‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, October 4, 2025

'සයියාරා



'

සයියාරා' චිත්‍රපටය දැඩි චිත්තවේගීය තේමාවන් කේන්ද්‍ර කරගත් ආදර සංගීතමය නාට්‍යයක් වන අතර මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලදී. චිත්‍රපට නිෂ්පාදනය යාෂ් රාජ් ෆිල්ම්ස් විසිනි. සම්භාව්‍ය බොලිවුඩ් සංගීතය හා එක්වුණ ප්‍රේමයේ සුන්දරත්වයත් විරහවේ ශෝකී බවත් මිශ්‍රිත වුන සයියාරේ අපුර්ව චිත්‍රපටයකි. සයියාරේ තරුණ ආත්මයන් දෙකක කැළඹිලි සහ ඝට්ටනයන් ඔස්සේ ගලා යන ප්‍රේමයක් , පරිත්‍යාගශීලි බව තීව්ර කරන නිර්මාණයකි.

සයියාරේ හි කතා නායකයින් වන්නේ ආවේගශීලී රොක් තරුවක් වන ක්‍රිෂ් කපූර් සහ ලැජ්ජාශීලී, ආදර ලේඛිකාවක් සේම මාධ්‍යවේදිනියක වන වානි බත්‍රා අතර ඇතිවන ප්‍රේමයෙනි. ඔවුන් දෙදෙනා සතු කලාත්මක හැඟීම් සහ අදහස් තුලින් වානිට අහිමු වූ ඇයගේ හඬ සහ විශ්වාසය ඇය සොයා ගනී.මොවුන්ගේ ප්‍රේමය නිරුපණය කරන්නේ ඔවුනොවුන්ගේ අතීත කම්පන හරහා ඇතිවූ ඛේදනීය තත්වයන් සුව කිරීමේ ඔසුවක් ලෙසය.

වානි යනු ඇල්සයිමර් රෝගයෙන් පෙලෙන මතක ශක්තිය අහිමි වීමකට ලක්වන තරුණියකි. ක්‍රිෂ් තමන්ගේ සංගීත හීනය සැබෑ කරගැනීමේ අරමුණින් දිගු ගමනක් යාමට හීන දකින තරුණයෙකි. මෙම සිදුවීමේදී ඔහුව තෝරාගැනීම් දෙකකට දෛවය විසින් මුහුණ දීමට සිදු කරයි.එනම් සංගීතය වෙනුවෙන් කැප වෙනවාද නැතහොත් තම පෙම්වතියගේ ප්‍රේමය වෙනුවෙන් කැප වෙනවාද යන්නයි.

මෙහිදී චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂකයින්ට ගැඹුරු සේම සංවේදී පැනයක් ඉදිරිපත් කරයි.එනම් තම ආදරණියයාගේ මතකය අහිමි වුවහොත් ඔවුනොවුන් අතර තිබෙන ප්‍රේමය අහිමි වීමට එය හේතුවක් වේවිද?නැතහොත් එම ප්‍රේමය සදාකාලිකවම පැවතේද යන්නයි.සයියාරේ යන නමින් සංකේතවත් වන්නේ මෙම තේමාවයි. සංකේතාත්මක බැවින් මහත්සේ පරිපුර්ණ චිත්‍රපටියක් වූ සයියාරේ තේමා කිහිපයකින් සමන්විතය.

"සයියාරා" යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ "චලනය" හෝ "ගමන් කිරීම" යන අර්ථය ඇති "සයියාරා" යන අරාබි වචනයෙනි. සයියාරේ චිත්‍රපටයේ අන්තර්ගත සංගීතය මොවුන්ගේ ප්‍රේමයේ සහ වියෝවේ භාෂාවයි.ඒ ඔස්සේ හර්දයාංගම බව සහ චිත්තවේගිය සන්ධර්භයක් ඇති කරයි. එය මොවුන් එක් කරන පාලමක් සේ පෙන්වා දෙයි.අවසානයේ වානිගේ මතකය නැති වුවද ඇය සමඟ නැවත එක් වීමට ඔහුට සංගීතය උපකාරී වේ.

සයියාරේ යන වදන ක්‍රිෂ් වානිට ලබා දෙන ආදරණීය නමක් වන අතර පසුව එය ඔවුන්ගේ ආදරයේ අස්ථිර බව , සුන්දර බව , හර්දයාංගම බව සහ ඔවුන් මුහුණ දෙන ඝට්ටනකාරි , ඛේදජනක ස්වභාවය සංකේතවත් කරයි. ඇගේ සටහන් පොත ඇගේ අභ්‍යන්තර ලෝකය,ඇය මුහුණ දුන් අවදානම් සහගත ස්වභාවය සහ කලාත්මක හඬ පෞර්ෂයේ සංකේතයකි.

වානි විසින් ඉරා දමන ලද ඇගේ සටහන් පොතේ පිටු ක්‍රිෂ් විසින් සොයාගැනීමෙන් ඔහු විසින් ඇයගේ චිත්තවේගිය වේදනාවන් දැකීමක් සහ සුවපත් කිරීමට දරන උත්සාහය සහ කැමැත්ත සංකේතවත් කරන්නේ ප්‍රේක්ෂක හදවත් සංවේදී කරමිනි. පවුලේ ඝට්ටනයන් හේතුවෙන් චිත්තවේගිය ලෙස ඉතා ආක්‍රමණශීලි සහ කෝපජනක ලෙස හැසිරෙන ක්‍රිෂ් වානි නිසාවෙන් ප්‍රේමයට කැපවූ ,ආත්ම පරිත්‍යාගශීලි පුද්ගලයකු බවට පරිවර්තනය වන ආකාරය සයියරේ චිත්‍රපටය ඔස්සේ එළිදක්වයි.

ප්‍රධාන චරිත වූ ක්‍රිෂ් සහ වානි අතර ඇති අනුපමේය බැඳීම ඔවුනොවුන්ව සුවපත් කරන්නකි.ළමා වියේදී මුහුණදුන් සිදුවීමක් හේතුවෙන් නිරන්තර කම්පනයෙන් පසුවන ක්‍රිෂ්  මෙන්ම ඇල්සයිමර් රෝගයෙන් පිඩා විඳින වානි  ඔවුන් එකිනෙකා තම අතීතයෙන් ඔසවා ඔවුන්ගේ ආදරය සහ කලාත්මක හැඟීම් තුලින් ඔවුන්ගේ හොඳම අනුවාදයන් බවට පත් වේ.

සංගීතය සහ කවිය  සයියාරේ චිත්‍රපටයේ ආත්මයයි.වානිගේ කාව්‍යමය වචන ක්‍රිෂ්ගේ රචනා වලට අර්ථයක් ලබා දෙයි."සයියාරා" ගීතය ඔවුන්ගේ බැඳීමේ පදනම නිර්මාණය කරයි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........