‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, June 2, 2019

පිලිපා ග්‍රෙගරි

Image result for philippa gregoryපිලිපා ග්‍රෙගරි ඓතිහාසික සාහිත්‍ය ලොව දිදුලන ලේඛිකාවක් විය. ඇය 1954 ජනවාරි 9 වෙනි දින බ්‍රිතාන්‍ය කෙන්යාවේදී උපත ලැබිය.මැය එලිනි සහ ආතර් පර්සි ජෝර්ජ්ගේ දෙවෙනි දියණිය වූ අතර ඇයගේ පියා ගුවන් විදුලි ක්‍රියාකරවන්නකු  විය.ඇයට වසර දෙකක් වන විට ඔවුන්ගේ පවුල එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරට සංක්‍රමණය වන ලදී.කොල්ස්ටන් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලද ඇය තරමක කැරලිකාරී චරිතයක් විය.පසුව ඇය කාර්ඩිස් හි පිහිටි පුවත්පත් කළා විද්‍යාලයට ඇතුලත් වුන අතර ,පොර්ට්ස් මවුත් හි පුවත්පත් වාර්තාකාරිනියක ලෙස ක්‍රියා කළාය.
ඉන්පසු සසේස්ක්ස් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබඳ උපාධියක් ලද ඇය ඉතිහාසය පිලිබඳ හැදෑරීමට පටන්ගත්තාය.එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට පෙර BBC ගුවන් විදුලියේ වසර දෙකක කාලයක් ඇය  සේවය කළාය.පසුව ඇය `18 වන සියවසේ සාහිත්‍ය පිලිබඳ උපාධිය සම්පුර්ණ කර ගත්තාය.පිලිපා දර්හම් විශ්ව විද්‍යාලයේද ටෙසිඩේ විශ්ව විද්‍යාලයේද උගන්වන ලද අතර ඒ හා සමකාලීනව කින්ග්ස්බරි සහ විවුර්ත විශ්ව විද්‍යාලයේද කථිකාචාර්යවරියක ලෙස ක්‍රියා කාලය.

ඇයගේ ලේඛන ජීවිතය 1987 දී ඇරඹුණු අතර , මේ වන විට ඓතිහාසික ග්‍රන්ථ 80 කට අධික සංඛ්‍යාවක් ඇය අතින් රචනයට භාජනය වී තිබීම විශේෂත්වයයි.මේ හේතුව නිසාම අය ඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොව අග්‍ර රැජිණිය ලෙසද හැඳින්වේ.ඇය විසින් විවිධ ඓතිහාසික කාල පරාසයන් තුල සිදුවූ කතාවන් කෘතීන් ලෙස ග්‍රන්ථකරණය ට ලක් කරන ලද අතර වැඩි වශයෙන්ම ලියවුනේ 16 වැනි සියවසේ ටියුඩර් පාලන සාමය ආශ්‍රිත කෘතීන්ය.ඒ සාමය පිලිබඳ ලියැවුණු කතා අතුරින් තුන් ඈදුතු කෘතියක් වූ වයිල්ඩ් කෙයා කෘතිය හොඳම විකිණීම් අතරට එක වූ කතාව විය.එය ඉඩම් හිමියකු හා ඔහුගේ ඥාති කාන්තාවක්  අතර ඇතිවූ අනියම් ප්‍රේමයක් අරභයා ගලා ගිය කතාවක් විය.

පිලිපා විසින් රචිත සෑම කතාවක්ම රාජකීයයන් අරභයා ලියවුනු අතර එම පොත් වලට නම් යෙදුවේද ද ක්වින්,කන්ස්ටන්ට් ප්‍රින්සස් ,ද අදර් ක්වින්, ද රෙඩ් ක්වින්,ද වර්ජින්ස් ලවර් ද ත්‍රි ක්වීන්ස් යනාදී වශයෙනි.ඇය විසින් කොටස් වශයෙන් කළ කතාද තිබු අතර ඒවා ද පලන්ටගනෙට් ,ද වීමෙන් ඔෆ් ද කසින් , වෝ ටියුඩර් එම කතා අතර විය.The Favoured Child and Meridon.කෘතිය නුවණැති කාන්තාවක් පිලිබඳ ලියවුනු කතාවක් විය.

පිලිපා විසින් රචනයට ලක් කරන ලද නවතම කතාව වනුයේ ද වයිට් ක්වින් කෘතියයි.මෙය  ‘The Women of the Cousin’s War නව කතා මාලාවේ නවතම කතාව වේ.ඓතිහාසික නව කතාවක් වන මෙය එංගලන්තයේ රජ පවුලක් වූ ව්ලිසබෙත් වුඩ්විල් සහ 4 වැනි රජු වටා ගෙතුණු නව කතාවක් විය.ඔවුනට දාව ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙකු සිටි අතර රිචඩ් සහ එඩ්වර්ඩ් නම් මෙම කුමරුන් වටා ගෙතුණු අභිරහසක් විය.එම අභිරසහ හේතු කොටගෙනම මොවුන් දෙදෙනා ලන්ඩන් කුළුන තුලදී මිය යාම  ඉතාමත් ඛේදජනක සිදුවීමක් විය.

ඇයගේ කෘතීන් සඳහා ඇය භාවිත කරනුයේ එහි පිහිටි ඓතිහාසික පුස්තකාලයන්, කෞතුකාගාරයන්  වන අතර  මෙම ස්ථානයන් හිදී පිලිපා පර්යේෂණයන් සිදු කර ඒ අනුසාරයෙන් මෙම නව කතා රචනයට බඳුන් කරයි.

පිලිපා නුතන ප්‍රබන්ධ සාහිත්‍යට සහ සම්භාව්‍ය කෘතීන් වලට රුචිකත්වයක් දක්වනු ලබන අතර මේ වන විට ඇයටම අවේණික වූ ශෛලියක් අනුගමනය කරනු ලබයි.ඇයගේ ප්‍රියතම කතුවරියන් අතර,ජේන් ඔගස්ටින් ,ඇලිසන් වෙයාර් ,ජෝර්ජ් එලියට් ඇතුලත් වේ.ඇය විසින් රචිත කරන ලද The Other Boleyn Girl’කෘතියට නවකතා සංගමය මගින් 2000 වසරේදී හොඳම ප්‍රේමනීය නවකතාවට හිමි සම්මානය ලැබුණු අතර, රෝනා සම්මානයද දිනා ගන්නා ලදී.බොහෝ කෘතීන්ට සම්මාන ලැබුණු අතර ඉන් සමහරක් කතා ටෙලිනාට්‍ය බවටද නිෂ්පාදනය කර එළිදක්වන ලදී.2001 වසරේදී රචනා කරන ලද The Other Boleyn Girl කෘතිය BBC රුපවාහිනී සේවයේ විකාශනය කරන ලදී.ද වයිට් ප්‍රින්සස් කෘතිය 2013 දී යෝර්ක් හි විසු එලිසබෙත් පිලිබඳ රචනා කරන ලද කෘතියක් වේ..ඇය 7 වැනි හෙන්රිගේ බ්රින්ද වූ අතර ,8 වැනි හෙන්රිගේ මව විය.



















Saturday, June 1, 2019

අර්නට්සට් හෙමිංවේ

අර්නස්ට් හෙමිංවේ

නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් හෙමිංවේ 20 වැනි සියවසේ ඇමරිකානු ජාතික ශ්‍රේෂ්ඨ ගණයේ කතුවරුන් අතර මුල්තැන ගනී.ඔහු 1899 ජුලි 21 වැනි දින ඇමරිකාවේ චිකාගෝ නුවර ඕක් පාර්ක්හිදී උපත ලද අතර පියා වූ ඉලිනොයිස් හෙමිංවේ වෛද්‍ය වෘතියේ ද මව වූ ග්‍රේස් හෙමිංවේ සෞන්දර්ය ගුරුවරියක්ද විය.මොහු කුඩා කලදී වසර කීපයකම කාන්තා අධිපත්‍යට නතු විය.

මොහුගේ කුඩා කල තිබු විශේෂ හැකියාවක් වන්නේ කතන්දර ගෙතීමයි.නාට්‍යනුසරයෙන් ගොතන කතන්දර මවුපියන් සහ සොයුරියන් ඉදිරියේ මොහු රඟදැක්වූ බවද කියවේ.පසුකාලීනව ඔර්ක්පාර්ක් විදුහලට ඇතුලත්වන ඔහු විදුහලේ සාහිත්‍ය සඟරාවේ ( Trapeze and Tabula ) සංස්කාරක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබුවේය.එය ඔහුගේ සාහිත්‍ය දිවියේ මුල් අඩිතාලම වැටීමට හේතු පාදක වූ අතර පාසල් අධ්‍යාපනය අවසන් කර කැන්සාස් සිටි ස්ටාර් පුවත්පතේ කාර්යමණ්ඩලයට ඇතුලත් වේ.

1918දී පළමු ලෝක යුද්ධයට සහබාගි වී ඉතාලියේ සටන් පෙරමුණෙහි ගිලන් රථ රියදුරකු ලෙස සේවය කරයි.ඔහුගේ සේවාව උදෙසා ඔහු ඉතාලි නිර්භිතභාවයේ සම්මානයෙන් පිදුම් ලැබු අතර ඒ සඳහා රිදී පදක්කමක් ඔහුට ප්‍රධානය කරන ලදී.යුද්ධයේදී ප්‍රහාරයකට ලක්වීමට හෙතුවිමෙන් මොහු රෝහල් ගත වන අතර එහිදී හමුවන ඇගන්ස් වොන් කුරෝව්ස්කි නම් හෙදියත් සමගින් ඇති කර ගන්නා ලද ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව ඇයව විවහා කර ගනී.නමුදු පසුව ඇය වෙන පුද්ගලයකු හා විවහා වන අතර මෙම කඩා වැටීම මොහුගේ ලේඛන කලාව කෙරෙහි තව දුරතත් මොහුගේ සිත යෙදවීමට හේතුවක් විය.

මොහු විසින් රචිත මුල්ම කෘතිය වන්නේA Very Short Story කෙටි කතාවයි.මොහුගේ මුල් කෘතීන් බොහෝ සේ ජනප්‍රියත්වයට පත් නොවන අතර   1926දී රචනය කරන ලද මුල් කෘතිය වූ  The Sun also Rises පාඨකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ පොතක් වේ.එය ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටතම කතාවක් ලෙසයි විචාරකයින්ගේ මතය වන්නේ.1920 දී රචනා කරනු ලැබූ A Farewell to Arms පොත යුද්ධය හා සාමය පිලිබඳ අන්තර්ගතවූ කතාවක් වන අතර එය ඇමරිකාවේ මහත් ජන ප්‍රසාදයට පත් වූ කෘතියක්  වූ අතර එය ඉතාලි යුධ බිමේදී ඔහු ලැබූ අත්දැකීම්වලින් සමන්විත විය.ඉන්පසු ඔහු විසින් The Torrents of Spring කෘතිය රචනා කරන ලද අතර ,1927දී Men Without Women නමින් කෙටි කතා සංග්‍රහයක්ද එළිදක්වනු ලැබිය.


පසුකාලීනව වසර 41 වූ විට මොහුකියුබාවට සංක්‍රමණය වන අතර පුරා වසර 30ක් එහි වාසය කරනු ලැබුවේය.සුවිශේෂී නිර්මාණ රැසකට හිමිකම් කි කාලයක් වන අතර කියුබානු ධිවරයින් අතර ප්‍රසාදයට ලක්වූ පුද්ගලයකු බවද පැවසේ.,මොහු ගැඹුරු මුහුදේ මෙම ධිවරයින් සමග මසුන් මරිමටද යන අතර මෙම සිදුවීම් අනුසාරයෙන් වසර 1951 දී  (The Old Man and The Sea) කෘතිය රචනා කෙරේ.

එම කතාවේ අන්තර්ගත සුවිශේෂී වැකියක් නම් මිනිසා විනාශ කල හැකිය.පරාජය කල නොහැකිය යන්නයි.

1954දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය මොහුට පුදන ලද අතර (The Old Man and The Sea) කෘතිය වෙනුවෙන් පුලිස්ටර් සම්ම්නයද මොහුට ප්‍රධානය කරන ලදී.ඒ අතර 1952දී රචනයට පාත්‍ර වූ The Snows of Kilimanjaro කෙටි කතා සංග්‍රහයද මහත් සේ ජනප්‍රියත්වයට හා පැසසුමට ලක්වූ කෘතියක් වේ.

කියුබාවේදී මොහු විවිධ ආබාධයන්ට ලක් වන අතැර විශාදය තත්වයෙන් ද පෙලේ.මෙයට හේතුව වන්නේ ජීවිතයේදී මුහුණ දීමට සිදුවූ විවිධ සංසිද්ධීන් වල බලපෑමෙන් පාරම්පරිකව පැමිණි රෝග තත්වයන්ට මොහුට මුහුණ පෑමට සිදුවීමයි.මෙහි අභාග්‍යසම්පන්න තත්වය වන්නේ මෙම රෝගී බව හේතුකොට  ගෙන මොහුගේ ලිවීමේ හැකියාව පවා අහිමිවීමයි.මානසික පීඩනය හේතුකොටගෙන දිවිනසා ගැනීමට තැත් කල ඔහු Mayo Clinic නම් මනෝ වෛද්‍ය කඳවුරට ඇතුලත් කරනු ලබන අතර අවාසනාවකට 1961 ජුලි දෙවෙනි දින තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමෙන් මෙම ලෝ සුපතල සාහිත්‍යවේදියා මෙලොවින් සමුගන්නා ලදී.






Thursday, May 23, 2019

භද්‍රජි මහින්ද ජයතිලක මහතා


භද්‍රජි මහින්ද ජයතිලක මහතා 70 දශකයේ බිහිවුණු දක්ෂ කලාකරුවකු වේ. එතුමා ගීත ගායනයට මෙන්ම නවකතා සහ කෙටි කතා රචනයෙහි ලා මෙන්ම පරිවර්තනයේද දක්ෂයකු වේ.එමෙන්ම සංගීතඥයකු ලෙස සංගීත ලොවට විසල් සේවයක් ඉටු කල තැනැත්තකු වේ.එලෙසම ළමා නාට්‍ය නිෂ්පාදනයේද මොහු දැක්වුයේ විසල් දස්කමකි.ස්වාධින රුපවාහිනී නාලිකාව ලංකාවට හඳුන්වාදීමෙහි ලා පුරෝගාමියකු වූ මෙතුමා එහි නිෂ්පදකයවරයකු ලෙසද කටයුතු කළේය.එලෙසින්ම කැලිෆෝනියා වේ සැන් ජැකින්ටෝ ප්‍රදේශයේ සෙන්ට් ජැකින්ටෝ විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වී චිත්‍ර සහ නාට්‍ය රංගකලාව විෂයන්ද ඉගැන්වූයේය.

බොහෝ කාලයක සිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින භද්‍රජි මහතා ශ්‍රී රාවන් නා පුවත ඇසුරින් කොළඹ විශ්ව විද්‍යාලයේ රංග දැක්වූ "රාවණා නොකී පුරාවත නමින් බැලේ ඔපෙරාවක් ද පිටපත් රචනය සිදු කිරීම ලාංකීය සාහිත්‍යධරයින් ලැබූ අගනා වටිනාකමක් වේ.

slbc ගුවන් විදුලි රංගන පිටය සහ ළමා රංග පිටය වෙනුවෙන් ගුවන් විදුලි අත්පිටපත් රාශියක් නිර්මාණය කරන ලද අතර සිංහල සහ වේදිකා නාට්‍ය පිටපත්ද විසල් ප්‍රමාණයක් රචනා කළේය.මේ බොහෝ නාට්‍ය  ප්‍රධාන චරිතයට හිමිකම් පෑවේ නිතැතින්මය.එලෙසින්ම මෙතුමා විසින් සංගීත සංදර්ශනයන් සඳහා සහ නාට්‍ය සඳහා පසුතිරද  නිර්මාණ කළේය.එලෙසම භද්‍රජි මහතා විසින් මේ වන විට නිකුත් කළ නව කතා ප්‍රමාණයක් 111ක් වන අතර සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි බසින් පරිවර්තනද සිදු කළේය.එලෙසින්ම ලංකාවේ ප්‍රධාන පුවත්පත් රැසක  නවකතා අතුරින් කතා 11ක් කොටස් වශයෙන්  පල කරන ලදී.

 ගරු ඩී එම් විජේවර්ධන සම්මානයටද පාත්‍ර වූ අතර මොහුගේ රසවත් ලේඛන ශෛලියට සහ කළා නිර්මාණ වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර ඇමරිකාවේ ලෝක කාව්‍ය සංගමය මගින් රන් කවි සම්මනයද දිනා ගන්නා ලදී.ලාංකීය බෞද්ධ කොන්ග්‍රසය මගින් හොඳම බෞද්ධ තේමාව සහිත කෘතියට හිමි සම්මානයද මෙතුමාට පිලිගැන්වුයේ දිනෙක කුසිනාරාව, විසාල සහ ප්‍රසේන්ජිත් යන කෘතීන් තුනටයි.හොඳම වේදිකා නාට්‍යය පිටපත ට හිමි පහන් පෙළ සරච්චන්ද්‍ර සම්මානය ලබා ගන්නේ රෝස පාට පුංචි ගෙයක රචනයටයි.කඳු ශිඛරයි ගැඹුරු හෙලයි කෘතිය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍යයට හිමි ආලෝක රංග සොභා සම්මානය දිනා ගන්නා ලදී.මහා මුහුදට එහා වෙනුවෙන් සංස්කෘතික සංගමය සම්මානයද,සර්වෝදය මගින් ජිවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන සම්මානයක්ද දිනාගැනීම විසල් භාග්‍යයක් විය.එලෙසින්ම කොලබ පුස්තකාලය මගින් කාල දීපානි සම්මානයද දිනීය.එලෙසින්ම මෙතුමා බොහෝ දස්කම් පා චිත්‍ර ශිල්පයටද අනෙක විද සම්මානයන් දිනා ගනු ලැබුවේද අනෙක්‍රපාර  මාධ්‍යයන් යොදා ගැනීම හේතුවෙනි.

එතුමන් මුලින්ම කතාවක් රචනා කරන ලද්දේ වයස 17දී වන අතර  බෞද්ධ සාහිත්‍ය කෘතියක් වන සුදු හංසයෝ  ඉගිල ගියහ කෘතියයි.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම බෞද්ධ නව කතාව ලෙස ගණන් ගැනෙන්නේ ද මේ කතාව හෙයිනි. දුලභ දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ වූ මෙතුමන් අවුරුදු 13දී ගීත රචනයද අවුරුදු 6දී චිත්‍ර ඇඳීමේ හිද විසල් දස්කම් පෙන්වූයේය.

මෙතුමාගේ නව කතාවල ජීවි ගුණය සැමවිටම දකින්නට ලැබෙන අතර ගලාගෙන යන රසවත් බවකින් හා කුතුහලය නංවමින් පාඨක සිත් ඇඳ  බැඳ ගන්නා අයුරින් ලියා තිබීම  සුවිශේෂිත්වයයි.මිනිස් ජීවිතය ඇසුරෙන් සිදුකරන ජිවිත විවරණය සෑම කතාවකින්ම අපට දැකිය හැකි ගුණාංගයකි.සැමවිටම මෙම නව කතාවල චරිතයන් නිවැරදිම ස්ථානයේ ස්ථානගත කිරීම අනිකුත් කෘතීන්ට වඩා භද්‍රජි මහතාගේ කතා වල දකින්නට ලැබෙන වෙනස්ම ලක්ෂණයයි.එලෙසම කෙටිකතාවේ ශිල්ප ක්‍රමයට වඩා වෙනස්ම ආරක් නවකතා ශිල්පයේදී දීමට සිදුවන බව මැනවින් වටහා ගත ලේඛකයකු ලෙස මෙතුමා හැඳින්විය හැක.

2013දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ගුණ සමරු පදනම මගින් විශ්ව සූරී කළා සූරී ගෞරව නාමයට ද හිමිකම් කිවේය.1984දී මෙතුමා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එකම රුපවාහිනී නාට්‍ය වූ ධන කුවේරයෝ ටෙලි නාට්‍ය ඇමරිකාවේදී නිෂ්පාදනය කර රුපවාහිනී නාලිකාවේ විකාශනය කරන ලදී.

Tuesday, May 21, 2019

චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ  නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි.ඇය  වංග,හින්දි සහ උර්දු භාෂාවෙන්  සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ.සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය.එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය.එමෙන්ම ඇය  ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි.

මෙම සියලුම භාෂාවන් ඇයගේ ස්වෝත්සාහයෙන් අධ්‍යයනය කිරීම ඇගේ විශේෂත්වය වන අතර  ඉන්දියාවට ගොස් තම පරිවර්තන ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ශික්ෂණය විසල් කැපකිරීමකින් යුතුව තම ජීවිතය ලංකර ගන්නා ලදී.

විභුතිභුෂණ බන්දෙයපාධ්‍ය නම් බෙංගාලි ජාතික ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයා ලෙසන් රන් නාමය පැළඳි කතුවරයා විසින් රචනයා බඳුන් කරන ලද පථෝර්  අපූ ත්‍රිත්වය (පාතර් පංචාලි,අපරාජිතයෝ ,අපුර් සංසාර් යන කෘතීන් ත්‍රිත්වය මෙතුමියගේ පළමු පරිවර්තන කෘතීන් විය. මෙම ත්‍රිත්වය මාවතේ ගීතය , අපරාජිත ජිවිතයක් සහ අපුගේ ලෝකය නමින් පරිවර්තනය කොට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග්‍රහය ලබා ගත්තාය.වසර කිහිපයකට පසු අපු ත්‍රිත්වය වෙනුවෙන් ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද ප්‍රදානය කරන ලදී.ජනප්‍රිය කෘතියකට වඩා ගුණාත්මක බැවින් වැඩි කෘතියක් පාඨකයා වෙත ලං කිරීම ඇයගේ වෑයම විය.

වංග සාහිත්‍ය කලාවේ දැවැන්ත පුරුෂයකු වූ ශරත්චන්ද්‍ර චට්ටෝපධ්‍යගේ ශ්‍රීකාන්ත නව කතාව චින්තා මහත්මියගේ දෙවන පරිවර්තන වෑයම විය.එය ශ්‍රීකාන්ත ලෙස පළවෙනි වෙළුමත් ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි ලෙස දෙවෙනි වෙළුමත් අසංෂිප්ත පරිවර්තනයක් ලෙසින් පිට විය.

ඇයගේ සාහිත්‍ය දෘෂ්ටිය මනාව ඔප්නංවන ලද කතාවක් ලෙස උර්දු බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා පොත දැක්විය හැකිය.එය ගැඹුරු වූ දාර්ශනික ගැඹුරකින් යුක්ත කතාවක් වේ.මෙය ඉතාමත් සුන්දර වූ රමණිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වේ.

සිංහල පාඨකයන්ගේ සිතුව්ලි හදවත සසල කළ කෘතියක් වූ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය විභුතිබුෂණ බන්ද්යෙපාද්යගේ ආරණ්‍යයක්  නම් වංග බසින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි.මෙම කෘතිය සිංහල පරිවර්තන සාහිත්‍ය තුල විසල් පෙරලියක් ඇති කළ සන්ධිස්ථානයක් විය.මිනිසා සහ සොබාදහම තුල ඇතිවන අවියෝජනීය බැඳීම ,විවිධ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ජිවිත විවරණය ලෝකය පිලිබඳ කතුවරයාගේ දෘෂ්ටි කෝණය ඉන්දියාවේ කෙළවරක පිහිටි වනයක් පිලිබඳ සිදුකල විවරණයකින් ඉතාමත් අපුරුවට පාඨක සිතට ලං කරන ආකාරය විශ්මයජනකය.

ඇයගේ  කෘති ඔස්සේ මානව සම්බන්දතාවයන් පිලිබඳ ගැඹුරු දහමක් පිළිඹිබු කරන අතර දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන්නාවූ අවියෝජනීය බැඳීම පුරුෂාධිපත්‍ය ප්‍රධාන වූ සමාජයක ස්ත්‍රියට විඳින්නට වන අකටයුතුකම් ,අසාධාරණකම් අප වෙත ලං කෙරේ.

රවින්ද්‍රනාත් ඨාකුර්  විසින් රචනයට පාත්‍ර කරන ලද ගෝරා ඇයගේ ජිවිතයේ වැදගත් සංදිස්ථානයකට ගෙන ගිය පොතක් ලෙස කිව හැකිය.මෙම කතාව ඔස්සේ පෙන්නුම් කරන ලද දේශපාලනික ,සමාජ සංසිද්ධීන් වර්තමානයට පවා යෝග්‍ය වන බව විචාරකයින්ගේ මතයයි.මෙම කතාව ඉන්දීය සමාජයේ ඓතිහාසික පුවතකින් යුක්ත වේ.

පරිවර්තන සාහිත්‍යයට විසල් සේවයක් සිදු කල චින්තා මහත්මිය වසර 53ක් ආයු වළඳා 2000  වසරේදී මෙලොවින් සමුගත්තාය .




















Saturday, May 18, 2019

තොරණේ ඉතිහාසය

ලාංකීය සමාජය තුල බෞද්ධයින් විසින් බුදුන්වහන්සේගේ තෙමඟුල අරභයා නිර්මාණය කරන නිර්මාණ අතුරින් තොරණට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. තොරණේ පුරාවෘත්තය පිලිබඳ සොයා බැලුවහොත් ලංකාවේ පැරණිතම තොරණ ලෙස හඳුනා ගෙන ඇත්තේ 1955 දී තොටළඟ  ශ්‍රී වෛශ්‍රාලෝක සංගමය මගින් නිර්මාණය කරන ලද  තොරණය.එදා ඒ තොරණින් නිරූපණය වුයේ මහා භද්‍ර කල්ප ජාතක කතා වස්තුවයි.මෙය නිර්මාණය කිරීමට සම්පත් දායකත්වය ලබා දුන්නේ එකල එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයකු වූ හෙට්ටිආරච්චි ගේ විල්බට් සිඥෝ  මහතාය.

මෙම අදහස ඔහුගේ සිතට පැමිණියේ වෙසක් සමයේදී කුඩා දරුවන් නිර්මාණය කරන ලද තොරණ දුටුවිටය,මෙම කර්තව්‍යයේදී මෙතුමාට උපකාර කලේ කොල්වින් පිරිස් නම් 12 හැවිරිදි කුඩා දරුවාය.විදුලි බල්බ නොමැතිව ඔහු විසින් චිත්‍ර පමණක් අඩංගු කරමින් සකසන ලද තොරණ සැමදෙනාගේම සිත් ඇඳ බැඳ ගන්නා ලද අතර කොල්වින් පිරිස් මිය යන තුරුම මෙම තොටළඟ තොරණේ දළ සැකැස්ම නිර්මාණය වුයේ ඔහුගේ දෑතිනි.

 විල්බට් පෙරේරා මහතාගේ පුතා වූ අනුර පෙරේරා මහතාට අනුව  මෙහි මුල්ම තොරණ අඩි 85ක් වන අතර විදුලි බුබුළු 25000 කර අධික ප්‍රමාණයකින් වර්ණවත් කර තිබේ.පුරා දින ගණනක් පැවති මෙම තොරණට විදුලි ආලෝකය සපයා ඇත්තේ ආරියදාස නම් මහත්මයකු විසිනි.චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ පුෂ්පානන්ද දන්පිටිය මහතා විසිනි.තොරණ වෙනුවෙන් ලක්ෂ 5ත් 6ත් අතර  මුදලක් මුල් අවධියේදී වියදම් කර ඇති අතර වැඩියෙන්ම මුදල් වැය වී ඇත්තේ වර්ණවත් විදුලි බලය ලබා ගැනීම සඳහායි.මන්ද එකල මිනිසුන් ආලෝකය ලබාගත්තේ කුප්පි ලාම්පු ආධාරයෙනි.එම හේතුව නිසාම ලක්ෂ ගණනක් විදුලි බුබුළු දැල්වීම සෑම කෙනාගෙම සිතෙහි වර්ණවත් සිතුවිලි ඇති කිරීමට සමත්වී තිබුණි.

මුල්ම තොරණ නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීමේදී කතා වස්තුව පටිගත කර ඇත්තේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතා විසිනි.ඒ අතර එය විවුර්ත කිරීමට පැමිණියේ බණ්ඩාර අග්‍රාමාත්‍ය තුමා වේ.එතුමන් විසින් තොරණ විවුර්ත කිරීමේදී හෙලිකොප්ටරයකින් අහසේ සිට මල් විසුරුවා ඇත.


ජයාරුපය අන්තර්ජාලය ඇසුරිනි.

Image result for තොටළඟ තොරණ

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

හිරු සඳු එකලු වී පෙරඹර නැගෙන්නා
තුරුලිය මල්බරින් සුළඟේ දිලෙන්නා
කරුණා දයාවෙන් සැම සිත් සැනසෙන්නා
සතුට සසර දුක නිවනට ලංවෙන්නා

නමා බුදු හිමිට මා සිත නිතර
සනසා ගනිමි සිත මොහඳුර පරදමින
හැඳින බුදු නුවණ සදහම සඟරුවන
සොයමි දෙලොව දියුණුව මා සැමවිටම

ලෝ වාසි සැමටම බුදු ගුණ සිහිවෙවා
මෙත් කරුණා සිතුවිලි සැමතැන   පැතිරේවා
වෙසක් පුන් දිනේ ලොව දහමින් සැනසේවා
ඔබටත් මටත් ලොවටම සුබ වෙසඟක් වේවා!


Monday, May 13, 2019

වන දරුවෝ - ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා The Children of the New Forest - Captain Marryat


වන දරුවෝ The Children of the New Forest කෘතිය රචනා කරන ලද්දේ 1847 දී ෆෙඩ්රික් මැරියට්  විසිනි.
මැරියට් ගේ විශ්‍රාම සුවය ලබමින් සිටින  සමයේදී මෙම කෘතිය රචනා කරන ලද අතර ඔහුගේ ජිවිත කාලය තුල මුද්‍රණය කරන ලද අවසාන කෘතිය ලෙස කියවේ.මැරියට් ඔහුගේ සහෝදරයාගේ නිවාස පිහිටි හැම්ෂයර් කඳුකරය වෙත ගිය බවද විචාරකයින්ගේ අදහසයි.මෙම කතාවේ උපත සිදුවුයේ හැම්ප්ෂයර් හිදීය.

මෙම කෘතියට තේමාව වී ඇත්තේ ඉංග්‍රීසි සහ කොමන්වෙල්ත් එනම් 1649 සිට 1660 දක්වා වේල්සයේ සහ එංගලන්තයේ පාලන සමයේදී වූ සංසිදුවීම් රැසකි. එනම් මෙම කාලයේ සිටි බෙවර්ලි නම් සෙන්පතියාගේ දරුවන් සිවුදෙනා වටා ගෙතුණු කතාන්දරයකි.රාජකීය සටනේදී කර්නල්  බෙවර්ලි මිය යන අතර මොවුන් වනයේදී තමන්ව පිඩනයට පත් කරන්නන්ගෙන් බේරීමට නිව් ෆොරස්ට් වනයෙහි සැඟවී සිටියහ. මේ වෘතාන්තය ඇරඹෙන්නේ 1647 දී 1වෙනි චාල්ස් රජු රට තුල පවතී සිවිල් යුද්ධයෙන් පරාජය වී ලන්ඩනයේ සිට නිව් වනාන්තරයට පලා යාමෙනි.
පාර්ලිමේතුවේ පක්ෂය ගත්  සොල්දාදුවන් විසින් නිව් වනාන්තරය පරික්ෂා කිරීමටත් ,ආර්වුඩ් හි පිහිටි බෙරව්ර්ලි සෙන්පතියාගේ පාරම්පරික වංශවත් නිවාසය  ගිනි තැබීමටත් තීරණය  කළහ.


කිවුලිර් නිලධාරියෙක්ද මෙම නෙස්බි සටනේදී මිය ගියේය.ඒ වන විට බෙවර්ලි මැදුර තුල එඩ්වර්ඩ් ,හම්ප්‍රි , ඇලිස් සහ එඩිත් නම් බෙවර්ලි අමාත්යගේ දරුවන් ජිවත් වූ අතර ඔවුන් මෙම ගින්නට අසුවී මියගිය බව රටවැසියන්ට දැනගැනීමට මොවුන් සැලැස්විය. නමුදු ඔවුන් කැලාවේ  දර කපන්නකු වූ ජේකබ් ආර්මිටෙච් ගේ රැකවරණය යටතේ වනාන්තරයේ ජිවත් වුනේ ජීවිතය සහ සමාජය පිළිබඳව වෙනම වනගත ජීවිතයේදී අපුර්වතම අත්දැකීම් රැසක් රස විඳිමිනි.මෙම දරුවන් ඔහුගේ මුණුපුරන් සහ මිණිපිරියන් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.ඔවුන් වනය තුල ජීවත්විය යුතු ආකාරය පිලිබඳ මනා දැනුමක් මෙම කාලය අතරතුරදී ලබා ගන්නා අතර පිරිමි දරුවන් වනයේ දඩයම් කිරීමට උගුල් ඇටවීමට , ගොවිතැන් බත් කරමින් ජිවත් වීමට විවිධ නිර්මාණයන් ගොඩ නැගීමට උත්සහ කරන අතරතුර තරුණ ගැහැණු ළමුන් දෙදෙනා මැහුම් වැඩ සහ ඉවීමට පුරුදු වෙන අතර නිරතුරුවම නිවෙස් පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීමට උත්සහ ගනී. මෙය ස්ත්‍රීවාදය ට බලපෑම් කල පොතක් නොවේ. මේ දරුවන් සිවුදෙනාම උස්මහත් වී නිසි වයසට පැමිණි පසු කාන්තාවන්ට සේම පුරුශයින්ට ද ආදර්ශයක් වෙන පරිදි චරිතවත් එඩිතර පරිපුර්ණ බැවින් යුතු චරිතයන් විය.

මෙම කෘතිය නුතනයේ ජිවත්වන්නන්ට නුපුරුදු වූ ක්රියාවලින්ගෙන් සහ හැසිරිම්ගෙන් පිරුණු අපුරුතම කෘතියක් වන අතර ළමා මනසට ගෝචර වූ ලේඛන ශෛලියකින් සහ රසවත් බැවින් යුතුව රචනා කර තිබීම සුවිශේෂිත්වයයි.පැරණි පොත් පිළිබඳව අවබෝධය ඇති පාඨකයෙකුට පැරණි සමාජ සංස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන්, සිරිත් විරිත් සහ සංස්කෘතික වෙනස්වීම් පිලිබඳ අත්දැකීමක් උකහා ගමින් මෙම කෘතිය රසවිඳිය හැකිය. සජීවී සහ වන ජිවිතයට මෙන්ම ත්‍රස්තජනක ක්‍රියාවන්ට ප්‍රිය කරන ඕනෑම රසිකයෙක් මෙම කෘතියට කැමති වන නොඅනුමානය.

සමස්ත වශයෙන් ගත කල මෙම කතාවේ තේමාව සිත්ගන්නා සුලුය.රසවත් බැවින් හරවත් බැවින් යුතු භාෂා ශෛලියක් මේ වෘතාන්තය පුරාම දැකිය හැකිය.එමෙන්ම  කතාව කියවීමට හොඳ පිටුවහලක් දෙන තරම් රසවත් ගලාගෙන යමක් මෙහිදී දැකිය හැකි විශේෂම ලක්ෂණයයි.මෙම ලක්ෂණය සියලුම පොත් වල දක්නට නොහැකි දුලබ ගති ලක්ෂණයකි.පැරණි භාෂාවන්ට ඇලුම් කරන, පරිසරය සුන්දරව රස විඳිය හැකි සියලුම දෙනා රසවිඳීමට කැමති වන සුන්දර කතාවක් බව මෙහිදී සඳහන් කල යුතුය.මෙම කෘතිය සිංහලයට  ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වන දරුවෝ නමින් සිංහල අනුවාදයට ලක් කරන ලද අතර දරුවන්ට සුදුසු පරිදි ව්‍යක්ත රචනා ශෛලියක් භාවිතා කර තිබීම මෙහිදී පාඨකයාට දක්නට ලැබේ.


.
දෙපා ලෙඩ කරවන අඩි උස පාවහන් 

 උස් සපත්තු වසර දහස් ගණනක සිට කාන්තාවගේ හොදම මිතුරකු ලෙස හැදින්විය.ඒවා පැළඳීම කාන්තාවන්ට  සුන්දරත්වයක් ,විශ්වාසී බවක් සේම උස් පෙනුමක් ලබා දේ.  නමුදු මෙය පසුකලකදී ඇයට වේදනාවක් වීමටද ඇති ඉඩකඩ බොහෝය.සැබවින්ම උස කාන්තාවන් වාසනාවන්තය.උස පෙනුම කාන්තාවගේ ශරීර සුන්දරත්වයද වැඩි කරයි.

විවිධ ඇඳුම් කට්ටල වලට ගැලපෙන පරිදි වර්තමානයේදී සුන්දර පාවහන් අපට දැකිය හැකිය.සල්සා  නර්තයනයට ප්‍රියතාවයක් දක්වන කාන්තාවන්ට සල්සා නැටුම් සඳහා සුදුසු පරිදි stiletto පාවහන් නිමවා ඇති අතර එය ඉතා ප්‍රසංෂනිය වේ.එමෙන්ම විලාසිතා ලෝකයේදී උස පාවහන් ඉතාමත් ජනප්‍රිය අංගයක් වේ.පහත සටහන ඔස්සේ ඔබට උස පාවහන් පැළඳීමේ දී අත්වන වාසි සහ අවාසි හඳුනා ගත හැක.

අපි දැන් උස් සපත්තු පැලදීමේ වාසි ගැන බලමු.

උස පෙනුම

උස සපත්තු පැළඳීම මගින් කාන්තාවකගේ උස, සිටිනවාට වඩා අඟල් 5-6ක් අතර උසකින් මතු කර දක්වයි.මෙම තත්වය උස පෙනුමකට කැමත්ත දක්වන කාන්තාවන්ට බොහෝ සේ උපකාරී  වේ.බොහෝ කාන්තාවන් තමන්ගේ උස පෙනුමක් දකින්නට ප්‍රියතාවයක් දක්වන අතර එයට හේතුව වන්නේ බොහෝ අයගේ ආකර්ෂණය උසින් වැඩි කාන්තාවන් වෙත ලැබීමයි.මේ මගින් කාන්තාවන්ට සිත් ඇඳගන්නා සුළු හැඩයක් ලැබීමද එක විශේෂත්වයකි/

මෝස්තරය 
කාන්තාවන්ගේ බාහිර පෙනුමට, විවිධත්වයක් උස් පාවහන් මගින් ලබා දේ.අඟල් දෙකක පමණ උසක්  ඇති සෙරෙප්පු යුගලයක් රැලි සහිත සයකට ගැලපේ.එය ආකර්ෂණයට වඩා ලාලිත්යක් කාන්තාවකට ගෙන දෙයි..එමෙන්ම ඇවිදින විටද  ඔබට ලාලිත්‍ය ක්ද ලබා දෙයි.

යහපත් ශරීර පිහිටීම 
උස් සෙරෙප්පු පැලදීමෙන් පසු කාන්තාවට තමන් සිටින ඉරියව්වේ පහසුවෙන් සිටිය හැකි වීම විශේෂත්වයකි.මෙම උස අඩි පැලදීමෙන් හිසට සහ ශරීරයට ආකර්ශනීය බවක් ලැබේ.ඇවිදීමේදී ඇය පිළිබඳවම විශ්වාසයක්  ඇතිවේ.උස අඩි සහිත පාවහන් පැලදීමෙන් වළකින්නේ ඉතාමත් කලාතුරකින් කාන්තාවකි.පළමු වර උස පාවහන් පැලදීමේ දී සමහර කාන්තාවන් ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දේ.ඔබ උස අඩි පාවහන් යුගලක් මිලට ගතහොත් එය පැළඳ නිවසේදී ඇවිද පුරුදුවිම ඔබගේ සෞඛ්‍ය සම්පන්න බවට ගුණාත්මක වේ.එය ඔබ එම පාවහන් පැළඳ ඇවිදීමේදී ඇතිවෙන අපහසුතාවයන් මගහැරීමට උපකාරී වේ.

ප්‍රියමනාප දෙපා යුගලක් ලබා ගැනීම 

උස පාවහන් ඔබේ දෙපා වලට සුන්දර පෙනුමක් ලබා දීමට සමත් වෙන අතර කෙටි සායවල් ඇඳීමට කැමති කාන්තාවන්ට ඔවුන්ගේ දෙපා වලට සහ ශරීරයේ හැඩයට උසස් පෙනුමක් ලබාදීමට මින් හැකියාවක් ලැබේ.
ඒ මගින් කකුලේ දිගු බවක් පෙන්නුම් කරයි.

උස පාවහන් පැළඳීමේ අවාසි 

උස සහ වේදනාව එකම කාසියේ දෙපැත්ත වේ.නමුදු කාන්තාවන්ට සුන්දර පෙනුමක් ලබා දෙන අතරම ඔවුන්ට බොහෝ අතුරු ආබාධ වලට ලක්වීමට මේ හරහා සිදුවේ.උස පාවහන් පැළඳීමෙන් සිදුවන අතුරු අබධයන් සහ අනතුරු පහතින් ඔබට දැකගත හැකිය/දිගු කලක් උස පාවහන් පාවිච්චි කිරිම්දී කොන්දේ, වලලුකරේ සහ දනිස්වල අබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් වැඩි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

කකුලේ හැඩය වෙනස්වීම

පාවහන් තෝරා  ගැනීමේදී ඔබ ඔබගේ පාද වල හැඩය පිලිබඳ සැලකිලිමත් විය යුතු වේ .අපේ සිරුරට ගැලපෙන විදියේ පාද හැමදෙනාටම ලැබි  තිබේ.උස අඩි සහිත සපත්තු පැළඳිමේදී විලුඹ ,පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටනඅතර ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරයි. මෙය ශරීරයේ සමතුලිත තාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට හේතුවේ. පාදයේ පතුල වක්‍රාකාර වන අතර එය අප ඇවිදීමේදී හිට ගැනීමේදී අපව සමබරව තැබීමට උපකාරී වේ.සමතුලිත නැති පෘෂ්ටයක් මත ගමන් කිරීමේදී මෙම වක්‍ර හැඩය එහා මෙහා වෙන අපගේ සිරුරේ සමබරතාවය රැක ගනී.එවැනි අවස්තාවලදී සිරුරේ ඇතිවන කම්පන අවශෝෂණය වලක්වා ගැනීමට ද ,සිරුර රැක ගැනීමට ද, උපකාරී වේ.


කකුල් ඇදුම් කෑම 

බොහෝ කාන්තාවන් උස පාවහන් ගැලවීමෙන් පසු මෙම කකුල් ඇදුම් කෑමට ලක් වේ.මන්ද උස සපත්තු පැළද  ඇවිදීමේදී මුළු ශරීරයේම බර දෙපා මතට පැමිණේ.මෙය දිගු කලක් තිස්සේ සිදු වුවහොත්, පාද ආබාද සහ තුනටියේ කැක්කුම් ඇති වීමට හේතු සාධකයක් විය හැකිය.

ඇවිදීමේදී දැනෙන අපහසුව 

සමාජයේදී සමහර කාන්තාවන්ට උස පාවහන් භාවිතා කිරීමේ අපහසුතාවයක් අපට දකින්නට ලැබේ.මෙවැනි පාවහන් පැළඳ ගෙන බොහෝ දුරක් ඇවිදීම අත්හදා බැලිමේදීත් මෙවැනි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.එහි ප්‍රතිපලය වන්නේ බොහෝ කලක් උස පාවහන් පැළඳ සිටීමේදී හෝ දමාගෙන ඇවිදීමේදී පාදයේ අභාධ වලට ලක් වීමයි,සමහර විට එවැනි කාන්තාවන් ඇවිදීමේදී බලෙන් ඇවිද්දවිමක් සේ අපිට දකින්නට ලැබේ.අපසුවෙන් ඇවිදීම තමාගේ සමබරතාවය අහිමිවීමට ද , බිම පතිත වීමටද ඉඩ සලස්වයි. 

කොඳු නාරටියේ වේදනා සහ අපහසුතා 

 උස පාවහන් පැලදීම කොඳුනාරටිය ට අනවශ්‍ය බරක් පැටවීම සහ තෙරපීම හේතුකොටගෙන තුනටියේ අමාරු, කොන්දේ අමාරු වැනි ලෙඩ රෝග වලට ඔබ ට මුහුණ පාන්නට සිදුවේ.
කෙසේ වුවත් ඇවිදීම. යෝග සහ ව්‍යායාම් කිරීම මගින් මෙම අපහසුතාවයන් මග හැරීමට සුදුසු බව ඔබට හැකිවන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

කසායනය සහා විරූපී පෙනුම 

පාද යුගලයට දරාගත හැකි බර ප්‍රමාණයට වඩා වැඩි බර ප්‍රමාණයක් දරාගෙන සිටීමේදී කාන්තාවන්ගේ විලුඹේ  තද සහ රළු ගතියක් මෙන්ම  කහ පාට ලප වැනි දෙයක් හට ගැනීමට ඉඩ තිබේ.එයට  ඔබගේ දෙපා වලට විරුපී පෙනුමක් ලබා දීමට හැකියාවක් තිබේ.මෙය වලක්වා ගැනීමට නම් ඔබ නිතරම පාද වල  සුමුදු බව රැක ගැනීමට තෙල් අලෙපනයක් හෝ, පාද සුරක්ෂණ ආලේපයක් හොද ගලවා සම්භානය  කල යුතුය.

පාද ඇමට්ටිය 

වයස්ගත කාන්තාවන්ට උස පාවහන් පැළඳීම හේතුවෙන් නිතර ඇතිවන රෝගයකි කකුල් ඇමට්ටිය එය උස් පාවහන් නොපළඳින කාන්තාවන්ට ද වැළදිය හැකිය.එම නිසා උස පාවහන් පැළඳ ඇවිදින විටදී කල්පනාවෙන් සහ වැඩි පරිස්සමින් ගමන් කිරීම වඩාත් සුදුසු වේ.එම නිසා මෙම උස පාවහන් පැළඳීම කලාතුරකින් සිදු කිරීම කාන්තාවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වයට හේතුවේ.සමහර කතුන් උස පාවහන් තම වේදනාව තිබෙද්දිත් පළඳ සිටි. 

රුධිර සංසරණයට බාධා ඇති වීම.

කෙණ්ඩ ප්‍රදේශයේ ඇති මාංශ පේශි රුධිර සංසරණයට ඉතාමත් වැදගත් වේ.මාංශ පේශි බොහෝ වෙලාවක් සංකෝචනය වීම හේතු කොට ගෙන රුධිර ගමනාගමනයට බාධා එල්ල වේ.මේ නිසා කාන්තාවන්ට නහර ගැටගහීමේ  රෝගය වැළඳීමට ඇති ඉඩකඩ බොහෝය.තවද සිරුරේ බර පාදයේ ඉදිරි කොටසට වැඩියෙන් ව්‍යාප්තවීම නිසා පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිර ගතියක් ඇතිවීමට ඉඩකඩ තිබේ.එලෙසම මහපට ඇඟිල්ලට ඇතිවෙන දැඩි පීඩනය නිසා වේදනාකාරී අවස්ථාවකට මුහුණ දීමට ද සිදුවේ. 
උස අඩි පැළදීම නියපොතු වර්ධනයට සිදු කරන විසල් හානියකි. නියපොතු වල තෙරපීම හේතු කොට ගෙන , බැක්ටීරියා ආසත්මිකා නිර්මාණය වීමක් සිදුවේ.

සැකසුම නිලක්ෂි බණ්ඩාර 










Friday, May 3, 2019

වික්ටර් හියුගෝ


වික්ටර් හියුගෝ මාරි හෙවත් වික්ටර් හියුගෝ විශ්ව සාහිත්‍ය කලාවේ අමරණිය චරිතයකි.මොහු ප්‍රංශයේ මහා ගත්කරු ලෙසින්ද විරුදාවලිය ලද අතර ප්‍රංශයේ මහා කවියා ලෙසද හැඳින්විය.මොහු 1802 පෙබරවාරි 26 වැනිදා ප්‍රංශයේ බිසැන්කොන්හි මොහු උපත ලැබිය.මොහුගේ පියා නැපෝලියන් බොනපාට්ගේ හමුදාවේ ජෙනරාල්වරයකු වූ Joseph Leopold Hugo  විය  .මොහු නවකතා රචකයකු, නාට්‍ය තිර රචකයකු සේම කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නෙකු මෙන්ම මානව අයිතිවාසිකම් ක්‍රියාකරියකුද වූ අතර 19 වැනි සියවසේදී ප්‍රංශයේ විසු බලවත්ම පුද්ගලයින් අතර වැජඹෙන පුද්ගලයකු විය.

මෙහි Pension Cordier හා Lycee Louis Le Grand යන පාසල් වල මොහු ඉගෙනුම ලැබූ අතර පැරිස් නගරයේ නීති පිඨයේ උසස් අධ්‍යාපනය ලැබුවෙකි.මුලින්ම මොහු පදය රචනයට යොමු වුන අතර කාව්‍ය රචක වර්ජිල්ගේ අභාෂය තම කාව්‍යයන්ට උපයුක්ත කර ගන්නා ලදී.මොහුගේ පළමු කාව්‍යයට පැරිසියේ 18 වැනි ලුවී රජු විසින් සම්මානයක් දුන් අතර ඔහුගෙන් ජිවිත කාලය පුරා ලැබෙන ලෙසට විශ්‍රාම වැටුපක්ද ලැබීමට ඔහු සමත්විය.මොහු එකල ප්‍රංශයේ ප්‍රචලිත වූ සම්භාව්‍ය සාහිත්‍ය කලාවට එරෙහි රෝමාන්තික සාහිත්‍යධරයෙකු ලෙස ප්‍රචලිතය.

මොහුගේ ප්‍රථම කෘතිය වන්නේ හෑන්ස් ඔෆ් අයිලන්ඩ් (Hans of Island) කෘතිය වන අතර 1825 දී මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.1827දී නිර්මාණය කරන ලද ක්‍රොම්වෙල් (Cromwell )මොහුගේ ප්‍රථම නාට්‍ය වේ.මාලොන්ද ලෝමේ (Marlon De Lome )හෙවත් වෙසඟනකගේ අවිචාරී ආලය නම් නාට්‍ය පසුකාලීනව ප්‍රචාරණයට තහනම් කරන ලදී.රටෙහි පැවති සමාජීය සහ දේශපාලනමය ක්‍රියාදාමයන් මනාව රසිකයන් වෙත ලංකෙරු නාට්‍යන් ලෙස 1832 දී ලී රෝයි සම්සේ (LE Roy Samnse )1838 දී බ්ලාස් (Blas )1843 දී ලේබර් ග්ලාවස් (Labour Glawas )ඇතුළු තවත් නාට්‍ය කීපයක් දැකිය හැකිය.මොහු තමන් මෙන්ම කළාවට සාහිත්‍යට රුචිකත්වයක් දැක්වූ පිරිසක් එක් කරන් Cenacle නමින් සාහිත්‍ය සංගමයක්ද පවත්වාගෙන යන ලදී.

මොහු විසින් 1831 දී රචනයට ලක් කරන ලද ලේ මිසරබ්ලේ  (Le Miserable )කෘතිය ලොව ජනප්‍රියත්වයට පත්වූ අතර ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනයට ලක්වූ අග්‍රගණයේ කෘතියක් වේ.මෙය ඊරියගොල්ල මහතා විසින් මනු තාපය නමින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතයන් වන්නේ (ජනවර්ජන ) ජින්වැල් ජින් ,ජන්තු (ජාවට් ),පුජක තුමා යන චරිතයන්ය.මෙහි ප්‍රස්තුතය වන්නේ පාන් ගෙඩියක් සොරකම් කිරීම හේතුවෙන් වසර 19ක් සිරබත් කන (Jean Val Jean )ජින් වැල් ජින්ගේ කතාවයි.ආදරය ,කුතුහලය, වෛරය, ශෝකය, ත්‍රාසය යන සෑම රසයකින්ම යුක්ත වූ මෙම කතාව ඉතාමත් අපුරු වෘතාන්තයක් වන අතර 1959 දශකයේදී පාසල් පොතට පවා ඇතුළත්වූ කරන ලදී.

මෙම කෘතිය මගින් එවකට සමාජයේ පැවති අඳුරු කාල වකවානුව,පාතාල ලෝකයේ සංසිදුවීම් පිළිබඳව පුළුල් අවබෝධයක් පාඨකයා වෙත ලං කෙරේ.බඩගින්න නිවා ගැනීමට පාන් ගෙඩියක් සොරකම් කරන ලද ජින්වැල් ජීන් ටූ ලෝන් සිරගෙය වෙත යවා වසර 19කට පසු නිදහස් වුවත් ජන්තු (ජාවට් ) නම් පොලිස් නිලධාරියා ඔහුව සැක කරමින් දිගටම පසුපස පන්නන ආකාරය මෙහිදී අපට දක්නට ලැබේ.මේ මගින් ප්‍රංශ මහා විප්ලවය ගැනද ඉඟියක් වික්ටර් හියුගෝ විසින් පාඨකයා වෙත දෙන බව විචාරකයින්ගේ මතයයි.

1885 මැයි 22දෙවෙනිදා පැරිසියේදී වසර 88ක් ආයු වළඳා මෙම විශ්ව සාහිත්‍යධරයා මෙලොවින් සමුගන්නා ලදී.

වසන්ත තිළිණය ආයෙත් - දිල්හානි වික්‍රමරත්න - The Gift by Danielle Steel

වසන්ත තිළිණය ආයෙත් 



"ඇයට ඕනෑම තැනක යාමේ මාවත විවෘතව තිබිණි.ඕනෑම දෙයක් කිරීමේ ඉඩ හසර සැලසී තිබිණි .ඇගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකුත් ඉතිරිව හිටියේ නැත.ඇය ගැන වග වීමට සිටියේ ඈ පමණි.බන්ධනයකට තිබුනේ කුස තුළ මෝරා වැඩෙන දරු පැටියා පමණි. ගැබිනියක බවට පත්වී තෙමසක් සහ තවත් අඩ මසක් පමණක් ගෙවී ගොස් තිබුනත්, ඈ ගැබිණියක බව පිටතට නොපෙනුණත්  සිරුර තුළ  සිදුවන වෙනස්කම් සියල්ල ඇයට දැනෙමින් තිබිණි .කොහේ සිට පැමිණියේදැයි මිනිසුන් අසන පැනයට දිය යුතු පිළිතුර කුමක්දැයි ඈ බොහෝදුරට සිතා බැලුවාය ".

මෙම ආරම්භය ඩැනියෙල් ස්ටීල් ගේ අතින් නිර්මාණය වුන නිර්මාණ අතරින් විචිත්‍ර සහ අත්භුතජ්නක 33වෙනි වෘතන්තයයි.මෙය 1994දී ලියවුන කෘතියකි.මෙය බලය සහ අද්භූත ක්‍රියාකාරිත්වයන් හා මුසුවූ රසවත් සම්මිශ්ශරණයක් වන අතර මෙය ගැඹුරු ප්‍රේමය , හද පත්ලෙන් නැගුණු ජිවිතයේ වේදනාව පිලිබඳ අතික්‍රමණය කල කතාවකි. ඩැනියෙල් විසින් රචිත කෘති ඔස්සේ එම චරිතයන්ගේ චිත්තවේගිය සාධකයන් රසිකයා වෙත ලඟා කෙරේ.මෙම ආදරණිය වෘතාන්තය සිංහලයට  පරිවර්තනය කරමින් අප වෙත ලඟා කරන්නේ දිල්හානි වික්‍රමරත්න රචිකාවියයි ඇය පරිවර්තන, ධනාත්මක චින්තන සහ ළමා කෘතීන් 50ක් පමණ සිංහල සාහිත්‍යට දායාද  කල කතුවරියකි.

එම වේදනාව තුළින් ඔවුනට දායාදයක් හෙවත් වටිනා ත්‍යාගයක් ද හිමිවිය.එය නොසිතු දෙයකි.ඔවුන් බලාපොරොත්තු නොවූ ත්‍යාගය කැඩී බිඳී යාමට ආසන්නව තිබු ඔවුන්ගේ ආදරණිය කුටුම්භය සුවපත් කිරීමට ,ජිවිත සැලසුම් සහගත ලෙස සකස් කිරීමට කෙටි කලක් තුල සිදුවූ ආශීර්වාදයක් විය.

ඩැනියෙල් ස්ටිල් විසින් රචිත බොහෝ කෘතීන් ජිවිතයේ අවධානමක් ගන්නා අවස්ථාවන්ට මුහුණ දෙන චරිතයන්ගෙන් හෙබි නව කතාවේ. මෙම නව කතාව වටා ප්‍රේම වෘතාන්තයන් කිහිපයක්ම ඇති අතර පාඨකයාට අමතක නොවන චරිත කිහිපයක් පාඨක හදවත ඇඳ බැඳ ගන්නා ජාලයක් ලෙස නිර්මිතය. එම චරිත තුළ සිනහව මෙන්ම කඳුළද මුසුවූ ඇත.

ඔවුන්ට ජිවිතබෝධය ලැබීමට හේතුවූ මෙම ත්‍යාගය අඳුරට ශාප කරමින් සිටින ජිවිත වලට කදිම පාඩමකි.මෙම නව කතාව දරුවකු පිලිබඳ සිහිනය අතහැර ජිවත් වූ එළිසබත් විටෙකර්ගේ පවුලේ කතාවෙන් ආරම්භ වේ.ඈන් විටේකර්, ටොමී විටේකර් ජෝන් විටේකර් සහ ලීස් විටේකර් මෙම කුඩා පවුලේ ආදරණිය සාමාජිකයින් වුහ.එක්තරා නත්තල් රැයකදී සතුටින් උන් මෙම ආදරණිය පවුල ඇනී ගේ සහාසික අහම්බයක් වූ මරණයෙන් දෙදරා ගියේය.

ඒ අතරම ප්‍රේමය සහ ලිංගිකත්වය මැද  අතරමන්වුන මැරිබත් නම් තරුණියගේ දුක්බර කතාවත් මෙම කතාව අතරතුරදී අපිට රසවිඳින්නට හැකියාව ලැබේ.මැරිබත් උසස් අධ්‍යාපනය ලබන තරුණියක් වූ අතර ක්‍රිස්තියානු දැඩි මතදාරී පවුලක දියණියක විය.පාසලේම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා තරුවක් වූ පෝල් බ්‍රෞනි සැන්දෑ සාදයකදී මැරිබත් හා නර්තනයේ යෙදෙමින් විනෝද වේ.විනෝදකාමී චරිතයක් වූ පෝල් ගේ විරහා සිතට මැරිබත් අහම්බෙන් පැමිණි සහනලේපයක් විය.අවසානයේදී ගැබිණියක් බවට පත්වෙන ඇයව පියා විසින් කන්‍යාරමයක්ට පිටුවහල් කරයි.පොල් උපාධිය රැගෙන නැවතත් ඩෙබී හා විවාහපත් වේ.නමුදු කන්‍යාරාමයේ විසීමට අකමැතිවූ මැරිබත් එතනින් පිට වී ජුනි මස එක්දිනයකදී චිකාගෝ හි මිඩ් වෙස්ටන් නගරයට පිටත් වේ. ගමනන්තයේදී හමුවන අවන්හලක මැය රැකියාවකට බැඳේ.

මෙතැන් සිට කතාව රසවිඳීමට ඔබට ඉඩ හරිමින් නැවතත් විවරණය වෙත එළඹෙමි.විටේකර් පවුල වෙත හදිස්සියෙන් පැමිණෙන ආගන්තුකයා නිසා කඩා වැඩීමට ලංව තිබුණු මොවුන්ගේ පවුලට සොඳුරු වෙනසක් එකතු වේ.මෙම තරුණිය විසින් මොවුන්ගේ පවුල වෙත ලබා දෙන සොඳුරු ත්‍යාගය හේතුකොටගෙන බලාපොරොත්තු ගොන්නකින් නැවත පිරි ඉතිරි ගොස් සතුට පිරි ඉතිරි දොරේ ගලාගෙන යයි.

මෙම කතාව ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ගලාගෙන යන අතර පුරුෂාධිපත්‍ය හේතුවෙන් මැරිබත්ගේ සිහින බිඳ වැටෙන ආකාරය ,තම පවුලෙන් සිදුවන අසාධාරනකම් කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨකයා වෙත ලං කර ඇත.ඩැනියෙල් ස්ටීල් ගේ  රසවත්   ලේඛන ශෛලිය මෙම කතාව පුරාම පාඨකයාගේ සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් ගලාගෙන යනු අපිට දැකිය හැකිය.මෙම රචනා ශෛලිය ඩැනියෙල්\ගේ අනික් කෘතීන් වල දක්නට ලැබෙන රචනා ශෛලියට වඩා වෙනස්ය.එය කුමන ආකාරයේ රචනා ශෛලියක්ද යන්න පාඨකයාට කුතුහලය නංවයි.

මෙහි දැක්වෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කතාව මධ්‍යයේදී චරිත සහ අන්තර්ගත දර්ශන වෙනස්වීමයි.මෙහිදී එක් පරිච්චේදයක පළමු භාගයේදී ටොමීගේ සිතුවිලි වලට ප්‍රවණතාවය ලබා දෙන අතර ඊළඟ භාගයේදී මැරිබත්ගේ සිතුවිලි වලට ඉඩකඩ ලබා දීම එක් උදාහරණයකට ගත හැකිය.මෙහිදී අවසාන ප්‍රතිපලය කුතුහලය දනවන ව්‍යාකුල භාවයක් ගන්නා අතර අනුගමනය කිරීමට අපහසු දෙයක් වේ.මෙම කතාව මගින් මෙම පවුල් දෙක පිළිබඳව අනාවැකියක් පල කරන අතර කතාව පිළිබඳව අශ්චර්යමත් බවක් ගොඩ නංවන්නේ නැතේ. මෙම කතාව කියවගෙන යාමේදී පාඨකයාට ටෝමිගේ නිවසට යන මැරිබත් ට සහ දරුවාට සිදුවන දේ සාරාංශ ගත කර ගත හැකිය . මෙම කෘතිය මගින් ඩැනියෙල් ගේ කෘතීන් වෙත තවත් වර්ණයක් එක් කරන ලදී.මෙම කතාවේ පළමු භාගය ඉතාමත් වේගවත්ව ගලාගෙන යන අතර පසු කොටස තරමක අක්‍රියබවකින් යුතුව ගලාගෙන යන බවක් දක්නට ලැබෙන දුර්වලතාවයකි.


Monday, March 25, 2019

You are the mighty sun

You are the mighty sun
rises from the East
Blooming nice flowers
Vanishing mist on leaves

Give your mighty rays
to the awesome palace,
as well as the poor slum
with an impartial mind

The water evaporates
and making heavy rains
Try to see a rain bow
Through the rainy sky




To Small Flower Seller

You are a beautiful flower
With in lotus of Fragrance
In the butterfly age
melt the childhood among coins

Try to earn living
to maintain the family
Helping parents
no tears in your eyes

To face the trouble in life
Devotes make vow
and poojas
You are helping them
You are a lamp to them

Birds tears

Snow Flakes fall
and covered the ground
No one is here
They can't bear the cold

My son and Daughters
Brothers & Sisters
Flew towards the South
To find a safety Place.

I'm an old bird
no energy to fly
such a long distance
Thousands of


Wednesday, March 20, 2019

"එරික් සීගල් ගේ ආදර කතාව - Love story by Erich segal



" .. ආදරය කියන්නේ කවදාවත්ම කණගාටුයි "  කියලා කියන්න වෙන දෙයක් නෙමෙයි.
"Love means never having to say you're sorry".

මාරාන්තික ලියුකේමියා රෝගයෙන් පෙලෙන විසිපස් හැවිරිදි ජෙනි මෙසේ ආදරය පිළිබඳව සදාතනික සටහනක් තබා තම තරුණ සැමියාගෙන් සදටහම සමු ගනී.

 මෙම වාක්‍ය ඛණ්ඩය අපට හමුවන්නේ ඇමරිකාවේ යේල් සරසවියේ මහාචාර්ය වරයකු, අධ්‍යාපන විසේසඥයකු , ග්‍රන්ථ රචකයකු සහ තිර රචකයකු වන එරික් සීගල්ස් විසින් 1970 දී රචනා කරන ලද ආදර කතාව ( Loves Story ) නව කතාවෙ තුලිනි.

 කුඩා නව කතාවක් වන මේ ග්‍රන්ථය පිලිබඳ තියුණු විවේචන එල්ල වුවද , එම වසරෙහි පමණක් එහි අලෙවිය පිටපත් මිලියන 22 ඉක්මවිය. එම වසරේදීම චිත්‍රපටයකට නැගු මෙම කතාව සඳහා හොඳම තිර රචනය ඇතුළු Golden Globe  " ගෝල්ඩන් ග්ලෝබ් " සම්මාන 5ක් සහ ඇකඩමි සම්මානයද හිමි විය.භාෂා රාශියකට පරිවර්තනය කරන ලද මෙම නව කතාව අලෙවිය අතින් 80 දක්ෂකයේද "Box Office වාර්තා තැබීමට සමත්විය.මෙම නව කතාව ප්‍රවීණ පරිඝනක ග්‍රන්ථ රචක එන්.පී විජේරත්න මහතා විසින් 2011 වසරේදී සිංහලයට පරිවර්තනය කර ඇත.

පියා සමග අමනාපයෙන් සිටින , හාවඩ් විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු වන 20 හැවිරිදි ,  ධනවත්  ඔලිවර් බැරට්  සහ අඩු පහසුකම් සහිත පවුලක සංගීත උපාධි අපේක්ෂිකාවක වන  ජෙනිෆර් කැවිලරි  අතර ඇතිවන මුහුකුරා ගිය ආදර සම්බන්ධතාවය පාදක කර ගෙන මෙම වෘතන්ත්තය රචනා කර ඇත.

පියාගේ විරෝධතවයද නොතකා ජෙනි විවහා කර ගන්න ඔලිවර් , අපහසුතා මැද තම අධ්‍යාපනික කටයුතු අවසන් කර ගනී. අදර සම්බන්ධතාවයෙන් පසු පියාගෙන් උපකාර බලාපොරොත්තු නොවන ඔලිවර්ට සංගීත ගුරුවරියක වශයෙන් රැකියා වක නියුතු වෙමින් ජෙනි පහසුකම් සපයයි.අඟහිග කම් මැද පහසුකම් අඩු නිවසක දිවි ගෙවන ජෙනි පිය - පුතු ගැටුම සමථයකට පත් කිරීමට නැණවත් බිරිඳක් වශයෙන් කටයුතු කරයි.

උපාධිය ලබා ගැනීමෙන් පසු නිව්යෝර්ක් නගරය කරා සංක්‍රමණය වන ඔලිවර්ට උසස් රැකියාවක් ලැබේ.විවාහයෙන් වසර තුනකට පසු දරුවකු ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් පතා වෛද්‍යවරයකු වෙත යන ඔවුනට , වෛද්‍ය  පරීක්ෂණ වලින් පසු හෙළිවන්නේ  ජෙනි ලියුකේමියා රෝගයෙන් පෙලෙන බවයි .

" ... ඔබේ බිරිඳ මැරෙන්නයි යන්නේ ..." වෛද්‍යවරයා පවසයි.

ඔවුන්ගේ ආදර ලෝකය දෙදරා යන බව අසන පාඨක ඇසට කඳුලක් නැගෙන්නේ නිතැතිනි. වැඩිපුර වෙලාවක් සේවය කර රැකියාවෙන් මුදල් උපයා ගන්න ඔලිවර් ජෙනි ජිවත් කරවීමට උත්සහ දරයි.මිලාධික පිළිකා ඖෂධ මිලට ගැනීමේ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන ඔහු , අවසානයේදී පියාගෙන් මුදල් ඉල්ලා ගැනීමට සිත හදා ගනී.

පුතුගේ අකිකරුකම් අමතක කර, ඔහුගේ බිරිඳ බැලීමට රෝහලට එන පියාට අවසානයේදී දක්නට ලැබෙන්නේ මියගිය ජෙනීගේ සිරුරයි. මෙම අවස්ථාවේදී පියා බදාගෙන වැළපෙන ඔලිවර් පිලිබඳ පුවත ලේඛකයා පවසන්නේ දරුවන්ට ලොවම අහිමිවන මොහොතක දෙමව්පිය සෙනෙහස ජිවත් වීමට වාරුවක් වන ආකාරයයි.

මෙහිදී සමාව දීම සහ අමතක කිරීම යන ලෝදහම ලේඛකයා ඉතාමත් අපුරුවට පාඨකයාගේ මනසට ඇතුලත් කරන අතර "දරුවන් හැර නොයන මා පිය සෙනෙහස " පිලිබඳ පණිවිඩයක් එරික්ස් සිගල් අවසානයේදී පාඨක හද තුල කම්පනයක් ඇති කරමින් සනිටුහන් කරයි.

සරල ඉංග්‍රීසි බසින් රචනා කර ඇති මෙම කතාව අවසානය දක්වා පාඨක සිත් ඇඳබැඳ තබා ගනී.විශේෂයෙන්ම 70 දශකයේ විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනික ආයතන වල තරුණ පිරිස අතර මෙම නවකතාව අතිශයින් ජනප්‍රිය විය.

ඇත්තටම.... ආදර කතාව කියවන පාඨකයා එම කතාවට ආදරය කිරීමට පටන් ගනී. එරික්ස් සීගල් "  ජෙනීගේ චරිතය මරා දැමීම , පාඨක හද තුල අතිශය කම්පනයක් ඇති කරයි.ජෙනි යනු මධ්‍යම පන්තික ජිවිතයේ අත්දැකීම් තුලින් පන්නරය ලැබූ, සකසුරුවම්කමින් පිරි , මාපිය සෙනෙහස ,යුතුකම් සහ ආදරය හඳුනන දයාබරිත චරිතයකි. එමෙන්ම දක්ෂ හොකි ක්‍රීඩකයකු වන ඔලිවර් බැරට් ඉතාමත් ධනවත් පවුලකට හිමිකම් කියන පුද්ගලයෙකු වුවද ඔහුගේ චරිතය මුල සිටම ධනපති පංතිය සහ නිර්ධන පන්තිය අතර දෝලනය වන චරිතයක් ලෙස කතුවරයා විසින් හසුරවයි.සැබෑ ආදරය හඳුනන ඔහු කෙටි කාලයක් තුළ වුවද ජෙනි සමගින් සතුටින් දිවි ගෙවයි.ඇය ආදරයෙන් රැක බලා ගනියි.

70 දශකයේ රෝමියෝ ජුලියට් ආදර අන්දරය ලෙස එරික්ස් සිගල්ගේ ලවුස්ටෝරි නව කතාව සුප්‍රසිද්ධ විය.

Wednesday, March 13, 2019

කන්දක් සේමා


කන්දක් සේමා යනු සුමිත්‍රා රාහුබද්දයන්ගේ 2010 වසරේදී හොඳම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නව කතාවයි.මෙයට රාජ්‍ය සම්මාන පමණක් නොව විද්‍යෝදය සම්මාන, ගොඩගේ සම්මාන සේම පුස්තක සම්මානයද හිමිවිය.

කන්දක් සේමා කෘතිය 70 දශකයේ සන්සිදුවීම් ස්පර්ශ කරමින් එලි දක්නා ලද කෘතියකි.මෙහිදී එලි දක්වන සමාජීය ලක්ෂණයක් ලෙස එහි නිරූපිත ප්‍රේමය පෙන්වාදිය හැකිය.ප්‍රේමය මෙලොව සැමදෙනාටම පොදුවූ ධර්මතාවයකි.එය සමාජීය සත්වයාගේ උපතේ සිටම මෙලොව ආරම්භවූ දෙයකි.නමුදු ප්‍රේමය විදින තැනැත්තාගේ සිතේ ස්වභාවය , ප්‍රේමය දෙනු ලබන සහ ප්‍රේමය ලබන තැනැත්තා අනුව වෙනස් වන අතර සෑම යුවලකම පරමාදර්ශී චරිතයක් දක්නට ලැබේ.

කන්දක් සේමා නව කතාවේදී ප්‍රධාන චරිතයන් යුගලයක් දකින්නට ලැබෙන අතර ඒ නම් නූපා සහ මසයා සං ය.මොවුන් දෙදෙනාටද පරමාදර්ශී ප්‍රේමයක් සිතෙහි දක්නට ලැබේ, නුපාගේ පෙම්වතා පරමාදර්ශී චරිතයක් වන අතර නුපා යනු පරමාදර්ශී සිහිවටනයකි.යථෝක්ත චරිතයක් හරහා ප්‍රේමය සහ යථාර්තය අතර දෝලනය වන ඉච්චභාන්ගත්වය කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨක මනස වෙත කන්දක් සේමා නව කතාව හරහා ගලාගෙන යාමට ඉඩ සලස්වයි.

නුපා යනු ලාංකීය පහල පන්තික ජන කොට්ටාශයක දිළිඳු පවුලක ඉපිද හැදී වැඩෙන 1990 ගණන් වල තරුණියක් වන අතර සියලු දුක් දෝමනස්සයන් ඉවසා දරා ගෙන ජිවිතයට මුහුණ දෙන ධෛර්යමත් කාන්තාවකි.වියපත් ජපන් ජාතිකයකු වූ මසයා සං හා විවහා වන නුපා විවාහයෙන් පසුව ජපානයේ නිගතා නුවර සන්ජෝ නගරයට වාසයට යයි. එසේ යාමට හේතු වන්න පුරවා ලිංගික ක්‍රියාවලියක ට මුහුණ දී එහි අනිසි ප්‍රතිපලයක් ලෙසය. දුගී දුප්පත්බව හේතු කොටගෙන ප්‍රේමය සහ පිරිමියා හරහා තම ජීවිතය සැපවත් කර ගැනීමේ අරමුණින්  15 වැනි වියේදී 25හැවිරිදි ජයනාත හා හා ඇති කර ගනු ලබන ප්‍රේමනීය සන්සිදුවිම හේතුකොටගෙන ඇතිවන දරු ගැබ ගබ්සාවකට ලක් වේ. වත්මන් තරුන්‍යයේදී ආදරයට සෙනෙහසට මුලික ස්ථානය  යොමු වන්නේ ලිංගිකත්වය ටය. නුපා යනු එකී තාරුණ්‍යය ගැබ් කරන්නාවූ සංකේතයයි.

නිගතාවේ වයසක මිනිසුන් හා ජීවත්වීමට එහි කාන්තාවන් කැමති වුයේ නැත.මන්ද එහිදී ඔවුනට අත්විඳීමට ලැබෙන ෂිනනෝ ගංගාව පිටාර ගැලීමයි.මෙයට හේතුව වුනේ එහි පිහිටි විසල් කන්දයි. එය බාධකයක් ලෙසින් පැන නැගුනු අතර එය මුහුද ට ගලාගෙන යාමට බාධකයක් ලෙස ගොඩ නැගුණි.මේ කන්ද කැපීමට අවශ්‍ය වූ අතර පිරිමින් එම කන්ද කපන අතරතුර පස් කරමත තබාගෙන කාන්තාවන්  කිලෝමීටර් ගණන් දුර දුක්විඳිමින් යාමට නිගතාවේ කාන්තාවන්ට සිදුවිය.මේ හේතුකොට ගෙන මෙම කතුන් නිගතාව අතහැර තෝකියෝ නුවර පැමිණ එහි පුරුෂයින් සොයාගෙන විවහා වුහ.මෙම කරුණු හේතු කොටගෙන ශ්‍රීලංකාව , පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් විවහා කරගෙන ජපානයට ගෙන ගියහ.මෙම සිදුවීමට මුහුණ දුන් බොහෝ කාන්තාවන් ලාබාල වයස් සීමාවල පසුවූවන් වේ.
කන්දක් සේමා කතාවට මුළ පාදක වුයේ මෙම කතාවයි.

ආසියාතික කාන්තාවන් මුහුණ පාන දුක් කම්කටොලු, සමාජ සම්මතයන් අභිබවා යාමට තැත් කිරීමේදී කාන්තාවන් මුණ දෙන ගැටළු සහ සමජෙය්දී මුහුණ දෙන අපවාද  පුරුෂ මුලික සමාජයේදී අත්විඳින්නට වන සංසිදුවීම් මෙම කෘතියට හේතු පාදක වී ඇත. විදේශයන්ගේ සේවයට යන ලාංකිකයන් දෙස මෙරට ජිවත් වන්නන් හෙලන දෘෂ්ටිකෝණය ඉතාමත් අපුරුවට අන්තර්ගත කර ඇති අතර පිටරට සේවයට යාමේදී මුහුණ දෙන ගැටළු, නන්න්දදුනන රටකදී භාෂාව නොදත්කම , නුහුරු නුපුරුදු සමාජයක් , සංස්කෘතියක් ඔස්සේ මොවුන් අතරමන් වන ආකාරය අපිට මෙම කෘතිය ඔස්සේ අත්විඳින්නට ලැබෙන කටුක අත්දැකීම් වේ.

බටහිර සංස්කෘතියේ දක්නට ලැබෙන ඒක පුද්ගල බව, එකිනෙකා ප්‍රර්ථනා කරන නිදහස පතන මිනිසුන්ට දේශීය මිනිසුන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධතාවය, ආදරය සෙනෙහස පිලිබඳ හැඟීමක් දැනෙන්නේ නැත.ඒ බව හොඳින්ම වැටහෙන්න පිටු අංක 56 ඇති

මසයා සං වැඩට යනවා.එනවා කොහෙද වැඩට යන්නේ කියලා කියන්න ගැලපෙන ඉංග්‍රීසි වචන එයා දැනගෙන හිටියේ නැහැ.කොහෙද වැඩට යන්නේ කියලා අහන්න ජපන් වචන මම දැන ගෙන හිටියේ නැහැ  යන වැකි පෙලෙන් ඉතා ගැඹුරින් තිව්‍ර වේ.

සුමිත්‍රා රාහුබද්දයන් කතාව පුරාවටම සරල භාෂා අඛ්යානයක් භාවිතා කරන අතර සොබා දහමේ දකිනට ලැබෙන සිදුවීම් මෙහිදී සිදුවන සංසිදුවීම් පාඨකයා වෙත ලං කිරීමට භාවිතා කරයි.නුපා විසින් ඇයගේ ජපන් සැමියාගේ නිවසට ඇතුලත් විමේදීම ඇයගේ සිතෙවූ බලාපොරොත්තු සියල්ලම ගඟේ ගසාගෙන ඉනි මෙන් කඩා වැටේ.එය සුමිත්‍රා රාහුබද්ධයන් විසින් නිර්මාණය කරන්නේ

"පිටු 193 දී දක්නට ලැබෙන "ගේ වටේ තියෙන සකුරා ගස් පේලියේ  මල් පිපිලා.පිච් ගහෙත් මල් පිපිලා . මුළු සන්ජෝ නගරයේම මල් පිපිලා.කුරුල්ලොත් නොනවත්වා ගායනා කරනවා.සන්ජෝ නගරය චිත්‍රයක් නම් ,කුරුල්ලෝයි, ගහකොළ මල් වැල ඒ චිත්‍රයට දර්ශනීය  ජීවයක් දෙනවා.මේ දර්ශනීය ජිවය හිත උමුතු කරනවා.ඔය අහසේ පාවෙවී ඉන්නේ නැතුව පොලවට බහින්න පෙම්බරා "

මෙම කතාව ඔස්සේ විවාහය පිළිබඳව සමාජ යථාර්තවාදී කියවීමක් දක්නට ලැබේ. විවාහය යනු සමාජ යුතුකම් ඉටු කරමින් පරම්පරාව ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය ලෙස මිනිසුන් සලකන අතර,ඒ සඳහා අයිතිය ලබා දෙනු ලබන ලියවිල්ල අතීතයේදී වැදගත් නුවුවත් වර්තමානයේදී වැදගත්ම සාධකයක් ලෙස සැලකේ.මෙම ලක්ෂණය මනාව පෙන්නුම් කරන්නේ තාත්තාගේ සහ පොඩි ප්‍රේමා ගේ විවාහයයි. විවාහයේ විවිධ ප්‍රබෙධයන් දක්නට ලැබෙන අතර ආගම් අතර , එකම ජාතින් සහ කුලයන් අතර වන විවාහ ලෙස වර්ගීකරණයට ලක් කෙරේ.මෙම කතාවේ අන්තර්ගතය වන්නේ අන්තර් වාර්ගික විවාහයක් පිලිබඳවය.එනම් ජාතින් දෙකක් අතර වන විවාහයයි.

මුදල් මත යැපෙන සමාජයේ ධනේශ්වර පන්තිය විසින් දිළිඳු පන්තිකයින් පාගා දමන්නට තැත් කරයි.නුපාගේ කතාව මගින් ප්නේන්නුම් කරන්නේද මෙම සමාජ යථාර්තයයි.ඇයගේ දිළිඳු බව මෙන්ම අඩු අධ්‍යාපන මට්ටම මෙම ධනේශ්වර පන්තියේ අතකොළුවක් බවට පත්වීම මෙහිදී කතුවරිය විසින් සමාජයට පෙන්නුම් කරන ලද සුවිශේෂී කරුණයි.තම විදෙස්ගත සැමියාගේ මුහුණ පවා නොදකිමින්ම විවාහයට පත්වීමට සිදුවන්නේ මෙම හේතු මුලය නිසාය.

ප්‍රේමය සෙනෙහස ,ගබ්සාව , දේශපාලනික ක්‍රියාදාමය, තාරුණ්‍ය මුහුණ දෙන විවිධ සමාජ ගැටළු  ගලාගෙන යන මෙම නව කතාව සාර්ථක නව කතාවක් ලෙස පැවසිය හැකිය.






Thursday, March 7, 2019

'මුහුද යට දිවයින'



ඉසෙබෙලා අයියන්දේ 1942 වසරේදී පේරු රාජ්‍යයේදී උපත ලබන අතර චිලි දේශයේ හැදී වැඩුණු කාන්තාවක් විය. ඇය චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සැල්වදෝර් අයියන්දෙගේ ඥාති දියණියක වූ අතර ඇය ස්පාඤ්ඤ බසින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. ඇයගේ මුල්ම කෘතිය වන්නේ 1982 දී රචිත THe House of the Spirits නම් කෘතියයි.එම කතාව සාහිත්‍ය සහ මිත්‍යාව අඛ්‍යනගත කරමින් රචිත කෘතියක් වන අතර  එම පළමු කතාවෙන්ම ඇය ලොව මහත් ජනාදරයට පත්විය.ඇය විසින් රචිත කෘතීන් විදේශ භාෂා 35කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය විය. ඇය නව කතා 19ක් සහ වෙනත් කෘතීන් 6ක් රචනා කර ඇති අතර ඇය දේශීය විදේශීය සම්මාන 35ක් මේ වන විට දිනාගෙන ඇත. මේ වන විට ඇය ලොව වඩාත්ම සංවේදී නිර්මාණකරණයේ යෙදෙන ලේඛිකාවන්ගේ වඩාත්ම ඉදිරියෙන් සිටින කතෘවරියකි .ඇයගේ කෘතීන් වල සුවිශේෂිත්වය වනුයේ සැමවිටම ප්‍රධාන චරිතය කාන්තාවක් වීමත් එම චරිතාංග වන නිදහස් හා නිර්භීත භාවයත් ,අසාධාරණයට එරෙහි වීමත්ය.

සාහිත්‍ය කළා කෘතීන් ලෙස ගත් කල ඒ තුලදී ඇති වන ජනප්‍රියත්වය මිනිසා විසින් පාලනයකට ලක් කර ඇත.ඉසේබෙල් අයියන්දෙගේ කෘතීන් සඳහා  එම නිසා විචාරකයින් විසින් අපුර්වතම ස්ත්රිවදිනියක  ඇතුලත් කෘතීන් ලෙස ලේබලයක් ගසන ලදී.මන්ද ඉසේබෙල් යනු ශක්තිමත් සහ වංශවත් පවුලකට හිමිකම් පෑ කාන්තාවක් වූ හෙයිනි. ඇය යුද්ධයේ සහ දේශපාලන නැගීම් සිටීම වලට එරෙහි සිදුවීම් වලට ඇය පෙනීසිටි කාන්තාවකි. මෙම සෑම කරුණක්ම ඇයගේ අයිස්ලන්ඩ් බිනිත් ද සි (මුහුද යට දිවයින ) පොතේ අන්තර්ගතවී ඇති අතර මෙම කතාවට සම්බන්ධ  වන්නේ 18 වැනි සියවසෙහි අගභාගයේදී හයිටි ජනපදයේදී සිදුවූ සංසිදුවිම්ය.

මෙහි කතා නායකයා වන තෙතේ අප්‍රිකාවේ සිට වහල් සේවයට ගෙන එන ලද වහල් තරුණියකගේ දියනියක්ය.එම වහල් තරුණිය නැවේදී සුදු නාවිකයකු අතින් දුෂණයට ලක් වන අතර දෝමා  දිවයිනේදී උපන් මෙම බිලිඳිය තෙතේ හෙවත් සරිතේ නමින් නම විය.සරිතේ මෙම දිවයිනේදී උක් වගා කරන්නකුගේ උන්මාදත්වයෙන් පෙලෙන බිරිඳක ගේ වහලිය විදියට සේවය කරන්නට පටන් ගත්තාය.ඇයගේ ස්වාමිදුවගේ මරණයෙන් පසු ඇය තුලුස් වල්මොරෑන්  ගේ උප බිරිඳ බවට පත්වේ.ඔහු සිය තරුණ වියේදීම ප්‍රංශයේ පැරිස් නුවර සිට ප්‍රංශ යටත් විජිතයක් වූ සැන් දොමෑන් වලට පැමිණෙන්නේ සිය පියා විසින් පවත්වගෙනු යන ලබන උක් වතු යායේ පාලනය බාර ගැනීමටය.යොවුන් වියේදී තුලුස් තම පරමාදර්ශී සහ ප්‍රගතශීලි අදහස් පසෙක ලා ජිවිතයේ යථාර්තය තේරුම් ගෙන එය අත්විඳීමට පටන් ගනී. 

මෙම කතාව ප්‍රංශ සහ අප්‍රිකානු වහල් ඝට්ඨනය පිළිබඳවූ අපුරුම කතා පුවතක් විය.එලෙසින්ම මේ තුලින් ලොව පුරා රටවල් අක්‍රමණය කරමින් ලන්දේසින් , පෘතුග්‍රීසීන් සහ ඉංග්‍රීසි ජාතිකයින් ගෙන ගිය වහල් සේවය පිළිබඳව ත් එම මිනිසුන්ගේ කෘර භාවයත් පසුකාලීනව ඔවුන් හා ජාතින් වශයෙන් සම්මිශ්‍රණය වන කළු ජාතිකයින් හා ඔවුන් මුහුණ දෙන සන්සිදුවීම් පිළිබඳවත් ඒ හා ඇතිවන ආගමික සහ ආර්ථික මෙන්ම සංස්කෘතික සම්මිශ්‍රණය සහ අරගලයන් පිළිබඳව මනා අවබෝධයක් මෙම කෘතියෙන් පාඨකයාට ලබා ගත හැකිය. එමෙන්ම රාගය කුතුහලා , ම්ලේචච්ත්වය කෘරරත්වය මනාව ගැබ්වූ සාර්ථකම කෘතියක් බව  මෙය සඳහන් කල හැක.

එමෙන්ම ප්‍රංශ ජාතිකයින් විසින් යටත්විජිත වාදී සංස්කෘතිය මෙහිදී ආරෝපණය කල ආකාරය, වහලුන්ට කෘර අන්දමින් සැලකීමට ලක් කල ආකාරය , ඔවුන්ව පීඩනය ලක් කරන ලද ආකාරය මෙම කෘතිය හරහා දැකිය හැකි ලක්ෂණයකි.යුරෝපිය යටත් විජිත අක්‍රමණය මුලින්ම ඇතිවන්නේ හයිඩියෙනි .ප්‍රංශ ජාතිකයින් මෙම දුපතට යන්නේ උක් වගාව සිදුකර අදායම් ලැබීමේ අරමුණින් වන අතර ඒ සඳහා අවශ්‍ය මිනිස් දායකත්වය ලබා ගැනීමට අප්‍රිකානු වහලුන් සිය දහස් ගණනක් නැව් ඔස්සේ ප්‍රවාහනය කරන ලදී.ඉන්පසු මෙහි ජීවත්වූ ස්වෙදෙශිකයින් වූ අරාවැක් ජාතිකයින් සහමුලින්ම ඝාතනයට ලක් කරති.මෙහි එන තුලුස් වල්මොරාන් ප්‍රංශ ජාතිකයකු වේ.

මෙම කෘතිය තුලින් මෙම ජාතීන්ගේ සංස්කෘතිකමය ලක්ෂණයන් , භාෂාවන් පිලිබඳ අවබෝධය, ජාතින් අතර ඇතිවන ඝට්ටනයන් මෙන්ම ඔවුන්ගේ සිතුවිලි තුල ඇතිවන විපර්යාසයන් පිලිබඳ අවබෝධයක්  ලබාගැනීමට පාඨකයාට  අවස්තාව ලැබෙන අතර මෙම කෘතිය දෘෂ්ටිකෝණයන් ගේ සංකලනයක් සහිත කෘතියක් වීම තවත් විශේෂත්වයකි.ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය මාරු වෙමින් මෙම කෘතියට එළඹෙන අතර සරිතා යන චරිතය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මෙම නව කතාවේදී විටින් විට ප්‍රවේශ වේ.එලෙසම කෘතිය පුරාවටම අධියාතර්තාවාදී සිදුවීම් දකින්නට ලැබීම මේ ආකෘතියේ එන විශේෂ ලක්ෂණයක් වන අතර මෙම කෘතිය ඉසේබෙල් අයියන්දේ විසින් රචිත සාර්ථකම කෘතියක් බව මනාව ඔප්පුවන සාධකයකි.

මෙම කෘතිය 2018 වසරේදී හොඳම සාහිත්‍ය සම්මාන කෘතීන් හොඳම පරිවර්තිත නව කතාව ලෙස සම්මානයට පාත්‍ර වූ අතර මෙය නිලුක කදුරුගමුව මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලදී.


Saturday, March 2, 2019

කුරුලු හදවත

කුරුළු හදවත නව කතාව ලාංකීය කුල ක්‍රමය හේතු කොටගෙන පිඩා විදින මිනිසුන් පිලිබඳ වත් ඔවුන් එතනින් ඉහලට පැමිණීමට ගන්නා උත්සාහයත් පිලිබඳ ලියවුනු අපුරුම කෘතියකි.මෙම ප්‍රබන්ධය තුලින් යථාර්තය පිළිඹිබු කිරීමට කතුවරයා ගත උත්සාහය මනා සේ ඇගයීමකට ලක්විය යුතුය.ඔහු මෙය හඳුන්වා දෙන්නෙම " මගේම පරම්පරාව වටහා ගැනීම පිණිස මා ලියන ලද ප්‍රබන්ධ මාලාවක අසම්බන්ධ දිගුවක් සේ සැලකිය හැකියි මෙම කතාව ලෙස 07 වැනි පිටුවේ සඳහන් කර ඇත. මෙම කෘතිය 2013 වසරේ නිකුත්වූ කෘතීන් අතරින් වඩාත්ම විචාරයට ලක්වුණු කෘතියද විය.

මෙම කෘතියේ අන්තර්ගතය වනුයේ කුරුණෑගල පුරවරයේ කුලයට මුල් තැන දුන් සමාජයක ,කුලපිඩන යෙන් පෙලෙන සමාජයක ගොදුරට ලක්වුණු තරුණයෙක් ඉන් මිදීමේ ක්‍රමයක් ලෙස ගුවන් විදුලි මාධ්‍ය භාවිතා කරමින් එහි ප්‍රතිපලයක් ලෙස තම ජීවිතය විනාශයට පත් කර ගැනීම පිළිබඳවයි.වලංගන්ගොඩ යනු සම්ප්‍රධායික කුඹල් ගම්මානයකි.ඔවුන් ධනපති කුලවතුන්ගේ නිග්‍රහයට පත්වෙන ආකාරය ඉතාමත් අපුරුවට මෙම කෘතියෙන් දක්වා ඇත.

බෞද්ධාගමික රටක් වුවත් මෙහිදී කුල ක්‍රමය හේතු කොට ගෙන මිනිසුන් පහතට හෙලීම පිළිබඳව කතුවරයා උපහාසාත්මකව සඳහන් කර තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.මෙහිදී දිනසිරි ට ගුවන් විදුලියේ තරඟයකට ඉදිරිපත් වී ලැබෙන ත්‍යාගය ලබා ගැනීමට යැමේදී නමෙහි ඇතිවන ගැටළුවක් හේතු කොටගෙන ත්‍යාගය හිමි කර ගැනීමේ භාග්‍යය අහමි වේ. මෙහිදී දිනසිරිගේ සිතේ ඇතිවන ඝට්ඨනය ඔස්සේ අපේ රටේ පැන නැග ඇති කුල බේදය ආගමික නායකයන් ද ඔස්සේ ගලාගෙන යන ආකාරය උපහාසාත්මකව කතාවෙන් පාඨකයා වෙතට ලංකර ඇත්තේ  පිටු 45 ඇති දිනසිරි දන්නවා උන්වහන්සේගේ හැටි.ඉඩම් වතුපිටි තියෙන උදවියගේ හිත නොරිදෙන විදියටයි උන් වහන්සේ බණ කියන්නේ.අනික ඔය වාසගමට ගෙන තියෙන නමත් තමුසෙලගෙ නොවේනේ උන්වහන්සේ වදාරණ බව ඔහුට සහතිකයි. යන වැකි පෙලෙනි.

කුලින යන අය අතින් නිග්‍රහයට පත්වන බවේ සංකේතය වන්නේ සිරිමලී මැණිකේ ය.දිනසිරි ගුවන් විදුලිය හරහා ඔහුගේ නම සේම ගමේ නමත් වෙනස් කර ගම රටේම ප්‍රසිද්ධියට පත් කරයි.ඉන් ඔහු මානසිකව මහත් සතුටක් ලබන අතර ඔහු පෙම් කරන්නේ රන්දිමා නම් කුළින කාන්තාවටය. ගුවන් විදුලිය හරහා නාමකරණය ලක් කලත් ගම්මානයේ මිනිසුන් සුපුරුදු පරිදිම දිළිඳු බැවින් පිඩා විඳියි.පෙර පරිදිම සමාජ ආර්ථික මට්ටමින් පහතට වැටි සිටින ගම්මානයේ මිනිසුන්ගේ ජිවන රටාව වෙනස් නොවේ.

කතාවේ මුල් භාගයේ දී අපිට දිනසිරි ව පෙන්නුම් කරන්නේ ගැමි අහිංසක චරිතයක් ලෙසය. ඉන්පසු දෙවන අවධියේදී පෙන්නුම් කරන දිනසිරි නව මාධ්‍යකරණයේ ගොදුරක් බවට පත් වූ තැනැත්තෙකු ලෙස කතාව මගින් පෙන්නුම් කරයි.එම මාධ්‍ය හරහා මොහුව මුදල් පෙන්නා ගමේ කම අලෙවි කරවන්නේ විවිධ ක්‍රමයන් හරහාය.ඔහුව මුදලට ගන්නා එෆ්එම් අධ්‍යක්ෂක වරයා විසින් සුක්ෂම ලෙසින් ඔහුගේ අහිංසකත්වය ග්‍රාමය බව අලෙවි කරවයි.

ඔහුගේ පෙම්වතිය වන්නේ විශ්ව විද්‍යාලයේ ඉලංගරත්න නම් කුලින තරුණියකි.ඔහුගේ පාර්ශවයෙන් එල්ල වන ප්‍රහාරයට එදිරිව ඔහු දියවන්නාවේ (The Nest ) නමින් කුරුළු කුඩුවක හැඩය ගත්  සුන්දර නිවසක් තනයි.
කුරුළු ගේ අධ්‍යාපනික සුදුසුකම් මදකම සහ ඔහුගේ ජිවිතයේ අඩුපාඩු මකාගැනීමට ඔහු භාග්‍යා ව විවාහ කර ගැනීමට තීරණය කරයි.මෙම නව කතාවේ අවසන් පරිච්චේද තුලින් කුරුළු මානසිකව මිය ගිය පුද්ගලයකු බවට පත්වේ.

මොහුට දේශපාලනය පිලිබඳ දැනුමක් නොමැති අතර ඉතාමත් කුඩා ලොවක ජිවත් වන පුද්ගලයෙකි. ඔහුගේ එම කුඩා ලෝකයෙන් ඔහුව එලියට ගන්නේ ඔහුගේ මිතුරු සරත්ය .ඔහු දේශපාලනික වශයෙන් දැඩි විඥානයකින් යුතු පුද්ගලයෙකි. ඔහුගේ තේරුම් කිරීම් වලින් සසල සිතකින් පසුවන කුරුළු ගංගොඩ පසුව දියවන්නාවේදී ඔරුවකින් ගඟට පැන මිය යයි.

මෙහිදී කුරුළු අතීත ගුවන් විදුලි මාධ්‍යයේත් නුතන නවීන ගුවන් විදුලි මාධ්‍යයේත් සංකේතයක් ලෙසින් කතුවරයා දක්වයි.නුතන මාධ්‍ය විකාශනයට ගොදුරුවන්නන් පිලිබඳ ඉතාමත් අපුරුවට මෙම නව කතාව ඔස්සේ පෙළ ගස්වන කතුවරයා අප සියලුම දෙනාව නුතන ගෝලීයකරණ යට ගොදුරු වූ ආකාරය පාඨකයාට මනාව වටහා දීමට මෙම කෘතිය උදාරණයක් ලෙස ගනී. 1988 - 89 තරුණ අරගලය තුලින් කුරුළු ලබා ගත්තේ මොනවාද , රටට ඉන් ලැබුනේ මොනවාද යන්න මින් පිළිඹිබු කරන අතර දිනසිරි පොස්ට් කාර්ඩ් යැවීම තුලින් ගමේ නම වෙනස් කරවා ඒ හා බැඳුණු කුල නාමය ඉවත් කිරීම හරහා ඔහු දිනා ගත දෙය මෙම කැරලිකාරි පුද්ගලයින්ට තෙරුන් නොයයි. ඒ බව 128 පිටුවේ සඳහන්

" වලන්ගංගොඩ ,බඩහැලගංගොඩ යනාදියෙන් හඳුන්වා කොන්කරන ලද ගමක් කවුරුවත් ආඩම්බරයෙන් සිහි කරන ගමක් බවට පත්කළ දිනසිරිගේ විප්ලවීය කාර්යය අගය කිරීමට සරත්ට වත් ලලිත්ට වත් නොහැකි බව දිනසිරිට පේනවා "
යන්නනෙන් මනාව පාඨකයා වෙතට ගෙන එන ලද කරුණකි.

තමා සිටි සමාජය තමන්ගේ ජිවිතයේ දියුණුව ඔස්සේ උසස් තැනකට නොයා තව තවත් පිඩිත බවේ පහලට යෑම නිසා කලකිරීමට පත්වූ කුරුළු තමන් ගොඩ නගා ගත විප්ලවීය ගමන් මගේම ගොදුරක්වී තම ජිවිතයෙන් පලා යයි.මෙලෙස වෙනස්ම වූ අවසානයකින් කතුවරයා විසින් මෙම නව කතාව අවසන් කරයි.එය ඉතාමත් අලංකාරව දැක්වීම මගින් කතුවරයාගේ පරිණත බව දැක්වේ. මෙහිදී "

365 වැනි පිටුවේ සඳහන් වන "
අපි ඔක්කොම විශාල නූල් ගෙත්තමක් අස්සේ තමයි මල්ලි ඉන්නේ.කොහේ බැලුවත් ඇතුලෙම තමයි.පිටක් නැහැ.ගෙත්තමෙන් පිට දෙයක් නැහැ කියලා නේද ඩෙරිඩා නේද  කිව්වේ? යන විග්‍රහය තුලින් මෙම කතාව යථාර්තයක් බවට පාඨකයා වෙත කතෘ විසින් ගෙන එනු ලබන ආකාරය ඉතාමත් සාර්ථකය. මෙහිදී කතුවරයා විසින් එළිදක්වන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ ලාංකීය මිනිසුන් අත්විදිනා දේවල්ය.මෙම නව කතාව පාඨකයාගේ ආකර්ෂණයට ලක් කරන ලද රුපත්මක බසක් බව මනාව පෙන්නුම් කරන ලැබීම මෙහි සුවිශේෂිත්වය බව අවසානයට සඳහන් කිරීමට කැමැත්තෙමි.

Saturday, February 16, 2019

නිකොලායි වසීලියෙවිච් ගොගොල්






1890 වසරේදී අප්‍රේල් 1 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා ප්‍රාන්තයේ සොරෝව්න්ස්කි ග්‍රාමයේ උප්පත ලබන්නේ සාහිත්‍ය කලාකමියෙකු හා නාට්‍ය රචකයකු වූ වසිලි අනොසිවිව් සහ දැඩි ආගමික භක්තියකින් හෙබි මාරියා ගොගොල්ට දාවය.මොහුගේ පියා ප්‍රවේණි දාසයින් 400ක් හිමි සුළු ප්‍රමාණයේ ඉඩම් හිමියකු විය.ඔහු වසර 12දී පාසලට ගිය අතර ඔහු වැඩියෙන් ඉගෙන ගනු ලැබුවේ ගමේ ජන පුරාවෘතයන් සහ මිත්‍යා කතා සහ අද්භූත කතා මවගෙන් අසා දැනගැනීමෙනි.එමෙන්ම මොහු නාට්‍ය රංගනයට ද පියා මෙන් දැඩි ඇල්මක් දැක්වූ තැනැත්තෙකු වේ.පසු කාලීනව ඉගෙනුමට නගරයට පැමිණියත් ඔහුට රැකියාවන් කිහිපයක්ම කිරීමට සිදුවිය.මුදල් අඟහිඟකම් හේතුවෙන් මොහු අධ්‍යාපනය නවතා දැමු අතර ඉන්පසු මොහු සාහිත්‍ය  රචනයට අත් පොත් තැබූ අතර ප්‍රථම කාව්‍ය සංග්‍රහය වී අලොව් ලෙස ප්‍රක්ෂයට පත්කළත් එය සාර්ථක නොවිය.

ඉන්පසුව ගමේ සිදුවූ සිද්ධීන් හාස්‍යජනක ලෙස උත්ප්‍රසයට ලක් කරමින් මොහු ඩිකෙන්කා ගම අසල ගොවිපලක සවස් කාලය නම් කෘතිය ඛාණ්ඩ දෙකකින් රහණයට ලක් කරන ලද අතර ඒ හරහා ගොගොල් රුසියාවේ විශිෂ්ටතම ගද්‍ය රචකයා බවට පත් විය. මෙම කෘතිය ගැන  පුෂ්කින්   

ගොගොල්ට අනුව මෙම කෘතිය ඔහුගේ කතාවල ඇති හාස්‍ය ඔහුගේ අභ්‍යන්තරයේ ඇති වූ දිළිඳුකමින් ඇතිවූවකි.ඇතැම් විට තේරුම්ගත නොහැකි දරුණු ශෝකයක් මා තුල පහල වෙයි.මේ ශෝකයෙන් හිත නිදහස් කර ගැනීම පිණිස මම හාස්‍යජනක ගැහැනුන් සහ පිරිමින් සිතින් මවාගෙන ලීවෙමි.
ඔහුගේ දෙවෙනි කෘතිය වුයේ MIrgorod නමැති කෘතියේ අඩංගු තරාස් බුල්බා නිර්මාණය ඓතිහාසික වීර කාව්‍යයක් සේම නව කතාවක්ද  විය

රුසියානු ගද්‍ය සාහිත්‍ය නව මනයකය්ට හැරවූ හිම කබාය දිග කෙටි කතාවේ හිමිකරු වුයේද ගොගොල්ය.රුසියානු ශ්‍රේෂ්ටතම සාහිත්‍යධර පියදෝර් දොස්තයෙව්ස්කිට අනුව අපි හැමදෙනාම එලියට ආවේ හිම කබාය තුලනි.මන්ද රුසියානූ සාහිත්‍යයේ යථාර්තවාදී අවධිය පිලිබඳ වැදගත්ම සන්ධිස්ථානය වන හෙයිනි.හිම කබාය කතාවේ ඇතුලත් අකාචි අකාකචි යන චරිතය තුලින් රුසියාවේ පිඩිත පංතියේ ආත්මය පිළිඹිබු කරයි.එලෙසම ධනවාදීන් විසින් පිඩිත පන්තිය සුරා කමින් කල අකටයුතුකම් මෙම කෘතිය තුලින් අපුරුවට පාඨකයාට පෙන්නුම් කරන ලදී.එහි යථාර්තවාදී රීතිය බොහෝ රුසියානු සහිත්යධරයින්ගේ නිර්මාණවලට අනුභුතියට ලක්විය.

 ඔහුගේ සාහිත්‍ය කෘති බොහෝ භාෂාවන්ට පරිවර්තනය වූ අතර සිංහල භාෂාවට පරිවර්තනය වූ හිම කබාය ,අභිරහස් විද්ධ චිත්‍රය ,  බිම්ගෙයි සිරකරුවා, පිස්සෙකුගේ දිනපොත තිබෙන අතර කපුවා කපෝතියි ,සහ රහස් කොමසාරිස් නාට්‍ය ද සිංහලයේ බෙහෙවින් සුපතල විය.

ගොගොල්ගේ කතාවල පිහිටා තිබුනේ දේශීය ලක්ෂණ වන අතර ඔහු විසින් රචිත මල මිනිස්සු රුසියානු සාහිත්‍යයේ අපුරුතම කෘතියක් විය.පුෂ්කින්ගේ ඉල්ලීමකට අනුව ඔහු මෙම කෘතිය ලිවීමට ආරම්භ කරන ලද අතර ඊට අවශ්‍ය වූ වස්තු බීජය ඔහු විසින් ලබා දෙන ලදී.මෙහි අන්තර්ගතය වුයේ ධනපතියකු විසින් තම ප්‍රවේණි දාසයින්ව රජයට උකසට තබා මුදල් ලබා ගැනීමයි.ඔහු මෙම වස්තු බීජය උපයුක්ත කොට ගෙන රුසියානු සමාජයම විවරණය පරිද්දෙන් මෙම නව කතාව ලිවීමට සිතා ගත්තේය.

මේ ගැන ගොගොල් පැවසුවේ මේක දිග හාස්‍යජනක කතාවක් ලිවීමට හොඳ විෂයක්.මට මගේ විරයත් රුසියාව වටා යමින් රුසියානු ජන සමාජයේ ජිවිතයේ හැම පැතිකඩක්ම විස්තර කරන්න පුළුවන්.මුළු රුසියාවම නව කතාවෙන් පිළිඹිබු වෙනවා. මට අපුරුම චරිත ටිකක් නිරුපනය කරන්න පුළුවන් යනුවෙනි.

1841 දී මළ මිනිස්සු කෘතිය අවසන් කල අතර මොස්කව් වාරණ මණ්ඩලය මගින් මෙය ප්‍රකාශනයට ඉඩ දුන්නේ නැත. පොතේ නම ඇසුණු විගස එහි සභාපතිවරයා ඇසුවේ "මම කවදවත්ම්ම ඔය පොත අනුම්මත කරන්නේ නැහැ.ආත්මය සදාකාලිකයි.ඒ නිසා මල ආත්ම තිබෙන්නට බැහැ.පොත් ලියන මිනිස්සු ආත්මයේ අමරණීයත්වයට අපහාස කරනවා යනුවෙනි. ආත්ම ලෙස හැඳින්වුයේ ප්‍රවේණි දාසයන් යැයි පැවසුවිට සෙසු සමිකයින් ඇහුවේ මෙම කෘතිය ප්‍රවේණි දාස ක්‍රමයට එල්ල කල පහරක්ද යනුවෙනි.

.නමුදු පිටර්ස්බර්ග් වාරණ මණ්ඩලයෙන් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමෙන් අනතුරුව මෙය ප්‍රක්ෂණයට පත් කිරීමට ඉඩ ලබා දෙන ලදී.මෙම කෘතිය විචාරකයින්ගේ ප්‍රසංශාවට මෙන්ම ඉහල බලධාරීන්ගේ විවේචනයටද ලක්වූ කෘතියක් විය.

මොහු නාට්‍ය රචකයකුද වූ අතර වල්දිමිලර් නම්බුනාමය සහ ආදරවන්තයෝ සහ 14 දී රචනා  කල රහස් පරීක්ෂකයෝ නාට්‍ය විශිෂ්ට නිර්මාණ වේ.

ඉවිතයේ අවසාන කාලයේදී මව මෙන්ම ආගමික උමතුව මොහුට වැළඳුනු අතර පුජකයකු පොත් ලිවිම පාපයක් ලෙස කියූ අතර ඉන් ඔහු ගේ මනස තවත් අවුල් විය.ඒ වන විට මල මිනිස්සු කෘතියේ දෙවෙනි කොටස ලිවීමට පටන් ගෙන තිබු අතර , 1855 පෙබරවාරි 11 වන දින ,තම බෑගයෙන් ගත අත්පිටපත් රැසක් මොහු ගිනි උදුනට දමා පුලුස්සන්නට පටන්ගත්තේය..එවිට සේවකයා අඬ අඬා පැවසුවේ එය සිදු නොකරන ලෙසයි.එවිට මගේ පොත් පිච්ච්චුවාම උඹට මොහො උඹ ගිහින් දෙවියන්ට යාඥා කරපන් යැයි යයි කෑගැසූ ගොගොල් ඇඳට ගොස් අඬන්නට පටන් ගත්තේය.ඉන් දවස් 12 කට පසු මෙම ශ්‍රේෂ්ට සාහිත්‍යධරයා මෙලොවින් සමු ගත්තේය.






Monday, January 7, 2019

මැක්සිම් ගෝර්කි


මැක්සිම් ගෝර්කි යනු ලොව ශේෂ්ඨ ඝනයේ කතුවරයකු වන අතර  1868 මාර්තු 28 වැනි දින මෙලොව උපත ලැබිය.මොහුගේ මුල් නම ඇලෙක්ස් මැක්සිමොව් පෙස්කොග් වූ අතර රුසියාවේ වොල්ගා ගඟ අසබඩ පිහිටි කුඩා ගම්මානයක් වූ නිෂ්නි නොව්ගොරොද්  ගම්මානයේ උපත ලැබිය.මොහු ධනවත් පන්තියේ නුවූ අතර පියා වඩු කාර්මිකයකු විය.කුදකලම ගෝර්කිගේ පියා සහ මව  මිය ගිය අතර  මිත්තනිය දුක් මහන්සිවී මොහුව රැකබලා ගන්නා ලද්දාය.කුඩා කල බොහෝ ලෙස දුක්ගැහැට විඳි මොහුගේ පාසල් ගමන සියා විසින් 8 වසරේදී නවත්තන ලද අතර කුඩා රැකියාවන් සරින් සැරේ කරමින් තම ජීවිකාව උපයා ගත්තේය.

අවසානයේදී දුම් නැවක පිඟන් සොදන්නෙකු  ලෙස මොහු සේවය කරද්දී එහි මුළුතැන්ගෙයි කෝකියකු වූ ස්මුරි නම් තැනැත්තා ඇලෙක්ස්යි ව පොත් කියවීම කෙරෙහි උනන්දු කරවුයේය. ඉන්පසු පොත් කියවීම ජීවිතය කර ගත් අතර ස්මුරි  ඔහුට
"නුඹ පොත් කියවපන් .එක සැරයකින් තේරුම් ගැනීමට නොහැකි නම් හත්පාරක් කියවපන් . ඒත් තේරුම් ගන්නට බැරිනම් දොළොස්පාරක් කියවපන්.පොත්වල ගත යුතු දේ තිබෙනවා .පොත් කියන්නේ බොරු පුහු දේට නොවෙයි.මෝඩයාට නුවණ  ලබා ගත හැක්කේ පොත් කියවීමෙන්.
  ලෙස පවසමින් මොහුව තව තවත් පොතට නැඹුරු කරන ලදී. පසුකාලීනව මැක්සිම් ගෝර්කිගේ චරිතාපදානයේ මටම නොදැනීම  මම පොත් කියවන්නට පටන් ගතිමි.මම පොතක් අතට ගන්නේ ඉමහත් සතුටකිනි ලෙස සඳහන් කර තිබුණි. ඔහු කියවූ සෑම පොතක්ම නව නුපුරුදු ලෝකයකට විවර කරන ලද දොරක් වුනි.

කුඩා කල මහත් සේ දුක් විඳි මොහු පසුකාලීනව රුසියානු විප්ලවවාදී සංගමයට බැඳෙන්නට තීරණය කර ගත අතර එකල රුසියාවේ පැවතියේ සාර රජුගේ පාලන සමයයි.එතැනදී එම පාලන ක්‍රමයට ඇලෙක්ස්යි ගේ මත විසල් අභියෝගයක් අතර මොහු මැක්සිම් ගෝර්කි නමින් නම වෙනස් කර ගන්නා ලදී. 1884 සිට විප්ලවවාදී ක්‍රියා වල නිරතවීම හේතුකොටගෙන 1889දී බන්ධනාගාර ගත කරන ලදී.පසුව 1890 දී නීතිඥයෙකුගේ ලිපිකරුවක් ලෙස වැඩ කිරීමට පටන් ගත අතර ඒ සිටින අවධියේදී රජය විවේචනය කරමින් ලිපි ලිවීමට පටන් ගත්තේය.

මොහුගේ මුල්ම කෘතිය වන්නේ 1892 දී පල කල කෙටි කතාවක් වූ මකාර් වුඩාර් (Makar  Chudra ) නම් පොතයි.මින් ලේඛකයකු ලෙස සුප්‍රසිද්ධ වූ ගෝර්කි ලියු කතා වොල්ගා හි පුවත්පත් වල පළවන්නට විය 1989 දී මොහු රචිත කෙටි කතා පොත ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ අතර එයට හේතු වුයේ මෙම කතා බොහොමයක් රටේ පිඩිත ජනතාව වටා ගෙතුණු කතන්දර වීමයි.

1895 දී මොහු Chelksh නම් කෘතිය රචනා කරන ලද අතර එය ගෙතී තිබුනේ හොරකු සහ ගොවියකු වටාය.1899 දී මොහුගේ ප්‍රථම සම්භාව්‍ය නව කතාව වූ පොමාගර්යේදෙව් (Forma Gordeyeve ) කෘතිය රචනා කරන ලද අතර රුසියාවේ ධනවාදය මොහුගේ අවධානයට නිරන්තරවම ලක්වූ මාතෘකාවක් විය. මොහු කුඩා කල පල්ලියේ ලද අභාෂය හේතු කොටගෙන ගීත සහ නාට්‍ය නිර්මාණය කිරීම හැකියාවෙන්ද යුක්ත වූ පුද්ගලයෙක් විය.

මොහු රචිත නාට්‍ය
හිරුගේ ළමයි
ම්ලේචයෝ
ලිහිනියාගේ ගීතය නම් නාට්‍ය වේ.
මෙම නාට්‍ය බොහෝ විට සාර් පාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කල අතර සාර් පාලනයෙන් පසු රුසියානු සාහිත්‍යයේ අගය මිනිසුන්ට වටහා දීමට බොහෝ සේ උත්සහ ගත තැනැත්තකු විය.පසුකාලීනව මොහු මාක්ස්වාදය වැළඳ ගත අතර ලෙනින්ගේ විප්ලව වාදී  පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස ක්‍රියා කරන්නට විය.

1934 වසරේදී ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ සෝවියට් රුසියානු ලේඛක සංගමයේ ප්‍රධාන ලේකම් පදවියෙන් මොහු පිදුම් ලද අතර මොහු එහි ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත්විණි. 1905 දී ඇමරිකාවේ වෙසෙන අවධියේදී මොහු රචිත කෘති අතරින් අම්මා කෘතිය ලොව බොහෝ භාෂා වලට පරිවර්තනය වූ හැමදෙනාගේම අදට පවා මුවන්ගේ රැවුදෙන  කෘතියක් වූ අතර මෙය රුසියානු විප්ලවයට පවා හේතු මුලික වූ පොතක් බව විචාරකයින්ගේ මතයයි.

මොහු විසින් රචනා කරන ලද ළමාවිය නමැති නව කතාව මොහුගේම ජිවිත කතාව ලෙස සැලකේ.(My University) මගේ සරසවි නම් කෘතිය තුලින් මොහු කුඩා කල අත්විඳි අභියෝග වටා ගෙතී ඇත .1917දී (New Life)  යන නව ජීවිතය යන කෘතිය රචනා කරන ලදී.

මොහු රචනා කරන ලද අනිකුත් කෘතීන්
Twenty Six Mens and a girl
Life of Math iv Kozhes
The Small Town of Okurov
The Arta Monov Business
The three of us
වැහිලිහිණියා
ඉසේර්ගීල් මැහැල්ල
රාජාලි ගීතය
එමිල්යාන් පිල්යායි
චිල්කාෂ්

සමාජයේ මිනිසුන් නොසිතන නොදකින පැතිකඩයන් , සංසිදුවීම් සාහිත්‍යයෙන් මිනිසුන්ගේ මනසට ජිවිතයට කිඳා බැස්වූ අමරණිය කතුවරයකු වූ මැක්සිම් ගෝර්කි නිර්ධන පන්තිය වෙනුවෙන් තම පන්හිඳ අසිපතක් කර ගත ශ්‍රේෂ්ඨ තැනැත්තකු විය.
ජිවිතයේ අවසන් භාගයේදී නිව්මෝනියා රෝගයෙන් පිඩා විඳි මොහු 68 වන වියේදී එනම්  1936 වසරේ ජුනි 14 වැනි දිනදී මෙලොවින් සමු ගත්තේය.

Sunday, January 6, 2019

Dame Daphne du Maurier, Lady Browning dem

Dame Daphne Du Maurier, Lady Browning යනු 1907 -1989 අතර කාලයේ එනම් 20 වැනි සියවසේ සිටි ඉංග්‍රීසි රචිකාවියක් සේම නාට්‍ය පිටපත් රචිකාවියකි. ඇයව ප්‍රචලිත වුයේ ආදරණිය රෝමාන්තික නව කතා ලියන්නියක් ලෙසය. සම්මත විද්‍යා ගවේෂණ වලට පරිබාහිර වූ චිත්ත ස්වභාවය ඉස්මතු කර පෙන්වන නව කතා ලෙසය. අයගේ මුල්ම කතාව විචාරකයින් ගේ සැලකිල්ලට බඳුන් නොවූ අතර ඒ හරහා නිපදවූ නාට්‍ය හේතුකොටගෙන විසල් අදායමක් උපදවා ඒ පිළිබඳව මැය නමක් දිනා ගත්තාය. මැයගේ නව කතා චිත්‍රපට වලටද අනුවර්තනය වූ අතර  ඒ කෘතීන් අතර Rebecca, My cousin Rachel,   Jamaica Inn යන නව කතාද The Birds සහ Don't Look Now යන කෙටි කතාද වේ. මැයගේ කෘතීන්  විචාරශීලි වූ යුගයක පුළුල් පරාසයකින් පිළිගැනීමට ලක්විය.

ඇය 1907 මැයි 13 උපත ලද අතර මෙතුමිය ජිවිත කාලයෙන් බොහෝ කලක් කොන්වෝල්  Cornwall වල ගත කල අතර මේ සාමය තුල ඇය ගේ නම නව කතා සාහිත්‍ය තුල විසල් ලෙස ප්‍රසිද්ධ වන්නට විය.ඒ සමගම ඇය සමාජයෙන් වෙන්ව හුදකලාව ජිවත් වන්නට පටන් ගත්තාය.

ඇයගේ පියා නළුවකු සහ කළමනාකරුවකු වූ ශ්‍රීමත්  ජෙරල්ඩ් ඩියු මොරිර්  වූ අතර මව  නිළියකු සහ ජනමාධ්‍යවේදිනියක් වූ  මුරියෙල් බෝමන් විය.ඇයගේ සියා ප්‍රසිද්ධ කාටුන් චිත්‍ර ශිල්පියකු සහ ලේඛකයකු  වූ ජෝර්ජ් ඩියු මොරිර් විය.මැයගේ පවුලේ උදවියගේ සාහිත්‍ය මාධ්‍යයට තිබු සම්බන්දතා මැයගේ ලේඛන දිවියට මහත් සේ උපකාරී වූ බව නොරහසකි.

මැයගේ සාහිත්‍ය ලිපි ලේඛන මුලින්ම පත්තර වල පළවූ අතර Beaumont's Bystander පුවත්පත මැයගේ ජනප්‍රියත්වය රඳවා ගැනීමට බෙහෙවින් උපකාරී විය.ඇයගේ පළමු නව කතාව වුයේ 1931 දී පළවූ  The Loving spirit කෘතියයි.1938 දී රචනා කල The  Rebecca  කෘතිය මැයගේ ජනප්‍රියත්වයට බෙහෙවින් මග පෑදු කෘතියක් අතර 1935 -1965 කාල සීමාව අතර තුරදී මෙම කෘතියෙහි  පිටපත් මිලියන 3කට අධික සංඛ්‍යාවක් විකිණුනි. එලෙසින්ම මෙම කෘතිය ජනප්‍රියත්වයේ ඉහලම ස්ථානය්යේ පිහිටි අතර මෙය බොහෝ ලෙස වේදිකා නාට්‍යයක් ලෙස බොහෝ ස්ථානවල දර්ශනයට බඳුන් වන්නට වුහ.ඇමරිකාවේදී  Dame Daphne du Maurier,  ඇමරිකානු පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ජාතික පුස්තක සම්මානයෙන් පිදුම් ලබන ලදී. The Rebecca කෘතිය  BBC හි 2003 සංඝනනයට  අනුව අංක 14 වැනි ජාතියේ හොඳම ආදරණිය නව කතාව ලෙසට නම් ලද්දේය. මෙම කෘතිය රචනා කලේ ඊජිප්තුවේදී හමුදා බිරිඳක් ලෙස කටුක ජිවිතයක් ගත කල අවදියේදීය.මෙය කාන්තාවන්ගේ සිත තුල ඇතිවන අධික චිත්තවේගයන්  ගේ හැදෑරීමක් ලෙස සිදුකල පර්යේෂණාත්මක කෘතියක් ලෙසද ගත හැකිය.

මැයගේ  අනිකුත් කෘතීන් අතර අර්ථවත් කෘතීන් ලෙස The scapegoat , The House on the Strand සහ The Kings General කෘතීන් නම් කල හැකිය. වේදිකාවේ රඟදක්වන ලද නාට්‍ය පිටපත් අතරට  Jamaica InnFrenchman's CreekHungry Hill, and My Cousin Rachel ගැනේ. ඇයගේ කෙටිකතා වලින්  1963 වසරේ රචිත The  Hitchcock  සහ The  Birds යන කෙටිකතා නාට්‍ය බවට අනුවර්තනය වන ලදී.1963 දී The  Don't  Look  Now  කෘතිය චිත්‍රපටයක් ලෙස සිනමාවට එක්  විය. Jamaica  inn  චිත්‍රපටිය ත්‍රාසජනක කතාවක් වූ අතර බොහෝ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අවධානයට ලක්වුවක් විය.

ඇයගේ නව කතා සැමවිටම අවසන්වුයේ සතුටකින් වීම නිසා ඇයව ආදරණිය කතා රචිකාවක් ලෙස නම්විම පිළිබඳව ඇය සිටියේ පසුතැවිමකින් සහ කලකිරීමකිනි. ඇයව අගය කල විලියම් විල් කි කොල්කින්සන්  සහ අනික් රචකයින්ගේ ගේ කෘති හා සසඳද්දී  මැය බොහෝවිට සංවේදී බව දනවන පොත් ලියා ඇත. 1965 ඇයගේ  සැමියාගේ මරණින් පසු සිතේ ඇතිවූ ගැඹුරු සන්තාපය නිසා ඇයගේ සහජ කුසලතාවයන් පිරිහීමේ අවධානමකට ලක්වුණි. ඇයගේ  පාරම්පරික නිවසෙහි බද්ද  කල්දමා ගැනීමට නොහැකි වුනි. පසුව ඇය පාර්  වල කිලිමාත් වලට යන ලදී. 1969 වසරේදී එහිදී  ඇයගේ වඩාත්ම පිළිගැනීමට ලක්වුණ ට The House on the Strand කෘතිය රචනා කරන ලදී. පසුකාලීනව ඇය නිර්මාණාත්මක ලිවීමෙහි දීමට නොහැකි වූ පුද්ගල පිරිහීමට  කාලය පැමිණි අතර  වයස 81 වුනු 1989 දී කොන්වොල්  වල පිහිටි  නිවසේදී මෙලොවින් සමුගන්නා ලද්දය.





Thursday, January 3, 2019

වේලාසන කොක්කු සරති

චිංගිස් අයිත්මාව් විසින් රචනා කරන ලද වේලාසන කොක්කු සරති කෘතිය 1941 - 1945 දෙවන ලෝක යුධ සමයේ කිරිකිස්තානයේ පිහිටි කුඩා ගම්මානයක ළමුන් පිරිසකගේ සන්සිදුවීම් රැසක් ගැන අන්තර්ගත කෘතියකි. මේ මගින් දෙවන ලෝක යුධ සමයේ කිරික්ස්තාන් ගම්මානය පිළිබඳව විස්තර කරයි. එකල තිබුණු යුධමය තත්වය හේතු කොට ගෙන අවි දැරීමට හැකි ශක්තිමත් සියලුම පිරිමින් පිරිස යුධ අණින් යුධ හමුදා පෙරමුණට කැඳවා ගෙන යති.කාන්තාවන් සහ දරුවන් නිවෙස්වල වැඩ කටයුතු කරගෙන සිටිති. මෙහිදී අයිත්මාව් විසින් එම ගම්මානයේ සාමාන්‍ය ජනතාවගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ නිර්භීත බවත් ඔවුන් යුධ පෙරමුණට ගිය තම ඥාතීන් පිළිබඳව දුක් වෙන අකරයටැහැ ප්‍රබල භාෂා ශෛලියකින් මනාව විස්තර කර ඇත.

වැඩිහිටි මැදිවියේ පිරිමින් කරන වැඩ කටයුතු සියල්ලම තරුණ වියේ සිටි යොවුන් තරුණයින් වෙත පැවැරිණි. මොවුන් මේ අවධියේදී ගොවිතැන් කරමින් හාමින් ගොවිපල වැඩ කටයුතු කරමින් දුෂ්කරවූ යුධ වාතාවරණය යටතේ පළමු වතාවට වගා කිරීමට අක්සායි පෙදෙසට යවයි. මෙම තරුණ පිරිසේ සිටි දක්ෂතම තරුණයා වූ සුල්තාන්මුරත් ගේ සිතේ ඇති වන ප්‍රේමය මුල් අද්දන අයුරු ඉතාමත් අපුරුවට මෙම කතාව හරහා අයිත්මාව් රසිකයාගේ සිතේ චිත්‍රණය කරයි. 

එලෙසම තරුණ පරපුරේ සිහින සහ බලාපොරොත්තු  යුද්ධය විසින් පැහැර ගන්නා ආකාරය මනාව මෙම කෘතිය තුලින් විවරණය කරයි.පාසලින් පිට කර ගොවිබිමේ වැඩට දරුවන් යැවීම, නිවෙස්වෛන් ඈත් කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා දරුවන්ගේ මනස මානසිකව ඇදහැලීමකට පත්වේ. 

චිංගිස්  අයිත්මාව් යනු විශිෂ්ට ඝණයේ කතුවරයකු බව මෙම චරිතයන් ජීවමානව පාඨක මනසේ ඇඳ දැක්වීම සහ ඔවුන්ගේ හැඟීම් පොත කියවන පතක මනසේ ලැගුම් ගන්නා අකාරය යන කරුණු මගින් මනාව පෙන්නුම් කරයි.