1. ඔබට ඔබේ ආත්මය සහ ජීවිතය සුවපත් කර ගැනීමේ බලය හිමිය.
භෞතික ජීවිතය සුවපත් කර ගැනීමට නම් ඔබට ස්වයං විනයක් සහ ස්වයං පාලනයක් අවශ්‍යය.ශරීර ලෙඩ රෝග වලින් සුරැකීමට වග බලා ගත යුතුය.ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය සහ ඖෂධ ලබා ගත යුතුය.
2. ඔබව සුවපත් කල හැක්කේ ඔබටම පමණි.
ඔබව සුවපත් කිරීම අන් අයකුට කල නොහැකිය.එය කිරීමේ බලය ඇත්තේ ඔබ සතුව පමණි.නමුත් එයට උපදෙස් සහ උපකාර ලබා ගැනීමට ඔබට හිත මිතුරන්, පවුලේ සාමාජිකයින් ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත.ඔවුන් සතු දැනුම, විවිධ අදහස් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර කරගත හැකිය.කිඉවකුට ඔබේ හැඟීම් අත්විඳිය නොහැකිය. ඔබේ මනස ක්‍රියා කරන ආකාරය තේරුම් ගත නොහැක හෝ ඔබේ සිතුවිලි ජනනය කළ නොහැක . ඒ ගැන දන්නා එකම කෙනා ඔබ පමණයි. සෞඛ්‍යයට අහිතකර ජිවන රටා හඳුනා ගැනීමට අන් අයට ඔබට උදව් කළ හැකිය, නමුත් ඒවා වෙනස් කළ හැකි ශක්තිය ඇත්තේ ඔබට පමණි.
3. පළමුව ඔබේ ආත්මය සහ සිත සුවපත් කර ගන්න.එවිට ශරීරයද ඉබේම සුවපත් වනු ඇත.
ආත්මය ,මනස සහ ශරීරය එකම හුයකින් බැඳී ඇත.ඔවුන් සතුව විවිධ අවශ්‍යතා ඇත.එම අවශ්‍යතා අප විසින් සපුරාලනු ලබන්නේ නම් ඉන් අපට තෘප්තිමත් වීමට හැකියාව ලැබේ.අපව නිරෝගී වනු නිසැකය.නමුත් එය අප නොසලකා හැරියොත් ශරීරය සේම අපෙ මනසත් රෝගී වනු ඇත.ශරීරය සුවපත් කිරීමට ඖෂධ අවශ්‍ය වුවත් ආත්මය සුවපත් කර ගත හැක්කේ අපේ සිතුවිලි යහපත් වුවහොත් පමණි.එයින් ශරීරයත් සුවපත් වීමට බැති කරන බලපෑමකි.
අපෙ ආරම්භය මෙතනින් පටන් ගත්තොත් , අනෙකුත් සියළුම කාරණා ඉබේම ඉටු වෙනු නිසැකය.ආත්මයේ අවශ්‍යතා වන්නේ සැනසීමෙන්, සහ ප්‍රීතියෙන් ජීවිතය ගෙවීමයි.
4. ආදරයෙන් ආත්මය සේම සිතත් සුවපත් වේ.
ප්‍රේමයේ ඇති ශක්තිය කිව නොහැකි තරම් සිත් සුවපත් කිරීමේ බලයකින් යුක්තය.ඔබ ශරීරයට ආදරේ කරමින් රැක බලාගන්නා තරමට ඔබේ ශරීරය සුවපත් වීමේ බලය වැඩි වේ.එය ආත්මයේ සහ මනසේ ඇති ගැටළු විසඳමින් සුවපත් කරයි.
5.සමාව දීමට හදවතෙන් ඉඩක් වෙන් කරන්න.
අපගේ හදවත බලාපොරොත්තු සුන් වූ විට බියෙන් ,කෝපයෙන් සහ දුකෙන් පිරෙයි.එවිට හදවත තුළ උණුසුම් හැඟීමකට ඉඩ අහිමිවේ.එවිට නිරෝගිව ජිවත් වීම දුෂ්කර වේ.ආදරය සහ ආත්මය අතර නොමියෙන බැඳීමක් ඇති අතර සමාව දීමේ ගුණය මනස හා බැඳී පැවති. සතුටින් සිටින විට සිතත්,ආත්මයත් සුවපත් වී අපව රෝගාබාධ වලින් ඈත් කරයි.
6. වෙනස් වීම යනු ජීවිතය වෙනස් කරවන එකම ක්‍රියාකාරී සැලසුමයි.
ජීවිතය මොහොතින් මොහොත පරිණාමය වේ.එයට එකඟව ගමන යනවා ඇරෙන්න වෙන කිසිදු විකල්පයක් නැත.එය සිතුවිල්ලෙන් සිතුවිල්ලට වෙනස් වේ.වෙනස් වීම අපේ චින්තනය යහපත් අතට වෙනස් කරන අතර වර්තමානයෙන් අනාගතයට ගමන් කිරීමට අපට උපකාර වේ.
මෙම පරිවර්තනයේ පලමු පියවර සමාව දීමයි.
දෙවන පියවර ප්‍රේම කිරීමයි. සිතුවිලි අයහපත් වන විට ශරීරයත් අසනීප වේ.. අප අපට සහ අන් ඇයට සමාව දීම මගින් නව සිතුවිලි නිර්මාණය වීම උදෙසා ශක්තියක් ලැබේ. අප සිතේ ඒ සඳහා අවකශය පුළුල් වේ.
ජීවිතය සුව කිරීමට ඇති එකම මාර්ගය චින්තනය වෙනස් කිරීමයි"ජීවත් වීම යනු වෙනස් වීමයි; වෙනස් වීම යනු වැඩීමයි; වැඩීම යනු නැවත නැවතත් ඔබව නිර්මාණය කිරීමයි."7. ඔබේ සිතුවිලි යථාර්තය වේ.
ඔබ සිතන්නේ කුමක්ද එය යථාර්තයක් වේ. ඔබට අවශ්‍ය දේ ඔබට හමු නොවේ නම් වෙනත් ඉලක්කයක් පිළිබඳව සිතා ක්‍රියා කරන්න.එවිට එය ලැබීමට ඔබට මාර්ගයක් හමු වේවි.ඔබට අවැසි දේ ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමට උත්සුක අවන්න.
නිලක්ෂි බණ්ඩාර.
2025/08/07.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........