1. ලෝකය වෙනස් කිරීමට නම් ,ඔබට ඉලක්කයක් තිබේ නම් ,පළමුව ඔබ වෙනස් වෙන්න.ප්‍රීතියේ සහ ප්‍රේමයේ ශක්තිය හිමි කර ගැනීමට උත්සහ ගන්න.සිනහවකට, ප්‍රීතියට අතිමහත් බලයක් ඇත. ඔබ මෙය ඉගෙන ගන්නා විට, ඔබ "ආදරය" සොයා ගනු ඇත.
2.ලෝකයේ පරිපුරණ වූ කිසිදු ආගමක් නැත.නරකම අගමකුත් නැත. දෙවියන් වහන්සේ එක් අයෙකි.එබැවින් ඔබට අවැසි ලෙස යාඥා කරන්න.නමුත්.. ඔබේ හෘද සාක්ෂියට අනුව ජීවත් වන්න, ඔබේ මුතුන් මිත්තන්ට ගරු කරන්න, ආදරය කරන්න.
3. දෙයක් පරිත්‍යාග කරන්නාගේ දෑත කිසිදිනක හිස් නොවේ යනුවෙන් හිතොපදේශයක් ඇත.හැකිනම් දුප්පතුන්ට සහ අසරණ මිනිසුන්ට ශක්තියක් වන්න.උපකාර කරන්න.
4.ජීවිතය යනු කෙටි ගමනකි.අයහපත්, දේ වෙනුවෙන් එම කාලය නාස්ති නොකරන්න.හැකි
තරම් යහපත් දේ කරන්න.
5.ඔබේ ආදරණියයන් ඔබ සමග අමනාප වුවහොත් ඔවුන්ව වැළඳ ගන්න.ඔවුන් එවිට සන්සුන් වනු ඇත.
6.ඔබට යම් අලස බවක් හෝ උදාසීන බවක් දැනේ නම් එම වෙලාවට ගීතයක් ගායනා කරන්න.පොතක් කියවන්න.සොබාදහමට අනුගත වන්න. ඔබේ ආත්මයට අවැසි දෙය කරන්න.එවිට ආත්මය සංසිදේවී.
7. ඔබ යමක් කිරීමට සිතනවා නම් ඒ පිලිබඳ බිය නොවන්න.සැකයෙන් නොසිතන්න.බිය ඔබව පසුබස්වනු ඇත.මන්ද.. බිය යනු සියලු අයහපත් දේහි ප්‍රමුඛයයි.යමක් පළමු වර සාර්ථක නොවේ නම් බලපොරෝර්ත්තු සුන් කර නොගන්න.සෑම කුඩා ජයග්රහණයක්ම දිනීමේ මාර්ගයට ඔබව ලං කරයි.
8. ජීවිතය ගතව යාමේදී සෑම කෙනෙකුටම ඔවුන්ට ලැබිය යුතු දේ ලැබේවි.ගැටළු වලට ඔබේ ආත්මය ආක්‍රමණය කිරීමට ඉඩ නොදෙන්න.එවිට ඔබට සතුටින් සිටීමට
9. ඔබට අන් ඇයගේ ගරුත්වය අවශ්‍ය නම් අන් ඇයට කරුණාවෙන් සලකන්න.යහපත් දේට යහපත් අයුරින් ප්‍රතිචාර දක්වන්න.අයහපත් දේට වෛර නොකර මැදිහත් සිටින ඉවසන්න.පබාට අයහපතක් කල තැනැත්තා දෙස ඔබ කරුණාවෙන් බැලු විට එය ඔහුටම වේදනාවක් වේවි.
10. කිසි දෙයකට පසුතැවිලි නොවන්න.එය අනවශ්‍ය දෙයකි.සිදුවන සෑම දෙයක්ම හොඳම දෙයක් වීමට හේතුවන බව පමණක් සිතන්න.
11. සැමවිටම හොඳ සංගීතයකට සවන් දෙන්න.එය ඔබේ සෘණ ශක්තීන්ගෙන් ඔබව මුදවයි.ඔබේ මතකය සහ කල්පනා ශක්තිය සංගීතය ට සවන් දීමෙන් වැඩි වේ.එය හිත නිවන භාවනාවකි.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........