‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Wednesday, September 25, 2019

කන්දක් සේමා

කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි.මෙයට රාජ්‍ය සම්මාන සේම  විද්‍යෝදය ,ගොඩගේ සහ  පුස්තක සම්මානයද හිමිවිය.

මෙය 70 දශකයේ සමාජ ය උඩු යටිකුරු කල සංසිද්ධීන්  ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.

කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර .යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභන්ගත්වය ,කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත ගලාගෙන යාමට ඉඩ සලස්වයි.

නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 දශකයට අයත්  තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන,  ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වී  ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. මෙම විවාහයට හේතු වන්නේ 15 වන වියේදී වසරක් 10ක් වැඩිමහල් තරුණයකු නිසා ඇය  ගැබ් ගෙන ඇතිවෙන ගැටලුවයි.  


නිගතාවේ වයසක පිරිමින්  හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද .... ෂිනනෝ  ගංගාව  පිටාර ගැලීම වැලක්වීමට එහි තිබු කන්ද කපා දැමීමට ගැහැණුන්ට සහ පිරිමින්ට සිදුවූ අතර ඉන් අත්මිදීමට එහි කාන්තාවන් ටෝකියෝ නගරයට සංක්‍රමණය වීමයි.


.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට රැගෙන යාම මෙම විවහයට පාදක වූ කරුණකි. ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු , අපවාද, පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වූ තවත් කරුණකි.


 විදේශයන්ගේ සේවයට යන ශ්‍රී ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන්ගේ දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්නාදුනනා  රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන්අතරමං  වන ආකාරය අපට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීමක්  වේ.

විවහා වූ දෙදෙනාගේ දුරස්ථ බව  මෙම වැකියෙන් සනාථ වේ.

පිටු අංක 56 ඇති

" මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ " යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.


අන්තර්වර්ගික විවාහයක් වන මෙහි නොගැලපෙන බව, කතුතුමිය විසින් පරිසරය උපයෝගී කර ගෙන සරල භාෂාවකින්  සිතුවම් කරයි.

"පිටු 193 දී 


දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "


ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය අතර දෝලනය වෙමින් තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු ගලාගෙන යන මෙම නව කතාව 
, දරිද්‍රතාවය කෙතෙක් දුරට ප්‍රශ්න වලට ට විසඳුම් ලබා දෙන්නේද?අනාගතය තීරණය කරන්නේද ? යන්න සිතා බැලීමට පාඨකයාට ආරාධනා කරයි.



















Tuesday, September 17, 2019

කෝච්චියෙ ළමයි - චන්ද්‍ර අනගිරත්න මහතා - The Railway Children - E. Nesbit

" පොළව දෙදරවමින් ගොරහඬ දීගෙන කෝච්චිය වේගයෙන් ඇදී ගියේය.දරුවෝ තිදෙනා ඔවුනොවුන් මුහුණ බැලුහ.සමහර මගීහු අත වැනුහ.
 අපේ තාත්තට අපේ ආදරේ කියන්න...."

තාත්තා නැවතත් දරු සෙනෙහස සොයා ආපහු ආවේද ?

මෙම සිද්ධිය අපට දකින්නට ලැබෙන්නේ ඉංග්‍රීසි ජාතික ගත් කතුවරියක වූ එඩිත් නෙස්බිට්  (E .Nesbit ) විසින් 1906 දී රචනා කරන ලද The Railway Children නමැති නව කතාව ඇසුරිනි. ශ්‍රී ලංකික පරිවර්තන කලාවට මහඟු සේවයක් ඉටු කළ චන්ද්‍ර අනගිරත්න මහතා විසින් 1999 වසරේදී කෝච්චියේ ළමයි යනුවෙන් මේ කතාව පරිවර්තනයට ලක් කරන ලදී.මෙම කතාව තරුණ වික්‍රමාන්විත (Adventure ) කතා ඝනයට අයත් වේ.

තරුණ වියේදී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක් අසල නිවසක ජිවත් වූ ඇයගේ අත්දැකීම්  මෙම කෘතියට පාදක වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයකු වූ සිය පියා නිසා කෝච්චියේ ළමයකු ලෙස ගෙවූ සාමය චන්ද්‍ර  අනගිරත්න මහතාටද මෙම පොත පරිවර්තනය කිරීමෙහිලා මහඟු අත්දැකීමක් විය.

"ඔවුන්ගේ පියා උතුම් ගුණ ඇති සෘජු සාධාරණ පුද්ගලයෙකි."
මව වල්පල් දොඩමින් කාලය නාස්ති නොකලාය.නිවසේ රැඳී සිට දරුවන් සමග සෙල්ලම් කලාය.ඔවුන්ට පාඩම්කියා දුන්නාය.ඔවුන් පාසල් ගිය කල ඔවුන්ට කියවීම සඳහා කතන්දර කවි ලීවාය."

පොතේ පළමු පරිච්ජේදයෙන් කතුවරිය තම කතාවට අදාල පවුල ගැන කෙටියෙන් කරන ලද විස්තරය කතාව ගලාගෙන යාමටත් චරිත සහ අභියෝග වලට මුහුණ දෙන ආකාරයත් .කතාවේ අවසානය තීරණය කිරීමට මහඟු පිටිවහලක් සිදු කර ඇත. ලේඛන කලාවට ප්‍රිය කරන ඇය , එය ජිවන චර්යාවක් ලෙසද යොදා ගනී. 20 වන සියවසේ මුල් දශකයේ ලියන ලද මෙම යොවුන් නව කතාවේ චරිතවල සුවිශේෂී ගුණ අද ජිවත් වන සමාජයේ සාර්ථක පවුල් ජීවිතයකට කෙතරම් පිටුවහලක් වන්නේද?

රොබටා හෙවත් බොබී , පීටර්, ෆීළිස්  යන දරුවන්ගෙන් සමන්විත මෙම වාසනාවන්ත පවුල පිටර්ගේ දසවන උපන්දිනය දා පියාගෙන් ලැබුණු සෙල්ලම් කෝච්චියක් විය.එය බිත්තියේ වැඩි කැඩී බිඳී යාම , පියාගේ රැකියාව අහිමිවී ඔත්තුකරුවකු ලෙස සලකා සිරබාරයට ගැනීම ත් සමගින් පවුල මහා ව්‍යසනයකට පත්වීමේ පෙරනිමිත්තක් ලෙස කතුවරිය යොදාගෙන ඇත.

"පැමිණි දුක් පැණි රසයි යන කියමන සනාථ කරමින් එඩිතර ගැහැනියක් ලෙස අභියෝග වලට මුහුණ දෙන අම්මගේ භූමිකාව ඉතාමත් ආකර්ශනීය ලෙස කතුවරිය විසින් නිර්මාණය කර තිබේ. ලන්ඩන් නගරයේ සිට ගම්බද නිවසර පැමිණ අභියෝග වලින් පිරුණ  කාලයක් ගත කරමින් එම පරිසරයට අනුගත වී පාසල් අධ්‍යාපනය පවා අහිමි වී ළමුන් මුහුණදෙන අත්දැකීම් වලින් පාඨක සිත කෝච්චියේ ළමයි කතාවට ඇඳ බැඳ  තබා ගැනීමට ලේඛිකාව සමත්වී ඇත.

"දේව දුතයකු බිහි වන්නේ සුර ලොවක මිස අපයකින් නොවේ "දෙමවුපියන්ගේ යහපත් හැසිරීම් රටාව දරුවන්ට කොතෙක් දුරට බලපායිද?මෙම ධර්මතාවය පෙරට වඩා වත්මන් සංකීර්ණ සමාජයට ගැලපේ. අලුතින් පැමිණි ගැමි පරිසරයේද විවිධ ක්‍රියාකාරකම් වලට සහ පරිසරය රසවිඳිමින් සංචාරය කිරීමට , ගැමියන්ට උදව් උපකාර කිරීමට මෙම දරුවන් තිදෙනා පෙළඹේ.ඔවුන් තරමක් දඟකාර වුවද එම පරිසරය ආලෝකමත් කරන චරිතයන් බවට පත් වේ.

දිරිය මවගේ ආදරණිය බව සහ දරුවන්ගේ පරෝපකාරී ගතිගුණ හරහා ඔවුනට මාපිය සෙනෙහස , වැඩිහිටියන්ගේ සමාජයේ යුතුකම් ,ඔවුනට එදිනෙදා ජීවිතයේදී හමුවන විවිධ මිනිසුන් වුන්ගේ ජිවිත ප්‍රීතිමත් කිරීමට හේතු සාධක වේ.

කඳුකර පෙදෙසක ගැඹුරු නිම්න, බිංගෙවල් මැදින් දිව යන කෝච්චිය පරිසරයේ තුරුලතා පාඨකයා අමන්දානන්දනිය ලොවකට ගෙන යන්නේ මනසේ චිත්තරූප මවමිනි.එමෙන්ම වයසට වඩා දැනුමක් පරිසරය ඔස්සේ ලබා ගන්නා මෙම දරුවන්ගේ වීර ක්‍රියා සිත් ඇදගන්නා සුළුය.

ළමයින් සමග මිතුරුවන කෝච්චියේ මහත්මයා මානව දයාවෙන් යුතු සුවිශේෂී චරිතයක් ලෙස නවකතාවට ආලෝකයක් ගෙන එයි.

අතරමං වූ විදේශීය ලේඛකයකුට උදව් කිරීම, දුම්රිය උමගේදී අනතුරකට ලක්වූ ජිමිව සුවපත් කිරීම , ඟේ නවතා තිබු පාරුවක නිදා සිටි කුඩා බිලිඳකු ගින්නකින් බේරා ගැනීම වැනි බොහෝ යහපත් ක්‍රියාවන් මොවුන් අතින් මෙම ගම්මානයේ ගත කල සමයේදී සිදුවිය.

කෝච්චියේ ළමයි කෘතිය ළමා , යොවුන් , වැඩිහිටි යන සීයළුම පාඨක පිරිස් වෙත එකසේ කියවා රසවිඳිය හැකි නවකතාවකි.























Saturday, September 14, 2019

සන්සරසිඳු ගේ සැබෑ වූ හීනය "ගායා "

 මුහුණු පොතේ පොත් සමුහයන් තුළ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස හඳුනා ගත් සන්සරිඳු සොයුරා තම උසස් පෙළ විභාගයෙන් පසු කැමිලස් පුවත්පතේ ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කල අතර මොහුගේ ලේඛන ජීවිතය ආරම්භ වනුයේ මීට වසර ගණනාවකට පෙර එනම් 1998 වසරේදීය.

7 වසරේදී විජය සඟරාවේ 21 වැනි සියවසේ දරුවෝ  අතිරේකයෙහි  පළ වූ මැවුම්කරුවා විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව මොහුගේ ලේඛන කලාවට තැබූ මුල පුරණයක් විය.ඉන්පසු  9 වසරේදී එනම් 1998 වසරේදී යුනෙස්කෝ අනුබද්ධ ව්‍යාපෘතියක් වූ කොළඹ ළමා පොත් සංගමය විසින් 14 වැනි වරට පැවැත්වූ වසන්ත ළමා සාහිත්‍ය කඳවුරෙහි සමස්ත ලංකා දෙවන ස්ථානය හිමි කර ගත් අතර ආඩම්බරකාර සිංහයා නමින් ළමා කෘතියක් සන්සරසිඳු සොයුරා විසින් රචනයට පාත්‍ර  කරන ලදී.

ඉන්පසු තම ලේඛන කලාව දියුණු කර ගනිමින් විද්‍යා ප්‍රබන්ධ රචනයෙහි යෙදෙන සඳුන්සොයුරා
මොහු බ්ලොග් ලොව සන්සරනිදු යන නාමයෙන් කෙටි කතා එකතුවක් රචනා කරන ලද අතර එම කෙටි කතා සියල්ලම 2004 වසරේදී විදුසර පත්තරේ පළවූ වුහ. එම කෙටි කතා සමුච්චය ගායා නමින් 2019 සැප්තැම්බර් 8 වැනි දින පාඨක සිත් සතන් අභියසට එළිදක්වන ලදී.

ගායා කියවීමට ගත් මොහොතේ පටන් මා ඈත අහසේ තරු මණ්දාකිණි අතර සැරි සරන්නට ගත්තේ මනසින් වුවත් එම අතරමන් වීම සැබෑ ජීවිතයේදී පැය කිහිපයක් පුරාවට මා දෑස තරු ලොවින් මුදවා නොගෙන ඉර හඳ තාරකා අතර සැරිසැරුවේ පොතින් දෑස ඉවත් කරගැනීමට සිතක් නොමැතිවය .

ගායා කෙටි කතා සංග්‍රහය දෘඩ  විද්‍යා ප්‍රබන්ධයට අයත් නොවන අතර ෆැන්ටසි විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් අයත් කෘතියකි.මෙය පාඨකයාට කිසිඳු ආයාසයකින් තොරව රසවිඳිය හැකි සැබෑ රසයකින් යුතු විද්‍යා ප්‍රබන්ධයකත් ෆැන්ටසියකත්  ලක්ෂණ ද්විත්වයම අන්තර්ගත වූ අපුරුම කතා පෙළකි.සඳුන් සොයුරා විසින් මෙහිදී භාවිත කරන ලද සරල භාෂා හැසිරවීම පාඨක සිත් ඇඳ බැඳ ගන්නා සුළුය.එම වචන ඔස්සේ රසවිඳින්නාගෙ සිතේ චිත්තරූප මවනා අතර සැහැල්ලු සුමග ගලායාමකි .

මෙම සෑම කතාවකම අන්තර්ගත වුන විද්‍යාත්මක කරුණු මනා පරිකල්පනික ශක්තියකින් එළිදක්වා තිබීම මෙම කතා සංග්‍රහයේ සුවිශේෂීම කරුණ ලෙස මට හැඟුණි. එමෙන්ම මෙම කතා ඔස්සේ සඳුන් සොයුරාගේ සිතෙහි ඇතුලාන්තය විහිදී ඇත්තේ පෙරදිග විද්‍යා ප්‍රබන්ධ කලාවටය, අධි මානසික ශක්තිය, බ්‍රහ්ම  ලොව සහ මිනිසුන්ගේ භාවනාමය ශක්තිය , වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙක් පර්යේෂණ වලට පවා ලක් කරන පුනර්භවය වැනි පෙරදිග විද්‍යාත්මක අදහස් බටහිර විද්‍යා ප්‍රබන්ධ අදහස් සමග අවියෝජනීය බැඳීමකින් යුතුව මෙහෙයවීම අපට දකින්නට රසවිඳින්නට ලැබෙන ලක්ෂණයකි.

සාහිත්‍යයේ ඇසු පිරු තැන් ස්පර්ෂ කරමින්  අපුරු රසවින්දනයකින් සපිරූ ලේඛකයෙකු ලෙස සඳුන් සොයුරාව අපට හැඳින්විය හැක.මෙම ලේඛකයා විසින්  ලියන ලද මෙම කතා එකතුව චිත්‍රපටියක් රසවිඳින්නාක් මෙන් රසවිදිය හැකිවීමද සුවිශේෂී ලක්ෂණයකි.මෙහිදී ප්ලේටෝ සින්ද්‍රමය  මා සිත් ගත් කතාව වන අතර විද්‍යාවත් ප්‍රේමයත් එකට එක් කල විරහව ප්‍රේමය වෛරය එක්තැන් වූ අපුරුම කතාවකි.

" තමා කාලෙක පණ මෙන් ආදරය කළ යුවතිය කෙරෙහි දැන් ඔහුගේ සිතෙහි නලියන්නේ තදබල වෛරයකි.ඒ ඇය විසින් ශේෂ කර යන්නට යෙදුනු විප්‍රයෝගයේ වේදනාවේ අවසන් ස්වරූපයයි.ඇය ඔහුට කළ දේ සම්බන්ධයෙන් ඔහු කිසිදිනෙක ඇයට සමාවක් නම් නොදෙනු ඇත. "

මෙම සෑම කතාවක්ම වෙනස් වුද රසවත් කතා සමුච්චයක් වන අතර චිත්ත වෛරයස කතාවෙන් ඉස්මතුවන යථාර්තය අද වන විට ලොව සිටින මිනිසුන්ට අත්විඳින්නට ලැබීම ද ඉතාමත් කණගාටුදායක සිදුවීමකි.ඇත්ත වශයෙන්ම සාමාන්‍ය කතාවක් ලියනවාට වඩා  විද්‍යා ප්‍රබන්ධයක් ගැන සිතන එක සේම ලියන එකද  ඉතාමත් අසීරු කාර්යභාරයක් වේ.මන්ද එය ප්‍රබන්ධයක් සේම ලොව භෞතික තත්වයේ සත්‍ය එලි කරන ගවේෂණය ක් ද විය යුතුයි.භෞතික විද්‍යාවට ඉඳුරාම පටහැනි දෙයක් ලියුවහොත් එය ප්‍රතික්ෂේප වන අතර එය අද්භූත සංසිදුවීම් වලින්ද සපිරුණු නිර්මාණයක් විය යුතුයි. නමුදු මෙම සියලු අභියෝග සඳුන් සොයුරා ජයගෙන ඇති බව පැවසීම ඔහුව මුදුන් අත්තක තැබීමක් නොව මාගේ අවන්කවම සිතට දැනුනු හැඟීම බව පැවසිය යුතුය.

තමන්ටම අනන්‍යවූ ලේඛන ශෛලියක් හිමි සඳුන් සොයුරා මෙහිදී එක් කරන ලද ප්‍රහාරය නමැති කතාවේ අභ්‍යවකාශයේ පාවූ  දුවිලි පටලයක් පිපිරී යාමෙන් සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වූ ආකාරය සහ වල්ගා තරුවක වල්ගා කොටසෙහි ඇති විෂ සහිත දූලි අංශු වැනි කරුණු ප්‍රයෝජනයට ගෙන කතාව විද්‍යාත්මක ලක්ෂණ වලින් වර්ණවත් කර ඇත.

ඈත එපිට තරුවකින් ආ පණිවිඩයෙන් කියවුනේ ඔවුන්ගේ ලොවට ඔබව සාදරයෙන් පිළිගන්නා බවයි.ඔවු ... දයාබර සොයුර ඈත එපිට තරුවලින් ග්‍රහලෝක වලින් ඔබට තව තවත් පණිවිඩ ඒවි. එම පණිවිඩ රසවත් ආකාරයෙන් විද්‍යා ප්‍රබන්ධ ලෙස පාඨක අපවෙත ගෙනහැර පෑමට තව තවත් ශක්තිය ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරමි.




Monday, September 9, 2019

ගිරය - පුණ්‍යකාන්ති විජේනායක මහත්මිය

මිනිසාගේ උතුම් කාර්යයන්  සඳහා ඊශ්වර දෙවියන් විසින් නිර්මාණය කළා යැයි සැලකෙන"ගිරය"වස් දොස් දුරු කර ශාන්තියක් ලබා දුන් ආයුධයක් සේම සමාජ ක්‍රම දෙකක දෙකඩ වීමේ සංකේතයක්  ලෙස භාවිතා කරමින් ගිරය නව කතාවේ තේමාව උද්දීපනය කරයි.

ඉංග්‍රීසි භාෂාවෙන් නව කතා කෙටි කතා  කීපයක්ම රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකා  පුන්‍යකන්ති විජේනායක කතුවරිය විසින් 1971 වර්ෂයේදී ඉංග්‍රීසි බසින් ලියන  ලද "Giraya " සිරිල් සි පෙරේරා  මහතා විසින් ගිරය නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කෘතිය මගින් පාරම්පරික වලව්වකට විවාහය සිදු කරන ලද සරසවි අධ්‍යාපනය ලැබූ දුප්පත් තරුණියක් එහිදී මුහුණ දෙන සිදුවීම් සමුදායත් ඇයගේ දිනපොත මගින්  අනාවරණය කරන ආකාරයකින් මෙම නව කතාව රචනා කර ඇත.

මෙහිදී වැඩවසම් සමාජයේ ලක්ෂණ නුතන සමාජයට පරිවර්තනය වීම පමණක් නොව , මෙම නව කතාව රසවිඳීමේදී  විවිධාකාරයෙන් පුරුෂාධිපත්‍ය ට සහ සමාජීය පිඩනයට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකුගේම භූමිකාවන්  අපට කතුවරිය විසින් මුණ ගස්වනු ලබයි.මෙහිදී ලේඛිකාව මෙම විවිධ චරිත වල පතුලටම කිඳා බැස හෙළිදරව්  කරන ආකාරය ප්‍රසංෂනිය වේ. වචනයෙන් විස්තර කරනවට වඩා උපමාරුපක මින් ලේඛිකාව මෙහි එන චරිත විස්තර කරයි.

"ලුසිහාමිගේ   විරූපී වූ අඳුරු මුහුණ " අවුල්වූ අපිරිසිදු හිසකෙස් වලින් වැසුනේය.ඇ ගතින් මිටි වුවද ශක්තියෙන් කෘර විය.ලුසී හාමිගේ ඇටකටු වල කුළු හරකකුගේ ශක්තිය ඇත.ඈ  එම ශක්තිය වලව්ව මැදින් දිව ගිය අහිංසක ළමයකුට විරුද්ධව පාවිච්චි කරයි.

 ධනවත් මුදලිවරයකුගේ පුතෙකු වූ සැමියාගේ,දුරාචාරය නිසා වලව්වේ හාමු සමාජයෙන් පලිගනිමින් සිය ජීවිතය ගෙවා දමයි. සැමියාගේ විකෘති ගතිපැවතුම්,ආදරය සෙනෙහස නොලැබීම,එකම දරුවාට නොසැලකීම සහ වත්මන් සමාජ පැවැත්මට ගැටළුවක් වූ සමලිංගික සම්බන්ධතා නිසා පිඩා විඳින කාමිණි,මවගේ පවුල් අභිමානය නිසා විවාහය පමා කරමින් කලකිරීමට පත්වන මානෙල් , ජිවිත කාලය පුරා වලව්වට බැලමෙහෙවර කරන ලුසී හාමි මෙම කතාවෙන් නිරුපණය කරන විවිධ භූමිකාවන් වේ.කාමර දෙකක වෙන්ව වාසය කරන ලාල් , කාමිණි සහ දරුවා සමාජයේ දැකිය හැකි විශාල පවුල් ඝට්ටනයක්  නිරුපණය කරයි.තමා යන එන තැන් පිලිබඳ කිසිවක් බිරිඳට නොපවසන පිරිමින් ඇසුර ප්‍රිය කරන , නිර්දෝෂී බිරිඳට අභූත චෝදනා එල්ල කරමින් මානසිකව පිඩා කරන , බිරිඳ සහ දරුවා පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන, මවගේ ඇසුරෙහි ජිවත්වන චරිත ප්‍රසිද්ධියේ නැතත් අද සමාජයේ පවා දැකිය හැකිය. පවුලේ අභිමානය හෝ ලැජ්ජාව නිසා මේවා සමාජයට හෙළි නොවන සැඟවුණු චරිතයන්ය .

" ලොකුට පුලුවන්ද කූඩුව බඳින්න ?මම කුඩුවට සුදු වෙසක් කඩදාසි අලවන්නම්.එතකොට අපේ කූඩුව සුදු වලාකුලක් වගේ ලස්සනට පෙනේවි "

.වලව්වේ තාප්ප වලට සහ නැන්දම්මාගේ සහ සැමියාගේ පීඩනයෙන් හෙම්බත්වුන කාමීනිගේ නිදහස සොයා යාමේ අරගලය මින් නිරුපණය කරයි. මිනිසා නිදහස කෙතරම් ප්‍රිය කරයිද? එය නැතිවූ තැන කෙතරම් සිහින මවයිද ? පාවෙන වලාවක් සේ ඉබාගාතේ යාමට නොව පහන් කුඩුවක් මෙන් පවුල , නිවාස ලස්සන කිරීමට , ආලෝකමත් කිරීමට  එම නිදහස ඇයට ලබා දිය යුතුය.

1970 - 1971වර්ෂ වල ශ්‍රී ලංකාවේ ඇතිවූ  කැරැල්ල විශේෂයෙන්ම තරුණ පරපුරට බලපෑ සාධකයක් වූ අතර එහි යම් ප්‍රතිගාමී ලක්ෂණද කාමිණිගේ චරිතයෙන් ඉස්මතු වී පෙනේ .එමෙන්ම 1965 - 1970 අතර කාලසීමාව තුළ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සිංහල මාධ්‍යයට පරිවර්තනය වීම හේතුවෙන්උගත් පරම්පරාවට සන්නිවේදන අංශයෙන් ද දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදුවිය,අගනුවර අධ්‍යාපනය ලැබූ ලාල් ඔහුගේ සොයුරිය සහ වලව්වේ හාමු ඉංග්‍රීසි කතා කරන ඉහල ධනපති පන්තියට අයත් වූවන් වන අතර කාමිණි ට ඔවුන් සමග ඉංග්‍රීසි කතා කිරීමේදී යම් අපහසුතාවයන් ඇති වේ.මෙම සිද්ධිය ඉංග්‍රීසි ලේඛක ජේ එස් තිස්සනායගම් මහතාගේ " Misunderstanding" කෙටි කතාව සිහිපත් කරවයි.

"හිරු එළිය ලබා ගැනීමේ අශාවෙන් බලාපොරෝත්තු රහිත සටනක යෙදී සිටින, අකුල් අස්සේ තැනින් තැන තවමත් ඉතිරිවී තිබෙන රෝස පඳුරු වල මල් පිපේ. වත්තෙන් පෝෂණය වූ ඒ මල්පැල,ඒ ජිවය ලේසියෙන් අත්හැර නොදමයි.මෙය
මෙලෙසින්ම වලව්වට බද්ධවූ කාමිණි තමාගේ අනාගතය දැක ගැනීමට දරන උත්සාහයේ සංකේතයකි .

අවසානයේදී ඇය තමාගේ සහ දරුවාගේ ජීවිතය පිලිබඳ ගන්නා තීරණය කුමක්ද ?ගිරය සත්‍යයෙන්ම ඔබ විසින් කියවිය යුතු සමාජ ගවේශණාත්මක සංසිද්ධින්ගෙන් හෙබි නව කතාවකි.






Thursday, August 29, 2019

ලන්තෑරුම් දහසේ නිවහන - වික්ටෝරියා හෝල්ට්



1906දී එංගලන්තයේ උපත ලද එලිනෝර් හිබර්ට් නම් යුවතිය ආරූඪ නම් කිහිපයකින් සිය ග්‍රන්තකරණයේ යෙදුණි. එනම් වික්ටෝරියා හෝල්ට්, පිලිපා කාර් සහ ජීන් ප්ලේඩි යන නම් වලින් වූ අතර වඩාත්ම ඇය ප්‍රසිද්ධ වූයේ වික්ටෝරියා හෝල්ට් යන අන්වර්ථ නාමයෙනි. ඇයගේ ජීවිත කාලය තුළ  නවකතා 200කට අධික සංඛ්‍යාවක් පළ කළාය.මිඩ්ල්සෙක්ස් විශ්වවිද්‍යලයේ උපාධිදාරිනියක් වන අතර ලොව් විශිෂ්ටතම ලේඛයින් වූ චාර්ල්ස් ඩිකන්ස්, එමිලි බ්‍රොන්ටේ, ජෝර්ජ් එලියට් වික්ටර් හියුගෝ ,ලියෝ තොල්ස්තෝයි වැනි ලේඛකයන් ගේ අභාශය ලැබුවාය .

සේමාලි කැල්ලපත මහත්මිය විසින් පරිවර්තනය  කරන ලද ලන්තෑරුම් දහසේ නිවහන වික්ටෝරියා හෝල්ට් විසින් රචනා කරන ලද The House of A Thousands lanterns යන කෘතියේ පරිවර්තනය යි. මෙය එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක ජීවත් වුන දැරියක් කඳු නගින්නන්ට මං පෙන්නන්නකු වූ තම පියාගෙ අභාවයෙන් පසුව "රෝලන්ඩ් ක්‍රොෆ්ට් " නම් මහා මන්දිරයක ජිවත් වීමට යෑම වටා ගෙතුණු සුන්දර කතාවකි.මෙම දැරිය ජේන් වූ අතර ,මව ලින්ඩ්සේ මහත්මිය විය.

මෙම මන්දිරයේ අයිතිකරු වන මිල්නර් සිල්වෙස්ටර් චීනයේ නිෂ්පාදිත වටිනා කෞතුක භාණ්ඩ මිලට ගෙන විකුණන  ව්‍යාපාරයක් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකි.චීන කැටයම් ,පහන්, පිගන් භාණ්ඩ ,ප්‍රතිමා ආදිය පිලිබඳ මනා කළාත්මක දැනුමක් ඔහු සතුවිය.

බාලිකා පාසලක අධ්‍යාපනය නිම කරන ජේන්,මිල්නර් මහතාගේ කෞතුක භාණ්ඩ කලාගාරයෙහි රැකියාවක් ලබාගෙන සේවය කරන අතර මිල්නර් මහතාගෙන් ගෙන් ලද දැනුම් සම්භාරයෙන්පන්නරය  ලැබුවාය  , එහිදී ජේන්ට  හමුවන මිල්නර් මහතාගේ සොයුරාගේ පුතකු වූ ජොලිෆර් ගේ ආදරය නිසා ඇයට ජිවිතයේ විවිධ හැලහැප්පීම් සහ ඝට්ටනයන්ට මුහුණ දීමට සිදුවේ.අහඹුව ඇයගේ ජීවිතයට එක්වන ජොලිෆර්  හේතුකොටගෙන ඇයගේ ජීවිතයේ සිදුවන පෙරළිය ඉතාමත් සුන්දරව කතුවරිය  විසින් රචනයට ලක් කර ඇත.

ජෝලිෆර් විවාහකයකු බව අනාවරණය වීමත් ,මවගේ මිය යාමත්  , කුස තුළ සිටි දරුවා සමග මිල්නර් මහතා සමග විවහා වී හොංකොං නගරයේ පිහිටි ලන්තෑරුම් දහසේ මන්දිරය වෙත යාමට යොමු වන මෙම කතා නායිකාව පසුපස මරණයේ සෙවණැල්ල ගමන් කරන අතර මෙම සිද්ධීන් දාමය කුතුහලය සහ ත්‍රාසය නංවන අයුරින් රචනා කර ඇත. ලන්තෑරුම් දහසේ නිවහන යනු , චීනයේ මැන්ඩරින් වරයකුට අයත්ව තිබු සුන්දර එමෙන්ම අත්භූත සිද්ධීන්ගෙන් ගහනවූ මන්දිරයකි.

පසුකාලීනව ඇයගේ ජීවිතයට උදාවන අඳුරු යුගයත් සමගින් ආදරය සිතේ සඟවාගෙන දිරිය ගැහැණියක් ලෙසින් ජීවිතයට මුහුණ දෙයි.ඒ අතරතුර ලන්තෑරුම් දහසේ මන්දිරයෙහි  අයිතිකරු වීමට ඇයට ඉඩකඩ ලැබෙන අතර එහි  සැඟවී ඇති රහස සොයා  යාමේදි ඇයට විවිධ ත්‍රස්ත්රජනක සිදුවීම්  වලට මුහුණ පෑමට සිදුවේ.එය කූතුහලය නංවමින් රචකයා ලියා ඇති ආකරය ලගන්නාසුලුය.මෙය පසුපසද සිටින්නේ කාන්තාවකි,

මෙම නවකතාවේ ප්‍රධාන චරිතයක් වන වැඩිහිටියෙකු වූ සිල්වෙස්ටර් මහතා පවසන මෙම සත්‍ය  සියලුම කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද පොදු ධර්මතාවයක් බව පෙනේ.

"දැන් ඔයා යලිත් නැගි සිටින්න ඕනි .මේ වගේ ඛේදවාචක ජිවත් වීම නම් ව්‍යාපාරයේදී ඕනි තරම් තියෙනවා,එත් එකක් මතක තියා ගන්න .
"විපත හැමවිටම චරිතය ශක්තිමත් කරනවා.ලෝකයේ මුළුමනින්ම හොඳ හෝ නරක කියා දෙයක් නැහැ."

නුහුරු පරිසරයක විවිධාකාරය හැගීම් අදහස් වලින් පිරුණු මිනිසුන්ගෙන් ඇය ලද ජීවන අත්දැකීම් බොහෝය.එංගලන්තයේ සමාජ පසුබිමට සහ සිරිත් විරිත් වලට බෙහෙවින්ම වෙනස්වූ සමාජ පසුබිමක විවිධ වු මිත්‍යා විශ්වාස ,සිතුම් පැතුම් හා ගැටෙමින් ජේන් මේ සියළු අභියෝග ජයගනී. මිත්‍යා විශ්වාස හේතුකොටගෙන සමාජයේ විවිධ පුද්ගලයන්ගේ විවිධ හැසිරීම් අපට මෙ කෘතියෙන් මනාව අධ්‍යයනය කිරීමට ඉඩකඩ ලැබීම මෙහි ඇති විශේෂත්වයයි.

" මම සදහටම ඔබට ආදරය කළෙමි"

අප සැමදාම අපගේ් වූයේය. මරණයටද අප වෙන්කළ නොහැකි විය"

අපගේ ආදරය සදාකලිකය"

සැකසුම නිලක්ෂි බණ්ඩාර










Wednesday, August 14, 2019

ලොව පැරණිතම පුස්තකාලය ඇලෙක්සැන්ඩ්‍රියා



මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පුර්ව 331දී ඇලෙක්සැන්ද්‍රියාව සොයා ගන්නා විට එම නගරය පාරාවෝ රජුන් විසින් අත්හැර දැමු නගරයක් විය.පසුව ඔහු එම නගරය ඊජිප්තුවේ අගනුවර බවට පත් කල අතර වයස අවුරුදු 32දී ඔහු මිය යන ලදී.ඔහුට හෙලනිස්තික සංස්කෘතිය සහ සාහිත්‍ය එම රාජ්‍යයේ ප්‍රචලිත කිරීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා අනික් රාජ්‍යතාන්ත්‍රිකයින් සහ වැසියන්ව ඔහු පෙළඹුවේය.ඉතිහාසඥ රෝයි මැක්ලිඩ් (Roy McLeod ) මෙය නම් කරන ලද්දේ අධිරාජ්‍යවාදී සංස්කෘතිකමය වැඩසටහන ලෙසිනි.

පුරාණ ලෝකයේ ඇලෙක්සැන්ද්‍රියාව වැඩියෙන්ම ප්‍රචලිත වූ කරුණ වන්නේ ලොව පැරණිතම පුස්තකාලය එහි පිහිටා තිබ්මයි.ටොලමිගේ රාජ්‍ය සමය වූ ක්‍රිපු 361දී මෙය නිර්මාණය කරන ලද අතර එහි මුලරම්භාකයා වුයේ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල්ගේ ගෝල දිමිත්‍රියස් ( Demistriyas ) ය.එමෙන්ම උසස් විද්වතකුඩා දර්ශනිකයකුද වූ මහා කවි කාලිමවුස්  විශේෂ විද්වත් මණ්ඩලයකගේ සහය ඇතුව
දෙවෙනි ටොලමි රජු හා එකතු වූ පලවෙනි ටොලමි රජුගේ මෙම උත්සාහය මුදුන්පත් කරවන ලදී.මෙහි විශේෂත්වය වන්නේ යුදෙව් ජාතික විද්වත්  මණ්ඩලයක් ද  මෙම කණ්ඩායමට ඇතුලත්වී තිබීමයි.

ඇරිස්ටෝටල් දාර්ශනිකයා විසින් ආරම්භ කල ලයිසියම් විශ්වවිද්‍යාලයේ ආකෘතියට අනුව මෙම මහා පුස්තකාලය ගොඩ නගන ලදී.මියුසෙස් (Muses ) නම් ග්‍රීක දෙවොලේ සේවය කරන උගත් බුද්ධිමතුන්ට පරිහරණය කිරීම උදෙසා මෙම පුස්තකාලය ගොඩ නැගු බව කියවේ.මියුසස් යනු කලාවට සහ අධ්‍යාපනයට අධිපත දෙවිඳුන් ලෙස සැලකේ.
මෙම පුස්තකාල භුමියේ දැනුම ලබගන්නන්ට සක්මන් මලු නිර්මාණය කර තිබුනේ එකිනෙකා හා සංවාදයේ සහ සාකච්චා වල යෙදීමටය.

ඒජියන් මුහුදේ පිහිටි රෝඩ්ස් (Rhode) දුපතෙන් සහ ග්‍රීසියේ පවතී පොත් සල්පිල් වලින් මෙම පුස්තකාලයට පොත් ලබා ගන්නා ලද අතර මේ සෑම පොතක්ම පාහේ පැපිරස් පත්වල ලියන ලද ඒවා වේ.එම පොත් ලක්ෂ ගණනක් ගබඩා වල තැන්පත් කර තිබී ඇත.පැපිරස් පත්‍ර වලින් සදා තිබුණු මෙම පොත් බිබිලියෝතෙකයි (Bibilithekai  ) ලෙස හඳුන්වා ඇති අතර "මෙය වූ කලි ආත්මය සුවපත් කරන තැනකි යන විශේෂ පාඨය  සඳහන් කර තිබි ඇත.

මෙම පුස්තකාලයේ විවිධ විෂය ක්ෂේත්‍රයන් ගණනාවක් යටතේ විවිධ ලේඛකයින් විසින් රචනා කරන ලද පැපිරස් සහ මැටි ලේඛන මිලියන 7ක ප්‍රමාණයක් තැන්පත් කර තිබු බවද සඳහන් වන කරුණකි.මෙහි කටයුතු සිදුකිරීම උදෙසා පුස්තකාල වේදීන් පිරිසක් වෙනමම කතෘ මණ්ඩලයක් ලෙසින් සේවය කර ඇත.ලොව පළමු පුස්තකාල ග්‍රන්ථ නාමාවලියද නිර්මාණය කිරීමේ ගෞරවය අයත් වන්නේ මෙහි සේවය කල කැලිමාක්ස්
(Calimachus ) ටය. මේ පිලිබඳ දැනගත් ක්ලියෝ පැට්‍රා රාජිනියගේ ස්වාමියා වූ මාර්ක් ඇන්ටනි විසින් මෙම පුස්තකාලයට තුර්කියේ පෙරිගාමම් (Perigumam ) පුස්තකාලයෙන් ඉල්වා පොත් දෙලක්ෂයක් පරිත්‍යාග කල බවටද මතකයක් පවතී.

නමුදු අවාසනාවකට පසුකාලීනව මෙම මහා විශ්ව දැනුම් සම්භාරය ක්‍රිස්තුපුර්ව 48දී එනම් ජුලියස් සීසර් රජ සමයේදී ගිනිබත් බි විනාශ කර ඇති අතර මාක් ඇන්තනි පසුව පොත් දෙලක්ෂයක් පුස්තකාලයට පරිත්‍යාග කරන්නේ මේ සිදුවූ දෙයට වන්දියක් බවට ද මතයක් ඇත.

විනාශ වී ගිය පුස්තකාලය නැවතත් ප්‍රතිසංස්කරණය කල යුතුයි යන අදහස 1974දී අලෙක්සන්ද්‍රා විශ්වවිද්‍යාලයේ සභාපති වූ ලොෆ්ටි දොවීදාර්  විසින් යෝජනා කරන ලද අතර ,1986දී යුනෙස්කෝ සංවිධානයේ විධායක මණ්ඩලයෙන් මෙම ඉල්ලීම ඊජිප්තුව විසින් කරන ලදී.2002 දී මෙය නැවතත් පිළිසකර කර ඇති අතර ග්‍රහලෝකගරයකින් ද පුරාණ අත්පිටපත් ප්‍රතිසංස්කරණය කරන පර්යේෂනාගරයකින්ද මෙය සමන්විත වේ.

මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Library_of_Alexandria

Tuesday, August 13, 2019

අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානය

Image result for අම්බුළුවාව

අම්බුළුවාව ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේදී යක්ෂ ගෝත්‍රිකයින්ගේ  ජන්මභුමියක් බවට හෙළිවී ඇත.ගම්පොල නගරයට බටහිරින් පිහිටා ඇති මෙම ප්‍රදේශය ගිරි ශිඛරයකින් යුතු පෙදෙසක් වන අතර සතර කෝරලය හා උඩ පළාත වෙන් කරන ප්‍රකාරයක් බඳුය.මෙම ප්‍රදේශය වර්තමානය වන විට ජෛව විවිධත්වයකින් යුතු මධ්‍යස්ථානයක් සේම සර්ව ආගමික මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රචලිතය.

අම්බුළුවාව යන නම සැදී ඇත්තේ ජලය හඳුන්වන අම්බ යන වචනයත් උල්පත් හඳුන්වන උල යන වචනයත් එකතු විලෙනි , එනම් අම්බ + උල - ආ ගල = අම්බුළුවාගල ලෙසය.මෙම කඳුවැටිය දිය උල්පත් රැසක එකතුවෙන් සෑදී ඇති අතර  මට්ටමේ සිට ආදී 3567ක් උසින් පිහිටා ඇත.

 පණ්ඩුවාසු දේව රජ්‍යසමයේ ලක්දිවට සපැමිණි උරුවෙල කුමාරයා උරුවෙල ග්‍රාමය පිහිටවන ලද අතර එය මහවැලි ගම ලෙසට පත්වී එය ගම්පල ලෙස පත්වී ඇත.එම ප්‍රදේශයෙන් හමුවූ බ්‍රාහ්මීය සෙල් ලිපි වලට අනුව එම ප්‍රදේශයේ ක්‍රි පු සමයේ සිටම ජනාවාස පැවති බව හෙළි වුණි.එමෙන්ම ඒ අසල රාක්ෂ ගෝත්‍රිකයින් විසු ගම්මානද තිබී ඇත.එමෙන්ම අම්බුළුවාව ප්‍රදේශයෙන් යකඩ ලෝහ කර්මාන්තයෙහි යෙදුනු රාක්ෂ ගෝත්‍රිකයින්ගේ මධ්‍යස්ථානයක් ලෙස පවතී තිබුණු බවට සාධක හමුවී ඇත.පුරාන ජනප්‍රවාද වලට අනුව අළුගොල්ල ගමෙහි පොළව යට තිබී වර්තමානයෙහි පවා යබොර තිබෙන බවද කියවේ.

ගැමුණු රජුගේ යුධ කටයුතු වලට ආයුධ සැපයු ප්‍රධාන ස්ථානයකි කොත්මල ප්‍රදේශය.අනුරාධපුර රාජධානිය ආරම්භයේදී ගැමුණු කුමරුන් මලය ප්‍රදේශයට පැමිණියේ ගඟසිරිපුර ප්‍රදේශය හරහාය.පුරාවිද්‍යා ගවේෂකයින්ට අනුව කොත්මලේ ලෝහ කර්මාන්තයට සුළං බලයෙන් විශාල කෝව තුල යපස් උණු කල පෙදෙසක් සහ දක්ෂ ආචාරීන් බහුල පෙදෙසක් බවටත් ප්‍රසිද්ධ වී ඇත.මෙම ප්‍රදේශයේ මොටතිය නම්වූ ප්‍රාදේශීය නායකයකු කරවූ නියම්ගම්ගය ශිලා ලිපියෙන් ගොඩගම සහ සිංහපිටිය  පිළිබඳව කරුණු සොයා ගත හැක.එම ශිලා ලිපියට අනුව මෙම පෙදෙස ශ්‍රී උර ලෙස හඳුන්වා ඇත.එමෙන්ම එම පෙදෙහෙසි රජ මාලිගයක්ද තිබු බව හෙළි වී ඇත.

එකල ලියවුනු මයුර සන්දේශයෙහි 25 වන කවියෙහි මෙලෙසින් මෙම පුරවර වර්ණනය අන්තර්ගත කිඔට ඇත.

ගහෙන් වියත වියකෙත සිටි සිටි තැනිනි
වහන් කරත මල් මුවරද අකල් හිසිනි
පහන් සඳෙහි රිවිකොත් උදයඟ උඩිනි
පහන් සඳිනි වඩු අම්බුළුවා කඩිනි

මෙම කඳු මුදුනෙහි ගොඩනැගී ඇති නොසිඳෙන රන් තැටියා පොකුණ පිලිබඳ විවිධ පුරාවෘත රැසක් පවතී. 3වෙනි වික්‍රමභාහු රාජ්‍ය සමයේ විසු බිසෝ බණ්ඩාර දේවිය මේ පොකුණෙන් ඉහලට මතුවූ රන් තැටි හතකින් එකක් ගෙන ජලය පානය කොට මුහුණ දොවා නැවත එය පොකුණට දැමු විට එය අතුරුදහන් වූ නිසා රන් තැටියා පොකුණ ලෙස නම ලද බව පැවසේ.

මෙම ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් යුතු ප්‍රදේශයක් බවට පත් කලේ හිටපු තැපැල් ,විදුලි සහ සංදේශ නියාමන අමාත්‍ය දිමු ජයරත්න මහතාය.මෙම ස්ථානය රාජකීය උද්‍යානයක සිරිය ගත්තද හෙළ සංස්කෘතික බැවින් ඉහල වටිනාකමක් ඇති ප්‍රදේශයකි.මහනුවර කළා සම්ප්‍රධායට අනුව මෙහි ප්‍රවිෂ්ඨ වන දොරටුව ගොඩ නගා ඇති අතර තොරණ මහල් තුනකින් සමන්විතය.මෙහි ඉතාමත් සුන්දර ශෛලමය උද්‍යානයක්ද නිර්මාණය කර තිබීම විශේෂත්වයයි.එහි ඇති ස්වබාවික ගල්පර සහ ඒ අතර වගා කර ඇති සුන්දර මල් වගාවන් මෙම ජෛව සංරක්ෂිතයට විසල් සුන්දරත්වයක් එක් කර ඇත.එමෙන්ම විශේෂිත වූ කෘෂිකර්මය පාදක කොටගෙන ගොඩ නගා ඇති අඩි 243ක් උස ගොවිජන සෑය සහ සඳකඩ පහනද , අම්බුළුවාව කඳු මුදුනේ වැව් තුනක්ද පොකුණු 18ක් ද පිහිටා තිබීම මෙහි ඇති සුවිශේෂී අංගයන්ය.

එමෙන්ම මෙම ජෛව විවිධත්ව කලාපයේ විවිධ ශාක වර්ග 200ක පමණ එකතුවක් අපට දැකිය හැක. මෙහි නිර්මිත ගොවිජන සෑයේ මුල් කොටස වී බිස්සක හැඩයටත් ,ඝර්භය වට්ටක්කා ගෙඩියක හැඩයටත් ඉහල කොටස කොකෝවා ගෙඩියක හැඩයෙනුත්  ගොඩ නංවා තිබේ.අවසාන කොටස චුඩා මානික්‍ය වන අතර එය අප රටේ ගොවිතැන සංකේතවත් කරයි.

මෙය සර්වාගමික මධ්‍යස්ථානයක් වන අතර ඔබ එය නැරඹීමට යන විට හැකිතාක් සන්සුන්ව සහ සංවර ලෙස යාමට වගබලා ගන්න.

ලෝක අලි ඇතුන්ගේ දිනය


අද ලෝක අලි ඇතුන්ගේ දිනයයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික පෙරහැර වල දර්ශනීය ඇඳුමින් සරසවා ,ගමන් කරන අලි ඇතුන් කෙතරම් අලංකාර දසුනක්ද?ශ්‍රී දළදා මාලිගාව , කතරගම දේවාලය , ශ්‍රී සුමන සමන් දේවාලය ,කැළණි විහාරයේ පෙරහැර . බෙල්ලන්විල සහ හුණුපිටියේ ගංගාරාමයේ පෙරහැර මින් ප්‍රධාන වේ.එමෙන්ම පංච තුර්ය නාදයට අනුව පාද තබමින් නටන තරුණ අලින් මෙම පෙරහැර වල දක්නට ලැබෙන මනස්කාන්ත දර්ශනයකි.පනාමුරේ ඇත් රාජා සහ මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇත් රාජා ශ්‍රී ලංකාවේ වාසය කළ කීර්තිමත් ඇතුන් දෙදෙනෙකි.එමෙන්ම තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය තුළ අලින්ගේ පිට මත සවි කළ අසුන් මත ගමන් ගන්නා සංචාරකයින් විශේෂිත දර්ශනයකි.

අලින් යනු වර්තමානය වන විට ගොඩබිම  සිටින විශාලතම ක්ෂීරපායි  සත්ව කොට්ටාශය වේ.මොවුන් ඇන්ටිඩෙලුවියන් යුගයට  අයත් වන අතර අප්‍රිකානු  සහ ආසියානු මහාද්වීප  ජන්ම භුමි
යුරෝපීයයන් අතීතයේ ශ්‍රීලංකාව පාලනය කරන ලද අවධියේ දී විනෝදාංශයක් ලෙස  අලි ඇතුන් දහස් ගණනක් මරා දැමු බව ඉතිහාසයේදී සඳහන් වේ.

 රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තුවර්ෂ 43දී එංගලන්තයට ඇතෙකු රැගෙන ආ බව ඉතිහාසයේ සඳහන් වන අතර පසුකාලීනව එංගලන්තයේ අලි සංරක්ෂණ සංවිධානයක් ඇති කරන ලදී,මෙම සංරක්ෂණ ක්‍රියාවලිය ඔස්සේ ආසියානු රාජ්‍යයන්හි සිටින අලි ඇතුන් සංරක්ෂණය උදෙසා අරමුදලක් එකතු කරනු ලබන අතර එය හඳුන්වන්නේ Elephant Parade Conservation campaign යන නමිනි. චාල්ස් කුමරුගේ ඥාතිවරයකු වන මාර්ක් ෂෑන්ඩ් මෙම මෙහෙයුමේ භාරකරු වන අතර ඔහු විසින් මෙහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.ජෝ ඇනා ලුම්ලා මහත්මිය මෙහි ප්‍රධාන අනුශාසක ධුරය උසුලයි.

අලි ආච්චි ලෙස හඳුන්වනු ලැබූ ලොව වයස්ගතම කෙනර වන දක්ෂයානි නම් හිලෑ කෙනර ඉන්දියාවේදී වසර 88ක් ආයු වළඳා මිය ගියාය.මෙම කෙනර කේරළ ප්‍රාන්තයේ චෙන්ගලුර් කෝවිලේ උත්සව සහ පෙරහැරවල් සහභාගී කරවා ඇත.ගිනස් වාර්තා පොතට අනුව නම් ලොව වයස්ගතම හිලෑ  අලියා වන්නේ ලින් වෑ  ය.2017දී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී මිය ගිය ඉන්දිරා නමැති ඇතින්න   වයස 85-90ත් අතර කාලයක් ජිවත් විය.

ලොව ජෛව විවිධත්වය අතින් ශ්‍රීලංකාව ද  ප්‍රධාන තැනක් ගන්නා රටකි.දැනට ලොව පවතින්නේ අලි විශේෂ දෙකක් පවතින  අතර  ඔවුන් නම් අප්‍රිකානු  ( Loxodonta African )සහ ආසියානු  වන (Elephas Maxims) වේ. ආසියානු අලින්ගේ උප විශේශිතයක් වන මොවුන් අප්‍රිකානු අලින්ගේ උප විශේෂ දෙකට  වඩා කුඩා වේ. පැරණි මතිමතාන්තර වලට  අනුව ලංකාව , දකුණු ඉන්දියාවේ කොටසක් ව පැවති අවධියේදී ලංකාවට ඉන්දියාවෙන් අලින් පැමිණි බවද එක්  මතයකි.

මේ වන විට ආසියානු අලියා වාසය කරන්නේ ඉන්දියාව භූතානය, බංගලාදේශය වියට්නාමය ලාඕසය නේපාලය , මියන්මාරය ,තායිලන්තය සුමාත්‍රා සහ ශ්‍රීලංකා යන රටවලය. ආසියානු අලියා ලොවින් වඳවීයන  බවට ඇති ප්‍රධාන සාධකය වන්නේ ඔවුන් රතු දත්ත පොතට ඇතුලත් වීමය.

ලංකාවේ සිටින  විශාලතම ක්ෂීරපායි සත්වයින් අතර අලි ඇතුන් ප්‍රධාන වේ.අලින් හා අපේ සංස්කෘතිය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාවය අපුරුය. අලින් පිළිබඳව පැරණි ජනවහරේ විවිධ ව්‍යවහාරයන් පවතී.
" අලි බැලීමත් බලි බැලීමත් ඇති වන්නේ නැහැ යනු එක් මතයකි. අපේ පැරණි මානවයා සහ අලි අතර ඇති සබැඳියාව ගල් යුගයේ ගල් ගුහාවල තිබී හමුවුණු පැරණි චිත්‍ර වලින් අපට ඔප්පු වේ.

වසර ගණනක සිට ලංකාවේ ජිවත් වන අලි ඇතුන් ට උදාවී ඇත්තේ අසතුටුදායක වාතාවරණයක් වන අතර පසුගිය කාල සීමාව ඇතුලත ගල්ගමුවේ දලපුට්ටුවා ඇතුළු තවත් දළ ඇතුන් සහ අලින් ඝාතනයට ලක්  වූ බව ලාංකීය වැසියන්ට නොරහසකි.

අලින් යනු අර්ධ ජලජ සත්වයකු වන අතර ශාක භක්ෂක සතෙකි.මොවුන්ගේ විශාල මාංශ පේශි ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන මොවුන්ට බොහෝ සෙයින් උණුසුම දැනේ.මොවුන්ගේප්‍රධාන ආහාරය  කොළ වර්ග වන අතර  , ගම වදින අලි ඇතුන් ගොයම් , දිඹුල්,වට්ටක්කා කොමඩු වැනි දේ ආහාරයට ගනී. මේ වන විට උඩවලව ,යාල, විල්පත්තු  , වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන වල  විශාල වශයෙන්ද ශ්‍රීපාදය , ශ්‍රීපාද  සිංහරාජ වැනි වනාන්තර වල අලි සහ ඇතුන් ස්වල්ප දෙනෙක්ද ඉතිරිව පවතී.

2011 වන විට ලංකාවේ අලි ගහනය 5879ක් වූ අතර දැනට සිටින අලි ඇතුන් සංඛ්‍යාව  2500කටත් වඩා අඩුය. සේද මාවතේ සිදුවූ වෙළඳාම් අතර ඇත දළ සහ ඇත් දළ වලින් නිමවුණු කැටයම් භාණ්ඩ වලට විශේෂිත ස්ථානයක් හිමි විය. ඒ අනුව  ශ්‍රී ලංකාවේ ඇත් දළ සහ අලි ඇතුන් වෙළදාමට   වසර 2000කට වඩා  අතීතයක් පවතී. 18 වන සහ 19 වන සියවසේදී ලංකාවේ බොහෝ වශයෙන් අලි ඇතුන් දඩයමට ලක් විය. බ්‍රිතාන්‍යයන් ශ්‍රීලංකාවේ ව්‍යාප්ත කල කොපි සහ තේ වගාව මෙයට ප්‍රධාන හේතුවක් විය,මෙම ඓතිහාසික තොරතුරු බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයින් අතින්ම ලියැවුණු  අලි පාර, තිත්ත කොපි , පාරාදිසියට සඳ පායයි යන කෘතීන් වල අන්තර්ගත වේ.

මේ වන විට දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් 5%ත් 7%ත් අතර ප්‍රමාණයකි.දැනට ඇති අලින්ගේ මරණ වාර්තා වලට අනුව 2018 ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝම්බර් 1 වැනිදා දක්වා  මරණ 271ක් සිදු වූ බවට වාර්තා වේ.

මේ වන විට අලින් රැකබලාගැනීම උදෙසා ලංකාවේ ඇති එකම ස්ථානය කෑගල්ලේ රඹුක්කන පිහිටි  පින්නවල අලි අනාථාගාරයයි..මේ අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක් ලෙසද ප්‍රචලිත වන අතර ප්‍රදර්ශනාගාරයක්,  විදේශ විනිමය උපදවන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් සේම සංරක්ෂක ආයතනයක් ලෙසද ප්‍රචලිතය. මෙය 1975 දී ස්ථාපනය කළ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා අක්කර 25ක භුමි බාගයක් වෙන් කරන ලදී.1987දී මෙය ජාතික සත්වෝද්‍යානය භාරයට පත් කල  අතර 1982දී සත්ව අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම ස්ථානය පිලිබඳ විවිධ පර්යේෂණ වාර්තාසහ පොත් පත් ලියවී ඇති අතර සත්ව සුබසාධනයට අදාලව Born Free Foundation වාර්තාවට ද  විෂය පාදක විය.




Sunday, August 11, 2019

චෙරි වත්ත

ශ්රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ "ද චෙරි ඔචාර්ඩ් කතාව ඇසුරෙන් චෙරි වත්ත නමින් රන්ජිත් ධර්මකිරිති මහතා මහතා 1986 දී පරිවර්තනයට ලක් කරන ලද අතර මහා ගෙදර නමින් සිංහල වේදිකාවට මෙය ගෙන ආවේය. ලෝකයේ විශිෂ්ට නාට්ය දහය අතරට මේ නාට්යයත් ඇතුලත් බව විචාරකයන් විසින් නම් කර තිබේ.

මෙය විශිෂ්ට දෘශ්ය කාව්යයක් විදියටත් ගැනෙන අතර මෙහි අන්තර්ගතය වන්නේ රුසියානු රදළ වැඩවසම් සමාජ ක්රමය බිඳවැටි ධනවාදය හිස ඔසවන කාලයේ වහලුන්ට නිදහස ලැබීම තුළ වහලෙක්‌ ධනපතියෙක්‌ බවට පත්වෙන අතර. ඔහු රදළ සිටුවරයෙකුගේ වත්තක්‌ අයිතිකරගැනීම වටා ගෙතුණු කතාවකි.. එනම් පිරිහී යන වැඩවසම් සමාජය සහ අලුතින් බිහිව එන ධනපති වාණිජ සමාජයත් අතර සන්ධිස්ථානයක් ලෙසින් චෙරි උයන ඇන්ටන් චෙකොෆ් විසින් මෙහි වස්තු විෂය විකාශනය කරන අතර පවතින ක්‍රමයේ සහ නැගී එන ධනපති පන්තියේ අනිටු ප්‍රතිපල දකී.

මෙම කතාවේ ධනපති පන්තිය නියෝජනය කරන ලොප්කින්ගේ හැසිරීම ඇන්ටන් චෙකොෆ් අනුමත නොකරන ලද අතර චෙරි උයන වටා ගෙතුණු අතීත මතකයන් කේන්ද්‍ර කොටගෙන ඔවුන්ගේ සිත් තුල ඇතිවන මනෝභාවයන් ජිවිත තුලට අන්තර්ගත වෙන ආකාරයත් සිහින ලෝක තුල ජිවත් වෙන ගයෙෆ් ගේ සහ රැනවෙස්කෙයා ආර්යාවගේ ජිවිත තම පවුලේ මාන්නය රැක ගැනීම උදෙසා ගෙවන නිර්ලෝබි ජිවිතයේ අවිනිශ්ෂිත බව ඉතාමත් අපුරුවට මේ කෘතිය ඔස්සේ ගෙන හැර පායි.

ට්‍රොපිමොෆ් දාර්ශනික අදහස් ඇත්තෙක් ලෙස සැලකුවත් ක්‍රියාවෙන් සටන කර තම ජීවිතය හැඩ නොගස්වා ගන්නා චරිතයක් ලෙසත් දක්වන කතුවරයා ඒ ඔස්සේ රුසියානු ජන සමාජයේ වෙසෙන අලස බුද්ධිමතුන්ව මතු කර දක්වා ඇත.
මෙහි අතර්ගත සියලුම චරිතයන් ට වඩා වෙනස් වූ ෆියර්ස් මිය යමින් පවතින වැඩවසම් යුගයේ ප්‍රතිමුර්තයක් වේ. වහලුන් නිදහස් කල දිනය ඔහු සලකන්නේ විනාශයකට මුලාරම්භය දුන් දිනයක් ලෙසය. සියල්ලන්ම නිවාස අත්හැර ගිය පසු ඔහු වේදිකාවේ කොනක වැතිරෙන්නේ තමන් කිසිවකුට ප්‍රයෝජනයක් නැති මිනිසකු බව තේරුම් ගනිමිනි. මෙහිදී චෙරි උයනේ ගස් කපා දමන හඬ වේදිකාව පසෙකින් ඇසෙන්නට සලස්වයි.

චෙරි උයන මෙම නාට්‍යයේ බහුවිධ අරුත් සංකලනයක් ලෙස කතුවරයා දක්වා ඇති අතර ගෙවුණු ජිවිතයේ අතිතස්මරනයක් ලෙස දක්වා ඇත. මෙම කතාවේ අන්තර්ගත වන විවිධ දේ ඔස්සේ ගතවුණු අතීතයේ යම් යම් දේ පිලිබඳ ඉඟි ඇන්ටන් චෙකොෆ් විසින් පාඨකයාට ලබා දේ. මෙහි ඇතුලත් වන පොත් අල්මාරිය රදළයින්ගේ මියැදුණු සංස්කෘතිය පෙන්නුම් කරන අතර ඒ ඔස්සේ නව චින්තයනයක් ඇති වෙමින් පවතින බව පිලිබඳ ඉඟියක් ලබා දේ.

චෙරි උයන කෘතිය තුළින් ඇන්ටන් චෙකොෆ් ගේ නිර්මාණශීලි කුසලතාවය මොනවට පැහැදිලි වන අතර පැතලි චරිත නොව ලෙයින් මසින් සැදුණු මිනිසුන්ගේ කතාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.චෙරි උයනෙන් ලබපු අභාෂය හේතුවෙන් "ගම් පෙරළිය" නව කතාව ලිවුවා බව වරෙක මාර්ටින් වික්රමසිංහයන් පවා කියා තිබුණා.

1956 දී මහගෙදර නමින් මෙම චෙරි උයන වෘතාන්තය සිංහලෙන් නිෂ්පාදනය කල අතර මෙහි අනුවර්තනයක් නරඹා තිබු මාර්ටින් වික්‍රමසිංහයන් පැවසුවේ

" එහෙත් විවිධ තරාතිරම් වලට අයත් වැඩවසම් හා ගොවි ජීවිතය අතර පවත්නා සමීප සම්බන්ධය තවමත් ලංකාවේ පවතී.චෙරි උයන නාට්‍යයෙන් නිරූපිත ජීවිතය වූ කලි වර්තමාන ලංකාවේ ජීවිතය දත් බුද්ධිමත් සිංහලයෙකුට යල්පිනුවක් හෝ තේරුමක් නැත්තක් හෝ නොවේ. " යන්නයි.

මෙම කතාවේ අන්තර්ගත සමාජ ක්‍රමය , පෙන්නුම් කරන ආර්ථික ක්‍රමය මෙන්ම භාවමය ජිවිතයද ලාංකීය ජන සමාජයට අනුගත වේ. මුල් කෘතියේ අන්තර්ගත විශේෂ ලක්ෂණ , පසුබිම් හා භාෂාව හසුරුවන විලාසය පරිවර්තන කෘතියේද මුල් කෘතියට හානියක් නොවන පටිද්දෙන් රැක ගැනීමට රංජිත් ධර්මකීර්ති මහතා විසින් ගත උත්සාහය සාර්ථක වී තිබේ.

මෙම කතාවේ එන චරිත අතර ලොප්කින් ,ලුබෝෆ් රන්වෙස්ක්යා ආර්යාව, ග්රීෂා, ගයේෆ් ෆියර්ස් යන චරිත වටා චෙරි උයන කතාව ගොනු වී තිබේ,පිරිහී යන වැඩ වසම් සමාජ පන්තියත් නැගී එන ධනේශ්වර සමාජ ක්රමයත් අතර ප්රධාන සන්ධිස්ථානයක් ලෙස මෙහි කතාව ගොඩ නගන අතර මෙහි දුර්විපාක හොදින් මතු කර දක්වයි.


සේයා රු - අන්තර්ජාලයෙන්

නිලක්ෂි බණ්ඩාර
06/08/2018

Friday, August 9, 2019

එක වහල යට - චම්පිකා විජේසිංහ මහත්මිය


No photo description available.

මහාචාර්ය හේමපාල විජයවර්ධනයන්ට අනුව කවියාගේ මාධ්‍යය වචන වේ.රස නිපදවීම සිදුවන්නේ කවියා වචන හසුරුවන ආකාරයේ දක්ෂකම උඩයි.කාව්‍ය විචරයෙදී මෙන්ම රසස්වාදයේදීත් සහුර්දයාගේ විග්‍රහයට හසුවන්නේ මේ වචන ප්‍රබන්ධයයි.ඔහු රසය දකින්නේ මේ කවාටය තුළිනි.එහෙයින් කාව්‍යයක අගය විමසිය යුතු වන්නේ භාෂාව හෙවත් වචන සමුහය පරික්ෂා කිරීමෙනි, කාව්‍යයේ පරමාර්ථ පරික්ෂා කළ හැකි වන්නේ එම පරමාර්ථය සාර්ථක වී ද යන්න සලකා ගත හැකි වන්නේ වචන යන මාධ්‍යය තුළින් පමණි.

අප ජිවත් වන සමාජයේ ,වටපිටාවේ අප දකින සිදුවීම් කේන්ද්‍ර කොටගෙන සිතේ ඇතිවන මනෝ භාවයන් කවියට නැගීම අද කාව්‍ය ලොව පුරා දක්නට ලැබෙන සිදුවීමකි. ඒ අතර රැකියා ස්ථානයන්හි ඇතිවන ගැටළු , කුටුම්භය තුල ඇතිවන සියුම් වූ ඝට්ටනයන්  මවුපිය දරුවන තුල ඇතිවන සුළු සුළු ගැටුම් ඔවුනතර ඇතිවන සෙනෙහස , ප්‍රේමය වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙන අනෙක විධ ඝට්ටනයන් අපට ඉතාමත් අපුර්ව ලෙස චම්පිකා විජේසිංහ මහත්මිය විසින් රචනයට පත්‍ර කරන ලද එක වහල යට කාව්‍ය සංග්‍රහයේදී  රස විඳින්නට ඉඩ හසර ලබා දී තිබේ.

සාමාන්‍ය මනෝභාවයන්ට වඩා විරෝධාකල්ප හැඟීම් දනවන නිර්මාණද අපට රසවිඳීමට ඇය ඉඩ සලස්වා තිබීම විශේෂිත වූ කරුණකි. උපමා රූපක ඉතාමත් අඩු සංඛ්‍යාවක් කවියට උපයුක්ත කර ගනිමින් මෙම සෑම නිර්මාණයක්ම පාහේ ඇය නිර්මාණගත කර තිබේ.සෑම නිර්මාණකරුවකු ම පොදුවේ භාවිත කරන උපමාවන්ට වඩා  තමන්ට පමණක් අවේණික වූ උපමා හා සංකේතයන් ඇය මෙහිදී භාවිතා කර තිබෙනු රස විඳින පාඨකයාට දක්නට ලැබේ. එමෙන්ම අපිට රසවිඳීමට ඉඩ ලබා දී ඇති නිර්මාණ තුලට උපහාසයද ගැබ් කර තිබීම තුලින් සමාජයේ සිදුවන සිදුවීම් හාස්‍යට ලක් කිරීම මෙම නිර්මාණ ඔස්සේ සිදුවී ඇත.

ධ්වනිවාදය අපට මෙම නිර්මාණ තුළින් දක්නට ලැබෙන අතර  වච්යර්ථය යටපත් කරගෙන නැගෙන්නාවූ ව්‍යන්ග්‍යර්තයෙන් යුත් කාව්‍ය නිර්මාණ මෙම ග්‍රන්ථය ඔස්සේ දකින්නට ලැබේ.මෙහිදී මුලික ලක්ෂණයක් වන්නේ වච්යර්ථයට වඩා ව්‍යන්ග්‍යර්තය වැදගත් ස්ථානයක් දැරීමයි.
එම ව්‍යන්ග්‍යර්තයෙන් උපහාසය දනවන ලද කවියක් ලෙස ඇය විසින් පොතට අන්තර්ගත කර ඇති පැය අටේ මිතුරිය කාව්‍ය නිදසුනක් ලෙස ගත හැක.

එක පතේ වලඳනා
මුහුණට සිනා පා
කෙළිකවට බස් තෙපලන
පසුපස හැරී සැනෙකින්
ඇද  පළුදු අහුලන

 මේ කවියෙන් අප ජිවත් වන වටපිටාවේ ඇති කැඩී බිඳී යන මානුෂිය සම්බන්ධතා පිලිබඳ ඉඟියක් නොවේද ?අප අපේම යයි හැඟීමෙන් සිතා සිටින පුද්ගලයින්ම අපට මුහුණට සිනා සි අපට වරදින්නේ කොයි මොහොතේදැයි සිතමින් සිටිනාකාරය අප නොසිතු මොහොතක අපට වරදක් වූ විට සිනාසීමට බලාගෙන සිටිනයුරු උත්ප්‍රස රසය ගැබ් කරවමින් මෙම කවියේ අනුභූතිය කර ගැනීම ඉතාමත් අපුරුවය.

එලෙසින්ම 176 කතාවක් කාව්‍ය තුලින් තම අසරණකම නිසාවෙන්ම මහා මග සිටින මිනිසුන්ගේ අතෘප්තිකර හැඟීම් සංතෘප්ත කරවන මිනිසුන් විසින් විවිධ නාමකරණයන්ට ලක් කරන අසරණ වූ ගැහැණියකගේ මාතෘත්වය පිලිබඳ හදවත සංවේදනාත්මක හැඟීමකින් ස්පර්ෂිත කරවයි.මෙහිදී තම දියණියගේ සැප සතුට උදෙසා තම ජීවිතය සහ ආත්මය කැප කරන ආකාරය මෙම කවිය ඔස්සේ රස විඳින පාඨකයාට විඳිය හැක. ඒ වුනත් ඇයගේ සිතේ දුවණිය පිලිබඳ වෛරයක් හෝ කෝපයක් හට ගන්නේ නැත. ඇතිවන්නේ දාරක සෙනෙහසක් සහ ප්‍රේමයක් පමණි.

ඒ බව මනාව වටහාගත හැක්කේ

මා සතු එකම වත්කමය  ඈ
පිය උණුසුම අහිමි
සියුම් අතැඟිලි වලින් මා වෙළා
නෙක සුරතල් වදන් දොඩන්නි
මගේ තාත්ති කෝ අසන්නි

අහිමි පිය සෙනෙහස අභිබවා මෙම කාන්තාව දරුවාට මවු සෙනෙහස පුදන්නිය. පියාත් මවත් යන දෙදෙනාම විසින් දැරිය යුතු වගකීම් සියල්ලම මැය සියලු දුක් දරමින් දරුවාට නොපෙනෙනට කඳුළු සලමින් උසුලන්නිය.පුර අඟනක් වුනත් ඇයගේ සිතේ ඇති දාරක සෙනෙහස මුළු කාව්‍ය පුරාවටම අපිට දක්නට ලැබේ.
එම සෙනෙහස නිසාවෙන්ම එදින ඇය හමුවට එන ගණුදෙනුකරුගෙන් දියණියව සත්තු වත්තට කැඳවා ගෙන යාම පිණිස ඉඩ දෙන ලෙස දයනුකම්පත ව අයාචනා කරනු ලබයි.එය

අදට නිදහස දෙන්න
ඇයට ඕනැලු
සත්තුවත්තට යන්න

ඉතාමත් සරල භාෂාවක් ඇය තම හැඟීම් නිරුපණය කිරීම උදෙසා භාවිත කරන අතර සරල කව්යෝක්ති ඔස්සේ තම හැඟීම පාඨකයා වෙත ලංකරනු දැකිය හැක.මෙම සෑම කාව්‍යයක් ඔස්සේම රචිකාවගේ ප්‍රතිභා ශක්තිය ඉස්මතු කරවයි.එනම් ඇය විසින් අප මැනවින් දකින අසන දේ ඇසුරින් අපුර්වතම නිර්මාණය කිරීමයි.එම නිර්මාණයට හේතුවන අමුද්‍රව්‍ය අප ඇස ගැටෙන සිදුවීම්ය.

ප්‍රතිහාව පරිකල්පන ශක්තිය ඔස්සේ ගොඩ නැගෙන්නකි.එම පරිකල්පන ශක්තිය මැනවින් ගොඩ නැගෙන  නව සංකල්පනා රූප බිහි කල තවත් කාව්‍ය නිර්මාණයක් නම්  පහන් කණුව පාමුල නාදුනන  පුතුට කවයි.

නුවර වැව අද්දර
වීදි පහන් කණුව පාමුල
නෙතු අලවා පාඩම් පොතෙහි
නොසැලී සෙල් රුවක් සේ
පුතුනි නුඹ සිටියා

එක අහඹු මොහොතක
කළුවර සළු පෙරවූ
පාළු සීත රැයක හුදකලාව

 මහා රැයේ විදි සරණ කාන්තාවකට පහන් එළියෙන් පාඩම් කරන පාසල් දරුවකු දක්නට ලැබේ. එම රාත්‍රිය බොහෝ සීතලය පාලුය මදුරුවන් ගී ගයන රැයකි.එම දරුවා ඇයගේම දරුවකු නොවුනත් තම දිවිය වෙර විරියෙන් ගොඩ ගැනීමට දරන උත්සාහය දැක ඇයගේ පපුව දවා යයි. ලොව කොයි මවත් එකම දරු දුක විඳින බව මෙම කවිය ඔස්සේ අපිට තෙරුන් ගත හැක..එම නිසාම ඇය ඔහු කෙරෙහි සෙනෙහෙ සිතින් සිදු කරන ප්‍රාර්ථනාව අවසන් කවියෙන් අපිට රස වින්දනයට ලක් කල හැක.

දැනෙන දැනෙන කුස ගින්දර නිවියන්
උණන උණන කඳුළු සුසුම් මැකියන්
තබන තබන පියවර මල් පිපියන්
දකින දකින සිහින සැබෑ කෙරියන්.
 මෙම කාව්‍ය කෘතියෙහි ඇතුලත් වූ කාව්‍ය අතුරින් මා සිත්ගත් කාව්‍ය වුයේ මෙයයි.මේ ඔස්සේ සමාජයේ පවතින දරිද්‍රතාවයේ ඇතුලාන්තය දරුවන්ට බලපාන අන්දම මැනවින් පෙන්නුම් කරනු ලබයි,

චම්පිකා විජේසිංහ මහත්මියගේ මෙම කුළුඳුල් කාව්‍ය කෘතියෙහි ඇති කුඩා අඩුලුහුඬුකම් සාදාගෙන සතාතාබ්යාසයෙහි යෙදීම මගින් මෙම කාව්‍ය කරණය තව තවත් වැඩි දියුණු කර ගත හැකි බව හොදින් වැටහේ. එක තැනක නොරැඳී වෙනස්වෙන කාව්‍ය බස තව දුරටත් වර්ධනය කරගනිමින් පොදු නොවූ විවිධ ආකෘති ඔස්සේ නිර්මාණ සිදු කරමින් නිර්මාණකරණයෙන් ගුණාත්මකව දිගු දුරක් යාමට චම්පිකා මහත්මියට හදවතින්ම සුබ පැතුම් එක් කරමි.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     






Monday, August 5, 2019

12.12.12 -මංජුල සේනාරත්න මහතා


ලාංකීය සාහිත්‍ය ලොව ස්වතන්ත්‍ර අභිරහස් නව කතා  රචකයින් අතර භද්‍රජි මහින්ද ජයතිලක මහතා, අනුර දිසානායක මහතා  වැනි දක්ෂ ලේඛකයින් මුල් තැන ගන්නා අතර එම ලේඛන සාහිත්‍යට පෑයූ අපුර්වතම කතුවරයා වන්නේ මංජුල සේනාරත්න  මහතාය.

මුලින්ම  මෙම කෘතියෙහි පුර්ව ප්‍රචාරක පටය නැරඹු අතර එම කෙටි වීඩියෝව කුතුහලය සිතට නැංවූ කෙටි චිත්‍රපටයක් ලෙස දැනුණ අතර එය ඉතාමත් ගුණාත්මක බවින් යුක්තය.පැරිසියේ ජිවත් වෙන මෙම අපුර්ව කතුවරයා මෙම රහස් පරීක්ෂක කෘතියට පාදක කර ගන්නේද සීතල දෙසැම්බරයක පැරිසියේ සිදුවූ අනුවේදනීය සිදුවීමකි.

සුන්දර වුද අහිංසක කාන්තාවක සහ දරුවකුගේ බිහිසුණු මරණයකින් ලොව සුන්දරතම ප්‍රේමයේ නගරයම කැළඹී ගියේය.මෙම මරණයේ විශේෂත්වය වනුයේ මිනීමැරුම පිළිබඳව කිසිම හෝඩුවාවක් මිනීමරුවා විසින් ඉතුරු කර නොතිබීමයි.අඩුම තරමේ ඇඟිලි සලකුණක් වත්.ෂර්ලොක් හොල්ම්ස් වැනි වූ දක්ෂතම පොලිස් පරීක්ෂක වරියක වූ මදාම් නතාලි මුණේ යනු මෙවැනි අපරාධයන් රැසක් විමර්ශනය කරන ලද තැනැත්තියකි. නමුදු මදම්  ඇතුළු පැරිස් අපරාධ විමර්ශන කණ්ඩායමට මෙම අපරාධය අගක් මුලක් සොයා ගත නොහැකි උබතොකොටික ගැටළුවක් විය.ඔවුන්ට ඉතිරිව තිබුනේ දින කීපයකි.මන්ද මෙම මිනීමරුවා එතරම් සුක්ෂමව මෙම මිනි මරුම සිදු කර තිබුණි,.

පාඨක සිත පොත අවසානය වන තෙක්ම කුතුහලයෙන් පොත වෙතම රඳවා ගැනීමේ හැකියාවක් සහිත වූ මෙම කතාවේ ආකෘතියද ඉතාමත් සැලසුම් සහගත ව ගොඩ නැගු ආකෘතියක් වේ.මෙම කතාව රචනා කිරීමේදී එම කතාවට පාදක වූ ස්ථානයන් පිලිබඳ මනා ගවේෂණයකින් යුක්තව යොදාගෙන තිබීම සුවිශේෂි ලක්ෂණයක් වේ.මම කියවූ රහස් පරීක්ෂක කෘතීන් අතරින් සාර්ථකම කෘතිය ලෙස මෙය හැඳින්විය හැකිය.මන්ද එතරම් රසවත් ,සිත් ඇඳ බැඳ ගන්නා සුළුවූ රසවත් ලේඛන ශෛලියක් හෙබි මංජුල සේනාරත්නයන් චිත්‍රපටයක්  බලනවා යන හැඟීම පාඨක සිතට දෙමින් චිත්ත රුප මවමින් මෙම කෘතිය රචනා කර තිබීමයි.

කතාව ආරම්භයේදී අප තබා සිටින නිගමනයන් කතාවේ අවසාන භාගය වන විට  වෙනමම ලෝකයක අපව අතරමන් කරවයි.ලාංකීය සාහිත්‍ය කලාවේ නවමු මානයකට මෙම කතාව හරවන ලද අතර නවමු ලක්ෂයකට ගෙන යයි.පොත් කියවීමට අකමැති වූ අභිරහස් චිත්‍රපට වලට පමණක් ලං වූ පිරිසක් කියවීමට ඇබ්බැහි කරවීමට මෙවැනි පොත් උපයුක්ත කර ගත හැකිවීම සුවිශේෂී වේ.වචන්ර්ථයෙන්  ගත් කල 12.12.12 හෙවත් කල්පනා මැරූ සීතල දෙසැම්බරය ඉතාමත් විශිෂ්ඨ ඝනයේ ත්‍රිලර් නව කතාවක් ලෙස හඳුන්වා නොදුන්නොත් එය මෙම පොතට මෙන්ම කතෘ තුමාටද කරන අසාධාරණයක් ලෙස මට හැඟීමක් ඇති වේ.

සංකීර්ණ මිනිස් සිතේ ඇතිවන චිත්ත වේගයන් සහ සංකුලතා පිලිබඳ මනා අවබෝධයකින් මෙම චරිතයන් රචකයා විසින් හැඩගස්වා තිබීම මෙහි දක්නට ඇති තවත් සුවිශේෂී ලක්ෂණයකි.මිනිසුන් තම ජිවිත අභිමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා මෙතරම් විසල් අපරාධයන් සිදු කරනවාද යන සැකය සිතේ ඇති වුනි.එය සිතට ගෙන ආවේ පිළිකුල් සහගත පුදුමයකි.  මෙම කතාව රචනා කිරීමේදී රචකයා විසින් සිදුවන සිදුවීම් කොටසින් කොටස ගලපමින් ප්‍රංශ සමාජයේ ඇති නීති පිළිබඳව, පොලිස් විමර්ශනයන් පිලිබඳ සහ පොලිස් ස්ථනයේ ආකෘතිය පිලිබඳ වූ මනා වැටහීමකින් යුතුව ,එමෙන්ම එහි අපරාධ විමර්ශනයන් පිලිබඳ පැරිස් පොලිස් නිලධාරින් විසින් අනුගමනය කරන්නාවූ විශ්ලේෂණයන් සහ නිගමනයන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තවීම මෙම කතාවේ සාර්ථක භාවයට ප්‍රධානම හේතුව වේ.

එමෙන්ම වර්තමානයේදී බොහෝ විදේශ රටවලදී අපරාධකරුවන් සොයා ගැනීමට භාවිතා කරන තාක්ෂණික ක්‍රියාවලියක් වූ රොබෝ පින්තුර ඇඳීමේ ක්‍රියාවලිය හෙවත් Facial Composite ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සියුම්වූ හෝඩුවාවන් ඔස්සේ හඹා යමින් සිදුකරන ලද මෙම දැවැන්ත ක්‍රියාදාමය දින 9ක් ඔස්සේ සිදුකරමින් සිදු කරන්නාවූ සුවිශේෂී පරීක්ෂණය පිලිබඳ දැනුමකුත් ලබා දෙමින් 12.12.12 නව කතාව රචනයට පාත්‍ර කර තිබීම වඩාත්ම විශේෂ වේ.එලෙසම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය වූ නතාලි ඇතුළු ව භාතියගේ , සොෆි , මර්වාන් යන සියල්ලන්ගේම චරිත ලක්ෂණයන් මනාව පෙන්නුම් කරමින් ඔවුන්ගේ විවිධාකාර වූ මනෝභාවයන් උද්දීපනය කරමින් මෙම සියලු චරිතයන් ගොඩ නඟා තිබේ.

පොත කියවා අවසන් වුවත් සිදුවුනේ කුමක්ද යන්න සිතා ගත නොහැකි තරමට කුතුහලය අදටත් සිතේ ලැඟුම් ගෙන තිබෙන හැඟීමකි. ආදරණිය කාන්තාවකුත් කුඩා දරුවකුත් අමානුෂික ලෙස ඝාතනය කිරීමට තරම් මිනිස් සිතක් දරුණු විය හැකිද?මෙතැන් සිට පොත කියවීම ඔබට බාර කරමින් මෙම සටහන අවසන් කරමි.

මංජුල සේනාරත්නයන් විසින් රචනයට පාත්‍ර කරන ලද කල්පනා මැරූ සීත ය නිසැකවම සම්මානයට පාත්‍ර විය යුතු කෘතියක් බව මා ඇතුළු මෙම කතාව රසවිඳි සියලුම පාඨකයන්ගේ අදහස වේ.ඉතින් සොයුර  ලාංකීය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා තවත් මෙවැනි අපුරුවතම කෘතීන් රැසක් බිහි කිරීමට ඔබට ධෛර්ය හා ශක්තිය ලැබේවා යන්න ප්‍රර්ථනා කරමි! නිර්මාණකරණයෙන් දිගු ගමනක් යාමට මේ තැබූ නවමු ලක්ෂය ඔබට තව තවත් පිටුවහලක් වේවා!

12.12.12
රචනය - මංජුල සේනාරත්නයන්
ප්‍රකාශක - මියුසස් ප්‍රකාශන ආයතනය
රු 1000




Thursday, July 25, 2019

අන්ධකාරයේ අනාවැකිය

ග්‍රීක  පුරාවෘතයන් ගැන සොයා බලද්දී ඒ හා සම්බන්ධිත වූ පුරාණ මිත්‍යා විශ්වාසයන් සහ දේවකතා බොහොමයක් පිලිබඳ අපට දකින්නට අසන්නට ලැබේ. හර්කියුලිස්, ඇතිනා දෙවඟන , පර්සියස් තීසියස්. ඇතන්ස් යෝධයා මෙන්ම ග්‍රීක පුරාවෘත තුල ඇතුලත් නොවුවත් ෂිනා හෙවත් රණශුරි රැජිණ හර්කියුලිස්ගේ සමකාලින යුගයේ සිටි රණශුරියකි. මැය දරුණු ඝනයේ දුෂ්ට කාන්තාවක් ලෙස නම් වුවත් ෂිනා ටෙලි නාට්‍ය මාලාව නිෂ්පාදනය කල ජෝන් ශුලියන් සහ රොබර්ට් ටැපර්ට් යන නිෂ්පාදකවරුන් දෙදෙනා විසින් මැයව  දුෂ්ට චරිතයෙන් මුදවාගෙන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින යුක්තිය මැනවින් ඉටු කරන චරිතයක් ලෙස ෂිනාව රසිකයින්ගේ දෑස් මානයට පුංචි තිරය හරහා ලං කරයි. මෙම කතාව ග්‍රීක සහ රෝම පුරාවෘත මිශ්‍රිත කතාවක් ලෙස ගත හැක.

ෂිනාගේ සහයට සිටින්නේ ග්‍රේබ්ලියල් නම් සුන්දර තරුණියක් වේ.මොවුන් දෙදෙනා එකතුවී විවිධාකාරවූ අභියෝගාත්මක වීර ක්‍රියාවන්හි යෙදෙන අතර අන්ධකාරයේ අනාවැකියට සම්බන්ධ වූ ක්‍රියාදාමයද ඉන් එකකි.මෙය තරුණ තරුණියන් අතර ජනප්‍රිය වූ අතර මෙම කතාව ස්ටෙලා හොවර්ඩ් රචිත ප්‍රොෆිසි ඔෆ් ඩාක්නස් නම් කෘතියේ ලංකික සාහිත්‍යවේදී කුමාර සිරිවධන මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලද අන්ධකාරයේ අනාවැකිය නමින් ලාංකීය පාඨකයා වෙත ලං කෙරුණි.

ග්‍රීක සහ රෝම පුරාවෘතයන් හි මිශ්‍රිත කතාවක් වීම හේතුවෙන් මුල් කෘතියේ යම් යම් දුබලතා දකින්නට ලැබෙන නමුත් කතාවක් ලෙස ගත් කල මෙය සාර්ථකයි කිව හැකිය.

මෙම කතාවට අනුව ෂිනා සහ ග්රෙබ්‍රියෙල් ගම්බද පිටිසර පළාතක ගමනේ යෙදෙමින් සිටියදී  ෂීනාට  ලෝකය විනාශ වීම පිලිබඳ අනාවැකියක් අසන්නට ලැබේ. එමෙන්ම මේ ගමනේදී ග්‍රේබ්ලියල්ගේ  ඇති අනාගතයේදී සිදුවන සිදුවීම් සිහිනයෙන් දකින්නට ඇති හැකියාවක් ඇති අතර, ඇයද මේ සිදුවීමට සම්බන්ද සමහර සිදුවීම් සිහිනයෙන් දකී. ඒ අතරම මගදී හමුවන ගම්මානයක සිටින 12 හැවිරිදි ඇලෙක්සන්ද්රා නම් කුඩා තරුණියක අනාගතය පිලිබඳ අනාවැකි කියන බවත් ඇය ෂිනා සහ ග්‍රේබ්රියල් පැමිණෙන බව පැවසු බවත් අසන්නට ලැබේ
එනම් යම් කිසි මාලිගාවක සිටින යහපත් තැනැත්තෙකු විසින් නිරයට ඇතුල්වන දොරටුව විවර කරන බවත් මළවුන්ගේ ලොව තුල ඇති අන්ධකාරය සහ දුෂ්ට භාවය මෙලොවට ඇතුලත් වන බව සහ එම විනාශය වැළක්විය හැක්කේ ෂිනා ට සහ ඇය සමගින් පැමිණෙන කතාවට බවත්ය..මෙහිදී ස්ටෙලා හොවර්ඩ් විසින් රසිකයින්ගේ සිතෙහි චිත්‍ර රූප මැවෙන පරිද්දෙන් කුතුහලය සහ ත්‍රාසය දනවමින් මෙම කතාව රචනා කර ඇති අතර මෙය ඓතිහාසික වීර කතා ශානරයට අයත්  කෘතියකි.එමෙන්ම අන්ධකාරයේ අනාවැකිය පොත තරුණ දරුවන් සඳහා උචිත වීර ක්‍රියාදාමයන්ගෙන් යුතු පොතකි.

Tuesday, July 23, 2019

ඔත්තුකාරි - චින්තා සුභෂිණී රණසිංහ

Image result for ඔත්තුකාරිඔත්තුකාරි කෘතිය ශ්‍රේෂ්ඨ කතෘ පාවුල් කොයියෝ විසින් රචනා කරන ලද අපුර්වතම කෘතියක් වන අතර මිථ්‍යාචාරයේ යෙදුනු ගුප්තවූ ලන්දේසි කාන්තාවක් වූ මාතාහරි වටා ගෙතුණු කතාවකි.ඇය කල එකම අපරාධය වුයේ ඇය නිදහස් නිවහල් කාන්තාවක් වීමයි.

මාතාහරි මුලින්ම පැරිසියට පැමිණෙන විට ඇය ඉතා දිළිඳු තැනැත්තියක විය.නමුදු මාස කිහිපයක් ගත වන විට නගරයේ ජනප්‍රියතම කාන්තාව වුයේ ඇය යි.නර්තන්ගනාවක් ලෙස ඇය ප්‍රේක්ෂකාගාරය මවිතයට උද්දාමයට සහ කම්පනයකට පත් කරන ලදී.නමුදු රටේ ඇතිවූ යුධ වාතාවරණයත් සමගින් ඇයව පාලකයින්ගේ සැකයට පාත්‍ර වූ අතර 1917 එම සැකසහිත බව නිසා ඇය නැවතී සිටි හෝටල් කාමරයේදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අවධියේදී ප්‍රංශයේ යුද්ධය ඉතාමත් වියවුල් කාරී අවධියක් විය. ඇය ඉතාමත් දක්ෂ නර්තන හැකියාවකින් යුක්ත ගැහැනියක් වූ අතර සැමගේම සිත් ගත තැනැත්තියක විය.එම කියවම පසුව ඇයව රටවල් දෙකක ඔත්තු බැලවිම සඳහා යෙදවීමට හේතුවක් විය.එම හේතුවම ඇයගේ දුක්ඛදායි මරණයට හේතුවක් වීම ඇයගේ අවසනාවයි.

මෙම කතාව රචනා කිරීමේදී පාවුල් කොයියෝ විසින් ඇය ගේ ඉතිහාසය පිළිබඳව පුළුල් ගවේෂණයක යෙදුනු බව කියවේ.ඔහු විසින් ලෝක යුද්ධ සමයේ විසු සුවිශේෂී කාන්තාවක්ගේ ජීවිතය වටා ගෙතුණු සංසිද්ධිය නැවතත් පාඨක අපට සිහිපත් කර දුන්නේය.කොයියෝ විසින් මෙම කතාවට නිවැරදි හා ප්‍රසන්න රිද්මයක් ලබා දී ඇති අතර අවසානය දක්වා පාඨකයා ට කියවීමට රුචිකත්වයක් ඇතිවන පරිද්දෙන් රචනා කර තිබීම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයයි.පසුකාලීනව ඇයගේ චරිත කතාව ඔත්තුකාරිය නමින් චින්තා සුභාෂිණි  රණසිංහ මහත්මිය විසින් පරිවර්තනයට ලක් කරන ලදී.

මෙම කතාවේදී මාතාහරි මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිලිබඳ පැහැදිලි චිත්තරුපයක් රසිකයා ගේ සිතේ ජනිත කරවීමට කතුවරයා රැගත් උත්සාහය සාර්ථකය.

මෙම කතාවේදී දෘෂ්ටිකෝණයන් ඉතාමත් අපුරුවට වෙනස් කිරීමක් දක්නට ලැබේ.පළමුව මාතාහරිගේ දෘෂ්ටිකෝණයෙන් කතාව දක්නට ලැබේ.ඉන්පසුව ඇයගේ නීතිවේදියා වූ මොන්සියර් ක්ලුනෙට් ගේ දෘෂ්ටිකෝණයෙන් පාඨකයා වෙත කථනය කරයි.මෙහිදී ඇයට සිදුවුණු අසාධාරනකම් සහ ඇය අයුක්තියේ ගොදුරක් වූ ආකාරය පිළිබඳව මනා දැක්මක් පොත රසවිඳින පාඨකයා වෙත ගෙනහැර පානු ලබයි.  ඇය සිටි තත්වයේ දරුණු බවත් ,එය අවබෝධ කරගැනීමට ප්‍රමාද වීමත් ,ඇයගේ තිබු ප්‍රබල සම්බන්ධතාවන් සහිත පුද්ගලයින් ඇයව බේරා ගැනීමට එනතෙක් බලසිටිමත් ඇය පිලිබඳ සානුකම්පිත හැඟීමක් ඇති නොකිරීමට හේතුවක් වේ.

කාන්තා ලොව නිර්භීත ආත්ම ප්‍රතිරුපනය

Related image

ගොවියකුගේ දරුවන් 5 දෙනෙකු ගෙන් යුතුවූ පවුලක දෙවෙනියා බවට පත්වුණු ජෝති රෙඩ්ඩි ඉපදුනේ ඉන්දියාවේ නර්සිම්හුලා ගුඩේම්  ගම්මානයේය.ඇගේ පියාට දරුවන් 5 දෙනෙකුව නඩත්තු කිරීමට තරම් තම ජීවනෝපාය සමත්කම් නොදැක්වූ හෙයින් 9 වැනි වියැති ජෝති  සහ බාල දුවණිය හැනම්කොණ්ඩා  නගරයේ පිහිටි අනාථ නිවාසයකට බර දුන්නේය.ඔහු දරුවන් ඇතුලත් කරන ලද්දේ තම බිරිඳ මිට මාසයකට පෙර මිය ගියායයි බොරුවක් පවසමිනි.එය බොරුවක් බව දැනගෙන සිටියත් දරු දෙදෙනා නිහඬව සිටියේ ඔවුන්ට ඒ හැර වෙන කිරීමට කිසි දෙයක් නොතිබුණු නිසාය.

ළමා නිවාසය මොවුන්ට අපායක් වූ අතර ආහාරයට ගැනීමට සිදුවුයේ මිය ගිය මකුණන් සහ ගුල්ලන් සහිත බත්ය.වතුර බාල්දියක් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ සිටීමට ජෝතිට සිදුවූ අතර ඇය අනාථ නිවාසයෙහි පිරිසිදු කිරීම් වලට සහ අස් පස්  කිරීම් වලට උපකාර කිරීම හේතුවෙන් ඇය ගැන පැහැදුණු නිවාස පාලිකාව 10 වසරෙන් පසු ගුරු පුහුණු වෘත්තීය පාඨමාලා වක් සඳහා යොමු කරන ලදී.

නමුත් ඉන්පසු උදාවුයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයකි.ඇයගේ පියා පැමිණ අන්ද්‍රා බාලිකා පාසලට ඇතුලත් වීමට ලබා දුන් සියලු ලියකියවිලි ඉරා දමා ඇයට වඩා වසර 10කින් වැඩිමහල් වූ සෑම් රෙඩ්ඩි හා විවහා වීමට සුදානම් වන ලෙස තර්ජනය කළේය.ඔහු මැයට දුරින් නෑදා පුද්ගලයකු වූ අතර ගොවිතැනෙහි යෙදුනු පුද්ගලයකු විය.ඔහු හා කුඹුරු වල වැඩ කල අතර  සැමියාගේ අකමැත්තෙන් ජෝති කුඹුරු වැඩ අවසන් වී හවස් වරුවේදී අසල තිබු පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රු 120ක පඩියට ඉගැන්වීමට පටන් ගත් අතර , ඒ මුදලින් තමන්ට අවශ්‍ය මුදල් උපයා ගත්තාය. ඒ අතර ජෝති විසින් මධ්‍යම රජයේ යෝජනා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීමේ නේරු යුව කේන්ද්‍රයට ස්වෙච්ජා ගුරුවරියක් ලෙසද කටයුතු කළාය.

වසර 22දී ඇය උසස් පෙළ සමත්වී සරසවි වරම් ලැබූ අතර විශ්ව විද්‍යාලයක් වූ බි ආර් අම්බේඩකාර් විශ්ව විද්‍යාලයට උසස්වි අධ්‍යාපනය ලැබීමට ඇතුලත් වූ BA උපාධිය විශිෂ්ඨ අයුරින් සමත් විය.


“1992 දී මට විශේෂ ගුරුවරියක් ලෙස මාස 18ක රැකියාවක් ලැබුණේ වරංගල් සිට කිලෝමීටර් 70ක් දුරින් පිහිටි අමීන්පෙට්හිය. ඒ ගමනට මගේ වැටුපට වඩා වැඩි මුදලක් වැය වෙනවා. මම හැමදාම කෝච්චියේ සාරි විකුණලා වැඩිපුර සල්ලි හම්බ කළා. එක සාරියකින් ඇයට රු.20 ක ලාබයක් ලැබුණු අතර කාලයේ වටිනාකමද ඇයට ලැබුණි.m

1994 දී රු.398 ක වැටුපක් සහිතව විශේෂ ගුරුවරියක් ලෙස පාසලක සේවයට බැඳුණු අතර විශේෂ සහ සිත්ගන්නා සුළු බව නම් එම ගමනට නිවසේ සිය පැය දෙකක කාලයක් ගත වීමයි.  ගුරු පදවියෙන් ලැබූ මුදල ප්‍රමාණවත් වූ නිසා සැමියා මැයට බාධා නොකර නිහඬව සිටියේය.වසර 24 වන විට ඇය උපාධිය ඉන්දියාවේ කැකාටියා  විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ගත් අතර රු 400ක වැටුපට ආණ්ඩුවේ පාසල ගුරු පත්වීමකට බැඳුණි.

1995 දී ඇය ස්ථාවරව රැකියාවකට පත්වී රු.2750ක වැටුපක් ලැබූ අතර කාන්තා ළමා සංවර්ධන නිලධාරිනියක ලෙසින් සේවය කරමින් පාසල් පරික්ෂක කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තාය. ඒ අතරම 1997 දී ඇය තම පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමද සිදුවූ සුවිශේෂිතම සිදුවීමකි.

ජෝඩි ට සමාජයෙන් ලැබුණු වටිනාකම උහුලා ගත නොහැකිවූ සැමියා දිනක නිවසින් හොරෙන්ම පිටමන් වී ගියත් ඇය එයින් නොසැලී  ජිවන ගමන යද්දී

  1998 ඇමරිකාවේ සිට වරංගල් දක්වා පැමිණි ඇයගේ ඥාති සොයුරියක ඇයට ඇමරිකාවට එන ලෙස ඉල්ලීමක් කලාය.ඇය වැනි කාන්තාවන්ට එහි පහසුවෙන් කළමනාකරණය කළ හැකි බව ඇගේ ඥාති සහෝදරිය ඇයට පැවසුවාය. එදා සිට  ජ්‍යෝති ඇමරිකාවට යාමට  මුදල්ඉතුරු කිරීමට පටන් ගත් අතර  මේ සඳහා ඇය අනෙකුත් ගුරුවරුන් සමඟ එක්ව අරමුදලක් ආරම්භ කළාය. 25,000 ක් දක්වා උපයා ගැනීමට ඇය මේ හරහා සමත් විය. මේ අතරතුර VCL Computers වෙතින් පරිගණක මෘදුකාංග ඉගෙන ගැනීමට ඇය දිනපතා හයිද්‍රාබාද් වෙත යාමට පටන් ගත්තාය. මෙයට ඇයගේ ස්වාමියා විරුද්ධ වූ නමුත් ඇයගේ දැඩි අධිෂ්ඨානශීලි බව ඇයගේ මාවත හෙළි පෙහෙළි කර කිරීමට සවියක් විය.

ඒ ගැන ඇය  පසුකාලීනව අදහස් ප්‍රකාශ කලේ 
“මගේ ස්වාමිපුරුෂයාගේ අකමැත්ත නොතකා, මම මගේ දරුවන් සමඟ මයිලරන් ගමෙන් පිට වී හනම්කොණ්ඩ නගරයට ගියෙමි. මම ටයිප් කරන ආයතනයකට බැඳිලා, ශිල්ප පාඨමාලාවක් කරලා, පෙට්ටිකෝට් එක කෑල්ලකට රුපියල් 1 බැගින් මැහුම් කරලා දවසකට රුපියල් 20-25ක් හොයාගත්තා. මම ජනශික්ෂණ  පුස්තකාලයාධිපති ලෙස රැකියාවක් ද ලබා ගත් අතර මගේ ඉගෙනීම දිගටම කරගෙන යාමට සෑම ඉරිදාවකම යන විවෘත පාසලකට සම්බන්ධ විය, ”රෙඩ්ඩි පැවසීය.

මේ වන විට ජෝදිට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්  ළමා නිවාසයක නවතා ඇය 2000 මැයි දෙවෙනිදා B 1 විසා එකකින්  ඇමරිකාව බලා පිටත් විය.සැමියාගේ ඥාති සොහොයුරිය සමඟ ජීවත් වූ අතර පසුව ඇය පැය 12 ක රැකියාවක් කළ අතර එය ඩොලර් 60 ක වැටුපක් ලැබුණි. ගුජරාටි පවුලක ගෙවන අමුත්තෙක් විය. කැලිෆෝනියාවේ වීඩියෝ සාප්පුවකද ,ක්ෂණික ආහාර වෙළඳ සැලකද සේවය කරන ඇයට වර්ජිනියා සරසවියේ පරිඝනක මෘදුකාංග විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. එ සමගින්ම  ඇමරිකානු මෘදුකාංග සමාගමක සහය ඉංජිනේරුවරියක් ලෙසට ඇයට පත්වීමක් ලැබුනේ මේ අතරතුරදිය.

 තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී  කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය.සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කි සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.

මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන් ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි.ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ඇයට වරින් වර ඉන්දියාව වෙත පැමිණෙන මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි.

ඇය පළමු වසර තුළ ඩොලර් 1,68,000 ක ලාභයක් ලබා ගත් අතර එය ඉක්මනින් ඩොලර් මිලියනයක් බවට පත් විය. වර්තමානයේ ඇයගේ සමාගමේ පිරිවැටුම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ඇගේ ආයතනයේ සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කරති. ඇයට ඇමරිකාවේ නිවාස හතරක් සහ හයිද්‍රාබාද් හි එක් බංගලාවක් ඇත.

 “මට තවත් බොහෝ දේ කිරීමට අවශ්‍යයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ බුද්ධියෙන් කාන්තාවන්ට පිරිමින්ට වඩා හොඳ ව්‍යාපාරිකයන් විය හැකිය, ”ඇය පැවසුවාය. “මට කාන්තාවන්ට කියන්න අවශ්‍ය වන්නේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී තම පියා, ස්වාමිපුරුෂයා සහ පුතුන් මත යැපීම වෙනුවට ආර්ථික වශයෙන් ස්වාධීනව සහ තමන්ගේම තීරණ ගන්නා ලෙසයි. 

ඔවුන් අධ්‍යාපනික උපාධි හුදු සහතික ලෙස තබාගෙන ඇමරිකාවේ මෙන් නොව විවාහයෙන් පසු රැකියාව නවතා දමයි. ඔබේ ඉරණමේ ස්වාමියා වන්න, මතක තබා ගන්න, දරුවන් රැකබලා ගැනීම ජීවිතයේ කොටසක්, නමුත් ජීවිතයක් නොවේ, ”ඇය පැවසුවාය. 

ජ්‍යෝතිගේ කතාව හැම අතින්ම විශේෂයි. ඇගේ කතාව කෙනෙකුට සිහින දැකීමට බිය නොවන්න, ධෛර්යය තබා ගැනීම, අවදානම් ගැනීමට කැමති බව උගන්වයි.

ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි.












Wednesday, July 17, 2019

නුවර මතක

නෙළුම් මල් මිටක් අරගෙන
පෝයට දළදා වඳින්න
Related imageගැටඹේ විහාරය ළඟ හිඳ
මහවැලි අසිරිය දකින්න

කුරුටු ගීතයෙන් හැඩවුනු
කලාගාරයේ ඉඳගෙන
ආසයි මට ඉගෙන ගන්න
ලෝකය දෙනෙතින් දකින්න

උඩරට මැණිකේ සමගින්
ආසයි මට නුවර එන්න
හන්තානට පායන සඳ
බලන්න හැකි දැයි කියන්න

හැරී පොටර්


Image result for harry potter j k rowling
ලෝ පතල ලේඛිකාවක් වූ ජේ කේ රෝව්ලින්ග් මහත්මිය විසින් ෆැන්ටසි හෙවත් ඉන්ද්‍රජාල සහ මායාවන් ඇතුලත් කර ගනිමින් රචිත හැරී පොටර් නව කතා මාලාව ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද උන්මාදයක් ඇති කරවන ලදී.1995 දී හැරී පොටර් පළමු කතාව වන හැරි පොටර් සහ මායා ගල පොත ලියා නිම කල අතර 1997 ජුනි 26 වැනි දින බ්ලුම්ස්බරි ප්‍රකාශණයක් ලෙසින් එලි දැක්වුණි. මෙම කතා මාලාව කොටස් 7අකින් යුතු වන අතර එහි පිටපත් මිලියන හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් අලෙවි වී වර්තාවක්ද තැබූ බව විචාරකයින්ගේ මතය වේ.

මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ භාෂාවන් 68 කට පරිවර්තනය වීමයි.එමෙන්ම මේ ඔස්සේ නිෂ්පාදනය වුන චිත්‍ර පට ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ වැඩිම අදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7ක අදායමක් ලබා ගනිමිනි.

පොතින් ඈත් වී සිටි බොහො පිරිසක් පොත් කියවීමේ උන්මාදයක් ඇති කරවීමෙහි ලා රසවින්දනයෙන් ඔබ්බට ගිය පිරිසක් ඇති කරලවිමට හැරී පොටර් කතා පෙළ හේතුවක් වූ බව නොඅනුමානය.සාහිත්‍ය වංශයේ මෙම කළ පෙරලිය ඇති කිරීමට හේතු වූ ජේ කේ රෝව්ලින්ග් ට එම විශිෂ්ට සේවය අගයමින් ස්කොට්ලන්තයේ ශා අන්දෘස් විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධියක් ඇයට පිරිනමන ලදී.2011 වර්ෂය වන විට එක්සත් රාජධානියේ 12 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වීමේ වරම් ලැබුණි. එමෙන්ම බ්‍රිතාන්‍ය රාජධානියේ Order Of the British Empire සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් ඇය වාසනාවන්ත විය.

හැරී පොටර් කතා මාලාව ඉංග්‍රීසි බසද අතික්‍රමණය කල අතර එහි සඳහන් බොහෝ වචන ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට පවා ඇතුලත් වී තිබීම විශේෂත්වයකි.2005 වසරේදී මෙහි ඇතුලත් වන ක්විඩිච් ක්‍රීඩාව වර්තමාන ලෝකයට අනුගත වන ලෙස නිර්මාණය කරගනිමින් ක්‍රීඩා ලොව පෙරලියක් ඇති කළ අතර මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට එය පත් වී ඇත.ලෝක කුසලාන තරඟාවලියේදී ක්විඩිච් ජගත් කිරුළ ඕස්ට්‍රේලියාව විසින් හිමි කර ගන්නා ලදී.

2016 වසරේදී හැරී පොටර් වේදිකාවට ගොඩ විය.උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් වයිල්ඩ් වේදිකා නාට්‍ය ඔලිවියර් සම්මානිත උළෙලේදී සම්මාන 9 කට වාර්තා තැබුවේ පෝටර් උන්මාදය අදටත් වියකි නැති බව පෙන්නුම් කරමිනි.

Saturday, July 13, 2019

වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා - ලසාර් ලගින්


Image result for වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා
වසර 12ක පමණ කුඩා දරුවෙක් එක දිනක තමන්ගේ නිවාස අසබඩ පිහිටි ගංගාව වෙත ගොස් සිටියදී ඔහුට පෞරාණික බදුනක් හමුවන අතර එය විවුර්ත කල විට එක්වරම පුරාණයේ විසුවායයි පවසන බහිරවයෙක් මතු වේ.එය අප අසා තිබෙන ඇලඩින් සහ පුදුම පහනේ සිද්ධිය මනසට සිහි ගන්වයි.ඔහු පවසන පරිදි ඔහුගේ නම වන්නේ හසාන් අබ්දුල් රහමන් ඉහ්බ් කහට්බ් වේ.

මෙම බහිරවයාගේ ගණනය කිරීම් වලට අනුව ඔහුගේ වයස වසර 3732කි.ඔහු සැමවිටම වොල්කා ඔහුගේ ස්වාමියා ලෙස සිතන අතර වෝල්කාගී සෑම සිතුම් පැතුම් ප්‍රර්තනාවන් ඉෂ්ට කිරීමට සුදානම් වන අවංක සේවකයෙක් බවට පත්වන්නේ ගන්තිරයේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් සමගය.නමුත් වොල්කා මොහුගේ බලය සැමවිටම ප්‍රවේශමින් සහ කල්පනාවෙන් යුතුව පාවිච්චි කරන්නේ මොහු ගේ අනවශ්‍ය අවංක භාවය හේතු කොටගෙන කරන සමහරක් ක්‍රියාකාරකම් හේතුවෙන් වොල්කා කරදරයට පත්වීමයි.

මෙම කතාව රුසියානු දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිත වුනු කෘතියකි.මෙහි ප්‍රධාන පිටපත් දෙකක් මුද්‍රණය වූ අතර මෙහි නියම මුද්‍රණය 1938වසරේදී මුද්‍රණය කරන ලදී.සංශෝධිත මුද්‍රණය 1955දී එළිදක්වන ලදී. මෙම කතාව මායාවී වික්‍රමයන් සහිත පොත් ගණයට වැටේ. වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා කෘතිය ළමයින්ට සේම වැඩිහිටියන්ටද සුදුසු අපුරුම කතාවක් ලෙස හැඳින්විය හැක.

එය විශේෂිත වූ මායාවන පිලිබඳ සඳහන් වන නිසාම දරුවන් අතර කීර්තිමත් ලෙස පතල වූ ළමා නවකතාවක් ලෙස හැඳින්විය හැක,මෙම බහිරවයා පැරණි සමාජයේ පැවති මිත්‍යා විශ්වාසයන් සහ විද්‍යාත්මක නොවූ දේවල් පිළිබඳව විශ්වාස ඇත්තෙකු විය.මෙම කතාව ඔස්සේ පුරාතන නැගෙනහිර සමාජයත් වර්තමාන තාක්ෂණික රුසියානු සමාජයත් එක්තැන් කල කතාවක් ලෙස ගැනේ. මෙම හේතු නිසාම බියකරු බව ත්‍රාසය සුහදශිලිත්වය මෙන්ම විනෝදය ද කැටිවූ අපුර්වතම කෘතියක් ලෙස කිව හැකිය.

මෙම කතාව ඌස්සේ රුසියානු සමාජය විසින් ග්‍රහණය කර ගත සංස්කෘතිකමය සහ දේශපාලනමය ජයග්‍රහණයන් සියුම්ව උපහාසාත්මකව මෙම කතාව පස්සේ පටක මනසට කාවද්දන අතර මෙය සෝවියට් රුසියානු අරාබි නිසොල්ලාසය ලෙස රුසියානු විචාරකයින් හඳුන්වා ඇත.එමෙන්ම මෙම බහිරවයා නුතන තාක්ෂණයට මුහුණ දීමට යාමෙන් ඇතිවන ඝට්ටනයන් සහ ප්‍රශ්න ඉතාමත් අපුරුවට කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂී ලක්ෂණයයි.

මෙම කෘතිය මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබූ අතර මුල් කෘතියට අංශු මාත්‍රයකින්වත් හානි නොවන ලෙස පරිවර්තනය සිදු කිරීම සුවිශේෂීම ලක්ෂණය ලෙස මට හැඟේ.

Friday, July 12, 2019

දියතලාවේ සැඟවුණු අතීත යුද තතු

1914 කාල පරාසය වන විට පලමු ලෝක යුද්ධය හේතු කොට ගෙන ලොව රටවල් බොහෝ ප්රමාණයක් එකිනෙකට විරුද්ධව සටන් වදින්නට විය. මහා බ්රිතාන්ය සක්රීයවම එයට සහබාගි වූ අතර 1948 /04/01 දින රාජකීය ගුවන් හමුදාව (Royal Air force) පිහිටුවන ලදි. පළමුව බ්‍රිතාන්‍ය හමුදා සංකීර්ණය දියතලාවේ ගැරිසන් හි පිහිටවන ලදී.ඉන්පසුව 1900අගෝස්තු 8 වැනිදින බ්‍රිතාන්‍යයින් විසින් බ්‍රෝහියර් යුධ සිරකරුවන් රඳවා තැබීමට යුධ කඳවුරක් මෙහි ස්ථාපනය කරන ලදී.සිරකරුවන් 2500ක් සඳහා නිවාසද මුරකරුවන් සහ නිලධාරින් සඳහා නිවාස 1000ක්ද ගොඩ නගන ලදී.අනතුරුව පලවන ලෝක යුද්ධ සාමය වන විට මෙහි රඳවා තිබු සිරකරුවන් 5000 ස දක්වා ඉහළ ගියෝය.

දියතලාව යුධ කඳවුර බ්‍රෝයර් යුධ සමයේදී සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු අතර කන්කසන්තුරේ දක්වා සිරකරුවන් රැගෙන දුම්රිය ගමනාගමනයද සිදුවී තිබේ. යුද්ධය නිමවූ පසුවත් මෙම මධ්‍යස්ථානය යුධ හමුදා රෝහල් සංකීරණයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර වර්තමානය වන විට මෙය විශාල ත්‍රිවිධ හමුදා යුධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.එකල යුධ බටයින් සිරකර තැබූ ගොඩනැගිලි වර්තමානය වන විට හමුදා පුහුණු කඳවුරු සඳහා භාවිතා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය නැවතත් ආරම්භ කළ අතර ,හොංකො සහ සිංගප්පුරුවේ  හි ජිවත් වූ ජර්මන් ජාතික සිරකරුවන් මෙහි රඳවනු ලැබූ අතර ජර්මන් ජාතික භික්ෂුන් පිරිසක්ද සිටි බව කියවේ.පසුකාලීනව නයනපොනිකා සහ ගෝවින්ද භික්ෂුන් අනගාරික බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබීමට සමත් විය.1941ජුනි මස මෙහි රඳවා සිටි බොහෝ නාවිකයින් කැනඩාවට යවන ලදී.

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Diyatalawa
https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison
අඟහරු අඩවිය 

Thursday, July 11, 2019

දිනකට පැයකට වඩා MP 3 අසනවද



අන්තර්ජාල යුගයේදී MP 3 ඩිජිටල් ශ්‍රවණ උපාංගයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.මෙය වර්තමාන සංගීතයට ආදරය කරන තරුණ පරම්පරාව අතරේ ශීග්‍රයෙන් පැතිර යන විනෝදාංශයක් බවට පත් වී ඇත,බස් රියේ ,දුම්රියේ සිටගෙන යන මගින් පවා සිටගෙන යාම අපහසුවක් සේ ගණන් නොගෙන ගීත වලට සවන් දෙමින් යනු අපට දැකිය හැක.

MP 3 player  එක දමාගෙන ඔබ දිනකට කොතරම් වෙලා ගීත අසනවද? එයට ඔබත් ඇබ්බැහි වී සිටි නම් මෙය ඔබට කෙරෙන අවවාදයකි.මෙම විනෝදාංශය ඔබගේ ශ්‍රවණ තත්වය දුර්වල වීමට ඇති හැකියාව දුර්වල වීමේ ප්‍රවණතාවයක්  ඇති බව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව අවුරුදු 6-19 අතරේ දරුවන්ගෙන් 12.5 % කට මේ හඬ උස් ව ඇසෙන ශ්‍රවණ උපකරණ පැළඳීම හේතු කොටගෙන ශ්‍රවණ ඌනතා වලට මුහුණ දීමට සිදුව තිබේ.මේ ගැන අධ්‍යයනය කිරීමේදී MP 3 player හා Phone එක සම්බන්ධ කරන Ear Phone එකෙහි Ear Bad  නමින් හඳුන්වන කුඩා ස්පීකරය කණේ අභ්‍යන්තර ශ්‍රවණ ඉන්ද්‍රියවල අ හානිදායක බව සොයා ගෙන ඇත. තරුණ දරුවන්ගෙන් 3න් 2ක ප්‍රමාණයක් කණ අභ්‍යන්තරයෙහි කුරු කුරු ශබ්දය (ringing in the ears) ඇසීමේ ප්‍රවණතාවයෙන් පෙලිමක් හෝ ශබ්දය නොඇසිමේ තත්වයක්  දක්නට ලැබේ. නමුත් මේ පිළිබඳව සැලකිල්ලක් හෝ අවධානයක් යොමු කරන්නේ 8%ක ප්‍රමාණයක් පමණි.

බොහෝ සංගීතඥයින් පවසන ආකාරයට ඔවුන් මේ වන විට සාකච්චා කරනවා තරුණ පරම්පරාවට මෙම ශබ්ද අධික සංගීතයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමට.1989 වසරේදී Pete Townsend  නම් තැනැත්තා මෙම අධික ශබ්ද සංයෝගයක් ඇති සංගීතයට නිරාවරණය වීම හේතු කොට ගෙන අසාද්‍ය වී රෝහල් ගත කරන ලදී.

අපට කැසට් පටයකින්, සිඩි තැටියකින් ගබඩා කල හැකි ගීත ප්‍රමාණය ඉතාමත් සීමිතය.නමුත් MP 3 තාක්ෂනය ඔස්සේ ගීත 300කට අධික සංඛ්‍යාවක් ගබඩා කිරීමේ පහසුකම වර්තමානය වන විට දක්නට ලැබේ.මේ ඔස්සේ සංගීතයට ප්‍රිය කරන තරුණ තරුණයින් පැය ගණනක් තිස්සේ ගීත එකින් එක ඇසීමට පෙළඹේ.  Ear Buds  නම් ස්පිකර් වලින් ඇති වන හානිය නම් එමගින් ශබ්දය සෘජුවම කණේ කර්ණ  නලයටම සම්ප්‍රේෂණය කරන අතර බාහිර පරිසරයෙන් එන ශබ්ද අවහිර කිරීමයි,

බ්‍රෙස්ටන් හි ළමා රෝහලෙහි වෛද්‍ය බ්‍රයන් ජුලියෝ ට අනුව ඩෙසිබල් 85ක ශ්‍රවණ පරාසයකට පැය 80ක කාලයක් කන විවුර්තව තැබුවහොත් ශ්‍රවණ හානි සිදුවීමට ඉඩ ඇත.

MP 3 නිසා ඔබගේ ශ්‍රවණය දැනටත් දුර්වල වී ඇත්ද?

1කිසිවකු පවසන දේ නැවත පවසන ලෙස ඔබ කියනවද?

2.අන් අය සමග කතා බහේ යෙදෙන විට ඔවුන් කතා බහ කරන යම් යම් දේ ඔබට නොඇසෙන බවක් දැනෙනවද?

3.ඔබ රුපවාහිනිය අධික ශබ්දයෙන් අසනවද අන් අයට එය බාධාවක් වන ලෙස?

මෙම ක්‍රියා ඔබේ ශ්‍රවණ තත්වය දුර්වල වීමේ ඉඟියක් විය හැක.

මේ පිලිබඳ අධ්‍යනය කරන විද්වතුන්ගේ අදහස වන්නේ ඔබ සංගීතයට මෙන්ම ඔබේ ශ්‍රවණ ඉන්ද්‍රියට  ආදරය කරන්න උත්සහ කරන්න.

මුලාශ්‍ර -cbsnews.com

නිලක්ෂි බණ්ඩාර
11/07/2019

Wednesday, July 10, 2019

සන්ධාරණ

සන්ධාරණ  චිරන්ජි රණතුංග සොයුරිය විසින් රචිත වෙනස්ම ආකාරයක සංසිද්ධීන් රැසක් එකතුවූ කුතුහලය රාගය, සෙනෙහස ප්‍රේමය කැටිවූ අපුර්වතම නව කතාවක් ලෙස හැඳින්විය හැකිය.මෙම කතාව ඔස්සේ වලව්වක ආශ්‍රිතව ජිවත් වූ චිත්‍රපාලි නම් රාවණා පරපුරට අයත් දෙමවුපියන් අහිමිව තම සොයුරා සමගින් ජිවත් වූ තරුණියක වටා ගෙතුණු කතාවක් වේ.

මෙම කතාවේ ප්‍රධාන චරිතන්ගයන් වන්නේ චිත්‍රපාලි , වලව්වේ ලොකු මැණිකේ වූ ටිකිරි කුමාරි හාමි සහ පොඩි පුතා වූ සනත් හාමුය. වලව්වේ ලොකු හාමු වුවත් ටිකිරි කුමාරි හාමි වලව් මානසිකත්වයෙන් දුරුවූ චරිතයක් වන අතර ඉතාමත් නිහතමානි , අසාධාරණයට විරුද්ධ කම් පාන යහපත් චරිතයක් ලෙස පාඨක මනසට ලං කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි.ඇය විසින් චිත්‍රපලිට  අධ්‍යාපනය ලබා දී තමන්ගේම දරුවකුට සලකන්නක් මෙන් ආදරයෙන් සෙනෙහසින් ඇය පිලිබඳ වගකීම ගත්තාය.චිත්‍රපාලි ගී ජිවිතේ  සෑම සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථාවන් වලදී මවක මෙන් ඇය  පසුපස හිඳිමින් ඇයට ශක්තිය දුන්නේ ටිකිරි කුමාරි හාමිය.මොවුන් දෙදෙනා අතර තිබුණු අව්‍යාජ අන්‍යොන්‍ය  සෙනෙහස සහ බැඳීම කතාව පුරාවටම අපට දැකගැනීමට කතුවරිය සලස්වයි.

මෙලෙස සතුටින් සාමයෙන් ගතවුණු මොවුන්ගේ ජිවිත ටිකිරි කුමාරි හාමිගේ දෙවෙනි පුත් වූ සනත්ගේ ආගමනයෙන් සම්පුර්ණයෙන්ම කඩා වැටුණු අතර මොවුන්ගේ ජිවිත වෙනස්ම වූ විපර්යාසයකට ලක් වීමට ගත වුනේ දින කීපයකි.වලව් මන්නක්කරකම ඉහවහා ගිය සනත්ගේ කෙළිලොල් ජීවිතයේ තවත් ගොදුරක් වීමට චිත්‍රපලිට  සිදුවූ අතර පුරුෂාධිපත්‍ය එරෙහි වීමට නොහැකි වූ ඇයට තමන්ට වූ අසාධාරණය ඉවසමින් ජිවත් වීමට සිදුවිය.අවසානයේදී සනත් ඇයව විවහා කර නොගෙන පලා යන අතර වලව්වේ මෙහෙකරුවකු වූ අහිංසක ජයබා විසින් චිත්‍රපලිගේ  ජීවිතය සහ ලැබෙන්නට සිටි දරුවාගේ අනාගතය බාර ගෙන ඇයව සෙනෙහසින් රැක ගනී. 

පසුව සිදුවූ සිද්ධීන්ගෙන් අනතුරුව ජිවිතයේ සියලු කඩා  වැටීම් අමතක කරමින් පිටරට සිට පැමිණි සුදු ජාතික තරුණියන්ගේ උපකාරය සහ ශක්තියත් ගෙන තම ජීවිතය චිත්රපාලි විසින් ගොඩ නගා ගනියි. එතැන් සිට කතාව  කියවීම ඔබට බාර කරමි. කාන්තාවන් දුර්වල සත්ව කොට්ටාශයක් යැයි සලකන පිරිමින්ට කාන්තාවන්ගේ ශක්තිය තම ජිවිත තුල සිදුවන හැලහැප්පීම් ,වැටීම් ඔස්සේ ම ගොඩ නංවාගෙන නැගී සිටිය හැකි බව සාක්ෂාත් කරවන කෘතියක් ලෙස මෙම කෘතිය මම නම් කරමි.

මෙතෙක් රචනා කරන ලද සියලුම කතාවන්ට වඩා වෙනස්ම ආකාරයක කතාවක්  සන්ධාරණ කෘතිය චිරන්ජි සොයුරියගේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය සාර්ථක කතාවක් ලෙසට දැක්විය හැක.

Sunday, July 7, 2019

අක්‍රිට් ජ්ස්වාල්

Image result for akrit jaswalඅක්රිට් ජ්ස්වාල් යනු ඉන්දියාවේ චන්දිනගර්හි වීර ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය උදෙසා අධ්‍යයනය කරනු ලබන සිසුවෙකි.මොහුගේ සුවිශේෂිත්වය වනුයේ මොහු තවමත් වයස 17ක කුඩා දරුවකු වීමයි.මොහු ලොව වඩාත්ම හපන් දරුවා (The Worlds Smartest Boy ) යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලද අතර එයට හේතුව වුයේ වයස අවුරුදු7 දී සිය අසල්වැසි නිවසේ සිටි සය හැවිරිදි දිළිඳු දැරියකගේ පිලිස්සී ගිය අතක් සම්බන්ධව සිදු කරන ලද ශල්‍යකර්මයයි.

එම සැත්කම සිදු කර ඇත්තේ තම නිවසේ වන අතර සත් හැවිරිදි අක්රාට් ට වෛද්‍ය විද්‍යාව පිලිබඳ කිසිම හැඟීමක් හෝ පරිණත බාවයක් නොතිබීම විශේෂත්වයයි.නමුදු නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් ඔස්සේ මෙම ශල්‍යකර්මය සිදු කල බව ඔහුගේ පවුලේ උදවියගේ අදහසයි.මොහුගේ මවට අනුව මොහු වයසට වඩා මුහුකුරුව ගොස් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්නෙකි.මාස 10ක් පමණ වන විට සොයුරු සොයුරියන් අභිබවා ගොස් බහ තෝරා ඇති අතර අවුරුදු 5 දී විශ්ව සාහිත්‍යධර විලියම් ශේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘතීන් රස විඳීම ආරම්භ කර ඇත. එමෙන්ම අවුරුදු 5 දී ඔහු අත්දෙකින්ම ලිවීමේ හැකියාව තිබී ඇත.

එමෙන්ම ඔහු කායික විද්‍යාව කෙරෙහි මනා ඇල්මක් දැක්වීමද විශේෂත්වයක් වේ.එම හේතුව නිසාම පවුලේ හිතවත් වෛද්‍යවරුන් විසින් රෝහල් වලට කැඳවා ගෙන ගොස් ඔහුට ශල්‍යකර්ම නිරීක්ෂණය කිරීමට අවස්තාව දී ඇත.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත පත කියවීම අක්රට් ගේ විනෝදාංශය වන අතර තම උසස් අධ්‍යාපනය සිදු කර ගෙන යන්නේ ව්‍යවහාරික විද්‍යා අංශයෙනි. නිදහසේ සිටින වෙලාවල් වලදී ම්හු වැඩිපුරම කියවීමට ලක් කරන කෘතීන් අතර Grays Anatomy ,Physiology Cancer යන කෘතීන් ද්විත්වය ඇතුලත් වේ.මොහු දිනකට පැයක් තම අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර අවස්තාව ලැබෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බව ඔහුගේ මව පවසා ඇත.ඔහු පවසන්නේ ඔහුගේ දෙමවුපියන් විසින් ඉගෙනුම පිලිබඳ පීඩනයක් ඔහුට දී නොමැති අතර සැමවිටම ඔහුගේ නිදහස අගයන බවයි.

මෙම අසාමාන්‍ය බුද්ධියකින් හෙබි දරුවාගේ බුද්ධි බලය (IQ ) 146ක් බව කියවේ.එය ඔහුගේ වයසෙහි ඉන්දියාවේ සිටින කිසිඳු දරුවෙකුට නොමැති බුද්ධි බලයකි.
.අක්රට්ගේ සිහිනය වනුයේ පිළිකා රෝගීන් ගේ පිළිකා තත්වය මර්ධනය කිරීම උදෙසා ඖෂධයක් සොයා ගැනීමය.ඒ සඳහවා අක්රට්ගේ පියා නිසි බලධාරීන්ගේ සහය පැතුවත් එය සාර්ථක නොවීම හේතු කොටගෙන මානසිකව සහ කායිකව බිඳ වැටුණු ඔහු නිවසද ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවකි.

ලන්ඩන් නුවර Imperial Lege මෙම දරුවාට ලන්ඩනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. නමුත් දරුවාගේ තේරීම වුයේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය වීමයි.මහාචාර්ය මුස්ටාටා ඩයම්ගොස් (Mustata Diamgoz ) මොහුට උපකාර කිරීමට ඉදිරිපත් වූ අතර ඔහුගේ බුද්ධිමත් භාවය විමසීමේ පරීක්ෂණයකට භාජනය කරන ලදී.එහි අංකිත සහ කථන පරීක්ෂණ වලින් මොහු විශිෂ්ට ලෙස ජය ලැබූ අතර මාදිලි ගැලපීම යන පරීක්ෂණයෙන් අසමත් වීම සමාර්තයකු  ලොවට හඳුනා ගැනීමට තිබු අවස්තාව ලොවටම අහිමි කර ගැනීමකි.ඔහුගේ අනුසශකය වූ මුස්ටටා ඩයම්ගොස්  පවසන්නේ මොහුගේ විශිෂ්ට බව පිළිබඳ කීමට වචන නැති බවයි.ඔහුගේ හැකියාව පිලිබඳ කිසිඳු සැකයක් තමන්ට නැති බවයි.

ඉන්දියාවේ ධර්මශාලා පාසලේ අධිපති බි ආර් රාහි මහතා විසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට අනුග්‍රහය සපයන අතර මේ වන විට අක්රාට් විද්‍යා උපාධියක් සඳහා චන්දිග්ර්හ් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි.වයස 12 දී ඉන්දියානු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ලාබාලතම විද්‍යර්තියා බවට පත්විය.

මේ වන විට පිළිකා රෝගය නැසීම උදෙසා පර්යේෂණ පවත්වන මේ කුඩා දරුවා Oral Gene Therapy  නම් න්‍යායක් පිළිබඳව සොයා බලමින් සිටි.

මුලාශ්‍ර -(Akrit Jaswal the child surgeon from Wikipedia the free encyclopedia)
             (www.srikumar.com/) 
              (sisj.in/blog/arkit-jaswal-the-seven-year-old-surgeon/)