‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Monday, November 7, 2022

භාරතීය සංගීතයෙන් ලොවක් සැනසූ ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර්

 ලොව විසුළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් අතර ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර් නාමය ඇසු සැණින් අප මතකය අවදි කරන්නේ එතුමන්ගේ මහා කවිත්වයයි.නමුදු කවියෙන් එහාට ගිය සංගීතඥයෙකු , දාර්ශනිකයකු ,ගත් කතුවරයකු ද  චිත්‍ර ශිල්පියෙකු ,නාට්‍යධරයකු   සේම අධ්‍යාපනඥයකු ලෙස තම දැනුම ලොව පුරා විහිද වූ මෙතුමා නුතන ඉන්දීය කළා සාහිත්‍යයේ පුරෝගාමියකු වන අතර ඉන්දියානු අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයකි. එමෙන්ම දේශ සිමා සහ කාල සීමා ඉක්මවමින් පෙර අපරදිග යා කල මහා පුරුක වීමට රබින්ද්‍රයන් හේතු වුයේ විවිධ කුසලතාවයන්ගෙන් හෙබි ඔහුගේ පෞර්ශයයි.

මෙතුමා 1861 මැයි 6 වන දින කල්කටාවේ ජෝරසංකෝ මැදුරේදී උපත ලද අතර මෙම මන්දිරය නිබඳවම සංගීත රාවය රැව්පිළි රැව් දුන් කලාගාරයක් විය.මහර්ෂි යන නාමය ලද දවෙන්ද්‍රනාත් තගොර්තුමන් ට අයත්වූ මෙම මන්දිරයේ නිතර ශාස්ත්‍රීය ප්‍රසංග පැවැත්වුණු අතර කුඩා රබින්ද්‍රනාත්ට එම ප්‍රසංග නැරඹීමේ අවස්ථාව හිමිවිය. Jadu Bhatt , Shrikant Singha , Radhika  Go swami , Shyam Sundar Mishra ,Ramprasad Mishra (පවුලේ සිතාර් ගුරුතුමා ) ආදී සංගීතඥයන්ගෙන් ගුරුහරුකම් ලැබීය.එමෙන්ම සොයුරන් වූ බටහිර සංගීතයේ ,බටහිර ස්වර ලිපි රචනයෙහි,  වයලින් මෙන්ම පියානෝ වාදනයෙද නිපුණයකු වූ ජෙයතින්ද්‍රනාත් සෝමේන්ද්‍රනාත් සහ සත්යෙන්ද්‍රනාත් හේමෙන්ද්‍රනාත් ද උගත් උත්තර භාරතීය සංගීතයෙන් ලද අභාෂයද , මෙතුමන්ට ලැබුණි.

කෙටි කලක් පමණක් ඔරියෙන්ටල් සෙමනේරියේ අධ්‍යාපනය ලැබුමුත් එහි දැඩි නීතිරීති වලින් හෙම්බත්වූ මෙතුමා පාඨශාලා අධ්‍යනය ප්‍රතික්ෂේප කොට  නිවසේදී සෞන්දර්යාත්මක අධ්‍යාපනය ලද අතර ඉංග්‍රීසි  සහ සංස්කෘත භාෂා වලින් පරිචය ලැබිය.කුඩා කල සිටම ගීත රචනයටත්, තනු නිර්මාණයටත් , දස්කම් පෙන්වූ අතර , ඔහු කියවූ සාහිත්‍ය නිර්මාණ අතර රාමායණය , කාලිදාසයන්ගේ ගිත ගොවින්දය සේම ශේක්ස්පියර්ගේ ශෝඛාන්ත නාට්‍යයද විය.

 සෞන්ද්‍රයවදියකු වූ එතුමා ගේ දැක්ම වුයේ ස්වභාවධර්මය හා අනුගතවෙමින්, පෞර්ෂත්වය වර්ධනය කර ,ළමයා ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳිමින්, සමබරව  වර්ධනය විය යුතු බවයි. ඔහුට අනුව ගුණධර්ම වර්ධනය කල යුතුවන්නේ නිල් අහසේ පැතිරීම, සැන්දෑවේ නිසල බව , අරුණෝදයේ නව බලාපොරොත්තු පිබිදීම , දිදුලන රන්වන් තාරුකා වල කාන්තිය , හිරුගේ තේජස ,දරුවාගේ ජීවිතය අවදි කර ගැනීමෙනි. සොබාදහම යනු ගුණ ධර්මයකි. ගුණධර්ම ගොඩ නැගිය යුත්තේ සෞන්දර්යයේ ආත්මය තුලිනි.


  17 වැනි වියේදී නිතිය හැදෑරීමට එංගලන්තයට පිටත් විය.එංගලන්තයේදී ඔපෙරා , සිම්ෆනි, ශේක්ෂ්පියර් නාට්‍ය ආදි බටහිර නිර්මාණ කෙරෙහි ආශාක්ත වූ රබින්ද්‍රයන් භානුසිංහ නමින් භක්ති ගීත රචනා කළේය.වාල්මිකී ප්‍රතිභා නමින් අයර්ලන්ත ගී තනු වල අභාෂය ලබමින් ගීත නාට්‍යයක්ද එළිදැක්විය.එමෙන්ම 1881 දී නිර්මිත කාල්ම්රිගොයා සහ තෙවන ගීත නාට්‍ය වු මායාර් බැලාහි ගීත වලටද ද බටහිර ආභාෂය ලැබ ඇත.

එංගලන්තයේ සිට පැමිණි තාගෝර්තුමා හුග්ලි නදිය අසබඩ වාසය ඇරඹි අතර ඔහු සොබාදහමට වඩාත් ලංවිය.ඔහුගේ සෑම නිර්මාණයකටම මුලද්‍රව්‍ය සැපයුවේ සොබදහමයි.සොබාදහමේ චමත්කාරය රබින්ද්‍රයන්ගේ  සෑම නිර්මාණයකම සැඟවුණු සෞන්දර්ය වුයේ එලෙසිනි.

1891 දී තාගෝර් නැගෙනහිර බෙංගාලයට (දැන් බංගලාදේශයේ) ගියේ වසර 10ක් පුරා සිය පවුලේ ෂිලයිඩා සහ ෂාසාද්පූර් හි වතු පාලනය කිරීමට ය. ශිලෙයිදාවේ සමින්දාර් වූ ඔහු පද්මා නදියේ සිදුකල ගමන් වලදී එහි සුන්දරත්වයට වශී වී ඔරුවක් තනවා එහි වාසය කරමින් බොහෝ කලක් එම පාරිසරික සුන්දරත්වය විඳිමින් නිර්මාණ රාශියකට මුල පිරුවේය.ගැමියන් සමග සමීපව ආශ්‍රය කල එතුමන් ඔවුන් කෙරෙහි දැක්වූ අනුකම්පාව ඔහුගේ පසුකාලින ලේඛන ඔස්සේ පාඨකයින් වෙත ලඟා කළේය.ඔවුන් ගෙවූ දුක්ඛිත ජීවිතය,ඔවුන්ගේ නිරහංකාර ගති පැවතුම් පිලිබඳ රබින්ද්‍රයන්ගේ නිර්මාණ වලට පාදක විය.

 1890 සිට රචිත කෙටි කතා රැසක් තුළ ඔහුටම අනන්‍ය වූ  සියුම් උත්ප්‍රාසය බවක් දක්නට ලැබෙන අතර එය චිත්‍රපට අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ ප්‍රසංශාවට ලක් විය.නමුදු තාගෝර් යනු සොභාදහමට අසීමාන්තිකව පෙම් බැඳී තැනැත්තෙකි. බෙංගාලයෙ ගම්බද බවට බෙහෙවින්ම ලංවූ ඒ සියල්ලටම වඩා පද්මා නදිය සමගින් අධ්‍යාත්මික බන්ධනයක් ඇති කර ගනිමින් එය ඔහුගේ සිතේ පුනරාවර්තන සිතුවමක් සිතුවම් කරගනිමින් ජිවත් වූ තැනැත්තෙකි.1891 දී එතුමන් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ප්‍රකාශයට පත් කල අතර Sonar Tari (1894; The Golden Boat) සහ නාට්‍ය විශේෂයෙන් 1892 දී නිර්මාණය කල චිත්‍රාංග දා බෙංගාලි සමාජයෙ සියළු පංති අතර සැලකිය යුතු ජනප්‍රියතාවක් ලඟා වුන නිර්මාණ අතර ජනප්‍රිය ගිත 2000කට අධික වේ.

1901 දී තාගෝර් බටහිර බෙංගාලයේ ග්‍රාමීය ප්‍රදේශයේ ශාන්ති නිකේතනයේ ("සාමයේ නිවහන") නමින් පර්යේෂණාත්මක පාසලක් ආරම්භ කළේය.එහිදී ඔහු ඉන්දියානු සහ බටහිර සම්ප්‍රදායන්හි උසස්ම ලක්ෂණ ඉගැන්වීම් තුලට මුසු කිරීමට උත්සාහ කළේය. 1921 දී විශ්ව භාරතී විශ්ව විද්‍යාලය බවට පත් වූ පාසලේ ඔහු ස්ථිරවම පදිංචි විය. 1902 සිට 1907 දක්වා කාලය තුළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ වියෝවෙන් පැන නැඟුණු වසර ගණනක දුක ඔහුගේ පසුකාලීන කවියෙන් පිළිබිඹු වන අතර එය බටහිරට ගීතාංජලී (ගීතය) තුළින් හඳුන්වා දෙනු ලැබේ.

බෙංගාලි සංගීතය සහ සාහිත්‍යය ඇතුළු ඉන්දීය කලාවන්හි නුතනය ප්‍රවේශය දක්වා යොමු කිරීමට ඔහු දරු ප්‍රයත්නය මෙන්ම නුතන අත්දැකීම් ප්‍රකාශනය උදෙසා උචිත භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කිරීමද ඔහුගේ සුවිශේෂී කර්තව්‍යයක් වේ.බහුබාෂක ප්‍රාන්ත රැසක එකතුවක් වූ ඉන්දියාවේ ජාතික ගීය වූ " ජන ගණ මන - අධි නායක ජය හේ " ගීතය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනුවේ නොබෙල් සම්මානයකට පාත්‍රවූ මුල්ම ආසියතිකයා වීමේ ගෞරවයද ලබා ගනිමිනි. භාරතයේ පමණක් නොව ලොව සාහිත්‍ය අඹරයේ දිදුලන පහන් තරුවක් මෙන් එතුමා අධ්‍යාපනයේ සේම කලාවේද ,  නව මං පෙත් සොයා යන සැමට මග පෙන්වනු ඇත.









Monday, June 6, 2022

හැරී ‌පොටර් ඇසුරෙන් මා උගත් දේ

 


හැරී පොටර් විසින්  ජිවිතයේ සමහර දේවල් අපි මැරෙනවට වඩා හොඳ බව  මට ඉගැන්නුවා .

රෝන් වීස්ලි වාසනාවට වඩා සියදහස් ගුණයක් , තමන්ගේ සිතේ තමන් පිලිබඳ ඇතිවන ආත්ම විශ්වාසය බලවත් බව  මට ඉගැන්නුවා.

හමය්නි  ග්‍රේන්ජර් ගැහැණු ළමයකුගේ වටිනාම සම්පත තමන් ලබන ඉගෙනුම බව මට ඉගැන්නුවා .

සවර්ස් ස්නේප් මට පැවසුවේ කිසිදිනක, කිසිවෙක්ව විනිශ්ෂය නොකරන ලෙසයි.

රුබියස් හැග්රිඩ්  සෑම දෙයක්ම යම් කිසි දෘෂ්ටි කෝණයකින්, සුන්දර විය හැකි බව  මට පැවසුවේය.

ජිනි වෙස්ලි මට පහදා දුන්නේ එක්වරම ඔබට එක්වරම නිර්භීත බව හා සුන්දර බව ලබා ගත හැකි බවයි.

ලිලි පොටර් විසින්  මාතෘ ආදරය පෘතුවියේ බලවත්ම ආයුධය සහ ශක්තිය බව  මට ඉගැන්වුවාය.

රීමිස් ලුපින් විසින්  මා  බිය යුතු එකම දෙය බිය බව  පහදා දුන්නේය.

අපි ඇත්තටම  ආදරය කරන අය, අපව කිසිදිනෙක හැර නොයන බව මට පහදා දුන්නේ සීරියස් බ්ලැක් විසිනි.

ඇල්බස් ඩම්බ්ල්ඩොර්  සිතින් සහ අධ්‍යාත්මයෙන් යහපත් මිනිසුන්ට යථාර්තයේදී යහපත් විය නොහැකි බව මට කියා දුන්නේය.

ඩ්‍රැකෝ මැල්ෆොයි මට ඉගැන්නුවේ අයහපත් මිනිසුන්ට යථාර්තයේදී සැමවිටම අයහපත් විය නොහැකි බවයි.

නෙවිල් ලෝන්ග්බොටම්  ධෛර්ය යනු ඔබේ ආත්මයේ ගැඹුරුම තැනකට ඔබ බියවුවද ,නිවැරදි දේ පිළිගත යුතු බව පහදා දුන්නේය.

ලුනා ලවුගුඩ් විසින් අත්භුත වීම පුදුමසහගත බව පෙන්වා දුන්නාය.

ඩොබි විසින් නිදහස ත්‍යාගයයක් බව ඉගැන්වූයේය.

 ලුසියස් මැල්ෆෝයි විසින් මුදල් හෝ සම්බන්දතා සඳහා සැබෑ මිතුරන් මිලදී ගත නොහැකි බව කියා දුන්නේය.

ෆ්‍රෙඩ් සහ ජෝර්ජ වීස්ලි  නිරතුරුවම මට පෙන්වා දුන්නේ ,සමහර විටක අපට අවශ්‍ය වන්නේ සුන්දර සිනහවක් පමණක් බවයි.

ඩර්ස්ලිස් මට පෙන්වා දුන්නේ පරිකල්පනයෙන් තොර ලෝකය නීරස සහ අඳුරු තැනක් බවයි.

ආතර් වීස්ලි මට ඉගැන්වූයේ කුතුහලය මිශ්‍රිත සුළු බිය සාමාන්‍ය දෙයක් බවයි.

මොලී වෙස්ලි විසින් ප්‍රීතිමත් පවුලක් රත්රන් වලින් මැනීමට නොහැකි බව කීවාය.

බෙලාට්‍රික්ස් ලෙස්ට්‍රෙන්ජ් මට හොදින්ම පහදා දුන්නේ වෛරය සහ ක්‍රෝධය නිසා ඔබ උමතු වන අතර සුන්දර සිතක් ඇති පුද්ගලයකු  රාක්ෂයකු බවට පත් කිරීමටද හැකි බවයි.

ක්‍රිචර් මට ඉගැන්වූයේ යම් පුද්ගලයකු පිළිබඳව අවබෝධ කර ගැනීමට නම් ,ඔහු ඔහු යටතේ සිටින නිලධාරීන් හා ගණුදෙනු කරන ආකාරය සොයා බලන ලෙසයි.

නිම්ෆඩෝරා ටොන්ක්ස් ඉගැන්නුවේ ,මගේ පෙනුම කුමක් වුවත් තමන්ටම ආදරය කරන ලෙසයි.

සිබිල්ලා ට්‍රේලවිනි පැවසුවේ අපිට අපේ අනාගතය මිසක් අතීතය වෙනස් කල නොහැකි බවයි.

මිනර්වා මැක්නොගල් ඉගැන්වූයේ ඕනිම වයසකදී සටන් කිරීම අගනා හේතුවක් බවයි.

හෙඩ්විග් විසින්  අප ඇතිදැඩි කරන සුරතල් සතුන් ගැන අපේ හිතේ ඇතිවන ආදරය අවංක විය යුතු බවයි.

වෝල්ඩමෝට් සාමිවරයා මට පහදා දුන්නේ ආදරයක් අහිමි ජීවිතය ජිවිතයක් නොවන බවයි.

එලෙසින්ම 

ජෝන් රෝව්ලින්ග් විසින් මට ඉගැන්වූයේ අපි ආදරය කරන කතන්දර සදාකාලිකවම අප වටා අප සමගින් මතකයේ රැඳෙන බවයි.

නිලක්ෂි බණ්ඩාර 

06/06/2020


Saturday, April 9, 2022

උටෝපියා අත්භූත නගරය

 


මෙම නගරයට ගුප්තජනක වූ ඉතිහාසයක් ඇති බව එම නගර වාසීන්ගේ මතයයි. එම මතවාදයන් නිසාවෙන්ම එම වැසියන් මෙම නගරය ඔහියෝහි අත්භූත නගරය ලෙසින්ද හැඳින්වීමට පෙළඹී ඇත

19 වන සියවසේ මැද භාගයේදී මෙම නගරය පිහිටුවා ඇති අතර ප්‍රංශ ජාතික චාල්ස් ෆුරියර් විසින් 1844 දී මෙම නගරය පිහිටුවා ඇති බව කියවේ. මෙම නගරය ඔහියෝහි සින්සිනාටි නගරයට සැතපුම් 52ක් පිටතින් පිහිටා ඇත. මිනිසුන් 150ක් පමණ එහි වාසය කරන බව පැවසේ.


උතෝපියාව යන වචනය ශ්‍රීමත් තෝමස් මෝර් විසින් 1516 දී පුරාණ ග්‍රීක භාෂාවෙන් උපුටා ගන්නා ලද්දකි. එය ග්‍රීක භාෂාවෙන් නො- නැත යන තේරුම දෙන අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාජයක් නොවන අතර සමකාලින සමාජයට වඩා සැලකිය යුතු ලෙස උසස් බව ද ඉන් ගම්‍ය වෙයි. තවද ඔහියෝ ගං ඉවුරේ පිහිටි මෙම නගරය, මනෝ රාජික සමාජ ස්ථර තුනක නැගීම පිළිබඳව සාක්ෂි දරයි.

1847 දී ඔහියෝහි ඇතිවූ මහා ගංවතුරෙන් නගරයේ වැසියන් බොහෝ දෙනෙකු මිය ගිය අතර , නගරය පිළිබඳ සමහර මිනිසුන් අතර පැවති මනෝරාජික සමාජ අදහස් සහ මතවාදයන් දුර්වල වී ගියහ. ඒ අතර එහි සිටි තවත් අධ්‍යාත්මික කණ්ඩයමක් භූගත දේවස්ථානයක රහස් සාකච්ජාවන් පැවැත්වු අතර මෙම භුගත දේවස්ථානය දුම්රිය මැදිරියක් ලෙස භාවිතා කළෝ ය.

ඔහියෝහි හොල්මන් සහ අත්භූත සිදුවීම් සිදුවන ස්ථාන පවතින බව පැවසේ. 1803 දී සංගමය විසින් ප්‍රාන්තය නීතිගත ලෙස පිහිටුවීමට පෙර එහි යුරෝපිය පදිංචිකරුවෝ වසර ගණනාවක් ඔහියෝහි වාසය කළෝ ය. ආදිවාදින් විසින් වසර ගණනාවක් තිස්සේ එය හැඳින්වුයේ නිවස ලෙසිනි. නමුදු අද වන විට එය මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙස විනාශ වෙමින් පවති. පෙර පදිංචිකරුවන්ගේ අවතාර මේ පෙදෙස් පුරා සැරිසරන බව කියවේ.

ඔහියෝහි සැරිසරන අවතාර දඩයම් කිරීමෙහි ලා ප්‍රසිද්ධියක් උහුලන්නේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රතිසංස්කරණ ආයතනයයි. ප්‍රාන්තයේ හොල්මන් වල ගමනාන්තය එය වන අතර වික්ටෝරියානු නිවෙස් රැසක් නගර මධ්‍යයේ දක්නට ලැබෙන්නේ විසල් රහස් ගොන්නක් සගවා ගනිමින්ය. දේශීය පුරාවෘත වල අසන්නට ලැබෙන රහස් අභිරහස්, ගුප්ත විශ්වාසයන් රැසක් මේ හරහා එහි යන සංචාරකයින්ට අසන්නට ලැබීම විශේෂත්වයයි. ෆුරියර් මෙම නගරය නිර්මාණය කල පසු ඔහුගේ අනුගාමිකයෝ මෙහි වාර්ගික සමාජයක් නිර්මාණය කරන ලදී. මෙම සමාජයට ඇතුල් වීම සඳහා ජනතාවට කළ යුතු වුයේ ඩොලර් 25ක් ගෙවා නිවසක් ලබාගෙන එම සමාජයට ඇතුල් වීමයි. නමුදු උතොපියාවේ මෙම සංවර්ධනය පැවතියේ වසර දෙකක් වැනි සුළු කාලයක් පමණි.


1847 දී පමණ ජෝන් වොට්ල්ස් නම් පුද්ගලයෙක් ගේ නායකත්වයෙන් යුතුව පැමිණි අධ්‍යාත්මක බලයක් සහිත කණ්ඩායමක් උතොපියාවේ නවාතැන් ගත් අතර ඔවුහු මිය ගිය අය සමගින් සන්නිවේදනය කල හැකි බව කීවෝය. නමුදු එය අසත්‍යයක් විය. මහා ගං වතුරින් ඔවුන් මිය ගියේ ය. 


අධ්‍යාත්මික ප්‍රජාවගේ මිය යාමෙන් පසුව මෙම ප්‍රදේශය අයත්වුයේ ජෝසියා වොරන්ටයි. ඔහුගේ දැක්ම ශ්‍රමය පදනම් කර ගත් ආර්ථිකයක් වූ අතර , එහි වූ දේපල පුද්ගලයන් සතුවූ අතර වැඩ කරන පැය ගණන සඳහා භාණ්ඩයට ගෙවන ලදී. ප්‍රජාවට සම්බන්ධ වීමට ඇති එකම ක්‍රමය වුයේ ප්‍රජාවේ කෙනෙකුගෙන් එයට සම්බන්ධ වන්නැයි ආරාධනයක් ලැබීම පමණි. ඒ ඔස්සේ තමන්ගේ ආරාධනය ඔස්සේ තමන්ට සම්බන්ධ වුවන්ගේ අයිතීන් ආරක්ෂා විය.

ඔහියෝහි දක්නට ලැබෙන හොල්මන් නගර 7කි.

  1. Boston Mills ("Hell Town")


බොස්ටන් නගරයේ ගම්මාන දෙකක් පිහිටා ඇත. එනම් Boston Height's සහ Boston Mils ය. කෙසේ නමුදු බොස්ටන් මිල්ස් යනු මෙහි සමෘද්ධිමත් වූ ප්‍රජාවකි. උතුරු සමිට් ප්‍රාන්තයේ පිහිටි මෙය අද වන විට හැඳින්වන්නේ නිරයේ නගරය යන නමිනි. මෙම ප්‍රදේශයේ ජාතික වන උද්‍යානයක් පිහිට වීම සඳහා මෙහි වැසියන්ට නගරයෙන් පිටවන්නට පැවසු අතර ඒ හේතුව නිසාවෙන් නගරය හදිසි ඉවත් කිරීමකට ලක් කෙරුණි. නමුදු අදටත් එහි ඉතුරු වූ පිරිසේ මිය ගිය ආත්ම සැරිසරන බව කියවේ. මිනිසුන්ගේ කට කතා සහ ජනප්‍රවාද අතර එක කටකතාවක් වන්නේ එම ප්‍රදේශයෙහි ඇති පසෙහි අඩංගු විෂ සංඝටක සහ සාතන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මෙම නගරය ඉවත් කර ඇති බවයි.

  1. Sabina


ඉයුජින් ද මමී ගැන ඔබ අසා තිබේද ? මොහු එම නගරයේ ස්වභාවික ලෙස ජිවත් වී ස්වභාවික ලෙස මරණයට පත් වූ තැනැත්තෙකි. 1920 ගණන් වල අගදී එක්තරා නන්නාදුනන මිනිසෙක් සභිනා නගරයට පිටතින් පිහිටි මාවතක් ඔස්සේ ඇවිද යනු බොහෝ දෙනෙක් දැක තිබුණි. ස්වභාවික හේතුන් මත දින කිහිපයකින් මොහු මියගොස් තිබුණි. පසුව මොහුව එම්බාම් කර ඔහුගේ නිවස පිසුපස මඩුවක තබා තිබුණත් වසර ගණනකාවක් පුරා , මිලියන ගණනක් ජනතාව පැමිණ ගියත් මොහුව හඳුනා ගැනීමට ඒ කිසිවෙකුටවත් හැකියාවක් නොලැබුණි.

  1. Moon Ville


ගිනිකොණ දිග ඔහියෝහි වින්ටන් ප්‍රාන්තයේ අතහැර දැමු ගල් අඟුරු ආකර කැනීම් සිදුකිරීම් ඇරඹියේ 1856 දි ය. ඒ වන විට මැරියේටා සහ සින්ටියෙටා දුම්රිය මාර්ගයන් මෙම ප්‍රදේශයේ ඝන වනාන්තරය මැද්දෙන් වැටි තිබුණි. මුන්විල් උමග අදටත් ඉතිරිව ඇති මෙම නගරයේ එක් සැලසුමකි. 1900 ගණන් වලදී අඟුරු නිධි තව දුරටත් නොපැවතුණු හෙයින් එහි ප්‍රජාව කෙමෙන් අඩුවිය. අවසාන පවුලත් 1947 දී එයින් පිටව ගිය පසු , අද වන විට එහි ඉතිරිව ඇත්තේ පැරණි පාසලේ අත්තිවරමත්, දුම්රිය උමං මාර්ගයේ නටඹුන් සහ ප්‍රජා සුසාන භුමිය පමණි.

පුරවෘතයන්ට අනුව මෙම හොල්මන් උමං ඇරඹුම අසල සහ උමග හරහා ගමන් කරන කෝච්චිවල මගීන්ට ක්ෂණිකව සැරිසරන අවතාරයක ඡායාවක් පෙනෙන බව පැවසේ. හෝකිං හිල්ස් ප්‍රාන්ත උද්‍යානයේ ස්වභාවික විද්‍යාඥයකු වන පැට් ක්වකන්බුෂ් පවසන්නේ උමග තුළ සහ ඒ අවට සාමාන්යෙන් මරණ 25ක් පමණ වාර්ෂිකව සිදුවන බවයි.

  1. Shawnee


1873 දී මෙම නගරයේ අගුරු පතල් කැනීම් අරඹන ලද අතර මෙම නගරය පෙරී ප්‍රාන්තයේ විශාලතම නගරය විය. මෙහි ප්‍රථම පදිංචිකරුවන් වුයේ දකුණු ඔහියේ වාසය කල වැසියන්ය. ඉක්මනින්ම මෙම ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය සංක්‍රමනිකයන්ගෙන් පිරි ගියහ. මෙම ප්‍රාන්තයේ ජීව බලය වුයේ පතල් කැණීම , ගඩොල් කර්මාන්ත ශාලා, ගඩොල් උදුන් තැනීම ය. නගරයේ සංවර්ධනය වැසියන් 4000 කට අධික සංඛ්‍යාවක් සහිතව 1900 ගණන් දක්වා විහිදුණි.

5.Carpenter Hill



ඩොලර්වෙයාර් ප්‍රාන්තයේ 1840 මුල් භාගයේ නිර්මිත Mill නගරයෙන් ඉතුරුව ඇත්තේ කුඩා ප්‍රමාණයකි. ගල් පාලම , කණු , ආදී නෂ්ඨාවශේෂ මෙම පැරණි නගරයේ දක්නට ලැබේ. වෙස්ලියන් විශ්ව විද්‍යාලය අසලින් ගලාගෙන යන ඔලෙන්ටැංගි ගංගා ඉවුරේ පිහිටා ඇත.

6.Cheshire


1863 දී 2000 කට අධික පිරිසක් පැමිණ මෙම නගරය ආක්‍රමණය කර , නගරය කොල්ල කා වැටලීම් සිදුකර එහි සිටි මිලේශියන් සිරකරුවන් ව පැහැර ගෙන ගියහ. මෝගන්ගේ ආක්‍රමණය ලෙසින් හැඳින්වූ මෙම ආක්‍රමණය ඉන්දියානා ඔහියෝ වැටලීම, මහා වැටීම , වැටලීම ලෙසද හඳුන්වයි

  1. Findlay Ghost House

Glister පවුල මගින් නිර්මිත මෙම නගරයේ 1880 දී නිර්මාණය කරන ලද පිළිරුවක් මාර්ගය අසල ගොඩ නගා ඇත. වර්තමානය වන විට නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් මෙම නගරය පාලු හුදකලා බවකින් යුක්ත වී ඇත.

Tuesday, April 5, 2022

මාරි ඇන්ටනට් බිසව



ප්‍රංශ විප්ලවය යුරෝපයේ රාජ්‍යත්වය පාලනය කරමින් සිහසුන දරා සිටි සමය වන අතර එකල වැඩවසම් සමාජය සහ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයන් අතර ඇති වුයේ මර්ධනය කල නොහැකි දේශපාලනික ගැටුම්ය.මේ ඔස්සේ දේශපාලනික ,ආර්ථික ,සමාජයීය මෙන්ම ආගමික  බලපෑම්ද හේතු කොටගෙන ප්‍රංශ විප්ලවය ඇතිවීමට හේතු ඇතිවිය.පාරම්පරිකව පැවත ගෙන ආ  රාජ්‍ය පරිපාලන ක්‍රම මේ සමය වන විට 16 වන ලුවී රජුද අනුගමනය කිරීමට පටන් ගත්තේ සමාජ ක්‍රමය වෙනස් වී ඇති බව පිලිනොගෙනය.පැරණි ක්‍රමෝපාය අනුව රාජ්‍ය පාලනය කරන්නයි ඔහුට උපදෙස් දුන්නේ මනෝ ලෝකයේ සිටි රැජිණිය නමින් පතල වූ මාරි ඇන්ටනට් බිසව විසිනි.

මාරි ඇන්ටනට් බිසව 1755 නොවැම්බර් 2 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී උපත ලැබූ අතර හැම්ස්බර්ග් හි උපත ලැබිය.උසස් ඝනයේ රාජ්‍ය පරිපාලිකාවක් වූ මාරි තෙරේසා බිසවගේත් 1වෙනි ෆ්‍රැන්සිස් රජුගේත් දියණිය වූ මාරි ඇන්ටනට් දරුවන් 15 දෙනෙකුගේ පවුලේ ලාබාලතමයා විය. ඇයගේ බෞතිස්මයේදී දෙව් මව්පියවරුන් ලෙස පෘතුගාලයේ රජ සහ බිසව නියම කරගෙන සිටියත් මේ උපත වූ දිනයේදී පෘතුගාලයේ ලිස්බන් නුවර ඇතිවූ භූ කම්පනයකින් 40000ක් ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ඇති විය.

ඉගෙනුමට දුර්වල වූ ඇය සංගීතයට හා  නර්තනයට පමණක් යොමු වූ විනෝදකාමී තරුණියකි. පසුකාලීනව මවගේ දේශපාලන උපාය මාර්ගයක් ලෙස මාරි කුමරියට ප්‍රංශ ඔටුන්න හිමි කුමරු වූ වූ ලුවී ඔගස්ටස් හා 1770 මැයි 16 වැනි දින විවහා වීමට සිදු විය.නමුදු අනාගත ප්‍රංශයේ අවසානය පෙන්වන අසුබ සලකුණක් ලෙස දැක්වීමක් පෙන්වන සිදුවීම් වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය.එනම් විවාහයේදී අත්සන් යොදන පොතේ තීන්ත බොඳ වීමෙන් විශාල පැල්ලම් මතුවීමත්,විවහා උළෙල සැමරීමට පැවැත්වූ ගිනි කෙලි සංදර්ශනයේදී ගිනි පුපුරු පිපිරී ඇතිවුන ඛේදවාචකයෙන් 800ක් පිරිස මිය යාමයි.මෙම දේශපාලන විවාහය රටම අවාසනාවන්ත සිදුවීම් රැසකට බඳුන් වීමට හේතුවක් වීම කණගාටුදායකය.

15 වැනි ලුවී රජු රාජ්‍ය පාලනයට  සහ නායකත්වයට දුර්වල වුවත් ලෞකික සැපසම්පත් වලට සහ කාමභෝගී ජීවිතයකට ලොල් වුන පුද්ගලයකු විය.ඔහුගේ මරණයෙන් පසු 16 වැනි ලුවී රජු ලෙස ලුවිස් ඔගස්ටස් කුමරු පත්වූ අතර මාරි ඇන්ටන්ට් කුමරිය ප්‍රංශයේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා විය.රජුගේ විනෝදය පිණිස ගොඩනංවා තිබු ට්‍රයලන් මාලිගය බිසවට තෑගී දුන් අතර බිසවගේ රුචිකත්වයට අනුව ලොව පුරා ඇති සියලු දැකුම්කලු මල් උයන්වල සුන්දරත්වය එකතුකර නෙත්කළු අන්දමින් සකසා තිබුණි.රාජ්‍ය පාලනය අමතක කර කෑම සුඛල්ලක්හානු ජිවිතයක් ගත කල බිසව 1789 ජුලි 14 වෙනි දින බැස්ටිලයට පහර දී ප්‍රංශ විප්ලවය ඇරඹුණු මොහොතේද සිටියේ මෙම උද්‍යානයේය.

අවසානයේදී 1792 අප්‍රේල් 20 වැනි දින රජු විසින් යුද්ධ ප්‍රකාශ කලත් අගෝස්තු 10 වන විට රජ පවුලම සිර භාරයට ගෙන , චුලරිස් නම් ඉපැරණි සිරගෙයට ගෙන යන ලැදි.පසුව 1793 ජනවාරි 20 වැනි දින රජු ගිලටීනයට කැප කර මරණයට පත් කල පසු 1793 අගෝස්තු 1 වෙනිදා බිසව කරසිංගර් සිපිරි ගෙට යවන ලැදි.අවසානයේදී මරණයට කැපවූ ඇය කොතරම් නින්දා අපහසයන්ට ලක්වුවත් මරණයේදී ධෛර්යෙන් සහ අභිතවූ සුවිශේෂී කාන්තාවකි.





Sunday, March 20, 2022

මහා නිල් කුහරය -The Great Blue Hole

 


පලිඟු කැටයක් සේ දිලෙන පැහැදිලි ජාල අවකාශයක් තුළ කිමිදීමට රුසි වූ ස්කුබි කිමිදුම් කරුවන් හා ස්නොක්ල්වරුන්  සැරිසරන නිවර්තන මත්සයින්ගෙන් සහ සුන්දර කොරල් පර වලින් අනුන  වූ මහා නිල් කුහරය සොබදමේ විශිෂ්ඨ නිර්මාණයකි.ගල් පර මෝරුන් වර්ග කිහිපයකටම නිජබිමක් වන නිල කුහරය පුර්ණ දින චාරිකාවන් සඳහා සුදුසු වේ.නිල් කුහරය බෙලිස් ඔබ්බෙන් වූ විසල් දිය යට ගිලා බැස්මක් වන අතර බෙලිස් නගරයේ සිට කිලෝ මීටර් 100 ක දුරකින් පිහිටා ඇත.රවුම් හැඩයක් ගත් නිල් කුහරය මීටර්  400ක ගැඹුරකින් සමන්විත වේ.ලෝකයේ විශාලතම ස්වභාවික  දිය සැකැස්ම වන නිල් කුහරය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික ,විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ ලෝක උරුම අඩවියක් වන විශාල බාධක පර රක්ෂිතයේ කොටසකි.

දිය යට ජලධාරයකින් පෝෂණය වනන නිල් කුහරය ගැඹුරු ආටිසියානු උල්පතකි.නිල් කුහරය හේතුවෙන් ලොව පුරා වසරකට කිමිදුම් බලපත්‍ර 8000 කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරේ.මන්ද නවක කිමිදුම් කරුවන් නාන තටාකයක් තරම් වූ මෙම සින්ක් හෝල් එක තුල ආරක්ෂිතව තම කිමිදුම් කුසලතා වර්ධනය කරගැනීමට පුහුණුවීම් සඳහා පැමිණෙන නිසාවෙනි. නිල් කුහරයට නම් තැබුවේ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවකු වූ නෙඩ් මිඩ්ල්ටන් විසිනි.

මෑතකදී නිල් කුහරයේ කිමිදුන නාසා විද්‍යාඥ ගලින් කොලින්සන් පැවසුවේ ඔහු දුටු සුන්දරම ජල කුහරය නිල කුහරය බවයි.එය අදහාගත නොහැකි තරම් ගැඹුරු වූ අතර අයිස් යුගයේදී ඝන පාෂාණ වලින් ගොඩ නැගී ඇත.යුග ගණනාවක්  පුරා ගල් තලා අතරින් ජලය පෙරී වැටෙන අතර මෙම ගල් ආසන එකිනෙක මත පතිත වී අඩි 400ක් පමණ ගැඹුරු වූ කුහරයක් නිර්මාණය විය.පෘතුවියේ අයිස් තට්ටු  දියවෙමින් උණුසුම් කැරිබියන් මුහුද වෙත ගලාගෙන යද්දී අවසාන හිරු කිරණ අගාධයේ පත්ලට පතිත වී හුණු ගල් කඩා වැටෙන්නට විය.අවසාන අයිස් යුගයෙන් පසුමුහුදු මට්ටමේ ඉහල යාමත් සමගින් කොරල් පරවල විවිධ ආකෘතින් ගොඩ නැගෙමින් නොගැඹුරු කලපු නිර්මාණය වන්නට විය.මේවයේ ගැඹුරු සාමාන්යෙන් ගත් කල අඩි 10, 15 අතර වේ.




1836 දී ලොව විශිෂ්ට ජීව විද්‍යාඥ පරිනාමවදියෙකු  වූ චාල්ස් ඩාවින්චි බෙලිස් හුණුගල් බිම සහ බෙලිස් බාධක පරය මුළු මහත් කැරිබියන් දුපත් සමුහයෙන්ම සුන්දරත්වයෙන් වඩාත්ම කැපී පෙනෙන්නේ නිල් කුහරය බවට වටිනාකමක් ලබා දුන්නේය.1970 ගණන්  වලදී Jacques Cousteauමේ පිලිබඳ පුළුල් විමර්ශනයක් සිදු කළේය.2018 දී කුස්ටෝගේ මුණුපුරා වූ ෆේබියන් ශ්‍රීමත් රිචඩ් බ්‍රන්සන් තුන්දෙනෙක්ගෙන් යුතු ඇක්වාටික් සබ්මැරීනයක් මගිනි.

නිල් කුහරයේ නිර්මාණය වී ඇති Stalactites ( හුණු කූරු) නිරීක්ෂණයන්ට අනුව මෙය වසර 153000 කට පමණ පෙර ගොඩ නැංවුණු  බවයි.ප්‍රංශ ගවේෂක Jacques Cousteau's විසින් " The Under Sea World of Jacques Cousteau's " නමින් නිල් කුහරය පිලිබඳ රුපවාහිනී වාර්තා කතාමාලාවක් නිර්මාණය කල අතර එය මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ වාර්තාගත වැඩසටහනක් විය.එමෙන්ම ඔහු විසින් ලොව හොඳම කිමිදුම් ස්ථාන දහයෙන් එකක් ලෙසද මෙය නම් කළේය.

 Blue Hole Monument යනු ලෝකයේ පුදුම හතෙන් එකකි.ඩිස්කවරි නාලිකාව මගින් පෘතුවි ගෝලයේ විශ්මිතම ස්ථාන දහයේ පළමු ස්ථානය  ලෙස නිල් කුහරය ශ්‍රේණිගත කර තිබීමද  විශේෂත්වයකි.

මිට අමතරව බෙලිස් හි ප්‍රමාණයෙන්  අඩු නිල් කුහරයක් දක්නට ලැබේ.රට මධ්‍යයේ බෙල්මොපන් නගරයට සැතපුම් 12ක දුරින් දකුණට වන්නට  පිහිටා ඇති අතර , Hummingbird හි දකිනට ලැබේ.මෙම  ස්වභාවික  දිය තටාකය දෙස් විදෙස් සංචාරකයින්ට ආකර්ශනයක් ගෙන දෙන අතර අභ්‍යන්තර  නිල් ජල පද්ධතිය ශාන්ත හර්මන් ගුහා පද්ධතිය දක්වා විහිදේ .එය ජාතික වනොදයනයක් ලෙස නම් වී ඇත.කෙටි පිය ගැට පෙළක් ඔස්සේ නිල් කුහරයේ ගමන් මාර්ගය විහිදී ඇති අතර ඒ ඔස්සේ සිසිල් මිරිදිය තටාකය වෙත ප්‍රවිෂ්ට වීමට සංචාරකයින්ට ඉඩ ලැබී  ඇත.

හමින්බර්ඩ් අධිවේගී මාර්ගය අසබඩ පිහිටා ඇති බලු හෝල් කුහරයේ පඩිපෙළ අඩි 30 පමණ ගැඹුරු වූ දිය තටාකයට මග පෙන්වයි.බ්ලු හෝල් කුහරය ඝණ  වැසි වනාන්තරයකින් වටවූ කුහරය සිසිල් පරිසරයකින් යුතු ටර්කියුසිස් ජල පැලෑටි ,පාසි සහ වැල්වලින් වටවී නිර්මාණය වුන සොඳුරු ජල තටාකයකි.එම තටාකය ගුහාවේ අභ්‍යන්තරයේ ඇති කුඩා අතු ගංගාවෙන් පෝෂණය වන අතර,කුඩා වැලි සහිත භූගත වෙරලකින් වටවී ඇත.

හර්මන් ගුහාව හමින්බර්ඩ් අධිවේගී මාර්ගයේ සිට මීටර් 450 පමණ දුරින් මෙම අභ්‍යන්තර නිල් කුහරය අසල  පිහිටා ඇත.හර්මන් ගුහාවට පිවිසුම් මාර්ග තුනක් ඇති අතර, ඉන් විශාලතම පිවිසුම අඩි 180 පළල වන අතර අඩි 60ක් පමණ පළල දොරටුවක් දක්වා පටු වේ.එයට ඇතුල් වූ පසු ,නරඹන්නන්ට විශාල ගල්පර තරණය කොට ජල මාර්ගය හරහා සැරිසැරීමට හැකි අතර ,සිත් ඇදගන්නා සුළු ගුහා නිර්මාණයන් දක්නට ලැබේ.

Wednesday, January 19, 2022

කවුරුන්ද පැවසුවේ සියලු දෙය මෘදුයි කියා 
කුඩා නිම්නය සැමවිටම සුන්දරයි කියා ?
එලෙසින්ම කවුරුන්ද පැවසුවේ ජීවිතය 
මිහිරි පානයක් බව ?
විටෙක එය අමිහිරිය 
ඇඹුල්ය , විටෙක පිලිකුල්ය .

ජීවිතය අළු පැහැය.
රාත්‍රිය අඳුරු සේම ,
උදැසනදී  ආලෝකමත් සේ.
එලෙසින්ම අපට දැකගත හැකියි 
සමහරුන් සෙමෙන් යන විට,
සමහරුන් පියාඹයි.

වයින් විදුරුවක හරි අඩක් පිරි ඇත.
ලොවම සුන්දරය නිදිගත්  විට.
එවිට අනෙකෙක්ට වයින් විදුරුවේ හරි අඩක් හිස් ය.
රෝස මල් කටු ලැහැබක්ව දිස්වේ.

අප දොම්නස් සිතින් සිතමු 
විශ්වාසය සහ බලාපොරොත්තු තබාගැන්මට පෙර 
අප සිටි තැන පිළිබඳව.
පියාපත් ලැබීමට  පෙර සේම 
සුරංගනා කතාවක් සැබෑ කරගැනීමට 
සිහින මැවූ ආකාරය පිළිබඳව.

බොළඳ බවින් යථාර්තයට පැමිණි මුත් 
කෙනෙකුට  පියාපත් අහිමි වී ඇත 
අපි තරු දෙස බලමින් සිනාසෙමු 
ප්‍රේමය පතුරවමු .
අන් සතුට විකසිත දෑසින් බලා හිඳිමු.

නිලක්ෂි බණ්ඩාර 
1/19/2022

Wednesday, October 6, 2021

එක් රැයකින් ලොව ආකර්ෂණය දිනූ රුසියානු පොප් ගායක විටාස්

 යුක්‍රේනියානු ජාතික ගායකයකු, ගී පද රචකයකු මෙන්ම නළුවකුද වූ ලොව පතල රුසියානු ජාතික විටාස් නොහොත් Vitaly Vladasovich Grachev 1979 පෙබරවාරි 19 වැනි දිනLatvian SSR හිදී   උපත ලැබුවේය.ඔහු රුසියානු ජාතික ලිලියා මිහයිලොව්නා ග්‍රචෙව් සහ  ව්ලඩ්ස් අකාදේවිච් ග්‍රචෙව්ගේ පුත්‍රයාය. විටාස් යුදෙව් සහ ලැට්වියානු සම්භාවයන්ගෙන් මිශ්‍රිතව උපත ලද්දකුය. 

ඔහු කුඩාකල සිටම සංගීතයට ලැදි බවක් දැක්වූ අතර අවුරුදු 5 දී ඇකොනියන් වාදනය ඉගෙන ගෙන ," Rain in Tbilisi ගීතය රචනා කළේය.පසුකාලීනව ඔහු පැවසුවේ ඔහුට වයස 12 වන විට අවම වශයෙන් ගීපද 10000 ක් රචනා කරන්නට ඇති බවයි.මොහුගේ මෙම විශිෂ්ඨ නිර්මාණශිලිත්වය  දුටු ඔඩෙස්සා හි කළා පාසලේ පිටාධිපති පැවසුවේ විටාස් යනු "දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවයි".

විවිධ දක්ෂතා වලින් පරිපුර්ණ වූ ඔහු වඩා ජනප්‍රිය වුයේ ඔහු විසින් නිර්මාණකරණයේදී භාවිතයට ගත් අද්විතීය Falsetto(ෆල්සේටෝ ), operatic pop, techno, dance, classical, jazz, යනාදී අංග ඇතුලත් විචිත්‍ර සංගීත රටවන්ගේ ඇසුර නිසාය.

2000 වසරේදී රුසියානු රුපවාහිනී මාධ්‍ය ඔස්සේ කරලියට එළඹී ඔහු 2005 දී ආසියානු සංගීත වේදිකාව අතික්‍රමණය කළේය.එම නැගීමට හොඳම නිදසුන් ලෙස Opera2 , The 7th Element, 2001 දී එළිදැක්වූ  Philosophy of Miracle  සහ Smile පෙන්විය හැකිය.

විටාස් විසින් රටවල් කිහිපයකම තම නිර්මාණ සමගින් වේදිකාගත වුන අතර මෙහිදී කැපී පෙනෙන ලක්ෂණ වන්නේ තමන්ගේ වේදිකාව, ඇඳුම් නිර්මාණ යනාදී සියල්ලම ගොඩනගන්නේ විටාස් විසින්ම වීමයි.

2003 දී Crusoe ගීතය රචනා කල Lucio Dala විසින් මෙම ගීතය ඔහුත් සමගින් ගායනා කිරීමට පැමිණෙන ලෙස ප්‍රාන්ත ක්‍රෙම්ලින් මාලිගාවේ පැවති මොස්කව් හි San Remo ප්‍රසංගයට අරාධනා කළේය.පසුව විටාස් Pucciniගේ Toska ඔපෙරාවේ පුහුණු වීම් සඳහා රෝමයට ගියේය.

2001 දී මිය ගිය මවට උපහාරයක් ලෙස The songs of My Mother සහ Mama ගීත ඇල්බම් දෙකක් නිකුත් කල අතර ,The Songs of My Mother ඇල්බමය රුසියානු පොප් සංගීතයේ රන්සංචිත ලෙස ගැනෙන සම්භාව්‍ය රුසියානු  ගීත එකතුවට ඇතුලත් විය.2003 නොවැම්බර් මාසයේදී විටාස් විසින් මෙම මවගේ ගීත ඇල්බමය රුසියානු ප්‍රසංග ශාලාවේදී දෙවන වරටත් ඉදිරිපත් කරන ලදී.නළ්මුදු ඔහුගේ පළමු ගීත සංචාරය වූ Philosoph of Miracle ප්‍රසංගයට වඩා ගතානුගතික බවක් පෙන්වන ලදී.

ගායන දිවියට අමතරව රංගනයේද යෙදුනු ඔහු Beloved Scoundrel නම්අභිරහස් මිනීමැරුම් රුපවාහිනි කතා මාලාවකටද  රංගනයෙන් දායකත්වය සපයන ලදී.එමෙන්ම Crazy Day නම් හාස්‍යෝත්පාදක චිත්රපටයකද රඟපෑවේය.2006 ජුනි මාසයේදී බින්ජින්හි පැවති "The Year of the Russia "නම් විසල් සංගීත උත්සවයකට සහබාගි වීමට චීන මධ්‍යම රූපවාහිනියෙන් විටාස්ට ආරාධනා කරන ලදී.මෙහිදී ඔහු Star සහ Opera 2 යන ගායන අංග දෙක ඉදිරිපත් කල අතර එයින් චීනයේ විටාස්ගේ ජනප්‍රියත්වයේ පළමු පියවර ඇරඹුණි. 

2009 ඔක්තොම්බර් මස අවසානයේදී Mother and son ගීත ඇල්බමය එළිදක්වන ලද අතර "C'est La Vie,"Once More", "Let the Father Teach!", "Young Rook" යන ගීත ඇතුලත් විය.

 මොහු මේ වන විට බෝල්ටික්, රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල මෙන්ම යුක්රේනය,බෝල්රුස් ,කසකස්ථානය, ඊශ්‍ර්යාලය යන රටවල,ම විවිධ ප්‍රසංග රැසක් පවත්වන ලදී.2004 - 2006 කාලය ඇතුලත විටාස් ජනප්‍රියම සහ වඩාත් ඉල්ලුමක් සහිත ගායන ශිල්පියා බවට පත්වීමේ වරම් ලැබුවේය.එමෙන්ම ජනප්‍රියම නවක රංගන ශිල්පියාට හිමි සම්මානයද ලැබීමේ භාග්‍ය විටාස් විසින් ලබා ගන්න ලදී.

නැගෙනහිර රටවල සංජානනය සහ සංගීත රසාස්වාදය හා චින්තනය යුරෝපයට වඩා යම්තාක් දුරකට වෙනස් වුවත් ඔවුන් විටාස්ගේ ගයන සහ රංගන ශෛලිය ආදරයෙන් වැළඳ ගත්හ.විටාස්ගේ රසික ජාලය තුල, සිංගප්පුරු ,ජපානය, චීනය තායිවානය වැනි රටවල ප්‍රේක්ෂකයන්ද සිටිම මෙයට මනා නිදසුනකි. සත්‍ය වශයෙන්ම  ගතහොත් විටාස් යනු දක්ෂතාවයට එහා ගිය අද්විතීය සම්භවයක්  ඇති ගායකයෙකි.මොහු සම්ප්‍රධායෙන් ඔබ්බට ගොස් සම්භාව්‍ය  අනුවදනයන්ට  එහා ගිය වෙනස් ශෛලීන්  හි නිර්මාණ ප්‍රේක්ෂකයාට දායාද කිරීම මොහුගේ ඇති විශේෂත්වයයි.


Saturday, September 25, 2021

සිමා මායිම් ඔස්සේ - චරුන්යා දෙහිගම මහත්මිය -(Walking the Boundaries - Jackie French)

 


මාර්ටින් ඕස්ට්‍රේලියාවේ නගරයක ජිවත් වන කුඩා පිරිමි ළමයකු වන අතර තම පාරම්පරික ඉඩම්වල සීමාවන් නිරීක්ෂණය කිරීමට ඔහු තම ගමට පැමිණේ.ඔහුගේ සියා වන ටෙඩිගේ පොරොන්දුව වන්නේ සිමා මායිම අවසාන තෙක්ම පැමිණියහොත් මෙම ගොවිපල ඔහුට ලියා දෙන බවයි.කතාව ඇරඹුමේදී සිටින ටෙඩි ට වඩා කතාව ගලායන  අතරමැදදී ටෙඩි කෙමෙන් කෙමෙන් වෙනස් වේ.මුලදී ගොවිපල විකිනීමේ තිරණයක සිටින ඔහු පසුව එහි වටිනාකම තෙරුන් ගන්නා අතර ඔහුට තව දුරටත් තම පරම්පරාව රැකගැනීමට අවශ්‍ය වේ.

මෙම ගමන තුලදී ඔහු බොහෝ අත්දැකීම් වලට මුහුණ පාන අතරම ජිවිතයටද බෙහෙවින්ම ප්‍රයෝජනවත් දෑ ඉගෙන ගනී,.ඔහු සේම අතීතයෙන් සිමා මායිම් සොයා යන මිනිසුන් ඔහුට  හමුවේ. මුළු කෘතිය පුරවටම ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් ගලායාමක් දක්නට ලැබෙන අතර චරිත ගලාගෙන යාමේදී ඇතිවන වෙනස්වීම් මනාව මතුකර තිබීම අපුරු තාක්ෂනික ක්‍රමවේ.

මෙම කතාව මනුෂ්‍යත්වය සහ අහිංසකත්වයේ  මිශ්‍රණයකි.එමෙන්ම කාලයේ සහ සංස්කෘතිය ඉක්මවා යන කතාවකි. මෙම ප්‍රදේශය ආක්‍රමණය කල ප්‍රංශ ජාතිකයින් ස්වාදෙශිකයින්ගේ පරවේණි ඉඩම් සටන් කර ඔවුන් ගේ පාලනයට නතු කරගත් අතර ඔවුන් සහ ස්වෙදෙශිකයින් අතර ඇතිවන ඝට්ටනයන් පිලිබඳ මනා අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකිය.මෙම කතාව ඔස්සේ ඕස්ට්‍රේලියාවේ  අතීත කාලපරිච්ජෙදයත්  නාගරීකරණය වී ජනාවස වූ වත්මන් ඔස්ට්‍රේලියාව යන යන මානයන් දෙකම එක මානයකින් ඉදිරිපත් කල අපුර්වතම කතාවක් ය.මෙහි සඳහන් සමහර සංස්කෘතිකාංග තේරුම් ගැනීමට තරමක් අපහසු වුනත් ස්වදේශිකයින් සහමේම භුමිය පිලිබඳ අප සිත් තුල සුන්දර දැක්මක් ඇති වේ.,

මෙහිදී 1920 කුඩා පිරිමි දරුවෙක් , අතීතයෙන් පැමිණි ගැහැනියක් සේම යටත් විජිතකරණයට පෙර දඩයම් යුගයේ ජීවත්වූ  යුගයේ එනම් දඩයම් යුගයේ ජීවත්වූ පිරිමි ළමයකු යන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙය ඉදිරිපත් කල හැකිය.මෙහිදී කායිකව සහ අධ්‍යාත්මිකව කරන්නාවූ ගමනක් වන අතර ඔහුට ඔහුගේ පවුලේ අතීතය සර පරම්පරාවෙන් ලැබුන ඉඩම රැක බලා ගැනීමේ අයිතිය පිලිබඳ ඉගෙන ගැනීම පිලිබඳ මේ කතාව ඔස්සේ විද්‍යමාන කරයි.

මාටින් විසින් මෙග් සහ වුල්ලමුදුල්ල සමගින් ඇති කර ගන්නාවූ සම්බන්දතාව ඔස්සේ අනාගත දරු පරපුර සඳහා භුමිය රැකබලාගත යුතු ආකාරය පිලිබඳ අවබෝධයක් මොහුට ලැබේ.ඒ ඔස්සේ මොහුත් සීයත් අතර ඇති අන්තර් සම්බන්ධතාව පුළුල් වේ.

මානව ඉතිහාසයේ පරිණාමය අනුව මිනිසා විවිධ විවිධ යුග වලට බෙදී  බෙදී ශිෂ්ටසම්පන්න වී ඇත.නමුත් සිමා මායිමේදී හමුවන යුග තුනකට අයිතිවූ මෙග්, චුල්ලමුදුල්ල සහ ද්‍රකියුලා යන තිදෙනා පුළුස්සා ගත සතුන්,කැලයේ ගෙඩි වර්ග ,කිසිම බේදයකින් තොරව අනුභව කරති.ශිෂ්ටාචාරය නොව මානවයාගෙන් ගිලිහි ගිය සමගිය ,සමානාත්මතාවය ,එහි රැඳී ඇත.නමුත් ඔහු සෙවූ ලොක්කය ,ටෙඩ් ,සියා විසින් පැහැදිලි කල ලෝකය එය විය.

09/25/2021

Thursday, August 26, 2021

Alita Battles of Angel Movie review

 


ඇලිටා බැට්ල් ඔෆ් එන්ජල් චිත්‍රපටය විද්යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන අතර ,Robert rod rigs විසින් නිෂ්පාදනය කරන ලදී .  ග්‍රැෆික් නවකතාවක් වන "යුකිටෝ කුෂිරෝගේ නවකතා මාලාවක් ඇසුරින් නිෂ්පාදනය කල  " මැන්ගා ගුනනම් " චිත්‍රපටයේ අනුවර්තනයක් වන අතර   මෙය ජේම්ස්   කැමරන්ගේ ව්‍යාපෘතියක් වේ. මෙය ඇවටාර් චිත්‍රපට පෙලින් වසර ගණනකට පසු කරන ලද නිර්මාණයකි,ඇලිටා නොහොත් රෝසා සලසාර් වසර ගණනක් සිනමාවෙන් ඈත්ව හිඳ පසුවආචාර්ය ඉඩෝ (ක්‍රිස්ටෝෆ් වොල්ට්ස් විසින් නැවතත් පණ දෙනු ලැබුවේය.තමන්  සතු කෘතීම ළමා චරිතය, රුප සොබාව ඇයව කාගේ කවුද කොහේ උන්නද යන සියල්ල අමතක ඇයට අමතක වුවත්,පසුව නගරයේ මුඩුක්කු අතරින් ගෙවෙන ජීවිතයේදී හමුවන කෘතීම බුද්ධි චලකයන් සමග ජිවත් වෙද්දී කෙමෙන් කෙමෙන් ඇයගේ මතකය ගොඩ නැගේ,අඳුරුවූ නරුම ලොවක තම ජිවන අරගලය ගෙනියමින් නැගිටීමට සහ තම අනන්‍යතාවය තහවුරු කර ගැනීමට  ඇය තැත් කරද්දී ,ආචාර්ය අයිඩෝ සමග ඇති බැඳීම සේම හියුගෝ නම් මිතුරා ඇයගේ ජීවිතය නව මානයකට පෙරලීමට හේතුවක් වන්නට පටන් ගත්තේය.එම බැඳීම ඇයව කෘතීම ලෝකයෙන් මිත්‍රශීලි මනුෂ්‍ය බැඳීම් කෙරෙහි ලන්කරවිමට සමත් වුහ.

බැට්ල් එන්ජල් චිත්‍රපටය rod rigs නිෂ්පාදනය කල සියලුම චිත්‍රපට වලට වඩා 20 ගුණයකින් කැපී පෙනුනේය,කතාව තුළ ඇලිටා විරවරියක වන්නේ නිතැතිනි.ඇයගේත් හියුගෝ ගේත් ප්‍රේමය දළුලා වැඩෙනාතර ,ඔවුන් රෝල බෝලර් ක්‍රීඩාව කෙරෙහි නැඹුරු වේ.මෙය නරඹද්දී නිතැතින්ම ටර්මිනේටර් , එලියන්ස්, ද ඇබිස් , රෝබෝකොප් යන චිත්‍රපට සිහිවේ,බොහෝ විදයා ප්‍රබන්ධ වලට පොදු ගුණාංග රැසක් එකතුවෙන් මෙය බිහිවී ඇත.සමහර  අවස්ථාවන් වලදී නාට්‍යමය  වශයෙන් ප්‍රමාණය ඉක්මවා ඉස්මතු වන බවක් පෙනුනත්,දෘශ්‍යමය වශයෙන් සාර්ථකය.

සංගීත නිෂ්පාදනය ගතහොත් ,Florian Zsigmondy විසින් අධ්‍යක්ෂණය කරන ලද  නිල ගීතය 2019 ජනවාරි 24 වැනි දින නිකුත් කරන ලදී.මෙහි දෘශ්‍ය ප්‍රයෝග Weta Digital, DEngs යටතේ Jo Letary ,Erich Sandon , Nik Epstein, Remand Chain , Nigel, Denton Hos විසින් සිදු කරන ලදී.එම දෘශ්‍ය ප්‍රයෝග ඉතා විශිෂ්ඨ අන්දමින් නිර්මාණයට නංවා ඇති අතර ම එහි ඇතුලත් ක්‍රියාදාම දසුන් ඇදහිය නොහැකි සුපිරි ඝනයට අයත්ය.ඒවා ගතිකය,උද්යෝගිමත්ය.චිත්‍රපටයේ සැකසුම් සහ චරිතයන්ගේ සැකසුම ඉතාමත් සුන්දරය.දෘශ්‍යමය වශයෙන් නිර්මාණශීලි බැවින් අනුනවූ ඇලිටා සාර්ථක චිත්‍රපටයක් බව සඳහන් කල හැකිය.සත්‍ය වශයෙන්ම මෙම චිත්‍රපටය ජේම්ස් කැමරන්ගේ නිර්මාණශීලි බව තාක්ෂණික වශයෙන් උසස් කලාත්මක ස්පර්ශයක් ලද චිත්‍රපටයකි.ඇලිටා චිත්‍රපටය ප්‍රේමය, ක්‍රියාදාමය, වෛරය විද්‍යාව යන සියලු අංග වලින් මිශ්‍රිත වූ චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ ආත්මය සහ සහ හදවත වන්නේ ඇලිටා හෙවත් සලාසර්ගේ සියුම් අභිරුපනයයි.


Wednesday, August 25, 2021

මධුවන්ත ... මහා පොළව සහ නොමිනිසා

 සංගීතවේදී මධුවන්ත ලියනවත්ත මහතා ගායනා කරන මහා පොලවට ... කැළලක් ගීතය ,නොසන්සිඳෙන මිනිස්  ආශාවන් නිසා භූතලය ,වායු ගෝලය සහ ජල ගෝලය දුෂණයට ලක්වී එනිසාම පරිසරය විනාශ වී යාමත් , අවසානයේ පරිසරයේම නිර්මාණයක් වූ මිනිසා විනාශවී යන ආකාරය ආකර්ශනීය ලෙස ගායනා කර සිතීමට යමක් ඉතිරි කරන , ගීතයකි.මෙහි අනික් විශේෂත්වය නම් , සංවර්ධනයේ නාමයෙන් කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස නිපදවූ සියලු දේ යහපතට වඩා විනාශයට යොදා ගන්න ආකාරය ගායකයාගේ පද පේලි අතරට එක්වීමයි.

මල පොළව දැදුරු කර ,අවශ්‍ය ප්‍රමාණයට වඩා  ඛනිජ සම්පත් ලබා ගැනීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් අද භූ කම්පන ,සුනාමි දක්වා ව්‍යාප්ත වී ඇත.ජාල ගෝලයේ වායු ගෝලයේ දුෂණය ,දහසකුත් එකක් අබාධ වලට හේතු කාරක වී ඇත.ඕසෝන් ස්තරය දැදුරු වී මිනිසාටත් සත්වයින්ටත් ,නිදහසේ ජිවත් වීමට තිබු ඉඩකඩ අහිමි වී ඇත.

ඉහවහා ගිය කාම සුඛල්ලිකානුයෝගය දිවියෙන් බැහැර කර බොහෝ ආගමික නායකයින්ගේ මානවවාදී  දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව ජිවිතයට ලංකරගෙන ජීවත්වීමේ අරුත මෙම සරල පද පේලි අතර නිබඳවම ගලා යයි.

කාංචන ජයසිංහ මහතාගේ දෝංකාර නංවන සංගීත සංයෝජනය සිදුවන විනාශය අතීතයේ සිට අනාගතය දක්වා ගලයන ආකාරයක් ගීතයට මුසු කර ඇත.මධුවන්ත ලියනවත්ත ගයකයනනේ මධුර හඬ ගැඹුරු ස්වරයකට පරිවර්තනය වී සීමිත වචන ප්‍රමාණයකින් අසීමිත අර්ථකතනයක් ගෙන දෙයි.සමහර විටක අපට හුස්ම ගැනීමට පවා අපහසුතාවයක් දැනේ.

තවත් මෙවන් අරුත්බර අගනා නිර්මාණ රැසක් එළිදැක්වීමට ඔබට ශක්තිය සහ ධෛර්යය ලැබේවා !

https://youtu.be/KWFX0w0sz-whttps://youtu.be/KWFX0w0sz-w

Friday, July 9, 2021

මට යන්න දෙන්න - ලක්ෂ්මි බෝම්බුවල මහත්මිය -Let Me Go - Helga Schneider


 "මට යන්න දෙන්න " යනු දෙවන ලෝක සංග්‍රාම අවධිය පිලිබඳ තවත් මතක සටහනකි.හෙලන්  ස්ටේන්බ්ර්ග් වල වියානාවේ උපත ලද දැරියක් වන අතර 1914 දී හෙල්ගා ශ්නයිඩර්ගේ මව පියාවත් , ඇයවත් බාල සොහොයුරාවත් අතහැර යයි.දෙවන ලෝක යුද්දයෙන් වසර 60 කට පසුව වියානාහි පිහිටි වැඩිහිටි නිවාසෙක සිටින ඇයගේ මවගේත් හෙල්ගා ගේත් අවසන් හමුවිම පිලිබඳ කතා පුවතින් මට යන්න දෙන්න කෘතිය ඇරඹේ.

ඇයගේ මව අවුෂ්ටිෂස් ඇතුළු නාසි  වද කඳවුරු වල නාසි එස් එස්  ආරක්ෂක භටයෙක් වශයෙන් සිටියදී ගත කල ජීවිතය, සිදු කල කුරිරු ක්‍රියාවන්, යුදෙව්වන්ට දුන් වදහිංසා ආදිය පිළිබඳව කිසිදු පසුතැවීමක් නැතුව හෙල්ගා ඉදිරියේ පාපොච්චාරණය කරන්නේ එවන් අතීතයක් තමන්ට හිමි නොවූ ගානටය.හෙල්ගා මෙම සංවාදය සිහිපත් කරන්නේ මව යන හැගීමත් මව විසින් සිදු කරන ලද බියකරු ක්‍රියාවන් පිළිබඳව සිතේ ඇති වන ත්‍රාසය මුසු හැගීමත් අතර අසරණ වෙමිනි. 

ඇය වසර 6ක සිර දඬුවමකට යටත් ව සිටි අතර යුද්දෙව්වන් ඝාතනය සේම ගණිකා නිවාස වලට තරුණ සිරකාරියන් තෝරා යැවීම, දරුණු අත්හදා බැලීම් වලට සිරකරුවන් සේම කුඩා දරුවන්ද යොදා ගැනීම වැනි කුරිරු ක්‍රියාවන්  වලට දඩුවම් ලැබිය.

වසර 30ක කාලයක් තම මව වෙනුවෙන් බලා සිටි හෙල්ගා තම කුඩා පුතු වූ වියානා සමග මව බැලීමට ගිය විටදී ඇය ඇගේ එස් එස් නිළ ඇඳුම ආඩම්බරයෙන් පෙන්වයි.එමෙන්ම අවුෂ්ටිෂස් සහ බර්කෙනෝහි සිදුකල සමුහ ඝාතනයන්ට සහය වූ ආකාරය පිළිබඳව විස්තර කරයි. මෙම සෑම තැනකදීම හෙල්ගාගේ සීත පිඩාවට පත්වන අතර මේ කතාව ඔස්සේ පාඨක මනසට හෙල්ගා සහ මව වූ ට්‍රොඩි ගේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන ඝට්ටනය පිලිබඳ මනා හෙළි දරව්වක් සිදු කරනු ලබයි. රවුන්ඩ්ස්බ්‍ර්ක් හිදී ඇය වෛද්‍යවරයකුගේ සහයිකාව විදියට කටයුතු කර ඇත ඇත.එහිදී සිරකරුවන්ට මාංශ පේශි සහ අස්ථි  බද්ධ කිරීම සිදු කා ඇත.පසුව ඇය බර්කොනිහි හි වැඩ කිරීම සඳහා මානුෂියකරණය පිලිබඳ පුහුණුවක්ද ලබාගෙන ඇත.

හෙල්ගා විසින් නව සොයා ගොස් සොයා ගන්නා කරුණු ඔස්සේ ඇගේ ළමා විය,යොවුන් විය, තරුණ විය පිලිබඳ ගවේෂණාත්මක හෙළිදරව්වක් ඉදිරිපත් කරන්නේ ඇයගේ මනසේ ඇතිවන චිත්ත වේගය මනාව ඉස්මතු කරමිනි.නාසි පාලන සමයේදී ජර්මනියේ පැවති තත්වය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම කෘතිය ඔස්සේ අවස්තාව පාඨකයාට ලැබේ,මේ හා සබැඳි වැඩි විස්තර මෙම පොත් ආශ්‍රයෙන් නිමවුණු ජුලියට් ස්ටීවන්සන් රඟපෑ චිත්‍රපටය නැරඹීමෙන් දැන ගත හැකිය.

මට යන්න දෙන්න කෘතිය වසර ගණනක නාසි පාලනයෙන් පසුවත් තමා සිදු කල කුරිරු ක්‍රියාකාරකම් පිළිබඳව පසුතැවිලි නොවන යුදෙව්වන්ගේ වෛරයට සහ ක්‍රෝධයට පාත්‍ර වූ මවක් පිලිබඳ දියනිය විසින් සිතුවම් කරන ලද චිත්‍රයයි.මෙය හැඟීම් අභිප්‍රේරණය ,බැඳීම් ,සබඳතා,හර්ද ශක්තිය,පාපොච්චාරණය සහ ස්වයං අවදානය පිලිබඳ විසල් පාපොච්චාරණයකි.



Wednesday, July 7, 2021

හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය - අජන්ත ධර්මසිරි මහතා

 


ආචාර්ය අජන්ත ධර්මසිරි මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ,ඔක්ලහෝමා සරසවියා අනුබද්ධිත ප්‍රයිස් ව්‍යාපාරික පිඨයේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණය පිලිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.එලෙසම ආසියාව සහ මැද පෙරදිග රටවල් දහතුනකට අධික සංඛ්‍යාවක පුහුණු හා උපදේශන ව්‍යාපෘති පවත්වා ඇති අතර පර්යේෂකයකු සහ විවිධ අධ්‍යන විශේෂඥයකු ලෙස පර්යේෂණ සිදු කරමින් සිටි.විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා සංග්‍රහයන් දෙකක් රචනා කර ඇති ඔහු  තරු නැති අහස තුළින් විද්‍යාවේ දියුණුවත් සමගින් වියකෙන මිනිසත් බව යන යථාර්තවාදී සත්‍ය ඉස්මතු කර ඇත.ජිවිතයක් යනු හුදෙක් රසායනික ක්‍රියාවලියක් පමණක් බව සිතන සිත්පිත් නැති මිනිසුන් කොටසක් වර්තමානය වන විට මෙලොව බිහිවෙමින් සිටිති.ජිවිතයේ සැබෑ අරුත පසක් කර ගැනීමට තරම් අවබෝධයක් ඔවුන්ට නැත.සියලුම පාඨකයින්ට තෙරුන් ගත හැකි පරිද්දෙන් සරල බස් වහරක් යොදාගෙන විද්‍යාත්මක  කල්පිතයන් ඉතාමත් සරලව මෙම කතා පෙළට එක් කර තිබීම අගනේය.ගැබුරු රචනා ශෛලියක් සහ අර්ථ නිරුපනයන් යොදා නොගෙන නොනවත්වා රසවිඳිය හැකි කෙටි කතා සංග්‍රහයක් ලෙස හිරු මිය යයි කල්පිත විද්‍යා ප්‍රබන්ධය නම් කල හැක.

හිරු මිය යයි - -All Summer in a Day - Ray Bradberry -රේ බ්‍රැඩ්බරි

1954 දී රේ  බ්‍රැඩ්බරි විසින් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ සඟරාවට රචනා කරන ලද මෙම කතාවෙහි තේමාව වනුයේ  පරිණාමයේ ප්‍රතිපලයක් ලෙස ග්‍රහලෝක අතර ගමන් කිරීමට ඉඩ ලැබෙන අනාගත පරම්පරාවක සන්ධර්බගත කතාවයි.

සිකුරු ග්‍රහයා මත ඇද හැලෙන වැසි සහිත කාලගුණයට පමණක්ම මුහුණ දෙන දරුවන් අනපේක්ෂිතව අසන ලද හිරුගේ ආගමනය පිලිබඳ ඇසීමෙන් දරුවන් නොසන්සුන්ව කැළඹීමකට පත්වේ.මන්ද පෘතුවියට වඩා වෙනස්ම වූ රළු වාසයට නුසුදුසු පාරිසරික වාතාවරණයක ජිවත් වන මොවුන්ට පෘතුවිය යනු මැජික් එකක් වැන්නකි.මන්ද සිකුරු ග්‍රහයාට හිරු උදාවෙන්නේ වසර 7 කට වරකි.විද්‍යාඥයින්ට අනුව ඒ අද දිනයි.එයද පැයක් වැනි සුළු වෙලවකටය.පංති කාමරයෙන් පිටත ලෝකය නිතර උදම් රළ වලින් ගහණ වර්ධනය වෙමින් කඩා වැටෙන වනාන්තරයකි.මොවුන්ගේ ළදරු සමය පෘතුවියේ ගතවුණ අතර ඊට පෙර පරම්පරාව පෘතුවියේ සිට සිකුරු ලොව විජිතයට එවන ලදී.

නමුදු මිහිරානි වයස අවුරුදු 9ක් වුවත් හිරුගේ පහස ස්වභාවික පරිසරයේ උණුසුම විඳි දැරියකි.නමුදු ඇයට අනික් දරුවන්ට එම මිහිර මතක නැත්තේ ඇයිද යන්න විසල් පැනයකි.අනික් දරුවන් හිරු එළිය දකින්නට නොයිවසිල්ලෙන් සිටිද්දී ඇය ඇයගේම මනෝ ලෝකයක එල්බ හිඳී.ඒ නිසාම අනික් දරුවන් ඇයව කොන් කිරීමක් දක්නට ලැබේ.එමෙන්ම ඇය පිලිබඳ ඉරිසියාවකින් සිටිති.එයට හොඳම නිදසුන ඇය ලැබූ අත්දැකීම් ඇසුරින් හිරු පිළිබඳව නිසදැසක් සැදු විට එය බොරුවක් යයි චෝදනා කිරීමය.මන්ද එම අත්දැකීම් ඔවුන් කිසිදිනෙක ලබා නොමැති හෙයිනි.

අවසානයේදී ඔවුන් සුර්යාගේ උණුසුම් සුව විඳීමේ භාග්‍යවන්තයෝ වෙති.එම චිත්තවෙගයත් සමගින් මිහිරානිගේ මානසිකත්වය පිලිබඳ මොවුන්ට අවබෝධයක් ලැබෙන අතර ඔවුන් කල ක්‍රියාවන් පිලිබඳ වරදකාරී සිතුවිල්ලකින් ඔවුන්ගේ සිත් පෙලනු ලබයි.

ඉස්සර ඉස්කෝලේ - The Fun They Had- Issacs Asimov

The Fun They Had අයිසැක් අයිමොව් විසින් ඔහුගේ කුඩා කලදී ලද විනෝදජනක අත්දැකීම් ඇසුරෙන් අනාගත ජීවිතය පිලිබඳ ලියන ලද අපුරු කෙටි කතාවකි.අයිසැක් අයිමොව් හඳුන්වන්නේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ ශාත්රුවරයකු ලෙසින්ය.

මේ 2155 වසරයි.ප්‍රධාන චරිතය වන මාජි වයස අවුරුදු 11ක දැරියකි ඇයගේ හොඳම මිතුරා ටෝම්ය. මොවුන්ගේ අධ්‍යයන කටයුතු පිලිබඳ සොයාබැලීමට සිටින්නේ රොබෝ ගුරුවරයෙකුය. නමුදුරු මාජි ඔහු හා සහයෝගයෙන් කටයුතු කිරීමට අදිමදි කරන අතර දිනෙන් දින අධ්‍යයන කටයුතු බිඳ වැටේ.ඒකාකාරී දිවියක් ගත කරන මොවුන්ගේ දින චරියාව එක්වරම වෙනස් වන්නේ ටොම්ගේ නිවසෙ අට්ටලයේ  තිබී හමුවන පැරණි පොතක් නිසාය.එය ඩිජිටල් තිරයක් නොවේ.කඩදාසි සහ සැබෑ පිටු සහිත මුද්‍රණය කරන ලද පොතකි.මෙම පොතේ සඳහන් වී තිබුනේ අතීතයේ පාසල් පිළිබඳවයි.ඒවායේ ඉගැන්වූ සැබෑ ගුරුවරුන් පිළිබඳව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවයි.

1951 දී මෙම කතාව රචනා කර ඇති අතර පුද්ගලික පරිඝනක නිර්මාණය පෙර අවධිය බව අප සැලකිල්ලට ගත යුතු කරුණකි.අයිසැක් විසින් ඉදිරි අනාගතය පිළිබඳව පුරෝකථනය කර ඇති ආකරය ඉතාමත් විශ්මය ජනකය.2155 වන විට අප ජිවතුන් අතර නොසිටියත් එදින ජිවත් වන දරුවන් මෙලෙස රොබෝ ආරක්ෂකයින් හෝ ගුරුවරුන් සමගින් තම එදිනෙදා කාර්යයන් සිදු කරනු ඇත. අයිසැක් අපට අනාගතය සහ තාක්ෂනය පිලිබඳව රතු එළියක් දැල්වූවා වීමටද හැකි බව සිතේ.මන්ද  අප අධික ලෙස තාක්ෂණයට යොමු වුවහොත් ඒ ඔස්සේ අපගේ සෞඛ්‍ය පිලිබඳ ගැටළු මතුවීමට හේතු විය හැකිය,එලෙසින්ම තාක්ෂනය නිසාවෙන්ම අධ්‍යයන කටයුතු වලදී වැඩි වැඩියෙන් සෙවුම් ජාල ඔස්සේ ගවේෂණය කරමින් අපේ දැනුම මුවහත් කර ගැනීමට හැකියාව ලැබීමයි.නමුදු පංති කාමරයක් තුලදී දරුවන් සහ ගුරුවරයා අතර මෙන්ම දරුවන්  සහ දරුවන් අතරද අන්තර් සම්බන්ධතාවය වැඩි දියුණු වේ.එකිනෙකා අතර සහයෝගී බව,එකමුතුබව ,ක්‍රියාකාරී බව වැඩි දියුණු වේ. නමුදු තාක්ෂනය හේතුවෙන් මෙම සංකල්ප සියල්ලම බිඳ වැටි රොබෝ කෙනෙක් වැනි දරුවකු බිහිවීමේ ප්‍රවණතාවය වැඩිය. 

මරණයේ හෝරාව - Zero Hour - Ray Bradberry 

1950 දී x miners one ගුවන් විදුලියේ පටිගත කරන ලද මෙම කෙටි කතාව විශිෂ්ඨ ඝනයේ විද්‍යා ප්‍රබන්ධයකි.රට පුරාම දරුවන් අක්‍රමණය නමින් නව ක්‍රීඩාවක් ආරම්භ කර ඇති අතර ඉන් සිදුවීමට යන් අ අනතුරක් පිළිබඳව සෑම වැඩිහිටියෙකුගේම සිතෙහි බියක් ඇතිවේ.මෙහිදී වැඩිහිටියන්ට එරෙහිව දරුවනුත් දරුවන්ට එරෙහිව වැඩිහිටියනුත් අතර ඝට්ටනයක් ඇති වන්නේ පිටසක්වල අක්‍රමණය යන්න යථාර්තයක් නොවන බව පැහැදිලි කිරීමට ගොසින්ය.

Robot's Dream - Issacs Asimov

රොබෝ සිහිනය යනු අයිසැක් අයිමොව් විසින් 1986 දී රචිත විද්‍යා ප්‍රබන්ධ කතා21 ක එකතුවකි.මේ ඔස්සේ තාක්ෂණයේ අනාගතය පමණක් නොව මානව වර්ගයාගේ අනාගතය,පරිණාමය ,පරිනතභාවය මෙන්ම අනාගතයේ වර්ධනය පිළිබඳවද ගවේෂණය කරයි.මෙය රොබෝ මනෝ විද්‍යා සුසාන් කැල්වින්ගේ කතාවයි.

සුසාන්  කැල්වින් මොහුගේ විද්‍යා ප්‍රබන්ධ වල කෙටි කතා වල නිතර දක්නට ලැබෙන්නාව ප්‍රධාන චරිතයකි.ඇය විසින් සිහින දකින රෝබෝවරයකු සොයා ගන්නා අතර මෙය යන්ත්‍ර වහල් ශ්‍රමය සඳහා යොදාගැනීමේ අනිටු ප්‍රතිපලයකි.මෙම පර්යේෂණාත්මක රොබෝ මිනිසකු මෙන් සිහින දැකීමේ හැකියාවන් වර්ධනය කරයි.අනික් සියලුම රොබෝවරුන් වහල් භාවයෙන් මුදවන ලෙස ඉල්ලීම් කරන රොබෝවකු දුටූ බව කිවූ විට සුසාන් තැති ගනී.

අයිසැක් විසින් සැබෑ ලෝකයේ ජිවන මාතෘකා සහ මහා පැවැත්මේ ඝට්ටනයන් පිළිබඳව ඔහු රචනා කරන ලද සෑම ප්‍රබන්ධයක්ම ඒකාබද්ධ කරන අකාරය විශ්මයජනකය.ඔහුගේ තේමාව වනුයේ මිනිසත්බව සුරැකිය හැක්කේ යමෙක් මනුෂ්‍යයෙක් නම් පමණක් බවයි.මන්ද මෙම කැරැල්ල රොබෝවරුන් විසින් මිනිසුන්ට එරෙහිව කරන්නාවූ කැරැල්ලක් නිසාත් එහි නායකත්වය ගන්නා රොබෝ එල්වෙක්ස් වීමයි.

The Nine Billion Names of God p-Arthur C. Clarke දෙවියන්ගේ නම් ලැයිස්තුව 

1953 දී රචිත මෙහි තේමාව වනුයේ දෙවියන්ගේ නම් බිලියනයක් ලිවීමට අවශ්‍ය තාක්ෂණික සහය ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසකගෙන් ඉල්ලා සිටින ටිබෙටයේ ලාමාවරුන් පිරිසක් පිලිබඳවය.මොවුන් මෙයට සාමාන්‍ය හෝඩිය භාවිත නොකරන අතර ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථ වල ලියා ඇති නව අක්ෂර හෝඩියයි.ශතවර්ෂ තුනකට අධික කාලයක් තිස්සේ යතුරු ලියනය කරමින් පැමිණ ඇති මෙය විශේෂ  පරිඝනකයක් වන Mark Vමිලට ගනී. 

 ඔවුන් පවසන්නේ මෙය විශ්වයේ කාර්යයක් බවත්.ඔවුන් නම් බිලියනය අන්තර්ගත කල පසු දෙවියන් ඔහුගේ අවසන් විනිශ්චය  දෙන බවයි.

පේරු රාජ්‍යයේ මනාලි ඇල්ල


පේරු රාජ්ය යනු අරුම පුදුම ස්වභාවික වස්තුන්ගෙන් සපිරි රාජ්‍යයකි.සුන්දරත්වයෙන් පිරි දියඇලි රැසකට උරුමකම් කියන අතර එම සොබාදමේ බව ආකර්ශනීය සුන්දරත්වය නරඹන්නන්ට ලඟා කර දේ.
එම  රාජ්‍යයේ පිහිටි  මනාලි ඇල්ල මනාලියක හැඩයකින් ගලා හැලෙන දුර්ලභ ගණයේ දිය ඇල්ලකි.මෙය කැසකඩා ලා නොවියා යන නමින්ද හඳුන්වනැ අතර මෙය කජමර්කා හෙවත් පේරු නගරයේ පිහිටා තිබේ.

කජමර්කා නගරයේ සිට පේරු නගරයට පිවිසීමට මිනිත්තු 30 ක කාලයක් ගත වෙන අතර දිය ඇල්ල වෙත යෑමට පැය 2ක කාලයක් ගත වේ.පුරාණ පුරාවෘත වලට අනුව තම පෙම්වතා අහිමිවූ මනමාලියකගෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වූ බවයි.එම පුරාවෘතය නම් 

තම පවුල් වල එදිරිවාදිකම් පිළිබඳව නොතකා පෙම් කල පෙම්වතුන් දෙදෙනෙකු විවහා වීමට තීරණය කල අතර ඔවුන් දෙදෙනාගේ විවහා මංගල්‍යය දිනයේදී මනමාලියගේ පියා පැමිණ මනමාලයාට රයිෆලයකින් වෙඩි තබා මරා දමා ඇත.මෙම ක්‍රියාවෙන් කලකිරීමට සහ ශෝකයට පත්වූ මනමාලිය තම සුන්දරවූ මගුල් ඇඳුමෙන් කඳු මුදුනට ගොස් හඬා වැලපෙමින් සිටියදී අපු සහ පච මාමා විසින් ඇයව දිය ඇල්ලක් බවට පත් කල අතර එහි සුන්දරත්වය සදාකාලිකව අගය කිරීමට ලෝ වැසියන්ට අවස්තාවක් දුන් බවයි.

Tuesday, July 6, 2021

මරණයෙන් පසු සංක්‍රමණය වන දෙවියන්ගේ අඩවිය හවායි දූපත්


ඇමරිකා එක්සත් ජනපදයට අයත්  හවායි දුපත් දාමයේ පිහිටි විශාලතම දුපත හවායි වන අතර උතුරු ෆැසිෆික් සාගරයේ ගිනිකඳු දූපත් සමුහයටද අයත් වේ.එක්සත් ජනපදයට ගිනිකොණ දෙසින් පිහිටා ඇති මෙම දුපත් දාමය වර්ග කිලෝමීටර් 10430ක ප්‍රමාණයකින් යුක්ත වේ.එමෙන්ම නවසීලන්තයේ ප්‍රධාන දුපත් දෙකට පිටුපසින් පිහිටි පොලිසිනියාවේ විශාලතම තුන්වෙනි දුපතයි.

හවායි දුපතට නම ලැබුන සැටි ගැන විවිධ මතයන්  අසන්නට ලැබේ, මේවා අතුරින් සත්‍ය යයි සිතිය හැකි  මතය වන්නේ  ජේම්ස් කුක් හා සබැඳි කතාවයි.

පොලිනිසියානු නම් නාවිකයා විසින් පලමුව සොයාගත් හවායි දුපත මුලින් හැඳින්වුයේ හවායිසිලොවා යන නමිනි .තවත් සමහරකුට අනුව පුරාවෘතයක් ඔස්සේ හවායිකි රාජධානියට අයත්වූ නිසා හවායි යන නම ලද බව කියවේ. මෙම නමෙහි අර්ථය වන්නේ මරණින් පසු ඔවුන් සංක්‍රමණය වන දේවතාවන්ගේ අඩවිය ,පෙදෙස යන්නයි.

හවායි දුපත්වලට පැමිණි  පළමු යුරෝපිය ගවේෂණ කපිතාන්වරයා වූයේ ජේම්ස් කුක් ය.පසුවඔහුගේ  අනුග්‍රාහකයා වූ සැන්ඩ්විච් කුක්ට උපහාරයක් පිණිස හුවාවී භාශාවෙන්  "ඕ වයි හි"  යන තේරුම එන සැන්ඩ්විච් දුපත්  ලෙස හඳුන්වනු ලැබිය .

එමෙන්ම  හවායි දුපත යනු පයිසියා කමහමෙහා උපන් රාජ්‍යයි..එම නිසා එම දුපත මහා කමහෙමා  ලෙසද හඳුන්වා ඇත.ඔහු විසින් 1795 දී මෙම දුපත් සමුහයම එක්සේසත් කළේය.

හාවයි දුපත ගිනි කඳු 5ක එකතුවකින් ගොඩනැගී ඇති අතර  
ඒවා නම් 
Kohola
Mauna Kia
Hualālai
Mauna Loa
Kilauea වේ.

භූවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව මෞනාලුආ වලට දකුණු පසින් සහ වම් පසින් නිනොලේ සහ කුලානි නමින් ගිනි කඳු දෙකක් පිහිටා ඇත. භුවිද්‍යඥයින්ට අනුව මෙයද මෞනාලුආ වලම කොටසක් ලෙස සැලකේ.මෞනාලුනා සහ කලාවිය හවායි දුපතේ ක්‍රියාකාරිව වර්ධනය වෙන ගිනි කඳු දෙකකි.

1983 ජනවාරි සිට 2002 සැප්තැම්බර් කාලය අතරතුර වර්ග හෙක්ටයාර් 200ක් පුරාවට වරින් වර ගිනි කඳු පුපුරා යමින් ලාවා ගලා ගියේය.1960දි  කපහොවා  සහ 1990 දී කලපනා සහ කයිමා ඇතුළු නගර කිහිපයක්ම කෛලවෙන් ගලා ආ ලාවා හේතුවෙන් විනාශයට පත්වුණි. 


මෙම ගලා ආ ලාවා හේතුවෙන්කලපාන ප්‍රදේශයේ 1987 දී Queens Bath නමින්මිරිදිය තටාකයක් ලාවා වලින් නිමයනු ලැබිය..තවත් භුවිද්‍යඥයින්ට අනුව මෙහුකෝනා සහ ලිලි යන සබ්මැරින් ගිනි කඳු ඇතුළුව මෙම  දුපත් සමුහය ගිනි කඳු 7 කින් නිර්මාණය වී ඇති බව කියවේ.

කෞ දුපතේ දක්නට ලැබෙන මහා ඉරිතැලිම දිවයිනේ මීටර් 13,000ක් පුරාවට විහිදී ඇත.මෙය කබොල විස්ථාරනය වීමෙන් ඇති වූ ප්‍රතිපලයකි.

හවායි දුපතේ ප්‍රධාන නගරය "හිලෝ (Hilo) වන අතර මෙය මුහුදු බොක්කක් මගින් වටවී ඇත. මෙම නගරය මෞනාලාඕ නමැති සක්‍රිය තත්වයේ පවතින ගිනි කන්දත් මෞනා කියා නමැති උදාසීන ගිනි කන්දත් මත පිහිටා ඇත.ලාවා විදාරණය නිසා තවමත් අනතුරුදායක තත්වයක පවතින අතර , ජනාවාස බොහොමයක් ගිනිකඳු හෙල්වල පිහිටා ඇත.


රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලය වූ හවායි ,හිලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කෞතුකාගාරය මෙහි පිහිටි වැදගත් ස්ථාන වේ.ක්‍රිස්තුවර්ෂ 1100 දී මෙම ප්‍රදේශය ප්‍රථමයෙන් ජනාවාස වූ බව කියවුණත් ,ඊට පෙරද ජනාවාස පවතී බව පුරාවෘත වල සඳහන් වේ.මෙහි උතුර දකුණ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකි.

19වන  සියවසේ උක් වගාව ව්‍යප්තවූ අතර, වගා කටයුතු සඳහාත් උක් කර්මාන්ත ශාලාවල සේවය සඳහාත් චීනය ඇතුළු ආසියාතික රටවලින් කම්කරුවෝ මෙහි පැමිණියහ.

 විසල් සුන්දරත්වයකින් හෙබි හවායි දුපත සතුව ඇති කොළ,කළු සහ සුදු වර්ණයන්ගෙන් හෙබි වැලි තලා සහිත වෙරළ තීරය ලොව පුරා සිටින සංචාරකයින්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්ව ඇත.මේ අතර   මෞන්හා සහ  පුනලු වෙරල තිරයන් විශේෂ ස්ථානයක් ගනී.

 පුනලු හිදී කැස්බෑවන් දක්නට ලැබීමත් අපුරු අත්දැකීමකි.එමෙන්ම 
 පවතින නිවර්තන දේශගුණය නිසාවෙන් විවිධ මත්ස්‍ය වර්ග සහ ජීවින් රැසකට හිමිකම් කීම තවත් විශේෂත්වයකි.

ලෝකයේ දේශගුණික කලාප 13න් 8ක් පුරා විහිදෙන හවායි දුපතේ දී ඔබට අත්විඳින්නට ලැබෙන ක්‍රියාකාරකම් විවිධ වේ.ඔබට මෙම ගල්පර අසල කිමිදුම් ක්‍රීඩා වල යෙදිය හැකි අතරම,කඳු නැගීම , කඳු මුදුනේදී හිම ක්‍රීඩා කිරීමටත්, රාත්‍රී කාලයේදී අහසේ තරු බැලීමටද හැකියාව ලැබෙන අතර මෞනකියා කඳුමුදුනේදී සුන්දර හිරු බැසයමක් ද නරඹන්නට හැකියාව  ලැබේ.

නිවාර්තන වැසි වනාන්තර සහිත දේශගුණයකට හිමිකම් කියන සෙල්සියස් අංශක 21 - 25 දක්වා පැතිරුණු සාමාන්‍ය උෂ්ණත්වයකින් හා අඟල් 30 -200 අතර පැතිරුණු වර්ෂාපතනයක් මෙහි දක්නට ඇත.කඳුකර [ප්‍රදේශ වලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර සමහර කාල වලදී සුළිසුලන් වර්ෂාව බල පවත්වයි.

දේශීය අහාර 

හවායි දුපත් වලට අවේනික වූ විවිධ අහාර වර්ග ඇති අතර Maladas නම් සිනි සහිත බැදපු පිටි ගුලියකින් නිම කරන ලද ආහාරය ඉතාමත් රසවත්ය.
 කෛලුආ දුපත කෝනා කෝපි වල 
 නිජබිම වන අතර එම කෝපි සහ රසකැවිලි සංචාරකයින් අතර ඉතාමත් ජනප්‍රිය වේ.
 කෝනා කොපි ලෝකයේ රසවත්ම බිමක් ලෙස 
 ශ්‍රේණිගත වීම සුවිශේෂිය.මෙම දුපතේ කෝපි ගොවිබිම් 650කට වඩා දක්නට ලැබේ.එම සංචාරය ඇතුලතදී කොපි ඇටයක් කඩා ගැනීමේ සිට කුඩු කර කෝපි සාදාගන්නා ක්‍රියාදාමය තෙක්ම අත්දැකීම ඔබට අත්විඳිය හැකියාව ලැබේ.
පෙබරවාරු මාර්තු මාස වලදී කෝනා කෝපි මල් පිපි එම ගොවි බිම් පෙනෙන්නේ  හිමෙන් වැසුණු බිමක් පරිද්දෙන්ය.එම නිසාම මෙම දේශය කෝනා හිම යනුවෙන්ද ප්‍රසිද්ධය. වාර්ෂිකව පවත්වන හිලෝ ඕකිඩ් මල් ප්‍රදර්ශනයද ,හිලෝ නගරයේ ඇති අකාෂ වස්තු නිරීක්ෂනාගාරය සංචාරකයින් ඇද ගන්නා තවත් සුවිශේෂී කරුණුය.












බොහිමියන් වනය


බොහෝමියානු මැසිෆ්හි නිරිත දිග උස බිම් වනාන්තර තීරය ජර්මානු චෙක් ජන රාජ්‍යයේ මායිම වන අතර වයඹ දෙසින් ඕර් ගංගාවේ ඉහල නිම්නයේ සිට දැනියුබ්  ගඟේ කොටසක් දක්වා විහිදේ.කේතුධර හා පතනශීලි වනාන්තර පරාසයෙන් තුනෙන් එකකට වඩා ආවරණය වන අතර විවිධ ඛනිජ සහ පාෂාණ වර්ගවලට හිමිකම් කියන පරිසරයක් මෙහි දක්නට ලැබේ.රෙජන් සහ ඉහල්ස් යන ගංගාද බොහිමියානු වනාන්තරය හරහා ගලාගෙන යයි. භූගෝලීය වශයෙන් ගත් කල ,දකුණු බොහොමියාවේ සිට උතුරින් සැක්සානි සහ ලුසැටියාව ඊසාන දෙසින් සිලිසියාව, නැගෙනහිරින් මොරවියාව   ඔස්ට්‍රියාව සහ ජර්මනියේ බැවෙරියාව දක්වා විහිදෙන අතර කිලෝමීටර් 50ක් පළල මැසිෆ්හි බොහිමියාවේ උසම කඳු මුදුන වේ. ජර්මානු භාෂාවෙන් බුමර්වෝල්ඩ් ලෙස හඳුන්වන මෙම කඳු පන්තිය මධ්‍ය යුරෝපයේ පහත් කඳු පන්තියකි.

ක්‍රිස්තු පුර්ව 400- 8 දක්වා කාලය තුල මෙම රාජධානිය ව්‍යාප්ත වූ අතර බෝයි ජනයා යුරෝපය පුරා ව්‍යාප්ත විය.බෝයි යනු පැරණි කෙල්ටික් ගෝත්‍ර තුනක රෝම නාමය වන අතර ට්‍රාන්ස්පයින් ගෝල්(ප්‍රංශය ) ,සිසල්පයින් ගෝල් (උතුරු ඉතාලිය ) ,සහ බොහිමියාව, මොරවියාව, සහ බටහිර ස්ලෝවැකියාව යන රටවල මෙම මිනිසුන් වාසය කරති.මධ්‍යතන යුගයේදී වෙළඳ මාර්ග මෙම වනාන්තර හරහා වැටි තිබුන අතර කුඩා ගොවිපලවල් ,ආරාම,කෘෂිකර්මාන්ත සහ වීදුරු නිෂ්පාදන කර්මාන්ත ආදිය ව්‍යාප්තව පැවතුනි.තැනින් තැන දක්නට ලැබෙන කුඩා බලකොටු,මාලිගා සහ නගර වල නටඹුන් මෙහි තිබෙන්නට ඇතයි සැලකෙන පුළුල් වාණිජ ක්‍රියාකාරකම් වලට නිදර්ශන සපයන අතර රාජකීයයන් සහ වංශිකයින් අතර ඇතිවූ ඝට්ටනයන් වසර 37කට පසු අවසන් විය.


ජර්මානු පෙදෙසේ නිරිත දෙසින් බැවෙරියානු වනාන්තරයේ සමාන්තර සහ පහල පරාසයන් පිහිටා ඇත.බොහිමියානු වනාන්තරයේ විශේෂත්වයක් වන්නේ එය වීදුරු කර්මාන්තය සහ දැව ඇඹරීමේ කර්මාන්තය සඳහා උසුලන ප්‍රසිද්ධත්වයයි.මෙම වනාන්තර ප්‍රදේශය 1963 දෙසැම්බර් 27 වන දින ආරක්‍ෂිත පෙදෙසක් බවට පත් කල අතර 1990දි ජෛවගෝල රක්ෂිතයක් බවට පත් කරන ලදී.මෙම භුමි ප්‍රදේශය ඇතුලත ස්වභාවික රක්ෂිත 88ක් ද මල් සහ ආම්ලික වනාන්තර, කඳුකර ස්ප්‍රුස් වනාන්තර ප්‍රදේශයෙන් 88%ක් ආවරණය වේ.මුහුදු මට්ටමේ සිට උන්නතාංශය අඩි 3200 කි.

කළු මුහුදේ සහ උතුරු මුහුදේ දිය ඇලි අතර බෙදීම් පරාසය , බොහිමියානු වනය වන අතර සෞන්දර්යය වටිනාකමින් අනුන වේ.වසර මිලියන 300 කට වඩා පැරණි අතීතයක් ඇතයි විශ්වාස කරන බොහිමියානු වනාන්තරයේ ඇති කඳුකරය ඇල්ප්ස් සහ හිමාලය කඳු  මුදුන් වලට වඩා පැරණි බව විශ්වාසයයි.මෙය බැවෙරියානු, සුමාවා යන නමින්ද හඳුන්වනු ලැබේ.මෙම ප්‍රදේශයේ අධික වර්ෂාපතනයක් දක්නට ලැබෙන අතර එමගින් පිට්බෝග් සහ ලිප්නෝ වේලි පිරි ඉතිරි යයි.ඒ ඔස්සේ උමාවා ප්‍රදේශය මධ්‍යම යුරෝපයේ ජල පෝෂක ප්‍රදේශයක් බව වැටහේ.ඉල්වා ඇල මාර්ගය ඔස්සේ දැව ප්‍රවාහනය සඳහා ශ්වසේන්බ්ර්ග් නැව් ඇළ මාර්ගය යොදා ගැනේ.එය වල්ටාවා සහ දැනියුබ් යන දියඇලි භාවිත කරමින් නිර්මාණය කර ඇත.


ජෝසේෆ් රෝසේනොවර්  විසින්  1879 අප්‍රේල් 29 සෙස්කේ ක්‍රොම්වෙල් දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර 1791 අප්‍රේල් 12වෙනිදා පළමු මුහුදු ගමන ආරම්භ විය. 19 වන ශත වර්ෂයේදී ඇළ මාර්ගය කිලෝමීටර් 52 ක් දුර ට විහිදුන අතර කිලෝමීටර් 37ක් චෙක් රාජ්‍ය හරහා පැතිරුණු අතර ගංගා 27කින් ප්ලිනේ විලෙන් සහ රෝසේනෝවර්,ජෙලානේ සහ අජිටා ජලාශ වලින් ජලය ලබා දෙන ලදී. 

කෙල්ටික් ජනාවාසයක පුජනිය  නටඹුන් යයි කිව හැකි මාලිගාවක කොටසක් උමා ප්‍රදේශය තුල දක්නට ලැබෙන අතර අඩි 3215ක උන්නතන්ශයකින් පිහිටා ඇත,අභිරහස් වලින් පිරි ස්ථානයක් වන මෙහි බිත්ති අතරින් විවිධ දේ වරින් වර හමුවීම මෙම බලකොටුවෙහි ඇති සුවිශේෂිත්වයයි.ප්‍රදේශවාසීන් අතර පවතින පුරාවෘත්තයකට අනුව මෙහි කලකට බිත්ති අතරින් අඳුරෙ බිත්ති අතරින් එලියට එන අඩි 10ක පමණ දිගැති අස්ථියක් ඇති බව කියවේ.එමෙන්ම මෙම අස්ථි සැමවිටම දිදුලන බවද කියවේ. තවත් පුරාවෘත්තයකට අනුව මෙම අස්ථිය අසල ගඟක පාලමක් ලෙසද භාවිතා කල බව කියවේ.එමෙන්ම කෙල්ට් යනුවෙන් යෝධයින් සමුහයක්ද මෙම පෙදෙසේ සිටි බව කියවේ.

මෙහිදී ප්‍රධාන වෘක්ෂලතා කලාප තුනක් දක්නට ලැබෙන අතර බිච් වනාන්තර ,ආම්ලික මෝන්ටෙන්බීච් වනාන්තර,උච්චතම ස්ප්‍රුස් වනාන්තර වේ. කඳු නගින්නන්ට සුදුසුම ගමනාන්තයක් වන බොහිමියානු වනාන්තරය සුන්දර නිවාඩු නිකෙතනයක්ද වේ.කිලෝමීටර් 500කට වඩා දිව යන සිත්ගන්නා සුළු ස්වභාවික මංපෙත් ගිම්හාන මණ්ඩප ,සංචාරක නවාතැන්, මෙහි දක්නට ලැබේ.

යුරෝපයේ හරිත වහල යන අන්වරත නාමයෙන් හඳුන්වන බොහිමියානු පෙදෙස සීත සමයේදී අස්ච්ර්යමත් සුන්දරත්වයකින් යුතු ප්‍රදේශයක් වේ.හිම ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන අයට ඉතාමත් සුදුසු දේශගුණයක් සහ පරිසරයක් මෙහි නිර්මාණය වේ.සුන්දර ග්ලැසියර් විල් ,හිම පතිත ගැඹුරු වනාන්තර,සුන්දර නිම්න ,මෙම ප්‍රදේශයට සොඳුරු බවක් එක් කරයි. එමෙන්ම මෙම උද්‍යානයෙ චිත්‍රපට නිෂ්පාදකයින් සඳහාද වෙනම කොටසක් සුන්දර දර්ශන සහ පසුබිම් තල සහිතව නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.

















Saturday, July 3, 2021

අරාබියේ අමෘතය හෙවත් කෝපි පානයේ උත්පත්ති කතාව


 සිතත් ගතත් පණ ගන්වන කෝපි කෝප්පයේ රස අපට අමුත්තක් නොවුනත් එහි මුල් කතාව බොහෝ දෙනෙක් නොදන්නා බව අපිට නොරහසකි.කොප්පෙයා අරාබිකා යන  උද්හිද නාමයෙන් හඳුන්වන මෙහි ශරීරය ප්‍රාණවත් කරන කැෆෙන් නම් රසායනිකය අඩංගු වේ.ඝර්මකලාපික රටවල වැවෙන කෝපි  වල උපත ඇබිනිසියාව නමින් අතීතයේ පතල වූ වර්තමානයේ ඉතියෝපියාව නම් ලද පෙදෙසේ සිටි කෆා නම් පුජකයෙකු විසින් සොයාගත් බව කියවේ.

ඇබිනිසියාවේ කෆා නම් කඳුකර පෙදෙසේ ආරාමයක සිටි මේ පුජකතුමාට තම සිසු පුජකවරුන් තරමක අලස බවකින් යුතුව අධ්‍යන කටයුතු වල යෙදෙන බවක් දක්නට ලැබුණහ.පාඩම් කරන අතරතුර ගස් යටට වී නිදන අතර දේවස්ථානයේ එළු රංචුව පේන්නට නොසිටියහ,උන් ඒ අසල වූ පඳුරු වල ගෙඩි කොළ කමින් ක්‍රියාශීලිව සිතිනි මෙම පුජකතුමාට දක්නට ලැබුණි.ඒ දුටු පුජකතුමා එම ගෙඩි කඩාගෙන විත් උණු වතුරට දමා තම්බා සිසු පිරිසට බොන්නට දුන්නේය,ඉන්පසු කෙමෙන් අලස ගතිය අඩුව ගොස් ක්‍රියාශීලි බව ඇතිවූ බව දුටු පසු ක්‍රමවත්ව කෝපි පානය සිදු කරන ලදී.කෆා ප්‍රදේශය නිජබිම බැවින් කොෆි යන නාමය මෙයට ලබා දුන්  බව කියවේ.කෆායා යන්න තර්කි වචනයක් බවත් සිංහලෙන් කෝපි ලෙසත් කියවේ..

ප්‍රධාන වශයෙන් කෝපි වල ප්‍රබේධ 2ක් වේ.එනම් Arabica සහ Robusta ලෙසිනි.මෙය බිම වර්ගයක්ම නොවන අතර අප්‍රිකානුවන් සත්ව මේදය එකතු කොට මෙය ආහාරයක් ලෙසද අරන් ඇති අතර ඉතිහාසඥයින්ට අනුව මෙය ලොව ප්‍රථම ශක්තිජනක ආහාරය වන්නට ඇතැයි කියාද පැවසේ.

1652 ලොව පළමු කෝපි අවන්හල එංගලන්තයේදී ආරම්භ වූ අතර අරාබියේද සාර්ථකව පැතිර ගියහ.මේ සමගම ජැමෙයිකාව , වෙනිසියුලාව,දකුණු ඇමරිකාව ,ඉක්වදෝරය,අයිවරි කෝස්ට් ,  ශ්‍රීලංකාව ඇතුළු බොහෝ රටවල කෙමෙන් කෙමෙන් කෝපි වගාව පැතිර ගියහ.

ශ්‍රී ලංකවෙ මුල්ම කෝපි වත්ත ආරම්භ කරන ලද්දේ ක්‍රි වා : `1823 ගම්පොල සිංහ පිටියේ දී සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාර වරයා විසිනි.එකලදී මෙහි ප්‍රධාන ආර්ථික බෝගය වුයේ කෝපිය.ලොව වැඩිම කෝපි ප්‍රමාණයක්  නිපදවන රට වන්නේ බ්‍රසීලයයි.දෙවෙනි රට කොලොම්බියාවයි.ඊට අමතරව අප්‍රිකාව, ආසියාව ,සහ ඇමරිකානු රටවල් කීපයක් මුල් තැන ගනී.ලොපි ලෝකය පුර ප්‍රචලිතව ඇත්තේ අරාබියේ අමුර්ථය ලෙසය.වැඩිපුරම කෝපි බොන්නේ ස්කෑවේඩිනේයානු ජනයාය.

නමුදු ජෝන් හොප්කින්සන් විද්‍යා විද්‍යාලයේ වෛද්‍ය විශේසඥයින්ට අනුව වැඩිපුර කෝපි බොන්නන්ට හර්ද රෝග සෑදීමේ ප්‍රවණතාවයක් ඇත.කෝපි කෝප්ප 5ක් දවසට බොනවා නම් එම පුද්ගලයාට හදවත් රෝග සෑදීමේ ප්‍රවනතාවය වැඩිය.කෝපිවල අඩංගු කැෆෙන් නම් එන්සයිමය ලේ තුල අන්තර්ගත සේරටෝනින් නම් රසායනිකයේ සාන්ද්‍රතාවය ඉහල නංවයි.එය මොලයේ වාහිනී චලන වේගය උත්සන්න කරයි.කෝපි බිව් විට දැනෙන ප්‍රාණවත් බවට හේතුව එයයි.ඒ සමගම හදවතේ සන්කෙචනය වැඩිවන අතර රුධිර පීඩනය වැඩි කරයි.

Saturday, May 29, 2021

එවරස්ට් තරණය කල එඩ්මන්ඩ් හිලරි



එවරස්ට් තරණය කිරීමට බොහෝ දෙනෙක් උත්සහ කලත් පළමු හිමාලය තරණය කල ගවේශකයා ලෙස විරුදාවලිය ලබන්නේ 1953 මැයි 25 වන දින පෙරවරු 11 .30 ට කන්ද මුදුනට ගිය එඩ්මන්ඩ් හිලරිය.ඔහු නවසිලන්ත ජාතිකයකු වන අතර ඔහුගේ සහයට නේපාල ජාතික ෂර්පා ටෙන්සිං නොර්ගේ ද හිමාල තරණයට එක්විය.

එවරස්ට් කන්ද පෘතුවියේ ඉහලම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 20,035 උසිනි පිහිටියේය.ජුනි 2වෙනි දින එනම් දෙවෙනි  එලිසබෙත් රැජිණගේ රාජාභිෂේකය දිනයේ මෙම පුවත ලොව පුරා පැතිර ගිය අතර බ්‍රිතාන්‍යයන් එය ස්වකිය රටේ අනාගතයට සුබ ලකුණක් ලෙස සැලකුහ.

නේපාලය සහ ටිබෙටය අතර ඇති මායිමේ පිහිටා ඇති එවරස්ට් කන්ද ආසියාවේ මහා හිමලයා කඳුවැටියේ කොටසක් වේ.ටිබෙට්  ජාතිකයින් විසින් 19වැනි  සියවසේ දකුණු ආසියාවේ රාජකාරි කල බ්‍රිතාන්‍ය මිනින්දෝරුවකු වූ ශ්‍රීමත් ජෝර්ජ් එවරස්ට් ගේ නමින් චෝමෝ ලුන්ග්මා නොහොත් දේශයේ මවු දේවතාවිය යන්නෙන්  නම් කරන ලදී.

එවරස්ට් කඳු මුදුන පෘතුවි වායුගෝලයේ වාතය සිසාරා පැතිර යන අතර එය ජෙට් යානා වල උන්නතාංශය සහ එහි ඔක්සිජන් මට්ටම  මේ කලාපයේදී ඉතාමත් වේගයෙන් අඩුවේ.ඉතාමත් අඩු උෂ්ණත්වයක් සහිත අතිශයින් සිතල කිසිවකුත් බලාපොරොත්තු නොවන අනපේක්ෂිත වාතාවරණයක් මෙහිදී නිර්මාණය වේ.

1921 දී බ්‍රිතාන්‍ය ගවේෂණ සංගමය මගින් ටිබෙට් සානුව හරහා සැතපුම් 400ක ගවේෂණයක් ආරම්භ කල අතර එවරස්ට් කන්ද පාමුල තෙක් ගමන් කලෝය,නමුදු හමා ආ දරුණු කුණාටුවක් හේතුවෙන් එම ගමන අතරමග නැවත්වීමට සිදුවූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ සිටි කඳු නගිනකු වූ  ජෝර්ජ් ලි මල්ලොරි කඳු මුදුණය යා හැකි මාර්ගයක් සොයා ගන්නා ලදී.මල්ලොරිගේ දෙවන ගවේෂණය 1922 දී සිදුවූ අතර ජෝර්ජ් ෆින්ච් සහ ජෙෆරි බ්රුස් අඩි 27000 ක් උසට කඳු මුදුනට නැග්ගහ.එම වසරේදීම මල්ලොරි විසින් නැවතත් උත්සහ කල අතර එම  ගමනේදී හිම කුණාටුවකට අසුවී ඔහු සමග ගිය ශර්පාවරුන් 7 දෙනෙකු මිය ගියහ.

මෙහිදී ෂර්පා වරුන් කවුරුන්ද යයි  ගතහොත් මොවුන් කුම්ඹු ප්‍රදේශයට ආවේණික ජන කොට්ඨාශයකි.හිමාලය කඳු නැගීමට සහ කඳු නැගීමට අත්‍යවශ්‍ය වන සහය ලබා දීමට මොවුන් පැමිණෙන අතර මොවුන්ගේ විශේෂ ලක්ෂණය වන්නේ විසල් ශක්තියකින් යුක්ත වීම සහ මොවුන් සතු ඉහල උන්නතාංශ දරා ගැනීමේ ප්‍රබල හැකියාවයි.

1924 දී තුන්වන වරටත් බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායම එවරස්ට් තරණය ඇරඹු අතර එඩ්වර්ඩ් නෝටන් විසින් කෘතීම ඔක්සිජන් භාවිතා නොකර අඩි 28,128ක උන්නතාංශයකට ලඟා විය.දින 4 කට පසු මල්ලොරිගේ සහ ඇන්දෘ අයිවන්ගේ ගමනාරම්භය සිදුවූ අතර ඔවුන් පිලිබඳ කිසිඳු ආරංචියක් නොලැබුණි.පසුව 1999 දී  මල්ලොරිගේ මල සිරුර කඳු මුදුනේ කොටසක තිබී හමුවූ අතර ඔහු මියගොස් තිබුනේ වැටීමකින් සිදුවූ අස්ථි බිඳීමක් හේතු කොටගෙනය.

ටිබෙටයේ ඊසාන දිග රිජ් මාර්ගය ඔස්සේ තවත් අසාර්ථක ගවේෂණයන් කිහිපයක් සිදුවූ අතර දෙවන ලෝක යුද්දයෙන් පසුව ටිබෙටය විදේශිකයින්ට පැමිණීමට තහනම් කරන ලදී.නැවතත් 1945 දී නේපාලය බාහිර ලොවට විවර වූ වීමත් සමග 1951 දී නැවතත් ගවේෂණ කටයුතු ආරම්භ විය.1952 දී ස්විස්ටර්ලන්ත කණ්ඩායමක්  විසින් අනතුරුදායක කුම්බු අයිස් කන්ද තෙක් ගිය අතර රේමන්ඩ් ලැම්බර්ට් සහ ටෙන්සින් නෝර් අඩි 28 ,210ක් උසට නැග්ගමුත් එය සාර්ථක නොවිය. මොවුන් කඳු මුදුන ආසන්නයටම ගොස් අසාර්ථකව පැමිණීම ගැන අසා කණස්සලට පත්වූ කර්නල් ජෝන් හන්ට්ගේ අණ පරිදි 1953 දී බ්‍රිතාන්‍යයන් කණ්ඩායමක් නැවත කඳු තරණය ආරම්භ කලෝය.දක්ෂ බ්‍රිතාන්‍ය කඳු නගින්නන් සහ ටෙන්සි නොර්ගේ වැනි පළපුරුදු ෂර්පා ලට අමතරව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දක්ෂතමයන් වූ ජෝර්ජ් ලොව්, එඩ්මන්ඩ් හිලරි වැන්නවුන්ද බඳවා ගත්හ.මෙම කණ්ඩායමේ සාමාජිකයින්ට විශේෂයෙන් පරිවරණය කර නිපදවන ලද බුට් සහ ඇඳුම් මෙන්ම අතේ ගෙනයා හැකි ගුවන් විදුලි යන්ත්‍ර ද විවෘත හා සංවෘත පරිපථ ඔක්සිජන් පද්ධති ද ලබා දුන්හ.

තැනින් තැන කඳවුරු බැඳගත් මොවුන් කුම්බු ඇල්ල හරහා නව මාර්ග සොයා ගනිමින් කඳු මුදුනට ගමන් ආරම්භ කරන ලදී.බටහිර සිවිඑම් ලෝට්ස් තුඩ හරහා සහ අඩි 26000ක් උස දකුණු කෝල් හරහා ගමනරම්හ කල අතර මැයි 26 වන දින චාල්ස් එවන්ස් සහ ටොම්බොර්ඩිලන් පළමු වරට කඳු මුදුනේ සිට අඩි 300ක් දුරට ගොස් ඔවුන් සතු ඔක්සිජන් කට්ටලයේ සිදුවූ අක්‍රමිකතාවයක් හේතුවෙන් නැවතත් පැමිණියහ.

මැයි 28 වන දින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් අඩි 27900 ක උසින් කඳවුරක් බැඳගත් අතර නිදි නැති රැයකින් පසුව පෙරවරු 9 පමණ වන විට දකුණු ශිඛරයට පැමිණියහ.එය අඩි 40ක පමණ පැතලි ගල් පරයක් විය.පසුව පස්වරු 11 වන විට ඔවුන් දෙදෙනා එවරස්ට් කඳු මුදුනට පැමිණියහ.

සාර්ථකත්වයේ පණිවිඩය මුලික කඳවුරෙන් නැම්චේ බසාර්හි ගුවන්විදුලි සම්ප්‍රේෂනාගරයට දුන් අතර පසුව කේතගත පණිවිඩයක් ඔස්සේ ලන්ඩනයට යවන ලදී.එම වසර අග බාගයේදී ඔවුන් ලද ජයරග්‍රහණය හේතුවෙන් හිලරි සහ හන්ට් රැජිණගෙන් නයිට් පදවි ලැබුහ.

හිලරිගේ සහ නොර්ගේ එවරස්ට් ගවේෂණයෙන් පසු බොහෝ කණ්ඩායම් මෙහි පැමිණි අතර 1960 දී ජේම්ස් විට්ටකර් එවරස්ට් තරණය කල පළමු ඇමරිකානුවා විය.1975 දී ජපානයේ ටබෙයි ජුන්කෝ එවරස්ට් නැගී පළමු ජපන් ජාතික කාන්තාව ලෙස නම් දැරිය.

 නමුදු අවාසනාවකට එවරස්ට් තරණය කිරීමේදී ඔක්සිජන් මදිවීම, අධික ශීතල දරා ගැනීමට නොහැකිව මේ වන විට කඳු නගින්නන් 300 කට අධික ප්‍රමාණයක් මිය ගීස් ඇත.

1996 දී මිට සම්බන්ධිත විශාලතම ඛේදවාචකය සිදුවූ අතර එනම්  කඳු බෑවුමකට හිරවීමෙන් කඳු නගින්නන් 8 දෙනෙකු මිය යාමයි.ඉන්පසු 2013 දී යුරෝපිය කඳු නගින්නන් තිදෙනෙකු හා ශර්පාවරුන් 100 කට වැඩි පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් විසල් සංඛ්‍යාවක් මිය ගියහ.2015 අප්‍රේල් 25 වන දින සිදුවූ 7.8 ක භූමිකම්පාවක් නිසා එහි කඳවුරු ලාගෙන සිටි 19 දෙනෙකු මිය ගියහ.












Wednesday, May 19, 2021

විසාල නුවරක් වූ අසිරිමත් දිල්ලිය



අසිරිමත් දිල්ලි නගරය භාරතයේ අගනුවරයි.අතීතයේ සිට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක නිජබිම වූ   උතුරු මධ්‍ය ඉන්දියාවේ යමුනා ගඟ අසබඩ  ඇති දිල්ලි නගරය ක්‍රිව.1911දි ඉන්දියාවේ අගනුවර ලෙස සැලසුම් කර ඉදිකිරීම් ආරම්භ කරන ලදී,මිට පෙර ඉන්දියාවේ අගනුවර වුයේ කල්කටාවයි.

පැරණි දිල්ලි නගරය ඉන්දියාවේ ආර්ථික සහ දේශපාලනික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කල අතර මේ නගරයේ පිහිටීමේ ඇති සුවිශේෂී බව අගනගරය ලෙස පසුකලක බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තෝරා ගැනීමට හේතු විය.ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි ශාස්ත්‍රපති භාවන,රතු බලකොටුව (අග්‍රා), පාර්ලිමේන්තුව , (Supreme Court) ශ්‍රේෂ්ඨාධිකරණය ,ඉන්දියාවේ ගේට්ටුව ලෙස හැඳින්වෙන නවදිල්ලියේ යුද්ධ ස්මාරක කුළුණ නගරයේ සුවිශේෂී ස්ථානයන්ය. දිල්ලි නගරයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී V වන ජෝර්ජ් අධිරාජ්‍යයා විසින් ක්‍රි.ව 1911 දී  මෙම අග නගරය ඉදි කිරීම ආරම්භ කලේය.බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී  Edwin Lutyens විසින් නවරය සැලසුම් කල අතර A.E.P. Grison සහ William Mustoe අතින් නගරයේ උද්‍යාන අලංකරණය සහ ගස් වැල් වැවීම සිදු විය.එකල ප්‍රතිරජයාගේ  මන්දිරය කොරෝනේෂන් උද්‍යානයේ  සාදන ලදී.

වර්ග කිලෝමීටර් 42.7 ක භුමි ප්‍රමාණයක් පුරා ඉන්දු ගංගා තැනිතලාවේ පැතිර ඇති මෙම ප්‍රදේශය භූකම්පන කලාපයක පිහිටීමද විශේෂ ලක්ෂණයකි.2011-2015 අතර කාලසීමාව තුල මැග්නටික් 5.40 වැඩි භූචලන කිහිපයක්ම සිදුව ඇත.දිල්ලි නගරයේ උණුසුම් කාලගුණයක් පතින අතර  උණුසුම් සමයේ 32C දක්වා වැඩිවේ,සමහර කාලවලදී දුවිලි කුණාටු ද දැකිය හැක. 

මෑත කාලයේදී දිල්ලි නගරයට ස්වභාවික අපදා මෙන්ම මිනිස් ක්‍රියාකාරිත්වයේ බලපෑමෙන් ව්‍යවසන රාශියකටද මුහුණ පෑමට සිදුවිය.2015 සමීක්ෂණ වාර්තා වලට අනුව ලෝකයේ නගර 1600කින් වඩාත්ම වායු දුෂණයට ලක්වූ නගරය ලෙස වාර්තා විය.2016 දී එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂා කිරීමේ ඒජන්සියකට අනුව ලොව ජනාකීර්ණම නගරය ලෙස වාර්තා වූ අතර 2019 දී දෙවෙනි වරටත් වාර්තා විය. 

 නව දිල්ලිය නැගෙනහිර සිට බටහිරට බෙදී යන අක්ෂාංශයෙදී  විස්ටා උද්‍යානය පිහිටා ඇති අතර හෙක්ටයාර් 10.5ක් පුරා විහිදී ඇත.මීටර් 40ක පමණ උසැති නෙලුම් විහාරය දිල්ලියේ ඇති තවත් සුවිශේෂී නිර්මාණයකි.

උතුරු ඉන්දියාව ඉන්දියාවේ විශාලතම ආර්ථික නගරය වන අතර තොරතුරු හා තාක්ෂණවේදය ,හෝටල්,බැංකු ,මාධ්‍ය සහ සංචාරක කර්මන්තය් මගීන් බටහිර ව්‍යවස්තදායකයින් විශාල සංඛ්‍යාවක් 2010 වසරේ සිට මෙම නගරයට ඇදී ඒම සිදුවිය.2011 ලෝක ධනවත්කම දක්වන වාර්තාවේ දිල්ලි නගරයේ ආර්ථික ක්‍රියාකාරිත්වය 39 වන ස්ථානයට  පත්විය.දිල්ලි නගරයේ සිදුකල ආර්ථික සමීක්ෂණයකට අනුව එම පුරවරය තුල නිෂ්පාදන ධාරිතාව 2004-2005 වර්ෂ වලදී රුපියල් බිලියන 830,85ක් ද ,ඒක පුද්ගල  ආදායම රුපියල් 53,976ක් ද වූ අතර 2008 -2009 දී රුපියල් 1.16.886ක්. විය.

ඉන්දියාව ආර්ථික ශක්තියෙන් සහ යුධ ශක්තියෙන් ලොව බලවත්ම රටක් වන අතර චීනයට පසුව ලොව ආර්ථික බලවත්ම රට බවට පසුගිය කාලයේ අනාවැකි පත්කර තිබුණි.මේ වන විට ලෝකයේ තිරිඟු ,ගල් අඟුරු, යකඩ වානේ  නිෂ්පාදනය කරන රටවල් අතරින් දෙවන ස්ථානය ඉන්දියාවට හිමිවන අතර යුධ අවි සහ න්‍යෂ්ටික අවි අයත් ලෝක බලවතුන් අතරින් සිවුවන ස්ථානය  ඉන්දියාවට හිමිවේ.

නමුදු අවාසනාවකට කොරෝනා වෛරසය වර්තමානය වන විට ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන අතර දිල්ලි බලධාරීහු එරට හමුදාවෙන් සහය ඉල්ලා සිටිති. ඉන්දියාවේ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරි ගොස් ඇති අතර ඔක්සිජන් හිඟයකටද මොවුන් මුහුණ පා තිබිම ඛේදනීය තත්වයකි.අධික ජනගහනයක් මෙම නගරය තුල ජීවත්වීම රෝග ව්‍යාප්තිය සීඝ්‍ර වීමට හේතුවන්නාක් මෙන්ම සේවා සැපයීමේ දුෂ්කරතාවයක් වීමද හේතුවක් වී ඇත,

වසංගතය ආරම්භයේ පටන් මේ වන විට  වාර්තාගත ආසධිතයින් ගණන මිලියන 20 කට අධික වී ඇත.ගෙවුණු සති දෙකක කාලය පුරාවට පමණක් ආසාධිතයින් දිනකට  30000 කට අධික ප්‍රමාණයක් දීනකට වාර්තා විය.දැනට ඔක්සිජන් සහිතව රෝගීන් 10000 කට ප්‍රතිකාර කල හැකි සායන සහ අධි සත්කාර එකක 1000 ක් පමණ බලධාරීන් විසින් හමුදාවේ උපකාරයත් සමගින් දිල්ලි නගරය පුරා ව්‍යාප්ත කරගෙන යාමට කටයුතු කරමින් සිටිති.

දිනකට ටොන් දහස් ගණනක් ඔක්සිජන් ඉන්දියාව විසින් නිෂ්පාදනය කලත් බෙදා හැරීමේ ජාලය මත පවතින ආයෝජනයේ දුර්වක් බව හේතුවෙන් මෙයට අභියෝග පවතින බව ඉහල තලයේ නිලධාරීන් ප්‍රකාශ  කරති.ලොව එන්නත් නිෂ්පාදනයේ දැවැන්තයා වූ ඉන්දියාවත් කොවිඩ් ඉදිරියේ අසරණ වූ ආකාරය ඉතාමත් ඛේදනිය වේ.මේවන තෙක්ම කොවිඩ් පළමු මාත්‍රාව ඉන්දියාවේ දී ඇත්තේ බිලියන 1.5ක් වූ ජනගහනයෙන් 10% - 11%  අතර ප්‍රමාණායකට පමණි.

ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක වූ බාරකා දත් පවසා තිබුනේ ඉන්දියාව බිඳුණු රටක්.රටවැසියන්ට හිංසා කරන රටක් බවට පත්වී ඇති බවයි.මන්ද කොරෝනා වසංගතය ඇයගේ 80 හැවිරිදි පියාවද බිල්ලට ගත් හෙයිනි.ඇයගේ පියා දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා ඇය දිල්ලිය විශාලා නුවරක් බවට පත්වී ඇති ආකාරය පිලිබඳ හෙළිදරව් කලාය.මේ වන විට ඉන්දියාවෙන් හමුවන ආසධිතයින් ප්‍රමාණය ඉන්දියාවට දරාගත හැකි ප්‍රමාණය ඉක්මවා ගොසින්ය.දිල්ලි රෝහල් ඉදිරිපිට දක්නට ලැබෙන්නේ දරා ගැනීමට නොහැකි රෝගීන් තදබදයක දර්ශනයකි.

සෞඛ්‍ය නීති කඩකිරීම මෙන්ම දැඩි ආගමික මතවාද සහ මිත්යා විශ්වාස නිසා එක්රැස් වී ආගමික කටයුතුවල නියැලීම ,අපවිත්‍ර ජලයේ යාග හෝම වල නියැලීම,එක් රැස් වී නියැලෙන දේශපාලන ක්‍රියාකාරකම් මෙම වසංගතය සීග්‍රයෙන් පැතිර යාමට හේතුවී ඇත.

බුදු දහමේ කියවෙන  අනිත්‍ය පසක් කරමින් ඉන්දියාවද , දිල්ලි නගරයද  ආර්ථික හා යුධ ශක්තියෙන් කෙතරම් දැවැන්ත රටක් වුවද අද තුන්බිය හමුවේ ඛේදනීය විසාලා මහනුවරක් බවට පත්ව ඇත.

Saturday, May 15, 2021

නිහඬ කඳුල

 




මදකට ඔබේ නෙතු පියන්න

ඔබ දකීවි හැම මතකයක්ම මා හා බැඳි

මදකට අසුන් ගෙන සිත සන්සුන් කර ගන්න 

ඔබ සොයා ගනී මා ඔබේ හිත තුල තවමත් සිටින බව.


නමුදු දැන් ඔබ නොහඩන්න

මම ඔබෙන් ඈත්වී ගොස් අවසන්ය.

මන්ද මම සිටින්නේ ගීතයේ දේශයෙයි.

එහි වේදනාවන් නොමැත,එම නිසා බියක් නොදැනේ .

ඒ නිසා කඳුළු වියළි ගොසින්ය.


මම සීතලෙන් සහ අඳුරෙන් වෙලී ඇති බව නොසිතන්න

මන්ද මේ දේශයේදී මා වියපත් නොවන බැවිනි.

මම වෙසෙන්නේ ආදරය සෙනෙහස මැදය.

ඉහලින් ඇති ලොව දෙස ඔබ හොදින් දන්නා .


Friday, May 14, 2021

ඇමරිකානු කවි වෝල්ට් විට්මන් (American Poet Walt Whitman 1819–1892)



වෝල්ට් විට්මන්  1819 මැයි 31 වෙනි දින නිව්යෝර්ක්හි ලෝන්ග් අයිස්ලන්ඩ් හි වෙස්ට් හිල්ස්හි උපත ලද අතර නිවාස ඉදිකරන්නකු වූ Walter Whitman හා Louisa Van Velsor ගේ දෙවන පුත්‍රයා විය.1820-1830 කාලය ඇතුලත බ්‍රුක්ලන් හි ඔවුන් වාසය කල අතර මොහු එම ප්‍රාන්තයේ බ්‍රුක්ලන් පාසලෙන් තම අධ්‍යාපනය ලැබිය.ඉන් පසුව අවුරුදු 12 දී මුද්‍රණ යාන්ත්‍රනය පිළිබඳව වෝල්ට් ඉගෙනීම ආරම්භ කල අතර බොහෝ දුරට ස්වයං අධ්‍යනය සිදුකරනු ලැබිය.මොහු සාහිත්‍යයට බෙහෙවින් ප්‍රිය කල අතර හෝමර් , දාන්තේ මෙන්ම විලියම් ශේක්ස්පියර් වැනි කවියන්ව අධ්‍යනය කල අතර බයිබලය කෙරෙහිද විශේෂිත අවධානයක් යොමු කර ඇත.

1836  දී  ගුරු වෘත්තීය ආරම්භ කල වෝල්ට් 1841 දී පුර්ණකාලිනව පුවත්පත් කලාවට යොමුවන තෙක්ම ගුරුවරයකු ලෙස තම දැනුම බෙදා දුන්නේය.පසුව ඔහු Long-Islander පුවත් පත ආරම්භ කර පසුව Brooklyn සහ  New York යන පුවත් පත් වලසංස්කාරක ලෙස කටයුතු කළේය.1848 දී වෝල්ට් Brooklyn පුවත්පතින් ඉවත්ව මාස තුනක ගිවිසුම් කාලයකට New Orleans Crescent හි කතෘ ධුරය භාර ගන්නා ලදී. නමුදු  නිව් ඔර්ලියන්ස්හි වහල් වෙළදාමේ සහ වහල් සේවයෙහි යෙදුණු මිනිසුන්ගේ ඉරණම දැක කණගාටු වූ ඔහු නැවත බ්‍රුක්ලින් වෙත පැමිණ free soil පුවත්පතේ සමකතෘ ලෙස ධුරය භාරගන්නා ලදී.ජාතිය සහ වර්ගවාදය පිලිබඳ මොහුගේ අදහස් ආකල්ප සහ මතවාද පරස්පර විරෝධී වුවත් මානව ගරුත්වයට මුලික තැනක් දුන් පුද්ගලයකු විය.

බ්රුක්ලින්හිදී ඔහු unique style of poetry එනම් අද්විතීය කාව්‍ය ශෛලීන් වර්ධනය කරගනිමින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තේය.වොල්ට්ගේ නිර්මාණ කෙරෙහි එරට කවියකු වූ රැල්ෆ් වෝල්ඩො මවිතයට පත්වුයේ එම නිර්මාණ වල වූ ප්‍රතිභාව දැකයි.මොහුගේ ප්‍රථම කාව්‍ය කෘතිය වුයේ Leaves of Grass කාව්‍ය සංග්‍රහයයි.1855 දී ඔහු Leaves of Grass හි පළමු සංස්කරණයේ ප්‍රකාශන අයිතිය රැගෙන පෙර නිර්මාණ නව්‍යකරණයට ලක් කරමින් එය නම් නොකළ  නිර්මාණ 12 ක් හා පෙරවදනක් සහිතව ලෙස එළිදක්වා පළමු පිටපත එමර්සන් වෙත යැවිය.

1856 දී Leaves of Grass හි දෙවන මුද්‍රණය සිදුකල අතර කවි 32ක් සහ පළමු කාව්‍ය සංග්‍රහය පිලිබඳ එමර්සන්ගේ විමසුම ඇතුලත් ලිපියද විට්මන් එයට දැක්වූ ප්‍රතිචාර ලිපියද ඇතුලත් විය.

පසුකාලීනව විට්මන් පිළිබඳව M. Jimmie Killingsworth පැවසුවේ විට්මන්ට අනුව ඒකාබද්ධ කිරීම යනු ඔහු විසින් සිතෙහි පිළිසිඳ ගත් මානසික, සදාචාරාත්මක හා දේශපාලන සීමාවන් ඉක්මවා යාමට තනි පුද්ගලයෙකුට ඇති හැකියාවයි.පසුව 1855 දී Leaves of Grass  යන තනි මාතෘකාව යටතේ ‘I Sing the Body Electric,' ‘The Sleepers,' and ‘Song of Myself,' යන කව්‍යයයන් ඇතුලත් කරන ලදී.

සිවිල් යුද්ධය ආරම්භ කරන විට මොහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල අතර යුද්ධයෙන් තුවාල වුවන් පිලිබඳ සොයා බැලීමට නගරය වටා රෝහල් වල කාලය ගත කළේය.පසුව යුද්ධයෙන් තුවාල ලැබූ තම සොයුරා රැක බලාගැනීම උදෙසා වෝල්ට් 1862 දී වොෂින්ටනයට ගියේය.

1873 දී ශරීරයේ ඇතිවූ හදිසි රුදිර නාල වල ඇතිවූ හිරවීමක් හේතුවෙන් ශරීරයෙන් පැත්තක් පණ නැතිවී අර්ධ වශයෙන් අංශභාග තත්වයට පත්විය. මාස කිහිපයකට පසුව ඔහු තම අසනීපයෙන් සිටින මව බැලීමට කැම්ඩන් වෙත ගොස් තම සොයුරාගේ නිවසට ගියේය. Leaves of Grass කෘතිය ප්‍රකාශයට පත් කරන තෙක් ඔහු එහි විසුවේය.

1891 -1892 කාලයේදී ඔහු තම කෘතීන් වල සංශෝදන කරමින් තම අවසන් කාලය ගත කල අතර ඔහුගේ අවසාන කාව්‍ය සංග්‍රහය වු  Good-Bye My Fancy රචනා කරන ලදී,1892 මැයි 21 වෙනි දින ඔහු මිය ගිය අතර මරණයෙන් පසු ඔහුගේ දේහය විට්මන්හි තැන්පත් කරන ලදී.







චීනයේ ශෝඛාන්තය

 


ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයක්ම ගංගාවක් අසල ගොඩ නැගුණ අතර .එවැනි එක් ශිෂ්ඨාචාරයක් වන්නේ කහ  නදිය අසබඩ ගොඩනැගුණු හොවැන්හෝ ශිෂ්ඨාචාරයයි.කහ ගඟ හෙවත් හොවැන්හෝ නදිය චීනයේ දෙවෙනි විශාලතම නදිය සේම ලෝකයේ දෙවෙනි විශාලතම නදිය වේ,කහ ගඟ ආශ්‍රිතව නිර්මාණය වුන මෙම ශිෂ්ඨාචාරය වත්මන් චීනයේ ප්‍රතිනිර්මාණයට ද මුලපාදක වූ නිජබිමයි.ටිබෙට් කඳු පන්තියෙන් ඇරඹ සැතපුම් 3000ක් පමණ දුරක් ගලා යන ගංගාව චීනයේ කෘෂිකර්මාන්තය සේම ප්‍රවාහන සේවයට ද උපකාර කර ගනී. මෙම ගංගාව මධ්‍යම චීනයේ බයන් හාර් කඳුකරයෙන් පටන් ගෙන පළාත් 9ක් ඔස්සේ ගලාගෙන යන ගංගාව ඉන්පසු බෙහායි ගංගාවට ගලා වැටෙයි.ටිබෙට් සානුවේ පිහිටි සුරක්ෂිත කලාපයක් වන මෙය චීන ජල සංචිත කුළුණලෙසද හඳුන්වනු ලබයි. 

මෙම කහ ගඟ විවිධ අන්වර්ථ නාම වලින් හැඳින්වන අතර චීනයේ ශෝකය,මංකොල්ලය,හැංග් ජනතාවගේ පිපිරිම, චීන ශිෂ්ඨාරයේ ශෝකාන්තය  යන නම් වේ.මෙතෙක් චීනය පිලිබඳ සත්‍ය තොරතුරු දැන ගැනීමට නියමිත මුලාශ්‍ර සොයා ගෙන නොමැති අතර පුරාවෘත සහ ජනකතා ඇසුරින් ලබා ගත් තොරතුරු ඔස්සේ මෙවන් විස්තර දැනගැනීමට හැකියාව ඇත.

ඉතිහාසඥයින්ට අනුව චීනයේ ප්‍රථම රාජ්‍ය පාලනය සාමය ආරම්භ වන්නේ ශැන්ග්වරුන්ගේ පාලන සමයේදීය. එනම් ක්‍රි.පු.1583-1027 දක්වා කාලයේදීය.මෙම යුගයට අයත් මුලාශ්‍ර අර්ලින්ගෑන්,ශේන්ශෝවූ ප්‍රදේශ වලදී හමුවී ඇත.මොවුන් ශතවර්ෂ 5ක පමණ කාලයක් තම පාලනය ගෙන ගිය බවට මෙම මුලාශ්‍ර වලට අනුව තේරුම් ගත හැක.මොවුන් විවිධ අමනුෂ්‍ය ආත්ම පිලිබඳ දැඩි විශ්වාසයකින් යුක්තව කටයුතු කල අතර ප්‍රධානතම දෙවියා වුයේ ශැන්ග්ති ය.ඒ අතරම විවිධ දේවස්ථාන වල විවිධ දෙවිවරුන් වන්දනාමාන කරමින් බිලිපුජා ආදිය පැවැත්වුහ.

මෙම කාලයේදීම නිමිති යනුවෙන් මොවුන් හඳුන්වන මිනි ඇටකටු වල කොටන ලද ලියවිලි රැසක් හමුවී ඇති බවට විද්‍යාඥයෝ මත පල කරති.

මොවුන්ගේ විශ්වාස අතර රාජකීයයින්ට සොබාදමේ පවතින අත්මයන්ගේ බලයන් ලැබෙන බවත් ,පැරැන්නන්ගේ අත්මයන්ගේ බලයත් ලැබෙන බව විශේෂතම විශ්වාසය විය,එම හේතුවම මොවුන්ගේ ඥාති සබන්ධතා මෙන්ම රාජකීය සබඳතා බලවත් වීමට හේතුපාදක විය.රටේ විවිධ ක්‍රියාකාරකම් උදෙසා තමන් විශ්වාස කරන ආත්මයන් පිනවීම මෙන්ම  ඔවුන්ගෙන් උපදෙස් ගැනීමද රජුගේ වගකීම විය. රජුන්ට ප්‍රශ්නයක් ඇතිවූ විට ඉතත සඳහන් කල ඇටකටු වල ප්‍රශ්න කොට ඒවා රත් කොට ඇති වන පිපිරුම් පිළිතුරු ලෙස ගත්හ.එම නිසාම මේවා අනාවැකි ඇට , දිවැස්න අස්ථි යන නම් වලින් හැඳින්වූහ.මෙම රූපක්ෂර චීනයේ මුලමකුරු ලෙස නම් වේ.

මෙම පාලන සාමය තුලද කුලබේද ඝට්ටනය තිබුන අතර උසස් පැලැන්තියේ රජුන් ඇතුළු පිරිස සුඛෝපභෝගී ජිවිතයක් ගත කල අතර සාමාන්‍ය ජනයා දිළිඳු දිවී පෙවතක් ගත කළහ.මොවුන්ගේ පැවති පන්ති පරතරයම මෙම රාජ්‍යයේ බිඳ වැටීමට හේතුවක් වන්නට ඇතයි බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.පසුව ක්‍රිපු.1028 දී බටහිර දේශ සිමාවෙන් පැමිණි චෞ ජාතිකයින් ශැන්ග් නගරයට ප්‍රහාරයක් එක්ක කලෝය.මේ ඔස්සේ එම පාලන සමයට අයත් මුර්ති, පිළිම, වැනි  බොහෝ වටිනා පුරා වස්තු එකතුවක් ලොවට උරුම විය.

නව පාලකයින් සියවස් 8ක් වැනි කාලයක් මෙහි පාලනය අතට ගෙන කටයුතු කල අතර වූ චන්ග් අධිරාජ්‍යයා යැන්ග්ත්සි මිටියාවත දක්වා තම අධිරාජ්‍යය පුළුල් කරගෙන ගියාය.මේ සමයේදී අධ්‍යාපනය,කෘෂිකර්මාන්තය ,ආර්ථිකය ,වාණිජ ,අධ්‍යාපනය යන සෑම අතකින්ම රාජ්‍යය පරිපුර්ණත්වයට පත්වූ අතර.කොන්ෆියුසස්, මෙන්සියස්  වැනි ප්‍රබල දාර්ශනිකයන් බිහිවූයේද මෙම සමයේදී වීම සුවිශේෂිත්වයයි.පින්තුර සහ ශබ්ද වල එකතුවකින් සැදුණුචීන ලේඛණ කලාව ඇරඹියේ මේ සමයේදී වන අතර ,ඒ හාම සෑම ශිෂ්‍යයෙක්ම  සඥා අක්ෂර 3000ඉගෙන ගත යුතුව තිබුණහ..මෙම මුලාශ්‍ර වලට අනුව මෙම රාජ්‍යය රජවරුන් 31 දෙනෙකුගේ යටතේ 6 වරක් පාලනය වූ බව කියවේ.එමෙන්ම ක්‍රිස්තු පුර්ව 1335 මෙහි ස්වර්ණමය සහ අවසන් රාජ්‍ය සමය වූ බව ද ඉතිහ්සඥයින් ගේ මතයයි.











Sunday, May 9, 2021

හීන මායිම

 හීන මායිම මනක්කල්පිත කතාවක් කියලා හිතුවත් හීන අතර ජිවත් වෙන සැබෑ මිනිසුන්ගේ ජිවිත කතාවක් කියන එක් පොත් කියවනකන්ම මට දැනුනේ නැහැ.පෙළක් මිනිස්සු තියෙන සල්ලි අනවශ්‍ය දේට පවා වියදම් කරමින් සෙල්ලක්කාර ජිවිත ගෙවද්දී හීන මායිම කතාව ඇතුලේ ජිවත් වෙන්නෙත්  අපි වගේම ලේ මස් ඇට නහරින් ඉපදුණු මිනිස්සු නේද කියන හැගීම හිතට ආවේ හිතට දුකක් එකතු කරමින් සුසුමක් හෙලමින්. 

හීන වෙනුවෙන් ජිවත් වෙන මිනිසුන් තම හීන සැබෑ කර ගන්න අතරම තවත් මිනිසුන් කොට්ටාශයක් තමන්ගේ සිහින සැබෑ කර ගන්න අනික් මිනිසුන්ගේ සිහින විනාස කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය හීන මායිම කියවද්දී මගේ හිතට ආපු ගැටළුවක්.එත් වත්මන් සමාජයේ ඇහෙන දකින කරුණු දකිද්දී එය අරුම පුදුම කාරණයක් නොවන බව මට හොදින් වැටහුනා.

ප්‍රශ්න ගැටුම් මැද්දේ වුනත් පොඩ්ඩිලා සතුටින් ජිවත් වෙන්න දරන වෑයම මේ කතාව ඇතුලේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක්. ඒ වෑයම ලොකු අයියගේ කල් ක්‍රියාවන් එක්ක වියකුනත් සමහර අවස්ථා වලදී ඔවුන් ලොකු අයියට වෛර කලේ නැහැ කිසිම අවස්ථාවකදී. කියවන හැම වචනේකම ගැමි බවේ සංවේදීකම මේ කතාව අස්සේ හැංගිලා තියෙන එකත් හීන මායිමේ තියෙන සුවිශේෂී බවක්,ඒ සංවේදීකම ඇතුලේ හැමතැනකදිම ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මතාවයක් කතාවට ඇතුලත් කරන්න අමිල සහෝදරයා අමතක කරලා නැහැ. 

කොතරම් තද හිතක් තිබුනත් මිනිසුන් සමහර අවස්තා වලදි කොතරම් සංවේදි වෙනවාද යන්න  ඇක්මන් අයියාගේ චරිතය ඔස්සෙ  අපිට  දැක ගැනීමට හැකිය.  මන්ද සාමන්‍ය මිනිසෙකුට සිදු කල නොහැකි දේහයක් වැළලීමට, කෙනෙකුගේ  හිතක් කෙතරම් ගල් හිතක් විය යුතුද යන්න පාඨකයාට  වැටහෙන කාරණයකි. 

මෙම ගැමියාගේ හිතේ වූ සංවේදී කම   ඉස්මතු වෙන අවස්තාවක් නම්

" ඔව් මම මිනී වැළලුවා.වළලපු මිනී අයේත් ගොඩ දැම්මා. 

ඒක මම කැමැත්තෙන් කරපු රස්සාවක් නෙමෙයි.ඒත් අපිට ජීවිතේ දැනෙන්න ගත්තහම ,ජීවත් වෙන්න ඕනෙ කියලා  දැනෙන්න ගත්තහම අපි කැමති හුගක් දේවල්  අතාරින්න වෙනවා.කැමති දේවල් වෙනුවට  ජීවත් වෙන්න අකමැති දේවල්  කරන්න සිද්ධ වෙනවා ".  යන ජේදයෙනි

තරුණ වැඩිහිටි හැම පාඨකයෙකුටම කියවීමට රුචිකත්වයක්  හිතට ඇති වෙන විදියට සරල තේරුම්ගත හැකි භාෂාවකින් මෙම කෘතිය රචනා කර තිබීමත් විශේෂත්වයක්.සරල වාක්‍ය රටාවක් සහ ලේඛණ ශෛලියක් මෙම කතාව පුරාම අපිට දකින්නට පුළුවන්.

කතාව පුරාම දකින්න ලැබෙන තවත් විශේෂත්වයක් නම් මිනිස් සිතේ ඇතිවන හැගීම් සොබා දහමත් සමගින් එකතු කරමින් සිදුවීම් දිග හැරුමයි. 

"හැමදාමත් එළිය දෙන හඬ අද  අඳුරට වෙලා තනිවෙලා, අඳුරු වලාකුළු  අතර සැඟවීලා ගිහිල්ලා .තරු එළියක් පෙනෙන තෙක් මානයක වත් නැහැ.ළාවට පොළව සිප ගන්න පොඩි වැස්සටත් කුරුල්ලෝ බයවෙලා.හිරිකඩ අඩවන් වුණ ජනෙල් පියන් අතරින් ඇතුලට එනවා. විදුලි කොටනකොට ඒ එළිය හඳ එළියටත් වඩා හිතට දැනෙනවා.එත් ඒකත් ඒනවා. යනවා.ජිවිත වලට එන සතුටත් දුකත් මේ විදුලි කොටනකොට එන ඒ එළිය වගේ. එනවා.යනවා.අකුනකට නම් මේ ඔක්කොම පුච්චලා, අළු කරලා දාන්නත් පුළුවන්. "

මේ අකුණු එළිය මැද්දෙන් පොඩ්ඩි ලගේ ජීවිතවල ඇතුලාන්තය හරිම අපුරුවට මතුකරලා තියෙන බව පොත කියවන පාඨකයාට හොදින්ම අත්විදින්න පුළුවන් දෙයක්.

ජීවිතයේදී විවිධ හැලහැප්පීම් බාධක වලට මුහුණ දෙන මිනිසුන් ඒ පිලිබඳ නොසිතා තමන්ගේ ඉලක්ක වෙත ගමන් කරන ආකාරය චමරිගේ දුප්පත්කම සමගින් එන බාධක නොසලකා හරිමින්  ඉගෙනුමෙන් ඉහලට ගොස් ජිවිතේ ගොඩනගා ගන්නා අයුරු ඉතාමත් අපුරුවට මෙහි ගොඩනංවා තිබෙන ආකාරය සිත්ගන්නා සුළුය.

දෙමාපියන් දරුවන්ගේ ජිවිත ඇතුලට සියුම්ව ඇතුල් වෙලා ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු බවත් ඔවුන්ට ආදරය සෙනෙහස දැක්විය යුතු බවත් සුදුවාගේ චරිතය ඔස්සේ අපිට හිතන්නට යමක් ඉතුරු කල යථාර්තයක්. පවුලේ අයත් ,සමාජයත් ඔහු පිළිබඳව අවබෝධ කරගෙන සිටි ආකාරයට වඩා වෙනස් ඇතුලන්තයක් ඔහු තුල තිබුන බව හෙළිදරව් වන විට ඔහු මෙලොවින් සමුගෙන අවසන්.එය ඔහුගේ වරදක්ද?සමාජයේ වරදක්ද යන්න තෝරා ගැනීම පාඨකයාට අයත් කාර්යයකි.

ඒ බව හොදින්ම 

" උඹලා පන්සල ඇතුලට යනකම් ඉදලා ටිකක් වෙලා ගියාට පස්සේ උඹලා රේවත හාමුදුරුවන්ගෙන් අකුරු ඉගෙන ගන්න හැටි හොරෙන් බලන් හිටියා.උඹලා පන්සලෙන් එලියට එන්න කලින් මන් ආයෙත් ගියා.එත් එක දවසක් මම එහෙම බලන් ඉන්නවා සියදෝරිස් උන්දෑ දැක්කා.එදා ඉදන් මම කවදාවත් එහෙම හැංගිලා බලන් ඉන්නවත් පන්සල පැත්තේ ආවේ නෑ.මම උඹලට කවදාවත් ඉරිසියා කලේ නෑ.උබලා එක්ක තරහක් ඇති උනේ නැහැ.එත් මට මන් ගැනම තරහක් ඇති උනා." මම ඉබාගාතේ ගියා ,කිසිම අරමුණක් නැතිව,කිසිම හීනයක් නැතිව ජිවත් වුන මිනිහෙක් වුනා.එහෙම මිනිහෙක්ගේ ජීවිතෙත් ඉබාගාතේ යනවා.මිනිහෙක්ට ජිවත් වෙන්න අරමුණක් ඕනි

යන්නෙන් හොදින් විද්‍යමාන වන කරුණකි.

මෙයින් හැමදෙනාටම හිතන්න බොහෝ දේ ඇති අතර ජීවිතය ගොඩනඟා ගැනීමට අරමුණක් ඇතුව තම ඉදිරි මාර්ගය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව තම ගමන ආරම්භ කිරීමට අධිටන් කරගත යුතු බවට හොඳ නිදර්ශනයකි.

 විවිධ පැතිකඩ ගණනකට සිත යොමු කරවන මෙම කෘතිය සැමදෙනාටම කියවීමට සුදුසු ජිවිතයේ යථාර්තය මතුකොට දක්වන ගුණාත්මක කෘතියක් බව මට දැනෙන කරුණයි.

නිර්මාණකරණයේ මුල් අත්පොත මෙලෙසින් තැබූ ඔබට වඩ වඩාත් ගුණාත්මක නිර්මාණ රැසක් බිහිකිරීමට ශක්තිය ලැබේවායි හදවතින්ම සුබ පතනවා!