ඉතා ගැඹුරු ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දියාව වටා රසවත් කතන්දර, ජනප්‍රවාද සහ මිත්‍යා විශ්වාසයන් බහුලව ගෙතී ඇත.පරම්පරා ගණනක් ඔස්සේ පැවැත එන මෙම කතන්දර කුතුහලය දනවන විශ්මිත කතන්දර වේ.
විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
- Oasis ක්ෂේම භූමිය
- Ratnapura, Sabaragamuwa, Sri Lanka
- පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
Wednesday, March 15, 2023
ඉන්දියානු ජනප්‍රවාදයන් සහ මිත්‍යාවන්.
Sunday, March 12, 2023
ඉන්දියාවේ පලමු කාන්තා ජනපතිනිය... ප්‍රතිභා දේවාසිං පටෙල්
ගාන්ධි පවුල සමග ඇගේ තිබු දැඩි සම්බන්ධතාවය නිසාවෙන් ඇය කොංග්රස් පක්ෂ නායිකාව වූ සෝනියා ගාන්ධිගේ ප්‍රියතම චරිතයක් විය. 2007 දී චාරිත්රානුකුල ජනාධිපති අපේක්ෂක ධුරයට පටිල්ගේ නම ඉදිරිපත් වුන අතර ජුලි මාසයේදී ඇය ජනාධිපතිනිය ලෙසින් බලයට පත්විය.
ඇය නාගරික සමුපකාර බැංකු සහ ඉන්දීය ජාතික සමුපකාර සංගමයේ සාමාජිකාවක් ලෙසද මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කමිටුවේ සභාපතිනිය ලෙසද ක්‍රියා කළාය.ඇය නයිරෝබි සහ පුවර්ටෝ රිකෝහි පැවති සමාජ සුබ සාධනය පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයටද සහබාගි විය.1985 දී ඇය බල්ගේරියාවේ සමස්ත ඉන්දීය කොංග්රස් කමිටු (Alcc) නියෝජිත කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර 1988 දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය මුලාසන නිලධාරීන්ගේ සමුළුවේ සමාජිකාවියක් ද විය.ඔස්ට්‍රියාවේ කාන්තා පිලිබඳ සමුළුවට නායකත්වය දෙන ලදී.1995 චීනයේ බීජිං නුවර පැවති ලෝක කාන්තා සමුළුවේ නියෝජිතවරියකි.
එමෙන්ම ඇය විවිධ සමාජ සේවා කටයුතු වලද යෙදුණු අතර දිළිඳු කාන්තාවන් සවිබල නැංවීම සඳහා බොහෝ කැපවිය.සමාජයේ අඩු වරප්රසාදිත කොටස්වල සුබ සාධනය සඳහාද කටයුතු කළාය.
මුම්බායි සහ දිල්ලියේ කාන්තාවන් වෙනුවෙන් නේවාසිකාගාර තැනීම,
ග්‍රාමීය තරුණයින් සඳහා ජලගොන්හි ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් ,
දෘෂ්යාබාදිතයින් සඳහා කාර්මික පුහුණු විද්‍යාලයක් ,
අමරාවතී ප්‍රාන්තයේ විමුක්ති ජාතිකයින්ගේ (සංචාරක ගෝත්‍රිකයින්) දුප්පත් දරුවන් සහ පසුගාමී පන්ති වල ළමුන් සඳහා පාසල් තැනීම
මහාරාෂ්ට්‍රයේ අමරාවතී හි ක්‍රිෂි විද්‍යන් කේන්ද්‍ර (ගොවි පුහුණු මධ්‍යස්ථානයක් ) පිහිටුවීම, මහිලා ආර්ථික් විකාස් මහා මණ්ඩලය පිහිටුවීමේ පුරෝගාමිත්වය දැරීය.
මුලාශ්‍ර :
https://www.councilwomenworldleaders.org/pratibha-patil.html
http://pratibhapatil.nic.in/profile.html.
https://awpc.cattcenter.iastate.edu/directory/pratibha-d-patil/
නිලක්ෂි බණ්ඩාර -
03/12/2023
Friday, March 10, 2023
නුතන ඉන්දියානු මුර්ති කලාවේ පියා
එම ඉන්දියානු නුතන වාදීන් අතර ඉහළ පිළිගැනීමක් රාම චන්ද්‍රන් රාම් කිරන් බායිජිට හිමිවන අතර ඔහු බහුවිධ කලාකරුවෙකි.මුර්ති ශිල්පියකු, චිත්‍ර ශිල්පියෙකු , ග්‍රැෆික් නිර්මාණකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ වෙහෙස වී ක්‍රියාකළේය.ඔහු කුඩා කල තමන් සතු සම්පත් වලින් කුඩා මැටි රු සහ සිතුවම් නිර්මාණය කල අතර එයට පෙළඹවීමක් ඇති වුනේ බංකුරා ප්‍රදේශයේ සිටි දේශීය චිත්‍ර ශිල්පින් සහ රූප අඹන්නන්ගේ නිර්මාණ ක්‍රියාවලිය දෙස බලා හිඳීමෙනි.පසුව ඔහුගේ අපිරිමිත බුද්ධිය සහ කලාත්මක පරිකල්පන හැකියාවත් සමගින් ඔහුටම ආවේණික වූ ඉන්දියානු දැක්මක් ඇති එය බටහිර චිත්‍ර හා ඒකාබද්ධ කරමින් අත්හදා බලන්නට විය.
Tuesday, February 28, 2023
භාරතයේ පැවති ස්වභාවික වස්තු වන්දනය..
කඳු , පර්වත ,වෘක්ෂ , ඉර,හඳ, තාරකා වැනි ස්වාභාවික වස්තුන්ට වන්දනාමාන කිරීමට පෙරදිග මෙන්ම අපරදිග වැසියෝද , ආදී කාලයේ පටන් පුරුදුවී සිටියහ.දියුණු වූ ආගම් ලොව නොපවතී. මෙම අවධියේදී තමන්ට පිහිටවූ වස්තුන් දේවත්වයෙහි ලා සැලකු බව පිළිගත හැකිය.බුදු දහම ක්‍රිස්තු දහම සහ මුස්ලිම් දහම ලොව ප්‍රචලිත වූ පසු ශ්‍රී මහා බෝධිය ,එහි ශාඛා ,ශ්‍රී පාද, ඇන්දිස් , විසුවියස්, ෆුජියාමා , වැනි කඳු ද මිනිසුන්ගේ පුද පුජාවන්ට ලක්විය.
පැරණි ඉන්දියාවේද වෘක්ෂ වන්දනාව බහුලව පැවති අතර ,සෑම ගමකම මංසන්ධි වලද වන්දනාමාන කරනු ලබන ගසක් තිබුණි.විශේෂයෙන් ශුද්ධ යයි සලකනු ලැබූ ගස් අතර බෝ, නා, නුග ප්‍රධාන වේ.බෝ ගස් වන්දනාව බුදු දහමටද පැතිර ගිය අතර , නුග ගසේ පහලට එල්ලා වැටෙන කරු මුල් , ආගමික ධර්මයන් සනිටුහන් කරන බවට මෙකල ප්‍රචලිත විය,මෙම විශාල වෘක්ෂ වල කෙම්මුර දින වලට දේවතා එළි පවතින බවට එකල මෙන්ම දැන්ද විශ්වාස කරයි.
ස්ත්‍රීන් දරුවන් ලැබීම සඳහා අශෝක වෘක්ෂයට වන්දනාමාන කරයි.විෂ්ණු දෙවියන්ට සම්බන්ධ ශුද්ධ වූ පැළෑටියක් ලෙස තුල්සි හෙවත් මදුරුතලා ගෙමිදුලෙහි ආදරයෙන් වගා කළහ.වේද යුගයේ කුෂ හා ධර්බ යන තෘණ වර්ගද වගා කළහ,වේද යුගයේ ශුද්ධ පැළෑටියක් වූ "සෝම " පසු කාලය වන විට අමතකව තිබුණි.කඳු වැටි මෙන්ම ගංගා ද ශුද්ධ වස්තුන් බවට පත්ව තිබුණි .මහමෙරු පර්වතය පාමුල ඇතයි විශ්වාස කරනු ලබන කඳු වැටිය වූ හිමාලය මෙබඳු ගිරි දුර්ගයකි.විෂ්ණුගේ වාස භවනය ලෙස විශ්වාස කරන වෛකුන්ටය කවර කලක වත් අසවල් කන්ද යයි හඳුනා ගෙන නැත.
ශිවගේ වාස භවනය ලෙස හිමාල මධ්‍යයෙහි පිහිටි එක්තරා ගිරි කුළක් වූ කෛලාෂය වැඳුම් පිදුම් ලබයි.
ශිවගේ ජටාවෙන් මහා පොළව වෙතට ගලන ගංගා නදිය ප්‍රධාන පුජනිය නදිය වන අතර යමුනා සරස්වතී ගොධාවරී නර්මදා කාවේරි යන ගංගා ද අජ්මීර් ඇසල පිහිටි පුෂ්කර විලද ආගමික අතින් වැදගත් වේ.
මහා භාරතය, රාමායණය, වේද, උපනිෂද්, භගවත් ගීතා, පුරාණ සහ ස්මෘති යන ග්‍රන්ථවල පරිසරය හා පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහා වූ පැරණිතම පණිවිඩ අඩංගු වේ.භගවත් ගීතාව අපට උපදෙස් දෙන්නේ පරිසරය වෙනස් කිරීමට, එය වැඩිදියුණු කිරීමට හෝ එය සමඟ පොරබැදීමට උත්සාහ නොකරන්න. එය විටෙක සතුරු බවක් පෙනේ නම් එය ඉවසන්න. පරිසර විද්‍යාව හින්දු ආගමේ අධ්‍යාත්මික ලෝක දැක්මක ආවේනික කොටසකි යනුවෙනි.බොහෝ හින්දු භක්තිකයින්ට, පාරිසරික ආරක්ෂාව පිළිබඳ සංකල්පය ආගමික ඉගැන්වීම් වලින් වෙන් වූවක් නොවේ. වනාන්තර සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සඳහා බිෂ්නොයිස් සහ බිල් වැනි ග්‍රාමීය හින්දු ප්‍රජාවන් අතර දේශීය භාවිතයන් කිහිපයකම එය දක්නට ලැබේ.
මුලාශ්‍ර
https://cultureandheritage.org/2022/05/nature-worship-by-ancient-aryans-of.html
නිලක්ෂි බණ්ඩාර
28/02/2023
පකිස්ථානයේ ඇඳුම් තහනම සහ එහි සමාජීය බලපෑම .
විවිධ ක්‍රීඩාවන් සඳහා එම ක්‍රීඩාවට ගැලපෙන ඇඳුම් ඇඳීම ලොව පුරා දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමකි.ඒ ක්‍රීඩාවේ නිපුණතාවය ප්‍රගුණ කිරීමට ආධාර වන නිසාය. ක්‍රීඩාවකට අවශ්‍ය නම්‍යශීලි බාවය ලබා ගැනීමට නම් ප්‍රමිතියකට අනුව ඇඳුම් සකස් විය යුතුය.2021 වසරේ සැප්තැම්බර් මස ඉන්දියන් එක්ස්ප්‍රස් නිව්ස් (
වාර්තාවකට අනුව ජීන්ස් , ඇඟට හිරවූ කලිසම් කාන්තාවන් සඳහාත්, ටි ෂර්ට් පිරිමි ගුරු සිසුන් සඳහාත් තහනමට ලක් කර ඇත.කාන්තාවන් සඳහා ශික්ෂණයක් සහිත සල්වාර් කලිසම් ,කමිස ඇඳීමට අනුමැතිය ලබා දි තිබේ.
පකිස්තානු රාජ්‍ය අධිකාරිය විසින් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති අතර, සෞඛ්‍ය ආරක්ෂිතව අනුමැතිය දී ඇති ඇඳුම් පමණක් ඇඳීමට විදුහල්පති වරුන් දැනුමත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ,
මේ අතර තලෙයිබාන් කැරලිකරුවන් විසින් කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට තහනම් කර ඇත.පිරිමි සිසුන්ට සල්වරයක්, උඩ කබායක්, කලිසමක්, කමිසයක් ජැකට්ටුවක් ඇඳීමට අවසරා ඇත.නමුත් කුමන ආකාරයක හෝ ටීෂර්ට් ඇඳීම තහනම්.
ගුරු සේවයෙහි යෙදෙන්නන්, පාසැල තුල ඔවුන්ට නියමිත කබායද, රසායනික නිලධාරීන් ඔවුන් ඇඳිය යුතු කෝට් එක ඇඳිය යුතුය.මිට අමතර ව විද්‍යාල මට්ටමේ ඇති පාසල් වල ආරක්ෂක නිලධාරින්ටද , සහයකයින්ටද නිල ඇඳුමක් නියම කර ඇත.මෙම සිමා මායිම් වෘත්තිකයින් සහ ක්‍රීඩකයින්ට දැඩි ලෙස බලපාන බව සමාජ මතයයි.
නිලක්ෂි බණ්ඩාර
28/02/
අසිරිමත් කලාවක් , අසිරිමත් දේශයක්...
අසිරිමත් කලාවක්...
අසිරිමත් දේශයක්....
ඇය, ඇයටම උරුම වූ වත් පිළිවෙත්
ප්‍රදර්ශනය කරයි....
සම්ප්‍රදායන් ,
උත්සව සහ සැණකෙළි
ඇයගේ අනන්‍යතාවයේ සළකුණයි.
ඇයටම උරුම වූ කලාවක්.
ටාජ් මහල්, අග්‍රා , එහි අග්‍ර ඵලයක්.
දේශ සීමා මායිම් ඇයගේ හදවතයි.
ඉංදියානු සංස්කෘතියේ පරණ සුන්දරත්වය
ජන කතා සහ ගෝත්‍රික කලාවන් කියා දෙයි.
භාරත සංස්කෘතියේ සුන්දරත්වය
ජන කතා සහ ගෝත්‍රික කලාවයි.
බිතු සිතුවම් සහ කැටයම්
ජනිත වූවා භාරතය තුළම.
සම්ප්රදායන්ගෙ හදගැස්ම
අද්විතීය නැටුම් කලාවේ වින්දනය
සංගීතයේ තත්සර නද
ඔබ වරම් ලද යුතුයි.
වරක් වත් අසන්නට....
ඇඳුම් පැලඳුම් විලාසිතා
මොනවට ගැලපේද දේශගුණ වෙනසට.
ඇගේ ඇඳුමට ගැලපෙන ආභරණ
දිදුලයි නෙත් බඳියි පුදුමයක මහත.
ඇයටම උරුම වූ දේශයේ එක්සත් බව.
ඇත....
ඇවැසි වෙලාවට.
ගැටලුවකදි බෙදා ගනී
එයා ....
අවශ්‍ය විටක වටිනාකම.
නිලක්ෂි බණ්ඩාර
28/02/2023
පැරණි ඉන්දියානු ආර්ථිකය ශක්තිමත් කල තවලම් වෙළඳාම
බුදුන්වහන්සේගේ කාලයේදී ඉන්දියාවේ ප්‍රදේශ , වැඩි කොටසක්ම සම්මත වෙළඳ මාර්ග වලින් සම්බන්ධ වී තිබු බව ඉතිහාසයෙහි දැක්වේ.මෞර්ය යුගය වන විට දකුණු ඉන්දියාවේ ද මාර්ග පද්ධතිය දියුණු වූ අතර මෙම මාර්ග අතුරින් ප්‍රධාන වුයේ නුතන කල්කටාව අසළ පිහිටි" තම්බ්‍රලිප්ති නම් ගංගා නදියේ තොටුපලේ සිට ඉහළ ප්‍රදේශයේ පිහිටි චම්පා නුවර හරහා පාඨලී පුත්‍ර සහ බරණැස් නුවර ඔස්සේ කෞසම්බියට වැටෙන මාර්ගයයි. කොසඹෑ නුවර සිට අතුරු පාරක් විධිෂා සහ උදේනි පුර ඔස්සේ නර්මදා නදී මෝයේ පිහිටි තොටුපල නගරයක් වූ ගෘගු කච්ච නුවර හා සම්බන්ධ වේ.තවත් පාරක් කොසඹෑ සිට යමුනා ගඟේ දකුණු ඉවුර දිගේ මධුරා වට සම්බන්ධ වේ.එයින් බෙදී ගිය තවත් අතුරු පාරක් රාජස්තාන් ප්‍රාන්තය, ථාර් කාන්තාරය පසු කර ඉන්දු ගංගා නිම්නයේ පතළ නම් නුවරට පැමිණේ.ප්‍රධාන මාවත වත්මන් දිල්ලිය හරහා ගොස් පන්ජාබ් ප්‍රදේශයේ පංච නදිය සියාල්කොට් අසලින් විහිදී වයඹ දිග පිහිටි තක්ෂිලාවට පැමිණ කාබුල් පසු කර මධ්‍යම ආසියාව දෙසට විහිදේ මෙම මාර්ග කෙතරම් ජනාකීර්ණ ව පැවතියද යත් මෞර්ය රජවරු සැතපුම් කණු පිහිටුවා නියමිත දුරකින් විශ්‍රාම ශාලා සහ ළිං පිහිටුවා තිබුණි.දකුණු මාර්ගය උදේනි නුවර සිට ඩෙකනය දක්වාත් , ඉන්පසු ගොධාවරී නදිය ඔස්සේ කොන්ජිවරම් හරහා මධුරෙයි දක්වා සම්බන්ධ විය.මෙම මාර්ග වල පිහිටි ගංගා තරණය කිරීමට , සමහර ස්ථාන වල පාලම් තනා තිබු අතර, වැදගත් තොටුපල වල පාරු සේවයක්ද ක්‍රියාත්මක විය.රෝමවරුන්ගේ මාර්ග තැනීමේ කළාවට ලංවිය නොහැකි වුවත් , වඩාත් සාර්ථක ආණ්ඩු පැවති යුග වල මංමාවත් නඩත්තුව සාර්ථවක සිදුවිය.
තවලම් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූ අතර වැසි කාලයේදී පාරවල් මැද වීම නිසාත් ,සොර සතුරු උවදුරු නිසාත් ,වනාන්තර වල වනචාරි ගෝත්‍රිකයින් ජිවත් වීම නිසාත් ,වන සතුන්ගෙන් , සර්පයින්ගෙන් සහ අමනුෂ්‍ය බලපෑම් (එකල විශ්වාස වලට අනුව ) මෙම තවලම්කරුවන්ට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.මේ නිසා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් එකතුවී තවලම් යාම සිදුකල අතර එක තවලමකට 500ක් පමණ පුර්ෂයන් සහබාගි වූ බවත් , තවලම් රැකීමට බාර ගත් මුරකරු කණ්ඩායම් සිටි බවත් එකල පාලි සාහිත්‍යයේ සඳහන්වේ..
මෞර්ය රජවරුන් තවලම් ආරක්ෂාවට බොහෝ කටයුතු සිදුකල අතර දුර්ෆා බැහැර ප්‍රදේශ වල කල වෙලදාම් වලට ණය මුදල් සැපයීමේදී ගිනි පොලි අය කිරීමට අර්ථ ශාස්ත්‍රයෙන් ඉඩ දී තිබීමෙන් , මෙකල වාණිජ ගමන් බිමන් වල අනතුරු දායක බව මොනවට පැහැදිලි වේ.
ගැල් නායකයා සාත්තු නායකයා (සාර්ථ වාහ) ලෙස හැඳින් වූ වෙළඳුන් අතර වැදගත් සහ උසස් තත්වයක් හිමි කර ගත් පුද්ගලයෙකි. ගුප්ත අවධියේදී උතුරු බෙංගාලයේ තිබු තඹ පත් වල, සාත්තු නායක තැන ඒ ප්‍රදේශයේ රට සභාවේ වැදගත් ස්ථානයක් හිමි කර ගත්තේය.පාලි දහම් පොත් අනුව තවලම් වෙළඳාමේ සිටි තවත් වැදගත් නිලධාරියා "නියමුවා යි".ඔහු වාලුකා කාන්තාරයේ පාරක් තොටක් නැති ප්‍රදේශ වලදී අහසේ තරු රටා අනුව මග පෙන්වූ මාර්ගෝපදේශකයකු විය.මෙම තවලම් ගංගා වල තොටුපලවල් වල පැමිණ විදේශ වලටද නැව් මගින් භාණ්ඩ යවන ලදීමේවා ප්‍රධාන වශයෙන්ම සුඛ විහරණ භාණ්ඩ වූ අතර දකුණින් කුළු බඩු, සඳුන් ලි, රත්රන් හා මැණික් ද , බෙංගාලයෙන් හා බරණැස් නුවරින් පට පිළිද , හිමාලය ආසන්න ප්‍රදේශ වලින් කස්තුරීම්,කුංකුම හා සෙමෙර වර්ගද ගෙන එන ලදී,
බෞද්ධ ජාතක කතාවල තවලම් කරුවන් සහ ඔවුන් මුහුණ දුන් භයානක මෙන්ම රසවත් සිද්ධීන් වත්මන් අපේ ජිවිත හැඩ ගස්වා ගැනීමටද මහත් උපදේශයක් සපයයි. ගැල් කරුවන් සතුව තිබුණු උත්සාහය දෛවය සහ අභියෝග ජය ගැනීමට යොදා ගත් ආකාරය ප්‍රසංශනීය වේ. දිය නා දෑතින් නෙලුම් මල් රැගෙන ගැල් කරුවන් ඉදිරියට පැමිණි අමනුෂ්‍යයින් ඔවුන් රැගෙන ආ ජලය හලා දමා ඔවුන් මුලා කර , පිපාසයෙන් මිය යෑමට සැලැස්වීමට උත්සහ කළහ.නමුත් අපේ බෝසතුන් වහන්සේ නායකත්වය දී ඔවුන් රැක ගත්තේය. උන්වහන්සේ උපන්නේ භාරතයේය.
බෝසතුන් මෙම යක්ෂයින් හඳුනා ගත්තේ ඔවුන් රත් පැහැ දෑසින් යුක්තවූ නිසාත් ,ඇසිපිය නොහෙලූ නිසාත්, සෙවණැලි රහිතවුත් නිසාය.
නෙළුම් මල් පෙන්වා අපව මුලා කර , සාගතයෙන් ,පිපාසයෙන් රටක් මිය යාමට සලස්වන අමනුෂ්යින්ගෙන් බේරාගැනීමට බෝධිසත්වයකු කවදා පහල වෙයිද ?
ශරීර ලක්ෂණ කෙසේ වෙතත් මොවුන්වද හඳුනා ගැනීමට අවශ්‍ය ලක්ෂණ ඇත. නමුදු....දශක කිහිපයක් යන තුරුම මොවුන්ව හඳුනා නොගත්තේ කාගේ වරදින්ද ?
සේයාරු අන්තර්ජාලයෙනි.
නිලක්ෂි බණ්ඩාර
28/02/2023
Friday, February 24, 2023
කර්ණාටක ප්‍රාන්තයේ සුවිශේෂී අංගයක් වූ යක්ෂගාන නර්තනය
දකුණු ඉන්දියානු නර්තන සහ නාට්‍ය සම්ප්‍රදායන් ගත් කල කර්ණාටක ප්‍රාන්තය යක්ෂගාන නර්තන සම්ප්රදාය සමගින් ප්‍රබල ලෙස සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇත. විචිත්‍රවත් සහ වර්ණවත් නර්තන චලනයන් ,සංගීතය , ඇඳුම් ,සැරසිලි, මෝස්තර වේෂ නිරුපණය, වෙස් මුහුණු මෙම කළා ආකෘතියේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ වේ. ඒ ඔස්සේ ප්‍රබල හැගීම් දිප්තනයක් සිදු කරන අතර සම්ප්‍රදායිකව විවිධ හින්දු කෝවිල් වල අනුග්‍රහය ඇතිව පිරිමි ළමුන් විසින් කණ්ඩායම් සැදී යක්ෂගාන නර්තනය ඉදිරිපත් කරයි.20 වන සියවසේ මැද භාගයේදී ගෘහස්ත වේදිකාවල බොහෝ ප්‍රසංග පවත්වා ඇති අතර 1970 ගණන් වලදී කාන්තාවන්ද මෙම සම්ප්රදාය ඉගෙනීම ඇරඹිය.
යක්ෂගාන නර්තනය කොටස් දෙකකට බෙදෙන අතර
1.මුදලාපාය (උතුරු කර්ණාටකයෙ ප්‍රසිද්ධ නැගෙනහිර ස්වරුපය)
2.පාඩුවලපාය ( බටහිර විලාසය වෙරළබඩ යක්ෂ විලාසය ) යනුවෙන් හැඳින්වේ.
මේ දෙකෙන් වෙරළබඩ යක්ෂගණය ප්‍රසිද්ධ වන්නේ කලාකරුවන්ගෙන්, චින්තකයින්ගෙන් සහ පර්යේෂකයින්ගේ උත්සාහයෙන්, වෙහෙස වී වසර ගණනක් තිස්සේ සිදුකල අත්හදාබැලීම් වලින් අත්පත් කරගත් විශිෂ්ඨත්වය නිසාවෙනි.
16 වන සියවසේදී සංස්කෘත සාහිත්‍යයේ සහ රංග කලාවේ මුලයක් ලෙස යක්ෂය ගානයනැටුම් -නාට්යාකෘතියක් ලෙස මතු විය.ඊළඟ වසර 5000ය තුළ යක්ෂගාන සංග්‍රහය තෙලිඟු, කන්නඩ භාෂාවෙන් ලියු නාට්‍ය සියගණනක් ඇතුලත්ව නිර්මාණය කරන්නට පටන් ගත්හ.නමුදු 21 වන සියවස වන විට සක්‍රියව රඟ දැක්වුයේ in කෘති 12ක් පමණි.භාරතයේ මහා හින්දු කාව්‍ය වන රාමණය, මහා භාරතය , මෙන්ම භගවත් පුරාණය ඇතුලත් තරුණ ක්රිෂ්ණ කුමරුගේ කතාවලින් මෙයට මුලික ආක්යයනය උකහාගෙන ඇත.
ඓතිහාසික වශයෙන් ගත් කල තමිල්නාඩුවේ තන්ජෝර් ( වර්තමානයේ තන්ජාවුර්) ප්‍රාන්තයේ සහ මධුරෙයි යන නගර දෙකම සහ කර්ණාටයේ මයිසුර් යන නගර යක්ෂගාන සම්ප්‍රදායෙ ප්‍රධාන කේන්ද්‍රස්ථාන වේ.කඳුකුර් රුද්‍ර කවියා විසින් රචිත " තෙලිඟු සුග්‍රීව විජයම් ( සුග්‍රීවගේ ජයග්‍රහණ -C1570 ) කාව්‍ය සංග්‍රහය සහ පාර්ටි සුබ්බා විසින් රචිත කන්නඩා කෘතිය (C1800) සහ රාමායනයේ සුප්‍රසිද්ධ කතාංග මේ අතර වඩාත්ම කැපී පෙනේ.
යක්ෂගාන නර්තන ඉරිදිපත් කරන නළුවන්ගේ වේශ නිරුපණයන් සහ ඇඳුම් වල වර්ණ සහ මොස්තර පහසුවෙන් හඳුනාගත හැකිය. උදාහරණ ලෙස යක්ෂ වේෂයන් රතු සහ කළු පැහැයෙනුත් විර චරිතයන් රෝස සහ කහ පාට මුහුණින් සහ නළලේ කැපී පෙනෙන සලකුණක් ද විශාල කඳුළු බිඳු හැඩති හිස්වැසුම් වලින්ද නිරුපණය කෙරේ. එලෙසම එම ඇඳුම් කේත වලද කලාපිය වශයෙන් සුළු සුළු වෙනස්කම් දක්නට ලැබේ.
ගමේ සාම්ප්‍රදායිකව පිහිටවූ එළිමහන් වේදිකාවක් මත
දැල්වෙන තෙල් පහන් සහ අඳුරු සෙවණැලි සහිත පසුබිමක රඟදක්වන යක්ෂගාන නර්තනය ප්‍රේක්ෂකයින් වශීකෘත කරමින් ඔවුන්ව සුන්දරත්වය , ප්‍රේමණිය බව ,භයංකරය සහ ප්රචණ්ඩත්වය මැද වෙනමම ලොවක අතරමන් කරයි.අතීතයේදී වේදිකාව ආලෝකමත් කිරීමට තෙල් ලාම්පු,පොල් අතු වලින් සාදන ලද ජූට් නුලකින් සැදු තුඩාර් නම් ආලෝක පන්දම් භාවිත කර ඇත.
නළුවන් බොහෝ විට තිර රචනයකට අනුව රඟදක්වන අතර ඔවුන්ගේ ඒ මොහොතේ ඉදිරිපත් කල යුතු ඉඟි ප්‍රධාන සංගීතඥයාගෙන් හෝ මෙහෙයවන භාගවතරගෙන් ලබා ගනී.ඔවුන් අතේ ගෙනයා හැකි කුඩා තාලම්පට ගොන්ග් හෝ තාලා නම් අත්තාලයක් භාවිතා කරයි.එය දෙවන සංගීතඥයකු විසින් වාදනය කරයි.සංගීතයේ ප්‍රධාන රිද්මයානුකුල අංගය වන්නේ බෙර වාදනයයි.එක් අයකු අතින් පහර දෙන ද්විත්ව හිස මද්දලයක්ද අනෙකා යෂ්ටියකින් පහර දෙමින් හිස් සෙන්ටාවක්ද වාදනය කරයි.මෙහිදී භාගවර්තර්ට සහය වාදකයන්ද සහබාගි වේ.මෙම නාට්‍ය සම්ප්‍රධාය විශේෂයෙන්ම කේරළයේ කතකලි ආකෘතියට සහ තමිල්නාඩුවේ කෙරික්කුට්ටි විදි නාට්‍ය සම්ප්‍රධායට සමාන බවක් දක්වයි.
Thursday, February 23, 2023
ජාත්‍යන්තර සිනමාව ඒකාලෝක කළ " පාතර් පංචාලි " (1955)
ලොව චිත්‍රපට කලාව ගත් කල ඉංග්‍රීසි නොවන ජාත්‍යන්තර සිනමාව ජය ගත් පතාක යෝධයන් රැසක් ලෝකයේ සිටිති. ඒ අතර මුල් තැන ඉංග්මාර් බර්ග්මන් ,ෆෙඩරිකෝ ෆෙලිනි , සත්‍යජිත් රායි සහ අකිරකුරසොවා යන නිර්මාණකරුවන්ට හිමිවිය. ඒ අතරින් සත්‍යජිත් රායි යනු සිනමා ලෝකයේ විශ්ව සම්මානිත නිර්මාණකරුවෙකි.1992 දී ඔස්කාර් සම්මාන ලබා මියගිය නමුදු ,මෙම ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයාගේ නම අදටත් ලොව ප්‍රශංසාවට ලක් වෙයි.
වරක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට විනසන්ට් කැනබි (Vinson Canby )වරක් ලිව්වේ රේගේ චිත්‍රපටි යනු " මුළු ලොවක්ම අවදි කරවන නිර්මාණයි."නැසී ගිය ලුවී මල්ලේ (Louis Malle) රේගේ නිර්මාණ ගැන පැවසුවේ අපුර්ව සහ අද්විතීය නිර්මාණ බවයි." Howards End සහ The Remains of the Day චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් අයිවරි වරක් පැවසුවේ රේ නිර්මාණය කළ චිත්‍රපටයක් නැරඹීමෙන් පසු ප්‍රේක්ෂකයාට පරිපුර්ණිත දැනුමක් සේම ප්‍රඥාවන්ත බවක් සේම තවත් ඒ පිලිබඳ හැදෑරීමට ආසාවක් ඇතිවන බවයි.
සත්යජිත්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන පාතර් පංචාලි චිත්‍රපටයේ තිරගත කිරීමට අයිවරි සහ ඔහුගේ සහකාර ඉස්මයිල් මර්චන්ට් විසිනි.Sonny Picture Classics හි මුල්‍ය අනුග්‍රහය ඇතිව Merchant සහ Ivory විසින් එක්සත් ජනපදයේ තොරාගත් සිනමාහල් වල බෙදා හැරීමට Ray විසින් නිර්මිත සේයා රූ රැසක් බෙදා හැර තිබේ.අපු ත්‍රිත්වය රේ ගේ විශිෂ්ඨම චිත්‍රපට අතරට ගැනෙන අතර මෙය ඉන්දීය සාහිත්‍යධර බිභුතිබුෂණ බන්ධෝපාධ්‍ය (Bibhutibhushan Bandyopadhyay) විසින් රචිත
Pather panchali (මාවතේ ගීතය)
Aprajito (අපරාජිතයෝ)
The World of Apu/ Apur Sansar ( අපුගේ ලෝකය ) යන කෘති ත්‍රිත්වය ඔස්සේ චිත්‍රපට මාලාවක් ලෙස තිරගත නිර්මාණය විය.
1955 දී නිම කරන ලද අපූ ත්‍රිත්වය 1956 දී පැවති කැනාස් චිත්‍රපට උළලේදී ඉහළම සම්මානයට පාත්‍ර විය.එමෙනම බර්ලින් සහ වැනිස් සිනමා සම්මාන උළෙලවලදී ද සම්මාන 7 ක් ඇතුළුව ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් ජයග්‍රහණය කරන ලදී. මෙම චිත්‍රපට මාලාවට සංගීතය සංගීතඥ රවී ශංකර් විසින් නිර්මාණය කළේය.
බෙංගාලයේ පිටිසර ගමක ජිවත් වන කුඩා පවුලක් කේන්ද්‍රකොට ගෙන කතාව නිර්මාණය වන අතර , පියා වන හරිහර් (කනුර් බැනර්ජි ) පුජකයෙකු සහා කවියෙකු වේ.ඔහු ලබන වැටුප පිළිබඳව සීත යොමු නොකොට තම ලිවිම සහ අධ්‍යාත්මික කටයුතු කෙරෙහි කාලය වැය කරයි.හරිහරර් ගේ පවුල දරිද්‍රතාවයේ පතුලටම වැටි ඇති අතර බිරිඳ වූ සර්බෝජයා (කරුණා බැනර්ජි ) මුහුණ දී ඇති මුල්‍යමය ගැටළු නිසාවෙන් තම දියණිය වූ දුර්ගා (උමා දාස් ගුප්තා ) සහ අපූ අපූ විසින් තම නැන්දණිය වූ චුනිබාලා දේව්)(Indir Tarkhun) ව නොසලකා හරිද යන බියෙන් පසුවිණි. මෙම චිත්‍රපට මාලාව මෙම අපූ නම් කුඩා දරුවා කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වීම සුවිශේෂිය.
මෙම චිත්‍රපටයට යුරෝපිය සිනමාවේ අභාෂය මෙන්ම බෙංගාලි සාහිත්‍යද බලපා ඇති අතර , ඉන්දියානු සම්භාව්‍ය සංස්කෘතික නිර්මාණවල ද අභාෂය ලබාගෙන ඇත. නිර්මාණය පුරාවට අපිට ඉතාලි නව යථාර්තවාදී සිනමා ලක්ෂණ දැකිය හැකි අතර එහි සමාජ යථාර්තය නිරුපණය කිරීම, ස්වභාවික ආලෝකය වැඩිපුර භාවිතය, වෘත්තීය නිර්මාණකරුවන් නොවන නවකයින්ට මුල් තැන දීම වැනි ලක්ෂණ ඒ අතර වේ
කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටය වූ අපරාජිතෝ ((The Unvanquished)) යොවුන් වියට පැමිණෙන අපුගේ සහ මවගේ මාතෘ දරු සෙනෙහස පිළිබඳව අපුරුවට එළිදක්වන්නකි.මෘනාල් සෙන් ,රිත්වික් ඝටක් වැනි විචාරකයින්ට අනුව එය පළමු චිත්‍රපටය අභිබවා යන නිර්මාණයකි.අපරාජිතෝ සඳහා ජාත්‍යන්තර සම්මාන 11ක් ලැබුන අතර ලන්ඩන් සිනමා සම්මානය වූ Sutherland Tropy සම්මානයටද හිමිකම් කිවේය.
Venice Film Fair සම්මාන උළලේදී Golden Lion සම්මානය අපරජිත් චිත්රපයට ලැබුණි.සිනමාධාර සුබත්රා මිත්‍රාගේ කැමරාකරණය ඔස්සේ භාවිතා කල ප්‍රබල අලෝක ප්‍රභවයකින් ලැබෙන ආලෝකයක් Bouncing Board පරාවර්තනය කර හෝ වෙනත් ලා කහ වර්ණයකින් යුක්ත පෘෂ්ඨයක් මතට පරාවර්තනය කිරීම ඔස්සේ (Bounce Lightning) නිර්මාණය කල ආලෝකය මෙම චිත්‍රපටය පුරාවට ඇති විශේෂ අංගයකි.
සත්‍යජිත් අපරාජිතයින්ගෙන් පසුව මෙහි තෙවන කොටසක් පිළිබඳව නොසිතු නමුත් වැනිස් සිනමා උළලේදී ඒ ගැන විමසීමෙන් පසු එහි අවසාන ස්ථාපනය ලෙස අපුර් සංසාර් (The World of the Apur) චිත්‍රපටය 1959 දී එළිදැක්විණි. සත්‍යජිත් විසින් ඔහුගේ ප්‍රියතම නළු නිලි දෙපල වන සෞමිත්ර චැටර්ජි සහ ශර්මිලා තාගෝර් ව හඳුන්වා දෙන ලදී.
දකුණු අප්‍රිකානු කතුවරයකු වූ J.M.Coetzee Youth සඟරාවට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය පදනම්වූ අපූ ත්‍රිත්වයේ සංගීත රසභාවය පිළිබඳව මෙසේ පවසා ඇත.
"එව්රිමන් සිනමා හලේ සත්යජිත්ගේ නිර්මාණ එළිදැක්වීමක් විය.ඔහු අපූ ත්‍රිත්වය සමගින් එම සාර්ථක රාත්‍රී අනුප්රප්තින්හි දී ධ්‍යානයකට සමවැදී සිටි.අපුගේ කටුක ළමා කාලය තුලින්, ඔහුගේ කුටුම්භයට කොටුවූ මව තුලින් සේම දුර්වල ආත්ම ශක්තියකින් හෙබි පියාගේ රංගනය දුටු විට සත්යජිත්ව ඔහුගේ ළමා කාලයට මතයන් ඔස්සේ ගමන් කරයි. ඒ සියල්ලටම වඩා පසුබිමින් ඇහෙන බෙර හඬ ඔහුව ග්‍රහණය කර ගන්නා අතර වාදනය වන බෙර සහ තත් වාද්‍ය භාණ්ඩ අතර සැඟවුණු සංකීර්ණ අභ්‍යන්තරික හඬවල් සමුදය ,බට නලාවෙන් වැයෙනදිගු ඒරිස් (Arias) වාදනයෙ සප්තකයන් පිළිබඳව හෝ සංගීත න්‍යායන් පිළිබඳව නොදත් නමුත් ..., චිත්‍රපටය අවසන් වූ පසුවත් ඔහුව සංවේදී හදවතකින් යුක්තව ශෝකී මනෝ භාවයකින් අතීතය පුරා මතකාවර්ජනයක යෙදේ. "
"පාතර් පංචාලි 2009 වසරේදී 97%ක අගනා ශ්‍රේණිගත කිරිමකටද ,විචාරිත සමාලෝචන 38 කට ද ඇතුලත්ව ලොව හොඳම විදේශිත චිත්‍රපට 100 ඇතුලට ඇතුලත් වීමට වරම් ලබා ගත්තේය.අපරජිතෝ හොඳම සමාලෝචන 18ක් සහිතව 94% ක ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් ද අපුර් සංසාර් සමාලෝචන 22 ක් සහ 100%ක ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් ලොව ඉහලම ඝනයේ ශ්‍රේණිගත චිත්‍රපට අතරට එක්වුයේ එලෙසින්ය.
මුලාශ්‍ර
https://www.reelviews.net/reelviews/pather-panchali
https://en.wikipedia.org/wiki/The_Apu_Trilogy#:~:text=This%20semi%2Dautobiographical%20novel%20describes,while%20he%20was%20in%20London.
සටහන
නිලක්ෂි බණ්ඩාර
23/02/2023
Wednesday, February 22, 2023
ඉංදියාවෙන් ලොවට බෙදන මල්
පුජසනයට මෙන්ම ජිවිතයේ සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථා වලදී සැරසිලි සඳහා යොදා ගන්නා මල්, මිනිස් ජීවිතය හා බැඳී පවතින්නේ පුදුමාකාර අන්දමකිනි. මල් වැවීම ව්‍යාපාරයක් ලෙස ගතහොත්... ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 4ක වටිනාකමකින් යුත් මල් , වෙළඳපලට සපයනු ලබන අතර , නිෂ්පාදනයේ වැඩිවීමේ ප්‍රතිශතය වාර්ෂිකව 10%-12% අතර වේ. මල් සඳහා ඇමරිකානු එකසත් ජනපදය , ජපානය, සහ බටහිර්ෆා යුරෝපය ප්‍රධාන වෙළඳපලවල වේ.නැගෙනහිර යුරෝපය මෙන්ම , දකුණු කොරියාව ,තායිලන්තය සහ ඉන්දුනීසියාව අධික ලෙස මල් පරිභෝජනය කරන රටවල් අතරට එළෙඹෙමින් පැවති.ලෝක මල් නිෂ්පාදකයින් අතර නෙදර්ලන්තය, 56% කාටද කොලොම්බියාව 11% කාටද හිමිකම් කියයි.මේ අතර ඉන්දියාව මල්, කපන ලද මල් , සැරසිලි සඳහා අවශ්‍ය අතු වර්ග ,උඩවැඩියා ,පාසි වර්ග වැනි විවිධාකාර නිෂ්පාදබා වෙළඳ පලට සපයනු ලබයි.සියලුම මල් නිෂ්පාදන වර්ග 4කට බෙදේ.කැපු මල්, නනිෂ්පාදනයෙන් 72ක් පමණද අතු හා පාසි වර්ග 8ක් ද මුල් සහිත ශාක සහ අතු 11 ක් පමණද අපනයනය කරයි.
කපන ලද මල් දෙයාකාරයකට අපනයනය කරයි.
1. මල් පොකුරු සහ සැරසිලි සඳහා අමු මල්
2.වියලන ලද මල් .
කපන ලද මල් සඳහා ප්‍රධාන වෙළඳපල ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය හිමි කර ගන්නා අතර , ඇමරිකාව කපන ලද මල් වලින් 8ක් ද ජර්මනිය 8ක් ද ඔස්ට්‍රේලියාව 5ක් ද නෙදර්ලන්තය 5ක් පමණද මිලට ගනී.මේ අනුව ඉන්දියානු මල් මිලට ගන්නා මුළු රටවල් සංඛ්‍යාව මේ අනුව 54කි.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් පිච්ච මල් මිලට ගනී.පිච්ච මල් වගා කරන බදුල්ල , බණ්ඩාරවෙල වැනි දිස්ත්‍රික්ක මගින් සපයනු ලබන මල් ප්‍රමාණය වෙළඳ පලට ප්‍රමාණවත් නොවන නිසා දිනපතා ඉන්දියාවෙන් පිච්ච මල් රැගත් ගුවන් යානයක් ලංකාවට පැමිණේ.මෙම මල් විශාල වශයෙන් කොළඹ නගරයේ ඩීන්ස් පාර, වැල්ලවත්ත, බොරැල්ල , මරදාන , වැනි ප්‍රදේශ වල මල් අලෙවි සල් වල දැකිය හැකිය.ඉන්දියාව සිය කානේෂන් මල්වලින් වැඩි ප්‍රමාණයක් නවසීලන්තය, එක්සත් ජනපදය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරනු ලබයි.
ඉන්දියාවේ මල් වගාවේ දීර්ඝ සම්ප්‍රධායික ඉතිහාසයක් ඇත.මල් සහ උද්‍යාන පිළිබඳව පුරාණ සෘග්වේදය ,රාමායණය, මහා භාරතය ,ශුද්‍රක, අශ්වගෝෂ වැනි සංස්කෘත,සම්භාව්‍ය කෘති වල දක්නට ලැබේ.සියලුම සාමාජ අංගයන්හිදී සහ දෛනික මිනිස් ජීවිතයේදී මල් අනිවාර්ය අංගයක් වූ බවට සාධක ඇත.වෙනස් වූ ජිවන රටාවන් සහ ආර්ථික වෙනස්වීම් සමග ඉන්දියාවේ මල් වගා කිරීම නිශ්චිත මාර්ග උපයෝගයක් වී ඇත.වාණිජ මල් වගාවේ විභවය අගය කිරීඉමත් සමග මෙම ක්ෂේත්රය ශාක්‍ය කෘෂි විකල්පයක් බවට පත් වී ඇත. විවිධ කෘෂි දේශගුණික තතත්වයන් පැවතිම නිසා රටේ ඔනෑම ස්ථානයක වසර මුළුල්ලේ නිවර්තන සහ සෞම්‍ය කලාපිය මල් වර්ග වගා කිරීමේ හැකියාව ඉන්දියාව තුළ පවති.ඉන්දියාවේ කුඩා ගෙවතු ආශ්‍රිතව සමුහ මල් ගොවිපලවල් දක්නට ලැබෙන අතර ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තයේ කොටසක් ලෙස මල් වගාව සැලකේ.
රට තුළ ඇස්තමේන්තු ගත කල මල් වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 65000ක් පමණ වේ.මල් වගා කරන ප්‍රධාන ප්‍රාන්ත වන්නේ දකුණේ කර්ණාටක , තමිල්නාඩු අන්ද්‍රා ප්‍රදේශ්, බෙංගාලය, මහාරාෂ්ඨ ,රාජස්තාන්, දිල්ලි මල් වගා කරන ප්‍රධාන ප්‍රාන්ත වේ.මෙම ප්‍රදේශයන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් සම්ප්‍රධායික මල් වගාවන්ට වෙන් කර ඇති අතර මෙරිගොල්ඩ් ,ජැස්මින්, කපුරු මල් ,ක්රසංද්රා,ටියුබ් රෝස් ආදිය මල් සැරසිලි , මල් කළඹ සැකසීම සඳහා භාවිතා කරති.
ජිවිතයෙන් මාස 6ක් - මංජුල සේනාරත්න මහතා

මංජුල සේනාරත්න මහතා විසින් රචනයට ලක් කරන ලද ජිවිතයෙන් මාස 6ක් නව කතාව තරුණ වියේදී රැකියාවට ගොඩක් විවාහක ආයතන ප්‍රධානියා සමග සම්බන්දතාවයක් ඇති කර ගෙන ජිවන මග වරද්දා ගත් තරුණියක පිලිබඳ සහ ඇයට එකතුවන අරමුණක් නොමතුව ජිවන මාවතේ පිය නගන ධනවත් තරුණයකු පිලිබඳ කතා පුවතකි.
පුද්ගලයින්ගේ අයථා සම්බන්දතා වල භයානක බව පාඨකයා හමුවේ තැබීම මෙම කතාවේ තේමාවයි.එපමණක් නොව ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පවා සමහර විට ජිවිත කාලය පුරාවටම එම මුහුණ දුන් ප්‍රශ්න වල ප්‍රතිපල නිසා පිඩාවට , දුෂ්කරතා වලට මුහුණ දෙන ආකාරය මෙම නව කතාව හරහා විග්රහ කරන ආකාරය ඉතාමත් විශිෂ්ටය.
නිහාරා නමැති තරුණිය අයථා සම්බන්ධයක් පැවැත්වූ විවාහක ආයතන ප්‍රධානියා ,තමාව විනාශ කර රට හැර ගිය පසු ඔහු සොයා ප්‍රංශයට යයි.එහිදී ඔහුට හමුවන අරමුණක් නොමැතිව පැරිසියේ ජිවත් වන ධනවත් තරුණයකු වන සුමෙධව මුණගැසේ.තම අතීතය පිලිබඳ බොරු රැසක් කියා ජිවිතයේ හැලහැප්පීම් වලට මුහුණ නුදුන් අහිංසක තරුණයකු වූ සුමෙධව රවටා විවහා කර ගැනීමට උත්සහ කරයි. පැරිසියේ අතරමංවූ ඇය ජිවත් වන්නේ සුමේධ සතු මුදලිනි.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් සහ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇති මෙම නව කතාවෙහි රචකයා යොදා ගන්නා භාෂාව මුල සිටම අග දක්වා කතාව රසවිඳීමට පාඨකයා ඇඳ බැඳ තබා ගනී.
පැරිසියේ නිතර වෙනස් වන කාලගුණය කතා නායකයාගේ සහ කතා නායිකාවගේ ප්‍රශ්න සහ ගැටළු වල ස්වභාවය හෙළි කරන පුර්වකතනයක් ලෙස යොදා ගැනීමේ සුවිශේෂී දක්ෂතාවයත් ලේඛකයා සතුය..
මෙම කතාව කියවීමේදී මට නිතැතින්ම සිහි වුයේ ගුණදාස කපුගේ ශුරින් විසින් ගායනා කරන ලද
මංමුලා වී පාර අසාගෙන
හසරක් නොමැතිව යන ගමනේ
මංමුලාවූ සමනළියකගෙන් පාර අසා සිටියේ යන ගීතයයි.
මෙම කතාව තුළා තවත් අතුරු කතාවක් දැකිය හැක. එනම් නිහාරාගේ ආයතන ප්‍රධානියාගේ පවුලේ කතාවයි.ඔහුද මත්පැනට සහ අයථා සම්බන්ධතා වලට යොමුවී තම කුටුම්භය විනාශ මුඛයට ඇද දමා ගෙන ස්වකිය ජිවිතයද විනාශ කර ගන්නා තැනැත්තෙකි.
ප්‍රංශයේදී සුමේධ ට හමුවන මිතුරා වූ ක්‍රිස්ටි අවසානය දක්වාම නිහාරාගේ ජිවන තොරතුරු සුමේධට හෙළි නොකරයි.මන්ද ඔහු සිතන්නේ සුමේධ ට නිහාරා සමගින් යහපත් පවුල් ජිවිතයක් ගත කිරීමට හැකි වේ යයි සිතාය. එලෙසින්ම වන්නට ඔහු හදවතින්ම ප්‍රර්ථනා කරයි. නමුත් ඔහුගේ චරිතය තේරුම් ගැනීමට මදක් අපහසුය. මෙම චරිත දෙස මනෝවිද්‍යාත්මක පසුබිමකින් බැලීමට රචකයා උත්සහ කරන අන්දම ඉතාමත් අගනේය. සුමේධ ට තම පියාගේ අවමංගල්‍යය ට සහබාගි වීම පිණිස ලංකාවට ගොස් ආපසු පැරිසියේ ඇති නිවසට යන විට නිවාස එකම අවුල් ජාලයකි. ඇඳුම් පැළඳුම් ,බදු මුට්ටු සියල්ල සීසීකඩය .ඔහු නිහරට දොස් පවරයි. චිත්ත රූප මැවෙන අන්දමින් පැවසෙන මෙම විස්තරය තුලින් නිහරාගේ පැටලිලි සහිත දිවියේ අවුල් සහගත වූ පැතිකඩක් නිර්මාණය කිරීමෙහිලා කතුවරයා ගත වෑයම සාර්ථක වේ.
උපාලි රණවක නමැති අයගේ මරණය පිලිබඳ විස්තරය කියවන අපට විදේශගත වන පුද්ගලයන්ගේ ජීවිතාරක්ෂාව කෙතරම් දුරට සුරක්ෂිත දැයි ප්‍රශ්නයක් පැන නගී. මෙය කතුවරයා පාඨකයාට දෙන තවත් වැදගත් පණිවිඩයකි.
විදේශගත වන තරුණ තරුණියන් තමන්ගේ ආර්ථික හෝ අධ්‍යාපන අර්ටමුන සාර්ථක කර නොගෙන , විදෙස් දිවියේ මායාවට (Illusion ) හසුවීම නිසා හෝ ගන්ධබ්බයන්ට අසුවීම කාලීනව විවේචනයට ලක් කරන ලද නවකතාවක් බව බෙහෙවින් පැසසීමට ලක්විය යුතු කරුණක් වන අතර විශේෂයෙන්ම දෙමවුපියන් සහා තරුණ පරපුර විසින් නිසැකවම කියවිය යුතු නවකතාවක් ලෙස ජිවිතයෙන් මාස 6ක් කෘතිය නම් කල හැක.
සුරස ප්‍රකාශක
නිලක්ෂි බණ්ඩාර
22/02/2019
Thursday, February 16, 2023
ලාංකීය නිදහස වෙනුවෙන් සටන් කල හින්දුස්තානි කෝකිලාව.
ශ්‍රී ලාංකීය සාහිත්‍යයට විසල්ම බලපෑම කරන ලද්දේ 20 වැනි සියවසේ මහා දාර්ශනිකයා වූ රබින්ද්‍රනාත් තාගෝර් තුමා විසිනි.සාහිත්‍ය සාහිත්‍යයෙන් ව්‍යුත්පන්න වූ බවත් ,නිරුක්තිමය වශයෙන් එකිනෙකට දක්වන සමිපත්වයත් ඔහු විසින් රචිත බෙංගාලි රචනා වල නිතර අවධාරණයට ලක් වන්නකි.එමෙන්ම ශ්‍රී ලංකිය ඉංග්‍රීසි සාහිත්‍යයේ මතුවීම ගලා එන්නේ ජාතිකවාදී ධාරාවන්ගේ වර්ධනයෙනි.මෙම වර්ධනය ඉන්දියාවේ නිදහස් අරගලයත් එම යුගයේ කැපී පෙනෙන ක්‍රියාකාරී ඉන්දියානුවන් පිරිසක් විසින් උත්තේජනයට ලක් කරන ලදී,1930 ගණන් වල සහ 1940 ගණන් වල මුල් භාගයේදී නුවර කලාවියේ නිර්මාණකරුවන් රබින්ද්‍රනාත් තාගෝර් තුමන්ගෙන් සේම සරෝජා නායිදු වැනි කවි කිවිඳියන්ගේ අභාෂය ලැබුහ.
එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක මහතා 1934 දී තාගෝර් තුමා විසින් නිර්මාණය කර කොළඹදී වේදිකාගත කළ Saapmochan නාට්‍යය ප්‍රසංගය නැරඹු අතර , ඒ පිළිබඳව ලීයූ විචාරයේ සඳහන් කර ඇත්තේ ( මෙහි සරෝජා නායිදු කිවිඳියගේ කවියක්ද ඇතුලත්ව ඇත.)
" ගාන්ධි තුමා ගැන මෙන්ම රබින්ද්‍රයන් ගැනද ආඩම්බර වීමට ඉන්දියාවට විසල් හේතු සාධක ඇත.
මන්ද … බටහිරින් පරිණාමනය වූ කලාව ,සිනමාව ඇතුළු ඕනෑම දෙයක් සමගින් සසඳා අත්හදා බලමින් කරන සාහිත්‍ය පරීක්ෂණයන්ට මුහුණ දීමට සැමවිටම ප්රමුඛ දායකත්වයක් දීම හේතුවෙනි.
සන්නාලියනේ ගීතය රචනා කල භාරතයේ කිකිලාවිය වූ සරෝජා නායිදු මැතිණිය ඉංග්‍රීසි කිවිඳියක ලෙස ලොව පුරා පතළ වූ කාන්තාවකි.මහත්මා ගාන්ධි සමගින් ඉන්දියානු නිදහස් සටනේ උරෙනුර ගැටුණු ඇය ලංකාවටද නිදහසේ ස්වර්ග රාජ්‍යය උදාකරලීම උදෙසා සටන් වැදී යකඩ ගැහැණියක් බව අදටත් දන්නේ සීමිත පිරිසකි.
කුඩා කල පටන් කවියට දස්කම් දැක්වූ ඇය 1912 දී මදුරෙයි විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය නිම කර ලන්ඩනයේ කිංග්ස් කොලීජියෙන් සහ ක්‍රේම්බ්‍රිජ්හි ගර්ටන් කොලිජියෙන්ද උසස් අධ්‍යාපනය ලබන ලදී.1898දී තම මව්බිමට පැමිණි ඇය පහත් යයි සම්මත කුලයක වෛද්‍යවරයකු හා විවහා වුවේද තම විප්ලවාදිත්වය මොනවට පෙන්නුම් කරමිනි.
ඉංග්‍රීසි භාෂාවේ මනා පරිචයකින් යුතු ඇය සතුවූ චතුර කථිකත්වයත් සමගින් නිදහස් සටනට ගාන්ධි තුමන් සමගින් කරට කර නැගී සිට එක්වුහ.මෙම හේතු නිසාවෙන්ම ගන්ධිතුමාගෙන් පසු 1925 දී ජාතික සංගමේ නායකත්වයටද ඇය පත්කරනු ලැබුවාය. එමෙන්ම අවිහිංසාවාදයේසටන වූ දර්ශනවාදයේ සත්යග්රහ සටනේදී ගාන්ධි තුමන් ,අබ්භාස් ටියාබ්ජි සහ කස්තුර්බා ගාන්ධි නිදහස් කර ගැනීම වෙනුවෙන් පුරෝගාමිත්වය ගෙන සටන් කළාය.
ලංකා ජාතික සංගමයේ ආරාධනයෙන් නායිදු මැතිණිය 1922 ඔක්තෝම්බර් 7 වැනි දින කොලබ දේශනයකට පැමිණියේ කෙටි නිවාඩුවකට පැමිණි අවස්ථාවේදීය.එම පැමිණීම ගැන පියදාස සිරිසේන මහතා ශ්‍රීමත් සරෝජිනී දේවි සහ සරෝජිනී දේවියගේ පණිවිඩය මැයෙන් කවි පෙළවල් දෙකක් සිංහල ජාතියේ පල විය.
එදින ඇය සිදු කල " ඉන්දියානු පුනර්ජීවනය " (Indian Renaissance) කතාව පිළිබඳව බණ්ඩාරනායක මහතා සඳහන් කර ඇත්තේ
"දේශනය සඳහා පැමිණි සම්භාවනීය කාන්තාව හඳුන්වා දීම මට පැවරී ඇත.එහෙත් මා එසේ කිරීම අවශ්‍ය නැතයි සිතමි.ශිෂ්ඨ ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම භාරතයේ මියුරු පක්ෂියාගේ නම සෑම නිවසකම දන්නා එකකි.ශ්‍රේෂ්ඨ රවින්ද්‍රනාත් තාගෝර් තුමා එම ව්‍යාපාරයේ විශිෂ්ට කවියා වූ සේම ඇය අප මෙහිදී පිළිගන්නේ " ලොව ඉන්දියානු පුනර්ජීවනයේ කිවිඳිය ලෙසය.එම ව්‍යාපාරය පසුපස සිටින්නේ ශන්තුවරයකු වැනි ගාන්ධි තුමන්ය.තමා එතුමාගේ සිසුවියක බව ඇය පවසන්නේ ආඩම්බරයෙනි.
ඇය තම කතාව අරඹන්නේ
" මා ඔබ අමතන්නේ ශෝකී හදවතකිනි.හේතුව ඉන්දීය සටනේ නායකයා වුත් අපේපෙ ගුරුවරයා වුත් මහත්මා ගාන්ධි තුමා සිරභාරයේ පසු වීමයි.කොතැනක හෝ වේවා පණ ඇතිව හෝ නැතිව මම එතුමාගේ පණිවිඩය හde දරා සිතිමි.ඒ නිසා ලංකාවාසීන් මගෙන් දේශනයක් ඉල්ලුවිට මා සිතා ගත්තේ ඉන්දියාව නිදහස් කර ගැනීම පිළිබඳව එතුමා දේශනා කරන පණිවිඩය ඔවුන්ට දීමටයි.ක් දුර්වල ඒ උතුම් මිනිසා අද හිරගෙදරක කල් ගෙවයි.එහෙත් හිර ගෙදරක හෝ සොහොනක බිත්ති වලින් නිදහසේ පණිවිඩය නිහඬ කළ නොහැක.
ඒ නිසා ඉන්දියානු පුනර්ජීවනය ගැන මා කතා කරන විට එහි පුරෝගාමියා වුත් , අනාගත වක්තෘවරයා වුත් ජිවිත පුජාවෙන් සටන් කරන්නාවුත් එතුමා ගැන මා සඳහන් කල යුතුමය.
පුනර්ජීවනය යනු යලි ඉපදීමයි.ඉන් අදහස් වන්නේ වේදනාව , ආත්ම පරිත්‍යාගය සහ ජිවිත පුජාව තුළින් යලි ඉපදීමයි ලෙස ඇය පැවසුවාය.
1924 දී ඉන්දියානුවන්ගේ අවශ්‍යතා මත දකුණු අප්‍රිකාවේ සහ උතුරු අප්‍රිකාවේ සංචාරය කල අතර ඊළඟ වසරේදී ජාතික කොංග්‍රසයේ ප්‍රථම ඉංදිය කාන්තා සබාපතිනිය බවට පත් විය..දෙවන ලෝක සංග්‍රාමයේදී කොන්ග්රස් පක්ෂයේ ප්‍රතිපත්ති වලට සහයෝගය දැක්වූ අතර 1974 දී උත්තර් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරිය බවට පත් විය.
සරෝජා නායිදු ගේ ජීවන කතාව Sarojini Naidu - The Nightingale of India යනුවෙන් මිනිත්තු 20ක කෙටි වාර්තා චිත්‍රපටයක් ඉන්දීය රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලදී. Bhagawan Das Gangar විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය එය ඉන්දියානුවන් අතර විසල් ජනාදරයට පත් විය.
1949 මාර්තු 2 වෙනි දින ලක්නව් හි රාජ්‍ය මන්දිරයේදී භාරතයේ කෝකිලාව දැයෙන් සමු ගත්තාය.
Sunday, February 12, 2023
ඉන්දියානු සිතුවම් කලාව සහ එහි විචිත්‍රවත් ඉතිහාසය
මේ පිලිබඳ පර්යේෂණ සිදු කල පුරාවිද්‍යාඥයින්ට හෙලිවුයේ අවම වශයෙන් වසර 290000 කට වඩා මෙම නිර්මාණ අතර පැරණි ගල් සිතුවම්, මුර්ති ,ලෙන් සිතුවම් තිබු බවයි.පැරණිතම සාක්ෂිය ලෙස මධ්‍යම ඉන්දියාවේ දක්නට ලැබුණු "භිම්බෙට්කා පාෂාණ සාහිත්‍ය " නම් කල හැක.මෙම පාෂාණ මතුපිටින් මිටි ගැසී ඇති ප්‍රයෝජනයකට ගත නොහැකි අර්ධ ගෝලාකාර අවපාතයකින් සැදුණු කෝප්පයක් වැන්නකි.ගලක් මතුපිට අනවශ්‍ය කොටස් ඉවත් කර නිර්මාණය කල සිතුවමක් ලෙස (Petroglyph) හැඳින්වේ.මෙම වර්ගයේ පාෂාණ පුරාණ පැලිලියෝලිතික, මෙසොලිතික් සහ නව ශිලා යුගයන් පුරාවටම දක්නට ලැබුණු අතර ගුහා සිතුවම් කලාවේ මුලික ස්වරූපයන් වී ඇත.මෙහිදී මිනිස් සහ සත්ව රූපයන් හි ඉරියව් සිතුවමට ලක්වීම සුවිශේෂී වී ඇත.
ඉන්දියාවෙන් හමුවූ පැරණිතම සිතුවම්, සහ මුර්ති ක්‍රි.පු.2500- 1800ත් අතරදී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුවූ අතර මිනිසුන්, ගවයින් වඳුරන් වැනි සතුන් නිරුපණය කරන කුඩා ටෙරාකොටා සහ ලෝකඩ පිළිම වේ.ක්‍රි.පු 6 වන සියවසේදී බුදු දහමේ නැගීමත් සමග ගල් සහ ලෝකඩ පිළිම ආශ්රයෙන් ආගමික තේමා නිරුපණය කිරීම ආරම්භ විය.මෙම කාලය තුළ කළාකරුවන් විසින් ගලින් කැටයම් කරන ලද සහ ග්‍රීක අභාෂය සහිතව විහාරසස්ථාන නිර්මාණය කෙරෙහි අත්හදා බැලීම් සිදු කළහ.
ඉන්දියානු බෞද්ධයන් හා හින්දුන් අතර මුර්ති ශිල්පය වඩාත් ප්‍රචලිත වූ අතර ශිව වැනි දෙවිවරුන්ගේ මුර්ති බහුලව නිර්මාණය කෙරුණි.16 වන ශතවර්ෂය වන විට මෝගල් පාලනය නිසාවෙන් ඉස්ලාමිය ප්‍රචලිත විය.ඒ හේතුවෙන් ඉස්ලාමිය පාලකයන්ගේ අනුග්‍රහය යටතේ ඉස්ලාමිය නිර්මාණ විසල් වශයෙන් බිහි වීම ඇරඹුණි.කලාවේ විසල් වෙනසක් සනිටුහන් කල යුගයක් වූ 1631 දී ටජ්මහලේ ආරම්භයද සිදුවන්නට විය.
18 වන සියවසේදී ඉන්දියාවට බ්‍රිතාන්‍ය මැදිහත්වීම් සිදුවන්නට පටන් ගත් අතර , එකල ඔවුන් යුරෝපිය විලාසිතාවන් ප්‍රවර්ධනය කිරීම ඇරඹීමේ ප්‍රතිපලයක් ලෙස ඉන්දියාව තුළ කළා පාසල්ද නිර්මාණය කරන ලදී..එහි ප්‍රතිපලයක් ලෙස දේශීය කලාවන් අතරට විදේශීය බලපෑම ඒකාබද්ධ වී නිර්මාණ දේශීය සහ විදේශීය සම්ප්‍රධායන් ගේ සම්මිශ්‍රණයක් ලෙස නිර්මාණය වන්නට විය.
ඉන්දියානු කළා නිර්මාණ වර්ග :
ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකටම ආවේණික වූ කලා ශෛලියක් පැවතේ. බොහෝ විට ආගමක් නිරුපණය කරන සංකේතය මිත්‍යාවන්, මානව හෝ සත්ව නිරුපණයන් ,යම් කිසි මෝස්තරයක්,අභාරණයක් වැනි කරුණු ඇතුලත් කර නිර්මාණය කරන්නකි. ඉන්දීය ඉතිහාසය පුරා ප්‍රචලිතව ඇත්තේ
1.පින්තාරු සිතුවම්
2.ගෘහ නිර්මාණ ශිල්පය
සහ මුර්ති ශිල්පයයි.
සිතුවම් :
ඉන්දියාවෙන් බිහිවූ සෑම සිතුවම් නිර්මාණයක්ම අතීතයේ පටන් පරම්පරානුගතව පැවැත ආ නිර්මාණයන්ය. ඒවා සම්ප්‍රධායන්, මතවාද සහ සිරිත් විරිත් නියෝජනය කළ අතර මුල් කාලින සිතුවම් බිතු සිතුවම්, ලෙන් සිතුවම් ලෙස පැවතියත් පසුකාලීනව කැන්වස් රෙදි ,කඩදාසි වැනි මාධ්‍යයන් වෙත නිර්මාණය වන්නට විය.පහත දැක්වෙන්නේ ඉන්දියාවේ ජනප්‍රිය ජන සාම්ප්රදානුකුළකළා සිතුවම් ශෛලීන් කිහිපයකි.
මධුබානි සිතුවම්:
ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සිතුවම් අතර මධුබානි සිතුවම් ප්‍රධාන වේ.බිහාර් හි මිථිලා ප්‍රාන්තයට ආවේණික වූ ලෙන් සිතුවම් කලාවක් ලෙස ඇරඹි මෙය බ්‍රිතාන්‍ය සිවිල් සේවකයකු මෙන්ම කලා ඉතිහාසඥයකු වූ ඩබ්ලිව් ජි ආචර් ( W.G. Archer)1934 වසරේදී ඉන්ඇදියානු නේපාල දේශ සිමාවේ ඇතිවූ භූ කම්පනයක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය කර ගත්තේය.
සාමාන්‍යයෙන් මධුබානි ශෛලිය මිත්‍යා දර්ශන නිරූපිත වන සංස්කෘතිමය සහ සම්ප්‍රධාය පිලිබඳ සරල සහ ප්‍රේරක නිරුපණයකින් ඉදිරිපත් කෙරේ.කළාකරුවන් විසින් මල්,සත්ව රු ,කුරුළු මෝස්තර ඇතුලත් කර වර්ණ ගන්වන ලද මෝස්තර සහිතව මධුබානි සිතුවම් ලොවට දායාද කර ඇත.මෙම කලා ආකෘති භාරනි ,කච්නි , ගෙරු , ගෝඩ්නා , සහ තාන්ත්‍රික ආදී විවිධවූ මෝස්තර වලින් යුක්ත වේ.
ක්ෂුද්‍ර සිතුවම් (Miniature Paintings)
පට්ටචිත්ර සිතුවම් (Pattachitra Paintings)
ඉන්දියානු සිතුවම් කලාවේ මුල් සිතුවම් ආකාරයක් වන පට්ටචිත්ර කලා ශෛලිය ක්‍රි.පු.12 දී බෙංගාල බොක්කට ආසන්න නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සාහි ඇති කුඩා ගම්මාන වල ආරම්භ වූ අතර අදටත් ප්‍රචලිත කලාවකි.සංස්කෘත වදනක් වූ පට්ට යන්නෙහි රෙදි මත අදින්නාවූ සිතුවම් යන තේරුම ඔස්සේ පරිණාමය වුවකි.තල්පත්, රෙදි , ලී වලින් සාදන ලද පෙට්ටිවල, කොළ වල , සේද නිමැවුම්, පොල් ගෙඩියේ පිටත කටුවේ.සහ ලි දොරවලද මෙම පට්ටචිත්ත නිර්මාණය කරනු දක්නට ලැබේ. මෙම සිතුවම් කළා විෂයයෙහි ආගමික, මිත්‍යා පුරාවෘත, සහ ජන තේමාවන් ඇතුලත් වීම සුවිශේෂී කරුණකි. බොහෝ විට ක්රිෂ්ණ පුරාණය සහ ජගන්නාත් දෙව් පුරාණය මෙම සිතුවම් වලට අන්තර් ගත කර ඇත.
වර්ලි සිතුවම් ( Warli Paintings)
මෙම සිතුවම් ඉන්දීය සිතුවම් කලාවේ ප්රමුඛත්වයක් ගන්නා අතර විවිධ කාලපරිච්ඡේදයන් තුළ ස්ථාපිත වූ එක් එක් ප්රාන්තයන් වලින් ව්‍යුත්පන්න වූ
තවත් ඉන්දියානු ජන සිතුවම් වර්ග කිහිපයක්ද ඇතුලත් වේ.
1.තන්ජාවුර් සිතුවම් ( Tanjavur , Tanjore Paintings)
මෙම සිතුවම් 16 වන සහ 18 වන සියවස්හිදී දකුණු ඉන්දියාවේ පතළ වූ අතර වෛදික සංස්කෘතියේ සිට පැමිණි විජයනගර් සම්ප්‍රදායට අයත්වේ. " ලී ලෑල්ලක් මත සිදු කරන ලද වර්ණවත් පුවරු සිතුවම් වන මේවයේ ප්‍රධාන තේමාව දෙවත්වයයි. මේ සිතුවම් වල ලක්ෂණ වන්නේ හින්දු දෙවි දේවතාවියන් , අලංකාර ඇඳුම් පැළඳුම්, රන් පත්‍ර භාවිතය , ස්වර්ණභරණ භාවිතය සැරසිලි සමගින් පසුබිමේ රතු,කොළ සහ සුදු භාවිත පසුබිම්ව් වේ..පුරාණ හින්දු විර කාව්‍ය වල තේමා වූ රාමණය, මහා භාරතය බොහෝ විට තන්ජෝර් සිතුවම් වලට පාදක වූ බව පෙනේ.
එම්බොස් කර ඇති මෙම සිතුවම් දෙස බලන විට ද්විමාන මාධ්‍යයක සිට ත්‍රිමාන රුපයක් දෙස බලා සිටින බවක් දැනීම විශේෂත්වයයි.මේ සිතුවම් ගැන අධ්‍යනය කල පුරා විද්‍යාඥයින්ට තන්ජෝර් කළා සම්ප්‍රධායේ තේමාව වූ
“Beauty shines with a light from beyond itself.” ( සුන්දරත්වය ඉන් ඔබ්බට ගොස් ආලෝකයකින් දිදුලයි") යන්න මේ සිතුවම් මගින් මනාව අර්ථ දක්වනු ලබයි.
වසර 3000කට පෙර නුතන අන්ද්‍රා ප්‍රදේශයේ සහ තෙලන් ගානා ප්‍රාන්තවල බිහිවූ කලම්කාරි සිතුවම් මහා භාරතය, රාමායණය සහ භාගවතම් වැනි දේව පුරාවෘත්යන්ගේ දර්ශන නිරුපණය සඳහා යොදා ගත්හ.බොහෝ විට දේවාල වල පසුබිම් අලංකරණය සඳහා භාවිතා කර ඇත. එයට කලම්කාරි යන නම සැදී ඇත්තේ පර්සියානු බසින් කලාම් යන අර්ථය දෙන පෑන සහ කාරී (වැඩ) (පෑනෙන් ඇඳීම ) යන අර්ථයෙනි. කපු රෙදි වල සියඹලා පෑනක් යොදාගෙන අතින් පින්තාරු කර හෝ බ්ලොක් ඇඳීමෙන් ස්වභාවික ඩයි වර්ග භාවිතා කර පියවර 17 කින් නිර්මාණය කරති. මල් , මොණරුන් පයිස්ලි සහ දේව රූප බොහෝ විට දක්නට ලැබේ.
කලම්කාරි සාරි නිර්මාණයටද මෙම සිතුවම් කලාව ප්‍රයෝජනයට ගැනේ.සංකීර්ණ සහ සවිස්තරාත්මක වූ කලම්කාරි සිතුවම් දීප්තිමත් වර්ණ වලින් සහ සුන්දර මෝස්තර වලින් යුක්තවේ.මෙම සිතුවම්කරණය අදටත් ඔදිස්සාවේ මෙන්ම නේපාලය අවටද දක්නට ලැබේ.
මධ්‍යම ඉන්දියාවේ ගොන්ඩි ගෝත්‍රිකයින් විසින් වැඩි දියුණු කල මෙම සිතුවම් කලාව සොබාදමේ අංගයන් ඇතුලත් කර නිර්මාණය කරනු ලබයි.
ද්‍රවිඩ භාෂාවෙන් පරිණාමය වූ හරිත කන්ද යන අර්ථය සහිතව සිතුවම් හැඳින්වේ.සංකීර්ණ ලෙස තිත් සහ ඉරි ආශ්රයෙන් අදින ගොන්ඩ් සිතුවම් කලාව ගොන්ඩ් ගෝත්‍රිකයින් සිය නිවෙස් වල බිත්ති සහ ගෙබිම් සුන්දර කිරීමට සම්ප්‍රධායික මොස්තර අඳිමින් භාවිතා කරයි. එම සිතුවම් තැඹිලි , කහ , නිල් , රතු වැනි වර්ණවලින් නිම කර ඇත.
මුලාශ්‍ර :
https://www.invaluable.com/blog/indian-art/
https://craftatlas.co/crafts/kalamkari#:~:text=It%20is%20a%20type%20of,and%20it%20involves%20seventeen%20steps.
https://www.artisera.com/blogs/expressions/phad-paintings-of-rajasthan
https://indianculture.gov.in/paintings/gond-paintings
https://indianfolkart.org/tanjore-painting-cost/?Currency=INR#:~:text=Traditional%20Tanjore%20paintings%20are%20few,a%20living%20from%20this%20work.
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර
12/02/2023






