‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, February 16, 2019

නිකොලායි වසීලියෙවිච් ගොගොල්






1890 වසරේදී අප්‍රේල් 1 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා ප්‍රාන්තයේ සොරෝව්න්ස්කි ග්‍රාමයේ උප්පත ලබන්නේ සාහිත්‍ය කලාකමියෙකු හා නාට්‍ය රචකයකු වූ වසිලි අනොසිවිව් සහ දැඩි ආගමික භක්තියකින් හෙබි මාරියා ගොගොල්ට දාවය.මොහුගේ පියා ප්‍රවේණි දාසයින් 400ක් හිමි සුළු ප්‍රමාණයේ ඉඩම් හිමියකු විය.ඔහු වසර 12දී පාසලට ගිය අතර ඔහු වැඩියෙන් ඉගෙන ගනු ලැබුවේ ගමේ ජන පුරාවෘතයන් සහ මිත්‍යා කතා සහ අද්භූත කතා මවගෙන් අසා දැනගැනීමෙනි.එමෙන්ම මොහු නාට්‍ය රංගනයට ද පියා මෙන් දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තෙකු වේ.පසු කාලීනව ඉගෙනුමට නගරයට පැමිණියත් ඔහුට රැකියාවන් කිහිපයක්ම කිරීමට සිදුවිය.මුදල් අඟහිඟකම් හේතුවෙන් මොහු අධ්‍යාපනය නවතා දැමු අතර ඉන්පසු මොහු සාහිත්‍ය  රචනයට අත් පොත් තැබූ අතර ප්‍රථම කාව්‍ය සංග්‍රහය වී අලොව් ලෙස ප්‍රක්ෂයට පත්කළත් එය සාර්ථක නොවිය.

ඉන්පසුව ගමේ සිදුවූ සිද්ධීන් හාස්‍යජනක ලෙස උත්ප්‍රසයට ලක් කරමින් මොහු ඩිකෙන්කා ගම අසල ගොවිපලක සවස් කාලය නම් කෘතිය ඛාණ්ඩ දෙකකින් රහණයට ලක් කරන ලද අතර ඒ හරහා ගොගොල් රුසියාවේ විශිෂ්ටතම ගද්‍ය රචකයා බවට පත් විය. මෙම කෘතිය ගැන  පුෂ්කින්   

ගොගොල්ට අනුව මෙම කෘතිය ඔහුගේ කතාවල ඇති හාස්‍ය ඔහුගේ අභ්‍යන්තරයේ ඇති වූ දිළිඳුකමින් ඇතිවූවකි.ඇතැම් විට තේරුම්ගත නොහැකි දරුණු ශෝකයක් මා තුල පහල වෙයි.මේ ශෝකයෙන් හිත නිදහස් කර ගැනීම පිණිස මම හාස්‍යජනක ගැහැනුන් සහ පිරිමින් සිතින් මවාගෙන ලීවෙමි.
ඔහුගේ දෙවෙනි කෘතිය වුයේ MIrgorod නමැති කෘතියේ අඩංගු තරාස් බුල්බා නිර්මාණය ඓතිහාසික වීර කාව්‍යයක් සේම නව කතාවක්ද  විය

රුසියානු ගද්‍ය සාහිත්‍ය නව මනයකය්ට හැරවූ හිම කබාය දිග කෙටි කතාවේ හිමිකරු වුයේද ගොගොල්ය.රුසියානු ශ්‍රේෂ්ටතම සාහිත්‍යධර පියදෝර් දොස්තයෙව්ස්කිට අනුව අපි හැමදෙනාම එලියට ආවේ හිම කබාය තුලනි.මන්ද රුසියානූ සාහිත්‍යයේ යථාර්තවාදී අවධිය පිලිබඳ වැදගත්ම සන්ධිස්ථානය වන හෙයිනි.හිම කබාය කතාවේ ඇතුලත් අකාචි අකාකචි යන චරිතය තුලින් රුසියාවේ පිඩිත පංතියේ ආත්මය පිළිඹිබු කරයි.එලෙසම ධනවාදීන් විසින් පිඩිත පන්තිය සුරා කමින් කල අකටයුතුකම් මෙම කෘතිය තුලින් අපුරුවට පාඨකයාට පෙන්නුම් කරන ලදී.එහි යථාර්තවාදී රීතිය බොහෝ රුසියානු සහිත්යධරයින්ගේ නිර්මාණවලට අනුභුතියට ලක්විය.

 ඔහුගේ සාහිත්‍ය කෘති බොහෝ භාෂාවන්ට පරිවර්තනය වූ අතර සිංහල භාෂාවට පරිවර්තනය වූ හිම කබාය ,අභිරහස් විද්ධ චිත්‍රය ,  බිම්ගෙයි සිරකරුවා, පිස්සෙකුගේ දිනපොත තිබෙන අතර කපුවා කපෝතියි ,සහ රහස් කොමසාරිස් නාට්‍ය ද සිංහලයේ බෙහෙවින් සුපතල විය.

ගොගොල්ගේ කතාවල පිහිටා තිබුනේ දේශීය ලක්ෂණ වන අතර ඔහු විසින් රචිත මල මිනිස්සු රුසියානු සාහිත්‍යයේ අපුරුතම කෘතියක් විය.පුෂ්කින්ගේ ඉල්ලීමකට අනුව ඔහු මෙම කෘතිය ලිවීමට ආරම්භ කරන ලද අතර ඊට අවශ්‍ය වූ වස්තු බීජය ඔහු විසින් ලබා දෙන ලදී.මෙහි අන්තර්ගතය වුයේ ධනපතියකු විසින් තම ප්‍රවේණි දාසයින්ව රජයට උකසට තබා මුදල් ලබා ගැනීමයි.ඔහු මෙම වස්තු බීජය උපයුක්ත කොට ගෙන රුසියානු සමාජයම විවරණය පරිද්දෙන් මෙම නව කතාව ලිවීමට සිතා ගත්තේය.

මේ ගැන ගොගොල් පැවසුවේ මේක දිග හාස්‍යජනක කතාවක් ලිවීමට හොඳ විෂයක්.මට මගේ විරයත් රුසියාව වටා යමින් රුසියානු ජන සමාජයේ ජිවිතයේ හැම පැතිකඩක්ම විස්තර කරන්න පුළුවන්.මුළු රුසියාවම නව කතාවෙන් පිළිඹිබු වෙනවා. මට අපුරුම චරිත ටිකක් නිරුපනය කරන්න පුළුවන් යනුවෙනි.

1841 දී මළ මිනිස්සු කෘතිය අවසන් කල අතර මොස්කව් වාරණ මණ්ඩලය මගින් මෙය ප්‍රකාශනයට ඉඩ දුන්නේ නැත. පොතේ නම ඇසුණු විගස එහි සභාපතිවරයා ඇසුවේ "මම කවදවත්ම්ම ඔය පොත අනුම්මත කරන්නේ නැහැ.ආත්මය සදාකාලිකයි.ඒ නිසා මල ආත්ම තිබෙන්නට බැහැ.පොත් ලියන මිනිස්සු ආත්මයේ අමරණීයත්වයට අපහාස කරනවා යනුවෙනි. ආත්ම ලෙස හැඳින්වුයේ ප්‍රවේණි දාසයන් යැයි පැවසුවිට සෙසු සමිකයින් ඇහුවේ මෙම කෘතිය ප්‍රවේණි දාස ක්‍රමයට එල්ල කල පහරක්ද යනුවෙනි.

.නමුදු පිටර්ස්බර්ග් වාරණ මණ්ඩලයෙන් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව මෙය ප්‍රක්ෂණයට පත් කිරීමට ඉඩ ලබා දෙන ලදී.මෙම කෘතිය විචාරකයින්ගේ ප්‍රසංශාවට මෙන්ම ඉහල බලධාරීන්ගේ විවේචනයටද ලක්වූ කෘතියක් විය.

මොහු නාට්‍ය රචකයකුද වූ අතර වල්දිමිලර් නම්බුනාමය සහ ආදරවන්තයෝ සහ 14 දී රචනා  කල රහස් පරීක්ෂකයෝ නාට්‍ය විශිෂ්ට නිර්මාණ වේ.

ඉවිතයේ අවසාන කාලයේදී මව මෙන්ම ආගමික උමතුව මොහුට වැළඳුනු අතර පුජකයකු පොත් ලිවිම පාපයක් ලෙස කියූ අතර ඉන් ඔහු ගේ මනස තවත් අවුල් විය.ඒ වන විට මල මිනිස්සු කෘතියේ දෙවෙනි කොටස ලිවීමට පටන් ගෙන තිබු අතර , 1855 පෙබරවාරි 11 වන දින ,තම බෑගයෙන් ගත අත්පිටපත් රැසක් මොහු ගිනි උදුනට දමා පුලුස්සන්නට පටන්ගත්තේය..එවිට සේවකයා අඬ අඬා පැවසුවේ එය සිදු නොකරන ලෙසයි.එවිට මගේ පොත් පිච්ච්චුවාම උඹට මොහො උඹ ගිහින් දෙවියන්ට යාඥා කරපන් යැයි යයි කෑගැසූ ගොගොල් ඇඳට ගොස් අඬන්නට පටන් ගත්තේය.ඉන් දවස් 12 කට පසු මෙම ශ්‍රේෂ්ට සාහිත්‍යධරයා මෙලොවින් සමු ගත්තේය.






Monday, January 7, 2019

මැක්සිම් ගෝර්කි


මැක්සිම් ගෝර්කි යනු ලොව ශේෂ්ඨ ඝනයේ කතුවරයකු වන අතර  1868 මාර්තු 28 වැනි දින මෙලොව උපත ලැබිය.මොහුගේ මුල් නම ඇලෙක්ස් මැක්සිමොව් පෙස්කොග් වූ අතර රුසියාවේ වොල්ගා ගඟ අසබඩ පිහිටි කුඩා ගම්මානයක් වූ නිෂ්නි නොව්ගොරොද්  ගම්මානයේ උපත ලැබිය.මොහු ධනවත් පන්තියේ නුවූ අතර පියා වඩු කාර්මිකයකු විය.කුදකලම ගෝර්කිගේ පියා සහ මව  මිය ගිය අතර  මිත්තනිය දුක් මහන්සිවී මොහුව රැකබලා ගන්නා ලද්දාය.කුඩා කල බොහෝ ලෙස දුක්ගැහැට විඳි මොහුගේ පාසල් ගමන සියා විසින් 8 වසරේදී නවත්තන ලද අතර කුඩා රැකියාවන් සරින් සැරේ කරමින් තම ජීවිකාව උපයා ගත්තේය.

අවසානයේදී දුම් නැවක පිඟන් සොදන්නෙකු  ලෙස මොහු සේවය කරද්දී එහි මුළුතැන්ගෙයි කෝකියකු වූ ස්මුරි නම් තැනැත්තා ඇලෙක්ස්යි ව පොත් කියවීම කෙරෙහි උනන්දු කරවුයේය. ඉන්පසු පොත් කියවීම ජීවිතය කර ගත් අතර ස්මුරි  ඔහුට
"නුඹ පොත් කියවපන් .එක සැරයකින් තේරුම් ගැනීමට නොහැකි නම් හත්පාරක් කියවපන් . ඒත් තේරුම් ගන්නට බැරිනම් දොළොස්පාරක් කියවපන්.පොත්වල ගත යුතු දේ තිබෙනවා .පොත් කියන්නේ බොරු පුහු දේට නොවෙයි.මෝඩයාට නුවණ  ලබා ගත හැක්කේ පොත් කියවීමෙන්.
  ලෙස පවසමින් මොහුව තව තවත් පොතට නැඹුරු කරන ලදී. පසුකාලීනව මැක්සිම් ගෝර්කිගේ චරිතාපදානයේ මටම නොදැනීම  මම පොත් කියවන්නට පටන් ගතිමි.මම පොතක් අතට ගන්නේ ඉමහත් සතුටකිනි ලෙස සඳහන් කර තිබුණි. ඔහු කියවූ සෑම පොතක්ම නව නුපුරුදු ලෝකයකට විවර කරන ලද දොරක් වුනි.

කුඩා කල මහත් සේ දුක් විඳි මොහු පසුකාලීනව රුසියානු විප්ලවවාදී සංගමයට බැඳෙන්නට තීරණය කර ගත අතර එකල රුසියාවේ පැවතියේ සාර රජුගේ පාලන සමයයි.එතැනදී එම පාලන ක්‍රමයට ඇලෙක්ස්යි ගේ මත විසල් අභියෝගයක් අතර මොහු මැක්සිම් ගෝර්කි නමින් නම වෙනස් කර ගන්නා ලදී. 1884 සිට විප්ලවවාදී ක්‍රියා වල නිරතවීම හේතුකොටගෙන 1889දී බන්ධනාගාර ගත කරන ලදී.පසුව 1890 දී නීතිඥයෙකුගේ ලිපිකරුවක් ලෙස වැඩ කිරීමට පටන් ගත අතර ඒ සිටින අවධියේදී රජය විවේචනය කරමින් ලිපි ලිවීමට පටන් ගත්තේය.

මොහුගේ මුල්ම කෘතිය වන්නේ 1892 දී පල කල කෙටි කතාවක් වූ මකාර් වුඩාර් (Makar  Chudra ) නම් පොතයි.මින් ලේඛකයකු ලෙස සුප්‍රසිද්ධ වූ ගෝර්කි ලියු කතා වොල්ගා හි පුවත්පත් වල පළවන්නට විය 1989 දී මොහු රචිත කෙටි කතා පොත ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ අතර එයට හේතු වුයේ මෙම කතා බොහොමයක් රටේ පිඩිත ජනතාව වටා ගෙතුණු කතන්දර වීමයි.

1895 දී මොහු Chelksh නම් කෘතිය රචනා කරන ලද අතර එය ගෙතී තිබුනේ හොරකු සහ ගොවියකු වටාය.1899 දී මොහුගේ ප්‍රථම සම්භාව්‍ය නව කතාව වූ පොමාගර්යේදෙව් (Forma Gordeyeve ) කෘතිය රචනා කරන ලද අතර රුසියාවේ ධනවාදය මොහුගේ අවධානයට නිරන්තරවම ලක්වූ මාතෘකාවක් විය. මොහු කුඩා කල පල්ලියේ ලද අභාෂය හේතු කොටගෙන ගීත සහ නාට්‍ය නිර්මාණය කිරීම හැකියාවෙන්ද යුක්ත වූ පුද්ගලයෙක් විය.

මොහු රචිත නාට්‍ය
හිරුගේ ළමයි
ම්ලේචයෝ
ලිහිනියාගේ ගීතය නම් නාට්‍ය වේ.
මෙම නාට්‍ය බොහෝ විට සාර් පාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කල අතර සාර් පාලනයෙන් පසු රුසියානු සාහිත්‍යයේ අගය මිනිසුන්ට වටහා දීමට බොහෝ සේ උත්සහ ගත තැනැත්තකු විය.පසුකාලීනව මොහු මාක්ස්වාදය වැළඳ ගත අතර ලෙනින්ගේ විප්ලව වාදී  පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස ක්‍රියා කරන්නට විය.

1934 වසරේදී ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සෝවියට් රුසියානු ලේඛක සංගමයේ ප්‍රධාන ලේකම් පදවියෙන් මොහු පිදුම් ලද අතර මොහු එහි ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත්විණි. 1905 දී ඇමරිකාවේ වෙසෙන අවධියේදී මොහු රචිත කෘති අතරින් අම්මා කෘතිය ලොව බොහෝ භාෂා වලට පරිවර්තනය වූ හැමදෙනාගේම අදට පවා මුවන්ගේ රැවුදෙන  කෘතියක් වූ අතර මෙය රුසියානු විප්ලවයට පවා හේතු මුලික වූ පොතක් බව විචාරකයින්ගේ මතයයි.

මොහු විසින් රචනා කරන ලද ළමාවිය නමැති නව කතාව මොහුගේම ජිවිත කතාව ලෙස සැලකේ.(My University) මගේ සරසවි නම් කෘතිය තුලින් මොහු කුඩා කල අත්විඳි අභියෝග වටා ගෙතී ඇත .1917දී (New Life)  යන නව ජීවිතය යන කෘතිය රචනා කරන ලදී.

මොහු රචනා කරන ලද අනිකුත් කෘතීන්
Twenty Six Mens and a girl
Life of Math iv Kozhes
The Small Town of Okurov
The Arta Monov Business
The three of us
වැහිලිහිණියා
ඉසේර්ගීල් මැහැල්ල
රාජාලි ගීතය
එමිල්යාන් පිල්යායි
චිල්කාෂ්

සමාජයේ මිනිසුන් නොසිතන නොදකින පැතිකඩයන් , සංසිදුවීම් සාහිත්‍යයෙන් මිනිසුන්ගේ මනසට ජිවිතයට කිඳා බැස්වූ අමරණිය කතුවරයකු වූ මැක්සිම් ගෝර්කි නිර්ධන පන්තිය වෙනුවෙන් තම පන්හිඳ අසිපතක් කර ගත ශ්‍රේෂ්ඨ තැනැත්තකු විය.
ජිවිතයේ අවසන් භාගයේදී නිව්මෝනියා රෝගයෙන් පිඩා විඳි මොහු 68 වන වියේදී එනම්  1936 වසරේ ජුනි 14 වැනි දිනදී මෙලොවින් සමු ගත්තේය.

Sunday, January 6, 2019

Dame Daphne du Maurier, Lady Browning dem

Dame Daphne Du Maurier, Lady Browning යනු 1907 -1989 අතර කාලයේ එනම් 20 වැනි සියවසේ සිටි ඉංග්‍රීසි රචිකාවියක් සේම නාට්‍ය පිටපත් රචිකාවියකි. ඇයව ප්‍රචලිත වුයේ ආදරණිය රෝමාන්තික නව කතා ලියන්නියක් ලෙසය. සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිර වූ චිත්ත ස්වභාවය ඉස්මතු කර පෙන්වන නව කතා ලෙසය. අයගේ මුල්ම කතාව විචාරකයින් ගේ සැලකිල්ලට බඳුන් නොවූ අතර ඒ හරහා නිපදවූ නාට්‍ය හේතුකොටගෙන විසල් අදායමක් උපදවා ඒ පිළිබඳව මැය නමක් දිනා ගත්තාය. මැයගේ නව කතා චිත්‍රපට වලටද අනුවර්තනය වූ අතර  ඒ කෘතීන් අතර Rebecca, My cousin Rachel,   Jamaica Inn යන නව කතාද The Birds සහ Don't Look Now යන කෙටි කතාද වේ. මැයගේ කෘතීන්  විචාරශීලි වූ යුගයක පුළුල් පරාසයකින් පිළිගැනීමට ලක්විය.

ඇය 1907 මැයි 13 උපත ලද අතර මෙතුමිය ජිවිත කාලයෙන් බොහෝ කලක් කොන්වෝල්  Cornwall වල ගත කල අතර මේ සාමය තුල ඇය ගේ නම නව කතා සාහිත්‍ය තුල විසල් ලෙස ප්‍රසිද්ධ වන්නට විය.ඒ සමගම ඇය සමාජයෙන් වෙන්ව හුදකලාව ජිවත් වන්නට පටන් ගත්තාය.

ඇයගේ පියා නළුවකු සහ කළමනාකරුවකු වූ ශ්‍රීමත්  ජෙරල්ඩ් ඩියු මොරිර්  වූ අතර මව  නිළියකු සහ ජනමාධ්‍යවේදිනියක් වූ  මුරියෙල් බෝමන් විය.ඇයගේ සියා ප්‍රසිද්ධ කාටුන් චිත්‍ර ශිල්පියකු සහ ලේඛකයකු  වූ ජෝර්ජ් ඩියු මොරිර් විය.මැයගේ පවුලේ උදවියගේ සාහිත්‍ය මාධ්‍යයට තිබු සම්බන්දතා මැයගේ ලේඛන දිවියට මහත් සේ උපකාරී වූ බව නොරහසකි.

මැයගේ සාහිත්‍ය ලිපි ලේඛන මුලින්ම පත්තර වල පළවූ අතර Beaumont's Bystander පුවත්පත මැයගේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී විය.ඇයගේ පළමු නව කතාව වුයේ 1931 දී පළවූ  The Loving spirit කෘතියයි.1938 දී රචනා කල The  Rebecca  කෘතිය මැයගේ ජනප්‍රියත්වයට බෙහෙවින් මග පෑදු කෘතියක් අතර 1935 -1965 කාල සීමාව අතර තුරදී මෙම කෘතියෙහි  පිටපත් මිලියන 3කට අධික සංඛ්‍යාවක් විකිණුනි. එලෙසින්ම මෙම කෘතිය ජනප්‍රියත්වයේ ඉහලම ස්ථානය්යේ පිහිටි අතර මෙය බොහෝ ලෙස වේදිකා නාට්‍යයක් ලෙස බොහෝ ස්ථානවල දර්ශනයට බඳුන් වන්නට වුහ.ඇමරිකාවේදී  Dame Daphne du Maurier,  ඇමරිකානු පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ජාතික පුස්තක සම්මානයෙන් පිදුම් ලබන ලදී. The Rebecca කෘතිය  BBC හි 2003 සංඝනනයට  අනුව අංක 14 වැනි ජාතියේ හොඳම ආදරණිය නව කතාව ලෙසට නම් ලද්දේය. මෙම කෘතිය රචනා කලේ ඊජිප්තුවේදී හමුදා බිරිඳක් ලෙස කටුක ජිවිතයක් ගත කල අවදියේදීය.මෙය කාන්තාවන්ගේ සිත තුල ඇතිවන අධික චිත්තවේගයන්  ගේ හැදෑරීමක් ලෙස සිදුකල පර්යේෂණාත්මක කෘතියක් ලෙසද ගත හැකිය.

මැයගේ  අනිකුත් කෘතීන් අතර අර්ථවත් කෘතීන් ලෙස The scapegoat , The House on the Strand සහ The Kings General කෘතීන් නම් කල හැකිය. වේදිකාවේ රඟදක්වන ලද නාට්‍ය පිටපත් අතරට  Jamaica InnFrenchman's CreekHungry Hill, and My Cousin Rachel ගැනේ. ඇයගේ කෙටිකතා වලින්  1963 වසරේ රචිත The  Hitchcock  සහ The  Birds යන කෙටිකතා නාට්‍ය බවට අනුවර්තනය වන ලදී.1963 දී The  Don't  Look  Now  කෘතිය චිත්‍රපටයක් ලෙස සිනමාවට එක්  විය. Jamaica  inn  චිත්‍රපටිය ත්‍රාසජනක කතාවක් වූ අතර බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අවධානයට ලක්වුවක් විය.

ඇයගේ නව කතා සැමවිටම අවසන්වුයේ සතුටකින් වීම නිසා ඇයව ආදරණිය කතා රචිකාවක් ලෙස නම්විම පිළිබඳව ඇය සිටියේ පසුතැවිමකින් සහ කලකිරීමකිනි. ඇයව අගය කල විලියම් විල් කි කොල්කින්සන්  සහ අනික් රචකයින්ගේ ගේ කෘති හා සසඳද්දී  මැය බොහෝවිට සංවේදී බව දනවන පොත් ලියා ඇත. 1965 ඇයගේ  සැමියාගේ මරණින් පසු සිතේ ඇතිවූ ගැඹුරු සන්තාපය නිසා ඇයගේ සහජ කුසලතාවයන් පිරිහීමේ අවධානමකට ලක්වුණි. ඇයගේ  පාරම්පරික නිවසෙහි බද්ද  කල්දමා ගැනීමට නොහැකි වුනි. පසුව ඇය පාර්  වල කිලිමාත් වලට යන ලදී. 1969 වසරේදී එහිදී  ඇයගේ වඩාත්ම පිළිගැනීමට ලක්වුණ ට The House on the Strand කෘතිය රචනා කරන ලදී. පසුකාලීනව ඇය නිර්මාණාත්මක ලිවීමෙහි දීමට නොහැකි වූ පුද්ගල පිරිහීමට  කාලය පැමිණි අතර  වයස 81 වුනු 1989 දී කොන්වොල්  වල පිහිටි  නිවසේදී මෙලොවින් සමුගන්නා ලද්දය.





Thursday, January 3, 2019

වේලාසන කොක්කු සරති

චිංගිස් අයිත්මාව් විසින් රචනා කරන ලද වේලාසන කොක්කු සරති කෘතිය 1941 - 1945 දෙවන ලෝක යුධ සමයේ කිරිකිස්තානයේ පිහිටි කුඩා ගම්මානයක ළමුන් පිරිසකගේ සන්සිදුවීම් රැසක් ගැන අන්තර්ගත කෘතියකි. මේ මගින් දෙවන ලෝක යුධ සමයේ කිරික්ස්තාන් ගම්මානය පිළිබඳව විස්තර කරයි. එකල තිබුණු යුධමය තත්වය හේතු කොට ගෙන අවි දැරීමට හැකි ශක්තිමත් සියලුම පිරිමින් පිරිස යුධ අණින් යුධ හමුදා පෙරමුණට කැඳවා ගෙන යති.කාන්තාවන් සහ දරුවන් නිවෙස්වල වැඩ කටයුතු කරගෙන සිටිති. මෙහිදී අයිත්මාව් විසින් එම ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ නිර්භීත බවත් ඔවුන් යුධ පෙරමුණට ගිය තම ඥාතීන් පිළිබඳව දුක් වෙන අකරයටැහැ ප්‍රබල භාෂා ශෛලියකින් මනාව විස්තර කර ඇත.

වැඩිහිටි මැදිවියේ පිරිමින් කරන වැඩ කටයුතු සියල්ලම තරුණ වියේ සිටි යොවුන් තරුණයින් වෙත පැවැරිණි. මොවුන් මේ අවධියේදී ගොවිතැන් කරමින් හාමින් ගොවිපල වැඩ කටයුතු කරමින් දුෂ්කරවූ යුධ වාතාවරණය යටතේ පළමු වතාවට වගා කිරීමට අක්සායි පෙදෙසට යවයි. මෙම තරුණ පිරිසේ සිටි දක්ෂතම තරුණයා වූ සුල්තාන්මුරත් ගේ සිතේ ඇති වන ප්‍රේමය මුල් අද්දන අයුරු ඉතාමත් අපුරුවට මෙම කතාව හරහා අයිත්මාව් රසිකයාගේ සිතේ චිත්‍රණය කරයි. 

එලෙසම තරුණ පරපුරේ සිහින සහ බලාපොරොත්තු  යුද්ධය විසින් පැහැර ගන්නා ආකාරය මනාව මෙම කෘතිය තුලින් විවරණය කරයි.පාසලින් පිට කර ගොවිබිමේ වැඩට දරුවන් යැවීම, නිවෙස්වෛන් ඈත් කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ මනස මානසිකව ඇදහැලීමකට පත්වේ. 

චිංගිස්  අයිත්මාව් යනු විශිෂ්ට ඝණයේ කතුවරයකු බව මෙම චරිතයන් ජීවමානව පාඨක මනසේ ඇඳ දැක්වීම සහ ඔවුන්ගේ හැඟීම් පොත කියවන පතක මනසේ ලැගුම් ගන්නා අකාරය යන කරුණු මගින් මනාව පෙන්නුම් කරයි.


Wednesday, October 24, 2018

සුන්දර බටතොට ලෙන් විහාරය හෙවත් දිවා ගුහා රජමහ විහාරය බලා ගිය ගමන



බුදු රජාණන් වහන්සේගේ කැලණියට වැඩම කල දෙවන ලංකා ගමනේදී  සමනල කන්දටද වැඩම කර ශ්‍රීපාද ලාංජනය පිහිටවූ බව ඉතිහාසයෙහි සඳහන් වේ. මෙම ගමනේදී පන්සියයක් රහතුන් වහන්සේලා සමග  දිවා විවරහණය කල ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වේ.

දිවා ගුහාව පිළිබඳව විවිධ මතිමතාන්තර  පවතින අතර සමහරකු මෙය ශ්‍රීපාද කඳු බෑවුමෙහි පිහිටා ඇති ගල් ලෙනක් යයි විශ්වාස කරති.  සමහරු මෙය කුරුවිට එරත්න මාර්ගයෙහි පිහිටා ඇති බටතොට ලෙන යයි විශ්වාස කරති. කොළඹ සිට රත්නපුර දෙසට ප්‍රධාන  මාර්ගයේ කිලෝමීටර් 87ක් ආවිට කුරුවිට නගරය හමුවේ.කුරුවිට නගරයෙන් වමට හැරී එරත්න මාර්ගය දිගේ කිලෝමීටර් 7ක් ගිය විට වම් පසින් බටතොට ලෙන පිහිටි කඳු වැටිය හමුවේ. මෙය ශ්‍රීපාද කඳුවැටිය පාමුල පිහිටි සමක වැසි වනාන්තර කලාපයට අයත් වන ගහනයෙන් ගැවසී ඇත.  එරත්න මාර්ගයේ සිට කිලෝමීටර් කාලක් පමණ පා ගමනින් ගොස් පඩි සිය ගණනකින් සමන්විත ශිග්‍ර  කඳු බෑවුමක් නැග බටතොට ලෙන් විහාරය වෙත ලඟා විය යුතුය.


මෙය තරමක් දුෂ්කර ගමනකි.මෑතකදී දානපතියන්ගේ  උපකාරය නිසා පඩිපෙළ  පුළුල් කර සකස් කර ඇති අතර පාමුල සිට විහාරය දක්වාම පඩිපෙළ , වහලකින් ආවරණය කර ඇත. කුරුවිට , නිතර වැසි පවතින ප්‍රදේශයක් බැවින් මෙය වන්දනා කරුවන්ට ඉතාමත් පහසුවකි.


කඳු මුදුනෙහි පන්සියයක පමණ පිරිසකට සිටිය හැකි ගල් ලෙනක් සහිත විහාර ගෙයක් සහ සමතලා බිමක් පවතී.ගල් ලෙනෙහි දොරකඩ පිහිටා ඇති ගලින් නිර්මාණය වී ඇති පොකුණ පුදුම සහගතය.ඉහළ  ඇති ගල් පියස්සේ සිට මෙම පොකුණට නිරතුරුවම දිය බිඳු  පතිත වේ. ගල් ලෙන තුල විශාල 18 රියන් සැතපෙන බුදුරුවකි. මෙම බුදුපිලිමයෙහි විශේෂත්වය නම් ප්‍රදේශයෙහි ඇති අනිකුත් බුදු පිළිම ශ්‍රිපාදය දෙසට සිරස පිහිටුවා නිම  කර ඇති අතර , මෙම බුදුරුවෙහි දෙපා ඒ දෙසට යොමු කර නිර්මාණය කර තිබීමයි.
බුදුන් වහන්සේ සැතපී ශ්‍රීපාද මුදුන දෙස බලා සිටින ආකරයක් මෙයින් නිර්මාණ වන්නේයැයි ඉතිහාසඥයින් පවසයි. තවත් බුදුපිළිම සහ රහතුන් වහන්සේලාගේ පිළිම ගල් ලෙන තුළ  අඹා  ඇත.මෙම පිළිම වහන්සේ නිමකරවා ඇත්තේ මැටි විශේෂයකිනි.



දිවා කාලයේදී ඉතා හොදින් හිරු එලිය ලෙන තුලට ගලා ඒම නිසාත් , රාත්‍රී කාලයට සඳ එලිය පතිත වීම නිසාත් නිරතුරුවම ආලෝකය පවතී.මෙම ලෙන දිගින් අඩි 150ක් ද පළලින් අඩි  67 ක් ද , උසින් අඩි 50ක්ද පමණ වේ.

මේ ලෙන අසල වසර 30000 කට පෙර මිනිසුන් ජිවත් වූ ස්ත්‍රිපුර , දහයියා ලෙන වැනි ගල් ලෙන් පිහිටා ඇත.
තවද මේ පිළිබඳව ගවේෂණය කළ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය පි ඊ පි දැරණියගල සහ ශිරාන් දැරණියගල යන මහත්වරුන් විසින් මෙම මිනිස් ජනාවාස පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.  මහා රාවණා  රජු, සුමන සමන් දෙවියන් , මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා , වළගම්බා රජු, නිශ්ශන්කමල්ල රජු හා පළමුවැනි රාජසිංහ රජු සම්බන්ධ ව පුරාවෘත පවතී.

වර්ෂ 1178 - 1207 දක්වා ලංකාවේ රජ කල නිශ්ශංක මල්ල රජ ශ්‍රීපාදය සොයා සමන්ත කූට පර්වතයට යන ගමනේදී මෙම ගල්ලෙනෙහි දින කිහිපයක් ගත කල බවට ජනප්‍රවාද පවතී.එහිදී මෙම ස්ථානයේ විහාර කර්මාන්තයක් කිරීමට සිතු රජතුමා ඒ සඳහා තම ඥාතිවරයකු ඇතුළු පිරිසක් පිටත් කර යැවීය.විහාර කර්මාන්තය සිදුකරන කාලය ඇතුලත එම රාජකීයයා කේලම් බසක් නිසා ප්‍රදේශයෙහි විසු රත්නමාලි නම් රජ කුමරියක් වධ හිංසා පමුණුවා මරා දමා ඇත.ඇය  අන්තක්පුරයේ  කුමාරිකාවක් බවට ද මතයක් පවතී.

මෙම සිදුවීමෙන් කෝපයට පත් කුමරිය "ඛන්ටමාරි" නම් යක්ෂනියක්ව ඉපිද මෙම ලෙනට අරක් ගෙන පැමිණෙන ගිහි පැවිදි සියලු දෙනා ගොදුරු කරගනිමින් ,වසර 712ක් පුරාවට  වාසය කර ඇත.
මෙම ස්ථානයට පැමිණි සමහර බැතිමතුන්ගේ ශරීර වලට ආවේශ වුන අතර , ඔවුන් මේ පිලිබඳව  ප්‍රකාශ කර ඇත.මෙලෙස හිමිනමක්ද, ප්‍රදේශයෙහි තරුණියක්ද  පෙර භවයේ සිදුවීම් හෙළිකර ඇත. මෙම ආත්මයෙන් මිදීමට නම් ලෙනට අඩි  40ක සිමාව තුල තමාට වාසය කිරීමට වාසස්ථානයක් ඉදිකර දෙන ලෙසත් , පින්කමක් කර පින්  අනුමෝදනා කරන ලෙසත් ඉන්පසු තමා දේවතවියක්ව ඉපිද වන්දනාකරුවන් ආරක්ෂා කරන බවත් භූතාත්මය පවසා ඇත.


වසර සිය ගණනක් බටතොට පුරාණ  ගල් විහාරය දිව ගුහාව ලෙස සලකමින් ජනයාගේ පුද පුජාවට ලක්විය.
1995 වසරේදී මෙම විහාරයට වැඩම කල අතිපුජ්‍ය අග්‍ර මහා පණ්ඩිත බළන්ගොඩ  ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ මෙම ස්ථානය පරික්ෂා කර දිවා ගුහාව හෙවත් භගවා ලෙන විය  හැකි යැයි  ප්‍රකාශ කළහ. 












   උන්වහන්සේගේ අදහස් පරිදි ධාතු නිදන් කරවා ලෙන තුළ  "පලිඟු මිණි  සෑය"  නමින් චෛත්‍යයක් සාදා ඇත්තේද භුතාත්මයට  පින් පමුණුවාලීමටය. මීට අමතරව කතරගම කිරිවෙහෙරට බාරයක් වී අටපිරිකර 100ක් පුජා කර භික්ෂුන් වහන්සේලා සියගණනක් වැඩමවා දානයක් පිරි නමා ඇත. ඒ සමගම මෙම ස්ථානයට භික්ෂුන් වහන්සේලා සියනමක්  වඩමවා  රතන සුත්‍රය දේශනා කර ඇත.

රතන සුත්‍රය දේශනා කරන අතරතුර භූතාත්මය එතන සිටි එක් තරුණියකට ආවේශව  ඇති අතර තරුණිය පවසා ඇත්තේ තමා තව දුරටත් යක්ෂණියක් නොවන බවත් කල පින්කම් නිසා දේවතාවියක් බවට පත් ව ඇති බවත් , නුග රුකක් සිටවා තමාට සිටීමට ස්ථානයක් සකසා දෙන ලෙසත්ය.තමා බැතිමතුන්ට ආරක්ෂාව සපයන බවටත් පොරොන්දු වී ඇත.

1999 වසරේදී එම සිමාව තුල කිරි නුග පැළයක්  සිටුවා දසසිල් මාතාවන් පිරිසකට ඔවුන් සමගින් පෙරහරකින් ගොස් භුතත්මයට පින් පමුණුවා අටපිරිකරක් සැතපෙන බුදු පිළිම වහන්සේට පුජා කර ඇත.

මෙම අටපිරිකර අද පවා බුදුපිළිමය පාමුල දැකිය හැක.
මේ සමගම ආදිවාසි ජනතාව කැඳවා කිරිකොරහ ශාන්තිකර්මයද පවත්වා ඇත.

මෙම ලෙන් විහාරය පිළිබඳව පුජ්‍යපාද කිරිඇල්ලේ මාහිමිපාණන් විසින් රචිත " සබරගමු දර්ශනය නමැති කෘතියේද මත ඉදිරිපත් කර ඇත.

ගල් ලෙනට දකුණු පසින් සුමන සමාන දෙවිඳුන්ගේ සහ විෂ්ණු දෙවියන්ගේ කුඩා දේවාල දෙකක් පිහිටුවා ඇත.දිය පිරුණු ගල් පොකුනෙහි විශාල ගෙම්බෙකුගේ  පිළිරුවක් නිර්මාණය කර ඇති අතර මෙය මණ්ඩුක නමින් හැදින්වේ. මේ පිළිබඳවද පුරාවෘතයක් පවතී. නැවත වරක් වන්දනා මාන කිරීමට පටන් ගත පසු වන්දනා කරුවකු අතින් මෙහි සිටි ගෙම්බෙකු පෑගී මියගොස් ඇත.ඉන්පසු වරින් වර විශාල ගෙම්බන් සංඛ්‍යාවක් මෙම ස්ථානයට පැමිණ ඇත.මෙය බහිරව දෝෂයක් ලෙස අනාවරණය වූ අතර ස්වර්ණ නම් බහිරවයාගේ වාහනය වූ ගෙම්බාගේ පිළිරුවක් මෙහි ගොඩ නංවන ලදී.මෙම දිය පොකුණ මැද දකින්නට ලැබෙන්න එම ගෙඹි රුවයි.






ආනන්ද මෛත්‍රිය හිමිගේ පිළිරුව ගොඩ නංවා ඇති ආකාරය











දැනට මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් 50ක පමණ කුඩා සාමණේර  භික්ෂුන් වහන්සේලා සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පිරිවෙනක් පවත්වාගෙන යනු ලැබේ.

බටතොට නැරඹීමට ගිය අපට රසවත් පුරාවෘත රැසක් අසන්නට ලැබුණි.ඒ පිළිබඳව අපව දැනුවත් කල රජමහ විහාරයේ ,කාර්යාලයේ සේවය කරන ජාලියගොඩ මහතාට  ස්තුතිවන්ත වෙමු.

මෙම ගමන සාර්ථක කර ගැනීමට දිරි දුන්, මගේ ලේඛන කටයුතු වලට නන් අයුරින් උපකාර කරන මෑණියන් වන  කතිකචරිනි කුමාරි තෙන්නකෝන් මහත්මියටත් , ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය අංශයේ ශිෂ්‍යාවක් වන සඳමිණි  ඇලෝසියස් සොයුරියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.




Wednesday, October 17, 2018

proverbs


ඉංග්‍රීසි භාෂාවේ සමහර වචන සමග විවිධ අදහස් ඉදිරිපත් කල හැකිය. Bird යනු නාමපදයකි.Bird is a noun .මෙම වචනය විවිධ අවස්තාවලදී විවිධ අදහස් , ගැඹුරු අදහස් ගෙන දෙන ලෙස යොදා ගනී.
Bird යන වචනය සමග යෙදෙන විවිධ අර්ථකතන
Bird - කුරුල්ලා 
There is a small Bird in the cage .
කූඩුවේ කුරුල්ලෙක් සිටී.
A Bird
කිරිල්ලියක්.
I saw him in the park with a nice bird .
සුන්දර කිරිල්ලියක් සමග ඔහු උද්‍යානයේ සිටිනු මම දුටුවෙමි.
A rare Bird
දුර්ලබ පුද්ගලයෙක්.
He is a rare bird who always thinks that he is right .
ඔහු තමා පිළිබඳව නිතරම හරි යැයි සිතන දුර්ලභ ගණයේ පුද්ගලයෙකි.
A queer bird
අමුතු තාලේ පුද්ගලයෙක්.
As he is a queer bird ,it is very difficult to keep company with him .
ඔහු අමුතු තලයේ ගතිගුණ ඇති පුද්ගලයෙකු නිසා ඔහුඔහු ඇසුරු කිරීම දුෂ්කරය.
An early Bird
වේලාසනින් අවදි වන්නෙක්.
He is an early bird who usually gets up before five .
සාමාන්යෙන් පහට කලින් අවදිවන ඔහු වේලාසන අවදි වන්නෙකි .
The Early Bird Catches more worms .
වේලාසනින් යන කුරුල්ලා බොහෝ පණුවන් අල්ලා ගනී,
"අපායට ගියත් කලින් යන්න" මෙය සිංහල ප්‍රශ්තව පිරුළකි .
යම්දෙයක් සඳහා කලින් යන පුද්ගලයාට වැඩි වාසි ලැබේ .
Birds of a feather flock together
එක වගේ කුරුල්ලෝ එකම අත්තක වසති.
කොහේ ගියත් සමාන අදහස් ඇති පුද්ගලයෝ එකට එකතු වෙති.
A bird has flown .
කුරුල්ලා ඉගිල ගොස් ඇත.
අවශ්‍ය පුද්ගලයා පැන ගොස් ඇත.
a bird sanctuary.
කුරුළු අභය භූමිය
Have you ever been to the bird sanctuary at Kumana ?
ඔබ කෙදිනක හෝ "කුමන" කුරුළු අභය භුමිය බැලීමට ගොස් තිබේද ?
Bird watching
කුරුල්ලන් නැරඹීම
His favorite hobby is bird watching .
ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වනුයේ කුරුල්ලන් නැරඹීමයි.
A bird in the hand is worth two in the bush.
පඳුරේ සිටින කුරුල්ලන් දෙදෙනාට වඩා අතේ සිටින කුරුල්ලා අගනේය.
දුරින් ඇති බලාපොරොත්තු රාශියකට වඩා මේ මොහොතේ තමා සතු දෙය රැක ගැනීම වටින්නේය.
It is not only fine feathers that make fine birds.
ලස්සන පිහාටු තිබු පමණටම ඔහු අගනා කුරුල්ලකු නොවේ.
කෙනෙකු ලස්සන වූ පමණින්ම හොඳම පුද්ගලයෙකු වන්නේ නැත.
බාහිර පෙනුමෙන් මිනිසකු මැනිය නොහැක.
Nilakshi Bandara
17/10/2018

Thursday, September 13, 2018

ලෝක සියදිවි නසා ගැනීම් වැළක්වීමේ දිනය


විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ පරිසරයේ  ,රැකගත යුතු වටිනා සම්පත් වලට දිනයක් වෙන් කර සැමරීමේ අවස්ථාවන් අතර මිනිසාගේ " සියදිවි නසා ගැනීම " නමැති ක්‍රියාකාරකම වැළක්වීම සඳහාද දිනයක් ලබා දීම අවධානයට ලක් කළ යුතු කරුණකි.සිය දිවි නසා ගැනීම වැළක්වීමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් 10 වැනි දිනට යෙදී ඇත.

2018 වසර " සියදිවි නසාගැනීම් වැලක්වීමට එක්වී වැඩ කරමු " (Working together to prevent Suicide ) යන තේමාව යටතේ 2019 , 2020 වසර දෙක සියදිවි නසා ගැනීම් වලින් තොර කාලයක් උදා කර ගැනීමේ උදාර පරමාර්ථ සහිත වසරකි. අප සෑම දෙනාටම මේ සඳහා වගකීමක් ඇත. හෙට සියදිවි නසා ගැනීමට ගොදුරු වන්නේ  ඔබේ නෑදෑයකු , මිතුරකු , සේවා ස්ථානයේ අයකු හෝ අසල්වැසියකු විය හැකියි.


19 වන සියවස පසු භාගයේදී සමාජ විද්‍යාඥයින් කළ අධ්‍යනයක් අනුව  කාර්මීකරණය නිසා ඇතිවූ නාගරික -ග්‍රාමීය සමාජීය අන්තර් සම්බන්ධතාවය පීඩාකාරී මානසික තත්වයන්ට ගොදුරු වීම සහ සමාජීය  පීඩනය සියදිවි නසා ගැනීමට හේතු වණ ප්‍රධාන කරුණු ලෙස අනාවරණය වී ඇත.
ඉහත දැක්වූ මුලික හේතු සාධක යටතේ කෙලින්ම බලපාන කරුණු මෙසේ දැක්විය හැක.

* දිළිඳුකම සහ විරැකියාව
*ආදරණියයන්ගෙන් වෙන්වීම
* ගැටුම් සහ වාද විවාද
*නීතිමය ප්‍රශ්න 
මෙයිනුත් සමාජීය සහ සංස්කෘතිකමය ප්‍රශ්න සංකීර්ණ ලෙස බලපාන සාධකයි.

සියදිවි නසා ගැනීම වැළක්වීම යනු ලොවට මුහුණ පෑමට සිදුව ඇති විශාල අභියෝගයක් වණ අතර ලොව සිදුවන මරණ වලට හේතු සාධක වණ කරුණු 20ක් ඇතුලත් එකකි. මේ සෑම කෙනෙකුටම කාගේ හෝ දරුවෙක්, සහකරු හෝ සහකාරියක්, දෙමව්පිය කෙනෙක්, මිතුරකු හෝ ශිෂ්‍ය කණ්ඩායමකට අයත් අයෙකි. සාමාන්‍ය වශයෙන් එක් අයකුගේ මෙවැනි මරණයක් නිසා දුක්වන, පිඩා විඳින සංඛ්‍යාව 135 ක් බව ගණනයට ලක් කර ඇත. මේ අනුව වාර්ෂිකව පුද්ගලයින් දසලක්ෂ 108 ක් පිඩාවට පත්වෙති.

2003 වසරේදී සියදිවි නසා ගැනීම වැළක්වීමේ ජාත්‍යන්තර සංවිධානය පිහිටුවා ගත් අතර, 2011 වසරේදී රටවල් 40 ක් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ මානසික  සුවය පිලිබඳ සංවිධානය ( Federation for Mental Health ) සත්කාරක සංවිධාන ලෙස කටයුතු කර ඇත.

2014 වසරේදී මානසික සෞඛ්‍ය පිළිබඳව සිතියම නිකුත් කර ඇති අතර ,මිනිසුන් දසලක්ෂයක් වසරකට සිය දිවි නසා ගන්නා අතර මේ අනුව 10000 කට එක් අයෙක් මෙයට ගොදුරුවේ. මෙම ප්‍රමාණය වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන්  1.4 % අගයක් ගන්නා අතර සෑම තත්පර 40 කට එක් අයෙක්ද දිනකට 3000 ක්ද සියදිවි නසා ගැනීමට ගොදුරුවේ.2004 වසරේදී සිදු කළ විශ්ලේෂණයක් අනුව හෙළිවූයේ මෙම ප්‍රමාණය වසර 2020 වණ විට දසලක්ෂ 1.5 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාමාන්‍යයෙන් එක් ස්ත්‍රියක් සියදිවි නසා ගන්නා විට පිරිමි තිදෙනෙක් සිය දිවි නසා ගනී/එමෙන්ම එක් පිරිමියෙක් සිය දිවි නසා ගැනීමට උත්සහ කරන විට දෙතුන් වතාවක් ස්ත්‍රීන් එවැනි උත්සාහයක යෙදී ඇත. වත්මන් සංඛ්‍යා ලේඛන අනුව අපරාධ වලින්, සහ යුද්ධයෙන්  මිය යන සංඛ්‍යාවට වඩා කිහිපගුණයකින් සියදිවි නසා ගැනීමෙන් මිය යති.මින් වැඩි කොටසක් වාසය අවුරුදු 15- 24 සිමාවේ සිටින පිරිසයි. සිය දිවි හානිකර ගැනීම් වැඩිවීමට සමාජ ප්‍රතිමාන බොහෝ දුරට බලපා ඇත.

සිය දිවිනසා ගැනීම වළක්වන්නේ කෙසේද ?

සියදිවි හානිකර ගැනීම වලක්වාලීම සමාජ වගකීමකි.මේ සඳහා පවුලේ සාමාජිකයින්, නෑදායින් ,හිත මිතුරන් ආගමික නායකවරුන් , විවිධ නිලධාරීන් සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වලට සහය දිය හැකිය.

සියදිවි නසා ගන්නා පුද්ගලයකු හෝ කිහිපදෙනෙ
කු විශාධය හෙවත් මානසික අවපීඩන තත්වයෙන් (Depression ) වලින් පෙලෙන අය බව අනාවරණය වී ඇත. යම් කිසිවකු තදබල කලකිරීම, මෙතෙක් කරගෙන ඈ වැඩකටයුතු කඩාකප්පල් කරගෙන මන්දෝත්සාහි ලෙස කාලය ගෙවීම,සංකාව පවුල් සමාජයෙන් ඈත් වී සිටීම ට උත්සහ කිරීම ,නිකරුනේ අධික කෝපයට පත්වීම ,අඳුරු පාළු ස්ථානයකට වී සිටීමට උත්සහ කිරීම ,ජීවිතය එපා වී ඇති බව පැවසීම වැනි ලක්ෂණ පවතී නම් වහාම මනෝ වෛද්‍යවරයකු ගේ මනෝ උපදේශනයට සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම රෝගියා බලා ගැනීම සහ ඔහුට කරුණාවෙන් සැලකීමද අවශ්‍ය වේ. විශේෂයෙන් උපදේශනයේදී ජිවිතයේ වටිනාකම ඔහුට හෝ ඇයට අවබෝධ කර දිය යුතුය.

සංවර්ධනය වෙමින් පවතින රටවල උපදේශන සේවාව තවත් දුර්වල තත්වයක පවතින අතර,එය නංවාලීම සඳහා රජයේ සහ ස්වෙච්චා සංවිධාන වල අනුග්‍රහය අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යුධ සමයේ පවතින රටවලද යුද්ධයට සම්බන්ධ විවිධ හේතුන් නිසා සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතයේ ඉහල අගයක් පෙන්නුම් කරයි.

Sunday, September 2, 2018

සුළගේ ලෙල දුන් ඉටි පහන් සීල



එක්තරා යුගයක බ්‍රිතාන්‍ය එළිය කළ රෝස කුසුම ඇය විය. සුලගේ සැළුණු ඉටි පහන් සීල ඇය විය.ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් නැරඹු මංගල උත්සවය ඇයගේ විවහා මංගල්‍යය වූ අතර අවමංගල උත්සවයද ඇයගේ අවසන් ගමන විය.ඒ දැනට විසි එක් වසරකට පෙර මෙලොවින් සමුගත්  ඩයනා ස්පෙන්සර් කුමරිය පිලිබඳ කතාවයි.

1961 ජුලි 1 වෙනිදා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පවුලක උපත ලත් ඇය පසුව එංගලන්තයේ ,වේල්සයේ කුමරු වන චාල්ස් හා විවහා විය.විවහා දිවියේ සහ ආදරයේ කුරිරු හැලහැප්පීම් වලට ගොදුරු වූ ඩයනා කුමරිය මානසික රෝගී තත්වයන්ට පවා මුහුණ පෑවාය .

 සමාජ සේවිකාවක් මෙන්ම යුද්ධයට මැදි වූ රටවල බිම් බෝම්බ ඉවත් කිරීමේ උදාර මෙහෙවරට උර දුන් උදාර කාන්තාවක් වුවාය.මේ නිසාම ඇය මහා ජනතාවගේ කුමරිය ලෙස හැඳින්වුවාය.අප්‍රිකානු , ලතින් ඇමරිකානු රටවල අනාත නිවාස වලට ගොස් එම දරුවන්ට ආධාර කිරීමට යොමු වූ ඇය, බහුල වශයෙන් බිම්බෝම්බ වල දමා තිබු ඇන්ගෝලාව , බොස්නියාව , ඇෆ්ගනිස්ථානය වැනි රට වලට ගොස් බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හා එක්ව කටයුතු කලාය.



1997 වසරේදී නෝබෙල් සාම ත්‍යාගය  දිනා ගත්  ( Mines Advisory Group) එහි ප්‍රධාන සංවිධානයයි.එමෙන්ම ඩයනා කුමරිය ජෝර්දානයේ රැජිණ වූ නූර් කුමරිය සහ ප්‍රංශයේ Soccer ක්‍රීඩා තරුව වූ David Jinola සමග එක්ව බිම්බෝම්බ වලින් අබාධිත වූ අයට ආධාර කිරීමේ රතු කුරුස සංවිධානය හා මුල් වී කටයුතු කලාය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය තුළත් , ඉන් පිටටත් ඒඩ්ස් නිවාරණය සඳහා රෝගීන්ගේ සුබ සාධනය , පිළිකා රෝහල් වල සුබ සාධක කටයුතු ,ලාදුරු රෝග නිවාරණය වැනි සෞඛ්‍ය සේවා කටයුතු රාශියකට  ක්‍රියාකාරීව දායක වුවාය.සමාජයට වඩාත් සමීප වූ නිසාම , සමහර අවස්ථාවන් වලදී ඇය රජ පවුලේ දෝෂ දර්ශනයට පවා ලක්විය.

දෙදරු මවක් වන ඇය සියළු හැලහැප්පීම් මධ්‍යයේ පොදු ජන සමාජය වෙත පිය නඟමින් ඉටු කළ මෙහෙවර
රජ පවුලේ  කිසිදු කාන්තාවක් ගමන් නොකළ මාර්ගයකි. ඩයනා කුමරියට පැපරාසීන්ගෙන් බොහෝ කරදර සිදු විය.ප්‍රංශයේදී රිය අනතුරට ලක් වන අවස්ථාවේදී පවා ඇයගේ පුද්ගලික තොරතුරු  ජයාරූප ගත කිරීමට ඔවුහු ඇය හඹා ගියහ.

1997 /08/31 වැනි දා ඩයනා කුමරිය  සිය පෙම්වතා සමග මෝටර් රථයකින් ගමන් කරද්දී ප්‍රංශයේ බිම් ගෙයක් තුළ අනතුරකට ලක්වී මිය ගියාය.මෙම සිදුවීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ රිය අනතුරක් විය.

 ඇයගේ සමිපමතම මිතුරකු වූ සුප්‍රසිද්ධ ගායක Elton Jones අවමංගල්‍ය උළලේදී ගායනා කළ  "The Candle In the Wind" ගීතය  ඇයගේ ජිවිත කතාවේ එක්තරා අතිතාවලෝකනයක් විය.

සුරීපි මානව හිතවාදී ඩයනා කුමරිය මෙලොවින් වෙන්ව ගියත් ඇය කළ සේවාවේ සුවඳ බොහෝ කලක් මෙලොව පවතිනු ඇත.


Candle in the Wind

"Candle In The Wind 1997"

Goodbye England's Rose
May you ever grow in our hearts
You were the grace that placed itself
Where lives were torn apart
You called out to our country
And you whispered to those in pain
Now you belong to heaven
And the stars spell out your name

[Chorus:]
And it seems to me you lived your life
Like a candle in the wind
Never fading with the sunset
When the rain set in
And your footsteps will always fall here
Along England's greenest hills
Your candle's burned out long before
Your legend ever will

Loveliness we've lost
These empty days without your smile
This torch will always carry
For our nation's golden child
And even though we try
The truth brings us to tears
All our words cannot express
The joy you've brought us through the years

[Chorus]

Goodbye England's Rose
May you ever grow in our hearts
You were the grace that placed itself
Where lives were torn apart
Goodbye England's Rose
From a country lost without your soul
Who'll miss the wings of your compassion
More than you'll ever know

[Chorus]

And your footsteps will always fall here
Along England's greenest hills
Your candle's burned out long before
Your legend ever will

Thursday, August 16, 2018

දයාබර නොරිකෝ සං ට

පුජියාමා කන්ද පාමුල
පිපුණු සකුරා මලක තැවරී
හමන සුළඟක් පරිද්දෙන් මං
ඔබේ නගරෙට සෙමින් එන්නම්.

ඔබේ සමුගත් පියා සමරන
මළවුන්ගේ දා නැවත එනතුරු
දවස් ගනිමින් සිටින්නෙමි මම
තවත් දවසක ඔබ දකින්නට

ඉටි පහන් මල් පොකුරු අරගෙන
සැඳා වරුවේ එන්න මා වෙත
ඔබත් සමගින් පා නැගූ මග
මල් පිපෙයි තවමත් සුවඳ කර

මං - දෙවොන්දරා සං 

Monday, July 30, 2018

ඉබ්බන් කටුව මහා ශිලා සුසානය

මානව ශිෂ්ටාචාරයේ දියුණුව විමසීමේදී මිනිසා ඈත අතීතයේ සිටම විවිධ අවමංගල චාරිත්‍ර ඉටු කළ අන්දම විවිධ ශිෂ්ටාචාර ඇසුරින් අධ්‍යයනය කළ හැකිය. නයිල් නිම්න ශිෂ්ඨාචාරයේ  අද්විතීය නිර්මාණයක් මෙන්ම සංකීර්ණ ලක්ෂණ පිළිඹිඹු කරන පිරමිඩ මෙන්ම විවිධාකාරයේ  සුසාන භුමි හමුවී ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගයේ ආයතනයේ සිට ඓතිහාසික යුගයේ ආරම්භය දක්වා කාල පරිච්ජේදය පුරවා ඓතිහාසික යුගය , ප්‍රොටෝ ඓතිහාසික යුගය , මුල ඓතිහාසික යුගය , ප්‍රථමික යකඩ යුගය යන විවිධාකාර වූ නම් වලින් හඳුන්වනු ලැබිය. සකපෝරුවේ සදා පිළිස්සු මැටි වලං හා ලෝහ මෙවලම් භාවිතයද කෘෂිකාර්මික ජන ජීවිතය තාක්ෂණික සහ සංස්කෘතික වශයෙන් විසල් වෙනසකට ලක්වීමද  මෙම යුගයේ පැවති විශේෂ ලක්ෂණයක් විය.

මධ්‍යම පළාතේ , මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි ඉබ්බන්කටුව , කළා ඔයේ පෝෂක ශාඛාවක් වූ  දඹුලු ඔයේ වම් ඉවුරේ පිහිටා ඇත.මෙම සුසානය අසල පැරණි ජනාවාස වල නටඹුන් හමුවී ඇත.මෙම සුසාන මෙගතිලික සුසාන ලෙසද හඳුන්වනු ලැබේ. මෙම සුසාන භුමිය මහා ශිලා සම්ප්‍රදායේ ශිලා මංජුසා සුසාන වර්ගයට අයත් සුසාන ගර්භ වලින් සමන්විතය.මෙගතිලික යුගය ලෙස හඳුන් වන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ කාල වකවානුවයි.මෙම සොහොන් බිමට සමාන සොහොන් බිම් අනුරාධපුර ගෙඩිගේ , කන්දරෝන්දේ , පොන්පරිප්පු යන ස්ථාන වලින්ද හමු වී තිබේ.


1970- 1980 දශක වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය , ජර්මනියේ කාවා (KAVA)  ආයතනය හා එක්ව සිදු කළ පරීක්ෂණ වලදී සොහොන් කොත් 21 කින් සමන්විත සමන්විත පොකුරක් සොයා ගන්නා ලදී.

මෙහිදී සොයා ගත් අඟුරු නියැදි කාල නිර්ණ අනුව ක්‍රි.පු 600 ට පෙර මෙම සුසානය නිර්මාණය කර ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

මෑතකදී එම ස්ථානයට නුදුරෙන් තවත් සොහොන් කොත් 47ක්  සොයා ගන්න ලදී. හෙක්ටයාර් 13 ක් පුරා පැතිරෙන මෙම සුසාන භුමියේ දැනට පවුල් ගණනාවක් පදිංචිව සිටින නිසා භුමි භාගය මීටර් 700 * 400 කට සීමාවී ඇත.

මෙහි සොහොන් කොත් තුළ මැටි භරණි , ගල් පතුරු 7කින් වටකර තවත් ගල් පතුරකින් වසා භෂ්මාවශේෂ තැන්පත් කළ  කොටසක් දක්නට ලැබේ.මෙම ක්‍රමය ලංකාවට පමණක් ආවේණික වුවක් නොව  , සමකාලින යුරෝපය ,අග්නි දිග ආසියාව හා දකුණු ඉන්දීය කලාපයන්හි ද  බහුලව දක්නට ලැබේ.


මෙම බරණි කුඩා හා වියලි ප්‍රමාණයන්ගෙන් දක්නට ලැබෙන අතර බරණි කුඩා හා විශාල ප්‍රමාණයන්ගෙන් දක්නට ලැබෙන අතර බරණි ඇතුලත තවත් කුඩා බරණි ද තැන්පත් කර ඇත.

එකල මැටි බඳුන් කර්මාන්තය  කෙතෙක් දියුණුව පැවතියේද යන්න මින් හෙළිවන අතර , සමහර බඳුන් නිමැවුම අතින් වත්මන් උද්‍යාන අලංකරණය ( Landscaping) සඳහා යොදා ගන්නා බඳුන් වලට සමාන වේ. මෙම මැටි බඳුන් විවිධ හැඩවලින් යුක්ත වණ අතර කළු හා රතු වර්ණ වලින් මැටි බඳුන් වර්ග 2ක්  දැකිය හැකි අතර මිට මිට අමතරව තඹ හා යකඩ ලෝහයෙන් කළ මෙවලම් හා විවිධ අමුද්‍රව්‍යයන්ගෙන් හා හැඩ වලින් යුක්ත පබළු වර්ගද මේ තුළින් හමු වී තිබේ.














මෙහිදී සිදු කරනු ලැබූ චාරිත්‍රයක් වණ මිය ගිය පුද්ගලයා සමගින් ඔහු පරිහරණය කරන ලද  භාණ්ඩ සොහොන් ගැන තුළ තැබීමෙන් අපට සිතා ගත හැකි වන්නේ මිය ගිය පුද්ගලයා නැවත පුනර්ජීවනයක් අපේක්ෂා කළ භවි.ඉන්පසු මෙම භාණ්ඩ නැවත මේ පරිහරණයට ගනු ලබන බවයි.මේ අනුව අපට පිළිගත හැකි කරුණක් වන්නේ මෙම ජනයා මරණින් පසු නැවත ආත්මයක ඉපදෙන බව විශ්වාස කරනු ලද බවට තැබූ විශ්වාසයයි.මෙම චාරිත්‍රය මුලින්ම දක්නට ලැබෙනුයේ නියන්ඩතාල් මානව ශිෂ්ටාචාරයේදිය.පසුකාලීනව මෙම චාරිත්‍රය ඊජිප්තු ශිෂ්ටාචාරය දක්වා ව්‍යාප්ත වුනි.

මෙම ඓතිහාසික සුසාන භූමියෙන් සොයා ගත් තොරතුරු අනුව  ලාංකිකයන් පුර්ව ඓතිහාසික යුගයේ දියුණු තාක්ෂණයකින් හෙබි සංස්කෘතියකට නෑකම් කි බව තහවුරු වේ.
මෙම සොහොන් බිම පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය පොතේ මෙලෙසින් සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳව ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුවසොහොන් බිමෙනි.එකම පවුලක හෝ එකම කුලයක කිහිපදෙනෙකුගේ භාෂ්මාවසේෂ තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය.මෙම භාෂ්මාවසේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විසේශයෙන් නිපදවා ඇති සොහොන් කළගෙඩි භාවිතා කරමිනි.එක් කාමරයක් ඇති සොහොන්, කාමර දෙකක් ඇති සොහොන්  මෙන්ම කාමර කිහිපයක් ඇති සොහොන් ද මෙහි දැකිය හැක.කාමර කිහිපයක් සහිත සුසාන ගෙවල් ඉහල පන්තියේ ඒවා විය හැකිය ".

මෙම භුමියේ සඳහන් අක්ෂර පරික්ෂා කරන ලද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරනු ලැබුවේ මෙම අක්ෂර මොහොන්දොජාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් සොයා ගනු ලබු අක්ෂර වලට සමනා කමක් දක්වන ලද බවයි.


ඉබ්බන්කටුව භුමිය මෙරටින් සොයා ගත් මෙවැනි සම්ප්‍රදායේ සුසාන භුමි අතුරින් විශාලතම සුසාන භුමිය වණ අතර.ඉබ්බන්කටුව පොල්වත්ත නම් ප්‍රදේශයෙන් සොයා ගත් ජනාවාසය මෙරට මුල් යකඩ යුගයට අයත් ජන්වසයක් හා සොහොන් ගර්භයක් එකට හඳුනා ගත් ප්‍රථම අවස්ථාව වේ.



Saturday, July 14, 2018

පිළිකා රෝගය ඇතුළු රෝග රැසකට සුවය සාදන තෙබු


 Costasspesiosus යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තෙබු ශාකය , අග්නි දිග ආසියාව නිජ බිම කර ගත්  , රෝග ගණනකවටම ගුණ දෙන ආයුර්වේදීය ශාකයක් මෙන්ම ආහාරයකි. ඉන්දුනීසියාවේ සුන්ඩා දුපතේ බහුලව ව්‍යාප්තියක් දක්නට ලැබෙන මෙම ශාකය කුක්, ෆිජි, හවායි වැනි ෆැසිෆික් දුපත් වලද ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ වලද දක්නට හැකිය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.එමෙන්ම රුධිරගත කොලොස්ටරෝල් පාලනය කරන සමේ ඇති වන බිබිලි සුව කරන ප්‍රධාහය සහ බඩේ ආම්ලික ගතිය ( ගැස්ට්‍රයිටිස් ) , ලාදුරු , උණ බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වසනාල ප්‍රධාහය සුව කරන බඩවැල් වල පනුවන් නසන, හදවත් රෝග සඳහා  අගනා ඖෂධයකි.

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ගැමි ජනතාව තෙබු කොළ විවිධාකාරයේ අහාර වශයෙන් සකසා පාරිබෝජනයට ගෙන ඇත .නොමේරු තෙබු කොළ රසවත් මැල්ලුමක් වන අතර , කලවම් මැල්ලුම් , සලාද , හෝ ව්‍යන්ජනයක් වශයෙන් පිළියෙළ කර ගත හැක. අල හෝ පරිප්පු මිශ්‍ර කිරීමෙන් , තෙබු ව්‍යංජනය වඩාත් රසවත් වේ. නමුත් දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැත.මන්ද රුධිරයේ සිනි මට්ටම අඩු කරන නිසාය.

2012 වර්ෂයේදී වෛද්‍ය කල්ප සමරකෝන් , චමින්ද ලක්මාල් , ප්‍රසාද් ජයසුරිය තෙබු ශාකය පිළිබඳව පර්යේෂණ පවත්වා ගුණ රාශියක් අනාවරණය කර ඇත.

මෙහි ඇති වැදගත්ම සොයා ගැනීම පිළිකා නසන ගුණයක් , තෙබු ශාකයෙහි අඩංගු බවයි . තෙබු ශාකයෙහි ඇති පිළිකා මර්ධන ගුණ පිළිබඳව දකුණු කොරියාවේ Jeju ජාතික සරසවියේ ජීව වෛද්‍ය විද්‍යාඥයෙකු වූ  මහාචාර්ය  You-Jiujoon  ( Professor You- Juijoon of Jeju National University of South Korea) කළ පරීක්ෂණ අනුව  පිළිකා සෛල මර්ධනය කිරීමේ ශක්තිය තහවුරු වී ඇත.මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදු වෙමින් පැවති.

නාගරික වෙළඳ පලට ගෙන එන තෙබු කොළ සීග්‍රයෙන් විකිණෙන්නේ නාගරික ජනතාව මෙහි ඇති ගුණය වඩාත් අවබෝධ කරගෙන ඇති නිසාය. අප ආවට පරිසරයේ ඇති ගස් වැල් වලින් නිසි ප්‍රයෝජන ගෙන  ලෙඩ රෝග වලින් තොර සමාජයක් බිහි කිරීමට මෙම ලිපිය උපකාරී වේවා .

අන්තර්ජාලය සහ ඩේලි නිව්ස් - විද්‍යා  (2016/05/25 )අතිරේකය ඇසුරෙනි.

Tuesday, July 10, 2018

රත්නපුර රමණිය පෙත්තරේ කළු ගල් ජලාශය සොයා ගියෙමි

රත්නපුර නගරය ආසන්නයේ පිහිටි , රත්නපුර පානදුර මහා මාර්ගයට මායිම්ව ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලය පිහිටා ඇත.මෙම දේවාලයේ ඉතිහාසය 4 වන පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමය දක්වා දිව යන අතර නිල් මැණික් සොයා රුවන් පුරයට පැමිණි  කාමදේව නමැති ඇමති විසින් නිල් මැණික් ලබා දෙන ලෙස  භාරයක් වී ඇත.ඔහු විසින් බාරයෙන්  පසුව මැණික් ගැරීම ආරම්භ කර ඇති අතර එම පත්ලෙන් නිල් මැණික් හමුවී ,පසුව  රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔහු විසින් පැරණි සමන් දේවාලය  තෙමහල් මන්දිරයක් සහිතව ඉදි  කරන ලදී.මේ පිළිබඳව ඓතිහාසික පුවත සමන් සිරිත නම් කාව්‍ය  සංග්‍රහයේ ඇතුලත් වී ඇත.

                                                   


පැරැන්නන්ගේ මතය අනුව ප්‍රධාන දේව මැදුර ඉඳි කර ඇත්තේ පිරිසිඳු කරන ලද ගම් මැටි කිතුල් පැණි යොදා පල්පයක් ලෙස සකසා ගැනීමෙනි.මෙය දේවාලයේ දිගුකාලින පැවැත්මට හේතු වී ඇත.

සමන් දේවාලයේ පිටුපසින් වක්කලමක් සාදමින් කළු ගඟ ගලා බසින අතර අනික් පසින් පොත්ගුල් කන්ද පිහිටා ඇත.පොත්ගුල් රජමහා විහාරය වළගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් වන අතර , භූගත ලෙනක් සහිත මෙම විහාරය පැරණි ලෙන් විහාරයකි.

සමන් දේවල භුමියේ දෙවොලට ආසන්නයේ පැරණි ගැඹුරු ලිඳක් පිහිටා ඇති අතර ,මෙම ලිඳට මලක් දැමු විට පොත්ගුල් විහාර භුමියේ ඇති ලිඳෙන් මතුවන බවට පුරාවෘතයක්  පවතී. මේ අනුව සමන් දේවාලය  වළගම්බා රජ සමයටද සම්බන්ධ වන්නට ඇත.පෘතුග්‍රීසි සමයේදී සමන් දේවල භුමිය පෘතුග්‍රීසි බලකොටුවක් වූ අතර මේ පිලිබඳ ඇති  සෙල් ලිපි අද පවා දක්නට ලැබේ.

පැරණි ගල් උළුවස්ස


පැලවෙන ගල් පැලය



අතීතයේ සිටම පැවැත්වූ සමන් දේවාලයේ ඇසල පෙරහැරෙහි මුතුකුඩය ගෙන යන්නාගේ සිට සඳුන් කුඩු දල්වන අඟුරු කබල ගෙන යන්නා දක්වා රාජකාරියෙහි නියුතු පවුල් රාශියක් දේවාලය අවට ගම් වල පදිංචි වී ඇත. පෙත්තරේ යනු මින් සුවිශේෂී ගම්මානයකි.රෙදි පිලි සේදීම රැකියාව කර ගත් මෙම ගම් වාසින් ජලය ලබා ගන්නේ කළු ගලින් නිම වුන විශාල ගල් බේසමිකිනි.මෙය සොබාදමේ අපුර්වතම නිර්මාණයකි.


දෙකෙළවර සිහින්ව මැදින් තරමක් පළල් ව ගල් ඔරුවක් මෙන් නිර්මාණය වී ඇති මෙම කළුගල් බේසම එක් කෙළවරකින් ගල් කුළු  සහිත තරමක් උස කන්දකට සම්බන්ධ වේ. ගල් කුළු දෙකක් මැදින් ගලා හැලෙන දිය පාරක් බේසමට ජලය සපයන අතර අනික් කෙළවරින් ජලය පිටවී යයි. ගල් බේසමේ ගැටිය මත රෙදි තබා සබන් ගා පිරිසිදු කර ගත හැකි පරිදි සමතලාව පිහිටා ඇත. රාජක පවුල් රාශියක් මෙම ස්ථානයේ රෙදි සේදිමෙහි යෙදෙති.


වසර 10 කට පමණ පෙර මා, මෙම ජලාශය දකින විට මිනිසාගේ කිසිඳු සහභාගිත්වයකින් තොරව පැවති සුන්දරත්වය ගල් වල අද්දරින් පාරක් දැමීම නිසා තරමක් අඩු වී ඇත.ගල් වලේ පළල පටු වී ඇති අතර කඩතොළු සහිත ස්වභාවිකත්වය පාර සහිත කොටසින් ඉවත් වී ඇත.මෙම පාර නිම කර ඇත්තේ අසල පිහිටි නිවාස වලට යාමටය.



Thursday, June 28, 2018

හරි පුදුම ඉස්කෝලේ





1981 වර්ෂයේදී  ජපන් ජාතික ටෙට්සුකෝ කුරයනාගී විසින් ජපන් බසින් රචනා කරන ලද " මදොගිවා  නො ටෝට්ටෝ චන් " නමැති කෘතිය ලෝක වාර්තා තබමින්  මාස 16 ක් තුල පිටපත් ලක්ෂ 50 ඉක්මවා අලෙවි වූ ලොව පුරා අධ්‍යාපන වේදීන්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ග්‍රන්ථයකි.අධ්‍යාපනඥයකු වූ ලීලානන්ද  ගමාච්චි මහතා විසින් මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.

මෙම පොතෙහි ඇත්තේ දෙවන ලෝක සංග්‍රාමය සිදුවූ අවධියේදී ටෝකියෝ නගරය ආශ්‍රිතව පිහිටා තිබු අසිරිමත් පර්යේෂණ පාසලක් පිලිබඳ තොරතුරු ය .එහි සිසුවියක විසින් තමා එහෙදි ලද අත්දැකීම් පිළිබඳව සිදු කරන විස්තරයකි. පන්ති කාමර , පුස්තකාල ලෙස දුම්රිය මැදිරි කිහිපයක් උපයෝගී කරගෙන සැලසුම් කර තිබු මෙම පාසල ස්වභාව ධර්මයා හා වඩාත් සම්බන්ධව ඇති අතර සොසොකු කොබයාශි නමැති සුවිසේෂි අධ්‍යාපනඥයකු විසින්  පවත්වාගෙන යනු ලැබිය.

කොච්චි පෙට්ටි තුල තිබු පන්ති කාමරවල සිසුන් වැඩි කැමැත්තක් දැක්වූ අතර නිදහස, විනෝදය සහ ආදරය මැද ළමෝ ඉගෙනුම ලැබුහ.
" ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න .ඔවුන්ගේ සිහින ඔබගේ සිහිනවලට වඩා විශාලය" යන්න කොබයාශි  මහතාගේ අවවාදයයි. දඟකාර දැරියක ලෙස අවුරුදු හතේදී  පළමුවන ශ්‍රේණියෙන් නෙරපා හරිනු ලැබූ ටෙට්සුකෝ කුරයනාගී මෙම පාසලට බැඳුනු අතර පසු කාලීනව ජපානයේ සුපතල , ජනප්‍රියතම රුපවාහිනී ශිල්පිනියක් බවට පත් වුවාය.

 සිය අධ්‍යාපනයෙන් පසු ඉතිරි කාලය ළමුන් කැමති ක්‍රියාවක යෙදීමට ඉඩ දීම ඉතාමත් සාර්ථක වූ බව ලේඛිකාව පවසයි. ළමා නිදහස් චින්තනය සංකල්පය තුලින් අධ්‍යාපනයේ සාර්ථකත්වය මේ යයි  හඬගා කියන මෙම නවකතාව අධ්‍යාපනික මෙන්ම මනෝවිද්‍යාත්මකව ද වැදගත් වන  සියලුම වයස් කාණ්ඩ වල සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සැමටම  බැලිය යුතු වටිනා කෘතියකි.

Thursday, June 14, 2018

පුංචි දුවේ

වෙරළ ඉමේ රළු මුහුදු කොණේ
බෙලි කටු අහුලන පුංචි දුවේ
නොහදන් වැලි මාලිගා තවත්
රළු රළ පෙරලන සයුරු තෙරේ

පෙණ පිඩු නගනා මුදු රළ සොඳුරුයි
පියඹයි වැහි ලිහිණින් අහසේ
පාවෙන රතු , වළා පෙළින්
මවයි රූප නිල් අහස් ගැබේ

රළ පෙළ දරුණුයි සැරින් සැරේ
කඩා දමයි මාලිගා අපේ
වැටෙයි කඳුළු බිඳු නුඹේ නෙතින්
ඈතට දුවපන් නොයිද තවත්

ඈත එපිට ගම්මාන මැදින්
පාරක් අත නුඹ පැමිණෙන තෙක්
තෝරාගෙන මග නුඹ ගියෝතින්
හමුවනු අත කෙම්බිම නිසැකින්