‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, July 4, 2019

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -
Image result for සත්වෙනි සඳේ රෑOn The Night Of The Seventh  Moon - Victoria Halt

ආදරය යනු උත්තරීතර බන්ධනයකි.. ජිවිතයට සැනසීමක් ගෙන දෙන ඖෂධයකි.මැක්ස්මිලියන් සහ හෙලෙනාගේ සියලු දේශ සිමා බන්ධන පැමිණියත් බාධක කම්කටොලු පැමිණියත් එම සෑම බාධකයක්ම ජයගෙන තම ජීවිතය ගොඩ නංවා ගත් ඓතිහාසික ප්‍රේම වෘතාන්තය සත්වෙනි සඳේ රෑ ඔස්සේ පාඨකයා වෙත ලං කිරීමට වික්ටෝරියා හෝල්ට් ගත් වෑයම අනර්ඝනිය වේ.මෙම වෘතාන්ත්තය අශ්විනි කාරියවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කතාව ගලාගෙන යන විට කතුවරිය විසින් රසවිඳින පාඨකයාගේ හැඟුමන් සසල කරවමින් රචනා කර තිබීමත් සිතට කාවදින අයුරින් කතාව ඉදිරිපත් කිරීමත්  සුවිශේෂී ලක්ෂණය වේ.කතාව කියවාගෙන යද්දී ආසියානු පරිසරයක ජිවත් වන අපට නුපුරුදු පරිසරයක් වුනත් එම සුන්දර පරිසරය පුරා ගලාගෙන යන සෞන්ද්‍රයත්මක භාවය චිත්තරූප මවමින් මුළු පොත පුරාම ගලාගෙන යන ආකාරය දක්නට ලැබෙන ලක්ෂණයි.

මෙය වික්ටෝරියානු යුගයේ කතාවක් වන අතර සෑම තැනකදීම වික්ටෝරියානු කතා ශෛලිය එම සම්ප්‍රධායික අංගයන් දැකිය හැක. මෙම කතාව ඔස්සේ රාජ්‍යයන්හි රජවරුන් සහ උප ප්‍රන්තයන්හි නායකයින් අතර ඔටුන්න උදෙසා ඇති වන්නාවූ ඝට්ටනයන් විස්තරාත්මකව පිළිඹිබු කරන අතර එයට මැදිවන මැක්සිමිලියන් ගේ සහ හෙලෙනාගේ ආදරය සොඳුරු ව කතාවට උපයුක්ත කර ඇත.

ජර්මනියේ ඩෑමෙන්ස්ටිෆ්ට් කන්‍යාරාමය වටා පැතිරී ඇති අඳුරු කේතුධර වනාන්තරය පිළිබඳව කතුවරිය ඉදිරිපත් කරන්නේ සුරංගනා ලොවකට අපව මනසින් ගෙන යමිනි. කාල වනාන්තරය නම් වූ එය ජර්මනියේ පිහිටි කඳු වැටිවලින් සමන්විත වූ සිසිලස දෙන වන ලැහැබ් වලින් ගහණ වූ පරිසරයකි.හෙලන්ගේ මව මෙම ප්‍රදේශයේ උපත ලද කාන්තාවක් වන අතර ඇය හෙලන් කුඩා කලදී මෙම ප්‍රදේශයේ පිහිටි මන්දිර , එම මන්දිර වල පිහිටි නයිට්වරුනේ ශාලාවන්, එම ශාලාවන් වල පවතී සොඳුරු ප්‍රියසදයන් පිළිබඳව මනසට එබ්බුවේය. එලෙසම ප්‍රකට සංගීතඥයෙකු වූ ෆ්රාන්ස් ෂුබර්ට් පිළිබඳව කතා කලාය .ඔහු මිනිස් සිතෙහි ඇතිවන ගැඹුරු සිතුවිලි හැඟීම් සොබාදහම හා සම්බන්ධ කරමින් සොබාධර්මයේ සුන්දරත්වය විහිදුවා දැක්වීමකින් තම සංගීත නිර්මාණයන් ලොවට එලි දැක්වූවෙකි.

එලෙසින්ම කුඩා කඳුකර වල ජිවත් වන සුරංගනාවන්, කුරුමිට්ටන් හා බැඳුනු ඉපැරණි පුරාවෘත්තයන් හෙලෙනාගී ජිවිතයට සමීප කලේ ඇයගේ  මව විසිනි.පසුකාලීනව දෙමව්පියන්ගේ අවසරයත් සමගින් ඇය මෙම පයින් වනාන්තරය මැද [ඉහිටි ඩෑමෙන්ස්ෆිට් කන්‍යාරාමයට උසස් අධ්‍යාපනය ලැබීම උදෙසා ඇතුලත් වුනේ තම ජිවිතයේ වෙනස්ම පිටුවක් පෙරලීමට ගත් පියවරක් ලෙසිනි.

එකල එම රාජ්‍යයෙහි සත්වෙනි සඳේ රෑ නමින් චාරිත්‍රයක් උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර එය ලෝකි නම් දඟකාර භාවයේ දෙවියන් සැමරීම උදෙසා පවත්වනු ලබන්නකි. එය දේශීය උත්සව වලින් එකක් වන අතර ඉල්ස් සමගින් එම උත්සවය නැරඹීමට යන ඇයට වරක් තමාට හමුවූ සිග්ෆ්‍රිඩ් නැවතත් ලෝකෙන්බර්ගයෙහි සිටුවරයා වූ මැක්සිමිලන්  ලෙස හමුවේ.පසුව ඔහු හා ඇතිවන ඉක්මන් විවාහයෙන් පසු ඇතිවන සංසිද්ධීන්, ඇය අනුමාන කරන පරිදි  ඇයගේ මිය යන දරුවා පිළිබඳව ඇතිවන අඳුරු මනසින් යුතුව ඇය නැවතත් එංගලන්තයට ගියත්, දෛවයේ හාස්කමකින් මෙන් නැවතත් ජර්මනියට යන ඇයගේ ඉදිරිය කුමකින් කුමක් වේද යන්න කියවන ඔබට බාරය.

මෙම කතාව විවිධ චරිතයන්ගෙන් පිරුණු එම චරිත වල ඇතිවන විවිධ සංසිද්ධීන් තුලදී ඔවුන් විසින් දක්වන ලද සියුම් ප්‍රතිචාරයන්ගේ විවිධ බව සාර්ථක නව කතාවක් බව ට ඇති මනා උදාහරණය වේ.එම චරිතයන් පොත කියවා අවසන්වූ පසුත් අපේ මනසට බැඳෙමින් මෙලොව මෙම ආත්මයන් සැරිසරන බව අපගේ සිතට දනවයි.ආදරය විරහව කුතුහලය,භයංකරත්වය සිතට දනවමින් ගලාගෙන යන අපුර්වතම කෘතියක් ලෙස හැඳින්විය හැක.



Tuesday, July 2, 2019

දෙවියන්ගේ අඩවිය

"... මාතුබි කියන්නේ අරාබි බසින් සඳ එලියට .ඇයට, මාතුබි කියන නම දෙන්න ඇත්තේ ඇයගේ තාත්තා.නමුත් ආගමික අන්තවාදය සහ ජාතිවාදය කරපින්නා ගත් තාත්තාගේ ජිවිතයට සඳ එළියක් වෙන්න ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇය ... සමුනොගෙනම තාත්තගේ ජිවිතයෙන් ඈතට... ඈතට ... මවත් සමග පාවී යනවා.මේ සිද්ධිය අපට කියවන්නට ලැබෙන්නේ ඇමරිකානු ජාතික බෙටි මහමුදි විසින් 1986 දී රචනා කරන ලද ඇයගේ චරිතාපදානය වූ "Not Without my Daughter"  නව කතාවෙනි.මෙම ග්‍රන්ථයෙන් ඇමරිකානු ජාතික කාන්තාවක් , විජාතික  , වෙනත් ආගමක පුද්ගලයකු හා විවහා වීමෙන්  ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අනේකවිධ වද හිංසනයට  මුහුණ දුන් සංවේදනාත්මක කම්පනය පිලිබිබු වේ.

මෙම නව කතාව Pulitzer සම්මානය සඳහා නම් කෙරුණු අතර 1991 දී චිත්‍රපටයටද නගන ලදී.මෙය භාෂා රාශියකට පරිවර්තනය වූ නවකතාවකි. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇමරිකානු පුරවැසියකු වශයෙන් වෛද්‍ය වෘතියේ යෙදෙන ඉරාන ජාතික කඩවසම්  මොහොම්මදී  මුදී, බෙටි නමැති ඇමරිකානු කාන්තාව  විවහා කර ගනියි.මෙම කතාවේ කතා නායිකාව වන බෙටි දික්කසාද වූ  මවකි.විවාහයෙන් පසු බෙටි සහ මුදි සතුටින් ජිවත් වන අතර ඉරානයේ සිට පැමිණෙන මුදිගේ බෑනා කෙනෙකු මොවුන්ගේ නිවසේ නවාතැන් ගන්නා අතර ඔහු ඇමරිකානු විරෝධියෙකි.

ඔවුන්ට සිවු හැවිරිදි දියණියක් සිටි. පවුලේ අය බැලීම සඳහා කෙටි කලකට ඉරානයට යාමට මුදී ,බෙටීට යෝජනා කරයි.බෙටි මෙයට විරුද්ධ වන අතර සති දෙකකින් ඔවුන් නැවත ඇමරිකාවට කැඳවාගෙන එන බවට ඔහු කුරාණයේ අත තබා බෙටිගේ මව ඉදිරියේ දිවුරා පොරොන්දු වෙයි.සති දෙකක් ගතවු පසු මුදි පවසන්නේ ඔවුන්ගේ ඉතිරි ජිවිත කාලය ඉරානයේ ගත කළ යුතු බවයි.

ආගමික අන්තවාදය සහ ආගම් භක්තිය අතර ඇති ගැටුම ලේඛිකාව මෙම දිවුරුම මතින් උද්දීපනය කරයි. එමෙන්ම කාන්තා හිංසනය සහ ළමා හිංසනය සමග  කතාවෙහි ඉතුරු කොටස ගලා යයි.මෙම තත්වය ලොව ඕනෑම සමාජ ස්ථරයක  කාන්තාවකට සිදුවිය හැකිය. ප්‍රංශ රුපවාහිනී නාලිකාවක සේවය කළ ජින් පියරේ (Jean Piyare ) මෙම සිද්ධිය  පිලිබඳ පවසන්නේ (1993) මෙය ඇමරිකානු - ඉරාන සීතල යුද්ධයේ ප්‍රතිපලයක් බවයි.ඇමරිකාවද මෙකල ඉරානයට දැඩි ලෙස තහංචි පනවමින් කුඩම්මාගේ සැළකිලි දැක්වූ යුගයක් විය.

මෙකල ඉරානය, අයෙතුල්ලා කුමේනි යටතේ දේශපාලනික වශයෙන් විශාල පරිවර්තනයකට භාජනය විය.මුදි මෙම දේශපාලනික ජාත්‍යාලය ඉස් මුදිනින් පිළිගත් අයෙකු විය.සමහර විචාරකයින්ට අනුව මෙය ඇමරිකානු ඉරාන යුද්ධයේ පළි ගැනීම බෙටි මත පැවරීමකි.මුදිගේ පවුලේ අයත් සමගින් ජීවත් වූ නිවස බෙටිට සහ දරුවාට සිර ගෙදරක් වූ අතර ඔවුන්ට කෘමින් සහිත අපිරිසිදු අහාර කෑමට පවා සිදුවිය.බෙටි නිර්භීත උපායශීලි කාන්තාවක් වූ අතර අරාබි භාෂාව සහ සංස්කෘතිය අධ්‍යයනය කර මුදිගේ විශ්වාසය දිනා ගනී.

ඉස්ලාමික මුලධර්මවාදින් විසින් බටහිර රටවල මානව හිමිකම් කාන්තා නිදහස ලෙස සලකන කරුණු ඉරානයේ දී ප්‍රතික්ෂේප කරන බව කතුවරිය පවසයි.දෘඩ අන්ධ භක්තිවාදය මගින් ඉරාන සමාජයේ කාන්තාවගේ වීරත්වය සහ ඉදිරි ගමන මොට කරවයි.

1984-1986 අතර ඉරානයේ ජිවත් වූ අත්දැකීම් ඇගේ කෘතියෙන් හෙළි කරයි.ඇය සතු සියලු ලියකියවිලි සහ විදේශ ගමන් බලපත්‍රය පවා මුදි භාරයට ගනී.ඉරානයට පැමිණෙන කාන්තාවන්ට එරට සිරිත් විරිත් වලට හැඩගැසීමටත්  , ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සිදුවූ අතර සිදුවූ අතර සම්පුර්ණයෙන්ම සිරුර ආවරණය වූ (Chador ) ඇඳුම ඇඳීමට සිදුවිය. විදේශ ගමන් බලපත පවා නොමැතිව , ඉරානයෙන් පිට වීමට නම් ඇය විදේශ තානාපති කාර්යාලවල සහය ලැබිය යුතු අතර අවශ්‍ය මුදල් සොයා ගත යුතුය.ඉරානයේ සිට තුර්කිය හරහා දැඩි සීතලෙන් ගැහෙමින් කඳු ශිඛර පසු කරමින් ඇය ගුවන් ගමන සඳහා පකිස්ථානයට යා යුතුය.මේ සදහා ඇය ගෝත්‍රික ජනයාගේ සහයද ලබා ගත යුතු අතර .ඇයගේ මෙම උත්සාහය සාර්ථක වේද ?

ප්‍රවීණ ලේඛිකා අනුලද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නව කතාව පළ නොකරන ලෙස ඇයට සිමා බාධක පවා පැනවිය.මුස්ලිම් අන්තවාදය බටහිර මෙන්ම පෙරදිග රටවලද ව්‍යාප්ත වන මෙවැනි යුගයක ඔබ විසින් දෙවියන්ගේ අඩවිය කියවිය යුතු නව කතාවක් බවයි මගේ හැඟීම.

Image result for දෙවියන්ගේ අඩවිය






Monday, June 17, 2019

ප්‍රකම්පනය- මනොරි ලියනවඩුගේ



ප්‍රකම්පණය  යනු කිවිඳියක සේම රචිකාවියක ලෙසින්  මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන  මනෝරි ලියනවඩුගේ මහත්මිය විසින් නිර්මණය කරන  ලද අපුරුතම නව කතාවකි.මෙය නව කතාවක් ලෙසද, මනෝවිද්‍යාත්මක කරුණු ඇතුලත් පර්යේෂණ කෘතියක් ලෙසද හැඳින්විය හැකිය.මෙම නිර්මාණය  රසවිඳින පාඨකයා කියවීමෙන් ඔබ්බට ගොස් නිරීක්ෂණ යකට ලක් කිරීමට සමත්  ප්‍රේමය, වෛරය සහ කුතුහලය දනවමින් ගලාගෙන යන ජිවන  වෘත්තාන්තයක් යයි කිවහොත් නිවැරදිය. මෙහිදී භාවිත කරන ලේඛන ශෛලිය රසවිඳින්නාගෙ සිත පොතින් මොහොතකට වත් අහකට නොගෙන කියවාගෙන යාමට තරම් පොතට ඇඳ බැඳ ගන්නා සුළු රසවත් ශෛලියකි. එමෙන්ම මෙහි ඇති පුරුෂ චරිතය කුතුහලය , භීතිය සන්ත්‍රාසය දනවන මුසුවූ විශේෂයෙන් ම කාන්තාවක් තුල විවහා ජිවිතයේ ත්‍රස්ත්‍රජනක අත්දැකීමක් ඇති කරන්නකි.

උපමා රූපක ,පරිකල්පන , ව්‍යන්ගර්තය වැනි නව කතාවක ගැබ් විය යුතු සාහිත්‍යාංග සුළු වශයෙන් ගැබ් වී ඇතත් ,මෙම නව කතාව ඉහත සඳහන් කරුණු නිසා පාඨක සිත ඇඳ බැඳ ගැනීමට සමත්ව ඇත.මනෝරි මහත්මියගේ මෙම ග්‍රන්ථය  පිලිබඳ දුටු විවේචන අතර එක් සිත් ඇඳ බැඳ ගන්නා සුළු විවේචනයක් දුටුවෙමි. විවේචනය කල මහත්මිය පවසා ඇත්තේ " මේ පොත කියවන මට බියක් දැනුණේ ... මේ යකා ඇඳ යට සිටීදැයි කියාය." මෙම වදන් වලින් විශේෂයෙන්ම තරුණ කාන්තාවක් තුළ  සැමියා පිලිබඳ  ඇතිවූ ත්‍රාසය පිළිඹිබු කරවයි.

ආදරණිය පවුලක , ආදරය සෙනෙහස ලබමින් ඉතා සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වන පබා හෙවත් පබසරා තම ප්‍රථම ප්‍රේමය වැළඳ ගන්නේ තම ජිවිතයම අඳුරු අගාධයකට පෙරලේ යැයි නොසිතමිනි.අවුරුදු 19 දී ඇය විවහා ජිවිතයට ඇතුලත් වන්නේ තමන්ට වඩා වසර ගණනාවක් වැඩිමහල් තම පෙම්වතා පිලිබඳ පුර්ණ විශ්වාසය තබමිනි.ස්වාමියා මිය ගිය පසු තම දරුවන් 5 දෙනාව තම ඇස් දෙක සේ රැක බලාගනිමින් තනිවම ජිවත් වන පබසරාගේ අම්මා තම දියණියගේ තීරණයට එකඟ වන්නේ ඇගෙ සතුට තමන්ට හැමදෙයටම වඩා වටිනා නිසාවෙනි.

මෙය කුටුම්භයක තනිවන සමාජයේ අත්දැකීම් අඩුවෙන් අත්විඳි තරුණියක හා පවුල් සංස්ථාවේ ඇතිවන ඝට්ටනයන් පිලිබඳ වූ සමාජ විග්‍රහයක් ලෙසත් හැඳින්විය හැකිය.මෙහිදී  ස්වාමි පුරුෂයා තරුණියට වඩා වසර ගණනාවකින් වැඩිමහල් වීමද , ඇයට අවබෝධ කර ගැනීමට බාධකයක් සේ දැකිය හැකිය.එමෙන්ම කාන්තා සහ ගෘහස්ත හිංසනය පිළිබඳව ඉතාමත් සුක්ෂමව පාඨක හදවතට පබසරා පිලිබඳ අනුකම්පාවක් ජනිත කරවමින් විග්‍රහා කර  තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.මෙවැනි පවුල් සංස්ථාවේ ඇතිවන ගැටුම් සඳහා වැඩිහිටියන් ද වගකිව යුතු බව ලේඛිකාව පවසන්නීය.

.වර්තමාන සමාජයේ ගෘහස්ත හිංසනය ලක්වන පබසරා වැනි තරුණියන් කොතෙකුත් ඇත්ද ? නමුත් ලෝකයට  තම කඳුළු සඟවමින් මේ සෑම දුකක්ම දරා ගනිමින් ජිවත් වීමට වෙර දරන සමාජයෙන් හුදකලා වූ  ළඳුන්ට මීට වඩා සාධාරණයක් සමාජයෙන් මෙන්ම නීතියෙන් ද , ඉෂ්ට විය යුතු බව මනාව පෙන්නුම් කරන "ප්‍රකම්පණය" සත්‍ය වශයෙන්ම මනෝවිද්‍යාත්මක සමාජ විග්‍රහාත්මක කෘතියක් සේ අගය කළ හැකිය.

ගැහැණිය සහ පිරිමියා යන විරුද්ධ ලිංගිකයන් තම සිතේ ඇතිවන්නා වූ ආකර්ෂණය හේතු කොටගෙන කුටුම්භයක් ලෙසින් එකට ජිවත් වීමට පටන් ගත්තත් ඔවුනොවුන්ගේ සිත්හි ඝට්ටනය වන විවිධ ආකල්පයන්, විවිධ විෂමතාවයන් සහ එකිනෙකාට තෙරුම්  නොයන නොගැලපීම් හේතුවෙන් කාන්තා හිංසනය, පවුල් ප්‍රචණ්ඩත්වය දක්වා කුඩා ගැටළු වර්ධනය වීම බොහෝ පවුල් සංස්ථාවල දක්නට ලැබෙන කනගාටුදායක කරුණකි.

පබසරාගේ සැමියා වූ ප්‍රියංජන විසින් තමා කුඩා කල පියා විසින් මවට කරන ලද පහරදීම් දැක සිතෙහි ඇති කරගත්තා වූ බිය, පසුකාලීනව විෂාදය සහ මානසික අවපිඩනයක් දක්වා වර්ධනය වී, ඉන්  එහා බැඳුනු හීනමානය මොහුගේ යටි සිතේ තැන්පත්වීම හේතු කොටගෙන මෙම අසාමාන්‍ය තත්වයට පත්වී ඇත.විෂාදය වැනි මානසික රෝග  ඖෂධ මගින් තරමක් දුරට පාලනය කිරීමට හැකියාව තිබුනත් මෙය ඔහුට ජානමය සහ සමාජීය බලපෑමක් ලෙස බලපෑම් සිදු කරන නිසා එහි අනිටු ප්‍රතිපල අත්විඳින්නට සිදුවන්නේ පබා වැනි අවිහිංසක තරුණියන්ටය.

මෙම විවාහය සිදු කිරීමේදී  ප්‍රියංජන ගේ දෙමවුපියෝ මේ සියල්ල පබාගෙන් සහ ඇයගේ පවුලේ අයගෙන් සඟවා තබා ගැනීම ඔවුන් කල විශාල වරදකි.ඔවුන්ගේ දියණියක් මෙවැනි තත්වයකට පත්වුවහොත් ඔවුන් සිතන්නේ කුමක්ද?ඔවුන් ගන්නා පියවර කුමක්ද ?

ප්‍රියංජනගේ දෙමව්පියෝ  විසින් සුදු පැලැස්තර අලවමින් ඔවුන්ගේ පවුල් ජීවිතය දිගටම ගෙන යන ලෙස උපදෙස් දීමට යොමුවෙති.එය කොතරම් අසාධාරණද ?අවසානයේදී පබා ගන්නා තීරණය කුමක්ද?ඇය විවහා ජිවිතයට සමු දෙනවාද ? 

ප්‍රකම්පණ  නව කතාව විවහා දිවියට පිවිසීමට අපේක්ෂා කරන තරුණියන් සහ දියණිවරුන් සඳහා බෑණා වරුන් සොයන දෙමවුපියන් විසින් කියවිය යුතුම අපුර්වතම කතාවකි.ආදරය කර , කලක් ගත කර අවබෝධයෙන් යුතුව විවාහපත් වන තරුණ ජෝඩුවලට පවා වෙන් වීමට සිදුවන අවස්ථා ඇත.මෙම නිර්මාණයෙන් මනෝරි මහත්මිය තරුණියන්ට කදිම උපදෙසක් දෙයි.

"කිසිවිටක කෙනෙකුගේ බාහිර පෙනුමින් හෝ හැසිරීමෙන් නිගමනයකට නොපැමිනෙන්න.නොරැවටෙන්න.ඔවුන් පිලිබඳ පැතිරෙන කට කතා විශ්වාස නොකරන්න.නමුත් සොයා බලන්න."

"හැකි තරම් ඔබගේ යැපීම් මාර්ගය ඔබම සලසා ගන්න" (පිටුව 299,300)








Thursday, June 13, 2019

ඩාවින්චි කේතය

ඩෑන් බ්‍රවුන් රචනයට ලක් කරන ලද ද ඩාවින්චි කෝඩ් කෘතිය ලොව පුරා ආන්දෝලනයට ලක් කල කෘතියක් වන අතර මෙය 2000 වසරේදී සාහිත්‍ය ලොවට එක් කරන ලදී.මෙම නව කතාවට උපයුක්ත වන තේමාව වනුයේ ප්‍රයෝරි ඔෆ් සයන් හෙවත් පැරණි සහෝදරත්ව සමාජයක් හා ඔපුස් ඩිඅයි නම් කිතුනු නිකාය හා ඇතිවන දරුණු ගැටුමක්ය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් 1099 වසරේදී පිහිටවනු ලැබූ ප්‍රංශය කේන්ද්‍ර කර ගත පැරණි සංසදයක් වන අතර  මෙය යුරෝපය වටා පැතිර තිබුණි.මෙම සංගමය පිලිබඳ සිදු කළ සොයා සොයා ගැනීම් වලදී පැරිස් නුවර පිහිටි ප්‍රංශ පුස්තකාලයේ තිබී ඩොසියර් සික්‍රට්ස්  නම් ලේඛනය සොයා ගැනුණු අතර එහි අන්තර්ගතව තිබී ඇත්තේ මෙම ප්‍රයෝරි සංසදයට ඇතුලත්වුණු පිරිසගේ නම් ලැයිස්තුවයි .මෙම සංසදය හඳුන්වා ඇත්තේ මේලෝකයේ විනාශ නොවී පවතින පැරණිම සංසද වලින් එකක් ලෙසටය.මෙහිදී හඳුනා ගත් පරිදි ලොව සාහිත්‍යට, ඉතිහාසයට සේම විද්‍යාවටද විසල් සේවයක් කළ ලෝපුජිත පුද්ගලයින් රැසක් මෙහි සාමාජිකයින්ව සිටි බව හෙළිවුණ අතර අයිසැක් නිව්ටන්, ලියනාර්ඩෝ ඩාවින්චි, වික්ටර් හියුගෝ මින් කිහිප දෙනෙක් වූ අතර ලියනාඩෝ ඩාවින්චි මෙම සංගමයේ 15010- 1519 අතර කාලයේ නායකයා ලෙසද කටයුතු කර ඇති බව හෙළිදරව් විය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් සංගමයට විරෝධය පෑවේ පල්ලිය ආශ්‍රිත ආගමික නායකයින් වන අතර වතිකානුවේ පල්ලියේ සිටි ආගමික පුජකවරුන් කොටසක් සමුහ කතිකා කොට ප්‍රයෝරි ඔෆ් සයන් සගමයට විරුද්දව ඔපුස් ඩී අයි නම් කතෝලික නිකායක් නිර්මාණය කරන ලදී. බ්‍රේන් වොෂ් හෙවත් මොලය සේදීම, තමන්ටම වද හිංසා පමුණුවා ගැනීම යන කරුණු කාරණා නිසා මෙම නිකාය දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුන බව ප්‍රකට කරුණකි.

ඩෑන් බ්‍රවුන්
ඩාවින්චි කේතය කෘතිය සමගින් ලොව සුපතල කතුවරයකු බවට පත්වූ අතර  මෙම කතාවේ පිටපත් මිලියන ගණනින් අලෙවි වීමද සුවිශේෂී කරුණකි.

මෙම කතාවේ ප්‍රධාන චරිතයන් ලෙස ජැක් සෙනියරේ මහාචාර්ය රොබට් ලැන්ඩන් සහ සොෆී නෙවෙයු වන අතර ප්‍රංශයේ පැරිස් ලුවර් කෞතුකාගාරයේ භාරකරු වන්නේ ජැක් ය. දිනක් මොහු රොබට් සහ සොෆි ව හමුවන්නට නියමිතව තිබියදී අත්භූත ප්‍රහාරයකින් මිය ගොස් තිබුණි.නමුදු මිය යන්නට ප්‍රථම ඔහු විසින් සංකේත භාවිතා කරමින් තම සිරුර අසල පණිවිඩයක් තබා තිබුණු අතර එහි අවසානයේ පවසා තිබුනේ රොබට් ලැන්ඩන් ව හමුවන ලෙසටයි.ඒ ඔස්සේ විවිධ අභියෝගයන්ට ලක් වෙමින් ප්‍රංශ පොලිස් නිලධාරි ෆාචේ ඇතුළු පිරිසගෙන් සැඟව යමින් සෙනියෙරේ ගේ මිනිපිරිය වූ සොෆි හා එක් වී රොබට් එම කේත පල්ලි ඇතුළු සොහොන් ගැබ් ඇතුළු විවිධ ස්ථාන වලට ගොස් පරික්ෂා කරමින් කේත වල අන්තර්ගතයන් නිරීක්ෂණය කරමින් එම පණිවිඩ විශ්ලේෂණයට බඳුන් කරමින් මුළු කතාව පුරාම ගවේෂණය කරයි.

මෙම කතාව ත්‍රිලර් හෙවත් ත්‍රස්තජනක කතා කොටසට අයත් වන අතර ලියනාඩෝ ඩාවින්චි විසින් චිත්‍රණයට පාත්‍ර කරන ලද නිර්මාණයන් සහ සංකේතයන් පිලිබඳ පුළුල් විග්‍රහයක් සහිතව මෙම කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂිත්වයයි.එම කළා නිර්මාණයන් ඔස්සේ අර්ථයන් සඟවන ලද සංකේත මගින් පණිවිඩ ලබා දීම මෙහිදී නිරතුරුවම කුතුහලය පාඨක මනසේ රඳවමින් තිබීම දක්නට ලැබේ.එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරමින් මෙම සිතුවම් සහ නිර්මාණ පිලිබඳ විස්තර සෙවීමෙහි යෙදෙන්නට පුළුවන් නම් මෙම කතාව තවත් කුතුහලය දනවමින් රසවත්ව විඳින්නට හැකි අපුරුවතම කෘතියක් බවයි මාගේ හැඟීම.

ලාංකීය සාහිත්‍ය කලාවට මහඟු සේවයක් සිදු කරමින් සිටින කුමාර සිරිවර්ධන මහතා විසින් ඩෑන්  බ්‍රවුන් විසින් රචිත ද ඩාවින්චි කෝඩ් කෘතිය ඩාවින්චි කේතය නමින් මුල් කෘතියේ රසවත් බව, කුතුහලය දනවන හැඟීම් එලෙසින්ම පවත්වාගනු ලබමින් මුල් කෘතියටකිසිදු හානියක් නොකරමින් ලාංකීය පාඨක ජනයා වෙත ගෙන ඒමේ පුරෝගාමිත්වය ලැබුවේය.

Monday, June 10, 2019

ජමිලා නව කතාව චිංගිස් ආයිත්මාව් විසින් රචනා කරන ලද අපුර්වතම නව කතාවක් වන අතර එය එකල සෝවියට් රුසියානු ජන සමාජයේ පැවති සමාජ ක්‍රමය පිළිබඳව සිදු කරන ලද පුළුල් විවරණයකි.වැඩවසම් සහ ධනේශ්වර රදල පන්තියට එරෙහිව නැගී සිටින චරිතාංග වල ඇතුලත් වූ අධ්‍යාත්මික බලය පිලිබඳ කළ සමාජ විග්‍රහයක් ලෙස ජමිලා කතාව පෙන්නුම් කළ හැක. මෙම කතාව 1958 දී Nova j Mir  මාසික රුසියානු භාෂා සඟරාවේ කොටස් වශයෙන් පලවිය,ඊට සමකලිනවම කිර්ගිස්තානු භාෂාවෙන් " Melody "  යන තේමාව යටතේ 10 වැනි ප්‍රකශනය ලෙස මුද්‍රණයට පත්විය.පසුව මෙය 1959 දී රුසියානු සහ කිර්ගිස්තානු භාෂාවෙන් ජමිලා යන නමින් පොතක් ලෙස පලවිය.ජමිලා කතාව  ඔහුගේ කෘතිය වන අතර  1963 වසරේ දී   ලෙනින් ලෙනින් සම්මානයෙන් පිදුම් ලද්දේය.මෙය ලොව සුන්දරතම පෙම් කතාව ලෙසද විචාරකයින්ගේ මතයට ලක්වුණි.

ලුවිස් ආර්ගන් විසින් 1959දී ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන ලද ජමිලා කෘතිය පුළුල් ලෙස අලෙවි වූ අතර 1961 වර්ෂයේදී කිර්ගිස් භාෂාවෙන් ඔපෙරාවක් ලෙසටද නිර්මාණය කරන ලදී.ජමිලා වනාහි යුගයක වෘතාන්ත්තයකි.මෙහිදී කතා නායකයා වන ජමිලාගේ  ස්වාමි පුරුෂයාගේ සොයුරා වන සෙයිට් ගේ ඇසින්   ජමිලා සහ අබාධිත සෙබළකු වූ දනියාර්ගේ අසම්මත ප්‍රේමය විනිවිද දකිනාකරයක් විග්‍රහ වේ.මෙම කතාව සෙයිට් තරුණ වියේදී අඳින ලද චිත්‍රයක ඇති දර්ශනය අතිතවලෝකනය කරන ආකාරයකින් පාඨකයා හමුවට ගෙන ඒ. සිය සොල්දාදු සැමියා යුධ බිමට ගිය පසු හුස්ම හිරකරවන තරම් වූ නීරස තනිකමකින් වේලෙන ජමිලා ගේ ලෝකය වර්ණවත් කරන්නේ දනියාර් විසිනි. යුද්ධය නිසා අබාධිත වූ සෙබළුන් , තනි වූ බිරියන් සහ දරුවන් සෙයිට්ගේ ගමේ පිහිටි ගොවිපලෙහි සේවය කල අතර, ජමිලා සහ දනියාර් ඇතුළු කණ්ඩායම ගොවිපලහි  සිට නෙලා ගත් ධාන්‍ය ගෝනි දුම්රිය පලට රැගෙන යාමට යොදා සිටියහ.

 දනියාර් යනු හුදකලාව ප්‍රිය කල නිහඬ ආඩම්බරකාර පුද්ගලයෙකි.එම ආඩම්බරකාර බවම ජමිලාගේ සිත ඔහු කෙරෙහි ඇඳ බැඳ තැබීමට සමත්විය.එයට එකල පැවති සමාජ ක්‍රමයද ඉවහල් විය.එලෙසින් දනියාර් ජමිලාගේ අධ්‍යාත්මය ස්පර්ශ කිරීමට සමත් වූ අතර තම සැමියාට පවා තෙරුන්ගත නොහැකි වූ ජමිලා වේගයෙන් දනියාර් වෙත ඇදී යයි.නමුදු මෙතැනදී ඇයව වරදකාරියක් නොකිරීම මෙම කතාවේ එන සුවිශේෂිත්වයයි.

ඒ බව පිටු 67 හි එන

" ගීතය බලාපොරොත්තු රහිතව නැවතුණි.ජමිලා හිටිහැටියේ දනියාර් වැළඳගෙන සිපගත් බැවිනි.ඈ වහාම ඔහුගෙන් ඈත් වී ගල් ගැසුණාක් මෙන් ගැලෙන් ඉවතට පැන්නාය.දනියාර් අස්ථාවර ලෙස තෝන් ලණුව අදිත්ම අශ්වයෝ නැවතුනහ.ජමිලා දනියාර්ට පිටුපා සිට ගත්තාය.පසුව සැනෙකින් ආපසු හැරුණු ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෙනෙත් කඳුලෙන් පිරී තිබුණි." යන සඳහනෙනි.

"ගැහැණියකගේ වාසනාව ළමයින් හදා වඩා ගැනීමත්, ගෙදර දොර අරපිරිමැස්මෙන් කටයුතු කිරීමත්, යැයි මහලු නැන්දම්මා ජමිලාට උගන්වන්නිය. යුද්දයට ගිය ජමිලාගේ සැමියා එවන ලියුම් වල ඇගේ නම සඳහන් වන්නේ ඕනවට එපාවට මෙනි." ( පිටුව )


සැමියාගේ සහ බිරිඳගේ දුරස්ථ බවක් තිබු බව මෙයින් ලේඛකයා හෙළි කරයි.මේ හේතුව ජමිලා අසම්මත ප්‍රේමයක පැටලීමට හේතු පාඨය වේ.

සෙයිට් සහ ජමිලා ධෛර්ය සම්පන්න තාරුණ්‍යයෙන් යුක්ත වු අතර විස්තීරණ පවුලක සාමාජිකයෝ වූහ.ඔවුන් බොහෝ විනෝදයෙන් කල් ගත කරයි.සෙයිට් සහ ජමිලා දනියර් රැවටීමට ක්‍රීඩාවක් කරයි.එක්දිනක මෙය දුරදිග යන අතර දුම්රිය පලෙන් පිටවී යාමට පෙර දනියාර්ගේ කරත්තයේ රාත්තල් 280ක අධිබරැති  ධාන්‍ය පාර්සලයක් තබති.මෙය එසවීමට ගොස් දනියාර් පිඩාවට පත්වේ.. නමුදු ඔවුන්ව පුදුමයට පත් කරමින් ඔවුන් දුම්රියපළට පැමිණෙන විට දනියාර් විසින් ඉතාමත් අමාරුවෙන් එම ධාන්‍ය ගෝනිය ගෙනවිත් තබන බව දකියි.මෙහිදී දනියාර්ගේ නිර්භීත බව මනාව පිළිඹිබු කරනු ලබයි.


 ගොවිපලේ කණ්ඩායම් නායකයා විසින් සම්මතයට පටහැනිව අශ්වයෙක් දක්වන ලෙසට ජමිලාටද අණ කරයි.මුලදී සෙයිට්ගේ මව මෙයට විරුද්ධ වුවත් , පසුව කැමති විය.

"ජමිලාගේ අළුත් රැකියාව කෙලවර වන්නේ කොතැනින්ද යන්න එදා මව හෝ මව නොදැන සිටියෙමි." 19 පිටුව.
ජමිලා කුඩා කල සිටම සිය පියාගේ අසුන් පැන්නිමෙහි යෙදී සිටියේ කුමක් නිසාදැයි කීම අපහසු බවත් ,එයට හේතුව පවුලේ එකම දරුවා ඇය වීම නිසාත් විය හැකියැයි සෙයිට් පවසයි.ඇය අසල්වැසි ගැහැණුන් සමග සාමයෙන් කටයුතු කිරීමටත් , අසාධාරණ ලෙස ඇයට සලකන විට දබර කර ගැනීමටත් පසුබට නොවුවාය.
ජමිලාගේ මෙම ගතිගුණ ඇගේ නැන්දණිය පවසන්නේ මෙසේය.

"උඹලගේ නිහඬ ගැහැණු ඇත්ත වශයෙන්ම පිට අය රවටනවා.බොරු ශාන්ත බවක් පෙන්නනවා.හරියට කුණු බිත්තරය වගෙයි.එලියට සුදු පාටයි.සිනිදුයි.ඇතුලේ ගඳ උහුලන්න බැහැ."
සාධික් විසින් ගම්මානයේ සම්ප්‍රධාය පෙන්නුම් කරන සලකුණක් ලෙස මෙහිදී කතුවරයා ගෙන ඇත.සාධික් විසින් ජමිලා ඔහුගේ බිරිඳ ලෙස නොව ඔහුට අයත් වූ වස්තුවක් ලෙසින් මෙම කතාව තුළ හොබවා ඇත.

මෙහිදී ලේඛකයා ජමිලාගේ චරිතය උපමා රූපක මගින් නිරුපණය කරයි.සමාජ තත්වය විමසීමේදී මෙහිදී ජමිලා සම්ප්‍රධායික කිර්ගිස් කුටුම්භයේ පරිවර්තනය පෙන්නුම් කරයි.ජමිලාගේ හැසිරීම අනික් කිර්ගිස් තරුණියන්ගේ හැසිරීමට වඩා වෙනස් බව රචකයා පෙන්වයි.සමහර අවස්ථා වලදී දඟකාර කොල්ලකු මෙන් දුවපනිමින් හැසිරුණු ජමිලා වැඩිහිටියන් ඉදිරියේ පවා හඬ නගා ගීත ගායනා කලාය.සෙට්ස් සමගින් ඔට්ටු සෙල්ලම් කලාය.ඇය සිහින් බොකුටු හිසකෙස් සහිත සිහින් රූමත් තරුණියක් වුවාය.

" විශේෂයෙන් ම යුධ පෙරමුණේ සිට පැමිණි සෙබළු ජමිලා දෙස මහත් ඕනෑකමින් බැලුහ.ඇයද ඔවුන් සමග විහිලු කලද ,සීමාව ඉක්මවා යන අයට දඬුවම් කළාය."

ඇය අසල තරුණයින් සිටින විට සෙයිට් බාධා කළේය.
" ජමිලා මගේ අයියාගේ බිරිඳ බව මතක තියා ගනිල්ලා." 22 පිටුව
පිරිමින් යුධ පෙරමුණට යාම නිසා අයිලයේ පිරිමින් ටික දෙනෙකු පමණක් ඉතුරු වුන අතර ඔවුන් කාන්තාවන් පහත් කොට සැළකු ආකාරය රචකයා පවසන්නේ

" ඉඟියක් කල විගස ඕනෑම ගැහැණියක් ඔවුන් සමග එනු ඇතැයි පවසමිනි ." වර්තමානයේ මෙන්ම අතීතයේදීත් යුද්ධය නිසා කාන්තාව බොහෝ පිඩනයට ලක් විය.ඔවුන්ගේ දුර නෑයකු වන ඔස්මොන් ජමිලා පසුපස යාමද තවත් මෙවන් සිද්ධියකි.යුද්ධයේ බියකරු බව මෙන්ම මිනිසුන් හුදකලා තත්වයට පත්කරන ආකාරය ගැන ජමිලා මෙසේ පවසන්නීය.

ඇය බැස යන හිරු දෙස ඕනෑකමින් බලා හිඳ ,සුසුම් හෙලා මෙසේ කීවාය.

"මිනිස් සිතක් ක්‍රියාකරන හැටි ඔස්මොන් සහ මිනිසුන් දන්නේ කොහොමද? කිසිවෙක් ඒ ගැන දන්නේ නැහැ.ඒ ගැන දන්නා මිනිසෙක් මෙලොව නැතුවා වෙන්න පුළුවනි ". (පිටුව 24)

අයිලයේ පැවති ගතානුගතික සිරිත් විරිත් ලේඛකයා විස්තර කරයි.යුධ පෙරමුණේ සිටි ජමිලාගේ සැමියා සධික් පියාගේ නමට ලිපි එවයි.පළමුවෙන්ම ඔහු වයස්  අනුව වැඩිහිටියන්ගේ සුවදුක් අසන අතර අවසානයේදී ජමිලාගේ සුවදුක් අසයි. දෙමාපියන් සහ පවුලේ වැඩිහිටියන් අයිලයේ අසල ජිවත්වන විට බිරිඳට ලියුම් ලිවිම අශෝභන ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකුහ. රැඩිකල් තරුණියක වූ ජමිලාගේ සිතුවිලි දරදඬු කොට අසම්මත ප්‍රේමයක් දක්වා දුර යාමට මෙම ගතානුගතික සමාජීය සිරිත් විරිත්ද හේතු වන්නට ඇත.

යුධ බිමේ සිට සධික් එවන ලියුම් බෑගයක දමා අම්මා ප්‍රවේසම් කරන අතර , වෙව්ලන කටහඬින් මෙසේ පවසයි.
"අනේ මගේ දයාබර පුතුනේ ,නුඹලාගේ ලියුම් අපි ආරක්ෂා කර ගන්නවා.එක වචනයක් පමණක් ලියා එවපල්ලා ! ජීවත්ව ඉන්නවා කියා ලියාපල්ලා."
යුධ බිමේ සිටින පුතුන් ගැන මෙම කිර්ගිස්තානු ජාතික මව දුක් වන ආකාරය ,අපට මෙන්ම විශ්ව සාධාරණිය සත්‍යයකි.එය කුරිරු යුද්ධයේ ප්‍රතිපලයකි.

ජමිලා සංගීතය බොහෝ සෙයින් ප්‍රිය කල කාන්තාවක් විය.මෙය ගම්මානයේ සිටි මුස්ලිම් කතුන් බොහෝ සෙයින් විවේචනයට ලක් කල අතර සෙයිට් සහ දනියාර් උදෙසා සුන්දර ගීත ජමිලා විසින් ගායනා කරන ලදී.කතාව සුන්දරව ගලාගෙන යද්දී දනියාර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දනියාර්ව වර්ණනා කරන්නේ මෙලෙසිනි.

"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත.එය සප්‍රණික පුද්ගලයෙකුට ආලය කිරීමක් නොව ,පොදුවේ ජිවිතයට හා මවුබිමට ආලය කිරීමක්.ඔහු එම ආලය සඟවාගෙන ,එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජිවන ශක්තිය ලබා ගත්තේය.කොතරම් හොඳ කටහඬක් තිබුනද , උදසිනත්වයෙන් පෙළෙන්නෙකුට එලෙස ගායනා කළ නොහැක."

මෙම ගීත ගායනය මගින් කථිකයා තුළ ඇතිවන බලපෑම මනාව පෙන්නුම් කරන අතර ප්‍රධාන චරිතයන්ගේ සිත් තුල සමාන්තරව ගලායන හැඟීම් වල  ඇතුලාන්තය පෙන්නුම් කරයි. ඒ බව

"ඔහුගේ ගීතය දුක්මුසු රාගයකින් පිරි තිබීම මගේ පුදුමයට හේතු විය.ඔහුගේ එම හැඟීම හැඳින්විය යුත්තේ කෙසේද යන්න මම එදා නොදැන සිටියෙමි.එය කෙසේ විග්‍රහ කළ යුතුද යන්න මම දැනුදු නොදනිමි.මිනිසාගේ අතිශයින්ම අභ්‍යන්තර හැඟීම් ඇවිස්සෙන,කැළඹීම් තවත් මිනිසෙකුට කාවද්දන බලයක් තිබුනේ ඔහුගේ කට හඬේහිද නැතිනම් අධ්‍යාත්මයේ හිද යන්න කිව නොහැක " (පිටු 55)

ස්ටෙප්ස් තෘණ භුමියේ හුදකලා බව ජමිලා සහ දනියර්ගේ ආදර කතාවට සොඳුරු තෝතැන්නක් සදා දෙන අතර ,මෙම පසුතලය ඔවුන්ගේ ප්‍රේමයට විශ්ව සාධාරණීකරණයක් මතුකර දක්වයි. මෙම කතාවේ තේමාව වන්නේ කාන්තා නිදහසයි.

අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ.ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි.




Sunday, June 9, 2019

දිවියට සමුදීමට ජපනුන් තෝරා ගත් ඔකිගහරා වනාන්තරය


සුන්දර සකුරා මල් පිපෙන කලකට හිමෙන් වැසෙන පුජියාමා කඳු පාමුල මිනිසුන් සියදිවි නසා ගන්නා වන පෙතක් පිළිබඳව ඔබ අසා ඇත්තේද? 

පුදුමයකි.... මහායාන බුදු දහමෙන් හික්මවනු ලැබූ බොන්සයි ,එකෙබෙනා වැනි මල් කලාවන්ගෙන් සිත් මොහොනය  කරවන, කබුකි නො වැනි කලාවන්ගෙන් පිරි ජපානයට යන ඔබට මෙය අමිහිරි අත්දැකීමක් වනු ඇත.

ලෝක සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ජපානයේ ජනගහනයෙන් ලක්ෂයකට 25.8% සියදිවි නසා ගැනීමට උත්සහ කරන අතර , ලෝකයේ සංවර්ධිත රට වලින් වාර්තා වන සියදිවි නසා ගැනීම් වන්දහා ඉහලම ප්‍රතිශතයක් දක්වන රට ජපානයයි. ජපානය යනු සියදිවි නසාගැනීම් අතින් ලොව මුලින්ම සිටින රටකි.

එරට වැසියන්ගේ නිගමනයට අනුව දිවි නසා ගැනීම යනු යම් සංසිද්ධියක වගකීමක් දැරීමය.ජපානයේ ඉතිහාසයේ අසන්නට ලැබෙන හරාකිරි හෙවත් සෙපුක්කු ක්‍රමයද බඩ කපාගෙන දිවි නසා ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රියාවලියකි.එලෙසම ජපානයේ මිනිසුන් විසින් දිවි නසා ගැනීම උදෙසා යන වනාන්තරයක් ජපානයේ පිහිටා ඇති බව බොහෝ දෙනා නොදත් කරුණකි.ෆුජියාමා කන්දට වයඹින් කිලෝමීටර් 35ක් පුරා පැතිරී ඇති මෙම වනාන්තරය ලොවටම වටිනාවූ හරිත නිම්නයකි.විවිධ ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් වන මෙය ගිනි කන්දෙන් පටවන ලවා සහ ලෙන් ලාවා මිශ්‍රිත පසින් මිශ්‍රිත වුන පරිසරයක් පිහිටා තිබේ.

පැරණි ජනප්‍රවාද වලට සහ මිත්‍යා විශ්වාසයන්ට අනුව මිනිසුන් පවසන්නේ යුරි නම් නරක භුතත්මයක් මෙම වනයේ සැරිසරන බවයි .කොම්පාසු (Compass) මෙම වනාන්තරය පාලනයකින්  තොරව ක්‍රියාකරන බවට මිත්‍යාමත පැතිර පවතියි. 1956 දක්වාම මෙම ප්‍රදේශය ජපානයේ ආරක්ෂක අංශ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කර ඇත. 


මෙම වනාන්තරය පුරාවම අමුතුම ගුප්ත බවක් සහ පාළු බවක් රැඳී තිබෙන අතර ලොව විවිධ රටවලින් මිනිසුන් තම ජීවිතය නැති කර ගැනීම සඳහා මෙම වනාන්තරයට පිවිස ඇත.  
2010 වන විට ලැබෙන දත්ත අනුව දිවි නසාගැනීම් 54ක් සිදුවී තිබේ.වසරක් තුළ සියදිවි නසා ගැනීමට 200 කට අධික සංඛ්‍යාවක් උත්සහ කර ඇත.මාර්තු මාසයේ දී මෙම ප්‍රමාණයේ වැඩිවීමක් ඇති අතර ,  ජපන් පොලිසිය මෙම ව්‍යවසනය ප්‍රචලිත  නොකිරීම සඳහා නියම දත්ත ප්‍රකාශ නොකිරීමට වග බලාගෙන ඇත.

මෙම වනන්තරය විවිධ ජාතීන්ගේ ගීත, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රාශියකට පාදක වී ඇත.ජපානයේ මනෝ විද්‍යා චිකිත්සක ආයතනයේ අධ්‍යක්ෂ යෝශිනොරි චා " Why do People Suicide " නමැති ග්‍රන්ථයට අනුව මෙම මරණ වලට හේතු රාශියක් අනාවරණය කර ඇත. 

අපදා වලට ලක්වීම , සුපුරුදු නිවාස වලින් ඉවත් වීමට සිදුවීමෙන් ඇති වූ දිගුකාලින  අවපිඩනය , ප්‍රධාන හේතුය. වසරකට කීප වරක් භූ කම්පන වලට ලක්ව ආපදා විඳීම මෙම ක්‍රියාවලිය හේතු පාදක වී ඇත. දිවි නසා ගත් ඇය අතර බොහෝ දෙනෙකු ස්ථිර වැඩක නොයෙදුණු යයි.පවුල් ප්‍රශ්න හා ආර්ථික අපහසුතා තවත් හෙතුන්ය.සමහර රටවල  සිය දිවි නසාගැනීමට නීතියෙන්හෝ ආගමෙන් ඉඩක් නැති අතර, ජපානයේ "ඉතිහාසය පුරා සියදිවි නසා  ගැනීමට ආගමෙන් තහනම් කර නැති බව චාඕ පවසයි.

මෙම වනාන්තරයට ඇතුළු වන ස්ථානයේ වෙළඳසැලක් පවත්වාගෙන යන අතර මනුෂ්‍ය හිතකාමී පුද්ගලයකු පවසන්නේ වනාන්තරය නැරඹීමට පැමිණ , ඔහුගේ වෙළඳසලට පිවිසෙන පිරිස අතරින් සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔහු හදුනා ගත් බවයි.පසුව කතා කොරට , තේකොප්පයකින් සංග්‍රහ කර ,ගිලන් රථ සේවයට බර දී , මොවුන්ගෙ දිවි ගලවා ගත් බව  ඔහු පවසයි. මොවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ දුක කියා ගැනීමට  නොහැකි පුද්ගලයින්ය. 
 
ජපන් වැසියන්ට අනුව මෙම වනාන්තරයට පිවිසීමත් සමගම ඔවුන් හා බාහිර ලෝකය සමග ඇති සියලුම සම්බන්දතා බිඳ වැටෙන අතර ෆුජි කන්දේ යමහල් විවරණය මගින් ඇතිවන්නා වූ භූ විෂමතා වෙනස හේතුවෙන් ඇතිවන ලාවා සහිත පසේ ඇතිවන චුම්භක බලයක් මේ ක්‍රියාවන්ට හේතුවන බවයි පැවසෙන්නේ.

මිනිසුන් මෙය Suicide Forest නමින් හඳුන්වන්නේ ද මෙලෙස වාර්ෂිකව සිදුවන දිවිනසා ගැනීම් වල වර්ධනය නිසාවෙනි.මෙම වනාන්තරයට ඇතුල් වෙන දොරටුවේ  " ජිවිතයේ කියන්නේ ඔබගේ දෙමවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි.ඔබේ දෙමව්පියන්ව සිහියට නගා ගන්න .ඔබේ  සාමාජිකයින්ව මතකයට නංවා ගන්න.ඔබ තනිවෙලා දුක් විඳින්න අවශ්‍ය නැ.අවට දුරකථන කුටි අවශ්‍යතරම් තිබෙනවා.අපට කතා කරන්න.ඔබේ උදව්වට අපි එන්නම්. ලෙසින් පණිවිඩයක් දැන්වීමක් ලෙසින් සකසා තැන්පත් කර ඇත.

පුද්ගලයෙකුට ජීවිතය නසා ගැනීමට ආගමෙන් වත් , නීතියෙන් වත් ඉඩක් නැති මුත් 
මේ සිදුවන සියලුම සිදුවීම්  දිහා ඔකිගහරා වනාන්තරය තම ගුප්ත නෙත් යොමු කරමින් බලා සිටින්නේ ය.

Saturday, June 8, 2019

මාරි කොරෙලි

Image result for marie corelli biographyමාරි කොරේලි 1855 ලන්ඩන් නගරයේදී උපත ලද අතර ඇයගේ සත්‍ය නම වුයේ මාරි මැකෙය .චාර්ල්ස් මැකේ ඇයගේ නිත්‍යානුකුල නොවන පියා බව සඳහන් වේ.ඇය තමාගේ උපත පිලිබඳ සඳහන් කිරීමට පසුබට විය.

ඇය ඉංග්‍රීසි සාහිත්‍යයේ නොමැකෙන නාමයක් තැබූ කතුවරියක වූ අතර රෝමාන්තික අතිනට්‍යමය කෘතීන් 20කට අධික සංඛ්‍යාවක් රචනා කරන ලදී. මාරි කොරෙලි යනු ඇය  ලේඛන කලාවේදී ආරුඪ  කර ගත් නාමය විය.ඇයගේ පලවෙනි කෘතිය වුයේ 1886දී රචනා කරනු ලැබූ A Romance Two Worlds  කෘතියයි.කෙනෙකුගේ මානසික ගණුදෙනුව හා සබැඳි අත්දැකීම් ඇයගේ කතාවල ප්‍රධාන තේමාව විය.

ඇයගේ පළමු ප්‍රසිද්ධියට පත් කෘතිය වුයේ Barabbas-A Dream of the worlds Tragedy කෘතිය වන අතර එය 1893දී රචනයට පාත්‍ර විය. එය කුරුසියට ඇණ  ගැසීම හුදී ජනයාගේ හැඟීම් දනවන සංවේදනාත්මක සංසිද්ධිය තේමා කොට ගත්තකි.1895 දී රචනා කරන ලද A Sorrows of Satan කෘතියද ආගමික සංසිද්ධීන් මත ගොනුවූ සාතන්ගේ බලය ක්‍රියාත්මක වන උද්වේගකර නාට්‍යයක් වැනිය.අඩු සහ පහත රුචිකත්වයක් ඇති අයට ඇයගේ මෙම සාර්ථක නිර්මාණ දිරවා ගත නොහැකි විය.පසුකාලින ජීවිතයේදී ඇය විවේචනාත්මක චරිතයක් විය.

1890දී ලන්ඩන් නගරයේ,ඇමරිකාවේ මෙන්ම විවිධ ජනපද වල  සාහිත්‍ය රසිකයින් අතර ඇයගේ නවකතා බෙහෙවින් ප්‍රචලිත වූ අතර මිලියනයක් පමණ රසික රසිකාවියන් ඇය වටා එක් විය.ඇයගේ කතා වික්ටෝරියා රැජිනගේ පටන් දුප්පත් තරුණියන් දක්වා පිරිසක් අතරේ සුපතල වූ අපුරුම කතාවූ අතර .මෙම නවකතා අතිවිශාල ප්‍රපංචයක හොඳම අලෙවි වාර්තා තැබූ කෘතීන් විය.විචාරකයින් විසින් ඇයගේ නවකතා තුල ඇති කරුණු අත්හැර දමා හෝ පහත්කොට සලකා ඇති අතර ,ඇයගේ සාර්ථකත්වය උපරිම තලයට පත්වූ අතර ලන්ඩනයේ වඩාත්ම අලෙවි වාර්තා තබන ලද කතුවරිය ඇය වුවාය.

1924 වර්ෂයේදී ඇයගේ අභාවයෙන් පසු පුවත්පත් වල සිරස්තලය හඬනගා ප්‍රකශ කලේ "මාරි කොරලි කවුද? "Who is Mari Corelli ) යන්නයි.ඇයගේ අතීතය මීදුමින් වැසුණු අඳුරු සිද්ධියක් වන අතර එය සත්‍ය සෙවීමට අපහසු කාර්යයක් විය.එමෙන්ම ඇයගේ උපත පිළිබඳවද විවිධ මතිමතාන්දර පවතී.මන්ද ඇය හදා වඩා ගත් දරුවකු බවටද මතකයක් පැවති හෙයිනි.

ඇය ඉතාමත් වේගවත්ව ජනප්‍රිය වූ අතර ඇයගේ සමකාලින ලේඛකයන් වුයේ ආතර් කොනන් ඩොයිල් , එච් ජි වේල්ස් , රුගියාඩ් කිප්ලින්ග් වැනි රචකයින්ගේ කෘති වලින් අලෙවි වූ මුළු පිටපත් සංඛ්‍යාවට වඩා වැඩි පිටපත් සංඛ්‍යාවක් මාරි කොරෙලිගේ නව කතා අළෙවි විය.

ඇය තමාගේ නිර්මාණ පිලිබඳ කියා ඇත්තේ
" සැබවින්ම මා සිතන දෙය මා කිවයුතු නොවේ.මට කිව හැක්කේ මට දැනෙන, මට හැඟෙන දේ පමණකි."මාරි කොරෙලි ඇයට දැනෙන වචන 203392 කට කැටි කොට පිටු 599 කින් යුතු
තෙල්මා නව කතාව 1887දී ප්‍රකාශයට පත් කළාය.

ස්ත්‍රිය පිළිබඳව මාරි දරන ආකල්පය සෑහෙන තරම් දුරට තෙල්මා නව කතාවෙන් අනාවරණය කරන අතර, අධ්‍යාපනයෙන් දැනුවත් බැවින් සහ බුද්ධියෙන් යුතුව කාන්තාව සමාජය වෙත පා නැගිය යුතු බව අනාවරණය කරනු ලබයි.ඇයට අනුව

"තමාගේ විමුක්තිය ලබා ගැනීමට පුර්ෂයා සමග කලකෝලාහල කිරීමත් ,යුද්ධයට එළඹීමත් නුසුදුසු බව පවසන ඇය කාන්තාව ලන්දක බැඳුනු මකුළු දැළක් වෙමින් ඒ මත පුරුෂයා රඳවා ගත යුතු බවත් පාලනයට නතු කර ගතයුතු බවත් පවසයි.නමුත් එම මකුළු දැළ මැස්සන් රඳවා ගැනීමට භාවිතා නොකළ යුතුය. "

මෙම ගත්කතුවරිය කිසිදිනෙක විවහා ජිවිතයට ඇතුලත් නොවූ අතර , විවාහය පිළිබඳව පැවසු අදහස තුළ සදාකාලික සත්‍යයක් ගැබ්වී ඇත. "මා විවහා නොවුයේ මට විවාහයක් අවශ්‍ය නොවූ නිසාය ".සැමියකු හිඳීමේ අරමුණ ඉටු කරන්නාවූ සුරතල් සතුන් තිදෙනෙක් මා ළඟ සිටිති.

ඔවුන් නම් " සෑම උදැසනක ම ගොරවන බල්ලෙක්
                   සවස් කාලයේ තොරතෝංචියක් නැතිව දොස් තබමින් දොඩවන ගිරවෙක් සහ දිනපතා රෑ බෝවී ගෙදර එන පූසෙක්.
ඇය විවහා නොවීමේ හේතුව විස්තරාත්මකව පවසනවාට වඩා සම්ප්‍රධායික විවාහය පිළිබඳව ඇය දැරූ මතය කෙතරම් අගනේද?කෙතරම් අර්ථාන්විතද ?+

විචාරකයින් විසින් ඇය වික්ටෝරියානු යුගයේ අසාමාන්‍ය ලේඛිකාවක් ලෙස හඳුන්වා දෙන ලදී.1924 අප්‍රේල් 21 වැනි දින මෙම අද්විතීය ලේඛිකාව මෙලොවින් සමුගත්තාය.ඇයගේ මරණය ඇසු දහස් සංඛ්‍යාත ජනතාව නිවෙස අසලට රැස්වුහ.  ස්ටේපන්ෆොර්ඩ් හි පිහිටි ඇයගේ නිවාසහි ජිවත් වූ බර්තා ඇයගේ හිතෙෂිවන්තිය වුවාය. ඇය විසින් රචනා කල කෘතීන්, ලිපි ලේඛන සහ නිර්මාණ ,අත්පිටපත් සහ නිර්මාණ සියල්ල ශේක්ෂ්පියර් කෞතුකාගාරයට බාර දුන් අතර අද විට මෙහි පාලනය ඇත්තේ ඔවුන් සතුවය.

Related image








Friday, June 7, 2019

අරණකට පෙම් බැඳ



Image result for අරණකට පෙම් බැදමෙය විභුතිභුෂණ බන්ධෝපාධ්‍ය විසින් රචනා කරන ලද අග්‍රගණය කෘතියක් වේ. මෙහි මුල් කෘතිය අරණ්‍යයක් නම් වන අතර මෙය වංග බසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ චින්තා ලක්‍ෂමී සිංහාරච්චි මහත්මිය විසිනි.මෙම කතාව රචනා කිරීමට කතෘ අදහස් කොටගෙන තිබුනේ 1937ට වසර 10කට කලිනි.

මෙය ඉන්දියාවේ 1937 - 1939 කලවකවනුවට අයත් සීමාව පිලිබඳ ලියවුණු ග්‍රන්ථයක් වන අතර කතාවට පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පුර් නම් සිමාවේ පිහිටි සුන්දර වතුකරයක් වටා ගෙතුණු සංසිද්ධියකි.මෙම ප්‍රදේශය බුදුන් වහන්සේ විසු බුද්ධගයාවට ආසන්නව පිහිටා ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර කීපයකට පෙර එනම් 1924 ජනවාරි මසදී  භාගල් පුර්හි වනයේ පිහිටා තිබු වතු යායේ විභුතිභුෂණ වතු කළමනාකරුවකු ලෙස වසර 6ක් සේවය කර තිබුණි.ඔහු එම වනයේ සුන්දරත්වයට වශීකෘත වී සිටි අතර මෙම වතු යය පිහිටි ප්‍රදේශය නම් කර තිබුනේ අජමාබඩ් නොහොත් ලොබ්ටුලියා හි බයිහර් ප්‍රදේශය නමිනි.

මෙම කතාව සොබා සෞන්දර්ය හා ජිවත් වෙමින් තම ජීවිතය සන්සුන්ව ගෙන යන යාමට තැත් කරන අහිංසක මිනිසුන්ගේ කතාවී.සොබා දහමට ඇති සෙනෙහස ආදරය මෙම කතාව තුලින් පාඨක මනසට උපයුක්ත කරන්නාවූ පසුබිම වීම මෙම කතාවේ ඇති සුවිශේෂිත්වයයි.මෙම කතා නායකයා සොබා දහමට ඇළුම් කරන්නක් මෙන්ම එම පෙදෙසෙහි වාසය කළ අහිංසක මිනිසුන්ගේ ජිවන අරගලයද මනාව දුටු අයකු වේ.ඔවුන් සේම මොහුද එම ජිවන අරගලයෙහි කොටස්කරුවකු බව මෙම කතාවේ මුල් භාගයේදී හෙළිවන කරුණකි.සොබා සෞන්දර්යයෙන් ගත් උපමා රූපක භාවිතය මෙම කතාවට පාඨකයා ගේ සිත ඇඳ බැඳ තබා ගැනීමට මුලිකම හේතුව වේ.අරණකට පෙම් බැඳ කතාව රස විඳින්නාව නිසංසල නිශ්ශබ්ධ වූ වන අරණක් පෙත සිතින් රැගෙන යන අතර අවධානයෙන් මෙම කතාව රසවිඳින තැනැත්තාට මනෝ ලෝකයේ සිට මෙම වනාන්තරය පුරා සක්මන් කල හැක.

"සඳේ පුර පක්ෂය බැවින් වැලි තලාව සඳ රැයින් බබලන මෙහි අනන්තය දිගන්තය තෙක් විහිදී ගිය වනාන්තරයක් මැද පවතින පාලු නිසසල පරිසරය දුවිලි මල් පිපි මුළු මිටියවතම සුවඳවත් කරන අතර එය මිටියාවත පුරා මල් පලසක් එළුවා වැන්න.මෙබඳු සුරංගනා ලෝකයක් නිර්මාණය වන්නේ දිගන්තය තෙක් විහිදී ගිය  වනාන්තරයක් මැද පවතින පාළු නිසංසල පරිසරයක් පමණි.ජිවිතයේ එක් වරක් හෝ එවැනි සඳ පහන් රැයක් දැකිය යුතුමය.එවැන්නක් නොදුටු අය දෙවියන්ගේ නිර්මාණ අතර වූ අපුරු දෙයක් දැන හඳුනා ගැනීමට අසමත්වුවෝ වෙති.

මෙම සුන්දර වනය සත්‍යචරන් ව වශීකෘත කරන අතර දිනෙන් දින ඔහු වනයට ඇබ්බැහි වේ.ඔහු සහ ඔහුගේ සහයක යුගල ප්‍රසාද් සොබාදහමට ප්‍රේම කරන අනගි යුවලක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් මෙම වනාන්තරයේ දුර්ලභ වූ බොහෝ පැලෑටි,මල් පැල, ඖෂධ පැලෑටි ආදිය  සොයාගෙන විත් වැවුහ.කතාව ආරම්භයේදී මෙම හුදකලාවට සත්යචරන් වෛර කලමුත් පසුව දිනෙන් දින පහු වනයට පෙම් කරන්න පටන් ගත්තේය.අනුක්‍රමයෙන් ඔහුට වනයෙන් දවසක් හෝ පිටවී සිටීමට බැරි තරමටම ඔහු මනසින් සහ කායිකව මෙම සොඳුරු වන ගුලට ඇබ්බැහි වීමට පටන් ගත්තේය. නමුදු අවාසනාවකට ඔහුට ඔහුගේ පාලකයින්ගේ අණට අකමැත්තෙන් වුවද එකඟ වී මෙම සුන්දරත්වය විනාශ කිරීමට සිදුවීම මෙම කතාවේ අභාග්‍යසම්පන්න සිදුවීම වේ.මන්ද ඔහු මෙම වතු යායේ කළමනාකරු වීමයි.තියුණු පොරෝ තල වැදී මෙම වනයේ පිහිටා තිබුණු යෝධ වෘක්ෂයන් පොලවට කඩා වැටුණි.දුලබ ඝනයේ පැලෑටි පොලවට පතිතවී විනාශවී ගියහ.

මෙම කතාව ඔස්සේ එම මිනිසුන් තම ජිවන ගමන පවත්වාගෙන යාමට දරන තැත මනාව චිත්ත රූප දනවමින් පෙන්වන ආකාරය ඇසට කඳුළු නංවයි.දරිද්‍රතාවය,එම ගම්මාන වල ජිවත් වූ මිනිසුන්ගේ සරළ බව අහිංසක බව රාජ්පුත් වරුන්ගේ දරදඬු ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ බලපුර්ණත්වය ,එම මිනිසුන්ගේ ක්‍රියාකාරී ජීවිතය පිලිබඳ මනා වැටහීමක් මෙම කතාව ඔස්සේ රසිකයාගේ මනසට උපයුක්ත කරනු ලබයි.

ආදරය

බෝ පෙම් පිරුවත්
ඔබ එතැයි සිතමින්
පියමං වී ගොස් ඔබ
නොකියාම දුරකට
සිත් අහසේ පුංචි තරුමල්
ගොන්නක් පුබුදුවා
යනෙන මාවතේ
කටුකොහොල් පිරිලා
සොයන්නෙමි පිළිතුරක්
ඔබත් නැති ජිවිතේ

හදේ පතුලටම කැන
උදුරමින් ආදරේ අක්මුල්
වසන්තය පැමිණේද
පසෙකලා සිසිර ඉම

දිවියේ දිගු ගමන ඇරඹුම
සේම අවසානයේ
නුඹ එළඹී මං ලකුණු
හද ගැඹුරේ නිධන් වී
පාරවයි සිත

නිලක්ෂි බණ්ඩාර
07/06/2019

Wednesday, June 5, 2019

වික්ටර් හාරා


වික්ටර් ලිඩියෝ මාර්ටින්ස් හාරා 1932 සැප්තැම්බර් 28 වැනි දින චිලි නුවර සන්තියාගෝ වට ආසන්න දුක් කම්කටොලු වලින් හෙබි පවුලක උපත ලැබිය.දරිද්‍රතාවයේ අධික බව නිසාවෙන්ම වයස අවුරුදු 6ක් පමණ වන විට මොහු අසල පිහිටි ගොවිපලක සේවයට බැඳුනේය. වික්ටර්ගේ පියා නූගත් කම්කරුවකු වූ අතර මත්පැනට තදින්ම ඇබ්බැහි වුණු පුද්ගලයෙකු විය.එම හේතුව නිසාවෙන්ම නිවසේදී දරුණුව හැසිරුණු ඔහු වික්ටර්ගේ මව වූ අමන්දා ගෙන් වෙන් වුනි. අමන්දා තරමක් දුරට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය තැනැත්තියක වූ අතර සංගීතයට බෙහෙවින් ප්‍රිය කළාය.ඇය සන්ගිතයටමෙන්ම වයලින් වාදනය ටද ,පියානෝ වාදනය ටද  දස්කම් පෑ අතර ගම්මාන වල පැවති ගැමි විවහා උත්සව වලට ගොස් තම දස්කම් පෙන්වූවාය.

වික්ටර්ට  අවුරුදු 15ක් පමණ වන විට මව මෙලොව හැරදා ගිය අතර ,ඔහු ගණකාධිකාරිවරයකු වීමට ඉගෙන ගැනීමට උත්සහ කලත් ආර්ථික අපහසුතා හේතුවෙන් එයද මගහැරී ගියේය.ඉන්පසු කතෝලික පුජකයකු වීමට උත්සහ දරුවත් සෙමනේරියේ කටයුතු පිලිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් එයින්ද පිටත් වුණි.ටික කලක් හමුදාවට බැඳී සිට ඉන් අනතුරුව තම ගමට පැමිණියේ මවගේ අභාෂයෙන් ඔහුට උරුම වූ සංගීත හැකියාව උරගා බැලීමටය.
Related image
ඉන්පසු චිලි විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායමට ඇතුලත් වූ ඔහු අධි ශිෂ්‍යත්වයක් ලබා ගායනය හා රංග කළාව හැදෑරීමට පටන් ගනී.වික්ටර් තරුණයන් අතර ප්‍රසිද්ධ වුයේ ලා බියාටා ගීතය සමගිනි. ඔහු තමන්ගේ නිර්මාණ උදෙසා පැබ්ලෝ නෙරුඩා යුපැන්කි යන නිර්මාණකරුවන්ගේ අභාෂය ලබා ගත අතර 1957 දී පැබ්ලෝ නෙරුඩා හා සම්බන්ධ වේ.1950 අග භාගයේදී ඔහු කුන්කුමෙන් යන සංගීත කණ්ඩායම හා එක්වී තම සංගීත කටයුතු ඉදිරියටම කරගෙන ගියේය.දිනෙන් දින තම හැකියාවන් දියුණු කර ගත් ඔහු නුඑවා කැන්සියොන් යන ලතින් ඇමරිකානු සංගීත ව්‍යාපාරයට එක්වුණි.එතැන් පටන් ගතවූ වසර 15 තුලදී චිලි දේශයේ ස්පාඥ බසින් ගීත ගයනා කරන සුප්‍රසිද්ධම ගායකයා වුයේ වික්ටර් හාරාය.

මොහුගේ ගීත ලොව විශාලතම සංධිස්ථානය  වුයේ පොටෝ මොන්ට් ගැන ප්‍රශ්න වැලක් ගීතයයි.එයට හේතුපාදක වුනු සිද්ධිය වුයේ 1969දී එම රටේ සිටි ස්වදේශීය අමාත්‍යවරයා විසින් මරාදමන ලද ගොවින් පිරිසකගේ ජිවන වෘතන්තයයි.ලතින් ඇමරිකානු ජන සංගීතය හා මුසු වුනු ඔහුගේ ගීත තරුණ වාමාංශික අදහස් වලින් පිරි ගිය අතර 1970 දී එකල චිලි දේශයේ ජනාධිපති වූ සැල්වදෝර් අයියන්දෙගේ මැතිවරණ කටයුතුවලටද සහය දුන්නේය.ජෝන් නමැති තරුණියක හා හාද වන ඔහු ඉන්පසු ඇය හා එක්වී රට අභ්‍යන්තරයේ වාමාංශික සංස්කෘතික පුනරුදයක් ඇතිකරලිමෙහි බලපොරෝර්ත්තුවෙන් ගායන ව්‍යාපාරයක් අරඹයි.1972 දී පැබ්ලෝ නෙරුදාට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ඔහු උදෙසා පැවැත්වූ උත්සවයේ ගායන වෘන්දය මෙහෙයවීමේ ගෞරවයද හිමිවන්නේ වික්ටර් හරාටය .

වික්ටර් විසින් සැල්වදෝර් අයියන්දෙගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා උද්යෝගයෙන් කටයුතු කරන අතර " අප දිනනු ඇත යන ගීතය මේ සෑම උත්සවයකදීම ගයනා කරමින් යයි.මේ අතරම 1973 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකානු බලවේගයකින් පැමිණි හමුදා කුමන්ත්‍රණයකින් අයියන්දෙගේ සමාජවාදී ආණ්ඩුක්‍රමය පෙරලා දමා ඔහුව ඝාතනය කරන ලදී.ඒ වන විට චිලි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උගැන්වූ වික්ටර් පසුදින එළිවන තෙක්ම විශ්වවිද්‍යාලයේ හිරවී සිටි ගුරුවරුන් සහ ශිෂ්‍යයින් ධෛර්යමත් කිසිම උදෙසා ගීත ගයනා කළේය.

මානව දයාව වෙනුවෙන් තම දිවියම ගත කල ඔහු පසුදින තවත් සිරකරුවන් දහසක් සමගින් ක්‍රීඩාංගනය ට ගෙන යන අතර වික්ටර්ට ගීත ගයනා කරන ලෙස බලකරමින් ඔහුගේ අත්වලට සහ ඇඟිලි වලට පහර දෙයි.තම වේදනාව සමගින් එම අභියෝගය භාර ගනිමින් "වෙන්සේරමොස් (අපි දිනන්නෙමු ගීතය ගායනා කල අතර අමානුෂික ලෙස වික්ටර්ව මරා දමනු ලබයි. මෙම සිදුවීම දුටු අය පවසා ඇත්තේ වික්ටර්ගේ  වෙඩි සලකුණු 40කට අධික සංඛ්‍යාවක් දකින්නට තිබුණු බවයි.වික්ටර් ඇතුළු 10000ක පිරිසක් මරා දමන ලද මෙම ක්‍රීඩාංගණය  අද නම් කර ඇත්තේ වික්ටර් හාරාගේ නමිනි.

ඉතිහාසය ගැන හැදෑරීමේදී අතීතයේ ජිවත් වූ මිනිසුන් පිලිබඳ බොහෝ පාඩම් ඊ ඔස්සේ අපට අධ්‍යයනය කල හැක.හර්ද සාක්ෂියට අනුව ක්‍රියාකොට දිවි පිදු මිනිසුන් අසාධාරණය නම් බැම්ම බිඳ දමන්නට උත්සහ කලෝය. ඔබද අපද හර්ද සාක්ෂියට අනුගතව ලොව දෙස බලා ක්‍රියා කළහොත් මෙම මිය ගිය ආත්මයන් බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා හිඳ ලොවට ආශීර්වාද කරනු නිසැකය.

Tuesday, June 4, 2019

ජිවිත ගැඹුරේ ගීතය

සැමියකු පවුල් සංස්ථාව හැර ගිය පසු දරුවන් සමග තනිවූ බිරිඳකගේ සිතුවිලි මෙම ගීතයෙන් හෙළි කරනු ලබයි.සැමියා හැර දමා ගිය ඔරුව දරු පවුල වන අතර මාපියන් සතු අගනා සම්පත වන දරුවන් ඔරුව තුළ දියඹේ හුදකලා වී ඇත. තනිවූ මව ඔවුන් ආරක්ෂා කළ යුතුය.

සුළි කුණාටු සහිත ලොව තුළ ජිවන අරගලයක ඇය යෙදෙයි.ගඟ මැද තනිවූ ඔරුව ඇය විසින් තනිවම ඉවුර කරා පැදයා යුතුය. දරුවන්ට ඇති උණුහුම මාපියන්ගේ ආදරය සහ කරුණාව වේ.පියා හැර ගිය දරුපවුලේ කරදර කම්කටොළු මව දරා සිටින අතර මේ කිසිත් නොදන්නා දරුවෝ සිනහා වෙති.එම සිනහා හඬ ඔබට ඇසෙන්නේදැයි ඇය තමා හැර ගිය සැමියාගෙන් අසනු ලබයි.

ගොම්මනේ ඇසෙන රැහයි ගීතය බිරිඳගේ සහ දරුවන්ගේ පාළුව තනිකම සංකේතවත් කරයි.දරුවන් වැඩි වියට පත්ව තටු සලා කැදැල්ලෙන් ඉගිල යාමට ශක්තිය ලැබූ දින , මවද සැනසුමක් ලබන බව ගීතය අවසානයේදී පවසා ඇත.මෙහි කැළඹෙන දියඹ බොහෝ දේ සංකේතවත් කරන අතර පියාගෙන් ලැබුණු ආරක්ෂාව , ආර්ථික ශක්තිය ,පවුලට කෙරු උදව් උපකාර සියලම මව තනියම ස්වශක්තියෙන් කර ගත යුතු බව ව්‍යංගාර්ථයෙන් පවසනු ලබයි.

වචන හැටපහකට අඩු සීමිත වචන සංඛ්‍යාවක් උපයුක්ත කරගනිමින් රචනා කර ඇති මෙම ගීතයෙන් ජිවන ගමන පිලිබඳ යථාර්තවාදී පණිවිඩයක් ද්වනිත කරවයි. ආශාවන්ගෙන් මංමුලා වී පවුල් සංස්ථාව හැරදා යන පිරිමින් නිසා ජිවන ගමනේ හුදකලාවන බිරින්දෑවරුන් සහ දරුවන් සමාජයේ දැකිය හැකි උද්වේගකර ඝට්ටනකාරි ගැටළුවකි.

එමෙන්ම නොමගට යොමු වන ගැහැණුන් සහ දරුවන් රටක සමාජමය සහ ආර්ථික ගැටළුවක්.  මෙම ගීතය තරිඳු අමිල සොයුරා විසින් රචනයට ලක් කර ඇති අතර සංගීතය සපයා ඇත්තේ බිබිලාදෙණියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. ගීතයේ වචන වලට ගැලපෙන අයුරින් සුසංයෝග වුනු පසුබිම් ගායනය ඇසෙන්නේ ගඟක හෝ දිය පාරක දිය කැළඹෙන හඬකි.

මෙම ගීතය වික්ටර් රත්නායකයන් විසින් ගයනා කරන ලද

"තොටුපල අයිනේ - කවුද ඇත වන්නේ ගීතයේ පසුබිමින් ඇසෙන ජලතරංග වාදනය සහිත සංගීත රාවය අපගේ සිහියට නංවයි.

මෙම ගීතය ගායනා කරන්නේ ධනුෂා සමන්මලී සොයුරිය වන අතර ගායිකාවගේ කටහඬ තව දුරටත් තීව්‍ර  වී පැහැදිලි වුවා නම් මෙම ගීතය තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණි. තරිඳු අමිල ගී පද රචකයා මෙම ගීතය මගින් තත්කාලීන සමාජයේ ඝට්ටනය වන ගැටළුවක් ඉතාමත් අපුරුවට මනරම් ගීතයකට නංවා ඇති ආකාරය ප්‍රසනශනිය වේ.

තොටියකු හැර ගිය ඔරු කඳ රැක ගමි
ගඟ මැද තනිවී  ඉවුරට පැද යමි
ජිවිත ගමනේ කැරකෙන සුළි මැද
මේ පොඩි පැටවුන් සිනහා නගන හඬ
හිමි සඳුනේ ඔබට ඇහෙනවද
සීතල දුරු කොට පැටවුන් සුරකිමි
ඔරුවේ තිබෙනා වස්තුව එයමයි
දෙනෙත් පියාගෙන ඉන්න වරම් නෑ
රකුසන්ගේ සෙවණැලි මතු වේ
රැහැයියනේ ඔය දුක් ගී ගයලා
ගොම්මන් අඳුරේ මා තනි කර දා
පැටව් පියාපත් සලනා දවසට
සැනසුම් සුසුමක හිත සතපනවා

පද - තරිඳු අමිල සොයුරා
සංගීතය - බිබිලාදෙණියේ මහානාම හිමියන්
ගායනය -දනුශා සමන්මලී සොයුරිය

https://www.facebook.com/1063108997046959/videos/515819782213577/?t=0

Sunday, June 2, 2019

පිලිපා ග්‍රෙගරි

Image result for philippa gregoryපිලිපා ග්‍රෙගරි ඓතිහාසික සාහිත්‍ය ලොව දිදුලන ලේඛිකාවක් විය. ඇය 1954 ජනවාරි 9 වෙනි දින බ්‍රිතාන්‍ය කෙන්යාවේදී උපත ලැබිය.මැය එලිනි සහ ආතර් පර්සි ජෝර්ජ්ගේ දෙවෙනි දියණිය වූ අතර ඇයගේ පියා ගුවන් විදුලි ක්‍රියාකරවන්නකු  විය.ඇයට වසර දෙකක් වන විට ඔවුන්ගේ පවුල එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරට සංක්‍රමණය වන ලදී.කොල්ස්ටන් කාන්තා විද්‍යාලයේ ඉගෙනුම ලබන ලද ඇය තරමක කැරලිකාරී චරිතයක් විය.පසුව ඇය කාර්ඩිස් හි පිහිටි පුවත්පත් කළා විද්‍යාලයට ඇතුලත් වුන අතර ,පොර්ට්ස් මවුත් හි පුවත්පත් වාර්තාකාරිනියක ලෙස ක්‍රියා කළාය.
ඉන්පසු සසේස්ක්ස් විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පිලිබඳ උපාධියක් ලද ඇය ඉතිහාසය පිලිබඳ හැදෑරීමට පටන්ගත්තාය.එඩින්බර්ග් විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට පෙර BBC ගුවන් විදුලියේ වසර දෙකක කාලයක් ඇය  සේවය කළාය.පසුව ඇය `18 වන සියවසේ සාහිත්‍ය පිලිබඳ උපාධිය සම්පුර්ණ කර ගත්තාය.පිලිපා දර්හම් විශ්ව විද්‍යාලයේද ටෙසිඩේ විශ්ව විද්‍යාලයේද උගන්වන ලද අතර ඒ හා සමකාලීනව කින්ග්ස්බරි සහ විවුර්ත විශ්ව විද්‍යාලයේද කථිකාචාර්යවරියක ලෙස ක්‍රියා කාලය.

ඇයගේ ලේඛන ජීවිතය 1987 දී ඇරඹුණු අතර , මේ වන විට ඓතිහාසික ග්‍රන්ථ 80 කට අධික සංඛ්‍යාවක් ඇය අතින් රචනයට භාජනය වී තිබීම විශේෂත්වයයි.මේ හේතුව නිසාම අය ඓතිහාසික ප්‍රබන්ධ නවකතා ලොව අග්‍ර රැජිණිය ලෙසද හැඳින්වේ.ඇය විසින් විවිධ ඓතිහාසික කාල පරාසයන් තුල සිදුවූ කතාවන් කෘතීන් ලෙස ග්‍රන්ථකරණය ට ලක් කරන ලද අතර වැඩි වශයෙන්ම ලියවුනේ 16 වැනි සියවසේ ටියුඩර් පාලන සාමය ආශ්‍රිත කෘතීන්ය.ඒ සාමය පිලිබඳ ලියැවුණු කතා අතුරින් තුන් ඈදුතු කෘතියක් වූ වයිල්ඩ් කෙයා කෘතිය හොඳම විකිණීම් අතරට එක වූ කතාව විය.එය ඉඩම් හිමියකු හා ඔහුගේ ඥාති කාන්තාවක්  අතර ඇතිවූ අනියම් ප්‍රේමයක් අරභයා ගලා ගිය කතාවක් විය.

පිලිපා විසින් රචිත සෑම කතාවක්ම රාජකීයයන් අරභයා ලියවුනු අතර එම පොත් වලට නම් යෙදුවේද ද ක්වින්,කන්ස්ටන්ට් ප්‍රින්සස් ,ද අදර් ක්වින්, ද රෙඩ් ක්වින්,ද වර්ජින්ස් ලවර් ද ත්‍රි ක්වීන්ස් යනාදී වශයෙනි.ඇය විසින් කොටස් වශයෙන් කළ කතාද තිබු අතර ඒවා ද පලන්ටගනෙට් ,ද වීමෙන් ඔෆ් ද කසින් , වෝ ටියුඩර් එම කතා අතර විය.The Favoured Child and Meridon.කෘතිය නුවණැති කාන්තාවක් පිලිබඳ ලියවුනු කතාවක් විය.

පිලිපා විසින් රචනයට ලක් කරන ලද නවතම කතාව වනුයේ ද වයිට් ක්වින් කෘතියයි.මෙය  ‘The Women of the Cousin’s War නව කතා මාලාවේ නවතම කතාව වේ.ඓතිහාසික නව කතාවක් වන මෙය එංගලන්තයේ රජ පවුලක් වූ ව්ලිසබෙත් වුඩ්විල් සහ 4 වැනි රජු වටා ගෙතුණු නව කතාවක් විය.ඔවුනට දාව ඉපදුනු පිරිමි දරුවන් දෙදෙනෙකු සිටි අතර රිචඩ් සහ එඩ්වර්ඩ් නම් මෙම කුමරුන් වටා ගෙතුණු අභිරහසක් විය.එම අභිරසහ හේතු කොටගෙනම මොවුන් දෙදෙනා ලන්ඩන් කුළුන තුලදී මිය යාම  ඉතාමත් ඛේදජනක සිදුවීමක් විය.

ඇයගේ කෘතීන් සඳහා ඇය භාවිත කරනුයේ එහි පිහිටි ඓතිහාසික පුස්තකාලයන්, කෞතුකාගාරයන්  වන අතර  මෙම ස්ථානයන් හිදී පිලිපා පර්යේෂණයන් සිදු කර ඒ අනුසාරයෙන් මෙම නව කතා රචනයට බඳුන් කරයි.

පිලිපා නුතන ප්‍රබන්ධ සාහිත්‍යට සහ සම්භාව්‍ය කෘතීන් වලට රුචිකත්වයක් දක්වනු ලබන අතර මේ වන විට ඇයටම අවේණික වූ ශෛලියක් අනුගමනය කරනු ලබයි.ඇයගේ ප්‍රියතම කතුවරියන් අතර,ජේන් ඔගස්ටින් ,ඇලිසන් වෙයාර් ,ජෝර්ජ් එලියට් ඇතුලත් වේ.ඇය විසින් රචිත කරන ලද The Other Boleyn Girl’කෘතියට නවකතා සංගමය මගින් 2000 වසරේදී හොඳම ප්‍රේමනීය නවකතාවට හිමි සම්මානය ලැබුණු අතර, රෝනා සම්මානයද දිනා ගන්නා ලදී.බොහෝ කෘතීන්ට සම්මාන ලැබුණු අතර ඉන් සමහරක් කතා ටෙලිනාට්‍ය බවටද නිෂ්පාදනය කර එළිදක්වන ලදී.2001 වසරේදී රචනා කරන ලද The Other Boleyn Girl කෘතිය BBC රුපවාහිනී සේවයේ විකාශනය කරන ලදී.ද වයිට් ප්‍රින්සස් කෘතිය 2013 දී යෝර්ක් හි විසු එලිසබෙත් පිලිබඳ රචනා කරන ලද කෘතියක් වේ..ඇය 7 වැනි හෙන්රිගේ බ්රින්ද වූ අතර ,8 වැනි හෙන්රිගේ මව විය.



















Saturday, June 1, 2019

අර්නට්සට් හෙමිංවේ

අර්නස්ට් හෙමිංවේ

නොබෙල් ත්‍යාගලාභී අර්නස්ට් හෙමිංවේ 20 වැනි සියවසේ ඇමරිකානු ජාතික ශ්‍රේෂ්ඨ ගණයේ කතුවරුන් අතර මුල්තැන ගනී.ඔහු 1899 ජුලි 21 වැනි දින ඇමරිකාවේ චිකාගෝ නුවර ඕක් පාර්ක්හිදී උපත ලද අතර පියා වූ ඉලිනොයිස් හෙමිංවේ වෛද්‍ය වෘතියේ ද මව වූ ග්‍රේස් හෙමිංවේ සෞන්දර්ය ගුරුවරියක්ද විය.මොහු කුඩා කලදී වසර කීපයකම කාන්තා අධිපත්‍යට නතු විය.

මොහුගේ කුඩා කල තිබු විශේෂ හැකියාවක් වන්නේ කතන්දර ගෙතීමයි.නාට්‍යනුසරයෙන් ගොතන කතන්දර මවුපියන් සහ සොයුරියන් ඉදිරියේ මොහු රඟදැක්වූ බවද කියවේ.පසුකාලීනව ඔර්ක්පාර්ක් විදුහලට ඇතුලත්වන ඔහු විදුහලේ සාහිත්‍ය සඟරාවේ ( Trapeze and Tabula ) සංස්කාරක වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබුවේය.එය ඔහුගේ සාහිත්‍ය දිවියේ මුල් අඩිතාලම වැටීමට හේතු පාදක වූ අතර පාසල් අධ්‍යාපනය අවසන් කර කැන්සාස් සිටි ස්ටාර් පුවත්පතේ කාර්යමණ්ඩලයට ඇතුලත් වේ.

1918දී පළමු ලෝක යුද්ධයට සහබාගි වී ඉතාලියේ සටන් පෙරමුණෙහි ගිලන් රථ රියදුරකු ලෙස සේවය කරයි.ඔහුගේ සේවාව උදෙසා ඔහු ඉතාලි නිර්භිතභාවයේ සම්මානයෙන් පිදුම් ලැබු අතර ඒ සඳහා රිදී පදක්කමක් ඔහුට ප්‍රධානය කරන ලදී.යුද්ධයේදී ප්‍රහාරයකට ලක්වීමට හෙතුවිමෙන් මොහු රෝහල් ගත වන අතර එහිදී හමුවන ඇගන්ස් වොන් කුරෝව්ස්කි නම් හෙදියත් සමගින් ඇති කර ගන්නා ලද ප්‍රේම සම්බන්ධතාවයෙන් අනතුරුව ඇයව විවහා කර ගනී.නමුදු පසුව ඇය වෙන පුද්ගලයකු හා විවහා වන අතර මෙම කඩා වැටීම මොහුගේ ලේඛන කලාව කෙරෙහි තව දුරතත් මොහුගේ සිත යෙදවීමට හේතුවක් විය.

මොහු විසින් රචිත මුල්ම කෘතිය වන්නේA Very Short Story කෙටි කතාවයි.මොහුගේ මුල් කෘතීන් බොහෝ සේ ජනප්‍රියත්වයට පත් නොවන අතර   1926දී රචනය කරන ලද මුල් කෘතිය වූ  The Sun also Rises පාඨකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වූ පොතක් වේ.එය ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටතම කතාවක් ලෙසයි විචාරකයින්ගේ මතය වන්නේ.1920 දී රචනා කරනු ලැබූ A Farewell to Arms පොත යුද්ධය හා සාමය පිලිබඳ අන්තර්ගතවූ කතාවක් වන අතර එය ඇමරිකාවේ මහත් ජන ප්‍රසාදයට පත් වූ කෘතියක්  වූ අතර එය ඉතාලි යුධ බිමේදී ඔහු ලැබූ අත්දැකීම්වලින් සමන්විත විය.ඉන්පසු ඔහු විසින් The Torrents of Spring කෘතිය රචනා කරන ලද අතර ,1927දී Men Without Women නමින් කෙටි කතා සංග්‍රහයක්ද එළිදක්වනු ලැබිය.


පසුකාලීනව වසර 41 වූ විට මොහුකියුබාවට සංක්‍රමණය වන අතර පුරා වසර 30ක් එහි වාසය කරනු ලැබුවේය.සුවිශේෂී නිර්මාණ රැසකට හිමිකම් කි කාලයක් වන අතර කියුබානු ධිවරයින් අතර ප්‍රසාදයට ලක්වූ පුද්ගලයකු බවද පැවසේ.,මොහු ගැඹුරු මුහුදේ මෙම ධිවරයින් සමග මසුන් මරිමටද යන අතර මෙම සිදුවීම් අනුසාරයෙන් වසර 1951 දී  (The Old Man and The Sea) කෘතිය රචනා කෙරේ.

එම කතාවේ අන්තර්ගත සුවිශේෂී වැකියක් නම් මිනිසා විනාශ කල හැකිය.පරාජය කල නොහැකිය යන්නයි.

1954දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය මොහුට පුදන ලද අතර (The Old Man and The Sea) කෘතිය වෙනුවෙන් පුලිස්ටර් සම්ම්නයද මොහුට ප්‍රධානය කරන ලදී.ඒ අතර 1952දී රචනයට පාත්‍ර වූ The Snows of Kilimanjaro කෙටි කතා සංග්‍රහයද මහත් සේ ජනප්‍රියත්වයට හා පැසසුමට ලක්වූ කෘතියක් වේ.

කියුබාවේදී මොහු විවිධ ආබාධයන්ට ලක් වන අතැර විශාදය තත්වයෙන් ද පෙලේ.මෙයට හේතුව වන්නේ ජීවිතයේදී මුහුණ දීමට සිදුවූ විවිධ සංසිද්ධීන් වල බලපෑමෙන් පාරම්පරිකව පැමිණි රෝග තත්වයන්ට මොහුට මුහුණ පෑමට සිදුවීමයි.මෙහි අභාග්‍යසම්පන්න තත්වය වන්නේ මෙම රෝගී බව හේතුකොට  ගෙන මොහුගේ ලිවීමේ හැකියාව පවා අහිමිවීමයි.මානසික පීඩනය හේතුකොටගෙන දිවිනසා ගැනීමට තැත් කල ඔහු Mayo Clinic නම් මනෝ වෛද්‍ය කඳවුරට ඇතුලත් කරනු ලබන අතර අවාසනාවකට 1961 ජුලි දෙවෙනි දින තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමෙන් මෙම ලෝ සුපතල සාහිත්‍යවේදියා මෙලොවින් සමුගන්නා ලදී.






Thursday, May 23, 2019

භද්‍රජි මහින්ද ජයතිලක මහතා


භද්‍රජි මහින්ද ජයතිලක මහතා 70 දශකයේ බිහිවුණු දක්ෂ කලාකරුවකු වේ. එතුමා ගීත ගායනයට මෙන්ම නවකතා සහ කෙටි කතා රචනයෙහි ලා මෙන්ම පරිවර්තනයේද දක්ෂයකු වේ.එමෙන්ම සංගීතඥයකු ලෙස සංගීත ලොවට විසල් සේවයක් ඉටු කල තැනැත්තකු වේ.එලෙසම ළමා නාට්‍ය නිෂ්පාදනයේද මොහු දැක්වුයේ විසල් දස්කමකි.ස්වාධින රුපවාහිනී නාලිකාව ලංකාවට හඳුන්වාදීමෙහි ලා පුරෝගාමියකු වූ මෙතුමා එහි නිෂ්පදකයවරයකු ලෙසද කටයුතු කළේය.එලෙසින්ම කැලිෆෝනියා වේ සැන් ජැකින්ටෝ ප්‍රදේශයේ සෙන්ට් ජැකින්ටෝ විශ්ව විද්‍යාල වලට අනුබද්ධ වී චිත්‍ර සහ නාට්‍ය රංගකලාව විෂයන්ද ඉගැන්වූයේය.

බොහෝ කාලයක සිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින භද්‍රජි මහතා ශ්‍රී රාවන් නා පුවත ඇසුරින් කොළඹ විශ්ව විද්‍යාලයේ රංග දැක්වූ "රාවණා නොකී පුරාවත නමින් බැලේ ඔපෙරාවක් ද පිටපත් රචනය සිදු කිරීම ලාංකීය සාහිත්‍යධරයින් ලැබූ අගනා වටිනාකමක් වේ.

slbc ගුවන් විදුලි රංගන පිටය සහ ළමා රංග පිටය වෙනුවෙන් ගුවන් විදුලි අත්පිටපත් රාශියක් නිර්මාණය කරන ලද අතර සිංහල සහ වේදිකා නාට්‍ය පිටපත්ද විසල් ප්‍රමාණයක් රචනා කළේය.මේ බොහෝ නාට්‍ය  ප්‍රධාන චරිතයට හිමිකම් පෑවේ නිතැතින්මය.එලෙසින්ම මෙතුමා විසින් සංගීත සංදර්ශනයන් සඳහා සහ නාට්‍ය සඳහා පසුතිරද  නිර්මාණ කළේය.එලෙසම භද්‍රජි මහතා විසින් මේ වන විට නිකුත් කළ නව කතා ප්‍රමාණයක් 111ක් වන අතර සිංහල භාෂාවෙන් සහ ඉංග්‍රීසි බසින් පරිවර්තනද සිදු කළේය.එලෙසින්ම ලංකාවේ ප්‍රධාන පුවත්පත් රැසක  නවකතා අතුරින් කතා 11ක් කොටස් වශයෙන්  පල කරන ලදී.

 ගරු ඩී එම් විජේවර්ධන සම්මානයටද පාත්‍ර වූ අතර මොහුගේ රසවත් ලේඛන ශෛලියට සහ කළා නිර්මාණ වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර ඇමරිකාවේ ලෝක කාව්‍ය සංගමය මගින් රන් කවි සම්මනයද දිනා ගන්නා ලදී.ලාංකීය බෞද්ධ කොන්ග්‍රසය මගින් හොඳම බෞද්ධ තේමාව සහිත කෘතියට හිමි සම්මානයද මෙතුමාට පිලිගැන්වුයේ දිනෙක කුසිනාරාව, විසාල සහ ප්‍රසේන්ජිත් යන කෘතීන් තුනටයි.හොඳම වේදිකා නාට්‍යය පිටපත ට හිමි පහන් පෙළ සරච්චන්ද්‍ර සම්මානය ලබා ගන්නේ රෝස පාට පුංචි ගෙයක රචනයටයි.කඳු ශිඛරයි ගැඹුරු හෙලයි කෘතිය වෙනුවෙන් හොඳම වේදිකා නාට්‍යයට හිමි ආලෝක රංග සොභා සම්මානය දිනා ගන්නා ලදී.මහා මුහුදට එහා වෙනුවෙන් සංස්කෘතික සංගමය සම්මානයද,සර්වෝදය මගින් ජිවිතයේ එක්වතාවක් පමණක් ලැබෙන සම්මානයක්ද දිනාගැනීම විසල් භාග්‍යයක් විය.එලෙසින්ම කොලබ පුස්තකාලය මගින් කාල දීපානි සම්මානයද දිනීය.එලෙසින්ම මෙතුමා බොහෝ දස්කම් පා චිත්‍ර ශිල්පයටද අනෙක විද සම්මානයන් දිනා ගනු ලැබුවේද අනෙක්‍රපාර  මාධ්‍යයන් යොදා ගැනීම හේතුවෙනි.

එතුමන් මුලින්ම කතාවක් රචනා කරන ලද්දේ වයස 17දී වන අතර  බෞද්ධ සාහිත්‍ය කෘතියක් වන සුදු හංසයෝ  ඉගිල ගියහ කෘතියයි.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රිලංකාවේ ප්‍රථම බෞද්ධ නව කතාව ලෙස ගණන් ගැනෙන්නේ ද මේ කතාව හෙයිනි. දුලභ දක්ෂතාවන්ගෙන් පරිපුර්ණ වූ මෙතුමන් අවුරුදු 13දී ගීත රචනයද අවුරුදු 6දී චිත්‍ර ඇඳීමේ හිද විසල් දස්කම් පෙන්වූයේය.

මෙතුමාගේ නව කතාවල ජීවි ගුණය සැමවිටම දකින්නට ලැබෙන අතර ගලාගෙන යන රසවත් බවකින් හා කුතුහලය නංවමින් පාඨක සිත් ඇඳ  බැඳ ගන්නා අයුරින් ලියා තිබීම  සුවිශේෂිත්වයයි.මිනිස් ජීවිතය ඇසුරෙන් සිදුකරන ජිවිත විවරණය සෑම කතාවකින්ම අපට දැකිය හැකි ගුණාංගයකි.සැමවිටම මෙම නව කතාවල චරිතයන් නිවැරදිම ස්ථානයේ ස්ථානගත කිරීම අනිකුත් කෘතීන්ට වඩා භද්‍රජි මහතාගේ කතා වල දකින්නට ලැබෙන වෙනස්ම ලක්ෂණයයි.එලෙසම කෙටිකතාවේ ශිල්ප ක්‍රමයට වඩා වෙනස්ම ආරක් නවකතා ශිල්පයේදී දීමට සිදුවන බව මැනවින් වටහා ගත ලේඛකයකු ලෙස මෙතුමා හැඳින්විය හැක.

2013දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ගුණ සමරු පදනම මගින් විශ්ව සූරී කළා සූරී ගෞරව නාමයට ද හිමිකම් කිවේය.1984දී මෙතුමා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද එකම රුපවාහිනී නාට්‍ය වූ ධන කුවේරයෝ ටෙලි නාට්‍ය ඇමරිකාවේදී නිෂ්පාදනය කර රුපවාහිනී නාලිකාවේ විකාශනය කරන ලදී.

Tuesday, May 21, 2019

චින්තා ලක්ෂ්මී සිංහාඅරච්චි

චින්තා ලක්ෂ්මි සිංහාරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ  නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි.ඇය  වංග,හින්දි සහ උර්දු භාෂාවෙන්  සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ.සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය.එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය.එමෙන්ම ඇය  ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි.

මෙම සියලුම භාෂාවන් ඇයගේ ස්වෝත්සාහයෙන් අධ්‍යයනය කිරීම ඇගේ විශේෂත්වය වන අතර  ඉන්දියාවට ගොස් තම පරිවර්තන ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ශික්ෂණය විසල් කැපකිරීමකින් යුතුව තම ජීවිතය ලංකර ගන්නා ලදී.

විභුතිභුෂණ බන්දෙයපාධ්‍ය නම් බෙංගාලි ජාතික ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයා ලෙසන් රන් නාමය පැළඳි කතුවරයා විසින් රචනයා බඳුන් කරන ලද පථෝර්  අපූ ත්‍රිත්වය (පාතර් පංචාලි,අපරාජිතයෝ ,අපුර් සංසාර් යන කෘතීන් ත්‍රිත්වය මෙතුමියගේ පළමු පරිවර්තන කෘතීන් විය. මෙම ත්‍රිත්වය මාවතේ ගීතය , අපරාජිත ජිවිතයක් සහ අපුගේ ලෝකය නමින් පරිවර්තනය කොට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග්‍රහය ලබා ගත්තාය.වසර කිහිපයකට පසු අපු ත්‍රිත්වය වෙනුවෙන් ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද ප්‍රදානය කරන ලදී.ජනප්‍රිය කෘතියකට වඩා ගුණාත්මක බැවින් වැඩි කෘතියක් පාඨකයා වෙත ලං කිරීම ඇයගේ වෑයම විය.

වංග සාහිත්‍ය කලාවේ දැවැන්ත පුරුෂයකු වූ ශරත්චන්ද්‍ර චට්ටෝපධ්‍යගේ ශ්‍රීකාන්ත නව කතාව චින්තා මහත්මියගේ දෙවන පරිවර්තන වෑයම විය.එය ශ්‍රීකාන්ත ලෙස පළවෙනි වෙළුමත් ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි ලෙස දෙවෙනි වෙළුමත් අසංෂිප්ත පරිවර්තනයක් ලෙසින් පිට විය.

ඇයගේ සාහිත්‍ය දෘෂ්ටිය මනාව ඔප්නංවන ලද කතාවක් ලෙස උර්දු බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා පොත දැක්විය හැකිය.එය ගැඹුරු වූ දාර්ශනික ගැඹුරකින් යුක්ත කතාවක් වේ.මෙය ඉතාමත් සුන්දර වූ රමණිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වේ.

සිංහල පාඨකයන්ගේ සිතුව්ලි හදවත සසල කළ කෘතියක් වූ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය විභුතිබුෂණ බන්ද්යෙපාද්යගේ ආරණ්‍යයක්  නම් වංග බසින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි.මෙම කෘතිය සිංහල පරිවර්තන සාහිත්‍ය තුල විසල් පෙරලියක් ඇති කළ සන්ධිස්ථානයක් විය.මිනිසා සහ සොබාදහම තුල ඇතිවන අවියෝජනීය බැඳීම ,විවිධ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ජිවිත විවරණය ලෝකය පිලිබඳ කතුවරයාගේ දෘෂ්ටි කෝණය ඉන්දියාවේ කෙළවරක පිහිටි වනයක් පිලිබඳ සිදුකල විවරණයකින් ඉතාමත් අපුරුවට පාඨක සිතට ලං කරන ආකාරය විශ්මයජනකය.

ඇයගේ  කෘති ඔස්සේ මානව සම්බන්දතාවයන් පිලිබඳ ගැඹුරු දහමක් පිළිඹිබු කරන අතර දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන්නාවූ අවියෝජනීය බැඳීම පුරුෂාධිපත්‍ය ප්‍රධාන වූ සමාජයක ස්ත්‍රියට විඳින්නට වන අකටයුතුකම් ,අසාධාරණකම් අප වෙත ලං කෙරේ.

රවින්ද්‍රනාත් ඨාකුර්  විසින් රචනයට පාත්‍ර කරන ලද ගෝරා ඇයගේ ජිවිතයේ වැදගත් සංදිස්ථානයකට ගෙන ගිය පොතක් ලෙස කිව හැකිය.මෙම කතාව ඔස්සේ පෙන්නුම් කරන ලද දේශපාලනික ,සමාජ සංසිද්ධීන් වර්තමානයට පවා යෝග්‍ය වන බව විචාරකයින්ගේ මතයයි.මෙම කතාව ඉන්දීය සමාජයේ ඓතිහාසික පුවතකින් යුක්ත වේ.

පරිවර්තන සාහිත්‍යයට විසල් සේවයක් සිදු කල චින්තා මහත්මිය වසර 53ක් ආයු වළඳා 2000  වසරේදී මෙලොවින් සමුගත්තාය .




















Saturday, May 18, 2019

තොරණේ ඉතිහාසය

ලාංකීය සමාජය තුල බෞද්ධයින් විසින් බුදුන්වහන්සේගේ තෙමඟුල අරභයා නිර්මාණය කරන නිර්මාණ අතුරින් තොරණට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. තොරණේ පුරාවෘත්තය පිලිබඳ සොයා බැලුවහොත් ලංකාවේ පැරණිතම තොරණ ලෙස හඳුනා ගෙන ඇත්තේ 1955 දී තොටළඟ  ශ්‍රී වෛශ්‍රාලෝක සංගමය මගින් නිර්මාණය කරන ලද  තොරණය.එදා ඒ තොරණින් නිරූපණය වුයේ මහා භද්‍ර කල්ප ජාතක කතා වස්තුවයි.මෙය නිර්මාණය කිරීමට සම්පත් දායකත්වය ලබා දුන්නේ එකල එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකයකු වූ හෙට්ටිආරච්චි ගේ විල්බට් සිඥෝ  මහතාය.

මෙම අදහස ඔහුගේ සිතට පැමිණියේ වෙසක් සමයේදී කුඩා දරුවන් නිර්මාණය කරන ලද තොරණ දුටුවිටය,මෙම කර්තව්‍යයේදී මෙතුමාට උපකාර කලේ කොල්වින් පිරිස් නම් 12 හැවිරිදි කුඩා දරුවාය.විදුලි බල්බ නොමැතිව ඔහු විසින් චිත්‍ර පමණක් අඩංගු කරමින් සකසන ලද තොරණ සැමදෙනාගේම සිත් ඇඳ බැඳ ගන්නා ලද අතර කොල්වින් පිරිස් මිය යන තුරුම මෙම තොටළඟ තොරණේ දළ සැකැස්ම නිර්මාණය වුයේ ඔහුගේ දෑතිනි.

 විල්බට් පෙරේරා මහතාගේ පුතා වූ අනුර පෙරේරා මහතාට අනුව  මෙහි මුල්ම තොරණ අඩි 85ක් වන අතර විදුලි බුබුළු 25000 කර අධික ප්‍රමාණයකින් වර්ණවත් කර තිබේ.පුරා දින ගණනක් පැවති මෙම තොරණට විදුලි ආලෝකය සපයා ඇත්තේ ආරියදාස නම් මහත්මයකු විසිනි.චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ පුෂ්පානන්ද දන්පිටිය මහතා විසිනි.තොරණ වෙනුවෙන් ලක්ෂ 5ත් 6ත් අතර  මුදලක් මුල් අවධියේදී වියදම් කර ඇති අතර වැඩියෙන්ම මුදල් වැය වී ඇත්තේ වර්ණවත් විදුලි බලය ලබා ගැනීම සඳහායි.මන්ද එකල මිනිසුන් ආලෝකය ලබාගත්තේ කුප්පි ලාම්පු ආධාරයෙනි.එම හේතුව නිසාම ලක්ෂ ගණනක් විදුලි බුබුළු දැල්වීම සෑම කෙනාගෙම සිතෙහි වර්ණවත් සිතුවිලි ඇති කිරීමට සමත්වී තිබුණි.

මුල්ම තොරණ නිර්මාණය කර ප්‍රදර්ශනය කිරීමේදී කතා වස්තුව පටිගත කර ඇත්තේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක කරුණාරත්න අබේසේකර මහතා විසිනි.ඒ අතර එය විවුර්ත කිරීමට පැමිණියේ බණ්ඩාර අග්‍රාමාත්‍ය තුමා වේ.එතුමන් විසින් තොරණ විවුර්ත කිරීමේදී හෙලිකොප්ටරයකින් අහසේ සිට මල් විසුරුවා ඇත.


ජයාරුපය අන්තර්ජාලය ඇසුරිනි.

Image result for තොටළඟ තොරණ

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

හිරු සඳු එකලු වී පෙරඹර නැගෙන්නා
තුරුලිය මල්බරින් සුළඟේ දිලෙන්නා
කරුණා දයාවෙන් සැම සිත් සැනසෙන්නා
සතුට සසර දුක නිවනට ලංවෙන්නා

නමා බුදු හිමිට මා සිත නිතර
සනසා ගනිමි සිත මොහඳුර පරදමින
හැඳින බුදු නුවණ සදහම සඟරුවන
සොයමි දෙලොව දියුණුව මා සැමවිටම

ලෝ වාසි සැමටම බුදු ගුණ සිහිවෙවා
මෙත් කරුණා සිතුවිලි සැමතැන   පැතිරේවා
වෙසක් පුන් දිනේ ලොව දහමින් සැනසේවා
ඔබටත් මටත් ලොවටම සුබ වෙසඟක් වේවා!


Monday, May 13, 2019

වන දරුවෝ - ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා The Children of the New Forest - Captain Marryat


වන දරුවෝ The Children of the New Forest කෘතිය රචනා කරන ලද්දේ 1847 දී ෆෙඩ්රික් මැරියට්  විසිනි.
මැරියට් ගේ විශ්‍රාම සුවය ලබමින් සිටින  සමයේදී මෙම කෘතිය රචනා කරන ලද අතර ඔහුගේ ජිවිත කාලය තුල මුද්‍රණය කරන ලද අවසාන කෘතිය ලෙස කියවේ.මැරියට් ඔහුගේ සහෝදරයාගේ නිවාස පිහිටි හැම්ෂයර් කඳුකරය වෙත ගිය බවද විචාරකයින්ගේ අදහසයි.මෙම කතාවේ උපත සිදුවුයේ හැම්ප්ෂයර් හිදීය.

මෙම කෘතියට තේමාව වී ඇත්තේ ඉංග්‍රීසි සහ කොමන්වෙල්ත් එනම් 1649 සිට 1660 දක්වා වේල්සයේ සහ එංගලන්තයේ පාලන සමයේදී වූ සංසිදුවීම් රැසකි. එනම් මෙම කාලයේ සිටි බෙවර්ලි නම් සෙන්පතියාගේ දරුවන් සිවුදෙනා වටා ගෙතුණු කතාන්දරයකි.රාජකීය සටනේදී කර්නල්  බෙවර්ලි මිය යන අතර මොවුන් වනයේදී තමන්ව පිඩනයට පත් කරන්නන්ගෙන් බේරීමට නිව් ෆොරස්ට් වනයෙහි සැඟවී සිටියහ. මේ වෘතාන්තය ඇරඹෙන්නේ 1647 දී 1වෙනි චාල්ස් රජු රට තුල පවතී සිවිල් යුද්ධයෙන් පරාජය වී ලන්ඩනයේ සිට නිව් වනාන්තරයට පලා යාමෙනි.
පාර්ලිමේතුවේ පක්ෂය ගත්  සොල්දාදුවන් විසින් නිව් වනාන්තරය පරික්ෂා කිරීමටත් ,ආර්වුඩ් හි පිහිටි බෙරව්ර්ලි සෙන්පතියාගේ පාරම්පරික වංශවත් නිවාසය  ගිනි තැබීමටත් තීරණය  කළහ.


කිවුලිර් නිලධාරියෙක්ද මෙම නෙස්බි සටනේදී මිය ගියේය.ඒ වන විට බෙවර්ලි මැදුර තුල එඩ්වර්ඩ් ,හම්ප්‍රි , ඇලිස් සහ එඩිත් නම් බෙවර්ලි අමාත්යගේ දරුවන් ජිවත් වූ අතර ඔවුන් මෙම ගින්නට අසුවී මියගිය බව රටවැසියන්ට දැනගැනීමට මොවුන් සැලැස්විය. නමුදු ඔවුන් කැලාවේ  දර කපන්නකු වූ ජේකබ් ආර්මිටෙච් ගේ රැකවරණය යටතේ වනාන්තරයේ ජිවත් වුනේ ජීවිතය සහ සමාජය පිළිබඳව වෙනම වනගත ජීවිතයේදී අපුර්වතම අත්දැකීම් රැසක් රස විඳිමිනි.මෙම දරුවන් ඔහුගේ මුණුපුරන් සහ මිණිපිරියන් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.ඔවුන් වනය තුල ජීවත්විය යුතු ආකාරය පිලිබඳ මනා දැනුමක් මෙම කාලය අතරතුරදී ලබා ගන්නා අතර පිරිමි දරුවන් වනයේ දඩයම් කිරීමට උගුල් ඇටවීමට , ගොවිතැන් බත් කරමින් ජිවත් වීමට විවිධ නිර්මාණයන් ගොඩ නැගීමට උත්සහ කරන අතරතුර තරුණ ගැහැණු ළමුන් දෙදෙනා මැහුම් වැඩ සහ ඉවීමට පුරුදු වෙන අතර නිරතුරුවම නිවෙස් පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීමට උත්සහ ගනී. මෙය ස්ත්‍රීවාදය ට බලපෑම් කල පොතක් නොවේ. මේ දරුවන් සිවුදෙනාම උස්මහත් වී නිසි වයසට පැමිණි පසු කාන්තාවන්ට සේම පුරුශයින්ට ද ආදර්ශයක් වෙන පරිදි චරිතවත් එඩිතර පරිපුර්ණ බැවින් යුතු චරිතයන් විය.

මෙම කෘතිය නුතනයේ ජිවත්වන්නන්ට නුපුරුදු වූ ක්රියාවලින්ගෙන් සහ හැසිරිම්ගෙන් පිරුණු අපුරුතම කෘතියක් වන අතර ළමා මනසට ගෝචර වූ ලේඛන ශෛලියකින් සහ රසවත් බැවින් යුතුව රචනා කර තිබීම සුවිශේෂිත්වයයි.පැරණි පොත් පිළිබඳව අවබෝධය ඇති පාඨකයෙකුට පැරණි සමාජ සංස්ථාවේ ඇති වූ ක්‍රියාදාමයන්, සිරිත් විරිත් සහ සංස්කෘතික වෙනස්වීම් පිලිබඳ අත්දැකීමක් උකහා ගමින් මෙම කෘතිය රසවිඳිය හැකිය. සජීවී සහ වන ජිවිතයට මෙන්ම ත්‍රස්තජනක ක්‍රියාවන්ට ප්‍රිය කරන ඕනෑම රසිකයෙක් මෙම කෘතියට කැමති වන නොඅනුමානය.

සමස්ත වශයෙන් ගත කල මෙම කතාවේ තේමාව සිත්ගන්නා සුලුය.රසවත් බැවින් හරවත් බැවින් යුතු භාෂා ශෛලියක් මේ වෘතාන්තය පුරාම දැකිය හැකිය.එමෙන්ම  කතාව කියවීමට හොඳ පිටුවහලක් දෙන තරම් රසවත් ගලාගෙන යමක් මෙහිදී දැකිය හැකි විශේෂම ලක්ෂණයයි.මෙම ලක්ෂණය සියලුම පොත් වල දක්නට නොහැකි දුලබ ගති ලක්ෂණයකි.පැරණි භාෂාවන්ට ඇලුම් කරන, පරිසරය සුන්දරව රස විඳිය හැකි සියලුම දෙනා රසවිඳීමට කැමති වන සුන්දර කතාවක් බව මෙහිදී සඳහන් කල යුතුය.මෙම කෘතිය සිංහලයට  ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වන දරුවෝ නමින් සිංහල අනුවාදයට ලක් කරන ලද අතර දරුවන්ට සුදුසු පරිදි ව්‍යක්ත රචනා ශෛලියක් භාවිතා කර තිබීම මෙහිදී පාඨකයාට දක්නට ලැබේ.


.
දෙපා ලෙඩ කරවන අඩි උස පාවහන් 

 උස් සපත්තු වසර දහස් ගණනක සිට කාන්තාවගේ හොදම මිතුරකු ලෙස හැදින්විය.ඒවා පැළඳීම කාන්තාවන්ට  සුන්දරත්වයක් ,විශ්වාසී බවක් සේම උස් පෙනුමක් ලබා දේ.  නමුදු මෙය පසුකලකදී ඇයට වේදනාවක් වීමටද ඇති ඉඩකඩ බොහෝය.සැබවින්ම උස කාන්තාවන් වාසනාවන්තය.උස පෙනුම කාන්තාවගේ ශරීර සුන්දරත්වයද වැඩි කරයි.

විවිධ ඇඳුම් කට්ටල වලට ගැලපෙන පරිදි වර්තමානයේදී සුන්දර පාවහන් අපට දැකිය හැකිය.සල්සා  නර්තයනයට ප්‍රියතාවයක් දක්වන කාන්තාවන්ට සල්සා නැටුම් සඳහා සුදුසු පරිදි stiletto පාවහන් නිමවා ඇති අතර එය ඉතා ප්‍රසංෂනිය වේ.එමෙන්ම විලාසිතා ලෝකයේදී උස පාවහන් ඉතාමත් ජනප්‍රිය අංගයක් වේ.පහත සටහන ඔස්සේ ඔබට උස පාවහන් පැළඳීමේ දී අත්වන වාසි සහ අවාසි හඳුනා ගත හැක.

අපි දැන් උස් සපත්තු පැලදීමේ වාසි ගැන බලමු.

උස පෙනුම

උස සපත්තු පැළඳීම මගින් කාන්තාවකගේ උස, සිටිනවාට වඩා අඟල් 5-6ක් අතර උසකින් මතු කර දක්වයි.මෙම තත්වය උස පෙනුමකට කැමත්ත දක්වන කාන්තාවන්ට බොහෝ සේ උපකාරී  වේ.බොහෝ කාන්තාවන් තමන්ගේ උස පෙනුමක් දකින්නට ප්‍රියතාවයක් දක්වන අතර එයට හේතුව වන්නේ බොහෝ අයගේ ආකර්ෂණය උසින් වැඩි කාන්තාවන් වෙත ලැබීමයි.මේ මගින් කාන්තාවන්ට සිත් ඇඳගන්නා සුළු හැඩයක් ලැබීමද එක විශේෂත්වයකි/

මෝස්තරය 
කාන්තාවන්ගේ බාහිර පෙනුමට, විවිධත්වයක් උස් පාවහන් මගින් ලබා දේ.අඟල් දෙකක පමණ උසක්  ඇති සෙරෙප්පු යුගලයක් රැලි සහිත සයකට ගැලපේ.එය ආකර්ෂණයට වඩා ලාලිත්යක් කාන්තාවකට ගෙන දෙයි..එමෙන්ම ඇවිදින විටද  ඔබට ලාලිත්‍ය ක්ද ලබා දෙයි.

යහපත් ශරීර පිහිටීම 
උස් සෙරෙප්පු පැලදීමෙන් පසු කාන්තාවට තමන් සිටින ඉරියව්වේ පහසුවෙන් සිටිය හැකි වීම විශේෂත්වයකි.මෙම උස අඩි පැලදීමෙන් හිසට සහ ශරීරයට ආකර්ශනීය බවක් ලැබේ.ඇවිදීමේදී ඇය පිළිබඳවම විශ්වාසයක්  ඇතිවේ.උස අඩි සහිත පාවහන් පැලදීමෙන් වළකින්නේ ඉතාමත් කලාතුරකින් කාන්තාවකි.පළමු වර උස පාවහන් පැලදීමේ දී සමහර කාන්තාවන් ඉතාමත් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දේ.ඔබ උස අඩි පාවහන් යුගලක් මිලට ගතහොත් එය පැළඳ නිවසේදී ඇවිද පුරුදුවිම ඔබගේ සෞඛ්‍ය සම්පන්න බවට ගුණාත්මක වේ.එය ඔබ එම පාවහන් පැළඳ ඇවිදීමේදී ඇතිවෙන අපහසුතාවයන් මගහැරීමට උපකාරී වේ.

ප්‍රියමනාප දෙපා යුගලක් ලබා ගැනීම 

උස පාවහන් ඔබේ දෙපා වලට සුන්දර පෙනුමක් ලබා දීමට සමත් වෙන අතර කෙටි සායවල් ඇඳීමට කැමති කාන්තාවන්ට ඔවුන්ගේ දෙපා වලට සහ ශරීරයේ හැඩයට උසස් පෙනුමක් ලබාදීමට මින් හැකියාවක් ලැබේ.
ඒ මගින් කකුලේ දිගු බවක් පෙන්නුම් කරයි.

උස පාවහන් පැළඳීමේ අවාසි 

උස සහ වේදනාව එකම කාසියේ දෙපැත්ත වේ.නමුදු කාන්තාවන්ට සුන්දර පෙනුමක් ලබා දෙන අතරම ඔවුන්ට බොහෝ අතුරු ආබාධ වලට ලක්වීමට මේ හරහා සිදුවේ.උස පාවහන් පැළඳීමෙන් සිදුවන අතුරු අබධයන් සහ අනතුරු පහතින් ඔබට දැකගත හැකිය/දිගු කලක් උස පාවහන් පාවිච්චි කිරිම්දී කොන්දේ, වලලුකරේ සහ දනිස්වල අබාධ ඇති වීමේ ප්‍රවනතාවයක් වැඩි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

කකුලේ හැඩය වෙනස්වීම

පාවහන් තෝරා  ගැනීමේදී ඔබ ඔබගේ පාද වල හැඩය පිලිබඳ සැලකිලිමත් විය යුතු වේ .අපේ සිරුරට ගැලපෙන විදියේ පාද හැමදෙනාටම ලැබි  තිබේ.උස අඩි සහිත සපත්තු පැළඳිමේදී විලුඹ ,පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටනඅතර ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරයි. මෙය ශරීරයේ සමතුලිත තාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට හේතුවේ. පාදයේ පතුල වක්‍රාකාර වන අතර එය අප ඇවිදීමේදී හිට ගැනීමේදී අපව සමබරව තැබීමට උපකාරී වේ.සමතුලිත නැති පෘෂ්ටයක් මත ගමන් කිරීමේදී මෙම වක්‍ර හැඩය එහා මෙහා වෙන අපගේ සිරුරේ සමබරතාවය රැක ගනී.එවැනි අවස්තාවලදී සිරුරේ ඇතිවන කම්පන අවශෝෂණය වලක්වා ගැනීමට ද ,සිරුර රැක ගැනීමට ද, උපකාරී වේ.


කකුල් ඇදුම් කෑම 

බොහෝ කාන්තාවන් උස පාවහන් ගැලවීමෙන් පසු මෙම කකුල් ඇදුම් කෑමට ලක් වේ.මන්ද උස සපත්තු පැළද  ඇවිදීමේදී මුළු ශරීරයේම බර දෙපා මතට පැමිණේ.මෙය දිගු කලක් තිස්සේ සිදු වුවහොත්, පාද ආබාද සහ තුනටියේ කැක්කුම් ඇති වීමට හේතු සාධකයක් විය හැකිය.

ඇවිදීමේදී දැනෙන අපහසුව 

සමාජයේදී සමහර කාන්තාවන්ට උස පාවහන් භාවිතා කිරීමේ අපහසුතාවයක් අපට දකින්නට ලැබේ.මෙවැනි පාවහන් පැළඳ ගෙන බොහෝ දුරක් ඇවිදීම අත්හදා බැලිමේදීත් මෙවැනි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.එහි ප්‍රතිපලය වන්නේ බොහෝ කලක් උස පාවහන් පැළඳ සිටීමේදී හෝ දමාගෙන ඇවිදීමේදී පාදයේ අභාධ වලට ලක් වීමයි,සමහර විට එවැනි කාන්තාවන් ඇවිදීමේදී බලෙන් ඇවිද්දවිමක් සේ අපිට දකින්නට ලැබේ.අපසුවෙන් ඇවිදීම තමාගේ සමබරතාවය අහිමිවීමට ද , බිම පතිත වීමටද ඉඩ සලස්වයි. 

කොඳු නාරටියේ වේදනා සහ අපහසුතා 

 උස පාවහන් පැලදීම කොඳුනාරටිය ට අනවශ්‍ය බරක් පැටවීම සහ තෙරපීම හේතුකොටගෙන තුනටියේ අමාරු, කොන්දේ අමාරු වැනි ලෙඩ රෝග වලට ඔබ ට මුහුණ පාන්නට සිදුවේ.
කෙසේ වුවත් ඇවිදීම. යෝග සහ ව්‍යායාම් කිරීම මගින් මෙම අපහසුතාවයන් මග හැරීමට සුදුසු බව ඔබට හැකිවන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

කසායනය සහා විරූපී පෙනුම 

පාද යුගලයට දරාගත හැකි බර ප්‍රමාණයට වඩා වැඩි බර ප්‍රමාණයක් දරාගෙන සිටීමේදී කාන්තාවන්ගේ විලුඹේ  තද සහ රළු ගතියක් මෙන්ම  කහ පාට ලප වැනි දෙයක් හට ගැනීමට ඉඩ තිබේ.එයට  ඔබගේ දෙපා වලට විරුපී පෙනුමක් ලබා දීමට හැකියාවක් තිබේ.මෙය වලක්වා ගැනීමට නම් ඔබ නිතරම පාද වල  සුමුදු බව රැක ගැනීමට තෙල් අලෙපනයක් හෝ, පාද සුරක්ෂණ ආලේපයක් හොද ගලවා සම්භානය  කල යුතුය.

පාද ඇමට්ටිය 

වයස්ගත කාන්තාවන්ට උස පාවහන් පැළඳීම හේතුවෙන් නිතර ඇතිවන රෝගයකි කකුල් ඇමට්ටිය එය උස් පාවහන් නොපළඳින කාන්තාවන්ට ද වැළදිය හැකිය.එම නිසා උස පාවහන් පැළඳ ඇවිදින විටදී කල්පනාවෙන් සහ වැඩි පරිස්සමින් ගමන් කිරීම වඩාත් සුදුසු වේ.එම නිසා මෙම උස පාවහන් පැළඳීම කලාතුරකින් සිදු කිරීම කාන්තාවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වයට හේතුවේ.සමහර කතුන් උස පාවහන් තම වේදනාව තිබෙද්දිත් පළඳ සිටි. 

රුධිර සංසරණයට බාධා ඇති වීම.

කෙණ්ඩ ප්‍රදේශයේ ඇති මාංශ පේශි රුධිර සංසරණයට ඉතාමත් වැදගත් වේ.මාංශ පේශි බොහෝ වෙලාවක් සංකෝචනය වීම හේතු කොට ගෙන රුධිර ගමනාගමනයට බාධා එල්ල වේ.මේ නිසා කාන්තාවන්ට නහර ගැටගහීමේ  රෝගය වැළඳීමට ඇති ඉඩකඩ බොහෝය.තවද සිරුරේ බර පාදයේ ඉදිරි කොටසට වැඩියෙන් ව්‍යාප්තවීම නිසා පාද වේදනාව හා ස්නායු තෙරපීමෙන් හිර ගතියක් ඇතිවීමට ඉඩකඩ තිබේ.එලෙසම මහපට ඇඟිල්ලට ඇතිවෙන දැඩි පීඩනය නිසා වේදනාකාරී අවස්ථාවකට මුහුණ දීමට ද සිදුවේ. 
උස අඩි පැළදීම නියපොතු වර්ධනයට සිදු කරන විසල් හානියකි. නියපොතු වල තෙරපීම හේතු කොට ගෙන , බැක්ටීරියා ආසත්මිකා නිර්මාණය වීමක් සිදුවේ.

සැකසුම නිලක්ෂි බණ්ඩාර 










Friday, May 3, 2019

වික්ටර් හියුගෝ


වික්ටර් හියුගෝ මාරි හෙවත් වික්ටර් හියුගෝ විශ්ව සාහිත්‍ය කලාවේ අමරණිය චරිතයකි.මොහු ප්‍රංශයේ මහා ගත්කරු ලෙසින්ද විරුදාවලිය ලද අතර ප්‍රංශයේ මහා කවියා ලෙසද හැඳින්විය.මොහු 1802 පෙබරවාරි 26 වැනිදා ප්‍රංශයේ බිසැන්කොන්හි මොහු උපත ලැබිය.මොහුගේ පියා නැපෝලියන් බොනපාට්ගේ හමුදාවේ ජෙනරාල්වරයකු වූ Joseph Leopold Hugo  විය  .මොහු නවකතා රචකයකු, නාට්‍ය තිර රචකයකු සේම කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නෙකු මෙන්ම මානව අයිතිවාසිකම් ක්‍රියාකරියකුද වූ අතර 19 වැනි සියවසේදී ප්‍රංශයේ විසු බලවත්ම පුද්ගලයින් අතර වැජඹෙන පුද්ගලයකු විය.

මෙහි Pension Cordier හා Lycee Louis Le Grand යන පාසල් වල මොහු ඉගෙනුම ලැබූ අතර පැරිස් නගරයේ නීති පිඨයේ උසස් අධ්‍යාපනය ලැබුවෙකි.මුලින්ම මොහු පදය රචනයට යොමු වුන අතර කාව්‍ය රචක වර්ජිල්ගේ අභාෂය තම කාව්‍යයන්ට උපයුක්ත කර ගන්නා ලදී.මොහුගේ පළමු කාව්‍යයට පැරිසියේ 18 වැනි ලුවී රජු විසින් සම්මානයක් දුන් අතර ඔහුගෙන් ජිවිත කාලය පුරා ලැබෙන ලෙසට විශ්‍රාම වැටුපක්ද ලැබීමට ඔහු සමත්විය.මොහු එකල ප්‍රංශයේ ප්‍රචලිත වූ සම්භාව්‍ය සාහිත්‍ය කලාවට එරෙහි රෝමාන්තික සාහිත්‍යධරයෙකු ලෙස ප්‍රචලිතය.

මොහුගේ ප්‍රථම කෘතිය වන්නේ හෑන්ස් ඔෆ් අයිලන්ඩ් (Hans of Island) කෘතිය වන අතර 1825 දී මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.1827දී නිර්මාණය කරන ලද ක්‍රොම්වෙල් (Cromwell )මොහුගේ ප්‍රථම නාට්‍ය වේ.මාලොන්ද ලෝමේ (Marlon De Lome )හෙවත් වෙසඟනකගේ අවිචාරී ආලය නම් නාට්‍ය පසුකාලීනව ප්‍රචාරණයට තහනම් කරන ලදී.රටෙහි පැවති සමාජීය සහ දේශපාලනමය ක්‍රියාදාමයන් මනාව රසිකයන් වෙත ලංකෙරු නාට්‍යන් ලෙස 1832 දී ලී රෝයි සම්සේ (LE Roy Samnse )1838 දී බ්ලාස් (Blas )1843 දී ලේබර් ග්ලාවස් (Labour Glawas )ඇතුළු තවත් නාට්‍ය කීපයක් දැකිය හැකිය.මොහු තමන් මෙන්ම කළාවට සාහිත්‍යට රුචිකත්වයක් දැක්වූ පිරිසක් එක් කරන් Cenacle නමින් සාහිත්‍ය සංගමයක්ද පවත්වාගෙන යන ලදී.

මොහු විසින් 1831 දී රචනයට ලක් කරන ලද ලේ මිසරබ්ලේ  (Le Miserable )කෘතිය ලොව ජනප්‍රියත්වයට පත්වූ අතර ලොව විවිධ භාෂාවන්ට පරිවර්තනයට ලක්වූ අග්‍රගණයේ කෘතියක් වේ.මෙය ඊරියගොල්ල මහතා විසින් මනු තාපය නමින් සිංහලයට පරිවර්තනය කරන ලද අතර මෙහි ප්‍රධාන චරිතයන් වන්නේ (ජනවර්ජන ) ජින්වැල් ජින් ,ජන්තු (ජාවට් ),පුජක තුමා යන චරිතයන්ය.මෙහි ප්‍රස්තුතය වන්නේ පාන් ගෙඩියක් සොරකම් කිරීම හේතුවෙන් වසර 19ක් සිරබත් කන (Jean Val Jean )ජින් වැල් ජින්ගේ කතාවයි.ආදරය ,කුතුහලය, වෛරය, ශෝකය, ත්‍රාසය යන සෑම රසයකින්ම යුක්ත වූ මෙම කතාව ඉතාමත් අපුරු වෘතාන්තයක් වන අතර 1959 දශකයේදී පාසල් පොතට පවා ඇතුළත්වූ කරන ලදී.

මෙම කෘතිය මගින් එවකට සමාජයේ පැවති අඳුරු කාල වකවානුව,පාතාල ලෝකයේ සංසිදුවීම් පිළිබඳව පුළුල් අවබෝධයක් පාඨකයා වෙත ලං කෙරේ.බඩගින්න නිවා ගැනීමට පාන් ගෙඩියක් සොරකම් කරන ලද ජින්වැල් ජීන් ටූ ලෝන් සිරගෙය වෙත යවා වසර 19කට පසු නිදහස් වුවත් ජන්තු (ජාවට් ) නම් පොලිස් නිලධාරියා ඔහුව සැක කරමින් දිගටම පසුපස පන්නන ආකාරය මෙහිදී අපට දක්නට ලැබේ.මේ මගින් ප්‍රංශ මහා විප්ලවය ගැනද ඉඟියක් වික්ටර් හියුගෝ විසින් පාඨකයා වෙත දෙන බව විචාරකයින්ගේ මතයයි.

1885 මැයි 22දෙවෙනිදා පැරිසියේදී වසර 88ක් ආයු වළඳා මෙම විශ්ව සාහිත්‍යධරයා මෙලොවින් සමුගන්නා ලදී.

වසන්ත තිළිණය ආයෙත් - දිල්හානි වික්‍රමරත්න - The Gift by Danielle Steel

වසන්ත තිළිණය ආයෙත් 



"ඇයට ඕනෑම තැනක යාමේ මාවත විවෘතව තිබිණි.ඕනෑම දෙයක් කිරීමේ ඉඩ හසර සැලසී තිබිණි .ඇගෙන් ප්‍රශ්න කිරීමට කිසිවකුත් ඉතිරිව හිටියේ නැත.ඇය ගැන වග වීමට සිටියේ ඈ පමණි.බන්ධනයකට තිබුනේ කුස තුළ මෝරා වැඩෙන දරු පැටියා පමණි. ගැබිනියක බවට පත්වී තෙමසක් සහ තවත් අඩ මසක් පමණක් ගෙවී ගොස් තිබුනත්, ඈ ගැබිණියක බව පිටතට නොපෙනුණත්  සිරුර තුළ  සිදුවන වෙනස්කම් සියල්ල ඇයට දැනෙමින් තිබිණි .කොහේ සිට පැමිණියේදැයි මිනිසුන් අසන පැනයට දිය යුතු පිළිතුර කුමක්දැයි ඈ බොහෝදුරට සිතා බැලුවාය ".

මෙම ආරම්භය ඩැනියෙල් ස්ටීල් ගේ අතින් නිර්මාණය වුන නිර්මාණ අතරින් විචිත්‍ර සහ අත්භුතජ්නක 33වෙනි වෘතන්තයයි.මෙය 1994දී ලියවුන කෘතියකි.මෙය බලය සහ අද්භූත ක්‍රියාකාරිත්වයන් හා මුසුවූ රසවත් සම්මිශ්ශරණයක් වන අතර මෙය ගැඹුරු ප්‍රේමය , හද පත්ලෙන් නැගුණු ජිවිතයේ වේදනාව පිලිබඳ අතික්‍රමණය කල කතාවකි. ඩැනියෙල් විසින් රචිත කෘති ඔස්සේ එම චරිතයන්ගේ චිත්තවේගිය සාධකයන් රසිකයා වෙත ලඟා කෙරේ.මෙම ආදරණිය වෘතාන්තය සිංහලයට  පරිවර්තනය කරමින් අප වෙත ලඟා කරන්නේ දිල්හානි වික්‍රමරත්න රචිකාවියයි ඇය පරිවර්තන, ධනාත්මක චින්තන සහ ළමා කෘතීන් 50ක් පමණ සිංහල සාහිත්‍යට දායාද  කල කතුවරියකි.

එම වේදනාව තුළින් ඔවුනට දායාදයක් හෙවත් වටිනා ත්‍යාගයක් ද හිමිවිය.එය නොසිතු දෙයකි.ඔවුන් බලාපොරොත්තු නොවූ ත්‍යාගය කැඩී බිඳී යාමට ආසන්නව තිබු ඔවුන්ගේ ආදරණිය කුටුම්භය සුවපත් කිරීමට ,ජිවිත සැලසුම් සහගත ලෙස සකස් කිරීමට කෙටි කලක් තුල සිදුවූ ආශීර්වාදයක් විය.

ඩැනියෙල් ස්ටිල් විසින් රචිත බොහෝ කෘතීන් ජිවිතයේ අවධානමක් ගන්නා අවස්ථාවන්ට මුහුණ දෙන චරිතයන්ගෙන් හෙබි නව කතාවේ. මෙම නව කතාව වටා ප්‍රේම වෘතාන්තයන් කිහිපයක්ම ඇති අතර පාඨකයාට අමතක නොවන චරිත කිහිපයක් පාඨක හදවත ඇඳ බැඳ ගන්නා ජාලයක් ලෙස නිර්මිතය. එම චරිත තුළ සිනහව මෙන්ම කඳුළද මුසුවූ ඇත.

ඔවුන්ට ජිවිතබෝධය ලැබීමට හේතුවූ මෙම ත්‍යාගය අඳුරට ශාප කරමින් සිටින ජිවිත වලට කදිම පාඩමකි.මෙම නව කතාව දරුවකු පිලිබඳ සිහිනය අතහැර ජිවත් වූ එළිසබත් විටෙකර්ගේ පවුලේ කතාවෙන් ආරම්භ වේ.ඈන් විටේකර්, ටොමී විටේකර් ජෝන් විටේකර් සහ ලීස් විටේකර් මෙම කුඩා පවුලේ ආදරණිය සාමාජිකයින් වුහ.එක්තරා නත්තල් රැයකදී සතුටින් උන් මෙම ආදරණිය පවුල ඇනී ගේ සහාසික අහම්බයක් වූ මරණයෙන් දෙදරා ගියේය.

ඒ අතරම ප්‍රේමය සහ ලිංගිකත්වය මැද  අතරමන්වුන මැරිබත් නම් තරුණියගේ දුක්බර කතාවත් මෙම කතාව අතරතුරදී අපිට රසවිඳින්නට හැකියාව ලැබේ.මැරිබත් උසස් අධ්‍යාපනය ලබන තරුණියක් වූ අතර ක්‍රිස්තියානු දැඩි මතදාරී පවුලක දියණියක විය.පාසලේම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩා තරුවක් වූ පෝල් බ්‍රෞනි සැන්දෑ සාදයකදී මැරිබත් හා නර්තනයේ යෙදෙමින් විනෝද වේ.විනෝදකාමී චරිතයක් වූ පෝල් ගේ විරහා සිතට මැරිබත් අහම්බෙන් පැමිණි සහනලේපයක් විය.අවසානයේදී ගැබිණියක් බවට පත්වෙන ඇයව පියා විසින් කන්‍යාරමයක්ට පිටුවහල් කරයි.පොල් උපාධිය රැගෙන නැවතත් ඩෙබී හා විවාහපත් වේ.නමුදු කන්‍යාරාමයේ විසීමට අකමැතිවූ මැරිබත් එතනින් පිට වී ජුනි මස එක්දිනයකදී චිකාගෝ හි මිඩ් වෙස්ටන් නගරයට පිටත් වේ. ගමනන්තයේදී හමුවන අවන්හලක මැය රැකියාවකට බැඳේ.

මෙතැන් සිට කතාව රසවිඳීමට ඔබට ඉඩ හරිමින් නැවතත් විවරණය වෙත එළඹෙමි.විටේකර් පවුල වෙත හදිස්සියෙන් පැමිණෙන ආගන්තුකයා නිසා කඩා වැඩීමට ලංව තිබුණු මොවුන්ගේ පවුලට සොඳුරු වෙනසක් එකතු වේ.මෙම තරුණිය විසින් මොවුන්ගේ පවුල වෙත ලබා දෙන සොඳුරු ත්‍යාගය හේතුකොටගෙන බලාපොරොත්තු ගොන්නකින් නැවත පිරි ඉතිරි ගොස් සතුට පිරි ඉතිරි දොරේ ගලාගෙන යයි.

මෙම කතාව ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ගලාගෙන යන අතර පුරුෂාධිපත්‍ය හේතුවෙන් මැරිබත්ගේ සිහින බිඳ වැටෙන ආකාරය ,තම පවුලෙන් සිදුවන අසාධාරනකම් කතුවරිය විසින් ඉතාමත් අපුරුවට පාඨකයා වෙත ලං කර ඇත.ඩැනියෙල් ස්ටීල් ගේ  රසවත්   ලේඛන ශෛලිය මෙම කතාව පුරාම පාඨකයාගේ සිත් ඇඳ බැඳ ගන්නා අයුරින් ගලාගෙන යනු අපිට දැකිය හැකිය.මෙම රචනා ශෛලිය ඩැනියෙල්\ගේ අනික් කෘතීන් වල දක්නට ලැබෙන රචනා ශෛලියට වඩා වෙනස්ය.එය කුමන ආකාරයේ රචනා ශෛලියක්ද යන්න පාඨකයාට කුතුහලය නංවයි.

මෙහි දැක්වෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කතාව මධ්‍යයේදී චරිත සහ අන්තර්ගත දර්ශන වෙනස්වීමයි.මෙහිදී එක් පරිච්චේදයක පළමු භාගයේදී ටොමීගේ සිතුවිලි වලට ප්‍රවණතාවය ලබා දෙන අතර ඊළඟ භාගයේදී මැරිබත්ගේ සිතුවිලි වලට ඉඩකඩ ලබා දීම එක් උදාහරණයකට ගත හැකිය.මෙහිදී අවසාන ප්‍රතිපලය කුතුහලය දනවන ව්‍යාකුල භාවයක් ගන්නා අතර අනුගමනය කිරීමට අපහසු දෙයක් වේ.මෙම කතාව මගින් මෙම පවුල් දෙක පිළිබඳව අනාවැකියක් පල කරන අතර කතාව පිළිබඳව අශ්චර්යමත් බවක් ගොඩ නංවන්නේ නැතේ. මෙම කතාව කියවගෙන යාමේදී පාඨකයාට ටෝමිගේ නිවසට යන මැරිබත් ට සහ දරුවාට සිදුවන දේ සාරාංශ ගත කර ගත හැකිය . මෙම කෘතිය මගින් ඩැනියෙල් ගේ කෘතීන් වෙත තවත් වර්ණයක් එක් කරන ලදී.මෙම කතාවේ පළමු භාගය ඉතාමත් වේගවත්ව ගලාගෙන යන අතර පසු කොටස තරමක අක්‍රියබවකින් යුතුව ගලාගෙන යන බවක් දක්නට ලැබෙන දුර්වලතාවයකි.