‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, February 5, 2023

ධන නිධානයෙන් පිරි මරණයේ දොරටුව


ආගමික , ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය, බිතුසිතුවම්, චිත්‍ , ධන නිධාන , හාස්කම් සහ ගුප්ත බලවේග වැනි විවිධ වටිනාකම් වලින් යුත් පුජනිය ස්ථාන සඳහා දුර අතීතයේ සිටම ඉන්දියාව හිමිකම් කියයි. 
 කේරල ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්තපුරම් හි පිහිටි පද්මනාභාවස්මි කෝවිල මින් එකකි. එහි  අභ්‍යන්තරයේ සැඟවුණු නිධන් සහ සර්ප රැකවලුන් විසින් ආරක්ෂා කරනු ලබන රහස් දොරටු අදටත් ලොවට අභිරහසකි.

ඉන්දියාවේ අනිකුත් කෝවිල් සහ විහාරස්ථාන මෙන්ම සුන්දර වූ මෙම විහාරස්ථානය දිනපතා බැතිමතුන් දහස් ගණනකගේ පාද ස්පර්ශය විඳින ස්ථානයකි.කේරළ ප්‍රාන්තයේ තිරුවානන්ත්පුරම් වල පිහිටි මෙම කෝවිල විෂ්ණු දෙවියන්ට කැප කෙරු පුදබිමකි. 

මෙම විහාරය දකුණු ඉන්දියාවේ ප්‍රධාන විෂ්ණු වන්දනා මධ්‍යස්ථාන 108කින් එකකි.මුල් මධ්‍යතන  යුගයේ එනම් 6 වන 7 වන සියවස් වලදී දෙමල සාහිත්‍ය තුළ ඉතා ප්‍රසිද්ධියක් ලැබූ අතර මෙම දේවාලය තිරුවට්ටාර් හි  ප්‍රසිද්ධ ශ්‍රී ආදී කේසවපෙරුමාල් දේවාලයේ අනු කෘතියක් වන අතර මෙයට ඇතුල් වීමට හැකියාව ඇත්තේ හින්දු ජාතිකයින්ට පමණි.

විෂ්ණු , බ්‍රහ්ම,මත්ස්‍ය, වරාහා ,ස්කන්ධ ,වායු , පද්ම භගවත් යන පුරාණ ග්‍රන්ථ  ඇතුළු හින්දු ග්‍රන්ථ බොහොමයක පද්මනාභාස්වාමි කෝවිල ගැන සඳහන් වේ.එමෙන්ම සංගම් සාහිත්‍ය මෙන්ම 9 වැනි සියවසේ ලියවුණු නම්මල්වාර් වැනි කෘති වලද  මෙම කෝවිල දේව මාලිගයක් සේ සඳහන් කර මාලිගාව සහ නගරය රනින් නිමවා ඇති බවත් මාලිගය ස්වර්ගය ලෙසත් හඳුන්වා තිබේ.ක්‍රිස්තු 7,8 වන සියවස් වලදී දමිල ගීතිකා වල සඳහන් වන්නේ වෛෂ්ණාවේදයේ ප්‍රධානා දිව්‍ය දේශම් ලෙසද හඳුන්වනු ලබයි.

සරළ සුන්දරත්වයකින් යුතු පින්බිම අභිරහස් වලින් පිරි නිධන් වලින් සමන්විත  රහස් කුටි අන්තර්ගත වුවක් බව දුටු සැණින් කෙනෙකුට සිතෙන්නේ නැත.ක්‍රිපු.200 කට එහා ඉතිහාසයක් ඇති  මුළු දෙවාගරයේම සුරක්ෂිතාගාර 6 ක් ඉදි කර ඇති අතර ට්‍රැවන්කොර් රජ පවුල විසින් ආරක්ෂා කරනු ලබයි.වර්තමානයේ ට්‍රැවන්කොර්හි නාමික රජු වූ මහා රාජ් " මුලම් තිරුනාල් රාම වර්මා කෝවිලේ භාරකරු වේ.

මෙම සුරක්ෂිතාගාර A  සිට F දක්වා නම් කර ඇති අතර මින් පෙර විවුර්ත කර ඇති C සිට F දක්වා සුරක්ෂිතාගාර තුලින් වටිනා නිධන් හමුවී තිබීම විශේෂත්වයයි.පුරාවෘතයන්ට අනුව A සහ F කුටි විවුර්ත කිරීමට නොහැක්කේ සාපයක් නිසා බව කියවෙන නමුදු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් A කුටිය විවුර්ත කිරීමට නියෝග ලැබුණි.මේ වන විට කෝවිලේ තිබී සොයාගෙන ඇති සම්පුර්ණ නිධානයෙ වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් වේ.  එහි වටිනාකම මොගොල් වරුන් ගේද, හයිද්‍රබාද්හි ධන කුවේරයින්ගේ ධනයද සේම බ්‍රිතාන්‍ය රජ පවුල සතු ධනස්කන්ධයට වඩා වැඩිය. 
7B කුටීරය විවුර්ත කර බැලූ නමුත් එය කිසිදු අගුලක් , ඇණයක් පිරිස්සුමක් වත් නොමැති සර්ප මුද්‍රාවෙන් පමණක් යුතු දොරටුවක් විය.මෙහිදී දේවස්ථානයට ශාපයක් ඇති බැවින් ඒ මගින් මෙය විවුර්ත කරන තැනැත්තාගේ පවුලට සහ රටට විසල් කරදර වලර මුහුණ පෑමට සිදුවන බවට පුජකවරුන් විසින් අනතුරු අඟවා ඇත. උසාවි නියෝගයක් ලබාගෙන B කොටසේ ඇති ධනය (Inventory)ලේඛන ගත කිරීමට උත්සහ කල ටි පී සුන්දර රාජන් යන තැනැත්තා 2011දි  මරණයට පත්විය. 
මෙවැනි ශාප හේතුවෙන් මිසරයේ පිරමිඩ් විවුර්ත කිරීමට ගිය රාජ්‍ය නිලධාරින් පවා මිය ගිය බව අපට අසන්නට ලැබේ.එහි තිබී සොයා ගත් සම්පත් අතර උස ආදී තුනහමාරක් උසැති රනින් නිමවා සිය ගණනක් දියමන්ති සහ රතු මැණික් ගල් ඔබ්බවා නිර්මාණය කල විෂ්ණු දෙවිඳුන්ගේ පිළිරුව විශිෂ්ඨ දර්ශනීය නිර්මාණයකි.
මුතු ,මැණික් සහ දියමන්ති එබ්බවූ රත්‍රන් ඔටුනු , රන් භාජන, රනින් සැදු පුටු ද A කොටසෙන් ලැබී ඇත.
දළ වශයෙන් ගණන් බැලුවහොත් එක් කාසියක මිල අවම වශයෙන් ඉන්දියන් රුපියල් කොටි 1.5 ක වටිනාකමින් යුතු කිලෝ 800ක් පමණ බරැති රන් කාසි ,අඩි 8ක් දිගැති රන් මාලයක් සහ නැපෝලියන් සහ රෝම  යුගයේ කාසිද ,වටිනා මැණික් ඔබ්බවා නිම කල රන් මාල(Sarappalli) 1200ක් ද හමුවී ඇත.

රන් මාල පිරවූ භාණ්ඩ කිහිපයක්ද,  ගල් පෞරාණික භාණ්ඩ පිරවූ මලු කිහිපයක්,දියමන්ති පච්ච මැණික්  පොල් කටු වැනි භාජන  , කිලෝ ග්‍රෑම්500 ක් බරැති රන් පියළි එකතුවක් , කිලෝ ග්‍රෑම් 500ක් බර රන් මිටියක් , කිලෝග්‍රෑම් 36ක් බරැති රන් ආවරණයක් හමුවී ඇත. කිඕ ග්‍රෑම් 30ක් බරැති පොල්කටු වැනි භාජන තවත් අපුර්වතම නිර්මාණයකි.

තවද 18 වන සියවසේ නැපෝලියන් යුගයට අයත් කාසිද මෙහි හමුවී ඇත.
හිටපු ඔඩිටර් ජෙනරාල් විනෝද් රාජ් ට අනුව මෙහි හමුවූ රක්න කාසි තොගයක වටිනාකම ඇමරිකානු ඩොලර්, 340, 000 කි.

මෙහි හමුවූ වටිනා භාණ්ඩ අතර රන්මය සිංහාසනයක් සහ අඩි 18ක්  දිගැති දෙව් රුවක්ද වේ.A කුටියේ තිබී මිනිසකුගේ මහපට ඇඟිල්ලක් තරම් විශාල දියමන්ති තොගයක්  හමුවී තිබේ.තව දුරටත් නිරීක්ෂණය කළහොත් මෙම නිධානයේ වටිනාකම ලෝක ඉතිහාසයේ වටිනාතම , රන් සහ මැණික් තොගය වනු ඇත. මෙම භාණ්ඩ වසර දහස් ගණනක් තිස්සේ වේරා ,පාණ්ඩය ට්‍රැවන් කෝට් වැනි දකුණි ඉන්දියානු පෙළපත් විසින් දෙවියන්ට කල පරිත්‍යාග ලෙස සැලකේ. ඉතිහාසඥයින්ට අනුව දකුණු ඉන්දියානු රාජ්‍යයන් ඇය කල බඩු මුදල් ලෙස ලබා ගත් භාණ්ඩ ද මෙහි තැම්පත් කර ඇත.

මෙම ධනස්කන්දය පිළිබඳව ක්‍රි.පුර් 500-300 වර්ෂ වල සිට පැවතීගෙන එන විශ්වාසයක් පවති.මෙම රත්‍රන් වලින් වැඩි ප්‍රමාණයක් , කල්ලුඋර් ,ඛන්නාඩ් , කොල්ලම් , මලයාර් වැනි දිස්ත්රික්ක වල ගංගාවෙන් සහ පතල් කැණීම් වලින් වසර දහස් ගණනක් තිස්සේ ගරාගත් ද්‍රව්‍යයන් යයි සඳහන් වේ .

මෙහි බිත්ති වල ඇති සිතුවම සහ ජනප්‍රවාද වලට අනුව මෙහි කැපකරු දෙවියන් වූ විෂ්ණු අන්ත ශයනම් ඉරියව්වෙන් හිඳ නිදි සුවයෙන් සිටින අතර හිස් 5කින් යුතු සර්පයා වූ අනන්ත හෙවත් ආදී ශේශාන්ගේ සිරුර මත ඇලවී සිටි.සර්පයාගේ අභ්‍යන්තරයට මුහුණ ලා තොප්පි පහක් ඇති අතර එයින් "මෙනෙහි කිරීම " සංකේතවත් කරයි.දෙවියන්ගේ දකුණත ශිව ලිංගයක් මත තබා ඇත.සෞභාග්‍යයේ දෙවඟන වූ ශ්‍රී ලක්ෂ්මි දේවතාවිය සහ පෘතුවි දෙවඟන වූ භුමි ද ඔහු පසකින් සිටි.බ්‍රහ්ම දෙවියන්ගේ නාභියෙන් උඩට පිබිදෙන නෙලුම් මලක් ඇඳ ඇත.දෙවියන් වැඩ සිටින  විමාන මණ්ඩලය සහ  ඊට පසෙකින් ඇති දේව මණ්ඩපය යන ස්ථාන දෙකම   ඇති දෙවිවරුන්ගේ මණ්ඩපය සහ අඩි 20ක් පමණ උස අඩි 2.5ක ඝනකමින් යුතු ගල් පරයක තිබෙන තනි ගලකින් නිර්මාණය කර ඇත.

මෙම දෙවොලේ දොරටු කිහිපයක් ඇති අතර ඒ ඒ දොරටු වලට අරක් ගත් විශේෂිත දෙවිවරුන් ඇති බව විශ්වාස කෙරේ.පසුකලක පාලක මහා රාජා විසින් තිරුවමාබාදී නම් තවත් දේවාලයක් පුජා භුමිය තුළ ඉදි කරන ලදී .මෙහි දේව ප්‍රතිමා, යාග හෝම පැවැත්වීමට උපයෝගී කර ගන්නා ගල් තලාවක් සහ කොඩි ගසක් පිහිටවා ඇත.
දේවල භූමියට ඇතුළු වන දොරටුවෙහි ගෝපුරම්(Gopuram) නමැති දොරටුවක් සහිත කැටයම් කල අලංකාර කුළුණක් ඉදි කර ඇති අතර  මේවා කේරළය ඇතුළු දකුණු ඉන්දියානු ප්‍රදේශ වලද ශ්‍රී ලංකාවේ දේවාල ඉදිරිපසද පිහිටුවා ඇත. මේවා පාණ්ඩය කලාවට අයත්ය. දේවාලයට අයත්ව පොකුණක් ඉදි කර ඇති අතර එය නෙළුමකින් උපන් (Lotus Spring යන අර්ථයෙන් (පද්ම තීර්ථ -Padma Thirtham) නමින් හඳුන්වයි. 

දේවාලය ඉදිරිපස ඇති විශාල කොරිඩෝව කැටයම් සහිත ග්‍රැනයිට් පාෂාණීය කුළුණු වලින් යුක්තය.කොරිඩෝවේ නැගෙනහිර දිශාව රහස්‍ය කාමරයකින් අවසන් වේ.ගගෝපුරම් හි බිම් මහල "නාටක ශාලා නමින් හඳුන්වන අතර , උත්සව කාලයේදී රාත්‍රියට දින 10 ක් පුරා , මෙහි කතකලි නැටුම් රඟදක්වයි."
වර්ෂයකට දෙවරක් මලයාලම් මාස වලදී පවත්වනු ලබන මෙම උත්සව මීනම් සහ තුලාම් (Meenam and Thulaam නමින් හඳුන්වයි. 
අයිප්සි ( Aipsi) , පන්ගුණි (Panguni) නමින් තවත් උත්සව  දෙකක්  වසරකට දෙවරක් දින 10ක් පුරාවට පවත්වනු ලබයි.උත්සව අවසන් කරනු ලබන්නේ දෙවොලේ පවිත්‍රතාවය අර්ථවත් කරමිනි.මේ සඳහා සවස් යාමයේදී , ප්‍රධාන පූජක වරුන් දෙදෙනා මුහුදෙහි බැස ස්නානය කර පෙරහැරකින් දේවාලයට පැමිණෙති.මෙහිදී සම්ප්‍රධායික පන්දම් එළි මගින් ආලෝකය සපයයි. මෙම දෙවොලෙහි පවත්වනු ලබන ප්‍රධාන උත්සවය " නවරාත්‍රි නමින් හඳුන්වයි. මෙය මහාරාජාට උපහාරයක් පිණිස පවත්වන්නකි. ශ්‍රී ලංකාවේ විහාරස්ථාන සහ දේවල වල වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය අවසානයෙ පවත්වන දිය කැපීමේ සිරිත මිට සමානය.වෙනස නම් ලංකාවේ උත්සව සිදු කරන්නේ පුජකයින් උදෙසා නොව දෙවියන් උදෙසාය.

වාස්තු විද්‍යාත්මකව ගත් කල දේශීය කේරළ , චේර අභාශයේ සහ ඩාවිඩියන් ශෛලියන්හි සංකීර්ණ සම්මිශ්‍රණයකි.  ඉතා සුන්දර ස්ථානයක් වූ මෙහි අභ්‍යන්තර කුටිය නාගයින් දෙදෙනෙකු විසින් ආරක්ෂා කරනඅතර එය විවුර්ත කරන ඕනෑම කෙනෙක්ට අත්වන්නේ මරණය බව කියවේ. මෙවැනි රහස් කුටි විවුර්ථ කිරීමට නම් ශුද්ධවන්ත පුජනිය මෙන්ම බලවත්වූ  සාධුවරයකු විසින් ගරුඬ මන්තරයක් සජ්ජායනා   කල යුතු අතර වර්තමානයේ එවැනි පුජකවරුන් නොමැති අතර නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කොටගෙන මෙය විවුර්ත කිරීමට උත්සහ ගතහොත් ඉන් රටට විසල් හානියක් සිදුවන බව ඔවුන්ගේ විශ්වාසයයි.නමුදු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත B කුටිය කිහිප වතාවක්ම ඇර බැලුවත් එයින් කිසිවෙකුටවත් හානියක් නොවූ බව කියවේ. 

එමෙන්ම මෙහි මෙසපොටේමියාව ජෙරුසෙලම, ග්‍රීසිය වැනි රටවල වෙළඳුන් සහ පාලකයින්ද  , වෙනත් රටවල වෙළඳුන් සහ පලකයින්ද , වෙනත් යටත් විජිත රටවල පාලකයන්ද විසින් මෙම ද්‍රව්‍ය පරිත්‍යාග කර ඇති බව සඳහන් වේ.

ඉතිහාසයට අනුව සුමේරියානු යුගයේ සිට , මන්ගලොරයෙන්දකුණු දිග පිහිටි රාජ්‍යයන්ගේ රජ පෙළපත් ආක්‍රමණ වලට බොන් විවිධ අවස්ථා වලදී මෙහි ආගමික දේපල තැන්පත් කර ඇත.  ඉතිහාසඥයකු වූ ආර් නාගස්වාමිට අනුව මෙහි තැම්පත් කර ඇති රන් කාසි පිළිබඳව කේරල ප්‍රදේශයේ විවිධ ස්ථාන වල ස්ථාන ගත කර ඇති බව වාර්තා වල සඳහන් වේ. කේරල ප්‍රදේශය පාලනය කල ගෞරි ලක්ෂ්මි බායි ගේ පාලන සමයේ සිදුවූ අක්‍රමිකතා  සහ අධුරදර්ශි කළමනාකාරිත්වය නිසා  එම ප්‍රදේශයේ බොහොමයක් ආගමික සිද්ධස්ථාන , තම ධනය මෙම රන් දෙවොලේ තැන්පත් කල බවක්ද සඳහන් වේ. එමෙන්ම එම දේවාල වල තිබු අතිරික්ත භාණ්ඩ ද මෙහි තැම්පත් කර ඇත.

සයදෙනෙකුගෙන් යුත් කමිටුවකින් දේවාලය පාලනය කල අතර , ප්‍රධාන පූජක වරයාද එයට අයත්ය.නමුත්..... මෙම සභාවේ ඔනෑම තීරණයක් ක්‍රියාත්මක කල හැක්කේ ට්‍රැවන්කෝර් මහා රාජා විසින් අවසාන අනුමැතිය ලබා දුන් පසුවය.
ඓතිහාසික වටිනාකමින් යුත් විහාර වාර්තා ලෙස තල්කොළ මත ලීයූ (Cajon- ) තල් කොළ පත්‍ර වාර්තා විශාල ප්‍රමාණයක් මෙහි තිබී හමුවූ අතර , 1867 දී ඉන් තුන්දාහක් පමණ ලේඛණාගාර දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කර ඇත.නාගස්වාමිට අනුව වසර දහස් ගණනක් තිස්සේ මෙම වාර්තා පවත්වාගෙන ගොස් ඇති අතර සමස්ත ප්‍රමාණය කොටි 30 කට අධිකය.මේවා ප්‍රොටෝ - දෙමළ සහ පුරාණ මලයාලම් යන පැරණි අක්ෂර වලින් ලියා ඇත.

තවත් වැදගත් කරුණක් නම් එම දේවාල පවත්වා ගෙන යාම සඳහා පද්මස්වාමි දේවාලයේ ධනය , පරිභෝජනයට ද ගෙන ඇත. කේරළයේ ඉහළ උසාවි නියෝග සහ දේවාල පාලක ට්‍රවන්කොන් රජ පවුල අතර යම් යම් අර්බුදකාරී තත්වයන් හටගෙන තිබේ.භාණ්ඩ ලේඛන ගත කිරීමේදී අකාර්යක්ෂම පාලනය සහ රන් භාණ්ඩ අවභාවිතය පිළිබඳවද මොවුන්ට චෝදනා එල්ල වී ඇත. 
2020 ජුලි මාසයේදී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රැවන්කෝර් රජ පවුල , කෝවිලේ කළමනාකරණ නායකත්වයෙන් ඉවත් කර ඇත.

සුන්දර රාජන්ගේ නඩු නිසා ලෝකය, පන්සල දෙස බලන ආකාරය වෙනස් වූ බව පැවසේ.
2014 අප්‍රේල් මාසයේදී විනිසුරු ගෝපාල් සුබ්‍රමනියම් ගේ වාර්තාවකට අනුව GH නමින් භූගත කුටි දෙකක් ඇති බව සොයාගෙන තිබේ.මේවා භාණ්ඩ ලේඛනගත කිරීමට පමණක් විවුර්ත කල අතර ඉන් පසු තිබු ලෙසම වසා ඇත.මෙම හෙළිදරව්වෙන් පසු මෙම කෝවිල ලොව ධනවත්ම පුජනිය ස්ථානය ලෙස තහවුරු වී ඇත.තව දුරටත් පෞරාණික සහ සංස්කෘතික වටිනාකම සැලකිල්ලට ගතහොත් මෙම වත්කම් වර්තමාන වෙළඳපල මිල මෙන් දස ගුණයක් වටිනාකමින් යුක්ත වන අතර ;ලොව විශාලතම රන්  භාණ්ඩ එකතුවද මෙය වේ.




2016 8/22 වෙනි දින පලවූ ඉන්දියන් ටයිම්ස් සඟරාවට අනුව කෝවිලේ සිදුකල විඝණනයෙන් රන් බඳුන් සහ රිදී කැට 769ක් අතුරුදහන් වී ඇත.සමහර නිරීක්ෂකයින් පැවසුවේ මෙම රහස් කුටි වලට පහලින් රහස් උමගක් ඇති අතර ගෘහ නිර්මාණ ශිල්පීන්ට පමණක් ඇතුලතින් හැකිවන පරිදි නිර්මාණය කර ඇති බවත් වසර ගණනාවක සිට මෙම පුරා වස්තු කොල්ලය ඒ හරහා සිදුවනු ඇති බවයි.


වංචාව ල දුෂණය දෙවියන්ද අභිබවා ගොස් ඇත.

අවසානයේදී නඩුත් දෙවියන්ගේය.

බඩුත් දෙවියන්ගේය.



Tuesday, January 31, 2023

පුරාතන භාරතය අලංකාර කරන මල් සහ උද්‍යාන .

 මල් වැවීම සහ උද්‍යාන අලංකරණය (Landscaping) දුර අතීතයේ සිටම මිනිසා ප්‍රිය කල ජීවිතය චමත්කාර ජනක කිරීමට උපයෝගී කර ගත් , කළාත්මක පාරිසරික අංගයකි.දෙවන පෑතිස් රජු විසින් සංවර්ධනය කරන ලද ,  පියාණන් වන මුටසීව රජු විසින් නිර්මාණය කරන ලද , මහමෙව්නා උයන ශ්‍රීලංකාවේ අතීත උද්‍යාන අලංකාර තාක්ෂණයට කදිම නිදසුනකි.


පුරාතන ඉන්දියානුවෝ ද මල් සහ ගස් වැවීම ප්‍රිය කල අතර චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ මාලිගය අවට ඉතා සුන්දර උද්‍යාන තිබු බව ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයකු වූ මෙගස්තිනිස් වාර්තා කරයි.එකල ධනවතුන්ගේ මන්දිර අවට මෙන්ම නගරයෙන් පිට ඔවුන් සතු විශාල උද්‍යාන පිහිටි බවත් , විවේක කාලය ගත කිරීමට මේවා යොදා ගත් බවත් , ඔහු සඳහන් කරයි.


ඉන්දීය පදය සාහිත්‍යයේ " ක්‍රීඩා ශෛල හෙවත් කෘතීම කඳු ගැට " පිළිබඳව සඳහන් කර ඇති අතර මේවා ජපානයේ උද්‍යාන වල දක්නට ලැබෙන ස්වභාවික කඳු ගැට වලට සමාන තාවයක් දක්වයි.අද මෙන්ම එදාත් උෂ්ණ දේශගුණයක් සහිත රටවල නිවාස අසළ කෘතීම වැව් පොකුණු සාදා තිබුණි.අවට පරිසරය සිසිල් කිරීමටත් ,අලංකාරය ගෙන දිමටත් , ස්නානයටත් ප්‍රයෝජනවත් විය. කාලිදාස කවිය වාරි යන්ත්‍ර පිළිබඳව විස්තර කරයි.මේවා වර්තමානයේ නිවාස ඉදිරිපිට තණ පලසට ජලය ඉසීමට භාවිතා කරන කරකැවෙන වතුර මලට සමානයැයි සිතේ.එමෙන්ම නාන පොකුණු කෙළවර පොළව යට කුටි තනා තිබු බවත් මේවා දිය කෙලියෙන් පසු විවේක ගැනීමට භාවිතා කළ බවත් , ඔන්චිල්ලා සවි කර තිබු බවත් පැහැදිලි වේ.අතීතයේ මිනිසා පරිසරය සමග කොතෙක් දුරට සම්බන්ධව සිටියාද යන්න මෙම කරුණු වලින් සඳහන් වේ.


මෙම අතීත ඉන්දියානුවබ් අතර වඩාත් ජනප්‍රිය වුයේ අලංකාර කොළ සහිත ශාක වලට වඩා මල් හට ගන්නා ශාක වර්ගය.තැඹිලි පාට මල් සහිත අශෝක (සරාකා ඉන්දිකා -Saraka- Indica ) ගස  මාගරි ගස සහ සුවඳ හමන තැඹිලි පාට මල් සහිත් කොලොන් ගස , රතු පාට කෑළ , ,මල් හට ගන්නා වැල් වර්ග වැඩ මල් ,කහ පාට මල් සහිත සපු , චීන රෝස  තවත් ජනප්‍රිය මල් වර්ගය.

 මෙකල ඉන්දියාවේද මල් අතර රැජිණිය ලෙස නම් ලැබුවේ ආගමික සහ තවත් සංස්කෘතික අංගයන්
සංකේතවත් කලේනෙලුම් මලයි.සාමාන්‍ය ජනතාවගේ විවේක සුවය සඳහා නාගරික ප්‍රදේශ වල උද්‍යාන පිහිටවා තිබුණි.එවැනි උද්‍යාන වල ගස් සිටවූ බව අශෝක සෙල් ලිපි වල සඳහන් වේ. මේවා මිනිසාට මෙන්ම සත්වයින්ට ද ප්‍රයෝජනවත් වේ. ඉන්දියානු චිත්‍රපට වල අපට දක්නට ලැබෙන මල් උයන් ඇසට ඉතාමත් ප්‍රියජනක දසුනක් වන අතර, එකම පාටැති මල් අක්කර ගණනාවක විසිරි පැවතීම සුවිශේෂී දසුනකි.එමෙන්ම ඉන්දියාව ආගමික කටයුතු සඳහා ලංකාවටද මල් අපනයනය කරයි.


මුලාශ්‍ර :
https://en.wikipedia.org/wiki/History_of_gardening
https://www.gardenvisit.com/history_theory/garden_landscape_design_articles/sacred_gardens/hindu_gardens_lotus_ponds

ඉන්දියාවේ දෙවැනි අන්තර් ග්ලැසියර යුගයේ ජිවත් වූ අන්ත්‍රෝපොයිඩවරුන්

 ප්‍රාග් ඓතිහාසික යුරෝපයේ මෙන්ම උතුරු ඉන්දියාවේද දෙවන අන්තර් ග්ලැසියර යුගයක් පැවති බවට සාක්ෂි හමුවුයේ ක්‍රි.පු. 4000,000 - 2000,000 අතර කාලයේදීය,ඒ සෝන් සංස්කෘතියට අයත්වූ පුර්ණ පාෂාණමය ගල් කැට සහ ගල් මෙවලම් තුලිනි.ආසියාවේ  ෆොසිල වාර්තා අනුව අවිවාදිත මානවයින් භූවිද්‍යාත්මක කාලාරම්භය තුළ වාසය කර ඇත.එහිදී හමුවූ අන්ත්‍රසිමියා සහ සජීවී ෆොසිල ප්‍රිමාටස් හිස් කබලේ පසුපස ක්‍රේනියම් තුළින්සහ දත් තුලින් ෆයිලොජෙනටික් විශ්ලේෂණයක් මගින් ඔවුන්ගේ මානව විද්‍යාත්මක තත්වයන් පෙන්වා දුන්හ.ඒ අනුව මුල් අයෝසින යුගයේ නුතන අංශයේ විවිධාංගීකරණයසඳහා ඉන්දියාව වැදගත් කේන්ද්‍රස්ථානයක් වූ බවයි.

සෝන් සංස්කෘතිය පන්ජාබයෙන් ඇරඹුණු අතර මෙම හමුවුන ගල් මෙවලම්ව් වලට ඒ නම ලැබුනේ පන්ජාබය හරහා ගලා ගිය කුඩා නදියෙනි. එමෙන්ම පුරා මනවදියාඥයින් විසින් 1993 දී පකිස්ථානයේ රිවර්ට් ප්‍රදේශයෙන්ද මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයා ගත්හ.

මෙම පැරණි එංගලන්තයෙන් සහ අප්‍රිකාවෙන් සොයා ගත් අතර  එතනින් චීනය දක්වාත් පැතිරුණ අතර ඉන්දියාවේ කැණීම් තුලින් ගල් මෙවලම් සහ මිනිස් ඇටසැකිලි දෙක එකට සොයා ගත නොහැකි විය.නමුදු ලැබුන මුලාශ්‍ර වලින් මේවා  අන්ත්රෝපොයිඩවරුන් ගේ මානව කෘතීන් ලෙස හඳුනා ගන්න ලදී.

එමෙන්ම දකුණු ඉන්දියාවෙන් තවත් ප්‍රාග් ඓතිහාසික ශිලා කර්මාන්තයක් සොයා ගත් අතර සෝන් නිම්නයෙන් හමුවූ  මෙවලම් වල සමකාලින මෙවලම් බව සොයා ගත්හ.,මෙම මෙවලම් ලොකු ගල් පතුරු වලිනි.සෝන් නිම්නවසින්ට වඩා  එම ගල් නිර්මාණ වල දියුනුබවක් තිබුන අතර සෝන් වාසීන්ට වඩා දැනුමක් ඇති පිරිසක් බව හෙලිවුනි.පුරාවිද්‍යාඥයින් විසින් මදුරාසි කර්මාන්තය නමින් මේවා හැඳින්වූ අතර  බටහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ පැවති යකඩ කර්මාන්තය හා සබැඳියාවක් පැවති බව පෙනේ.ඒ ඔස්සේ උසස් මිනිස් වර්ගයාගේ පැවැත්ම ඇරඹුණු සැබෑ හෝමෝසේපියන් වරුන් හා සම්බන්ධතාවය ඇරඹීම සිදුවූ බව මේ ඔස්සේ තහවුරු වේ.

එමෙන්ම මොවුන් පැලියෝ ඉන්දියානු මානවයින් ලෙසත් හඳුන්වනු ලැබූ අතර 1960 සිට ගංගා ද්‍රෝණි ව්‍යපෘති ඔස්සේ සිදු කල පුරාවිද්‍යාත්මක පර්යේෂණයන් ඔස්සේ පැලියෝ ඉන්දියානු සංස්කෘතික ක්‍රියාකාරකම් ප්‍රති නිර්මාණය කිරීමට ඉන්දියානු රජය මගින් උත්සුක වෙමින් පවති.වඩා හොඳ කාල නිර්ණ ක්‍රමයන් භාවිත කරමින්.පසුව ප්ලයිස්ටෝසීන පර්යේෂණයන් උදෙසා නව ආකෘතින් නිර්මාණය කිරීමට ආරම්භ කලෝය.

Early Paleo Indian Subperiod (15,000 - 13,000 BCE)

                                                                මුල් පැලියෝ ලක්ෂය ඉන්දියාවේ ගිනිකොණ දෙස පුරාම ව්‍යාප්ත වන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.බටහිරට සහ නැගෙනහිරට ඇති පුළුල් කලාප ත්‍රිත්වය වූ සිසිල් දේශගුණික බොරියල් වනාන්තර සෞම්‍ය වූ ඕක් , හිකරි සහ පයින් වනාන්තර  සහ උප නිවර්තන වැලි පඳුරු විය.


Middle Paleo Indian Subperiod (13,000 - 11,000 BCE)

මාධ්‍ය පැලියෝ සුගය තුළ ක්ලොවිස් ලක්ෂණවලට වඩා මෙම ලක්ෂයේ  කොටස් වනුයේ කම්බර්ලන්ඩ් ,රෙඩ්ස් ස්ටෝන්, සුවනි,බිවර් ලේක් ,ක්වාඩ්, කෝල්ඩ් වෝටර් සහ සිම්පප්සන්ය.මෙම කලාප වල සුවිසේෂිත්වය වුයේ ජනගහනය ප්‍රශස්ත ලෙස පරිසරික්ම සම්පත් වලට අනුගත වීමයි.




Late Paleo Indian Period (11,000 - 9,600 BCE)


පසුකාලින අවසන් පැලියෝ යුගය ඩෝල්ටන් සහ අනිකුත් පැති නොච් ස්ටයිල් ලක්ෂ්‍යයන් අවසන් උපලක්ෂයන් වන Late Paleo Indian විදහා දැක්වේ. දඩයම් කිරීමට හුරුවුන ඔවුන් කෙමෙන් කෙමෙන් එයින් දුරස් වී යැපුම් උපාය මාර්ගයන් අනුවර්තනය වී සොයා යාමට හුරු වුහ.



https://www.nps.gov/ocmu/learn/historyculture/paleo-indian-culture.htm

Saturday, January 28, 2023

ඉකා ගල් මත විස්මිත සිත්තම් ඇන්දේ වෙනත් ග්‍රහලෝවකින් පැමිණි ජිවින්ද ???




පාෂාණ සිතුවම් කළාව පිලිබඳ විමර්ශනය කිරීමේදී නිරතුරුවම පේරු රාජ්‍යන්හි Ica ගල් සිතුවම් ප්‍රධාන ස්ථානයක් ගනී.ICA යනු පෙරුහී ඉකා ප්‍රදේශයේ දක්නට ලැබෙන ඇන්ඩිසයිට් ගල් එකතුවක් වන අතර ඒවා විවිධ සිතුවම් වලින් යුක්තය.ඩයිනොසරයින් ඇඳි පාෂාණ බොහෝ සේ දක්නට ලැබෙනතර මේවා ඇස්බැන්දුම් නිර්මාණ ලෙසද සැලකේ.1960 ගණන් වලදී  මහාචාර්ය ජාවියර් කබ්රෙරා ඩාර්කුවා ( Javier Cabrera Darquea)  මෙම ගල්  ගල්ගුහාවන් හා දුර්ගවල තිබෙන ගල්  විකුණු  එහි ගොවියකු වූ බැසිලෝ උස්චුයා ( Basilio Uschuya) ගෙන් ලබා ගත් බව පැවසේ. ඔහු සතුව " ග්ලිප්ටෝලිත් " යනුවෙන් නම් කරන ලද ඉපැරණි ගල් එකතුවක්ම මේ ඔස්සේ නිර්මාණය කර ඇත.



අවසානයේදී පුරාවිද්‍යාඥ වරුන් මේ පිලිබඳ විමර්ශනය කිරීමට පටන් ගත් අතර පේරු රජය විසින්   මෙම ගොවියාට විරුද්ධව නඩු දැම්මේ ජාතික වස්තු විකිණීම සම්බන්ධවයි. පසුව ඔහු නිදහස් වූ පසු තමා දුන් සාක්ෂිය ප්‍රතික්ෂේප කර ඒවා තමන් විසින් එම කැටයම් කල ගල් ගොම වලින් පුළුස්සා තඹ නිර්මාණයක් කෙරු බව පැවසුවේය.

සැන් ඉලඩේෆොන්සිහි සුප්‍රසිද්ධ කුම්බල්කරුවකු වන මාරියා විසින් නිර්මාණය කර තිබේ.මෙම ගල් මත මිනිස් රූ වෛධ්‍යවරුන් විසින් නිරතවන  යම් ක්‍රියාවලින් , දුරේක්ෂ , පියාඹන උපකරණ  ,පියාඹන ඩයිනොසිරයින් සහ ඩයිනොසරයින් පිට නැගී මිනිසුන් නොගැඹුරු ලෙස කැටයම් කර තිබෙනු දක්නට ලැබීම සුවිශේෂිය.

එමෙන්ම වෛද්‍ය සැත්කම් , හදවත් සැත්කම් සහ සිසේරියන් සැත්කම් වැනි වෛද්‍ය ක්‍රියාපටිපාටීන් පවා මෙම ගල් මත කැටයම් කර තිබුණි.

1966 පේරු ජාතික වෛද්‍ය Javier Cabrera ට ඔහුගේ 42වැනි උපන් දිනයේදී මිතුරෙකු විසින් වඳවී ගිය මාළුවකු සිතුවම් කල ගලක් තෑගී දී ඇත.පුරවිද්‍යඥයින්ට අනුව මෙම ගල් සියවස් ගණනාවක් තිස්සේ එකිනෙක ගැටී වාර්නිෂ් වී ඇත.එම වාර්නිෂ් ඉවත් කල විට වර්ණ සියුම් රේඛා දැකිය හැකි අතරගලෙහි ඇති කැටයම් සියුම්ව පරික්ෂා කිරීමේදී තැනින් තැන වාර්නිෂ් ඉතුරුව ඇති බැවින් ඒවා ඉපැරණි සම්භාව්‍ය බවක් පෙන්නුම් කරයි.

1935 දී පේරු වෙත ගිය මිෂනාරි ප්‍රද්රේ සිමන් විසින් මෙම කැටයම් සහිත  ගල් පිළිබඳව පළමුව  වාර්තා කරන ලද අතර 1562 දී ස්පාඤ්ඤයට යවන ලදී.මිට අමතරව 50, 60 ගණන්වලදී හාරා කැටයම් කර ඇති ගල් වල නිවැරදි හිස සහිත ඇපරොස්ගේ රූප ඇත. නමුත් 1979 දී  පාෂාණ විද්‍යාඥයින් විසින් බ්‍රොන්ටෝටෝරස් ඩයිනොසරයා යැයිහැඳින්වුයේ වැරදි ඇට සැකිල්ලක් බව  සොයාගන්නා ලදී.



ඩයිනොරයකු සමග සටන් කරනැ මිනිසෙකුගේ රුවක් මෙම ගලෙහි නිර්මාණය වී ඇත.
එමෙන්ම සමහරා රූප මල් වර්ග, කුරුල්ලන්, සර්පයින් ,සිතියම්,වඳවී ගිය ශාඛ සහ සතුන් ,පුරවා කොලොම්බියානු යුගයේ පැවති කලාවේ කාලනුරුපි නොවන දර්ශන නිරුපණය වන බව හෙළිවිය.


මෙහිදී පැන නැගුණු ගැටලුව වුයේ මානව වර්ගයා ඩයිනොසරයින් සමග සහජීවනයෙන් සිටි බවත් දියුණු තාක්ෂණයක් තිබු බවත් මේ ඉන්කා කැටයම් ඔස්සේ ඔප්පුවනවාද යන්නයි?


දක්ෂ වෛද්‍ය වරයකු වූ කබ්‍රෙරාට අනුව මෙම කැටයමේ හදවත් සැත්කමක් කරන වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටින අතර හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුවන බව පෙන්වා දෙයි.

මෙම ශිෂ්ටාචාරය පැවති යුගයේ සංකීර්ණ ශල්‍යකර්ම කිරීමට තරම් දියුණුවූ වෛද්‍ය තාක්ෂණයක් පැවතීමට ඉඩ තිබුණද ?වෛද්‍ය විද්‍යාව මෙන්ම තාරකා විද්‍යාව ට කැපවූ විශිෂ්ඨ මිනිසුන් සිටියේද යන්න අදටත් පිළිතුරු නැති ගැටලුය.එමෙන්ම ෆොයිසාක් හි සුප්‍රසිද්ධ ගුහාවෙන් සොයා ගත් විශිෂ්ඨ ඝනයේ පැලියෝලිතික් මුර්ති, ඩයිනොසරා බිත්තර , උල්කාපාත කැබලි පුරාණ ශිෂ්ඨාටචාරයක සලකුණු පෙන්නුම් කරනවද යන්න අදටත් ගැටළු සහගතය.

පුරාවිද්‍යාඥයින් සිදුකලතර්මොලිනන්ස්සහ,  කාලනිර්ණයන් ඔස්සේ හෙලිවුයේ මෙම පාෂාණ ඇතුලත් පසෙහි සහ පාෂාණ සාම්පලවල ඇතුලත් කාබන් තැන්පතු වසර 5000- 8000ක අපගමනයක් සමග වසර 61196 ,99240 කට වඩා මෙම නටඹුන් පැරණි බවයි.කබ්රේරා විසින් පසුකාලීනව කල පර්යේෂයන් ඇසුරෙන් මෙම විෂය පිළිබඳව (The Message of the Engraved Stones of Ica ) " ඉකා හි කැටයමින් යුතු පාෂාණ පවසන පණිවිඩය — 

නමින් පොතක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ගල්වල මූලාරම්භය සහ අර්ථය පිළිබඳ ඔහුගේ න්‍යායන් සාකච්ඡා කළේය. එහිදී ඔහු තර්ක කළේ ගල්වලින් පෙන්නුම් කරන්නේ ˜‍මිනිසාගේ වයස අවම වශයෙන් වසර මිලියන 405ක්‍ බවත් , ඔහු ග්ලිප්ටොලිතික් මිනිසා ලෙස හඳුන්වන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි‚ මිනිසුන් වීම නිසා බවත්ය ,අභ්‍යවකාශය පෘථීවිය මත නව මිනිසුන් නිර්මාණය කළේය.

කබ්‍රේරා සිය වෛද්‍ය වෘත්තීය අතහැර 1996 දී ගල් දහස් ගණනින් ප්‍රදර්ශනය කිරීම සඳහා කෞතුකාගාරයක් විවෘත කළේය. ඉකා ගල් වැසි ජනප්‍රියත්වයක් අත් කර ගත් අතර ඉකා නගරයේ ප්‍රධාන චතුරශ්‍රය අතර තවමත් විවුර්තව පවතී.

ඉකාහී සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක පරික්ෂණ භාරව සිටි හා ඉකා කෞතුකාගරයේ භාරකරුවකු වූ පුරාවිද්‍යාඥ ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇසෙස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) විසින්ද , මැක්ස් උහ්ලේ ( Max Uhle ) සහ ටෝමා ලූස් ,(Toma Luz) හි පැරණි පැරකස් සහ ඉකා සුසාන භූමි වල නිල කැණීම් සිදු කරන ලදි.ක්‍රි.පූ. 400 දක්වා දිවෙන ප්‍රා - හිස්පැනික් ඉන්දියානු සොහොන් කොත්වල වෙනම අවස්ථා දෙකක්දි කැණීම් කරන ලදි.

ඇලෙජන්ද්‍රාන්ඩෝ පෙසිආ ඇස්ට්‍රෝ ( Alejandro Pesia Assestro) යනු පීරු හි ජාතික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ පුරාවිද්‍යාඥ්‍යෙකි.ඔහුට අනුව මෙම කැටයම් වල මිලියන 100ක කාල පරාසයක් තුළ වඳ වී ගිය මාළුවකුගේ, ලමාවරයකුගේ රූපයක් සහ ශෛලීගත මලක්  විය හැකි ජ්‍යාමිතික රූපයක් ඇතුලත් වේ. 1968දී ඇස්ට්‍රෝගේ චිත්‍ර සහ විස්තර ඇතුළු ඔහුගේ සොයා ගැනීම් ප්‍රකාශයට පත් කරන ලදි.සමහර මෝස්තර Paracas , Nazca ,Thiwanakku , හෝ ඉන්කා වැනි සංස්කෘතීන් ට අයත්‍ යැයි හඳුනාගත හැකි මෝස්තර වලින් යුක්ත වේ.මේව කොල්කාගේ එකතුවේ කොටසක්  ලෙස ඉකා කෞතුකාගරය සතු විය.මේවායේ ස්වභාවික ඔක්සිකරණයෙන් වයස නිගමනය කළ හැකිය.

1960 සන්තියාගෝ ඇගුරාටෝ කැල්වෝ ,ඔහුගේ පාෂාණ කිහිපයක් පේරුහී ජාතික ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ රසායනාගාරයකට ඉදිරිපත් කලේය.පරික්ෂණ වල ප්‍රථිපලය නිගමනය වන්නෙ මේවා සැබැවින්ම මේවා සැබැවින්ම පූර්ව හිස්පැනික් සම්භවයක් ඇති බවයි.

ප්‍රකට නාසා ආයතනයේ විද්‍යාඥයෙකු වූ ජෝසෆ් එෆ් බ්ලූමිරිච්  , සැටර්න් V මිසයිලයේ සැලසුම සංවර්ධනය කළ අතර , ස්කයි ලැබ් සැලසුම් කිරීම සඳහා ද සම්බන්දව කටයුතු කළේය.වෛද්‍ය Blumrich සඳහන් කර ඇත්තේ රසායනාගාර  පරික්ෂණ වලට අනුව : 

" එම පාෂාණ , සත්‍ය බවත් 

මෙම පිංතූර වල සත්‍යතාව ගැන මගේ සිතේ කිසිඳු සැකයක් නැති බවයි"  යනුවෙනි.

මහාචාර්‍ය ක්බ්‍ර්රේරාගේ  එකතුවේ කළු පැහති හා ඔප දැමූ ගල් ඇති අතර ,කොල්කා එකතුවේ ඇති ගල්වල මෙම ඔප දැමූ ගල් කිසිවක් හමු නොවීය.කබ්‍රේරේරාගේ එකතුවේත්,කොල්කාගෙ එකතුවෙත් එක වගේම සරළ පාෂාණ තිබේ.

පැලියෝපති විද්‍යාඥ ආර් .එල්.මූඩ්  පුරාණ පීරු ශල්‍යකර්ම පිළිබඳ සිය අධ්‍යයන්‍ය මෙසේ සාරංඅහගත කළේය

ප්‍රාග් - කොලොම්බියානු පේරු ජාතිකයින් මෙන් ශල්‍ය වෛද්‍ය දැනුම පිළිබඳ ක්ෂෙත්‍රයක් ලොව කොතැනකවත් ප්‍රාථමික හෝ පැරණි ජන වර්ගයක් වර්ධනය කර නොතිබුණු බව  ප්‍රකාශ කිරීම මම විශ්වාස කරමි. ඔවුන්ගේ ශල්‍යකර්ම ප්‍රයත්නයන් සැබැවින්ම විශ්මයජනක වන අතර , අත් කපා ඉවත් කිරීම් , වෙළුම් පෙට්ටියක් ,අස්ථි බද්ධ කිරීම් , කැටි ගැසීම සහ වෙනත් පැහැදිලි ක්‍රියා පටි පාටි ඇතුළත් වේ.

පුරාණ පීරු ජාතිකයින් භාවිතා කළ මොළයෙ සැත්කම් සහ සමහර රෝග සඳහා ප්‍රථිකාර කිරීම තවමත් නවීන විද්‍යාව පිලි නොගන්නා බ්වට සාක්ෂි තිබේ.ඔවුන් හදවත් සැත්කම් කළ බවට සාක්ශි ඇති අතර,

මහේ ඊලඟ පර්‍යේෂණ කෘතිය වන ' The MMystery of the ICA Stone and Nazca Lines (Proofs that Dinosaurs and Man Together " Pre-Colombian ".

ඔස්සෙ මිනිසුන් අතර දියුණු වූ ශල්‍යකර්ම වල මෙම මානය සවිස්තරාත්මකව ආවරණය කරයි.

පාෂාණ විද්‍යාඥයින් විසින් මෑතකදි සොයා ගන්නා බොහෝ ව්‍යූහ විද්‍යාත්මක ලක්ෂණ සහිත ඩයිනෝසරයන් නිරූපණය කරන පාෂාණ පිළිබඳ විවාදයක් පැවතුණි.එහිදි කොපෙන්ස් (Coppens) ඉදිරි කල විකල්ප පැහැදිලි කිරීමක් මගින් ගල්වල සම්භවය ගණනය කිරීමට උත්සාහ කරයි.

ඔහු උපකල්පනය කරන්නෙ මෙය " ගෝත්‍රයේ ෂාමන් විසින් කරන ලද ප්‍රකාශයන් විය හැකි බවයි .කිසිම ෂාමන් කෙනෙකුට ඩයිනෝසර අස්ථියක් ලබා ගැනීමට නොහැකි විය.අස්ථිවල පෙර හිමිකරු සමග මනෝමයෙන් සම්බන්ද ව මෝහනයකට ඇතුළු වී, ඩයිනෝසරයාගේ වයස දැනගත නොහැකි විය.

මාධ්‍යවේදින් හස්කම් විශ්වාස නොකරන බව කවුද කියන්නෙ? ඒවා ඉපැරණි කැටයම් බව පාෂාණ විසින් සන්නිවේදනය කරනු ඇතැයි මට විශ්වාසයි.

මම විශ්ලේෂණය සඳහා " Mason Optical "INC වෙත පාෂාණ තුනක් ගෙනාවා. අධ්‍යයනය ට ඇතුළත් පාෂාණ තුන,

A).බැසිලෝ විසින් කැටයම් කරන ලද ව්‍යාජ පාෂාණයක්.

 B)කබ්රේරාගේ එකතුවෙන් සොයා ගත් ඉකා පාෂණයක් 

C).නස්කා හිරියෝ ග්‍රෑන්ඩ් හී සොහොනෙන් සොයා ගත් පාෂාණයක්.

රසායනාගාර ප්‍රථිපල:

1. පළමු පාෂාණය , කුඩා සීරීම් සහ චිප්ස් සහිත ඉතා නොගැබුරු කැපීම් පෙන්නුම් කලේය.ඒ මත නිල් ලෝහ ( වානේ) පැල්ලම් සොයා ගන්නා ලදි.කැපීම් පිරිසිදු සහ කෝණික විය.පාෂාණය මත ඔක්සිකරණ බවක් නොතිබුන අතර ක්ෂුද ජීවින් හමු නොවිය.රසායනාගාර නිගමනය් වූයේ මෙම පාෂාණ මෑතකදී නිෂ්පාදනය කළ එකක් බවයි.පාෂාණ මතුපිට කැටයම් කිරීමට යමෙකු ලෝහ තලයක් හෝ කෙටි පහරවල් සහිත මෙවලමක් භාවිතා කර ඇත.

2). කබ්‍රේරේරා පාෂාණය හෝ ඉකා පාෂාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණයක් හෙළි වූයේ ගලෙහි කට්ට සහ කැපීම් ආවරණය වන පරිදි එහි සියුම් පැටිනා ඇති බවයි.සමහර කැපුම් ඇතුළු ගල් කුහර වල අපිරිසිදු වැලි තැන්පත්ව තිබුණි.ස්වභාවික ඔක්සීකරණය මගින් කැපුම් වල දීපිතිමත් සුදු පෙනුමක් නොතිබූනද ඒවා තරමක් වර්ණවත් කර ඇත.නවීන මෙවලම් භවිතය පිලිබඳ කිසිදු ශක්තියක් හෝ කුඩ ලෝහ අංශු හමු නොවීය.විද්‍යාගාර නිගමනය වූයේ ගලෙහි කැටයම් මෑතකාලීනව නොව යම් යුගයක ඒවා බවයි. පැටිනා යනු වයස පිළිබඳව නිරපේක්ෂ සාක්ෂියක් නොවේ .

කාලගුණික තත්වයන් පාෂාණයක ,පිපිරිම් ,වර්ණය වැනි ලක්ෂණ තීරණය කරයි.  පාෂාණයේ කැපුමල් සිදු කරද්දි ගලෙහි ස්වාභාවික වර්ණය දිස්වන්නේ නම් , කැපීම බොහෝ විට අලුත් විය හැකිය.ඉකා පලාතේ කැණීම් සිදු කරන ලද්දේ දනවවන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ මැක්ස් උහ්ලේ ( Max Uhle ) , ජූලියෝ සී ටෙල්ලෝ ( Julio. C .Tello) , ඇල්ෆඩ් එල් කොබෙරා  ( Alfred l Kroebera ) ,විලියම් ඩන්කන් ස්ට්‍රෝන්ග් ( William Duncan Strong )සහ  ජෝන් හෝලන්ඩ් රෝව්( Jhon Howland Rowe) , වැනි විද්වතුන් විසිනි.ඔවුන් කිසිවෙක් කැටයම් කළ ඇන්ඩිසයිට් ගල් සොයා ගැනීමක් වාර්තා කලේ නැත.කෙසේ වෙතත් " huaqueros" සොහොන් කොල්ලකරුවන් විසින් කොල්ල කන ලද කැටයම් කරන ලද පාෂාණ සංචාරකයින් සහ ආධුනික එකතු කරන්නන්ට විකුණීමට පටන් ගත්ට්තේය.

මෙම එකතු කරන්නන්ගෙන් එක් අයකු වූයේ ලීමා හී ජාතික ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ සන්තියාගෝ ඇගුර්ටෝ කැල්වෝ ය. ඔහු පුරාණ සුසාන භූමි වල සෙවීම් සංවිධානය කළ අතර , 1996 අගෝස්තු මාසයේදී ඉකා නිම්නයේ කලන්ගෝ ( Callango) දිස්ත්‍රික්කයේ ටෝමා ලූස් ( Toma Luz) අංශයෙන් එවැනි ගලක් සොයා ගන්නා ලදි.එහි සංදර්භය ටිවන්කු ( Tiwanlu) සංස්කෘතිය ට අනුරූප විය.ඔහු තම සොයා ගැනීම ඉකා නගරයේ ප්‍රාදේශීය කෞතුකාගරයට වාර්තා කළ අතර ,එහි භාරකරු වන පුරාවිද්‍යාඥ  ඇල්ජන්ද්‍රෝ පෙසියා ඇසෙරෙටෝ ( Alejandro Pezzia Assereto ) විසින් වැඩිපුර ගවේෂණ සඳහා ඔහු සමග සම්බන්ධ විය.1966 සැප්තැම්බර් මාසයේදී ඔකුකජේ දිස්ත්‍රික්කයේ දෙ ලා බන්දා ( De La Banda) අංශයේ උහ්ලේ හිල් ( Uhle Hill)  සුසාන භූමියේදී ඔවුන් ප්‍රථම වතාවට පැරකස් ( Paracas ) සංස්කෘතියේ සොහොන් ගැබකින් කැටයම් කළ පාෂාණයක් සොයා ගත්හ. මෙම පාෂාණය තරමක් පැතලි අක්‍රමවත් හැඩයෙන් යුක්ත වූ අතර, එහි පෙති අටක් සහිත මලක් ලෙස ගත හැකි මෝස්තර කැටයම් කර තිබුණි.

මෙම කරුණු අනුව ඉකා කැටයම් පිලිබඳ සිදුවීම සහ එහි නිර්මාණකරුවන් සහ ඉතිහාසය තවමත් නොවිසඳුණු අභිරහස් ගැටළු අතරින් එකකි.

මූලාශ්‍ර :

        https://rockartblog.blogspot.com/2015/04/dinosaurs-in-rock-art-perus-ica-stones.html        

        https://science.howstuffworks.com/science-vs-myth/unexplained-phenomena/are-ica-stones-authentic.htm

        https://www.ancient-hebrew.org/ancientman/1001.html

        https://www.ancient-origins.net/opinion-guest-authors/ica-stones-cabrera-00663

        නිලක්ෂි බණ්ඩාර 




Thursday, January 26, 2023

ඔරිස්සාවේ කොනාර්ක් සුර්ය දේවස්ථානය - දෙවියන්ට නමස්කාර නොකරන විශ්මිත ආශ්චර්ය .


ඔඩිෂා ප්‍රාන්තය යනු ඉන්දියාවේ වැඩියෙන්ම සුළිසුලං හමනා ප්‍රාන්තය වන අතර දර්ශණිය ඉතිහාසයක් ඇත.මෙහි ආකර්ෂණියම ස්ථානයක් වන ඔරිස්සාවේ කොනාර්ක් සුර්ය දෙව් මැදුර සුවිශේෂී වේ.දෙවියන්ගේ දේශය නමින් අතීතයේ හැඳින්වූ ඔඩිෂා පසුව ඔරිස්සා නමින් හැඳින්වූ අතර ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ එහි පිහිටා ඇති අතර එහි සංස්කෘතිය හා සම්ප්‍රධායන් රැසක වටිනාකමින් පිරි ඇත.

ඔඩිශාව නැගෙනහිර ඉන්දියාවේ ප්‍රාථමික සර්වභෞමික කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින අතර ඉසුරුමත් උරුමයන්ගෙන්ද සම්ප්‍රදායන්ගෙන් ද කළා ශිල්ප වලින්ද අනුන වේ.මෙහි ඇතුලත් වන විහාරස්ථාන අතර කොනාර්ක් සුර්ය දේවස්ථානය ,ජගනාත් කෝවිල ,රාජරානි කෝවිල ,ලිංග රාජ් කෝවිල , බරාබති මාලිගාව උදයගිරි සහ ලලිත් ගිරි වැනි ගුහා ප්‍රාන්ත වල වාස්තු විද්‍යාත්මක බව බෙහෙවින් ඉහළ වේ. කොනාරක් දේවාලය 13 වන සියවසේ ඔඩිෂා රාජ්‍යයේ පැවතුන කළා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨ සංකේතයකි.එය දේවත්වයේ පුද්ගලරෝපණ සංකේතයකි.මෙම දේවාලය සුර්ය දෙවියන්ට කැප කර ඇති අතර 1250 දී නැගෙනහිර ගංගා රාජ වංශයේ 1 වන නරදේව සිංහ මෙම දේවාලග නිල වස්තු විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කල අතර ,  යුනෙස්කෝ ලෝක උරුමයක්  වශයෙන් නම් කරන ලදී.අදටත් පුජකවරුන් විසින් පැරණි චාරිත්‍රයන් සිදු කරන අතර කෝවිලේ පිටත සහ ඇතුලත විවිධ සංකේත සහ ලාංජන ඔබට දැකිය හැකිය.


කොනාර්ක් යන නම කෝනර්ක්, කොනා + ආරක් යන සංස්කෘත පද දෙක එකතුවී සැදී ඇති අතර කෝණා යන වචනයෙන්  කෝණයක් යන්න අදහස් වන අතර ආරක් යන්නෙන් හිරු යන්න අර්ථවත් වේ.ඔරිස්සා ප්‍රාන්තය හරහා කිහිප විටක්ම හමා ගිය විනාශකාරී ෆානි සුලි කුණාටුව නිසා විනාශයන් රැසක් වූ නමුදු දේවස්ථානය තුළ තැන්පත් කර ඇති කුඩා මුලද්‍රව්‍ය කොටස් වලට සුළු හානි වුවා  මිසක් , කිසිඳු බරපතල  හානියක් නොවී අදටත් එලෙසින්ම සම්පුර්ණ සැලැස්ම සුරැකි ඇත.

මෙම කොනර්ක් දෙව් මැදුර බුබනේස්වර්හි ලිංගරාජ් දේවාලය සහ පුරී හි ජගන්නාත් 
දේවාලය සමග ත්‍රිකෝණික සම්බන්ධතාවයක් පෙන්නුම් කරන අතර කෝවිල් පරිශ්‍රයේ මධ්‍යයෙහි සිට එම පරිසරයම සුන්දර කරයි.කොනාර්ක් විහාරය ඉන්දියානු පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වන අතර , ලොව පුරා සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයක් වේ.අනික් සුර්ය දෙව් මැදුරු වලට වඩා මෙහි සුවිශේෂිත්වය වන්නේ මෙහි සුර්ය වන්දනාව නොකිරීමයි.මෙය නිර්මාණය කිරීමට වසර 12ක් පුරාවට කම්කරුවන් 1200 දෙනෙක් අඛණ්ඩව දායකත්වය ලබා දී ඇත. එය අතිදක්ෂ නිර්මාණකරුවන් රැසකගේ විශිෂ්ඨ නිර්මාණයක් වූ අතර මුළු රාමුවම ගල් වලින් නිර්මාණය කර ලෝහ වලින් එකිනෙක සම්බන්ද කර ඇත.එම ලෝහ රාමුව කිලෝග්රෑම් 5000 ක් වන අධි බරැති කන්දමකින් රඳවා ගෙන සිටින අතර සුර්ය මාලිගාව යනු පන්සලේ පිවිසුමයි.මෙම රාමුවේ පවතින උස අඩි 217ක් වුවත් සැබෑ උස අඩි 227ක් වූ බව සඳහන් වේ, සුර්ය දෙවිඳුගේ ප්‍රතිමාව ලෝහ 8ක 
එනම් රන්, රිදී , පාසානම්,බේරියම් ,කැඩ්මියම්, ක්‍රෝමියම්, ඊයම් , රසදිය, සෙලේනියම් සහ රිදී යන අෂ්ඨ ධාතු උණු කර සාදා ගන්න ලෝහයකින් නිර්මාණය කර එය චුම්බකයකින් සමතුලිත වන ලෙස එල්ලා ඇති බව කියවේ.

පළමු නරසිංහ දේව රාජ විසින් මෙම පුදබිම නිර්මාණය කිරීමට කාල සීමාවක් දී ඇති අතර එය නිමවීමට කල් ගතවුනහොත් එම සේවකයින් 1200 වම , මරා දමන බව පවසා ඇත .
අවසානයේදී සිදුවූ යම් දෝෂයක් එනම් "දධි නෞති හෙවත් ඔටුන්නට මාණික්‍යය සවි කිරීමට " නොහැකි වීම නිසා එම දඬුවම ලිහිල් වුන අතර එහි සේවය කල කම්කරුවකුගේ 12 හැවිරිදි පුතකුවූ ධර්ම පාද මැණික් ගල ඔටුන්නට සවි කරත් ,  එය රජුට ආරංචි වූ බියට මෙම දිළිඳු දරුවා චන්ද්‍රභාග ගඟට පැන මිය ගොස් ඇත.
එදින දේව මන්දිරයේදී සිදුවූ එම අසුභ සිදුවීම හේතුවෙන් අදටත් මෙම සුර්ය දෙව් මැදුරට වන්දනා කරන්නේ  නැත.



මෙම කොනාර්ක් සුර්ය දෙව් මැදුර කාලිංග ගෘහ නිර්මාණ ආභාෂයෙන් නිර්මාණය කර ඇති අතර සියලුම චරිත විශිෂ්ඨ අයුරින් නිමවා ඇත.මෙම දෙව් මැදුර අශ්වයින් 7 දෙනෙක් විසින් අහසේ ඇදගෙන යන කරත්තයක සුර්ය දෙවිඳුන් සිටින ආකාරයක් අභිනය කරමින් දක්වා ඇත,සුර්ය දෙවියන්ට කැප කර ඇති මෙම දෙවොල නුතන දිවියේ සමකාලින ක්‍රියාකාරකම් වල නිරූපිත අවස්ථාවන්ගෙන් සරසා ඇත.එහි උතුරු සහ දකුණු මුහුණතෙහි මුර්ති රෝද 24ක් දක්නට ඇති අතර ,එක් එක් විෂ්කම්භය මීටර් 3කි.වසරේ මාසවල සහ සෘතු වල චක්‍රය සංකේතවත් කරන සංකේත රටාද ඇඳ ඇත. ඒවා සම්පුර්ණයෙන්ම සුර්ය දෙවොලේ අසුන් බැඳී කරත්තයේ උපකල්පිත ව්‍යුහය නිරුපණය කරනු ලබයි.කාලිංග අභාෂය ගත් පැරණි ගෘහ නිර්මාණයේ තිබුනඅසාමාන්‍ය ව්‍යහුය නිසා ලොව  පුදුම 7න් එකක් බවට යුනෙස්කෝ සංවිධානයෙන් නම් කරන ලදී.ශත වර්ෂ ගණනක සිට පැවතෙන අඳුරු වර්ණය හේතුවෙන් මෙය කාල පැගෝඩා. කළු පැගෝඩාව යන නමින්ද හඳුන්වා ඇත.



මූලශ්‍ර :

http://www.thekonark.in/
https://www.britannica.com/place/Konark
https://whc.unesco.org/en/list/246/

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර 
26/01/2023






Monday, January 16, 2023

ආර්ථික විද්‍යාවේ තෙරේසා මවුතුමිය යන විරුදාවලිය ලත් මහාචාර්ය අමර්ත්‍ය සෙන්.

 


මහා ගුරු දෙව් තාගෝර්තුමාගේ නිවහන වූ ශාන්ති නිකේතනය 1933 නොවැම්බර් 3න් වෙනි දින ඉතා කාර්යබහුල දිනයක් වුයේ එතුමන්ගේ ලගම මිතුරකු සේම රසායන විද්‍යා මහාචාර්යවරයකු ද  දිල්ලියේ සංවර්ධන කොමසාරිස් වරයා සේම එවකට බටහිර බෙංගාල රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සබාපති ලෙසද ක්‍රියා කල  අශුටෝශ් සිංග් සහ අමිතා සෙන් මහත්මිය තම කුළුඳුල් දරුවාට නමක් තැබීම පිණිස තාගෝර් මන්දිරයට පැමිණීම හේතුවෙනි. දරුවාට අමරණිය බව සංකේතවත් වන අමර්ත්‍ය සෙන් යන නාමය දී චාරිත්‍රානුකුලව තුන් වරක් ළදරුවාව ඒ නමින් ආමන්ත්‍රණය කරන ලදී.

1945 දී අශුටෝෂ් සිංග් මහතා තම පවුලේ සාමාජිකයින් සමග බටහිර බෙංගාලයට පැමිණි අතර අමිතා සෙන් මහත්මිය රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ හිතවතෙක් වූ පුරාණ සංස්කෘතිකවාදියකුදසහ විශාරදවරයකු වූ ක්ෂිති මෝහන් සෙන්ගේ දියණියයි.

අමර්ත්‍ය සෙන් ඩකා හි ශාන්ත ග්‍රෙගරි විදුහලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලද අතර දෙවෙනි ලෝක යුද්ධ සංග්‍රාමය ඇරඹීමත් සමග 1941  දී ශාන්ති නිකේතනයෙ පතා භවන් පාසලෙන්  තම අධ්‍යාපනය සම්පුර්ණ කල සෙන් ත්‍රිත්ව විද්‍යාලයෙන් 1955 දී BA  ලැබූ අතර එහි සුවිශේෂිත්වය වුයේ ට්‍රිනිටි විද්‍යාලයට අධි ශිෂ්‍යත්වයක් සඳහා ඔහුට අවස්තාව ලැබුණු අතර ඔහුට කැමති විෂයක් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි.ඔහු එහිදී දර්ශනය හැදෑරීමට තීරණය කර අතර ඒ ගැන පැවසුවේ 

" මගේ අධ්‍යයන කටයුතු දර්ශනය ඔස්සේ වැඩිදියුණු කරමින් ගෙන යන්නේ මගේ මුලික විෂය පාඨය වන ආර්ථික විද්‍යාව දර්ශනය සමග බැඳී ඇති නිසාම නොව දර්ශනවාදී ඉගෙනුම් වලට ඒවාට ආවේණික පලදයිතාවක් ඇති බැවිනි " ලෙසයි.

වසරේ ට්‍රිනිටි විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයා වූ  මොරිස් ඩොබිගේ අවදානයට  සෙන් විසින් රචිත Choice of Techniques නිබන්ධනය යොමු වූ අතරා ඔවුන් එක්ව සමාජ වරණ න්‍යාය පිළිබඳව නොයෙක් පර්යේෂණ සිදු කරමින් අධ්‍යයනයක යෙදුණි.එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රමිකයා ට ස්ව ජිවන මට්ටම ඉහළ නැංවීමට ආයෝජකයාගෙන් උපදෙස් ගැනීමට ප්‍රථමව නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා එහි ප්‍රතිපලයක් ලැබී තිබිය යුතුය යන්නයි.උසස් මට්ටමේ නිෂ්පාදන පිලිබඳ අධ්‍යනය කිරීමෙන් පසු ආයෝජකයා විසින් ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ඉටු කල යුතුයි.

1959 දී  MA දී,1959 දී  PHD එක 1956-1958 දක්වා ජවද්පුර් විශ්ව විද්‍යාලයේ ද ,1963-1971 දී ලන්ඩන් ආර්ථික පාසලේදී (London  School of Economic) , ලන්ඩන් විශ්ව විද්‍යාලය ඇතුළු ඉන්දියාවේ සහ එංගලන්තයේ විශ්ව විද්‍යාල කිහිපයම තම දැනුම බෙදා හරිමින් උගන්වන ලදී.1928 දී කේම්බ්‍රිජ් හි ත්‍රිත්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ දර්ශනය පිළිබඳව මහාචාර්ය පදවියට හිමිකම් කියන ලදී.1978-1988 කාලයේදී හොවාර්ඩ් විශ්ව විද්‍යාලයට යාමට පෙර ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා  දර්ශනය පිලිබඳ මහාචාර්යවරයා විය.අනතුරුව 1908 දී ක්‍රේම්බිජ් ත්‍රිත්ව විද්‍යාලයේ මාස්ටර් තනතුරට පත් විය.ඉන්පසුව හාවඩ් විශ්ව විද්‍යාලය ට පැමිණෙනතෙක්ම  2004 දක්වාම ලැමෝන්ට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුර දැරිය.

සෙන්ට වයස 9 දී එනම් 1943 දී බෙංගාල සංහාරයට මුහුණ පෑ අයෙකි.එහිදී මිලියන තුනක පිරිසක් මිය ගිය අතර ඒ සමගම ඔහුට සාගතය පිළිබඳව සෙවීමේ කුතුහලයක් ඇතිවිය.ඉන්දියාවේ ප්‍රධාන අහාර සැපයුමක් තිබු නමුත් ග්‍රාමීය  කම්කරුවන්, වැනි විශේෂිත කණ්ඩයම් වලට බෙදා හරිම අපහසු  වුයේ ඔවුන්ගේ රැකියා අහ්මිරිවිමත් සමග අහාර මිලදදී ගැනීමේ අපහසුතාවක් ඇතිවූ හෙයින් බව මොහුගේ නිරීක්ෂණයට ලක් වුන කරුණකි.සෙන් විසින්1981 දී රචිත  දිළිඳුබව සහ දුර්භික්ෂය (Poverty and Famine) කෘතියෙහි බොහෝ සාගත අවස්ථාවන් හිදී  ආහාර සැපයුම සැලකිය යුතු ප්‍රමාණයක් අඩුව නොමැති බවත් ඒ වෙනුවට අඩුවන වැටුප් ප්‍රතිශත, රැකියා උද්ධමනය , අහාර මිල ඉහළ යාම අහාර බෙදා හැරීමේ ඇති දුර්වලතාවයන් වැනි සමාජ සහ ආර්ථික පද්ධතීන් ගණනාවක්ම සමාජයේ බොහෝ කණ්ඩායම් වල සාගින්නට හේතුවක් වූ බව පෙන්වා දෙයි.

මෙම ආහාර ගැටලුවට සම්බන්ධ ව්‍යාපාරයන් , ආයතනයන් සේම විදේශ ජාත්‍යන්තර මට්ටමේ සමාගම් වලින්ද සෙන් හට බාධාවන් පැමිණි අතර ඔහුගේ අදහස් සහ ප්‍රතිපත්ති සාමාන්‍ය ජනයා වෙනුවෙන් ඔවුන්ගේ පොදු වැඩ බිම් ව්‍යාපෘති ඔස්සේ පාලන මිල වැඩි වූ අහාර සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ක්‍රමෝපායන් සෙවීමට අවධානය යොමු කරන ලදී.සෙන් විසින් දරිද්‍රතාවය මැනීමේ ක්‍රම සකසන ලද අතර ඒ මගින් දුප්පතුන්ගේ දරිද්‍රතාවය දුරුකොට ඔවුන්ගේ ආර්ථික ක්‍රමෝපායන් වැඩි දියුණු කිරීමට උපදෙස් ලබාදෙන ලදී.එහිදී 

නිදසුනක් ලෙස:

අසමානතාවය පිලිබඳ පැහැදිලි කිරීමේදී පිරිමින්ට වඩා කාන්තාවන්ගේ ඉපදීම සාපේක්ෂව වැඩිවන නමුත් පිරිමින් අතර ;ළදරු මරණ වැඩි වුවද සමහර දුප්පත් රටවල පිරිමින්ට වඩා කාන්තාවන් අඩු සංඛ්‍යාවක් සිටින්නේ ඇයිද යන්න පහදා දුන්නේය.එනම් එම රටවල පිරිමි දරුවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය සහ යහපත් සෞඛ්‍ය ප්‍රතිකාර සහ ඔවුන්ගේ ළමා කාලයේ ලැබුණු අවස්තාවන් නිසා එම තත්වය නිර්මාණය වී ඇති බවයි.

සංවර්ධන ආර්ථික විද්‍යාව විෂය අධ්‍යයනය තුළදී චිකාගෝ විශ්ව විද්‍යාලයේ නීති හා දර්ශනය පිලිබඳ මහාචාර්ය මාර්තා නුස්බඋම් හා එක්ව සමර්ථා ප්‍රවේශ සංකල්පය 1980 දී පෙරළියක් ඇති කලේ එහිදී සෙන් මහතා විසින් ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්ෂික පුස්තකාලයට ඇතුලත් කර ඇත.

එලෙසම අමර්ත්‍ය සෙන් යනු 2005-2007 කාලයී බ්‍රිටැනිකා එන්සයික්ලොපිඩියා විශ්වකෝෂයේ කතෘ මණ්ඩලයේ උපදේශකවරයකු ද විය.  2008 දී ඉන්දියාව විසින් හාවඩ් විශ්ව විද්‍යාලයට ඩොලර් මිලියන 4.5ක් පරිත්‍යාග  කලේ අමර්ත්‍ය සෙන් සහයෝගිතා අරමුදල පිහිටුවීම සඳහා සුදුසුකම් ඇති ඉන්දියානු සිසුන්ට  කලා හා විද්‍යා උපාධි මෙම විශ්ව විද්‍යාලය ඔස්සේ පිරිනැමිමට අවස්ථාව සැලසිමටයි.

මෙතුමා උසස් ගණයේ පර්යේෂණ කෘතීන් සහ ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් රචනා කල අතර ඔහු පිලිබඳ චරිතාපදාන ද 20 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත.ඔහු ලැබූ ආචාර්ය උපාධි සම්මාන 94ක් වන අතර අනිකුත් සම්මාන 30 කට අධික සංඛ්‍යාවක් දිනා ඇත.මේ අතරින් වටිනාම සම්මානය වන්නේ 1998 දී ඔහු දිනු නෝබල් අනුස්මරණ ආර්ථික විද්‍යා සම්මානයයි.ඇල්ෆ්‍රඩ් නෝබල් අනුස්මනරණය වෙනුවෙන් ස්වීඩන් බැංකුව විසින් පිරිනමනු ලැබිය.

ඔහු රචිත කෘතීන්.

Development As Freedom(1999)

Rationally and Freedom (2000)

The Argumentative Indian :Writing on Indian History, Culture and Identity(2005)

Aids Sutra (Untold Stories of India ) (1998)

More than 100 Million Women are Missing (The New York Review of The Book) 

ඔහු  සභාපතිත්වය දැරූ ආයතන.

Econometric Society (1984)

International Economic Association (1986-1989)

Indian Economic Association (1989)

American Economic Association (1994)

සාගතය ,මානව දර්ශනය ,මානව සංවර්ධන න්‍යාය , සුබ සාධන ආර්ථික විද්යාව , දරිද්‍රතාවය , ස්ත්‍රී පුර්ෂ සමජභාවයේ අසමානතාවය සහ දේශපාලන ලිබරල්වාදය පිලිබඳ ඔහුගේ යාන්ත්‍රණයෙදී  ඔහුව වෘත්තීයෙ හර්ද සාක්ෂිය ලෙසද , අකාලික ආර්ථිකඥයා ලෙස විරුදාවලි ලත් ඔහු ගේ නාමය ලොව තවත් බැබලේවා !!!

මුලාශ්‍ර :

https://www.mapsofindia.com/my-india/india/who-is-amartya-sen

https://en.wikipedia.org/wiki/Amartya_Sen

https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/

https://www.britannica.com/biography/Amartya-Sen

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර.

16/01/2023.

Thursday, January 12, 2023

මහා රාශ්ටයේ ඖරන්ගබාද් ලෙන්

ඉන්දියානු සංචාරයේදී හමුවන ඖරංගබාද් නගරය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පිහිටා ඇති අතර මහරාෂ්ටයේ 5 ස් වැනි ජනාකීර්ණ නගරයයි.කපු රෙදි සහ කලාත්මක සේද රෙදි නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන ඖරංගබාද් 1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එමෙන්ම ආචාර්ය බබාසාහෙබ් අම්බෙඩ්කාර් මර්ත්වාදා විශ්ව විද්‍යාලය ඇතුළු ප්‍රධාන අධ්‍යපනික ආයතන කිහිපයක්ම මෙහි ගොඩ නගා ඇත.අතීතයේදී  ඖරංග බාද් නගරයට ඇතුල් වීමට ගේට්ටු 52ක් තිබුණු අතර අදටත් නෂ්ටාවශේෂ  ඉතුරුව ඇති බැවින් ගේට්ටු නගරය ලෙසද හැඳින්වේ .2019 දී AURIC නගරය Flagship Smart City Mission ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ ප්‍රථම හරිත ක්ෂේත්‍ර කාර්මික නගරය බවට පත්විය.



ලෙන් 1653- 1707 දක්වාවූ ඖරන්ගෂෙබ් අධිරාජයාගේ අගනුවර වූ ඖරංගබාද් අජන්තා , එල්ලෝරා ගුහාවලට  සමීපව දර්ශනීය කඳු ගැටයක පිහිටා ඇත,මේවා ස්වභාවික ගුහාවන් නොව කඳු ගැටයක පිහිටි කළු ගල හාරා නිර්මාණය කර ඇත. සංචාරකයින්ගේ සිත් ගත් ප්‍රදේශයක් වන ඖරංගබාද් ඉන්දියාවේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ද වේ. සාතවාහන රාජ වංශයේ අධිරාජ්‍ය වූ පයිතාන් මෙන්ම යාදව් රජ වංශයේ අගනුවර වූ දේවගිරි ද ඖන්රංගබාද් හි පිහිටා ඇත.1308 දී සුල්තාන් අලවුදින් ඛල්ජිගේ පාලන සාමය තුළදී දිල්ලියත් සුල්තාන් රාජ්‍යයත් එක් රජ්‍යයක් බවට පත් කරන ලදී.1636 දී ඩෙකන් ප්‍රදේශයේ මෞගල් උපරජු වූ ඖරංසෙබ්මෝගල් අධිරාජ්‍යයට මෙම ප්‍රදේශය එක් කර ඖරංගසෙබ් රාජ්‍යය අවුරංගබාද් ලෙස නම් කර ඩෙකන් හි අගනුවර බවට පත් කළේය.1724 දී ඩෙකාන් හි මෝගල් ආණ්ඩුකාර 1 නිසාම් අසෆ් ජහා රජු ඔහුගේම අසෆ් ජහා රාජවංශය ආරම්භ කළේය.


ඖරංගබාද් ලෙන් යනු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ඖරංගබාද් නගරයේ නැගෙනහිර සිට බටහිරට විහිදුණු කන්දක් මත පර්වතයක නිර්මාණය කල බෞද්ධ ගුහා 12කි.මේ පිලිබඳ පළමු සඳහන කන්හෙරි ගුහාවේ මහා චෛත්‍යයේ ඇත.මෙම ලෙන් නිර්මාණ 6 වන සහ 7 වන සියවස් වලදී නිර්මාණය කර ඇති අතර ඒවා බාසාල්ට් පාෂාණ වලින් වලින් නිර්මාණය කර ඇත.මෙම ලෙන් ඒවායේ පිහිටීම අනුව කොටස් තුනකට වෙන් කර ඇත.



1.ගුහා අංක 1 - බටහිර 

2.ගුහා අංක 1-5 - නැගෙනහිර 

3.ගුහා අංක 6-9  -උතුරු පොකුරැ 

4. ගුහා අංක 10-12 - නිමා නොකළ ලෙන් යනුවෙනි.

ගුහා ගර්භයන්හි ඇතුලත් කැටයම් ගත් කල , වැඩිපුරම හීනයාන ශෛලියේ ස්තුප වලින් යුක්ත මෙම ලෙන් තුළ මහායාන කලා නිර්මාණ සහ වජ්‍රායන දේවිය ඇතුලත්ය.අනෙකුත් ප්‍රදේශ වල ඇති ලෙන් තුළ දුර්ගා දේවිය ,ගනේෂ් වැනි දෙවිවරුන් සමග  ක්‍රිස්තු වර්ෂ පළමු සියවස තුළ බෞද්ධ නිර්මාණ ඇති ලෙන් අතර මෙම ගුහාද ඇත.තන්ත්‍ර සම්ප්‍රධායට අයත් බොහෝ දෙවිවරුන්ගේ ප්‍රතිමා මෙහි දක්නට ලැබීම සුවිශේෂී වේ. එමෙන්ම  බුදුන්වහන්සේ සමග කැටයම් කරන ලද දේවතාවියන්ගේ රූප දක්වා ඇති අතර ඔවුන්ගේ නිරූපණයන් හින්දු ආගමේ ශක්ති සම්ප්‍රධායට සමාන බවක් පෙන්නුම් කරයි. මෙම පළමු ගුහා නිර්මාණ වාකාටක යුගයේදී නිර්මාණය කල බව පැවසේ.දොරටුවේ නාගයෙක් කැටයම් කර ඇත.යක්ෂයින් නාගයින්ගේ භාර්යාවන් ලෙස සිතුවම් කර ඇත.

අංක දෙවෙනි ගුහාව කුළුණු සහිත ශාලාවකින් යුක්ත ආරාමයක ස්වරුපයක් ගන්නා අතර බුදු රජාණන් වහන්සේ විසින් දේශනයක යෙදී සිටිනයුරු පෙන්නුම් කරයි.තුන්වෙනි ගුහාව ඉතාමාත් පිළිවෙලට හා සංවිධානාත්මකව විශිෂ්ඨ අයුරින් සැරසිලි හා මෝස්‌තර යොදමින්, Fretwork( ලි හෝ ලෝහ මත කැටයම් කල ජ්‍යාමිතික මෝස්‌තර )  ,Scrolls, panel of Couples, Tassels, මල් වැනි දේ යොදා ගනිමින් වාස්තු විද්‍යාත්මකව ඉතාමත් සුන්දරව  මෙම නිර්මාණ ගොඩ නගා ඇත.

මෙම කුළුණුවල නිර්මිත මෝස්‌තර අජන්තාවේ 21,24 ලෙන් සිතුවම් වලට සමානවේ.වැරන්ඩාවේ එක් කෙළවරක උස ආදී 7.12ක් සහ පළල 6.10ක් වන බුද්ධ ප්‍රතිමාවක් ඇති අතර එය පද්මාසනයක නෙලුම් මල් ද්විත්වයක් මත හිඳගෙන ධ්‍යාන මුද්‍රාවෙන් දෑත් පිහිටුවා ඇති අතර දකුණු පසින් වජ්‍රපානි සහ වම පසින් පද්මපානි  දකින්නට ලැබේ.වැරන්ඩාවේ වම් ඇති බුදු රුවේ අජන්තාහි දැකිය හැකි වන ශාවස්ති හුරුව දක්නට ලැබේ.මෙහි බුදුන් පද්මාසනයක නෙලුම් මල් ද්විතයක් මත රැඳෙන අතර දෑතේ ධර්ම චක්‍ර මුද්‍රාව දැකිය හැකිය.නෑ රජුන් විසින් නෙලුම් නැතුව දරාගෙන සිටි .බුදුන්ගේ හිසට ඉහලින් දෙපසින් මල් මාලා අතැතිව පියාසැර කරන වාමන රූප දක්වා ඇත. ගුහාව පුරා ගස් දේවතාවියන් නැතහොත් සාල භාන්ජිකා සහ ගණ(ශිව ) රූප කැටයම් කර ඇත.



මහාචාර්ය  දෙශ්බන්දේ පාන්ඩේට අනුව තුන්වෙනි ගුහා ගර්භය සිතා මතාම සරල ලෙස පැවතීමට ඉඩ හැර ඇති අතර එය ක්‍රිස්තු.වර්ෂ 7 වැනි සියවසට අයත් වේ.

හතරවන ලෙන් නිර්මාණ පසුකාලින සාතවාහන යුගයේ කැණීම් කරන ලද එකම චෛත්‍යයයි.



6 වන ලෙනේ සරසන ලද කාන්තාවන්ගේ රූප සිතුවම් කර ඇත.එම පිළිම තවමත් හොඳ තත්වයේ පවතින අතර එම කාල පරිච්ජේදයේ සෞන්දර්ය පිළිබඳව අදහසක් ලබා දේ.බුදු පිළිමයක්ද ගනේෂ් දෙවියන්ගේ පිළිමයක්ද ඇත.මෙම කන්හෙරි ලෙනේ තිබී ශිලා ලේඛනයක් හමුවුන අතර , එහි " Rajathalaka Paithaana path Asana Chulika yu  kutiKodhi" (Qureshi1988 ) ලෙස සඳහන් ව ඇත.එය සිංහලයට පරිවර්තනය කිරීමේදී " රජතලක ) පුරාණ අවුරංගබාද් නම් ) නම් වූ පයිතන් හි පරගානා හෝ තලුකාවේ සේවාජ විහාරයේ කුඩා විහාරයක් (කුටියක් )  සහ ශාලාවක් (කෝධි) නිර්මාණය කර ඇත.මුල් යුගයේ චෛත්‍ය සහ විහාර යන කොටස් දෙකම මෙහි තිබු බව වටහා ගත හැක.



ජේම්ස් බර්ඩ් යනු 1847 දී ඔහුගේ ඉතිහාස ගවේෂණයේදී අවුරංගබාද් ගුහා පිලිබඳව ලොවට පළමුව හෙළිකළ තැනැත්තාය.ඉන් පසුව ජෝන් විල්සන් සහ ජේම්ස් බර්ජස් විසින් වැදගත් ස්මාරක ලෙස ගුහා පිලිබඳ සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කරන ලදී.



ඩග්ලස් බැරට් යනු 1957 දීමෙම මුර්තිවල වාස්තුවිද්‍යාත්මක අගයන් හඳුනාගත් පළමු තැනැත්තාය.ඔහු මෙම පිළිම එල්ලෝරා සහ අජන්තා සතු  හොඳම සහ වටිනාම මුර්ති වලට  සමාන බව කිවේය.1960-1961 ගුප්ත සමයේදී පැවති හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ සහ මුර්ති ශිල්පයේ ප්‍රබල බලපෑම් පෙන්නුම් කරන දෙවන කාණ්ඩයේ ගුහාවක් වන ඖරන්ගාබාද් හි බ්‍රහ්මණ ගුහා පිලිබඳ සඳහන් කර ඇත.



මුලක් රාජ් විසින් ඖරන්ගබාද් පිලිබඳ 1963 දී ඖරන්ගාබාද් මුර්ති පිලිබඳ නැවත ඇගයීම ලෙස ලිපි පෙළක් ඉදිරිපත් කරන ලද අතර 7 වැනි ගුහාවේ ඇති පිළිම පෙළ භාරත නාට්‍ය ඉරියව් දක්වන බව පැවසුවේය.පසුව  අමිතා රේ විසින් " Aurangabad Sculptures නමින් 1964 දී ලිපි පෙළක් ඉදිරිපත් කරන ලදී.එම ලිපි පෙලේ ගුහා ගර්භයේ පිහිටීම, ආරම්භය එහි ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික අංගයන් පිළිබඳව සඳහන් වේ.තවත් ලේඛකයකු වූ ඩෙබෝරාබ්‍රවුන් 1964 දී ලියා ඇත්තේ ඖරංගබාද් ගුහාවල ඇති මුර්ති වල ස්වභාවය එලිෆාන්ටාහි පසු ශෛලියටද සමානකම් කියන බවයි.



මුලාශ්‍ර  :

https://www.britannica.com/place/India/The-Himalayas

https://www.sahapedia.org/aurangabad-cave-temples-overview

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර 

12/01/2023 

Wednesday, January 4, 2023

භාරත සිනමාවේ අමරණිය සඳ එළිය " මධුමති "

 



ඝණ අන්ධකාරයෙන් මුළු පරිසරයම වෙළුණු රැයකි.මීදුමෙන් සහ වැහි වලාවන් වැසුණු කුණාටු රැයක කඳු බෑවුම් සහිත මාර්ගයක එන මෝටර් රථයකි. වාහනය රැගෙන එන  මැදිවියේ පසුවන  පුද්ගලයන් දෙදෙනා  දරුවකු බිහි කළ තම බිරිඳව පිළිගැනීමට දුම්රිය ස්ථානයට පැමිණෙන ඉංජිනේරුවකු වූ  දේවේන්ද්‍ර  සහ ඔහුගේ මිතුරා වූ රෙහමන්ය. අතරමගදී සිදුවන නායයාමක් නිසා මොවුන්ගේ ගමන අතර මග නවතා රැය පහන් කිරීමට ස්ථානයක් සොයමින් යද්දී ගන් ඉවුරේ කඳු මුදුනක තැනූ අත්හළ ගොතික් සම්ප්‍රධායට අයත් විසල් මන්දිරයක් මොවුන්ට හමුවේ.එහි වාසය කල මහලු සේවකයා මොවුන්ව ඇතුලට කැඳවන් ගිය විට ,දේවේන්ද්‍රට දැනෙන්නේ මින් පෙර මෙහි වාසය කළ බවක්ය. සිතට දැනුන එම සිතුවිල්ල නිසාවෙන්ම මන්දිරය ඇතුලත සක්මන් කරද්දී මන්දිරයේ අයිතිකරු වූද ශ්‍යාම් නගර් වතුයායේ හිමි කරුවූ රාජා උග්‍රනාරයන්ගේ සිතුවමකි. එය දුටු විගස දේවේන්ද්‍රගේ පුනර්භවයේ කතාව ඔහුගේ මනසේ රැව් දෙන්නේ අතීතාවර්ජනයක් ප්‍රේක්ෂකයින්ට සිහිකරමිනි.

ආනන්ද් ශ්‍යාම් නගර් වතු යායට,  කළමනාකරුවකු ලෙස සේවයට පැමිණෙන අතර , දිනක් මිදුම ගහණ  වනයේ සැරිසරද්දී මියුරු ගීයක් සහ පා සළඹක හඬක් ඇසේ.වටපිට බලද්දී ගී ගයමින්, ගස් අතරින් දිව යන, සඳක් මෙන් සොඳුරු වූ  සුන්දර යුවතියක් ඔහුගේ ඇස ගැටේ.ඇයව සොයමින් ඔහු වනය සිසාරද්දී ප්‍රපාතයකට වැටීමට ගිය විට , මෙම ගෝත්‍රික තරුණිය විසින් ඔහුගේ දිවි ගලවා ගන්නා ලදි. එතැන් සිට ඔවුන් සුහද වී ඔවුන්ගේ තොරතුරු හුවමාරු කර ගනී.ප්‍රේමයෙන් බැඳෙන මොවුන් සතුටින් කල් ගත කරයි.

ආනන්ද්  යනු ගෞරවාන්විතව දිවි ගෙවන, කෙලින් තීරණ ගන්නා, කලාකාමී අදහස් වලින් පිරිපුන් තරුණයෙකි. එම ගතිගුණ නුරුස්සන ,අහංකාර වූද , දුර්ජන වූද උග්‍ර නාරයන් මොවුන්ගේ ප්‍රේමයට අකුල් හෙලීමට සුදානම් වන්නේ මධුමතිගේ සුන්දරත්වය දැක , සිතේ රාග ගිනි අවුලවමිනි. දිනක් ආනන්ඩ්ද්ව රාජකාරියක් සඳහා කඳුකරයෙන් පිටතට යවන උග්‍ර නාරයන් , විමසිල්ලෙන් බලා හිදින්නේ මධුමතිව අසුකර ගැනීමට අවස්තාවක් එන තෙක්ය.නමුදු ...  මධුමතිය දේවේන්ද්‍රව සොයා මන්දිරයට යන්නේ මාරයා ඇය එන තෙක් මග බලමින් සිටින බව නොදැනය.

එදින ද මහා වැසි ඇද හැලෙන ඝණ අන්දකාරයෙන් යුතු රැයකි. රාගයෙන්  මත්වූ උග්‍ර නාරායන් ඇයව දුෂණය කිරීමට තැත් කරද්දී  , ඊට එරෙහිවූ මධුමතිව , ජමින්දර්වරයා විසින් මරා දමනු ලබයි..නැවත පැමිණි ආනන්ද් ඇයගේ පියාගෙන්  මධුමති අතුරුදහන් වූ බව ත්,  අවසන් වරට දුටුවේ ඔහුව මුණ ගැසීමට  ජමින්දර්වරයාගේ මන්දිරයට යාමට පෙර බවත්ය.ඇයව සොයා යන ඔහුට උග්‍ර නාරයන්ගේ මැරයින් සිහිසුන් වන තෙක් පහර දුන්හ.මධුමතිගේ පියා එය වැලක්වීමට තැත් කරද්දි ,  ඔහුව මරා සඟවා , ආනන්ද්ව රෝහලට ගෙන ගොස් දමයි.


මධුමති නැති ශෝකයෙන් කල් ගෙවන ආනන්ද්,  ඇයව සොයමින් කඳුකරය පුරා සැරිසරන්නේ ඇයගේ මුහුණ සිතුවම් කරමිනි.එලෙස සිහිමද තත්වයට පත්වන ආනන්ද් ගේ දිවිය අරමුණකින් තොරව ගෙවෙද්දී , අහම්බෙන් ඔහුට මාධවී නම් මධුමතී ට සමාන ස්වරුපයක් ඇති තරුණියක් මුණ ගැසේ.ඇය තමන් මාධවි යැයි  කොතෙක් පැවසුවත්, ආනන්ද් එය පිළිනොගත් විට ඇයගේ සොයුරු පොලිස් නිලධාරි ජග්දීෂ් රාජ් ඔහුට පහර දෙයි.පසුව මධුමතිගේ සේයාරුවක් සොයා ගන්නා  මාධවී සත්‍යවාදී  බව තේරුන් ගෙන , මධුමති වෙනුවෙන් උග්‍ර නාරයන් ඉදිරියේ පෙනී සිටීමට ඉදිරිපත් වේ.

පසුව උග්‍ර නාරයන්ව හමුවන ආනන්ද් විසින් ඔහුගේ සිතුවමක් ඇඳීමට ඔහුගෙන් අවසර ගෙන පසුදින රාත්‍රියේදී සිතුවම ඇඳීමට පටන් ගනී.රාත්‍රී 8 වන විට මාධවී මධුමතිගේ ස්වරුපයෙන් උග්‍ර නාරායන් ඉදිරියේ පෙනී සිටින අතර ඔහු බයෙන් තිගැස්සී, කලබල වෙමින් , මධුමතිගේ මරණයට වගකිව යුත්තේ ඔහු බව පිළිගත්තේ මන්දිරයට පිටතින් සිටි පොලිස් නිලධාරීන්ට සත්‍ය පැහැදිලි කරවමිනි. 

නමුත් ...,   ආනන්ද්  නොදැනුවත්වම එලෙස පැමිණියේ මාධවී නොව සත්‍ය හෙළිදරව් කරනු වස් පැමිණි මධුමතීගේ ගන්ධබ්බ ආත්මයයි. ඇය මද සිනාවක් දල්වමින් , ආනන්ද් ට ඉඟි කරමින් , පියගැට පෙළ නැග ගියේ ඇයගේ මරණය සිදු කළ සඳළුතලය වෙතටය.ඇයගේ අවතාරය පසුපස යන ආනන්ද්  සඳළුතලයෙන් වැටි මියයයි.


ආනන්ද්  -  මධුමති ආදර අන්දරයේ පුර්වර්ජනය මෙසේ සිදුවෙද්දී දේවේන්ද්‍ර ට පණිවිඩයක් එන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවා පැමිණි කෝච්චිය අනතුරකට ලක්ව අලුත්වැඩියා කරන තෙක් ප්‍රමාදයක් වූ අතර , නැවත එය ගමන් අරඹා ඇති බවයි.රහෙමන් සමග ඇයව පිළිගැනීමට ගිය විගස දේවේන්ද්‍ර වටහා ගන්නේ රාධා යනු මධුමතීගේ  වර්තමාන ස්වරුපය බවයි.ඔවුන්ගේ ප්‍රේමය භව ගණනක් පුරාවට විහිදුණු ආත්මගත බැඳීමක් බව ඒ ඔස්සේ ඔවුන් වටහාගත් යථාර්තයයි.



මධුමති චිත්‍රපටය , ඉන්දියානු සාහිත්‍යයට විසල් සේවයක් කල සත්‍යජිත් රායිගේ සහ බෙංගාල සිනමාවට උත්කෘෂ්ට සේවයක් ඉටු කළ රිට්වික් ඝටක් විසින් තිර රචනය කළ අතර , අධ්‍යක්ෂණයෙන් දායක වුයේ බිමල් රෝයි විසිනි.1958 සැප්තැම්බර් 12 වෙනි දින එනම් 64 වසරකට පෙර නිර්මාණය කල මධුමතිය ,  බිමල් රෝයිගේ සිනමා අධ්‍යක්ෂණ දිවියේ විශිෂ්ඨ පෙරළියක් සිදු කල නිර්මාණයකි.මෙයට කැමරා අධ්‍යක්ෂණයෙන් සහය දිලිප්ද ගුප්තා ද  ,සංගීත අධ්‍යක්ෂණයෙන් ශලිල් චෞද්රිද , සංස්කරණ ශිල්පී රිෂිකේෂ් මුකර්ජිද මෙම සොඳුරු නිර්මාණය සිනමා ලොවට දායාද කිරීමට පුරෝගාමී වුවෝය.

මධුමති චිත්‍රපටයට ....

හින්දි බසින් හොදම විශේෂාංග චිත්‍රපටයට හිමි ජාතික සම්මානයද ,

හොඳම චිත්‍රපටය ,

හොඳම අධ්‍යක්ෂණය - බිමල් රෝයි 

හොඳම සංගීත අධ්‍යක්ෂණය -සලීල් චෞද්රි 

හොඳම නළුවා- දිලිප් කුමාර් 

හොඳම නිළිය - වෛජන්තිමාලා (නිර්දේශ විය.)

හොඳම සහය නළුවා - ජොනී වෝකර් -චන්දාස් 

හොඳම කාන්තා පසුබිම් ගායිකාව- ලතා මංගේෂ්කාර් - අජාරේ පර්දේසි ගීතය.

හොඳම දෙබස් - රජින්ද්‍ර සිංග් බෙඩි.

හොඳම කළා අධ්‍යක්ෂණය - සුදෙන්ධු රෝයි 

හොඳම සංස්කරණය -රිෂීකේෂ්  මුකර්ජි 

හොඳම සංස්කරණය සහ හොඳම කැමරා ශිල්පියා යන ෆිල්ම් ෆෙයා සම්මානයන්ට හිමිකම් ලැබිය.ෆිල්ම් ෆෙයා සම්මාන 9කටද , නාම යෝජනා 12කටද හිමිකම් කීය.

මධුමති චිත්‍රපටයේ දක්නට ලැබෙන , ගුප්ත අන්ධකාරය ඉන්ද්‍රජලිකයක් සේ දක්ෂ කැමරා අධ්‍යක්ෂණය යටතේ කළු සුදු පැහැයෙන් ආලෝකය හා මිශ්‍ර කර  ග්‍රහණය කරගනිමින් මිදුම් සහිත පරිසරය ගොඩ නංවා ඇත්තේ කතාවේ අවසානය පිළිබඳව ශෝඛාන්තයක් වන බවට ඉඟියක් දෙමිනි.එම මිදුම් සහිත දර්ශන රූගත කිරීමට පෙර නයිනිතාල් හි ඝෝකර්හි රූප තලයට සමාන වන පරිදි ඉගට්පුරි, වයිටර්නා වේල්ල අසළ එම දර්ශන තලය නිර්මාණය කළේ ,  ව්‍යාජ පයින් ගස් නිර්මාණය කරමිනි.එමෙන්ම චිත්‍රපටයේ වැඩි කොටසක් මුම්බායි නගරයේ කුඩා වන කොටසක් වන Aarey Milk Colony පෙදෙසේ රූගත කල අතර දිලිප් කුමාර් වෛජන්ති මාලා සොයන දර්ශනයක් රුගත කලේ ඉගත්පුරි ප්‍රදේශයේය.චිත්‍රපටය පුරාවට ගලාගෙන යන මිදුම් ස්වභාවය ගෑස් බෝම්බ භාවිතයෙන් ප්‍රති නිර්මාණය කර ඇත. 

"දිල් තඩප් තඩප් " ගීතය ප්‍රේමාන්විත ගීතයක් වන අතර එය කැමරාකරණය කිරීමේදී භෞතික මෙන්ම රූපක අර්ටයක්ද අන්තර්ගත  කර ඇත.ගුප්තා විසින් මුළු චිත්‍රකරණයම යථාර්ථවාදී නොවන මනෝ භාවයකින් ඉදිරිපත් කර ඇත.

 බටහිර සම්භාව්‍ය සංගීතඥ මිය ගිය ක්‍රිෂෝර් චැටර්ජි  ඔහුගේ මොසාර්ට්ස් සහ මධුමති පත්‍රයේ සටහන් කලේ සලීල් චෞධ්රි " බිචුවා " ගීතය ලිවීමට පෙර හොදින් මොසාට්ගෙ ගේ රූපක අධ්‍යයනයට බඳුන් කර ඇති බවයි. Mozart's Jupitar සංද්වනිය හි අවසාන  සංගීත පෙලේදී වේගවත්ව සංගීත ඛාණ්ඩ වාදනය වූ බවයි.

මෙම ගී පද රචනා අන්තර්ගත කතාව සහ චරිත සුන්දර ලෙස සංධ්වනි ගත කර ඇත්තේ, මොවුන්ගේ මනෝභාවයන් සහ චරිතයන්ගේ හැගුම් සහ සිතුම් හා බද්ධ වෙමින් පාඨක සිතට ලං කරවමිනි.

මධුමති චිත්‍රපටය ශලිල් චෞධ්රි විසින් රචිත ගීත 11 කින් සමන්විත වන අතර ලතා මංගේෂ්කාර්, මුකේෂ් මන්නා ඩේ,මොහොමඩ් රාෆිමුබාරක් බෙගම් , ආෂා බෝස්ලේ ,සබීතා චෞධ්රි , ගුලාම් මොහොමඩ් සහ ද්විජෙන් මුඛෝපධ්‍යයයි විසින් ගායනයෙන් සුන්දර කරන ලදී.

මෙහිදී පද රචනයට පෙර සංගීත තනු නිර්මාණය කර ඇති අතර ඇසෑම් ප්‍රාන්තයේ, තේ වතු මැද ජන ගීත ගායනා  කරමින් රංගනයේ යෙදෙන අතර ශබ්ධ පටයේ පෝලන්ත ජන සංගීතය  " දිල් තඩප් තඩප් "  ගීතයට සුසංයෝජනය කර ඇත.එය 18 වන සියවසේ සිලෙසියානු ගීතය වන "ස්ලා" වෙතින් අනුවර්තනය කර ඇත.  " Dzieweczka Do gajecka " , " Aja re Pardesi " ගීතය " Jagte Raho(1956) හි පසුබිම් සංගීතයෙන් අනුවර්තනය කරන ලදි.

චිත්‍රපටය පුරාවට ගලා යන සංගීත රටාවන් සහ ගීතයන් , මධුමතී චිත්‍රපටයේ ආත්මය සහ විශිෂ්ඨ වූ කාලානුරුපිව වත්මන් සමාජයේද දක්නට ලැබෙන පැතිකඩක් යථාර්තවදිව ඉදිරිපත් කරයි.

මධුමතිය දිලෙන සඳක් මෙන් පුරා සියවස් ගණනක් පුරාවට භාරතීය සිනමාව ඒකාලෝක කරනු ඇත.

මුලාශ්‍ර :

https://en.wikipedia.org/wiki/Madhumati

https://www.cinestaan.com/reviews/madhumati-2572

https://www.filmigeek.com/2014/04/madhumati-1958.html

https://theprint.in/features/reel-take/every-bollywood-reincarnation-story-must-tip-its-hat-to-bimal-roys-madhumati/194048/

පරිවර්තනය 

නිලක්ෂි බණ්ඩාර 

21/12/2022

Wednesday, December 28, 2022

ලොව වඩාත්ම හුදකලා පුස්තකාලය


ලොව හුදකලාම පුස්තකාලය වනුයේ උතුරු චීනයේ හෙබෙයි පළාතේ මුහුදු තිරයේ ඉදිකොට ඇති සැන්ලියන් පුස්තකාලයයි.මේ ඔස්සේ කියවීමේ හුරුව පාඨකයින්ට ලබා දේ.

එහි ඇති එක පොතක Andrew wraith ගේ සිතුවමක් දක්නට ඇති අතර එය මහලු මිනිසෙකු මුහුද අසබඩ ගල් පර්වතයක් මත හිඳ මුහුද දෙස බලාගෙන ඉන්නකි.ඉන් ඔහුගේ මෙන්ම මෙම පුස්තකාලය හුදකලාවී ඇති බව පෙන්නුම් කරන බව ඉඟියක් දෙනවා විය හැකිය.පුස්තකාලයේ නිර්මාතෘ වූ ගෘහ නිර්මාණශිල්පී ඩොන්ග් ඩොන්ග් පවසන්නේ එම සිතුවම මෙම නිර්මාණය ගොඩ නැගීමට ශක්තියක් වූ බවයි.එමෙන්මා ඔහුට අනුව මේ පුස්තකාලය මිනිසුන්ට මුහුද හා සම්බන්දතාවයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වන බවයි.

පුස්තකාලයේ පිටත කොන්ක්‍රීට් තට්ටුවක් වන අතර ඇතුලතඅලංකරණය  ලි වලින් නිර්මාණය කර ඇත.

 ගොඩනැගිල්ලේ ඇතුලත පඩිපෙලක ආකාරයෙන් සකසා ඇති.එමගින් මුහුද දෙස බලා සිටිමින් තම රසවින්දනය ලබාගත හැකි වීම පුස්තකාලයේ විශේෂත්වයකි.

2015දි  අරඹන ලද මෙම පුස්තකාලය මේ වන විට පාඨකයින් 160,000ක් පැමිණ පොත් කියවා ඇත.වර්ග මීටර් 500 ක වපසරියකුන් යුක්ත වන මෙම පුස්තකාලය තුල පොත් මිලියන 10කට වඩා ඇති අතර පහෙන් දෙකක්ම පරිත්‍යාග කර ඇත්තේ.පාඨකයින් විසිනි.

Gorge  Luis Borges වරක් පවසා ඇත්තේ 

"මෙවන්  පාරාදීසයක කෙදිනක හෝ  පුස්තකාලයක් ඉදිවනු ඇතැයි මම සිතුවෙමි යන්නයි."

පොතක් කියවන අතරතුර මිනිසුන්ට මෘදු හිරු එලිය සේම මුහුදේ සුන්දරත්වයත්, හමා එන මුහුදු හුළගේ සිසිලසත් විදීමට මෙය අපුරු තෝතැන්නකි.එය  Luis Borges ගේ කීම යථාර්තයක් බව ඔප්පු කිරීමකි.

මෙය මුහුද අසබඩ පිහිටා ඇති නිසා නරබන්නන්ට පැමිණීමට පහසුය.එම නිසාම ගිම්හාන නිවාඩුවේදී  නරබන්නන් 600-7000 අතර ප්‍රමාණයක් පැමිණේ.නමුදු සීත කාලයේදී 70-80 අතර ප්‍රමාණයක්ද සති අන්තයේදී 300ක පමණ ප්‍රමාණයක් පැමිණෙන බව පුස්තකාල කාර්ය මණ්ඩල සාමාජිකයකු වන වෑන්ග් සිංග් පවසා ඇත.


අතීතයේ මෙන් නොව පාඨකයින්ට පොත් කියවීමට සහ ලබා ගැනීමට විවිධ ක්‍රම ඇත.අන්තර්ජාලය ඔස්සේ කියවීම්, අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා පොත් ගෙන්වා ගැනීම් , E books කියවීම ආදිය හේතු කොට ගෙන පුස්තකාල වලට පාඨකයින් නොයෑමේ අවධානමක් පවතී.එම නිසා පුස්තකාලය යන්න ගිලි යන කෞතුක වස්තුවක් බවට පත්වන වාතාවරණයක පැවතීම කනගාටුදායක කරුණක් වේ.


මෙම පුස්තකාලය හරහා විවිධ කියවන්නන්ට අදාලව ක්‍රියාකාරකම් සිදුවන අතර සංස්කෘතික මන්ගල්ලයක්ද වසරකට සැරයක් සිදු කරයි.වසර පුර පොත් කියවීම, නාට්‍ය, නර්තනාංග පැරණි සහ වර්තමානයේ පවතින සංස්කෘතිකාංග වැනි ක්‍රියාකාරකම් රැසක් මෙහිදී දකින්නට අවස්තාව ලැබේ.







Tuesday, December 27, 2022

රෝබිගේ දියණිය ඉසාක් ඇසිමෝව් - පරිවර්තනය සේනාරත්න වීරසිංහ මහතා

මේ ගෙවෙන්නේ 1988 වසරයි.ගෙවත්තක කුඩා දැරියක් ඔබ මොබ දුවනු පෙනේ.ඇය කුඩා ග්ලොරියයි. ඇය පසුපසින් ගමන් කරන්නේ රොබි නම් රොබෝ නැනිවරයායි.ඔවුන් හැංගිමුත්තන් කරන අතර රොබි පහසුවෙන් ඇයව සොයා ගන්නා අතර ග්ලෝරියා රොබි හොරෙන් බලන බවට චෝදනා කරයි.ඉන්පසු දැරිය රෝබිට පවසන්නේ කර උඩතියන් යන ලෙසයි.නමුදු ග්ලෝරියා කල චෝදනාවෙන් රිදුණු සිත් ඇතිව සිටි රොබි එය ප්‍රතික්ෂේප කරන අතර ග්ලෝරියා අඩන බව ඇගෙව්වත් ගණනකට නොගත් නිසා ඇය අවසාන තුරුම්පුව යොදන්නේ නැවත කිසි දිනක රෝබිට කතන්දර කියා නොදෙන බව පවසමිනි.ඒ සමගම ඇයව ඔසවා ගන්නා රොබි දිව යන්නේ අහසේ යන ගුවන් කෝස්ටරයක් පදින ආකරයක් දක්වමිනි.

එම සවාරියෙන් පසු ග්ලෝරියා රෝබිට සින්ඩරෙල්ලා කතාව කීමට පටන් ගනී.ඔවුන්ට දිවා ආහාරය ගැනීමට අමතක වන අතර මව නිවසට පැමිණෙන තෙක්ම කතන්දර කියමින් සිටින අතර මව ඔවුන්ට දිවා ආහාරය මග ඇරීම ගැන දොස් නගා රෝබිට ඇය නැවත කතා කරනතෙක් නොපැමිණෙන ලෙස අණ කරයි.ග්ලොරිගේ පියා වූ  වෙස්මටන් මහතා  නිවසට පැමිණි විට මව පවසන්නේ තව දුරටත් රෝබිගේ සේවය අවශ්‍ය නැති බවය.ඒ ඇසු වෙස්ටන් මහතා මෙම කලකිරීමට හේතුව ගෙනා වසර දෙකේ සිටම ඇතිවුනාදැයි අසද්දී ඇය පිළිතුරු දෙන්නේ ආරම්භයේදී එය නව අත්දැකීමක් බවත් කුතුහලයක් සිතේ තිබුන බවත් නමුත්  රොබි යනු හදවතක් හැගීමක් දැනීමක් නොදැනෙන රොබෝ කෙනෙක් බවත් ඇය ග්ලොරියාට රිදවිය හැකි බවත්ය.

එවිට රොබෝ තාක්ෂණයේ පළමු නියමය වන රෝබෝවකුට මිනිසෙකුට හානි කල නොහැකි වීම සහ එලෙස අනතුරක් කළහොත් රොබෝ අක්‍රියවන බව වටහා දෙයි. හුදකලාව ජිවත් වන ග්ලොරියාගෙන් රෝබිව වෙන් කළහොත් ඇයගේ මානසිකත්වයට එය  බාධාවක් වන බව වෙට්සන් මහතා පැහැදිලි ක්කරන්නේ ග්ලෝරියා ලොකු වන තෙකල් රොබි සිටිය යුතු බව පවසමිනි.දින දෙකකට අපසු වෙස්ටන් මහත්මිය පවසන්නේ රොබි භයානක යැයි සිතන අසල්වාසීන් ඔවුන්ගේ  දරුවන්ව මෙහි එවීමට අකමැති බවයි.

අවසානයේදී වොට්සන් මහත්මිය කුමක් කරයිද?  රෝබිව නිවසින් යවයිද?

ග්ලෝරියා රෝබිගේ වියෝවෙන් පසු කෙබඳු තත්වයකට මුහුණ පායිද?

I Robot ශ්‍රේෂ්ඨ  විද්‍යා ප්‍රබන්ධක ඉසාක් ඇසිමෝව් විසින් රචිත කෙටි කතා 9 යක එකතුවක් වන අතර පොසිටෝනික් එනම් කෘතීම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයත් සදාචාරත්මක හැඟීම් දැනීම් සමග ඇති සම්බන්දතාවය පිළිබඳව පරිකල්පනත්මකව ඉදිරිපත් කරයි.

1940-1950 දක්වා විද්‍යා සඟරා තුළ කියවූ මෙම කතා පසුව පොත් ලෙස පාඨක දෑතට පැමිණිමත සමග ඇසිමෝව් විද්‍යා ප්‍රබන්ධ

සාහිත්‍යයේ වර්ධනය උදෙසා කල සේවය වඩා පිළිගත් ඇගයීමකට  ලක්විය.1950 දී මුද්‍රණයට පත් " I Robot " කෙටි කතා සංග්‍රහය වෛද්‍යවරියක වන  සුසාන් කැල්වින් විසින් 21 වන සියවසේ වාර්තාකරුවකුට කියාගෙන යන කතාන්දර රැසක එකතුවක් මෙන් පාඨකයන් ට ලබා දේ.මේ ඔස්සේ මිනිස් සබඳතා සහ රොබෝවරුන් අතර ඇති වන්නාවූ අන්තර්ක්‍රියාක්රිත්වය අපුරුවට පෙන්නුම් කර ඇත.

රෝබිට තරමක සවිඥාණයක්සහ චිත්තවේගීය බුද්ධියක් ඇති බව පෙන්වයි.මන්ද ඔහු ග්ලොරියාගේ සෙල්ලකාරී අනුගත වීමත් ඇයගේ මව වෙනස්වීමට අනුගතව ග්ලොරියාගෙන් ඈත් වීමෙනුත් පෙනේ.පැහැදිලිවම මිනිස් අණට අනුගතවන ආකාරයට ඔහුගේ වැඩසටහන නිර්මාණය කර බව මින් පැහැදිලි රුපයක් පාඨක සිත් චිත්‍රණය වේ.

ඒ අනුව ඇසිමෝව් විසින් ඉදිරිපත් කල රොබෝ තාක්ෂණික නියමයන් තුනෙහි සාරාංශගත කර ඇති අචාරධර්ම සහ ඒ ඔස්සේ සිදු කරන ලද වැඩසටහන්කරණය නිසා මතුවූ ගැටළු මත මේ කතාවන් ප්‍රබන්ධය වී තිබේ.එමෙන්ම සෑම කතාවකම පාහේ රෝබෝවරුන්ව මනවිකරණය කර තිබීම ඇසිමෝව් ගේ කතාවල ඇති විශේෂත්වයයි.

මෙම අපූරු කෘතිය ලාංකීය පාඨකයා වෙත ලං කරනු ලැබුවේ විශිෂ්ඨ පරිවර්තකයකු වන සේනාරත්න වීරසිංහ මහතා විසිනි.සරළ බසින් ඔහු විසින් සිදුකල පරිවර්තනය නිසාවෙන් රොබෝ තාක්ෂණයට සම්බන්ධ බොහෝ දේ ඒ ඔස්සේ අපට දැනගත හැකිය.කතා පෙළ අවසානයේදී ඔහු පවසන්නේ.....

" නවීන විද්‍යාව හා තාක්ෂණය මිනිසා විසින් මෑත යුගයේදී ලබා ගන්නා ලද ජයග්‍රහණයන්ය.කෙසේ වුවද මෙම ජයග්‍රහණයන නිසා මිනිසා නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ රූකඩයක් බවට පත්ව ඇතැයි සමහර විද්වත්හු පෙන්වා දෙති.

මෙම පසුබිම මත සාකච්ජා විය යුතු අත්දැකීම් කිහිපයක් ප්පාදක කොටගෙන ලියැවුණ විදේශීය කෙටි කතා කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කොට ඇත.

මිනිසගේ අධිපත්‍යයෙන් තොර ලෝකයක් සොයා යන යන්ත්‍ර වලට මිනිසාට යටත් වන්නට සිදුවන අන්දමත්, මානව දයාව හා තාක්ෂණික සොයා ගැනීම් අතර ගැටුමත් රෝබිගේ දියණිය තුළින් විවරණය වෙයි. 

මෙහි අන්තර්ගත අනික් කෙටි කතා දෙක බ්‍රේන් ඩබ්ලිව් ඇල්ඩස් ( Brain Aldiss) ගේ  "Who Con Replace a Man? ඇසුරෙන් පරිවර්තනය කල යකඩ මොළකාරයෝ කතාවයි.මෙය බ්‍රයන් විසින් රචිත හොඳම විද්‍යා ප්‍රබන්ද්ධ  කෙටි කතාවයි.මෙයට තේමාව වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ආශ්‍රිතව විනාශ වෙන ලෝකය පිළිබඳවයි.අනාගතයේදී මිනිසුන්ගේ පහසුවට වැඩසටහන් ඇතුලත් කරමින්  නිපදවන යන්ත්‍ර විසින් ඔවුන්ව යටත් කොට පාලනයට ගැනීම නිසා ඇතිවන අයහපත් ප්‍රතිපල පිලිබඳවය.මෙයින් දෙන පණිවිඩය වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ යන්ත්‍ර තාක්ෂනය එකිනෙකා මත පවතින බවත් , එක් කොටසක බිඳ වැටීමෙන් සියල්ලම අක්‍රිය වන බවත් මිනිසා යන්ත්‍ර වලට වඩා උසස් බවත්ය.එලෙසම මිනිසුන් රොබෝ වරුන්ගෙන් වෙනස් වන්නේ මිනිසා සතු චින්තනමය බුද්ධියත් ,තාර්කික හැකියාවත් නිසාය.මිනිසාට පහසුවෙන් වෙනස්වීම් වලට අනුවර්තනය විය හැකි බවත් චිත්තවේගයන් අනුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වන බවත්ය.

තරු තාරාවෝ බිල් බ්‍රවුන් ගේ The Star Ducks හි පරිවර්තනයකි. ගමක සිදුවන හදිසි ගුවන් අනතුරක් පිළිබඳව වාර්තා කිරීමට යන වාර්තාකරුවකුට අත්විඳීමට වන සිදුවීම්ය.

 මෙම කෙටි කතා සංග්‍රහය බාල, මහලු සැමදෙනාටම විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ රසික රසිකාවියන්ට රසවිඳිය හැකි අපුරුම කෘතියක් බව නිර්දේශ කරමි.

රොබීගේ දියණිය මා කුඩා කළ අප්පච්චි විසින් රැගෙන දුන් පොත් අතුරින් අද මා සතුව ඇති පොතකි.





Sunday, December 25, 2022

අසිරිමත් ඉන්දියාවේ සොඳුරු නත්තල් සැමරුම්

 


නත්තල ලොව පුරා සිටින බොහෝ දෙනෙකුගේ ප්‍රියතම  කාලය වන අතර  වන අතර හින්දු ආගම අදහන්නන්ට සාපේක්ෂව කතෝලික බැතිමතුන් සිටින්නේ සුළුතරයක් වුවත් සෑම අයෙක්ම ඉන්දියානු සම්ප්‍රදායන්ට අනුව නත්තල සමරති.ඉන්දියාවේ ප්‍රධාන නගර වන බෝම්බාය , ගෝවේ ,දිල්ලිය වැනිම වූ කොස්මොපොලිටන් නගරය රෝමානු කතෝලිකයන් දහස් ගණනක වාසස්ථානයයි.එබැවින් මධ්‍යම රාත්‍රියේ පවත්වන දිව්‍ය පුජාව ඉන්දියාවේ මහා නත්තල් උත්සවයේ අනිවාර්ය අංගයක් ලෙස  සැලකේ.

දිව්‍ය පුජාවෙන් පසු සැවොම රාත්‍රී නත්තල් භෝජනයට සහබාගි වී ත්‍යාග හුවමාරුවෙන් පසු දිව්‍ය පුජාව අවසන් කරති.නත්තල සඳහා ඉන්දියානුවන් පල්ලිය සුන්දරව සකසන අතර ගෙවතු ශාකයක් වන Poinsettiaමල් , ඇරෝමැටික ඉටිපන්දම් සහ දිලිසෙන විදුලි පහන් මේ සඳහා භාවිත කරයි.සොඳුරු නත්තල් ගීතිකා, අහසේ දිදුලන ආලෝක එළි, විසිතුරු එපහන් එළි සමග ඉන්දියාව ඉතාමාත් වර්ණවත්ව උත්සව සිරියෙන් බබලන්නේ ආශ්චර්යමත් නත්තල් දේශයක් බවට පරිවර්තනය කරමිනි.ඉන්දියානුවන් නත්තල උද්යෝගිමත්ව සමරන්නේ සැමට ආදරය ,සෙනෙහස  එකමුතුකම සේම සමාවද බෙදා හරිමිනි.

දකුණු ඉන්දියාවේ එක් නත්තල් සම්ප්‍රදායක් වන්නේ ඔවුන්ගේ නිවසේ වහලය මත දැවෙන පස් පහනක් තැබීමයි.මෙම පිළිවෙතින් ජේසුතුමා ලෝකයම ආලෝකවත් කරන බව සංකේතවත් වේ.

වයඹදිග ඉන්දියාවේ කතෝලිකයින් නත්තල් කතාව පවසන අතර ඔවුන්ගේම උප භාෂාවෙන් කැරොල් ගීත ගායනා කරයි.

එමෙන්ම නිරිත දිග ඉන්දියාවේ දෙසැම්බර් 1වෙනිදා සිට දෙසැම්බර් 24 වෙනිදා තෙක් උපවාසයේ යෙදෙන බැතිමතුන් සිටි.

ගෝවා ප්‍රාන්තය ඉන්දියාවේ නත්තල සැමරීම සම්බන්ධව සුවිශේෂී වන්නේ ඒ කාලය පුරාවට නත්තල් උත්සවය විර කාව්‍ය සංදර්ශනයක් කරන නිසාවෙනි.පෘතුගාල බලපෑම හේතුවෙන් මෙම රාජ්‍ය බටහිර සම්ප්‍රදායන් රාශියක් පිළිපදින අතර ප්‍රදේශවාසින් තමන් වාසය කරන ප්‍රදේශ බෝනික්කන් සහිත නත්තල් ගස් වලින් සරසවා ,තරු හැඩති පහන් කුඩු වලින් විචිත්‍රවත් ලෙස සරසා සම්භාව්‍ය කැරොල් ගීත ගයනා කරමින් තම අසල්වැසි පෙදෙස් වලට ගමන් කරති.


එපමණක් නොව ගෝවා වැසියන් තම ආදරණියයන් සමගින් රසවත් කැවිලි හුවමාරු කර ගනිමින් තම ආදරය  බෙදා ගනී.එමෙන්ම ඔවුන්ගේ රසවත් පලතුරු කේක් වලට පසු ජනප්‍රියම සම්ප්‍රදායික සංග්‍රහය වන්නේ වියළි පලතුරු සහ පොල් පිරවූ පේස්ට්‍රි ස්වරුපය ගත් "නියුරෝනය "(Neurons). තවත් එවැනි රස කැවිල්ලක් වන්නේ කජු සහ පොල් මිශ්‍රණයකින් සෑදු ටොෆියක් වැනි දොඩොල්ය.

ඉන්දියාවේ පොදු ස්ථාන හැමතැනකම පාහේ එයටම විශේෂඥයින් වූ නිර්මාණකරුවන් අතින් පරිපුර්ණ නත්තල් සැමරුම් පරිශ්‍රයක් වන අතර වීදී වර්ණවත් නත්තල් පහන් වලින්ද ,මල් සැරසිලි වලින්ද  සුන්දරව සරසනු ලබයි.එලෙසම ඉන්දියානු කිතුනු බැතිමතුන් සියවස් ගණනාවක් පුරාවට නිවසේ Mistletoeනම් එංගලන්තයේ  සැරසිලි වලට යොදන වැල් වර්ගයක් නිවසේ රඳවන්නේ පැරණි සම්ප්‍රදායන්ට සිදු කරන ගෞරවයක් ලෙසිනි.එසේ කිරීමෙන් නිවසට වාසනාව කැඳවන අතර නිවසේ නපුරු ආත්ම දුරු කරන බව මොවුන්ගේ විශ්වාසයි.මෙම ශාකය සශ්‍රිකත්වය සංකේතවත් කරන බැවින් ආදරවන්තයින් මේ යට හිඳ සිප වැළඳ ගැනීමෙහි යෙදේ.

මුළු ලොවම නත්තල් සිරියෙන් නැහැවී සිටියදී නත්තල උදෙසා වෙනස්ම වූ තවත් උත්සව කිහිපයක් ඉන්දියාවේ වාර්ෂිකව පැවැත්වේ.,චුම්භක ක්ෂේත්‍ර උළෙල යනු ඉන්දියානුවන් වසරක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටින උත්සවයකි.සම්ප්‍රදායික ජන සංගීතයෙන් ඔබව පිනවමින් ,ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම කළාකරුවන් ඔබ හමුවට ගෙනෙමින් වෙනස්ම ආකාරයේ රසවිඳීමක් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයයි.

මුලාශ්‍ර :

https://www.memphistours.com/India/india-travel-guide/festivals-in-india/wiki/christmas-in-india

Saturday, December 24, 2022

ඉන්දියානු සාහිත්‍ය කළා කෙත එළිය කල ද්‍රවිඩ සාහිත්‍ය.

 ඉන්දියාවේ ද්‍රවිඩ සාහිත්‍යය ගත් කල වසර දෙසහසකට පෙර අතීතයක් ඇති බව කියවේ. ක්‍රිස්තු වර්ෂයෙ පළමු සියවස් වලට අයත්වන බව කියවෙන අතර එහි කාලය පිලිබඳ ස්ථිර නිගමනයක් පලකළ නොහැක.මධ්‍යතන යුගයේදී ක්‍රමයෙන් කන්නඩ ,තෙලිඟු සාහිත්‍ය  නිර්මාණ  9 වැනි සහ 11වන සියවසේදී අරම්භ වන්නට ඇතැයි  නිගමනය කල හැකිය.

පුරාණ මුලාශ්‍ර වලට අනුව මදුරාසියේහ්දී රැස්වුණ  සාහිත්‍ය සංගම් තුනක් පිලිබඳ කියවේ.ඉන් පළමු වැන්නදෙවිවරුන් සහ මුඛ පරම්පරාගත ඝ්රිවරු සහභාගිවුවක් වන අතර එහි සියලුම කෘතීන් වීනාශ වී ඇත.

දෙවැනි සංගමයෙන් ඉතිරිව ඇත්තේ පැරණිම ව්‍යාකරණය වූ තොල්කාප්පියම් නම් කෘතිය පමණකි.
තොල්කාප්පියම් කෘතිය තුන්වන සංගමයේ බොහෝ කාව්‍යයන්ට වඩා වර්තමානයේ ලියවෙන කවයට සමාන බවක් ගනී.මෙම සම්ප්‍රදායේ  අවසාන වරට ඉදිරිපත් කරන ලද කාව්‍ය නීති රීති පැරණිම සාහිතයාවලි වල සම්පූර්ණයෙන් ක්‍රියාවේ යෙදී ඇත.එම නීති රීති රාජ සභා රීතියට වඩා ගම්බද  සාහිත්‍යයට අයත්වේ.ගැමි ජීවිතය, පිටිසරබද දර්ශන ද නාගරික සමාජයේ කලබලකාරි බව සේම යුද්ධයෙන් අත්විඳින දරුණු විපාක අත්දැකීමක් ලැබුවාක් මෙන් ඉදිරිපත් කර ඇත්තෙ රසවිඳින පාඨකයින්ට ඇස් ඉදිරිපිට ඒ දසුන් පෙන්වනවාක් මෙනි. 

තුන්වන සංග්‍රාමයේදී යෙට්ටුතොගායි හෙවත් අටවැදෑරුම් සාහිත්‍ය සංග්‍රහවලියක් නිර්මාණය කළෝය. එය දමිළ සාහිත්‍යය තුළ නිර්මාණය වුන විශාලතම කෘති පෙලයි. 

යෙට්ටුතොගායි  කාව්‍යයේ භාවිත භාෂාව පුරාණ නිසා වර්තමාන පාඨකයින්ට එම භාෂාව පරිශීලනය කිරීමට වෙනම එම බස අධ්‍යනය කිරීමට සිදුවේ.වත්මන් දෙමල සාහිත්‍ය නිර්මාණ සහ සංගම් අතර සම්බන්ධයක් ඇති බව කියවුණත් එම නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු piers සහ PiersPlowman යන කවීන් අතර සමානත්වයක් හැඟෙන පරිදිය.

යෙට්ටුතොගායි  කෘතියේ කවීන් 200 ගණනකට ආසන්න ප්‍රමාණයක් රචිත කවි 2000 කට වැඩි ප්‍රමාණයක්
අන්තර්ගතය.එහි ඇතුලත්

නට්‍රිණායි ප්‍රේම කාව්‍ය 400කින්ද

කුරුන් කොහායි කාව්‍ය 400කින්ද

අයින්ගුරුනුරු ගෘංගාර කාව්‍ය 500කින්ද

" පත්තුපාට්ටු හෙවත් ගීත දහය ද  රීතියට අයත් පසුකාලීනව කළ දීර්ඝ කාව්‍ය දහයකි.


කාව්‍ය වර්ගීකරණය ඉන්දියානු අධ්‍යාපන සම්ප්‍රධායේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.එහිත් ප්‍රධාන ශානර දෙකකි.

1. ප්‍රේමය පිළිබඳව වූ " අගම්"  සාහිත්‍යය .

2. රාජ ප්‍රශස්ති  වූ " පුරම්" 

සාහිත්‍යය යනුවෙනි .

කාව්‍ය සම්ප්‍රදාය අයත් ජනපද අනුවද බෙදුණු අතර සම්ප්‍රදාය ට අනුව ප්‍රදේශ ( තිණායි) 5ක් තිබුණි.

* කඳු ප්‍රදේශය - කුරිංජි

*වියළි ප්‍රදේශය - පාලෛ

* වනගත ප්‍රදේශය - මූලෛ

* වගා කළ තැනිතලා ප්‍රදේශය - මරුදම්

*වෙරළබඩ ප්‍රදේශය - නෛදාල් යනුවෙනි.

මේ හැම පෙදෙසක්ම ප්‍රේමය සම්බන්ද සිදුවීමකට හෝ යුද්ධ යක සුවිශේෂී සිදුවීමකට සම්බන්ධ වන අතර කඳු පෙදෙස විවහා පුර්ණ ප්‍රේමය හෝ හරක් හොරකම පිලිබඳ දසුන් වලටද , වියළි පෙදෙස් විප්‍රලම්භ ප්‍රේමය හා ගම්බද මුඩුබිම් පිලිබඳ වද වනගත පෙදෙස් පෙම්වතුන්ගේ වෙන්වීම සහ ආක්‍රමණ සිදුවීම් වලටද ,මිටියාවත් විවාහක ප්‍රේමය හෝ නගර ශෝභින් හෝ මායාවී ගති සහ වැටලීම්, තම හිමියන්ගෙන්  වියෝ වීමත් ,යුද්ධයන් ගැනත් සඳහන් වේ.එමෙන්ම එම ප්‍රදේශ වලට අවේනික මල්, සතුන් සහ ජනයා පිළිබඳවද සඳහන්වේ.

සංගම් යුගයේ අවසාන අවධිය වන විට කාව්‍යවල මුල එළිසමය සජ අනුප්‍රාසය බෙහෙවින්ම අන්තර්ගතව තිබුණි.

"ඉෂය්යා දෙණි ණුම් ඉයර්රියෝර් ආර්රාල් 

අශය්යාදු නිර්පාදම්  ආණ්මය ; ඉශය් යුංගල් 

කණ්ඩරිරෙ ආලෛක්කුන් කානල් අන්තන් ශෝර්පා 

පෙන්ඩිරුම් වළාරෝ  මර්රු,,"

" පැරදුණද - දැඩි නොසැලී වෙර වඩා වැඩ කිරීම පිරිමි ගතියයි.සිසිල් පියකරු වෙරළේ ,රළ පහරින් කටු පඳුරු  සෙලවෙන වෙරළේ අධිපතාණනි ස්ත්‍රීහු සමෘද්ධියෙන් නො නසතෙත්ද ...?

සංස්කෘත කාව්‍ය වල දක්නට නොලැබෙන මුල් අනුප්‍රාසය මෙහි කවි වල පාද හතරක් තුල දක්නට ලැබේ,

යුද්ධයට ගිය පුතු 

" ඔබ මගේ කුඩා ගෙයි කුළුණට හේත්තු වී 

මගේ පුතාගේ විස්තර ඇසුවොත් මා කියන්නේ " මා නොදනිමි " යන්නය.

බලන්න , දිවියකුගේ ගල් ලෙනක් වැනි 

ඔහු දැරූ උදරය !

ඔහු ඇත්තේ යුධ පිටියේය."

මධ්‍යතන යුගයේ චෝල අධිරාජ්‍යයේ රාජසභාවේ කිවිඳිය වූ අවුවයියර් කම්බර්ගේ සහ ඔට්ටක්කුට්ටර්ගේ සමකලිනයෙකි. ඇයගේ සාහිත්‍ය කෘතින් වල අන්තර්ගත විශේෂත්වය වන්නේ , ඇය විසින් රචිත සෑම කාව්‍යකම පාහේ " එක පේලියකින්  විශ්වීය වශයෙන් පිළිගත හැකි අගයන්ගෙන් පිරි සොඳුරු නිර්මාණ වීමයි.එම කාව්‍යයන් සරල ශෛලියකින් පාඨකයාට රස විඳිය හැකි ඉතා ගැඹුරු පණිවිඩයක් ලබා දීමයි.

පහත දැක්වෙන කාව්‍ය අවුවයියාර් නම් කිවිඳිය විසින් රචනා කරන ලද අතර එයින්  තොණ්ඩායි හි රජුගේ ධනය ඇයගේ යුධකාමී අධිපතියා සතු ධනය සමගින් සිදු කරන සංසන්ධනය කි.

" මොනර පිලින් සැදී , මල්දමින් ලකර වුණු  

තොණ්ඩායේ හීතල , ඉඩකඩ ඇති ආයුධාගාරයෙහි තිබෙනු කදිමය.

ඒවායේ තුඩු දාඩිය ; තියුණු තුඩු ගිතෙලින් දිලෙයි.

මගේ රජු ගේ ආයුධ සටනින් මොටව ඇත.

සතුරාගේ පහර වැළකීමෙන් තුඩු සිඳිලාය. 

කඩු සාදන කම්මල රෙපරේරු වලින් ගහනය.

මගේ රජ , ධනවත් කල, අහාර නිකම් බෙදා දෙයි.

දුප්පත් කල තම වැසියා හා බුදියි.

දුප්පතුන්ගේ පවුලේ නායකයා ඔහුය.

එහෙත් , තියුණු හෙල්ලයකින් සැදුණු ඔහු බලය. , "

(මෙහි සඳහන්උධෘත ඛාණ්ඩ ජේ ආර් මාර් මහතාගේ සහ ,මහාචාර්ය පී.ටි. එස්. අය්යංගර් ගේ පද්‍යනුපදික පරිවර්තන වලින් සකසා ඇත. 

"සුදු පියාපත් ඇති නිතරම මල්දම් සොයා යන මි මැස්සාණනි ,

මට අසන්නට සිතෙන දේ නොව, ඔබ දුටු දෙය මට කියව, 

මනාව පිහිටි දසන් පෙළින් යුත් මා ප්‍රියවියගේ කෙස් කළඹේ තරම්,

සුවඳක් කිසි ම මලක ඇතැයි දනිහිද ?

මොනරකු සේ ලාලිත්‍යයෙන් යුතුව ඇය මා හා ප්‍රේමයෙන් වෙසේ.


"මා හදවත වඩ වඩා අලුතෙන් කකියයි !

මම නැවත නැවතත් උණු කඳුළු පිසල් ලමි.

වරක් සමයෙන් මා ඇසල සිටි ප්‍රේමිය අවිවෙකිය.

මා හද කකියයි !





මුලාශ්‍ර 

https://tamilnation.org/literature/auvaiyar/index.htm

https://en.wikipedia.org/wiki/Tamil_literature

https://www.britannica.com/art/Tamil-literature

අසිරිමත් ඉන්දියාව - බෂාම් 


නිලක්ෂි බණ්ඩාර 

24/12/2022