‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, May 24, 2025

මන් අමුතු පෙම්බරියක්. ප්‍රියංගිකා ශ්‍යාමලී මහත්මිය.


 කවිය යනු පුද්ගලයකුගේ හදවත කියවීමකි. තවත් අතකින් කිවහොත් ගසක තුරුපත් සැදී තවත් දවසක පස සරු කරන්නාක් මෙන් අනාගතයට සාරවත් යමක් එකතු කිරීමකි. ප්‍රියංගිකා ශ්‍යාමලී කිවිඳිය පරිසරය හා බැඳී ලිවූ ආදර වරුසා,ඊර්ශ්යා වලප  දේදුණු මැකෙයි වැනි කවි පෙළවල් කියවන විට මට මේ අදහස සිතට නැගුණි.

ඇය පෙරවදනින් අපට පවසන්නේ කුටුම්භය තුළදී ස්ත්‍රීත්වය මුහුණ දෙන ගැටළු, ඇගේ භූමිකාව සෑම කාන්තාවකටම පොදු ලක්ෂණ වලින් යුක්ත බවයි.පර්ල් එස් බක් ලේඛිකාව විසින් ලියන ලද සෑම ආසියානු කතාකටම හිමිවූ භූමිකාව නියෝජනය කරන සාරභූමි" නව කතාව මෙහිදී සිහියට නැගේ., 

"මන් අමුතු පෙම්බරියක් " කවි පෙළ සියළු දෝමන්නස්සයන් උසුලාගෙන සිනාසී මලක් මෙන් පිපිමට වෙර දරණ ගත පෙළන ගිම්හානයේ උණුසුමෙන් පවා සැනසුමක් සියන කාන්තාවන් පිළිබඳව විවරණයක්  කරයි.

එමෙන්ම "ප්‍රේමයේ ලුණු රහ "කවි පෙළ කාන්තාවන් සැමියාගෙන් බලාපොරොත්තු වන ආදරය නොලැබුන තැන, ඔහුගේ උපහාස අපහාස ඉවසන ආකාරය 

"ඇදලා අරගෙන අත

හදාගන්නට අමාරුවෙන් 

හිත" වැනි පද පේළි වලින් උපහාසයෙන් යුතුව රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරයි.

කාන්තා සිරුරු , මාතෘත්වය  ,රූපලාවන්‍ය , රතු තොල් , විවහා වූ පසු විශේෂයෙන්ම රතු පාට පොට්ටු තබන ගැහැණිය.... අනේකවිධ ලක්ෂණ වලින් යුක්තය.තවත් සිතීමට බොහෝ දේ ඇත.ප්‍රියංගිකා සොයුරිය "රතුපාට ගැහැණු " අනර්ඝ නිර්මාණයකි.

පවතීන දේශපාලනය ,එතුලින් ගිලිහි ගිය කාන්තා නිදහස වැනි සමාජයීය කරුණු සමහර තැනක ප්‍රියංගිකා කිවිඳිය විසින් වස්තු බිජ කොටගෙන ඇත.

"එයාට දහසයිලු හද සසළ කරවන මෙවැනි තවත් පුවතකි.මෙම අසාධාරණ කම් කොට නිදහස් වූ ආකාරය ප්‍රියංගිකා සොයුරිය විසින් තම කවියට පාදක කර ගනී. 

කවි පෙළවල් 43කින් යුතු මං අමුතු පෙම්බරියක් විවිධ විෂය පථයන් සහ මානයන් ඔස්සේ කරන සමාජ විවරනයකි.


නිලක්ෂි බණ්ඩාර.

24/05/2025.

Monday, May 19, 2025

භාෂා හරඹයෙන් පෝෂණය වුන මන්දාකිණියක කීපදෙනෙක් - කතෘ කසුන් සමරතුංග මහතා.

තී



තීරු ලිපියෙන් ,කවියෙන්, කෙටි කතාවෙන් ලේඛන  කළාවට එළඹුණු කසුන් සමරතුංග සෑම ශානරයක්හිම දස්කම් දක්වන කලාකරුවෙකි..මන්දාකිණියෙන් කිහිපදෙනෙක් ඔහුගේ පළමු නවකතාවව වන අතර මෙහිදීද අනිකුත් නිර්මාණවල දක්නට ලැබෙන නිර්මාණශීලි බව සේම වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අකටයුතුකම් මනාව හෙළිදරව් කරන්නකි.

මන්දකිණියෙන් කිහිප දෙනෙක් කතාව ඇරඹෙන්නේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වන චරිත පරණමානගේ සහ නවක ලේඛකයකු අතර ඇතිවන දෙබසක් ඇසුරෙනි. ඒ ඔස්සේ මාධ්‍යලෝකයේ ඇතුලාන්තයේ ඇති දෙබිඩි ක්‍රියාවලින් සහ රංගනයන්  හාස්‍යයට ලක්වන  ස්ථාන අපුරුවට එළිදක්වයි.එමෙන්ම සමාජයෙන් සැඟවුණු තොරතුරු රාශියක් හෙළි කිරීමට මේ ඔස්සෙ  කතුවරයා සමත් වී ඇත.

එම කතාබහ කතා ශෛලියෙන් ලියවී ඇත.මෙහි දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ චරිත කීපයක් වටා ගෙතුණු ලිවීමක් වීමයි.මුළු කතාවම ඒ ඒ පුද්ගලයින්ගේ කෝණයෙන් පාඨකයා වෙත ලං කරයි.

අතෘප්තිකර පවුල් ජිවිතයක් ගත කරමින් විවහා බැම්ම ආරක්ෂා කරගැනීමට නොව කෙසේ හෝ පවත්වාගෙන යාමට උත්සහ කරන කාන්තාවක් මෙම කතාවේ කතා නායිකාව වේ.සුපුරුදු ජිවන රටාව පවත්වාගෙන යාමට ඇයට ධනවත් ව්‍යාපාරිකයා සමග ජිවත් වීමට සිදුවේ.ස්ත්‍රිපුරුෂ පුද්ගල සම්බන්ධතා වල දුර්වලතාවයන්, දරුවන් අහිමි වීම් ,අසාර්ථක විවහා ජිවිත නිසා ස්වාමි පුරුෂයාගේ දින චරියාව නිසාත් , ව්‍යාපාරික කටයුතු සහ අසීමිත නිදහස පසුපස හඹා යන ගැහැණිය.... මෙම නව කතාව තුළ හමුවන ජල ප්‍රවහයන්ය.මෙහිදී විශේෂත්වය වනුයේ ඇය ගැන පාඨකයාට දැනගත්ත හැක්කේ විවිධ චරිත ඇයව දකින දෘෂ්ටිකෝණයෙණි.මෙම චරිත බොහොමයක් මාධ්‍යයට සම්බන්ධ අයයි.

ව්‍යාපාරික ලෝකයෙන් හෙම්බත් වන ඇය ඇතැම් විටෙක සමාජ සේවා කටයුතු වල යෙදෙයි.විශාල ධන පරිත්‍යාගයෙන් කටයුතු කරයි.අපට මෙහිදී ඩයනා කුමරියගේ චරිතය සිහියට නැගෙයි.  ඇය ද තම හීන අනුන් වෙනුවෙන් කැප කල කාන්තාවකි.

 වත්මන් සමාජයේ උද්ගතවී ඇති ගැටළු කිහිපයක් මෙහිදී කතුවරයා පාඨක දෑසට ලංකරයි. කාන්තාව පසුගිය කාලයේදී බොහෝ විට මත්පැන් භාවිතයට යොමු වන්නේ එක්කෝ ඉහල සමාජයේ සහ වතු ආශ්‍රිතව වාසය කරන්නන්ය. නමුත් වර්තමානයේ සමහර කාන්තාවන් පාසල් වියේදී තරුණ වියේදීත් මත්පැන් භාවිතයට යොමුව ඇත.ඒ නිසා ඇතිවන සමාජ පරිහානියද කතුවරයා ගේ දර්ශනයට ලක්ව ඇත.මත්පැන් භාවිතය නිසා පුද්ගලයින් වෙනත් මානයන්ට යොමුවන ආකාරය ලේඛකයා මනෝ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත.

විවහා කුටුම්භය තුලදී කාන්තාවන්ට තමන්ට ස්ථාවර ආර්ථික මට්ටමක් නැතිවිමේදී තම ආර්ථික ස්වාධීනත්වය අහිමිවන ආකාරය මැනවින් මෙහි පිළිඹිබු කර ඇත.එලෙසම දෙමාපියන්ගේ නිමක් නැති  නීතිවලට යටත්ව, ඔවුන්ගේ කැමැත්තට  අනුගතවන්නට සිදුවීම හේතුවෙන් ජිවිත ගමන තුළ දරුවන් කොතරම් අතරමංව අසරණ වනවාද යන්න මැනවින් පෙන්නුම් කරන මන්දකිණියෙන් කීපදෙනෙක් නව කතාව සමාජයේ සෑම පැතිකඩක් දෙසම පුළුල් විග්‍රහයකින් යුතුව රචනා කර ඇති බව පාඨකයාට මනාව තේරුම් යන කරුණකි.

කතා නායිකාවගේ පවුල් පරිසරය පිළිබඳව යම් කිසි ඉඟියක් තිබුණි නම් මෙවැනි චරිතයක් ගොඩ නැගීමට හේතුව තවත් පැහැදිලිවිමට ඉඩ තිබුණි. මේ ජිවිතයේ රසවත් තැන් සේම විවිධ හැලහැප්පිලි , ඝට්ටනයන් පිළිබඳව කතුවරයා රසවත් ලෙසත්, කතාව ගලායාමට පිටුවහලක් වන අයුරිනුත් යොදාගෙන ඇත.  කසුන් සොහොයුරා මන්දකිණියෙන් කිහිප දෙනෙක් නමැති නව කතාවෙන් ආලින්දයට විටින් විට විවිධ අමුත්තන් කැඳවාගෙන ඒම පාඨකයින්ට කුතුහලය දනවන කරුණකි. එය පාඨකයාට අපුරු අත්දැකීමක් මන්දකිණියෙන් කිහිපදෙනෙක් නවකතාව තුළින් ලේඛකයා ලබා දෙයි.මේ ඔස්සේ තත්කාලීන සමාජයේ සංකීර්ණ පැතිකඩ රාශියක් අපට දැකගත හැකිය.

125 ස් වැනි පිටුවේ ඇති මලිත්තගේත්  ජනිතගේත් කතාබහ ඔස්සේ කළා ලොව පවතින අඳුරු පැතිකඩයන් මනා ලෙස ඔප්නංවා පෙන්නුම් වන අවස්ථාවකි. සාහිත්‍ය ලොව සුදුස්සාට නිසිතැන නොලැබෙන බවත් පසුව ඔවුන් සුදුස්සන් ඉදිරියේදී දෙබිඩි චරිතයන් රඟදක්වන ආකාරයත් මේ ඔස්සේ මනාව පැහැදිලි වේ.

“ඒකිගේ පොත මරු මචං! හැබැයි මේක ඒකිගේ පළවෙනි පොතනේ. ඒක නිසා අපේ එයාට සම්මානේ දෙන්නේ නෑ. එයාට තව කල් තියෙනවනේ. අනික ඕකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාලා එන්න එපැයි

උත්ප්‍රාසය දනවන ස්ථානද මෙහි නැතුවා නොවේ.මලිත්ත චන්දුලාට හිමි නමුත් නොලැබෙන සම්මානය පිළිබඳව පවසද්දී  ජනිත විසින් 



"මරු,මරු,හොඳ වෙලාවට අරුන්දතී රෝයි වගේ කෙනෙක් ලංකාවේ හිටියේ නැත්තේ මචන්,හිටියා නම් එයාගෙත් පළවෙනි පොතට ලැබෙන්නේ බුකර් සම්මානය නෙවෙයි.ඔය හොඳම ආධුනික නිර්මාණ සම්මානේ තමයි"

උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලිවිම නිසා පාඨකයාට පසුවෙන් කතාව තෙරුන් ගැනීමට හැකියාව ලැබේ.සරල භාෂා භාවිතය මෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.විවිධ පුද්ගලයින්ට අනුගත වන ආකාරයෙන් භාෂාව හැසිරවීමේ ගුණාංගය කතාව පුරාවටම අපිට දැකිය හැකිය.අවස්ථාවට උචිත ලෙස භාෂාව හැසිරවීම නවකතාවක දැකිය හැකි ධනාත්මක ලක්ෂණයකි.

දේශපාලනික අරගලය පිලිබඳ මනා කියවීමක් මේ ඔස්සේ දක්නට ලැබෙන අතර සාමාන්‍ය ජනයා අත්නොවිදින, නොදකින අඳුරු රහස් මෙම කියැවීම ඔස්සේ ලේඛකයා විසින් පාඨක මනසට ලංකරයි.ලෝකයට සුදු චරිතයක් පෙන්වමින් කළු චරිතව හිඳ දේශපාලකයින් රඟන රංගනය යථාර්තවදිව මෙහිදී පෙන්නුම් කිරීම රචකයාගේ ඇති විශේෂත්වයයි.

එලෙසම සම්ප්‍රදායිකව සිතන ලංකාව වැනි රටක ලිංගිකත්වය සේම සමලිංගිකත්වය පිළිබඳවත් නිදහස් මානසිකත්වයකින් සිතීමේ නිදහසක් ඇති බවත් මෙහිදී පෙන්වන කරුණකි.ලිංගිකත්වය යනු කෙනෙකුගේ ලිංගික සිතුවිලි, ලිංගික හැඟීම්, ආකර්ෂණය සහ හැසිරීම් යන මේ සියල්ලන්ගේම එකතුවයි. ලිංගිකත්වය යනු ක්‍රියාවෙන් ඔබ්බට ගිය මානසික ,අධ්‍යාත්මික කාරණාවලින් යුක්ත කරුණකි.ලිංගික අධ්‍යාපනය පිලිබඳ අප පාසල් වල පවා කතාබහ කිරීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් ලිංගික අධ්‍යාපනය පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනෙකු තුළ නොමැති වීම මෙම අනවබෝධයට විසල් හේතුවකි.

කාන්තා පිරිමි දෙපාර්ශවයට අමතරව සමාජයේ සිටින තෙවන පාර්ශවය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු අමතක කර ඇත. ඔවුන්ද අප මෙන්ම හැඟීම් දැනීම් ඇති සාමාන්‍ය පුද්ගලයින් බව අප අමතක නොකළ යුතුය.. එබැවින් ඔවුන් දෙසද මානුෂිය ඇසකින් බැලිය යුතු බව ලේඛකයා පාඨකයාට එත්තුගන්වයි. මෙය රෝගයක් නොව එක් එක් පුද්ගලයින්ගේ ලිංගික අනන්‍යතාවයයි.එනම් කෙනෙක් තමන්ගේ ස්ත්‍රී - පුරුෂභාවය පිළිබඳ සිතින් දකින ආකාරය යි.සරලවම දැක්වුවහොත් කෙනෙක්ට තමන්ගේ ලිංගික ආකර්ෂණය ඇතිවන පුද්ගලයාගේ ස්ත්‍රී - පුරුෂභාවය යි.මෙය මුල් කාලයේදී ‘Gender dysphoria’ ලෙස හැඳින්වූ අතර තවදුරටත් එය රෝගයක් නොවන බව තහවුරු විය. මන්ද, රෝගයක් නම් ඖෂධ මඟින් සුව කළ හැකි විය යුතු අතර මෙය එවැනි තත්ත්වයක් නොවන බව සොයා ගැනීමයි. මෙයට හේතුව ජානමය තත්වයක් හෝ මොලයේ රසායනික වෙනස්වීම් වල තත්වයක් වීමටද ඉඩ තිබේ.මෙවැනි කරුණු පිළිබඳද මනුෂ්‍යයින් වශයෙන් අප අවබෝධයෙන් සිටිය යුතු බව මැනවින් පැහැදිලි වන කරුණකි.

අප රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතු බව හොදින්ම වැටහෙන කරුණක් වන අතර ඒ ඔස්සේ රටේ පවතින විසල් ගැටළු රැසකට විසඳුම් ලැබෙන බව මනාව පැහැදිලි වන කරුණකි.

මෙම කරුණු ඔස්සේ කසුන් සමරතුංග සොයුරා විවිධ මානයන් රැසක් පිළිබඳව විවේචනාත්මක හෙළිදරව්වක් කර ඇති අතර පළමු නව කතාව වන මන්දකිණියෙන් කිහිපදෙනෙක් කෘතිය සාර්ථක ලිවීමක් බව පැවසිය යුතුය.




නිලක්ෂි බණ්ඩාර

20/06/2025

Sunday, May 18, 2025

එස්නා දේව මන්දිරය

 

එස්නා යනු ඊජිප්තුවේ ඇති නයිල් නදියේ ඉහල ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි.ටොලමික් යුගයේ සිට ඉදිකිරීම් ඇරඹි බව කියවෙන එස්නා නගරය ග්‍රීක -රෝම යුගයේ (ක්‍රි.පූ. 332 - ක්‍රි.ව. 350) සමයේ කල නිර්මාණ අතුරින් ඉතිරිව ඇති ප්‍රධාන දේවාල හයෙන් එකකි. අනෙක් දේවල වන්නේ වන්නේ ෆිලේ, කොම් ඔම්බෝ, එඩ්ෆු, ඩෙන්ඩරා සහ ඇත්‍රිබිස් ය.එලෙසම  එස්නා යනු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ වඩාත්ම කීර්තිමත් නගරවලින් එකක් වූ අතර, රෝම සහ ටොලමික් යුගවලදී මෙම ප්‍රදේශය වටා ඇති විහාරස්ථානවල ඔවුන්ගේ බලපෑම දැඩි ලෙස සටහන් කළ හැකි අතර, එය ඛ්නුම් දේවාලය ලෙසද හැඳින්වේ.

පුරාණ ඊජිප්තු භාෂාවෙන් එස්නා "සෙනාට්" ලෙස හැඳින්වූ අතර පසුව එය ග්‍රීකයන් විසින් "එස්නා" ලෙස හැඳින්වූ අතර එහි අර්ථය "මාළු නගරය" යන්නයි, මන්ද මාළුවා දිව්‍යමය නිරූපකයක් වූ අතර දැන් එස්නා දේවාලය පිහිටා ඇත.

දකුණු ලාක්ෂෝර් වල සිට කිලෝමීටර් 54ක් දුරින් ඇති එස්නා හි අදහන දෙවිවරුන් අතර ඛුනුම් ,නේට් , මෙන්හිට් ප්‍රධාන වේ.2018 සිට, එස්නා හි (ක්‍රි.පූ. I සියවස) ඛ්නුම්, නේට් සහ හෙක් යන පුරාණ ඊජිප්තු දේවාල ඊජිප්තු-ජර්මානු-ප්‍රංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක කොටසක් ලෙස මහා පරිමාණව ප්‍රතිසංස්කරණයකට භාජනය වෙමින් පවතී.ඊජිප්තු පුරාවෘතින්ට අනුව ක්නුම් යනු මිනිස් වර්ගයාගේ නිර්මාතෘවරයා ලෙස විශ්වාස කරති., මැටි බඳුනක් මත මැටියෙන් මිනිසෙකු නිර්මාණය කළ දිව්‍ය කුඹල්කරුවෙකි. ඔහු ඊජිප්තුවේ රජවරුන්ට සහ ඔවුන්ගේ යටත්වැසියන්ට දිව්‍ය කැමැත්ත ප්‍රකාශ කරන ලද  ශ්‍රේෂ්ඨ අනාවැකි කියන්නෙකු ලෙස ද සැලකේ. බොහෝ විට නිරූපණය කර ඇත්තේ බැටළුවෙකුගේ හිසක් ඇති මිනිසෙකු ලෙසය. එහෙයින් ක්නුම් ට උපහාරයක් ලෙස  මෙම මාලිගාව ගොඩ නැගු බව කියවේ.


මෙම ප්‍රතිසංස්කරණ යන්හි අරමුණ වන්නේ මුල් සිතුවම් මත ඇති ඛනිජ වර්ග වලින් සාදන ලද තීන්ත සංරක්ෂණය කර ව්‍යුහයේ වාස්තු විද්‍යාත්මක අංග හෙළිදරව් කිරීමයි.ප්‍රතිසංස්කරණය කේන්ද්‍රගත වී ඇත්තේ දේවමාළිගාවේ සංරක්ෂණය කරන ලද එකම කොටස වන ප්‍රෝනෝස් (දේවමාළිගාවේ ප්‍රධාන කොටසට පිවිසෙන දොරටුව ඉදිරිපිට ඇති ගෘහස්ථ ශාලාවක්) වෙතය.


එස්නා දේවාලය  දහඅටවන රාජවංශයේ III වන තුත්මෝසිස් රජු විසින්  ස්ථාපිත කරන ලද අතර, පසුව ක්‍රි.ව. 40 සිට 250 දක්වා රෝම අධිරාජ්‍යයන් විසින් එය සම්පූර්ණ කරන ලදි.මධ්‍යම රාජධානියේ එය වැදගත් දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත් වූ අතර, ඊජිප්තුවේ නව රාජධානියේ එය ප්‍රධාන වෙළඳ ස්ථානයක් විය.
දෙවිවරුන්ගෙන් සහ ඊජිප්තුවේ රජවරුන් සහ පූජනීය විල නිරූපණය කරන විවිධ දර්ශනවලින් එය අලංකාර කරන ලදී.
එස්නා දේවාලයේ නටබුන් අතර නෙළුම් මල් සහිත කැටයමින් අලංකාර ලෙස සරසා ඇති කුළුණු 24 කින් යුත් කුළුණු වලින් නිර්මිත ශාලාවක් තිබේ.දේවාලයේ බිත්ති මත ටොලමික් සහ රෝම අධිරාජ්‍යයන් පාරාවෝ ඇඳුම් වලින් සැරසී ඛ්නුම් දෙවියන්ට පූජා ඔප්පු කරන ආකාරය සිතුවම් කර ඇත.දේවමාළිගාවේ පූජකවරුන් සහ භාරකරුවන් විසින් ගබඩා කාමර ලෙස භාවිතා කරන ලද කුටි දේවමාළිගාවේ දොරටුවේ දෙපස ඇත.මෙම දේවාලය  ඊජිප්තුව ලෝකයේ සෙසු ප්‍රදේශවලට සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග දෙකක මංසන්ධියේ පිහිටා ඇති බැවින්, එය ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක්ද විය. රෝමානු දේවාල සහ අනෙකුත් ව්‍යුහයන්ගේ නටබුන් කලාපයෙන් සොයාගෙන ඇත.එස්නා නගරය මැටි භාජන සහ රෙදි නිෂ්පාදනය කරන වැදගත් කර්මාන්ත ස්ථානයක් ද විය. 

එලෙසම ඊට අමතරව, මෙම දේවස්ථානයේ පුස්තකාලයක් සහ ප්‍රදේශයේ පුරාණ ඊජිප්තුවරුන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පාසලක් ද පිහිටා තිබුණි. සියවස් ගණනාවක් පුරා, එස්නා දේවාලය එහි විශාලත්වය සහ නයිල් ගං ඉවුර අසල පිහිටීම නිසා අපූරු සංචාරක ආකර්ෂණයක් ලෙස පවතී.
මෙම දේවමාළිගාවේ ඇති වඩාත්ම සිත්ගන්නාසුලු නිර්මාණය වන්නේ තාරකා විද්‍යාත්මක නිරූපණයන්ගෙන් සරසා ඇති වහලයයි.දේවමාළිගාවේ දොරටුවේ වම් පැත්තේ, ඔබට අහසට අධිපති දේවතාවිය වන නට්, සුනඛ තාරකාව,ඔරායන් පටිය සහ ඇල්ෆා ඩ්‍රැකෝනිස් ( මකර තරුව) දැකිය හැකිය.දේවමාළිගාවේ බටහිර දෙස පිහිටි බිත්තියේ, ඔබට යුද්ධයට අධිපති දෙවියා වන හෝරස් දෙවියන් සහ ක්නම් දෙවියන් නයිල් ගඟෙන් මාළු පිරුණු දැලක් ඇදගෙන යන ආකාරය මෙන්ම කුරුල්ලන්ගේ ඊට ලැබෙන සහයද දැක ගත හැකිය.


පළමු දේවමාළිගාව පැවති සමයේදී (ක්‍රි.පූ. 1200-586), දාවිත් රජු ජෙරුසලම යටත් කරගෙන එය තම අගනුවර බවට පත් කිරීමෙන් පසු, ක්‍රි.පූ. 1000 දී සලමොන් රජු විසින් පළමු දේවමාළිගාව ඉදිකරන ලදී. ක්‍රි.පූ. 586 දී බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජෙරුසලම යටත් කරගත් විට දේවමාළිගාව විනාශ කරන ලදී.

එස්නා දේවාලය ලක්සෝර් සහ අස්වාන් අතර පිහිටා ඇති අතර, ඔබට ලක්සෝර් සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් මෝටර් රථයකින් එය නැරඹිය හැකිය. නයිල් නදියේ ඇති කෲස් නෞකාවකින් මෙම අපූරු දේවාලය නැරඹීමට හැකිය.

නූතන එස්නා නගරය සංචාරකයින් අතර ප්‍රසිද්ධ වන්නේ 1906 දී බ්‍රිතාන්‍යයන් විසින් නයිල් ගඟ මත ඉදිකරන ලද බැරේජ් පාලම් සහ 1990 ගණන්වල ඉදිකරන ලද “විදුලි පාලම” නිසාය. කයිරෝවේ සිට සැතපුම් 485ක් දුරින් පිහිටි එස්නා නගරය නයිල් ගඟේ බටහිර ඉවුරේ පිහිටා ඇත.

නිලක්ෂි බණ්ඩාර 

18/05/2025.

Wednesday, May 7, 2025

ජීවිතය




"මම දැන් විනාඩි 10කට කලින් මගේ හිටපු පෙම්වතා එයාගේ අලුත් පෙම්වතියත් එක්ක බයිසිකලේ යනවා දැක්කා. එයා හරිම සතුටින් ඉන්න බව  පෙනුනා. මට කවදාවත් බයිසිකලයක් පදින්න ඕන වුණේ නැහැ, විශේෂයෙන් රෑ බෝ වෙනකම් . මම සීතලට වෛර කරනවා, ඒ වගේම අඳුර මාව බය කරනවා. 

නමුත් ඒ කෙල්ල හරිම සතුටු සිතින්, හිනාවෙලා එයා එක්ක හිනාවෙලා හිටියා.ඒ වෙලාවේ මට තේරුණා දෙයක්. ජීවිතය පුදුම සහගතයි, මොකද අපි එකිනෙකාට වුන හැම හානියකින්ම පස්සේ, ඒ ඔස්සේ  අපිට ගැලපෙන අයව හොයාගත්තා. වඩා හොඳ දෙයක් හැම විටම ජිවිත වලට  එනවා. ඔයාට ඇත්තටම ගැලපෙන කෙනෙක් දිනෙක  එයි. එයා එයාගේ බයිසිකලේ සතුටින් ඉන්නවා, මම මෙතන.  මගේ ඉගෙන ගත් දේ බෙදාගනිමින් ඉන්නවා  වගේම අද මම  ජීවිතය දකින විදිහ මම කවදා හරි මුණගැහුණු හොඳම පුද්ගලයා සමඟ බෙදා ගන්නවා. ජීවිතය ප්‍රඥාවන්තයි, මගේ යාළුවනේ - ඒකට  ගලාගෙන  යන්න දෙන්න."

නිලක්ෂි බණ්ඩාර.
08.05.2025.

Monday, May 5, 2025

සාර්ථකත්වය.


එක් වරක් මම ජිවිතයේ ඉතාමත්  සාර්ථක වුන කාන්තාවකගෙන් ඇයගේ සාර්ථකත්වයේ රහස මා සමගින් බෙදා ගැනීමට  පුළුවන්දැයි ඇසුවා.

ඇය සිනා සි මෙසේ පැවසුවා.

සුළු දේටත් අන් අය සමග ගැටීම නැවැත්වූ වූ පසු මගේ සාර්ථකත්වය ඇරඹුනා .

මා ගැන කතා පැතිරවූ අය ගැන සිතමින් ගැටීම  නැවැත්වුවා 

මම මගේ  නෑයින් ,අසල්වාසීන්, මිතුරු මිතුරියන් සමගින් ගැටීම නැවැත්වුවා.

මම අන් අයගේ අවධානය බලාපොරොත්තුවෙන් සිදුකළ ගැටීම් නැවැත්වුවා.

මගේ අයිතීන් අන් අයගෙන් බලාපොරොත්තු වීම උදෙසා සිදු කල ගැටීම් නැවැත්වුවා. 

අන් අයගේ අපේක්ෂාවන් සහ  අරමුණු  උදෙසා සටන් කිරීම නැවැත්වුවා.

සටන් කිරීමට තමන් සතුව කිසිවක්ම නැති අයට එවැනි සටන් මම ඉතුරු කළා.


ඉන්පසු...

මම ඇරඹුවා සටන් කිරීමට 

මගේ දැක්ම වෙනුවෙන්.

මගේ සිහින වෙනුවෙන්.

මගේ අදහස් සහ 

මගේ අවසාන ඉලක්කය වෙනුවෙන්.

සුළු ගැටීම් වලට සමු දුන් දවස මගේ සාර්ථකත්වයේ ඇරඹුමයි.

සමහර ගැටීම් ඔබේ ජීවිතයට සුදුසු නොවන අතර ඔබ සටන් වැදිය යුත්තේ කුමක් සඳහාද යන්න නුවණැතිව තෝරා බේරා ගත යුතුය.

නිලක්ෂි බණ්ඩාර.

2025.05.05.

Sunday, May 4, 2025

පර්සියානු කවි රූමි.



ජලාල් අද්-දින් මුහම්මද් රූමි 13 වන සියවසේ විසූ පර්සියානු කවියෙකු, ඉස්ලාමීය විද්වතෙකු, දේවධර්මාචාර්යවරයෙකු සහ සුෆි ගුප්ත විද්‍යාඥයෙකු වූ අතර ඔහු විසින් රචිත කෘති කාලය, භාෂාව සහ ආගම ඉක්මවා ගිය දැනුමකින් පරිපුර්ණය.1207 සැප්තැම්බර් 30 වන දින බල්ක්හි (වර්තමාන ඇෆ්ගනිස්ථානයේ) උපත ලබා පසුව (වර්තමාන තුර්කියේ) කෝන්යා හි පදිංචි විය.
රූමි සතු අධ්‍යාත්මික කවිත්වය සියවස් ගණනාවක් පුරා නැගෙනහිර සහ බටහිර දේශයන්හි  නිර්මාණ චින්තනයට ප්‍රබල ලෙස බලපා ඇත.රූමි සිය කාව්‍යකරණයේදී පර්සියානු සහ අරාබි භාෂා භාවිතා කිරීම සිදු කර ඇත.ඔහු සියවසේ කවියා ලෙසද නම් දරා ඇත.

ආධ්‍යාත්මික දර්ශනය සහ සුෆිවාදය රූමිගේ කාව්‍යය හදවතෙහි දිව්‍යමය  ප්‍රේමය විය.ආත්මය සහ ස්වකිය ප්‍රේමවන්තයා හදවතින් එක්කරන බලවේගය දෙවියන් ලෙස ඔහු අර්ථ දක්වයි. ඔහු විසින් රචිත නිර්මාණ ප්‍රේමය, දයාර්දය, ආශාව, එක්වීම සහ වෙන්වීම , දිව්‍යමය ආධුලනය (මත්වීම ), ආත්මයේ පරිවර්තනිය ගමන් මග යනාදී විවිධ තේමා ඔස්සේ ලියවී ඇත.

ඔහුට අනුව  " ආදරය යනු අධ්‍යාත්මික ආලෝකනය කරා යන ගමන් මාර්ගය බවත්, දිව්‍යමය ප්‍රබවස්ථානයෙන් වෙන්වීම, සහ මතකයන් තුළින් පමණක් ආශාවක් ඇති කළ හැකි බව ඔහු විශ්වාස කර ඇත." 

රූමි අපට පවසන්නේ අප සොයන සියල්ල - සාමය, ආදරය, සතුට - අප තුළ දැනටමත් ඇති දෙයක් බවයි. එය සෙවීමට අවශ්‍ය නැත. ඒ වෙනුවට අපගේ මනස නිශ්චල කර එය අත්විඳීමට අවශ්‍ය වන බවයි.

රූමිගේ අධ්‍යාත්මික චින්තනය ගැඹුරින් හැඩගස්වා ගැනීමට ප්‍රධාන සාධකය වුයේ ඔහුගේ අධ්‍යාත්මික සහකරු සහ අධ්‍යයන විශ්වවිද්‍යාලය වූ බවට පත් වූයේ ඩර්විෂ්වරයෙකු වූ ෂම්ස්-ඊ-තබ්‍රිසි ය. ඔවුන්ගේ තිබුණු සම්බන්ධතාවයේ ගැඹුරු බව සේම අවසානයේදී සිදුවූ ෂම්ස් ගේ අතුරුදහන් වීම රුමිගේ ජිවිතයට බෙහෙවින් බලපෑ කරුණකි.ඒ සමගින් රුමිගේ හදවත අභ්‍යන්තරයේ සිදුවූ කඩා වැටීම ඔහුගේ කාව්‍ය නිර්මාණකරණයට ධනාත්මක ලෙස බලපෑවේ ඔහු ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවකු බව මොනවට පැහැදිලි කරමිනි.

බොහෝ විට පර්සියානු භාෂාවෙන් කුර්ආනය ලෙස හඳුන්වනු ලබන  "මස්නාවි-යේ මනාවි” යනු  පොත් හයකින් යුත් විශිෂ්ට කාව්‍යමය  කෘතියකි. මෙම කෘතීන් පෙළ සුෆි ඉගැන්වීම්, ජනප්‍රවාද, මිත්‍යා කථා සහ ගැඹුරු පාරභෞතික තීක්ෂ්ණ බුද්ධිය හා මුසුවුන අපුරුව ලියමන් වේ. එම හේතුවෙන් මෙය රුමි විසින් රචිත විශිෂ්ඨතම කෘතිය ලෙස සැලකේ.

 දිවාන්-ඊ ෂම්ස්-ඊ තබ්‍රිසි යනු තමස් වෙනුවෙන් කැප කල ගසල්(ගීත කාව්‍ය ) එකතුවකි. ඔවුන්ගේ ගැඹුරු හැඟීම්, ජිවිතයේ ගැඹුරු දාර්ශනික බව , අත්භූත ලලාසාවන් මේ නිර්මාණ ඔස්සේ කවියට නගා ඇත.

ෆිහි මා ෆිහි (“එය එයයි”) යනු රූමිගේ ගද්‍ය දේශන එකතුවකි. ඔහුගේ අධ්‍යාත්මික තීක්ෂ්ණ බුද්ධිය පිළිබඳ වඩාත් තහවුරු වන නිර්මාණ පෙළකි.

රූමිගේ කවි අසංඛ්‍යාත ප්‍රමාණයකින් විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇති අතර, ඔහුගේ කෘතීන් බටහිර ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන කවියෙකු නොරහසකි..ඔහුගේ කාව්‍ය නිර්මාණ , ක්‍රිස්තියානීන්, යුදෙව්, හින්දු, බෞද්ධ සහ අධ්‍යාත්මික සොයන්නන් යන සෑම තරාතිරමකම පුද්ගලයින්ගේම හැඟීම් සමග අනුනාද වේ. මන්ද එම නිර්මාණ ,ආශාවන්, හැඟුමන් සමගින් විශ්ව ශක්තිය හා සිදුවන මානවීය පරිවර්තනය පිලිබඳ එළිදක්වන බැවිනි.

රූමිගේ භාෂාව සශ්‍රීක, සංකේතාත්මක සහ රූපක වලින් පිරී ඇත. පාරභෞතික සංකල්ප නිරූපණය කිරීම සඳහා ඔහු ස්වභාවධර්මය, ආදරය, සංගීතය සහ එදිනෙදා ජීවිතයෙන් ලබාගත් රූප භාවිතා කළේය.

ඔහු මෙම නිර්මාණ ඔස්සේ පාඨකයින්ට ගැඹුරින් ජිවිතයට එබී බැලීමට ආරාධනා කරයි.ඒ සඳහා ඔහු උත්ප්‍රාසය , විරෝධාසය සහ කතන්දර කිම් භාවිතා කර ඇත. ඔහුගේ නිර්මාණවලට බොහෝ විට බට නලා ,සලබයින් වයින් සංකේත වේ.ඒ ඔස්සේ

බට නළාව මිනිස් ආත්මය එහි ප්‍රභවය සමඟ නැවත එක්වීමට ඇති ආශාව සංකේතවත් කරයි. 
සලබයා සහ ගිනි දැල්ල ඔස්සේ දිව්‍යමය ප්‍රේමයේ ආත්මාර්ථකාමිත්වය විනාශ කිරීම නිරූපණය කරන
වයින් සහ කෝප්පය ඔස්සේ අධ්‍යාත්මික ගුණයෙන් මත්වීම සහ හදවතේ  දිව්‍යමය රහස්  සංකේතවත් කරයි.

පරිවර්තක කෝල්මන් බාර්ක්ස් විසින් ඔහුගේ කෘති පරිවර්තනයට ලක් කර ඇත.රුමිගේ ආදරය, ජීවිතය සහ අධ්‍යාත්මිකත්වය පිළිබඳ කල සටහන් වල දැක්වීම් පොත්, සමාජ මාධ්‍ය තුළ බහුලව කියවීමට අසන්නට දකින්නට ලැබේ.
.
රුමිගේ ප්‍රසිද්ධ කියමන්
  • "You are not a drop in the ocean. You are the entire ocean in a drop."

  • (ඔබ සාගරයක දිය බිඳුවක් නොව ඔබ දිය බිඳුවක සාගරයයි.

  • "What you seek is seeking you."

  • සෙවීම යනු ඔබ ඔබවම සොයා ගැනීමයි (අවබෝධ කර ගැනීමයි.)

  • "Let yourself be silently drawn by the strange pull of what you really love." 

  • ඔබ සැබවින්ම පෙම් කරන දෙයෙහි නුපුරුදු  ආකර්ෂණයට, නිහඬවම  ආකර්ෂණය වීමට ඔබටම  ඉඩ දෙන්න

  • Beauty surrounds us, but usually we need to be walking in a garden to know it.

  • සුන්දරත්වය අප වටා පවතී.නමුත් අපිට එය දැක ගැනීමට නම් උද්‍යානය තුළ ගමන් කිරීමට අවශ්‍යය.

රුමිගේ  කාව්‍යයන් වලට භාවිතා තේමාවන්. :
  • Divine Love and Union (දිව්‍යමය ගුණයෙන් මත්වීම )

  • Mystical Intoxication (ගුඪ තාන්ත්‍රික මදයට එළැඹීම.)

  • The Pain of Separation (වියෝවේ වේදනාවන් )

  • Inner Transformation( අධ්‍යාත්මික රුපන්තරණයන්

  • Silence and the Ineffable

  • නිහඬතත්වයේ සැඟවුණු හැඟුමන්

රූමිගේ කවිය හුදෙක් සාහිත්‍යයක් නොවේ. එය ජීවමාන අධ්‍යාත්මික මාවතක් වන අතර, පාඨකයාව නිහඩව අධ්‍යාත්මික ඇතුලාන්තය, ආදරය සහ එකමුතුව   වෙත රැගෙන යයි.ඔහුගේ කවි ආගමික හා සංස්කෘතික සීමාවන් ඉක්මවා යමින් විශ්වීය මානව හැඟීම් ගැන කතා කරයි.

Saturday, April 12, 2025

අප්‍රේල් 12 "සියල්ල අතහැර කියවන්න" D.E.A.R. දිනය.

 


අප්‍රේල් 12 වන දින D.E.A.R දිනය ලෙස හැඳින්වේ! D.E.A.R. යන්නෙහි තේරුම "සියල්ල අතහැර කියවන්න" යන්නයි.එය සෑම වයස් කාණ්ඩයකම අයකුටම , කියවීම ඔවුන්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවක් බවට පත් කල යුතු බව සිහි කර දීම සඳහා නිර්මාණය කර ඇති ජාතික කියවීමේ දිනයට සම්බන්ධ සැමරුමකි. එය ලේඛිකා බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයයි! බෙවර්ලි ක්ලියරිගේ උපන්දිනයට ගෞරවයක් වශයෙන් අප්‍රේල් 12 වන දින රට පුරා D.E.A.R. වැඩසටහන් පවත්වනු ලැබේ.

බෙවර්ලි යනු රමොනා සහ ඇයගේ සහෝදරිය වන බීසස්ගේ චරිතවලට ජීවය දුන් කතුවරියයි.
මෙම දිනයේදී දිනයේ ඇමරිකානු ජනතාව දවසේ සියළු සෝතැවුල් සිතින් පසෙකලා D.E.A.R. දිනය සැමරීමට දවසේ වේලාවෙන් අවම වශයෙන් මිනිත්තු 30 ක වෙලාවක් වෙන් කරනු ලබයි.

"සියල්ල අතහැර කියවන්න" අපි ඔබව දිරිමත් කරමු. වැඩසටහනේ අරමුණ වන්නේ කියවීම ඔවුන්ගේ දින චර්යාවේ නිතිපතා කොටසක් බවට පත් කර ගැනීමට ජනතාව පෙළඹවීමයි... ඔවුන් තනිවම හෝ ඔවුන්ගේ පන්තියේ මිතුරන්, දෙමාපියන් හෝ මිතුරන් සමඟ එක්ව කියවනවාද යන්නයි.

ඔබට ඔබේ දරුවන්, සහෝදර සහෝදරියන් හෝ මිතුරන් සමඟ නිවසේදී හෝ පොදු ස්ථානයකදී කියවීමෙන් සංවිධානයක් ලෙස එකතු වී අප්‍රේල් මාසය තුළ " D.E.A.R. දිනය සැමරීමට හැකිය.
පොදු පුස්තකාල වල
පාසල් වල, විශ්ව විද්‍යාල වල මෙම දිනය වෙනුවෙන් ක්‍රියාකාරකම් නිර්මාණය කළ හැකිය.දිගු කාලීන ව්‍යාපෘතියක් ලෙස මෙය රටේ ව්‍යාප්ත කළ හැකිය.මෙය ඔබට නිරන්තරයෙන් පොත් කියවීමට ප්‍රිය කරන අනෙකුත් සාමාජිකයින් සමඟ පොත් කියවා සාකච්ජා වට තබමින් සාකච්ඡා කිරීමට අනගි අවස්ථාවකි.ඒ ඔස්සේ ඔබට පොත් සමාජයක සාමාජිකයෙකු වීමටද හැකිය.

නිලක්ෂි බණ්ඩාර.
2025/04/12.
/

ජාතික මහා සුළං දිනය


එක්සත් ජනපදයේ සෑම වසරකම අප්‍රේල් 12 වන දින මහා සුළං දිනය සමරනු ලැබේ.පෘථිවි පෘෂ්ඨය මත හමන ඉහළම ස්වාභාවික සුළං වේගය වීම වෙනුවෙන් මෙම දිනය සිහිපත් කරයි. 1934 අප්‍රේල් 12 වන දින දහවල් පැයට සැතපුම් 231 ක වේගයෙන් සුළං හැමුව බව මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරය විසින් වාර්තා කරන ලදී.
ඊසානදිග එක්සත් ජනපදයේ උසම කඳු මුදුන  වොෂින්ටන් කන්ද වන  අතර එහි උස අඩි 6,288 කි.මිසිසිපි ගඟට නැගෙනහිරින් පිහිටි වොෂින්ටන් කන්ද   විශේෂයෙන් කැපී පෙනෙන කඳු මුදුනක් වේ.ඒ බව 1934 දී මවුන්ට් වොෂින්ටන් නිරීක්ෂණාගාරයෙ කාලගුණ නිරීක්ෂකයින් වන වෙන්ඩෙල් ස්ටීවන්සන්, ඇලෙක්සැන්ඩර් මැකෙන්සි සහ සැල්වඩෝර් පැග්ලියූකා විසින් නිරීක්ෂණයට ලක් කොට වාර්තා කරන ලදී.1984 දී, 50 ස් වැනි මහා සුළං දිනය සැමරීමේ උත්සවය සඳහා නිරීක්ෂකයින් නැවත නිරීක්ෂණාගාරයට පැමිණියහ.

පැයට සැතපුම් 231 ක වේගයෙන් හමන ලද මෙම වාර්තාව දශක කිහිපයක්ම එක ලෙසින් පැවතුණු අතර 1996 දී එම වාර්තාව බිඳ වැටුණේ පැයට සැතපුම් 256 ක සුළි සුළං සමඟ ඕස්ට්‍රේලියාවෙන් ඔබ්බට කුඩා දූපතකට ටයිෆූන් හානි සිදුවීම මගිනි.

නිලක්ෂි බණ්ඩාර.
12.04.2025.

Friday, April 11, 2025

සැඟවුණු උද්‍යානය




සුදු පාට ගෑ බිත්තියේ වූ ඔරලෝසුවේ මෘදු ටික් ටික් හඬ සැසියේ ආරම්භය සනිටුහන්විය.  උණුසුම් ආලෝකයක් සහිත කාමරය කුඩා පොත් රාක්කයකින් ද, සුන්දර මල් පැලයකින් ද අලංකාර කර තිබුණු අතර සංතුෂි  මනෝ  උපදේශක ගුණවර්ධන මහතා  අසල අසුන්ගෙන සිටියාය.
සන්තුෂි  සිටියේ උණුසුම් තේ කෝප්පයක අඩිය වෙත බැරෑරුම් ස්වරුපයෙන් බැල්මක් හෙලමිනි. ඇය නොසංසුන්ය. කොතනින් කතාව පටන් ගන්නද මට තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැහැ. හැමදෙයක්ම පැටලිලා කියලා මට දැනෙනවා  යැයි ඇය පැවසුවේ අසරණ විලාසයෙනි.

වෛද්‍ය ගුණවර්ධන මහතා  මෘදු ලෙස සිනාසුණේය. ඔබ මෙසේ හිතන්න සන්තුෂි   “ඔබේ මනස උද්‍යානයක් ලෙස . එය දැන් ඔබට පෙනෙන්නේ කෙසේද? ”
සන්තුෂි  ඇසිපිය හෙළුවාය. "වත්තක්?"
“ඔව්,” වෛද්‍ය ගුණවර්ධන මහතා  කීවේය.
"ඔබේ සිතුවිලි සහ හැඟීම් ගස් වැල්  නම්,
ඔබේ ගෙවත්ත කෙබඳු වනු ඇත්ද?"

සන්තුෂි   ඇස් පියා ගත්තාය. “ඒක ඕනිවට වඩා... වැඩී. හැමතැනම කටු වැල්, මල්, වැල් අතර හිර වෙලා සමහර තැන් වල . යන්තම් වත් ආලෝකයක් ඒ අතරින් විනිවිද යන්නේ නැ. ” තවත් ලොකු කොළ සහිත උස පඳුරු වලින් බීමට වැටෙන ආලෝකය අවහිර කරලා.අඳුරු කරලා.

වෛද්‍ය ගුණවර්ධන මහතා  ඉදිරියට නැඹුරු වී එය අමාරුයි.  එය නොසලකා හැර තිබුණත්  ඔබට එය පිළිවෙලට කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
 එහෙම නම් ඔබ අරඹන්නේ කොතනින්ද?

සන්තුෂි   ඇගේ දෑස් විවර කළාය. “ පිරිසිදු කිරීමට අවශ්‍ය  මෙවලම්  සොයා ගන්නේ කොහෙන්ද කියලා  කියලා මම දන්නේ නැහැ.”   
වෛද්‍ය ගුණවර්ධන මහතා  සටහන් පොතක් ගෙන සන්තුෂි  වෙත දිගු කළාය. අපි ඒ ගැන හොයා බලමු . අපට  භෞතික  උපකරණ අවශ්‍ය නැහැ. නමුත් ඔබට ඔබව රැක බලා ගැනීමට අවශ්‍ය දේ මොනවාද?

සන්තුෂි  මොහොතක් සිතුවාය. 
මට ඉවසීම අවශ්‍යයි.සමහර විට මම මටම සමාව දීමත් අවශ්‍යයි.

අගනා සුන්දර තේරීම් වෛද්‍ය ගුණවර්ධන මහතා  පැවසුවේය. ඉවසීම ඔස්සේ ඔබට ඔබේ සිතේ ඇති පටලැවීම් ලිහා ගැනීම පහසු වේවි.සමාව දීමෙන් එම කටු පිරුනු මංමුලා වැල් අස්සේ සැඟවුණු සුන්දර මල් කැකුළු ඔබට දැකගත හැකි වේවි.

සන්තුෂි ගේ  මුවඟ සිනාවකින් පිරි ඇත. කටු වලට කුමක්ද කරන්නේ?ඒවා හරි වේදනාකාරියි.

අහ් ඔව් කටු.,ටිකක් වේදනාකාරී වුනත් ඒවා යම් යම් දෑ අපට සිහිපත් කරයි. අපිට සිත මෘදු කර ගත යුතු බව ඒවා අපට සිහිපත් කර දෙයි.ජීවිතයේදී සමහර බිඳෙන සුළු දෑ අප ආරක්ෂා කරගත යුතුයි.ඔබ ඒවා සමග පරික්ශාකාරිව කටයුතු කරන්නේ නම් ඒවා ආරක්ෂා කර ගත හැකිය.

කාමරය මොහොතකට නිහඬ විය.

සන්තුෂි  වෛද්‍යවරයා  කි උපමා රුපකය තෙරුන් ගත්තාය.මම හිතන්නේ මම උද්‍යානය මග හැරලා හිටියේ ඒ ගැන බලාපොරොත්තු රහිතව සිටි නිසා. මම හිතන්නේ දැනගෙන හිටියේ නැහැ කොතනින්ද පටන් ගන්න ඕනි කියලා.

වෛද්‍ය ගුණවර්ධන  හිස වැනුවා. 

"දැන් ඔයා එහෙම කරනන පටන් ගන්න.  පොඩියට පටන් ගන්න. එක වල් පැලෑටියක් ඇදලා ගලවන්න, එක මිදි වැලක් ගලවන්න. කාලයත් එක්ක ආලෝකය ආපහු උද්‍යානය  ඇතුළට එයි."

සන්තුෂි සැසියෙන් පිටවුනේ නව අරමුණක් සිතට අරගෙනය.එදින රාත්‍රියේ, ඇය දිනපොතක් රැගෙන සුවපහසුව  වාඩි වී ඇගේ උද්‍යානය  සිතියම්ගත කිරීමට පටන් ගත්තාය - වල් පැලෑටි, මල් සහ කටු වෙන් කරමින් ලේඛනගත කළාය.  එයට කාලය ගතවන  උද්‍යානයක් හරහා ඇවිද යන විට , ඇයටවෙනසක් දැනුණි.  වෙනදාට වඩා හිරු එළිය උණුසුම් විය.කතිඋ පඳුරු තිබු තැන්වල ලා පත් සහිත අතු රිකිලි දක්නට තිබුණි. ඈතින් අඩක් පිපුණු සහ සුවඳ පිරි හොදින් පිපි මල් දක්නට තිබුණි. ඇයගේ සිතේ සුවඳ  මල් පිපෙන්නට පටන් ගෙන තිබුණි.

නිලක්ෂි බණ්ඩාර 
11/04/2025.

Monday, April 7, 2025

 When one door closes, another opens, but often we look at the closed door for so long that we don't see the one that opened.


What is love


When you love, you stop being just a person, but you become a fragrance. You do not walk on the ground, but steam over it. This state of love is the main thing in life. And it doesn’t matter what you are in love with - to a woman, in work, in the world or in life ...
Love is not a joy and sadness, not a reward and not a test, but all together this journey into a fabulous and magical country, a path to the secret that has to be discovered. Love always leaves, everything has its end. But one state always shimmers into another, and this another can be a stronger feeling than love.


ඔබ ආදරය කරන විට ඔබ පුද්ගලයකු පමණක් වීම නවත්වයි. නමුත් ඔබ සුවඳක් බවට පත් වෙයි. ඔබ පොලව ස්පර්ශ නොකර එයට උඩින් හමා යයි. මෙලොවදී හෝ ජිවිතයේ ඔබ විඳින  ප්‍රේමයේ සැබෑ ස්වභාවය එයයි ඔබ පෙම් කරන රැකියාවට, ඔහුට හෝ ඇයට ....

ප්‍රේමය යනු සතුටක් හෝ දුකක් නොවේ.සම්මානයක් හෝ පරීක්ෂණයක් ද නොවේ.මේ සියල්ලම එකට එක්ව අපුරුම මායා ලෝකයකට යන ගමනකි.ආදරය සැමවිටම පිටව අවසන්ව යයි.නමුදු සෑම දෙයකටම අවසානයක් ඇත.සැමවිටම එක රාජ්‍යයක් තවත් රාජ්‍යයකට වඩා උත්කෘෂ්ටව බැබළෙනු ඇත. ශක්තිමත් වනු ඇති අතරම එම හැඟීම ප්‍රේමයට වඩා සැමවිටම බලවත්  සහ ශක්තිමත් වනු  ඇත.


නිලක්ෂි බණ්ඩාර.

Tuesday, March 25, 2025

මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා සිය දිවි සැරිය නිම කරයි.




ගනනාථ ඔබේසේකර මහතා ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිලිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි.

ඔහු ශ්‍රීලංකාවේ බුදුදහම, ජනවාර්ගික ගැටලුව වැනි ප්‍රධාන තේමාවන් ඉතාම විසල් අධ්‍යයනයකින් යුතුව සිදුකල මහාචාර්යවරයෙකි.

1995 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ BA උපාධිය ලබාගෙන 1958 දී ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදී.1964 දී වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත් අතර ලංකා විශ්ව විද්‍යාලයේ සහ වොෂින්ටන් විශ්වවිද්‍යාලය සහ කැලිෆෝනියාවේ සැන්දියාගෝ යන විද්ව විද්‍යාල වල කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ලදී.

1990 දී ඔහු මාර්ෂල් සහලින්ග්ස් සමගින් ස්වදේශික ජනයාගේ තර්කනය උදෙසා බුද්ධිමය විවාදයක් ගෙන ගියේය.1779 දී හවායි දුපත් හිදී සිදුවූ ජේම්ස් කුක්ගේ මරණයෙන් පසු එහි ජයනා ඔහුව දේවත්වයෙන් පිදීම පිලිබඳ මෙම සුප්‍රසිද්ධ විවාදය ඇති විය,. 


මහචාර්ය ඔබේසේකරයන් පොත් 11ක් ලිවූ ලේඛකයෙක්ද වන අතර විත්ති පොත්, කඩයිම් පොත් වැනි නුවර යුගය හා සම්බන්ධ වෙලුම් ගණනාවක් සංස්කරණය කල සංස්කාරකවරයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.ලොහු ඉංග්‍රීසි අධ්‍යනයෙන් මානව අධ්‍යනයට පැමිණීම සහ එංගලන්තයට උසස් අධ්‍යනය උදෙසා බොහෝ පිරිසක් ගිය අවධියක එක්සත් ජනපදයට යාම ජිවිතේ ගත් එඩිතර තීරණයන් ලෙස බොහෝ දෙනා සලකති.එමෙන්ම බුද්ධාගම පිලිබඳ අධ්‍යයනය සමාජීය විද්‍යා කේන්ද්‍රයට මුලින්ම රැගෙන ආවේද මහාචාර්ය ඔබේසේකරයන් විසිනි.එමෙන්ම සිංහල බුද්ධාගම පිළිබඳව මෙන්ම ප්රෙන්තකොස්ත බුද්ධාගම පිලිබඳ සංකල්පයද ඔප්නැංවූවේ ඔබේසේකරයන් විසිනි.ඔහු මානවවංශ ලේඛකයෙකු වන අතර එම ලේඛනය සිදු කිරීමේදී වෙනස් සංස්කෘතීන් අධ්‍යනයට ල;ලක් කරන විට පරිස්සම්සහගත විය යුතු බවද ඔහු විශේෂයෙන් සඳහන් කරන ලදී.ඔහුගේ ලියමන් තුළ දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ වන්නේ මානවවංශ ලේඛනය මනෝවිද්‍යාව සමග සංයෝජනය කරමින් ලිවීමයි.බුද්ධාගම පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඔහු වෙබර්ගේ අදහස් මුලික කරගැනීමද විශේෂත්වයකි.


2004 වසරේදී ආචාර්ය නීලන් තිරුවෙල්වම් අනුස්මරණය වෙනුවෙන් ජුලි 29 වැනි දින ජනවාර්ගික අධ්යනන කේන්ද්‍රයේදී සිදුකල දේශනය The Matrilineal East Coast Circa 1968 :Nostlagia in Our Troubled Time වශයෙන් 2004 දී පලවිය.

ඔහු රචිත කෘති අතර දුටුගැමුණුගේ හර්ද ශාක්ෂිය ,ප්‍රොතෙස්තන්ත බුදු දහම සහ පත්තිනි ඇදහිල්ල ප්‍රධාන වේ. එමෙන්ම  Guggenheim for Social Sciences, US & Canada ආදී සම්මාන රැසකින්ද මෙතුමන් පිදුම් ලබා ඇත.




මෙවන් මහා සේවයක් රට වෙනුවෙන් සිදුකල ඔබට නිවන් සුව ලැබේවා !

අන්තර්ජාලය,කතිකා  වෙබ් අඩවිය සහ විකිපීඩියා ඇසුරෙන්.


Friday, March 21, 2025

අපේ කාලයේ පිය සටහන් - කර්තෘ පන්තක භාතිය සිරිවර්ධන

 



වත්මන් සමාජයේ අපට අසන්නට දකින්නට ලැබෙන සමාජීය ගැටළු සහ අත්දකින දේ ඇසුරින් රචිත දිගු කෙටි කතා පෙළක් වන අපේ කාලයේ පිය සටහන් කෘතිය මානව සම්බන්ධතා , සමාජයේ අත්දකින විෂමතා මනාව එළිදරව් කරන නිර්මාණයකි.


කැසිනෝවේ මරණය ගතහොත් වත්මන් සමාජයේ පවතින විෂමතාවයන් මනාව එළිදැක්වුණ කෙටි කතාවකි.සමාජය පිලිබඳ අත්දැකීම් අඩු තරුණියන් මුලා කර අනීතික ක්‍රියාවන්හි යොදවන ආකාරය මනා හැදෑරීමකින් යුතුව රචනා කර ඇත. රටේ ප්‍රභලතම මිනිසුන්ගේ සහය ඇතුව සිදුවන ක්‍රියාකාරකම් රැසක් මේ ඔස්සේ හෙළිදරව් වෙයි. සමාජය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ට පවා ඇතිවන තර්ජනයන් , ඔවුන් සහ අනීතික ක්‍රියාවන් සිදු කරන පිරිස හා සිදුවන ඝට්ටනයන් පිළිබඳව මනා හැඳින්වීමක් අපට ලබාගත හැකිය. මෙම කෙටි කතාව කියවාගෙන යාමේදී මට සිහිපත් වුයේ ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගයන 

කොලොම් තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම.....

 කොළොම්තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට......... ගීතයයි. 

විවුර්ත ආර්ථිකයත් සමගින් මත්ද්‍රව්‍ය, කැසිනෝ ඇතුළු අනීතික බොහෝ දේවල් වලට රට විවුර්ත වීමේ ප්‍රතිපල අපුරුවට මෙම කෙටි කතාව ඔස්සේ පෙන්නුම් කරයි.


පිතෘත්වය.

උගත් බුද්ධිමත් මිනිසුන්ටත් ජිවිතයේ තමන් ගන්නා සමහර තීරණ නිසා අසරණවීම් වලට ලක්වනවාද යන්න මනාව තීව්ර වන කතාවකි.සැමවිටම කෙලින් තීරණයක් ගැනීමට තරම් ආත්ම විශ්වාසයක් ඕනෑම කෙනෙකුට තිබීම වැදගත්ය. කාංචනාගේ පියා ඉදිරියේදී පාලිත නොසැලී සිටියා නම් කාන්චනා සමගින් ඔහුට සතුටින් ජිවත් වීමට  අවස්තාව තිබුණි. බිරිඳගේ සංකර ජීවිතය නිහඩ චරිතයක් වූ උපාලිගේ ගතිගුණ සහ හැසිරීම් සමගින් ගැටෙන විට දෙලොවක් අතරට මැදිවන ඔහුගේ මානසිකත්වය අපට හොදින් දැකගත හැකිය. දරු සෙනෙහස ඉදිරියේදී ඔහු අසරණත්වයට පත් වුනත් , ඔහු නිවැරදි තීරණයක් ගනී යයි කතාවේ ගලායාම ඔස්සේ අපට සිතිය හැකිය.

කොවිඩ් 19 

පුජිත යනු සුරන්ජිත් මහාචාර්යවරයා පිලිබඳ හොඳින්ම දැන සිටි පුද්ගලයාය.සුරන්ජිත් යනු තම දැනුමෙන් ඉමහත් සේවයක් කල තැනැත්තෙකි. ඔහුගේ මරණය අභිරහසකි. එය පාඨකයාට ඇඟවීමට කතාව ආරම්භයේදීම කතුවරයා අපුරු පරිසර වර්ණනාවකින් සිදුවුණු අභාග්‍යසම්පන්න සිදුවීම හඳුන්වා ඇත.නිසැකවම ඔහු කොවිඩ් වසංගතයට එරෙහිව ප්‍රතිකර්මයක් සොයා ගන්නට ඇත. එය දැනගත් ඖෂධ සමාගමට අයත් පිරිසක් ඔහුව මරා මෙම ඖෂධය පහර ගන්නට ඇත. මෙවන් සිදුවීම් ලංකාවේ මිට පෙරද සිදුවුණු බව ඔබට මතකයට නැගේවි. වෛද්‍ය සේනක බිබිලේ මහතාටද මෙවැනි ඉරණමක් අත් විය.

කොවිඩ් වැනි වසංගත අතීතයේදී පවතී බවත් පුරාණ වෛද්‍යවරුන් ඒවාට පිළියම් යොදා සුවපත් කළහ. මෙතැනදී මරණ බිය පුජිතටද දැනුන බව අපට දැනෙන දෙයකි. ඔහුගේ මානසිකත්වය ඔහුගේ හැසිරීමෙන් පිළිඹිබු වේ,.

විප්ලවය

ලාංකීය දේශපාලනයේ ජාගර බව අපුරුවට වටහා දෙන විප්ලවය කතාව ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දේශපාලනයේ ඇති විෂමබව මනාව පෙන්වා දෙන්නේ හින් බන්ඩා ගේ සහ නිහාල්ගේ ක්‍රියාවන් ඔස්සේය. නමුත් විශ්වජිත් එම චක්‍රය කඩා දමමින් සාමාන්‍ය ජනතාව හා එකතුවන්නේ හින්බන්ගෙඩා කල්ක්රියාවට මරු පහරක් එක කරමිනි. ඔහු මෙම රට වෙනස් කිරීමේ ව්‍යාපාරයට එකතු වන්නේ අධ්‍යාපනයෙන් ලත් දැනුමද සමගය.ඔහු පළමුව නවීන තාක්ෂනය ඔස්සේ ප්‍රදේශය තුළ පවතින ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන අතර ටික කලකින් ඒ සඳහා විදේශගතව සිටින ශ්‍රීලංකිකයින්ගේද සහ ලබා ගනී.පවතින අසාධාරණ පාලන ක්‍රමය   විප්ලවයකින් තොරව වෙනස් කල හැකි බව මෙම කතාවෙන් පවසයි. 

රටේ ණය බර තරුණ ප්‍රශ්න රැකි රක්ෂා ගැටළු ව ,අඩියට විසඳුම් සෙවීමට විශ්වගේ ව්‍යාපාරය කටයුතු කරන අතර මෙම දියුණුවත් සමගම එය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙයි. මේ අතර ප්‍රදේශයේ සිටින රජයේ ඇමතිවරයා වන නිහාල් සහ ජනාධිපතිවරයා අතර මතබේද ඇති වන්නේ විශ්වජිත් ගේ වැඩ කටයුතු අනාවරණය කර ගැනීමට නොහැකි වූ හෙයිනි. දේශපාලනයෙහි අරමුණ විය යුත්තේ සාධාරණ දේශයක් නිර්මාණය කිරීම මිස , පාලකයින් අසාධාරණ ක්‍රියා මාර්ග මගින් මුදල් ඉපයීම නොවේ.එවන් අයට වැඩි ආයුෂක් නැත. මෙවන් පුළුල් පරාසයක් තුළ දේශපාලන සිද්ධි දාමයක් පනතක මහතා විසින් මෙම කතාව ඔඅස්සේ නිරාවරණය කරයි.

මෙම කෙටි කතා තුලින් සමාජයේ සිදුවන අකටයුතුකම් මනාව විවරණය කරන අතරම විවිධ සමාජ පැතිකඩ ඔස්සේ පාඨකයින්ව සමාජය දෙස නවමු ඇසකින් බැලීමට ලේඛකයා ඔවුන්ව පොළඹවයි,. මෙවන් තවත් අපූරු  නිර්මාණයන් කිසිමට ශක්තිය ලැබෙන්නට  පන්ථක මහතාට සුබ පැතුම් එක කරමි!!!

නිලක්ෂි බණ්ඩාර

21/03/2025.


Saturday, February 8, 2025

ලෝරා ඉන්ග්ල්ස් වයිල්ඩ්



ලිට්ල් හවුස් කතා මාලාවේ ආදරණීය කතුවරිය වන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින්  ඇමරිකානු දේශසීමාවේ සාරය සරලව, කරුණාවෙන් සහ හෘදයාංගම කතාන්දරයෙන් ග්‍රහණය කර ගත්තාය. ඇය ලියු වචන තුලින් ඔවුන්ගේ පවුලේ අත්මගත සබඳතාවන් පිළිබඳව සිතුවම් නිර්මාණය කලේ ඉතා අපුරු අන්දමිනි. මෙම කතා ඇගේම ජීවිත අත්දැකීම් තුළ මුල් බැස ගත්, ජීවිතයේ සරල, සුන්දර මතකයන්ගේ   සුන්දරත්වය අපට මතක් කර දෙයි.

ලෝරා පෙපින් නගරයට සැතපුම් 7ක් උතුරු දිසාවෙන් පිහිටි විස්කොසින් ප්‍රාන්තයේ බිග් වුඩ්ස් හිදී 1867 පෙබරවාරි 7 වැනි දින උපත ලැබී අතර ඇයගේ දෙමවුපියන් වුයේ චාල්ස් සහ කැරොලින්. 1870 සිට 1880 දක්වා ලෝරා හැදී වැඩෙන්නේ රටේ අටහිර ප්‍රාන්ත වූ විස්කොන්සින්, කැන්සාස්, මිනෙසෝටා සහ සවුත් දකෝටා යන ප්‍රාන්තවලය .
 
1872 දී අක්කර 160ක නිදහස් භූමියක් රජය විසින් ලබා දුන්නේ ගොවිතැන් කල හැකි පුද්ගලයින්ටය.මින් සතුටට පත් චාල්ස් තම පවුලේ සාමාජිකයින් සමගින් තැනිතලාවේ පදින්චියට් ගිය අතර මොවුන්ගේ ඉඩම පිහිටියේ කැන්සාස් හි ඉන්දිපෙන්ඩන්ස් ප්‍රදේශයෙන් සැතපුම් 12ක් එපිටින් වූ ඔසාජා නම් රතු ඉන්දියානුවන්ගේ සීමාව තුලය.පසුව නැවතත් ඔවුන්හට එම ප්‍රදේශයෙන් යන්නට වුයේ රජයෙන් ගත පදිංචිකරුවන් පන්නා දැමීමේ තීරණයත් සමගිනි.මොවුන් නැවතත් බිග්වුඩ්ස් වල පදිංචි වූ අතර එහි පාසලට ලෝරා සහ මේරි ව ඇතුලත් කරන ලදී.

මෙලෙස පියාගේ උවමනාවට රටේ තැනින් තැන මොවුන් පදිංචියට යන අතර 1879 දී ඩකොටා ප්‍රාන්තයේ පියාට හමුවන දුම්රිය මාර්ගයේ කළමනාකරුවකු ලෙස හමුවන රැකියාවත් සමගින් එහි පදිංචියට යන අතර ඉන්ග්ලස් ඩී ස්මෙට් ප්‍රදේශයෙන් සැතපුම් 3ක් එපිටින් අක්කර 160ක ඉඩමක් ගෙන පදිංචි විය.
 
යෞවනියක වූ ලොරාට සමාජශීලි බව අඩු කුලෑටි ස්වරුපිත තරුණියක් නිසා මුලින් සමාජයේ ගැවසීම අපහසු වුවත් පාසලේදී ඉතා හොදින් ඉගෙන ගත් තරුණියක් වූ අතර ඇය වඩාත්ම දක්ෂ වුයේ ඉතිහාසය කවිය සහ ඉංග්‍රීසි විෂයන්ටය. වයස අවුරුදු 15 දී ගුරු සහතිකය ලබා ගත්  ඇය පාසල් ගුරුවරියක් ලෙස පත්වීම ලබා ගත්තාය.

පසුව ඔවුන්ට හිතවත්ව උපකාර කරන පුද්ගලයකු වූ අල්මාන්සෝ සමගින් 1885 අගෝස්තු 25 වැනි දින ඇය විවහා වෙන ලද්දාය. 1894 ජුලි 17 වැනි දින මිසුරියේ ඔස්කාස් පෙදෙසේ මෑන්ස්ෆීල්ඩ් වෙන පැමිණ රොකි රිජ් ගොවිපල මිලට ගෙන එහි සෑදු නිවාස අද දක්වාම කෞතුකාගාරයක් ලෙසින් ප්‍රචලිතව ඇත.

ඒ ඉන්න සමයේදී ලෝරා Missouri Ruralist සඟරාවට සහ වෙනත් සඟරාවලට ලිවීමට පටන් ගත් අතර 1930දී Missouri Ruralist සඟරාවේ තීරු ලිපි රචිකාවියක ලෙසද ක්‍රියා කල අතර එහි කතෘ ධුරයටද පත්විය. ඇයගේ ජිවිත කතාව වූ පයනියර් ගර්ල් නම් කෘතිය රචනා කරන ලදී. ඉන් කොටසක් ලිට්ල් හවුස් ඉන් ද බිග් වුඩ්ස් (Little House in the Big Woods) නමින් ප්‍රකාශනයට පත් කල අතර එය ලොව පුරා වේගයෙන් සුප්‍රසිද්ධ වූ කෘතියක් විය. 1930 රටේ ආර්ථික අවපාතය බොහෝ ලෙස පවතී යුගයක ලොර ඉන්ගල්ස් වයිඩ්ලර්ගේ පුංචි නිවාස කතා පෙලේ මුල්ම කෘතිය රචනා කල අතර එවිට ඇයට අවුරුදු 60ක් විය.

ඇය මෙම කෘති පෙළපෙළ රචනා කරන ලද්දේ තමා ළමා කාලය ගත වූ සුන්දර මෙන්ම දුෂ්කර අවධීන් ඔවුන් ජිවත් වූ ප්‍රදේශ වල පවතී දේශගුණයන් ස්වභාව සුන්දරත්වය යන කරුණු කැටි කරගෙනය.ලෝරා පැවත එන්නේ පිටියුටරින් පෙළපතෙන් වන අතර ඔවුන් සමාජ අදහස් අගය කාරණා තම දියුණුව සහ ශ්‍රමය අගය කරන පිරිසක්ය. 

19 වන සියවසෙහි අග භාගයේ ජිවත් වූ තරුණ ගෑනු ළමයකුගේ ජිවිතයේ ඇතිවන තොරතුරු, මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව ලියැවෙන මෙම කෘතීන් පෙළ ඇසුරෙන් මෙම කතා පෙළෙහි ඇති සත්‍යවාදී බව ඇමරිකානු ඉතිහාසයේ අවසන් වූ පුරෝගාමී යුගයේ ඓතිහාසික වටිනාකම් සහ සමාජ සාධක ඇසුරෙන් ගෙන මවා පෑ අපුරු කතා පෙළකි . 1943 දී වෙළුම් අටකින් යුතු මෙම කතා පෙළ ඇය අවසන් කරන අතර ඇයගේ කතාමාලාව භාෂා 40කට අධික ප්‍රමාණය කින් පරිවර්තනයට ලක් වීම සුවිශේෂී කරුණකි.

1886 දෙසැම්බර් 5 වන දින අයගේ දියණිය වූ රෝස් ඉපදුන අතර The first four years නම් කෘතිය රචනා කරනු ලැබුවේ එම අවධියේදීය.මහා තැනිතලා පෙදෙස් හෙවත් ප්‍රෙයරී වල වැවෙන ලස්සන කැලෑ රෝසමල් නිසා දියණියට රෝස් යන නම තබන්නට ඇය පෙළඹෙනවා.

The Little House in the Big Woods.
Little house on the prairie ,
On the banks of plum creek,
By the shores of Silver Lakes
The long winter,
These happy golden years
The First Four Years
 
ලෝරා ගේ කතන්දර පෙළ සරසල සහ අව්‍යාජ බවකින් පිරි විශිෂ්ඨ කතාන්ද පෙළකි.  ජීවිතයේ ඇය දකින ,විඳින නොස්ටැල්ජික් චමත්කාරය ගැඹුරින් රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ වින්දනාත්මක ලෙසය. එම චිත්තවේග ඉතා ගැඹුරු බවකින් යුක්තව ,විචක්ෂණශීලීව පාඨක හදවත ස්පර්ශ කරයි. මෙම කතා පෙළ ජීවිතය, පවුල ,ප්‍රජාව ස්වභාවික ලෝකය සමග ඇති කරගෙන තිබෙන අන්තර් සබඳතාව පිළිබඳව මනා අවබෝධයකින් පිරුණුපොහොසත්  කතාය.

ලොරා සතු වුනේ කාව්‍යමය භාෂා රටාවකි. ඒ ඔස්සේ ග්‍රාමීය ජිවිතයේ හරවත් බව පිළිඹිබු කරයි.පයට පෑගෙන හිම කැටයේ සිට නිවසේ සිතල මැඩලීමට ඔවුන් භාවිතා කරන ගිනි උදුනෙන් දැනෙන උණුහුම දක්වා දුරතිතෙකට පාඨකයින්ව ගෙන යන්නේ චිත්ත රූප මවමිනි. එදිනෙදා ජිවිතයේ ඇය ලත් අත්දැකීම් ඔස්සේ ඇය ජීවිතය ගැන අපුරුවට කියා දෙන බව දුෂ්කර සිත සමයේදී එකා හා සමගිව ජීවිතය බෙදාහදාගෙන ගෙවන ජිවිතය මෙම කතා පෙළ ඔස්සේ අපිට දැකගත හැකිය.

මෙම කතා පෙළ  ඉන්ගල්ස් පවුල මුහුණ දෙන අභියෝග ,පළගැටි කුණාටුවට මුහුණ දෙන ආකාරය ,මහා කුණාටු වලට මුහුණ දුන්නත් ස්වයංපෝෂිත ජිවන රටාවක් ගෙන ගිය ආකාරය, සියළු බාධක මැඩලමින් තම ජීවිතය ගෙන ගිය ආකාරය ,නොපටුබටවිර්යය සහ මානව ප්‍රේමය පිලිබඳ අපුරු හෙළිදරව්වකි.

ඇගේ කෘතීන් ඇමරිකාවේ ගත කල දුෂ්කර ජීවිතය පිළිබඳව සියුම් ගවේෂණයකින් යුක්තව අදහස් ඉස්මතු කර ඇත්තේ යථාර්ථයත් , විඥණයත් එකට එක කරමිනි.ජීවිතය විවිධ අරගලවලින්, ඝට්ටන වලින් පිරුණත් ඒවාට නොබියව ඉදිරියට යන ලෙසට අපිට ඇය පොළඹවයි. මෙම කතා පෙළ  ඇමරිකානු සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත.ඒ ඔස්සේ ඇමරිකාවේ ඓතිහාසික කරුණු පිළිබඳව සේම සංස්කෘතික ලක්ෂණ, දේශ සිමා පිළිබඳව විසල් හෙළිදරව්වක් කර ඇත.

ඒ සියල්ලටම වඩා ඇයගේ අඛ්යානය තුළ නොපටබසු උත්සාහය, පවුලක ඇති බැඳීම , සිහින පසුපස හඹා යෑම, වැනි කරුණු පිළිබඳව කාලනුරුපිව සත්‍යයන් සමගින් අනුරූපී වන අයුරින් මෙම කතා නිර්මාණය කර තිබීම සුවිශේෂී ලක්ෂණයකි. ඇය  පාඨක හදවතේ විශ්ව භාෂාව හඳුනා ගත් ;ලේඛිකාවක් ලෙස හඳුන්වා දිය හැකිය.ඇගේ ලේඛනයේ ඇති පාඨක හදවත්  ස්පර්ශ කරන විලාසය පාඨකයා සහ ඇයගේ අත්දැකීම අතර අභ්‍යන්තර සම්බන්ධතාවයක් ගොඩනඟන අතර, ඇයගේ කතාන්දර තුළින් ඒවා කියවීමකට පමණක් නොව සජීවී අත්දැකීමක් ලබා ගැනීමටද පාඨකයන්ට ආරාධනා කරයි.
මේ සෑම ලියමනක්ම ඇමරිකානු සිහිනයේ පැවතෙන විඥානවාදයේ ලාංඡනයක් බවට පත් කරයිස්වදේශික ඇමරිකානුවන් පිළිබඳව පන්හිඳින් ඇය සිදු කරන චරිත සහ සිදුවීම් වල  නිරූපණය, ඇගේ කාලයේ පැවති පක්ෂග්‍රාහීත්වය සහ ආකල්ප පිළිබිඹු කරයි. ඇය සරල සේම දුෂ්කර ජීවන රටාවකට හිමිකම් කියු  නොස්ටැල්ජික් ලියන්නියක  වන අතර ඇමරිකාවේ ස්වදේශික ඉන්දියානුවන් පිලිබඳ ඓතිහාසික වෘත්තාන්තයේ පැවතී සංකීර්ණතා ,  ඝට්ටනයන් පිළිබඳව පාඨකයින්ට  විවේචනාත්මකව සිතීමට පොළඹවන චරිතයකි.

ලොවපුරා සිය දහස් ගණනක් වූ පාඨකයන්ට ආදරණීය මිතුරියක වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්, 1957 පෙබරවාරි 10 වනදින මෙලොවින් සමුගත්තාය.
පසුව මෙය ලාංකීය පරිවර්තිකාවන් අතර මුල් තැනක් හොබවන කතුවරියක වූ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද මහත්මිය විසින් මෙම කතා පෙළ සිංහලයට පරිවර්තනය කරන ලදී.

නිලක්ෂි බණ්ඩාර.
2025/02/08

Saturday, January 25, 2025

කළු ඊය -ජී. බි . සේනානායක මහතා. Black Arrow -

 


රොබර්ට් ලුවිස් ස්ටීවන්සන් රචිත Black Arrow  කෘතිය එංගලන්තයේ කැළඹිලි සහිත යුගයක් වුන රෝස යුද්ධය පැවති සමයේ ලියවුණු රෝමාන්තික ,ඓතිහාසික කෘතියකි.එය ජි බි සේනානායක මහතා විසින් කළු ඊය නමින් පරිවර්තනයට ලක් කර ඇත. ආදරය, කුතුහලය ,ත්‍රාසය කැටි වූ අපුරුව නිර්මාණයක් වුන මෙය 1888 දී මධ්‍යකාලින එංගලන්තයේ පැවති යුද්ධයට මැදිවුන තරුණයකුගේ කතාවයි. 

රෝස යුද්ධය යනු එකල එංගලන්තයේ Lancaster සහ York වංශිකයින් අතර පැවති යුද්ධයයි.මෙම කතාව 6 වැනි හෙන්රි රජුගේ රාජ්‍ය සමයේ දිව යන කතා පුවතකි . කතාව ඇරැඹෙන්නේ ටන්ස්ටෝල් මෝල් හවුස් බලකොටුව අසලදී සර් ඩැනියෙල් ගේ සහචරයන්ට එල්ල වන කළු ඉතාල ප්‍රහාරයකිනි.මෙහි කතා නායකයා රිචඩ් ෂෙල්ටන් වේ.මේ අවධිය වන විට රිචඩ් සිටින්නේ තම දෙව් පියා වූ ඩැනියෙල් බ්රෑක්ලිගේ නිවන වන ටන්ස්ටෝල් මෝල් බලකොටුවේය. වංචනික නයිට් වරුන්ගේ හා සාමි වරුන්ගේ ග්‍රහණයෙන් මිදී , වනයේ වාසය කරන මැර කල්ලියක පිහිට පතන තරුණ රිචඩ් ෂෙල්ටන් තම පාරම්පරික අයිතිය වෙනුවෙන් සටන් වදියි. ඔහුගේ පියා ශ්‍රීමත් ෂෙල්ටන් වන අතර ඔහුව මරණයට පත් කරන ලද මිනීමරුවන්ගෙන් ජෝවානා සෑඩ්ලි ව බේරා ගනියි.රිචඩ්ගේ අව්‍යාජ ගමන නයිට්වරයකු දක්වා විහිදෙන ආකාරය ඔස්සේ ස්ටීවන්සන් වීරයකු පමණක්ම නිර්මාණය නොකරයි.

 එකල එංගලන්තයේ පැවතුනු දේශපාලන අරගලය ඔස්සේ දේශපාලනික සහ සදාචාරයඅතර  ඇතිවන අපැහැදිලිතාවයන් වන පාවා දීම්, කුමන්ත්‍රණ ,වාසි පතා පක්ෂ මාරු කිරීම් පිළිබඳව පාඨකයාව දැනුවත් කරයි.යුක්තිය පසිලඳන ආකාරය මැනවින් දක්නට ලැබෙන අතර යෞවන ප්‍රේමය ,දේශපාලන අරගලය අතර ඇතිවන ඝට්ටනය මනාව පෙන්නුම් කරන කෘතියක් ලෙස කළු ඊය හැඳින්විය හැක.

යුක්තිය සහ පලිගැනීම ඔස්සේ ගලාගෙන යන කළු ඊය කෘතියේ විශේෂත්වය වන්නේ ස්ටීවන්සන් ගේ ලිවීමේ ආකෘතියයි, එය ගද්‍යමය භාෂාවෙන් පිරිපුන් වන අතර ගම්බද පලාතක මනරම් සුන්දරත්වය අතරින් ගලායන සිදුවීම් අපුරුවට පෙන්නුම් කරයි. පොත කියවගෙන යාමේදී චිත්තරුප ජනිතවන ආකාරයට ලියා තිබීම විශේෂත්වයකි.

අසාධාරණයන්ට එරෙහිව පලිගැනිමෙහි  යෙදෙන එලික් ඩාර්ක්ස්වත් ඇතුළු සහචරයන්ගේ කළු ඊය දුෂණයෙන් පිරුණු යුගයක අයුක්තියට එරෙහිව යුක්තිය බලපොරොත්තු වීම පිලිබඳ සංකේතයක් ලෙස ස්ටිව්සන් භාවිතා කරයි.

ස්ටීවන්සන් විසින් චරිත නිර්මාණය කරන කරන ආකාරය විශිෂ්ඨය. ආරම්භයේදී සිටින ඩික් ශේල්ටන් කතාව අවසානය වන විට පරිණත බැවින් උසස් චරිතයක් බවට නංවා ඇත. ජොආනා ෂෙඩ්ලි සහ ෂෙල්ටන් අතර ඇතිවන සම්බන්ධය ඔහුගේ ජිවිතයට නව අරුතක් එකතු කරයි.අන්තරාය ,සැකය , බිය, ලෙයින් තෙත්වූ සිවිල් යුද්ධය මැද ගලාගෙන යන ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය ඔස්සේ කතාවට මනුෂ්‍යත්වයේ ස්පර්ශයක් ලංකරයි.

විවිධ වික්‍රමාන්විත ක්‍රියාවලින් යුක්ත වන මෙම කතාව තරුණ වැඩිහිටි සියලන්ගේම සිත් ගත් කෘතියක් ලෙස සනිටුහන් කල හැක.

නිලක්ෂි බණ්ඩාර.
25/01/2025 

Monday, December 30, 2024

"ආදරය නොමැතිව ජීවත් වීම පහසුය" .... නමුත් එය අරුත් සුන්ය..... - ලියෝ ටෝල්ස්ටෝයිගේ සුවිශේෂී මතක සටහන්.



 ලියෝ ටෝල්ස්ටෝයි 1828- 1910 යුගයේ විසු විශිෂ්ඨ ලේඛකයකු සේම මතභේදාත්මක අදහස් වලින් යුතු පුද්ගලයෙකි. ඔහු අරාජිකවාදියෙකු ,අධ්‍යාත්මික විප්ලවවාදියකු සේම දාර්ශනිකයෙකි.

ඔහු 1852 දී හමුවදවට බැඳුණු ටෝල්ස්ටෝයි ජෝවියාවේ පිහිටි මුරපොළවල් අතර ජිවත්ට වෙමින් රුසියානු පාලනයට එරෙහිව කැරලි ගසන ටටාර් ස්වාදෙශිකයින් වන චෙවියනුවන්ට එරෙහිව සිදුකල මෙහෙයුම් වලට සහබාගි විය.කොකෙස්හි පැවති සිසිල්, කඳුකර පරිසරයට ඔහු පෙම් කළේය.එම පරිසරය ඔහුව මානසිකව, අධ්‍යාත්මිකව සේම කායිකවද සුවපත් කළේය.

පසුකාලීනව ඔහු යුද විරෝධී උද්ඝෝෂකයෙකු හා නිර්මාංශිකයෙකු බවට පත් විය. ඔහු සිදුකල සමාජ විවේචනය නිසා ඔහු පල්ලියෙන් නෙරපා හරින ලද අතර, ඔහු දාර්ශනික මහත්මා ගාන්ධිට බලපෑම් කළ ඔහුගේම ඉගැන්වීමක් නිර්මාණය කළේය. ඔහු පරම්පරාගත වංශාධිපතියෙකු වූ නමුත් සූදු ණය නිසා ඔහුගේ ධනයෙන් කොටසක් අහිමි විය. ටෝල්ස්ටෝයි වයස අවුරුදු 13 දී ලිවීමට පටන් ගත් අතර ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු සාහිත්‍ය කෘති 170 කට වැඩි ප්‍රමාණයක් රචනා කරන ලදී.

ඔහු නොබෙල් ත්‍යාගය සඳහා කිහිප වතාවක් නම් වන ලදී.ඔහු භාෂා 13 ක් දැන සිටි අතර, ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර "ජනතාව" වෙනුවෙන් ඔහුගේ පොත්වල අයිතිය මුදාහරින ලදී.

 
ඔහුගේ නිර්මාණ ඔස්සේ ඔහු රුසියානු සමාජය යථාර්තවාදී ලෙස පාඨකයන්ට ලං කිරීමට වෑයම් කරන ලදී.

ඔහු සතුවූ මනෝවිද්‍යාත්මක දැනුම , තීක්ෂ්ණ බුද්ධිය සහ ඔහු සතුවූ ගැඹුරු දාර්ශනික බව සහ ඔහුගේ සදාචාරාත්මක ප්‍රශ්න ගවේෂණය කිරීම ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ කරුණක් විය. ඔහුගේ බොහෝ නිර්මාණ වලට ටෝල්ස්ටෝයිගේ පෞද්ගලික ජිවිතයේ ලද අත්දැකීම් බෙහෙවින්ම බලපෑ ඇත.එලෙසම ඔහු ජිවත් වූ සමාජ පංතියේ පැවති ජීවන රටාවන් සමග ඇතිවුන ඝට්ටනයන් සහ ඔහුගේ සිතේ අභ්‍යන්තරයේ ඇතිවුන සංකුලතාවයන් හේතුවෙන් හෙම්බත්ව සිටි ඔහු නිර්මාණයන් ට එම හැඟීම් සමුදායන් එකතු කරන ලදී.

ටෝල්ස්ටෝයිගේ බුද්ධිමය පරිණාමය ටෝල්ස්ටෝයිගේ වෘත්තීය ජීවිතය ප්රධාන අදියර තුනකට බෙදිය හැකිය.

ඔහුගේ මුල් කෘති යථාර්ථවාදයේ ප්‍රවීණත්වය සහ මිනිස් ජීවිතය පිළිබඳ තියුණු ලෙස සිදු කළ නිරීක්ෂණයන් පිළිබිඹු කරයි.

ළමා කාලය සහ යෞවන කාලය 

මෙම නව කතා තරුණ කාලයේ තරුණයකු ගේ ජිවිතයේ සිදුවන  චිත්තවේගීය විඥානයේ වර්ධනය පිළිබඳව ගවේෂණය කරයි. ටෝල්ස්ටෝයිගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ පසුකාලීන ගවේෂණ සඳහා මෙම නව කතා පදනම වේ.

කොසැක් (1863): රුසියානු වංශාධිපතියෙකු වටා ඇති ධනවාදී ජීවිතය සහ කොසැක් හි ජීවිතයේ සරල බව සංසන්සධනය කරමින් සමපාත කරයි. ප්‍රතිවිරුද්ධ සංස්කෘතීන් අතර ඇති විරෝධතාවයන් සහ කොසැක් හි ඇති සදාචාරාත්මක සරල බව කෙරෙහි ටෝල්ස්ටෝයිගේ තිබුණු උනන්දුව පෙන්නුම් කරයි.

ඔහුගේ පරිණත කාලපරිච්ඡේදය සහ එතුළ ලියැවුණු විශිෂ්ට කෘති.

මෙම අදියරේදී ටෝල්ස්ටෝයි ඔහුගේ විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කළේය:
යුද්ධය සහ සාමය .

(1869)

නැපෝලියන්ගේ රුසියාව ආක්‍රමණය කිරීමේදී සිදුවූ ඓතිහාසික සිදුවීම් සමඟ පුද්ගලික ජීවිත බද්ධ කරන පරිදර්ශක නවකතාවකි. ටෝල්ස්ටෝයි ජිවිතයේ නිදහස, තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වූ අයෙකි.
මිනිසෙකුගේ ඉරණම සමඟ සටන් කරන තනි පුද්ගලයකුගේ ඇතුලාන්තයේ ගැබ්වුණ ශකතින් වැනි තේමාවන් විමර්ශනය කරයි. මූලික දෘෂ්ඨිය පදනම් වන්නේ ඔහුගේ දෘෂ්ඨී කෝණයෙනි .
එහි Pierre Bezukhov සහ Natasha Rostova වැනි චරිත ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය නිරමණය කෙරේ.

ඇනා කැරනිනා (1877)

ලොව ශ්‍රේෂ්ඨතම යථාර්ථවාදී නවකතාව ලෙස සලකනු ලබන අතර, එය ඇනාගේ ඛේදනීය ප්‍රේමය හා ලෙවින්ගේ ජිවිතයේ අරමුණ, අර්ථය සෙවීම සමඟ සංසන්දනය කරයි.
ටෝල්ස්ටෝයි සමාජ කුහකත්වය විවේචනය කරන අතර ආදරය, විශ්වාසවන්තකම, පවුල සහ පැවැත්මේ අරමුණ පිළිබඳව ගවේෂණය කරයි.

අධ්‍යාත්මික සහ උපදේශාත්මක කාලපරිච්ඡේදය.

1870 ගණන්වල අගභාගයේ තම ජිවිතයේ සිදුවූ අධ්‍යාත්මික අර්බුදයකින් පසුව, ටෝල්ස්ටෝයිට ආවේණික වුන ප්‍රබන්ධයේ සිට සදාචාර දර්ශනය සහ ආගමෙන් එයට සිදුවන සැනසීම වෙත ඔහුගේ සිත යොමු කළේය.

ද ඩෙත් ඔෆ් අයිවන් ඉලිච් (1886)
මරණයට ඇති බිය, අව්‍යාජත්වය  සහ ධනේශ්වර ජීවිතයේ හිස්බව පරීක්ෂා කරන දැඩි නවකතාවකි.

නැවත නැඟිටීම (1899)

ඔහුගේ අවසාන ප්‍රධාන නවකතාව වූ පල්ලියේ සහ අධිකරණ පද්ධතිවල ආයතනික දූෂණය විවේචනය කරයි, මිදීම සහ සමාජ ප්‍රතිසංස්කරණ අවධාරණය කරයි.

නිලක්ෂි බණ්ඩාර.
13/12/2024.

Saturday, October 26, 2024

තාරකාවෙන් මග අසා - චිරංජි රණතුංග මහත්මිය.

 


තාරකාවෙන් මග අසා නව කතාව චිරංජි රණතුංග මහත්මිය විසින් රචිත තම දෛවයට අභියෝග කල එඩිතර තරුණියක් වටා ගෙතුණු අපුර්ව කෘතියකි. "අනෙකුත් රටවල් අඟහරු තරණය කරද්දී අපේ රටේ මිනිස්සු තවමත් අඟහරුට වැඳ වැටේ. අපල ගෙවී යන්නැයි කන්නලව් කරයි.අහසේ පාවෙන ගල් කුළුවලට අපගේ දෛවය තීරණය කල හැකිද?

කතුවරිය විසින් මෙම පාරම්පරික විශ්වාසය අභියෝගයට ලක් කරයි.

ජිවන මාවත වෙනස් කරමින් යන මිනිස්සු ජීවිතය ජයගනී.

සුද්දී මැණිකේ හෙවත් කිත්මිණි යමක් කමක් ඇති පවුලක දැරියකි.දෙමව්පියන් උසස් රැකියාවල නියුතු වේ.කුඩා කල ඇයගේ හඳහන බැලූ ජෝතිශ්‍යවේදියා පැවසුවේ  පියාටත්, පවුලටත් ඇයගේ උපතින් අපල උපද්‍රව ඇතිවන බවයි. එක කුස උපන් අක්කත් අයියත් ඇයට වෙනස්කම් වලට බඳුන් වන සුද්දිට මවගේ ආදරයද ලැබෙන්නේ පියාට හොරෙනි.

සීයාගේ ආදරය සෙනෙහස මැද දිවි ගෙවන ඇය ගැන සොයා බලනුයේ සියා සහ නිවසේ මෙහෙකාරිය පමණි.උසස්පෙළ විභාගයෙන් පසු රැකියාවට යන මෙම තරුණියගේ පෙම්වතාවද පියා විසින් කේන්ද්‍රයේ ගැටලුව ගැන පවසා ඇයගෙන් වෙන් කරයි. පියා විසින් ඇයට වඩා වයසින් බෙහෙවින් වැඩි කණවැන්දුම් පිරිමියකුව යෝජනා කරන්නේ මේ අතරතුරදීය. එම අවස්ථාවේදී සීයාගේ උපකාරය ඇතුව ඇය නිවසින් පිටවේ. දකුණු දෙසට යන ඇය ඇයගේම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් අරඹන්නේ ඇයගේ ඉරණම වෙනස් කිරීමට ප්‍රථම අදියර අරඹමිනි.

කතාව පුරාවට කතුවරිය විසින් සුද්දිගේ මානසික ඝට්ටනය නිරුපණය කරන්නේ පාඨක හදවත් තවත් සංවේදී කරමිනි.මෙම තත්වය මට නිතැතින්ම සිහිපත් කලේ කේන්දරයේ යහපත්කම් හේතුවෙන් තම පියාගේ මරණිය තර්ජනයන්ට පවා ලක්වූ එක්තරා ජනප්‍රිය නිළියකි.

අවසානයේ ඇයගේ ඉරණම කුමක් වේවිද?

තාරුකා සහ ග්‍රහයන් අභිබවා ඇය ජිවිතය ඉදිරියට කෙසේ ගෙනියයිද ?

ඇයගේ අනාගතය කෙසේ විසඳෙයි ද ?

හිමිදිරි පාන්දර රුපවාහිනියේ හා ගුවන් විදුලියේ ප්‍රචාරය වන ලග්න පලාපල වලට අතොරක් නැතුව සවන් දී අපි දවස අරඹමු. දවස හොඳ බැව් කියති.නරක බැව් කියති. යෙදිය යුතු ප්‍රතිකර්ම , පුද පුජා කියති. උදේ ආහාරය වත් නොගෙන කිරි තේ කෝප්පයකින් කුස පුරවන් රැකියාවට යාමට ගෙයින් එළියට බසින අපගේ ඔලුව කුරුවල් කිරීමට මොවුහු සමත් වෙති.

පලාපල විස්තර නියම වෙලාවට ලබා දීමට නොහැකි වුවහොත්, පැරණි විස්තරයක් නැවත ප්‍රචාරණය කරන අවස්ථාද ඇති බව අපි අසා ඇත්තෙමු.

ගලාගෙන යන සරළ බසින් ලියවී ඇති එකිනෙකට වෙනස් සිද්ධීන් සමුහයක සංකලනයක් වූ "තාරකාවෙන් මග අසා " නව කතාව නොනවත්වා රසවිඳිය හැකි ආදර්ශමත් නව කතාවකි.



Friday, October 18, 2024

තවුස් දේශය දුටුවෙමි..... අත්වින්දෙමි.... සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය - වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා

 


වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් රචිත සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය , උතුරු කොරියාවේ සේවය සඳහා වෛද්‍යවරයකු , සිවිල් සේවයේ නිළධාරියෙකු ලෙස පත්වීමක් ලැබ , වසර තුනක් එහි ජිවත් වීමේදී මුහුණ පෑ අත්දැකීම් වල එකතුවකි. දේශ සිමා හරහා යාමේදී මෙන්ම රට තුළ ලියාපදිංචි වීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ,ගුවන් ගමන් පිලිබඳ විස්තර මෙම රටට ඇතුළු වීමේදී ආධුනිකයෙකුට ප්‍රයෝජනවත් වන තොරතුරුය. එරට ප්‍රවාහන , විදුලි සංදේශ ,රාජ්‍ය වැනි සේවාවන් වෙනත් ආසියාතික රටවල් වලට වඩා කොතරම් වෙනස්දැයි කතුවරයා පැහැදිලි කරයි.

රුසියාව,  ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අධ්‍යාපනික කටයුතු සඳහා යුනිසෙෆ් ආයතනයේ සේවය කර ඇති පුෂ්ප රන්ජන් මහතා ඔහු තුළ විදේශ රටක් පිලිබඳ ඇති දැනුමද චිත්තකර්ශනිය ලෙස ඉදිරිපත් කරයි.සිමා මායිම් වලට මධ්‍යයේ  වුවත් , ඔහු එහි සතුටින් කාලය ගත කරයි. විදේශිකයෙකුට උතුරු කොරියාවේ වැසියෙකු තබා තමා සමග සේවය කරන අයකු වුවද ඇසුරු කිරීමට සම්බාධක ඇත. එම ඇසුර නිබඳවම පරීක්ෂණයට ලක්වේ.

ජපන් අධිරාජ්‍යවාදී පාලනයෙන් පසු උතුරු කොරියාවේ ඇති වූ දේශපාලනික ආර්ථික ,සංස්කෘතික සහ ජනගහණය අධික ප්‍රදේශ වල පැල්පත් ජනාවාස සංස්කෘතිය කතුවරයාගේ අවධානයට ලක්ව තිබේ. සත්‍ය වශයෙන්ම ජපන් යුද්ධය නිසා පොලවට සමතලා වී ගිය ප්යෝනියන් නගරය පිළිබඳ කතාන්දරය අපේ රටේ ජනතාවට ආදර්ශයකි.

ජපන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කල ජනරාල් කිංග් ඉල් සුං වීරයා වසර විසි හතක් පුරා වැතිර සිටින " කුම් සුසම් මාලිගය " පිලිබඳ කතුවරයා ඉදිරිපත් කරන විස්තරය අපුරුය.ගුරුවරයකුගේ පුතෙකු ලෙස සාමාන්‍ය පවුලක උපත ලැබූ ඔහු වයස අවුරුදු දහහතරේදී රට නිදහස් කර ගැනීමේ උදාර අධිෂ්ඨානයෙන් නිවසින් පිටව යයි.

" විශේෂයෙන් ආර්ථික අර්බුධය හමුවේ ලංකාව දඟලද්දී මගේ මතකයට නැගුණේ උතුරු කොරියානුවන්ය. ස්වභාවික විපත් නිරතුරුව ඇතිවන සම්පත් අඩු රටකි. සාමුහිකව එම විපත් වලට මුහුණ දී රට කඩිනමින් ගොඩ නගන අයුරු මම සියැසින් දුටුවෙමි..."

උතුරු කොරියාව පිළිබඳව සිංහල භාෂාවෙන් ලියවුනු වෙනත් පොත් නොමැත. වෛද්‍ය පුෂ්ප රන්ජන් මහතාගේ උත්සාහය අතිශයින් අගය කළ යුතු අතර නොදන්නා දේශයකට අපව කැන්දාගෙන යන අපූරු චාරිකාවකි.

සොඳුරුතම ප්යෝන්යන් රාත්‍රිය 

 කර්තෘ ; වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා 

ග්‍රන්ථ ප්‍රකාශන 

මිළ : රු.750.00

නිලක්ෂි බණ්ඩාර.

19/10/2024.

Monday, September 23, 2024

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා


නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි.

මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක් වුනත් ඔවුන් මිතුරන්ව එකිනෙකාට සවියක් වේ.

විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ක්‍රියාකාරකම සඳහා ඔකිගහරා වනය පිළිබඳව චිත්‍රපටයක් සෑදීමට මොවුන් තීරණය කරන අතර මොවුන් ඒ සඳහා පිටත් වන්නේ දහසක් බලාපොරොත්තු හිතේ දල්වාගෙනය. 

මෙම ගමනේදී සිදුවන විශේෂම සිදුවීම වන්නේ වනාන්තරයේදී ඔවුන්ට හම්බුවන නිසලිගේ දින පොතයි. එය සෙලිනා රැගෙන එන අතර එය කියවීමට ඇරඹි දින පටන් ඇය මුහුණ දෙන මානසික ඝට්ටනයන් අපුරු ලෙස ලේඛිකාව විසින් පාඨක මනසට යොමු කොට ඇත.

ඇය මනෝ විකාර ලෙස දකින දේ සත්‍ය ජිවිතයට ග්‍රහණය කර කතා රසය මැවීමට ලේඛිකාව ගත් උත්සාහය සාර්ථකය. වනය පිලිබඳ මනා ගවේෂණයකින් යුතුව මෙම කෘතිය රචනා කර ඇති අතර පාඨක සිතේ චිත්ත රුප මවමින් එහි භයංකරත්වය ,ත්‍රාසය ග්‍රහණය කරමින් කෘතිය රචනා කර ඇත.

නිසලිගේ සිතේ ඇති දුර්වල භාවය නිසාවෙන්ම මිත්‍යා විශ්වාස කෙරෙහි වූ නැඹුරුව වැඩිවීම සිදුවන්නට ඇති ප්‍රතිශතය වැඩිය. ඒ සමගම පෙම්වතාගෙන් වෙන්වීම , නොදන්නා දේශයක හුදකලා වීමට සිදුවීම වැනි කරුණු ඇයව තව තවත් දුර්වලවීමට හේතු පාදක විය හැකිය.

ප්‍රේමය සහ විරහව එක්තැන්වූ තැන මිනිස් චෛතසිකයන්ගේ ඇති වන ඝට්ටනයන් පිළිබඳව අගනා විග්‍රහයක් මේ ඔස්සේ විඳිය හැකිය.

තිසල් ගේ සිතේ නිසලි පිලිබඳ ඇතිවන මතකාවර්ජනයන්  කතාව අතරතුර දි අපිට දැකිය හැකිය. 

 සමහර දුෂ්කර අවස්තාවන් වලදී අකමැත්තෙන් වුවත්,   බැඳීම් වලට අපි සිනහවෙන්  සමුදුන්නත්  ඒ මතකයන් කරපින්නාගෙන එක් අප සදාකාලික රෝගියකු වීමේ සම්භාවිතාවක්ද ඇත. එය දෙදෙනාගෙන් එක් අයකුට සිදුවන විසල් අසාධාරණයකි. මන්ද විඳවන්නෙ එක් අයකු පමණක් වෙන හෙයිනි.

 ඔකිගහරාව ගස් මුහුද  ලෙසද හඳුන්වන අතර ජපානයේ ෆූජී කන්ද පාමුල පිහිටා ඇති විවිධ මිත්‍යාවන් සහ ජනප්‍රවාද සමග සම්බන්ධ වූ වනාන්තරයකි.  මරණයේ වනාන්තරය ලෙස නම් වුන ඔකිගහරාව ආත්මයට සාමයක් නොලද මළවුන්ගේ ආත්මයන්ට අධිපති දේවතාවිය වූ යුරීගේ නිවහන ලෙසද හැඳින්වේ. 

මෙම වනයට පැමිණෙන අමුත්තන් දුක්ඛිත සහ මානසික අවපීඩනයන්ට යුරී දෙවඟන විසින් ඇද දමා සියදිවි නසා ගැනීමට පොළඹවන බව එක් විශ්වාසයකි. මන්ද ඇය ඔකිගහරාවට  අධිපති ආරක්ෂකයා වන බැවිනි.

වනයට ඇතුල් වූ පසු ජංගම දුරකතන, ඔරලෝසු වල ක්‍රියාකාරීත්වය නැතිවන බව කියයි.එයට හේතුව වන්නෙ වනාන්තරය සැදී ඇති ලාවා පාෂාණයට ප්‍රබල චුම්භක බලයක් ඇති අතර යකඩ ප්‍රමාණයෙන් සහ එක් එක් ස්ථාන අබුව ශක්තිය වෙනස් වේ.

පොසිකා විසින් සමුරායිවරුන්ගේ චාරිත්‍ර විධි පිලිබඳ සඳහන් කර ඇති කොටස් විස්තරාත්මකය.පොත කියවීමට මනා පෙළඹීමක් ඇති කරයි.

මිනිස් චෛතිසකයේ ඇතිවන ඝට්ටනයන් මෙන්ම අඳුරු සිතුවිලි මැනවින් මේ ඔස්සේ පිළිඹිබු වේ.වනාන්තරයේ ඉතිහාසය අනුව,මෙම නවකතාව ජීවිතය, මරණය සහ මිනිස් හැඟීම් කෙරෙහි ස්වභාවධර්මය බලපාන අකාරය පිළිබඳ දාර්ශනික, ආඛ්‍යානයක් ඉදිරිපත් කරන බව අනුමාන කළ හැකිය.

ජීවිතය, මරණය සහ මනසෙහි අඳුරුතම අවපාතවල පැටලී ඇති මොවුන්ගේ ජිවිත ගැන රුපකයක් ලෙස ඔකිගහරා වනය පෙන්වා දී ඇත.

එලෙසම ජපානයේ පාරම්පරිකව පැවත එන අභිචාර ක්‍රම මිත්‍යාවන් සේම ජනප්‍රවාද ද පාඨක සිතේ කුතුහලය වැඩිවන ලෙස තව තවත් සෙවීමේ පිපාසාව ඇතිවන ලෙස පන්හිදට නංවා ඇති ආකාරය අගනේය.

මෙම නවකතාව ස්වභාවධර්මයේ සන්සුන් සුන්දරත්වය මිනිස් ආත්මය තුළ ඇති වියවුල් සමඟ සමපාත කරමින් එහි චරිතවල අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම් වල පාඨකයන් ගිල්වනු ඇත. 

අත්භූත බියකරු දේ පසුපස අනවශ්‍ය ලෙස හඹා යාම නිසා ඇතිවන ගැටළු මිනිස් ජිවිත වලට අන්තරායකාරී ලෙස බලපාන අකාරය මෙහි මැනවින්  විග්‍රහයට බඳුන් කර ඇත.

ඔකිගහරා වානාන්තරය  නිශ්ශබ්දව නිරීක්ෂකයෙකු ලෙස ක්‍රියා කරයි.  හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමේ හැඟීම් වැඩි කරයි, විටෙක අඳුරු සෙවණැලි අතරින් බලාපොරොත්තුවේ රිදී එලි දල්වයි.

නිලක්ෂි බණ්ඩාර 
2024/09/23.

Sunday, September 8, 2024

ගෘංගාර දනව්වේ උමා ශාක්‍යා....❤️



ගෘංගාර දනව්වේ උමා ශාක්‍යා....❤

කතෲ -ඉසුරු අංජුල පෙරේරා.

ග්‍රන්ථ ප්‍රකාශන.

මිළ: රු.1200.

උමා ශාක්‍ය නව කතාව ඇරඹෙන්නේම විවිධ සමාජ පරිසර වලින් පැමිණෙන , සංකීර්ණ ගතිපැවතුම් ඇති, තෝරාගැනීම් අතර අතරමං වන චරිත කිහිපයක් වටා ගෙතෙන ගෙතුමක් විදියටයි.එලෙසම කතාව ඇරඹෙන්නේ සැප්තැම්බර් මස ඇද හැලෙන වස්සාන සමයත් සමගිනි.වැසි සමය අඳුරෙන්, සීතලෙන්, මීදුමෙන් පිරි වටපිටාවක් හිමි කාලයක් වන අතර .... , 

ඒ ඔස්සෙ ගැඹුරින් සිතන විට කතාව පිලිබඳ යම් කිසි ඉඟියක් පාඨකයාට 

ලැබෙන බව පෙනී යයි.

" අහස !ඔය තරම්ම වහින්නෙ ඇයි?

මාත් එක්කම උඹත් අඬනවද?.....

විසඳුම් නොසොයා ගැටළු සමග ඉදිරියට යාමේදි එය අපට මෙන්ම සමාජයටද විසල් ගැටළුවක් වීමට ඉඩ ඇත. වැරදි අඩුපාඩු, ඝට්ටනයන් බොහෝ සිදුවීමට ඉඩ ඇත.සැමවිටම අප නිදහස් මනසක් සහිතව අපේ ගමන යා යුතුය.

 යම් කිසි ගැටළුවක සිටින කෙනෙකුට එයින් ගැලවීමට ඇති හොඳම විසඳුමක් වන්නේ තමන්ව රිදවන පරිසරයෙන් සහ මිනිස්සුන්ගෙන් ඉවතට යෑමය.    

සමහර වෙලාවල් තියෙනවා අපට අවශ්‍ය උපදෙස් නෙමෙයි. වැලඳගැනීමක්. හිස තියා ගන්න උරහිසක්. අපිට ඇහුම්කන් දෙන්නෙක්.❤️

ඒ මොහොත කෙනෙක්ගෙ ජීවිතයට විසල් සැනසුමක් වේවී.

ඒ ගෙවෙන මොහොත අපිට ජීවිතයක් රකින්න ලැබෙන අවස්තාවක් වෙන්නත් පුළුවන් .

එය 43 වන පිටුවෙ ඇති.....

                                    " ඔයා ඒ කතාව කියන්න ලෑස්ති නම් , 

                මම ලෑස්තියි අහන්න. මෙතන ඉන්නෙ ඔයයි මමයි විතරයි ."

                                    "මම කියන්නම් සර්....."

උමා ශාක්‍ය නව කතාවෙ මම ආසම දෙබස......❤️

සේවාදායකයාගේ හිතේ තෙරපෙන හැඟීම් සමුදාය උපදේශකවරයාට පැවසූ විට එයින් සිතේ ඇති පීඩනය ඉවත් වේ. 

මෙහිදී වෛද්‍යතුමා විසින් සිදු කරනු ලබන්නෙ එයයි.  

එලෙසම ඔවුන් දෙදෙනා අතර ඇතිවන්නාවූ අවබෝධය සහ විශ්වාසනීයත්වය රැකීම මෙහිදි ඉස්මතු වන ප්‍රධාන ආචාර ධර්මයකි.එය මනාව මෙහි සඳහන් කර තිබෙනවා.

ශාක්‍යාගේ හමුවීම සඳහන් කරමින් යන අතරම මෙහි අනික් ප්‍රධාන චරිත කතාව තුළට පිවිසේ.

නමුදු ඔවුන්ගේ හමුව සුන්දර හමුවක් නොවේ. මොවුන් කතාව වෙනස්ම මානයකට ගෙන යන්නේ පාඨකයාව කතාව තුළ තරමක අතරමං කිරීමක් ද සිදු කරමිනි.

 නුවී ට අනුව ප්‍රේමය යනු සීමා මායිම් නොමැති හැඟීමකි. ඇය ආදරය කරන්නෙ නැවත ආදරයක් බලාපොරොත්තු නොවීය. .

තමන් ජීවත් වන පරිසරය කෙනෙකුගේ ජීවිතයට කොතරම් බලපානවද යන්න හොඳින් විග්‍රහ වුණ නව කතාවක් විදියට ගෘංගාර දනව්වේ උමා ශාක්‍ය කෘතිය හැඳින්වීම ට හැකිය .

ඉනික්බිති පේරාදෙණියේ සුන්දරත්වය පිලිබඳ මනා විවරණයක් කර්තෘ විසින් සිදු කර ඇත. සොබා සුන්දරත්වය මැද සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ සිදුවන සිදුවීම් සමුච්ජයක් පිළිඹිබු කර ඇත.

......ඉනික්බිති ප්‍රේමවන්තයින්ගේ පාරාදීසයේ දි ඔවුන්ගේ ප්‍රේමය ඇරඹිණි.

දිනෙන් දින දළු ලා වැඩෙන ගසක් මෙන් යුවී - ශාක්‍ය ප්‍රේමය වැඩුනේ ඔවුනොවුන්ගෙන් මොහොතකට හෝ වෙන්ව සිටීමට ඉඩක් සිතට නොදෙමිනි.

මෙම නව කතාවේදී කතුවරයා විසින් මොවුන් පිලිබඳ විවිධ ඉඟි , විව්ධ සංකේත ඔස්සේ ඉදිරිපත් කර ඇති ආකාරය අගනේය.

වැහි සහිත අඳුරු කාලගුණය 

අක්බාර් පාලම

ස්වභාවධර්මයේ සංසිද්ධීන්

නිසොල්මනේ ගලා යන මහවැලිය.....

එවැනි උදාහරණ වේ.

යුවේන්ගේ කඩවසම් බව නිසාම ශාක්‍යා මානසික ඝට්ටනයන්ට මුහුණ දුන්නාය.නමුදු ශාක්‍යා ඔහුව අතිශය විශ්වාස කලාය. 

ඒ නිසාම ඇයට ඔහු බලාපොරොත්තු වූ යම් යම් දෑ තේරුන් ගැනීමට නොහැකි විය.

මන්ද .......ඔහුගේ ඇතුලාන්තය හඳුනාගැනීමට ශාක්‍යාට නොහැකි වීමයි.

බිනුර යුවේන්ගේ බොහෝ ප්‍රශ්න වලදි, ඒවා විසදා ගැනීමට ඔහුට උපකාර කළේ සැබෑ මිතුදමක් විදහා පාමිනි.  

"ජොබ් එකට කලින් ජීවත් වෙන්න ට්‍රයි කරපන්." රෝහලෙන් පිටව යන දවසේ බිනුර යුවේන්ට කීවේය.

යුවේන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිදුවීම් ජාලය ඇතිවන්නට පටන් ගන්නේ ඒ උපදෙස යටතේ ජිවිතයට වෙනසක් සොයා ගිය ගමනේදිය.

එනම් කැලණියේ සංගීත ආශ්‍රමයයි....

සංගීතයට ප්‍රිය කල ඔහුට ආශ්‍රමයට ගිය දිනයේදී ඇසුණේ තරුණියක ගැයූ ගීතයකි..

මා....

ගෘංගාර සිහිනේ 

නුඹේ අතැඟිලි අතැර ගිය මේ

ගෘංගාර සිහිනේ ....

සුමුදු රළ පෙල සමග පාවෙන 

අතරමං වුණු කුඩා ඔරුවක 

තනිව සරනෙමි නැතිව අදිටන්

ක්ෂිතිජයේ ඔබ ඇතැයි සිතමින්......

උමාගේ චිත්ත අභ්‍යන්තරය පාඨකයාට එළිදැක්වෙන මොහොතක් ලෙස මේ අවස්ථාව පෙන්වාදිය හැකිය.

ඒ බව 244 පිටුවේ ඇය ලිවූ...

දෙමළිචි පැටව් කිචි බිචි හඬ මහ සද්දේ

මගෙ හිත තරම් නැහැ කොතරම් වුව රොත්තේ

ආලවන්තකම් නැහැ නුඹලට හැඟුණේ 

මං විතරයි ආදර මහිමය ලැබුවේ

ඔහු දෙලොවක් අතර අතරමං විය.

 මේ වන විට ඔහු තියුණු පිහිතලයක් උඩ රැඳී සිටින්නෙකි. 

හිත චංචල තැනක බැඳීමක් රැක ගැනීමම අභියෝගයකි.

මොකද අහසක් වගේ වෙනස් වන මොහොත කොයි වෙලාවෙද කියලා අපිට අනාවැකි කියන්න පුලුවන් කමක් නැති නිසා....

එතනදි දෙන්නගෙන් එක්කෙනෙක්ට තමන්ගෙ ඉවසීම වගේම දරා ගැනීම උපරිමෙන්ම ප්‍රගුණ කරන්න වෙනවා.

ඒත්... ඒ ඉවසීම ,දරා ගැනීම කොතරම් දුරකට සාර්ථක ද? ප්‍රායෝගිකද..... ?

අවසානයේ කුමක් වේවිද?

ආදරේ ළඟදි වගේම හැඟීම් ලගඳිත් මිනිසුන් අසරණ වෙන අවස්තා අනන්තයි.දරුවන් , දෙමව්පියන් , යුතුකම් සහ වගකීම් ,ආගම්, කුල බේද, සංස්කෘතිය ,සදාචාරය වගේ කරුණු ඉස්සරහා බොහෝ ආදර කතා එමටයි.

සිග්මන් ප්‍රොයිඩ් පැවසුවාක් මෙන් මිනිසුන්ගේ යටි සිතේ ඇතිවන ජාගර සිතුවිළි එලියට ඒමෙන් සහ හැඟීම් පාලනයට ඇති අසමත්කම නිසා ඇතිවන ගැටළු බොහොමයක් විසඳුමක් නැති ප්‍රශ්න රාශියකට හේතුවක් වන බව අංජුල සොයුරා විසින් රචිත ගෘංගාර දනව්වේ උමා ශාක්‍ය නව කතාව ඔස්සේ පැහදිලි කරන සත්‍යයි. 

සමාජයේ බොහෝ මිනිසුන්ගේ තිත්ත යථාර්ථය එලිදක්වන මෙම කෘතිය 18+ පාඨකයින්ට සමාජය පිලිබඳව ,මිනිසුන් පිළිබඳව , ආදරය සොයා යමින් හෙම්බත් වන මිනිසුන් කොතරම් අසරණවීමකට ලක් වෙනවාද යන්න හඳුනා ගැනීමට අවස්ථාව සලසා දුන් කෘතියක් ලෙස හැඳින්වීමට හැකිය.

තවත් යථාර්ථවාදී නිර්මාණ රැසක් එලිදැක්වීමට ශක්තිය ලැබේවා !!!.

නමුත්... කිසිදිනෙක ඔබ මතකයෙන් හැර නොයා ගොස්...

"නුඹ වෙනුවෙන් පමණක්ම පවතිමි"       

🍃|ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා|🍀

නිලක්ෂි බණ්ඩාර .

09/07/2024.

Monday, August 19, 2024

පොඩි දරුවන්ට .... ඇහුම්කන් දෙන්න......

 


"අම්මේ මගේ බඩ රිදෙනවා" අද මට ඉස්කෝලේ යන්න බෑ." ඔබේ දරුවා පාසල් යාමට අදිමදි කළොත් ,පළමු දවසේ බඩේ අමාරුවට බෙහෙත් දී ඔබ... දරුවා පාසල් යාමට අදිමදි කළොත් , පළමු දවසේ බඩේ අමාරුවට බෙහෙත් දී ඔබ... දරුවාව පාසලට යැවීමට උත්සහ කරාවි.දෙවන , තෙවන දිනවලදීත් ඔහු එසේ කළහොත් හොදින් සොයා බලන්න. සමහර විට දරුවා පන්තියේ වෙනත් දරුවකු ගේ තාඩනයකට ,පීඩනයකට ලක්වී මානසිකව හෝ කායිකව පිඩා විඳිනවා විය හැකියි.

සමහර දරුවන් නිවස තුළ ඇති දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා පීඩාකාරී තත්වයන්ට පත්ව ඇත.ජංගම දුරකථන භාවිතා කර වීඩියෝ ක්‍රීඩා වල යෙදීමට බොහොමයක් දරුවෝ පුරුදු වී සිටිති. දරුවකු ක්‍රීඩාවක දකින දෙයක් බොහෝ දරුවකු කෙරෙහි හිංසාවක් පිඩාවක් වන සේ ක්‍රියාත්මක කළ හැකිය. පංති බාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කරන අතරම ඔබ දරුවාට කාරුණිකව කතා කර සත්‍ය හෙළි කර ගන්න.මෙහිදී ඔබ දරුවාට පිහිට වීමට සිටින බව දරුවාට ඔහු තුළ විශ්වාසය ඇති කරන්න.දරුවා සත්‍ය පවසන්නේ එවිටයි.

සමහර දරුවන් පංති කාමරය තුළදී යම් කිසි විෂයකට අදක්ෂ වීමෙන් ගුරුවරයාගේ දෝෂාරෝපණයට ලක්වෙනවා විය හැකිය.අනෙක් ළමුන්ගෙන් කොන් වෙනවා විය හැකිය. මෙවැනි අවස්තාවන් ද දරුවාට පාසල එපාවීමට බලපෑ හැකිය.

කුඩා දරුවන් පමණක් නොව අලුතින් පාසලකට ඇතුලත් වන ඉහළ පන්ති වල සිසුන් ද වර්තමානයේදී දක්නට ලැබෙන නවක වදය, ලිංගික හිංසා වැනි විෂම බලපෑම් වලට ලක් වේ. ඉහල විභාග ප්‍රථිපල ලබා උසස් යැයි සම්මත පාසලකට ඇතුලත් වන සමහර දරුවෝ මේ නිසා දින කිහිපයකින් පෙර සිටි පාසලටම ආපහු පැමිණෙති. දරුවා අලුත් පාසල සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන විට දෙමවුපියන් ගේ අවධානය දැඩිව දරුවා කෙරෙහි යොමු කල යුතුය.

මෙහිදී විකල්පයක් සෙවීමට පිඩනයට ලක්වන දරුවා ශක්තිමත් නොවේ. මෙහිදී කල යුත්තේ දෙමව්පියන් සහ ගුරුවරුන් එකතු වී දරුවාගේ මානසික කැමැත්ත කෙරෙහි අවධානය යොමු කර නිවැරදි තීරණයක් ගැනීමයි.මන්ද.... දරුවාට ඉගෙනුමට ප්;පහසුකම් ලබා දීම කළ හැකි වුවත්..... ඉගෙන ගන්නේ දරුවා බැවිනි.

නිලක්ෂි බණ්ඩාර.

19/08/2024.


Saturday, August 17, 2024

චාල්ස් ඩිකන්ස් විසින් රචිත: A Tale of Two Cities නමැති පොතෙන් ජිවිතයට ගත හැකි පාඩම්.


1. පරිත්‍යාගයේ බලය.

 මෙම නවකතාව ස්වයං පරිත්‍යාගය පිලිබඳ පැහැදිලි කරයි, විශේෂයෙන් අන් අය වෙනුවෙන් තම ජීවිතය  කැප කරමින් ඔවුන්ව ගැටළුවලින්  මුදවා ගන්නා සිඩ්නි කාටන්ගේ චරිතය හරහා ලේඛකයා එය සිදු කරයි. 

2. දුෂ්කරතා හමුවේ ඔරොත්තු දීමේ හැකියාව.

මෙහි ඇතුලත් වන චරිත ඔවුන්ට  පැමිණෙන දුෂ්කරතා සහ දුක් වේදනා විඳදරා ගනී. දුෂ්කර තත්වයන් ජය ගැනීමට අවශ්ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරයි.

3. සමාජ අසාධාරණයේ බලපෑම.

ඩිකන්ස් විසින් ඔහු ජිවත් වුණු කාලයේ පැවති සමාජ හා ආර්ථික අසමානතාවයන් විවේචනය කරයි. එවැනි විෂමතා විප්ලවයට සහ පුලුල්ව පැතිරුනු දුක් වේදනාවලට තුඩු දිය හැකි ආකාරය ඉස්මතු කරයි.

 4. දයානුකම්පාවේ වැදගත්කම

 ව්‍යාකූලත්වයන් සහ ගැටළු මධ්‍යයේ වුවද කරුණාවේ සහ දයාවේ ක්‍රියාවන් පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට ප්‍රබල බලපෑමක් ඇති කරයි. සංවේදනය පුද්ගල හා සමාජීය පරිවර්තනයකට මඟ පෑදිය හැකි ආකාරය නවකතාවෙන් පෙන්වයි.

5. අතීතයේ බලපෑම. 

පුද්ගල හා ඓතිහාසික සිදුවීම් චරිතවල ජීවිත සහ ඉරණම හැඩගස්වන ආකාරය කථාව නිදර්ශනය කරයි. අතීතය වර්තමානයට සහ අනාගතයට බලවත් බලපෑමක් ඇති කරයි.

6. මිදීමේ භූමිකාව.
මෙහි ඇතුලත් වන චරිත ඔවුන්ගේ ක්‍රියාවන් සහ තේරීම් තුළින් මිදීම සොයයි. ජීවිතය සාක්ෂාත් කර ගනී.
 
7. පළිගැනීමේ ප්‍රතිවිපාක.

මෙම නවකතාව මගින් මිනිසුන්ගේ  පළිගැනීමේ ඇති විනාශකාරී ස්වභාවය සහ පුද්ගලයන්ට සහ සමාජයට එහි බලපෑම පිළිබඳව පෙන්වා දෙයි.. පළිගැනීම බොහෝ විට ප්‍රචණ්ඩත්වයේ සහ දුක් වේදනාවල චක්‍රයකට මඟ පාදයි.

8. මානව ස්වභාවයේ ද්විත්වය.
නවකතාව මානව වර්ගයාගේ ද්විත්ව ස්වභාවය ඉදිරිපත් කරයි. එය ලන්ඩන් සහ පැරිස් යන එකිනෙකට වෙනස් නගරවලින් සංකේතවත් කරයි.එය මානව අභිප්රේරණ සහ හැසිරීම් වල සංකීර්ණත්වය පිළිබිඹු කරයි.

9. පක්ෂපාතිත්වයේ සහ ආදරයේ වැදගත්කම.

පක්ෂපාතිත්වය සහ ආදරය මෙම චරිතවල ක්‍රියාවන් සහ සබඳතා සඳහා කේන්ද්‍රීය වේ.
මෙම සාරධර්ම මගින් පුද්ගලයන් සැලකිය යුතු අන්දමින් ඔවුන්ව තම පෞද්ගලික කැපකිරීම් කිරීමට පොලඹවන්නේ කෙසේදැයි නවකතාව පෙන්වා දෙයි.

10. විප්ලවයේ බලපෑම.

මෙම කතාව විප්ලවයේ ස්වභාවය සහ ප්‍රතිවිපාක පිළිබඳ විවේචනාත්මක ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරයි. එය විප්ලවීය වෙනසක් සමඟ ඇති වන සමාජ පෙරළිය සහ පුද්ගලික කැපකිරීම් විමර්ශනය කරයි.

නිලක්ෂි බණ්ඩාර.
17/08/2024.

Saturday, June 22, 2024

ගෝලීය සංධ්වනිය දිනය සැමරුම -The World Music Day !!!


ලෝක සංගීත දිනය, Fête de la Musique ලෙසද හැඳින්වේ, විශ්ව භාෂාවක් වන සංගීතයට සිදු කරන්නාවූ ගෞරවයක් ලෙස සෑම වසරකම ජුනි 21 වැනි දින ලෝක සංගීත දිනය සමරනු ලබයි.

ලොව පළමු සංගීත දිනය සැමරීම ප්‍රංශයේදී 1982 දී ආරම්භ වූ අතර මෙම ගෝලීය සිදුවීම ලෝකයේ සෑම තරාතිරමකම සංගීතඥයන් සහ සංගීත ලෝලීන් එකට එක් කරමින් ලොව වටා ව්‍යාප්ත වීම ඇරඹිණි.

මෙම දිනය ලොව පුරා වෙසෙන මිනිසුන් සංස්කෘතික හා භාෂාමය බාධක අභිබවා සමගියෙන් හා ප්‍රීතියෙන් එක්සත් කිරීමට සංගීතයට ඇති බලය මනාව පිළිඹිබු කරයි.

ලෝක සංගීත දිනයේ මූලාරම්භය.

ලෝක සංගීත දිනය පිලිබඳ අදහස ක්‍රියාත්මක කරන ලද්දේ ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය ජැක් ලැන්ග් සහ ප්‍රංශ නිර්මාපකයෙකු සහ සංගීත මාධ්‍යවේදියෙකු වන මොරිස් ෆ්ලුරෙට් විසිනි.

මෙම අදහස සරල නමුත් ගැඹුරු විය. මේ වැඩ පිළිවෙල ඔස්සේ වීදිවල, උද්‍යානවල සහ පොදු ස්ථානවල ප්‍රසංග කිරීමට ආධුනික සහ වෘත්තීය සංගීතඥයන් දිරිමත් කිරීම,
සංගීතය සැමගේ ජිවිත තුලට ව්‍යාප්ත කිරීම .

ලෝක සංගීත දිනයේ මංගල උත්සවය Fête de la Musique 1982 ජූනි 21 වන දින පැරිසියේදී පැවැත්විණි.

ගෝලීය සැමරුම ආරම්භයේ සිටම, ලෝක සංගීත දිනය ලොව පුරා රටවල් 120 කට සහ නගර 700 කට ව්‍යාප්ත වී ඇත. සෑම වසරකම, කුඩා පරිමාණ වීදි ප්‍රසංගවල සිට විශාල උත්සව දක්වා නොමිලේ සජීවී සංගීත සංදර්ශන භුක්ති විඳීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් රැස් වෙති.

මෙම උත්සවය සම්භාව්‍ය සහ ජෑස් සිට රොක්, පොප් සහ සාම්ප්‍රදායික ජන දක්වා සියලුම සංගීත ප්‍රභේද වලින් යුක්ත වේ. මෙම ඇතුළත් කිරීම නිසාම ලෝක සංගීත දිනය ගෝලීය සංගීත උරුමයේ විවිධ ශානාරයන් පිළිබිඹු කරයි.

ලෝක සංගීත දිනයේ වැදගත්කම වන්නේ හුදෙක් ප්‍රසංග දිනයකට වඩා එය සංගීතයේ සංස්කෘතික වැදගත්කම සැමරීමකි.

චිත්තවේගයන් අවදි කිරීමට, කතන්දර කීමට සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට සංගීතයට අද්විතීය හැකියාවක් ඇත. එය සංස්කෘතික හුවමාරුව සහ අවබෝධය ඇති කිරීම පිණිස බලවත් මෙවලමක් ලෙස ක්‍රියාත්මක වේ.

සංගීතය හරහා මිනිසුන් ගේ සිත් තුළ , ලෝක සංගීත දිනය පිළිබඳ හැඟීමක් සහ බෙදාගත් මනුෂ්‍යත්වය පෝෂණය කරයි.

ලෝක සංගීත දිනය සමරන්නේ කෙසේද? ප්‍රසංගයකට සහභාගී වන්න. ඒ සඳහා ඔබට සිදු කල හැකි දේ.

ඔබ සංගීතඥයෙක් නම්, පොදු අවකාශයක රඟ දැක්වීම හෝ සංවිධානාත්මක උත්සවයකට සම්බන්ධ වීම ගැන සිතා බලන්න.

ලෝක සංගීත දිනය ඔබේ දක්ෂතා අන් අය සමඟ බෙදා ගැනීමට කදිම අවස්ථාවක්. නව සංගීතය පිලිබඳ ගවේෂණය කරන්න.
නව ප්‍රභේද හෝ කලාකරුවන් සොයා ගැනීමට කාලය යොදන්න.

ඔබේ සංගීත හැකියාවන් පුළුල් කිරීමට විවිධ සංස්කෘතීන්ගෙන් සමන්විත සංගීතයට සවන් දෙන්න. ඔබ සංගීත භාණ්ඩයක් වාදනය කළත් හෝ ගායනය රසවිඳින්නත්, ඔබේම සංගීතයක් නිර්මාණය කිරීමට යම් කාලයක් ගත කරන්න.

එය වාර්ගික ක්‍රියාකාරකමක් බවට පත් කිරීමට මිතුරන් හෝ පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න. දේශීය සංගීතඥයින්ට සහාය වන්න.
දේශීය කලාකරුවන්ගෙන් සංගීත භාණ්ඩ මිලදී ගන්න .
ඔවුන්ගේ ප්‍රසංගවලට සහභාගී වන්න. දේශීය කුසලතාවන්ට සහාය වීම ඔබේ ප්‍රජාවේ සංස්කෘතික ව්‍යුහය පවත්වා ගැනීමට උපකාරී වේ.


මෑත වසරවලදී, ලෝක සංගීත දිනය සැමරීම ඩිජිටල් ක්ෂේත්‍රය දක්වා ව්‍යාප්ත වී ඇත.සුම් තාක්ෂනය වැනි ඔන්ලයින් සහ සමාජ මාධ්‍ය මඟින් මිනිසුන්ට ලෝකයේ ඕනෑම තැනක සිට එම අවස්ථාවන්ට සහභාගී වීමට අවස්ථාව සලසා දී ඇත. සජීවීව විකාශනය කරන ලද ප්‍රසංග, අතථ්‍ය ප්‍රසංග සහ සහයෝගී සබැඳි ව්‍යාපෘති වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇත.

 විශේෂයෙන් COVID-19 වසංගතය හමුවේ සිට මෙම ඩිජිටල් පරිවර්තනය ලෝක සංගීත දිනය ට සිදු කරන ප්‍රවේශය සහ බලපෑම තවදුරටත් පුළුල් කර ඇත. ලෝක සංගීත දිනය අඛණ්ඩව විකාශනය වන විට, එහි සිදුවන්නාවූ මූලික මෙහෙවර නොවෙනස්ව පවතී.

ලෝක සංගීත දිනයේ වර්ධනය වන ජනප්‍රියත්වය අපගේ ජීවිත තුළ සංගීතයේ චිරස්ථායි වැදගත්කම ඉස්මතු කරයි.සංගීත ක්ෂේත්‍රයේ ඉදිරිය දෙස බලන විට, ලෝක සංගීත දිනය නිසැකව ම එකින් එක සටහනක් ලෙස ලොව පුරා සිටින මිනිසුන් දිරිමත් කිරීමට සහ ඔවුනොවුන් සම්බන්ධ කරන ක්‍රියාවලියක් ලෙස අඛණ්ඩව සිදුවනු ඇත. අවසාන වශයෙන්, ලෝක සංගීත දිනය යනු සීමා මායිම් ඉක්මවා සංගීතයේ රසාස්වාදය ඔස්සේ මිනිසුන් එකට එක් කරන විචිත්‍රවත් සැමරුමකි.

 ඔබ සංගීතඥයෙක් , සංගීත ලෝලියෙක් හෝ හුදෙක් ශබ්දයේ සුන්දරත්වය අගය කරන කෙනෙක් වුවත්, ලෝක සංගීත දිනය සංගීතයේ ගෝලීය සංධ්වනිය තුළ ඔබට රසවින්දනයට සුවිශේෂී අවස්ථාවක් ලබා දෙයි. ඉතින්!!
සංගීතවේදී , සංගීත ලොලි ඔබ සැමට ගෝලීය සංගීත දිනයක් වේවා !

නිලක්ෂි බණ්ඩාර.
21/06/2024.