‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, September 3, 2023

රියා මාධව් ප්‍රේමය - හැංගි විහංගි .

 



දෛවයත් ප්‍රේමයත් අතර කතාවයි

"හැංගි විහංගි "

තාරුණ්‍යයේ තරු යුවලක් ඔවුන්ගේ ගමනාන්තය 

දෙස බලා හිඳී.

සිහින හා ප්‍රාර්ථනා එක්වන දේශයක 

ගෙතුණු ඔවුන්ගේ ප්‍රේම අන්දරය විශ්වියයි.


මන්ද.....

රියා නිදහස් කිරිල්ලියකි.,

කටුක අතීතයෙන් විඳින පිඩා .

මාදව් විසල් හින දක්නා 

විහගෙකි.

නමුදු දෑස පිරුණි ප්‍රේමයෙන්.


බාස්කට් බෝල පිටියේ සිට...

එලිය දෙන පහන් ටැඹ තෙක්ම 

ඔවුන් සතුව තිබුණි-  සාධාරණ සටනක්.

බාධක ,හිරිහැර හමුවේ 

මගදී සැඟව ගිය ඇය ....

ඇය සොයා ලොව වටා කරක් ගැසූ

රජ කුමරු - මාධව් .

අර්ධ පෙම්වතිය,  අපුරුම තේමාවකි.

කෙසේ වුවත්

ඔවුන්ගේ ප්‍රේමය සදාකල් රැඳෙනු ඇත.


කඳුළු මැද. පරීක්ෂාවන් ඔස්සේ

ඔවුන්ගේ මාවත ඔවුන් සොයා ගත්හ.

ප්‍රේමාන්විත මාවතේ රිද්මය විඳිමින් 

ඔවුන්ගේ පෙම් කතාවේ 

සෑම අකුරක්ම 

දළු දැමූ ප්‍රේමයේ සංකේතයයි.

ඉතින්... 

අපි මෙම ප්‍රේමාන්විත ගීතය මතකයේ 

රඳවාගෙන පිය නගමු.

මාධව් හා බැඳුණු

අර්ධ පෙම්වතියගේ ආදරය 

දෛවයේ පිටු මත,  මෙම  රැඳෙනු ඇත .


නිලක්ෂි බණ්ඩාර .

09/03/2023.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........