‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, December 22, 2022

ඉන්දියානු නාමය ලොව සංකේතවත් කළ අග්‍රාවේ රතු බළකොටුව.


මෝගල්වරුන් විසින් ඉන්දියානු දේශපාලනයට , ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද විසල් බලපෑමක් කළ අතර ඉන්දු- මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පය මෙලෙස විසල් බලපෑමකට ලක්වූ අංගයකි.එහි සුවිශේෂීම ප්‍රතිපලයක් වුයේ අග්‍රාහී රතු බල කොටුවයි.

ඉන්දියානු බටහිර උත්තර පෙදෙසේ පිහිටි ඓතිහාසික පුරවරයක් වූ අග්‍රා නගරයේ පිහිටි අග්‍රා බලකොටුව රතු බලකොටුව නමින් හැඳින්වේ.එය යමුනා නදිය අසබඩ රතු වැලි ගලින්  වලින්  ගොඩ නගා ඇති අතර ,1965 දී මෝගල් අධිරාජ්‍යයා  වන අක්බාර් විසින් විසින් නිර්මිත කර ඇත. එමෙන් 1983 දී අග්‍රාව යුනෙස්කෝවේ ලෝක උරුම අඩවියක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉංදියාවේ අනන්‍යතාවය පෙන්නුම් කරන සංකේතයක්ද වේ.


අග්‍රාව රාජකීය මන්දිරයක් සේම  විවිධ රාජ්‍ය වංශිකයින් අතරේ පාලනය වුන මෙය 19 වන සියවසේ සිදුවූ ඉන්දීය
බ්‍රිතාන්‍ය හමුදා සන්නද්ධ ගැටුම් වල මුලිකම කේන්ද්‍රස්ථානය ද විය.දිල්ලියේ පිහිටි හුමයුන් සොහොනේ සමකාලින ව්‍යුහයක් වූ රතු බලකොටුව , ඉන්දියානු මෝගල් පාලන සමයේ වාස්තු විද්‍යත්මක ශ්‍රේෂ්ඨත්වය පිළිඹිබු කරන්නකි.අඩ සඳක ස්වරුපයකින් ගොඩ නගා ඇති අතර සම්පුර්ණ ගොඩනැගිල්ල කිලෝමීටර් 2.5 ක පරිධියකින් ද මීටර් 21 ක උසකින්ද යුක්ත වන අතර , දිය අගලකින් වට  වී ඇත. 

බලකොටුවට ප්‍රවිෂ්ඨ වන ප්‍රවේශ දෙකක් ඇති අතර අමර් සිං  ප්‍රවේශය බලකොටුවට පිටතින් ඇති එකම පිවිසුම වන අතර බටහිර දෙසට මුහුණ දා ගොඩ නැගු දිල්ලි පිවිසුම අලංකාර කිරිගරුඬ වලින් ඔබ්බවා සුන්දරව නිර්මාණය කර ඇත.

පසුකාලින මෝගල් අධිරාජ්‍යයන් වූ සාජහන් සහ ජහන්දිර් විසින් බලකොටුවට නව ව්‍යුහයන් එකතු කළ අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය පර්සියානු සහ ටිමුරිඩ්  ලක්ෂණ පෙන්නුම් කරන තුර්කි, පර්සියානු සහ ඉන්දියානු ගෘහ නිර්මාණකරණයේ සොඳුරු සංකලනයකි.
යමුනා නදියේ දකුණු ඉවුරේ  පිහිටා ඇති අග්‍රා බලකොටුව ඇති උද්‍යානය  සුන්දර ටජ්මහල ගොඩ නංවා ඇති උද්‍යානයටද සම්බන්ධ වේ.

අග්‍රාහී දක්නට ලැබෙන ආකර්ශනීය ස්ථාන අතර අක්බාර් ඔහුගේ පුතා වූ ජහන්ගිර් වෙනුවෙන් නිර්මාණය කල ජහන්ගිර් මාලකය මුලික වේ.සංකීර්ණයේ විශාලතම ගොඩනැගිල්ල වන එයයි.

සාජහන් විසින් නිර්මාණය  කළ පර්ල් පල්ලිය (මෝටි මස්ජිඩ් ) සම්පුර්ණයෙන් කිරි ගරුඬ වලින් සෑදු ව්‍යුහයකි. උසස් නිලධාරින් හමුවුයේ පුද්ගලික විවේකාගාරය වූ දිවන් ඉ-ඛාස් ශාලාවේදීය.

එහි තිබු සුවිශේෂීම අංගය නම් ලෝ පතළ මොණර සිංහාසනයයි.එය 17 වන සියවසේදී මෝගල් අධිරාජයා වූ සාජහන් වෙනුවෙන් ඉදි කරන ලද අතර ,මෙතෙක් නිර්මිත විශිෂ්ඨතම සහ සුන්දරම සිහසුන බව කියවේ. සිහසුන වෙත රිදීයෙන් සෑදූ  පඩිපෙලකින් ඉහලට යාමට ඇති අතර ආභරණ වලින් සැරසුණු , රන් පාද මතින් සිටගෙන සිටින මොණරුන් යුගලයක් නිර්මාණය කර තිබේ.එම මොණරුන්ගේ පියාපත් රන් ආලේපිත එනැමල්ඩ් සහ දියමන්ති, මැණික් ආදී පාෂාණ ඔබ්බවා නිර්මාණය කර ඇත. 

පර්සියානුවන් විසින් 1739 දී ඉන්දියාවෙන් පැහැර ගෙන යාමේදී නාදීර් ශා අධිරාජයා විසින් එම ශෛලියේම සිහසුනක් සාදවා සිහසුන් දෙකම ඉරානයට ගෙන ගියත් කුර්දිවරුන් සමග ඇතිවූ සටන් වලින් එම සිහසුන් විනාශ වූ බව කියවේ.පසුකාලීනව එම සිහසුන් ප්‍රතිනිර්මාණය කොට නිමවා ඇත.

විශේෂයෙන්  " Fath-  Ali Shah(1797 - 1834 ) "යන පහ්ලවී ෂාවරුන් දෙදෙනා ද ඔවුන්ගේ රාජාභිෂේකයේදී භාවිතා කර ඇත්තේ " Qajar " රාජ වංශයට අයත් වූ ප්‍රතිනිර්මාණය කළ සිංහාසනයකි.


මෙම දිවාන් ඉ-ඛාස් ප්‍රේක්ෂකාගරයට මුහුණලා ඇත්තේ ෂාජහන් රජුගේ ප්‍රියතම බිසව වූ මුම්ටාස් මහල් බිසවගේ මුසම්මාන් බ්‍රජ් නම් අෂ්ටාංගික කුළුණයි.


අධිරාජ්‍යාගේ නිවහන වූ බාස් මහල් වටිනා මැණික් වලින් සහ මලින් සැරසු කිරි ගරුඩෙන් ගොඩ නැගූ ප්‍රසාදයකි.එහි ඊසාන දෙසින් අලංකාර දර්පණ මහල (ෂිෂ් මහල) දක්නට ලැබේ.එහි විශේෂත්වය නම් ගොඩනැගිල්ලේ බිත්ති සහ සිවිලිම කුඩා දර්පණ ඔබ්බවා නිර්මාණය කර තිබීමයි.

අග්‍රාවේ රතු බළකොටුව ඓතිහාසික ස්මාරකයක් සේම මෝගල් අධිර්ජ්‍යයේ බලමහිමය ලොවටම පෙන්වන නිදර්ශනයක් බව මැනවින් පැහැදිලි වේ.

මූලාශ්‍ර :

https://www.visittnt.com/agra-tours/agra-red-fort.html

https://www.britannica.com/topic/Agra-Fort

https://whc.unesco.org/en/list/251/

පරිවර්තනය 
නිලක්ෂි බණ්ඩාර 
12/22/2022


Tuesday, December 20, 2022

ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදාවලිය ලැබූ මහා කවි කාලිදාසයන්


ඉන්දියානු සාහිත්‍යය විචාරකයින්ට අනුව එතෙක් මෙතෙක් ඉන්දියාවේ බිහිවුන උසස්ම සංස්කෘත කවියා ලෙස විරුදාවලිය ලබන්නේ මහා කවි කාලිදසයන්ය.2 වන චන්ද්‍රගුප්ත සහ 1 වැනි කුමාර ගුප්ත රජසමයන්හි විසු ඔහු පුරාණ ඉන්දියානු රාජ සභා සංස්කෘතියේ අග්‍රගණ්‍ය යුගයන් අත්විඳි පුද්ගලයෙකි. කාලිදාස ක්‍රි.පු.6 වන සියවසේ කාලිංගයේ සිටි බව කියවෙන අතර කාශ්මීරයේ සිටි බවද කියවේ.ඔහු ගැන සඳහන් මුලාශ්‍ර අවම වන අතර ජනප්‍රවාද වලට අනුව කවිත්වය ඔහුගේ සහජ හැකියාවක් නොව කාලි දෙවගනගෙන් ලැබුණු වරමක් බවත් කියවේ.  පණ්ඩිත් ජයදෙවයන්ට අනුව ඉන්දියාවේ කවි කුලගුරු, ඉන්දියාවේ ශේක්ෂ්පියර් යන විරුදවලින්ගෙන් ඔහුව හැඳින්වුයේ මොහුගේ විශිෂ්ඨ කවිත්වය නිසාවෙනි.

ලෝ ප්‍රකට අභිජන ශාකුන්තල නාට්‍යයේ නිර්මාතෘ වූ කාලිදාසයන් , විලියම් වර්ඩ්ස්වර්ත් සේම සොබාදම ,කලාව සහ ශෛලිය තම නිර්මාණ වලට පාදක කර ගත් අයෙකි.ඔහුගේ  නිර්මාණ ධර්ම, පුර්ණ, වේද, දර්ශනය, උපනිෂද් ඇසුරෙන් නිර්මාණය වී තිබුණි.

හම්බෝල්ට් කවියාට අනුව කාලිදාස මෘදු ගුණාංගයන්ගෙන් සපිරුණු අයෙකි.මෘදුකම හැඟීම් ප්‍රකාශනය සහ නිර්මාණාත්මක විසිතුරුබැවින් මොහු බෙහෙවින්ම පොහොසත්ය.සියළු කවීන් අතර ප්‍රමුඛයා ඔහුය.මේඝ දුතයෙහි, සකුන්තලයෙහි රඝු වංශයෙහි අඩංගු වූ සොබාදම් වැනුම් ,සහ පරිකල්පන ශක්‍යතාවන් ඉතාමත් විශිෂ්ඨය.මොහුගේ කාව්‍ය වල විශේෂත්වය වුයේ කවියාගේ පුද්ගලික බව නිර්මාණවලට ඇතුලත් වීමයි.එම නිර්මාණ වල බොහෝ විට ස්ත්‍රීන්ගේ සහ කුඩා දරුවන්ගේ චිත්තස්වාභාවය , රාජොත්ස්වයන්ගේ මහේශාක්‍ය බව , මල්, ගස් සේම පක්ෂීන් සහ සිව්පාවුන් ද වින්ද්‍යාන්චලයට වඩා හිමාලයේ සුන්දරත්වයද පාදක වී ඇත.

මානව මනෝ විද්‍යාව සේම කාන්තා මනෝ විද්‍යාව පිලිබඳ පුළුල් දැනුමකින් යුතු කාලිදාස කෙනෙකුගේ ක්‍රියාවන් තුළින් ඔවුන්ව හඳුනා ගැනීමේ ප්‍රවීණයෙකු විය.කාලිදාසයන් භාෂාවෙන් නිපුණත්වය ලැබූ අතර එම භාෂාව මධුරය,සරලය,මිහිරිය. ඔහු කෙටි සරල වැකි භාවිතා කරන අතර , අවස්ථාවට අනුව භාෂාව භාවිතා කරයි.විරිත් (ජන්දස) භාවිතය ඔහුගේ නිර්මාණ තුළ බෙහෙවින්ම දක්නට ලැබෙන අතර

විර රසය ඉස්මතු කිරීමට මන්ද්‍ර කාන්ත විරිත භාවිත කර ඇත.

මේඝ දූතය ලියා ඇත්තේ මන්ද්‍රකාන්ත විරිතෙනි.එනම් වැසි සමය පාදක කර ගනිමිනි.මෙහි ආසක්ත ගුණය බෙහෙවින්ම වැඩි අතර පාඨක සිතෙහි චිත්ත රූප ජනනය කරමින් නිර්මිත මේඝ දූතය ට පාදක වුයේ හිමාලයේ අලකපුරයේ වෙසෙන යක්ෂයෙක් කුවේරයන්ගේ සීත රිදවීම නිසාවෙන්  වසරකට ආලකමන්දාවෙන් නුතන මාධ්‍ය පෙදෙසේ රාමගිරි කන්දට පිටමන් කිරීම පිලිබඳ පුවතකි.එම පිටමන් වීම නිසා  තම සොඳුරු බිරිඳගෙන් වියෝ වීමේ දුක සඳහන් කරමින් වර්ෂා සෘතුව ආරම්භයේදී උතුරු දිග කඳු දෙසට ඇදෙන වළකුලකට තම දුක කියා බිරිඳට එය පවසන ලෙස  කළ ඇමතීම කාව්‍යය පුරාවට විරහව උද්ධීපනය කරමිනි.

කාව්‍යයේ ආරම්භය කඳු පෙළ බලා යන ගමන් මග විස්තරයෙන් ආරම්භ වන අතර කාලිදාසයන් භුමි ප්‍රදේශ ,නගර, සහ ගංගා පිළිබඳව සොඳුරු ලෙස කාව්‍යගත කරයි.ආරම්භය  නර්මදා ගන් තීරය කුරුළු ඇසකින් පවසන ආකාරයෙන් වර්ණනා වීම සුවිශේෂිය.

" ලා නිල් මුසු දුඹුරු පැහැ යුතු , 

මදක් වැඩුණු රේණුවලින් යුතු 

නීප මල් 

ඒ ඉවුරේදී දැක ගන්න

අලුත් මල් හට ගන්වන කෙහෙළ ගස් ද දැක ගන්න 

දැවුණු වනයේ බිමින් නගින නැවුම් සුවඳ විඳ ගන්න 

ඔබ දිය  පොද හලන කල ,

මුවෝ ඔබට මග පෙන්වති.

කුමාර සම්භවය ආගමික කාව්‍යය ඝණයට අයත් වේ..නමුදු කාව්‍ය ස්වරුපය ලෞකික වෙසක් ගනී,එය ඇරඹෙන්නේ හිමාලයෙ සොබා විසිතුරු වර්ණනයකිනි.

"දිව්‍යමය කන්ද වූ හිමාලය

උතුරු පෙදෙසේ වෙයි.

නැගෙනහිර හා බටහිරින් මුහුදට යාබදය.

පොළව මනින්නට ලු දඬුවක් සේ දැඩිය.

එහි දේවතාවෝ

ගිරි කුළු යට මෙවුල් සේ පැතිරී 

වලාකුල් සෙවණේ සැතපෙති.

එහෙත් වැස්සෙන් හිරිහැර වතහොත් 

ඉරු එළිය ඇති ගිරි කුළු වලට දිවෙති.

ශිව පාර්වතී ප්‍රේමය සහ ඔවුන්ගේ විවාහය පිලිබඳ දීර්ඝ වැනුමක් වූ මෙම කව්‍යයයෙහි ස්කන්ධ කුමරුගේ උපත පිළිබඳවද විස්තර වේ.

එමෙන්ම රඝු වංශයද කාලිදාසගේ විශිෂ්ඨ කාව්‍යයකි.

රාම කුමරු පිළිබඳව ඇතුලත් අතර සෘතු සංහාරයෙන් සෘතු සය සහ ලක්ෂණ පිලිබඳ  සිදුකළ ගෘන්ගාරාත්මක වැනුමකි. මිනිසා සහ සොබාදහම විචිත්‍රවත්ව සංවේදී වූ අවකාශයක අන්තර් ක්‍රියා සිදුකරන බව කවියාට දැනේ.ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට කවිය මනවකරණයට ලක් කිරීම ඔහුගේ නිර්මාණවල ඇති සුවිශේෂිත්වයයි.

මාල විකාග් නිමිත්‍රය, වික්‍රමොර්වශියම් , කුමරසම්භාවම් ඔහු රචිත අනික් නිර්මාණ වේ.

මෙලෙස බලන කළ හිංදු සාහිත්‍යකරණයේ ශ්‍රේෂ්ඨතම කවියාත් , ශ්‍රේෂ්ඨතම දෘශ්‍යකාව්‍ය නිර්මාණකරුවත්\ කාලිදසයන්ය.

මුලාශ්‍ර:

 https://hitaya.org/nature-in-the-works-of-kalidasa/

https://www.allresearchjournal.com/

https://oll.libertyfund.org/page/kalidasa-life-and-works

අසිරිමත් ඉන්දියාව -බෂාම් 


Tuesday, December 13, 2022

විදේශීය සරුංගල් සමග අහසේ ගසාගෙන යන අපේ ආර්ථිකය....



ඊයේ වෙළඳ පලට ගියෙමි.. මන්ද , ඇඳුම් එල්ලා තැබීම සඳහා රඳවනයක් (Hanger) මිලදී  ගැනීමට.චීනයේ නිපදවූ රිදී පැහැ ආලේපිත කම්බි වලින් සාදා ඇති මෙම රඳවනය කොකු 8 කින් යුක්තය.ඒ සඳහා යොදාගෙන ඇති කම්බි වල දිග අඟල් 65කි(cm165ක්)පමණ වේ. පසු ගිය සතියේ රු.200 ට මිලට ගත් මෙය මේ සතියේ රු.220කි.තවත්  භාණ්ඩ කීපයක මිල අසා බැලුවෙමි.ඒ අතර දක්නට ලැබුනේ පාසල් ළමුන් සඳහා නිපදවා ඇති  මල් , පැළෑටි,බෝනික්කන් ,විවිධ රූප වලින් යුතු ස්ටිකර්ස් සියල්ලම චීන නිෂ්පාදනයන්ය. ඒ අතරම බිත්ති අලංකාර කරන පින්තුර කොළ (Wall Pictures) රු.250 සිට 450,500,700 වැනි මිල ගණන් වලට මිලදී ගත හැකිය. 


කාර්මික විද්‍යාල ,තාක්ෂණික විද්‍යාල ජාලයක් සහ රට පුරා ක්‍රියාත්මක වන අතර වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වලද ග්‍රැෆික් පුහුණුව ලබා දෙන රටක මෙවන් පින්තුර, ස්ටිකර්ස් නිර්මාණය කර වෙළඳ පලට නිකුත් කිරීමට සමත් පිරිසක් නොසිටීම කණගාටුවට කරුණකි.එමෙන්ම.... වෙල්ඩින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් දෛනික දීමනා ,අඩු මිල බස් සීසන් ටිකට් පත් , වැනි පහසුකම් සහිතව කාර්මික විද්‍යාලවල ක්‍රියාත්මක වේ.නමුත් එවැනි ස්ථානයකට ගොස් කම්බියක් පෑස්සීමට ඉගෙන ගන්නේ නම් , බිත්ති රාක්ක රඳවන L- iron, hangers වැනි කුඩා කර්මාන්තයක් කිරීමට පුහුණුවක් ලබා ගත හැකිය.මෙම කර්මාන්ත ලොකු මුදලක් වය කිරීමෙන් තොරව අමුද්‍රව්‍ය සොයාගෙන තම හැකියාවන් තුලින් දියුණු විය හැකි කර්මන්තයන්ය.


ඇසුරුම් කිරීමේ කවරයේ සිට ගොඩනැගිලි ඉදි කිරීම දක්වා ප්‍රයෝජනයට ගන්නා පොලිතින් ද අපි ආනයනය කරමු.රබර් නිෂ්පාදනය කරන අපේ රටට ළමුන් සඳහා අවශ්‍ය විසිතුරු භාණ්ඩ කෙතෙක් නිර්මාණය කල හැකිද ?බැලුම් බෝල, අත් මේස්, බෝනික්කන් , පොත් වලට දමන රබර් මිශ්‍රිත පිට කවර වැනිදා කොතෙක් නිපද විය හැකිද? 

දේශීය බටපතුරු යොදා සාදා ගත් වෙසක් පහන් කුඩු වෙනුවට ප්ලාස්ටික් චීන වෙසක් කුඩු වෙළද පල ආක්‍රමණය කර ඇත.වෙසක් කාලයට බට ගසක් කපා පතුරු යොදා වෙසක් කූඩු තැනූ කාර්මික ශිල්පීන්ට අද එම රැකියා අහිමි වී ඇත.ගම්බද මෙන්ම නාගරික ප්‍රදේශ වලද වෙසක් කාලයට පාර අයිනේ ගොඩ ගසා තිබූ බට පතුරු වෙසක් කූඩු, කඩදාසි පහන් කුඩු (Wesak Lanterns)  අද දක්නට නැත.

අපි අනුන්ගේ වෙසක් පහනින් වෙසක් සිරිය දකිමු. පාට පාට බල්බ් වැල් වලටද සරුංගලයටද මෙම කල දසාවම උදා වී ඇත.බට පතුරු යොදා සෑදු සරුංගලය වෙනුවට ගෝල්ෆේස් අහසේ පමණක් නොව ගම්බද පළාත් වල අහසේද චීන සරුංගල් කරණං ගසනු දැකිය හැකිය.දැවැන්ත චීන සරුංගල් වල රැහැන් වල එති කුඩා දරුවන්ට සිදු වූ අනතුරු පිළිබඳවද අසන්නට ලැබේ.


විදේශ රැහැන් පටවල එතී ඒවා ගලවා ගැනීමට අපහසු තත්වයටත් , ගිලගත් රැහැන් පටවල් දිරවා ගත නොහැකි තත්වයටත් අප අද පත්ව සිටිමු.

මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රකට අධ්‍යයාපන සංකල්පයක් අද අපට හොදින්ම ගැලපේ.  

"හිස , හදවත මෙන්ම දෑතද ප්‍රයෝජනයට ගෙන දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සිදු කරන සුළු කර්මාන්ත වලට සහ නිෂ්පාදකයින්ට අත දිය යුතුය.


වර්තමානයේ අප මුහුණ දෙමින් පවතින මෙම ඛේදනීය තත්වය දිවැසින් දුටුවාක් මෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රදීපා  ධර්මදාස මහත්මිය විසින් වසර ගණනකට පෙර ගැයූ " කොලොම් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම "  ගීතය වර්තමානයට කොතරම් ගැලපේද යන්න මා සිතට නැගුනේ නිතැතිනි.

කොලොම් තොටින් නැව් නැග්ගා 

අපේ රටේ මනුස්සකම 

කොලොම් තොටින් ගොඩ බැස්සේ අමනකමයි 

ඒ වෙනුවට.

බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුබුහුටි කමට .


නැවෙන් ඇවිත් කොලොම්තොටට ගොඩ බැස්සා අපුරුවට.

අපෙ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට 

කිරි දරු පැටවුන්ගෙන් නැව් පුරවන්නේ ඒ වෙනුවට.


කොලොම් තොටින් නැව් නැග්ගා....


මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය.


දුප්පතුන්ගේ මල් නෙළමින්ඉසුරු සොයන බැතිමතුන්ය.

කිරිදරුවන් විතරක් නොව මාරු වෙලා කාසි වලට 

කොලොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම...



සශ්‍රීකත්වයේ සංකේතය වූ ජගන් මාතාව ( මව් දෙවඟන )

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම මිනිසුන් තමන්ට දැනෙන සිතුවිලි,හැඟීම් විවිධ මාධ්‍යයන් ඔස්සේ එළිදක්වන ලද අතර ගල් ලෙන් වල ඇඳි සිතුවම්, ගල් ආයුධ ඇතුළු උපකරණ, මැටි පිළිම, උපකරණ මෙන්ම භාණ්ඩ ද ඒ අතර විය.පසුකාලීනව තම ආගමික ක්‍රියාවන් වෙනුවෙන් මැටි ප්‍රතිමා නිර්මාණය කරන්නට මොවුන් පෙළඹිණි.

 මේ නිර්මාණ අතර ජගන් මාතාව නොහොත් මව් දෙවඟන ප්‍රතිමා නිර්මාණය බෙහෙවින් සුවිශේෂී මෙන්ම ආගමික වන්දනාවන් අතර ප්‍රසිද්ධ විය.හින්දුන්ට අනුව ඇය පෘතුවි මාතාව ලෙස හැඳින්වෙන අතර හින්දු මුලාශ්‍ර වල ඇය රන් සිහසුනක අසුන්ගෙන සිරින අතර ඇය අත් හතරකින් පියුමක්, සුදු හක් ගෙඩියක් ,හා පියුමක් දරාගෙන සිටින අතර අභය හස්ත මුද්‍රාවෙන් සිටින ඇයගේ වාහනය  කුකුලෙකි.ඉන්දු නිම්නයේ මොහොන්දොජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පැතිර තිබුණු   පන්ජාබය ,දබර්කොට් , බලුකිස්තානය , කුල්ලි ආදී බොහෝ ස්ථාන වලින් හමුවූ බොහෝ පිලි රූ කළු පැහැති වූ අතර ඉන්දු නිම්නයේ සෑම නිවසකම පාහේ පුද පුජා කරමින් ජගන් මාතාව පිදු බව කියවේ.


ඉන්දු නිම්නයේ මව් දෙවගන ව සංකේතවත් කිරීමට යෝනි රූප පිදීමද සිදුවූ අතර මව් දෙවගන තම ස්වාමියා සමග එක්වීමෙන් පොලවේ වෘක්ෂලතා ජනිතවී සශ්‍රිකත්වය වැඩි දියුණු වන බවට ඔවුන් විශ්වාස කල බැවිනි.ග්‍රීසිය ඊජිප්තුව ,බල්ගේරියාව වැනි රටවල සේම ඉන්දු නිම්නයේද මව් දෙවගන සහ සැමියා වෙනුවෙන් කෘෂිකර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් කාමොත්සව පවත්වා ඇත. එමෙන්ම මොසපොතෙනියාවේ ඉෂ්තාර් දෙවගන පිදීම ද සිදු විය.

ඒ නිසාම ඇයව පෘතුවි දෙවඟන , සශ්‍රීකත්වයේ මාතාව , විශ්වයේ මව ,කෘෂිකර්මාන්තයේ මව , භුමියේ දෙවඟන ලෙස හැඳින්වුවාය.


 

ඉන්දු නිම්නයෙන් හමුවූ  බොහෝ පිළිරූ අතර ගර්භනී මාතාවක් , දරුවකු දෑතට ගෙන කිරි පොවන ස්ත්‍රියක් ,දෙපා රහිතව පොළවෙන් මතුවන ස්ත්‍රීන් , ගර්භාෂයෙන් කුඩා පැළයක් මතුවන දෙකකුල් පුළුල් කර ගත් ස්ත්‍රී රූප ,
දෙපසට විහිදුනු වී කරල් මැද සිටින අන් සහිත දෙවගනක්ද දැකත්තක් අතැතිව සිටින මිනිසෙක් සහ යෝනියෙන් පැළයක් මතුවන ස්ත්‍රී පිලිරුද හමුවී ඇත.ඒ අනුව ජගන් මාතාව ශාක වල ප්‍රභවය මෙන්ම අස්වැන්නේ සංකේතය බව පැහැදිලිවේ. දෑකැත්ත මගින් අස්වනු නෙලන උපකරණය සංකේතවත් වන අතර කෘෂිකර්මාන්තය සහ සශ්‍රිකත්වයෙ දියුණුව වෙනුවෙන් මෙම පිළිවෙත් සිදු කර ඇත.


මෙසපොතෙමියාවෙන් ගෝවින්ද ජගන් මාතා වන්දනය සිදුවූ බවට සාක්ෂි හමුවූ අතර අර්යන්ද මිහිකත පිදු බව සෘග් වේදයේ සඳහන් වේ.අදටත් බෙංගාලයේ සහා ඇසෑමයෙ මාතෘ දේවතා ඇදහිල්ල සිදුවේ.

මෙම පිලිරු වල 

ඉණේ සිට දණහිස දක්වා රෙදි කඩකින් සැරසි හිස්වැසුම් , බෙල්ලේ මාල වැනි ආභරණ වලින්ද ,දෑත් වළලු වලින්ද සමන්විතය.මෙම රූ සයිප්‍රස්, සුසා ආදී ස්ථාන වලින්ද වත්මන් තුර්වීකියාව අතීතයේ සුළු අසියාවෙන්ද, සොහෙබ් සුන්යිදා වලින්ද  හමුවී  ඇත.




අතීතයේදී දෙවි දේවතා වන්දනය සිදුවූ අතර දේවතාවගේ ශක්තිය දේවතාවියන් බව පැවසුනි.ගුප්ත යුගයේදී දේවතාවියන් වෙනුවෙන් වෙනම දේවාල ගොඩ නැගුනැ අතර  පස් වන ශතවර්ෂයේ හමුවූ සෙල්ලිපියක මයුරක්ෂ නම්පුද්ගලයකු සඳහන් කර ඇත්තේ.....



"මන්තරයෙන් නැගුණු එසැඩ සුළඟින් සියපත් ලෙලදෙ න

ගනදුරු මහා හඬ දෙන මාතාවන් හට පිවිතුරුව             න

රුදුරු මහා හඬ දෙන මාතාවන්ට පිවිතුරුව                   න

කරු වූ රජ ඇමතියාය පින් ලැබ ගන්නා විලසි              න

සර් ජෝන් මාෂල් , බෂාම් ,රාවෝ, ආර්ඩි බැනර්ජි ,  සර් මොටිමර් වීලර් , මැකී වැනි පුරා විද්‍යාඥයින්ට අනුව මාතෘ දෙවගන යනු ශිව දෙවියන්ගේ දේවතාවියයි,මහා දෙවි ,පාර්වතී. සති, විශ්ව රුපිණී, යෝගිනි මාතා  ,ගෞරි , උමා , දුර්ගා,  කාලි, අන්නපුර්ණා  යනුවෙන් හැඳින්වෙන්නේද ජගන් මාතාවයි.


අර්ධනරිශ්වර හෙවත් ශිවගේ අඩක් සහ පාර්වතිගේ අඩක් සහිත ප්‍රතිමාවෙන් සංකෙතවන්නේ ශිවදෙවියන්ගේ හා ඔහුගේ ශක්තියේ ස්වරූපයයි.






Friday, December 9, 2022

ලොවක් මවිත කළ අජන්තා බිතු සිතුවම්


පැරණි ඉංදියාවේ කලාවන් අතුරින් චිත්‍ර ශිල්පය ඉතා දියුණු ස්ථානයක වැජඹුණු බව නොරහසකි.එදා චිත්‍ර ශිල්පය සම්භාවනීය මට්ටමක තිබුණු බව  දැනට ඉංදියාවේ ශේෂව ඇති නෂ්ඨාවශේෂ තුළින් ලොවම අවබෝධ කර ගත් අතර මෙම බොහෝ චිත්‍ර අද වන විට දක්නට ලැබෙන්නෙ ගල් ලෙන් තුළය.ඉංදියාවේ සිතුවම් වලට ප්‍රසිද්ධ වූ ලෙන් කිහිපයකම පැරණි සටහන් සහිත බිතු සිතුවම් දක්නට ඇති අතර ප්‍රාග් ඉතිහාස සිතුවම් ඝණයට ඒවා නම් කර ඇත.

ඉංදියාවේ හයිද්‍රබාද් හී ගල් ලෙන් 29ක් පිහිටා ඇති අතර ප්‍රෙස්කෝ චිත්‍ර නමින් හඳුන්වන ලෝ ප්‍රකට අජන්තා බිතුසිතුවම්  සහිත ලෙන් සමූහයයි. මේ ලෙන් අශ්ව ලාඩමක ස්වරූපයෙන් පිහිටා ඇති අතර පැරණිම ලෙන ක්‍රි,පු.2  වන සියවසටද මෑතම සොයා ගත් ලෙන ක්‍රි.ව.7 වන සියවසටඩ්‍ය අයත් වේ. මෙම සිතුවම් ප්‍රෙස්කෝ සහ ටෙම්පරා ක්‍රම වලින් චිත්‍රණය කර ඇත.

බොහො අජන්තා  සිතුවම් බදාම ගල් වූවාට පසු වියළි බදාම මත ඇඳි අතර එය ටෙම්පරා ක්‍රමයයි.පිදුරු හෝ හිස කෙස් සමග මිශ්‍ර කරන ලද මැටි හෝ ගොම තට්ටුවක් පලමුව ගල් බිත්තියේ තවරා ඒ මතු පිට කිරිමැටි වැනි මැටි වර්ගයක් ආලේප කරන ලදි.

ගල මතු පිට අගල් 1/8 , 1/4ක් ඝණකමට මැටි හෝ ගොම තට්ටුවක් තවරා කිරිමැටි, මකුළු මැටි වර්ගයක් ඝණකමට තවරනු ලැබේ. තෙත සහිත මෙම බදාමය මත අඳින සිතුව්ම් ප්‍රෙස්කො සිතුවම්‍ ය. මේව ඝර්මකල්පීය දේශගුණයට ඔරොත්තු දුන්නත්, අද වන විට තැන තැන බදාම ගැලවී ඇත.නමුදු ආලේපිත වර්ණ අදටත් මනා දීප්තියකින් යුක්ත වීම විශේෂත්වයයි. සුදු මැටි බදාම මත රතු සායම් පසුබිමේ රතු ඉරි වලින් චිත්‍ර ඇඳ දේශීය වර්ණ යොදා ගනිමින් සායම් යොදා අවසානයේදී මූළික රේඛා කළු හෝ දුඹුරු වර්ණයෙන් ඇඳ මූලික හැඩය ඉස්මතු කරවා ඇත.

එමෙන්ම මෙම අඳුරු ගුහා තුළ චිත්‍රණය කිරීමේදී ශිල්පීන් ලෝහ කැඩපත් ආධාරයෙන් හිරු එලිය ගුහව තුළට ලබාගෙන ඇත .


අංක 10 දරණ ලෙනේ ඇති සිතුවම් ක්‍රි.පූ යුගයට පෙර පැවතෙන බව කියවේ.1 , 6 ගුහා වල සිතුවම් ශත වර්ෂ 6 කට නුදුරු අනාගතයේ ඇඳි බව  පෙනේ.පසුකාලිනව නිර්මාණකරුවන්ගේ පෞද්ගලික රුචිකත්වය අනුව සිතුවම්  වල ශෛලිය වෙනස් වී ඇත.මන්ද මුල් සිතුවම් වල දළ සටහන් තිබුනත් පසුකාලිනව දළ සටහන් නොමැතිව වෙනස්කකම් තිබීමයි.

 බුද්ධ චරිතය සහ ජාතක කතා අජන්තා සිතුවම් බොහොමයකට පාදක වී ඇති අතර එක් සිදුවීමකින් තවත් සිදුවීමකට බැඳෙන ලෙස චිත්‍රණය කර ඇත.හැම සිතුවකම ඇති අනු සැරසිලි නිසාවෙන් ප්‍රධාන සිතුවමට  අවධානය යොමුවේ.මෙම සිතුවම් බෙහෙවින්ම ලෞකික පණිවිඩයක් දෙන අතර මෙම සිතුවම් පර්‍යාවලෝකනයකින් තොරව දූර දර්ශක කැමරාවකින් ගත් සේයාවක් සේ පෙනෙන අයුරින් සිතුවම් කර ඇති හෙයින් නරඹන්නා අභිමුඛයට පැමිණෙන සේ පෙනීම විශේෂත්වයයි .

අතීත ඉංදියානු ජන ජීවිතය මැනවින් සිත්තම් කර ඇති අතර රජ මාලිගා, බිසවුන් ,ගොවීන් ,බඩු පොට්ටනිගෙන යන කම්කරුවන්, සහ අනේකවිද සතුන්, මල් වර්ග සහ කුරුළු විශේෂයන් මේ සිතුවම් වලට අයත්‍ ය.


පලමු ලෙන.

මෙහි ඇති බොහෝ සිතුවම් බුද්ධ චරිතය  සම්බන්ද සිතුවම් සහ ජාවා මූර්ති හා සම නිර්මාණ දක්නට ලැබේ.

තිවංක මුද්‍රාවෙන් සිටින  තරුණයකුගේ  රුව සුවිශේෂීය.ඔහුගේ හිස මැණික් ගල් ඔබ්බවන ලද ඔටුන්නකින්ද දකුණු ත සුදු නෙළුම් මලකින්ද යුක්තය.සිවුමැලි ඉරියව්වෛන් කාරුණික දෑසකින් යුක්ත මොහු තරමක ශෝකි ස්වරූපයකින් දක්වා ඇත.මොහු අවලෝකේතිශ්‍වර පද්මපාණී බෝසතුන් ලෙස හඳුන්වන අතර ඔහු වටා දිව්‍යාංගනාවන් සහ ගාන්ධර්වයෝ සිතුවම් කර ඇත.මින් විශ්වය ලෝකවාසින්ගේ දුක් සහ ආශාවන් පිලිබඳ අනුකම්ප කරන ආකාරයක් පෙන්වන බව ඇගවේ.



රජ සහ බිසව

මාලිගාවක රජ අභරණින් සැරසුනු රජු මැනික් කිරුළක් පැලඳ මාලයක් සහ වළලු වලින් සැරසී උඩුකය නිරුවත්ව සිටී.හිසේ මල් ගැවසූ බිසව රජුගේ පසකින් දක්නට ලැබෙන්නෙ සේවක සේවිකාවන්ද දක්වමිනි.වල් විදුනා සලමින් අඩවන් දෙනෙතින් යුක්තව උඩුකය විනිවිද පෙනෙන සේ ඇඳුම් සිතුවම් කර ඇත.

බන්දේසියක් රැගත් සේවිකාව.

හිස මලින් සරසා , ,ගෙල කෙටි සහ දිගු මාලවලින් සැරසි , කැරලි ගැසුණු කෙසින් යුක්තව,  වමතේ බන්දේසියකින් යුතු ඇය මද සිනාවකින් යුතු යෞවනියකි.

තූර්‍ය වාදකයින් සහ නළඟනන්.

වස් දඬු පිබින වාදකයින් දෙදෙනෙකු මැද ඔටුන්නක් හිස රැඳි කතක් සහ හිස මල් ගැවසූ නාටිකාංගනාවන් දක්නට ඇත.

2 ලෙන.

නූතන සිතුවම් මෙහි අන්තර්ගත අතර ක්‍රම දෙකක සිතුවම් ඇත.ගුරුවරයාගෙත් ගෝලයාගෙත් සිතුවම් දක්නට ලැබේ.



9ලෙන.

ක්‍රි.ව 1 සියවසේ පැරණිතම සිතුවමින් යුක්ත වන අතර අමරාවතී ,භාරුත් සහ සාංචි ශෛලිය දැක්වෙන සිතුවමින් යුතු චෛත්‍ය ගුහාවකි.

10 ලෙන.

විසල් රැස්වීම් ශාලාවකින්‍ යුක්ත මුල් යුගයේ චෛත්‍ය ගුහාවකි.ශාලාවේ වහල ආරක්කු හැඩයකින් යුක්තය.ගල්කුළුණු 39කින් යුතු  අර්ධ ගෝලාකර හැඩයක් ගත් වහලකින් සමන්විතය.

ස්වර්ණමය යුගය සේ හැඳින්වෙන ගුප්ත යුගයේදී සිදු කල නිර්මාණයක් වන අතර එම ශාලාව අඩි 95ක් අඟල්  6 දිග අඩි 41 ක පළලකින් සහ උස අසි 36කින් යුක්ත බව පුරා විද්‍යයාඥ ලූඩර් ගේ මතයයි.

16 ලෙන.

ක්‍රි.පූ 5 ස් වන සියවසේ ඇඳි සිතුවම් ලෙස පැවසෙන අතර ලෙනේ පිට පැත්තෙ ලෙන කරවා ඇත්තෙ වාකාටක රජුන්‍ගෙන් කෙනෙකු (හරිහේන රජු) ගේ ඇමතිවරයකුයැයි සඳහන් වේ.

17 වන ලෙන

බුදුන්ට දන් පිලිගන්වන යශෝදරාවන් සහ රාහුලයන්.

මෙහි  ඇති දන් පිලිගන්වන මව සහ දරුවාගේ සිතුවමින් ආගමික හැඟීමක් දැනවෙන අතර බුදු රුව අවධානය ලැබෙන ලෙස විසල්ව ගොඩ නගා ඇත.දෙවියෙක් බුදුන්ට ඉහලින් මුතු කුඩයක් ඉහාඅ ඇත.සිරිපා තණකොළ වලින් ආවරණය වී ඇත.

මාලිග දර්ශනය.

පලතුරු ගස් සහ මල් පිරි උද්‍යානයක මැද ඇති මාලිගයෙ ජනේලයකින් කාන්තාවන් දෙදෙනෙකු පිටත බලා සිටී.පිටත සේසතක් රැගත් සේවිකාවක් සහ බිසවක් හා පිරිවර සේනාවකින් යුක්ත සිතුවමකි.

භික්ෂු පිරිස.

දෑත් එක් කොට වැඳ සිටින හිසකේ වැවී භික්ෂූන් ද භික්ෂුණියන්ද යන්න හඳුනා ගත නොහැකි හිමිවරුන් රැසකි.පිරිසක් කමිසයක් මෙන් වූ ඇඳුමක් ඇද ඇති අතර , ඒ උඩ ඒකාංශ පොරෝනයක් ඇඳ ඇත.නෙත් එකම ඉල්ලකයක් වෙත යොමුව ඇති අතර කළු වර්ණයෙන් කළ රේඛා නිසා සිතුවම් කැපී පෙනේ.පසු තලයේ අශ්වාරෝහකයකු දක්නට ලැබේ.



රජ සහ බිසව.

මණ්ඩපයක පෙම් සුව විඳින රජ හා බිසව සහ මණ්ඩපයට ඉහලින් කාන්තා රූ දක්නට ඇත.මණ්ඩපයේ කැණි මඩල ගොක් ගෙඩියක ස්වරූපය ගත් පුන් කලසකි.

දිව්‍යාංගනා රූ.

මලින් හිස ගැවසූ නළල් පටකින් යුතු දිව්‍යාංගනාවකි.ගෙල මැණික් මුතුහරකින්ද නිල් ගලින් යුතු පෙති සහ එල්ලෙන මුතු දැ සහිත කර මාලයකින් යුතුය. කන විශාල  වෘත්තාකාර කරාබු පැලඳි ඇයගෙ අඩවන් නෙතු සොඳුරුය.

ඉන්ද්‍ර දේව රුව.

උස් හිස්වැස්මක් පැලඳ ,මාලයක් රැඳි ගෙල වලලු දැමූ අත් සහ බාහු ද , උරහිසක් මත ඒකාංශගතව පැලඳි මුතුහරක් ද ඇතිව කඩුවක් ඉනේ පැලඳි ප්‍රතාල රුවකි.දෙවඟනන් අඳුරු පැහැයෙන් යුක්ත වන අතර පිටුපස දෙවඟනන් රැසකි.

අජන්තා ලෙන් සිතුවම් බෙහෙවින්ම පිලිරූ ( portrait ) වන අතර ගුප්ත යුගයේ වාකාටක රජ සමයේදී  නිර්මාණකරනය අරඹා ඇත.

නමුදු ගුප්ත යුගයේ පිරිහීමත් සමග මෙන සුවිශේෂී කලාවේද පිරිහීම ඇරඹුණි. 

ඒ අතරම බෞද්ධ  දර්ශනයේද විසල් වෙනස්කම් රැසක් සිදුවීම ඇරඹුණු අතර හීනයානය අභාවයට ගොස් මහායානය ව්‍යාප්ත වීම ඇරඹිණි.

ෆර්ගියුසන්ට සහ බර්ගස් යන ඉතිහාසඥයින්ට අනුව මෙම ලෙන් සිතුවම් වර්ග දෙකක් වේ.

1.විහාර ( සංඝ වාසය)

2. චෛත්‍ය ( මහා චෛත්‍ය )

සංඝ වාස ලෙන් ගල් කාමර සහ ගල් ඇඳන් වලින් යුක්ත වන අතර කොරිඩෝ සහිත විහාරද කුළුණු 20කින් ආවරණය වන සීලිමකින්ද , බුදු පිලිමයක් , මැද සාලයකින් ද යුක්තය. මෙම ශාලාව කුඩා ලෙන් කුටි 14 කින් යුක්ත වේ.

චෛත්‍ය ශාලා ලී භාවිත ගෘහ ක්‍රමය සේම නිර්මිත අතර පොටිකෝ සහ දේව රූ කැටයම් කළ  විමානයන් දක්නට ලැබේ.එමෙන්ම විසල් කුළුණු 39 කින් රැඳවූ ගෝලාකාර වහලයකින් ද  යුතු ශාලාවක් ඇත.

ලෙන් වල ඇති සිතුවම් අතර ඇති ජාතක කතා ආලය, කරුණාව ,මෛත්‍රීය,  ප්‍රිතිය, ශෝකය, මරණය ආගම් සහ අනිත්‍ය නිරූපණය කරන අතර  භාවිත වර්ණ අතර රතු, යෙලෝ ඕකර්, ටෙරා වර්ඩ්ස් ,ලාම්පු දැලි සහ සුදු ගුරු පාට දක්නට ඇත.

Tuesday, November 29, 2022

මෝගල් පාලනයට නතුවූ පකිස්තානයේ පුරාවිද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන

 


පකිස්ථානයේ පිහිටා ඇති බෞද්ධ සහ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව දන්නේ ටික දෙනෙකි.මන්ද .... මෙම ප්‍රදේශ දැනට ඉස්ලාම් මහජන සමුහාණ්ඩුවට අයත් ප්‍රදේශ ලෙස සැලකෙන බැවිනි.බෙදුම්වාදී ප්‍රහාර වලින් මෙම ස්ථාන රැක ගනිම කුමන ජාතියකට , ආගමකට අයත් වුවත් මනුෂ්‍ය වර්ගයාගේ යුතුකමක් සහ වගකීමකි. 

ගන්ධාර ප්‍රදේශයේ අගනුවර වන තක්ෂිලා ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ පටන් පැවැත එන ඓතිහාසික ස්ථානයක් වන , එහි තිබී හමුවූ  මැටි බඳුන් , ආභරණ වැනි මෙවලම් වලින් සනාථ වේ. යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශිත මෙම ස්ථානයෙහි ස්තුප 12ක් ,චින සහ බර්මියන් චෛත්‍ය , දක්නට ලැබේ. ඉන්දු ගඟ , රාවල් පිණ්ඩි සහ පෙෂාවෝර් ප්‍රදේශ වල පැතිර ඇති මෙම ස්ථාන තව දුරටත් අධ්‍යයනය කිරීම සංචාරක ව්‍යාපාරයට සහ බොහෝ ඓතිහාසික තොරතුරු හෙළි දරව් වීමට හේතුවක් විය හැකිය. වර්ග කිලෝමීටර් 100ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශය නැගෙනහිර සිට බටහිරට කි.මි.70 ක් දිගින් යුතුය. මෙම නටඹුන් ක්‍රි.පු.1-7 අතරට අයත් ගන්ධාර කලාවේ නිර්මාණ ලෙස සැලකේ .


තක්ෂිලාවේ ඉතිහාසය මීටත් වඩා දිගු වන අතර 422-586 අතර පළමුවන (Darius) ඩෙරියස් රජුගේ කාලයට අයත්වන අතර මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දු ගංගා නිම්නය දිගේ තක්ෂිලාව හරහා පැමිණ ඇත.ඉතිහාස කතා අනාවරණය කරන්නේ මෙම ප්‍රදේශයම පාලනය කළ චන්ද්‍රගුප්ත පළමු රජු ලෙසය.ඔහුගේ රාජධානිය හින්දු කුෂ් කඳුවැටිය ලෙස උතුරු ඇෆ්ගනිස්ථානය තෙක් විසිර පැවතුණි.අශෝක යුගයේදී මෙම සීමාවන් ඉවත් කරමින් බුද්ධ ධර්මයේ ව්‍යාප්තියත් සමග ඉතුරු ඉන්දියාව දක්වා පැතිරුණි. ඔහුගේ අභාවයෙන් පසු මෙම විශාල රාජධානිය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි විය,ක්‍රි.පු. 3 වන සියවසේදී (Bactria) බැක්ට්‍රියා රාජධානියේ කොටසක් බවට පත්වූ අතර දැනට උතුරු ඇෆ්ගනිස්ථානයේ බෝක් (Bolkh) ප්‍රදේශය ලෙස හැඳින්වේ.

ක්‍රි.පු.පලවෙනි සියවසේ සිට තුන්වන සියවස දක්වා  චීනයේ සංක්‍රමණිකයකු වූ තුෂානිස් ගේ පාලනයට නතුවූ ගාන්ධාරය තුන්වන සියවසේදී බෞද්ධ පාලක

යකු වූ කනිෂ්ක රජුගේ පාලනයට නතු විය,මෙම ගන්දර්ව ප්‍රදේශය පැරණි රාජධානියක් වූ මහජනපද වලට අයත් වූ අතර උතුරු පකිස්ථානය සහ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයද අයත්ව පෙෂවෝර් නිම්නයේ සිට කාබුල් නදී ප්‍රදේශ ඔස්සේ පොටෝහාර් නිම්නයේ පිහිටා තිබු බව කියවේ.වර්තමානයේදී පෙෂාවෝර් සහ තක්ෂිලා මෙම ප්‍රදේශයන්‍ ය.

Montage- Sunday Observer

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 




Friday, November 25, 2022

ක්‍රිකට් පිටියේදී සාර්ථක චරිතයක් වූ ඉම්රාන් ඛාන් 'ට දේශපාලන පිටියේදී මොකද උනේ ?

 
තුන් ඉරියව්වෙන්ම ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ , 1970-1980 දශක වලදී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු මෙන්ම නායකත්වයද දැරූ ඉම්රාන් ඛාන් 1952 වර්ෂයේ ඔක්තෝම්බර් මස පස් වන දින ලාහෝර් වලදී ධනවත් පවුලක උපත ලැබිය.ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙක්ම පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවී තිබීම තවත් විශේෂත්වයකි. ලාහෝර්හි Wore ester Royal Grammar විදුහලේ සහ Aitchison විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එක්සත් රාජධානියේ Oxford විශ්ව විද්‍යාලයේ දර්ශනය , දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හැදෑරුවේය.

ශිෂ්‍ය අවධියේත් , ඉම්රාන් පකිස්ථානයේදී මෙන්ම එක්සත් රාජධානියේදී ක්‍රිකට් කණ්ඩායම් වල ක්‍රීඩා කළ අතර , පළමු වරට 1971 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමට එක්විය.1982 දී පකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් නායකත්වය හොබවමින් , ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩාවලියේදී එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.ඔහු මෙම කාලය තුළ රිචර්ඩ් හැඩ්ලි , ඉයන් බොතම් ,කපිල් දේව් වැනි ක්‍රීඩකයින්ට සමව සිටි බව ක්‍රිකට් විචාරකයෝ පැවසුහ.

ක්‍රීඩා ජීවිතයේ අවසන් වර්ෂ දහය ඉම්රාන් වඩාත්ම දස්කම් දැක්වූ කාලසීමාව වූ අතර , ටෙස්ට් තරඟ 51 කට සහබාගි විය .පන්දුවට පහර දීමේ සාමාන්‍ය වේගය 50ක් සහ පන්දු යැවීමේ වේගය 19ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට ඔහුට මේ කාල සීමාවේදී හැකි විය.ඔහු ලබා ගත් වාර්තා අතර හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 8 වතාවක්ද , ක්‍රීඩකයන් අතරින් තේරීමේදී 4 වන ස්ථානයටද , ඉනිමකදී ලබා ගන්නා ලකුණු අතරින් 9 වෙනි ස්ථානයටද , තරඟ 8 කදී ක්‍රිකට් නායකයා ලෙස කටයුතු  කරමින් හොඳම නායකයා ලෙස 2වන ස්ථානයද වාර්තා කිරීමට  සමත් විය.මේ අතර 1992 දී ලෝක කුසලානය පකිස්ථානයට ලබා දීමට නායකයකු ලෙස ඔහු සමත් විය.

ක්‍රිකට්  ක්‍රීඩාවට ද ,දේශපාලන වේදිකාවට ද ප්‍රිය කළ ඔහු මානව හිතවාදියකුද වූ අතර , තම මෑණියන් සිහිවීම පිණිස  Shaukat Memorial Hospital රෝහල් සංකීර්ණය ඉදි  කිරීමේ කටයුතු වලටද පුරෝගාමිත්වය ලබා දෙන ලදී.

පසුකාලීනව ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉම්රාන්  අවුල් සහගත ගැටළු වලට මුහුණ දෙමින් සිටි පකිස්තානයේ දේශපාලන පිටියට පිවිසි අතර එකළ පවතී අදුරදර්ශී පාලනය විවේචනයට ලක් කළේය. 1996 දී Tehreek -e- Insaf පක්ෂය ඇරඹි අතර පකිස්ථානයේ එවකට ජනාධිපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් ට විරුද්ධව ක්‍රියා කළේය.තරුණ කොටස් වල සහය ඔහුට ලැබුන අතර 2012 දී පකිස්ථානයේ ජනප්‍රියම දේශපාලන තරුව බවට පත්විය.2018 අගෝස්තු මාසයේදී ඔහු අග්‍රාමාත්‍ය පදවියට පත් වන විට පකිස්තාන ගෙවුම් ශේෂ හිඟය සහ උද්ධමනය අහස් උසට නැග තිබුණි.මේ නිසා චීන- පකිස්තාන් ආර්ථික කොරිඩෝව ආරම්භ කිරීමට මුල පිරුවේය.ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සහ චීනය , සෞදි අරාබිය, අරාබි එමිරෙටෙස් වැනි රට වලින් , තම රටේ පැන නැගී ඇති ගැටළු විසඳීමට ඔහු ආර්ථික ආධාර ඉල්ලා සිටියේය.

මේ අතර 2020 දී කොවිඩ් වසංගතය නිසා සෑහෙන කලක් රට වසා දැමීමට ඔහුට සිදුවිය.රටේ පැවති දුෂ්කර තත්වය ප්‍රයෝජනයට ගෙන PDM (Peoples Democratic Movement) පක්ෂය විරෝධතා දක්වන ලදී.ඔහු හමුදාවේ සහයෙන් පාලනය ශක්තිමත් කිරීමට උත්සහ කළේය.මේ අතරතුර 2022 දී විශ්වාසබංග යෝජනාවකින් අගමැති පුටුව අහිමි වූ පළමු පකිස්තානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. 


මුලාශ්‍ර :

https://www.espncricinfo.com/player/imran-khan-40560

https://www.britannica.com/biography/Imran-Khan




Tuesday, November 22, 2022

භාරත සිනමාව ඔප කළ " ආරාධනා "

 


70 දශකයේ භාරත සිනමාවේ දිදුල තරුවක් වූ රාජේශ් ඛන්නා ද්විත්ව චරිත නිරුපණය කළ  Box Office වාර්තා බිඳ හෙළු "ආරාධනා "එම යුගයේ සන්නාමගත සලකුණක් සටහන් කල  අදටත් ප්‍රේක්ෂක සිත් ගත් ගත් චිත්‍රපටයකි.

1969 දී  ශක්ති සාමන්තා අධ්‍යක්ෂණය කළ, සචින් භෞමික් තිර රචනය කල මෙහි ක්‍රිෂෝර් කුමාර් ,ශාමිලා තාගෝර් ප්‍රධාන චරිත වූ අතර "  සචින් දේව් වර්මාගේ සහ රාහුල් දේව් වර්මාගේ මනස්කාන්ත සංගීතය මෙන්ම ආනන්ද බක්ෂිගේ ගී පද රචනය ද චිත්‍රපටයට  නව මුහුණුවරක් එක් කළහ.. සචින්ගේ තිර රචනයට 1946 දී ඇමරිකාවේ තිරගත වුණු Michell Leisen සහ Starring Olivia de Haviltonවිසින් අධ්‍යක්ෂණය කල " To Each His Own " චිත්‍රපටය පාදක උන බව කියවේ.

 දැනුදු ලෝලයන්ගේ මුවඟ රැව් දෙන " ලතා මංගේෂ්කාර්, ක්‍රිෂෝර් කුමාර් , ආශා බොස්ලි ,සහ රාහුල් දේව්ගේ " මියුරු සත්සර හඬින් ගැයෙන  "මෙරෙ සපුනකි රනි .... (Mere Sapuna ki Rani...) , රූප තෙරා මස්තානා.... ,  (Roopa tera masthana...) චන්දා හේ තු මෙරා..... ( Chandaa he thu mera....) ගුන් ගුණ රාහේ (Gun Guna Raahe....) , බගොන් මේන් බහර් හේ ..... ( Bagon mein  bahar he... ) කෝර කගස්.... ( Kora kagaz... ), සප්තාල් හොගි තේරී ආරාධනා ...... ( Sapthal hogi theri Aradhana ...) යන  ගීත ආරාධනා චිත්‍රපටයෙන්  සංගීත ලොවට පිරිනැමුණ සොඳුරු දායාදයන් යයි කිවහොත් නිවැරදිය. රූපතෙරා මස්තානා ගීතයේ විශේෂත්වය වන්නේ ලොව පළමු (Single Shot) අඛණ්ඩ තිරගත කිරීමක් සිදු කළ පළමු හින්දි ගීතය වීමයි. මෙයට හේතුව ඔවුන් දෙපලගේ රඟපෑම ආත්මය හා බැඳෙමින් ඉතාම රෝමන්තිකව සිදුකළ රැඟුමක් වීමයි.

පරම්පරා දෙකක් පුරා පැතිර යන මෙම කතාවෙහි අරුන් වර්මා සහ සුරාජ් වර්මා යන චරිත දෙකම රාජේශ් ඛන්නා රඟපෑ අතර මෙහිදී අරුන්  ගුවන් නියමුවකු ලෙස රංගනයෙන් දායක වෙයි.අරුන්( රාජේශ් ඛන්නා) ගේ සහ (වන්දනා ) ශර්මිලා තාගෝර්ගේ පළමු රංගනය වන මෙය ආදරයත්, විරහවත් අතර දෝලනය වන කතාවකි.මෙහිදී අරුන් තම සහය ගුවන්වූ නියමුවා වූ කඳුකර පෙදෙසක සංචාරයේ යෙදුණු අවස්තාවක තිරුපති  දේවලයේදී හමුවන වෛද්‍යවරයකුගේ දියණියකු වූ වන්දනා හා පෙමින් බැඳේ.  වර්ෂාව නිසා හුදකලා වන ඔවුන් නීතියෙන් නොවුනත් දෙවියන් අභියස විවාහප්‍රාප්ත වන්නේ අහම්බෙනි.අවාසනාවන්ත ලෙස රාජේශ් ගුවන් අනතුරකදී මිය යන අතර ශර්මිලාගේ පියාද මිය යයි.ඒ වනවිට ගැබ්ගෙන සිටි වන්දනාව අරුන්ගේ දෙමව්පියන් විසින් ප්‍රතික්ෂේප කළහ. දරුවාත් සමග තනිවන ශර්මිලාව දකින එක්තරා පවුලක් දරුවාට රැකවරණය සැපයීමට භාර ගන්නා අතර , වන්දනා දරුවා රැකග බලා ගැනීමට ඔහුගේ ආයා ලෙස එම නිවසේ නතර වෙයි.චන්දා හේ තූ ගීතය ගායනා කරමින් ඇය දරුවා නලවන ආකරය ප්‍රේක්ෂක දෑසට කඳුලක් නංවන්නේ නිරායාසයෙනි.

දරුවා සැපසේ මෙම නිවසේ හැදෙන වැඩෙන අතර ,දිනක් නිවැසියන්ගේ නෑදායකු වන ශ්‍යාම් නැමැත්තා  වන්දනට අඩම්තේට්ටම් කිරීමට සැරසේ.මෙහිදී ඇතිවන ගැටුමේදී  කුඩා සුරාජ් අතින් ශ්‍යාම් මරණයට පත්වෙයි.මෙහිදී සුරාජ්ව වරදින් ගලවා ගැනීමට ඝාතනය තමා විසින් කළ බව පාපොච්චාරණය කරන්නේ මවකගේ දාරක ප්‍රේමයෙ උත්තරීතරභාවය පසක් කරමිනි.

වසර ගණනක සිරගත දිවියෙන් නිදහස් වන ඇයට එහි ජේලර්වරයකු වූ උදව් කිරීමට ඉදිරිපත් වන අතර ඔහු ඇයව නිවසට රැගෙන ගොස් තම දියණිය වූ රේණු ට හඳුන්වා දෙයි. ඒ වන විට තුරුණු වියෙහි පසුවූ සුරාජ් තම පියා සේම ගුවන් නියමුවකු සහ මේජර්වරයකු ව සිටී.ඔහු ජේලර්වරයාගේ දියණිය සමග පෙමින් බැඳෙයි. ඒ බව දැනගන්නා වන්දනා සිරගතවූ තමා ඔවුන්ගේ ජිවිත වලට කැළලක් වේයැයි සිතා ඔවුන්ව මගහැරී.නමුත් අහම්බෙන් ඇයගේ දිනපොතක තිබී අරුණගේ සහ වන්දනාගේ ජායාරුපයක් දකින සුරාජ් ඇය ඔහුගේ සත්‍ය මව බව හඳුනා ගනී.



Thursday, November 10, 2022

මොහොන්දෝජරෝ - හාරප්පා ශිෂ්ඨාචාරය සහ දෙවියන් .


ආදිතම යුගයේදී ඉරානයේ , ග්‍රීක, රෝම ,ජර්මන් , ස්ලාව් , කෙල්ට් යන ජන කොටස් වල මුතුන් මිත්තන් සියල්ලටම එක හා සමාන යයි  කිව හැකි ආගම් තිබුනි. මේවා සොබාදමේ අංගයන් වූ අහස, පොලව, හිරු සඳු , ,සුළඟ , විදුලිය, වර්ශාව වැනි අංග සමග නිර්මාණය වී තිබු දෙවිවරුන් පිලිබඳ ඉතාමත් රසවත් කතා සමග මිශ්‍ර විය.


පෘතුවි දෙව්දුව දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨ මාතාව වූ අතර අරුණෝදයේ දෙව් දුව " උෂස් " ද රාත්‍රී දෙව් දුව "අරන්‍යානි "ද ග්‍රීකයන් සියුස් නමින්ද රෝමවරුන් ජුපිටර්  නමින් හැඳින්වු  පීතෘ දෙවියන් දෞස් නමින් ද හැඳින්වූහ. කාලගුණය පිලිබඳ දෙවියන් ඉන්ද්‍ර විය. මොවුන් පිළිබඳවද ඇති කතාවක් ඉතාමත් රසව‍ත් ය.

වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් ජලය රඳවාගෙන සිටි වෘත නම් නපුරු සර්පයා විනාස කොට , වියළි ගිය මහා පොලවට , වැස්ස ගෙන ආ බව  වේද සාහිත්‍යයේ සඳහන් වේ.කුණාටු , මේඝ ඝර්ජණා වලටත් සම්බන්ධ මොහු අත වාජරායුධයක් තිබු අතර ගණන්කාරයෙක් වෙරිමතින් සිටින්නෙක් , ලෙසද සඳහන්වේ .

" හමනා සැඩ සුළඟක් විලසින්නේ ..... 
ඉහළ යවා ඇත මා මධු පානේ ..... සෝම බි බි දෝ මා උන්නේ ....?

අජානිය අසු රිය අදනා මෙන් 
ඉහළ යවා ඇත මා මධු පානේ .සෝම බි බී දෝ මා උන්නේ ?

විකාර බව මා සිතට එළඹ ඇත 
එළදෙන වසු පැටවා වෙත යන මෙන් . සෝම .........?

වඩුවකු රිය'සුන නමනා විලසින් 
විකාර බව හද වටා නමමි මම .සෝම .....?

නෙතෙහි රදස් අනුවක් තරමට වත් 
කුල පස මා හා සමාන වේදෝ ? සෝම......?

ඉහළින් තිබෙනා අහසත් මාගෙන් 
අඩකටවත් නැත සමාන වන්නේ.සෝම......?
 
මම දැන් තෙදබල මහිමෙන් මාගේ 
අහසත් පොළවත් පරයා සිතිමි......

මහා පොළව මම අහුලා ගන්නෙමි.....
මෙහි හෝ එහි එය දමා ලමි.සෝම......."

ඉන්ද්‍ර අහසේ ඔබමොබ ගියේ තනිව නොවේ.යුධ කටයුතු වලදී රණ ගි ගයමින් සහයට දෙවිවරුන්ද පිරිවරාගෙන , රථ වල නැගී ගමන් කළේය. ගින්නෙන් දිලෙන රථයක , අහසේ සැරිසැරූ සූර්යාලෝකය දිව්‍ය රාජයා ලොවට ශක්තිය දුන්න තැනැත්තා වන අතර ඔහුට අසුරෙන්ද් පහල වූ දෙවිවරු කිපදෙනෙකි.

සවිතෘ මංමාවත් ,ගොපල්ලන් ,ගවයින් ආරක්ෂා කල අතර හිරු දේවිගේ දියණියගේ ස්වාමිපුරුෂයකු වූ අශ්වින් ,විපතට පත්වූවන් , මුහුදුබත් වූ නැවියන් ,අංගවිකල වුවන්  ආරක්ෂා කල ධාර්මික චරිතයක් ලෙස විස්තර කෙරේ.

අග්නි විදුලිය ගින්දර ස්වරුපයෙන් පෙනී සිටි අතර ,යාග හෝම වලට අධිපති දෙවියා විය.අග්නි වෙත පිදෙන යාගයන් අනික් දෙවිවරු වෙත යොමු කෙරේ.ඔහු සැමදා දැල්වෙන ගිනි දැල්ල සේම අමරණිය වේ. ඝර්ෂණය කර ගිනි දල්වන අතර ඒ සඳහා කෝවිල් වල භාවිතා කරන තොරපනය නම් උපකරණය  අග්නිගේ දෛනිකව සිදුවන  උපත පිළිඹිමු කිරීමට තාමත් කෝවිල් වල දක්නට ලැබේ. ඉන්දු - ටිබෙට් පුරාවෘත වලට අනුව අග්නි ගිනිකොණ දිග ආරක්ෂා කරන ලෝක පාලකයාය.ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් යන පාඨයේ තේරුම වන්නේද "ඔබේ උදුන ඔබේ නිවසේ ගිනිකොණින් පිහිටවන්න යන්නයි. 


සෝම දෙවියා නමින් පැලැටියක් වූ අතර ,ඉන් සැරපානයක් සඳහා යාගහෝම අවස්ථා වලදී පානය කරන ලදී.
දැනට ඉන්දියාවේ ආසියාවේ සහ දකුණු රුසියාවේ වැවෙන කංසා පැළෑටිය ,මෙය යයි විශ්වාස කෙරේ. 

සොබාදහමට ඇති  සම්බන්දතාවය සමගින් දෙවියන්ද ,ඊළඟ අවස්ථාවේ ආගම් ද නිර්මාණය වී ඒවා මිනිසාගේ යහපතට යොදාගෙන, පසුකාලීනවත් සංස්කෘතික අංගයන් වි අදටත් අප අනුගමනය කරන බව පැහැදිළි වේ.
සිංහල අවුරුද්ද , තයිපොංගල්( මකර සංක්‍රාන්තිය)  ,දීපාවලි වැනි උත්සව වල සොබාදහම සමග බැඳුණු මෙම අංග අදටත් ලොව පුරා පැතිර ඇත.

Monday, November 7, 2022

භාරතීය සංගීතයෙන් ලොවක් සැනසූ ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර්

 ලොව විසුළ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවන් අතර ගුරු දෙව් රබින්ද්‍රනාත් තාගෝර් නාමය ඇසු සැණින් අප මතකය අවදි කරන්නේ එතුමන්ගේ මහා කවිත්වයයි.නමුදු කවියෙන් එහාට ගිය සංගීතඥයෙකු , දාර්ශනිකයකු ,ගත් කතුවරයකු ද  චිත්‍ර ශිල්පියෙකු ,නාට්‍යධරයකු   සේම අධ්‍යාපනඥයකු ලෙස තම දැනුම ලොව පුරා විහිද වූ මෙතුමා නුතන ඉන්දීය කළා සාහිත්‍යයේ පුරෝගාමියකු වන අතර ඉන්දියානු අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයකි. එමෙන්ම දේශ සිමා සහ කාල සීමා ඉක්මවමින් පෙර අපරදිග යා කල මහා පුරුක වීමට රබින්ද්‍රයන් හේතු වුයේ විවිධ කුසලතාවයන්ගෙන් හෙබි ඔහුගේ පෞර්ශයයි.

මෙතුමා 1861 මැයි 6 වන දින කල්කටාවේ ජෝරසංකෝ මැදුරේදී උපත ලද අතර මෙම මන්දිරය නිබඳවම සංගීත රාවය රැව්පිළි රැව් දුන් කලාගාරයක් විය.මහර්ෂි යන නාමය ලද දවෙන්ද්‍රනාත් තගොර්තුමන් ට අයත්වූ මෙම මන්දිරයේ නිතර ශාස්ත්‍රීය ප්‍රසංග පැවැත්වුණු අතර කුඩා රබින්ද්‍රනාත්ට එම ප්‍රසංග නැරඹීමේ අවස්ථාව හිමිවිය. Jadu Bhatt , Shrikant Singha , Radhika  Go swami , Shyam Sundar Mishra ,Ramprasad Mishra (පවුලේ සිතාර් ගුරුතුමා ) ආදී සංගීතඥයන්ගෙන් ගුරුහරුකම් ලැබීය.එමෙන්ම සොයුරන් වූ බටහිර සංගීතයේ ,බටහිර ස්වර ලිපි රචනයෙහි,  වයලින් මෙන්ම පියානෝ වාදනයෙද නිපුණයකු වූ ජෙයතින්ද්‍රනාත් සෝමේන්ද්‍රනාත් සහ සත්යෙන්ද්‍රනාත් හේමෙන්ද්‍රනාත් ද උගත් උත්තර භාරතීය සංගීතයෙන් ලද අභාෂයද , මෙතුමන්ට ලැබුණි.

කෙටි කලක් පමණක් ඔරියෙන්ටල් සෙමනේරියේ අධ්‍යාපනය ලැබුමුත් එහි දැඩි නීතිරීති වලින් හෙම්බත්වූ මෙතුමා පාඨශාලා අධ්‍යනය ප්‍රතික්ෂේප කොට  නිවසේදී සෞන්දර්යාත්මක අධ්‍යාපනය ලද අතර ඉංග්‍රීසි  සහ සංස්කෘත භාෂා වලින් පරිචය ලැබිය.කුඩා කල සිටම ගීත රචනයටත්, තනු නිර්මාණයටත් , දස්කම් පෙන්වූ අතර , ඔහු කියවූ සාහිත්‍ය නිර්මාණ අතර රාමායණය , කාලිදාසයන්ගේ ගිත ගොවින්දය සේම ශේක්ස්පියර්ගේ ශෝඛාන්ත නාට්‍යයද විය.

 සෞන්ද්‍රයවදියකු වූ එතුමා ගේ දැක්ම වුයේ ස්වභාවධර්මය හා අනුගතවෙමින්, පෞර්ෂත්වය වර්ධනය කර ,ළමයා ස්වභාව ධර්මයේ සුන්දරත්වය විඳිමින්, සමබරව  වර්ධනය විය යුතු බවයි. ඔහුට අනුව ගුණධර්ම වර්ධනය කල යුතුවන්නේ නිල් අහසේ පැතිරීම, සැන්දෑවේ නිසල බව , අරුණෝදයේ නව බලාපොරොත්තු පිබිදීම , දිදුලන රන්වන් තාරුකා වල කාන්තිය , හිරුගේ තේජස ,දරුවාගේ ජීවිතය අවදි කර ගැනීමෙනි. සොබාදහම යනු ගුණ ධර්මයකි. ගුණධර්ම ගොඩ නැගිය යුත්තේ සෞන්දර්යයේ ආත්මය තුලිනි.


  17 වැනි වියේදී නිතිය හැදෑරීමට එංගලන්තයට පිටත් විය.එංගලන්තයේදී ඔපෙරා , සිම්ෆනි, ශේක්ෂ්පියර් නාට්‍ය ආදි බටහිර නිර්මාණ කෙරෙහි ආශාක්ත වූ රබින්ද්‍රයන් භානුසිංහ නමින් භක්ති ගීත රචනා කළේය.වාල්මිකී ප්‍රතිභා නමින් අයර්ලන්ත ගී තනු වල අභාෂය ලබමින් ගීත නාට්‍යයක්ද එළිදැක්විය.එමෙන්ම 1881 දී නිර්මිත කාල්ම්රිගොයා සහ තෙවන ගීත නාට්‍ය වු මායාර් බැලාහි ගීත වලටද ද බටහිර ආභාෂය ලැබ ඇත.

එංගලන්තයේ සිට පැමිණි තාගෝර්තුමා හුග්ලි නදිය අසබඩ වාසය ඇරඹි අතර ඔහු සොබාදහමට වඩාත් ලංවිය.ඔහුගේ සෑම නිර්මාණයකටම මුලද්‍රව්‍ය සැපයුවේ සොබදහමයි.සොබාදහමේ චමත්කාරය රබින්ද්‍රයන්ගේ  සෑම නිර්මාණයකම සැඟවුණු සෞන්දර්ය වුයේ එලෙසිනි.

1891 දී තාගෝර් නැගෙනහිර බෙංගාලයට (දැන් බංගලාදේශයේ) ගියේ වසර 10ක් පුරා සිය පවුලේ ෂිලයිඩා සහ ෂාසාද්පූර් හි වතු පාලනය කිරීමට ය. ශිලෙයිදාවේ සමින්දාර් වූ ඔහු පද්මා නදියේ සිදුකල ගමන් වලදී එහි සුන්දරත්වයට වශී වී ඔරුවක් තනවා එහි වාසය කරමින් බොහෝ කලක් එම පාරිසරික සුන්දරත්වය විඳිමින් නිර්මාණ රාශියකට මුල පිරුවේය.ගැමියන් සමග සමීපව ආශ්‍රය කල එතුමන් ඔවුන් කෙරෙහි දැක්වූ අනුකම්පාව ඔහුගේ පසුකාලින ලේඛන ඔස්සේ පාඨකයින් වෙත ලඟා කළේය.ඔවුන් ගෙවූ දුක්ඛිත ජීවිතය,ඔවුන්ගේ නිරහංකාර ගති පැවතුම් පිලිබඳ රබින්ද්‍රයන්ගේ නිර්මාණ වලට පාදක විය.

 1890 සිට රචිත කෙටි කතා රැසක් තුළ ඔහුටම අනන්‍ය වූ  සියුම් උත්ප්‍රාසය බවක් දක්නට ලැබෙන අතර එය චිත්‍රපට අධ්‍යක්ෂක සත්‍යජිත් රායිගේ ප්‍රසංශාවට ලක් විය.නමුදු තාගෝර් යනු සොභාදහමට අසීමාන්තිකව පෙම් බැඳී තැනැත්තෙකි. බෙංගාලයෙ ගම්බද බවට බෙහෙවින්ම ලංවූ ඒ සියල්ලටම වඩා පද්මා නදිය සමගින් අධ්‍යාත්මික බන්ධනයක් ඇති කර ගනිමින් එය ඔහුගේ සිතේ පුනරාවර්තන සිතුවමක් සිතුවම් කරගනිමින් ජිවත් වූ තැනැත්තෙකි.1891 දී එතුමන් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ප්‍රකාශයට පත් කල අතර Sonar Tari (1894; The Golden Boat) සහ නාට්‍ය විශේෂයෙන් 1892 දී නිර්මාණය කල චිත්‍රාංග දා බෙංගාලි සමාජයෙ සියළු පංති අතර සැලකිය යුතු ජනප්‍රියතාවක් ලඟා වුන නිර්මාණ අතර ජනප්‍රිය ගිත 2000කට අධික වේ.

1901 දී තාගෝර් බටහිර බෙංගාලයේ ග්‍රාමීය ප්‍රදේශයේ ශාන්ති නිකේතනයේ ("සාමයේ නිවහන") නමින් පර්යේෂණාත්මක පාසලක් ආරම්භ කළේය.එහිදී ඔහු ඉන්දියානු සහ බටහිර සම්ප්‍රදායන්හි උසස්ම ලක්ෂණ ඉගැන්වීම් තුලට මුසු කිරීමට උත්සාහ කළේය. 1921 දී විශ්ව භාරතී විශ්ව විද්‍යාලය බවට පත් වූ පාසලේ ඔහු ස්ථිරවම පදිංචි විය. 1902 සිට 1907 දක්වා කාලය තුළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ වියෝවෙන් පැන නැඟුණු වසර ගණනක දුක ඔහුගේ පසුකාලීන කවියෙන් පිළිබිඹු වන අතර එය බටහිරට ගීතාංජලී (ගීතය) තුළින් හඳුන්වා දෙනු ලැබේ.

බෙංගාලි සංගීතය සහ සාහිත්‍යය ඇතුළු ඉන්දීය කලාවන්හි නුතනය ප්‍රවේශය දක්වා යොමු කිරීමට ඔහු දරු ප්‍රයත්නය මෙන්ම නුතන අත්දැකීම් ප්‍රකාශනය උදෙසා උචිත භාෂා ව්‍යවහාරයක් නිර්මාණය කිරීමද ඔහුගේ සුවිශේෂී කර්තව්‍යයක් වේ.බහුබාෂක ප්‍රාන්ත රැසක එකතුවක් වූ ඉන්දියාවේ ජාතික ගීය වූ " ජන ගණ මන - අධි නායක ජය හේ " ගීතය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනුවේ නොබෙල් සම්මානයකට පාත්‍රවූ මුල්ම ආසියතිකයා වීමේ ගෞරවයද ලබා ගනිමිනි. භාරතයේ පමණක් නොව ලොව සාහිත්‍ය අඹරයේ දිදුලන පහන් තරුවක් මෙන් එතුමා අධ්‍යාපනයේ සේම කලාවේද ,  නව මං පෙත් සොයා යන සැමට මග පෙන්වනු ඇත.









Monday, June 6, 2022

හැරී ‌පොටර් ඇසුරෙන් මා උගත් දේ

 


හැරී පොටර් විසින්  ජිවිතයේ සමහර දේවල් අපි මැරෙනවට වඩා හොඳ බව  මට ඉගැන්නුවා .

රෝන් වීස්ලි වාසනාවට වඩා සියදහස් ගුණයක් , තමන්ගේ සිතේ තමන් පිලිබඳ ඇතිවන ආත්ම විශ්වාසය බලවත් බව  මට ඉගැන්නුවා.

හමය්නි  ග්‍රේන්ජර් ගැහැණු ළමයකුගේ වටිනාම සම්පත තමන් ලබන ඉගෙනුම බව මට ඉගැන්නුවා .

සවර්ස් ස්නේප් මට පැවසුවේ කිසිදිනක, කිසිවෙක්ව විනිශ්ෂය නොකරන ලෙසයි.

රුබියස් හැග්රිඩ්  සෑම දෙයක්ම යම් කිසි දෘෂ්ටි කෝණයකින්, සුන්දර විය හැකි බව  මට පැවසුවේය.

ජිනි වෙස්ලි මට පහදා දුන්නේ එක්වරම ඔබට එක්වරම නිර්භීත බව හා සුන්දර බව ලබා ගත හැකි බවයි.

ලිලි පොටර් විසින්  මාතෘ ආදරය පෘතුවියේ බලවත්ම ආයුධය සහ ශක්තිය බව  මට ඉගැන්වුවාය.

රීමිස් ලුපින් විසින්  මා  බිය යුතු එකම දෙය බිය බව  පහදා දුන්නේය.

අපි ඇත්තටම  ආදරය කරන අය, අපව කිසිදිනෙක හැර නොයන බව මට පහදා දුන්නේ සීරියස් බ්ලැක් විසිනි.

ඇල්බස් ඩම්බ්ල්ඩොර්  සිතින් සහ අධ්‍යාත්මයෙන් යහපත් මිනිසුන්ට යථාර්තයේදී යහපත් විය නොහැකි බව මට කියා දුන්නේය.

ඩ්‍රැකෝ මැල්ෆොයි මට ඉගැන්නුවේ අයහපත් මිනිසුන්ට යථාර්තයේදී සැමවිටම අයහපත් විය නොහැකි බවයි.

නෙවිල් ලෝන්ග්බොටම්  ධෛර්ය යනු ඔබේ ආත්මයේ ගැඹුරුම තැනකට ඔබ බියවුවද ,නිවැරදි දේ පිළිගත යුතු බව පහදා දුන්නේය.

ලුනා ලවුගුඩ් විසින් අත්භුත වීම පුදුමසහගත බව පෙන්වා දුන්නාය.

ඩොබි විසින් නිදහස ත්‍යාගයයක් බව ඉගැන්වූයේය.

 ලුසියස් මැල්ෆෝයි විසින් මුදල් හෝ සම්බන්දතා සඳහා සැබෑ මිතුරන් මිලදී ගත නොහැකි බව කියා දුන්නේය.

ෆ්‍රෙඩ් සහ ජෝර්ජ වීස්ලි  නිරතුරුවම මට පෙන්වා දුන්නේ ,සමහර විටක අපට අවශ්‍ය වන්නේ සුන්දර සිනහවක් පමණක් බවයි.

ඩර්ස්ලිස් මට පෙන්වා දුන්නේ පරිකල්පනයෙන් තොර ලෝකය නීරස සහ අඳුරු තැනක් බවයි.

ආතර් වීස්ලි මට ඉගැන්වූයේ කුතුහලය මිශ්‍රිත සුළු බිය සාමාන්‍ය දෙයක් බවයි.

මොලී වෙස්ලි විසින් ප්‍රීතිමත් පවුලක් රත්රන් වලින් මැනීමට නොහැකි බව කීවාය.

බෙලාට්‍රික්ස් ලෙස්ට්‍රෙන්ජ් මට හොදින්ම පහදා දුන්නේ වෛරය සහ ක්‍රෝධය නිසා ඔබ උමතු වන අතර සුන්දර සිතක් ඇති පුද්ගලයකු  රාක්ෂයකු බවට පත් කිරීමටද හැකි බවයි.

ක්‍රිචර් මට ඉගැන්වූයේ යම් පුද්ගලයකු පිළිබඳව අවබෝධ කර ගැනීමට නම් ,ඔහු ඔහු යටතේ සිටින නිලධාරීන් හා ගණුදෙනු කරන ආකාරය සොයා බලන ලෙසයි.

නිම්ෆඩෝරා ටොන්ක්ස් ඉගැන්නුවේ ,මගේ පෙනුම කුමක් වුවත් තමන්ටම ආදරය කරන ලෙසයි.

සිබිල්ලා ට්‍රේලවිනි පැවසුවේ අපිට අපේ අනාගතය මිසක් අතීතය වෙනස් කල නොහැකි බවයි.

මිනර්වා මැක්නොගල් ඉගැන්වූයේ ඕනිම වයසකදී සටන් කිරීම අගනා හේතුවක් බවයි.

හෙඩ්විග් විසින්  අප ඇතිදැඩි කරන සුරතල් සතුන් ගැන අපේ හිතේ ඇතිවන ආදරය අවංක විය යුතු බවයි.

වෝල්ඩමෝට් සාමිවරයා මට පහදා දුන්නේ ආදරයක් අහිමි ජීවිතය ජිවිතයක් නොවන බවයි.

එලෙසින්ම 

ජෝන් රෝව්ලින්ග් විසින් මට ඉගැන්වූයේ අපි ආදරය කරන කතන්දර සදාකාලිකවම අප වටා අප සමගින් මතකයේ රැඳෙන බවයි.

නිලක්ෂි බණ්ඩාර 

06/06/2020


Saturday, April 9, 2022

උටෝපියා අත්භූත නගරය

 


මෙම නගරයට ගුප්තජනක වූ ඉතිහාසයක් ඇති බව එම නගර වාසීන්ගේ මතයයි. එම මතවාදයන් නිසාවෙන්ම එම වැසියන් මෙම නගරය ඔහියෝහි අත්භූත නගරය ලෙසින්ද හැඳින්වීමට පෙළඹී ඇත

19 වන සියවසේ මැද භාගයේදී මෙම නගරය පිහිටුවා ඇති අතර ප්‍රංශ ජාතික චාල්ස් ෆුරියර් විසින් 1844 දී මෙම නගරය පිහිටුවා ඇති බව කියවේ. මෙම නගරය ඔහියෝහි සින්සිනාටි නගරයට සැතපුම් 52ක් පිටතින් පිහිටා ඇත. මිනිසුන් 150ක් පමණ එහි වාසය කරන බව පැවසේ.


උතෝපියාව යන වචනය ශ්‍රීමත් තෝමස් මෝර් විසින් 1516 දී පුරාණ ග්‍රීක භාෂාවෙන් උපුටා ගන්නා ලද්දකි. එය ග්‍රීක භාෂාවෙන් නො- නැත යන තේරුම දෙන අතර වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාජයක් නොවන අතර සමකාලින සමාජයට වඩා සැලකිය යුතු ලෙස උසස් බව ද ඉන් ගම්‍ය වෙයි. තවද ඔහියෝ ගං ඉවුරේ පිහිටි මෙම නගරය, මනෝ රාජික සමාජ ස්ථර තුනක නැගීම පිළිබඳව සාක්ෂි දරයි.

1847 දී ඔහියෝහි ඇතිවූ මහා ගංවතුරෙන් නගරයේ වැසියන් බොහෝ දෙනෙකු මිය ගිය අතර , නගරය පිළිබඳ සමහර මිනිසුන් අතර පැවති මනෝරාජික සමාජ අදහස් සහ මතවාදයන් දුර්වල වී ගියහ. ඒ අතර එහි සිටි තවත් අධ්‍යාත්මික කණ්ඩයමක් භූගත දේවස්ථානයක රහස් සාකච්ජාවන් පැවැත්වු අතර මෙම භුගත දේවස්ථානය දුම්රිය මැදිරියක් ලෙස භාවිතා කළෝ ය.

ඔහියෝහි හොල්මන් සහ අත්භූත සිදුවීම් සිදුවන ස්ථාන පවතින බව පැවසේ. 1803 දී සංගමය විසින් ප්‍රාන්තය නීතිගත ලෙස පිහිටුවීමට පෙර එහි යුරෝපිය පදිංචිකරුවෝ වසර ගණනාවක් ඔහියෝහි වාසය කළෝ ය. ආදිවාදින් විසින් වසර ගණනාවක් තිස්සේ එය හැඳින්වුයේ නිවස ලෙසිනි. නමුදු අද වන විට එය මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙස විනාශ වෙමින් පවති. පෙර පදිංචිකරුවන්ගේ අවතාර මේ පෙදෙස් පුරා සැරිසරන බව කියවේ.

ඔහියෝහි සැරිසරන අවතාර දඩයම් කිරීමෙහි ලා ප්‍රසිද්ධියක් උහුලන්නේ මෑන්ස්ෆීල්ඩ් ප්‍රතිසංස්කරණ ආයතනයයි. ප්‍රාන්තයේ හොල්මන් වල ගමනාන්තය එය වන අතර වික්ටෝරියානු නිවෙස් රැසක් නගර මධ්‍යයේ දක්නට ලැබෙන්නේ විසල් රහස් ගොන්නක් සගවා ගනිමින්ය. දේශීය පුරාවෘත වල අසන්නට ලැබෙන රහස් අභිරහස්, ගුප්ත විශ්වාසයන් රැසක් මේ හරහා එහි යන සංචාරකයින්ට අසන්නට ලැබීම විශේෂත්වයයි. ෆුරියර් මෙම නගරය නිර්මාණය කල පසු ඔහුගේ අනුගාමිකයෝ මෙහි වාර්ගික සමාජයක් නිර්මාණය කරන ලදී. මෙම සමාජයට ඇතුල් වීම සඳහා ජනතාවට කළ යුතු වුයේ ඩොලර් 25ක් ගෙවා නිවසක් ලබාගෙන එම සමාජයට ඇතුල් වීමයි. නමුදු උතොපියාවේ මෙම සංවර්ධනය පැවතියේ වසර දෙකක් වැනි සුළු කාලයක් පමණි.


1847 දී පමණ ජෝන් වොට්ල්ස් නම් පුද්ගලයෙක් ගේ නායකත්වයෙන් යුතුව පැමිණි අධ්‍යාත්මක බලයක් සහිත කණ්ඩායමක් උතොපියාවේ නවාතැන් ගත් අතර ඔවුහු මිය ගිය අය සමගින් සන්නිවේදනය කල හැකි බව කීවෝය. නමුදු එය අසත්‍යයක් විය. මහා ගං වතුරින් ඔවුන් මිය ගියේ ය. 


අධ්‍යාත්මික ප්‍රජාවගේ මිය යාමෙන් පසුව මෙම ප්‍රදේශය අයත්වුයේ ජෝසියා වොරන්ටයි. ඔහුගේ දැක්ම ශ්‍රමය පදනම් කර ගත් ආර්ථිකයක් වූ අතර , එහි වූ දේපල පුද්ගලයන් සතුවූ අතර වැඩ කරන පැය ගණන සඳහා භාණ්ඩයට ගෙවන ලදී. ප්‍රජාවට සම්බන්ධ වීමට ඇති එකම ක්‍රමය වුයේ ප්‍රජාවේ කෙනෙකුගෙන් එයට සම්බන්ධ වන්නැයි ආරාධනයක් ලැබීම පමණි. ඒ ඔස්සේ තමන්ගේ ආරාධනය ඔස්සේ තමන්ට සම්බන්ධ වුවන්ගේ අයිතීන් ආරක්ෂා විය.

ඔහියෝහි දක්නට ලැබෙන හොල්මන් නගර 7කි.

  1. Boston Mills ("Hell Town")


බොස්ටන් නගරයේ ගම්මාන දෙකක් පිහිටා ඇත. එනම් Boston Height's සහ Boston Mils ය. කෙසේ නමුදු බොස්ටන් මිල්ස් යනු මෙහි සමෘද්ධිමත් වූ ප්‍රජාවකි. උතුරු සමිට් ප්‍රාන්තයේ පිහිටි මෙය අද වන විට හැඳින්වන්නේ නිරයේ නගරය යන නමිනි. මෙම ප්‍රදේශයේ ජාතික වන උද්‍යානයක් පිහිට වීම සඳහා මෙහි වැසියන්ට නගරයෙන් පිටවන්නට පැවසු අතර ඒ හේතුව නිසාවෙන් නගරය හදිසි ඉවත් කිරීමකට ලක් කෙරුණි. නමුදු අදටත් එහි ඉතුරු වූ පිරිසේ මිය ගිය ආත්ම සැරිසරන බව කියවේ. මිනිසුන්ගේ කට කතා සහ ජනප්‍රවාද අතර එක කටකතාවක් වන්නේ එම ප්‍රදේශයෙහි ඇති පසෙහි අඩංගු විෂ සංඝටක සහ සාතන්ගේ ක්‍රියාවන් හේතුවෙන් මෙම නගරය ඉවත් කර ඇති බවයි.

  1. Sabina


ඉයුජින් ද මමී ගැන ඔබ අසා තිබේද ? මොහු එම නගරයේ ස්වභාවික ලෙස ජිවත් වී ස්වභාවික ලෙස මරණයට පත් වූ තැනැත්තෙකි. 1920 ගණන් වල අගදී එක්තරා නන්නාදුනන මිනිසෙක් සභිනා නගරයට පිටතින් පිහිටි මාවතක් ඔස්සේ ඇවිද යනු බොහෝ දෙනෙක් දැක තිබුණි. ස්වභාවික හේතුන් මත දින කිහිපයකින් මොහු මියගොස් තිබුණි. පසුව මොහුව එම්බාම් කර ඔහුගේ නිවස පිසුපස මඩුවක තබා තිබුණත් වසර ගණනකාවක් පුරා , මිලියන ගණනක් ජනතාව පැමිණ ගියත් මොහුව හඳුනා ගැනීමට ඒ කිසිවෙකුටවත් හැකියාවක් නොලැබුණි.

  1. Moon Ville


ගිනිකොණ දිග ඔහියෝහි වින්ටන් ප්‍රාන්තයේ අතහැර දැමු ගල් අඟුරු ආකර කැනීම් සිදුකිරීම් ඇරඹියේ 1856 දි ය. ඒ වන විට මැරියේටා සහ සින්ටියෙටා දුම්රිය මාර්ගයන් මෙම ප්‍රදේශයේ ඝන වනාන්තරය මැද්දෙන් වැටි තිබුණි. මුන්විල් උමග අදටත් ඉතිරිව ඇති මෙම නගරයේ එක් සැලසුමකි. 1900 ගණන් වලදී අඟුරු නිධි තව දුරටත් නොපැවතුණු හෙයින් එහි ප්‍රජාව කෙමෙන් අඩුවිය. අවසාන පවුලත් 1947 දී එයින් පිටව ගිය පසු , අද වන විට එහි ඉතිරිව ඇත්තේ පැරණි පාසලේ අත්තිවරමත්, දුම්රිය උමං මාර්ගයේ නටඹුන් සහ ප්‍රජා සුසාන භුමිය පමණි.

පුරවෘතයන්ට අනුව මෙම හොල්මන් උමං ඇරඹුම අසල සහ උමග හරහා ගමන් කරන කෝච්චිවල මගීන්ට ක්ෂණිකව සැරිසරන අවතාරයක ඡායාවක් පෙනෙන බව පැවසේ. හෝකිං හිල්ස් ප්‍රාන්ත උද්‍යානයේ ස්වභාවික විද්‍යාඥයකු වන පැට් ක්වකන්බුෂ් පවසන්නේ උමග තුළ සහ ඒ අවට සාමාන්යෙන් මරණ 25ක් පමණ වාර්ෂිකව සිදුවන බවයි.

  1. Shawnee


1873 දී මෙම නගරයේ අගුරු පතල් කැනීම් අරඹන ලද අතර මෙම නගරය පෙරී ප්‍රාන්තයේ විශාලතම නගරය විය. මෙහි ප්‍රථම පදිංචිකරුවන් වුයේ දකුණු ඔහියේ වාසය කල වැසියන්ය. ඉක්මනින්ම මෙම ප්‍රාන්තය, බ්‍රිතාන්‍ය සංක්‍රමනිකයන්ගෙන් පිරි ගියහ. මෙම ප්‍රාන්තයේ ජීව බලය වුයේ පතල් කැණීම , ගඩොල් කර්මාන්ත ශාලා, ගඩොල් උදුන් තැනීම ය. නගරයේ සංවර්ධනය වැසියන් 4000 කට අධික සංඛ්‍යාවක් සහිතව 1900 ගණන් දක්වා විහිදුණි.

5.Carpenter Hill



ඩොලර්වෙයාර් ප්‍රාන්තයේ 1840 මුල් භාගයේ නිර්මිත Mill නගරයෙන් ඉතුරුව ඇත්තේ කුඩා ප්‍රමාණයකි. ගල් පාලම , කණු , ආදී නෂ්ඨාවශේෂ මෙම පැරණි නගරයේ දක්නට ලැබේ. වෙස්ලියන් විශ්ව විද්‍යාලය අසලින් ගලාගෙන යන ඔලෙන්ටැංගි ගංගා ඉවුරේ පිහිටා ඇත.

6.Cheshire


1863 දී 2000 කට අධික පිරිසක් පැමිණ මෙම නගරය ආක්‍රමණය කර , නගරය කොල්ල කා වැටලීම් සිදුකර එහි සිටි මිලේශියන් සිරකරුවන් ව පැහැර ගෙන ගියහ. මෝගන්ගේ ආක්‍රමණය ලෙසින් හැඳින්වූ මෙම ආක්‍රමණය ඉන්දියානා ඔහියෝ වැටලීම, මහා වැටීම , වැටලීම ලෙසද හඳුන්වයි

  1. Findlay Ghost House

Glister පවුල මගින් නිර්මිත මෙම නගරයේ 1880 දී නිර්මාණය කරන ලද පිළිරුවක් මාර්ගය අසල ගොඩ නගා ඇත. වර්තමානය වන විට නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවීම හේතුවෙන් මෙම නගරය පාලු හුදකලා බවකින් යුක්ත වී ඇත.

Tuesday, April 5, 2022

මාරි ඇන්ටනට් බිසව



ප්‍රංශ විප්ලවය යුරෝපයේ රාජ්‍යත්වය පාලනය කරමින් සිහසුන දරා සිටි සමය වන අතර එකල වැඩවසම් සමාජය සහ ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයන් අතර ඇති වුයේ මර්ධනය කල නොහැකි දේශපාලනික ගැටුම්ය.මේ ඔස්සේ දේශපාලනික ,ආර්ථික ,සමාජයීය මෙන්ම ආගමික  බලපෑම්ද හේතු කොටගෙන ප්‍රංශ විප්ලවය ඇතිවීමට හේතු ඇතිවිය.පාරම්පරිකව පැවත ගෙන ආ  රාජ්‍ය පරිපාලන ක්‍රම මේ සමය වන විට 16 වන ලුවී රජුද අනුගමනය කිරීමට පටන් ගත්තේ සමාජ ක්‍රමය වෙනස් වී ඇති බව පිලිනොගෙනය.පැරණි ක්‍රමෝපාය අනුව රාජ්‍ය පාලනය කරන්නයි ඔහුට උපදෙස් දුන්නේ මනෝ ලෝකයේ සිටි රැජිණිය නමින් පතල වූ මාරි ඇන්ටනට් බිසව විසිනි.

මාරි ඇන්ටනට් බිසව 1755 නොවැම්බර් 2 වෙනිදා ඔස්ට්‍රියාවේ වියානා නුවරදී උපත ලැබූ අතර හැම්ස්බර්ග් හි උපත ලැබිය.උසස් ඝනයේ රාජ්‍ය පරිපාලිකාවක් වූ මාරි තෙරේසා බිසවගේත් 1වෙනි ෆ්‍රැන්සිස් රජුගේත් දියණිය වූ මාරි ඇන්ටනට් දරුවන් 15 දෙනෙකුගේ පවුලේ ලාබාලතමයා විය. ඇයගේ බෞතිස්මයේදී දෙව් මව්පියවරුන් ලෙස පෘතුගාලයේ රජ සහ බිසව නියම කරගෙන සිටියත් මේ උපත වූ දිනයේදී පෘතුගාලයේ ලිස්බන් නුවර ඇතිවූ භූ කම්පනයකින් 40000ක් ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ඇති විය.

ඉගෙනුමට දුර්වල වූ ඇය සංගීතයට හා  නර්තනයට පමණක් යොමු වූ විනෝදකාමී තරුණියකි. පසුකාලීනව මවගේ දේශපාලන උපාය මාර්ගයක් ලෙස මාරි කුමරියට ප්‍රංශ ඔටුන්න හිමි කුමරු වූ වූ ලුවී ඔගස්ටස් හා 1770 මැයි 16 වැනි දින විවහා වීමට සිදු විය.නමුදු අනාගත ප්‍රංශයේ අවසානය පෙන්වන අසුබ සලකුණක් ලෙස දැක්වීමක් පෙන්වන සිදුවීම් වලට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය.එනම් විවාහයේදී අත්සන් යොදන පොතේ තීන්ත බොඳ වීමෙන් විශාල පැල්ලම් මතුවීමත්,විවහා උළෙල සැමරීමට පැවැත්වූ ගිනි කෙලි සංදර්ශනයේදී ගිනි පුපුරු පිපිරී ඇතිවුන ඛේදවාචකයෙන් 800ක් පිරිස මිය යාමයි.මෙම දේශපාලන විවාහය රටම අවාසනාවන්ත සිදුවීම් රැසකට බඳුන් වීමට හේතුවක් වීම කණගාටුදායකය.

15 වැනි ලුවී රජු රාජ්‍ය පාලනයට  සහ නායකත්වයට දුර්වල වුවත් ලෞකික සැපසම්පත් වලට සහ කාමභෝගී ජීවිතයකට ලොල් වුන පුද්ගලයකු විය.ඔහුගේ මරණයෙන් පසු 16 වැනි ලුවී රජු ලෙස ලුවිස් ඔගස්ටස් කුමරු පත්වූ අතර මාරි ඇන්ටන්ට් කුමරිය ප්‍රංශයේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා විය.රජුගේ විනෝදය පිණිස ගොඩනංවා තිබු ට්‍රයලන් මාලිගය බිසවට තෑගී දුන් අතර බිසවගේ රුචිකත්වයට අනුව ලොව පුරා ඇති සියලු දැකුම්කලු මල් උයන්වල සුන්දරත්වය එකතුකර නෙත්කළු අන්දමින් සකසා තිබුණි.රාජ්‍ය පාලනය අමතක කර කෑම සුඛල්ලක්හානු ජිවිතයක් ගත කල බිසව 1789 ජුලි 14 වෙනි දින බැස්ටිලයට පහර දී ප්‍රංශ විප්ලවය ඇරඹුණු මොහොතේද සිටියේ මෙම උද්‍යානයේය.

අවසානයේදී 1792 අප්‍රේල් 20 වැනි දින රජු විසින් යුද්ධ ප්‍රකාශ කලත් අගෝස්තු 10 වන විට රජ පවුලම සිර භාරයට ගෙන , චුලරිස් නම් ඉපැරණි සිරගෙයට ගෙන යන ලැදි.පසුව 1793 ජනවාරි 20 වැනි දින රජු ගිලටීනයට කැප කර මරණයට පත් කල පසු 1793 අගෝස්තු 1 වෙනිදා බිසව කරසිංගර් සිපිරි ගෙට යවන ලැදි.අවසානයේදී මරණයට කැපවූ ඇය කොතරම් නින්දා අපහසයන්ට ලක්වුවත් මරණයේදී ධෛර්යෙන් සහ අභිතවූ සුවිශේෂී කාන්තාවකි.





Sunday, March 20, 2022

මහා නිල් කුහරය -The Great Blue Hole

 


පලිඟු කැටයක් සේ දිලෙන පැහැදිලි ජාල අවකාශයක් තුළ කිමිදීමට රුසි වූ ස්කුබි කිමිදුම් කරුවන් හා ස්නොක්ල්වරුන්  සැරිසරන නිවර්තන මත්සයින්ගෙන් සහ සුන්දර කොරල් පර වලින් අනුන  වූ මහා නිල් කුහරය සොබදමේ විශිෂ්ඨ නිර්මාණයකි.ගල් පර මෝරුන් වර්ග කිහිපයකටම නිජබිමක් වන නිල කුහරය පුර්ණ දින චාරිකාවන් සඳහා සුදුසු වේ.නිල් කුහරය බෙලිස් ඔබ්බෙන් වූ විසල් දිය යට ගිලා බැස්මක් වන අතර බෙලිස් නගරයේ සිට කිලෝ මීටර් 100 ක දුරකින් පිහිටා ඇත.රවුම් හැඩයක් ගත් නිල් කුහරය මීටර්  400ක ගැඹුරකින් සමන්විත වේ.ලෝකයේ විශාලතම ස්වභාවික  දිය සැකැස්ම වන නිල් කුහරය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික ,විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ ලෝක උරුම අඩවියක් වන විශාල බාධක පර රක්ෂිතයේ කොටසකි.

දිය යට ජලධාරයකින් පෝෂණය වනන නිල් කුහරය ගැඹුරු ආටිසියානු උල්පතකි.නිල් කුහරය හේතුවෙන් ලොව පුරා වසරකට කිමිදුම් බලපත්‍ර 8000 කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරේ.මන්ද නවක කිමිදුම් කරුවන් නාන තටාකයක් තරම් වූ මෙම සින්ක් හෝල් එක තුල ආරක්ෂිතව තම කිමිදුම් කුසලතා වර්ධනය කරගැනීමට පුහුණුවීම් සඳහා පැමිණෙන නිසාවෙනි. නිල් කුහරයට නම් තැබුවේ බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවකු වූ නෙඩ් මිඩ්ල්ටන් විසිනි.

මෑතකදී නිල් කුහරයේ කිමිදුන නාසා විද්‍යාඥ ගලින් කොලින්සන් පැවසුවේ ඔහු දුටු සුන්දරම ජල කුහරය නිල කුහරය බවයි.එය අදහාගත නොහැකි තරම් ගැඹුරු වූ අතර අයිස් යුගයේදී ඝන පාෂාණ වලින් ගොඩ නැගී ඇත.යුග ගණනාවක්  පුරා ගල් තලා අතරින් ජලය පෙරී වැටෙන අතර මෙම ගල් ආසන එකිනෙක මත පතිත වී අඩි 400ක් පමණ ගැඹුරු වූ කුහරයක් නිර්මාණය විය.පෘතුවියේ අයිස් තට්ටු  දියවෙමින් උණුසුම් කැරිබියන් මුහුද වෙත ගලාගෙන යද්දී අවසාන හිරු කිරණ අගාධයේ පත්ලට පතිත වී හුණු ගල් කඩා වැටෙන්නට විය.අවසාන අයිස් යුගයෙන් පසුමුහුදු මට්ටමේ ඉහල යාමත් සමගින් කොරල් පරවල විවිධ ආකෘතින් ගොඩ නැගෙමින් නොගැඹුරු කලපු නිර්මාණය වන්නට විය.මේවයේ ගැඹුරු සාමාන්යෙන් ගත් කල අඩි 10, 15 අතර වේ.




1836 දී ලොව විශිෂ්ට ජීව විද්‍යාඥ පරිනාමවදියෙකු  වූ චාල්ස් ඩාවින්චි බෙලිස් හුණුගල් බිම සහ බෙලිස් බාධක පරය මුළු මහත් කැරිබියන් දුපත් සමුහයෙන්ම සුන්දරත්වයෙන් වඩාත්ම කැපී පෙනෙන්නේ නිල් කුහරය බවට වටිනාකමක් ලබා දුන්නේය.1970 ගණන්  වලදී Jacques Cousteauමේ පිලිබඳ පුළුල් විමර්ශනයක් සිදු කළේය.2018 දී කුස්ටෝගේ මුණුපුරා වූ ෆේබියන් ශ්‍රීමත් රිචඩ් බ්‍රන්සන් තුන්දෙනෙක්ගෙන් යුතු ඇක්වාටික් සබ්මැරීනයක් මගිනි.

නිල් කුහරයේ නිර්මාණය වී ඇති Stalactites ( හුණු කූරු) නිරීක්ෂණයන්ට අනුව මෙය වසර 153000 කට පමණ පෙර ගොඩ නැංවුණු  බවයි.ප්‍රංශ ගවේෂක Jacques Cousteau's විසින් " The Under Sea World of Jacques Cousteau's " නමින් නිල් කුහරය පිලිබඳ රුපවාහිනී වාර්තා කතාමාලාවක් නිර්මාණය කල අතර එය මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ වාර්තාගත වැඩසටහනක් විය.එමෙන්ම ඔහු විසින් ලොව හොඳම කිමිදුම් ස්ථාන දහයෙන් එකක් ලෙසද මෙය නම් කළේය.

 Blue Hole Monument යනු ලෝකයේ පුදුම හතෙන් එකකි.ඩිස්කවරි නාලිකාව මගින් පෘතුවි ගෝලයේ විශ්මිතම ස්ථාන දහයේ පළමු ස්ථානය  ලෙස නිල් කුහරය ශ්‍රේණිගත කර තිබීමද  විශේෂත්වයකි.

මිට අමතරව බෙලිස් හි ප්‍රමාණයෙන්  අඩු නිල් කුහරයක් දක්නට ලැබේ.රට මධ්‍යයේ බෙල්මොපන් නගරයට සැතපුම් 12ක දුරින් දකුණට වන්නට  පිහිටා ඇති අතර , Hummingbird හි දකිනට ලැබේ.මෙම  ස්වභාවික  දිය තටාකය දෙස් විදෙස් සංචාරකයින්ට ආකර්ශනයක් ගෙන දෙන අතර අභ්‍යන්තර  නිල් ජල පද්ධතිය ශාන්ත හර්මන් ගුහා පද්ධතිය දක්වා විහිදේ .එය ජාතික වනොදයනයක් ලෙස නම් වී ඇත.කෙටි පිය ගැට පෙළක් ඔස්සේ නිල් කුහරයේ ගමන් මාර්ගය විහිදී ඇති අතර ඒ ඔස්සේ සිසිල් මිරිදිය තටාකය වෙත ප්‍රවිෂ්ට වීමට සංචාරකයින්ට ඉඩ ලැබී  ඇත.

හමින්බර්ඩ් අධිවේගී මාර්ගය අසබඩ පිහිටා ඇති බලු හෝල් කුහරයේ පඩිපෙළ අඩි 30 පමණ ගැඹුරු වූ දිය තටාකයට මග පෙන්වයි.බ්ලු හෝල් කුහරය ඝණ  වැසි වනාන්තරයකින් වටවූ කුහරය සිසිල් පරිසරයකින් යුතු ටර්කියුසිස් ජල පැලෑටි ,පාසි සහ වැල්වලින් වටවී නිර්මාණය වුන සොඳුරු ජල තටාකයකි.එම තටාකය ගුහාවේ අභ්‍යන්තරයේ ඇති කුඩා අතු ගංගාවෙන් පෝෂණය වන අතර,කුඩා වැලි සහිත භූගත වෙරලකින් වටවී ඇත.

හර්මන් ගුහාව හමින්බර්ඩ් අධිවේගී මාර්ගයේ සිට මීටර් 450 පමණ දුරින් මෙම අභ්‍යන්තර නිල් කුහරය අසල  පිහිටා ඇත.හර්මන් ගුහාවට පිවිසුම් මාර්ග තුනක් ඇති අතර, ඉන් විශාලතම පිවිසුම අඩි 180 පළල වන අතර අඩි 60ක් පමණ පළල දොරටුවක් දක්වා පටු වේ.එයට ඇතුල් වූ පසු ,නරඹන්නන්ට විශාල ගල්පර තරණය කොට ජල මාර්ගය හරහා සැරිසැරීමට හැකි අතර ,සිත් ඇදගන්නා සුළු ගුහා නිර්මාණයන් දක්නට ලැබේ.

Wednesday, January 19, 2022

කවුරුන්ද පැවසුවේ සියලු දෙය මෘදුයි කියා 
කුඩා නිම්නය සැමවිටම සුන්දරයි කියා ?
එලෙසින්ම කවුරුන්ද පැවසුවේ ජීවිතය 
මිහිරි පානයක් බව ?
විටෙක එය අමිහිරිය 
ඇඹුල්ය , විටෙක පිලිකුල්ය .

ජීවිතය අළු පැහැය.
රාත්‍රිය අඳුරු සේම ,
උදැසනදී  ආලෝකමත් සේ.
එලෙසින්ම අපට දැකගත හැකියි 
සමහරුන් සෙමෙන් යන විට,
සමහරුන් පියාඹයි.

වයින් විදුරුවක හරි අඩක් පිරි ඇත.
ලොවම සුන්දරය නිදිගත්  විට.
එවිට අනෙකෙක්ට වයින් විදුරුවේ හරි අඩක් හිස් ය.
රෝස මල් කටු ලැහැබක්ව දිස්වේ.

අප දොම්නස් සිතින් සිතමු 
විශ්වාසය සහ බලාපොරොත්තු තබාගැන්මට පෙර 
අප සිටි තැන පිළිබඳව.
පියාපත් ලැබීමට  පෙර සේම 
සුරංගනා කතාවක් සැබෑ කරගැනීමට 
සිහින මැවූ ආකාරය පිළිබඳව.

බොළඳ බවින් යථාර්තයට පැමිණි මුත් 
කෙනෙකුට  පියාපත් අහිමි වී ඇත 
අපි තරු දෙස බලමින් සිනාසෙමු 
ප්‍රේමය පතුරවමු .
අන් සතුට විකසිත දෑසින් බලා හිඳිමු.

නිලක්ෂි බණ්ඩාර 
1/19/2022

Wednesday, October 6, 2021

එක් රැයකින් ලොව ආකර්ෂණය දිනූ රුසියානු පොප් ගායක විටාස්

 යුක්‍රේනියානු ජාතික ගායකයකු, ගී පද රචකයකු මෙන්ම නළුවකුද වූ ලොව පතල රුසියානු ජාතික විටාස් නොහොත් Vitaly Vladasovich Grachev 1979 පෙබරවාරි 19 වැනි දිනLatvian SSR හිදී   උපත ලැබුවේය.ඔහු රුසියානු ජාතික ලිලියා මිහයිලොව්නා ග්‍රචෙව් සහ  ව්ලඩ්ස් අකාදේවිච් ග්‍රචෙව්ගේ පුත්‍රයාය. විටාස් යුදෙව් සහ ලැට්වියානු සම්භාවයන්ගෙන් මිශ්‍රිතව උපත ලද්දකුය. 

ඔහු කුඩාකල සිටම සංගීතයට ලැදි බවක් දැක්වූ අතර අවුරුදු 5 දී ඇකොනියන් වාදනය ඉගෙන ගෙන ," Rain in Tbilisi ගීතය රචනා කළේය.පසුකාලීනව ඔහු පැවසුවේ ඔහුට වයස 12 වන විට අවම වශයෙන් ගීපද 10000 ක් රචනා කරන්නට ඇති බවයි.මොහුගේ මෙම විශිෂ්ඨ නිර්මාණශිලිත්වය  දුටු ඔඩෙස්සා හි කළා පාසලේ පිටාධිපති පැවසුවේ විටාස් යනු "දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් බවයි".

විවිධ දක්ෂතා වලින් පරිපුර්ණ වූ ඔහු වඩා ජනප්‍රිය වුයේ ඔහු විසින් නිර්මාණකරණයේදී භාවිතයට ගත් අද්විතීය Falsetto(ෆල්සේටෝ ), operatic pop, techno, dance, classical, jazz, යනාදී අංග ඇතුලත් විචිත්‍ර සංගීත රටවන්ගේ ඇසුර නිසාය.

2000 වසරේදී රුසියානු රුපවාහිනී මාධ්‍ය ඔස්සේ කරලියට එළඹී ඔහු 2005 දී ආසියානු සංගීත වේදිකාව අතික්‍රමණය කළේය.එම නැගීමට හොඳම නිදසුන් ලෙස Opera2 , The 7th Element, 2001 දී එළිදැක්වූ  Philosophy of Miracle  සහ Smile පෙන්විය හැකිය.

විටාස් විසින් රටවල් කිහිපයකම තම නිර්මාණ සමගින් වේදිකාගත වුන අතර මෙහිදී කැපී පෙනෙන ලක්ෂණ වන්නේ තමන්ගේ වේදිකාව, ඇඳුම් නිර්මාණ යනාදී සියල්ලම ගොඩනගන්නේ විටාස් විසින්ම වීමයි.

2003 දී Crusoe ගීතය රචනා කල Lucio Dala විසින් මෙම ගීතය ඔහුත් සමගින් ගායනා කිරීමට පැමිණෙන ලෙස ප්‍රාන්ත ක්‍රෙම්ලින් මාලිගාවේ පැවති මොස්කව් හි San Remo ප්‍රසංගයට අරාධනා කළේය.පසුව විටාස් Pucciniගේ Toska ඔපෙරාවේ පුහුණු වීම් සඳහා රෝමයට ගියේය.

2001 දී මිය ගිය මවට උපහාරයක් ලෙස The songs of My Mother සහ Mama ගීත ඇල්බම් දෙකක් නිකුත් කල අතර ,The Songs of My Mother ඇල්බමය රුසියානු පොප් සංගීතයේ රන්සංචිත ලෙස ගැනෙන සම්භාව්‍ය රුසියානු  ගීත එකතුවට ඇතුලත් විය.2003 නොවැම්බර් මාසයේදී විටාස් විසින් මෙම මවගේ ගීත ඇල්බමය රුසියානු ප්‍රසංග ශාලාවේදී දෙවන වරටත් ඉදිරිපත් කරන ලදී.නළ්මුදු ඔහුගේ පළමු ගීත සංචාරය වූ Philosoph of Miracle ප්‍රසංගයට වඩා ගතානුගතික බවක් පෙන්වන ලදී.

ගායන දිවියට අමතරව රංගනයේද යෙදුනු ඔහු Beloved Scoundrel නම්අභිරහස් මිනීමැරුම් රුපවාහිනි කතා මාලාවකටද  රංගනයෙන් දායකත්වය සපයන ලදී.එමෙන්ම Crazy Day නම් හාස්‍යෝත්පාදක චිත්රපටයකද රඟපෑවේය.2006 ජුනි මාසයේදී බින්ජින්හි පැවති "The Year of the Russia "නම් විසල් සංගීත උත්සවයකට සහබාගි වීමට චීන මධ්‍යම රූපවාහිනියෙන් විටාස්ට ආරාධනා කරන ලදී.මෙහිදී ඔහු Star සහ Opera 2 යන ගායන අංග දෙක ඉදිරිපත් කල අතර එයින් චීනයේ විටාස්ගේ ජනප්‍රියත්වයේ පළමු පියවර ඇරඹුණි. 

2009 ඔක්තොම්බර් මස අවසානයේදී Mother and son ගීත ඇල්බමය එළිදක්වන ලද අතර "C'est La Vie,"Once More", "Let the Father Teach!", "Young Rook" යන ගීත ඇතුලත් විය.

 මොහු මේ වන විට බෝල්ටික්, රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල මෙන්ම යුක්රේනය,බෝල්රුස් ,කසකස්ථානය, ඊශ්‍ර්යාලය යන රටවල,ම විවිධ ප්‍රසංග රැසක් පවත්වන ලදී.2004 - 2006 කාලය ඇතුලත විටාස් ජනප්‍රියම සහ වඩාත් ඉල්ලුමක් සහිත ගායන ශිල්පියා බවට පත්වීමේ වරම් ලැබුවේය.එමෙන්ම ජනප්‍රියම නවක රංගන ශිල්පියාට හිමි සම්මානයද ලැබීමේ භාග්‍ය විටාස් විසින් ලබා ගන්න ලදී.

නැගෙනහිර රටවල සංජානනය සහ සංගීත රසාස්වාදය හා චින්තනය යුරෝපයට වඩා යම්තාක් දුරකට වෙනස් වුවත් ඔවුන් විටාස්ගේ ගයන සහ රංගන ශෛලිය ආදරයෙන් වැළඳ ගත්හ.විටාස්ගේ රසික ජාලය තුල, සිංගප්පුරු ,ජපානය, චීනය තායිවානය වැනි රටවල ප්‍රේක්ෂකයන්ද සිටිම මෙයට මනා නිදසුනකි. සත්‍ය වශයෙන්ම  ගතහොත් විටාස් යනු දක්ෂතාවයට එහා ගිය අද්විතීය සම්භවයක්  ඇති ගායකයෙකි.මොහු සම්ප්‍රධායෙන් ඔබ්බට ගොස් සම්භාව්‍ය  අනුවදනයන්ට  එහා ගිය වෙනස් ශෛලීන්  හි නිර්මාණ ප්‍රේක්ෂකයාට දායාද කිරීම මොහුගේ ඇති විශේෂත්වයයි.


Saturday, September 25, 2021

සිමා මායිම් ඔස්සේ - චරුන්යා දෙහිගම මහත්මිය -(Walking the Boundaries - Jackie French)

 


මාර්ටින් ඕස්ට්‍රේලියාවේ නගරයක ජිවත් වන කුඩා පිරිමි ළමයකු වන අතර තම පාරම්පරික ඉඩම්වල සීමාවන් නිරීක්ෂණය කිරීමට ඔහු තම ගමට පැමිණේ.ඔහුගේ සියා වන ටෙඩිගේ පොරොන්දුව වන්නේ සිමා මායිම අවසාන තෙක්ම පැමිණියහොත් මෙම ගොවිපල ඔහුට ලියා දෙන බවයි.කතාව ඇරඹුමේදී සිටින ටෙඩි ට වඩා කතාව ගලායන  අතරමැදදී ටෙඩි කෙමෙන් කෙමෙන් වෙනස් වේ.මුලදී ගොවිපල විකිනීමේ තිරණයක සිටින ඔහු පසුව එහි වටිනාකම තෙරුන් ගන්නා අතර ඔහුට තව දුරටත් තම පරම්පරාව රැකගැනීමට අවශ්‍ය වේ.

මෙම ගමන තුලදී ඔහු බොහෝ අත්දැකීම් වලට මුහුණ පාන අතරම ජිවිතයටද බෙහෙවින්ම ප්‍රයෝජනවත් දෑ ඉගෙන ගනී,.ඔහු සේම අතීතයෙන් සිමා මායිම් සොයා යන මිනිසුන් ඔහුට  හමුවේ. මුළු කෘතිය පුරවටම ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණයෙන් ගලායාමක් දක්නට ලැබෙන අතර චරිත ගලාගෙන යාමේදී ඇතිවන වෙනස්වීම් මනාව මතුකර තිබීම අපුරු තාක්ෂනික ක්‍රමවේ.

මෙම කතාව මනුෂ්‍යත්වය සහ අහිංසකත්වයේ  මිශ්‍රණයකි.එමෙන්ම කාලයේ සහ සංස්කෘතිය ඉක්මවා යන කතාවකි. මෙම ප්‍රදේශය ආක්‍රමණය කල ප්‍රංශ ජාතිකයින් ස්වාදෙශිකයින්ගේ පරවේණි ඉඩම් සටන් කර ඔවුන් ගේ පාලනයට නතු කරගත් අතර ඔවුන් සහ ස්වෙදෙශිකයින් අතර ඇතිවන ඝට්ටනයන් පිලිබඳ මනා අවබෝධයක් පාඨකයාට ලබා ගත හැකිය.මෙම කතාව ඔස්සේ ඕස්ට්‍රේලියාවේ  අතීත කාලපරිච්ජෙදයත්  නාගරීකරණය වී ජනාවස වූ වත්මන් ඔස්ට්‍රේලියාව යන යන මානයන් දෙකම එක මානයකින් ඉදිරිපත් කල අපුර්වතම කතාවක් ය.මෙහි සඳහන් සමහර සංස්කෘතිකාංග තේරුම් ගැනීමට තරමක් අපහසු වුනත් ස්වදේශිකයින් සහමේම භුමිය පිලිබඳ අප සිත් තුල සුන්දර දැක්මක් ඇති වේ.,

මෙහිදී 1920 කුඩා පිරිමි දරුවෙක් , අතීතයෙන් පැමිණි ගැහැනියක් සේම යටත් විජිතකරණයට පෙර දඩයම් යුගයේ ජීවත්වූ  යුගයේ එනම් දඩයම් යුගයේ ජීවත්වූ පිරිමි ළමයකු යන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙය ඉදිරිපත් කල හැකිය.මෙහිදී කායිකව සහ අධ්‍යාත්මිකව කරන්නාවූ ගමනක් වන අතර ඔහුට ඔහුගේ පවුලේ අතීතය සර පරම්පරාවෙන් ලැබුන ඉඩම රැක බලා ගැනීමේ අයිතිය පිලිබඳ ඉගෙන ගැනීම පිලිබඳ මේ කතාව ඔස්සේ විද්‍යමාන කරයි.

මාටින් විසින් මෙග් සහ වුල්ලමුදුල්ල සමගින් ඇති කර ගන්නාවූ සම්බන්දතාව ඔස්සේ අනාගත දරු පරපුර සඳහා භුමිය රැකබලාගත යුතු ආකාරය පිලිබඳ අවබෝධයක් මොහුට ලැබේ.ඒ ඔස්සේ මොහුත් සීයත් අතර ඇති අන්තර් සම්බන්ධතාව පුළුල් වේ.

මානව ඉතිහාසයේ පරිණාමය අනුව මිනිසා විවිධ විවිධ යුග වලට බෙදී  බෙදී ශිෂ්ටසම්පන්න වී ඇත.නමුත් සිමා මායිමේදී හමුවන යුග තුනකට අයිතිවූ මෙග්, චුල්ලමුදුල්ල සහ ද්‍රකියුලා යන තිදෙනා පුළුස්සා ගත සතුන්,කැලයේ ගෙඩි වර්ග ,කිසිම බේදයකින් තොරව අනුභව කරති.ශිෂ්ටාචාරය නොව මානවයාගෙන් ගිලිහි ගිය සමගිය ,සමානාත්මතාවය ,එහි රැඳී ඇත.නමුත් ඔහු සෙවූ ලොක්කය ,ටෙඩ් ,සියා විසින් පැහැදිලි කල ලෝකය එය විය.

09/25/2021