‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, October 16, 2025

විජයට 46 යි.

 


අපේ ළමා කාලේ ලස්සන කරපු විජය පත්තරයට අදට වසර 46 ක් පිරෙනවා. හැමදාම සඳුදට ඉස්කෝලේ ඇවිලා ආපු ගමන් විජය පත්තරේ අතට ගන්නේ හරිම ආසාවෙන්.පත්තරේ කියවගෙන යන්නේ හරිම ආසාවෙන් හිත පුරෝගෙන. අපි හැමෝගෙම ජිවිතේ විජය කියන නම කොටසක් උනේ පත්තරේ තිබුණු අපුරු අන්තර්ගතය නිසාමයි. 

අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා වත් අපි නොදැන හිටපු කාලෙක අපේ දැනුම වැඩි කරපු විශ්වකෝෂය උනේ විජය පත්තරේ. පියල් උදය සමරවීර මහත්මයා ලියපු යකාගේ මලක් නොහොත් මල් මාමා කියන්නේ අපිව සිනහවෙන් පුරෝපු අදටත් මතකයේ තියෙන අපුරුම කාටුන් කතාවක්. 

කතාවෙ හැටියට මනුස්සයෙක් මලක සුවඳ බලන්න ගිහින් ඒ මලේ තිබ්බ ඇටයක් නහයෙ හිරවෙනවා. පස්සෙ ඒ ඇටේ මනුස්සයගෙ නහයෙ පැල වෙලා නහයෙ මලක් පිපෙනවා. ඉතින් එයාට තමා මල් මාමා කියලා කියන්නෙ. මේකට බෙහෙත් අරන් එන අතරෙ අලිරාලගෙ ඇගේ හැපිලා දෙන්නගෙ බෙහෙත් බෝතල් මාරු වෙනවා. වගාවට ගහන්න ගත්ත පොහොර තියෙන බෝතලේ මල් මාමා පාවිච්චි කරපු නිසා ඊළග දවසේ මල් ගහක් වෙනවා. ඉතින් එයා උත්සාහ කරණවා ඔය මල ගලවගන්න. මල ගැලෙව්වොත් එයා මැරෙනවලු. පස්සෙ තීරණය කරනවා මලත් එක්කම ජීවිතය ගෙවන්න. ඔය කතාව තමයි මල්මාමාගෙ කතාව.

ඒවගේම සුරංගි අක්කගේ විහිලු කතා ,දිය යටින් ගින්දර ,සුත්තර පුංචා , තරු රටා ගැන , පිරමිඩ ගැන, ශිෂ්ඨාචාර ගැන ,විවිධ රටවල මිත්‍යාවන් , කැලේ කතාව , හිඟුවල දිසානායකයන් ලියපු රජ කතා [පෙළ  ගැන අපිට ඉගැන්නුවේ විජය පත්තරේ. වික්‍රම මහතා  විසින් නිර්මාණය කරන ලද කුරු පිංචි චිත්‍ර කතාව විජය පුවත්පතේ ආකර්ශනයට හේතු විය. ඒවගේම පොතක් හදාගන්න පුළුවන් විදියට පිටු 16ක පුංචි කොළ එකතුවෙන් හැම සතියෙම විවිධ පොත් අපි නිර්මාණය කර ගත්තා.

පත්තරේ එක්ක ලැබුණු අඩි 12  ශ්‍රී ලංකාවේ සිතියම තාමත් මතකයක් විදියට මන් ලග තියාගෙන ඉන්නවා.ගුගල් මැප් ඒක නොතිබුණු ඒ කාලේ අපී ගමන් සගයා වුනේ ඒ සිතියම. කාලෙන් කාලෙට පත්තරේ එක්ක පොඩි පොඩි දේවල් අපිට ලැබුනා.ඒ වගේම  චිත්‍ර කතා සහ ලිපි කියන්නේ නිරතුරුව අපිව දැනුමෙන් පෝෂණය කරපු දැනුම් ආකාර. ඉන්ටර්නෙට් නැති නිසා  අපිව විජය පත්තරේ ඇබ්බැහි කර ගත්තේ හරිම අපුරුවට. දශකයක් පුරාවට අපේ දැනුම වර්ධනය කරන්න හේතුවක් වුන විජය පත්තරේ විභාග කාලයට අපිට ලොකු උත්තේජනයක් උනා.

ඇත්තටම විජය පත්තරේ කියන්නේ අපිට ලැබුන හරිම ලස්සන තෑග්ගක්.

දෙල්තොට චන්ද්‍රපාල , හලලියේ කරුණාතිලක, ජයන්තා කුමාරි සමනබැද්ද ,සංජිව බාලසුරිය වැනි වගේ විද්වතුන් රැසකගේ අපුරු ලිවීම් වලට අපි වහවැටුනේ හරිම අසාවෙන්.ලියන්නෙක් වෙන්න ආසාව හිතට දැනුන එක් හේතුවක් උනේ විජය පත්තරේ කියලා මම කියන්නේ නිහතමානි ආඩම්බරයකින්.

ඒ වගේම වසර 30කට වඩා අතීතයක සිට දිග හැරෙන විජය බාලදක්ෂ කඳවුර, බාලදක්ෂිකා ආලෝකය, විජය බාලදක්ෂිකා කඳවුර මෙරට බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතර සමීපව බැඳී ඇති විශේශාංගයකි. 

පුංචි පහේ පොඩිත්තන් ව තව තවත් දැනුමින් සුපෝෂණය කරන්නට, සතුටින් පුරවල්ලන්නට විජයට හැකිවේවා !

සුබ උපන් දිනයක් !


නිලක්ෂි බණ්ඩාර.

16/10/2025

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........