තර මට්ටමේ පැවති අතර ජෛව විවිධත්වයෙන් පරිනත විය.2019 දී එහි සිදුවී ඇති විනාශය ප්‍රථමික වනාන්තරයේ සිට පාපන්දු පිටි තුනක ප්‍රමාණයක විනාශය හා සමානව සිදුවී ඇත.
සමස්ත ඇමසන් වනාන්තරයේ ප්‍රමාණය යනු ජෛව විද්‍යා වනාන්තර ප්‍රමාණයෙන් 0.32 ක් පමණි.නමුදු එය ගුණාත්මකභාවය පිලිබඳ පැනයකි.ඔක්ස්වර්ඩ් සරසවියේ පාරිසරික විද්‍යාඥ Erika Berenger ට අනුව සෑම හෙක්ටයරයකම පරිසර විනාශයක් යනු පරිසර පද්ධතියේ කොටසක් ක්‍රියාවිරහිත වන අතර මෙය සෙසු අයටද බලපායි."
ප්‍රථමික වනාන්තරයක් යනු අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් පැරණි ගස්වල වාසස්ථානයකි.එය දැවැන්ත කාබන්ඩයොක්සයිඩ් ගබඩාවක් ලෙස ක්‍රියාකරන බැවින් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් අවම කිරීම උදෙසා කරන කාර්යභාරය ප්‍රභලය.ප්‍රභාසංස්ලේෂණයේදී ගස් මගින් අවශෝෂණය කරන CCO2හි කුඩා කොටසක් ශ්වසනය අතරතුර වායුගෝලයට මුදා හැරේ.ඉතිරිය කාබන් බවට පරිවර්තනය වන අතර එහි පරිවෘත්තිය ක්‍රියාවලියට අවශ්‍ය සිනි නිපදවීමට ගස් භාවිතා කරයි.ගසක් පැරණි සහ විශාල වන තරමට එහි අඩංගු කාබන් ප්‍රමාණය වැඩි වේ. ආචාර්ය බෙරෙන්ගුවෙර් ට අනුව විශාල ගසක මීටර තුනක වට ප්‍රමාණයකින් යුතු කාබන් ටොන් තුනක් අඩංගු විය හැක,මෙය CO2 ටොන් 10 - 12 ත් අතර ප්‍රමාණයකට සමාන වේ.
Thursday, March 11, 2021
අන්ධකාරයේ ත්‍රිකෝණය
වසර ගණනක් තිස්සේ ගවේෂණය කිරීමට උත්සහ කලත් අන්ධකාරයේ ත්‍රිකෝණය වූ බර්මියුඩාවේ අභිරහස පිලිබඳ අභිරහස සොයා ගැනීමට වර්තමානය වන විටවත් ගවේශකයින්ට හැකියාවක් නොලැබී ඇත.උතුරු අත්ලාන්තික් සාගරයේ එක්සත් ජනපදයේ ගිනිකොණ දිග උතුරු වෙරළ තිරයේ ,බර්මියුඩාවෙන් සහ මහා ඇන්ටිලස් දුපත් සමුහයෙන් වටවී තිබේ.මෙහි ආසන්නතම භුමි ප්‍රදෙශය ආසන්නතම වශයෙන් වර්ග කිලෝ මීටර් 1300,000 වන අතර ත්‍රිකෝණාකාර හැඩයකට පිහිටා තිබීම සුවිශේෂ ලක්ෂණය වේ.1505 දී ජුවාන් ඩි බර්මියුඩා ස් නම් ස්පාඥ ජාතිකයා විසින් මෙය සොයා ගන්නා ලදී.
මෙම ප්‍රදේශය ලෝක සිතියමේ නොපෙන්වන අතර භූගෝලීය සමීක්ෂණ වලට සම්බන්ධ එක්සත් ජනපද මණ්ඩලය බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් කලාපයේ නිල කලාපයක් ලෙස නම් කර නැත.19 වන සියවස මැද භාගය දක්වා මෙම කලාපයේ සිදුවන අත්භූත සිදුවීම් පිලිබඳ විවිධ සිදුවීම් අසන්නට ලැබුනද 1864 වන තෙක් බර්මියුඩා ත්‍රිකෝණය යන නාමය භාවිතයට නොගත්හ,මෙම යෙදුම මුලින්ම සඳහන් වුයේ 1864 දී පල්ප් නම් සගරාවකය.ඒ කාලය තුලම මෙම ප්‍රදේශය අසල අමුතු සිදුවීම් දක්නට ලැබී තිබුන අතර ක්‍රිස්ටෝෆර් කොලොම්බස් ගිනිදැල් දක්නට ලැබුණු බව කියා ඇත.මෙම ප්‍රදේශය අසලදී අතුරුදහන් වූ පුද්ගලයින් ගණන 1000 කට වැඩිය.
බර්මියුඩා ත්‍රිකෝණය උත්තර අක්ෂාංශ 25 සහ බටහිර දේශාංශ 71 කැපෙන සීමාව අවට පිහිටා ඇති අතර උතුරු ඇමරිකාවේ මියාමි වෙරළට නැගෙනහිරින් පිහිටා ඇත.
1918 මාර්තු මාසයේදී බ්‍රසීලයේ සිට මේරිලන්ඩ් හි බ්ලටිමෝර් දක්වා යමින් සිටි USS CYPLOS බර්මියුඩා ව තුලදී අතුරුදහන් විය.ඉන් වසර 27 කට පසුව ඇමරිකානු ලුයිට් බෝම්බකරුවන්බලකායක් රැගත් චාල්ස් කැරොල් ට්‍රේලර් ගුවන් යානය බර්මියුඩා ගුවන් කලාපයේදී අතුරුදහන් විය.
1945 දී ඇමරිකානු යුද නාවික හමුදාවට අයත් ගුවන් යානා 5ක් මේ හරහා පියාසර කර ඇති අතර එක්වරම ගුවන් යානා පාලක මැදිරිය හා තිබුන සම්බන්ධතාවය බිඳීගොස් ඇත.ඉන්පසු ඒ ගැන සෙවීමට යැව් ඊළඟ ගුවන්යානයෙන් එක්වරම පැමිණි පණිවිඩයේ සඳහන් වී තිබෙන්නේ
"මගේ ගුවන් යානයට උඩින් අහසේ අමුතු හැඩයක දෙයක් තිබෙනවා.මට දැන් යානය පාලනය කර ගන්න බැහැ .ගුවන් යානය.... යනුවෙනි.ඒ වගේම ටොන් 19000 ක් බර මගී නෞකාවක් සහ තවත් නෞකා 5ක් පමණ මෙහිදී අතුරුදහන් වී තිබේ.මේ පිළිබඳව ගවේෂණය කල විද්‍යාඥයින් පවසන්නේ බර්මියුඩා ව තුළ අතුරුදහන් වූ අය අතර කිසිවෙකුටත් ජිවත් වීමට අවස්ථාවක් නොතිබූ බවත්කතා කල හැකි කුරුල්ලන් පවා අතුරුදහන් වූ බවත්ය.මගින් 400ක් පමණ ගමන් ගත් එක් නෞකාවකින් ලැබුන අනතුරු සංඥාවක් අනුව අසල තිබු වෙනත් නෞකාවක නාවික භට පිරිසක් පාවෙමින් තිබු නෞකාවට පැමිණ තිබේ.ඔවුනට දක්නට ලැබුනේ පුදුම සහගත සිදුවීමකි,පිළියෙළ කල කෑම මේස මත දුම් දමමින් තිබු අතර සියලුම මගින් අතුරුදහන් වී තිබුණි.එමෙන්ම කුඩුවල සිටි කතා කල හැකි ගිරවුන්ද අතුරුදහන්ව තිබු අතර කතා කල නොහැකි පක්ෂීන් පමණක් ඉතිරිව තිබුණි
බර්මියුඩා ත්‍රිකෝණය තුල අතුරුදහන් වූ සියලුම ගුවන් යානා සහ නෞකා වලින් ලැබුන අවසාන පණිවිඩ වල සඳහන් වන්නේ
"අවට පරිසරය කහ පැහැති එළියකින් වැසි යනවා අපට යානා පාලනය කරගන්න බැහැ.." යන්නය.
මෙම අභිරහස ගැන පවසන විද්‍යාඥයින් පවසන්නේ කතා කිරීමට හැකියාව ඇති කිසිඳු ජීවියෙකුට පණ පිටින් පැමිණීමට ඉඩක් නොතිබීම මෙහි විශේෂත්වය බවයි.
චාර්ල්ස් බර්ලිට්ස් නම් කතුවරයා රචිත කෘතීන් අතරින් වඩාත්ම ප්‍රචලිත වුයේ 1974 දී රචිත බර්මියුඩා ත්‍රිකෝණය නම් කෘතියයි.ඒ ඔස්සේ බර්මියුඩාව අතුරුදහන් වූ ඇට්ලාන්ට්ස් දුපතට සම්බන්ධ බව සඳහන් කොට ඇත.සමහර විචාරකයින් පවසන්නේ ඇමරිකාව අසල පිහිටා ඇති මෙම කලාපය අභ්‍යවකාශ පරීක්ෂණ සඳහා යොදා ගන්නා කලාපයක් බවත් ,මෙය අනෙක් ලෝකයාගෙන් වසන් කිරීමට නිර්මාණය කරන ලද මාධ්‍ය ප්‍රචාරයක් බවත්ය.
සමහර විද්‍යාඥයින්ට අනුව මෙම ත්‍රිකෝණය අසල ප්‍රදේශය විශාල ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත ප්‍රදේශයකි.ඒ බව ගිලිණු යානා වලින්එකදු තෙල් බින්දුවක් හෝ මුහුදට කාන්දු නොවීමෙන් වටහා ගත හැකි වේ.එවැනිම තව මතකයක් වන්නේ මෙම කලාපයෙන් මීතේන් වායුව විදාරණය වන බවයි.ඒ හේතුවෙන් ගිලෙන නෞකා නොකැඩි නොගිලෙන බවත් ඒ හේතුවෙන් තෙල් කාන්දු නොවන බවත්ය,එමෙන්ම පිටසක්වල ජිවින්ගේ බලපෑමක් හේතුවෙන් මෙම අතුරුදහන් වීම් සිදුවන බවත් ද කියවේ.එමෙන්ම මෙම ප්‍රදේශයේ ඇති නිවැරදි ජ්‍යාමිතික හැඩය ද මෙයට හේතුවක් වන බව සමහර විද්‍යාඥයින්ගේ මතය වේ.
WWF සංවිධානය මගින් 2013 දී සමුද්‍රීය නැව් මාර්ග පිලිබඳ අධ්‍යයනයක් කල අතර ඔවුන්ට අනුව ඇගොනික් රේඛාව යනු පෘතුවියේ සැබෑ උතුර සහ චුම්භක උතුර පෙළ ගැසෙන ස්ථානය වන අතර සමහර අවස්ථා වලදී බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරයි.බර්මියුඩා ත්‍රිකෝණය නිරන්තරවම සුළි කුණාටු සහ නිවර්තන වැසි කුණාටු වලට භාජනය වන කලාපයකි.අත්ලාන්තික් සාගරයේ ගැඹුරුම ස්ථානය වන මිල්වෞකි තුඩුව ද පිහිටා ඇත්තේ බර්මියුඩා ත්‍රිකෝණයේ ය.එහි ගැඹුර මීටර් 8380කි.
විලියම් ශ්‍රේෂ්ඨ කතුවර විලියම් ශේක්ස්පියර් විසින් රචනා කරන ලද The Tempest නාට්‍ය බර්මියුඩා වේ සැඟව ගිය නෞකාවක් අලලා නිර්මාණය කල බවක් කියවේ,1950 දී Ap නම් පුවත්පත් කතෘවරයකු වූ එඩ්වර්ඩ් ජෝන්ස් මේ ගැන සඳහන් කර ඇති අතර ,ඉන් වසර දෙකකට පසු ජෝජ් x වැන්ස් Fate පුවත්පතේ ද සඳහන් කර ඇත.
බර්මියුඩා ත්‍රිකෝණය නුතන දියුණු විද්‍යාවෙන් පවා අනාවරණය කරගත නොහැකි රහස් රාශියක් තවමත් සඟවාගෙන සිටි.
සොබාදහම විසින් ඕස්ට්‍රේලියාවට ලැබ දී ඇති ඇයගේ අපුර්වතම නිර්මාණය
මෝරුන්,තල්මසුන් වැනි විවිධ පාටැතිමසුන් ,තිත් සහිත කැස්බෑවුන් අතර පිහිනීම ,කිමිදීම මෙන්ම වීදුරු පතුළ සහිත බෝට්ටුවක ,හෙලිකොප්ටරයක හෝ මුහුදු යානයක සිට මුහුදු පතුලේ අසිරිය නැරඹීමට ඔවුනට හැකියාව ලැබේ.
මෙම කොරල්පර පමණක් නොව ඕස්ට්‍රේලියාවේ මහද්වීප ලෝකයේ උතුරු , බටහිර සහ දකුණු කොටස්වලද විවිධ පරිසර පද්ධති දැකිය හැකිය.
කිලෝමීටර් 2300 ක් දිගින් යුතු මහා බාධක කොරල් පරය මත්ස්‍ය වර්ග 1600 කට, කොරල් වර්ග 411 කට මෘදු කොරල් වර්ග 150 කට තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍ය වර්ග 30 කාටද කැස්බෑවුන් වර්ග රාශියකට ද
හිමිකම් කියන වාස භූමියක් වෙයි.මනේ මහා බාධක කොරල් පරය ඕස්ට්‍රේලියාවේ උතුරු-නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්හි 2/3 ක් සහ වසා පැතිරෙන අතර මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී විශ්මිත මෙන්ම බියකරු කරුණුද
හෙළිකර ගත හැකිය.Cairns සසග Airlie Beach මෙම කොරල් පර යට ඇතුල් විය හැකි ප්‍රධාන ක්‍රම වේ, කොරල්පර අතර පිහිටි හේමන් (Hayman) සහ Day Dream දූපත් ඉස්තරම් නිවාඩු නිකේතන පිහිටා ඇති මධ්‍යස්ථාන වේ.නිරක්ෂිය උතුරු
පර්ත් නගරයේ සිට කිලෝමීටර් 777ක් දුරින් පිහිටි (Ningaloo Marina Park),සිත්කළු නාවික උද්‍යානය මෙම කොරල් පරයේ තවත් අසිරිමත් ස්ථානයකි.මෙය කිලෝමීටර් 260ක් දිගකින් යුක්ත වන කොරල් පරයකි.කැස්බෑවුන් ,මොල්ලිය සහිත තල්මසුන්, සාමුහිකව සංචරණය කරන කැස්බෑවුන් සහිත කලාපයකි.මෙම තීරයේ සෑම වසරකම අප්‍රේල් සිට ජුලි දක්වා කාලය ඉතාමත් ක්‍රියාශීලි සහ වැදැගත් වකවානුවක් වේ,මන්ද යෝධ තල්මසුන් ගොඩබිම අසලට එක්රැස් වන බැවිනි,මෙම තල්මසකු සමග පිහිනීම ජිවිතයේ මනස්කාන්ත දසුනක් සහ මතකයක් වනු ඇත.එමෙන්ම පිහිනුම් කරුවන් මෙම සතුන්ගේ උපරිම ආරක්ෂාව සැලැස්වීමටද බැඳී සිටිය යුතුය.
මෙය ලෝකයේ විශාලතම කොරල්පරය වන අතර උතුරු ඕස්ට්‍රේලියාවට ආසන්නව පැසිෆික් සාගරයේ පිහිටා තිබේ.යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතිවිශාල ජෛව විවිධත්වයයකින් යුතු මෙම කලාපය
දක්ෂිණ අක්ෂාංශ 18-28 අතරත් සහ නැගෙනහිර දේශාංශ 147- 169 අතර පිහිටා ඇත.එමෙන්ම සංචාරක ව්‍යාපාරය නිසා ඕස්ට්‍රේලියාවේ ධන උල්පතක් බවට පත්ව ඇති මෙම මනරම් මුහුදු කලාපය මුහුදු තිරය වාර්ෂිකව බිලියන 56.4කත වඩා උපයා දෙන අතර 6400ක ට අධික ජන සංඛ්‍යාවකට ස්ථිර රැකියාද තවත්දසදහස් ගණනකට තාවකාලික රැකියාද සපයයි.කොරල්පරය ආශ්‍රිතව දූපත් 900ක් පමණ පිහිටා තිබීමද මෙහි ඇති වාසිදායක විශේෂත්වයකි. Whitsunday ,Hazard
සහ Heron මින් ප්‍රධාන දුපත්වේ.
ක්‍රිව 1770 දී බ්‍රිතාන්‍ය දේශ ගවේෂක ජේම්ස් කුක් මෙම කොරල්පරය වටා සංචාරය කිරීමෙන් අනතරුව ලොව අවධානය මේ සඳහා යොමුවූ අතර 1928 - 1929 කාලයේදී කල ගවේෂණ වලින් කරුණු රාශියක් අනාවරණය විය.
පාරිසරික විනාශය ලොව අනෙකුත් ස්වභාවික සම්ප්වත්වලට මෙන්ම මෙමකොරල් පරයටද බලපාමින් තිබේ.1995 වසරේ සිට ඇතිවූ මුහුදු උෂ්ණත්වය වැඩිවීම කොරල්පර වලින් අඩක් පමණ විනාශයට පත්වෙමින් තිබෙන අතර පාරිසරික සංවිධාන මෙම විනාශය වැලක්වීමට විවිධ පියවර ගනිමින් පවති.
Tuesday, March 9, 2021
ඇතිනා දෙව් විමන යලිත් ගිණි ගනී
ග්‍රීකයන් රසවත් දේවකතා සහ ජන කතා විශ්ව සාහිත්‍යයට එක් කල ජාතියකි.ග්‍රීක ජනවහරට අනුව යුද්ධයට, ගින්දරට සහ අවි ආයුධ වලට අධිපති ඇතිනා දෙවගනගේ වාස භවනය ලෙස සලකන "ඇට්නා ගිණි කන්ද මිට දින කිහිපයකට පෙර සක්‍රිය වීම ඇරඹුණි.
ජනකතා වලට අනුව මෙම ගිණි කන්ද පිලිබඳ විවිධ මත පවතින අතර .ඇතිනා , සියුස් දෙවියාගේ දියණියයි.පෘතුවියේ සහ අභ්‍යවකාශයේ දරුවකු ලෙස පහලවූ එන්ක් ලෝඩ්ස් නමැති යෝධයා ඇතිනා ගේ පරම සතුරා වූ අතර එක් කලෙක ,යෝධයා සහ දෙවිවරුන් අතර සටනක් ඇතිවිය.මෙහිදී මරණයට පත් යෝධයා ඇට්නා කන්ද පතුලේ ,මිහිදන් කල බවත් ඔහු කෑගසන වාරයක් පාසා ගිණි කන්ද පුපුරා යන බවත් ,ජන වහරෙහි කියවේ.
දෙවියන්ගේ වාස භවනයට ගිණි ඇවිලෙන්නේ කෙතරම් අභාග්‍යසම්පන්න කාලයකද ?ඇත්තෙන්ම ඉතාලිය කොරෝනා වෛරසයෙන් පිඩා විඳිද්දී සිසිලි දුපතේ පිහිටි ඇට්නා ගිණි කන්ද දින කීපයකට පෙර සක්‍රිය වී දුම් අළු සහ ලාවා නිකුත් කිරීමට පටන් ගෙන ඇත.මේ ජන ජීවිතය කෙරෙහිද පරිසරයටද බෝග වගාවන්ට ද විශාල බලපෑමක් ඇති කරයි.
ඉතාලියට දකුණු දිගින් පිහිටි සිසිලි දුපතේ නැගෙනහිර වෙරල කලාපයේ මීටර් 3320ක් උසැති එට්නා ගිණි කන්ද පිහිටා ඇත .මේ යුරෝපයේ පිහිටි වඩාත්ම සක්‍රිය වන, උසින් වැඩිම ගිණි කන්ද වන අතර වරින් වර විදාරණය වන ලාවා තැන්පත් වීමෙන් උස වැඩි වේ.එමෙන්ම පස් බිඳවැටීම් නිසා කලින් කලට උස මට්ටම අඩු වීමක්ද සිදුවේ.ඇට්නා ගිණි කන්ද වර්ග කිලෝ මීටර් 1600ක් පුරා පැතිර පවත්නා අතර ,වැඩිම විෂ්කම්භය කිලෝ මීටර් 1150කි.
ඇට්නා නිරතුරුවම විදරණයට ලක්වන ගිණි කන්දක් නිසා 19 වන සියවසේ මැද භාගයේ සිට පුළුල් වශයෙන් මේ පිළිබඳව පර්යේෂණ කරන අතර කැන්ටෙනියා , කාසා ඇතිනා සහ කැන්ටෝනිරා යන ස්ථාන වල පර්යේෂණාගාර ස්ථානගත කරන ලදී.භූගෝලීය සාධක වලට අනුව ඇට්නා වසර දසලක්ෂ 2.6ක කාලයක සිට විටින් විට සක්‍රිය වෙමින් පැවති.ලාවා විධාරණය මුව විට රාශියක් දක්නට ඇති අතර කේතු ආකාර දැදුරු මාධ්‍ය සහ පහල ප්‍රදේශවල දැකිය හැකිය.ගිණි කන්දෙහි වත්මන් පෙනුම අවසාන ලාවා විධාරණ අවස්ථා දෙක නිසා නිර්මාණය වී ඇත .
ඓතිහාසික කරුණු වලට අනුව ක්‍රිස්තු පුර්ව 475 දී සහ 396 දී විශාල භූචලන දෙකක් වූ සිදුවූ බව කියවේ.ක්‍රිස්තුවර්ෂ 1381 ඇතිවූ ලාවා විධාරණයේදී කිලෝමීටර් 16ක් දුරට අයෝනියන් මුහුද දක්වා ලාවා ගැලීමක් සිදුවිය.ක්‍රිස්තුවර්ෂ 1669 මාර්තු සිට ජුලි දක්වා සිදුවූ විදාරණයේ මීටර් දසලක්ෂ අටසිය තිහක ලාවා ධාරිතාවක් ගලා ඒමෙන් ගම් විශාල සංඛ්‍යාවක් විනාසයට පත්විය.
ක්‍රිස්තුවර්ෂ 1852 දී සිදුවූ ලාවා විධාරණයෙන් සිසිලියේ වනාන්තර සහ ගම් රාශියක්ද සැප්රානා (zafferane) නගරයද විනාශ විය.1908 සිට 1928 දක්වා ලාවා පිපුරුම් 16ක් සිදුවූ අතර ඉතාලියේ පලතුරු වතු සහ මිදී වගාව විශාල වශයෙන් විනාශයට පත් විය.1986 ,1999 ,වසර වලද මෙම කන්ද සක්‍රිය වූ අතර 2002 -2019 දක්වා ලාවා විදාරණ 7ක් සිදුවිය,
ඇට්නා ගිනිකන්ද කෙතරම් විනාශකාරී වුවද ග්‍රීක ජාතිකයින් විසින් ආර්ථිකමය සම්පතක් කර ගැනීමට උත්සහ ගෙන ඇත.මෙම කඳු ප්‍රදේශය පාරිසරික ,විද්‍යාත්මක කලාප තුනකින් යුක්ත වන අතර පළමු කලාපය මීටර් 915 කට වඩා උසකින් පිහිටා ඇත.එම කලාපය සරු මිදී ,ඔලිව් සහ සිට්‍රස් වගාවන්ගෙන් යුක්ත වන අතර ජනගහණ ඝනත්වය අඩුය.උස කඳු ප්‍රදේශ චෙස්නට් ,බිජ් ,ඕක් , පයින් ,බර්ජ් වැනි ගස් සහිත වනාන්තර වලින් යුක්තය.අඩි6500ට වඩා උස කලාපය අළු, වැලි ,ලාවා තට්ටු සහ යබොර කැබලි වලින් නිර්මිතය.,මීටරයකට වඩා උසින් අඩු ස්පයිනෝ, සැන්ඩෝ වැනි පඳුරු මෙම කලාපයෙහි පිහිටා ඇත.
සොභාදහම වෙනස් කරමින් ලෝකය ජයගැනීමට උත්සහ කරන මිනිසාට තවදුරටත් අභියෝගයක් වෙමින් තවදුරටත් එට්නා ගිණි කන්ද ක්‍රියාකරනු ඇත.
Sunday, February 21, 2021
පුපුරා ගිය ක්‍රැකටෝවා දිවයින
එමෙන්ම මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙම පිපිරුම නිසාවෙන් ලෝක සිතියමේ එම ප්‍රදේශයද වෙනස්වීම් වලට බඳුන් කිරීමට සිදුවීමයි.පොම්පෙහි විසුවියස් පිපුරුමට පසු සිදුවූ විශාලතම ගිණි කඳු විදාරණය වන්නේ ක්‍රැකටෝවා විදාරණයයි.
එමෙන්ම මෙම පිපිරිම නිසා ඇතිවූ කම්පන තරංග මාපක උපකරණ වල දින කීපයක් යන තුරුම සටහන්ව පැවතුනු බවත් සඳහන් වෙනවා.
මෙම ප්‍රදේශය වැඩි වශයෙන් යමහල් සහ ගිනි කඳු බහුලව පවතින ප්‍රදේශයක් බැවින් ගිනිකඳු ක්‍රියාකාරිත්වය පවතින ප්‍රදේශයක් ලෙසට ගණන් ගැනේ.
ක්‍රැකටෝවා දුපත සුන්ඩා සමුද්‍ර තිරය අසලජාවා සහ සුමාත්‍රා දුපතට මැදිව පිහිටා ඇති අතර ,ඕස්ට්‍රේලියානු ඉන්දු භුතැටිය අසලින් පිහිටා තිබීම නිසා භූකම්පන ආදියට නිතර මුහුණ දීමට සිදුවන ප්‍රදේශයක් යයි සැලකේ.
1883 ට පෙර ක්‍රැකටෝවා දිවයිනක්ව පැවති අවදියේදී එකිනෙකට සම්බන්ධ වූ යමහල් ද්වාර තුනක් පැවතුනි.පර්බෝවටාන් ,රකාටා ,දනාන් නම් වූ මෙම යමහල් ද්වාර තුන ට අමතරව දිවයිනේ දෙපසට වන්නට පැරණි පිපුරුමක ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ලන්ග් සහා වර්ලටාන් යමහල් ඇති වී තිබේ.මෙම පිපිරුම නිසා එම ස්ථානයේ විශාල කල්දේරමක් ආකාරයේ ගැඹුරු නිම්නයක්ද නිර්මාණය වී තිබීම සුවිශේෂිත්වයකි.
මෙම යමහල් විදාරණයෙන් ඇතිවූ විෂ අළුපතනයෙන්සහ දුම් විසිරිමෙන් සහ විෂ වායුන්ට ගොදුරුවීමෙන් ගම් 163ක් විනාස වී මිනිසුන් 36417 කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව වාර්තාවල සඳහන් වේ.ඉන්පසු 1930 දී මෙමෙ ස්ථානයේදීම තවත් දුපතක් මතු වෙන අතරම එය ක්‍රැකටෝවාගේ දරුවා (අනන් ක්‍රැකටෝවා )ලෙස හඳුන්වයි.වසරකට මීටර් 7ක වේගයකින් වර්ධනය වන මෙම දුව 1994 සිට මේ දක්වාම සක්‍රිය යමහලකි.
1883 අගෝස්තු 26 වැනි දින පර්බෝවටාන් ගිනිනි කන්ද සක්‍රිය වූ අතර පළමු පිපිරුමෙන් විසිරුණ ලාවා හා සුන්බුන් කිලෝමීටර් 24ක් පමණ දුරට විසිරුණ බව කියවේ.කලකට ඉහත සිදුවූ පිපිරුමක් නිසාවෙන් සිරවිමකට ලක්වූ මෙය මෙම පිපිරිම නිසා එහි මැග්මා කුටීරයේ කම්පනයක් ඇතිවී විසල් පිපිරීමක් ඇතිවිය.එහිදී ඇතිවූ පීඩනයෙන් ඇතිවූ ශබ්දය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරටත් මොරිෂ් නගරයද දක්වා දුරට ඇසුණු බව කියවේ.එය මිනිස් ඉතිහාසයේ ඇසුණු විශාලතම ශබ්දය බවද කියවේ,
මෙම පිපිරුම මුලින්ම දැක ඇති බව කියන්නේ ඉන්දුනීසියාව අසබඩ මුහුදේ ගමන් කල එලිසබෙත් නම් ජර්මන් යුධනෞකාවේ කපිතාන්වරයකුය. ඔහු නැවට ඉහල අහසේ අඳුරු වලාවන් පාවෙනවා දුටු අතර ඒවා සැතපුම් 7ක් පමණ අහසේ ඉහලට විසිර යන බව වාර්තා කර ඇත.අගෝස්තු 27 වන තුරුම මේ සන්සිදුවිම සිදුවී තිබෙන අතර අවට දුපත්වාසින් ස්වභාවික ගිණි කෙලි යයි සිතමින් ප්‍රිතිගෝෂා කරමින් විනෝද වී තිබුණි.
මෙම පිපිරුම සමහ ඇතිවුන ලාවා පර්බෝවටාන් කුටීරයේ උණු ලාවා මුහුදු ජලයට එකතු වීම හේතු කොට ගෙන ජලය උණු විය.එක්වරම සිදුවූ මෙම හදිසි වෙනස්වීම හේතුවෙන් සාගරයේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් රළ පහරවල් හටගෙන තිබුණි.එම ජාල පහරවල් වල වේගය ටි එන් ටී මෙගා ටොන් 200 ක වේගයක් බව පැවසෙන අතර පරමාණු බෝම්බයක පිටවන ටි එන් ටි ශක්තියට සමාන බව පැවසේ.
මෙම විදාරණයෙන් පසු ක්‍රැකටෝවා දිවයිනේ 23%ක් හැර අනික් කොටස් මුහුදු බත්වුන අතර වසර ගණනාවක් යන තුරු මුහුදු පතුලේ කල්දේරම තුල සැගව පැවතියේය.
Tuesday, January 19, 2021
දෙවියන් ගේත් වන්දනාමානයට පාත්‍ර වූ මිනිසත් බවෙහි සංකේතය "බහපුර්හි නෙලුම් චෛත්‍ය"
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ බහපුර්හි අක්කර 26ක භුමි ප්‍රමාණයක මීටර්නෙ 35ක් උසට පෙති 27කින් සමන්විතව සැදු යෝධ නෙලුම් මලක හැඩයට නිර්මාණය කල පන්සලක් ඇත. මෙය මහජනතාව සඳහා විවුර්ත කරනු ලැබුවේ 1986 දෙසැම්බර් මාසයේ වන අතර එහි හැඩය අනුව නම ලැබී ඇත,මෙහි නිර්මාතෘ වන්නේ ගෘහ නිර්මාණ ශිල්පී ෆරිෆුෂ් සාබා මහතායි.
එහි භුමිය පුරා රතු පැහැති වැලි ගල් සහිත ඇවිද යන මාවත් ,පොකුණු 9ක් මනස්කාන්ත දර්ශන . රතු පැහැති වැලි මාවත් සහිතව භුමිය නිර්මාණය කර ඇත.නෙලුම් මලක හැඩය ඇති මෙම ගොඩනැගිල්ලේ පිටත ඇති මෙම ගොඩනැගිල්ලේ පිටත පෙති වලල්ලේ මැදින් මැදින් පිවිසීමේ දොරටු 9ක් ඇති අතර ,දෙවෙනි පෙති වලල්ලේ බාහිර ශාලාවද ,ඇතුලත රවුමේ මධ්‍යම යාඥා ශාලාවද පිහිටා ඇත.මෙහි එක වරකට 2500ක පිරිසකට යාඥා කිරීමට හැකියාව ඇත. මෙහි දේශනා ශාලාවේ අසන ගණන 1300ක් වන අතර එකවර 1300 කට ඇතුලට පිවිස ආගමික කටයුතු වලට පිවිසිය හැකිය.
මෙම නෙලුම් මලේ මුදුන් කොටස් විදුරු වලින් සහ ලෝහ වහලයකින් නිර්මිතය.ඒ නිසා සෙවනැල්ල ස්වභාවික හිරු එළියෙන් ආලෝකමත් වෙයි. එමෙන්ම නෙලුම් මල වටා නිර්මාණය කර ඇති ජලාශ නවය මෙහි සුන්දරත්වය තවත් වැඩි කරයි. මන්ද ඈතට පෙනෙන්නේ පිපෙන නෙලුම් මලක් ජලාශයක් මැද පවතින්නක් මෙනි.ඒ වටා ඇති පොකුණු වල පාවෙනා නෙලුම් මල් සහ කොළ අමුතුම ආලෝකයක් දර්ශනයට එකතු කරයි.මෙම ජලාශ හේතුකොට ගෙන මෙම ස්ථානය ස්වාභාවිකවම සිසිලසට පත්වේ.
මෙම යෝධ නෙලුම් මලේ පෙති නිර්මාණය කර ඇත්තේ සුදු කොන්ක්‍රීට් වලිනි.බාහිර පැති සුදු පැහැති ග්‍රීක කිරි ගරුඬ වලින් තනවා ඇති අතර අර්ථයෙන් ගත් කල මෙය පවිත්‍රත්වයේ ද, සුපිරිසිදු බවේද සංකේතයකි .
ඉන්දියාවේ නවදිල්ලියෙද මිට සමානව නිර්මාණය කර ඇතත් පිපීගෙන එන නෙලුම් මලක් ඇත්තේ බහපුර් වල පමණි.උගන්ඩා වේ ,ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර,ඉලිනොයිස් හි ම පැනමා වේ,බටහිර සමොවා හි හා ෆ්රන්ක්පට් හි ද මෙවැනි සුන්දර නිර්මාණ තිබුනත් මෙවැනි අතිරමණිය ආගමික ස්ථානයක් ලොව කොතනකවත් නොපැවතීමයි.
මෙහි පවතින්නේ ආගමට වඩා මිනිසත් බවේ සුවදයි.මෙහි සුන්දරත්වයට වඩාත්ම හේතුව වන්නේ එය බවයි මාගේ හැඟුම.මන්ද මිනිසත්බවේ දහම ඇති තැන මෙලොව සොඳුරුම තැනක් වේ.
Tuesday, December 22, 2020
ලොව වඩාත්ම හුදකලා පුස්තකාලය
Tuesday, November 3, 2020
ජේන් අයර්
"... ජීවිතයේ පරාජයක් පසුතැවිල්ලක් ඇතිවුනාම , මට පාඩම් කරන්න අපහසුයි.හැමදෙයක්ම එපා වෙනවා වගේ දැනෙනවා.මම එතකොට ජේන් අයර් කියවනවා..."
මේ දිනක් මගේ හොදම මිතුරියක් කියපු කතාවක්..
ජේන් අයර් යනු විශ්ව සාහිත්‍යධර චාලට් බ්‍රොන්ටේ විසින් 1847 දි රචනයට පාත්‍ර කරන ලද අපුර්වතම කෘතියකි වේ.මෙම පොත සමාජ විවේචනයට ලක් වුන කෘතියක් වන අතර චාලට් බ්‍රොන්ටේ ජිවත් වූ සමාජීය පසුබිම මෙන්ම ඇය මුහුණ දුන් සමාජ ගැටළු සහ පීඩනය ජේන් අයර් නම් චරිතය ඔස්සේ ලොවට හෙළිදරව් කල බව විචාරකයින්ගේ මතයයි.මෙම කෘතිය විශ්ව සම්මානයට පාත්‍රිත කෘතීන් අතරට ගැනෙන අතර කාන්තාවක තම ජිවිතයේ ළමා අවධියේදී, යොවුන් අවධියේදී මෙන්ම තරුණ අවධියේදී මුහුණ දෙන සමාජීය පීඩනය හමුවේදී වෛරය , පලිගැනීම් වැනි සිතුවිලි වලින් බැහැරව මානව දයාව සහ කරුණාව වැනි උත්තුංග ගුණ වලින් යුතුව ජිවිතයට මුහුණ දෙන ආකාරය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇත.
මෙය ගොතික් සම්ප්‍රධායට අයත් කෘතියක් වන අතර මෙම කතාව ප්‍රභේදයන් පහක් ඔස්සේ ගලාගෙන යයි.මෙම කොටස් ඔස්සේ කතාව අපට දකින්නට ලැබෙන විවිධ සමාජ චෛතිසිකයන් සහ ගැටළු වඩාත් හොදින් නිරුපණය කර දක්වයි.
මාපියන් මියගොස් අනාථ දරුවකු බවට පත්වන ජේන් අයර්ව රැකබලාගන්නේ ඇයගේ මාමා විසිනි. ඇයගේ අවාසනාවට මෙන් මාමා ද මිය යන අතර , මියයාමට පෙර ජේන්ව රැක බලා ගන්නා ලෙස ඔහු තම බිරිඳ සපථ කරවා ගනියි.නමුත් , කෙටි කලකින්ම නැන්දා ගේ සහ දරුවන්ගේ වෙනස්කම් වලට තාඩන පීඩන වලට ලක්වන ඇය අනාථ දරුවන් සඳහා වූ පාසලකට ඇතුලත් වේ.එහි ශිෂ්‍යාවක, ගුරුවරියක ලෙස වසර හයක කාලයකින් පසු ළමා නේවාසිකාගාරයක සහයිකාවක් ලෙස රැකියාවකට යොමුවෙන ඇයගේ ජීවිතය විවිධ වෙනස්කම් වලට භාජනය වේ.
මෙය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා වී ඇති අතර ජේන් යනු 19 වැනි සියවසේ අසම්ප්‍රධායික වීරවරියක් ලෙස දක්වයි.ඇය ජිවිතයේ මුහුණදෙන ගැටළු ජය ගන්නා ස්වාධින, ආත්ම විශ්වාසයෙන් යුතු කාන්තාවක් බව වැටහේ.මෙම කතාව රසවත්,ප්‍රේමාන්විත වන වන අතර ඇය සරාගී බැවින් යුක්ත ස්ථිර ප්‍රතිපත්ති ඇති නිදහස අගයන, නොසැලෙන යුවතියකි.එමෙන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතු පැහැදිලි හර්ද සාක්ෂියකින් හෙබි නිහතමානි තරුණියකි. ඇය වික්ටෝරියානු යුගයේ රැඩිකල්, ගැඹුරු, ස්ත්‍රීවාදී ගති ලක්ෂණ වලින් යුක්තය..
ඇය පවසන පරිදි
" කාන්තාව සන්සුන්ව සිටිය යුතුය නමුදු පිරිමියාට දැනෙන ආකාරයටම ගැහැණියටද දැනේ.ඇයට හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය වන අතර එම විෂයේදී ඔවුන්ගේ සොයුරන් මෙන්ම ක්ෂේත්යෙන් ඉහලට යෑමට උත්සුක වේ."
මෙම ප්‍රකාශය කාන්තාවන්ට පිරිමින්ගේ සමතැන ලැබිය යුතු බවත් සමාජ ආර්ථිකමය අතින් සමාන විය යුතු බවත් චාලට් බ්‍රොන්ටේ ගේ ප්‍රධාන තේමාවයි.මෙයට නිදසුනක් නම් ඇය ආදරය කරන මෙම මිනිසා සමග ජිවත් විය යුතුද ? ඇය හැර දමා ගොස් කිසියම් තැනක වැදගත් ජිවිතයක් පටන් ගත යුතුද යන උභතෝකෝටික ප්‍රශ්නයටද ඇය මුහුණදෙන ආකාරයයි.
උදාහරණයක් ලෙස මෙහිදී පාර්තා මේසන් ජේන් සහ රෝචෙස්ටර් ගේ ජිවිත අතරට තුන්වැන්නකු ලෙස පැමිණීම ගත හැකිය.පාර්තා විසින් රෝචේස්ටර්ව ගිනි තබා මරණයට පත්කිරීමට තැත් කිරීම එක් අවස්ථාවක් වේ.එමෙන්ම මානසික රෝගියකු වූ පාර්තා රෝචෙස්ටර් මැදුරේ කෙළවරක ජිවත් වීම කතාවේ අවසාන භාගයේදී හෙළි කිරීම නිසා මෙය රහස් පරීක්ෂක කතාවක ස්වරුපයක් ගනී.
ජේන්ගේ ජීවිතය යථාර්තවාදී දැක්මකින් යුතුව දක්ෂ ලෙස කතුවරිය විසින් හසුරුවා ඇති ආකාරය සුවිශේෂිය.ආගමට සහ රාගයට එරෙහිව තර්කානුකුල බුද්ධිමය විචාරශීලි බව ඇය විසින් විවිධ අවස්ථාවල යොදාගන්නා ආකාරය දක්නට ලැබේ.එමෙන්ම ආදරය සහ රාගය නිසි පරිදි පාලනය කර නොගැනීම විවිධ ගැටලුකාරී තත්වයන් පැන නැගීමට හේතුවක් බවද කතුවරිය විසින් මේ ඔස්සේ පෙන්වා දේ.
ඇයගෙන් ආදරය සංකේතවත් කරන අතරම රාගය සහ විචාරය අතර භාවාත්මක ඝට්ටනය පිළිඹිබු කරයි.ජේන් අයර් යනු කලනුක්‍රමික මතකයක් අවදි කිරීමකි.ඇයගේ ජිවිතයේ ගෙවුණු අවධීන් දෙස හැරී බලද්දී සමාජීය,අධ්‍යාත්මික සහ ආදරය සෙවීමක් දක්නට ලැබේ.මෙහිදී රාගයට එරෙහිව සොබාදහම ගැටෙන අතර ජේන් ඇගේ සදාචාරාත්මක හැඟීම් සහ නිවුණු බව වර්ධනය කර ගනියි,අවසානයේදී ජේන්ගේ අභිමතය පරිදි පවුල,ගෘන්ගාරය භක්තිමත් බව ස්වාර්ථය යන තේමා ඔස්සේ කතාව අවසානයට ලඟා වේ.
වික්ටෝරියා විල





